.

.

Apr 17, 2014

කුළු නැටුම්, වැදි නැටුම් හා අන්නෝන්න සුහඳතාවයද මොකක්ද එක - Winnowing Fan Dance, Kiri Koraha & Mutual Understanding



මා හිතමිත්‍ර W3Lanka - අජිත් පැරකුම් සහෝදරයා, මා වෙනුවෙන් බ්ලොග් ළිපියක් ළියා පළකිරීම ගැන මාගේ ප්‍රණාමය ඔහුට මුලින්ම පිරිනැමිය යුතුව ඇත. ඔහු ඒ ළිපිය ළියා ඇත්තේ කීප දිනක් "විවේකයෙන්" ගත කොට නිවෙසට පැමිණ, (මන්ද විප්ලව කාරයෝ නැකත් වලට කිරිබත් උයා අවුරුදු කන්නේ නැත.) කොම්පියුටරේ ඔන් කරපු ගමන්, එයාගේ පෝස්ටුවේ තිබු සංවාසය දැක, ඔහු මවිතයටත්, වික්ෂිප්තභාවයත් පත්වීමෙන් පසුය. ඔහු සඳහන් කරන්නේ, එම බ්ලොග් පෝස්ටුවට ප්‍රස්තුත වූ කාරණය පිළිබඳ මා සඳහන් කල, "ඉතා සුළු" කරුණ ආඩපාලි කීමක් ලෙසිනි.

මා සඳහන් කළේ, "රවීගේ පෝස්ටුවෙන්" මතු වූ ඒ කරුණ ගැන, සුළු සඳහන් කිරීමක් කළේ නම්, එය අගය කළ යුතු දෙයක් කියා පමණි. රවීගේ එම පෝස්ටුව කියවා, "පැරාගේ පෝස්ටුව" කියවනා ඕනෑම කෙනෙකුට, එය ඉතා පහසුවෙන් වටහා ගත හැක. පැරා කියන්නේ, ඔහු රවීගේ බ්ලොග් අඩවිය එතරම් කියවන එකක් නොවේ කියායි. ඒ කියන්නේ ඉඳ හිට හෝ එය කියවන බවකි.

කෙසේ වෙතත්, මාතලන්ට උපහාර පිණිස ළියා පලකල පෝස්ටුවේ, රවීගේ බ්ලොග අඩවියේ එම ළිපියට ලින්කුවක්, දැන් හෝ දමා තිබීම ඉතා අගය කල කරුනකි. මාතලන් වෙනුවෙන් පෝස්ටුවක්ම ලියූවත්, මාතලන් වෙනුවෙන් එකදු හෝ ලින්කුවක් දමා නොතිබීම නම්, ඉතා කනගාටුවට කරුණකි.  පැරාට හෝ පැරාගේ බ්ලොග් අඩවියේම එල්ලි සිටින, ඇනෝටඇනෝලාට  මල පනින්නේ මම රවීගේ පෝස්ට් එක පිළිබඳ ලින්කුව එල්ලීමෙන් පසුය.

එය සාමාන්‍යයෙන් බ්ලොග් ළෝකයේ සිඳුවන දෙයකි. එසේ එල්ලිමෙන් රහස එළියට පැනීමෙන් මලේ හොඳම එක පනිනා පැරා හෝ පැරා ලවින්ග් ඇනෝලාගේ මලේ හොඳම එක මළ පහ පිටවන තරමටම පනින්නේය. එසේ එල්ලීම, මල පැන්න පැරා හෝ පැරාගෙ ෆෑන්ලා පෙන්වන්නේ "කුහකත්වයක්" හා "අමන කමක්" ලෙසිනි.

ඉන් පසු ඔය සංවාදය පොඩියක් ඇදී ගොස්, අවසානයේ "අපි වෙනුවෙන් අපි" ලෙසින් නැවති යයි. එහෙත් ඉන්පසු මා හට උපහාර වෙනුවෙන් දමනා පෝස්ටුව, කොන්දක් නැති ඇනෝවරුනට මගුල් ගෙයක් වී ඇත. පරණ එරියස් සියල්ලම එහිදි කවර් කර ගෙන ඇත. මට නම් ඕවා මතකයේවත් තිබුනේ නැත. මා බ්ලොග් ලිවීමට පටන් ගත්තේ මගේ ආතල් එක වෙනුවෙනි.

පැරා මෙන්, දේශපාළණ පරමාර්ථයක් මාතලන්ට ඇත්තේ නැත. අපට මේ ආන්ඩුව ගැනද විවේච්නයන් ඇති මුත්, කළු ගලේ ඔළුව ගසා ගැනීමේ මෝඩ කමක් මාතලන්ට නැත. සීමාවන්ට යටත්ව, විවේච්නය එල්ල කල යුතු තැන, විවේචනය ඉදිරිපත් කිරීමටද මාතලන්ට අවුලක් නැත. එවන් අවස්ථා පැරාගේ පෝස්ට් තුලින්ම ඕනෑම කෙනෙකුට දැක බලා ගැනීමටද පුළුවන. එහෙත් මෙහි තිබෙනා නිදහසට මම ඉතා ගරු කරමි.

මා ලියන සියල්ල නිවැරදි විය නොහැක. එවා වෙනත් කෙනෙකුට ගොන් තකතීරූ අදහස් ලෙස පෙනීමට පුළුවන. එහෙත් මගේ මතය වෙනුවෙන් මා පෙනි සිටීමි. කොමෙන්ටු දමන්නේත් එසේය. කිව යුත්ත කෙලින්ම කියමි. පැරා මෙන් මටද කිව යුතුව ඇත්තේ, මාතලන්ද කිසිම දිනක ඇනෝ කොමෙන්ටුවක් හෝ දමා නැති බවය.

පෞදගලික මඩ ගැසීම් වලට මා අකමැතිය. එම නිසා මගේ බ්ලොග් අඩවියේ කිසියම් තුන් වන පාර්ෂවයකට අපහාස කොට ඇත්නම්, එය දුටු විගස ඉවත් කර දමමි. එසේ ඉවත් කළ කොමෙන්ටු බොහෝය. ඇනෝ මතයන්ට ඉඩක් තිබිය යුතුය. එහෙත් ඇනෝ වරුන් ලෙසින් පැමිණ, මඩ ගසන්නේ එකට කාපු බීපූ එකාය. උන්ට කොන්දක් නැති වීම, බෙහෙවින්ම කනගාටුදායක කරුණකි.

(මාතලන්ගෙ පෞද්ගලිකත්වයට ප්‍රහාර එල්ල කර කොමෙන්ට්ස් නොගලවන බ්ලොග් කරුවන් වෙත එල්ල වන පෞද්ගලික විවේච්න මාතලන් ඉවත් කරන්නේ නැත.)
"බ්ලොග්කරුවකුට බ්ලොග් මාධ්‍ය වෙනුවෙන් කළ හැකි හොඳ ම මෙහෙය වන්නේ බ්ලොග් අවකාශයේ විවිධත්වය පුළුල් කිරීම යයි මම සිතමි. බ්ලොග්කරුවන් අතර අන්‍යොන්‍ය සුහදත්වය ද හොඳ දෙයකි. එහෙත්, ඒ වනාහි එකිනෙකාගේ පිට කසා ගැනීමට නොව, බ්ලොග් අවකාශ‍යේ යහපැවැත්ම සඳහා ය. -  අජිත් පැරකුම් ජයසිංහ - W3Lanak"
මේ කියමන සමග මාතලන් 100% එකඟය. පිට කසා ගැනීම ගැන කරනා සඳහන සමග 200% එකඟය. මාතලන්ට මඩ පහරවල් එල්ල වනුයේ, ඔය පිට කසා ගැනීමට නොයනා හේතුව නිසාය. නමුත් කිසියම් දෙයකට ප්‍රස්තුත වූ කරුණ හෝ සාඛඡ්චාව පිළිබඳ ලින්කුවක් දැමීම නම්, පිට කසා ගැනීමක් නොව, අර සඳහන් කරනා අන්නෝන්‍ය සුහඳතාවයද මොකක්ද එක මිස, වෙන කිසිවක්ම නොවේ. එය පැරා වැනි ප්‍රවීණයකුගේ නිහතමානි කම ප්‍රදර්ශණය කිරීමක්ම පමණි.

මේ මලදානයන් සංවාදයන් සංවාසයන්, කකා සඳහන් කරනා පරිදි, ඉදිරියටත් විය යුතුමය. නමුත් ඒවා පෞදගලික ජීවීතයට ඇඳා ගත යුතුව නැත. ඒදා ප්‍රභාකරන්ගේ පොඩි එකා වෙනුවෙන්, මාතලන්ද මරා දැමීමට ඉදිරිපත් වූ "ඇල්කේමියා" අද මගේ බොක්කකි. එහෙත් අප මතයන්ගේද කිසිඳු වෙනසක් ඇත්තේත් නැත. සිඳු විය යුත්තේ එයයි.

ඒ නිසා මේ මස 20 වන දින පැවැත්වෙන, සයිබර් සැනකෙළියට පැමිණ, බ්ලොග් කරුවන් හා අන්නෝන්‍ය සම්බන්ධතාවය තවත් වැඩි කර ගන්නා ලෙසට. පැරාට හා පැරාගේ සෙවනැළි මෙන් සිටිනා, ඇනෝවරුන්ට සුහඳ ආරාධනාවක් කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි.

පැරා මා වෙනුවෙන් උපහාර ගීතයක්ද පිරිනමා ඇත. මේ මාතලන්, පැරාට උපහාර පිණිස ඉදිරිපත් කරනා ගීතයයි.



ප: ලි:
මෙය උපුටා දක්වන ලෙස ලියා එවූ ඇනෝට බොහොම ස්තූතියි. පහත පළවන්නේ පැරාගේ සෑම පෝස්ටුවකට පහලින්ම ලියා දක්වන වැකියයි. බලේ හොඳම එක පැන මා ලියු කුඩා කාරණය වෙනුවෙන් පෝස්ටුවක් ලියන්නේ මෙසේ කියන පැරාම වීම සිනහවටම කරුණක් පමණි. 
"ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com"

77 comments:

  1. මීට දින කිහිපයකට කලින් මාරයාගේ හෝරාව බ්ලොග් එකේ කකාගේ බ්ලොග් එකෙන් ගත්තු ස්ක්‍රීන් ෂොට් එකක් පළකර තිබුණා. හැබැයි ඒකට කිසිම ලින්ක් එකක් හෝ මූලාශ්‍රයක් දී තිබුණේ නැහැ. ඒ වගේ කැත වැඩ හැමෝම කරනවා. පැරා විතරක් නෙවෙයි. අනෙකකුගේ බ්ලොග් එකට ලින්ක් එකක් දැමීම මේ අයට ඇඟෙන් ඇටයක් යනවා වගේ දෙයක්. එච්චරට ඉරිසියාව. බෙලි කපා ගැනීමේ තරඟය.

    ReplyDelete
    Replies
    1. ඒක ඉරිසියාවම කියල ඇනෝ මහත්තයට සුවර්ද....???????????
      වෙන මොකුත් වෙන්න බැයිද....
      සමහර විට මතක බැරි වීම නොසැලකිලිමත් කම....

      Delete
    2. මතක නැති වීමක් වෙන්න බැහැනෙ. ඒක ගත්තෙ බ්ලොග් එකකින් කියලා තිබුණා හැබැයි ගත්තු බ්ලොග් එකේ නම නැහැ. බ්ලොග් එකකින් ගත්තා කියන්න මතක නම් එකේ නම කියන්න අමතක වෙනවද?

      Delete
    3. ඒ දෙන්නගෙ ගේමක් තියෙනවනේ.... දැන් කියයි එහෙම එකක් නෑ කියලා... ඒත් එහෙම එකක් තියෙනවා...

      Delete
  2. හව් ස්වීට් නේ..................????????????????????????????????
    කෝමත් පිට කහ ගන්න තරමට වත් අනේන්ය සුහදතාවක් තිබ්බොත් ලොකු දෙයක්...
    හුගක් අය උඩින් හිනාවෙනව ඒත් යටින් කට්ට කැපිල්ල....

    සමහරක් අය බ්ලොග් කියවල කයමන්ට් දාන්නෙත් එයාගෙ එකට ඇවිත් කොමෙන්ට් කරනව නං විතරයි... ඔය මං දැකපු පොඩි උණත් නරක කතා කීපයක්...

    මොකද අපේ සම හරක් ගෙ අනා්න්‍ය සුහද තාව ඒ තරං හොදයි...

    ReplyDelete
    Replies
    1. ඒක ලාංකිය ලක්ෂණයක්... ඒකට නම් වැරද්දක් කියන්න බෑ... හිට්ස් කොමෙන්ට්ස් බලාගෙන ලියනවනම්, අනිත් තැන්වලත් පොඩි කොමෙන්ට් එකක් දැම්මට අවුලක් නෑ..

      Delete
  3. හත්වලාමේ නුඹ මක්කරන්නද බං සොමියට ලියන නුඹ මක්කරන්නද... අවුලක් නැති තැන සොමියක් නැත මැරී කෑන්ස් ......... ඉලන් කන්නවෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. ඉලන් කන්න.....???????????????
      මං හිතන්නෙ වඩා හොදයි උලන් කෑව නං

      Delete
    2. සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ...

      Delete
    3. සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ..
      අහපන් රෝයල් කථා ලමාතන් ගේ කාමරේ
      කියවපන් සයිඩ් එකෙන් ආතල් වෙලා සුමිතුරේ
      එක්සටි කාබුල් ගුලි තියනවා මගේ කාමරේ
      මේක ලමතන්ගේ බයිලා කතා කාමරේ

      කුඩු දුමින්දයා එත් කොට පොන්න රනිල් ලා
      ගුස්පී මර්වින්ලා එයි මේ සොමිය සොයාලා
      හු කියලා ගස් බන්දලා පි..චන් වීලා
      කැපිලා යන්නේ ලමාතන්ගේ සුව මෙහෙන් වළඳ ලා

      Delete
    4. අවුලක් නෑ බයිලා ඇනෝ ඒ සම හරක්ට මාතලන් පෙනෙන හැටි. අනික මර්වින් සිල්වා වමේ බූරූවන්ට වඩා දෙයක් රටට කෙසේ වෙතත් ආසනේටවත් කරලා තියෙනවා.

      Delete
  4. මෙන්න මෙවර සයිබර් සිහින බක් මහ උළෙලේ සමූහ ඡායාරූපයක්.

    http://naiadseye.files.wordpress.com/2013/06/asterix-huge-fight-37036293789.jpeg

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මෙහෙම වෙයි කියලා...

      http://www.ragemonthly.com/2013/02/12/perk-up-that-sex-life/gaycouplekissing/

      Delete
    2. කකා, මෙන්නෙ මූට ලින්ක් එකක් දාන හැටි කියා දීපන්.

      Delete
    3. කකා මෙන්න මූට මීයගේ දකුණු ඇටේ මිරිකුවාම එන ටික කියලා දුන්නා නම්..

      Delete
    4. හෙහ්.... හෙහ්.... :) :)

      Delete
  5. ඇනෝලාම ගොඩක් ඇවිත් තියෙන්නෙ..
    වැඩි කතා නැතුව යෑම හොදාාායි..

    සංවාද හොදයි... සංවාස හොදාායි !

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් බ්ලොග් ලිව්වට, හම්බ වෙලා කතා බහ කලාට, කියන දේ කෙලින් කියන්න කොන්දක් නෑ..

      Delete
    2. දැන් හුගක් එවුන් තමුන්ට එන කමෙන්ට් නැතිව යයි කියල ...... ජිල් බෝල හොදි රස කමෙන්ට් දාන්නෙ මාතලන්.......
      මේ හුත්ත නම් ඊයෙ පෙරේද බැදපු එකා වෙච්චි.... තාම ගෑනිට බය ඇති...... පළමු එකා ලැබිච්චි ගමන් ඕක නැති වෙලා යයි....

      Delete
  6. සැම රෙදි සේදී ජලෙනි
    පිරිසිදු වේවී සොඳිනී
    දන මන සෝදා ලන සේ
    ඔසු නැත මේ ලෝකයෙහි
    (මාතලන් චිත්‍රපටයේ ගීයක කොටසකි - ආසන්න ම උපුටා ගැනීම W3Lanka බ්ලොගයෙනි)

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි. පොඩි වැරද්ද නිහතමානීව නිවැරදි කර ගන්නේ නැතිව. හෝද හෝද මඩේ දාගන්නවා.

      Delete
  7. මේවා දැක්කම හෙට දවසේ පාලම් තුන පැත්තේ යන්නත් බයයි ඕයි...ඇර සොයිසා කිව්වලු....

    ReplyDelete
    Replies
    1. ඇයි "හෙට" ඒ පැත්තේ මොනවත් වෙනවද....?

      Delete
    2. වයසට යනකොට වෙන වැඩ....හෙට නෙමෙයි මාතේ අනිද්දට..මම හිතන් හිටියෙ අද 19 කියලා....

      Delete
    3. බීලා වැඩි උනාම එහෙම වෙනවා...

      Delete
  8. ඔන්න දැන් තමයි උඹ ඔය කියන ලිපිය බැලුවේ. දැන් මොනවද කමෙන්ට් එකට ලියන්නේ? කුළු ප්‍රශ්නය ගැන කියනවද? දැන් ඒක ගැන මෙතන කියලා වැඩක් නෑනේ. ඒක ගැන ජනප්‍රිය මතයම නොවුනත් මටත් අදහස් තියෙනවා කියලා කියන්නම්. ඇත්තෙන්ම මම ඔය ගැන කාලෙකට ඉස්සර ලියපු ලිපියන් ඩ්‍රාෆ්ට් එකේ තාම තියෙනවා.


    අනිත් කරුණු ගැන කිව්වොත්, ඔව් යමක් උපුටා ගත්තානම් "හැකි හැම විටකම" ලින්ක් එක දැමීම වඩා හොඳයි. ඒ වගේම මහත්මා ගතියක්. නමුත් ඒක මතක නැති නිසා ලිපිය පළ කරන්න ප්‍රමාද වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්ණයක්. අනික කෙනෙක් ජන කතාවක් හරි කා අතරත් ප්‍රසිද්ධ කතාවක් හරි පළ කරාම තත්වය වෙනස් වෙනවා. එතකොට මූලාශ්‍ර හොයන එක කරන්න බැරි වැඩක්.
    ඊ ලඟට තුන්වන පාර්ශවයට අපහාස වන කමෙන්ට් දිගටම තියෙන්න හැරීම මමත් අනුමත කරන්නේ නෑ. තමන්ට අපහාස වෙන කමෙන්ට් ගැන තමන්ට කැමති දෙයක් කරගැනීමට තමන්ටනේ වගකීම තියෙන්නේ. ඔය තුන්වන පාර්ශවයට මඩ ගැසීමෙදි අගතියට පත් පාර්ශවය අසරණ වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙතන මචෝ එහෙම දෙයක් චේතනාවෙන්ම නොකලා නම් මෙච්චර නැහෙන්න ඕන නෑ නේ. ඕන හරකෙකුට තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.

      Delete
    2. ඈ හෙන්රි, ඔබතුමාත් ඉතින් ඉංගිරිසි ගුරුතුමානෙ පැරා වගෙම.ඔය කුල්ලට කියන ඉංග්‍රිසි වචනෙ අහපු කතාව සෑහෙන කාලයක් පරන එකක්, මම නම් ඕක ඇහැව්වෙ අපි ඉස්කෝලෙ යනකාලෙ දසක තුනකටත් වඩා ඉස්සර .ඔහොම කතාවලට කාටවත් කොපිරයිට්ස් තියනව කියල හිතන්න පුලුවන්ද? එතකොට ඕක රවිට එයාගෙබ්ලොග් එකේ ලියන්නත් පුලුවන් පැරාට ඔන්නම් එයාගෙ එකේ ලියන්නත් පුලුවන්. මේකට නීති දාන්න හදනවන ඒක තරම් තවත් මෝඩ කමක් නෑ.
      ඔබ කියනව වගෙ හැමෝම අතර ප්‍රසිද්ද කතාවක් ගැන ලියපු කෙනාට කියනවනම් "ආ මේක අහවලාගෙ බ්ලොග් එකේ තිබුන හින්දයි ඔයාට මේක මතක් වෙලා තියෙන්නෙ වහාම ඒකට ලින්ක් එකක් දාන්න" කියල මෝඩ වැඩක්.

      මාතලන්ට
      විවාදයකට මුල්වෙලා තියන මේ කුල්ලට කියන ඉංග්‍රිසි වචනය අහන කතාව ඔබ පලමුවෙන්ම ඇහැව්වෙ කවදා කොයි කාලෙද කියල මතකනම් කියන්න පුලුවන්ද?

      Delete
    3. කුල්ලට කියන වචනය නෙමෙයි නේ මෙතන ප්‍රශ්ණේ. ඇදගෙන නාන්නේ නැතිව පැරාගේ පෝස්ටුවේ මම දාලා තියෙන මුල් කොමෙන්ට එක කියවලා එන්න. එතන පේටන්ට් කතාවක නෑ. එතන ප්‍රශ්න කරන්නේ පැරාම කියන අන්නෝන්න සහයෝගීතව්වයද මොකක්ද කියන එක. නැතිව වෙන දෙයක් නෙමෙයි. වෙන දේවල මෙතනට අදාල නැත. අනික පැරාගේ හැම පෝස්ට් එකේම පහළම තියෙන කොටස ආයෙත් කියවලා එන්න. පස්සේ දෙන්නා එක්කම නා ගමු.

      Delete
  9. මාතලන් ලියන සමහර පෝස්‍ටු හරියටම රාවය පත්තරේ විමලනාත් වීරරත්නගේ කොලමේ කොපියක් වගේ.ඒ වගේ වැඩත් හොඳ නැති බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ලියපු හැම පෝස්ට් එකක් යටම වර්ගීකරණයේ "විමලේ ස්ටයිල්" කියලා දාලා තියෙනවා නේද කියලා ආයෙත් හොඳින් බලන්න. මම විමලේ වගේ නෙමෙයි ගොඩක් උන් ලියන විදියට ලියනවා. ඒ ගැන සඳහනකුත් කරනවා. නමුත් ඒ අය ලියපු දේ මගේ වගේ ලියන්නේ නෑ.

      Delete
  10. චැහ් !! සාමාන්‍යය කමෙන්ට් 20- 25 වෙන පැරාගේ පෝස්ට් එකේ ඇනෝලා පිරිලා ..
    පිස්සංකොටුවට බෝම්බ ගහල වගේ .. හුරේ
    වරදක් නෑ .. වැඩේ කියන්නෙ ඇනෝ මචංල එන්නෙත් බොක්කවල් නේ ..ඒකනේ දුක බොල ..
    කියන දේ කෙලින් නමින් හෝ ප්‍රොෆයිලෙන් කියාගන්න බැරි වනිතාවො රට හදන්න බ්ලොග් අවකාශය සුන්දර කරන්න රටේ නැති ටෝක්ස් දෙනවා ..අනේ හුකේ !!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ කොමෙන්ට්ස් ඔක්කෝම එයාගේ... පස්සෙ පවු සමා කරන්නේ ඉන්ගිරිසියෙන් මහත්මා කම පෙන්නන්න. දෙවියන් වහන්සෙට හින්ගලත් පුළුවන්...

      Delete
    2. සමාවෙන්න, මොනවද එහෙම කියන්න ඔබතුමා සතුව තියෙන සාක්ශී?
      (“ලිවීමේ රටාව සමාන වීම“ කියල නම් කියන්න එපා:විමලනාත් වීරරත්න අනුකරණය කරන්න ඔබට හැකි වගේ පැරකුම් ජයසිංහ අනුකරණය කරන්න ඔනෑ කෙනෙකුට පුලුවන්)

      Delete
    3. වෙන සාක්කි මක්කටද මල හොඳම එකෙන් පැනලා වෙනම පෝස්ටුවක්ම දාපු එක මදෑ.. මොළ්යක් තියෙන ඕන එකෙකුට හොඳට තේරෙනවා මොකක්ද උනේ කියලා.. ලින්ක් එක ම්ම දානකම් එච්චර මල පනින්නේ නෑ.. ඊට පස්සේ තමයි මාරයා ආවේස වෙන්නේ. සක්කිත් තියෙනවා ඒවා දැම්මොත් පැරා චොර වෙනවා...

      Delete
  11. වැඩිය සිතිය යුතු නෑ..
    වැඩිය එලවිය යතුත් නෑ....
    නොතැවතී ඉදිරියට...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි ඔය මොකක්ද තත්පරෙන් තත්පරේ අමු කුණුහබ්බ කිව්වේ එකෙක්. ඌව අල්ලලා බැඳලා දැම්මා.. දැන් හා හූවක් නෑ... අපිව නවත්තන්න එකෙක්ටවත් බෑ...

      Delete
  12. මෙතන දිග දුර ගෙනියන්න තරං දෙයක් සිද්දවෙලා නෑ නේද,මම නං හිතන්නෙ එහෙමයි.දැන් දෙගොල්ලන්ගෙම හිත සුද්ද නිසා අමතක කරළ දාන එකයි තියෙන්නෙ,වලිය නිසා ලස්සන සිංදු දෙකකුත් අහන්න ලැබුනනෙ.

    ReplyDelete
    Replies
    1. ඉතාම ඉතා සුළු දෙයක්. නමුත් ඒ බව පිලිගැනීමට ඇති අකමැත්ත.
      මැදිහත් සිතින් බලන් ඕන එකෙකුට පේනවා මම මුලින් කිව්වේ කුමක්ද කියන එක.

      Delete
  13. ගඳ ගහන සිංහල බ්ලොග් මඩ වලට මෙතෙක් පැණ නොතිබුණේ මාතලන්, හැලපයා, අරූ වැනි ඉතාම සුළු පිරිසක් පමණයි. අනෙක් ඔක්කෝම නම් ඒකෙ කර වටක් බැහැගෙන ජබ ගහ ගහා ඉන්නේ කාලයක් තිස්සේය. දැන් අළුතින්ම ඒකට බැහැලා තියෙන්නේ මාතලන් හා පැරාය. අපට ඉතින් මේවාට "අනේ අපොයි" කියනවා මිසක වෙන කියන්න දෙයක් නැත. ටැබූලා බියොන්ඩ් ෆ්‍රේම්ලා හැක් වෙන්න ඇත්තේ, සෑමලා කොලූලා සදහටම යන්න ඇත්තේ උන්ගේ පෙර වාසනාවටය. දැන් නම් සිංහල බ්ලොග් ලෝකය පිටකොටුවේ පොදු වැසිකිලි වළටත් වඩා ගඳ ගහයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා මේ පැත්තේ නෑවීත් ඉන්න. පැන්ෂන් ගියාම ඔහොම ලෙඩ එනවා..

      Delete
    2. ඔව් ඔව්.. අලුතින් ආපු කබ්බෝ ටික පිනුං ගහනව නෙව කැරකි කැරකි.. පොඩි ඉරිසියාවකුත් එනව නේ ..
      කුහක කම පැත්තකින් තියලා නිරුවත් දෑසින් බලන්න සෑර්.ඉස්ස‍ර හොඳයි දැං නරකයි කියන තර්කෙ අවුට් ඔෆ් ෆැෂන් නෙ !!!මෙතන මෙහෙම පුද්ගලිකත්වය ඇදල අ‍රං ප්‍රොෆයිල් වලින් ගහගන්නව අඩුයි නේ.. එන්නෙ ඇනෝ මචංල නෙ සෑර්..එතකොට ඔය ඇනෝල අස්සෙ ටැබූ ලා බියෝන්ඩ් ෆ්‍රේම් ලා වගේ සාධු චරිත නෑ කියල දෙන සහතිකේ මොකද්ද ඔබතුමා ????????
      අපි නං මඩ නාලා ඉන්නේ .. .පුල් ආතල්..ඌ‍රන්ට මොන ඩෙටෝල් ද ආයිබෝං 

      Delete
  14. බ්ලොගේ පෝස්ටුවක් තුල වෙන සංවාදය බ්ලොග් මගින්ම තර්ක විතර්ක මඟින් විසඳා ගැනීම ඇත්තෙන්ම හොදයි. ඒත් බොහෝ තැන් වල දැකලා තියෙන්නෙ මොන මඟුල උනත් පෞද්ගලිකත්වයට මඬ ගැසීමනෙ.

    ‍යම් පෝස්ටුවක් හෝ යම් බ්ලොග් ලියන්නෙක් හෝ සම්බන්ධයෙන් පෝස්ටුවක් හෝ එය අදාල කර ගෙන වෙනත් බ්ලොග‍යක කමෙන්ටුවක් දැමීම කියවන්නන්ට පහසුවක්. ඒවගේම වගකීමක් නොවුනත් යුතුකමක්. (මගේ දැනුමෙ හැටියට.)

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම නිහතාමානිකම හා මමත්වය පිළිබඳ ප්‍රශ්ණයක්..

      Delete
  15. මමත් මචං කියවන්න මොන මලදානයක් නැත්නං ඔය පැරාගේ මගුල කියවන්න යනව .....
    මට නම් ඌ ලියන රෙද්දවල් වලින් ගන්න කිසිම දෙයක් නැත.....
    උඹට ලියපු ලිපියට මම පොඩි කමෙන්ට් එකක් දැම්මම ඇනෝ විතරක් නෙමේ අපේ රාජ් එකත් මගේ පුකේ අරින්න ඇවිල්ල කියල දැනගත්තෙ දැනුයි.......
    පැරා කියන පුද්ගලය ලියන විදියට නෙමේ ක්‍රියාව..... ඌ කියන මනස්ගාත ඔළුවට නොගනින්... මචෝ...

    ReplyDelete
    Replies
    1. පැරාගේ ළිපි මම අනිවාර්යයෙන් කියවනවා. ඒත් මේ දවස්වල නම් යන්නේ පත්තර වාර්ථා.. උදාහරණය නානසාර තහනම පිළිබඳ එක.

      Delete
    2. //අජිත් & ඇනොල මාතලන් ගැන වැරදි වැටහීමකින් ඉන්නේ....කරුණා කර අයිය මහින්දගෙන් අහගෙන මොළ හෝදගන්න....අප්පා//
      මෙන්න මේ කියනදේ නොතේරුන නිසයි ඇහැව්වෙ. පුකේ අරිනව කියල හිතුනනං සමාවෙයං. ආයෙත් උඹේ කමෙන්ටු යයින් මගේ කමෙන්ටු දාන්නෙ නෑ

      Delete
  16. උඹ තාම බද්දෙගමද බං ..... කොළඹ එන්නෙ 20 ද....?

    ReplyDelete
    Replies
    1. නෑ මම කොළඹ ආවා... 20 කොහොම හරි එනවා.. අපි මචං ෂෙඩූල් එකකට වැඩ කරන උන් නෙමෙයි නේ...

      Delete
  17. මාතලන්. ටිකක් විස්තරේ නම් කියෙව්වා. ඔබ කියන දේ සමග එකගයි. ඒත් කමෙන්ටු ටිකත් කියෙව්වා ම අපිට නම් හිතෙන්නේ බුද්ධිමය සංවාදයක් තුළ කවදාවත් හැංගි හැංගි ගහන ඇනෝලාවත් තව කෙනෙක් යට කරන්න කුණු වචනවත් අවශ්‍ය නෑ කියන එකයි.

    මාතලන්ගේ භාෂා විලාසයට කිව්වා එහෙම නෙමෙයි. ඒක කෙනෙක්ගේ අනන්‍යතාවය. සමහර විට ඒක සරළ ව තමන්ගේ මතය ඉදිරිපත් කිරීමේ හැකියාව. . . .

    කොහොම වුණත් මාතලන් අපිත් විශ්වාස කරන්නේ අපි බ්ලොග් සමාජය තුළ එක් කොටසක් බවයි. අපිට සමස්ථය වෙනුවෙන් වගකීමක් තියෙනවා කියන දේ හැම විටම අපි මතක තබාගත යුතුයි. අපි ලියන කියන හැම දෙයක් ම සමාජමය වගකීමකින් කරන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. අනික අපිට අපිට විතරක් මේ වගකීම සීමා කරන්න බෑ. අපි බ්ලොග් කියවන පිරිස වෙනුවෙනුත් වගකීමක් දැරිය යුතු වෙනවා.

    අපි ලංකාවේ දකින ගැටළුව තමයි බ්ලොග් ලියන පිරිස සහ කියවන පිරිස කියන්නේ දෙකොටසක් නොවීම. ලියන අයමයි කියව ගන්නෙත්. ඒ නිසා අපිට ලොකු කියවන්නන්ගේ සමාජයක් නෑ. මේක බ්ලොග් ලියන්නන් ලෙස අපි හැමෝම තේරුම් ගත යුතු සහ අපි විසින් වර්ධනය කරගත යුතු දෙයක්. ලියන අය කියවිය යුතුයි තමයි. නමුත් අපි ලියන දේවල් හරබර වීම සහ විවිධ වීම මත අපිට පිටතින් කියවන්නන් පිරිසක් ගොඩනගාගත හැකියි. ඒක අපේ බ්ලොග් කෙරුවාව හරවත් කර ගැනීමට බොහොමත් ම ඉවහල් වේවි. ඒක අපේ බ්ලොග් කරණයෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් වැදගත් වේවි............

    ReplyDelete
    Replies
    1. බ්ලොග්වල හරවත් දේ ඕන තරම් තියෙනවා. නමුත් කිසි කෙනෙක් ඒවා වලට ගොඩ වෙන්නේ නෑ. ඒවා තුල සංවාදයක් ඇති වෙන්නෙත් නෑ.. මම මෙතනදි මතු කලේ තමන් කියන දේ නොකර කොහොමද රටක් හදනවා කියන කාරනේ කියන සුළු දේ. එයාමයි කියන්නේ අන්නෝන්‍ය සම්බන්ධයක් තියෙන්න ඕන කියලා. නමුත් ඒ දේ නොකරන්නෙත් එයා. එයාමයි කියන්නේ උපුටාගන්නවා නම් පොඩි සඳහන්ක් කරන්න කියලා. ඒත් ඒ දේ නොකරන්නෙත් එයා. ඒ දේ ඉතාමත්ම ආචාරශීළීව ප්‍රශ්ණ කලාම මඩ ගහන්නෙත් එයා. මේවාට මුකුත් නොලියා හිටියොත් ඒ මතය අනුමත කලා වෙනවා. කෙසේ වෙතත් බ්ලොග් කියන්නේ තමන්ට අවශ්‍ය දේ ලියන එක. ඒක අශීලාචාර නම් නොබලා උන්නාම හරි. ඒත් මගේ බ්ලොග් එකෙන්ම පේන්නේ මිනිස්සු කැමති හරවත් දෙයට වඩා ජරාවටය කියන දේ. උඹලගේ කර්තව්‍යට උනත් සහය දෙන්නේ කී දෙනාද...?

      Delete
    2. //////අපි ලංකාවේ දකින ගැටළුව තමයි බ්ලොග් ලියන පිරිස සහ කියවන පිරිස කියන්නේ දෙකොටසක් නොවීම. ලියන අයමයි කියව ගන්නෙත්. ඒ නිසා අපිට ලොකු කියවන්නන්ගේ සමාජයක් නෑ. මේක බ්ලොග් ලියන්නන් ලෙස අපි හැමෝම තේරුම් ගත යුතු සහ අපි විසින් වර්ධනය කරගත යුතු දෙයක්. ලියන අය කියවිය යුතුයි තමයි. නමුත් අපි ලියන දේවල් හරබර වීම සහ විවිධ වීම මත අපිට පිටතින් කියවන්නන් පිරිසක් ගොඩනගාගත හැකියි. ඒක අපේ බ්ලොග් කෙරුවාව හරවත් කර ගැනීමට බොහොමත් ම//////

      @කුරුටු ගී........ ඔබේ අදහසේ එක් කොටසකට මම මෙහෙම කියන්නම්.....පැහැදිලිවම කිසිම බ්ලොගක් නොලියා, කිසිම කමෙන්ට් එකක් නොදමන නමුත් බ්ලොග් කියවන විශාල පිරිසක් ඉන්නවා. ඒ බව මට හිතෙනවා යම් යම් දත්තයන් තුලින්.(මා මේ කියන්නේ පෞද්ගලිකව මගේ බ්ලොග් එකේ දත්තයන්ට අනුව ) ඔබ කියන පරිදිම මෙය වර්ධනය වෙනවා නම් හොඳයි.

      Delete
    3. @ අරූ
      මම හිතන්නේ කුරුටු ගීල කියන්නේ කොමෙන්ට්ස් දාන්නේ බ්ලොග් ලියන උන්මයි කියන එක... ඒක නම් හරි.. දුක තමයි සුමනා ඒ අය ඇනෝ ඇවිත් රීලා යන එක..

      Delete
  18. හෑ ?? කෝ මං දාපු රිප්ලයි එක ??

    ReplyDelete
    Replies
    1. ඒක අයින් කළා , යකෝ උගත් බුද්ධිමත් වැදගත් මිනිහෙකුට කියවන්න් පුලුවන්ද ඒක...අනික මේ උඹලා වගේ පිට කහන නූගත් ඇට කොල්ලන්ගේ කොමෙන්ට් .... හූ
      ආ අමතක වුනා ඕ ..යේස්

      Delete
  19. අනේ මංද මේ බ්ලොග් සහෘදයන්ට මොනව වෙලාද කියල. 20න් පස්සෙවත් මේ නොහොඳ නෝක්කඩු ඉවරවෙයිද?

    ReplyDelete
    Replies
    1. මේවා එහෙම අහවර වෙන්නේ නෑ. ළෝකය තියෙන තුරා මේවත් පවතිනවා...

      Delete
  20. මොකෝ බං මේ දවස්වල බ්ලොග් ලෝකේ අවපාතයක් වත්ද?
    ඉරිදට කස්ටිය සෙට් වෙලා හොඳ සොමියක් දාලා ඔය වලි කචල් ඔක්කොම forget file එකට දාන එකයි ඇත්තෙ :-)
    මොනා උනත් හොඳ සිංදු දෙකක් අහන්ට ලැබුනා.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන නම් ගෑවූනත් ඉතින් බුලට් බඩු තමයි...

      Delete
  21. මාතා.........මම උඹේ පෝස්ට් එක හරහා තමයි පැරාගේ ලිපිය දැන් කියෙව්වේ. මම එතනත් අදහසක් දැම්මා. පැරා ඒක රවීගෙන් නම් ගත්තේ ඒ ගැන ලිවිය යුතුව තිබුනා වුනත් අපි කොහොමද එහෙම වුනාම යැයි කියන්නේ. අනිත් එක මචං ඔය වැනි දේවල්වල මූළාශ්‍ර කොහෙන්ද හොයන්නේ? අපි කවුරුත් වැරදිකරන නිසා අපි කවුරුත් නිවැරදි වෙන්න උත්සාහ කරමු.

    ඕවා අතහැරලා 20 ආතල් එකක් ගනින්.

    ReplyDelete
    Replies
    1. Well said Ravi. As this story has a long history no one can say that Para got it from Ravi;s blog.

      Delete
    2. උඹට එහෙම හිතන්න පුළුවන් උනාට මට නම් එහෙම හිතන්න බෑ. ඒක මට පොඩි කාළේ ඉඳන්ම තියෙන රෝගයක්. නමුත් එහෙම ලෙඩක් හැදෙන්න එහෙම විශබීජ ගොඩක් තියෙන් තැනකට යන්න ඕන. මල පැනලා. ඉන්ගිරිසියෙනුත් පව් සමා කරලා කොමෙන්ට්ස් දාන්නෙත්, වෙනම පෝස්ට් එකක් දාන්නෙත් ඒක නිසාම වෙන්න ඇති.

      Delete
  22. පැරා ඇත්තටම රවීගේ ලිපිය දැකලා නොතිබුනානම්, එහෙම ලින්ක් එකක් දාන්න කියන එක විහිළුවක් වෙනවා. අනිත් එක බ්ලොග් වල තමන් කැමති දෙයක් තමන්ට ඕනා විදිහට ලියන්න පුළුවන් (එතකොට කොපි රයිට් නැති ඒවට ලින්ක් දැමීමේ, නොදැමීමේ නිදහසත් තමන්ට ඕනා විදිහටයි ) කියන මාතලන්ම මෙහෙම නීති දාන්න යන එකත් විහිළුවක්..

    වෙනි අයියා,
    පැරයි, මාතලනුයි කරට අතදාගෙන ඉන්න ෆොටෝ එකක් දකින්න අපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒත් ඕන හරකෙකුට තේරෙනවා මක්කයි වෙලා තියෙන්නේ කියලා..

      Delete
    2. සොරි වෙන්ඩ මේ ඉල්ලීම දැනුයි දැක්කෙ..සෙන්නා මට මාතලන්ව හමු වෙලා තියෙන්නෙත් අර ගාල්ලෙ ගෙට්ටුවෙදි විතරයි තාම. එදා ගත්ත ෆොටෝ කොහෙවත් දාන්ඩ එපා කී නිසා මම එළියට දුන්නෙ නෑ. පැරාව නම් හමුවෙලාම නැහැ. මේ සැරේ වත් මාතලන් තුමාගෙ ගන්න ෆොටෝ එළිදක්වන්න අවසර දෙයි කියලා හිතනවා !

      Delete
    3. එහෙනම් මම සෙන්ට් ටිකක් වැඩි පුර ගහගෙන එන්නම්..

      Delete
  23. මේ වගේ වලි යන වෙලාවට, වලියට සම්භන්ධ හෙඩිමක් දාලා පොස්‍ටුවක් දැම්මා නම් හිට්ස් ටිකක් ගන්න පුලුවන්....

    හිට්ස් කැමති ඔබටයි මේ ආරාධනාව...!!!

    :)

    ReplyDelete
    Replies
    1. හොඳ බ්ලොග් උපදේශකයෙක්...

      Delete
  24. අඩේ මේක ඒකට රිප්ලයි එකක් කියල දැනගත්තෙ දැනුයි. කොහොම උනත් මට අනුව උඹ වැරදියි
    1.අහවලාට ලින්ක් දාන්න කියල බල කරන්න කාටවත් අයිතියක් නෑ. ලින්ක් දැමිල්ල නොදැමිල්ල එයාගෙ වැඩක්.
    2.ඇනෝ කමෙන්ට් දානව කියන චෝදනාව ඔප්පු කරන්න ඕන. නිකං බස්වහර ලඟින් යනව වගේ කතන්දර එපා. එහෙම ඔප්පු කරන්න බැරි නං ඒ වගේ කතාවල් කියන්න යන්නත් එපා.

    බ්ලොග් අවකාශයේ පිට කැසීම් තදටම තියනව. ඒව දකිනකොට නං අප්පිරියයි. මේ පෝස්ට් දෙකට කමෙන්ට් කල සම හරක් උදවියගෙ හැසිරීමෙන් ඒක පේනව.‍

    මාතලන් කියන්නෙ අජිත් පැරකුම්ට වැඩිය මගේ මිත්‍රයෙක්. අපි ඊමේල් ගණුදෙනු කරගෙන තියනව කතාබහ කරල තියනව. පැරාගෙ බ්ලොග් කියවනව විතරයි. නමුත් මෙතනදි මම පැරාගෙ පැත්තෙ‍. (ඒ ටික ලියන්න උනෙත් මේ පිට කැසීම් නිසා)

    උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එතකොට අරවා පිට කසා ගැනීම් කියලා නොපෙනෙන එක, වර්ණ අන්ධතාවයක්ද මොකක්ද කියන්න දන්නේ නෑ. මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙමෙයි එයා එයාගේ බ්ලොග් එකේ හැම පෝස්ට් එකේම කියන දේ ප්‍රශ්ණ කලාම මේ තරම් මල පනින්නේ ඇයිද කියන එක. කොහොමත් ගොඩක් අය පැරාට බයයි. නමුත් පහප්‍රාණ ලිව්වට පැරා කියන්නේ මමත්වයෙන් පිරී ගිය චරිතයක් පමණයි. ඒක ඔහු කීප වරක්ම ඔප්පු කරලා තියෙනවා.

      Delete
  25. මාතේ ඔන්න සයිබර් සිහින උළෙලට එන්න එපා , එහෙම ආවොත් අපිට හිතන්න වෙනවා ඔයා පොරක් වෙන්න උත්සාහ කරනවා කියලා , අනික එහෙම ආවොත් ඔයා ස්පර්ශ කරන ලෝකය පටු වෙනවා ..

    //"අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ සිංහල බ්ලොග් ලෝකයේ පොරවල් වෙන්නට නො වේ. අප ස්පර්ශ කරන ලෝකය ඊට වඩා පුළුල් එකකි. බ්ලොග්කරුවන් එකතු වන සංසදවල අප දකින්නට නැත්තේ ඒ නිසා ය. "// උපුටා ගැනීම W3 ලංකා

    මමනම් ඔය කියන උත්සව හැම එකටම ගිහින් පොරක් වෙන්න හිතාගත්තා

    ReplyDelete
    Replies
    1. හීනමානය කියලා ලස්සන තනි වචනයකින් ඔය ලෙඩේ හින්ගල භාෂාවේ නම් කරලා තියෙනවා.. එයා හිතාගෙන ඉන්නේ එයා ප්‍රබුද්ධ මාර පොරක් කියලනේ.. එයා ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ බං..

      Delete
  26. අදහස් ප්‍රකාශයට අප කාටත් නිදහසක් හා අයිතියක් ඇත.....ඒත්..... ඒවා..... සදාචාරාත්මක වන්නේ නම් වඩා හොදයි....... අපි ගහ ගත්තොත් .... අපිට ගහන්න පිට උන් බලා සිටින්නේය , කියල නම් හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙතන කතා කරන්නේ අදහස් ප්‍රකාෂ කිරීමක් ගැන නෙමෙයි නිහිංසා. නිහතමානීකම ගැන හා අන්නෝන්න සහජීවනේද මොකක්ද එකක් ගැන.

      Delete
  27. රවිගේ ලිපිය පළවූ විගස කියෙවුවෙමි. පැරාගේ ලිපිය අහම්බෙන් දින දෙකකට පසුව කියෙවුවෙමි. පැරාගේ මාතලන් සම්බන්ද ලිපිය හා මාතලන්ගේ ප්‍රතිචාර ලිපියද කියෙවුවෙමි. කොමෙන්ට් සියල්ල සමග බැලු විට මෙවර මාතලන් අනාගෙන ඇත.
    ඒ සියල්ලට වඩා ජුගුප්සාජනක වන්නේ දෙදෙනාටම පස්ස දික්කරනා අනිකුත් කොමෙන්ට් කරුවන් ගැනය. තමන්ගේ මතය දැක්වීම එකක් වන අතර තවත් අයකුගේ මතයක් වෙනුවෙන් පුක දීම තවත් දෙයකි.

    ReplyDelete
    Replies


    1. ///තමන්ගේ මතය දැක්වීම එකක් වන අතර තවත් අයකුගේ මතයක් වෙනුවෙන් පුක දීම තවත් දෙයකි.////

      මාතා-පැරා විවාදය කුමක් වුවත් එය මොහොතකට අමතක කර දමා....මේ නිශාන්ත කියන මේ වාක්‍යය නම් බොහෝ දෙනෙකු සිතා බැලිය යුතු බව කිව යුතුය.

      Delete
    2. පැරාට බය ගොබ්බයෝ කියන ඒවා මා ගනන් ගන්නේ නැත. මා කළේ ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටීම පමණි. එය ඉතාම නිහතමානීව කරණා ලද අහිංසක ඉල්ලීමකි. අනෙක එම ඉල්ලීම මා කලේ මා වෙනුවෙන් නොව සහෝදර බ්ලොග් කරුවකු වෙනුවෙනි. හින්ගල බ්ලොක් කලාවේ ඔහු සඳහන් කරණා අනෝන්‍ය සබඳතාවය කොහොමත් ඇත. එය නැත්තේත් ඔහු ළඟය. අපි වෙනුවෙන් කතා කරන ඔහු මමත්වයෙන් ඔද වැඩී ගොස් උන්මත්තකයකු ලෙස අවසානයේදි මා වෙනිවෙන් පෝස්ටුවක්ද පළ කරණු ලබයි. එහිදීද මාතලන් නාමයට අපහාස කිරීමට ඇනෝවරුනට රිසි සේ ඉඩ සලසා ඇත. එය අනාගැනීමක් ලෙස පෙනෙනුයේ ඔබේ ගොබ්බ කම නිසාය. පැරාගේ පොන්න ඇනෝලා මෙන් නොව, මෙහි කොමෙන්ට් කළ උන් සියල්ල තම ප්‍රෝෆයිලයෙන් පැමිණ ඇත. කෙසේ වෙතත් ඇනෝ නෑවීත් අදහස් දැක්වීම ගැන ස්තූතී වන්ත වෙමි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න