.

.

Sep 11, 2014

සින්සෝ අබේ ආවෝ ගියෝ - Sinzo Abe Tour of Sri Lanka


කක්කා බර තදවී, හදිසියේ එළිබහින්න ගෙදරට ගොඩ උන එකා වගේ, කළබලේ ඇවිල්ලා ගියාට, මල පැනලා උන්න ජනාධිපතිතුමාට, ඊටත් එහා මල පැන්නේ, නයි ටී ඇන් එක කරකවපු වෙලේ, පැය විසි හතරක් වත් මෙහේ නොඉඳපු එකා, දවස් දෙකක සංචාරයක් කලාය කියන කතාව ඇහුවායින් පස්සේය. මේ යක්කු ඇවිල්ලා, චීනාගේ හිත අප්ෂට් යන නිසා, අබේ එනවාට ලොක්කාගේ ඒ තරම් කැමත්තක් තිබුනේත් නැත. ඒත් ඉතින් ඒ කාළේ ඉඳන් ඉන්න එකම ජපන් යාළුවාටත් පොඩි චෑන්ස් එකක් දෙන්න ඕන නිසා, ලොක්කා යසුසි ආකාෂිට කීව්වේ ඔන්න ඔහේ ඇවිල්ලා යන්නෙයි කියලාය.

යසුසි ආපු ගමන් අපේ ජනාධිපතිතුමගෙන් ඇහුවේ, ඇයි ලොක්කා අබේ මල්ලි පිලිගන්න ප්ලේන් එක ගාවටම ආවේ නැත්තේ කියලාය. මට මේ දවස්වල අව්වේ ඉන්න එපාය කියලා දොස්තරලා කියලා තියෙනවනේ කියා, අමු පචයක් ඇදලා ඇරපු ජනාධිපති තුමා, ළඟ හිටපු එකෙකුට කිව්වේ, මම ප්ලේන් එක ගාවට ගියානම්, මේ ඉන්න ගොන් හැත්ත, අබේ පිලිගැනීම පැත්තකින් තියලා, දෙකට නැමි නැමි මට වඳින්න ගත්තෝතින් හෙම, අබේ  මල්ලි අප්ෂට් යන්න පුළුවන් නිසා, හරක් රැල මැද්දට පැන්නේ නෑ කියාය. ළඟ හිටපු එකා ජනාධිපති තුමාට කිව්වේ, ඔබ තුමාගේ කටේ ජපන් ආධාර ටිකක් දාන්න හිතෙනවා කියපු කතාවට, මුන් බුදු හාමුදුරුවෝ ආවත්, උන්නාන්සෙට වඳින්නේ නැතුව, ඔබ තුමාට පෙරලි පෙරලි වඳින එක නම් බුදු ෂුවර් කියලාය.

කාළකන්නි සෙට් එකත් පස්සෙන් එල්ලෙන නිසා, අබේවත් තනියෙන් යවලා ලොක්කා හොර පාරකින් අළුත් පර්යන්තේ විවෘත කරණ තැනට ආවේ, මුන්ගේ වදේ ඉවසන්නම බැරි හින්දා මිසක් වෙන හේතුවක් නිසා නෙමේය. මත්තලත් පත එකක් හදලා තියෙද්දි කටුනායකට තව පර්යන්තයක් අහවල් එකටද කියා අබේ ජපන් වලින් ඇහුවාම, ලොක්කා කිව්වේ ඒක හදලා තියෙන්නේ දඬුමොණරා බාන්න කියලාය. ඉන්ගිරිසියෙන් එනවුන්ස් කරණ එකා මර හඬ දීලා කෑ ගහන නිසා මෙළෝ දෙයක් ඇහුනේ නැති අබේ ඔළුව වැනුවේ භාසා පරිවර්ථනේ කරන්න ආපු භාසා වෙල්ලත් දඬුමොණරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ, පස්සෙ හොයලා කියන්නම් කිව්වාමය.ය.

එතනින් අබේ අයියා එකකගෙන ගියේ, පරණ පාර්ලිමේන්තු වටරවුම ගාව, අළුතෙන්ම හදපු රවුන්ඩබවුට් එක පෙන්නන්නය. එක බලලා ඇතුලට ගියපු අබේ අයියාට, ලොක්කා රාමු කරපු පොටෝ එකක් තෑගී දුන්නේ ගෙදර ගියාම බලන්න, මමත් ඔය පොටෝ එකට උදේ හවා වඳිනවා කියලාය. අබේ අයියලා තෑගී දුන්න පාර්ලිමේන්තුව බලන්න ගියේ, ඊට පස්සේය. ආකාසිට ඕන වෙලා තිබුනේ සමාන්‍ය සම්ප්‍රදාය විදියට අබේ අයියා පාර්ලිමේන්තුව අමතන්න වැඩේ සෙට් කරන්නය. ඒත් අබේ අයියා කිව්වේ එතන කතා කරන එවා මෙලෝ වැඩක් ඇති ඒවා නෙමෙයි කියා. ගොසිප් සයිට් එකක තියෙනවා දැක්කා නිසා, කිසි තේරුමක් නැති වැඩ කරන්න අබේ කැමති නැතෙයි කියලාය.

එතන ඉන්න අස්සේ අබේ අයියාට අබේ අක්කාගෙන කෝල් එකක් ආවේය. ඩාලින් මම මේ ඉන්නේ ලක්සලේ, ලස්සන බුදු හාමුදුරු කෙනෙක්ගේ පොටෝ එකක් තියෙනවා මම ඒක ගන්නද කියා මිසිස් අබේ හුරතලේට ඇහුවාම,. ඕන වෙන්නේ නෑ, මම හිතන්නේ මහින්ද මට බුදු හාමුදුරු පින්තූරයක් දුන්නා, ඔයා වෙන මොනවා හරි ගන්න කිව්වම, නෝනා පන්කොල තොප්පියක් විතරක් අරගත්තේ, ගන්න ඒවට ගෙවන්න වෙන්නේ එයාගේ පොකට් එකෙන් නිසාය.

පාර්ලිමේන්තුවේ තේ සංග්‍රහය අස්සේ එක එකා කතා කරන අතරේ, අබේ යසුසිගෙන් ඇහුවේ සූමෝ කාරයොත් පාර්ලිමේන්තුවේ ඉන්නවාද කියලාය. ආ.. නෑ.. ඒ සූමෝ කෙනෙක් නෙමෙයි, නිමල් සිරිපාල කියලා ඇමති කෙනෙක්, එයා සූමෝ ක්‍රීඩාව දන්නේ නැති උනාට, අමාත්‍යශයේ සෙටියේ වෙනින් මොකක්ද ක්‍රීඩාවක් නම් කරලා, සම්මාන සහතික පවා ලබා ගෙන තියෙනවා කියා කීවේය.

එයිට පස්සේ ව්‍යාපාරික ප්‍රජාව එක්ක සෙට් වෙන්න ගියපු අබේ අයියාට, ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන සාටක කාරයා පෙන්න නැති නිසා, හිතට සහනයක් දැනුනේ නැත්නම් ඉතින් වැඩේ පටන් ගන්නත් කලින් කොමිස් එක ගැන කතා කරන්න වෙන හින්දාය. අබේ කිව්වේ හෙට ඉඳන් ජපන් බිස්නස් කාරයෝ පෝලිමේ ඇවිත් මෙහේ බිස්නස් පටන් ගනීවී කියලාය. ඒත් ආපු බිස්නස් කාරයෙක් ළඟ ඉන්න එකෙකුට කිව්වේ මම නම් තියෙන එකත් වහලා දාලා මියන්මාර්වලට යන්න හිතාගෙන ඉන්නේ, ලයිට් බිල ගෙවාගන්න විදියක් නැති හින්දාමයි කියලාය.

ඊළඟ දවසේ උදේ කැළණි පන්සල් ගියපු අබේ මහත්තතයා, ඒකෙ බිදු සිතුවම් බලන ගමන් ඇහුවේ මහියංගනේට බුදු හාමුදුරුවෝ වැඩිය වෙලාවේ, එහේ යක්කු ඉන්නවා ඇඳලා තියෙන්නේ ඇත්තටම යක්කු එහේ ඉඳියාද කියලාය. ඒ කාළේ නෙමෙයි දැනුත් ඒ පැත්තේ යක්කු වගයක් ඉන්නවා, හැබයි යන්නේ එන්නේ නම් ඩිෆෙන්ඩර් වල කියා ගයිඩා කියලා දුන්නේය.

කොල්ලුපිටියේ මහින්ද (හාන්දුරුවෝ) ඒක ඇහිලා කිව්වේ, උන් ඒ පැත්තේ යක්කු නොව කොළඹින් සහ හම්බන්තොටින් ගියපු යක්කු වගයක් කියලාය. ඒක අහපු අබේ මහත්තයා කිව්වේ ජපානේ යකුසා කියලා යක්කු වගයක් නම් ඉන්නවා, උන් ඉන්නේ ඇඟිල්ලක් කපාගෙන කියලාය. අපේ නම්, දේශපාළණෙට එන යක්කු, ඇඟිලි කපාගෙන ආවේ නැති උනාට, වැඩේ පටන් ගන්න කොටම, ලැජ්ජා නහරෙ නම් කපාගන්නවා කියා එතන හිටපු එකෙක් අබේ අයියාට කිව්වේය.

ඔක්කෝටම අරිගතෝ ගොසයි මස්, ටටා බායි කියපු අබේ මහත්තයයි නෝනයි, ආයෙත් ජපානේ බලා යන අතරේ, නෝනා ඇහුවේ, ඩාලින් අර මහින්ද දීපූ පොටෝ එක බලමුද කියලාය. ඒක දැම්ම කඩලා බලන එක හරි නෑ නේද, අනික වැඳුම් පිඳුම් කරන පොටෝ එකක් නිසා, ගෙදර ගිල්ලම බලමු කිව්වම, අබේ නෝනා කිව්වේ ඒක දැන් බලන්න දුන්නේ නැත්නම්, මම හරාකිරි කර ගන්නවා කියලාය.

නෝනලාගේ හැටි දන්නා අබේ අය්යා ඉක්මනටම පොටෝ එක ගෙන්න ගත්තේය. රැපින් එක ගැලෙව්වේය. එකේ හිටියේ බුදු හාමුදුරුවෝ නොව ජේ ආර් උන්නෑහේය. අබේ අයියයි අක්කයි දෙන්නාම පින්තූරේට වඳින ගමන්, නෝනා අබේගෙන් ඇහුවේ, අපි මෙයාට වැන්දට, මහින්ද රාජපක්ෂ මේ ඔපසිසොන් පොලිටීසියන්ට වඳින්නේ මොකද දන්නේ නෑ නේද ඩාලින් කියලාය.

104 comments:

  1. හිනා හැටයි අෆ්ෆා.... ඉන්න ඉන්න ආයෙ දෙතුන්පාරක් කියෝල එන්න ඕනෙ මේකනම්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙම කියවලාම එන්නකෝ..

      Delete
  2. හලෝ මාතලන්,

    අද මොකෝ කරන්නේ? අද අපේ ඔපිස්‌ එකේ කාණ්ඩයක් ගියානේ ඔපිස්‌ එකට පොත් පත් ටිකක් ගන්න පොත් ප්‍රදර්ශනෙට. මාත් ඉතින් වෑන් එකේ නැගිලා එතෙනට ගිහිං ඒ කාන්ඩේ බස්සලා මේ දැන් ආයේ ඔපිස්‌ එකට ආවා විතරයි. ආයේ ඊලග සැරේ වෑන් එක යනකොට මාත් ඒත් එක්කම ගගිහිං අපේ ජයේ අයියගේ පොට් එකෙන් බැහැලා භාගයක් ගහලා හිමිං සැරේ ආයේ එන්නං කියලා මම මේ කල්පනා කර කර ඉන්නේ.

    අද ඔපිස්‌ එකේ අපේ පැත්තේ ලොක්කත් නිවාඩුනේ. ඉතිං මම ලොක්කාවගේ කයිය ගගහා ඉන්නේ මේ උදේ ඉදලා එක එක අය එක්ක.

    මම එහෙනං පල්ලෑහට ගිහිං උණු උණු එළවලු රොටියක් කාලා,ප්ලේන්ටි එකකුත් බිලා,ගොලිප් එකකුත් පත්තු කරන් එන්නං කෝ. අපේ වෑන් එකේ ඩයිවර් අංකල්ටත් තේකක් අරං දෙන්න එපැයි. මොකද වෙනදා අපේ ලොක්කානං හැමදාම ඩයිවර් අංකල්ට කියක් හරි දෙනවා තේකක් බොන්න.

    මම එහෙනං ආයේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. බාගයක් ගහල පොත් කියවන එකත් පට්ට ආතල්...

      Delete
    2. ආතල් ඇනෝගෙ බීමයි ගෝල්ලීප් ගැහිල්ලයි ගැන දාන කමෙන්ට් මටනම් දැන් එපාවෙලා තියෙන්නෙ ඕයි. ඇයි අප්පා හැමදාම එකම තැටියමනෙ දාන්නෙ. නැද්ද පොඩි ක්‍රිෙය්ටිව් අයිඩ්යාස් ටිකක්.. අර සින්දු ඇනෝට වගේ..

      Delete
    3. හලෝ,

      මම මේ දැන් තේකක් බිලා ආවේ. තව පොඩ්ඩකින් ආයේ වෑන් එකේ නැගිලා යන්න ලෑස්ති.

      #AnonymousSeptember 11, 2014 at 10:00 PM
      හලෝ ඇනෝ,

      මම ඉතිං මෙතන කොමෙන්ට් කරන්නේ මම කරන කියන දේ ගැනනේ. ඉතිං මට ඔපිස්‌ එකේ වෙන දේවල්,අපේ ලොක්කා ගැන එහෙම නැතිව මම වෙන මොනා ලියන්නද?

      මම ඉතිං කැමති නෑ කාගෙවත් හිත රිද්දන්න. හැමෝම එක්ක සතුටෙන්,සාමෙන් ඉන්නයි මම කැමති. ඉතිං මම කොමෙන්ට් කරන දේවල් වලට කැමති නැත්තං මම ආයේ කොමෙන්ට් නොදා ඉන්නං. මොකද මගේ කොමෙන්ට් නිසා කාට හරි හිත රිදෙනවා නං, එව්වා නිසා එපාවෙනවා නං මම කැමති නෑ.

      මම එහෙනං ආයේ එන්නං කෝ. (එන්නං කිව්වට මම හිතුවා ආයේ කොමෙන්ට් නොදැ ඉන්නං කියල. මොකද ඉතිං ඉස්සරහට කොමෙන්ට් දැම්මත් මට එව්වගේත් ලියන්න වෙන්නේ මම ඔපිස්‌ එකේ කරපු දේවල්,මම අඩියක් එහෙම ගැහැව්වම එකේ පොටෝ එහෙම විතරනේ.

      ඉතිං අපේ මතලන්, හැලපෙ, රාජ් මම යන්නං. මම කොමෙන්ට් නොදැම්මට අඩියක් එහෙම ගහලා අවාම නොවරදවාම අපේ රාජ්ගේ,හැලපගේ,මතලන්ගේ බ්ලොග් නං බලන්නං කෝ.)

      Delete
    4. @ආතල් ඇනෝ ...... උඹ අපිට දෙන්නෙ එල ආතල්......
      ඒ කැරියට හැමිනෙන්න කියල උඹ කමෙන්ට් කරපං ....

      Delete
    5. පිස්සු කෙලින්න එපා ඇනෝ...

      Delete
    6. කොහෙ යන්නද බං බාගයක් ගහල ආයි වරෙන් කමෙන්ට් කරන්න.

      Delete
    7. ආතල් ඇනෝ පිස්සුනම් කෙලින්න එපෝ ...

      අපේ බ්‍රෑන්ඩ් එක නම් ගල්...

      අපි ඩාවින්ගෙ ගේ ගාව උපන්නේ
      ලොව පරිණාමෙ ඒ හින්දා හැඟෙන්නේ
      හලෝ... වානර ගුරු 
      අද අපෙ ඈයෝ ඒ මත බිඳින්නේ...//

      නෑයො නේ මේ අයත් 
      නැති නමුත් හතර ගාතේ
      කුරුලනේ තටු නැතත් 
      අපෙ අයත් ඉගිළ යතේ...//
      දෙයක් ඇතත් දෙයක් නැතත්
      මිනිස් හිසත් හිස් වෙතේ...

      බැලුවොතින් කැඩපතින්
      පේන රූ මිනිසගේ
      කම්බි දැල් කොටු වලින් 
      හිර වුණා වූ ඔබ වගේ...//
      ඔබත් මමත් උපන් ලොවේ
      වෙනස ඇත්තෙ වලිගයේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

      Delete
    8. හලෝ ආතල් ඇනෝ..

      මම මේ සුද්දෝ එක්ක කොළඹ එන ගමන්, එකෙක් කෝල් කරලා කියපු නිසා ලැප් එක ඔන් කරලා මේ කොමෙන්ට් එක දාන්නේ. මොකෝ මට ඒ තරම් ඔහේව වටිනවා. මේ වගේ කඩාකප්පල්කාර පිස්සු යක්කු කොහෙද නැත්තේ. ඔහේ මට වඩා හොඳට ඒවා දන්නවා ඇති නේ. මේ යක්කු කරන්නේ මිනිස්සුන්ට ඕනම දෙයක් එපා කරන එක. ඒ උනාට අනිත් බ්ලොග් ලියන උනුත් කැමතියි උඹ ඒවයෙත් කොමෙන්ට් දානවා නම්. උඹේ කොමෙන්ට් වල ළොකු කතාන්දරයක් තියෙනවා. ඒ තමයි තිත්ත ඇත්ත. සම හරක්ට ඕවා දිරවන්නේ නෑ.

      ඒ නිසා මේ කන්නෙ බොන්නෙ නැති පිස්සු යක්කු කියන ඒවා ගනන් නොගෙන හැමදාම වරෙන්. මම ආයේ ලැප් එක වහලා ඩ්‍රයිවින් පටන් ගන්න ඕන හැන්දෑවට සුද්දෝ දෙන්නා එයාර්පෝට් දාන්න. අනිත් අයට පස්සෙ රිප්ලයි කරන්නම්.

      උඹට ඕන නම් මේ ගොන් කොමෙන්ට් එකත් මකලා දාන්නම්..

      එහෙනම් මාත් ගෝලිප් එකක් ගහලා වැඩේට බහින්නම්.. පොත් දෙක තුනක් ගන්න බීපූ වෙලාවට කියවන්න..

      Delete
    9. @ ආතල් ඇනෝ
      පිස්සු කෙලින්න එපා බං.. මම පොඩි ජෝක් එකක් කළේ.. මම ඇහුවේ නැද්ද තව ක්‍රිෙය්ටිව් අයිඩියාස් ටිකක් කියලා විතරයි.. එහෙම නැතුව උඹේ කමෙන්ට් නිසා මගේ හිත රිදුන බවක් මම කියලා නෑනේ.
      @ Others (especialy Kenji)
      මම කියපු දේට ආතල් ඇනෝවගේ හිත රිදුනනම් උගෙනුයි උඹලා ඔක්කොගෙන්මයි මේ ගත්තා සමාව!
      @ මාතලන්
      ඔව් මගේ කමෙන්ට් එක අයින් කරපන්.. බහුතරයක් දෙනෙකුට ආතල් දෙන එකෙක් නැති වෙනවට වඩා ඒක කොච්චර දෙයක්ද..
      මීට
      AnonymousSeptember 11, 2014 at 10:00 PM

      Delete
    10. ආතල් ඇනෝ,
      පිස්සු නං කෙළින්න හදන්න එපා කොහේ නොගියත් මගෙ බ්ලොගේට වරෙන්.

      Delete
    11. AnonymousSeptember 12, 2014 at 1:03 AM
      ඇනෝ අනිත් එවුන්ගේ හිත තමන් නිසා රිදුනමත් සමාව ගන්න තරම් නිහතමානී උබලා දෙන්නම මේවල ඉඳපල්ලා බන්...... ඔය එක එක වෙලාවල් වලට ලියන කියන ඒවා ඒ වෙලාවට විතරයි....... මෙවලට ඕනා කියවන හා කියවන ඒවා ගැන ලියන උබලා වගේ එවුන් තමයි

      Delete
    12. @AnonymousSeptember 11, 2014 at 10:00 PM
      මචං ....සමාව ගැනීම ගැන මගෙ ප්‍රණාමය.......
      අන්න එහෙමයි ...මහත්වරු.......
      මොකද අපි සේරම පෙරාපු රත්තරං හුත්තල නෙමෙයිනෙ බං ....වැරදීම් වෙනව.....
      උඹ ලියපු දෙය අපි සේරටම වැරදි විදියට තේරුම් ආවෙ ......
      මොකද ආතල් ඇනෝ තුන් දෙනකු ගෙ බ්ලොග් වලට විතරක් කමෙන්ට් කලත්....උගෙ කමෙන්ට් ...බේදයක් නැතිව අපි කවුරුත් රස වින්ද/විඳිනව බං ....ඒකයි පුෂ්පය අරම උනේ....
      උඹත් එන්නෙ නැතිව ඉන්න එපා ......දිගටම වරෙන්.... anyway ......
      thnx again ......... මචෝ.........

      Delete
    13. හැලප උඹත් මාර........එකෙක්........
      උඹේ එකට විතරක් නෙමේ අනිත් එවුන්ගෙ ඒවට යනවනම් කැමතියි.... මගෙ එකට හැර......

      Delete
    14. කෙන්ජි,
      කතාවට කියන්නෙ එහෙමනෙ බං.දෙකක් දාලද උඹ ඉන්නෙ.

      Delete
    15. අනිවා.....මචෝ......තව ඩිංග කින් පටං ගන්නව බං ...
      බයිට ආව ගමං ඉට්ටාට් කොරනව ....... ආතල් ඇනෝ වගේම මමත් දෙකක් හලාගත්ත ගමං හෙහ්........හෙහ්.....

      Delete
    16. ආතල් ඇනෝ.සිංදු ඇනෝ අපේ බොක්ක.
      පත්තර මල්ලි නැත්තේ මොකද?

      Delete
  3. //මම හරාකිරි කර ගන්නවා //

    නියම වචනේ සෙප්පුකු (Seppuku 切腹) නේද?

    කෝකටත් අපි කෙන්ජි සාන් ගෙන් අහලා ඉමු.....

    ReplyDelete
    Replies
    1. ritual suicide; disembowelment; seppuku; harakiri
      සෙප්පුකු & හරාකිරි වචන දෙක ම භාවිතා කරනව මචෝ.....
      තමන් විසින් බඩ කපාගෙන ...බඩවැල් එලියට යන්න සලස්වාගෙන දිවි තොර කර ගැනීමට කීනව සුදෝ...... හෙක්....හෙක්.....

      Delete
    2. මම නම් අහලා තියෙන්නේ ඔය වචනේ තමයි රජෝ..

      Delete
  4. ජේ.ආර්ට උදේ හවස වැන්දත් පාඩුවක් නෑ මහින්දට, මොකද ජේ.ආර් හදපු විධායකෙන් හරියටම වැඩගන්නෙ මුන්නැහේනෙ.

    ReplyDelete
    Replies
    1. මොනවද මුත්තේ මොකද කරන්නේ
      මොකටද ඔබ ඔය බිම හාරන්නේ

      නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
      අඹ ඇටයක් සිටුවන්නට හාරමි

      දුකසේ සිටුවා අඹ ඇටයක් අද
      එක අඹයක්වත් කන්න ලැබේවිද

      මම ලමයෝ මින් අඹයක් නොපතමි
      යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

      තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
      කරන්න හැකිදේ නොම තේරෙයි මට

      පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
      හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

      පෙර උන් අය සිටවූ අඹගස් වල
      ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

      අපෙන් පසුව එන අයටත් එම ඵල
      ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

      ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
      ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
      ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
      ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

      පදරචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර

      Delete
    2. දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
      කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
      පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
      නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

      තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩකින්
      නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
      ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතෙකින්
      මරා දමමි ඇය මරා දමමි සැනෙකින්

      නන්දා මාලිනි
      'පවන'

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //ජේ.ආර්ට උදේ හවස වැන්දත් පාඩුවක් නෑ මහින්දට, මොකද ජේ.ආර් හදපු විධායකෙන් හරියටම වැඩගන්නෙ මුන්නැහේනෙ.//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. මහා කලු මොට්ටයා ඇත්තද ඔයා ළඟදි කිච වුණාය කියන්නෙ ගණන් වරද්දගෙන? අනේ ඕ ලෙවල් වලට වත් ගණන් පාස් නැති ඔයා මොනවට නඔදන්න දේවල් කරන්න යනවද?

      Delete
    6. ජන සංඛ්‍යා වර්ධනයේ අනාගත අගයන් දැකලා රිදිලා වගේ. ගණනයේදී යොදාගත් උපකල්පන සහ ඒවා අනාගතයේදී වෙනස්වන ආකාරය පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. කොහොම උනත් දැන් තියෙන වර්ධන වේගයෙන් දිගටම ගියොත් සිංහල සුලුජතියක් වෙන එක වලක්වන්න බැහැ. පුදුමය නම් උඩින් පල්ලෙන් අංක ටිකක් පෙන්වලා කවදාවත් සිංහල සුලු ජාතිය වෙන්නේ නැහැ කියපු මිනිහ කියපු දේ තර්කයකින් තොරව පිළිගෙන එයට විරුද්දව කරුණු පෙන්වා ගණනය කිරීම් වැරදිය පැවසුවත් වැරදි තැනක් පෙන්වන්න මේ ඇනොලා අසමත්. මෙයට විරුද්දව කතා කරපු අනොලාට ජන වර්ධන වේග සහ ජන ප්‍රතිශත වැනි සරල ගණිත සංකල්ප සහ ඒවා ඇසුරෙන් ගණිත කර්ම කිරීම් මෙන්ම ප්‍රතිශතය අඩු වීම ජනප්‍රමනය අඩුවීම දකින මෙන්ම ශුන්‍ය කරා යාමට අනන්ත කාලයක් ගන්නා ජන ප්‍රතිශත අඩුවීමක් අඳුනාගත නොහැකි ශුන්‍ය ගණිත දැනුමක් සහිත බව පැහැදිලිවම ඔවුන් දැමු තර්ක අනුවම සනාථ වේ. (http://www.w3lanka.com/2014/09/blog-post_11.html හි ඇනොලා දැමු කමෙන්ට් වලින්) එසේ තිබියදී පැරදුනේ පලාගියේ මම කියා බාල වින්දනයක් ලබා ගන්න.

      මේ ගැන තවදුරටත් කතාකිරීමට අවශ්‍ය නම් මම විසින් ලියන ලද
      රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව
      නම් ලිපියට හෝ මාතලන්ගේ බ්ලොග් එකේ පල කල මම ඉහත ලිපිය ලිවීමට හේතු වූ
      සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකිනම් ලිපියට කමෙන්ට් කර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න

      Delete
    7. ජේ ආර්ලා ප්‍රේමදාසල මොන පොලිටීසියොන්ලද මහින්ද මහත්තයා නේ රියල් පොලිටීසියොන්

      Delete
    8. මට පේන විදිහට ඔතන මහා කළු සිංහලයා කරන වැරද්ද තමයි සිංහල හා මුස්ලිම් ජන කොටස් වල වර්ධනය පමණක් සැලකිල්ලට ගන්න එක. එක සමහරවිට නොදැන කරන වරදක් වෙන්න පුළුවන්. අනෙක් සියළු සුළුතර ජන කොටස් නොසලකා එක ජන කොටසක් විතරක් ගන්න කොට මැවෙන්නෙ සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක්. නමුත් සිංහලයා ඇත්තටම සුළු ජාතියක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ සිංහල නොවන්නන්ගේ වර්ධනයට සාපේක්ෂව සිංහලයාගේ සාපේක්ෂ වර්ධනය සැලකීමෙන්. එතැනදි ඉතාම පැහැදිළියි සිංහල ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. මුස්ලිම් ප්‍රතිශතයත් වැඩි වෙනවා තමයි නමුත් දෙමළ ප්‍රතිශතය අඩු වීම තුළින් ඒක උරා ගන්නවා. ඒ නිසා චානුක හරි. මහා කළු සිංහලයා වැරදියි. ඔව්, අර ඇනෝ කියන ප්‍රස්ථාරය දැම්මොත් ඒක ඉබේම ඔප්පු වෙනවා. මහා කළු සිංහලයා ඒක නොදා හොර ගල් අහුලන්නේ ඒකයි.

      Delete
    9. මාත් මුලින් හිතුවේ මහා කළු සිංහලයා මාර ගණිත කර්ම ටිකක් තමයි කරලා තියෙන්නෙ කියලා. පස්සෙ තමයි තේරුණේ බොරුව. හැබැයි ඇනෝලා අහපු ප්‍රශ්න වලට උත්තර නොදී පළා ගිය එක නම් ලජ්ජයි. තමන් හරි නම් ඇයි උත්තර දෙන්න බය වෙන්නේ? ඇනෝලා දිගින් දිගටම ග්‍රාෆ් එකක ඉල්ලුවා ඒක නම් දෙනම බෑ කිව්වාඅ. මොකද ඒක දුන්න ගමන් එයාගේ බොරුව හෙළි වෙනවා. මට පේන්නේ මේ යකා ඕ ලෙවල් වලට වත ගණන් පාස් නැති බුවෙක්.

      Delete
  5. පට්ට යකෝ නිමල් කාරයව සුමෝ සාන් කිව්ව එක.....
    ඇයි දකුනෙ මහ ඇමටිය හිටියෙ නැතෙයි..... හෙක්.....හෙක්....

    ReplyDelete
    Replies
    1. Kenji @ මැලේ
      හැ ,,,,,,,,,,,,,,, මේ මොකාද යකෝ

      Delete
    2. ඇයි ....... අවුල් ද...... හෙක්.....හෙක්.......

      Delete
    3. එයාර්පෝට් එකේදි ඇහුවලු ප්‍රසන්න රණතුංගගෙන් ඔයා සූමෝ කාරයෙක්ද කියලා..

      Delete
  6. //මුන් බුදු හාමුදුරුවෝ ආවත්, උන්නාන්සෙට වඳින්නේ නැතුව, ඔබ තුමාට පෙරලි පෙරලි වඳින එක නම් බුදු ෂුවර් කියලාය//
    උඹේ මෙන්න මේ කතාවට, උඹේ කටටත් විදේස අධාර ටිකක් ඩොලර් වලින්ම ඔබන්න හිතෙනවා බන්.....

    ReplyDelete
    Replies
    1. කටටනම් වැඩක් නෑ මචෝ.. පුළුවන්නම් එකවුන්ට් එකට කීයක් හරි දාහන්..

      Delete
  7. අපි මෙයාට වැන්දට, මහින්ද රාජපක්ෂ මේ ඔපසිසොන් පොලිටීසියන්ට වඳින්නේ මොකද දන්නේ නෑ නේද ඩාලින්////
    දවසේ කතාව ඒක තමා මාතෙ...
    අනික් ඔක්කමත් හරි ඒ ටිකත් හරි...
    හීහ් හී.............................

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇයිද දන්නේ නෑ නේ මචෝ...

      Delete
  8. අඩේ ඒකෙත් පොඩි ලල් එකක් තියනවා...

    ReplyDelete
  9. හිනා යනවා අප්පා,, සස කට්ලට් වලට තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. සස කට්ලට් කියන්නෙ මොනවද අනි
      මීට කෙන්ජි ජැපෑන්
      ආ සොරි, කෙන්ජි මැලේ

      Delete
    2. +++++++++++++++++ ඇනෝට හෙහ්...හෙහ්....

      Delete
    3. ඇනෝ ..... ඔය රස කියල තියෙන්නෙ ......
      එයා තාම සුරතල් දැරිවි නොවැ ....මචං ......

      Delete
    4. හිනාවෙලා තමයි ඉන්න ඕනා.. අඬන්න එපා කවදාවත්..

      Delete
  10. JRට මහින්ද විතරක් නෙවෙ අපිත් උදෙ හවා වදින්න ඔනෙ. මාමා හදපු ජනාධිපතිධූරය නොවන්න බෑනා උතුරු නැගෙනහිර ස්ව්යන් පාලනයක් ත්‍රස්තවාදියොන්ට දීලා ඉවරයි. එහෙම උනානම් බෑනාගෙ සන්ටැඹියො ටික අපිට කියයි මෙක දිනන්න බැරි යුද්ද්යක් නිසා ප්‍රබාට කෑල්ලක් දුන්නා කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. එහෙම වෙන්න බොහෝ දුරට ඉඩ තිබුනා..

      Delete
  11. මේ කතාව තව ටිකක අදින්න තිබුනෙ අන්තිම හරියෙ.
    කොල්ල එක පාරටම දුෂ්ටයගෙන් කෙල්ලව බේර ගන්න හරිය නම් එල

    ReplyDelete
    Replies
    1. අද අනුවේදනිය බව දැණුනේ නැතෙයි..

      Delete
  12. ඔය ජපන් ජාතිකයෝ එයාලගේ රජතුමා දෙයියෝ කියලා හතන් ඉන්නේ ඒ වගේම දෙවනි ලෝක යුද්දෙන් පස්සේ 1992 වෙනකම් රට පාලනය කලේ එනම පක්‍ෂයක් මේවා අපිත් පුරුදු වෙන්න ඕන හොඳ පුරුදු

    ReplyDelete
    Replies
    1. මම ආසයි අප්පා යටහත් පහත් රටවැසියෙක් විදියට ජීවත් වෙන්න.. බදු ගෙව ගෙව.. කඹුර කඹුර..

      Delete
  13. ජේ ආර් පප්පට - කිසි පවක් නෑ වැන්දට
    උන්දැගේ හැන්දට - නොආ හොදි ඇවිදන් මෙයා හට
    හැන්ද අත ඇතිකොට - නොබෙදා තම වරිගයට
    බෙදන්නේ මොහොකට - බට කලියගත් කෝටි දෙකකට

    ReplyDelete
    Replies
    1. බෙදාගන්න බැරි විධායකේ
      බදාගෙන නිදාගන්නය...

      Delete
  14. එයා දෙකකට වඳිනවා..මාමගෙ එකටයි බෑනගෙ එකටයි.. මාමට කොච්චර වැන්දත් බෑණා කෙලින් හිටියොත් වැඩ කොට උඩනෙ.. ඒත් ඉතිං බෑණාට කෝ එහෙම කොන්දක් ?

    ReplyDelete
    Replies
    1. බෑනා ඇටේ වැටනකන් පස්සේන් යනවා...

      Delete
  15. හෙක් හෙක් ඔක්කොමල බාසා වෙල්ලො නේද?

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම අපි උඹලත් එහෙම තමයි...

      Delete
  16. ඉස්සර මෙහෙ ඉඳලා ජපානෙට ගිහින් පදිංචි වෙච්ච මෑන්ස් කෙනෙක්ගේ පුතෙක්ද දන්නේ නෑ 'අබේ' කියලා නම තියෙන්නේ.

    අබේ අයියා ඇවිත් අපේ රටට කලේ මේකයි. අපි පටන්ගන්න සූදානමින් හිටියා ඉතා ඉහල තාක්ෂණයෙන් යුත් ඩිජිටල් රූපවාහිණී විකාශන ක්‍රමයක්. නමුත් අබේ අයියා ලොක්කට ලොකු කුට්ටියක් දීලා, ඒක වෙනස් කරලා, ඊට වඩා පහල මට්ටමේ ජපන් ක්‍රමයක් අපිට පටවන්න යනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන වැඩි විස්තර දෙනවනම් හොඳයි

      Delete
    2. ජපන් ඩිජිටල් ටීවී සිස්ටම් එකට වැඩිය ඉහල තාක්ෂණයක් තියෙන ඒවා ගෙන්න හිටියේ චීනෙන්ද ? බොරු නොකිය පලයන් විචාරක යන්න. ජපන්නු ලග චීන්නු වගේ කොමිස් දීල කරන වැඩ නෑ . උන් චීන්නු වගේ සක්කිලි නෙවෙයි, ගවුරවය වෙනුවෙන් බඩ කපාගෙන මිනිස්සු. උබට දුක මොකෝ චීනගෙන් කුට්ටියක් උබටත් ලැබෙන්න තිබුනද?

      Delete
    3. අබේ මහත්තයා තකහනියක් ම ආවේ චීනය ක්‍රියාවට නංවන්න යනවා යැයි කියනා String of pearls නැමති සාගර ආරක්ශන උපායමාර්ගයට මුහුන දීමට ජපානයට ශ්‍රි ලන්කාවේ සාගර වපරිසය පාවිච්චියට ඉඩ ලබා ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමටයි.. http://en.wikipedia.org/wiki/String_of_Pearls_(China)

      ලාංකාවට ඔහු ආවේ බංගලිදෙසයෙ සිටයි... එහි ගියෙත් එම සාගර ආරක්ශන වැඩ පිලිවෙලට උදවු ලබාගැනීමටයි...

      Delete

    4. (Reuters) - Japanese Prime Minister Shinzo Abe flew to Bangladesh on Saturday for a two-stop tour of South Asia as the globe-trotting leader asserts Tokyo's interest in a region where it has ceded influence to China.

      Abe becomes the first Japanese prime minister to visit Bangladesh in 14 years and on Sunday will be the first to travel to Sri Lanka in nearly a quarter of a century.

      "I came here with 22 top leaders of business, ranging from infrastructure to safe water, with a strong hope of doing business in Bangladesh,” Abe told a forum in Dhaka attended by more than 100 executives from both countries.

      Asian great-power diplomacy has stirred to life since the rise to power of Indian nationalist Narendra Modi, who announced his intent to play an active role on the world stage by inviting regional leaders to his inauguration in May.

      Abe comes to India's backyard after hosting Modi for summit talks that yielded a Japanese pledge to invest $34 billion in India and launched a "special, strategic global partnership" to deepen security cooperation.

      The Japanese premier pre-empts Chinese President Xi Jinping, who travels to India and Sri Lanka later this month.


      http://in.reuters.com/article/2014/09/06/bangladesh-japan-idINKBN0H106U20140906

      Delete
    5. "නමුත් අබේ අයියා ලොක්කට ලොකු කුට්ටියක් දීලා, ඒක වෙනස් කරලා, ඊට වඩා පහල මට්ටමේ ජපන් ක්‍රමයක් අපිට පටවන්න යනවා."
      විචෝ, දෙවල් හරියට දැනගෙනෙ කතා කරනවා හොඳයි.
      ඔයා හිතන විදියෙ තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ ජප්පු.
      දැනට ජපානෙ තියෙනෙ ඩිගිටල් හයි විෂන් ලෝකයේ හොඳම සිස්ටම් වලින් එකක්.
      කලින් තිබුන NTSC ඇනලොග් එකත් ඇමෙරිකන් PAL ඇනලොග් වලට වඩා හොඳයි

      Delete
    6. Foolish Ano s Mr Wicharaka is correct. You better read this

      http://www.warunasat.com/showthread.php?tid=3226

      Delete
    7. විචාරක අන්කල් අර කුලියට දෙනවාය කියපු උඩ කාමරේ මට තියලා නේද තියෙන්නෙ?

      Delete
    8. @ AnonymousSeptember 12, 2014 at 12:22 AM

      NTSC = Never The Same Copy

      PAL = Peace At Last

      Ask from a TV transmission Engineer.

      Delete
    9. ෂුවර් එකට අපේ එකෙක් වෙන්න ඕනා.. නැත්නම් ඉතින් තකහනියෙම මේ වගේ ජල්බරි වැඩකට ඒවිය..

      නරකද ලොක්කෝ ලිව්වොත් ඒ ගැන පෝස්ට් එකක්..

      Delete
  17. ඉස්සර රාවනා රජ්ජුරුවො ඉතාලියේ පලාතක් අල්ලන් ඒකෙ පදු මිනිස්සු පදිංචි කලා ඒ පලාතට දැන් කියන්නේ පදුවා කියලා

    ReplyDelete
    Replies
    1. කෙප්පයක් වුනත් ඒකත් නරක නෑ

      Delete
    2. ඒ පදුවා පළාතෙ එච්චරම සෝෂල් නැති, හැමෝගෙන්ම "කොන්" උන පවුලක් හිටිය. පස්සෙ ඒ පවුල රාම රාජ්‍යට (ඉන්දියාවට) අවා, රවණා ගෙ (පදිංචි කරපු) සෙට් එකත් එක්ක මල පැනල.

      ඒ අයගෙන් පැවතෙන "පදුකෝන්" පරම්පරාවෙ අය තවම ඉන්දියාවෙ ඉන්නව. උදා: දීපිකා පදුකෝන්.

      Delete
    3. මේවා දැකලා මට පදේට උඩ යනවා බන්

      Delete
    4. වර්ගපූර්ණිකාව මතක් උනා..

      Delete
    5. ජගත් බොස්. එකෙන්ම :D

      Delete
  18. මාතලන් නෝමන් පලිහවඩන ගේ නෑ කෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. තුන් හින්ගලයම නෑදෑයෝ කියලා නේ කියන්නේ..

      Delete
  19. නියමයිනෙ!

    බෑණාටත් එපා උනු ජේ. ආර්. පප්පව මහින්ද මාමාට ඕන උනු තරමක්!!!

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා තාත්තටත් වඩා ආදරේ ඇති ෂුවර් එකට...

      Delete
  20. අන්තිමටම ගහපු ඩුම් ඩ්සින් එකනම් මරු

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගන්න කොට හිතේවත් තිබුනේ නෑ.. ඒකයි ලියන එකේ වටිනාකම..

      Delete
  21. Replies
    1. කව්ද... අබේ අයියද, මහින්ද අයියද...?

      Delete
  22. Marvellous(Wunderbar),maathalan,Den comments tika kiyawala ai parak kiyawannaona.mulu lipiyama istharam.hebei ara anthimata JR bosa ge kella thamai pattama.(Ranjan-D) Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඒක අහම්බෙන් ආවේ.. හැබයි ඒක තමයි හොඳම කෑල්ල.. පස්සේ ඒකේ හැඩේට පෝස්ට් එක හැදුවා..

      Delete
  23. පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ආයේ කියන්න දෙයක් නෑ..

      Delete
  24. හෙහ්, එතකොට අඹේ අයියා කලේ ඔච්චරද?? වෙන කොහේවත් ඒ ගැන විස්තරයක් බලන්නත් බැරි උනා..

    ReplyDelete
    Replies
    1. අබේ ගොනෝ අබේ

      Delete
    2. පැය 24 ක් වත් ඉන්නේ නැතුව ඔය කරපු ටික මදෑ...

      Delete
  25. හික් හික්...පට්ට...එල..චොර නැත.
    එල ද බ්‍රා.

    ReplyDelete
  26. Meaka kiyewwama ' Wimalaratne " ge kolame mathak wenawa. Hebeatama oya dennama ekkenekda ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද අපි විමලෙගේ පස්ස පැත්තේ මයිල් ගහක් වත් වටින්නේ නෑ.. මගේ ප්‍රියතම මාද්දියවෙදියෙක්..

      Delete
  27. මාතලන් බ්ලොග් එකට FB එකෙන් යනකොට ස්පෑම් ද කියල අහනවා. වෙරිෆිකේෂන් ඉල්ලනවා.
    පොඩ්ඩක් බලනවද මොකද වෙලා තියෙන්නේ කියල

    ReplyDelete
    Replies
    1. ඉරිසියාකාරයෝ රිපෝට් කරලා...

      Delete
    2. එහෙමද? මගේ එකටත් එහෙමයි කාලයක් තිස්සේ යන්න බැහැ, මන් හිතුවේ html ප්‍රොබ්ලම් එකක් කියලා, මන් ගොඩක් ගැජට් එහෙමත් අයින් කළා ,මගේ එකේ නම් මොනාට ඉරිසියා කරන්නද :(

      Delete
    3. @ අපූර්වි -
      ඉස්සර අත පැතූවෙකු
      වෙයි ද අද වී සතුරකු
      නොව ඔහු සයිබර් හොරකු
      වේය ලජ්ජා නැති නිවටයකු

      Delete
  28. හිනා කාලා මැරෙනවා බං

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ.. ඒත් ඉතින් මැරෙන්න එපා.. මටයි පාඩු..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න