.

.

Jul 31, 2014

Who wants to be a Millionaire....!!!


අනිවාර්යයෙන් මේ පෝස්ට් එකත් එක්ක, මහාචාර්ය මාතලන් තුමාත්, දශ  ලක්ෂපතියෙක්වෙනවා. කිසිම දෙයක් සෙලබරේට් කොරන්න අකමැතිම කෙනෙක් උනත්, සිංහල බ්ලොග් කළාවට මාර විදියට ආදරේ කරන කෙනෙක් විදියටත්, අනික් උන්ට මේ සැලොබ්රේසොන් ගැන කියා දීපු කෙනෙක් හැටියටත්, පොඩි සටහනක් ලිව්වොත් හොඳයිය කියලා හිතුනා. (පට්ට දිගයි.)

එහෙම සෙලබොරේට් කරන්න, හේතු කීපයක්ම තියෙනවා. එක තමයි මේ මාජින් එක පන්නපු පිරිස බොහොම අල්පයක් වීම. ඒකට හේතුව හිට්ස් නෑ කොමෙන්ට්ස් නෑ කියලා, මගදි දමලා ගහලා යන එක. දැනට මම දන්න විදියට මේ ගාන ඇචීව් කළේ, පැරාත්, කතන්දරත්, සඳරුත් පමණයි. එයිනුත් කකා, ටූ මිලියන් ඇචීව් කරයින් පස්සේ, බණ භාවනා කරන්න ගියා. දැන් ඉන්නේ පැරා විතරයි. ඒත් තව සෙට් එකක්ම මග එනවා. ඒක සතුටට කරුණක්.

තව එකක් තමයි, එදා ඉඳලා මට ආදරය කරපු, මාව දිරිමත් කරපු, විවේචනය කරපු අයට ස්තූතී කිරිම. අනික් ප්‍රධානම හේතුව තමයි, මේක විනාශ කරන්න ඉන්නා, කුහකයන්ගේ ඇහෙ කටු ඇනීම, ඇඟේ මාළු නැටවීම හා කුණු වෙච්ච්ච පපු, පුපුරා යාම.


ළමා කතන්දර
 මාතලන් බ්ලොග් කියන්නේ මොනවද කියලා දැනගත්තේ ඩුබායි වල ඉඳිද්දි අහම්බෙන්. ඒ සැලින්කෝ එකේ ජොබ් වලට කෙලවෙලා, ගෝල්ඩන් කී එකේ සල්ලි වලටත් කෙලවෙලා, අනාත වෙලා උන්නු කාළේක. ඇත්තටම ඒ කාළේ තිබුන අවුල්කාරි මනස මේ අළුත් වැඩේ නිසා එච්චර විඩා බර උනේ නෑ. එහෙම අහම්බෙන් අහු උනේ කතන්දර ශූරින්ගේ "කතන්දර" බ්ලොග් අඩවිය. 

පස්සේ, මුලු ජාලේ පුරාම, මේ බ්ලොග් කියන්නේ මොනවද කියලා හෙව්වා. බැලුවාම මේක මරු සීන් එකක්. බලාගෙන ගියාම, මම කලින් ඉඳන් බ්ලොග් කියවලා තියෙනවා ජාලෙන්ම. ඒත් කව්ද අනේ දන්නේ බ්ලොග් ඉස්පොට් එකක් ගැන. ඒවත් වෙබ් කියලා තමයි හිතුවේ. ඒ කියන්නේ, කකා කියවන්න කලින්, "රාවයෙන්" දැකලා, "ටැබූ සබ්ජෙක්ට්ස්", "බියෝන්ඩ් ෆ්රේම්" දෙකම කියවනවා. ඒ යුද්දේ තිබුන කාළේ, හරි විස්තරයක් දැන ගත්තේ ජාල ගත වෙලානේ.

ඉතින් මම කීප දෙනෙකුගෙන් අහනවා, කොහොමෙයි බ්ලොග් එකක් පටන් ගන්නේ කියලා. සොෆ්ට්වෙයාර් කාරයෝ දන්න රෙද්ද. උන් බ්ලොග් කියන්නේ මොනවද කියලා එකෙක්වත් දන්නේ නෑ. ඉතින් මට සිද්ද වෙනවා උන්ට ඒ ගැන කියලා දෙන්න. ඕන් ඉතින් ප්‍රියන්ත හේවගේ මේ බ්ලොග් ලියන කීප දෙනෙකුගෙන්ම අහනවා, කොහොමද මේවා පටන් ගන්නේ කියලා. එකෙක් ගෙන් වත් නෝ රිප්ලයි. පස්සේ මට කකා මතක් වෙනවා. 

පොර කිසි ලෝබ කමක් නැතුව, ගුරු මුට්ටිය දෙනවා. ඉතින් ඔය මුට්ටිය උස්සගෙන ඇවිත් පැත්තකින් තියලා. නමක් කල්පනා කරනවා. සමාන්‍යයෙන් මම වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා, තුන් කල් බලනවා. ඒ නිසා මේකට අල්ලලා යන නමක් දාන්න ඕන. ඒක තනි වනයක් වෙන්නත් ඕන. දේශීය එකක් වෙන්නත් ඕන. ඕන්න මගේ මතකෙට එනවා හිතේ ඉන්න වීරයෙක්. "මාතලන්".


පරිනත කතන්දර
තාත්තත් එක්ක මේ සෝ එක, විසි පාරකට වඩා බලලා ඇති. ඕකේ සින්දු පොඩි කාළේ මට හොඳට කට පාඩම්. පොඩි කාළේ ඉඳළම පොර මගේ වීරයෙක්.  මමම දානවා මාතලන් කියන එක. පළවෙනි පෝස්ට් එක පිඳුම. ඒක දාන්නේ "කතන්දරට පින්" කියලා. ඒ අපේ රටේ හැටි. නමුත් ඒවා හොඳ වැඩ. ඉතින් වැරදුනේ නෑ අද මිලියනයටත් ඇවිල්ලා. 
බොහෝම ස්තූතියි කතා !!! 
ඒ තරතුරේ සිත් රිදවීමක් උනත්, මම දන්නවා කතා ඒවා පයිසෙකට ගනන් ගන්නේ නෑ කියලා. මොකෝ ලොක්කා අපිට වඩා බොහොම පරිනතයි. බ්ලොග් ලියන්න කවුරු හරි අළුතෙන් හිතාගෙන ඉන්නවා නම් මම අදටත් කියන්නේ කතන්දර බ්ලොග් එක කියවලා එන්න. ඒක හොඳ පාසලක්.

අපි එ කාළේ මේවා පටන් ගත්තෙම ආත්ම තෘප්තියට. හිට්ස්, කොමෙන්ට්ස්, ගැන මෙළෝ හසරක් දන්නේ නෑ. කොටින්ම ඔය හිට්ස් මීටර් එල්ල ගත්තේ, බොහෝම මෑතකදි. ඉස්සෙල්ලම කොමෙන්ට් එක,  "සූ" කියලා එකෙක්ගෙන්, අද ඌ බ්ලොග් කියවනවද දන්නේ නෑ. බොහෝම ස්තූතියි මචෝ, උඹටත්. කකත් කොමෙන්ට් එකක් දානවා. "දුකා" ඇවිත් කියනවා, අම්මට හුඩු මේක පට්ට බ්ලොග් එකක්නේ කියලා. ඔන්න ගෙම්බා ඉඳිමෙන්න පටන් ගන්නවා. 

විමල් ගැන ලියපු එකකට "මාරයත්" එනවා. රාමචන්ද්‍ර ඇවිත් අගය කිරීමක් කරනවා. පොඩි කික් එකක් දෙනවා. ඉතින් මාර ත්‍රිල්. මාතලන් ලියනවා රෝයල් එකේ "කටයා" ගැන. එහෙම කිව්වට අපේ ඉස්කොලේ ළොකුම වීරයා ඩී පී (DP). ඩිපියුටි ප්රින්සිපල්. ඕන චන්ඩියෙක් ලොක්කා ගාව සරෙන්ඩර්. අම්මට හුඩු මේන් "ටැබු" කෙමෙන්ට් එකක් දානවා. මොකෝ ටැබූ තමයි ඒ කාළේ පොර. ඔය කලින් කියපු සෙට් එකත් පොරවල් හොඳේ.. දැන් ගෙම්බා පුපුරන්න සයිස්. ඕකේම කකා වලියකට සෙට් වෙනවා. දැන් මට කකාට කෙලින්නත් ඕන ඒත් ඉතින් පටන් ගත්ත ගමන්, ගුරා තරහ කර ගෙන කොහොමෙයි. වලියට යන්නේ නැතිව ෂේප් වෙනවා.

මම පොඩි කාළේ ඉඳලා ආස කවි ලියන්න. කවි පොත් හෙන සෙට් එකක් තිබුනා. අනේ ඉතින් මම ඒ කවි පෝස් කාඩ් වල ලියලා මිහිරට යවනවා ජීවීතෙට යන්නේ නෑ. ඉස්කෝලෙන් යවපු චිත්තරයක් නම් මිහිරේ යනවා. පවුලම කතා වෙනවා. ඒත් මට මෙළෝ රහක් නෑ. මොකෝ මම ඒ කාළේත් කෙල්ලන්ට පස්සෙ වැඩෙයන්ම ලව් කවි වලට.

ඒත් ඉතින් ඒවත් මේ දැන් ඒවා වගේම මෙළෝ රහක් නෑ. ඔක්කෝම හරහට ලියපු කවි. මට මතකයි. හඳ මාමි ගැන ලියලා මිහිරට යවපු කවියක් යාන්තමට. කවියෙන් කිය උනේ, අනේ හඳ මාමේ, කිරි පැණියි අරගෙන අපේ ගෙවල් පැත්ත පලාතේ එන්න එපා. මොකෝ, කිරි කාපු ගමන්, මට හතිය හැදෙනවා කියලා. කොහොමත් පොඩි කාළේ ඉඳන් මාතලන් හිතන්නේ හරහට. ආච්චි කතන්දර කියලා දෙන කොට, මාව ළංකර ගන්න ආස නෑ.

මොකෝ ආච්චිගේ බණ කතා ඔක්කෝම නෝන්ඩි වෙනවා. හඳේ හාවෝ ඇඳපුවා, සත්තු කතා කරපුවා. කොහේවත් නැති දිය කිඳුරෝ, වඳුරෝ බට හිල් කරපුවා. ඔක්කෝම නිර්දය ප්‍රශ්ණ කිරීම් වලට ලක්වෙනවා. වෙස්සන්තර අප්පුහාමි ආච්චිට ළොකු උනාට. පොඩි මාතලන්ට, එයා ජරා තාත්තා කෙනෙක්. කව්ද දන්නේ මිස්ට ජූජකයා, ජාලියයි ක්‍රිශ්ණජිනායි කරවල වාඩියකට දීලා කීයක් වත් ගත්තද කියලා. මට ජාලියටත් වඩා දුක ක්‍රිෂ්ණජිනා ගැන. (අද නම් දුක මන්ද්‍රී දේවී ගැන.) මොකා කලත්, ඒවා ජරා වැඩ කිව්වාම. ආච්චි මට බැනලා එලවනවා.

ඉතින් අපේ ආච්චි වගේ උන් මේකෙත් ඉන්නවා. ඇයි එහෙම ඉන්න බැරිද? මොකද අනේ බැරි. ඉන්න බැරි නම් මැරියන්කෝ. මට පාන්ය. මාතලන් දිගටම ලියනවා. මේ කෙටි කාළේ මාතලන් ලියන්නෙ නැතිව හිටපු වෙලාවලුත් තියෙනවා. ඒ ඉතින් එක එක ප්‍රශ්ණ ආවම. ඒවා එන්නේ කියලා නෙමෙයි නේ. ඒ නිසා මාතලන් හිටපු ගමන් වැනිෂ් වෙනවා. අවුරුද්දක් විතර නොලියපු වෙලාවලුත් තියෙනවා. ඒත් පුළුවන් වෙලාවට ආයෙත් ලියනවා. එහෙම ලිව්වේ නැතත්. මාතලන් බොහෝම තෘප්තිමත්. හේතුව "මාතලන්ගේ සින්ඩිය".

අද බ්ලොග් ලියන නියම සෙට් එකක් ඉන්නවා. ඒක ළොකු දෙයක්. කවි ලියන උනුත් ගොඩක් ඉන්නවා. මාතලන් නිසා ,කවි වලට ආදරේ කරන්න ගත්ත කීප දෙනෙකුත්, කවි ලියන කීප දෙනෙකුත් ඉන්නවා. ඊටත් වඩා මාතලන් කැමති උන් තරුණ පරපුර නියෝජනය කරන උන් වීම. උන්ගේ ටැලන්ට්ස්, මාව පුදුම කරනවා. සමහර වෙලාවට, ඇස් තෙත් කරන්වා. ඒක කියලා නිම කරන්න බැරි සතුටක්. කී බෝඩ් එකට කොටන්න පුළුවන් තරම් කාළයක් මාතලන් දිගටම ලියනවා.

ඒත් පොඩි දුකකුත් තියෙනවා. ඒ තමයි ටැබූලා, මාලන්ලා, බුවාලා, උදිතලා, සඳරූලා, වෙද මහත්තයලා, ඇලාලා, ලිවිල්ල නවත්තපු එක. කතන්දර උන්නැහෙත් මෑතකදි නැවත්තුවා. මාරයයි, දුකායි නම් ඉඳ හිට ලියනවා. පුළුවන්නම් දිගටම ලියපල්ලා. උඹලා මේකේ ඉන්න ඕන උන්. උඹලා නැතුව පාලුයි. මේකේ පොරවල් නෑ. පොරක් වෙන්නේ, කලින් පටන් ගත්ත නිසාවත්, ඉස්සර ඉඳලා ලියන එකෙන්වත් නෙමෙයි. ලියන දෙයින්. ඉතින් එහෙම පොරවල් ටිකකුත්, මේකේ අදත් ඉන්නවා.

ඒදා ඉඳන් අද දක්වා මේක කියවන, බලන, කෙම්න්ට්ස් දාන, අගය කරන, දිරි ගන්වන, බනින, හොඳ කියන, ගල් ගහන, මල් හෙලන, ඊ මේල් එවන. අපේ අම්මලා, නෝනලාගේ හිටන් සැප දුක සොයා බලන උඹලා ඔක්කෝටම ස්තූතියි....!!!!

පොඩි පොඩි සිත් රිදවීම් ගනන් ගන්න එපා මචෝ.. මොකෝ මාතලන් තවම රහත් වෙලා නෑ..


සිහළ බ්ලොග් කළාවට, සුබ අනාගතයක්....!!!

220 comments:

  1. මුළු හදවතින්ම උඹට සුභ පතනවා මාතලන්. උඹට ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි උදිත.. උඹ නොලියන එක ගැන නම් අවංකව කණගාටුයි. උඹ බය නැතිව ලිව්ව එකෙක්..

      Delete
  2. Congratulations
    Ruwan

    ReplyDelete
  3. Replies
    1. ඕං බලහංකෝ මාතලන්. කියවලා පිළිවෙලකට කමෙන්ට් කරන්න ගියාම අපිට වෙන දේවල්. මොනවා කරන්න ද හිත හදාගමු.

      Delete
    2. නොතිර සසරJuly 31, 2014 at 5:42 AM

      සැක් ඒකම තමා මටත් උනේ

      Delete
    3. අර සම හරක් වගේ එක බුක් කරලා යන්න තිබුනා..

      Delete
  4. නොතිර සසරJuly 31, 2014 at 5:40 AM

    මාතලන් සර් ඔයා තමයි මගේ ලෝකෙ වීරයා.

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ වීරයෝ තියා ගත්තට ළොකු උනාම එහෙම තියා ගන්න එපා..

      බොහෝම ස්තූතියි.. නොතිර සසර...

      Delete
  5. ඉතින් මම 999228 වුණා හොදේ..................

    මාතලන්. කියන්න ගොඩක් දේවල් තියෙනවා......

    ඇත්තට ම පුද්ගලික ව කුරුටු පවුරේ ලියන මම (තුෂාර විතාරණ) ටැබූලා බ්ලොග් කරපු කාලේ බ්ලොගයක් කරා. ඒක ටිකක් විතර නැගලා ගියා කියලා මං හිතනවා. ඒත් ඒක දැන් අතීතයේ. විවිධ හේතු මත මටත් ඒක නවත්තන්න වුණා. ඊට පස්සේ බ්ලොග්කරණයෙන් අයින් වෙලා අවුරුදු 4 ක් විතර හිටියා. මං හිතන්නේ මාතලන් පටන් ගත්තේ 2010 නේද? මං එතකොට වැඩේ බලපෑම් නිසා බ්ලොගය නැවැත්තුවා. ඉතින් ඒක මගේ ජීවිතයේ තිබුණ අංගයක් වෙලා තිබුණ නිසා නැවැත්තුවාට පස්සේ ගොඩක් කාලයක් හිත හදාගන්නත් බැරුව හිටියා. ඒ නිසාමයි මං හිතන්නේ මං ආයෙම ඒ කාලෙම බ්ලොගයක් පටන්ගත්තෙ නැත්තෙත්. මේ කුරුටු ගෑ ගී පවුර ඇත්තට ම පටන් ගත්තේ මං නෙමෙයි. හසිත හර්ෂණ සහෝදරයා. ඒක හදලා මට කිව්වා අයියේ නියම වැඩක් තියනවා. අපි කරමුද බ්ලොග් එකක් මං හැදුවා කියලා. ඉතින් මං කොහොමත් බ්ලොග් කරපු එකා නිසා ඊට පස්සේ මේ අඩවියේ ගොඩක් වැඩ මගේ අතින් වුණා කියලා මං හිතනවා................

    මොනවා වුණත් මගේ පරණ බ්ලොග් ජීවිතයේ වීරයා වුණේ ටැබූ සබ්ජෙක්ට් තමයි. ඇටමැස්සා, දුකා, බිගුවා, ෆී තින්කර්, රාමචන්ද්‍ර, නුවරපාර එහෙම ෆලෝවර්ස්ලා විදිහට හිටියා මතකයි. හැබැයි මචං මගේ අලුත් බ්ලොග් ජීවිතය වුණ කුරුටු ගෑ ගී පවුරෙදි මගේ වීරයා උඹයි. මං විතරක් නෙමෙයි කුරුටු ගෑ ගී පවුර ම හැදුනේ උඹ දිහා බලාගෙන. අපිට උඹ මග පෙන්වන්නෙක් වුණා. වැඩිහිටියෙක් වුණා. උපදේශකයෙක් වුණා. උඹ කියනවා වගේ අපි සිංහල බ්ලොග්කරුවන්ට හැලෙන්න දෙන්න හොද නැහැ. ඒක උඹ හැමදාම කියන දේ. අපි එකතු වෙලා වැඩ කරමු. අපිත් එතන ඉන්නවා.

    මොනවා වුණත් මාතලන් උඹට පුළුවන් වෙනවා දැන් බ්ලොග් කරුවන් බොහොමයක් ම ලීඩ් කරන්න. ඒ කියන්නේ හැමෝම දක්කන් යන්න නෙමෙයි. අපි යන්න ඕනේ ගමනක යම් මූලිකත්වයක් උඹට ලැබෙනවා. අපි උඹත් එක්ක ඉන්නවා. මේක පොර ටෝක් එකක් නෙමෙයි. හදවතේ තියෙන දේ හංගන්නැතුව කීමක් විතරයි. කුහක කම් නැතුව දෙයක් කිව්වා විතරයි. මං හිතනවා උඹ තේරුම්ගනියි කියලා.........................

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි තුෂාර.. අහන්නත් සන්තෝසයි.. ඒ වගේම උඹලගේ ටීම් එක කවියේ වෙනසක් කරා යනවා නම් තමයි හොඳ.. ටීම් වර්ක් කියන්නේ. අපේ සංස්කෘතියේ නොමැතිම දෙයක්.. එහෙම එකේ උඹලා කරන දේ ළොකු දෙයක්.. අද කවියත් මම කියෙව්වේ.. ඒක තමයි නියම මිත්‍රත්වය කියන්නේ.

      Delete
  6. ජය වේවා……!!!!!!

    ඒ වගේම මතක් කරන්න ඕන මේ වෙලාවෙ, අළුතෙන් ලියන්න එකතු වෙන අපිට ඔයා දෙන සහයෝගෙ. කොටින්ම බ්ලොගේට හරිහමන් නමක් තියා මොන ‍‍රෙද්දක් වත් නැතුව පටන් ගත්තු මගේ බ්ලොගත් ඔයාගෙ සිංඩියෙ තමා ඉස්සෙල්ලාම එල්ලුවෙ. ඊට පස්සෙ මුල්ම කමෙන්ට් එක දාලා දිරිමත් කලෙත් ඔය‍යි. ඒවට ස්තූති කරන්න වචන නෑ

    බොක්කෙන්ම සුබ පැතුම් මාතලන් අයියා…!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා..

      අරවා නම් ගනන් ගන්න එපා මචෝ..

      Delete
    2. ප්‍රියා.....මුකුත් හිතන්න එපා වැරදියට...ආපහු මුල ඉඳලා බලපන්.. ඔය ක්‍රෙඩිට් මාතා ගණන් ගන්නේ නැහැ. උඹට ඉස්සෙල්ලාම කමෙන්ට් එකක් දාලා තියෙන්නේ ඇනෝ කෙනෙක්. ඊට පස්සේ අද නොලියන "සයිලන්ට් සහන්". මම නිකන් ලිව්වේ. මම වැරදිනම් හදපන්!!!

      Delete
    3. නෑ අරූ අයියෙ, පෝස්ට් පිළිවෙලෙට බැලුවොත් ඒක හරි ඇති ඒත් කමෙන්ට් වැටිච්ච පිළිවෙල අරකයි. මගේ මුල් කමෙන්ට් එක මාතලන් අයියගෙන් 20/09/2013 උදේ වැටුන තුන් වෙනි පෝස්ට් එකට. ඊට පස්සෙ ඔයාගෙන් දෙවනි එක වැටුනා එදාම හවස දෙවනි පෝස්ට් එකට.

      ඔය ඇනෝගෙ එක මේ අවුරුද්දෙ වැටිච්ච එකක්.

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි...ඉෂාන්..

      Delete
  8. මිලියනයක්
    මහිතනව මෙය ඔබගේ
    ලිවීමේ කලාවටත්
    කැපවීමටත්
    ලැබුණු දිරිමත් කිරීමක්

    නොවක් ශුභ පැතුම්!

    ReplyDelete
  9. මිලියනයට මගේ සුභ පැතුම්!

    මා ගැන ලිවීම ගැන ස්තුතියි.

    මං මේ වගේම සංවත්සර කතන්දරයක් දාපු දවසක මාතලන් කියා තිබුණා මා බ්ලොග් ලොව රජා සහ ඔබේ ගුරු ජී කියා. එදා එයට මං දුන්නු උත්තරේ මගේ හිතට ආපු හොඳම උත්තරයක්.

    මෙන්න මෙතනින් බලන්න.
    http://kathandara.blogspot.com/2012/10/no-advertisements-here-yet.html?showComment=1350572358180#c4905810589607789074

    ඒකමයි අදත් කියන්න තියෙන්නේ....!!!

    මාතලන් සිංහල බ්ලොග් අවකාශයේ කැපී පෙනෙන වෙනසක් කළ බව ඉතා පැහැදිලියි. සමාජ ප්‍රශ්ණ වල පසුබිම ගැන ඔබේ දැනුම ඉතා ඉහලයි. මාතලන්ගේ දේශපාලන අදහස් සහ මතිමතාන්තර බොහෙමයකට මං එකඟ වෙන්නේ නෑ. ඒක වෙනම වෝල්ටෙයාර් ලා ගේ කතාවක්.

    මාතලන් ගේ සින්ඩිය තුලිනුත් ලියන කියවන අයට සේවයක් වෙනවා. මටත් සෑහෙන පාඨකයෝ ආවා ඒ හරහා.

    මෑතකදී එළියට ආපු ඔබේ ලොකුම වරද ලෙස මා දුටුවේ නැට්ටට තද වීමයි.

    මං හිතන්නේ ලබන අවුරුද්දේ (2015) ජීවන මගේ සන්ධිස්ථානය පසු කරන කාලේ වෙන කොට ඒක හරියයි!

    තවත් කාරණයක්.

    අර කටයා ගැන ඔබේ ලිපියේ තිබුණු කරුණුවලට මා විරුද්ධ වීම සහ මාතලන් ජුජක බමුණාට සහ වෙස්සන්තරට විරුද්ධවීම එක හා සමානයි.

    හිතා බලන්න.

    මං ඔය කටයා ගේ කේස් එක පස්සෙත් ඇද්දා!

    නැවතත් මගේ සුභ පැතුම්!

    සැප සතුට ජය පතමි.

    ReplyDelete
    Replies
    1. නැවතත් ස්තූතියි කකා.... අපි හිතනවා බ්ලොග් සක්විති ආයෙත් එයි කියලා.. රාවණා වගේ...

      Delete
  10. සුභ පැතුම් බොක්කෙන්....... බොක්කාට.......!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොක්කෝ... උඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා..

      Delete
    2. ඉදපන් බං ....කියවන්න පෙර පැතුවෙ ....!!!

      Delete
  11. එහෙනං ඔන්න අපෙනුත් සුබ පැතුම්.තවත් දශලක්ෂයකට යන්නට ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ... උඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා..

      Delete
  12. මගේ සුබ පැතුමත් පිළිගන්න ,,
    මං හැමදාමත් ස්තුති කරනවා අපේ අලුතෙන් එන සෙට් එකට ඔයාගෙන් ලැබෙන උදව් වලට, අපේ බ්ලොග් සින්ඩියේ දාලා අනිත් අය අතරට යවපු ඒවා අපිට අමතක වෙන්නේ නැහැ,, ගොඩක් නිර්ලෝභී , අව්‍යාජ සහ කටට එන එක එහෙම්ම කියලා දාන ඔබේ ගති ගුණ වලට මං ගොඩක් කැමති ,,
    මුල් කාලේ ඔයාව හිතේ මැවිලා තිබ්බ රූපේ හරිම කේඩාරී කළු,, උඩුරවුල වවපු මරුමුස් කෙනෙක් විදියට , ඒ පෝස්ට් සහ කමෙන්ට් කියෝලා,, ඒත් දැක්කට පස්සෙනේ දන්නේ සෝස පාට බෝලයක් කියලා සුද්දෙක් වගේ,,
    මගේ ජීවිතේට ලැබිච්ච වටිනම පොත් තුන මට ලැබුනෙත් ඔයාගෙන් ,,ඒ වගේම ලැබෙන්න ඕනේ,, හොදම වයසේදී ලැබුණේ, ස්තුතී,,,

    //පොරක් වෙන්නේ, කලින් පටන් ගත්ත නිසාවත්, ඉස්සර ඉඳලා ලියන එකෙන්වත් නෙමෙයි. ලියන දෙයින්. //// මේ වගේ අදහස් ඇතුව ජිවත් වෙන ලියන ඔබට සදා ජය ,,,

    (මං පෝස්ට් එකක් දාන්න හැදුවේ මං ලියන එක නවත්තන්න එතකොට පෝස්ට් එක දැක්කේ)

    ReplyDelete
    Replies
    1. ලියන එක නවත්තන්න නම් එපා ජීවීතේට.. ඒක ජාතික අපරාදයක්.. නිලියන මේ කාළෙත් තාම කතා බහට ලක් වෙනවා කියන්නේ, මේකේ සළකුණ තියලා එවරයි.. ඉඳගෙන.. ලියන්න..

      Delete
  13. හදවතින්ම සුබපැතුම් !!! තව තව ගුරුහරුකම් දෙමින් බ්ලොග් ලොවේ වැජඹේන්නා ශක්තිය
    ලැබේවා !!

    ReplyDelete
  14. එලම කිරි. තව බොහෝ කාලයක් මෙලෙසම ලියන්න.

    ReplyDelete
  15. මම එනකොට 999404. සුභපැතුම් මාතේ. ආයේ ඇවිත් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.. උඹ වගේ උන්ගෙන් මීට වඩා යමක් බලා පොරොත්තු උනා..

      Delete
    2. මේ පාර බලනකොට 999832යි.

      මිලියනයක් පන්නනවා කියන්නේ බ්ලොග්කරණයේ සුවිශේෂී මංසන්ධියක්. එහෙමත් කෙනෙක් තමයි ඔච්චර දුර යන්නේ.

      මම පහුගිය අවුරුදු දහය තිස්සේ හවසට ජොග් කරන්න යනවා. මේ කිසිම වෛද්‍ය උපදේශයක් නිසා නෙවෙයි. මම පොඩි කාලේ ඉඳලා ශාරීරික ව්‍යායාම වලට කැමති නිසයි. ඉතින් මාත් එක්ක මේකට සහභාගිවුණු, මම එහෙම කරනවා දැකලා සහභාගි වුණු කිසිම කෙනෙක් අද දකින්න නෑ ට්‍රැක් එකේ. ඒ වගේම අලුතෙන් එකතුවෙන ජොගර්ස්ලා ප්‍රමාණය සීයට හැත්තෑපහකින් විතර වැඩි වෙලා හන්දා පොඩි තදබදයකුත් තියෙනවා. සමහරු ආපු ගමන්ම කිලෝමීටර් දහයක් කරන්න යනවා. සමහරු දුවනවා. සමහරු සතියේ දවස් හතම එනවා බ්‍රේක් එකක් නැතුව. හැබැයි මේ කාටත් පොදු එක දෙයක් තියෙනවා. ඒ තමයි වැඩි කාලයක් කරන්නේ නැතිකම. ඒ කියන්නේ ටික දවසකින් නිකම්ම හැලිලා යනවා. එහෙම නැති උන් ඉන්නේ තුන් දෙනෙක් විතර තමයි.

      ඕකට කියන්නේ slow and steady wins the race කියලනේ. ජිම් යෑමත් එහෙමයි. එයරොබික්ස් ක්ලාසස් යාමත් එහෙමයි. බ්ලොග් ලෝකෙත් එහෙමයි. ලොකූ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න ලේසියි. පවත්වාගෙන යෑමයි අමාරු.

      ආවට වඩා වැඩි දුරක් යන්න ශක්තිය ලැබේවා උඹට.

      Delete
    3. දැන් තමයි හිත පිරුනේ.. උඹ ආයෙත් ලියන එක ගැන පට්ට සතුටුයි.. ඇන්ඩියා ගෙනාපු එකට ඊටත් එහා සතුටුයි.. උඹ දැක්කද ලෝකල් ඇන්ඩි නංගිගේ අළුත් එක.. පට්ට කියන්නේ.. වල්ල පට්ට.. ඇන්ඩිත් බය වෙනවා දැක්කා නම්..

      Delete
    4. >>උඹ දැක්කද ලෝකල් ඇන්ඩි නංගිගේ අළුත් එක<<

      ඒ මොකක්ද මචං?

      Delete
    5. http://bassigenawathana.blogspot.com/2014/07/mission-hiding.html

      Delete
  16. බොක්කෙන්ම සුභ පැතුම් මාතලන් අයියෙ..
    තව බොහෝ කාලයක් වැජඹේවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ටුවරිස්ට්...

      Delete
  17. අපෙ අප්පච්චිත් 50ස් ගනන් වල බ්ලොග් එකක් කලානෙ. ගිය අවුරුද්දෙ මලා.
    සුබ වේවා!

    ReplyDelete
    Replies
    1. පව් අප්පා.. ඉන්න තිබුනේ තව සීයක් දෙසීයක්.. තෑන්ක්ස් කිව්වා...

      Delete
    2. දැන් මම මේ ඇනොගේ මැරිච්ච යාළුවො නෑදෑයෝ ගණන් බලාගෙන යනවා.දැනටම නමදාස් ගානක්.

      Delete
    3. ඔහම යනකොට ඇනොගේත් මැරිච්ච ගාන මිලියනය පනි. (අන්තිමට එක හිට් එකක් මදිවෙලා ඇනො මලා)

      Delete
  18. උණුසුම් සුභ පැතුම්!

    මම හිතන්නෙ උඹ වගේ ජවයකින්, විවිධ මාතෘකා ගැන කතා කවි ලියපු වෙන කෙනෙක් බ්ලොග් වල නෑ. කොටින්ම ඒ පැත්තෙන් කතන්දරත් ඉන්නෙ උඹට පිටිපස්සෙන්. උඹෙ සාර්ථකත්වය ලිපි ප්‍රමාණය වගේම කොලිටිය සෑහෙන්න පවත්වාගෙන යාම, විශේෂයෙන්ම අර විමළනාත් ස්ටයිල් එකේ උපහාස ඉතාම රසවත් නිර්මාණ.

    ඒ එක්කම පහුගිය මාස දෙක තුනක ඉඳල උඹ ගැන ඉරිසියාවෙන, කටුව ගහන්න බලන පිරිසක් ඉන්නවාය කියන දේ ගැන නිතර කියනව, ඒ ගැන වද වෙනව, ගෙම ඉල්ලනව සහ ඒ සම්භන්ධ උඹෙ ප්‍රතිචාර නිසාමත් සමහර ඇනෝ ප්‍රහාරයට ලක් වෙනව.

    මාතලන්ගෙ අපූරු හැකියාව සහ ජවය නිසඟයෙන්ම ඇතිවෙන දෙයක් නිසා ඒ පැත්තෙන් අඩුවක් නැතිවෙනව උනත් උඹෙ සාර්ථකත්වයෙ උපරිමය සහ ඒ මත රැඳී සිටීමේ හැකියාව තීරණය වෙන්නෙ ඔන්න ඔය දෙවනි කාරනාව උඹ කළමණාකරණය කරගන්න මට්ටම මත කියලයි මම හිතන්නෙ.

    එහෙනම්, මිලියන දෙකට අවුරුදු දෙහෙකදි ලඟා වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.. මල පැන්න එකෙන් බ්ලොග් සක්කිලියෝ කීප දෙනෙක්ම අඳුන ගන්න ලැබුන එක ළොකු දෙයක්.. ඒ නිසා ඒ ගැන මගේ කිසිම පසු තැවීමක් නෑ..

      ඒ වගේම අනාගතෙත් එහෙම උනොත් කළබල වෙන්නත් එපා. අපේ සමාජයට ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්නෙත් ඔය වගේ බුලත් හපයෝ නිසා. උන් පාර්ලිමේන්තුවේ ඉඳලා සමාජයේ හැම තැනම ඉන්නවා. උන්ට නම් මගේ කිසිම අනුකම්පාවක් නෑ..

      බොහොම ස්තූතියි සිංහයෝ...

      Delete
  19. බොක්කෙන්ම සුභ පැතුම් මාතෙ.උබ මෙකෙ මොඩ්ල් එකක්.ආයෙ එකෙ දෙකක් නැ.කුනු කෙස් මැදට අතදාන එක පොඩ්ඩක අඩුකොරහන් අයියෙ.කොච්චර තදට වාදෙ කලත් අනික් මිනිහ වැටුන කියල උබ පහලට බහින්න එපා.උබ ඉන්නෙ උඩ.එතන් ඉදහන්.උබ බැහැල ගෙම ඉල්ලනකොට අපිටත් පොඩි හිතෙ අමාරුවක් එනව.මෙක ඉල්ලිමක් විතරයි සහො.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දමිතයෝ... මම දන්නවා උඹලා වගේ හැදියාවක් තියෙන මිනිහට රිදෙනවා ඒක සාදාරනයි. ඒත් ඉස්සරහටත් ටයි කෝට් දාලා ඉන්න ගෝත්‍රිකයන්ගේ රෙදි ගලවන එක නම් නවත්තන්නේ නෑ. මොකෝ මේකේ එකෙකුටවත් ඉන්න වෙන්නේ නෑ උන් රජ උනොත්. පැරා නිකන් උන්ව ෆෝම් කරනවා..

      Delete
  20. බොක්කෙන්ම සුභ පැතුම් මාතලන් අයියේ.දැකලා කතා කරලා නැති උනාට ලියන එව්වා වදිනවා බොක්කටම.කාලීන ප්‍රශ්න ගැන කතා කරන ඔයාල වගේ මිනිස්සු හරි අඩුයි.සෙලබ්‍රේට් කරන ෆොටො එකට අශෝක වීදුරුවක් දැම්මොත් මොකෝ.එතකොට තමා ඇඟට දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අද කලින්ම අනුමත උනා.. බොක්කක් නිසා.. බොහොම ස්තූතියි මල්ලියා...

      මිලියනර්ස්ලා අශෝක ග්ලාස් එකේ ගහන්නේ නෑ..

      Delete
    2. යකෝ මූ දෙන ටෝක්ස්!!!!!!!! :D අනුමත වෙලා කිව්වනෙ සංතෝසයි

      Delete
    3. දැන් දෙන්නේ තවුසන් ටෝක්ස් නෙමෙයි... මිලියන් ටෝක්ස්... :)

      Delete
  21. හලෝ මාතලන්,

    මටත් හරි සන්තෝසයි. අනික මාතලන්,රාජ් සහ හැලපෙ තමයි මම කියවන සහ කැමතිම බ්ලොග්. මොකද අපේ ඇනෝලගේ කොමෙන්ට් වාරණය කරන්නේ නැතිව දානවනේ. අනික මාතලන් මම හරි කැමති හැමෝම සතුටින් ඉන්නවට. කවුරුත් දුකෙන් ඉන්නවට,කට්ටිය රණ්ඩු වෙනකොට මම ආසා නෑ.

    ඉතිං මාතලන් අද දවල් එකට ට විතර මම ඔපිස්‌ එකෙන් පැනලා ගියා බියර් කෝප්පයක් බොන්න. ඊට පස්සේ එක දෙක වෙලා බියර් ලීටර එක හමාරේ ලොකු ජෝග්ගුවක්‌ම බිලා, බත් ඩිංගකුත් කාලා එලියට ආවේ. එතකොට වෙලාව දෙක විතර උනානේ. ඊට පස්සේ මම ගොලිප් එකකුත් පත්තු කරන් ගියා රන්ජා ෆිල්ම් එක ආයේ සැරයක් බලන්නං කියලා. එතකොට එතන හිටපු මහත්තයා මට කිව්වා අද ඒක පෙන්නන්නේ නෑ,හෙට වෙන ෆිල්ම් එකක් පෙන්නන්න හෝල් එක ලෑස්ති කරනවා කියලා. ඉතිං මම අයෙ ඔපිස්‌ ගියා.

    දැන් නං මේ ගෙදර ඇවිත්,නාලා, බත් ඩිංගක් එහෙම කාලා ගොලිප් එකකුත් පත්තු කරන් ආවේ අපේ රාජ්ලා,හැලපෙලා, මාතලන්ලා අලුතින් පොස්ට් දාලද කියලා බලන්න.

    එහෙනං මං පස්සේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. හලෝ ආතල් ඇනෝ,
      මිලියනයට වඩා සතුටුයි උඹ දැක්කම. මාත් පෝස් එක පබිලිස් කොරලා, යාලුවෙක් එක්ක පොඩ්ඩක් අනුමත වෙලා ආවා. පොර ගියා බී ඇම් අයි සී ඇච්, ප්‍රේමකීරිති සෝ එක බලන්න.. නෑ නෑ ජනාධිපතිතුමා නෙමෙයි. වෙන එකෙක්..

      ඔය හෙට එන්නේ මම හිතන්නේ ඇහැලේපොල කුමාරිහාමිද කොහෙද.. මම දැක්කා ජැකා ඒකෙත් ඉන්නවා. ඌ නැතුව මොන ෆිල්මද අප්පා.. මමත් මේ ගෝලිප් කන ගමන්.. පොඩි බ්‍ර\අන්ඩි කොටයක් තිවුනා ඒක හිස් කරනවා..

      Delete
    2. ආ යාලු ඇනෝ,යකෝ කෝප්ප ජෝගු වලින් බියර් බීපු කාලයක් මතක නෑ බං.ඇනෝට මොන ජොලිද.

      Delete
    3. @ ආදර ආතල් ඇනෝ.......
      ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
      කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ
      කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
      මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

      ගායනය, සංගීතය, ගී පද - එම්.එස්. ප්‍රනාන්දු
      එම්.එස්. ප්‍රනාන්දු

      Delete
    4. ඇනෝ මිත්‍රයා,
      මම කිව්ව හවසට උඹත් එක්ක එනව කියල. අද ‍බොමු මාතගෙන්.

      Delete
  22. මාතලන්..මම මේ කොමෙන්ටුව දාන කොට 999594 යි..

    කමක් නැහැ..

    දසලක්ෂයට මගේ උණුසුම් සුබ පැතුම්.

    මේ වෙලාවේ මම මෙතන ලියන්නම ඕන දෙයක් තියෙනවා..

    මම බ්ලොග් වලට අඩිය තියන්නේ ගිය අවුරුද්දේ ...
    එත් ඊට කලින් බ්ලොග් කියල දන්නේ නැතිව ගොඩක් බ්ලොග් පොස්ට් කියවල තිබුනා..

    විවේකෙන් ඉන්න වෙලාවට බුකියේ රස්තියාදු ගහල ගහල ඇති වෙලා තමයි වෙන අතක් බලාගන්න කියල හිතුනේ..

    එතකොට තමයි බ්ලොග් ගැන මතක් වුනේ..

    මගේම කියල බ්ලොගක් අටවන්න දඟලපු දැඟලිල්ල අහවර වුනේ සීමිත නැවතුම පටන් ගත්තයින් පස්සේ.

    ඕක පටන් අරගෙන පොස්ට් දෙකක් තුනක් දානකන් සින්ඩි කියන නාමයක් අහල තිබුනේ නැහැ.

    මොකක්දෝ බ්ලොගක් කියවන්න ගිහින් තමයි සින්ඩි කියල දෙයක් ගැන දැනගන්න ලැබුනේ.

    මාතලන් සින්ඩිය වගේ තව දහ පහළොවකට ගොඩ වෙලා රික්වෙස්ට් දැම්ම.

    මුලින්ම මාව සින්ඩියේ එල්ලලා මට ඊ ලිපියකුත් එවල බ්ලොග් ලෝකේ මුල්ම සප් එක දුන්නේ මාතලන්.

    එක තමයි තාමත් මගේ බ්ලොගේ අනිත් සින්ඩි ඔක්කොම එක තැනක තියලා මාතලන් සින්ඩිය වෙනම උඩින්ම දාල තියෙන්නේ.

    මාතලන් ගේ පොස්ට් කිසිම වාරණයක් නැතිව බොරු මවාපෑම් නැතිව හිතට අවංකව බොක්කෙන්ම ලියල තියෙන නිසා නවතින්නේ නැතිව කියවන්න පුලුවන්. මට වගේම බොහෝ දෙනෙක්ට ඒ හැකියාව මාතලන් තරමට පොලිෂ් කරගන්නන තව කල් යනවා.

    මගේ පොස්ට් එහෙක මාතලන් කමෙන්ට් කරලා තියෙනව කියන්නේ ඉතින් ආයේ අහන්න්ද්දෙයක් නැහැ දෙය්යෝ බුදුන් දැක්ක වගේ.

    කතන්දරත් රහත් වුණු එකේ මාතලන් ඉන්න එක අපිට ලොකු හය්යක්.

    මාතලන් ගේ ගුරු මුෂ්ටියෙන් තොර උපකාර ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා.

    බ්ලොග් ලෝකේ ඇතුලේ සුබ අනාගතයක්..

    ජයෙන් ජය...!!


    ReplyDelete
    Replies
    1. අනිවා... එකෙන්ම ෂෙහාන්

      බොහොම ස්තූතියි...

      Delete
  23. උණුසුම් සුබපැතුම් මාතලන්..!!

    ReplyDelete
  24. 999677

    මාතලන් ගේ බොගිය කියවන්න මං හිතන්නෙ මං පටන් ගත්තට පස්සෙ මං හිතන්නෙ මං දිගටම ආවා,මාතලන් ලියන සමහර දේවල් උස්සලා පෙන්නන චරිත ගැන තියෙන්නෙ මගේ වෙනම අදහසක්,මුලදි මට මාතලන් නිකන් හැරෙන හැරෙන පැත්තට කතා කරන පොරක් වගේ දැක්කෙ ,හැබැයි සමහර දේවල් වලදි මං දිගටම මාතලන් කියන දේවල් දිහා බලන් හිටියේ මතය වෙනස් කරයි කියලා...අදටත් එ දිහා බලන් ඉන්නෙ :)) .අපි බොගි ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව ඉන්න වෙලාවක බොගි ලියන්න පාඩම් ටික ලියපු එකම ලොකු දෙයක්.අද එක නිසා කී දෙනක් ලියනව ද ?.......මට නම් මුලදි උදව් කරේ ඔමායා අක්කා තමයි ...

    මාතලන් දිගටම ලියන එක ලොකු දෙයක්,මොකද අනික් අයගේ බොලොග් කියවලා කමෙන්ටුවක් දමන ගමන්ම ලියනවා කියන එක හැමොටම කරන්න බෑ මට හිතෙන විදිය.අනික ජවය තියාගෙන ලියන එක ,සාමාජ දැනුම මෙවා අගයන්න ඕන දේවල් .....හැබැයි හිටි ගමන් මෙලෝ රහක් නැතුව එහෙට මෙහෙට කෑ ගහපු වැඩ නිසා මගේ හිතේ මාතලන් ගැන තිබණ ඉඩ අඩු වුනා.,හැබැයි එහෙම වුනත් මාතලන් ගේ අදර්ශයට ගන්න දේ බොහොයි ...

    මාතලන්ට දිගටම ලියන්න ජවය ශක්තිය නොඅඩුව ලැබේවා !!! ම්ලියන දෙකත් ඉක්මනින් සමරන්න ලැබේවා .....

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි සහෝදර.. ඔයාලා හිතන ජාතියේ රටක් නෙමෙයි මේක.

      බොහෝම ස්තූතියි..

      Delete
    2. හැක් මං හිතුවා මාතලන් පොඩ්ඩක් සැර දෙයක් කියයි කියලා ,මාතලන් //ඔයාලා හිතන// මෙහෙම කිව්වෙ ඇයිද දන්නෙ නෑ ...

      මාතලන් තවම පරිණත වෙලා නෑනේ කකා ගේ ෆොටෝ දෙක දැන්නෙ හරියට දැක්කෙ

      දවසක මාතලන්ව හබ්බවෙලාම කතා කරන්න පුළුවන්ව්එ වෙයි ...(අද මෙහෙම කමෙන්ටු දැම්මට සමාවෙඩ ඈ ) මං ගියා ...............................................

      Delete
  25. මේක ඉතාම අසීරු ඉලක්කයක්. මේ ඉලක්කෙට ළඟාවුනු තවත් එකෙක් තමයි සඳරු. හිස අහස දැන් ලක්ෂ දතුනත් පැනලා.

    ප්‍රවීණ බ්ලොග් කරුවන් මේ සොඳුරු ලෝකය අතෑරල යනවා. එහෙව් එකේ මාතලන් අයියණ්ඩිට හදපුරා සුබපතනවා මේ බ්ලොග් ලොව තව චිරාත් කාලයක් රැඳී සිටීමට ශක්තිය ලැබෙන්න කියලා.

    ජයෙන් ජයම වේවා ඔබට!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු සඳරු අමතකම උනා.. ඌ ගැන පෝස්ට් එකේ ඇඩ් කරන්නම ඕන..

      ස්තූතියි මලේ...

      Delete
    2. සදරෑ ඌ හින්දා තමයි බොලොග් ගැන දැන ගත්තේ.

      Delete
  26. මං එනවා පස්සෙන්
    අල්ලනව උඹව කොහොමහරි
    තව ලස්ස හතයි

    ReplyDelete
    Replies
    1. අපෝ සිම්පල් කේස් එකක්.. මටත් ඉතින් අවුරුදු තුනක් විතර ගියා.. අවුරුද්දක්ම විතර ලියලා නෑ...

      Delete
  27. බොහෝම සංතෝෂයි මචං... ඒ වගේම මේ ගැම්ම මෙහෙමම තියාගෙන තව කාලයක් ලියන්න හැකියාව ලැබේවායි කියලත් පතනවා...

    උඹ ගැන මගේ හිතේ තියෙන දේ කියනවනං.. :D මට උඹව සත පහකට විස්වාස නැහැ... උඹේ අර ගරිල්ලා මාකටින් කතාව අහපු දවසේ ඉදන් මං උඹ දිහා රුයිතෙටම තමා බලං ඉන්නේ... කොටින්ම උඹ මහින්ද අයියව උඩ දාන එකටත් මං බොහෝම බයයි.. උඹ උඩ දාලා දාලා ඔය මනුස්සයව පොලවේ ගහන්න වෙලාවක් එනකල් හොරගල් අහුලනවා කියලමයි මංනං හිතන්නේ... හැබැයි උඹ බොක්කෙන්ම මෑන්ව උඩ දානවා කියලා හිතාගෙන සමහර ඇනෝලා උඹවත් මහින්ද අයියගේ ගෝලයෙක් කියලා හිතලා පට්ට ගහන කොට මට ඒ අය ගැන පුදුමාකාර කණගාටුවක් දැනෙනවා... :D සිරාවටම මචං ඈ... ආයේ ඉතිං මෙහෙම වෙලාවක අපි ඇත්තම කියන්ට එපෑ...
    හැබැයි මොන මගුල කලත් උඹ ලියන විදියටයි.. බ්ලොක් එක වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන එකටයි මං පට්ට කැමතියි... උඹ ලියන දේවල්වල සහ උඹ දරන අදහස්වලින් සමහරක් ගැන මං එකඟ නැහැ වගේම උඹේ ඇතැම් අදහස් සහ උඹ සමහරක් තැන්වලදි හැසිරෙන ආකාරය ගැන මට සංතෝෂයි... සමහරු කට්ටිය තරහා වෙයි කියලා හිතලා බොරුවට රඟන්න යද්දි උඹ හිතට එන පලවෙනි එකෙන්ම දීලා අදින ගතියට මං කැමතියි. ඒ අවංක ටෝක.. එහෙම දීලා ඇදලා පස්සේ බොරුවට ෂේප් න්‍යාය නොදා තමන් කල කී දේ වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්න එකත් අගට කරනවා.. ඒ සමහරක් දේවල් වලට මං කැමති නැති වෙන්න පුළුවන්.. ඒත් මගේ කැමැත්ත අකමැත්ත කොහොම උනත් උඹට උඹේ අදහස් කියන්න තියෙන අයිතියටයි ඒ වෙනුවෙන් පෙනී ඉන්න තියෙන අයිතියටයි මං ගරු කරනවා... ඔය හැම දේටම වඩා උඹ මේක අතාරින්නේ නතිව තව තවත් උන් මේකට ඇදලා දාගෙන වැඩ කරන එක තමා මටනං වටිනම දේ...

    බ්ලොග් කිව්වම ලෝකෙත් එක්ක ගත්තම විශාල කතන්දරයක් උනාට.. සිංහල බ්ලොග් කියන අතුරු කතාව ඒ මහා කතාවට වඩා අමුතුම කතාවක්... ඒ කතාවේ සදාකාලික වීරයෝ සහ හැමෝගෙම වන්දනාවට පාත්‍ර උන චරිත නැහැ.. කාලෙන් කාලෙට චරිත එනවා.. ඒ අයට පුළුවන් හැටියට මේ කතාවට ලස්සන අංග එකතු කරනවා... කතාව ලස්සන වෙනවා.. තව චරිත එනවා.. එයාලත් ඒ කතාවට තව තව දේවල් එකතු කරනවා... මේ විදියට එන අයගෙන් සමහරක් සෑහෙන කාලයක් කතාව තුල ඉන්නවා.. සමහරු ටික කලකින් නොපෙනී යනවා.. හැබැයි මේ හැමෝම මේ කතාව ලස්සන කරන්න දායක උන අය... ඉතිං මේ කාලේ කතාව ලස්සන කරන එක උඹ.. හැලපේ වගේ අය අතින් ලස්සනට කෙරෙනවා... වෙන්න ඕන එච්චරයි...

    හැකි තාක් කාලයක් මේක ලස්සන කරපං.... මෙන්න මගේ සුභ පැතුම්.. ඔන්න මං නැවතුනා...

    ඉෂ්ෂරා ඕල්ට් බහිනවා.... :D

    ReplyDelete
    Replies
    1. මම උඹට කැමති ඔය කොලිටිම උඹ ළඟත් අඩු වැඩි වශයෙන් තියෙන නිසා. මහින්ද මහත්තයට මම කැමති. මහින්ද මහත්තයා නොම්මර එකේ යූ ඇන් පී කාරයා නිසානේ. නැතුව ඉතින් සිරි ලංකා කාරයෝ නම් මට අරහං... උඹ ඇර..

      එයා බැස්සා...

      හරේ.................... යාං..................

      Delete
    2. Well Said Maaraya ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  28. Oba hari viurtakenek, awankawa katha karanawa, good luck

    ReplyDelete
  29. වැඩ ඇරිලා ඇවිත් බලනකොට මාතලන්ගේ පෝස්ට් එකක්.උඩින් පල්ලෙන් කියෙව්වහම මෙන්න බ්ලොග් මගෙ සන්ධිස්ථානයක්.ඒ ගමන සුබ පතල හවස ඇවිදින්න ගියා ගිහිං එනකොට මට පස්සෙ හාරසිය දෙනෙක් විතර බ්ලොගේ බලන්න ඇවිත්.කමක් නෑ කියල මාත් ආයෙම පහලින් කොටන්නං.
    මාතලන් කියන බ්ලොග්කරුවා මගෙ බ්ලොග් ජීවිතයට සෑහෙන සාධනීය බලපෑමක් කරපු දෙවෙනියා හැටියට හඳුන්වන්න පුළුවනි.පළවෙනියා අටමා.මම ලියල ලියල වැඩිපුර කාගෙන්වත් ඇල්මක් බැල්මක් නොමැතිව ඉද්දි මගෙ බ්ලොග ගෙනිහින් සිංඩියේ දාල අනවසරයෙන් සිංඩියේ එල්ලන ලදී කිව්ව දවසෙ මට හරි සතුටක් දැනුනා.මොකද එවැනි ප්‍රතිචාරයක් මට වඩා ගොඩක් පළපුරුදු බ්ලොග් කරුවෙක් වන ඔහුගෙන් මා බලාපොරොත්තු වුනේ නැති නිසා.කෙසේ වුවත් බ්ලොග් ලොව අළු බලු ගසා දාලා පාඨකයන් කියවන බ්ලොගක් කියන තැනට ගෙනෙන්නට මාතලන්ගෙන් ලැබුණු පිටුවහල කිසිදවසක අමතක කරන්න බැහැ.
    මෙහෙම කියපුවම උගෙ සුපුරුදු වදන් වන ගණන් ගන්න එපා මචෝ කියල කියයි මම දන්නවා.
    ඒ වගේම තවක් එක කරුණක් කිව යුතුමයි මාතලන්ට බ්ලොග් ලොව දිගු ගමනක් තියෙනවා එය පැහැදිලියි නමුත් මාතලන් තැන නොතැන නොබලා මිනිහා නොමිනිහා නොබලා කෙළගන්නට යාම නැවැත්තුව නං ඒ ගමන හරිම අලංකාර වේවි.
    කොහොමත් පළපුරුද්දෙන් අත්දැකීම් වලින් පූර්ණ වෙද්දී ඒ තැන්පත් බව නොමදව ලැබෙවියයි මා විශ්වාස කරනවා.ඉතිං වෙන මොනා කියන්නද බ්ලොග් ලොව හිත හොඳ මිනිහෙක් වන මාතලන්ගේ ගමන දිහා අපි දෑස් දල්වාගෙන බලා ඉන්නවා යයි කියමු.
    ඒක සැරයක් සුබ පැතුවා තව සැරයක් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. දැන් තමයි හිත පිරුනේ.. මම අර පොවල් වගයක් ගැන කිව්වා නේද...? මේ එකෙක්... අපි ගේම ගේනියමු.. අර ගති නම් නවතින එකක් නෑ.. ඒවා උපන් ගෙයි දෝස...

      Delete
  30. congratulations from Germany!!!/ Glückwunsch Aus Deutschland!!! Ranjan-Düsseldorf.

    ReplyDelete
  31. මාතා......

    කතා නොකර සිටියත් ගොළුවෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී....

    කියන්න දෙයක් නැහැ මාතා...උඹ බ්ලොග් ලියන එවුන්ට අත්වැලක්. පවුරක්!!!
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී....නෙමේ...ඒක අදට විතරක් වෙනස් කරමු...
    ///දාහක් දේ තිබේ කීමට ඩෝප් මදි ///කියලා...

    ReplyDelete
    Replies
    1. මාත් කලවමේ ගහලා ඉන්නේ.. අවුලක් නෑ මේ ඇති..

      අරූ - යුගාන්තයේ වර්ථමාන කර්තෘ

      Delete
  32. මට උඹත් එක්ක ඉරිසියයි බං... උඹට අම්බානකට හිට්ස් තියෙනවා.... මම දවසක ඕක හැක් කරලා හිට්ස් ටික මට දා ගන්නවා.....
    ඒකට නෙවෙයි මට ඉරිසියා. උඹ මොනවා තිබුණත් කොහොම හරි පෝස්ට් එකක් දාන්න වෙලාවක් හොයා ගන්න එක ගැන... කාල කළමණාකරණය කොහොම ඉගෙන ගත්තත් බ්ලොග් එක අප්ඩේට් කරන්න කාල කළමණාකරණය කරන්න ඉගෙන ගන්න නං කාලක්‍රියා කරන කල් බැරි වෙයිද මන්දා...
    කියන්න දෙයක් නෑ... බොක්කෙ පතුලෙන්ම සුබ පැතුං.... අද උදේ කතා කරලා කරපු උදව්වටත් ඉස්කෝතුයි...
    ‍පස්සෙ හම්බ වෙලා සැලිබ්‍රේට් කරමු...

    ReplyDelete
    Replies
    1. සුද්දා අලි බලලද මචෝ..

      එළකිරිස්.. උඹ බ්ලොග් ලිව්වත් දුක නෑ..

      මොකෝ ඒ කැපවීම උතුම්.. ජයම වේවා..

      ඔය කෙමිකල්ස් ටිකක් හම්බ උන වෙලාවක සෙට් වෙමු..

      Delete
  33. මට නම් මේ සිංහල බ්ලොග් රෙද්දෙ ...උඹ විතර ලොක්කෙක් මට නැත....
    තව සිත් ගත් ආමි කාරයෙකුත්....රැජිනිගේ පුතාට බත් කවපු කද දෙල් එල එකෙකු.... දයාල්... & ඔටු දේසේ ඉන්න සිංහය/දුකා ඇරෙන්න වෙන හුත්තල ...ඇට දෙක හන්ගෙගෙන කූරු පයියෙන් ගහන වේසිගෙ පුතාලය....පට්ට කෙල්ලො සැට් එහෙකුත් ඉන්නවය.... වෙන ...වෙන ම අනී ලට තුති කරන්න ගියොත් ....සමහරක් ගෝත්‍රික ...දොර ඇරගත්ත සිරා බුවාල කැත කතා කියන්න ඇහැකිය ....
    මට කියන්න තියෙන්නෙ ... මගෙ පියාගෙ ආයු කාලයත් අරගෙන උඹ අප එක්ක ඉන්න ඕන කියාය මචෝ....

    ReplyDelete
    Replies
    1. ඕන් බොක්කෝ මගේ බොක්ක පිරුණේ දැන්ය.. පට්ට පාලු වෙලා තිබුන සිංහළ බ්ලොග් කලාවේ රෙදි ගලවා කුඩු පට්ටම් කර පෙරලා දැමුවේ උඹය.. උඹේ නමත් මේකේ ලියවෙලා ඉවරයි බොක්කෝ...

      Delete
    2. @ මාමා ජී,

      //ඇරෙන්න වෙන හුත්තල ...ඇට දෙක හන්ගෙගෙන කූරු පයියෙන් ගහන වේසිගෙ පුතාලය...//

      අහෝ!
      මගෙ හර්දේ ගිනි ඇවිලේ.........

      බ්ලොග් ලොවදී දුටු ඔහුමද මේ ඔහුට ද මාආආආ..... අන්න්න්න්න්න්ධ වුනේ..........???

      මමා ජී ව්‍යංගයෙන් ෂොට් එක දෙන්නේ මම ජී, පේපර් භයියා,කාවා ජී ඇතුලු අපේ ප්‍රොෆයිල් නඩේට නෙවෙයි නේද?? (ජෝක් හේ!)

      සැ:යු:- මාතලන් සහබ්ට කාකා ජී තමන්ගේ ගුරු ජී වන්නේ යම් හෙයකින් ද එහෙයින්ම මාමා ජී පිල්ලියාගේ ගෝඩ් ෆාදර් ජී වන්නේය.........!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. කෙන්ඡි අයියන්ඞි මමත් උබෙි බොක්ක නොවැ

      Delete
  34. සුභ සුභ සුභ පැතුම් වේවා මාතලන් මාමේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නාඩියා... ඕල් ද බෙස්ට්... හැම දේකටම..

      Delete
  35. That Picture of "Lama kathandara" looks like the famous drug baron from Gampaha district.only a joke dear keep up your good work.good luck!

    ReplyDelete
  36. ඔන්න දැන් 999950යි
    මාතලන් අයියව අඳුනගෙන තවම මාසයක් වත් නෑ හරියටම සති තුනයි. (මම බ්ලොග් ලෝකෙට ඇවිත් මාසයයි)
    මේ ටික කාලේදී තේරුම් ගත්තු දේ තමයි මාතලන් කියන්නේ කක්කුස්සියේ දොර වහල අගුල දාල හුජ්ජ කරනව කියල පෙන්නලා අතේ ගහන ජාතියේ එකෙක්නම් නෙවෙයි කියන එක.

    මාතලන් අයිය ගේ බින්දු හයට වඩා මටනම් වටිනවා සින්ඩියේ තියන 178k එක
    මගේ ලාමක බ්ලොග් එකට එන තරමක් traffic එන්නේ ඕකෙන්. යාළුවො 1200 ක් ඉන්න පොතෙන්වත් ඔච්චර එන්නේ නෑ. අනික බ්ලොග් එක දාන්න ගියාම පඩත් නෑ. ඊය යවන්න කලින් බ්ලොගේ එක වැටිලා. හැම රෙද්දම ඉල්ලලා දහඅට කොන්දෙසියම දාල හතර වටේ පද ගඳ ගස්සල බ්ලොග් එක බාරගන්න උන්ගේ සින්ඩි වලින් පොස්ට් එන්නෙත් නෑ. අත්දැකීමෙන් කියන්නේ.

    සිංහල බ්ලොග් ලෝකේ GOD FATHER මාතලන් උනාට අපේ ලාමක බ්ලොග් වලටත් කොමෙන්ට් එක වරදින්නේ නෑ. මගේ එක පොස්ට් එකකට දාල තබුනේ "මදියි" කියල විතරයි.
    හැබැයි වචන 1000ක උපදෙසක් ඒ එක වචනයේ පිටිපස්සේ තියනවා.

    සුබපැතුම් සමග ටැංකු

    දැන් 999983 යි බින්දු හය වෙනකල් ඇහැරගෙන ඉන්නවා පොස්ට් කරන්න
    ( #ත්ත මේක යන්නේ නෑනේ)

    තව 5 යි තියෙන්නේ

    හරේ

    ReplyDelete
    Replies
    1. බොරු කෙරුවා නේද අපතයා.......

      Delete
    2. උඹ ලියන සබ්ජෙක්ට් එක පට්ට සබ්ජෙක්ට් එකක්. නමුත් මචෝ ඕක අර මියුසිකල් සෝ එකක් වගේ කලර්ෆුල් වෙන්න ඕන. තව විස්තර මදි.. ඔය වීඩීයෝ ඇඩ් කරලා පෝස්ට් එකක් දාන්න තියෙන අමාරුව මම හොඳට දන්නවා. මමත් හිටපු ගමන් ගීතයක් ගැන එහෙම ලියනවා. කාළෙකට කලින් සංගීතා කියලා බ්ලොග් එකකුත් කළා..

      දිගටම ලියපන්.. මම නම් සින්ඩි වලට දැම්මේ නෑ.. සින්ඩි මාව දාගත්තා.. "කොත්තු" ඇර..

      බඩු හොඳනම්.. කස්ටිය අනාරාධිතවම එන්නේ සූ ගාලා..

      Delete
  37. සුබ පැතුම් මාතලන් අයියා…!
    Palinda

    ReplyDelete
  38. මගේ කොමන්ට් එකට කලින් මේ ලින්ක් දෙක දාන්නම්.
    කතන්දරට වඩා බොහොම අඩු කාලයක් බ්ලොග් ලියලා ඩෑහෙන ප්‍රසිද්දියක් ලබාගත්ත කෙනෙක් තමයි කාන්චනා අමිලාණි කරුණාමුණිගේ හිතනලන්තය. ඇය ප්‍රසිද්ධ ලේඛිකාවක්.

    මෙන්න ලින්ක් එක. තින්ක්ලෑන්ඩ්

    අර මුලින්ම උඹගේ බ්ලොග් එකේ කොමන්ට් කලේ මට සිංහල උගන්වපු මගේ ගුරුවරිය විතරක් නෙමෙයි ඇයත් කාලයක් තිස්සේ මීඩියා ෆීල්ඩ් එකේ හිටපු දක්ශ නීතිඥවරියක්. හා මුල්ම සිංහල බ්ලොග් අවකාශයට එකතු වෙච්ච කාන්තාවන් දෙන්නගෙන් එක්කෙනෙක් (අනිත් කෙනා බෝ) ඒක මෙතන කියන්නේ ඒ කාන්තාවන් දෙන්න බොහොම ලොකු උත්සාහයක් ගත්තා සිංහලෙන් බ්ලොග් ලියන්න අනෙත් අයව උනන්දු කරන්න. (2007 හා 2008 මුල්කාලේ) මේව හයිලයිට් කරන්නේ ඒ ඒ කාලවල ඔවුන්ගේ කැපවීම හින්දා සිංහල බ්ලොග් කලාවට බොහෝ දේවල් ලැබුනා. අවාසනාවට අද ඒ අය අවාරෙට විතරයි ලියන්නේ.
    මේ ඉන්නේ සූ
    හද බිඳි සර

    මේ ඉන්නේ බෝ අනිත් කොණ

    ReplyDelete
    Replies
    1. මම හිට්ස් බිට්ස් ගැන සාමාන්‍යෙන් සුභ පතන කෙනෙක් නෙමෙයි. ( ඒක ලොකුකමකට එහෙම නෙමෙයි. ඒවගේ දේවල් වල මහලොකු වටිනාකමක් මට නොපෙනෙන හින්දා.)
      ඒත් උඹට එහෙම නොකරනවා නම් ඒක කුහකකමක්.
      මොකද මාතලන් මේ කෙරුවාව ඇදගෙන යන්න, බ්ලොග් ලියන්නන්ව උණන්දු කරවන්න සෑහෙන ලොකු උත්සාහයක් ගන්නවා.
      ඒක අගය කළයුතුමයි.

      ඒත් (එහෙම නේද අර එම් ජී කියන්නේ)
      මේ බ්ලොග් අවකාශේ දේවල් වලට මරාගන්න එක නම් මහ විහිළුවක් මචං. උඹ හිත හොඳ එකෙක් හින්දා එහෙම කරනවා කියන්න අපි දන්නවා ඒත් දැන් අපේ වයසට ඒ දේවල් ඕනෙවට වඩා ඇඟට ගන්න එක මට නම් විහිළුවක්.
      අපිට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයයි (කියලා එමි ජී කියනවා ඇහුනා. )

      A Big Salute to U Mathalan......
      Thanks again....

      Delete
    2. කංචනා මම හැමදාම කියවන බ්ලොග් එකක්.. ඒ වගේම "සූ" ගැන දැන ගත්තේ අදයි.. බොහොම ස්තූතියි තොරතුරු වලට.

      ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය තියා මොන මළදානයක් වත් ගන්න බෑ සටන් නොකර. මම කරන්නේ ඒක. මට ඉමේජ් බිල්ඩ් අප් කරන්න ඕන නෑ. උඹ බලපන් මේකේ ලියපු කාන්තාවෝ බ්ලොග් වහලා දාලා ගියේ ඇයි. ගැණියෙක් නම් ඉන්න දෙන්නෙම නෑ. උන්ට උන්ගේ අම්මලා සහෝදරියෝ ගෑණි ඇර. මුලු ලංකාවෙම ගැනූ ගොන්නු, වේසියෝ.. එහෙම හරක් රැලක් තමයි මෙතන ඉන්නේ. ඉතින් උන්ට කෙවිටි පාර දීලා එලවලා දනවා මිසක්. මානසික ලෙඩ්ඩුන්ට මෙතන රජ වෙන්න දුන්නොත් නියමෙටම තියෙයි.. ඒ නිසා ඉස්සරහටත්, ජරාවට, අසාධාරණයට විරුද්ධව මාතලන් යකාම තමයි..

      තෑක්ස් මචෝ...

      Delete
    3. අනික් කොණ ලිව්වේ බෝ ද?

      මං මුලින් හිතුවේ කොල්ලෙක් කියායි, පසුව කෙල්ලෙක් කියා දැනගත්තා.

      නමුත් ඒ මං 2005 පමණ සිට දන්නා බෝ ය කියා මං අද වෙනතුරු දැනගෙන හිටියේ නෑ!

      Delete
    4. ඔව්. මුලින් ඇය ලීවේ කවියට පෙම් බැඳ. මම හිතන්නේ අනිත් කොණ ඇයගේ රාජකාරි ජීවිතය දොස්තර කෙනෙක් විදියට යුද මායිම් ගම්මාන වල සේවය ගැන ලියවෙන්නේ.

      Delete
  39. මිලියනයට රාජකීය සුභ පැතුමක්...1000000

    ReplyDelete
    Replies
    1. හික්ස්... බොහොම ස්තූතියි...

      Delete
  40. ආයිබෝං ලොක්කා …

    පත්තර මල්ලි ආවා .. ආයෙ මොනාද එක පයින්ම මගේ සුභපැතුම පිලිගං බොසා …

    අලුත් එකෙක් ලියන්ඩ එද්දි බකප් එකක් දීල , ආතක් පාතක් නැති අපිට ගුරුහරුකං දීල , දේසපාලනේ අඳෝසංසාරයක් නොදන්න අපිත් ඒකට ඉන්ටරෙස්ට් කරවල ගහන ගේම රෙෂ්පට් ආ …

    උඹේ හුටප්පර මතවාද ගැන මංඥං නැතුව නෙමේ.. එහෙම නැත්තං වැඩක් ඇතෑ.. ඒකනෙවැ බ්ලොග් වල අගේ.. මරාගමු එකෙන්ම… !!
    එක මිනියයි පෙට්ටි දෙකයි.. මල් වඩම් අනවශ්‍යයි.

    හැබැයි කොහිල කාහං බොසා.. වේලක් ඇර වේලක්වත්.

    මැරෙනකං පුලුවන්නං ලියහං .. අපි එන්නේ හූ කියාගෙන කියවන්ඩ. ඕ යේස්. කීවනං කීවා !!!!

    මෙන්න මගේ සුභපැතුම උඹට, ෂිංදු කෑල්ලකින්ම නිරංජලා සරෝජිනීගෙ..

    ඇතෙක් වගේ තනි මංසල - බයක් නැතුව යන්නයි
    පොතක් වගේ සතර දිගට - පෙනෙන්න බැබලෙන්නයි… !!!!!!

    ජය වේවා … සුභ ගමන් ලොක්කා. අපි ඉන්නවා ෂයිඩ් එකේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ උඹලගේ බැක් එකට. ඒවා බොහෝම වටිනවා.. මෑතකදි දැන හඳුන ගත්තත්.. මට උඹලා මගේම සහෝදරවරු වගේ..

      Delete
    2. පත්තර මල්ලි මගේ ප්‍රන්තේ එකා.

      Delete
  41. සුභපැතුම් මාතලන්...! නිතර කමෙන්ට් නොකලාට මමත් මඟ නොඇර කියවනවා... මාතලන්ගේ හොඳ සහ නරක හයිලයිට් කරන ස්ටයිල් එකට කමෙන්ට්ස් යන හින්දා මමත් ඒකම ෆලෝ කරන්නම්...

    හොඳ ගැන කිව්වොත් මම දකින ලොකුම දේ මෙහෙම ලොකු සීග්‍රතාවයකින් පෝස්ට් දාන්න මාතලන්ට ජින්තු තියෙන එක... කරන්න පුද්ගලික වැඩ දාහක් තියෙද්දීත් ඇබ්බැහිකම හින්දා බ්ලොග් අතාරින්න බැරුව කියවන මම වගේ කෙනෙක්ට ඒ නාස්තිකරන කාලයට වටිනාකමක් එකතුකරන එක ගැනත් සතුටුයි... මාතලන්ගේ පෝස්ට් කියවලා සමාහර දේශපාලන සහ කාලීන සමාජ කාරනා ගැන අලුතෙන් හිතන්න පෙළඹුන බවත් ස්තුති පුර්වකව කියන්න ඕනේ...

    නරක ගැන කිව්වොත් මට වැටහෙන විදියට ලොකුම අවුල මාතලන්ගේ හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ගතිය... විනයක් නැති ගෝත්‍රිකයින්ව පෙන්නන්න බැරි මාතලන් විටෙක ඊටත් අන්ත ගෝත්‍රික විදියට හැසිරෙන පරස්පරයක් සමහර අවස්තාවල මට පෙනුනා...

    දිගටම ලියන්න ශක්තිය පතමි..!

    ReplyDelete
    Replies
    1. මේ රටේ එහෙම නැතුව ජීවත් වෙන්න අමාරුයි බීට්ල්. මම රජ මැදුරේ ඉඳලා කාපිරි මුඩුක්කුවත් හොඳට දන්නවා.. ඒ හැම තැනම මේ දේ පොදුයි.. එහෙම බැලුවම මේක තනිකර ගෝත්‍රික සමාජයක්.. ඒකේ යක්කුන්ට දොල පිදේනී දීලා සතුටු කරන් තුරුලු කර ගන්න මම කැමති නෑ.. ඒ නිසා දහ අට පාලියම නටලා, දෙක කරලා, යක්කු එලවලාම දානවා.. නැත්නම් අපි හැමදාම ළිදේ....

      ගෝත්‍රිකයන්ට බණ, දේශනා, තුන් සූත්‍ර තේරෙන්නේ නෑ.. උන්ට කතා කරන්න වෙනම භාෂාවක් තියෙනවා.. Thanks a lot

      Delete
  42. තවත් දිගු කලක් යෙහෙන් වැජබෙන්නට මගෙනුත් සුබ පැතුම් ඔබතුමාට...මාත් සින්දියකට කියල මුලින්ම දැමුවේ ඔබේ සින්ඩියට තමා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ආචාර්ය තුමා...

      Delete
  43. සුභ පැතුම් මිලියනයට!! ඇතැම් කාලවල ඇතැම් වෙලාවල් වලදී මං වෙනුවෙන් නැගී හිටියා මතකයි. ස්තුතියි. නොලියවුනාට කොමෙන්ට් නොකලාට හැම ලිපියම වගේ කියවනවා.. කියවන පුරුද්ද නම් තාම තියනවා.. මා එක්ක සමකාලීනව ලිවිල්ල පටන් ගත්තු අයගෙන් ලියන්නේ කිහිප දෙනයි. හැබැයි ලියන කිහිප දෙනා ගිහින් තියෙන දුර ගැන ඇත්තටම සතුටුයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සබිත් දැක්ක කල්.. උඹ කවද්ද බං ආයේ මෙහේ එන්නේ.. සිද්ද වෙන දේවල් වල හැටියට එන්න හිතෙන්නෙත් නැතිව ඇති නේද? උඹගේ වැඩ කටයුතු වලටත් සියළුම ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...!!!

      Delete
  44. සුභ පැතුම් මාතලන්,,මුල්ම කාලෙ ඉදන්ම එන බ්ලොගක්,,කමෙන්ට් කරනවා නම් අඩුයි,,සමහර දවස් වලට ඇනෝ දාලා ගිහින් තියේ,,,බැනලා නම් නෙමේ ඔන්න...තවත් කාලයක් ඉන්න ලැබේවා කියලා පතනවා,,කමෙන්ට් නොකලට අනිවා පෝස්ට් එකක් ආවම බලන බව කියලයි යන්නෙ
    හික්ස් මමත් පටන් ගත්තෙ ඔය කාලෙමයි,,තාම පෝස්ට් 100 එන්නවත් බැරි උනා,,,,මාසෙට එකයි නේ ලියන්නෙ

    ReplyDelete
    Replies
    1. එකක් ලියන එකත් ළොකු දෙයක් නේ.. මම පටන් ගත්තේ ඩේටා එන්ට්‍රී ඔපරේටර්.. ඒ නිසා ස්පීඩ් ටයිප් කරන්න පුළුවන්.. මේ වේගයට හේතුව ඒකයි.. වෙන කිසි දෙයක් නෙමෙයි..

      බොහෝම ස්තූතියි...

      Delete
  45. සුබ පැතුම් මාතලන් අයියේ.. අපි දෙන්නම සමකාලිනයෝ වෙච්චී.. ඔන්න ඔය හිට්ස් අත ඇරලා දාලා අනික්වා එක්ක බලමු ඈ.. මට සැජ්ජයි..

    කාලයත් එක්ක බ්ලොග් නොලියා නොකියාම යන අය ඉන්න අතරේ මෙහෙම එක දිගට කරගෙන යන්න කාල වේලාව වෙන් කරන් කරන කැපවීමම අනික් හැමදේටම වැඩිය වටිනවා අයියේ.. දවසක ඒක තමයි දැනෙන ලොකුම සතුට.. අපි තව යමු.. තව යන්නත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හිට්ස් වලට වඩා වටින්නේ උඹ නොනවත්වා ලියන එක.. මම නම් හිතන්නේ ඕනම් කෙනෙකුට ලියන්න පොඩි වෙලාවක් හරි වෙන් කර ගැනීම හොඳ දෙයක් කියලා.. අඩු ගානේ දින පොතවත්..

      Delete
  46. මතලන් උන්නැහ
    මෙක නම් සෙලිබෙරැට් කොරන්නම වටින දෙයක්. මටත් මෙ බොලොග් කියවන්න පටන් ගත්තෙ ලගදි. බොලොග් කියවීම දිගටම කොරගෙන යන්න හිතුනෙ ඔබ සහ කීප දෙනෙක්ගෙ ලිපි නිසාය.
    මටත් ඔය මොකක් හරි කුනුහරපයක් ලියන්න පටන් ගන්න හිතෙනව අප්පා.
    ඔබට ජයම පතමි, මෙ වගට ඇන්න කොරොස්

    ReplyDelete
    Replies
    1. පටන් ගන්න.. අපි දෙන්නම් සප් එක.. ඒවට තමයි අපි ඉන්නේ..

      Delete
  47. මාතලන් තුමනි, හදිසියෙන්ම ලද පණිවිඩයක් නිසා මගදී යාලුවෙකුගේ ගෙදර ගිහින් ලොග් වෙලා සුබ පතන්න ආවේමිය. බොක්කෙන්ම සුබ පතමි. දිග එකක් දාන්නට ඕන වුනත් ..වෙලාව නැත . ජයම වේවා ...හිට්ස් නොනැවතී විදුලි මීටරේ වගේ කැරකෙවා

    ReplyDelete
    Replies
    1. යන්න ගිය වැඩේ මග නවත්තලා ආපහු ආවේ ,මෙතනට මොනවත් නොකියා ගියොත් හිතට හරි නැති නිසා . ඇත්තටම අද සිට අතිශය කාර්ය බහුල වෙනවා ටික දවසකට. විස්තරේ පස්සේ කියන්නම්. මම ආපහු එලියට ඇවිත් මේ ටික ලියන්නේ මේ වගේ අවස්තාවක වචන දෙකක් ලියලා ඇඟ බේරාගෙන යන්න කොහෙත්ම හිත හදාගන්න බැරිවුණු නිසා.
      හැමෝටම වගේ මුලිනම් සින්ඩියේ එල්ලගෙන සපෝර්ට් එක දුන්නේ මාතලන්. ඊට පස්සේ මුලිනම් ලියපු ඒවාට පලු යන්න බැන්නෙත් මාතලන් . මතලන්ට මතකද දන්නේ නෑ
      මගේ මුල්ම කෙටි කතාවට මාතලන් කිව්වේ
      " මේක නිකන් අපෙ කාලෙයි උඹේ කාලෙයි දෙකම නාස්ති කිරීමක් " කියලා
      ඊළඟට මම මතලන්ගේ බ්ලොග් දාපු කොමෙන්ටුවකට කිව්වා .
      "උඹේ කමෙන්ට් වල තියෙන මේ ගැම්ම උඹේ බ්ලොග් එකේ අහලකවත් නෑ " කියලා

      මම හිතන්නේ ඉවාන් පවුලූශා කියන බ්ලොග් චරිතය ඉපදෙන්න හේතුවුනේ ඔය වගේ අදහස්. මම කීප සැරයක්ම මේ වැඩේ අල්ලලා දාන්න හදනකොට පැය ගණන් කතා කරලා මොනවා කිව්වත් ඇහුවත් නොවැටෙන බ්ලොග් චරිතයක් බවට පත් කලේ මාතලන්.

      පලවෙනි කෙටි කතාව ලිව්වම අපේ කාලේ නාස්ති කරන්න එපා යකෝ කියලා බැනපු මාතලන් මගේ දෙවැනි කෙටි කතාවට යි තුන්වෙනි කෙටි කතාවටයි මාතල්න්ගේ සින්ඩියෙන් උපරිම ප්‍රචාරේ දෙන්නේ " මේ වගේ දේවල් කියවන්න් තරම් අපි තවම වාසනාවන්ත මිනිස්සු පුතා " කියලා . ඒ අතීතය අකුරක් නෑර මට මතකයි .

      ඒ වගේම හැම තැනකදීම නවක අපි වෙනුවෙන් පෙනී සිටීම ගැන මාතලන්ට අපවාද චෝදනා එල්ලවුණු හැම අවස්ථාවකම ඒවා පයිසෙකට ගණන් නොගෙන හිටපු හැටි තාමත් මට පුදුමයි.

      ඕන කෙනෙකුට ලොක්කෙක් වෙන්න පුළුවන් රජෙක් වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න හැමෝටම බෑ , මාතලන් කියන්නේ මනුස්සයෙක් ..

      තෙල්මිල විදුලිබිල වගේ හිට්ස් වැඩිවේවා
      කිරි පිටි පාන්පිටි වගේ ඉහලට...... යේවා
      ජැක්ලින් ආප්පය වගේ ජන ප්‍රිය..... වේවා
      හැමදා හවස බ්ලූ ලේබල්......... ඉතිරේවා

      සුබ අනාගතයක් :P


      Delete
    2. අර අන්තීම ප්‍රාර්ථනාව නම් ඔක්කෝටම වඩා ඉස්තරන්.. බය වෙන්න එපා.. කස්ටිය කොර වෙලා ඉන්නේ උඹගේ වැඩ වලට. එකක් උඹගේ නිර්මාණ. අනික උඹේ නිහතමානිකම, තවෙකක් ජොබ් එක. ඒ ඔක්කෝටම වඩා වටිනා මනුස්සකම.. ඉතින් උඹට ගහනවා කොන්ද පණ නැති නපුංසකයෝ..

      එහෙම හතුරෝ ඉන්නේ.. ඒ කාට හරි උඹ රිදෙන්න දීලා තියෙන නිසා..

      උඹ මට පොරක්... පට්ට පොරක්..

      Delete
  48. දැනට අවුරැද්දකට පමණ පෙර සිට ඔබගේ සියලුම පෝස්ට් කියවා ඇතතෙමිය. ඒවා අපේ මායියාට ඇහෙන්න කියවනවාට උන්දෑත් මනාපය. (කොහොමත් ගෑනු දෙපැත්ත කැපෙන විලාශයට මනාපය). කොහෙදැ මං කියන්න උන්නු සේරම මෙතන කියලා නොවැ.
    ඇනෝ ඇවිත් ඇගයීමක් කලාට වරදක් නෑ මං හිතන්නේ. අපි සමාජ මෙහෙවරක් කරනකොට නිර්නාමිකව කරන තරමට වටිනාකම වැඩියි. හැබැයි නිර්නාමිකව බනින එකනම් පොන්න වැඩක් බව නොකියා බෑ. නිතර කමෙන්ට් නොකලත් මමත් ඔබගේ නිත්‍ය රසිකයෙක්.
    සිංහල බ්ලොග් ලෝකයේ මා දකින පතාක යෝධයෙක් ඔබ. තවත් දිගු කාලයක් මේ ආකර්ෂණීය වාග් රටාවෙන් අප පිනවා හිතන්නට යමක් දෙන්නට ඔබට හැකිවේවා. සැප... සතුට... ශක්තිය
    -V-

    ReplyDelete
    Replies
    1. ඇනෝ ආවට කිසිම අවුලක් නෑ.. මාත් ඇනෝ කෙනෙක් නේ.. බොහොම ස්තූතියි අගය කිරීමට.. තෑන්ක්ස් "වී"

      Delete
  49. මට මතක් වුනේ ඉස්සර මම මේ පැත්තේ එන්ට බයයි. මම හිතෙන් මවාගෙන හිටියේ ලොකු බුරුසු රැවුලක් තියෙන, දැක්කාම බය හිතෙන නපුරු කෙනෙක් කියලනේ. ඊට පස්සේ තමා දැනුනේ නෑ නෑ එහෙම කෙනෙක් නෙමේ කියලා. ලඟදි දැක්කා තරහා යනවා ටිකක් වැඩි වගේ. දැන් නම් ඒකත් හරි. ඔහොම යමුනේ...මිලියන දෙක ලඟදිම පෙනේවා!!! :D

    ReplyDelete
  50. මාතලියාට ජයවේවා!!! මගෙනුත් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කීප දෙනෙක්ම කිව්වා. ඔය උඩ අපූර්විත් කියලා තියෙන්නේ.. ලෙසටම කිව්වේ අටමා.. ඒක ඉතින් මම කියනවට වඩා ඌ කියන කොට තමයි ලස්සන.. Thanks Poku

      Delete
  51. මේ මාතලන්ලා වගේ අය සිංහල බ්ලොග් ලෝකයෙත් පුරැෂාධිපත්‍යය පතුරවනවා. ඔවුන් කාන්තාව තම කාම ආශාව සංසිදවාගැනීමට යොදාගන්නවා පමණයි. මේ බ්ලොග් ලෝකය කාන්තාවන් රජ කරන දවස වැඩි ඈතක නෑ. එදාට අපි පිරිමි නැතිව බ්ලොග් ලියලා ලමයිත් හදනවා. පුරැෂාධිපත්‍ය නොවන කණ්ණාඩියෙන් මේ පෝස්ට් එක බැලුවාම මට පේන්නේ පුරැෂාධිපත්‍යයත් ඔවුන්ගේ කාම ආශාව කාන්තාවන් ලවා ඉටුකර ගැනීමට දරණ උත්සාහයත් පමණි.

    ReplyDelete
    Replies
    1. හා මෙයා.. තනියෙන් වදපු දවසක කියන්නකෝ.. අපි එන්නම් බබා බලා ගන්න..

      Delete
  52. මචෝ උඹ ඉස්සර ෆොටෝ වක් දාපු සින් එක නවත්තල දැම්මද.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උඹ කොමෙන්ට් එක දාලා තියෙන්නේ වැරදි තැන..

      Delete
  53. Hello weera kantha...

    ReplyDelete
  54. මුලින්ම කතාව විවේකීව දෙපාරක් විතර කියෙව්වා. ඊළඟට පාඨක අදහස් දෙපාරක් කියෙව්වා. ඊට පස්සෙයි මේ ලියන්නේ.

    ඕනෑම පුද්ගලයෙක් කාලීනව යම් අතීතාවර්ජනයක යෙදීම ස්වභාවිකයි. එය නිතැතින්ම හා අවංකව ඉදිරිපත් වනවිට, යථාර්ථවාදී වනවිට, විශ්වසනීයත්වයද ඉහළ අගයක් ගන්නවා.

    ඔබ ලිව්ව දේට වඩා නොලිව්ව දේ බොහොම ඇති කියලා මට පැහැදිළිවම පෙනෙනවා. ලියන්න, තවත් ලියන්න, තව තවත් ලියන්න, දිගටම ලියන්න, ගතේ හිතේ හයිය ඇතිතුරු ලියන්න.

    හිට්ස් ගණනට වඩා ලියපු අදහස් ගණනයි වටින්නෙ. තව තවත් දිරිමත් වන්නැයි සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතියි විචාරක.. අර කිව්වා වගේ ලියපු දේට වඩා.. නොලියපු දේ බොහොම වැඩියි.. සමහර දේවල් නම් කවදාවත් ලියවෙන එකක් නෑ.

      Delete
  55. මිලියනය දිනන තුරු හොට් සීට් එකේ හිටිය එක ඊට වඩා ජයග්‍රහනයක් මචං.
    මොකද ගොඩක් උන් බ්ලොග් ලෝකේ හොට් වෙද්දි පිච්චිලා අලු වෙලා යනවා..

    මගේ මනාප ලිස්ට් එකේ උඩින් තියෙන බ්ලොග් එකක් මේ බ්ලොගත්..

    පරණ නිසා, අඳුනන නිසා, හොඳයි කියල බ්ලොග් කියවන්නෙ නැහැ මම..
    මොකෙක් වුනත් සිරා ලියනව නම්.. අන්න ඒක හොඳයි කියන්න ඕනෙ..

    බොට ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. සිරා කිව්වේ.... මරු සිරා වෙන්න ඇති.. උඹත් කොහොම කොහොම හරි ඇදගෙන යන එක ගැන බොහෝම සතුටුයි..

      තෑන්ක්ස් සෑම්...

      Delete
  56. මිලියනයට ජයවේවා. මිලියනයක් කියන්නෙ බොහොම වටින ගානක් නෙව.

    මාතලන්ගෙ මම දකින විශේෂ කරුණු කිහිපයක්,(පිට කහන්න අදට වඩා හොඳ දවසක් එනවද?)
    1.ඕනෑම අලුත් බ්ලොග් අඩවියකට දක්වන සහයෝගය(අහම්බෙන් දැක්කෙ.. ඔහේවත් සින්ඩියට දා ගත්ත)
    2.බ්ලොග් අවකාශය තුල ඒකාකාරව මුළු ක‍ාලය පුරා දක්වන සක්‍රිය බව
    3.සමාජ ප්‍රශ්න වලට අදාලව එවේලේම ලියන ලිපි(ෆොන්ටෙරා...)
    4.වැඩක් පටන් ගත්විට එයට ඇති කැපවීම(මාතලන්ගෙ සින්ඩිය)

    කොහොම නමුත් කකා කිව්ව වගේ මෑත කාලයේ මාතලන්ගෙ නැට්ට තදවෙන ගතියක් දැක්ක. ඒක නැතිකරගනිං. (ඔය වයසටත් හොඳ නෑ:-).

    හවස් වෙලා මම ඇනෝත් එක්ක එන්නං ‍බොන්න ලැහැස්ති කරපං!

    ReplyDelete
    Replies
    1. මම ආසම මගේ ගුණංගය නැති කර ගත්තම, මම නැට්ට නැති මන්කි වෙනවා.. මගේ නැට්ටට මම මාර ආදරෙයි.. ඒකට ගිනි තියපු ගමන්, ආයේ නෑ ඉතින් හනුමා වගේ තමයි...

      අදටත් මට දුක, එකෙක්වත් "දුක" ගැන කතා කරනවා මිසක්ක, "දුකට හේතුව" ගැන කතා නොකරන එකට. "දුක නැති කිරීමේ මාර්ගය.." නම් මම ගොඳට දන්නවා..

      බොහොම ස්තූතියි රාජ්...

      Delete
    2. විකාර කියවන්න එපා බං. ඕක උඹේ නොවන උඹේම නැට්ටක්. අවුරුදු තුනක් විතර උඹව දන්න මට කියන්න තියෙන්නෙ ඔය නැට්ට මෑතක ආව එකක් කියල.

      දුක නැති කරගන්න ඉවසපං. ඒක එක ක්‍රමයක්. මම කරන්නෙ ඒක. ඊයෙත් බල්ලෙකුගෙ බෙටි අරන්දෑව. නමුත් තරහක් නෑ.

      Delete
    3. මෙතන උනේ වෙන දෙයක් නේ. නිකන් හිතහන් උඹේ පෝස්ට් එකක කවුරු හරි අපේ අම්මගෙයි නෝනගෙයි ගුණ ගායනා කරනවා. මම උඹට කෝල් එකක් දෙනවා. උඹ ඒක කට් කරනවා. පස්සෙ කියනවා මම ඒ වෙලාවේ මාර බිසි මෙයා. මම ඔෆීස් එකෙදි කොම්පියුටර් බලන්නේ නෑ කියලා. ඉතින් මට කරන්න තියෙන්නේ මොකක්ද? මගේ කොමෙන්ට් එක අයින් කලත් වැඩක් නෑ නේ. අර ගුණ වැයුම් එහෙමම තියෙනවා. උඹ තාමත් බිසි.. මාර පවු නේ..

      මීට කලිනුත් මම සංවාද කරලා තියෙනවා. ඒත් මේ වගේ සුනඛයෝ එක්ක නෙමෙයි. එයාලට තේරෙන්නේ ඒ භාෂාව.. අද කට්ටියම සරෙන්ඩර්.. ඕකුන්ට කොන්දක් නෑ. පර්සනැලටියක් නෑ.. එහෙම හාල්පාරුවන්ට, මහත්තුරු වගේ ඉන්න දෙන්න ඕන නෑ.. මගේ මොනවා නැති වෙන්නද බං.. මම මේකෙන් මොනවා ගන්නද බං..

      Delete
    4. නෑ! ඒ කේස් එක ගැන උඹට සැකයේ වාසිය දෙනව කියමු. නමුත් පොදුවේ ගත්තම උඹ ටිකක් කේන්තියෙන් ලියන්නෙ. ඒකයි කිව්වෙ. හරි අල්ලල දාමු ඕක.

      Delete
    5. කේන්ති යන්නේ නැද්ද බං ඔන් ලයින් ඉන්න එකා වැනිෂ් උනාම..

      Delete
  57. මාතේ බොක්කෙන්ම සුභ පතනවා මචෝ......මමත් දැන් අවුරුදු හතරක් විතර වෙනවා බ්ලොග් කියවන්න පටන් ගෙන .එදා ඉඳල කියවපු බෝගක් තමයි උඹේ එක .මාරයා , සඳරු වගේ තව ගොඩක් තියනවා .උන් දැන් ලියනවා අඩුයි. එත් උඹ මේ දෙන ගේම සුපිරියි යාළුවා ....උඹ අලුත් උන් ඇදගෙන යන්න උන්ට දෙන සප් එක වල්ලා පට්ට ...
    ලියපන් තව ලියපන්....අපි ඉන්නවා කියවන්න
    නැවතත් උඹට සුභ පතනවා ලොක්කා ...ඔහොම යන්, ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ....

      Delete
  58. ලොක්කා,

    කටයා සහ විජී (වීරසිංහ ගැන බොහෝ දෙනා ලියා තියෙනවා... වෙලාවක් ලැබුනොත් බස් නානා, කුරේ සර් වගෙ උදවිය ගැනත්, අපෙ ආදරනීය මිස් ගුරුස්වාමි (දන්නවද ??) ගැනත් මොනවා හරි කුරුටු ගෑවොත් නරකද??

    ඒ වගේම බැරිවෙලාවත් ලොක්ක ගේ නස්පුක් මල පැනීම සහ "මධුර" වචනයෙන් පොලා පැනීම නවත්වන්න එපා. එහෙම උනොත් එදාට ලොක්කා සෙත්ත පෝච්චි තමා.....

    ඕ යෙශ්... අර පුරුශාදිපත්ය ලිංගික අහවල් එක දෙවල් එහෙමත් නැතිකරගෙන උපාසක බලලෙක් උනොත් අපි තලායි... හොඳේ?

    ReplyDelete
    Replies
    1. අමතකම උනා....

      ඔබ තුමා ගේ මිලියනය අපි තුමාට ලැබුනු මිලියනයක් සේ අගේ කරමි.. සන්තොසය.... අපේ බොගය ඔබතුමාගේ සින්ඩියේ එල්ලා ප්‍රචාරයක් දීම ගැන තැන්කූය.

      Delete
    2. මාතලන් මාතලන්මය... දැන් වෙනස් වෙන කාළේ ඉවරයි.. මේක තමයි ඉස්ටයිල් එක..

      බොහොම ස්තූතියි මචෝ.. කැම්පස් කතාවෙන් පස්සේ.. කාලීන දේ ලියාවී කියා බලාපොරොත්තු වෙනවා..

      Delete
    3. ගුරුස්වාමි ඉගැන්නුවේ zoology. අනේ හොඳ ගුරුතුමී. ඕන වෙලාවක හිනාවෙලා ඉන්නේ..කොච්චර දොස්තරලා ඇද්ද එයා ගෙන් ඉගෙනගත්ත..අපි ඉන්න කාලේ එයා හරිම තරුණයි.

      Delete
  59. දස ලස්සෙ පයින කං බ්ලොගය ඇදන් යනවා කියන්නේ සෙල්ලමක් නොවේය...
    මම ආවටත් පස්සෙ බ්ලොග් ලියන්නආපු කීප දෙනෙක්ම දැනටමත් හැලිල තියෙනවාය...
    මං එන්න කලිං ආපු ඈයොත් පහු ගිය දවස් වල වැඩ නවත්වා තිබුණි...
    අනේ මං දන්නෙ නැත...
    තෙකාමෙන්ට් හිට්ස් නං මට තිබ්බ දෙයක් නෙමේය... ඒ හන්දා තිබ්බ නොතිබ්බා ලියනෙක ලියනවාය..
    මාතෙ ට නං ඒ ප්‍රස්න නැති බව දනිමි...
    මේ ඇද්දා සේ ඉදිරියටත් ලොස් නැතිව මේක කොරගෙන යන්න අවකාශය ලැබේවා...
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් මහේෂ්. කොමෙන්ට්ස් හිටිස් තම්බලා කන්නය බං..

      ඒ උනාට කොමෙන්ට්ස් තමයි බ්ලොග් කාරයෝ ජීවත් කර වන්නේ,,

      Delete
  60. ලියන්න ඕනේ ඒවා ඇඩු වැඩි වශයෙන් අනිත් අය ලියලා තියනවා... මගේ අදහසුත් කකාගේ සහ රාජ්ගෙ අදහස් වලට සමානයි. කොහොමත් මම ඇත්තේ උඹේ "නරක පොතේ"... විවේචනය හේතු දෙකකට කරන්න පුළුවන්, එළවන්න සහ හිතන විදිහට බලපෑමක් කරන්න. මගේ විවේචන ඕකෙන් කෝකටද කියලා උඹම බලා ගනිං.

    උඹේ නරකක් කියලා කියන්න තියෙන්නේ මළ පැනීම නෙමෙයි... මළ පැනලා කරන සමහර ඒවා. "මළකළමනාකරණය" කියන්නේ මළ නොපැන ඉඳීම නෙමෙයි... ඒකෙන් තමන්ටත් අනිත් අයටත් අයහපතක් නොවෙන විදිහට පාලනය කර ගැනීම. අනේ මම මොකට උඹට මේවා කියනවද එක්කෝ...

    උඹේ හොඳ දේවලුත් හැම තැනම ලියවිලා තියනවා... උඹ ගැන ඉරිසියා හිතෙනම කාරණය තමා සමාජ ප්‍රශ්න සම්බන්ධව ඇති බැක්ග්‍රවුන්ඩ් නොලේජ් එක. ඒ අතින් උඹ පට්ට කරන්ට් එෆෙයාර් රිපෝර්ටර් කෙනෙක්. උඹේ සිංදු හැදිල්ලත් ඉහල මට්ටමක තියනවා... ඇනෝනිමසයාගේ බ්ලොග් එකේ තිබ්බේ උඹ ලියපු කවියක්, ඒක මට මග ඇරුණු විශිෂ්ට නිර්මාණයක්. මම ලියපු බ්ලොග් පෝස්ට්ස් කීපයෙන් වැඩියෙන්ම හිට්ස් ගාණක් තියෙන්නේ උඹ සින්ඩියේ ප්‍රමෝට් කරපු පෝස්ට් එකට. ලංකාවේ සිද්ධවෙන දේවල්... අප්ප කඩ, රියැලිටි තරඟ, උණු උණු නිව්ස් මෙකී නොකී සෑහෙන පරාසයක දේවල් උඹ ලියනවා... ඒ කැටගරියෙන් උඹේ අහලකටවත් එන්න කෙනෙක් නෑ.

    එහෙනම් දිගින් දිගටම ලියන්න සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර... උඹ එදා ඉඳලා මාත් එක්ක උන්නා.. මළබද්දය හැදිලා කක්කා නාගෙන ඉද්දිත්... ඒ උනාට් දැන් ඒවා හෝදලා... සැන් පවුඩර් දාලා ඉන්නේ.. ආයේ කක්කි නාන එකක් නෑ..

      Delete
  61. සුභ පැතුම් මිත්‍රයා. ඔබෙන් ගත් දේ උගත් දේ බොහෝයි. ස්තුතිය එයට. හැබැයි දැන් දැන් තරහ යනවා වැඩියි වගේ තමයි ;)

    ReplyDelete
    Replies
    1. තව වයසට යන කොට අඩු වෙයි.. මොකෝ බණ භාවනාවට යොමු වෙනවා නේ.. එහෙම නැතුව මේකේ ඉන්න බෑ බං... මේ අම්මට සිරි ලංකාව..

      Delete
  62. @ මාතලන් සහබ්,

    ඇර සහබ්!!!

    මෙරේ විෂස් ඇක්සෙප්ට් කරෝ!!!!!!!!

    "කතන්දර පිල්ලියා" බ්ලොග් ලෝකෙට වුනේ කාකා ජීගේ අඩවියේ ආතල් දෙන ඇනෝ සහබ්ලා රොත්තට ජොයින් වෙන්න හිතාගෙන!

    එහෙම ආපු පිල්ලියව අත දීලා උඩට ගත්තු කිහිප දෙනා අතර "මාතලන් සහබේත්" අමතක කරන්න බෑ!!!!!

    දැන් මේක අහලා මාමා ජීට තද වෙයිද දන්නෑ!

    නමුත්, තමන්ට බ්ලොග් ලෝකෙට එන්න මග පෙන්නපු කාකාජීට මාතලන් සහබ් ගරු කරනවා වගේම ඊයේ පෙරේදා කඩා පාත් වුනු ප්‍රොෆයිල් අන්නථයෙක් වෙච්චි පිල්ලියාට තමන්ගේ "වෙරළු මල් ආරාමයේ" නවාතැන් දීපු මගේ "ගෝඩ්ෆාදර්" මාමා ජීවත් මම ජීට කිසිම දාක අමතක නොවවි.......!!!!!

    මිලියන දෙකත් අල්ලමු!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තුම්සෙ අච්චා කොන හේ... එන්න මල්ලි බන්ට් එක දිගේ.. තෑන්ක්ස් මචෝ..

      Delete
  63. ආදරෙයි ලොව ආදරෙයි........ආදරෙයි ලොව ආදරෙයි
    ලමතන් බොට ආදරෙයි .......

    කළා දස්කම් පවා විස්කම් .....
    මතු කළා නුඹ පැන් තුඩින්...............

    ළමා කාලය සොඳුරු නිම්නය
    රසකලා ඔබේ බ්ලොග් පසෙන්

    බොලා ගේ මිලියනයට මැරී කෑන්ස්ගෙන් උත්තමාචාර ...........තුමනි.

    රෙඩ්/ බැලක්/ඩබල් බ්ලැක් /ග්‍රීන් වලින් එහාට ගිය බ්ලූ ලේබලක් කඩලා මෙය සමරන්න හමු වෙමු කවදාහරි එතකම් ඉවසමු .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මැරි කෑන්ස්..

      Delete
  64. මාතයියේ මම අනිවාර්යයෙන්ම ඔයාගේ බ්ලොග් එක කියනවා. අර්ථවත්. රසවත් නවත්වන්න නම් එපා දෙයියෝ. දිගටම ලියන්න. සමහරු හරි කුහකයි. හිට් කරන්නේ නැහැ. ප්‍රමෝටි කරන්නේ නැහැ. මම නම් අගය කල යුතු දේ නොපැකිලව අගය කරනවා. ඔබට ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. නොලැබෙන දේ ගැන කම්පා වෙන්න එපා... ලද දෙයින් සතුටු වෙමු.. තෑන්ක්ස්..

      Delete
  65. සුබ පැතුම් මාතලන් !
    ටූ මිලියනයත් ඉක්‍මනින්ම ලැබෙන්න පතනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා මචෝ... උඹත් එදා ඉඳලම වචනයක් හරි ලියලා යනවා...

      Delete
  66. දිගටම ලියන්න සුභ පැතුම්. ගොඩක් වෙලාවට මේ ලියවිලි කියවනවා. Comment නම් කරල නෑ. ඒත් Tick එකක් දාල යනවා. :)

    අර පිංතූරු බ්ලොග් එකත් http://pinthuru.blogspot.com/ නිතර Update වෙනව නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුනොත් බලමු... බොහෝම ස්තූතියි..

      Delete
  67. මම 1,000,809 වීමි.
    පලමුව මාගේ බොක්කෙන්ම කන්ග්‍රැට්ස් බ්‍රෝ...
    මම 2005 සැප්තම්බර් මාසයේ දෙවෙනියා නමින් මාගේ පලමුවැනි බ්ලොගය ඉංග්‍රීසියෙන් පටන් ගත්තේ ඒ දවස්වල් හිටියේ පිටරටක නිසාත් යුනිකෝඩ් නොතිබුන නිසාත්ය.
    කොහොමින් කොහොම හරි යුනිකෝඩ් දැනගත් පසු අන්තිම පේලියට පොස්ටු දෙක තුනක් දැම්මත්, මමත් නිහාල් ගුරුසිංහත් (සත්‍යවාදියා)අපගේ වයස නිසා ඇතිවූ කනස්සල්ලෙන් ඉන් ඈත්වුවත්, නිහාල් දිගටම කොත්තු හරහා පබ්ලිෂ් කලා, මම නිහඩ වුනෙමි.
    මාතේගේ පෝස්ට් කියවීම ආරම්භ වූයේ එය පටන්ගත් අවදියේමය, මතකයට අනුව 2010දී විය යුතුය.
    එදා සිට අද වෙනතුරු මා (නොවරදවා)කියවන ඔබගේ බ්ලොග් පොස්ට් මා හට ගෙනදෙන සතුට දන්නේ මා පමනි. විවිධත්වය මා අගය කරන ප්‍රධානම සාධකයයි. ඒකාකාරි බව පිටුදැක විවිධ මාතෘකාවන් අපවැනි සාමාන්‍ය දැනුමක් පමනක් ඇති, එනමුත් සමාජයක හදගැස්ම දැනෙනවුන්ගේ ඇටමිදුලු පසාරු කරගෙන යන අයුරින් ඔබ කරන ඉදිරිපත් කිරීම සිත්ගන්නාසුලුය.
    කැපවීම, හෘද සාක්කියට එකඟව නිර්භය ලෙස කරන ප්‍රකාශනය, ආදිය ඔබ පරිනත සමාජ කතුවරයෙකු කර අවසානය.
    මා සිංහලෙන් ගිය අවුරුද්දේ පටන් ගත් ෂේෆාකි බ්ලොගයට ඔබ දුන් ගුරුහරුකම් සදා අගය කරමි. දුකට කරුන කැපවීම සහ කාල කළමනාකරණය නොමැති මට කිසිසේත් ඔබ යන මග යා නොහැකිවීමයි. එනමුත් ඔබ යන ගමන දෙසබලා මා විඳිනා සුවය මා තෘප්තිමත් කරයි.
    කවුරු මොනවා කීවත්, මිලියනයක් හිට්ස් යන්න 50 පැන්න අලි බඩක් තියෙන අප වැන්නෙකු සිරීපාදේ තරණය කෙරීමක් තරම්ම උතුම්ය.
    ලඟ පාතක සිටියානම් බ්ලූ ලෙබල් ග්ලාස් එකක් උස්සා චියර්ස් කියමි....එදින ඉතාමත් ලඟ බැව් මසිත පවසන අයුරු සියුම් කිතියක් ගෙනදෙයි.
    මිලියන දෙක මීටත් ඉක්මනින් ලඟාකරගනීවායයි පතමින්...
    චියර්ස් මාතේ.....

    ReplyDelete
    Replies
    1. අප්පට බොල මාව පුපුරලා මැරෙයිද මන්දා.. උඹ සයිඩ් එකෙන් ඉඳන් දෙන සප් එක මාර වටිනවා.. අද මට එවපු දේත් මල් මසුරන්. වෙලාවක සෙට් වෙමු.. බොහොම ස්තූතියි ආකි..

      Delete
  68. අෆ්ෆා... මම එද්දි පෙරහැර ගිහින්ද?! 1000835 ක් වෙලා!

    හිට්ස් ගැන නම් කියන්න තියෙන්නෙ ඉතින් මාතලන්ට නැති හිට්ස් මොකටද කියල තමයි! මොකද මම දැකපු හොඳම දේශපාලන රචකයෙක් ඔබ.
    දන්නවද! මට පොලිටික්ස් අප්පිරියයි. ඒත් ඔබේ දේශපාලන ලිපි පට්ට රහයි.
    බස්සිට තේරෙන බාසාවෙන් දේශපාලනය කතාකරන එකම රචකයා මාතලන් වෙන්නෝන.

    ඔබ පරිණතයි.
    පරිණතභාවය කියන්නෙ යම් ෆීල්ඩ් එකක රැඳෙන කාලය මත පමණක්ම ගොඩනැගෙන දෙයක් නොවෙයි.
    මාතලන් හිතේ එකක් තියාගෙන "අනාආ... සුවීට්..." කියන කෙනෙක් නෙමෙයි. හිතෙන දේ කෙලින්ම කියනවා. හී... මට බැනලත් තියෙනව මුල් කාලෙ බොළඳ ලිපි විතරක්ම ලියනව කියල. ඒ බැනුම් හින්දමනෙ අද අපිත් මෙතන ඉන්නෙ. මාතලන්ගෙන් පෝස්ට් එකකට ලැබෙන ෆීඩ්බැක් එක විශ්වාසය තැබිය හැකි ෆීඩ්බැක් එකක් කියල මම අනිත් බ්ලොග් ලියන යාලුවන්ටත් කියන්නෙ ඒකයි. එහෙම කියන කරන අය අඩුයි.

    අනික තමයි අළුත් උන්ව උඩට ගන්න බොක්කෙන්ම උදව් කරනව. නොදන්න දෙයක් ඇහුවම කියල දෙනව. සින්ඩියෙ දාල ප්‍රමෝට් කරල ගන්නව. කැම්පස් සින්ඩියෙ බ්ලොගක් පටන් ගන්න හැටි පවා ස්ටෙප් බයි ස්ටෙප් කියාදුන්නනෙ. අන්න එහෙම උදව් කරන අයත් අඩුයි.

    ඇයි මුල අමතක නොවීම. මේ ලිපියෙ ඔබ බ්ලොග් එකේ ආරම්භය ගැන ලියල තියෙන ටික ඒකට සාක්කි.

    ඉතින් මාතලන්! ඔබ වැනි අය දුර්ලභයි.
    ඔබේ ගමන ඔබටම අනන්‍යයි.
    ඒ නිසා "මාතලන්" කියන්නෙ බ්ලොග් අවකාශයේ සුවිශේෂ අයිකන් එකක්.

    තරහ වෙන්න එපා මෙහෙම කිවුවට;
    මට නම් මාතලන් කියන්නෙ "පොරක්"


    දිගටම ලියමු!

    උණුසුම් සුභපැතුම්!!!



    (පරක්කු උනා අෆ්ෆා විශ් කොරන්න එන්න. සොරි වේවා හොඳේ!)

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් කියන්න තියෙන්නේ මට උබ ගැන මාර ආඩම්බරයි. මට හොඳට මතකයි මට දීලා ඇදපුවා. ඒත් උබ දිගටම ලිව්වොත්. උඹ නමක් තියන පොරක් වෙන එක වෙනවමයි බස්සියෝ..

      Delete
  69. මම සාමාන්‍යයෙන් ප්‍රශස්ති ගායනා වලට කැමති නෑ. ඒත් මේ වෙලාවෙ මාතලං ගැන මේ ටික නොලියනව නම් අඩුවක්.

    මම හිතන්නෙ උඹේ කන්ට්‍රිබියුෂන් එක දෙයාකාරයි. එකක් තමයි උඹ කිසිම පැකිලීමක් නැතුව අලුත් උන්ට පොඩි උන්ට විතරක් නෙවෙයි එස්ටැබ්ලිශ්ඩ් උන්ටත් බ්ලොග් පවත්වාගෙන යන්න දෙන සපෝට් එක. ඒ අතින් සමහර විට සිංහල බ්ලොග් අවකාශයේ වර්ධනය වෙනුවෙන් තනි මිනිහෙක් හැටියට කරපු ලොකුම මහන්සිය වෙන්න ඇත්තෙ උඹ වෙන්න ඕන. කවදාවත් බ්ලොග් අවකාශෙ පවතින්න මිසක් නැති වෙන්න හේතු වෙන දෙයක් උඹේ කටින් පිට වෙනව මම දැකල නෑ. ඕක මිනිහෙක්ට බොරු ෂෝ එකට දාං ඉන්න පුලුවන් වෙස් මූනක් නෙවෙයි.

    දෙවැනි ආකාරය තමයි උඹේ පර්සනල් රයිටිං සහ කමෙන්ට්ස්. උඹ පෙන්නනවට වඩා සෑහෙන ගැඹුරක දේවල් ඇතුලෙන් දන්නවා කියන එක විශේෂයෙන්ම පහුගිය මාස දෙක තුනේ උඹේ රයිටිං වලින් පේන දෙයක්. උඹේ සමහර දේශපාලන මත වලට නම් මගේ ලොකු එකඟ කමක් නෑ. ඒ උනත් දැන් උඹේ විමලනාත් ස්ටයිල් එක ඉම්පෲව් වෙලා විමලනාත් කාරයටත් run for his money දෙන්න තරම්. උඹේ අලුත් හැලපේ ස්ටයිල් එකත් දෙවැනි වෙන්නෙ හැලපේට විතරයි.

    ඔය හොඳ එක්කම තියන පට්ට අවුලක් තමා උඹ ඇනෝ පුතාලා එක්ක මෝඩ විදියට ඇර ගන්න යාම. මම මේ කියන්නෙ එක එක particular බ්ලොගර් ලා එක්ක කරුනු තියේ නම් ගේම ඉල්ලන එක නෙවෙයිකිවසන් බලන් ඉන්න එක වගේම නිසි වෙලාවට ගේම ඉල්ලන එකත් මම හිතන්නෙ පොසිටිව් කන්ට්‍රිබියුෂන් එකක්. මම කියන්නෙ මේ පොඩි කොල්ලො බල්ලො එක්ක උඹේ වයස ගැන වත් නොහිතා කුනුහරුප වපුර ගෙන කොකු වලට යාම. මේක උඹට කොච්චර කිව්වත් වැඩක් නෑ කියල මම දන්නවා, මොකද ඔය වයසට උඹටම තේරෙන්න ඕන දෙයක් තේරෙන්නෙ නැත්නම් අපිට පොවන්න බෑ. උඹට ඒක පේන්නෙ කොහොමද දන්නෙ නෑ අපිට නම් පේන්නෙ මාතලං මාතලංටම පේන්න බැරි ඇනෝලගේ ලෙවල් එකට බැහැල නානවා.

    උඹ ඔය "මේක විනාස කරන්න එන" උදවිය ගැන එච්චර වොරි නොවී උඹේ පාඩුවෙ ලියපන්. තරහ ගන්න එක ඇඟටත් හොඳ නෑ. තිසර කිව්ව වගේ ඊටත් වඩා අවුල් තරහට පාලනයක් නැති එක.

    කොන්ග්‍රැට්ස් මචෝ - තව ලියපන්!



    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ... ඒත් අර විදියට හැසිරුනේ නැත්නම්, මාතලන්ටත් වෙන්නේ බ්ලොග් කෙරුවාව ගැන කළකිරි වහලා ගිය එකෙක් වෙන්න.. මට ඕන එක නෙමෙයි අළුත් ටැලන්ට් සෙට් එකත් එක්ක මේක ගෙනියන්න.. මම ෆයිට් කරන්නේ මම වෙනුවෙන් නෙමෙයි මචෝ..

      Delete
  70. එල එල.... ඔහොම යන්......

    ReplyDelete
    Replies
    1. මේ යන ගමන්... තෑන්ක්ස් මචෝ... උඹත් බොහෝම ඉස්සර ඉඳන් එන එකෙක්..

      Delete
  71. මාතා.....මම 2010 ඉඳන් බ්ලොග්ස් අතගෑවා.පසුව පැත්තකට වෙලා ඔහේ හිටියා. 2013 මම පැරාගේ බ්ලොග් එකේ සින්ග්ලිශ් වලින් කමෙන්ට් කරා. ඒ වෙනකොට මට යුනිකෝඩ් තියා මගේ බ්ලොග් එක ගැනවත් මෙලෝ මතකයක් තිබුනේ නැහැ. උඹ තමයි මාව ආපහු ලියන්න ට්‍රැක් එකට දැම්මේ. ඒ විතරක් නෙමේ "සුපිරි බ්ලොගක්" කියලා උඹේ සින්ඩියේ වෙනම සටහනක් ලියලා මාව ඇදලා ගත්තේ. උඹ සොඳුරු මිනිහෙක්.

    මමයි උඹයි ගැලපෙන්නේ නැතිවල වාද කරගෙන තියෙනවා. ඒවා එහෙම තමයි වෙන්න ඕන. අපි හැමෝම වෙනස් අදහස් දරන අය. බොහෝ අය උඹට පෙන්නන උඹේ ඒ අඩුපාඩුව ගැන නැවත හිතපන්. උබේ කැපකිරීම ආඩම්බරයක්!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක සුපිරි බොගක් කියලා අද ඔප්පු වෙලා ඉවරයිනේ. උඹ බ්ලොග් ජීවීතේට නොබලපු පිරිසකුත් මෙතනට අරගෙන ආවා.. හැලපෙලාගෙන විවරණ ලැබෙනවා කියන්නේ සුළු දෙයක්ද මචෝ.. උන් මේ ලියන මලවන බිස්නස් වල හිටපු උන්..

      Delete
  72. උණුසුම් සුබපැතුම් මාතලන්..!!
    Ano from Oman.....

    ReplyDelete
  73. @ මාතලන් සහබ්,

    "මිලියනයට සුභ පතන්න-තව මිලියනයක් ලැබෙන්න
    ලෝර්ඩ් වගේ උඩ දාගෙන කමෙන්ට් කලේ මං....!
    දාපු එකම කමෙන්ට් එකත් මාතා සහබ්ගේ කතුරට
    බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑ නේ දැන්..........!!

    මම නම් ගඟේ පනිනවා- වතුර......."

    (හික්z! ජස්ට් ෆෝ ෆන් හේ!!!)

    ප:ලි:- මාතලන් සහබ්ට විෂ් කර දැමූ කමෙන්ටුව අතුරුදහන් වී ඇත!
    ඊට මොහොතකට පෙර (මෙම පෝස්ටුවේම,) දැමූ කමෙන්ටුව ද අත්වී ඇත!!

    වන්ස් අගේන්, මෙරේ wishes ඇක්සෙප්ට් කරෝ!!!!!!

    චක් දේ මාතලන් සහබ්!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. උඹට ඩෝප්ද බං. ඔය තියෙන්නේ දාපුවා දිලිසි දිලිසි..

      Delete
  74. මාතලන්.. මේ සංවත්සරේට එන්න පරක්කු උනාට සොරි...
    අළුතින් ලියන්න පටන්ගන්න අයට බ්ලොග් හදාගන්න පාඩම් කියල දුන්න වගේම උන්ට මේකේ රැඳිල ඉන්න කරන ලොබ නැතිව කරන උදව් නම් සුපිරිම තමයි....
    මං ලියපු දෙවනි පොස්ට් එකට මාතලන්ගේ සින්ඩියේ දාල දීපු සප්එක කවදාවත් අමතක වෙන් නෑ...
    හිට්ස් 10 00000 කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි...
    තව 9000000 කට යන්න බලමු.... සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හොඳට ලියන එකාට කොහොමත් සැලකිලි ලැබෙනවා... මට උනෙත් ඒකයි.. මාව අගය කරන්නත් ඒ කාළේ පිරිසක් උන්නා.. ඒක බොහොම වටිනවා.. ඒකෙන් තමයි පන්නරය ලැබෙන්නේ..

      Delete
  75. අයියන්ඞි බොක්කෙන් සුභ පැතුම්. මම ආස මාතලන් කියන නමට දිලා තියන අර්ථකතනයට.

    ReplyDelete
    Replies
    1. බොහොම දෙනෙක් කැමතියි ඒකට...

      Delete
  76. ඉතින් බොතලයක් ගහන්නේ නැතේයි. අරක්කු චුන්ඞක් බොනවානම් මටත් කියන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් දිනපතා අනුමත නේ...

      Delete
  77. මට ඔබතුමා පෝස්ට් එකක් දාල දුන්නු සප් එක ගැන කියන්න වචන නෑ, ජය වේවා

    ReplyDelete
    Replies
    1. මොන තුමාද මචෝ... ගනන් ගන්න එපා... වෙලාවක සෙට් වෙමු..

      Delete
  78. අවංක සුභ පැතුම් මාතලන් ලොක්ක. මිලියන දෙකට ඉක්මනින්ම ලඟා වෙන්න ලැබේවා කියල හදවතින්ම පතනව.
    මම කීප සැරයක්ම කියල තියෙන විදිහට, මම සිංහල බ්ලොග් වලට පට්ට අලුත්. මේව ගැන දැන ගත්තෙත් මේ අවුරුද්දෙ.
    මාතලන්ගෙ සාර්ථකත්වයේ රහස විදිහට මම දකින්නෙ සිංහල බ්ලොග් කලාවට තියෙන අසීමිත ආදරය හස ඒ කෙරෙහි ඇති කැප වීමයි.
    මම තවම බඩ බැඳගෙන කියවන්නෙ මේ බ්ලොග් එක විතරයි. අනෙකුත් සිංහල බ්ලොග් කරුවන්ට කිසිම අපහාසයක් සිත් රිදවීමක් නොම වේවා!!!! මේක මගෙ රසිකත්වය පිළිබඳ ප්‍රශ්ණයක් වෙන්න ඇති. මම කැමති විවිධත්වය, සරල, සැහැල්ලු බව තියෙන්නෙ මේ බ්ලොග් එකේ. පුංචි කේස් ඇනලයිස් කරන විශ්මිත හැකියාව සුපිරියි.

    මාතාගෙ බ්ලොග් එක සදාකල් දිනේවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කැන්ගරු මල්ලි...

      Delete
  79. ප්‍රොෆයිල් එක හදාගත්තේ අද උදේම තමයි
    නමින් දාන පළමු කමෙන්ට් වෙන්නෙත් මෙයයි
    අනේ නමින් දාන පළමු කමෙන්ට් වෙන්නෙත් මෙයයි
    ප්‍රොෆයිල් එක හදාගත්තේ අද උදේම තමයි

    පේච් විව්ස් මිලියනයත් පන්නල උඩ ගියා
    බ්ලූ ලේබල් බෝතලයක් දෝර ගලා ගියා
    හැමෝම විත් සුභ පතලා ජය පතලා ගියා
    මගේ සුබ පැතුම් අරගෙන මමත් ඇවිත් ගියා

    කවුන්ටරේ ගියාට වගෙ ටැක්සි මීටරේ
    අඩුවක් නෑ මාතලන්ගෙ සතුටු සාගරේ
    අඩුවක් නෑ මාතලන්ගෙ සතුටු සාගරේ
    කවුන්ටරේ ගියාට වගෙ ටැක්සි මීටරේ

    වැදෙන තැනට රිදෙන ලෙසට කෙලින්ම ගහපන්
    හැමදාමත් වගේ අපිට ගුරුකම් දීපන්
    පොඩ්ඩක් මල පනින ගතිය අත නොමහැරපන්
    පෙන නැති නයි දර මිටියට ගන්නෙ සමහරුන්

    ReplyDelete
    Replies
    1. මල්ලි නයෙක් වෙලා මොටද දලෙයි පෙනයයි නැතිව
      ගැරඬි කියලා අහන්න වෙයි හරි සවුත්තුව
      එතකොට ගැරඬි කියලා අහන්න වෙයි හරි සවුත්තුව
      නයෙක් වෙලා මොටද දලෙයි පෙනයයි නැතිව

      Delete
  80. Replies
    1. බොහොම ස්තූතියි පැරා...

      Delete
  81. උණුසුම් සුභපැතුම් මාතලන්. බ්ලොග් වල වර්ධනයට ඔබ දෙන අත හිත ගැන වගේම බ්ලොග්කරුවෙක් විදිහට අද වෙන කොට ලබාගෙන ඇති දියුණුව ගැනත් ඉතාම සතුටුයි. දැන් මම අනිවාර්යයෙන්ම කියවන බ්ලොග් කීපයෙන් එකක්. දිගු ගමනකට ජය...

    පුරුපුරු

    ReplyDelete
  82. මම කලින් දාපු කොමෙන්ට් එක අන්ත්‍රස්දාන වෙලා.. කමක් නෑ...
    කෙටියෙන්ම කියනවානම් "මගෙනුත් සුභ පැතුම්!!"
    A Champagne Moment! බියරුයි ගොලිපුයි ගහලා හරියන්නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැන්ඩියන්.. උබත් එදා ඉඳන් උන්න එකෙක්..

      Delete
  83. මතා අයියේ ගොඩක් අය උඹ ගැන ගොඩක් දේවල් උඩ ඉඳන් කියලා තියෙන නිසා අලුතෙන් දෙයක් කියන්න යන්නේ නැහැ මම.මේ ලෝකේ ඉන්න ඕනෙම කෙනෙක් ගාව හොඳ නරක අඩු වැඩි විදියට තියෙනවා.උඹේ මේවා හොඳයි,මේවා නරකයි කියන්න මම යන්නේ නැහැ.
    ප්‍රශස්ති කියන්නේත් නැහැ මම.හැබැයි මේකට එන නවකයන්ට උඹ දෙන අත්වැල හරිම වටිනා දෙයක්.වැදගත්ම දේ උඹ එක කිසිම කුහක කමකින් තොරව කරන එකයි.

    මිලියන් එක පන්නපු උඹට අයියේ තවත් මේකේ දුර ගමනක් යන්න පුළුවන්.ඉතින් ඒ දුර යන්න උඹට මගේත් උණුසුම් සුබ පැතුම්.....!!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න