.

.

Jan 13, 2015

Social Media තියෙන්නේ Fun ගන්න.(ද).?

 
ලංකාවේ Social Media වල සිඳුවන්නේ කුමක්ද කියන දේ, සාමාන්‍ය මහජනතාවට හඳුන්වා දීමේ මූලිකත්වය ගත්තේ, චානුක වත්තේගමයන්. ඊට පස්සේ, නාලක ගුණවර්ධණ. "රාවයේ", "සිව් මංසල කොලුගැටයා" නමින් ලියන්නේ, නාලක ගුණවර්ධන. ඔහු දිගින් දිගටම Social Media ලංකාව තුල හැසිරෙන ආකාරයත්, ළෝකයේ එහි ඇති බලවත් කම ගැනත්, එමගින් කළ විප්ලව ගැනත්, දිගින් දිගටම ළිපි ලිව්වා. ඒ වගේම බ්ලොග් රචකයින්ට විශාළ ලෙස සහයෝගයක් දෙන, http://sinhala.lankanewsweb.net වෙබ් අඩවියේ "නෙළුම් යාය" සඟරාවත්, කිසි සේත්ම අමතක කරන්න බෑ. මේක ලංකාවේ අපි තාමත් බලන්නේ ප්‍රොක්සි වලින්.

තවත් අමතක කරන්න බැරි නමක් තමයි, "W3Lanka" ලියන, අජිත් පැරකුම් ජයසිංහ. "පැරා" අද වෙබ් අඩවියක් රන් කළත්, මා දන්න තරමින්, ඔහුත්, මුල් අවදියේ, බ්ලොග් අඩවියක් රන් කළ කෙනෙක්. මෛත්‍රී පාළණය වෙනුවෙන්, අන්තර්ජාලය තුල ඔහු කළ කැපවීම විශේෂයි, ඒ වගේම තමයි "රාජ්ගේ නවාතැනේ" ඉන්න, මෞර්ය රාජ්. ඒ වගේම "අසමි දකිමි සොයමි" ගේම් එක කරන, විචාරකත්, හමුදා කුමන්ත්‍රණයක් ගැන ලියලා තිබුනා. තවත් විශේෂිත පුද්ගලයෙක් තමයි, "නිදහස් සිතුවිලි" ලියන, රවී, නමුත් ඔහු වෙනත් කිසිඳු බ්ලොග් අඩවියක් හෝ සමඟ, එකට ගමන් කරන්නෙක් නෙමෙයි. ඒ නිසා ඔහු ලියු ඉතාමත් රසවත්, සුපිරි තත්වයේ ළිපි, අන්තරජාලයේ සැරිසැරුවාද යන්න සැක සහිතයි. නැතිනම්, හොඳම ළිපි තිබුනේ ඔහුගේ අඩවියේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන්, ආසියාවේ අයිස්චැර්ය මවන්න ඉදිරිපත් උන, "ටිකක් හිනාවෙන්න ඇවිත යන්න" කියන, අභීත එදිරිසිංහ, "හිස් අහසේ" සැරිසරන සඳරු, "මාරයාගේ හෝරාවේ" ඇවිදින, චතුෂ කුමාර මෙන්ම, "අටම්පහුර" අටවගෙන ඉන්න, අපේ හිතවත් ලක්මාල් කන්දෙවිදානෙ ශූරිනුත්, යම් කිසි වැඩ කොටසක් කළා. ඒ මාතලන් කතා කළේ, බ්ලොග් අඩවි සම්බන්ධයෙන්.

ඊට වඩා පෙරමුණේ හිටියේ "බුකිය". කවුරුත් දන්න විදිය Facebook අඩවිය. මෙහි ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම වෙනුවෙන්, බොහෝ පිරිසක් පෙනි උන්නා. ඒ වගේම එහි තිබූ නව යුගයේ නිර්මාණ තරුණ පරපුර අතර මෙන්ම, අන්තර්ජාලයේ සැරසරන සියළුම යාත්‍රාකරුවන් (surfers) අමන්දානන්දයට පත් කලා. ද්වේශ සහගත් වෛරය වපුරන පෝස්ට් අතර, ඉතා නිර්මාණාත්මක, හාස්‍ය රසය උතුරන නිර්මාණ, කාගේත් සිත් ඇඳ බැඳ ගත්තා.

මහින්ද රාජපක්ෂ රජය, මුලින්ම මේ Social Media රැල්ල පයිසෙකට මායිම කළේ නෑ. නමුත් කැම්පේන් එක අවසාන හරියෙදි ඔවුනට තේරුනා, "බුකිය" තුලින් අරාබි වසන්තය උදාවෙන වග.

ඒ නිසා තමයි අවසාන මොහොතේ Social Media වලට බය උනේ. නමුත්, ඒකට උත්තර දුන්නේ බුද්ධියෙන් නෙමෙයි, කවද සුපුරුදු, "බැබූන් මෙතඩ්" එකෙන්. බැබුන්ලා පහර දෙන්නේ අශූචි වලින්. ඒ අම්බරුවන් කලේ Social Media ඝර්හාවට ලක් කිරීමයි. නංගි කෙනෙක් දාලා කිව්වේ,  Social Media තියෙන්නේ FUN ගන්න කියලා. කොමෙන්ට්ස් දාන්නේ, ඩොලර් කාක්කෝ කියලා. ඒ කියන්නේ එයාලටත් ඩොලර් කාක්කෝ ඉඳලා තියෙනවා. මොකෝ එයාට සපෝට් පෝස්ට් වලත්, බොක්කෙන්ම දාපු කොමෙන්ට්ස් තිබුනා නේ.

නමුත් ඒ වෙනකොට එයාලා ටූ ලෑට්. එයාල හිතුවේ අර නව පරපුරේ ටෙලි නිලියොයි, ගායකයොයි දාලා නව පරපුර අන්දන්න පුළුවන් කියලා. ඒත් උන් කියපුවා අහපු අය අඩුයි. උන් ගැන වච්නයක්වත් බුකියේ තිබුනේ නෑ. ඒත් මහින්ද රජය අවතක්සේරු කළ Social Media ජය ගත්තා. අදත් දෙපැත්තටම සපෝට් එකට පෝස්ට් යනවා. ඒක තමයි වෙන්න ඕන. ප්‍රතිවාදි මතයටත් ඉඩ තියෙන්න ඕන. අපි කරන්න ඕන මතවාදිව ගැටෙන එක.

මේ, මාතලන් අර චූටි නංගිට ආදරයෙන් Facebook එකේ දාපු ලියවිල්ලක්.., මෙතන දාන කොට පොඩ්ඩක් එඩිට් කොලා...

Facebook  නංගිට ආදරයෙන්


"Facebook තියෙන්නේ Fun ගන්න"
"Social Media තියෙන්නේ Fun ගන්න"
 ඕව් නංගී..
ඒ උඹ වගේ වැස්සියන්ට.
මහා රෑත්..
කොල්ලෝ හොයන උන්ට.
උඹලගේ හැම මළ හෝන්තුවම,
පොටෝ අල්ලලා දාන උන්ට.
සෙල්ෆි දාන පිස්සන්ට.
උදේ.. Hi.. Good Morning,
කොහොමද ඔයාලට...? කියලා,
රෑට Good Night  මෙයාලා... කියන උන්ට.
උඹ වගේම ගොන් හරකුන්ට,
ගොන් චූන් දෙන තැනට.
මේක...
මේකප් රූම් එක කර ගත්ත උන්ට.
  කුස්සිය කර ගත්ත උන්ට.
  කකුස්සිය කර ගත්ත උන්ට.
හැබයි නගේ අපට නම්,
මේක අරාබි වසන්තය කරපු තැන.
ගඩාෆිලා මරපු තැන.
බෙන් අලිලා එලවපු තැන.
බුද්ධිය හොයන තැන.
යුක්තිය හොයන තැන.
විමුක්තිය හොයන තැන.
ඒ වෙනුවෙන්...
අපි කෑගහන තැන.
එහෙම කෑ ගහලා,
"රජා"
පාරට දාපු තැන.
හෙටත් බලාගෙන,
Beware
of 
Social Media..!!!

-x-

96 comments:

  1. Replies
    1. යහපාලනේ තියෙන්නේ Utopia වෙ සහ කේතුමතී රාජ්යයේ පමනි. කිසිදා ලන්කාවෙන් පිට රටක ජීවත් නොවූඔ හාදයෝ ලන්කාවේ හැර අනෙක් රටවල යහපාලනේ තිබේ කියා සිතති. තව සමහරු තමන් ජීවත් වන රටෙ යහපාලනේ ඇතයි අපට දෙසා බායි. එහෙත් එය සත්යය නොවේ.

      උදාහරනයක් ලෙස දියුනු යැයි සම්මත රටවලින් වැඩිම පුද්ගලයන් සංක්යාවක් අතඩංගුවේ මීය යන්නේ ඔස්ට්‍රෙලියාවේය (cell deaths). එහි හැම විනාඩි දහ අටකටම සැරයක් පුරවැසියෙක් අතුරුදන් යැයි පොලිසියට පැමිනිලි ලැබේ.

      ලංකාවේ පවා දක්නට නොලබෙන අන්ත දරිද්‍රතාවට කෙලින්ම සම්බන්ද ලෙඩ රෝග ඇති රටකි ඔස්ට්‍රලියාව. යහපාලනේ තියේ නම් ඔවුවා සිද්ද වෙව්යි ද?


      මේ කමෙන්ටුව මා දැක්කේ තනි තරුව ගේ බ්ලොග් එකේදීය.අයිතිය අදාල පාර්ශ්ව වලටලබා දෙමින්, මෙය මෙහි උපුටා දක්වමි.

      //ඒ වුනාට තමා පමනක් ඔස්ට්‍රෙලියාවේ ඉන්නවා කියා සිතාගෙන සින්හල බොග් ලියන අය ඒව අපට නොකියයි.

      ඒ නිසා නොනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, යහපාලනේ කිය දෙයක් මේ ලොව නැත!//

      Delete
    2. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
      හොරුන් අටුව බින්දයි කියමුද කාට?
      හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
      දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

      ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
      කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
      ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
      යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

      ගයාත්‍රි

      Delete
    3. මඩතලන්!

      Delete
  2. සෝශල් මීඩියා වසන්තගෙ නිසා අපි දැන් ෆන් ගන්නේ කේන්දරෙන්.

    ඒවා තියෙන්නේ ෆන් ගන්න මිසක් චන්ද තියන්න නෙමෙයි කියලා ඔප්පුවීම නිසා දැන් හඳහන් ඔය ඔක්කොටම වඩා ජනප්‍රිය ෆන් මාද්යයක්

    ReplyDelete
    Replies
    1. කේන්දර වලින් රටවල් පාළණය කරන්න බෑ.. දැන් ආන් අර හාල්පාරුවෝ දෙන්නම කියනවා මහින්ද පරදින බව අපි දැනගෙන උන්නලු. අම්මගේ සාස්තර කීමක් නේ එක. කේන්දර ගැන පොඩි නොලේජ් එකක් තියෙන එකාටත් පෙනවා සිරාගේ එක බලවත් කියලා. ඒ කියලා එයා රජ වෙනවයි කියන්න එකෙකුටවත් බෑ. එහෙම නම් ඡන්ද තියන්න ඕන නෑ නේ..

      ප්‍රා බලලා තියෙනවද රාජකපුරු නාට්ටිය. ඒක හදාපු එකත් රජාට රෙදි නැතිව කඩේ ගියා. ඒක වෙනම කතාවක්. ඒත් ඒ නාට්ටියේ තියෙන කතාව නම් පට්ට. ඒ වගේ ගොන් රජෙක් තමයි අපිට උන්නේ. නැත්නම් අවුරුදු දෙකකට කලින් ඡන්දේ තියන්නේ මොන පිස්සද.

      Delete
    2. //දෙන්නම කියනවා මහින්ද පරදින බව අපි දැනගෙන උන්නලු//

      බෙදුම්වාදී, අදිරාජ්යවාදී , බටහිරවාදී , නරිවාදී, කුමණ්ත්‍රනවාදීභසිංහයන් දෙන්නෙක්නෙ !!

      (එතුමන්ලාටනම් මාතලන්ටත් වඩා ඩොලර් හම්බවෙන්න ඇති. ඒ දෙන්න බ්ලොග් එහෙම ලියන්නෙ නැද්ද ..රාහු කාලය ඇරල කමෙන්ට් දුසිමක් දාන්න? )

      Delete
    3. //නරිවාදී, //

      අනේ අහිංසක නරි මොටාගේ වංශේ අය මෙතනට ගාවන්ට එපා ප්‍රා...:P

      Delete
  3. ඒකගයි බොක්කෙන්ම......

    අැත්තට ම මාතා මේ ඡන්දය සෝෂල් මීඩියා වලට කරන්න පුළුවන් දේ පෙන්නපු ඡන්දයක්.. අපිට බ්ලොග් වලින් වගේම අපි ගණුදෙනු නොකරන මුත් ෆේස්බුක් හරහා ද ලොකු ජනතා විරෝධයක් මහින්දට විරුද්ධව ගොනු වුනා.... අන්තිමට ඒක සමාජ මතවාදයන් දක්වා ඔසවා තබන්නට අපිට හැකිවුණා.... අන්තිමට සෝෂල් මීඩියා වලිනුත් සහය අරන් සමාජය පෙරළියක් කරා... ෙමහිදී තොරතුරු සන්නිවේදනය කියන කාර්යයේදී බ්ලොග් සහ ෆේස්බුක් ඉදිරියෙන් හිටියා... ලොව අනික් රටවල් මේක අරගල සදහා භාවිතා කරද්දි (අවිගත්) අපි ඒක ප්‍රජාතන්ත්‍රවාදීව භාවිතා කරා...

    වැදගත් වෙන්නේ මෙච්චරයි... අපි ඒක කරා..... ඒතනින් ඉවර නෑ........ අපි දිගට ම සත්‍යවෙනුවෙන් පෙනී සිටිනවා...............

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය ඒ දේ තමයි... දිගටම ලියපන්.. ලියන දේ බය නැතිව ලියපන්..

      Delete
  4. පැරා ලියන්නෙත් බ්ලොග් එකක් නේද?? වෙනස ඩූ මේන් නේම් එක විතරයි නෙවද?? පැරාගෙන්ම තමා අහන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. යේස්. බොගක් බොගක්

      Delete
    2. බ්ලොග් එකක් නම් බොගිස්පොට් හරි වර්ඩ්ප්‍රෙස් හරි වෙන්න එපාය. අනික්වා බ්ලොග් ගනයට වැටෙන්නේ නෑ..

      Delete
    3. හරි උඹ ඩබ්ලියු3ලන්කා ඩොට් බ්ලොග්ස්පොට් කියල දීපන්කො. ඒත් යන්නෙ ඒකටම තමයි.

      ඕක ටැක්නිකල් කේස් එකක්. මම හිතුවෙ උඹ දන්නව ඇති කියල

      Delete
    4. ඒවා අපි දන්නේ නෑ, ඩොට් කොම් කියලා නේ තියෙන්නේ.

      Delete
    5. ඕනයගේ, තන වැප්ගේ වැගේ තියෙන්නෙත් ඩොට් කොම් ඩුමේන් එක. ඒ කාලේ ඩොට් කොම් දීල තිබුනා. පැරා වගේ ඩෛාලර් හොයන කෙනෙකුට නං සල්ලි දීල උනත් ඩොට් කොම් එකක් ගන්න ඇහැකි.. තව කස්ටිය ඉන්නවා ඩොට් කොම් වලින් බ්ලොග් ලියන..

      මාතා දන්න දේවල් වල හැටියට මේක නොදැන ඉන්න එක මහාම ආස්තැරියක් සෑර්.. නැද්ද රාජ්.. හැක්.. හැක්..

      Delete
    6. මොකෙන් ලිව්වත් දෙන්න ඕන ක්‍රෙඩිට් එක දුන්නා නේ.. මාතලන් එහෙමයි.. රෙන බෙට්ටත් කෙලින්...

      Delete
    7. ඒ ඉස්සර. දැන් ඩබ්ලියු අකුර අනිත් පැත්ත හරවලා ගහන්න ඕනා.

      Delete
    8. බ්ලොග් කියන්නේ ක්‍රියාවලියට මිසක් ඩොමේන් එක නෙවෙයි.

      Delete
  5. ඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
    ලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
    අශ්වයා වැ‍ටුනු නිසා ජනරාල් මැරෙනවා....
    ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
    යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
    අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....

    සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න හැමෝම ජනරාල්වරු, රජවරු නෙවෙයි....ඒත් සමහර අය අර අශ්වයගේ ඇණේ ගහන සාමාන්‍ය මනුස්සය වෙන්න පුළුවන්....චූටී අදහසක්, සංකල්පයක් ඇතිවෙන්නේ නොහිතන පුද්ගලයෙක්ගේ මනසක වෙන්න පුලුවන්...තවත් කෙනෙකුට ඒක වර්ධනය කරලා, ඒක්කෝ ඒ ඇසුරින් ඊට හාත්පසින් වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරලා වෙනස් යමක් කරන්න පුලුවන්....ඒ නිර්මානය අනාගත දවසක ලෝකය , රට වෙනස් කරන සංකල්පයක් වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මේ පිළිතුරට මගෙත් ආචාරය

      Delete
    2. ඇණේ නම් අරගෙන දැම්මා
      ඒත් වනේ නම් තාම කකියනවා..
      ගඳ ගහනවා..

      හුඟ කාළෙකින් දැක්ක පට්ට කොමෙන්ට් එකක්.. රැස්පෙට් ඈ..

      Delete
    3. ඔය විග්‍රහය කලි්න් දවසක තිසර කොහේදි හරි කරනවා මම දැක්කා

      Delete
    4. ඒ මයියා ගේ පෝස්ට් එකක කොටසක් නේ. උඩ ලින්ක් එකේ ගිහින් බලන්ට ලා.

      Delete
  6. මාත, ඔය උඹ කියපු ලැයිස්තුවෙ එක බ්ලොග් කාරයෙක් මහින්දගෙ කැම්පේන් එක සෝෂල් මීඩියා වල කරපු කෝඩිනේටර් කෙනෙක්. මිනිහ සෑහෙන ගානකට තමයි ඒ වැඩේ බාර අරගෙන තීන්නෙ. පස්සෙ තව අහින්සක අම්බරු පැටව් ටිකකුත් එකතු කරල ඒ වැඩේ සැරට ගෙනිච්චෙ, දවසට දෙක ගානෙ බැලට් බොක්ස් වගේ දේශපාලන පිටුවල එක එක ස්ටේටස්, මඩ, ප්‍රශ්ණ දැම්මෙ, එක පාරටම බ්ලොග් ලියන්න ගත්තෙ ඔය ඔක්කොම උනේ ඒ හේතුව නිසා.

    නමුත් ඒ සල්ලි වලට කඩේ ඉය උන් හදවතින්ම සැබෑ වෙනසක් වෙනුවෙන් අතින් වියදං කරගෙන කඩේ ගිය අනෙක් පැත්තෙ උන්ට පරාද උනා.

    පැරදිච්ච සමහරු රටෙත් නෑ. සමහරුනම් තාම කඩේ යනව, මොකද 11 වෙනිද ලැබෙන්න තිබ්බ පේමන්ට් එකට කෙල උනානෙ, අඩු ගානෙ භාගයක්වත් ඉල්ලගන්න.

    ReplyDelete
    Replies
    1. පව් ඒ අය්ය නිසා නිකං පැට්‍රල් පුච්චගත්ත මල්ලිල!

      Delete
    2. එහෙම හරි, අඳුනන උන්ට සජ්ජුරුවන්ගේ මහා භාන්ඩාගාරෙන් හූනූ බිජ්ජක් හරි දන් දුන්න එකත් පිනක් නේ මචෝ..

      Delete
    3. බොසා මේ …… එතකොට ඒව E money ද ?? :D

      Delete
    4. කොටි සල්ලි.. කොටි සල්ලි.. ඇල් ටී ටී ඊ බැංකුවලින් විත්ඩ්‍රෝ කරපුවා...

      Delete
    5. ලයික් බටං නැති වීම ගැණ කණගාටු වෙමි.....

      Delete
  7. සෝශල් මීඩියා භාවිතා කරන කෙනාට ඕනේ විදිහකට භාවිත කරන්න පුලුවන්. විනොද්ය සඳහා ෆේස් බුක් ගිය පලියට ඒ යන උන් ඔක්කොම වේසියො නෙවෙයි . මාතාගේ වගේ බ්ලොග් අප්පිරිය වුන පලියට උන් ඔක්කොම හරක්ද?

    ReplyDelete
    Replies
    1. මහින්ද කියන්නෙ "සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගන්න" කියල. මාතලන් "නෑ" කියන්නෙ ඒක. ෆන් ගන්න විතරක් නෙවේ තමයි තියෙන්නෙ. මහින්දනෙ කියන්නෙ ඔය කතාව. එයත් එක්ක බේරගනිං

      Delete
    2. //ඒ උඹ වගේ වැස්සියන්ට.//

      අපේ පැත්තේ නම් වැස්සියෝ කියන්නේ හරකුන්ගේ ගෑනු සත්තුන්ට. උඹලයි පැත්තේ එහෙම නෙවෙයිද?

      ෆේස් බූක් එකේ පින්තුරයක් දැම්මහම් මාතගේ ඇඟේ වදිනවද බන්.

      ඕකෙන් රට පෙරලන්නත් පුළුවන් ෆන් ගන්නත් පුළුවන්. ෆන් ගන්න එවුන්ට වැස්සියෝ කියන්න මාතලන් කවුද?

      Delete
    3. කව්ද කිව්වේ වේසියෝ කියලා. මම කිව්වේ වැස්සියෝ කියලා. ඉතින් ඕවා ෆේස්බුක් වෝල් එකේ දාන්නේ. ගෙදර තාප්පේ, පාරේ තාප්පවල අලවන්න බැරිය. සම හරක් මිනී හිටන් දානවා. පිස්සෝ ඒකටත් ලයික් එකක් දානවා. සමහර උන් හිඟන්නෝ වගේ ලයික් හිඟනවා. ෆන් ගත්තට කමක් නෑ බුද්ධිමත්ව. එහෙම කොල්ලෝ කෙල්ලොත් ඕන තරම් ඉන්නවා. උඹ හරකෙක්ද දන්නේ නෑ මල පැන්නේ.

      Delete
    4. මොකේ දැම්මත් උඹට මොකද බන්?
      උඹගේ ගෙදර තාප්පේ පොටෝ දැම්මා වගේනේ දඟලන්නේ. ඊයා

      Delete
    5. සම් හරක්ගේ ඒවා දැක්කම ඇඟේ මාළු නටනවා...

      Delete
  8. ආ... මාතලං සහෝ.... කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරි වුනා....
    කියවලා ඇතිනෙ කුමාරතුංග මුනිදාස ශූරීන්ගෙ - හීන් සැරය....
    ඔය මොන සැරයටත් වඩා.. හීන් සැරය බලවත්.... Social Media පැත්තකට දාලා හිටපු අයටත් මෛත්‍රීව Under estimate කරපු අයටත් ලැබුණ එකම බේත තමයි ඒක...
    ලියන්න නං අනන්ත දේ තියෙනවා... ලියන්න වෙලාවක් වගේම ආසාව අඩු වීම තමයි ප්‍රශ්නෙ...
    ඉස්සර නං දවසකට එකක් හෝ කොටලා දාන්න ආසාවක් තිබිච්චි මට දැන් වෙලාව හදා ගන්න බැරුව ඉන්නවා...
    උඹ ලියපං... අපි කියවන්නම්...
    මොනවා වුනත් අපි අවදියෙන්... මෛත්‍රී ඇවිත් පිස්සු කෙළියොත්... මහින්දට වෙච්චි දේ අනිත් එක මෛත්‍රීටත් වෙනවා කියන එක දැනගෙන හිටියොත් හොඳයි...

    ඒක නෙවෙයි... මෛත්‍රී Linkedin එකෙත් ඉන්නවා....

    ඇලා

    ReplyDelete
    Replies
    1. මම ඒක බලන්නෙම නැති තරම්.. බුකියේ තමයි ටිකක් වෙලා හරි ඉන්නේ..

      Delete
  9. den nam onna lanka e news unblock karala...

    ReplyDelete
  10. Unrestricted and "rebellious" journalism is just one of the uses of social media. Facebook is also for posting photos or what ever you want too. Weather you like it or not, taking down governments could not have been Mr. zuckerbergs original intention when he wrote facebook.

    ReplyDelete
    Replies
    1. ඔව් පරමානුව සොයාගත්තෙත් වෙන දේකට නේ...

      Delete
  11. ඒ නංගි පව්...
    එහමත් බනිනවද අංහිසකිලාට..අන්න කෙල්ල අඩනවා.

    ReplyDelete
    Replies
    1. පව් බං සල්ලිව් වලට ඕන දෙයක් කියන මෝඩ කෙල්ලෝ..

      Delete
  12. මතා උබේ ලිස්ට් එකට ශෝෂල් මීඩියා වලින් කරන්න පුළුවන් තව දේවල් ටිකක් අඩුයි.
    -මුදල් සෙවීම.
    -වෙළඳ දැන්වීම් දැමීම .
    -භාණ්ඩ හා සේවා ප්‍රචාරණය.
    -ගේම් ගහන්න
    ඔය මොනවා තිබුනත් මුලික පරමාර්ථය සහ සෝෂල් මීඩියා මෙතරම් ව්‍යාප්ත වුනේ ෆන් ගන්න.

    ReplyDelete
    Replies
    1. අපි නම් ගත්තා පට්ට ෆන් එකක්.. තාමත් ආතල් කනෙන් බේරෙනවා...

      Delete
  13. අර්ථාන්විත ෆන් ගැනීම .

    ReplyDelete
    Replies
    1. මාර ෆන් මචං.. සම හරක් ගෙන් ඇහුවත් මල පනිනවා....

      Delete
  14. ඔය ලොකු ලොකු රුපියල් අස්සේ අපිත් අළුක්කාල් ගැහුවා අපිටනම් එකෙක්වත් ඩොලර් සතයක්වත් දුන්නෙ නෑනෙ බං.. කලිං දැනං උන්නනම් සල්ලිවලට මරා ට කඩේ යනවා.. නංගි කැමති නැද්ද දන්නේ නෑ සොෂල් මීඩියා නැතුව ෆන් ගන්න එහෙම හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. තව මාස තුනක් ඉඳහන්.. ආයේ එනවා කියලා, අර මං ගොනා පිල කියන්නේ.

      Delete
  15. //ඒ වගේම බ්ලොග් රචකයින්ට විශාළ ලෙස සහයෝගයක් දෙන, http://sinhala.lankanewsweb.net වෙබ් අඩවියේ "නෙළුම් යාය" සඟරාවත්, කිසි සේත්ම අමතක කරන්න බෑ. මේක ලංකාවේ අපි තාමත් බලන්නේ ප්‍රොක්සි වලින්.

    අන්න වැඩ....... ප්‍රොක්සි ඕනෙ නෑ.........චන්දෙට පහුවදා ලින්ක් එකක් තිබිල ගිහිල්ල ලිපියක් බැලුව... මොකද්ද web site එක කියල බැලුවෙ නෑ.. දැන් කියල තිබුන නිසා ගිහින් බැලුවෙ, බැලුවාම ඒකනේ..... ප්‍රොක්සි ඕනෙ නෑ.........

    ReplyDelete
  16. මහින්ද ගල්යුගයේ කෙනෙක්,අන්තර්ජාලය පරිහරණය කරන බහුතරයක් තරුණ පිරිස් වලට හරි විදියට අමන්ත්‍රණය කරන්න බැරි වීමත් මහින්දගේ පරාජයට හේතුවක්.

    ReplyDelete
    Replies
    1. එයා තරුණ තරුණියෝ අන්දන්න හැදුවේ අර දෙකයි පනහේ පුයර බබ්බු දාලා...

      Delete
  17. මාතෙ මොකෝ අරූ පේන්න නැත්තෙ

    ReplyDelete
    Replies
    1. මාත් බැලුව, ප්‍රතිචාරයකි නෑ

      Delete
    2. මාස තුනෙන් ආයේ ගන්න මං ගොනා පිල එක්ක සෙට් වෙලා ඇති..

      Delete
  18. පොඩි වෙනසයි තියෙන්නෙ බං.

    "එයාල සීරියස් ගන්න ජ්යෝතිශයෙන් අපි ෆන් ගන්නව, එයාල ෆන් කියල ගන්න බුකියේ අපි එයාලට කෙලිනව"

    මාර ෆන් එක ඒකත් නේ බං?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකට ජෝයි තිෂිය කියන්නේ.. ෆන් ගන්නමයි හදලා තියෙන්නේ.. අරුන් දෙන්න දැන් ටෙනියයි බන්දුයි වගේ.. පට්ට ඩයලොග් දෙන්නේ..

      Delete
  19. කන්දෙවිතාන යන්න කන්දෙවිදානෙ ලෙස නිවැරදි විය යුතුය

    ReplyDelete
    Replies
    1. ෂොරිම වෙන්ඩ ඕනෑ අයියා.. මේ දැන්ම හදනවා.. ෂූරින් කෑල්ල අවුට් නෑ නේ...

      Delete
  20. පට්ට එකේ හොඳ එක. බුකියේ විතරක් නෙමෙයි ඕනෙම තැනක ඔහොම මෝඩ චූන් ගන්න උන් ඉන්නවා. කතා කරල වැඩක් නෑ ඉතින්. මොකද "සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගන්න" කියල ටී වී එකේ පතුරු යනකල් කිවුවනෙ පහුගිය කාලෙ.

    කවියත් සුපිරි ඈ!

    ReplyDelete
    Replies
    1. ටැන්කියු ඈ... මේ සැරේ ගත්ත ෆන් එක නම් ජීවීතේට මතක වෙන්නේ නෑ...

      Delete
  21. කවිය තමා සුපිරිම. මම දකින විදිහට හැමදෙයක්ම පාවිච්චිකරන කෙනා අනුවයි එකේ හොද නරක තීරණය වෙන්නේ. දොස්තරට ලග තියන පිහියෙන් කෙනෙක්ව මරන්නත් කෙනෙක්ව ජිවත් කරන්නත් පුළුවන් කියනවනේ. :)

    ReplyDelete
    Replies
    1. අඹ කපන්නත් පුළුවන්
      පිහිය වන වන
      අබ සරණයි කියන්නත් පුළුවන්..

      Delete
  22. චෑ චෑ යේම කියන්න යෙපා.
    ජන්දේ ඉවර වෙලා මෙච්චර දවසක් ගිහිල්ලත් අපේ ඉරාජ් මාතියා තාම නානවා

    https://www.facebook.com/PukrajW

    ReplyDelete
  23. කලින් වතාවල් වලට වැඩිය මේ ගමන නම් සෝශල් මීඩියා වල සෑහෙන්න වැඩ ටිකක් තිබුනා..ඒකෙ සෑහෙන්න තීරණාත්මක විදිහට බලපෑවා කියන එක මගේ නම් අදහස..

    ReplyDelete
    Replies
    1. මොනවද බං මේ කියන්නේ. දැන් පත්තර වැඩ ස්ටහන් වලත්, ටී වී නිව්ස් වලත් මාර ඉල්ලුමක් තියෙන්නේ ෆේස්බුක් කොමෙන්ට්ස් වලට...

      Delete
  24. සෝෂල් මීඩියා රටේ ප්‍රගමනය උදෙසා යොදාගත් අවස්ථාවක්. ඉදිරියටත් මේ සුබවාදී වෙනස දියුණු වේවායි පතනවා.

    ඒ නංගි මොටී කීව එක හරි. ඒ වගේ මොටියන්ට ෆේස්බුක් තියෙන්නෙ ෆන් ගන්න තමයි.

    ReplyDelete
    Replies
    1. නංගි මොකට දුක් වෙනවය. අපිත් ගත්තා නේ පට්ටම ෆන් එකක්...

      Delete
  25. ආණ්ඩුවට විරුද්ධ නිවුස් සයිට් බ්ලොක් කලා. දැනං හිටියෙ නෑ කාටහරි දෙයක් එපා කිව්වොත් ඒකම කරන බව.
    තාම ඉන්නවා මළගෙදරක ෆොටෝ දැම්මත් ලයික් කරන අය. මම එක වරක් දැක්කා බ්ලොග් ලෝකයේ සහෝදරයෙක්ගෙ හෝ සහෝදරියක්ගෙ වියෝවීමක් දාපු පෝස්ටුවක කමෙන්ට් එකක් අර ගැන වචනයක්වත් නොලියා තමන්ගෙ බ්ලොග් එකට එන්න කියලා ආරාධනාවක් දාලා ලින්ක් එකත් එක්ක. කොහොමද ඒක?

    ReplyDelete
    Replies
    1. මම කැමතිම මළ මිනීවලට ලයික් දාන උන්ට...

      Delete
    2. @ මධුමාධවී ජී,

      ඔය සීන් එක වෙලා දැනට මාස 6-7ක් වගේ වෙනවා! ඒ කියන්නෙ පහුගිය වෙසක් මාසේ. බ්ලොග් පෝස්ට් එක අසාධ්‍ය තත්ත්වයේ ඉන්න අක්කා කෙනෙක් ගැන. (පෝස්ට් එක පබ්ලිෂ් වෙනකොට ඒ අක්කා මැරිලා!) මේ වෙට්ට පෝසාවා ඒ අස්සේ දැම්මා කමෙන්ට් එකක් "ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එක්වන්න" කියලා!! (පොරට මන් කාකා ජෙගේ බ්ලොග් එකේදි වෙනම වර්න් කලා චාරයක් ඇතිව බැක්ලින්ක්ස් දාපන් කියලා.)
      ඒ අතරේ තවත් එකෙක් ඊට යටින් දානවා කමෙන්ට් එකක් "බ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසෙන්න." කියලා.

      මේ ඔක්කොට එහා තව අවජාතකයෙක් යටින කමෙන්ට් එකක් දාලා තිබුණා "හොඳ ලිපියක්! එන්න අපේ අඩවියට" කියලා ඊට යටින් දානවා "මෙය ඇඩ් එකකි" කියලා.

      අපි කොච්චර බුකියට බැන්නත් අපේ අතරත් ඔහොම තුච්ඡයෝ ඉන්නවා.....!!

      මේ තියෙන්නේ ලින්ක් එක.
      http://ratagiyaeththo.blogspot.com/2014/05/blog-post.html

      @මාතලන් සහබ්,

      මම ජී නම් ආස දානේ ගෙවල් වලට!! හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. @K.P.
      මේක මම දැක්කෙ නෑ. හැබැයි ඔය කියන පෝස්ට් එකේ අන්තිම කමෙන්ට් එක දාලා තියෙන්නෙ එයාම තමා. බැලුවම මෙයා මළගෙවල්වලමනෙ ඇඩ් දාලා තියෙන්නේ.

      Delete
  26. විමසිලිමත්ව බැලුවොත් සමාජජාල වල විපක්ෂය වෙනුවෙන් ක්‍රියාත්මක වුන අය නොමිලේ එසේ කළා කියා සිතන්නට බැහැ.බැලට් බොක්ස් වගෙ පේජ් එකක විපක්ෂය වෙනුවෙන් ෆේක් ප්‍රොෆයිල් ගනනාවක් පැය 24 ම පෝස්ට් දමමින් ලයික් දමමින් ශෙයා කරමින් සිටියා.ඇත්තටම මේ එක ප්‍රොෆයිල් එකක් කීප දෙනෙකු විසින්ම රන් කළා විය හැකියි.
    ආණ්ඩුවට රංග ජයවර්ධන මාදිලියේ ප්‍රොෆයිල් තිබුනත් විපක්ෂයේ සංවිධානාත්මක බව හමුවේ කරන්න දෙයක් තිබුනෙ නැහැ.
    විශාල මුදල් සංසරණයක් දෙපැත්තෙන්ම වෙන්න ඇති.විපක්ෂය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් බුකියෙ මේ වගෙ සර්විස් එකක් දුන්න කියන මෝඩයො නම් නැතිව ඇති.ආණ්ඩුවට කඩේ ගිය අයට වඩා වැඩි මුදලක් විපක්ෂෙ වෙනුවෙන් කඩේ ගිය අයට ලැබෙන්න ඇති.

    කොහොමටත් ඊලඟ ඡන්ද වලට බුකියෙ බලපෑම වඩා ප්‍රබල වෙයි.ඒක හොඳයි.පෝස්ටර් ගහගෙන හන්දි හන්දි ගානෙ රණ්ඩු වෙනවට වඩා මෙහෙම ශිෂ්ට විදියට සටන් කරන එක හොඳයි.

    සයිබර් අවකාශ යේ ඡන්ද ව්‍යාපාරයේ දේශීය ප්‍රාග්ධනය පරාජය කර අන්තර්ජාතික ප්‍රාග්ධනය ජයගත් බව පමනක් 2015 ඡන්දෙ ගැන කිව හැකියි.

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට, බලයට හැම දේම කරන්න පුළුවන් කියලා හිතපු සමාජයක මේ වගේ කොමෙන්ට් එකක් දැම්මම පුදුම වෙන්න දෙයක් නෑ. මම නම් දෙපැත්තෙම අය ගැන ඔය සිතුවිල්ලේ නෑ.

      සිල් රෙදිවලට, ආප්ප තාච්චිවලට, ත්‍රී වීල් රෝදවලට, ගල් කාලට, බත් පැකට් එකට, ටුපියල් 500 ට 2500 ට බලය ගන්න පුළුවන් කියලා හිතන අය තමයි ඔය මානසිකත්වයේ ඉන්නේ. දෙපැත්තෙම සල්ලි වලට වරප්‍රසාද වලට තුඃ කියපු මිනිස්සු මම ඕන තරම් දන්නවා. ඒ දේ ඒවා දෙන්න හදපු අයත් දන්නවා.

      හැම මිනිහම සල්ලී වලට වරප්‍රසාද වලට ගන්න බෑ..

      Delete
  27. ඔව් ඔව්... ෆන් නෙවෙයි ෆන් දෙන්නත් තමා සෝෂල් මිඩියා තියෙන්නේ කියලා අපේ උන් හිතාගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දුන්නේ ෆන් පොරි හැලෙන්නම..

      Delete
  28. මාතලන් මහතා

    යහ පාලන රජයේ ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පත් කලාට තවමත් ඒ ඒ ඇමතිවරයාගේ විශය පථය සහ ඒ ඒ ඇමති වරයාගේ පාලනයට අයත් වන රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මොනවාද යන්න නියම කරන අති විශේෂ ගැසට් පත්‍රය පල තවම කරලා නැති නිසා ඒ අයට පිළිගැනීම් උත්සව සහ රුප පෙට්ටියේ පෙනී සිට මොනවා හරි කීම හැර වෙන කරන්න දෙයක් නැහැ.

    මේ අති විශේෂ ගැසට් පත්‍රය සොයා ගැනීමට මා දින දෙක තුනක් අන්තර් ජාලයේ සැරිසැරුවේ මා උනන්දුවක් දැක්වෙන ක්‍රීඩා,සමුපකාර, වෙළඳ ආදී විශය පථයන් අයත් ඇමතිවරයා සහ අමාත්‍යංශය දැන ගැනීමටය. එය සොයා ගත් නොහැකිවීමෙන් මා සිතුවේ මගේ පරිගණක දැනීමේ අඩුවක් නිසා එය සිදුවූ බවය.(මා ස්වෝත්සාහයෙන් පරිගණක තාක්ෂනය ඉගෙන ගනිමින් සිටින්නේක්මි)
    නමුත් අද මා දන ගත්තේ පසුගිය රජයේ (මහින්ද රාජපක්ෂ රජයේ) ඇමතිවරුන් 60 ගණනක් සිටි බැවින් ඒ අය දරන ලද අමාත්‍යංශ නව ඇමති මණ්ඩලයට පංගු කිරීමේ ගැටලුවක්වී ඇති බවය. නව රජයේ (යහපාලන රජයේ ) ඇමතිවරු ගණන 38 ද 40ද හෝ ඊට වඩා වැඩිද යන්න මා නොදනිතත් එය ඔබ දන්නා ඇතයි සිතමි.එබැවින් මේ පංගු කිරීම කරන බලධාරීන්ට ඕබත් එකතුවී( ඔබේ දැනුම භාවිතා කර) පරිගණකය අධාරයෙන් මේ පංගු කිරීමට දායකවී අමෙ ඇති විශේෂ ගැසට් නිවේදනය ඉක්මන් කිරීමට උදව් වන ලෙස ඉල්ලමි. ඕනෑ නම් සපෝට් ඒකට පැරාද ද ගත්තාට ගැටලුවක් නැත.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ආදරනීය සරමසේකර මහතා වෙත ලියමි.

      60 ගනනක් ඉන්න කොට කිසි අවුලක් තිබුනේ නැතයි සිතමි. අපට නම් 27 ද අවුලක්ව පවතී. ඔබගේ සමීක්ෂණය දිගටම කරගෙන යන්න. විෂයයන් පිළිබඳව මා අපේ පොඩි එකාගෙන් අසාගෙන ඔබට දන්වන්නම්. තවම පාසල් වාරය පටන් ගත්තද, රජා එලවීමේ මෙහෙයුම හා පාප වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා ටයිම් ටේබල් එක ලැබී නැත. එය ලැබුන විගස ඔබ හට දැන ගැනීම සඳහා, රජයේ මුද්‍රණ නීතී ගත් සංස්ථාව වෙත ලැබීමට සලස්වා. ගැසට් කර, කැසට් පටයකට කවා, ඔබ වෙත ලැබෙන්නට සලවන්නට පොරොන්දු වෙමි. මේ පිළිබඳ ඔබගේ උනන්දුව ගැන අප ඉතා චිත්තප්පිරිතියට පතව ඇත්තෙමු.

      මීට හිතවත් මාතලන්

      පිටපත් - පැරා හා සිරා

      Delete
    2. මාතලන් මහතා,

      ඔබට ප්‍රශ්නය හරියට තේරී නැත. නැතහොත් නොතේරුනා ලෙස රඟපායි. ඇමති වරුන්ගේ ගණන මෙතනට අදාළ නැත. අදාළ වන්නේ ඒ ඒ ඇමතිවරුන් සතුවන විෂය පථය සහ ඔවුන්ගේ පාලනයට යටත් ආයතන ජනාධිපති තුමන් විසින් පැවරීමය.එය නිත්‍යානුකුල වන්නේ එය ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පමණි. එය තේරුම් නොගැනීමට තරම් ඔබ මන්ද බුධිකයෙකු නොවන බව මා සිතමි.

      ඒ ඒ ඇමතිවරයා විසින් කල යුතු විශය පථය සහ පාලනය කල යුතු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ජනාධිපති වරයා තීරණය කල යුතු උවත් අදාළ ලේඛන සකස් කිරීමේ මුලික වගකීම දරන්නේ ජනාධිපති ලේකම් තුමාය. මෙතන ගැටලුව ඇත්තේ ලේකම් තුමාට එය තවමත් කල නොහැකි වීමය. ඒ ගැන එතුමා විවේචනය නොකර අපවිසින් එතුමාට උදව් කල යුතුය.
      දින 100 වැඩපිළිවෙල යනු කාලරාමුවක් වේ.එවැන්නක් පලදායකව භාවිතා කිරීමට නම් එය සැදීමට පෙර ජාල විග්‍රයක් net work analysis තිබිය යුතුය.. ජාලවිග්‍රහයට පෙර ඒ ඒ ඇමති වරුන්ට වැඩ පැවරිය යුතුය. සඵල වැඩ පැවරීමක නම් ඒ ඒ ඇමතිවරයා හැකියාව දන ගත යුතුය එයට අතදුස විග්‍රයක් shot analysis උවමනාය. මා ඔබව තෝරා ගත්තේ ෂොට් එකක් දැමීම ඉතා අභිරුචියෙන් විස්තර කරමින් සතුට ලැබීමට බේබදුකම මේ රටේ තරුණයන් විසින් විසින් පුරුදු පුහුණු කලයුතු යයි ඔබ නිරන්තරයෙන් විස්තර කරණ බැවිනි. ඔබ භාවිතයේ ඇති ෂොට් එක ගැන දන්නවා සේම විද්‍යාත්මක ෂොට් එක ගැනද දන්නවා යයි මා සිතුවෙමි.
      මා පැරා තෝරා ගත්හේ ඔහු ගුරුවරයෙකු නිසා (මමද ගුරුවරයෙකුව සිටියෙමි . නමුත් තවමත් ශිෂ්‍යයක්මි.) පලදායි යමක් කිරීමට ඔහුට හැකියාවක් ඇතැයි සිතු බැවිනි . අනෙක ඔබලා දෙදෙනාටම මට වඩා හොඳ පරිගණක තාක්‍ෂරතාවයක් ඇත.
      මාතලන් ඔබට එසේ කිරීමට නොහැකි නම් මා සිතන්නේ ඔබ කුණු රසය පමණක් ඉස්මතුවීමට මනස්ගාත ලියන්නෙක් හැටියටය.

      සමරසේකර

      Delete
    3. සරමසෙකර මහතානනි.

      මේ කෙලින්නේ අමු පිස්සුවකි. ඔබ කියනා දේ මට හොඳින් වැටහේ. එහෙත් මාස තුනට මොන විෂය පතද, යූ ඇන් පී කාරයන්ට තිබී තිබෙනුයේ ඇමතිකම් ගැනිමේ පිස්සුවක් බව ඔබට නොවැටහේද? මේ මාස තුනට ඕවා හොයන්න එපා. මේ මාස තුනේ ඇමතිකම් ගැන අනුර කුමාර දිසානායක හිරු ටී වී ඉන්ටවීව් එකේ හොඳ කතාවක් කිව්වා. පුළුවන්නම් හොයා ගෙන බලන්න. සිත් රිදුනේ නම් සමාවන්න. මාස තුනකින් පසු බිහිවන ආන්ඩුවේ හරි වැරදි ගැන කතා කරමු. මේ කෙලින්නේ තනිකර පිස්සුවකි. මේ යහ පාළණය නොවේ. යහනේ පාච්නයයි.

      Delete
    4. මේ අධ්‍යාපනේට දාලා ඉන්නේ මොකෙක්ද? රනිල් ගේ boy toy ලෙස විරුදාවලිය ලත්, හයක් හතරක් නොදන්නා අකිල විරාජයා නොවෙද? අපිත් කට ඇරගෙන බලාගෙන හිටියා රනිල්ට රට යනකල්.. ඔය යස අගේට කොරලා තියෙන්නේ.. තනිකර අච්චාරුවක්..

      Delete
  29. ටියුනිසියාවේ අලීගේ පාලනයෙන් පීඩනයට පත්වූ ජනතාව කෙරේ වඩාත් සංවේදී වූ එරට තරුණ තරුණියන් දහස් ගණනක් සමාජ අඩවි තුලින් රටේ පාලනය නිර්භයව විවේචනය කලේය. එහි ප්‍රතිපලයක් ලෙස ජය ගැනීමට හැකිවිය. පසුගිය කාලවකවානුවේද අපේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් නිර්භයව මහින්ද පාලනය විවේචනය කිරීය. එය තහනමකට ලක් කිරීමට බැරි මාධ්‍ය කලාවක් විය. එහි උපරිම ඵල අපි නෙලා ගතිමු. මෙරටේද යම් ප්‍රමාණයකට සමාජ අඩවි (FB) රජය පෙරළීමට දායකත්වය දැක්වීය. එය අපට ආඩම්බරයකි. නමුත්, දැන් ඇති ස්ථාවරය ගැනද අපි සතුටු නොවෙමු.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් කවදාවත් සතුටු කළ නොහැක. මේ කෙලින්නේ අමුම අමු පිස්සුවකි. හෙට මැතිවරණයකට ගිය හොත්. මා චන්දය දෙන්නේ මහින්දටයි. එයට හේතුව ඔබට වැටහෙනවා ඇත. ටියුනීසියාවේ මුලින්ම සිඳු උනේ නම් එක නොවෙයි. රජයේ කප්පම් කරුවන්ට එරෙහිව තරුණයකු ගිනි තියා ගැනීමකි. ඉන් පසුව එය රට පුරා ව්‍යාප්ත විය. ඊට වඩා ඊජිප්තුවේ පෙරලියට බිකිය බොහෝ සේ ඉවහල් විය. තවත් රටවල බුකිය නිසා ඇතිවෙන්නට ගිය පෙරලි, එම ඒකාධිපතියන් නම්‍යශීලී වීම නිසා වැලකින. මේ පිළිබඳ නාලක ගුනවර්ධන ලියූ ළිපි කියවන්න.

      Delete
  30. මාතලන් නිවස ඉදිරියේ ඔහු කළ මෙහෙයට කලගුන සැලකීමට පෝලිම් ගැසී සිටින මිනිසුන් ගේ ප්‍රයෝජනය උදෙසා පහත සඳහන් ලින්කුව භාවිතා කරන්න.
    ඩබ් ඩබ් ඩබ් වැස්ලින්ෆ්‍රීෆෝඑනිබොඩි.කොම්

    ReplyDelete
  31. ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka)

    ReplyDelete
  32. මාතලන් කියන කතාව හරි . මමත් එකඟයි

    ReplyDelete
  33. ඔයාගේ බ්ලොග් එකේ කාලෙකට ඉස්සර වෙන කෙනෙක් ලියලා තිබුනා මහින්දට කවදා හරි කෙලවෙන්නේ සැලුන් දොර හින්ද කියලා
    මමත් ඒවගේම අනාවැකියක් කියන්නම් මේ ආණ්ඩුවට කවදා හරි කෙලවෙන්නේ යහ පාලනේ නිසයි

    ReplyDelete
    Replies
    1. මහින්දට කෙල උනේ සැලුන් දොර් නිසා නෙමෙයි. සහෝදරයොයි නාමලුයි නිසා. ඔය දේ අනාගතේ සිද්ද වෙන බව මට 2010 දිනපු වෙලාවේ කිව්වෙත් ජානාධිපති උපසෙන කෙනෙක්මයි.

      Delete
  34. එක් එක් අය බුකිය ගැන කියන්නේ, අන්ධයන් අලියා විස්තර කළා මෙනි. මේ එහි එක් යෙදුමක් පමණි. ඒ දැනුවත් කිරීම සහ මඩ ගැසීම සඳහා භාවිතයයි. ඔබ සිතනා ඕනෑම දෙයක් වෙනුවෙන් බුකිය යොදා ගත හැක. බුකිය මේ සඳහා සාර්ථක වුයේ ස්මාර්ට් ෆෝන් ව්‍යප්තියයි. අකුරු කියවන්න බැරි කෙනෙකුට වුවද, එහි ඇති ෆොටෝ දැක තේරුමක් ගත හැක. අනෙක වීඩියෝ නැරඹිය හැක. අන්තර් ජාල ව්‍යාප්තියද මේ සඳහා උපකාරී විය. බුකියට ලොග් වීමට ජංගම දුරකථන අංකය පවා යොදා ගත හැක. එමනිසා ලංකාවේ සියළුම ස්මාර්ට් ෆෝන් හිමියන් වෙත කඩිනමින් ලඟා වීමෙන් මාධ්‍ය ලෙස බුකිය යොදා ගත හැක.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න