.

.

Aug 19, 2014

මහේල, කිරිකැට් හා මහත්හොරු - Gentleman's Game, Cricket & Mahela



මේ ළඟදී රූපවාහිනි සකච්ඡාවකදි පට්ට ජෝක් එකක් දැක්කේය. සිද්දිය මෙසේය. ජෙප්පන්ගේ මහ ඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරතන ඌවේ දුප්පත් කමේ ප්‍රතිශතේ ගැන ගේම ඇද්දේය. විජිතමුණුයානම් කිව්වේ එහේ දුප්පත් උන් නැතෙයිය. ඉන්නේ බොහෝම පොහොසත් උන් කියලාය. ඔය, අර ශත, මේ ශත, ප්‍රතිශත ඕනා වෙන්නේ නැතිය. මොණරාගල, බුත්තල පැත්තේ ගියපු ඕන එකෙකුට එහේ ඉන්න බිලියනර්ස්ලා ඇස් දෙකෙන්ම බලා ගන්නට පුළුවන්ය. නැතත් ටැලිවිසොන් වලත් අපරාදේ කියන්නේ, වතුර බින්දුවක් නැති, හේන් කුඹුරු පාලු උන, බිලියනර්ස්ලා ඕසෙට පෙන්නනවාය.

කවදත් ගල් ආඳ උත්තර දෙන, අම්මට සිරි ලංකාවේ අග්ග මහා පන්ඩිත, ගොම්මන්පිල මැතිදානෝ. මෙළෝ යකෙකුට ප්‍රඥාගෝචර නොවනාකාරයට ඉතා නිර්භිතව හා ආඩම්බරයෙන් යුතුව එම ප්‍රථිශතය ලබා ගත් කාලයේ පැවති නියංසාය එයට හේතුව ලෙස, ඉතා ආඩම්බරයෙන් යුතුව කරුණු කාරනා ගෙන හැර පෑවෝය. එතුමානෝ කවදත් දෙන්නේ පොර ටෝක්ය. උනාට කරපු මෙළෝ සංසාරයක් නැතිය. සම්පූර්ණ වෙලාවම ගත කළේ, ඌවේ ජනතාව ගැන කතා කිරීමට නොව. එයාගේ බයිලා ගායනය සඳහාය. මෙතුවක් කල් රඟපෑ මහා ප්‍රඥා චරිතය ගලවලා දැම්මේ හරීන් ප්‍රනාන්දුය
 .
හරින් කිව්වේ, ඔය වැල් බයිලා ගහන්නේ නැතිව, මිනිස්සුන්ගේ ඉල්ලාගත් රුපියල් සීයේ බජට් එකට උනේ මොකද කියාය. අර ප්‍රඥා බුද්ධිමත් කම් බල්ලාට ගියේ, මේ ප්‍රශ්ණේ නිසාය. මම මරු ජෝක් එකයි කිව්වේ, ඒකට දුන්න උත්තරේ නිසාය. පොර කිව්වේ බජට් එක හදලා ඉවර බවත්, ඌව මැතිවරණය අතර තුර ඉතා වැදගත් මාතෘකාවක් හා කතිකාවක් සමඟ, මහා පෙරලියක් ඇති කරනා ආකාරයෙන් ආදායම් හා වියදම ප්‍රසිද්ධියට පත් කරනා බවය. අපි මේ බුද්ධිමත් ටොම් පචයාගේ වාර්ථාව එන තෙක් බලා සිටිමු.

ගොම්මන්පිල මතක් වූයේ  කිරිකැට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් බැවිනි. කිරිකැට් ගහන්නේ මහත්තුරු කියලා කතාවක් ඉස්සර ඉඳලා තියෙන්නේය. "කිරිකැට් ඉස් ඒ ජැන්ටල්මෑන්ස් ගේම්.." කියා කියන්නේ ඒ නිසාය. ගොම්මන්පිලලා ජැන්ටල්මෑන්ස්ලා කිව්වට මර්වින් සිල්වාස්ලාටත් වඩා ගල් ආඳෝය. මේ රටේ බූරුවා ගැසීමේ සිට, කැසිනෝ ගැගිල්ල දක්වා නා නා ප්‍රකාරයේ ගේම් තිබුනාට. අපේ බොක්කේ තියෙන්නේ කිරිකැට්ය.

වේස කොල්ලෝ කිරිකැට් බලන්නට මහරජතුමාට එන්නට එපා කිව්වාට, එතුමානෝ කිරිකැට් බලන්නට එන්නේ ඒ හින්දාය. සුසන්තිකා හැර ජාත්‍යන්තරයේ නමක් රන්දලා තියෙන්නේ, කිරිකැට් ගහනා උන් විතරමය. කරුමේ කියන්නේ, ආන්ඩුවෙන් ක්‍රීඩාවට දාන්නේ ක්‍රීඩකයෝ නොව, කට වාචාලයෝ වීමය. උන් කරනා මෙළෝ මළදානයක් නැතිය. අන්තීමට ක්‍රීකට බෝඩ් එකේ ඉන්න උන්ගේත් නෝ බෝල් චැක් කොරන්න වෙලා තියෙන්නේ, අපේ මහ රාජාටමය. අනික් ක්‍රීඩා මෙළෝ රහක් නැතිය. කාළයක් මනිලාල් කියලා එකෙක්, ෆුට්බෝල් ගිල්ලෝය. අද "මාස්" එකේ, "චේ ගුවේර" කැප් එකක් දා ගත් පිස්සු වාහේ කෙනෙක්, බොක්සිං වලල්ලේ පිට ඉඳගෙන, මපට් ෂෝ පෙන්නනවාය. පොදු රද ගේම් වලට 144 ක් ගිහිල්ලත් ගෙනාවේ, එකම එක රිදී පදක්කමක්ය. එහෙම එක රිදී පදක්කමක් ගේන්න 144 ක් යවන්නේ, ක්‍රීඩා ඇමතිලා මොල් පොරවල් නිසා මිස, වෙන හේතුවක් හින්දා නෙමේය.

ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිටියේ ජැන්ටල්මෑන්ස්ලා උනාට, අද ඉන්නේ අම්බ හොර දෙටුවෝය. කෝටි ගනන් ප්‍රොෆිට් තිබු ක්‍රිකට් බෝඩ් එක නැති බංගස්ථාන කොරලා දැම්මේ, කාළකන්නි රණතුංගලාය. උන්නැහේලාට කෙලවෙන්න යනවා කියා වටිං ගොඩින් රෝයිටර් වාර්ථා ආවත්, තාමත් හූණු බිජ්ජක ඩැමේජ් එකක් නම් වෙලා නැතිය. කොහොම නමුත් 96 කප් එකක් ගෙනත්, කිරිකැට් ක්‍රීඩාව තම ප්‍රාණ බුක්තියට සවිකර ගන්නට ගිය රණතුංගලාට කෙලවෙලා යනවා නම්, එය හෙට දිනයේ හෝ කිරිකැට් ක්‍රීඩාවේ උන්නතිය පිණිස වන්නාහුය.

ක්‍රිකට් ගහපු උන් කප්පරක් උන්නත් ලැජන්ට්ලා සිටින්නේ බොහෝම ටික දෙනාය. මාතලන්ගේ කිරිකැට් දැණුම අනුව නම්, එදා මේද තුර ලංකාව බිහිකල සුපිරිම පිතිකරු මහේල ජයවර්ධනයෝය. ඒ යකා පටන් ගත්තේත් ෆිෆ්ටියෙන්ය. ගෙදර ගියේත් ෆිෆ්ටියෙන්ය. ඒ ෆිෆ්ටියේ ඒවා ෆිෆ්ටියක්ම ගහලාය. ඒ මදිවාට කිරිකැට් පිටියේ ඕනම තැනක බෝල ඇල්ලුවා මිස, ගෙම්බෝ ඇල්ලුවේ නැති නිසා ඒ ටැලන්ට් එකෙනුත් රැකෝඩ් එකක් තියෙන්නේය.

මහේලගේ ඉස්ටැසිස්ටික් මේ පෝස්ට් අස්සේ කියනා එක, නිකං පම්පෝරි වැඩය. මට ඒ මහත්තයාට කියන්නේ තියෙන්නේ මෙන්න මේ ටිකය. ටෙස්ට් වරම් ගත්තායින් පස්සේ කප්පරක් මහත්හොරුන් බිහි කලාට. මහත්වරු බිහි කරලා තියෙන්නේ අත් දෙකේ ඇඟිලි ගනනටත් අඩුවෙන්ය. මුරලිදරන්ලාගේ නම් වලත් එතනෝල් ගෑවිලාය. රණතුංගලා කියන්නේ ක්‍රිකට් අයිතිකරුවෝය. අද ආගිය අතක් නැතිය. සනත්ලා එලෙව්වායින් පස්සේ, නාමල්ලාගේ පිහිටෙන් බෝල ගහන්න ඇවිත්, ඇට දෙකත් තලාගෙන පුක නැති වෙන්නම, නෝන්ඩි වෙලා ගියේට. කාළයක් කැප්ටන් කම් කෙරු හෂානුත් අද ගූ හතේ හොඳම එකය. එහෙටත් නැතිය මෙහේටත් නැතිය.

මහත්වරු කියා ජාත්‍යන්තරයේ නමක් තියාගෙන ඉන්නේ. මඩුගල්ල, මහානාම, ධර්මසේන, හා රසල් පමණි. අනෙක් උන් අතර චාටර් උන උන්ද, කාඩ්  කුඩු කර නොගත්ත උන්ද බොහෝය. අද කන්ඩායමේ සිටිනා උන්ගෙන්, සමුගෙන යන මහේලද. සංඝාද, මැතිවුස්ද, මහත්වරුන් ලෙස මුළු ක්‍රිකට් ළෝකයම පිලිගනි. ඒ නිසා අප ආදරය කළ මහේලට අපට කීමට ඇත්තේ එකම එක දෙයකි. එනම් තව දුරටත් මහත්මා කම රැකගෙන. ජාත්‍යන්තරයේ අම්මට සිරි ලංකාවට කීර්තියක් අත්කර දෙන ලෙස පමණි.

මහේලට ලැබුන ඔක්කෝම සම්මාන වලට වඩා වටින්නේ. පකිස්ථාන් ක්‍රීඩකයින් විසින් පිරිනැමු සම්මානය හා බොක්කෙන්ම පිරිනැමූ සුබ පැතුම් බවත්, මේ අවස්ථාවේදි නොකියාම නොහැකිය.


මහේල...., ගොම්මන්පිලලා මෙන්, පච මහත්මයකු නොවි, අනාගතයේත් නියම මහත්මයකු වන්න.

මහේල, ඔබට සුභ අනාගතයක්...!!!

120 comments:

  1. Replies
    1. එක රැයින් අන්තර්ජාලයේ ජනප්‍රිය වූ වාරියපොල තරුණිය මෙන්න
      Gossip

      වාරියපොලදී තරුණයෙකුට කම්මුල්පාරවල් කිහිපයක් ගැසූ තරුණිය කවුදැයි බොහෝ දෙනාට ගැටළුවක් වී තිබුණි. ඒ ඇය ගැන අන්තර්ජාලයේ කිසිදු තොරතුරක් නොමැති නිසාය.

      එක සතියෙන් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වූ එක්ස්-ඒලියන් මේධානි පරදා ඇය එක් දිනකින් අන්තර්ජාලයේ ජනප්‍රිය විය.

      කෙසේ වුවද අප වෙත දැනගන්නට ලැබෙන පරිදි ඇය වාරියපොල ප්‍රදේශයේ ගෝනාගම-කුඹුක්ගැටේ අතර පිහිටි නෑටිය නම් ප්‍රදේශයේ තරුණියකි

      නම තිලිණි ඉමල්කාය. නිලූකා යුනු බජාර් එකේදී ඇය බාවිතා කරන නමයි.

      පාසැල් ගොස් ඇත්තේ ගෝනාගම කුරුණෑගල මාර්ගයේ වූ පිඹුරුවැල්ලේගම පාසැලටයි.

      ඇය, පසුගිය වයඹ මැතිවරණයේදී දයාසිරි ජයසේකරට සහයෝගය පල කළ එ.ජ.නි.සන්ධානයේ වයඹ පලාත් සභා මන්ත්‍රී D.B හේරත්ගේ ආධාරකාරියකි.

      මංත්‍රීවරයාගේ ග්‍රාමීය මට්ටමේ වැඩසටහන් වලට ඇය තරුණිය සහයෝගය දක්වන බව වාර්තාවේ.

      මෙම පහරකෑමට ලක්වූ තරුණයා මුස්ලිම් ජාතිකයෙකු නොවන අතර වාරියපොල ආසන්නයේ වාසය කරණ ද්‍රවිඩ තරුණයෙකු වේ.

      වීඩියෝවේ පසුබිමෙන් සුදු අත් කොට කමිසයක් හැඳ සිටින පුද්ගලයා දේශපාලන පන්දමකින් ටයිම්කීපර් කෙනෙක් වූ ජයසිංහ නම් වූ පුද්ගලයෙකි.

      නිලූකා මෙම ජයසිංහව හොඳින් හඳුනන අතර නගරයේ තිබෙන ඔහුගේ හිතවත්කම් හා දේශපාලන හයිය මත තරුණිය එම පුද්ගලයාට පහර පිට පහර එල්ලකිරීම සිදුකර තිබේ.

      Delete
    2. අම්බ බයි බඩුවක් නේ.

      Delete
    3. මේකි කාගේ හරි හයියකින් ගහන බව වීඩියෝ ක්ලිප් එකෙන්ම පෙනෙනවා. හුන් ගොත්තියක්

      Delete
  2. අපි හිතුව මාතලන් අයිය ගල් වෙලා කියල

    ReplyDelete
    Replies
    1. ගල් ටිකක් නම් වැඩියෙන් වැටුනා තමා....

      Delete
  3. සුපිරි පිංතූරෙ මචෝ.

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් අහු උනේ.. සොයන්නාට සම්බ වේ..

      Delete
    2. ශ්‍රි ලන්කා ක්‍රිකට් කාපාලුවත් පසෙකින්

      Delete
  4. Ela,Ela,Maathalan,Photo eke Cricket wala "henahura"th lokkata passen oluwadagena.(Ranjan)

    ReplyDelete
    Replies
    1. රන්ජන් ෆ්‍රොම් ජර්මන්

      Delete
  5. මහේල...., ගොම්මන්පිලලා මෙන්, පච මහත්මයකු නොවි, අනාගතයේත් නියම මහත්මයකු වන්න.

    අපිත් පතන්නේ ඔය ටිකම තමයි.

    කම්බ හොරු දියබුං ගහන මට්ට වළවල්වලට පැනල එක එක පප්පලට පප්පලගේ බේබි ලට කඩේ නොයා, තමන්ගේ ජාතකෙත් නැතිකරගෙන කාඩ් කුඩු කරගෙන පොන්න ජෝකර් කෙනෙක් වෙන්නේ නැතිව තමන්ගේ මහත්මා ගතිය රැකගෙන බොහොම අමාරුවෙන් හරි හම්බ කරගත්තු මෙච්චර කල් රැකගෙන ආපු නම්බුව ආරක්ෂා කරගෙන අපිට ඉස්සරහටත් මත්තයෙක් කියල කට ඇරලා ලජ්ජා නැතිව කියන්න පුළුවන් විදියට ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න . එතකොට එදාටත් ලංකාවම එක්ක මුළු ලෝකෙම මහේල ජයවර්ධන කියන නමට ගරු කරයි.


    ReplyDelete
    Replies
    1. අනිවා... ඒ වගේම, ජාත්‍යන්තරයත් ඔහුට සාධාර්ණයක් ඉටු කරාවියයි අපි බලාපොරොත්තු වෙනවා..

      Delete
  6. \\"මාස්" එකේ, "චේ ගුවේර" කැප් එකක් දා ගත් පිස්සු වාහේ කෙනෙක්//

    මේ කියන්නේ මාද ඇතුලුව දහස් ගණනක් වූ MAS පවුලේ සමූහ අධ්‍යක්ශකවරයා වන ඩයන් ගෝමස් මහතා පිළිබඳවය. ඔහු ඔබට කල දෙයක් හෝ රටට කල දෙයක් නැතිවා වීමට පුලුවන්.(ඔබ කියන ආකාරයට ), නමුත් දහස් ගණනක් වූ "ගාමන්ට්" කොලන්ගේ කෙල්ලන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවා ඔවුන් මේ රටේ මතු නොව ජාත්‍යන්තර තලයට පවා ඔසවා තැබීමට ඔහු ඇතුලු පිරිස් කල මෙහෙවර MAS පවුලේ අයටනම් මහමෙරක් සේය. එනිසා හරි හැටි කරුණු නොදැන මෙතරම් දරුණු නිර්ධය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස මාතලන් අයියණ්ඩිගෙන් ඉතාම දයාබරව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

    එම කරුණ හැර ලිපියේ අනෙක් කරුණු සමඟ ඔබ සමඟ සීයට දාහක් මාත් එකඟ වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතා කරන්නේ ගාමන්ට් එකක් ගැන නෙමෙයි නේ. ක්‍රීඩාව ගැන. ඒ ගේම්ස් වලදි මෙයාගේ හැසිරීම ගැන නම් කියන්න තියෙන්නේ, නොම්මර එකේ මෝඩ චූන් කරුවකු බව පමණයි. මට දුක බොක්සිං ක්‍රීඩකයෝ පහර කාලා නොන්ඩි උන් එකයි. මේ වගේ පචයන්ට කන පැලෙන්න නොගහා..

      Delete
    2. Manosh Sandaruwan
      ඩයන් ගෝමස් ගාමන්ට් වලින් රටට සේවයක් කරනව වෙන්න පුළුවන්. බොක්සිං වැනි ක්‍රීඩා වලට අනුග්‍රහය දැක්වීමත් හරි. නමුත් පහුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඔහු සහභාගී වෙලා තිබුනෙ "පුහුණුකරුවෙකු" හැටියට. සල්ලි ටිකක් වියදම් කලාම තමුන්ගෙ තත්වයට නුසුදුසු තැනකට යන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක් තමයි එයා. හොඳ දේ හොඳ විදියටත් නරක දේ නරක විදිටත් දකින්න පුළුවන් නං තමයි හොඳ.

      Delete
    3. ඒ කතාව මං පිළිගන්නවා.


      \\හොඳ දේ හොඳ විදියටත් නරක දේ නරක විදිටත් දකින්න පුළුවන් නං තමයි හොඳ//

      ඒ වගේම මේ කතාවත් පිළිගන්නවා.

      මං හිතන්නෙ තේරුම් ගන්න ඇති.

      Delete
    4. ඩයන්ගෙ සමහර දේ ගැන විවේචන තිබ්බත් ඌ බොක්සින් වලට ( සහ තවත් ස්පෝර්ට්ස් කිහිපයකටම ) කරන දේ ගැන මගේ තියෙන්නෙ කැමැත්තක්, ප්‍රසාදයක්.

      ඩයන් තමයි කවුරුත් ගනං ගන්නෙ නැතිව වේලි වේලි හිටපු ස්කූල් බොක්සර්ලට එක්සෙකටිව් ජොබ් දීල, උන්ට සෙල්ලං කරන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ෆැසිලිටීස් දීල බොක්සින් වලට ලංකාවෙ තැනක් තියෙනව කියල පෙන්නුවෙ. මිනිහ ඒක නොකලනම් වෙන බල්ලෙක්වත් නෑ ලන්කාවෙ බොක්සර්ලට උදව් කරන්නෙ.

      අනෙක් පැත්තෙන් ඩයන් කියන්නෙ හැත්තගණං වල රෝයල් එකේ ෆ්ලයිවේට් චැම්පියන් සහ නැෂනල් ජූනියර් ෆ්ලයිවේට් චැම්පියන් බොක්සර්. ලංකාවෙ ප්‍රොෆෙෂනල් බොක්සිං නැති නිසා ඉන් එහාට උගෙ බොක්සිං කැරියර් එකක් තිබ්බෙ නැති උනත් තනියම දිගටම ට්‍රේනින් කරල තමන්ගෙ බොක්සින් ස්කිල්ස් මේන්ටේන් කරගත්තු කෙනෙක්. ඒ වගේම ප්‍රොෆෙෂනලි කෝච් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක්.

      මම දන්න විදියට මිනිහ කොමන්වෙල්ත් එකේ ට්‍රේනින් ටයිට්ල් එකක් අරගත්තෙ, ඒක නැතුව රින්ග් එක ලඟටම ගිහින් තමන්ගෙ කොල්ලො මෝටිවේට් කරන්න බැරිවෙන නිසා මිස ඌට කැපිල පේන්නවත්, රට යන්න ආන්ඩුවෙන් ටිකට් එකක් ගන්නවත් නෙමෙයි.

      ඩයන්ගෙ පොඩි උන් දින්නෙ නැති එක ඇත්ත. ඒත් උන් 2008 ඔලිම්පික් යන්න කොලිෆයි උනේ ඩයන් ඔය තොප්පිය දාං නටල කරපු විකාර නිසා මිසක් මහ රජාගෙ චීන යාළුකමට නෙමෙයි.

      Delete
    5. ඉන්දික ඔබට බොහොමත්ම ස්තූතියි...

      Delete
    6. ලංකාවෙ වැඩක් කරන උන් පොඩ්ඩක් ඕවර් යන එකයි කල් යන කොට උන්ට පොඩි ලූස් ගතියක් එන එකයි ප්‍රශ්නයක් නේ?
      නිශ්ශබ්දව වැඩේ විතරක් කරන එක අපේ ඇඟේ නෑ වගේ

      Delete
    7. Pra, ඩයන්ටත් දැන් පණස් පහක් විතර වෙනවනෙ. වයසට යනකොට බොක්සිං ගහපු උන්ගෙ නට් ලූස් වෙන එක සාමාණ්‍යයි.

      Delete
    8. //බොක්සිං වලල්ලේ පිට ඉඳගෙන, මපට් ෂෝ පෙන්නනවාය. // කියල මාතලන් කියන්නෙ Parkinson's ද එතකොට ? :-D ( සැ.‍යු. අපහාසයක් නොවේ, උපශාන්තගේ කතාවට උපහාසයක් පමණි )

      Delete
    9. @ ඉන්දික මල්ලි....පසු විපරම් සොයා බලන තොට....හෙක්... හෙක්....
      කරුණ ල බෝම්බ ගහපු තැන් ඔල සරණයි''''''''! .....

      Delete
    10. // ලංකාවෙ වැඩක් කරන උන් පොඩ්ඩක් ඕවර් යන එකයි කල් යන කොට උන්ට පොඩි ලූස් ගතියක් එන එකයි ප්‍රශ්නයක් නේ? //

      ප්‍රා මචෝ රයිට් ඔන් මනි!!

      Delete
    11. ඉන්දිකගේ කොමෙන්ට් එකේ "කැපිලා පේන්නවත්" කියන කෑල්ල කැපිලා ගියා නම් සෑහෙන වටිනවා. අපේ ආයතනවලත් උන්නා ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩකයන්ටත් උදව් උපකාර කළ නිළධාරින්. ඔවුන් ජාත්‍යන්තායත් ජයග්‍රහණය කළා ඒත්. කවදාවත්, ක්‍රීඩකයා ගේන් ප්‍රතිරූප ගොඩ නගා ගන්න ගියේ නෑ.

      Delete
  7. 96 න් පසු තිලංග සුමතිපාලගේ සිට රණතුංගලා දක්වා ලංකාවේ ක්‍රිකට් අනුභව කරමින් ක්‍රිකට් පහණින් තමුන් බැබලීමට විවිධ මහත්හොරු කරලියට ආහ. ඔය පින්තුරේ මහින්ද මාමිට මුවා වෙලා ඉන්නේ රණතුංග පවුලෙන් බිහිවූ අද ලංකාවේ ක්‍රිකට් වල ලොකුම කෑල්ල අනුභව කරන්නාය.සංගාට මහේලට එරෙහිව කඩු අමෝරා උන්ට ක්‍රිකට් එපා කරවමින් සිටින මේ හොර ගෙඩියාට තකට තක සිටින ක්‍රීඩාව ගැන මෙලෝ හසරක් නොදන්නා ( ඇමති මණ්ඩලයේ අනෙක් උන් සේම ) ක්‍රීඩා ඇමතියෙකුද සෙට් වී සිටී .වැඩේ කියන්නේ ක්‍රිකට් බෝඩ් එකේ ලෝක ප්‍රකට හොරා කෑමක නිරතව සිටින මේ හොර ගෙඩියාට මදි පාඩුවට සරිලන සේ දුෂණය නාස්තිය නිසාම හපයක් වී ඇති මිහින් ලංකා එකත් භාර දෙන්නට තරම් මාතලන්ගේ රජාණෝ කාරුණික වීමයි ! නිශාන්ත රණතුංගට එරෙහිව සංගා සහ මහේල මහරජාට පැමිණිලි කල බවක් ආරංචියි .හොරාගෙ අම්මගෙන් පේන ඇහුවහේ තියෙන්නැති!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අප මහරජානෝ, "මාතලන්ගේ මහරජානෝ" නොව, සුවහසක් අම්මර සිරි ලංකා වාසින්ගේද මහරජානෝය.

      Delete
  8. අර වාරියපොල කොල්ලට ගහපු වේසි ගැන මාතලන්ගේ අදහස කියනවද්? හොයා ගන්න පුලුවන් නම් ඒ වේසි කව්ද කියලත් එළිදරව් කරන්න... ඇමති බොඩිගාඩ්ලට කොල්ලෙක්ගෙ පිරිමිකම යට කරන්න පුලුවන් තරමට අපේ රටේ නීතිය වල් බල්ලටම ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ඕක අහන්න ඕන අපේ පො.මා.පොකාෂගෙන් බං ......
      එයා ලස්සනට කියයි........හෙක්......හෙක්....

      Delete
    2. කෙල්ල ගැන නම් කියන්න දෙයක් නෑ. කොල්ලා නම් පොන්නයෙක්..

      Delete
  9. ඇත්ත කතාව නම් ලංකාවේ අපට එංගලන්තයට ඔස්ට්‍රේලියාවට ඉන්දියාවට වගේ දියුණු දේශීය තරඟ රටාවක් වත් හොඳ ක්‍රිකට් පරිපාලනයක් වත් නැත.ක්‍රිකට් පරිපාලනය අතින් අපි ඉන්නේ ලෝකයේ අන්තිම තැනේ පකිස්ථානය හා සම තැන ගනිමිනි.අපේ රටේ පාසල් මට්ටමේ දක්ෂ පුහුණුකරුවන් කීප දෙනෙකුට පින් සිදු වන්නට දක්ෂයන් හඳුනා ගනිමින් ලෝක පුජිත ක්‍රීඩක පිරිසක් බිහි නොවන්නට අපිට වෙන්නෙත් සිම්බාබ්වේට වුනු දේමයි. අද අපේ ක්‍රිකට් මෙතන තියෙන්නේ රටේ පිනට එකෙක් යනකොට තවකෙක් ආ දක්ෂ ක්‍රීඩකයන් පිරිස නිසා මිස ක්‍රිකට් පාලකයන් හෝ ක්‍රීඩා ඇමතිවරු කර ඇටිකෙහෙලක් නැත.මේ ක්‍රීඩකයන්ගේ දස්කම් වලට මුවා වී බෝඩ් එකේ සෙට් එක කල්ල මරේ කර ගත්හ.අපේ අවාසනාව කියන්නේ මහේල සන්ගාගෙන් පසු මතිවුස් ඇරෙන්නට ඒ ක්ලාස් එකේ රිප්ලේස්මන්ට් එකක් තවමත් මතු නොවීමයි.එහෙම එකෙක් වාසනාවට ඉබේ බිහි වනවා මිස යුගයට ගැලපෙන දක්ෂයන් බිහි කරන සිස්ටම් එකක් හදන්නට උවමනාවක් ක්‍රිකට් බෝඩ් එකටවත් ඇමතියාටවත් නැත .කෙහළිය රඹුක්වැල්ල එස් එම් එස් එකක් මගින් තමුන්ගේ නාස්තිකාර පුත්‍රයාව ජාත්‍යන්තර තරඟයකට සෙල්ලම් කරවන රටක නාමල් හෝ යෝෂිත කුමාරවරු විහිළුවටවත් ලෙදර් බෝලයක් අතගා නොතිබීම රටේ වාසනාවකි.නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට්වලටත් රගර් වලට වගේම සී එස් එන් සරණයි!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ලංකාවෙ ක්‍රිකට් ජනප්‍රියයි. ඒ නිසා අහුමුළුවල ඉන්න දක්ෂයන් ලෙහෙසියෙන් එනව. (ආසියාවටම අදාලයි මේක). ඕස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවල් ක්‍රීඩකයන් හදල ගන්නව. අපිට එහෙම කරන්න බැරි මේ ඉන්න අැම්බැට්ටයන් නිසා. අවාසනාවකට හරි ක්‍රිකට් වල ජනප්‍රියතාවය නැති උනොත් අබ සරණයි!

      Delete
    2. දක්ෂයෝ බිහිවනවා මිස නිෂ්පාදනය කළ නොහැක. නැතිනම් අපේ රටේ තියෙන කැම්පස් ප්‍රමාණයට මෙරට බුද්ධිමතුන්ගේ රජ දහනක් විය යුතුය.

      Delete
  10. මාතලන්,
    එතැනදි ගම්මන්පිළ කියපුදේ ඔයා අතින් ටිකක් විකෘති වෙලා වගේ. ඒ මනුස්සයා කිව්වේ තමුන්ගේ අයවැය වාර්තාව හදල ඉවරයි. ඒක ඉදිරිපත් කරන්න හොඳම වෙලාව දැන් එළැඹිලා කියන එකයි.( මොකද දැන් ඉදිරිපත් කලාම වාචාල හරින්ට එයා එතනදී කියපු හැමදේම ගිලින්න වෙනවා. හරින් ගහපු ගැටයට හරින්ම අහුඋන එකයි එතනදි උනේ. හරින්ට කටේ සද්දෙන් තමන්ගේ ළදරු බව වහගන්න බැරිඋනා)

    ReplyDelete
    Replies
    1. ඔයා ගොම්මන්පිලගේ මාධ්‍ය පොකාෂකද මචෝ.........?

      Delete
    2. A ට ගැහුවම ඇයි B අඬන්නේ. උයාට කසනවද මෙයා....

      Delete
    3. A 2 Z ..... මොන හුත්තට ගැහැව්වත් මට කමක් නැතිය......
      මාතලන් මම කැමති No 1 මගෙ බොක්කාය....
      ඌ ට ගස් කැරියෝ යමක් කියද්දි ....කැසිල්ලක් නම් නැත බං ....
      වෙන්නෙ ...............විකසිත වීමය ..... පුෂ්පය....
      කසන එවුන්ට ....ඇත මා ලග බෙහෙත්..... හෙහ්...හෙහ්..

      Delete
    4. @AnonymousAugust 19, 2014 at 1:11 PM
      //ඒ මනුස්සයා කිව්වේ තමුන්ගේ අයවැය වාර්තාව හදල ඉවරයි. ඒක ඉදිරිපත් කරන්න හොඳම වෙලාව දැන් එළැඹිලා කියන එකයි.//
      ගොන්මංපිලගෙ මනාපෙ (සහ සල්ලි) හිඟාකාපු චන්දෙ ඉවරවෙලා දැන් කොච්චර කල්ද? එතකොට එයාට ඔය ලැබුණු සල්ලි ටිකයි චන්දෙදි ඒවා වියදම් කරපු විදියයි හදාගන්න ඔච්චර කාලයක් ගියානම්, එයාලට රටක අයවැයක් වාගෙ එකක් හදන්න ගියෝතින් අවුරුදු කීයක් යයිද? අනික ඒ අයවැයත් දැන් හදල ඉවරයි නම් නැකැත බල බලා හොඳම වෙලාවල් තෝරන්න ඕනැද? මෙවිවා වැදි බණනෙ බං.

      Delete
    5. @ AnonymousAugust 19, 2014 at 11:46 PM....
      thnx මචෝ......

      Delete
    6. ඇනෝ ඔය විවාදේ මමත් බැලුවා ඕකේදී ගම්මන්පිල තවත් ගොන් කතාවක් කිව්වා.
      හරින්ට අභියෝග කෙරුවා ජන්ද ලක්ෂයක් ගන්න කියලා.හරින් ඒ වෙලේ කිව්වා කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න ජන්ද දයාකයෝ ගණන සහා බදුල්ල දිස්ත්‍රික්කේ ඉන්න ජන්ද දයාකයෝ ගණන.ඉන් පස්සේ ගම්මන්පිල කිව්වා එහෙනම් පනස්දාහක් ජන්ද ගන්න කියලා.එහෙම පනස්දාහක් ගත්තොත් තමන් ඉල්ලා ඇස වෙන බව කිව්වා.
      හරින් අභියෝගේ භාර ගත්තයින් පස්සේ එකට එක එක කොන්දේසි දාන්න ගත්තා.
      විජිතමුණි තමයි ගම්මන්පිලගේ ජෝක් එක මැද්දට පැනලා වැඩේ කෑවේ.

      Delete
    7. නෑ කිසි විකෘතියක් නෑ. එදා හොඳට නාගත්තා, රෙදි නැතිවම. තාම බජට් එක නම් ආවේ නෑ.

      Delete
  11. අවංකවම, පකිස්තානෙන් මහේලට ලැබුන සමරුව මාත් ඉහලින්ම දකිනවා.. මම දන්න තරමින් වෙන කිසිම ක්‍රීඩකයෙක් සමුගනිද්දී ප්‍රතිවාදි කණ්ඩායෙමෙනුත් සමරු ලැබෙනවා මම දැකලා නෑ.. ඒ ඇරත් ලොක්කා මැදට පැනලා දුන්න එකට වැඩිය ඒක ලොකුයි හැඩයි..

    මයියා රට වෙනුවෙන් කරපු දේ අපිටනම් හොදටම ඇති.. ඊලග වර්ල්ඩ් කප් එකත් දිනලා දෙනවනම් අපිට ඒක ඉහටත් උඩින්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. දිණන්න කව්ද අකමැති.

      Delete
  12. /* මහත්වරු කියා ජාත්‍යන්තරයේ නමක් තියාගෙන ඉන්නේ. මඩුගල්ල, මහානාම, ධර්මසේන, හා රසල් පමණි. */

    ජාත්‍යන්තරය කෙසේ වෙතත් මං හිතන විදියට චමින්ද වාස් ගේ නමත් කැත වෙලා නෑ, එහෙම නොවෙයිද?

    ReplyDelete
    Replies
    1. වාස් ටීම් එකයි බෝඩ් එකයි තුල නම කැත කරගත්තා..

      Delete
    2. වාස් නවසීලන්තේ බෝලින් කෝච් වෙලා උන්නා නම් ඉවරයි. මෙහේ ඇවිත් නෝන්ඩි උනා...

      Delete
  13. බලමු අපි ....... ලොක්ක රන් පිත්තකුත් දුන්න නොවැ ....හෙක්....හෙක්....
    ඔය එයා දෙන දේවල් වලත් වශී බලය කවළලු........
    එහෙම කියන්නෙ ....ත් මං වගෙ කඩප්පුලි කටවල් තියෙන වේස කොල්ලො .....
    මට නම් මහේලය ෂුවර් නැහැ මචං .......

    ReplyDelete
    Replies
    1. දාඩිය පිටින් දුන්න හග් එක දැක්කමනම් මටත් හිතුනේ ඔය ටිකම තමයි මචෝ.

      Delete
    2. මටත් තියෙන සැකය නිසාමයි මේක ලිව්වේ..

      Delete
  14. පාසල් වයසේදීම ෂෝට් කට් එකකින් මෙන් මහේල 2007 පෙබරවාරියේ දී පමණ ලංකා ක්ණඩායමට ආවේ අර්ජුන රජ කරන කාලේ නිසා මං හිතුවේ මහේල අරජුන ගේ ප්‍රොටෙජී (protégé) කෙනෙක් ය කියලයි.

    ReplyDelete
    Replies
    1. මහේල ශෝට් කට් එකකින් ආවා හිතන්නනම් ඔහේට පිස්සු වෙන්න ඕනෙ කතන්දර. 95/96 කාලෙ නිකමටවත් බිග්මැච් එක වත් බැලුවෙ නැද්ද? අඩුගානෙ පත්තරේක ගිය රිපෝට් එකක්වත්? ආනන්දෙ නේද ඉස්කෝලෙ? අවිශ්කගෙයි මහෙලගෙයි නම් ඒ කාලෙ කොච්චර කියවුනාද? අවිශ්කයට ඇඟේ තරමට මොලේ නෑ, තිබ්බනම් ඌත් සුපිරි පොරක්.

      Delete
    2. 97 කකා 97....අයියෝ නහිනදෙහින කාලේ

      Delete
    3. කකා මහත්තයාට පිහියක් දෙන්න හොඳට මුවහත් කරලා කා ළඟ හරි තියෙනවා නම් බඩ නපා ගන්න.

      Delete
    4. පාසල් වයසේදීම ෂෝට් කට් එකකින් මෙන් මහේල 1997 පෙබරවාරියේ දී පමණ ලංකා කණ්ඩායමට ආවේ අර්ජුන රජ කරන කාලේ නිසා මං හිතුවේ මහේල අරජුන ගේ ප්‍රොටෙජී (protégé) කෙනෙක් ය කියලයි.

      මා ලියු කමෙන්ටුවෙන් කියවෙන්නේ මා සිතූ විදිය වැරදියි කියා නොවේද?
      එහෙම නැත්නම් මගේ සිංහල පිළිබඳ අවුලක්ද?

      (2007 යැයි සඳහන් වුනේ වැරදීමකිනි)

      Delete
    5. කකාගේ ෂෝට් කට් කතාව පිලිගන්න බෑ. මහේල ටීම් එකට නොගෙන බැරි තත්වයක් තිබුනේ. නැත්නම් ඒ කාළේ උන්න ටැලන්ට් වල හැටියට ටීම් එකේ රිසව් එන එකත් ලේසි වැඩක් නෙමෙයි.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මටනං බෑ අවුවෙ දිගට ක්රිකට් ගහන්න
    මෙමට ඕනි ක්රික්ට් බෝඩ් එකට පනින්න
    පැනල සේවෙ කරන්න
    ක්රීඩකයින් තෝරන්න
    වර්ල්ඩ් කප් එක ගන්න... නෑ... නෑ...
    වර්ල්ඩ් සවාරි යන්න
    ක්රෙඩිට් විතරක් ගන්න

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි උන් ටික නම් කියා දෙන්නේ අපූරූ පාඩමක්..

      Delete
  17. අරවින්ද හොද නැතෙයි...
    බුවා හොද මනුස්සය මොනා වුණත් ඈ..
    හෙක්...
    ඒ වගේ බෝලෙට පත බාන එකෙක් මං ආයෙ දැක්කෙ නැ...
    ඔහැක්..

    ReplyDelete
    Replies
    1. අරවින්දත් එහෙන් මෙහෙන් කාඩ් කුඩු කර ගත්තා කාළයක්..

      Delete
  18. ජිප්සීස් ලා සිංදුවකුත් හදලා නේ. අහනකොට දුක හිතෙනවා...:(

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුව අහලා මට ඇඬුනා.. ඊට වඩා හොඳයි සුනිල් පෙරේරා කතාවක් කළා නම්.

      Delete
  19. ගොම්මන්පිල නාගන්න එක නාගෙන ඉවරයි හොඳම එකෙන්. හැක්. රුපියල් 100න් මිනිහා නා ගත්ත නා ගැනීමක්!!

    මහේල මගේ ප්‍රියතම ක්‍රීඩකයෙක්! ඔබට සුබ අනාගතයක්!! (ලොක්කාගෙ එක නම් නෙවේය!)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් නරකම නෑ නේ.. මම කිව්වේ ළොක්කගේ අනාගතේ..

      Delete
  20. Replies
    1. කේන්තියට කියන විරිදු

      බුදුන් දහම් සඝ තෙරුවන වැද අවසර රැගෙන සියල්
      අසන් මහතුනේ අනාත රටක කියන විරිදු සුරල්

      කේන්තියට කියන විරිදු

      ඒ අනාත රට ඉස්සර සකල සිරින් පිරුනු රටක්
      බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්

      බුදුන් උන්නේ එහා රටේ

      රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
      ඇවිත් එරට කල කොඩිවින කපන්ට බැහැ මේ කාපේට

      කාගෙත් ඇස් යොමු වුනු රට

      ගෙරි හංකඩ එලාගන්න කොළඹට ආ පරංගියා
      අපේ රටම හූරාගෙන උගේ රටට අරං ගියා

      කොයි පරයත් එහෙම තමයි

      ඉගුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
      ලංදේසීන් ඉංග්‍රීසීන් කැන්දාගෙන වින කෙටුවෝ

      ඒක සැබැයි සැබැයි

      බේර ගන්න පුලුවන්නම් රජ දරුවන් හට ඔටුන්න
      සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න

      රජ පුටුවේ මලත් සැපයි

      එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
      දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනව

      හෙටත් වෙන්න ඉඩ තියෙනව

      කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි
      කෙල හලනව තලු මරනව අල්ලපු රට වල හොටබරි

      උකස් කරන රන් දූපත

      පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුර ගන්ට
      තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්න

      පෙරුම් පුරන බෝසත්වරු

      පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලේ වගේ
      කල දවසක් ආයේ එතොත් මොකටද ලක් මෑණි මගේ

      ඒ පව අප පිට වැටේවි

      රට වටකර වැට බදින්න කැති මන්නා ගන්ට වෙනව
      වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනව

      සාධාරණ පහර දීම

      සිහළු ආපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
      උන් කඳවුරු බදින දිනේ පරයන්ගේ බොටුව කැපේ

      අනාත රට සනාත‍ වෙයි
      අනාත රට සනාත වෙයි
      අනාත රට සනාත වෙයි

      Delete
    2. හෙන කාලෙකින් මේ පද පෙළ ටික කියෙව්වේ.. බොහොම ස්තුතියි සිංදු ඇනෝ.. :)

      Delete
    3. ස්තූතියි සින්දු ඇනෝ...

      Delete
  21. ක්‍රිකට් වල මම දැක්ක සුන්දරම මනුස්සයා බන්දුල වර්ණපුරයි ..... ඊට පස්සේ ආපු අනෙක් කිසිම කෙනෙක් අද ඒ මහතා ඉන්න තැනට (මනුස්සකම අතින්) එන්න පුළුවන් වෙයි කියලා මමනම් හිතන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...උඹ එක්ක පන්සල් වැඩ වලදී එකට ඉද්දි වෙන්ටෑ .... බ්රුක් ෆීල්ඩ්....
      ඔනාද....විච්චර...... හෙක්....හෙක්...

      Delete
    2. එයත් සුලෝහිතයෙක්නේ...

      Delete
    3. මරු මහත්තයා.. අපේ සුපිරි උන්ගේ ක්‍රීඩා ජීවීත කීයක් කෑවද, සවුත් ඇෆ්‍රිකා ගිහින්..

      Delete
  22. ක්‍රිකට් සහ දේශපාලනය යන දෙකටම උනන්දුවක් නැති මම මොනවා කියන්නද කියල කල්පනා කලේ.. මහේලට සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මක්කා කොරන්නද නේ.. මොනවගේ ක්‍රීඩවල් වලටද දන්නේ නෑ කැමති. මාත් බෙඩ් රගර් වලට නම් බොහොම මනාපයි.

      Delete
  23. උඩ අර ඩයන්ගෙ ගැන මම කිව්ව මගේ අදහස. ඒ හැර උඹගෙ ලිපියෙ අනෙක් සේරටම එකඟයි. ඇත්ත, මහේල කියන්නෙ 50 පටන් අරන් 50 ඒව 50ක් ගහල 50 ඉවර කරපු, කිසි කෙනෙකුට සම කරන්න බැරි සුන්දර මහත්මයෙක්.

    අර බුරා කියල තිබ්බ වගේ, ඌ ඉස්කෝලෙ පොඩි කාලෙ සෙල්ලං කරත්දිත්, පැල් බැඳන් එංගලන්තෙට, ඉන්දියවට, සවුත් ඇෆ්‍රිකාවලට ගහත්දිත්, අන්තිමේ පණහක් ගහල පොරක් වගේ ගෙදර යත්දිත් බලගෙන ඉන්න වාසනව තිබ්බ.

    ReplyDelete
    Replies
    1. සුලෝහිතයෝ බහුතරයක් කොහොමත් මහත්තුරු තමා ඉන්දික..

      Delete
    2. මටත් කියන්න තියෙන්නේ ඩයන් ගැන දැන ගන්න ගිය ඉරිදා රාවය කියවන්න කියන එක පමණයි. ක්‍රිඩකයන්ගෙන් ප්‍රතිරූප හදා ගන්න යන ඕන එකෙක් මට අරහං

      Delete
  24. මහේල ට සන්සුන් හිතෙන් සෙල්ලම් කරන්න පුලුවන් වුනේ ලොක්කා යුද්දේ ඉවර කල නිසාය

    ලොක්කාට යුද්දය ඉවර කරන්න පුලුවන් වුනේ රනිල් ලොක්කා නූල් සූත්තර දාපු නිසාය

    රනිල්ට එසේ කිරිමට උනේ ප්‍රේමදාස කොටින්ට සල්ලි දුන් නිසාය

    ප්‍රේමදාසට එහෙම කරන්නට උනේ ජේ ආර් ඉන්දීය හමුදාව ගෙනා නිසාය

    ජේ ආර්ට එසේ කිරිමට වුවේ කොටින් බලවත් වූ නිසාය

    උන් බලවත් වූයේ උන් ඇතිවු නිසාය

    උන් ඇති වුයේ බන්ඩා සින්හල රාජ්‍ය බාසව කල නිසාය

    එය වූයේ තකතීරු ගොන් මහ ජනතාව උන්ව පත් කල නිසාය.

    ලොක්කා නැත්නම් මහේල ඔච්චර දුර යන්නේ නැත. වැසි වහින්නේ නැත. ඉර පායන්නේ නැත.
    වරද වෙන කාගෙවත් නොව අර ජනතාව කියන උන්ගේය

    මෙය පෝස්ට් එකක් ලෙස ලියන්න සිතා සිටියත් මෙතන සටහන් කලෙමි

    ReplyDelete
    Replies
    1. //උන් බලවත් වූයේ උන් ඇතිවු නිසාය//

      @ JP, උන් බලවත් වීමට ආසන්නතම හේතුව 83 ජූලි.
      උන් නැතිවීමට ප්‍රධාන හේතුව රජීව් ගාන්ධි ඝාතනය.

      Delete
    2. මරු තරකේ... ආයේ ඉතින් නියං කළාපෙට වැස්සොත් මහ රජතුමාගේ පින. පෑව්වොත් ජහ මනයාගේ කරුමය.

      Delete
    3. ඔයවගෙ තර්කයක් තියෙනව 18 කොලමෙ එන පොලිස් කොලමේ
      එකෙ කොස්තාපල් කියනව
      "මම සාජන්ට බයයි, සාජන් ඉස්පැට්ටර්ට බයයි, ඉස්පැට්ටර් පොලිස්පතිට බයයි, පොලිස්පති මැම්බර්ට බයයි, මැම්බර් ප්‍රසිඩෙන්ට බයයි, ප්‍රසිඩෙන්ට් මහජනයට බයයි, මහජනය මට බයයි,
      එකනිසා මම තමයි ලන්කාවටම ලොක්ක" කියල

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මහත්හොරුන්ගේ ක්‍රීඩාවෙන් සමුගත් මහත්මයා ; මහේල.

    ReplyDelete
  27. මහේලට තියෙන්නේ හෙල උරුමෙන් දේශපාලනයට එන්න

    ReplyDelete
    Replies
    1. දවසේ ජෝක් එක....:D

      Delete
    2. ජනතා නිදහස් පෙරමුණත් හොඳයි අප්පා...

      Delete
  28. මෙන්න අපේ මතය අද දිනමිණ කතු වැකිය

    විශිෂ්ටත්වය කිසිදා විශ්‍රාම නොයයි

    මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගැනීම මුළු රටට ම පාහේ හැඟුම්බර අවස්ථාවක් වී තිබිණි. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ද, ක්‍රිකට් නායකයකු ලෙස ද ඔහු ගොඩනඟා ගෙන තිබූ මනා පෞරුෂය ඊට හේතු වන්නට ඇත. නායකයකු ලෙස ඔහු ඉතා බුද්ධිමත් ය. හැම විට ම තම රට වෙනුවෙන් ද, කණ්ඩායම වෙනුවෙන් ද නිවැරැදි හා බුද්ධිමත් ව තීන්දු ගැනීමට මහේල සමත් විය. එලෙස ම ක්‍රීඩකයකු ලෙස පිත්තෙන් දැක්වූ පෙළහර මෙරට ක්‍රීඩාලෝලීන්ගේ පමණක් නො ව විදේශීය ක්‍රීඩාලෝලීන්ගේ ද මතකයෙන් බැහැර නො වනු ඇත. තවත් අතෙකින් ඔහු ඉතා දක්ෂ පන්දු රකින්නෙකි. මුත්තයියා මුරලිදරන් සිය ජයග්‍රහණවල දී නිරන්තරයෙන් ම මහේල සිහිපත් කරන්නේ ඔහුගේ අති දක්ෂ පන්දු රැකීම නිසා ය.

    මේ සියල්ලට ම වඩා මහේල හොඳ මහත්තයෙකි. කෙළින් වැඩ කරන; කෙළින් කතා කරන අවංක විචක්ෂණශීලී පුද්ගලයෙකි. ඔහු වැනි කෙනකු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්වලින් ඉවත්වීම හැම අතකින් ම පාඩුවක් බව ගෞරවයෙන් යුතු ව සඳහන් කළ යුතු ය. මහේල ටෙස්ට් පිටියට සමුදුන්නේ එස්. එස්. සී. පිටියේ පැවැති පාකිස්ථානු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ ජයග්‍රහණයත් සමඟ ය. ලකුණු 105 ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. මහේලගේ සමුගැනීමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේ ය. ජනාධිපතිවරයා සමරුවක් ලෙස රත්තරන් පිත්තක් මහේල වෙත ප්‍රදානය කළේ ය. එම රත්තරන් ක්‍රිකට් පිත්තෙහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් බව කියති. මේ ලක්ෂ විස්සටත් වඩා වටිනා වාක්‍යයක් එහි තිබිණි.

    ReplyDelete
  29. ඉතිරි කොටස

    එහි සිංහල අර්ථය වන්නේ විශිෂ්ටයන් විශ්‍රාම ගන්නේ නැත යන්න ය. මහේල ජයවර්ධන ද විශිෂ්ටයෙකි. ඔහු ටෙස්ට් පිටියෙන් සමුගත්ත ද ක්‍රීඩාවෙන් සමුගන්නට ඉඩක් නැත. ඔහු මේ ක්ෂේත්‍රයෙහි ම කුමන හෝ අංශයක් නියෝජනය කරමින් රටේ අභිවෘද්ධියට යමක් කරනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවට පැමිණීමත්; මහේලට සුබ පැතීමත් ගැන බොහෝ දෙනාගේ ප්‍රසාදය පළ වී තිබේ. මහේල ජයවර්ධන මේ අවස්ථාවේ දී ඉතා වැදගත් අදහසක් ද පළකර තිබේ. එනම්; තමන් දේශපාලනයට නොයන බව හා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස පත් නො වන බවය. දේශපාලනය හැම පුද්ගලයාටම ගැළපෙන්නේ නැත. ක්‍රීඩකයන් දේශපාලනයට ගොස් තමන්ට හිමිව තිබූ ගෞරවය හා කීර්තිය නැති කර ගත යුතු නැත. දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට වඩා භයානක සෙල්ලමකි. ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ද අවදානම් සහගත ය.

    එය හැමවිට ම විවේචනයට බර එලෙස ම බලපෑම්වලට යටත් විය යුතු තනතුරකි. විශිෂ්ට ක්‍රීඩකයකුගෙන් නැතහොත් අති - දක්ෂ පිතිකරුවකුගෙන් ජාතික කණ්ඩායමට ලබා ගත හැකි උපදේශන හා පාඩම් තිබෙන්නට පුළුවන. මහේල පෞද්ගලික ව ඉදිරිපත් වී එම උපදේශන ලබා දෙන්නටත් පුළුවන. එහෙත් නිල වශයෙන් පුහුණුකරුවකු ලෙස පත්වුවහොත් ඔහුගේ ස්වාධීන අදහස්වලට තැනක් නොලැබෙන්නට ද පුළුවන. කුමක් වුව මහේලගේ තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීහු තම ප්‍රසාදය පළකර සිටිති. ඔවුන්ගේ අදහස වන්නේ මහේල යන ගෞරවණීය නාමය තවත් කාලයක් එලෙස ම පැවැතිය යුතු බවය. මහේල දැක්වූ තවත් වැදගත් අදහසක් මෙහිලා සටහන් කළ යුතු ය. එනම්‍; තමන් නිවැරැදි හා අවංක තීන්දු ගන්නා බවත් ඇත්ත කතා කරන බවත් ය.

    මේ නිසා ම නිර්දය විවේචන හා බොරු දෝෂාරෝපණ ඔහු කේන්ති ගස්වන්නට පුළුවන. ඔහුගේ ඉවසීමේ සීමාව බිඳ දමන්නටත් පුළුවන. මහේල ඒ බව පැහැදිලි කර දී තිබිණි. ඔහු දේශපාලනයට නුසුදුසු වන්නේ ද, පුහුණුකාර තනතුරු ප්‍රතික්ෂේප කරන්නේ ද එම හේතුව නිසා විය හැකි ය. අපගේ ක්‍රිකට් මතකය අවදි කළහොත් ඔහු එක්තරා අභියෝගාත්මක අවස්ථාවක දී කණ්ඩායම් නායකත්වය භාර ගත්තේ ය. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ ය. එකිනෙක අවස්ථාවලට ගැළපෙන උපරිම ජයග්‍රහණය ලබාදීමට ද කටයුතු කළේ ය. නැවත නායකත්වයෙන් ඉවත් විය. එහෙත් ක්‍රීඩකයකු ලෙස රටට හා කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දුන්නේ ය. නැවත තීරණාත්මක අවස්ථාවක දී යළි නායකත්වය ලබා ගත්තේ ය. එහිදී ද උපරිම ජයග්‍රහණ සඳහා කණ්ඩායම මෙහෙයැවීම ඔහු අතින් සිදුවිණි. මහේල ටෙස්ට් පිටියෙන් ඉවත්වීමට පෙර කියා සිටියේ ඉවත්වීමට සුදුසු කාලය පැමිණ ඇති බව ය.

    එය ඔහුගේ හෘද සාක්ෂියට සවන් දීමක් ලෙස සැලැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු දුෂ්කර ගමනකින් පසු ‍ලෝක මට්ටමට ද පසු ව ජයග්‍රාහී මට්ටමට ද පැමිණි ක්‍රීඩාවකි. ඊට වරෙක දේශපාලන නායකත්වය ලැබුණේ අහිතකර ලෙස ය. තව වරෙක දේශපාලන සහයෝගය ලැබුණේ හිතකර ලෙස ය. කුමක් වුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කැපවීම හා ශිල්ප ඥානය අනුව ලෝක ශූරයන් වීමේ අවස්ථාව ද කිහිපවරක් අපට ලැබී තිබේ. ශ්‍රී ලංකාව ලෝකය අතර නමක් තබා ඇති එක් ක්ෂේත්‍රයක් වන්නේ ක්‍රිකට් ය. එම ජයග්‍රහණවල ගෞරවය අපේ ක්‍රීඩකයන් අතර ද උපදේශකයන් අතර ද සමසේ බෙදී යා යුතු ය. මහේල ජයවර්ධන නම් විශිෂ්ට ක්‍රීඩකයාට ද එහි ගෞරවර‍ෙයන් විශාල ප්‍රමාණයක් හිමි වේ. ඔහු වසර දාහතක් ටෙස්ට් පිටියේ සිටිමින් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය ඉතිහාසයේ කීර්තිමත් ලෙස සටහන් වී තිබේ.

    මහේල නැවත ක්‍රිකට් පිටියට නාවත් එම ගෞරවය කෙලෙසී යන්නේ නැත. ඊළඟ එක්දින ලෝක තරගයට ද ඉදිරිපත් වී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව මහේල කියා තිබේ. එය ඔහුගේ තීරණයකි. එම තීරණයට අප එකඟ විය යුතු මහේලගේ ටෙස්ට් සමුගැනීමට පැමිණ ඔහුට සුබ ප්‍රාර්ථනා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපගේ කෘතඥතාව පළවිය යුතුය. ඇතැම් රාජ්‍ය නායකයන් ක්‍රිකට් ජයග්‍රහණවල විශේෂ ම අවස්ථාවලට ද පැමිණියේ නැත. මහින්ද රාජපක්ෂ මහතා මහේලගේ සැමැරුම් පිත්තට එකතු කළ වාක්‍යය අපට නැවතත් සිහිවේ. එනම් ‘විශිෂ්ටත්වය කිසිදා විශ්‍රාම නොයයි...’ එය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන් ම දේශපාලනයට ද පොදු ධර්මතාවකි.

    ReplyDelete
    Replies
    1. //‘විශිෂ්ටත්වය කිසිදා විශ්‍රාම නොයයි...’ එය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන් ම දේශපාලනයට ද පොදු ධර්මතාවකි//
      ඕක තමයි එහෙනම් ලොක්කත් ජනාධිපති ධුරය දරන්න පුළුවන් වාර ගණන සිමා කරලා තිබ්බ එක අහෝසි කරලා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරන් ආවේ...:D

      Delete
    2. නලිය ...thnx ....දිනමිණ නොබලන අපිට....මේ රෙද්ද දැම්මට....
      >>මහේලගේ ටෙස්ට් සමුගැනීමට පැමිණ ඔහුට සුබ ප්‍රාර්ථනා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපගේ කෘතඥතාව පළවිය යුතුය. << ..... හෙක්...හෙක්...
      මේ පොර නොයන්නෙ කොහෙද බං ....
      තොටළග කක්කුසියක් ඕපන් කලත් පීත්ත පටි කපනව නොවැ ....

      Delete
    3. නලින්,
      උඩ ඉඳල කියවගෙන එද්දි කියන්න ගියේ "මේකෙ එතුමා ගැන නෑනේ" කියල. නමුත් ඔය තියෙන්නෙ අපූරුවට.
      ‘විශිෂ්ටත්වය කිසිදා විශ්‍රාම නොයයි’ අන්න ඒක තමයි අවුල!

      Delete
    4. ඔය කතෘ වාක්කිය ලියන මහින්ද අබේසුන්දර i t n නාලිකාවේ විමසුමෙන් මහේල තරඟ පාවා දුන්නා කියා අපහාස කළා මතකද?

      Delete
    5. ඇයි මට මේ දිනමිණ පත්තරේ වැඩ කරන එවුන් ගොබ්බයෝ වගේ පෙන්නේ???

      Delete
    6. ඈ බං නලියෝ දිනමිණ කතුවැකියෙත් අර මැක්කගෙ කතාවෙ වගේ රාජපක්ෂ වචනෙ කොහෙන් හරි ඔබල තීනව. මහේලලා කවුද ඔහේගේ ලොක්ක ලංකාවේ ක්‍රිකට් වලට කොච්චර නම් සේවයක් කරලා තීනවද නේ.අර සුරියවැව ඩොටේ ක්‍රිකට් ගහන්න කියල හදපු සරුංගල් අරින්න පාවිච්චි කල හැකි පිට්ටනිය.නිශාන්ත ලොක්කට අවශ්‍ය විදිහට ක්‍රිකට් කන්න පහසුකම් සලසා දීම.කෝටි ගණන් පාඩු කරගෙන ජාතික රූපාවාහිනියෙන් විකාශන අයිතිය ගලෝල පුතණ්ඩියගේ සී එස් එන් එකට දීම. සනා බෝයිව තමුන්ගේ දේශපාලන බිසිනොස් එකේ බිලී බෝයි කෙනෙක් කරගෙන පජාතම කරලා දැමීම.ඉදිරි මද්‍යම පළාත් චන්දෙකදී ඔය ටිකම මුරලිටත් කිරීම. ඕවත් ප. ලි. යක හරි ලියල දාහන් බං.

      Delete
    7. අඩේ දිනමිණ කියන්නෙ පත්තරයක්ද ? මං හිතන් හිටියෙ පුක පිහිදාන කොළ කෑලි ටිකක් කියල.

      Delete
    8. දැන් කතුවැකිය ලියන්නේ මහින්ද අබේසුන්දර නොවේ ඇනෝ......බොහෝ විට කතුවැකිය ලියන්නේ කර්තෘම නොවේ. අනිත් කරුණ මහින්ද අබේසුන්දර දැන් දිනමිණ කර්තෘවරයාත් නොවේ.

      Delete
    9. @ AnonymousAugust 20, 2014 at 5:26 AM - ඹබ වැනි උගතුන්ට එසේ පෙනෙනවා ඇති

      Delete
    10. සමහරුන්ට ජනාධිපති පැමිණීම ලකුණු දමා ගැනීමක් ලෙස පෙනුනත්. මට හිතෙන්නේ ලොක්කගේ නිහතමානී කම කියලා. ඕන් නාමල් ග්‍රවුන්ඩ් එකට බැස්සා නම් ලොක්කගෙත් කාඩ් කුඩු.. අනේ පුතෙ උඹ ඔතන හිටහන් කියලා ලොක්කා කියන්න ඇති.

      Delete
  30. මහේල කියන්නේ මහත්තයෙක්,ඒ වගේම සමුගත්තේත් නියම කාලේදී තව වයසට ගිහින් සමුගන්නවාට වඩා නම තියන් ගිය එක හොඳයි.

    ක්‍රිකට් බෝඩ් එකට ඔය ප්‍රේත බැල්ම වැටුනේ 96 දිනුමට පස්සේ ආපු සල්ලි කන්දරාව නිසා.චන්ද්‍රිකා ජනාධිපති කාලේ බෝඩ් එකේ තිබ්බ නිලවරණයකට ඔය රත්වත්තේලා ආයුධ අරගෙන ඇවිත් මොකක්ද නැටුමක් නැටුවා වගේ මතකයකුත් තියෙනවා.(හරියටම මතක නැහැ.)
    කොහොම වෙතත් බෝඩ් එකේ කචල් නිසා දිගටම සිද්ද වුනේ ක්‍රීඩාවේ පල්ලම් බැසීමක් මිස නැග්මක් නොවේ.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා කාපු ටිකේ ඉතුරු ටික දැන් ඉන්න උන් කනවා...

      Delete
  31. අපේ අරූ.....කෝ......????

    ReplyDelete
    Replies
    1. කෝ ඇත්තටම මේ අපේ අරූ හැබෑවට...?

      Delete
    2. අරූ වැරි බිසි...

      Delete
  32. මහේල මහත්තයා ටිකක් වසයි. ඒකයි මිනිහගේ තියෙන හොදකම..

    ReplyDelete
    Replies
    1. මාතලන් වගේ... හුකෑස්... හික්.... හූ.....

      Delete
  33. මං හරිම ආස කරන් ක්‍රීඩකයෙක් මාතෙ.. හොඳ මහත්‍මයෙක් !!! එකෙන්ම.…

    ReplyDelete
    Replies
    1. හොද කියන්නම බැහැ ...... අපල කාලෙට ද ...කොහෙද කරපු දේවල් ඇත.....මල්ලි....
      A .රණතුංග වගේ නම් නෙමේ......

      Delete
    2. ඒකත් එහෙමද බොස්. මං හිතුව පුල් ජෙන්ටා කියල..

      Delete
    3. අපේ සුද්ද දන්නව එයා ගැන මල්ලියො ...... හෙක්.....හෙක්....

      Delete
  34. මම නම් හිතන්නේ නැහැ මහේල තවත් 'මාස්ටර් බාස්ටඩ්' කෙනෙක් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. වශී වුනාම අපි නොහිතන අය ...... නොසිතූ ලෙස වෙනස් වෙනව විචාරක තුමණි ......

      Delete
    2. එව්වා ඉතින් මහේලටම බාරයි...

      Delete
  35. මහෙල කියන්නෙ සුපිරි ක්‍රිඩකයෙක්.මහෙල සන්ග එකතුව නිසාත් අපෙ කන්ඩායම ගොඩක් ස්ට්‍රොන්ග් වුනා.දක්ෂතාවයන් වගෙම දෙන්න හොදට ෆිට් එකෙ කතාකරල කරන නිසා.මටනම් මහෙලට වඩා සන්ගා දක්ෂයෙක්.කොහොමවුනත් මටත් හිතෙනව මිනිහ නොන්ඩිනොවො ඉදියි කියල.සන්ගනම් පෙන්නුව සල්ලිවලට කොච්චර ආස වුනත් ආත්මාභිමානය ඉටවඩා මිලයි කියල.මහෙල එකෙන් වෙනවෙන එකක් නැ.ගොම්මන්පිලනම් පවු ඉතින් අහින්සක අසරන මිනිහනොවැ

    ReplyDelete
    Replies
    1. මමත් එදා මෙදා තුර අපේ ක්‍රීඩකයන්ගෙන්, කැමතිම ක්‍රීඩකයා.. නියම මහත්මයෙක්.. වචනයේ පරිසමාර්ථයෙන්ම ජෙන්ටෙක්..

      Delete
  36. Maiya retired however there is
    Mathews looking forward to fulfill the gap....buhuhaahaa......

    ReplyDelete
  37. Lokka lokkawage deepu piththata laksha 20 gedarinma genalla dennaeththe.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න