.

.

Sep 8, 2014

කතන්දර - ඔබ නැති ළොව මට කුමටද කමළා ? - Come Back, Baby Come Back..!


මේ ටිකේ මාතලනුත් පට්ට බිසි. දවස් පහළොවක ටුවර් එකකට පස්සේ, ආයෙත් පොඩි පොඩි ඒවා දෙක තුනකුත් තියෙනවා. ඒ අස්සෙ කරන්න තියෙන පෞද්ගලික රාජකාරිත් වැහි වැහලා. ඒත් ඉතින් හින්ගල බ්ලොග් කලාවට තියෙන ආදරේ හින්දම, වෙලාවක් හම්බ උන ගමන් පෝස්ට් එකක් ලියනවා.

අපි බ්ලොග් ලිව්වට, හින්ගල බ්ලොග කලාවට නිකං හෙනහුරා ගහපු බවක් තමයි පේන්න තියෙන්නේ. ඊයෙත් ඉවාන් පවුලූෂත් කතා කරේ ඒ ගැන. පොරත් රාජකාරි වැඩ නිසා පට්ට බිසි වෙලා උන්නේ. මම කිව්වම කතා ගියයින් පස්සෙ තමයි මේක උනේ කියලා, ඌත් එක පිලි ගත්තා.

ඊට වඩා ආතල් කතාව තමයි, බ්ලොග් ලියන "බස්සි" ඌට කිව්වලු, කකා යන ගමන්, කොඩිවිනයක් වත් කරගෙනම ගියාද දන්නෙ නෑ කියලා. කකා නම් ඕවා පිලිගන්නේ නැති උනාට, ඇත්තටම එහෙම සීන් එකක් තියෙනවා.

අසාවෙන් කියවපු, "අරූගේ", "නූතන යුගාන්තයත්", ඒ යකා බිසි නිසා, අප්ඩේට් වෙන්නෙම නැති ගානයි. මම එකෙක් එක්ක දාගත්ත වලියෙන් පස්සෙ නැගලා ගිය වලියකුත් ගියේ නෑ.

ඒ අස්සේ පට්ට ආතල එකක් දුන්න, "ආතල් ඇනොත්" පේන්න නෑ. බීලා බීලා ලොක්කගේ කාරෙකේම ඉස්පිරිතාලේ ගෙනිච්චද දන්නේ නෑ. දැන් පොඩි ආතල් එකක් තියෙන්නේ "සින්දු ඇනෝගේ" සින්දු කොමෙන්ට් එක නිසා.

කතන්දර කඩේ වහලා දාලා යනවා කිව්වට, හැම එකාම හිතුවා කකා ආයෙත් අළුත් දෙයක් අරගෙන ඒවි කියලා. අනික කියන්න කතන්දර ගොඩාක් තියෙනවය කිව්වත් නේ. කොමෙන්ට් එකකින් හරි කතන්දර දැක්කම පුදුම ආශවාදයක් තියෙන්නේ.

මම හිතුවේ අර "සමනළ විප්ලවය" වගේ එකකින්වත් කකා ආයේ එයි කියලා. කකා නැති නිසා ආතල් කොමෙන්ට්ස් දාන උනුත් අඩු උනා. දැන් ඉතින් එහෙම ආතල් එකක් ගන්න නම්, පැරාගේ අඩවියට යන්න ඕන. එතන ඉන්නවා කොටියා කාපු ඇනෝ කෙනෙක්. ඒවත් පට්ට ආතල්. සීරීයස් පෝස්ට් අස්සෙ උනත්, කික් එකක් දෙන්නේ, ඒ වගේ උන්. මගේ එකෙත් කව්දෝ එකෙක් දානවා "මේකත් පුදුම අනුවේදනීය කතාවක්" කියලා.

අනික මේ සාහිත්ත මාසේ, කාකාගේ "හස්තද්වාරයෙන්" ලියපු කවි නැති එකත්, මාර විදියට දැනෙනවා. ලොක්කා මොනවා වෙලා බ්ලොග් කෙරුවාව නැවත්තුවද කියන්න නම් දන්නේ නෑ

ඒත් ඉතින්, මගේ බ්ලොග් ගුරු ජී හැටියට කකාට කියන්න තියෙන්නේ, පුළුවන්නම් ආයෙත් අපි ගැනත් හිතලා, සාහිත්‍ය මාසේ ගැනත් හිතලා, ඇහැක් නම් කන පැලෙන්න වැඩේ පටන් ගන්නය කියන එක තමයි.

ආයෙ මොකක්ද ඉතින්, ආදරේට.. සින්දුවකින්ම කියන්නම්කෝ...


ප: ලි:

මම මේ පෝස්ට් එක ලිව්වේ, "කතන්දර" ඉස්ටයිල් එකට. කාට හරි හිතුනොත්, මේක මේ කකාට කඩේ යාමක් කියලා.. පුදුම වෙන්න දේකුත් නෑ.

මොකෝ මහින්ද මහත්තයට, රනිල් ලොක්කට කඩේ යන මට, බ්ලොග් ගුරා වෙනුවෙන් කඩේ යන්න කාටවත් තංහචි දාන්න බෑ නේ.

මේක ප්‍රජාචන්ච්‍රවාදි රාජ්ජයක් මිසක්, සමාජවාදීවත්, මිලිටරවාදිවත්, තලේබාන්වාදීවත් රටක් නෙමෙයිනේ.. අනාගතේ එහෙම වෙයිද කියන්න නම් ෂුවර් එකක් නෑ හැබයි....

142 comments:

  1. ඇත්ත තමා බ්ලොග් ඔක්කොම එක තැන.
    කවි ටිකක් නම් වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා, කවි පොත් වගේම වේලෙනවා.. මමත් දිගටම කවි ලියන්න හිතාගෙන ආවේ..

      Delete
    2. හප්පේ රටක් රාජ්ජයක් දැක්කා වගේ තමා.. මම නම් මේ ටිකේම අනුමත උන නිසා නිසා ලිවර් වලට පොඩි රෙස්ට් එකක් දුන්නා.. මේ ටිකේම ගෝලිප් ගැහුවේ නම් නෑ.. පාර්ලිමන්ට් කියලා සුද්දි ගහන ලයිට් සිගරට් එකක් ගැහුවේ.. සුද්දා නම් ගහන්නේ කැමල්.. ඒවා නම් කටේ තියන්න බෑ.. මාර සැරයි.. අද බණක් අහගෙන පාඩුවේ ඉන්නවා.. හෙට ඉඳලා ආයේ වැඩ..

      Delete
  2. ඔය "කඩේ යාම"කියන්නේ අවංකවම තම මතය ප්‍රකාශ කිරීම ගැන හෝ වෙනත් අයෙක් වෙනුවෙන් පෙනී සිටීම ගැන හෝ නොව
    වාසියක් වෙනුවෙන් එසේ කිරීම නේ.

    ඒ කියන්නේ කඩේ ගියාම ටොෆී කන්න සල්ලි ලැබෙනවා.

    මං කාටවත් ටොෆී දෙන්නේ නැති නිසා කාටවත් මට කඩේ යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ටොපි දුන්නේ නැති උනාට කකා පොත් දෙනවනේ.. ඒක ටිපො දෙනවට හපන්.. (හිකිස්..)

      Delete
    2. කකා ටොපි නොදෙනව වෙන්න පුලුවන්. නමුත් බ්ලොග් අවකාශය අතුලෙ කඩේ යාම් ඕන තරම් තියනව.

      Delete
    3. ඒකට කියන්නේ කඩේ යාම නෙමෙයි.. පිට කසා ගැනීම..

      Delete
    4. ඕං කකා පුලුවං හැටියට මාත් ලිංක් එකක් දැම්මා

      කම් හෝම් විමලා

      ඕ යේස් !!!"

      Delete
    5. මෙන්න මං කඩේ ගිය හැටි ගැන කතන්දරේ
      http://kathandara.blogspot.com/2011/02/blog-post_13.html

      Delete
    6. මෙන්න සෝමරත්න දිසානායක කඩේ යන එක ගැන කියන කතාව
      http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

      Delete
    7. ඔන්න එහෙනං කඩේ යෑම ගැන කතන්දර දුසිසිම් එකහමාරක්.

      1. කතන්දරකාරයා කඩේ ගිය හැටි
      2. ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ
      3. දුමින්ද කඩේ යයි - Duminda goes shopping
      4. කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න
      5. ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority Complex
      6. සුදා ල ගෙ කඩේ ප්‍රේමේ
      7. තේ පැන් සාදයි තම්බි කඩේ - Splitting the bill
      8. හන්දියේ හෝටලේ චූ කතාව
      9. ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට තට්ටුකර ගනී
      10. පාන් ගෙඩියක්ම කෑවෙමි!
      11. හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්
      12. සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක්
      13. කඩේ යාම = පුX දීම සෝමරත්න දිසානායක සමග සාකච්ඡාවක්
      14. මෙහි අළුත් මාළු විකිණීමට තිබේ! Fresh fish for sale here
      15. බනිස් කතන්දර
      16. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
      17. ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා
      18. පාමසියේ දී මුණ ගැහුණු සීයා ගේ කතා වස්තුව

      Delete
    8. ඔහේට ලජ්ජාවක් කියල දෙයක් හෙම ගෑවිලා වත් නැද්ද මේක ඇතුලෙත් ලින්ක් දා ගන්න?

      Delete
    9. කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා
      http://kathandara.blogspot.com/2010/05/blog-post_25.html

      Delete
  3. පෝස්ට් නියඟ ගැන මටත් හිතුණා.මම නං අලුත් එකක් නොදැම්මේ වීක් එන්ඩ් එකයි පෝයයි ඔක්කොම එකට ආපු නිසායි.මොකද නිවාඩු දවස්වල අපේ බ්ලොග් කරුවො හෝ ගාල බ්ලොග් කියවනවනෙ.මොකටද නිකං වේලි වේලි තියෙන්න පෝස්ට් දාන්නෙ කියල මම නිකං හිටියා.

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද අමුම අමු සත්‍ය.. ලංකාවේ ඔෆීස් නැත්නම්.. හින්ගල බ්ලොගුත් නෑ..

      Delete
    2. හරියටම් හරි නිවාඩු දවසට බ්ලොග් වලටත් නිවාඩු

      Delete
    3. ආයේ මක්කයි , මේ සතියේ බ්ලොග් වලට ලෝන්ග් වීකෙන්ඩ් එකක්

      Delete
    4. මාත් ඩිංගක් බල්ල නෑව්වා :D

      Delete
    5. එකියන්නේ උබ අද නෑව කියන එකනේ සතුටුයි

      Delete
    6. අනිවා..
      ඔෆිස් නැ= කමෙන්ටු නෑ

      Delete
  4. ඇත්ත තමයි කතන්දර ගියේ කොඩිවිනයක් කරල වෙන්ටෑ......
    කතන්දර සුරැකීමේ සංවිධානයත් විසිරෙව්වා...

    කතන්දර යලි එන්න, මේ කොඩිවිනය කපන්න...


    ජ ය වෛ් ව ා ාා ා !!!!

    ReplyDelete
    Replies
    1. කකාට කියන්නේ උඹට මොකෑ උනේ.. උඹත් ලියලා ඉවරද?

      Delete
    2. ඌ සිග්නල් නැති නිට්ටඹුවක නේ ඉන්නේ , ලංකාවේ නිට්ටඹුව නෙවෙයි වෙන්න ඇති

      Delete
    3. නිට්ටඹුවෙ කොල්ලෙක් කෙල්ලෙක් මලක්වත් කඩාගන්නෙ කොහොමද සිග්නල් නැතුව..චැහ්

      *** පලකයිනි… මේ ඔබේ අවධානය පිනිසයි ***

      Delete
    4. ඩයලොග් සිම් එකක් 150 ද කොහෙද නේ....?????

      Delete
    5. බ්ලොග් ලියන අයගේ කම්මැලිකමට මගේ සම්බන්ධයක් නැත.

      Delete
    6. වාර්ශික විනෝද චරිකාව නිට්ටඔුවට...

      Delete
  5. ඇත්ත තමයි මාතලන් බොස්..කකා නැති අඩුව තාමත් සයිබරේ කරක් ගහන අපි හැමෝටම දැනෙනවා.

    මොනවා කරන්නද..උන්නැහ ගේ කැමැත්තනේ..අර "පලි" යේ ලියල තියෙනවා වගේ තාමත් මේක නමට හරි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් නේ.

    තාමත් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව කකා ආපහු අපි අතරට සම්ප්‍රාප්ත වේවා කියලයි.

    ඔබතුමා ගේ ගුරු ජි වෙච්චි..පොඩ්ඩක් වචනයක් දාල බලන්න කෝ...

    ආපහු ගෙන්න ගන්න බැරි වෙන එකක් නැහැ..

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම දුක හිතිලා එයි.. අපරාදේ සාහිත්ත මාසෙට දාන කයි ටික..

      Delete
    2. මං 2013 සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ කෙරුවේ පොත් ගැන විචාර සහ වෙනත් කතන්දර පමණයි.

      පොත්-කතන්දර
      http://kathandara.blogspot.com.au/search/label/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB

      Delete
  6. මට පෙනෙන තව ලෙඩක් තියනවා. ගොසිප් සයිට් වලින් සින්ඩි ස්පෑම් කරනවා. මේ ලඟදි කොත්තු එක ක්‍රිකට් බ්ලොග් එකකිනුයි තව මියුසික් ඉවෙන්ට් ගැන ලියන බ්ලොග් එකකිනුයි ස්පෑම් කළා. එක දවසේ පොස්ට් 7ත 7ත වගේ දාල. එතකොට හොඳ පොස්ට් නිකන්ම පහලට ගිහින් අයින් වෙලා යනවා. මේ දෙකෙන් එකක් ඇඩ්ටීස්මන්ට් මුදලට දාන එකක්. එයාලග හිට් වැඩි කරගන්න කරන කුපාඩි වැඩ වලින් ජෙනුයින් බ්ලොග් ලියන්නන්ට වගේම් කිය්වන්නන්ත් අසාධාරණයක් වෙනවා. බ්ලොග් ලොක්කෝ ටික එකතු වෙලා මේක සින්ඩි වලට දැන්නුවොත් හොදයි නේද.

    කඩේ යනවා කියල කව්රු කිව්වත් බ්ලොග් අවකාශයේ තත්වය ඉහල මට්ටමකින් තබා ගන්න දරන උත්සාහයට ඔන්න පහක් දැම්ම

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. කොත්තු එකේ මේක මාර විදියට තියෙනෙවා.. මම හිතන්නේ ඒ ගැන පියවරක් ගත්තොත් ඉතාම හොඳයි..

      Delete
    2. ඉතින් ඕක ලොක්කෝ ටික එකතුවෙලා දැන්නුවොත් නවත්තගන්න පුළුවන් වෙයි

      Delete
  7. kattiya bisii weema nisaa blog apdeat nowenawa wenna puluwan. mata nam issara tharam liyanna aasawak nae.
    kakaa liyanne nAthi eken kattiya set weema aduwunaa mama hithanne. eakayi pArage ekata set unea.

    blog mArathan ekak karamudha? poddak naggala ganna?

    ReplyDelete
  8. කට්ටිය බිසී වීම නිසා බ්ලොග් අප්ඩේට් නොවෙනව වෙන්න පුලුවන්. මට නම් ඉස්සර තරම් ලියන්න ආසවක් නෑ.
    කකා ලියන්නෙ නැති එකෙන් කට්ටිය සෙට් වීම අඩුවුනා මම හිතන්නෙ. ඒකයි පැරගෙ එකට සෙට් උනේ.

    බ්ලොග් මැරතන් එකක් කරමුද? පොඩ්ඩක් නග්ගල ගන්න?

    ReplyDelete
    Replies
    1. @රාජ් & @මාතලන්

      මොකක්ද ඒ බ්ලොග් මැරතන් එක?

      දන්නේ නැති හින්ද බන් අහන්නේ...අපි බ්ලොග් වලට සැට් වෙන්න කලින් තිබ්බ එකක් වෙන්න ඕන.
      තරහ නැතිව ඕක ගැන තියෙන ලින්ක් එකක් එවහන්කෝ.

      ඒ වගේ එකක් ගැන දන ගන්නත් ආසයි..

      Delete
    2. ඒවා නම් විකාර වැඩ.. හොඳම දේ උබ කිව්වා වගේ මේක දාලා ගිය උන් ගෙන්න ගන්න එක.. අළුත් උන් එන එකත් බොහෝම අඩු නිසා..

      Delete
    3. මොනවහරි දෙයක් කරමු බොස්...

      පුළුවන් උපරිමෙන් ඕන සපෝර්ට් එකක් දෙන්න විභීෂණ ready.

      Delete
    4. බ්ලොග් මැරතන් තිව්වම බ්ලොග් කියවන අපිටත් මැරතන් එකක් වගේ තමයි බ්ලොග් කියවන්න වෙන්නේ.අනික මැරතන් එක පටන්ගන්නකොට පට්ට පොස්ට්,හවස් වෙනකොට කවි පේලි දෙකේ පොස්ට්...

      Delete
    5. මෙන්න 2010 බ්ලොග් මැරතන් දින රාත්‍රියේ තාත්තා ගේ ලෙස ඇඳ ලඟ නිදිමරමින් මා ලියා පළ කළ කතන්දර කිහිපය.

      1. කතන්දරකාරයා ප්‍රමාද වී පිටියට බසියි!
      http://kathandara.blogspot.com/2010/04/bm1.html

      2. තාත්තා ගේ සුව දුක්
      http://kathandara.blogspot.com/2010/04/kk-bm2.html

      3. අප කන හැටි එයා දනී!
      http://kathandara.blogspot.com/2010/04/kk-bm3.html

      4. අපි කන හැටි එයා දන්නෙ මෙන්න මෙහෙමයි!
      http://kathandara.blogspot.com/2010/04/kk-bm4.html

      5. තවත් කැන්ටිං කතන්දර
      http://kathandara.blogspot.com/2010/04/kk-bm5.html

      6. SBU Fashion Parade - සිංහල බ්ලොග් ෆැෂන් පැරේඩ්!
      http://kathandara.blogspot.com/2010/04/sbu-fashion-parade-kk-bm6.html

      7. පාන් ගෙඩියක්ම කෑවෙමි!
      http://kathandara.blogspot.com/2010/04/kk-bm7.html

      8. මදුරුවාට ලැබුණු තෑග්ග
      http://kathandara.blogspot.com/2010/04/blog-post_25.html


      Delete
  9. ඊයෙ පත්තරේ කතා කරා, ඌත් කිව්වෙ ඕක. ඇත්ත්ටම හොඳ බ්ලොග් වල ලිපි අඩුව තමයි හේතුව. ඇමරිකාවෙ යුරෝපෙ මීට කාලෙකට කලින්, ඒ කියන්නෙ එෆ් බී ආ මුල වෙච්චි දේ දැන් මෙහෙත් වේගෙන එනව.

    අනෙක් පැත්තෙන් බුකියෙත් හොඳ පෝස්ට් අඩුවෙලා ජෙප්පොයි අලියි පුටුයි මරා ගන්නව.

    කකාගෙ බ්ලොග් එක කාලයක්ම නිකං බ්ලොග් කාරයො සෙට් වෙන ක්ලබ් එකක් වගේ වෙලා තිබ්බනෙ. හැමෝම අලුත් පෝස්ට් එක බලන්න එහෙ එනව. ඇනෝ, ප්‍රොෆයිල් හිතෙන හිතෙන විදියට කමෙන්ට් කරල පොඩි කතාබහක් ඉවරවෙලා එතන තියෙන අගේට වර්ග කරාපු රෝලෙන් අනෙක් අයගෙ අලුත් පෝස්ට් උනත් පහසුවෙන් හොයාගෙන ගිහින් බලනව. දැන් ඒ ක්ලබ් එක නෑ. ඒකත් එක හේතුවක්.

    මටත් පළවෙනිද උදේම මතක් උනා ඉස්සරනං කකා අතේ ගහල දාපු කවි බ්ලොග් එකේ පෙන්නල බැනුම් හරි ඇහුව නේද කියල.

    සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන දහම මේකට විතරක් වෙනස් වෙන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. බුකිය තමයි බ්ලොග් වල ලොකුම හතුරා. මෙන්න ලිස්ට් එක.
      බුවගෙ සිතුවිලි
      චාමි සෑම්
      මොඩෙර්න් පේට්‍රියට්
      මාරය
      සුජීව කොකවල
      සුමිත් නිරිඇල්ල

      Delete
    2. ඇයි ඔය පහල කමෙන්ට් එක දාල තීන නෝනත් බුකිගත වෙලා වාෂ්ප වෙච්චි කෙනෙක්නෙ. ඒ විතරද, පොඩි මෑන්, සොසී වගේ අයත් ඒ ගොඩෙම තමා.

      මාතලං, අර වළිය මොකද්ද බං? අපි දැක්කෙ නෑනෙ. නරියෙකුත් ඔහොම දෙයක් ගැන අර ටයනිගෙයි නාසිසෝගෙයි අන්දබූත කතා අඩවියෙ කියල තිබ්බ!

      Delete
    3. ඒකට මුකියට දොස් කියලා වැඩක් නෑ.. අපේ හින්ගල සිනමාව වගේ මේක රැක ගන්න මක්කා හරි කරමු..

      Delete
    4. පාට පාට සරුංගල්
      වෙල පුරාම සරුංගල්
      කූරි කොටන සරුංගල්
      ඈතට යන සරුංගල්

      ලොකු අයියා හදපු නයා
      කැරකි කැරකි ඉහල ගියා
      ඔක්කෝටම ඉහල ගියා
      පුංචි වෙවී නොපෙනි ගියා

      අපි දිනුවා
      අපි දිනුවා..

      (මහගමසේකර )

      Delete
    5. මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
      කතා කරපු අය සෙනේ වඩපු අය
      ළඟ පාතකවත් නෑ
      මේ ඉර හඳ යට හමුවී

      අද නුඹ කොතැනද අද මා කොතැනද
      දන්නේ නෑ නුඹ මටත් හොරා
      ජීවන මහ මග සටන් වැදී ඇත
      නාඳුනනා පෙම්වතුන් වෙලා

      දැන හඳුනා ගත් කාලේ ඉඳලා
      ළබැඳි දයාවෙන් සිටිය නිසා
      අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
      හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

      එඩ්වඩ් ජයකොඩි
      රඹුකන සිද්ධාර්ථ හිමි
      එම්. ආර්. චූලසිංහ

      http://helageepada.blogspot.com/2011/06/me-ira-hada-yata-hamuvee-aadarayen.html

      Delete
    6. ඒ අහින්තක මන් ගැන වෙන්ටෑ මෙන්සන් කරේ ඉදගෙන ,,, :D බුකියෙන් අයින් වෙන්න ට්‍රයි කරන්නේ අවුරුදු ගානක ඉදන් තාම බැරි වුණා, ඒත් ගිය සතියේ පටන් ගත්තා දැන් යන්නේ නැහැ, සින්දු ඇනෝ නියමයි ඈ

      Delete
    7. https://www.youtube.com/watch?v=MfIHIG_nADo

      Delete
    8. කුරුටු ගෑ ගී‍ පොතේ
      කුරුටු ගී කෑ ගසා 
      ගිලන් හද පාරවා
      ගෙනේ වද වේදනා..

      ඔබෙන් පෙරදා උගෙන කවිකම්
      ලියූ කවි ගීතිකා...
      ඔබේ නාමෙන් හැඩූ කදුලින්
      ගයමි මම කිවිදුනේ...

      මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන්
      ඇසේ රෑ යාමයේ
      නොලැබ කිවිදුන් කුමට කවිකම්
      කිමද මට කවිලොවේ...

      ගායනය: විශාරද නන්දා මාලිනී
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය: ස්ටැන්ලි පීරිස්

      Delete
    9. එන්න එළියට සොඳුර දැන්
      ඔබ පතා තරුමල් අවදියෙන්
      සඳ ඔබට පරදින හැටි බලන්නට
      එන්න සොඳුරිය දොර ඇරන්..

      වැව් කුමුදු මල් දිය මත හිඳන්
      පුර හඳට ළං වී සීරුවෙන්
      නිල් සළු ඇඳන් වැව ‍රැළි නඟයි
      රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්
      ඔබ විතරමයි අඩු මේ ‍රැයට
      දැන් එන්න එළියට දොර ඇරන්..

      සීතල සුළං සී පද කියයි
      වැව් ඉවුර මත මදහාසයෙන්
      තුරුලිය සෙමෙන් කෙහෙ‍රැළි කඩයි
      මිදුම් යහන අනුරාගයෙන්
      ඔබ විතරමයි අඩු මේ ‍රැයට
      දැන් එන්න එළියට දොර ඇරන්..

      පද: රවී සිරිවර්ධන
      තනු: කරුණාරත්න විජේවර්ධන
      හඬ: කසුන් කල්හාර ජයවර්ධන

      Delete
    10. අපි ආයෙත් හමු නොවුනා නම්
      ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
      යළි ඉපදී මා හද හඬවන්නට
      අපි ආයෙත් හමු නොවුණා නම්

      ඔබ නොහඳුනනා විරහ වේදනා
      පෙරදා වින්දේ මා පමණයි
      හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
      අදත් විඳින්නේ මා පමණයි

      සමුගන්නට නම් අහිමි ආදරෙන්
      මේ ලෙස ඇයි අප හමුවන්නේ
      ආදරයේ කඳුළින් මියයන්නට
      ජීවිත ඉරණම විසඳෙන්නේ

      පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
      සංගීතය - වික්‌ටර් රත්නායක
      ගායනය - සෝමතිලක ජයමහ

      Delete
    11. අතීතය සිහිනයක් පමණයි
      සෑබ සුවදක් නෑ
      එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
      මෙදා වියොවක් නෑ

      තෑනූ මන්දිර බිදී වෑටුනට
      නේතේ කදුලක් නෑ
      සිනාසෙන්නට වරම් නොලදත්
      හිතේ කිලුටක් නෑ

      සොබා දහාමට නොවාන අවනත
      ලොවේ කිසිවක් නෑ
      ලොවෙ පෑරදුම මිසක කිසිදා
      ලෑබු දිනුමක් නෑ

      Delete
    12. ඉන්දිකය තොටයි, පත්තරය තොටයි දෙන්නටම සින්දු ඇනෝට කිට්ටු කරන්නවත් බෑ යකූ

      Delete
    13. සහතික ඇත්ත. අපි මේ ඌට සපෝර්ට් එකක් දෙනව විතරයි.

      Delete
    14. සහතිකෙන්ම ඇත්ත…
      සිංදු ඇනෝ එක්ක හැරෙන්නවත් අපිට බෑ මළාට..අපි මේ කිචි කවනවා ඌට :D

      Delete
    15. මටත් පහුගිය දවස් ටිකේ මේ කාරණේ දැනුනා. කොච්චරද කියනවා නං අර උන්දලා දෙන්නා ලියන අර පුටුවකට මරාගන්න කතාවත් කියවන්න පටන් ගත්තා... ඉන්දික (ඒ කියන්නෙ මංම තමයි) කියන කතාව හරි. කතන්දර නැවතීමෙන් වුණේ, හැබිට් එකක් විදිහට හැමදාම බ්ලොග් කියවන්න පුරුදු වෙලා හිටිය කට්ටියට සෙට් වෙන්න තැනක් නැති වුණා. හොඳ පෝස්ට් නැතුවා නෙමෙයි... නමුත් ඒවා එළියට එන්නේ හෙමින්... සතියකට දෙතුන් වරක් වත් සරල මාතෘකා වලින් ෂොර්ට් ඇන්ඩ් ස්වීට් පෝස්ට් පළවෙන බ්ලොගක අඩුවක් තමයි දැන් තියෙන්නේ.

      ඔය කැටගරියට වඩාත්ම ලඟින් යන විදිහට ලිව්වේ රාජ්... ඌට දැන් ආසාවක් නෑ කියන්නේ...

      Delete
    16. //කොච්චරද කියනවා නං අර උන්දලා දෙන්නා ලියන අර පුටුවකට මරාගන්න කතාවත් කියවන්න පටන් ගත්තා... //
      //කොච්චරද කියනවා නං // //කතාවත්//

      ඇද්ද පෙට්‍රල් ඉන්දික?

      Delete
    17. මෙහෙ නෙමෙයි අරෙහෙ අරෙහෙ පැට්‍රොල් ගහන්න ඕනෙ

      Delete
    18. බුකියේ නිරතුරු කල් මරන ඉතා කලාතුරකින් බ්ලොග් ලොව මතුවෙන තුන් දෙනෙක් මෙන්න.
      http://kathandara.blogspot.com/2014/01/listen-you-three-bloggers-lost-in.html

      Delete
  10. මටත් ලියන්න දේවල් ගොඩක් තියෙනවා, අලුත් ජොබ් එකට ආවට පස්සේ මගේ ජිවිතේ හැබෑවෙච්ච හීන ගොඩක් තියෙනවා,, ඒ වගේම ඔයාලා මම කලින් දැනගෙන හිටපු නැති අමුතු දේවල් අත්දැකීම් ගොඩක් තියෙනවා ලියන්න, හවස් වෙද්දී ගොඩක් මහන්සි, නිදාගන්නවා ,,ලැප් එක ලගට එන්න හිතෙන්නේ නැහැ ආවත් ගේම් එකක් ගහලා නිදාගන්නවා,, මං නොලියුවා කියලා බ්ලොග් ලෝකෙට ලොකුවට දැනෙන අඩුවක් නම් වෙලා නැහැ මං හිතන්නේ,, ,ලියන්න ඕනේ කොහොම හරි මේ සතියේ,, ඔයා බ්ලොග් ලෝකෙට කරන මේ කැපවීම මං කාගේවත් දැකලා නැහැ,, ඔයාගේ සාමාන්‍ය ජීවිතය ඇතුලෙත් මේ ගුණාංගය ඇති කියලා මං හිතනවා නිහතමානීව අනිත් අයව දිරිමත් කරන එක, ස්තුති,,,,

    ReplyDelete
    Replies
    1. අපරාදේ නැවත්තුවේ.. අපූර්වී නවත්තන්න හේතු ගොඩක් තියෙනවනේ.. ඒත් කකා..

      මනස නිරවුල් නැතිව බ්ලොග් තියා එක කෙරුවාවක් වත් කරන්න බෑ..

      Delete
    2. හැමදාමත් මං හිතුවේ කාකා අපි හැමෝටම නොකියා ආයෙම එකක් ලියනවා ඇති ඒ වගේම එයා ඒක එයාගේ කියලා අපිට කවදාවත් නොකියාවී,,,, අපිම අදුර ගනීවි,,අපිට අදුරගන්න කාකා ඉඩ අරිවී,, එහෙම හිතන එක මං තාම නවත්තලා නැහැ,, කාකා දැනුත් ලියනවා ඇති අපිට නොතේරුනාට මට ඒක විශ්වාසයි

      Delete
    3. තිගෙ සීය කූරිය ගැහුවද බොල?

      Delete
    4. හෑ ..ඔමායා විශ්මිත සිහින දකින්නා වෙලා

      Delete
    5. ඇනෝ@ නැහැ සීයාව දාලා මං ගියා ,එතන ඒකාකාරී වෙලා තිබ්බේ, ඒ වගේම ආච්චි කෙනෙක් හොයාගත්තා, සීයා හිබ්රු විතරක් කතා කරන එක මගේ ඉංග්‍රීසි දැනුමටත් හෙනම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඒ නිසා මං සීයට බොරු කියලා ලංකාවට යනවා කියලා මාරු උනේ, ඒ ගැන ලිපියක ලියන්න ඕනේ , එයා 100 ගහන්කල් ඉදි අප්පා,,,

      @ඉවාන් අයියා,, මේ ඇත්තමයි ඒක මාරයි ඉවාන් අයියේ,,,

      Delete
    6. මාතලන්ගේ කතාව සහතික ඇත්ත.

      Delete
    7. ඇය යන්න ගියා මැකිලා
      වන සිරසක තුරු සෙවණැලි අතරේ
      ගී ගයමින් හිඳ මා තුරුලේ
      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මුහුණ වසා

      නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
      සඳඑළියේ මං පෙත පාදා
      රහසක් සඟවා
      ගොළු වූ හදකින්
      යන්න ගියා මැකිලා
      ඇය යන්න ගියා මැකිලා

      යළි කවදාවත් හමු නොවනා බව
      මඳ පවනක් හිස අතගා කීවද
      අදහා ගන්නට නොහැකිය කිසිදින
      ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මූණ වසා

      පද රචනය - සුනිල් සරත් පෙරේරා
      සංගීතය - එච්.එම්. ජයවර්ධන
      ගායනය - අමරසිරි පීරිස්

      Delete
  11. මාත් හිතුවේ කකා අළුත් දෙයකට අත ගහන්නයි කතන්දර බ්ලොග් එක නතර කලේ කියලා..........
    කකා පාඨක බලවත් ඉල්ලීම හින්දා ආපහු පටන් ගන්ඩ කතන්දර බ්ලොග් එක......

    ReplyDelete
    Replies
    1. ජෙයරාජ් පාර්ලිමේන්තු මාන්ත්‍රිකමෙන් අස්වෙච්චි වෙලවෙ වගෙ ගිහින් නගිමු කට්ටිය කකගෙ වහළෙ උඩට

      Delete
    2. අපි කවුරුත් හිතුවේ එහෙමයි.. මම හිතුවා සාහිත්ත මාසෙවත් එයි කියලා... ම්හූ................

      Delete
    3. ඉන්දික මහත්තයෝ, ඊට කලින් ඔයා අභීතගෙ වහල උඩට නැග්ගොත් මොකද ණය ඉල්ල ගන්න?

      Delete
  12. බ්ලොග් රෝලේ බ්ලෝග නම් තියෙනවා හැට හුටා මාරක් කිසිම විදියකට අප්ඩේට් වෙන්නේ නැති, සයිබරයත් හරියට වෙරලක් වගේ, රැලි එනවා ඒ වගේම ඒ රැල්ල යනවා, කිසිම විදියකට රැල්ල නතර වෙලා තියෙන්නේ නෑ වෙරළේ, ඒ අතරේ රැල්ලට ගහගෙන ආපු සිප්පි කටු එකක් දෙකක් හැමදාමත් වෙරළේ රැදිලා ඉන්න හෙන ෆයිට් එකක් දෙනවා, සයිබරයේ සිංහල බ්ලොග් කෙරුවාවේ මතකයන් ඉතුරු සදහටම වෙන් වෙලා ගිය අය අතර මම දන්නා අයගෙන් ඉලන්දාරියා සහෝදරයත් ඒ වගේම කට්ටියම ආදරයෙන් මතක් කරන ඔබා මාමත් ඉන්නවා, ඒ වගේ අය නැති වෙන කොට ඒ අයගේ අඩුව මකන්න කවුරුවත් නැති නැතැයි කියනවට වඩා ඉන්න කිහිප දෙනා උත්සාහ කිරීම වටිනවා කියලයි මගේ අදහස, ඇත්ත කාවුරු කව්රුත් තමන්ගේ රාජකාරි හමුවේ අවිවේකී වෙන වෙලා වල් තියෙනවා, මටත් ඒ දේ පොදුයි, ඒ අතරේ ක.කා වගේ අයගේ බ්ලොග් ලිවීම නතර කරලා තියෙන එක අඩු පාඩුවක්, මේ වෙනකොට තියෙන්නේ ඇත්තම කතාව අපිම මොනවා හරි ලියාගෙන අපිම කියවගන්නවා අවේගේ වැඩක් නෙවෙයිද?

    ජීවන් සහෝදරයා කියන විදියට සින්ඩිකේටර වල ගැටළු තියෙනවා, නැතුවම නෙවේ, සිංහල බ්ලොග් කෙරුවාව නග්ගලා ගන්න උත්ප්‍රේරක නැති එක තමා ගැටලුව, ඒ අතරේ කාලෙකට කලින් අලුත් අබියෝගයක් අරගෙන ආපු one zero zero බ්ලොග් එකේ චල්ලෙන්ගේ එක දැන් බ්ලොග් කරුවන් අතර යල් පැන ගිහිල්ලද කියලා හිතෙනවා, ඒ අතරේ 2010 දී (මට මතක විදියට) තිබුන බ්ලොග් මැරතන් එකත් අපුරු උපායක් උනා, කට්ටියම දුම්මල වරම ගත්තා වගේ ලිව්වා, ඒ වගේම කියා ගත්තා, රාජ් අයියා කියනවා වගේ බ්ලොග් මැරතන් එකක් තියෙන එකත් හොඳයි, එත් කට්ටියම අවිවේකි වගේ නේද? ඔය අතරේ කට්ටියගේ ගුගල් බස් පදිල්ලට මොකක් උනාද මන්දා?ඔය අතරේ ආපු ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් ලෝකේට තවත් අලුත් දෙයක් වුනා, හැබැයි කලින් කිව්වා වගේ වෙරලම තමයි, රැලි ආව, ඒ වගේම ඒ රැලි ගියා,

    ඔය අතරේ අඹ ගහ යට කියලා අපු ගෘප් බ්ලොග් එකත් හොඳ විකල්පයක් උනා, මොකද ලියන්න ඉන්න පිරිස වැඩිවෙන තරමට ලිපි පලවීම වැඩි වන නිසා, හරියට අද තියෙන කුරුටු ගෑ ගී පවුර වගේ.

    (ඒ අතරේ මට සමාවෙන්න බ්ලොග් එකේ නම මතක නෑ, මතක විදියට තරුරසී අක්කගේ බ්ලොග් එක වෙන්න ඕන, එකේ තිබුනා බ්ලුක් ගැන කතාවක්, බ්ලුක් එකක් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් හදුන්වන්න ඕන නැහැ කියලයි හිතෙන්නේ, බ්ලොග් වල තියෙන ලිපි, කතා, නිර්මාණ වල තියෙන සොෆ්ට් කොපිය හාර්ඩ් කොපියකට ගේන වැඩක්, අපිට ඒ දේවල් හාර්ඩ් කොපියකට ගේන්න බැරි වුනත් අඩුම තරමේ e book එකකට වත් ඒවා ගොනු කරන්න පුළුවන් උනොත් මාස තුනකට වරක්වත් හරියට නිකන් සඟරාවක් වගේ කට්ටිය එකතු උනොත් අපිට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නේ, මේක ඉතින් මගේ යෝජනාවක් විතරයි.)

    ඔවැනි දෙයක් කාලකෙට කලින් ලාංකීය සිතුවිලි සින්ඩිකේටරේ සාහිත්‍ය අතිරේකෙන් ඉටු වුනා, එත් එක අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ඒ වගේම එකේ තිබුන ප්රෙහෙලිකාවත්.

    බ්ලොග් ලියන කෙනෙක්ට එයාගේ සතුටට හේතු වෙන්නේ ඒ දේ කියවන කෙනෙ මොනම හෝ ප්‍රතිචාරයක් දක්වලා යන කොටයි, ඒ අතරේ ඇනෝ කමෙන්ට් වැටෙන කොට හිතෙන්නේ පිට්ස්තරයොත් අපි ලියන මොනම දේ හරි කියවනවා නේද කියලා.

    ඒ අතරේ අනිතිමට ඉන්දික අයියා කියලා තියෙන දේ උපුටලා දානවා

    //සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන දහම මේකට විතරක් වෙනස් වෙන්න බෑනෙ.//

    ඇත්තම කතාව මමත් මේකේ කබ්බෙක් විතරයි, ඉතින් ඒ කබ්බට හිතුන දේ කිව්වා. ජය.

    ReplyDelete
    Replies
    1. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කිව්වට.. බ්ලොග් සංස්කාරයෝ මැරෙන්නේ හරියට මදුරුවෝ වගේනේ..

      මාසෙකට එකක් වත් ලිය ලියා.. නිවන් දකින තුරා ඉන්නවා නම් තමා වටින්නේ..

      Delete
  13. අපේ අය රැල්ලට ලියන්න පටන් අරන් මෙලෝ රහක් නැති බ්ලොග් වලින් සින්ඩි පුරවන්න ගත්තා. (නීරස දේවල් ලියන එක තමන්ගෙ කැමැත්ත). රහ බ්ලොග් පහළට පහළට ගිහින් අතුරුදහන් වුණා. මේ බ්ලොග් ලියන්නෙත් පෘතග්ජන උදවිය නිසා ප්ර)තිචාර අඩුවෙද්දි ලියන්න තියන ඇම්ම උනන්දුවත් අඩුවෙලා ගිහින් මුලදි ලියන්න තිබුණු ඇබ්බැහියත් නැතිවෙලා ගියා. බ්ලොග් කියවන අය සින්ඩි වලට නොගොස් තමන්ට හුරු පුරුදු රසවත් බ්ලොග් කීපයක් ගූගල් වල ගහල හරි බුක් මාර්ක් කරල හරි කියවන්න පුරුදු වුණා.
    අන්තිමේදී රැල්ලට ලියන්න පටන් ගත් අය වැල්ලෙ හැපිලා නතර වුණා. දැන් සින්ඩි කැරකැවෙන්නෙම නැතිවෙලා වගේ. හරියට ෆ්රෝසන් චිත්රැපටයේ මුහුද මිදුන වගේ. නීරස දේවල් ලියන්නන් ගිලිලා ගියේ හොඳ බ්ලොග්කරුවන් එක්කමයි. (මෙතන "හොඳ බ්ලොග්කරුවන්" කියන්නෙ "හොඳ" බ්ලොග්කරුවන්ට නෙවෙයි).
    කබර හමක් තියන අයයි තමන්ගේ තෘප්තියට ලියන අයයි විතරයි දැන් ඉන්නෙ. තව ටික දවසකින්, සින්ඩි කැරකැවෙන්නෙ නැති බව දුටුවාම, බ්ලොග් ලිවිල්ල අතහැරි, අමතක කළ බ්ලොග්වලට ආදරය කළ අය නැවත ලියන්න පටන් ගනී.
    එතෙක් ඇදගෙන යාම ඔබ වගේ අයට බාරයි.

    ReplyDelete
    Replies
    1. වෙන්ස්ම ආකාරයේ දැක්මක්.. මමනම් පුළුවන් කාළයක් ලියනවා.. මොකා නොලිව්වත්..

      Delete
    2. මම මේ ලිපියේ දැක්ක පට්ටම කමෙන්ට් එක මේක.

      Delete
  14. අරූගේ අඩවිය පාලුයි අඳුරුයි අරූ කොහෙද .........හැංගී
    සරා ගොයියා කාලෙකින් පෙනුනේනෑ එයත් අනේ හැංගී
    ආතල් ඇනෝට වැඩියෙන් වෙරිවී ගෙදර ඇඳේ ....සැතපී
    ආපහු ඇවිදින් ලියන්න සෙට් වෙමු කකෝ නොඉඳ හැංගී

    ReplyDelete
    Replies
    1. ලියන්නේ නැති සෙට් එක ඔයිට වැඩියි.. උඹලා ලියන එක අඩූ වීමත් මේකට සෑහෙන බලපෑවා.. සමහර උන් ලිව්වට කිසි අන්නෝන්‍ය සම්බන්ධයක් නැති සෙල්ෆිෂ් පොරවල් නේ..

      Delete
  15. //හැමදාමත් මං හිතුවේ කාකා අපි හැමෝටම නොකියා ආයෙම එකක් ලියනවා ඇති ඒ වගේම එයා ඒක එයාගේ කියලා අපිට කවදාවත් නොකියාවී,,,, අපිම අදුර ගනීවි,,අපිට අදුරගන්න කාකා ඉඩ අරිවී,, එහෙම හිතන එක මං තාම නවත්තලා නැහැ,, කාකා දැනුත් ලියනවා ඇති අපිට නොතේරුනාට මට ඒක විශ්වාසයි//
    මේ ප්‍රකාශය ලාංකීය ජන විඥානය මූර්තිිමත් කරනවා. වෙන් වීමට ඇති අකමැත්ත වගේම වෙන් වීම පිළිගැනීමට ඇති අකමැත්තත් එහි දකින්නට පුළුවන්. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය ඇති වන්නේ මෙතැනදි.

    ReplyDelete
    Replies
    1. මුල කොටස 100% පිළිගන්නවා.. ඒ කියන්නේ වෙන්වීමට ඇති අකමැත්ත..

      ඒත්,,, මාතලන් පුනරුප්පත්තිය පිලිගන්නේ නම් නෑ..

      Delete
    2. අනේද කියන්නෙ, ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා
      නැද්ද මාතලන් පුතා

      Delete
  16. "මොකෝ මහින්ද මහත්තයට, රනිල් ලොක්කට කඩේ යන මට,..."

    මාතලන් මොකෝ චම්පික රණවකට කඩේ යන්නෙ නැත්තෙ.

    අනෙක ඌවෙ ජනතාවට අසාධාරණයක් උනා කියන එක මහින්ද මහත්තයත් පිලි ගනිපු එකේ ඒක නොපිළිගන්නා හෝ එහෙම අසාධාරණයක් වීම ගැන ලියා ඇති පාඨ වලට උත්තර නොලියන චානුක වත්තේගම කියන උද්දච්ච මනුස්සයාගේ ලිපි ඔබ පල කරන්නේ මන්ද කියා පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. හිට්ස් එනවා නම් යක්ෂයා ලිව්වත් දානවා බං. උඹත් ලියපං.

      Delete
    2. මම blog එකක සාර්ථකත්වය මනින්නේ ඒකට නිරන්තරයෙන් ගොඩවැදෙන පාඨකයන්ගේ ප්‍රමාණයන් මිසක් හිට්ස් වලින් නෙමෙයි .චානුක වත්තේගම උද්දච්ච මනුස්සයෙක් කියන්නෙ තමන් නොදැක්ක පැත්තක් ගැන කියන අයෙකුගේ ප්‍රතිචාර නොසලකන නිසයි.

      සමරසේකර

      Delete
    3. චානුක උත්තර දීලා තිබුනා. සමහර වෙලාවට දකින්නේ නැතිව ඇති..

      Delete
  17. කකා බ්ලොග් ලෝකෙට කොයිතරං බලපෑමක් කලාද සහ එය තව කොයිතරං දුරටත් වැදගත්ත දියන එක ගැන මං කියන්න යන්නෙ නෑ... ඒත් බ්ලොග් කලාවට හෙනහුරා ලබල තියෙන්නෙ නං බුකිය හන්ද කියලම කියන්න ඕන... සෘජුවම සහ වක්‍රව...
    සමහරක් බ්ලොග් පටංගෙන ටික දවසක් යනකං ඔහේ ඇදං යනව... ඒ ටික දවසෙම බලන්නෙ කෝමද හිටිස් ටිකක් කමෙන්ට් ටිකක් වට්ට ගන්නෙ කියල පුද්ගලිකව බැලුවාම ඒකෙ වැරැද්දක් නෑ.. ඒත් බ්ලොග් කෙරුවාවට එන ගොඩක් දෙනෙක් බ්ලොග් කියන්නෙ මොකද්ද කියනෙක පටලං හෝ නොදැන එහෙමත් නැත්තං හිතාමතාම ඒ ගැන නොහිත එන අය.. එතකොට බ්ලොග් එකට ප්‍රේක්ෂක ප්‍රතිචාර සීමිත දේදි උට හිතෙනව මොන සෙද්දක්ද මේ කියල.. බුකියෙ නං 100 කට 200 කට විතර ටැග් කලාම ලයික් කමෙන්ට් නැව් ගනන් ගන්න පුලුවං කියල හිතන එකා ඒ පැත්තටම බර වෙනව... එතකොට ඌ එහෙමයි...
    කෝම හරි ටිනක කාලයක් බොග ඇදන් ආපු උංටත් එහෙං මෙහෙං කෙණහිලි කං එන්න ගන්න කොට අනේ මේ මොල මගුලක්ද කියල හැලෙන්න බලනව.. එතනත් අවුල කමෙන්ට් බලාපොරොත්තුවෙන් ලියනෙක...
    විනේ තියෙන්නෙ එක්කෙනෙක් බ්ලොග් වලින් සමුගෙන මන්දෝත්සාහී වෙනේක නෙවී... ඉන්න අයම විහින් මන්දෝත්සාහී වෙනේක..
    මේ වැදි බණ කීවත්මමත් අවුරුද්දක් මේක ඇද්ද කියල පම්පෝරි ගැහැව නෙව... අපි හැම කෙනාගෙම අවුල් තියෙනව.. ඒත් අපි ඒ පොඩි පොඩි අවුල්ු ලොක් ලොකු විදියට ගන්නෙකයි වැරැදිද

    ReplyDelete
    Replies
    1. මචන් මම 2008 ඉඳන් බුකියේ කරක් ගැහුවා. මටනම් තිත්ත වෙලා තිබුනේ. එක එක වම්බොට්ටල ගියපු හෝටලුයි කාපු වට්ට්ක්කයි බලලම අප්පිරිය උනා. අන්තිමේට නානසාර සහ හොරු හතලිහ ජුරාසික් පාක් පිචර් පෙන්නන්න අරන් බුකිය බුටික්‌ උනාට පස්සේ එපාම උනා. එහෙම වෙලා තමයි සිංහල ටිකක් එහෙම ටයිප් කරන්න ඉගෙනගන බ්ලොගට ආවේ. මේක බුකියට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන්නේ. ඉස්සර බ්ලොග් පොස්ට් කියව කියව හිටපු කාලේ ඇත්තටම කොමෙන්ට් කියවුවේ නෑ. ඒවා කියවල රස වැටුනානම් මීට කලින් එනවා.
      මචන් බුකියේ කොහෙද යකෝ කොමෙන්ට් නැව් ගණන් එන්නේ. SMS වගේ ගොන් ජෝක් නං එනවා. නමුත් බ්ලොග් ලියල FB Group වල ශෙයා කරාම හිට්ස් ටිකක් එනවා.නමුත් සින්ඩිවලින් තරම් එන්නේ නම් නෑ.
      මට නිකමට තේරෙන්නේ (වැරදිද දන්නේ නෑ) වාණිජ පරමාර්ථ තියන උන් තමයි ලොකු ක්‍රවුඩ් එකක් හොයන් බුකිගත වෙන්නේ.
      අනෙක ප්‍රේක්ෂක ප්‍රතිචාරය හදා ගන්න ගොඩක් උන් දන්නේ නෑ. මහන්සි වෙලා හදා ගන්න ඕනත් නෑ. ටික දවසක් පොර ටෝක් දෙනවා . මම ලියන්නේ ආත්ම තෘප්තියට කියල. එතකොට අනෙක් උන් සපෝට් එකක් දෙන්නෙත් නෑ. මොන උත්තටද බන් කියවන්න ඕන නැති එව්වා ලියන්නේ. හිතේ තියා ගත්තම ඉවරයි නේ

      Delete
    2. නැව් ගණන් කමෙනේට් හිටිස් බුකියෙදි වදින්නෙ ටැග් කොරන හන්දා කියල මං ඔය ලියලම තියෙන්නෙ...
      සකබරාට පිංසිද්ද වෙන්න 100 කට 200 කටි විතර ටැග් කරන උං හන්ද වෙලාවකට මෙලෝ රහක් නැති වෙනව

      Delete
    3. සහතික ඇත්ත කතාව.. බුකිය "ලයිව්".. ඒ නිසා ගොඩක් උන් එතනට කැමතියි.. එතනත් සංවාද වගේම සංවාසත් යනවා.. ඒත් බ්ලොග් වල තියෙන රහ නෑ..

      Delete
  18. අනේ මන්ද..... මම ඉන්නෙ ....නම් මේම ....හෙක්...හෙක්...
    http://www.youtube.com/watch?v=LnqWQnbvjuQ

    ReplyDelete
    Replies
    1. උඹේ වැල සීරීස් එකත් නෑ, පිල්ම් සීරීස් එකත් නෑ, දාන කොමෙන්ට් රහකුත් නෑ

      Delete
    2. ම්ම්ම්...... ඔව් මචෝ.....
      කමෙන්ට් කිරිල්ලත් ලගදීම නවතියි.......

      Delete
    3. කොමෙන්ට් කිරිල්ල නං නැතත් කමක් නෑ. වැල සීරීස් එක තියනවා නං

      උඹ වැඩිය නටන්න එන්න එපා ජපානෙට ඇවිත් වහල උඩ වාඩි වෙන්නේ.

      Delete
    4. මොකක් කෙන්ජෝ ..පිස්සු කෙලින්න් හදන්න එපා හරිද ?

      Delete
    5. මොකෝ බොක්කෝ උඹට උනේ.. උඹත් පට්ට බිසි උනාද..????

      Delete
  19. ඌවට නියඟය, සිංහල බ්ලොගේට වාරකං!
    ඉවසපං මචෝ ඉවසපං, නිහඬතාවයකට පස්සේ එන්නේ මොකද්ද කියලා දන්නවානෙ?

    ReplyDelete
    Replies
    1. මට නං නිහඬතාවෙං පස්සෙ එන්නෙ කොහු පාරවල් , ඉදල් පාරවල් .හැලි වළං , සාස්පාං ,කිරිගොටු …ඕං ඕව

      ඕ යේස් !!

      Delete
    2. ප්‍රවේසමෙන් පත්තරේ...සයිලන්ට් වෙන්න නම් එපා රජෝ..

      Delete
    3. කුරා කූඹුවෙකුට වරදක් නැති අහිංසකයා වෙච්චි මං :D

      Delete
    4. නිව්ස්පේපර් බ්‍රදර්: නරක කාලෙට ඉදල් කොහු හොඳ කාලෙට මල් සහ පලතුරු!

      Delete
    5. ගං වතුර නේද...?

      දැන්මම අමුඩේ ගහ ගන්නද මචෝ...

      Delete
    6. පිස්සුද බං...නිහඬතාවයකට පස්සේ එන්නේ 'හඬ' ' ස්ද්දේ' (උදා: පඩේ) :-) ඇයි දැන් මේ දවස්වල ඌව පැත්තේ ඇහෙන හූව?

      Delete
  20. ලොකු කුනාටුවක් හමන්නලුනෙ දිගු නිහැඩියාවක් ගන්නෙ . ඉවසමු . මෙ කුනාටුව එන කන්

    ReplyDelete
    Replies
    1. මෙයාලා තව සැරයක් බලයට ආවෝත් නම් කුනාටු කෙසේ වෙතත් සුනාමියක් නම් එයි..

      Delete
  21. ලියන්නෙ නැති එවුන් ගැන මොනවට වද වෙනවද මන්ද.....කකා කමෙන්ට් දාගෙන හරි ඉන්න එක ගැන මම නම් සතුටුයි.......
    අනිත් එක කකා කියන්නෙ ජාත්‍යන්තරයේ පිළිගත් පොරක්.....
    උඹ වද වෙන්න එපා මචෝ.......
    ඔහු මාකටිං ....ගැන දන්නව .....ඉතා ඉහලින්..... හෙක්...හෙක්....

    ReplyDelete
  22. ඇත්ත කියනවා හලෝ. කකා ඔහේගේ නමින් දාන්න පෝස්ට් මීට පස්සේ එවන්නේ නැහැයි කිව්වා නේද

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. කොහොමද ඔයා ඒක දන්නේ.. මේ වගේ ඒවා ප්‍රසිද්ධියේ කියන්න එපා.. අපේ කාඩ් කුඩු වෙනවනේ මෙයා....

      Delete
  23. බලමු බලමු මේ දයාවර ආයාචනයට කකා තුමා ඇහුන්කන් දෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. දුක හිතෙයි නේ මචෝ.. පින්තුරේ දැක්කමවත්..

      Delete
  24. කකා බ්ලොගේ නැවැත්තුවායින් පසුවත් ඇනෝනිමස් ආතල් එකට පෝස්ට් කිහිපයක් ලියලා තියෙනවා දැක්කා. දැන් ඒකත් කොහේ ගියද නැහැ. එහෙමවත් ලියමු කකා.

    ReplyDelete
  25. Kaka nethieka blog lokayata paduwak wagema paluwak mama thawamath kaka liyapu eroppe (europe) katha warin wara kiyawanawa.Mathalan mathrukawa maru.kaka "come agin another day." (Ranjan-D)

    ReplyDelete
    Replies
    1. මමත් ඉඳලා හිටලා ගොඩ වෙනවා.. තවමත්... පරණ පුරුද්දට..

      Delete
  26. මාතලන් උඹ මෙහේ බ්ලොග් නංවා තියන්න කතා කරනවා දැක්කා නේද අහියයි මාරයයි දවස් කීපයකට කලින් ඇරගත්තු හැටි. කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ බං. මඩටම අදෙනවා. උඹ උඹට කරන්න පුළුවන් දෙයක් කරගෙන හිටහන්.

    ReplyDelete
    Replies
    1. දැක්කේ නෑ නේ මචෝ.. කොහෙද වලිය යන්නේ.. බුකියෙද...?

      Delete
  27. මමත් ඉඳලා හිටලා යලට එකයි මහට එකයි හරි ලියලා දානවා.... වෙලාව ඇති හැටියට

    ReplyDelete
    Replies
    1. මාසෙකට එකක් වත්... අඩුම ගානේ...

      Delete
  28. කතන්දර, හැකි ඉක්මණින් ආපහු එන්ට. :D

    ReplyDelete
    Replies
    1. ඒ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ පොකූ විසිනි...

      Delete
  29. ඔය හිඟය හන්දම දැන් ලියන්නේ නැති අපිට කලින් ආව කීප දෙනෙක්ටම මාත් කතාකලා.. ඒත් ඉතින් මේකලට දැන් ලියන්න කියනවා කියන්නේ හරියට ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.. ඒ තරමටම වැඩලු..

    කවුරු කවුරුත් කාලෙන් කාලෙය බිසී වෙනවා.. ඒක ඉතින් සමාන්‍ය දෙයක්.. මොකද අපි කවුරුවත් බ්ලොග් ලියන්නේ සල්ලි හොයන්න නෙමෙයිනේ.. එත් මෙහෙමම කට්ටිය නැතුව යද්දී විශේෂයෙන්ම ඔබේ මගේ මුල් ගුරුවරු, ඒ අඩුව හොදටම දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. gon metta.uba mokekda ban..

      Delete
    2. උඹ නම් ඉතින් එකසිය ගානට ලියන එකානේ... මාර ස්පීඩ් එකක් නේ බං උඹට තියෙන්නේ..

      Delete
  30. ඔය කිව්වට කකා එයි. ලියන්න හුරු වුනාම අබිං කෑවා වගේ තමා.
    ඔය පුනරුත්ථාපනය කරපු අයත් ආයි ඇබ්බැහි වෙන්නෙ.
    කකා පොඩි පුනරුත්ථාපන කාලයක් ගතකරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් කුඩු කෑවා නම් තමා වටින්නේ...

      Delete
  31. බ්ලොග් ලිවිල්ල අතෑරලා අර ප්‍රසන්න වගේ සින්දු ඇනෝ වගේ කියව කියව කමෙන්ට් කර කර ආතල් එකේ ඉන්න ඕනෙ කියල මට හැමවෙලාවෙම හිතෙනවා. වහපු අයටත් එහෙම හිතෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් නම් අපිටත් එහෙම හිතෙයි...

      Delete
  32. ඔව් බං. මේ දවස්වල මාර නියඟයක් තියෙන්නේ. මොකටද බ්ලොග් ලියන්නේ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචෝ.. කකා විතරක් නෙමෙයි නේ.. ගොඩක් උන් නිහඬයි.. ආත්මාර්තකාමි උන් ලියන ඒවයෙන් ඇති වැඩක් නෑ නේ.. මක්කා ලිව්වත්..

      Delete
  33. සිරාවටම කකා ගියාට පස්සෙ මාර නියඟයක් තියෙන්නෙ. "මම කියවන බ්ලොග්" බොහොමයක පෝස්ට් වැටෙන්නෙම යලට මහට. මාතලන්, දිනේෂ් වගේ කීපදෙනෙක් නෙ ලියන්නෙ දිගටම. මටනම් බ්ලොග් වැඩේට පොඩි කම්මැලිකමක් හිතුනා. මාර වැඩේ කියන්නෙ කියවන්න, ලියන්න විතරක් නෙමෙයි කමෙන්ට් එකක්වත් බලන්න කම්මැලිම කම්මැලී. ඒකනෙ අර විදියෙ කොඩිවිනේක පැරනෝමල් බලපෑමක්ද කියලා හොයා බලන්න ගියෙ.

    ReplyDelete
    Replies
    1. කොඩිවිනයක් කරලම තමයි යන්න ඇත්තේ.. නැත්නම් ඉතින් මේ යස අගේට ලියපු උන්ටත් මෙහෙම එපා වෙන්නේ..

      Delete
  34. ගානකට විචිත්‍රව කරගෙන ආපු කකාගේ බ්ලෝග නැති වෙච්ච පාඩුව හොඳින්ම දැනෙනවා. බ්ලොග් ලියන්නට ඔහුට තිබුණු උනන්දුව හා කැප වීම අපි කාටවත් නෑ . කොච්චර වැඩ තිබ්බත් නොකඩවා ලියන මාතලන්, සුදීක, දිනේෂ් ඇතුළු පිරිසට තව අය එකතු වී ආයෙත් කකා ලියන්නට පටන්ගෙන මේ පාලු නියගය ඉවරයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. ආයිබෝ වේවා.... ආවාඩා.....!!!

      Delete
  35. කාකා මුන ගැහුනේ අවුරැදු උත්සවයේදි මම හිතාගෙන හිටියට වැඩිය සම්පුර්නයෙන්ම වෙනස් මනුස්සයෙක්.
    සරල සුන්දර ආඩම්බර නැති චරිතයක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න