.

.

Mar 2, 2015

කොළඹ වාසිටියේ පෙම්බරී - Love at Reid Avenue



රීඩ් මාවතේ ට්‍රැෆික් එකේ දුටු, කැම්පස් බංකුවක හුදෙකලාව කල්පනාවක නිමග්නව උන් පියකරු දියණිය..

තුං මුල්ල ළඟ වංගුවේ...,
වාසිටියේ කොන බංකුවේ...,
වාඩි වී මගෙ පාඩුවේ...,
බලා ඉමි මම එන තුරා...
මගේ සිහිනේ පෙම්බරා....

රීඩ් ගංඟාවේ පාව යයි....,
බෙන්ස් පැජරෝ කියා.... නෞකා...
කුමරුවන් නෙත නො, ගැටේ.... අපේ නෙතු,
ටින්ට් ග්ලාසස් මදි....වාට සංඝා*

ෆෙස් බුක් ලව් එකක්වත් නෑ...,
නොමැත මට සැම්සුන්ග් හුආවී.....
ස්කයිප් කුමරෙක් වත් වරෙං බං...,
මාර ගස් අතරින් මුවාවී....

මහපොළේ සහනේ.... අරන් මව්, සතියෙ පොළ තුල මාකටින්.
ඉඳලා හිටලා දෙකක් දානා..., තාත්තත් ඇත බෝ තුටින්.
ගලව ගන්නා දිනේ එනතෙක්..., අපායේ විඳිනා දුකින්.
මගේ දුක් ගිනි කියා ගන්නට..., පෙම්බරෝ... වර ඉස්මනින්...

                                      oOo

* සංඝා = අව් කන්නාඩි, Sun Glasses

78 comments:

  1. කවිය අනුව ඒක ජිවිතේ හැටි කියලත් කිව්වහැකි...
    ඒත් ඇත්ත මොන වගේ ඇතිද

    උඹ වාහනේ යන ගමන් පොඩි කෙල්ලෝ දිහා බලන එක නතර කරලා නැහැ වගේ තාම.. හෙහ් ;-)

    ReplyDelete
    Replies
    1. ගැට පොලොස් වලට, නාඹර කොස් වලට ආස නැත්තේ කව්ද බං..

      මගේ පුංචි රෝස මලේ...
      මා දැන් මහළු වියේ.. වගේ නිර්මාණ එලියට එන්නේ ඒ නීසා නේ..

      ඒත් මිනිස්සු මේ ඇත්ත කතා කරන්න බයයි.. ඒ වගේම අපි දැන ගන්නා ඕන හැඟිම් වලට වහල් නොවෙන්න..

      Delete
    2. //උඹ වාහනේ යන ගමන් පොඩි කෙල්ලෝ දිහා බලන එක නතර කරලා නැහැ වගේ තාම.. //
      ඇයි එක පැත්තක්ම කියවෙන්නේ? බලනව වගේම හෝ ඊට වැඩියෙන් බැලීමට භාජනය වෙනවනෙ?
      බලන අය දන්නෙ නෑ ඒ ගොල්ල බලන බව සන්ග්ලාස් දාගෙන වාහනේ ඉන්න කෙනාට පේනව කියල :- D

      Delete
    3. //"බලන අය දන්නෙ නෑ ඒ ගොල්ල බලන බව සන්ග්ලාස් දාගෙන වාහනේ ඉන්න කෙනාට පේනව කියල :- D""//

      අත්දැකීම් කතා කරයි ... :D...

      ප. ලි. - පිටිපස්සේ වයිපර් දාගෙන ගියොත් පහුවුනාමත් පැහැදිලිව බලාගත්ත හැකි :P

      Delete
    4. @ ප්‍රා & ඉවාන්

      අම්මපා එහෙම පිනකුත් තියෙනවා..

      ඒත් ඉතින් ඔහේලා වගේ අපි ඔය ළමා අපචාර වලට පැටලෙන්න කැමති නෑ.......

      Delete
    5. \\\ගැට පොලොස් වලට, නාඹර කොස් වලට ආස නැත්තේ කව්ද බං..///

      \\ඒත් ඉතින් ඔහේලා වගේ අපි ඔය ළමා අපචාර වලට පැටලෙන්න කැමති නෑ.......///

      දෙන්නෙක් ලියපුවාද?????

      Delete
    6. මමත් වයිපරේ එක්ක යද්දී ගොඩ වෙලාවට සන් කණ්නාඩි දෙක දානවා. නැත්නම් නෝන්ඩි වෙලා ඉවරයක් නැහැනේ... ;-)

      Delete
  2. වල් කමට බලන මේ තඩි යකුන්
    නිසා උඹ නොතැවියන් මගේ දුවේ
    කුප්පියක් දමන්නට කැන්ටිමේ
    බලං ඇති එනතුරා බැච්චයන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් කැන්ටිමේ ඉඳගෙන ඉඳියි නේ...

      Delete
    2. වැදි බන කියන්නේ මොනාද කියලා කවුරුහරි ඇහුවොත් පෙන්නන්න හොද උදාහරණයක්

      Delete
  3. සැම්සුන්ග් හුආවී තිබුණත් ඩේටා ඉවරනම්? මටත් වුනා ඒක මේ ගිය සතියේ! මාසේ පැකේජ් එකේ ගිගා බයිට් එක ඉවරවෙලා දවස් දෙකක් කෝච්චියේ ගියා අමුවෙන් ම ෆේස් බුක් නොබලා!

    ReplyDelete
    Replies
    1. මමත් මාර පරිප්පුවක් කන්නේ.. ඉන්ටනෙට් පැකේජ් එක නොගෙවා ඒක කපලා.. මාර ගානක් කැපෙන්නේ නෝමල් ලයින් එකේ ජාලගත වෙන කොට...

      Delete
    2. //ටින්ට් ග්ලාසස් මදි....වාට සංඝා* //
      මට එකපාරටම හිතුනෙ මේ දවස්වල සංගක්කාර ගැන සිහියෙන් ඉන්න නිසා කෙල්ලො දිහා කොල්ලො බලන්නෑ කියලා.
      ආයි හිතුනා මේ කියන්නේ නානසාර වගේ සංඝ උන්නාන්සෙලා ගැනද කියලා.
      සඟ දාගෙන යන එකනෙ මේ. සංඝා කියලා පාලියට හරවලා :D

      Delete
    3. ඕක ඉස්සෙල්ලම අහපු වෙලාවේ මාත් හොල්මං උනා....

      Delete
    4. මාතලන් මහතා,
      ලස්සන කවියක් මගේ සරසවි දිවිය මතක් උනා. මා නගරයට යන ගමන මෙන්ම,දුර ගමන් යන්නේ සාමාන්‍ය බස් රථයේ නිසා ඔබ සැම්සුන් yifi ආදිය ගැන ලියලා තියෙන එක නම් වැරදියි කියලා හිතෙනවා.අද බස් රථය තුල ෆෝන් එකක් නැති කෙනෙක් නැහැ. කෙල්ලො,කොල්ලෝ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ විවිධ මොස්තරවල samrtෆෝන්. පැරණි ෆෝන් පාවිච්චි කරන්නේ මැදිවියේ සමහර අය විසින්ය.
      මමත් දැන් පාවිචිචි කරන්නේ smart ෆෝන් ඒකක්ය. ඒ මගේ දුව තෑග්ගක් ලෙස ගෙනත් දුන් නිසාය.ඒත් ඒක හරියටම පාවිච්චි කරන ආකාරය මා දන්නේ නැත. හැමදාම charge කරන්න ඕනෑ. මල කරදරයක්.බැනා නම් කිව්වේ ෆෝන් එක smart උනාට බැටරිය smart නැහැ කියාය.
      මේකෙන් මා කියන්න උත්සාහ කලේ අපේ රටේ සාමාන්‍ය ජනයා ඔබ සිතන අන්දමට දුප්පතුන් නොවන බවය.ඔවුන්ගෙන් වැඩි දෙනාට දෛනිකව smart ෆෝන් පාවිචිචි කිරීමට හා එහි බිල ගෙවීමට හැක.එමෙන්ම මානුවරට යාමටසහ ඒමට ගමන් ගන්නා බස්රිය පැ ය 1/4 ට වඩා නවත්වන holt ඒක අසල තිබෙන මත්වතුර අලවි හල හැම වෙලේම මිලදී ගන්නන්ගෙන් පිරි තිබෙන නිසා අඩු වැඩි වශයෙන් පිරිමින්ට දවසකට රුපිටල් 700 ට වඩා මත වතුර සඳහා වැය කල හැකි බවද දනිමි.
      සමරසේකර

      Delete
    5. ඕක තමයි සමරසේකර මහත්මයා මේ රටේ කරුමය.. ඔය විදියටම තමයි දේශපාලුවෝ හිතන්නෙත්. මගේ පොඩි එකාටත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. (බ්‍රෑන්ඩඩ් එක්ස්පෙන්සිව් එකක් නම් නෙමෙයි.) ඒත් කැම්පස් එකක් කිට්ටුව ඉන්න ෆෝන් කඩයක් තියෙන කෙනෙකුගෙන් අහන්න කැම්පස් දරුවන්ගේ ෆෝන් භාවිතය ගැන. විශේෂයෙන් ගම් වල ඉඳලා ආපු දුප්පත් දරුවන්ගේ. ඒ වගේම තමයි රටේ බහුතරයකගේ ෆෝන් භාවිතාවත්..

      Delete
    6. මගේ නම් අනේ මන්දා දවසෙන් පැය 18ක් විතර ඉන්නේ නෙට් එකේ ඒත් ෆෝන් එකේ කවදාවත් ඩේටා ඉවර වෙන්නේ නෑ . හැම මාසෙම එකම බිල ගෙවන්නේ

      Delete
  4. මහපොලේ ඉතිරියෙන්
    පොටෝ කොපි ගහන්නලු
    ලැප් එකක් ලඟ නැතිව
    ඇසයිම්න්ට් එවන්නලු
    නාකි හං කෙල පෙරා
    මාව කයි මට බයයි
    නො එන කුමරො නුඹ කොයිද? :p :p

    ReplyDelete
    Replies
    1. නාකි ලැක්චර්ලා ගැන වෙන්ටෑ කීවේ....

      Delete
  5. මාත් කැම්පුස් ගෑල්ලමයෙක් ගැන ලියූ එකක් තියේ. බ්ලොගේ දානවද මෙතන ලියල යනවද කියලා කම්පනා කොලේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. .
      රතු හැට්ටකාරී
      _____________

      තුරුළු කරගත් නෝට්ස් මිටියක
      සිහිනයක් සීරුවට සඟවන්
      අටේ ලෙක්චර් එකට දුවන්නී

      එකොළහේ කණිසම වැදෙනකොට
      බඩපුරා ටැප් වතුර බීගෙන
      පිකට් පෝලිම මැදට පනින්නී

      .
      ගිනි ගත්තු මද්දහන් අහසට
      රතුපාට ලොකු අකුරු පිරවූ
      පෝස්ටර් ඉහළවන්නී - පොඩි දෙඅත් මිටි කරන්නී

      කාකි පාටැති කඳුළු වැස්සට
      තාර පාරම තෙමී යනකොට
      මල් ලේන්සුව ඇහැට තියන්නී

      .
      මහපොළෙන් බරවුන පසුම්බිය
      උදාරම් ටික් හඬින් ඇරගෙන
      වඩේ දෙකකට මුදල් ගෙවන්නී

      දාහෙ කොල දෙක නමා වෙන්කර
      ලියුම් කවරෙක බහා අලවා
      ගෙදර ලිපිනෙට තැපැල් කරන්නී

      .
      නිදිමතක් නිදිකරන් ඇහැ යට
      රතුම රතු තද රතු තීන්තෙන්
      මදක් ඇල - හැඩ අකුරු අඳින්නී

      හෙට උදේ ලෙක්චර් දුවන්නට
      පොතුත් පෑනුත් හොයන්නී
      රතුපාට මල් වැටුන හැට්ටය මදින්නී


      ~ බස්සි ~

      Delete
    3. ෂුවර් එකට කාළෙකට කලින් ලියපු එකක් වෙන්න ඕන.. අද ඒවත් එක්ක බැලුවාම වෙනස හොඳට පේනවා...

      Delete
    4. මම හිතන්නේ ඊට වඩා ගැලපෙන්නේ බස්සි ලියපු කුවේණි කවිය .. ඒයි බස්සි - ඒකත් දාපං මෙතනම ..

      Delete
    5. කැතයි කියන එක නොකියා කියල. හයියූ මං ඉල්ලන් කනවනෙ ඉතින්.

      Delete
    6. හැපෝ ඉවානයො! කුවේණි නෙමෙයි ස්වර්ණමාලි :P

      Delete
    7. ඒයියියි..... කවුද කුවේණි මෙන්ෂන් කරේ ඉදගෙන

      Delete
    8. @ ක්‍රැක් බක්සි - ස්වර්ණමාලි තමා බොල, මම බැලුවේ මේ උඹට මතකද කියල ,:P

      @ ඔමා - ඉඳගෙන නෙවේ බං හිටගෙන ... :P

      Delete
  6. කාටහරි .... කවුරු හරි හම්බ වෙනකන් ඔය කවිය තමයි කියන්න වෙන්නේ. සොබා ධර්මේ හැටි තමයි ඔය.......

    ReplyDelete
    Replies
    1. හම්බ උනායින් පස්සේ ඊට වඩා දුකක්...

      Delete
  7. මේ වගේ දැවෙන තැවෙන කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට නරියන්ට අහුවෙන්නේ...(නරියා කිව්වේ උඹට නෙවෙයි හොඳේ...හැක්...හැක්...)

    ReplyDelete
    Replies
    1. නරින්ටද...? පෙරටුගාමින්ටද...?

      Delete
    2. කුරුටු ගාමීන්ට -- ඔය අසංකයා, තුෂාරයා වගේ උන් හැක්

      Delete
    3. උඹ වරෙන්කෝ ඒ පැත්තේ හොර ඉවානයා...හැක්...හැක්...

      Delete
    4. සමනළ දෙනෙතින් කලාද ඔවුන් ඉඟි
      එපා බලන්නට පුංචි නගේ
      ඒ ආදරය නොවේ
      ජීවිතේ මේ මං තලේ
      යනෙන අතරේ නැගණියේ
      බඹර නෙතු ඉඟි බිගි කරාවී
      එපා කැළබෙනූ ඔබ නගේ
      බඹර නෙතු ඉඟි බිගි කරාවී
      එපා කැළබෙනූ ඔබ නගේ

      සමනළ දෙනෙතින් කලාද ඔවුන් ඉඟි.....
      ආදරේ රූ සිරි නොවේ
      කුලය දේපල එම නොවේ
      නෙතට ඉඟියට නොම රැදේවී
      එපා රැවටෙනූ ඔබ නඟේ

      සමනළ දෙනෙතින් කලාද ඔවුන් ඉඟි.....

      ගායනය - ක්ලැරන්ස් රොඩ්රිගෝ

      https://www.youtube.com/watch?v=cZpnJvOrzeQ#t=37

      Delete
    5. අඩෝ.................. ඉවාන්..................

      මං තුෂාර........ ඉතුරු ටික කිව්වයි කියලා හිතාගනිං

      Delete
  8. මෙන්න කාලෙකට පස්සේ පොස්ට් එකක් දාලා . අර රෙද්දේ දේශපාලනේ දකිනකොටත් අප්ප්රියාවේ හිටියේ .

    බේරියන් දුවේ
    සම්සුන් හුවාවී අරන් එන
    මකරුන්ගෙන්

    ReplyDelete
    Replies
    1. උඹ කීයක් විතර අමාරුවේ දැම්මයි මචෝ... ඔය මනමාල හිනාව දාලා...

      Delete
    2. මනමාල හිනාව විතරක් නම් මදි‍යැ..ඇයි අර මැන්ඩලින් ගහන් කකුල් දෙක..!!!!

      Delete
    3. //මෙන්න කාලෙකට පස්සේ පොස්ට් එකක් දාලා . අර රෙද්දේ දේශපාලනේ දකිනකොටත් අප්ප්රියාවේ හිටියේ . //
      +++++++++ ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. මනමාල හිනාව .... සක් මේ අහිංසක හිනාවට හදන පද :P,

      චෙෆාකි ගේ ඔබ්සෙවෙෂන් අප්පට බොල

      Delete
    5. එක අතක චොකලට් !! අනිත් අතේ රාබු මල්ලක් !!!

      "" පාලකයිනි .. මේ ඔබේ අවධානයටයි ""

      Delete
  9. අර උඩ තියන රීඩ් ඇවනියු බීච් එක හරි ලස්සනයි. මාතලන් ඉස්කෝලෙ යන කාලෙ නේ? පස්සෙ චීන්නු ඇවිල්ල මුහුද ගොඩ කලාද?

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ අර පුංචි වැස්සක් වැස්සත් රීඩ් ඇවෙනිව් එක යට වෙන වෙලාවක..

      උඹ දැකලා නැතෙයි, වාසිටිය ඇතුලේ රැල්ල ගහනවා.. සිලෝන් ටංකරං බස්, ගැමුණු බස් රේස් යන වෙලාවට...

      Delete
  10. ලස්සනයි ...... මදැ කාලෙකින් මාතා අයියා පොලිටික්ස් වලින් වියුක්ත වෙලා

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් මරණ තර්ජනත් එවලා තිබුනා පෝස්ට් එකක් දාපිය කියලා.. බොහෝම වැදගත් විදියට...

      Delete
  11. අඩුම ගනනේ කියෝල හිරිකිත නැතුව කමෙන්ට් එකක් දාන්න පුලුවන් පෝස්ට් එකක් මේ ඉලංදාරිය (තව ටික දවසයි ඈ එහෙම කියන්නේ...) අද දායි අද දායි කියලා හිතාගෙන කී දවසක් නම් මේ පැත්තේ ආවාද පහුගිය ටිකේ...
    ඊයේ රෑ හොඳටෝම වැස්සා....අද උදේ මේක...ෂෝක්...
    ඔන්න ඔහොම කූල් එකේ හිටියනං මොකෑ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකත් පොලිටිකල්.. ලියලත් ඉවරයි..

      කොහොමත් කූල් එකේ තමයි ඉන්නේ.. පොඩ්ඩක් මල පැන්නට...

      Delete
    2. ඔලුව කොලොප්පන් වෙන ඒවා නැතුව මොනා ලීවත් කමක් නැහැ...ලියහන්කෝ අර රවියයි හර්ෂයි පිට්ටනියකට කෙල ගන්න එක...ඒක ඇතුලේ මාර කථාවක් තියේ මාතේ...

      Delete
    3. අයියෝ පොලිටික්ස් වුනත් අපිට නම් කූල් නේ. එක්ස් රජතුමා කියල තිබුනෙ ජෝතිශ්‍යය විස්වාස කරන්නෙ නෑ කියල. ඊට වඩා කූල් වුනොත් අයිස් මිදෙයි
      Sorry c-a .
      :-D

      Delete
    4. අපිනම් සඟ දාන්නේ නැහැ දාන්නේ කූලින් ග්ලාස්..හරිය

      Delete
    5. කූලින් වලින් ප්‍රා කියපු ඒවා කරන්න බෑ..

      Delete
    6. අපේ නෑනේ ඔය සඟ දැමිලි... පිරිසිදු නෙතින් තමා ඔක්කොම

      පිවිතුරු සිතින් එනු මැන ළඳේ
      අවසන් සුසුම් ගිළිහෙන දිනේ
      මට පැන් පොදක් අරන් දෝතින්
      එතුවක් දුරින් ඉන්න ඈතින්...

      ඇය මා ළඟින් වෙළී බැඳී
      ළතැවුල් මවා ගියා ඇදී...//
      ඒ දුක් රැහැන් වලින් මිදී
      අද මම විඩා හරින්නෙමී...

      තනිකම වගේ සුවක් ලොවේ
      මිනිසත් බවේ තවත් නොවේ...//
      මනසින් ලබන්න හැකි සුවේ
      අප ලං වුණොත් දුරස් වෙතේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න\

      Delete
    7. එත කොට අනිත් උන් මේ වගේද :D

      ලොවේ කොයි කාටත් හොරෙන්
      ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
      ඔබේ සිත් යහනේ //

      නින්ද නොමැතිව හිඳින විට ඔබ
      කවුළු දොර ළඟ මග බලා
      සුළං රැල්ලේ එතී එන්නම්
      රුවැත්තියෙ මා ඔබ සොයා

      ලොවේ කොයි කාටත් හොරෙන්
      ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
      ඔබේ සිත් යහනේ

      සුසුදු කවි ගී සෙමින් මුමුණන
      ඔබේ තනි නොතනිය මකා
      ළසඳ කැල්මේ වෙලී එන්නම්
      රුවැත්තියෙ මා ඔබ සොයා

      ලොවේ කොයි කාටත් හොරෙන්
      ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
      ඔබේ සිත් යහනේ //

      ගායනය - රෝහණ සිරිවර්ධන

      Delete
  12. සරල ලස්සන නිර්මාණයක්.. ලොකු කතාවක්.. හ්ම්ම්..
    (ඒ ඔක්කෝටම වැඩියෙන් මාතලන්ගෙන් 'පෝස්ට්' එකක්..) ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. මොකෑ මොකුත් නොලියන්නේ..

      Delete
  13. ඇති යාන්තං ජොලිටික්ස් නැතුව පෝස්ට් එකක් දාල..
    හොඳ නිර්මාණයක්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ට් එකට...

      Delete
  14. මහපොළත් වැඩි කලා
    සීයට හයක් දුන්නා
    යහපාලනේ නාමෙන්
    කොල්ලෙකුත් දැන් එවී හනිකෙන්.

    ReplyDelete
    Replies
    1. එකෙක් හොයා ගන්න එක් විතරයි තියෙන්නේ.. බබාටත් ගෙවනවනේ..

      Delete
  15. අනේ පව් අප්පා මග බලාන ඉන්නේ....
    අහුවෙයි ....ට ඔතනින් යන එන

    ReplyDelete
    Replies
    1. තිත් වලින් කුණු හබ්බ කියන්න එපා බං..

      Delete
  16. ඇති යාන්තම් කියවන්න පුළුවන් පොස්ට් එකක් දැම්මා ...

    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
    තරුවක් වාගේ හෙටත් නොපායන
    මගේ යොවුන් හද ප්‍රාර්ථනා
    අදත් එදා මෙන් බලා හිදී
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

    බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
    ආදරයේ මුතු පියවිලි අතුරා
    කවදා හෝ එක් අරුණ උදාවක
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

    බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
    ආදරයේ රන් කවුළු පියන් හැර
    වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා ///


    ගායනය - නීලා වික්‍රමසිංහ
    ගී පද - අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
    Replies
    1. බලාපං සුසංයෝගය.. ඉතින් රහ ගැන අහන්නත් ඕනද...

      Delete
  17. ඇයි කියල මට තේරෙන් නෑ අප්පා මොකක් හරි කවියක් කතාවක් ලිවුවොත් මිනිස්සු ඒක අපිට සම්බන්ධ කරන්නේ,, මාත් පොඩි මෙවුවා එකක් ලියලා තියේ දාන්ට ඕනේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මෙයා... ඒක ලංකාවේ තියෙන පාරම්පරික ලෙඩක්ද කොහෙද...?

      Delete
  18. මම හිතාහිටියේ උඹට තවදුරටත් කවි සිතුවිලි පහල වෙන්නේ නැතුව ඇති කියලා දේසපාලන පෝස්ට්ම එකක් පස්සේ එකක් කොට කොටා ඉන්නකොට. නමුත් ඒක එහෙම නෙවෙයි වගේ. මට වැරදිලා.

    ReplyDelete
    Replies
    1. කවි ලියන එක නම් නවතින එකක් නෑ මචෝ. මාතලන් නිසා කවි ලියන්න පටන් ගත්ත උන් ගොඩක් උන්, සයිබර් අවකාශයේ ඉන්නවා. කොහොම හරි උඹ තවමත් ඉන්න එක දැක්කාම බොහෝම තන්තෝතයි. මම දැක්කා උඹේ දුවගේ පෞද්ගලික ජයග්‍රහණය. සුභ පැතුම් මචෝ.. ආයෙත් ලියහන්.. Please... හැබයි අර පොටෝ කෝටිය නැතුව.. :)

      Delete
  19. බලපං,මොන තරම් සුන්දරද මොන තරම් අරුත්බරද,මොන තරම් කලාත්මකද මෙපමණ කුසලතාවක් ඇති උඹ වෛරය වපුරන පෝස්ට් ලියමින් සතුටින් ඉන්නව.මෙන්න මේ වගේ හිත නිවන සනසන කවිටිකක් වත් ලියපංකෝ.

    ReplyDelete
    Replies
    1. "කාක්.... කාක්......" හුටා කේජු කෑල්ල වැටුනා මචෝ.. (විහිළුවක් හොඳේ..)

      මාත් ආසයි මචෝ පරණ බයිලයක් ගහගෙන, කවියක් ලියාගෙන ඉන්නා. ඒත් මචෝ අපෙනුත් මේ රටට සෙවයක් විය යුතුයි කියන මතය පොඩි කාළේ ඉඳන් ලේ වල තියෙන ලෙඩක්. බ්ලොග් කියන්නේ ඒකට තියෙන සුපිරිම ඉඩ කඩ.

      උඹ දන්නවනේ මට මේවා ලියන්න ඕන නෑ. ඒත් මේ ලියන්නේ මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්..

      Delete
  20. කොලොම්බු කැම්පුස් එක ගාවින් වාහනේක යනකොට ඔය දර්ශනේ මමත් බොහෝ වාරයක් දැක තිබෙනවා. ජීවිතේ සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම සංවේදි දර්ශණ අනන්තවත් මෙතනදි දකින්න පුළුවන්...

      Delete
  21. වල්ලා පට්ට.....

    ReplyDelete
  22. පෙම් සිතක් පතන සරසවි දියණියක්
    ජයවේවා මාතලන් අයියේ
    මේ වගේ නිර්මාණත් අතරින්පතර පළ කරන්න
    ජය!

    ReplyDelete
  23. අපිත් ඉඳල තියෙනවනේ ඔතන...167 ක්, 154 ක් එනකම් ඉස්සර...නැත්නම් කැඩුණු සපත්තු හදන සීයා ළඟ හිටගෙන... :)

    ReplyDelete
    Replies
    1. ඒ රස්සාව කරන මිනිස්සුත් දැන් බොහෝම අඩුයි නේ බං....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න