.

.

Apr 1, 2015

සිලවතීගේ මාළු බානා කෙම් ක්‍රමය (23+) - Seelawathi's Fishing Method (13+)

 
අම්මට සිරි ලංකාවේ මාළු බාන්නේ තවමත් සම්ප්‍රධායික ක්‍රමයටමය. සාගර විස්ස විජ්ජාල තිබුනද, උපාධි කාරයෝ උන්නද, වෙනම ඇමතියෙක් උන්නද, එකෙක්ගෙන් වත් පයිසෙක වැඩක් නැතිය. රට වටේම සප්ත මහා සාගරයක් තිබුනත්, මේ හිච්චික් විතර දූපත් කෑල්ලේ සමහර පැති වල උන්ට, මූදු මාළු කෑල්ලක් කන්න පින නැතිය. උන්ගේ මාළු අවස්සතාව තේරුම් ගත්ත ජේ ආර් පප්පා මිරිදිය මත්ස්‍ය කර්මානතේ ආරම්බ කරන්න ගිය ගමන්, අපේ ඝන තට්ටයෝ සැට් එක සිවුරු කරට ගත්තේය.

උන්ගෙත් තියෙන්නේ උගෙ අම්මගේ නීතිය. කරත්ත ඇන්ජින් කන එක පව්ය. වැව් වල, ගංඟාවල ඉන්නා මාළු කන එක පව්ය. ඒ උනාට මහ මූදේ ඉන්න, පත කෙලවල්ලෝ වළඳන එක පව් නැතිය. පරා මාළු කිරට හදා, හීලට බෙදුවානම්, නිවනට යන්න ෆ්‍රී ටිකට් එකකුත් හම්බ වෙනවාය. ඒවා මහත් ඵල මාහනිසංස ලැබෙනා පිං කොම්ය.

මාළු බානා එක ගැනත් පොඩි කාළේ පටන් මේ වෙනකන් තියෙනා ඇක්ස්පීරියන්ස් විස්තරාත්මකව ලියන්න ගියොත්, විස්ස විජ්ජාල නිබන්දනයක් ලියන්න තරන් කරුණු තියෙන්වාය. මාතලන් මාළු බාන්න පටන් ගත්තේ අම්මාගේ ආයා කටු නමලාය. එහා ගෙදර එකා හැට්ට කටු ආයා කටු උස්සගෙන ආවේ නැත්තේ උන්ගේ අම්මාගෙන් අම්බානක කන්න වෙන නිසාය. ඇමට ගත්තේ පාන් කෑලිය. ඇමට ගැඩිවිල්ලෝ ගහන එක කියලා දුන්නේ මැණිකාය. මැණිකා අපට කියා දුන් පාඩම් බොහෝය. එයින් සමහරක් ගැන මාතලන් ලියලාත් තියෙනවාය.

අපේ ගේ පිටිපස්සේ කුඹුර කාලයකදී යට වෙනවාය. එතකොට කුඹුර වෙල වෙනවාය. අපේ වත්තේ දෙපැත්තකින්ම තිබුනේ වෙලය. අපේ වත්තේ කඳුරු ගස් තිබුනේ නැතත්, එහා වත්තේ වෙල පැත්තට වෙන්න විශාල කඳුරු ගස්ද, නොයෙක් පළතුරු ගස්ද, මහා පත සිඹලා ගසක්ද, කොට්ටම්බා ගසක්ද තිබුන නිසා. පොඩි කාළේ අපි ගමේ නොගියත්, ගමක තිබුන සුන්දරත්වය උපරිමයෙන්ම විඳ ගත්තෝය. අද ඒ ඉඩම් සියල්ල පර්චස් විස්සේ හෝ දහයේ කෑලී වලට කැඩිලා වර්චස් වෙලාය.

හැට්ට කට්ටේ බිලී කොකු වලට අහු උනේ කාවයියෝය. බට්ටෝ අහු නූන විජ්ජාත්මක හේතුව මාතලන් විසින් මුලින්ම සොයා ගත්තේ පස්සෙන් පහු කාළයකය. ඒ උන්ගේ කට පුංචි නිසාය. මේ අල්ලපු මාළු අල්ලපු ගමන් ආයෙත් වෙලට දැම්මේ, අපේ ආච්චි නිසාය. මාළු බාන්න පර්මිසොන් ගත්තේ ඒ පොරොන්දුව උඩය. එහෙම අල්ලනවාටත් ආච්චි බොහෝ කම්පා උනේය. ඒත් මැනින් මාකට් එකෙන් තාත්තා ගෙනාපු, තොරා පරා බලයන් හා "තිලාපියා" ගෙනා, ඉස්සෝ දැල්ලෝ කකුළුවෝ දිවියළෝක රහට හදලා දුන්නේත් ඒ ආච්චිමය. මාළු අල්ලන්නේ පව් කාරයෝ බවත්, වැඩියෙන් මාළු අහුවෙන්නේ වැඩියෙන් පව් කරපු උන්ට බවත්, අපට කියා දුන්නේ උන්දෑය.

ඔය මාළු බෑමේ පන්න ක්‍රම අටෝරාසියක් තිබුනත්, ලංකාවේ මාළු බානා සිස්ටොම් එකක් හෙවත් පන්න ක්‍රමයක්, මුළු ළෝකයේම පොරොසිද්දය. ඒ පොල්ලේ ඉඳන් මාළු බානා, "රිටි පන්න" (Stilt Fishing) කියනා කොරමේය. ඒ කාළේ ගමේ ගියාම, තාත්තා අපිවත් දාගෙන වැලිගම පැත්තට යන්නේ, ඔය මිස්ටර් රිටි පන්නලා අල්ලන බෝල්ලෝ ගේන්නය. උන් ගාව බඩු තිබුනේ නැත්නම් යන්නේ වැලිගන් (Weligama) බොක්කටය. අදටත් පන පිටින් මාළු පාර අයිනේ තියාගෙන විකුණන සෙට්, ඔහේලාත් ඕනා තරම් දැකලා ඇතිය.

අද උන් පොල්ලේ ඉන්නේ සුද්දන්ට පේන්නය. මාළුවත් කලින් අල්ලපු එකෙක්ය. සුද්දෝත් එකසිය ගානට පොටෝ අල්ලනවාය. මේ පොටෝ වගේම පේන්ටින්ග්ස් වලටත් තියෙන්නේ මාර ඉල්ලුමක්ය. පොටෝ අල්ලලා ලේසියෙන් මාරු වෙන්න හම්බ වෙන්නේ නැතිය. අරුන්ගේ එකෙක් සල්ලි ඉල්ලගෙන එනවාය. දුන්නේ නැත්නම් වාහනේ ඉස්සරහට ඇවිත් බොලොක් කරනවාය. ටුවර් එක කොර ගන්න ඕන නිසා, මල පෙරේත් සුද්දෝ පොකට් එක ඇද්දේ නැත්නම්. අපේ පොකට් එකෙන් අනිවාර්යයෙන් දෙනවාය. උන් කොච්චර ෆිට් උන්ද කියනවා නම්, සල්ලි නැත්නම් පස්සේ ගමු ලොක්කා කියන්න තරම් බොක්ක හොඳ උන්ය.

ඔය රිටි පන්නේ විශේෂයක් තියෙනවා වාගෙම, උන්ගේ බිලී කොක්කෙත් විශේසයක් තියෙනවාය. උන් බිලී බාන්නේ ඇමක් දාන්නේ නැතිවය. ඒකට උන් ළඟ වෙනම බිලී කොකු වගයක් තියෙනවාය. ඒවා හදා ගන්නේ දැල්ලාගෙන් ගන්නා පාට් එකකින්ය. ඔය ගැන අපූරු විසතරයක් <<<< මෙතනින් ගියොත් >>>> බලා ගන්න පුළුවන්ය. මේ පෝස්ට් එක ලියන්න හිතුනේ, මාතලන් මේ දවස්වල ඉන්නා වැව් බැඳි රාජ්ජේ ගෑනු අයත් මාළු බානා හැටි දැකලාය.

මෙහේ තියෙන පොඩි පොඩි වැව් වල මාළු බාන්නේ පිරිමි ඉතරක් නෙමේය. ගෑනුත් බානවාය. ඒ පැතිවල ගියපු සමහරෙක්, ගෑණු උදවිය පුංචි ඔරුවල නැගලා දැල් දමා මාළු අල්ලනවා අනන්ත්වත් දැකලා ඇතිය. ගිරිතලේ වැවෙත් මෙහෙම අල්ලන කීප දෙනෙක්ම ඉන්නවාය. ඕක දකින වෙලාවට මම මේ ගමේ උන්ට පරන කතාවක් කිව්වාම, මුන්ට ඒක නැගලාම ගියේය. මේ කියන්න යන්නේ උන්ට කියපු කතාවය.

ඕන් සීලවති ලීලවතියි කියලා යාළුවෝ දෙන්නෙක් උන්නේය. දෙන්නාම බැඳලාය. දෙන්නාම බැන්දෙත් මාළු අල්ලන උන් දෙන්නෙක්ය. උන් දෙන්නත් හොඳ යාළුවෝය. දෙන්නම කසියා ගහලා සමහර වෙලාවට වරු ගනන් නිදා ගන්නා නිසා, ගොඩක් වෙලාවට මාළු බාන්න යන්නේ සීලවතියි ලීලවතියිය. ඉතින් දෙන්නා දෙන්නගේ ඔරු දෙකේ නැගලා මාළු බාන්න ගියාට වැඩියෙන් බඩු අහු උනේ සීලවතීටය.

මේක ලීලවතිගේ ඇඟේ මාළු නටන සීන් එකක් විය. ඒ අපේ රටේ හැටිය. දන්නා කියන එකෙක්ට හරියනවා නම් අනිකාගේ ඇඟේ මාළු නටන්න පටන් ගන්නවාය. බ්ලොග් අජියලා කරපු අලුගුත්තේරු වැඩේ නිසා සම හරක්ගේ ඒ විදියට මාළු නටන්න පටන් ගෙන තියෙනවා කියා, මේ දවස්වල බොග් පඩංගුවල තියෙන කොමෙන්ට් බැලුවාම පේනවාය.

මේක බලාගෙන ඉන්න බැරිම තැන ලීලවති සීලවතිගෙන් මේකට හේතුව විමසුවාය.

කොහොමද බං උඹේ දැලට හැමදාම මාළු පුරවලා අහු වෙන්නේ...? අපිට තමයි කනයෙක් වත් නැත්තේ. කියහංකෝ බං අගේ කොරන්නේ නැතිව. හැමදාම අපිටත් මාළු දීලා උඹටත් එපා වෙලා නේ ඇත්තේ..

අනේ නෑ බං ලීලවතියේ..., අගේ කොරන්න දෙයක් නෑ.... මම මාළු අල්ලන්නේ කෙම් කොරමේට..

කෙම් කොරමේට....? ඒ කියන්නේ උඹ කාට හරි බාර හාර වෙලාද එන්නේ.....?

කාටත් බාර හාර දෙන්නෙ මක්කටෙයි බං...., දෙයියා ගෙදරම ඉද්දි.....

දෙයියා..... ගෙදරම ඉන්නවා...? කව්ද බං දෙයියා.....? උඹේ වාහෙද....?

වාගේ නෙමෙයි බං.. ඌගේ ජුන්ඩා..

මොනවා...? ජුන්ඩා...!!!

ඔව බං මෙහෙමනේ...., මම ගෙදරින් එන්න කලින් අපේ වාහේගේ ජුන්ඩා දිහා බලනවා.. ජුන්ඩා උන්නේ වම් පැත්තට බර වෙලානම්, එදාට මම දැල දාන්නේ ඔරුවේ දකුණු පැත්තට..

හරි හරි මට තේරුණා.. ජුන්ඩා උන්නේ දකුණු පැත්තට බර වෙලා නම්, එදාට උඹ දැල එලන්නේ ඔරුවේ වම් පැත්තේ..

ඔය තේරුනේ අගේට.. ගොනාට වගේ.. හි.. හි... හි...

අනේ පලයන් බං යන්න.. ඒත බං හදිස්සියේ හරි....., ජුන්ඩා කෙලින් වෙලා තිබුනොත්..?

කෙලින් වෙලා තිබුනොත්..? කෙලින් වෙලා තිබුනොත් මක්කටෙයි බං මාළු බාන්න එන්නේ.. පොඩි උනුත් ගෙදර නැති වෙළාවේ..., වාරකන් ඉවරය කියලා හිත හදාන, මාළුවා බාගන්නවා මිසක්ක.. එදාට නේ බං උඹ දවල් වෙන්න ඇවිත්...., අද වැවට යන්නේ නැද්ද බං ගගා..., මළ වදයක් වෙලා දොර කඩන්න හදන්නේ..

119 comments:

  1. Replies
    1. Patta as usual.. Comment korannam engili hondatama honda unahama. Sammaanetath congratz maatha ayya..

      Delete
    2. Ei uba koheda engiili gahanna giyee....?

      Delete
    3. Jacket ekak daagena pitakotuwe naattaamige wede karana kota engili nemei heta anidda bella kadala yana size ekak thiyenne. Awulak ne. Yudde dinuwane.. Mehe asian huttige puthala ekka weda karala epaama wela inne. Mokada maatha aiye post ekak parakku? Fans la wa let down karanta epa. Objection...!!!

      Delete
  2. ඈ මාතලන් බැරි වෙලාවත් පුක පැත්ත හරවගෙන හිටියොත් ??

    ReplyDelete
    Replies
    1. එහා ගෙදර එකාට කතා කරනවලු.. ඌ රනිල් වාදියෙක්...

      Delete
    2. එහා ගෙදර එකාට කතා කරනවලු.. ඌ රනිල් වාදියෙක්... +++++++++

      බ.අ.සි. :)

      Delete
    3. පුනෑහි (පුක නෑ හිනාවෙලා)

      Delete
  3. ජුන්ඩා හෙලවෙන කතාවක්නේ මාතා...

    ReplyDelete
    Replies
    1. ජුන්ඩා හොලෝලා කියලා බයික්ක වගයක් නම් ආවා ඒ කාළේ...

      Delete
    2. ජුන්ඩා හොලොලා නෙවෙයි බන් බයිසිකලේ නම " හොන්ඩා ජුලෝනා "

      Delete
    3. ඇයි බං "හොන්ඩා ජුල්මන්"

      Delete
    4. ජුල්මන් වෙන්න ඇත්තෙ පළවෙනි වතාවට වාසභවනය දැකල වෙන්ටෑ !!! :-)

      Delete
  4. ඔය කියපු ඉරියව් තුනම නැතිව හරි මැදින් බිම බලාගෙන හිටියොත්? (කතාව වල්ලා පට්ට! අහලම නෑ)

    ReplyDelete
    Replies
    1. සිම්පල් නේ මදාවියෝ.. ඔරුව පිටිපස්සෙන දැළ එලනවා... දැන් අහන්න එපා ඔරුවේ ඒ පැත්ත හොයන්නේ කොහොමෙයි කියලා...

      Delete
    2. අහලා තිබුණානම් උඹ නිකං තියයියෑ මධාවියෝ

      Delete
  5. ඇත්තටම බං දැන් රිටි පන්නෙ කරන්නෙ ෂෝ එකට විතරද?ඔව් ඉතිං ඔය කූරි දහයක් පාළහක් දවසට අල්ලල මොනා කරන්නද.ගෙස්ට්ල සැට් එකක් එන වෙලාවට රිටේ නැගල හිටියම දවස් ගාණක ගනුදෙනුව ලැබෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ක්‍රමයට තමයි ඉන්කම් එක.. සීසන් එක කාළෙට එකෙක් හොඳ ගානක් හොයා ගන්නවා..

      Delete
  6. හැහ්.. ඕල් රෙඩි මේල්ඩ් ටු මෙනි.. ෆස්ට උපරිමය..

    ReplyDelete
  7. පට්ට. මාත් දැකල නෑ ඇත්තටම මාළු අල්නවුන් නං. හුඟ දෙනෙක් ශෝ එකටයි නගින්නෙ.

    ReplyDelete
    Replies
    1. උන් ඕකේ නගින්නේ නැතිව ඉන්නේ මාළුන්ගේ ඕෆ් සීසන් එකට නෙමෙයි.. සුද්දන්ගේ ඕෆ් සීසන් එකට..

      Delete
  8. මාළු ගැන කියන්න බැරිවුනා නෙව. මම පොඩිම කාලෙ විතරයි ඔය ආතල් එක ගත්තෙ. මොකද මාළු පිලී ගඳ ඉවසන්න මට බෑ. ඔන්න දවසක් එකෙක් එක්ක ඉස්කෝලෙන් පැනල ගියා මාලු අල්ලන්න. මට පව්කාරකම මදිද කොහෙද මාලු අහුවුනේම නෑ. අරූ මාළුවෙක් වැදිල පිත්ත ගැස්සූ පාර මගේ ෂර්ට් එකේ අතේ වැදිලයි මාළුව නැවතුනේ. ගඳ යනකං අත හේදුව. හරිගියේ නෑ. එදා ඉඳල මාලු ඇල්ලුවෙ නෑ.
    ඕං අද උදේම ගියා මාලු ගේන්න හාබර් එකට. ගෙනල්ල මාලුව කපල නාගෙන වැඩට ආවෙ. :-)

    ReplyDelete
    Replies
    1. මම නම් මේ ටිකේම කන්නේ වැව් මාළු... ලේ වලට හොඳයිය කියනවනේ...

      Delete
  9. අපේ සෙට් එකක් වැල්ලට ගියාම ගොඩ ගහපු මාළුවෙක් දැකලා ඌ මැරෙයි කියලා සෑහෙන කට්ටක් කාලා ඌව ආපහු මුහුදට දැම්මා.(උගේ ඇඟ පුරාම කටු තිබ්බා). ඊට පස්සේ ඇමක් දාලා ඒ ජාතියෙම එකෙක් බාගෙන ආවා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි බං කියන්නේ, "අපේ කම" කියලා..

      Delete
  10. මැණික්කටුව ගැන කොහෙද ලියල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ බිලී කොක්කද.. අර දාලා තියෙන්නේ ලින්ක් එක.. බුදු රැස් මාලාව වගේ...

      Delete
    2. //ඇමට ගැඩිවිල්ලෝ ගහන එක කියලා දුන්නේ මැණිකාය. මැණිකා අපට කියා දුන් පාඩම් බොහෝය. එයින් සමහරක් ගැන මාතලන් ලියලාත් තියෙනවාය.//

      Delete
  11. මුහුදු මාළු වලට වඩා මම නම් කැමති වැව් මාළු වලට.කටු පිරිලා වුණත් කන්න ඇහැකි බඩ පැලෙන්න.තාමත් එක පාරක් විතරයි මාළු අල්ලලා තියෙන්නේ.කොච්චර දාගෙන හිටියත් එකම එකයි අහුවුණේ.

    ReplyDelete
    Replies
    1. උඹ එහෙනම් හුරුල්ලෝ කාලා නැතිව ඇති.. කටු වලට කැමති නිසා.. ඕන් ඒකෙත් කටු තියෙනවා...

      Delete
  12. මම මාළු බාන්න පුරුදුවුනේ අවුරුදු 10 විතර ඉඳලා. අපේ ගේ ඉස්සරහා මහවැලි ගඟ. ගමේ කොල්ලෝ එක්කොම මාළු බානවා. වෙන එකක් තියා තාත්තත් හිටපු ගමන් වැඩටෙ සෙට් වෙනවා. මාතා කියනවා වගේ පවුකාර කමටද කොහෙදෝ මගේ මල්ලි, ඥාති සහෝදරයෝ දෙන්නේක් ආවත් කාටවත් නැතුව හැමදාම වැඩියෙන්ම අහුවෙන්නේ මටම තමා. ගෙදර ගෙනාවම අම්මා කපන්නේ නැහැ. අපි කපලා සුද්ද කරලා දුන්නහම බැදලා දෙනවා.

    දැන් වුනත් නිඩාඩුවට නුවර ගියොත් බෝතලේකට සෙට් වෙනවා නම් අපි හවසට මාළු අල්ලලා, අම්මට කියලා බැදලා තමා වැඩේට සෙට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් බාන්නේ නෑ.. ඒ කාළේ නම් ඔය් වැඩේට ඇක්ස්පර්ට්...

      Delete
  13. "ඇමට ගැඩිවිල්ලෝ ගහන එක කියලා දුන්නේ මැණිකාය" ඒ කියන්නේ ගැඩවිලා සයිස් කාලේ ඉඳන් මැණිකා ගේ ඇම කාලා ... හෙක් හෙක් හෙක්

    මං දන්න පොරවල් සෙට් එකක් ගඟක් අයිනේ බෝතලයක් ගගහා ඉද්දී , එතනින් ගිය ඔරුවකින් එවෙලේම අල්ලපු මාළු දෙන්නෙක් අරන් එතනම හැම ගහලා බැදලා බයිට් එකට ගත්තා. අපෝ පව් කාරයෝ... මම නම් කටේ තිබ්බේ නෑ :P

    ReplyDelete
    Replies
    1. //ගැඩවිලා සයිස් කාලේ ඉඳන් මැණිකා ගේ ඇම කාලා ... හෙක් හෙක් හෙක්//

      කැරිම ටෝක ... :D

      Delete
    2. ඔය කිව්ව ගඟ කොහේද ඉවාන් තියෙන්නේ...?

      Delete
    3. ඒක..... මේ ..... අර ......කොළඹින් ගොඩක් ඈත "රණසිංහපුර" කියලා පොඩි ගමක තියෙන ගඟක් ;)

      Delete
    4. ප්‍රේමදාස මහත්තය හදපු ගමක් වෙන්ටෑ...

      Delete
    5. ඔය් කියන්නේ අර පොරොසිද්ද ඔයක් අසබඩ පිහිටි රණසිංහපුර ගැන වෙන්ටෑ....

      Delete
  14. පොල් කටු වලින් තිත්තයො පෙරුවට පස්සෙ මමනං මාලු බාල නෑ ... අපේ පැත්තෙ හිටියා මයින කියල එකෙක් ... මයින දෙමල .. හරක් හොරකමේ ඉදල සියලු හොරකන් කරනවා ... පඩිපෙල වගේ පවුලක් හිටියා ... අවුරුද්දට වරද්දන්නෙ නැතුව උගේ ගෑනි එකෙක් හෝ දෙන්නෙක් මයින පැටවු දැම්ම ...

    ඌ මාලු ඇල්ලුවෙ අමුතුම ක්‍රමේකට ... වැස්ස කාලෙට ඇලේ අතංගුව ගහනවා ... පායන කාලෙට බාල්දියත් අරගෙන ගෙනව බෝක්කුවට ... පත සයිස් බාල් දිය ... බැස්ස බෝක්කුවට විනාඩියට එකසිය හැටේ වේගෙන බාල්දියෙන් බෝක්කුව ඉහගෙන ඉහගෙන යනවා ... වතුර කෙලින්ම කට්ටෙට රත් උන තාර පාරට ... විනාඩි තුනක යන්නෙ නෑ ඌට බෝක්කුව ඉහින්න ... ගමේ වයසක ගෑනු සමහර වෙලාවට දෙස් තියද්දි ඕක ඔය වැඩේ කරන කමලේ බල්ල වගේ ...

    මඩ ටිකත් හීරෙන්න ඉහල ඉවර වෙලා එනව උඩට . ඉනෙන් ගන්නව දුනු පිහිය උඩ පනින කාවයියොන්ට වන් ශොට් ගහනව කරමලේ ගාවින් කැපෙන්න ... උගෙ පිහිය බ්ලේඩ් එක වගේ ..

    ඒ ටික බෑග් එකකට දාගන්න ගමන් ඌ කියන්නෙ ...
    කාවයියා ඔද්ද .අමාආඅග් .. පුග් ... එහෙම කියල කෙල ගුලියක් ගිලිනව සද්දෙ එන්න ...
    කසිය ගහල හොර පොල් කඩන්න ගිහින් ගහෙන් වැටිල දවසක් ගහ මුලම ඕක පුග් වෙලා තිබුනා ... බෙල්ල කැඩිලා ...
    අපේ ආච්චිනං කිවුව් දිට්ට දම්ම වේදනීය කියල ....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඇස් පනා පිට ඔප්පු උන සීන් තුන් හතරක් දැක්කයින් පස්සේ.. මාතලනුත් ඔය වැඩේ නවත්තලා දැම්මා...

      Delete
  15. // ඒවා හදා ගන්නේ දැල්ලාගෙන් ගන්නා පාට් එකකින්ය. //

    මාතා උඹ දැලි පොතු දන්නේ නෑ කිව්වම විස්වාස කරන්නත් අමාරුයි.

    මේකේ තියෙන විදියට දැල්ලගේ පාට් එකකින් හදනවා නෙවෙයි ඊයම් වලින් හදන්නේ. දැලි පොත්ත කියන්නේ දැල්ලා ගේ ඇඟේ තියන මෘදු ඇටයක් වගේ එකක්. ඒක පහසුවෙන් හාරලා හරි තද කරලා හරි සිදුරු හදන්න පුළුවන් නිසාත් උෂ්නයට ඔරොත්තු දෙන නිසාත් වාත්තු අච්චු වලට ගන්නවා. මෙතන තියනවා සීන් එක.

    අනික ඔය දිවයින පත්තරේ හැමදාම තියන විදියට මේ ඇම නොදා මාළු අල්ලන එක නිකන් ලෝකෙම දන්නේ නැති රහසක් වගේ කිව්වට එහෙම එකක් නෙවෙයි. ඕන තරම් එහෙම බිලී කටු තියනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් ඇනෝ කාලෙකට පස්ස?

      Delete
    2. ලවු බර්ඩ් කූඩු වලට දාන්නෙත් ඔය දැලි පොතුම නේද?

      Delete
    3. අම්මා තාත්තා දැක්ක වගේ .. ඕ යේස්.!!

      කොහෙදෑ බං ගිහිං උන්නෙ ??

      Delete
    4. අධික වැඩ වලට හිරවෙලා හිටියා මචංස්ලා ටිකක් එහෙ මෙහෙ දුවන්නත් උනා . ඉඳ හිට එහෙන් මෙහෙන් බ්ලොග් කියෙව්වා කමෙන්ට් දාන්න උනේ නෑ. අද මේ ආවෙත් ඉන්දිකය ෆෝම් කරලා.

      Delete
    5. කව්ද බං දන්නේ උන් කියපුවා තමයි මම ඔතන දැම්මේ.. බොහොම ස්තූතියි දැණුම්වත් කිරීමට.. එහෙනම් ඒකත් තවත් ළිං මැඩි කතාවක්...

      Delete
  16. පුංචි කාලෙ බිලී බාන්න පුදුම උණක් මටත් තිබිණ. නමුත් බිලියෙ ඇමුණුව ගැඩවිලා විඳින දුක දැක්කම උණ සනීප විය. අනික කවදාවත් බිලියට මාලුවෙක් අහුවෙලත් නැත. අපේ පැත්තෙනම් පොරසිද්ද දැල එලල වරුවකින් විතර ඇවිත් දිය දෙබෑ වෙන්න තඩි ගහල මාලු ටිකක් දැලට එකර්හුකරගන්නෙකයි. ආයි රෑට කරක් කූඩෙන් අල්ලන ක්‍රමේකුත් ඇත.

    පෝඑස්ට් එක ඉවරකරපු කතාවත් පට්ට.

    ReplyDelete
    Replies
    1. උන් අල්ලා ගන්නා අපේ උන් විඳිනා දුක දන්නේ නම්.., අර මිල්ටන්ගේ සින්දුවක තියෙනවා වගේ... මාළු ගොඩට පීනනවා..

      "තොරතුරු ගැන කම්පාවී....
      අපේ දැලට ලංවෙනවා..."

      Delete
  17. ඉතිං ඊට පස්සෙ ලීලවතී වාහෙගෙ ජුන්ඩ බලන්න ගිහිල්ල මාළු බෑම එතනම හබක් උනා ද?

    ReplyDelete
    Replies
    1. බගුලක් කතා කොරනවා ඉඳගෙන... නැතිව නැතිව....

      Delete
  18. හ්ම්.....................අපේ උන්දැටත් මාළු බාන්න උගන්නන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හෑබෑටම... තනි කෙලින් (මම කීවේ වමට හො දකුනට හෑරෙන්නේ නෑතුව ) පහලට කඩා වෑටිච්චි එකක් දකින කොට මොකක් වෙය්ද ?

      Delete
    2. හෑරෙන්නේ නෑතුව? මොකද බන් උඹ දෙමළද

      Delete
    3. ඒ ගමන්ම අස්ස ගුඩුං යන්නත් පුරුදු කොරා නම් හරි...

      Delete
  19. මාතා........................... සීලවතී රූට උයන්න ගිහින්ද???????

    ReplyDelete
    Replies
    1. රූට උයන්නද රෑට උයන්නද

      Delete
    2. රෑ නෙමෙයි බං මහ දවල්.....

      Delete
  20. පෝස්ට් එක එළය...

    මාළු ඇල්ලිල්ල අදටත් මගේ ෆේවරිට් මෙව්වා එකක්ය.
    ජන්දය දවසේ එළිවෙන තුරු බිබී ජන්දය ඇසු මම සහ ගමේ යහළුවන් පසුදින වලක් ඉස්සෝය. එහි සිටි මගුරන්, කාවයියන්, මඩ කාරියන්, හුන්ගන්, අංකුට්ටන් අල්ලා එකෙකුගේ ගෙදරට ගෙන එන විට බාගෙට පණ ගොස් තිබුණි. හුන්ගෙක් ඇනීමෙන් උපරිම වින්දනය ලබන්නද එදිම හැකියාව ලැබුනේ බොහෝ කලකට පසුවය...
    එහි කිලෝ හත අටක මාළුන් සිටියේය. එදා අපි බීවේ නැත. බත් සමග මාළු කෑවා පමණි.

    කොක්ක දාන පරක්කුවෙන් නැතත් අනිත් උන්ට සාපේක්ෂව මටත් බඩු වැඩ කරනවාය... යාල කැලයේදී පවා මම මාළු බා ඇත. ඒ ෆොටෝ අල්ලනටය.
    වීරවිල සිටිනා මගේ යාළු මාළු බාන එව්වෝ එක්කනම් මට හැරෙන්නවත් බැරිය. අවුලකට ඇත්තේ ඒ ගොබිලන් දෙන්නා මාළු බෑවාට මාළු කන්නේ නැති එකය. එකෙක් පමණක් මාළු හොදි ඉස්ම පමණක් බත් සමග කයි. කිරට හදා ඇතිනම් මාළු හොදි ටිකක් බීමද ඔහු කැමතිම වැඩකි.

    අනිත් පට්ටම ආතල් එක උන් දෙන්නාම හොඳම වෙඩික්කාරයෝ වීමය. උන් දෙන්නාම මස් කන්නේද නැත. උන් දඩයම් කරන්නේ ආතල් එකටය.
    කොටන තුවක්කු වලින් දඩයමේ යන උන්ගේ පොඩි එකා ඉන්නේ අතේ පච්චයක් ගසාය.
    පොඩි එකා කොළඹ නයිට් ක්ලබ් වල පවා කරක් ගසා ඇති, ඒවායේ වැඩ කිරීමද සිදුකර ඇති එකෙකි. උන් දෙන්නා ළඟ නෑදෑයෝය, පිස්සෝය, වළි කාරයෝය...

    රිටි පන්නය කරනා එකෙක් ලඟට ගොස් බලා සිටීමේ ආශාවක් දිවයිනේ ලිපිය කියවීමෙන් ඇති විය...

    ReplyDelete
    Replies
    1. අනිත් දවසේ යන කොට පොඩ්ඩක් නවත්තලා ඉස්ටඩී පාරක් දාල හෙම පලයන්...

      Delete
  21. මිරිදිය වැව් වල වගා කරන මාළු එච්චර රස මදි බව තමයි මට නම් දැනෙන්නෙ...
    මටත් ඔය මාලු බෑම සෙට් වෙන්නෙ නෑ.. පව් මදි වෙන්න ඇති.ඒකෙ ආතල් එකක් දැනෙන්නෑ..
    අර රිටි පන්න පොටෝ අල්ලනව නම් ගානක් දෙන්නම වෙනවා.අපේ සයිට් එකේ චීන්නු ටිකක් ගුටි නොකා ඇවිල්ල තියෙන්නෙ අනූ නමයෙන්... උන් තාම බයයි.

    ReplyDelete
    Replies
    1. චීනා අපිට අරින ඇරිල්ලට දෙකක් තුනක් කෑවත් දුක නෑ....

      Delete
  22. අපෝ ඔයා හැට්ට කටු වලින් මාළු ඇල්ලුවද ,, අපි නම් දුර ම දුර කඩේකට ගිහින් කටු ගෙනත් මාළු ඇල්ලුවේ.. එකපාරට ඒ සීන් මතක් වුණා.. ඔයා හොඳ නෑ ඊයේ පෝස්ට් එකට මං දාපු කමෙන්ට් එකේන් ජුන්ඩා ගත්තා නේද :D දැන් යාලුවගෙන් ඔය ක්‍රමේ අහන් ගිහින් පහුවදාට මාළු අල්ලන්න එන්න කලින් දිශාව හොයන්න ගිහින් එයාට මාළු අල්ලන්න එන්න වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. උයාට ගානව .....ජුන්ඩ ගැන කියන්න එපා......
      සුද්දට.................

      Delete
    2. පිස්සුද අනේ ... ජුන්ඩට එහෙම දෙයක් කොරනවද.. මටත් වඩා මම එයාට ආඩරේ කොට....

      Delete
  23. අපි පොඩි කාලේ අපෙ ගමේ හිටපු එක මනුස්සයෙක් රස්සාව වගේ කලේ වෙල් මාලු අල්ලපු එක.එක්කෝ බිලී පිත්තක් හරි විසි දැලක් හරි අතේ.හැබැයි මිනිහට ගමේ අය කිව්වෙ උපාසක උන්නැහේ කියලයි.

    ReplyDelete
    Replies
    1. පින් මාළු වලේ කුසල් හාමී මාළු බානවා....

      Delete
  24. අපේ මිනිස්සු රිටේ ඉඳන් මාලු අල්ලන්නෙ සුද්දන්ට පේන්න නං අර සුද්දියෙක් රිටේ ඉඳන් මාලු අල්ලනෙ අපේ කොල්ලන්ට පේන්නද?

    ReplyDelete
    Replies
    1. නෑ තොපේ අම්මට පේන්න

      Delete
    2. සිරා කතාව. ඊට පස්සෙ උඹෙ අම්ම ශෝක් ලේලි පොඩ්ඩ කියල සුද්දිව බාර ගනියි.

      Delete
    3. මේකනෙ මචන්. සුද්දියො ඕන දේකට ඔට්ටුයි. ඒ රටකට ගිය ඕන කෙනෙක් දන්නව ඒක. ලංකාවෙ වගේ හුරතල් වෙවී පොෂ් වෙන්න දඟලන ඒත් එක්කම මේකප් තට්ටු ගනන් මූනෙ තවරගත්තු ගෑනු එහෙ නෑ. එහෙ ගෑනුන්ගෙ තියෙන්නෙ වැඩ. ඔය පින්තූරෙන් පෙන්නන්නෙත් ඒකම තමා. මාතලන් සහෝදරය මාත් එක්ක එකඟ වෙනව අනිවාර්යෙන්ම.

      Delete
    4. සුද්දියෝ නම් ආතල් ඩයල් නිසා ඕවා කොරන්නේ ආතල් එකට.. ඒකට ඉතින්, අපේ උන් පිස්සු වැටෙනවද නැද්ද කියන්න නම් දන්නේ නෑ..

      Delete
  25. අනුරාධපුර පැත්තෙ උන් කරනවා වැස්ස කාලෙට වැව් ඉතිරුවාම මාළු කොටනවා කියල කඩුවක් අරන් ගිහින් ඇලවක් දිගේ මාළුන්ට කොටල අල්ලන එකක්.. වැඩි විස්තරයක් දන්න එකෙක් කියපල්ලකෝ..

    ReplyDelete
    Replies
    1. ඔහොම මාළු කොටනකොට හිර ජොකෙක් ඇඳලා ඉන්න ඕන ..

      Delete
    2. ඒ මොකෝ බං මාළු කොටන කොට ලබ්බ බහිනවද? හැක් හැක්

      Delete
    3. යකොඩෝ ඒ මොකටද හිර ජොකෙක්? කෙටුව මාළුවා අරගන්න නැමෙනකොට පිටිපස්සෙ එකා ආෙඳක් කියල වැරදිලා ජුන්ඩට කොටයි කියල බයේද?

      Delete
    4. ඇල පාරවල් වල ආඳො නං කොටනවා මචෝ කඩුවෙන් .ඒක කරන්නේ රෑට .. මං කොටලා නෑ බං.. බලං ඉඳලා තියනවා.

      Delete
    5. වහින කොට මාළුන්ට මාර ෆන් මචෝ.. එතකොට බඩු උඩ එනවා.. ඉස්සර අපේ පැත්තෙත් දෙන්නෙක් තුන් දෙනෙක් උන්නා.. වහින කොට කඩුවකුත් අරගෙන වෙලට බහින.. ලූල්ලුන්ට කොටන්න... ලූලා ඉන්න තැන වෙලේ හොයා ගන්න ලේසියි...

      Delete
  26. මමයි අටමයි මාතර P&S එක ඉස්සරහ මූද අයිනේ තීන බංකුවක වාඩි වෙලා කොල්ලො දෙන්නෙක් මාලු බානවා බලාගෙන ඉන්නකොටනේ උඹ මේක පෝස්ට් කරලා තියෙන්නෙ. එකෙකුට ලොකු පරවෙක් අහූඋනා. එතන ඉඳන් මට අටමට ලෝකෙ පුරා ගිහින් මම මාලු අල්ලපු හැටි වාර්තා චිත්‍රපටියක් වගේ කියන්න උනා..
    අපේ අම්මා මම පොඩි කාලෙ ආය කටු නවලා පල්ලෙහා වේල්ලෙ දන්ඩි අල්ලනකොට කිව්වෙ උඹ පව්කාරයා නිසා ආය කට්ටටත් මාලු ඇමිනෙනවා කියලා...
    ඔය රිටේ ෂෝ එක මම අනන්තවත් දැකලා තීයෙනවා...
    ජුන්ඩා බලා දැල දැමීමයි රාහු කාලේ බලලා එලියට බහින එකයි එක වගේ නේද?
    හෙට පෝය නිසා මෙහේ මල් ඉවර වෙලා. තියෙනවා නම් මලක් දෙකක් අරන් ආවාට පව් සිද්ධ වෙන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. මල් වලටත් වඩා උතුම් දෙයක් ගෙනාවේ... අපි එහෙමයි... වනචර ඌරා නැති උන එක තමයි දුක...

      Delete
  27. වට් අ කොයින්සිඩන්ස් කිව්ව ලු..!
    අද දවල් මම දැක්කා කලා භවන අයිනේ විකුණන්න තිබ්බ සිරා රිටිපන්න චිත්‍රයක්..
    විස්තරේ නියමයි.

    ReplyDelete
    Replies
    1. රෑ දෙකට තුනටත් එතන චිත්‍ර විකුනන්න තියෙනවද? :P

      Delete
    2. ඔව් බං..උඹ දැකලා නැතෙයි ඉතින්? :P

      Delete
    3. එතන පට්ට ආර්ට් ටිකක් තියෙනවා.. සමහර ගෙස්ට්ලාව මම එතනට එක්ක යනවා...

      Delete
  28. // බ්ලොග් අජියලා කරපු අලුගුත්තේරු වැඩේ නිසා සම හරක්ගේ ඒ විදියට මාළු නටන්න පටන් ගෙන තියෙනවා කියා, මේ දවස්වල බොග් පඩංගුවල තියෙන කොමෙන්ට් බැලුවාම පේනවාය.//

    උඹෙ මේ කතාව මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනව! මම අජියට වගේම වසන්තයටත් බොක්කෙන් සපෝට්, මොකද අපිට ඕන මේක ජනප්‍රිය මාධ්‍යක් කරවන්න නිසා.

    මමත් හොඳට මාලු අල්ලපු එකෙක් තමා. මුලිම්ම බිලී බෑවෙ ආය කට්ටෙන්, රත්මලානෙ ගල්වලේ. ඊටත් කලින් දහම් පාසල් ගෙහුන් එද්දි සරම ගලෝල ලුම්බිණි කාණුවට අල්ලල ගප්පි ඇල්ලුව (ඔව් යකෝ සරම යට සෝට තිබ්බ ). හැබැයි ඒ දෙකම ඇල්ලුවෙ කන්න නෙමේ, ඇති කරන්න. ගල්වලේ අල්ලපු මඩපාට නමක් නොදන්න මාලු විකුනුවත් එක්ක.

    පස්සෙ ගල්කිස්සෙ හොටලෙ පිටිපස්සෙ බිලී බෑව සෙට්වෙලා. බැන්දට පස්සෙ උන්දැගෙ විලේ ඇරෙන්න මූදු ගංගොඩවල්වල බිලී බෑම තහනම් උනායින් ඒ සෙල්ලං ඉවරයි. තව ටිකක් කොල්ල ලොකු උනාම ඌට සබ්ජෙක්ට් එක කියල දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.........දන්නව සිංහය .......
      ඇම කඩාගෙන ගිය කොරලිය.........

      Delete
    2. ඉස්සර හැම තැනම කාණුවල සාරි ගප්පි පිරිලා හිටියා මචෝ.. එහෙම බැලුවාම අපිත් ඉස්සෙලම කොලේ.. පොල් කට්ටෙන් ගප්පි අල්ලපු එක තමා.. ගමේ ගියාම වරුවක් වෙන් කොරන්නේ ඔය වැඩේට තමා...

      Delete
  29. ඔය රිටිපන්න ක්‍රමේ සුද්දො අතර ජනප්‍රිය වෙන්න කලින් වෙච්චි සීන් එකක් මේක. මිරිස්ස කිට්ටුව හෝටලේක නැවතිල උන්නු සුද්දෙක් රිටක නැගල මාළු බාන පොරකගේ පො‍ටෝ එකක් ගන්න සෙට් වෙලා. අපේ එකත් ඉතින් සුද්දෙක් නේ පොටෝ ගන්නෙ කියල සිරික්කිය කාරිය දාගෙන කැමරාව දිහා බලං ඉන්නවලු. ඒපාර යන්තං සුද්ද අරූට ‍තේරෙන විදියට කිව්වලු කැමරාව දිහා නොබල මාළු අල්ලන්න කියල. ඉතිං පොටෝ එක ගන්න බැලින්නං කැමරාවෙ බැටරි බැහැලා. උඹ ඔහොමම හිටිං කියලා සුද්ද දිව්වලු හෝටලේට බැටරි මාරු කරං එන්න. ඒ අතරෙ මාළුකාරයා පොඩ්ඩක් රිටෙන් බැහැල ගෙදර ගිහිං ගෑනිට කිව්වලු වෙච්ච සංගෙදිය. මොනවද මනුස්සයො සුද්දෙක් පොටෝ ගන්න කොට ඔහොම හඩ්ඩා වගේ ගිහිං හරියනවද ටිකක් පිළිවෙළට යනවකො පොටෝ එකට ඉන්න කියලා ගෑනි අරූට සද්දයක් දැම්මලු. අනේ ඉතිං සුද්ද බැටරි ම‍ාරු කරං එනකොට අරූ ඉන්නවලු හොඳ සරමකුයි කමිසෙකුයි ඇඳල, කොණ්ඩෙ කාරිය තෙල් ගාල පිරල අත්දිග කමිසෙකුත් ඇඳගෙන රිටට නැගලා...

    ReplyDelete
    Replies
    1. ඔය වගේම වැඩක් නේ අර දමියා ඌට සම්මානේ හම්බ වෙච්චි කවියට කරලා තියෙන්නේ...

      Delete
  30. කොච්චර ට්‍රයි කලත් මට නම් කවදාවත් මාළුවෙක් අහු වෙලා නෑ.... ඔය මාළු අහුවෙන්නේ පව් කාරයන්ට කියන කතාව දුමී බබා කාලේ අපේ ආත්තම්මලා දෙන්නම ඒ දවස්වල කියනවා දුමීට මතකයි.....!

    පස්සෙ කාලෙක අරාබි කරේ පය ගහපු අළුත අපේ තාත්තා හිටියේ ඕමාන් නේවි එකේ. තාත්තව බලන්න ඩුබායි ඉඳන් බස් එකේ ගිය වෙලාවක, තාත්තාගේ යාළුවෝ සෙට් එකත් එක්ක නේවී ජැටියේ බිලී කොකු වලින් මාළු බෑවා...... අනිත් අයට මාළු, දැල්ලෝ කිලෝ ගණන් අහු උනත් මට් එකෙක්වත් අහු උනේ නෑ.....!

    එක අංකල් කෙනෙක් දාපු ඇම ඇමනිලා තිබුනේ මාළුවගේ කටේ නෙමේ, උගේ ඇහේ......! ඉතින් මාළුවෝ නහින්නේ කට නිසා කියන කතාව හැමතිස්සෙම ඇත්ත වෙන්නේ නෑ.....! මාළුවා වැරදි විදිහට ඇහැ දාලා බිලී කොක්ක දිහා බලපු නිසා ඌ නිහිනවා මම එදා දැකපු නිසා.....

    ReplyDelete
    Replies
    1. මාළු කෑලී වලට ඇස් ගහන මාළුවෙක් වෙන්න ඇති...

      Delete
  31. මට නං ඔය රිටිපන්න පොල්ල දැක්කම හිතට එන්නෙ "මුන් ඕකේ කොහොම ඉන්නවද, පු* කරගටත් ඇති" වගේ සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. හිකිස් .. මට හිතුනේ පොල්ලේ කරගැට ඇවිත් ඇති කියල ..... :D

      Delete
    2. උන්ගේ එමෙයි රටේ බහුතරයකගේ පුකේ කරගැට.. එහෙම නොවී තියේය බං.. 48 ඉඳන් අරින ඇරිල්ලට...

      Delete
  32. මාතලන් මල්ලි මේ දවස්වල කන්නෙ press water piss

    ReplyDelete
    Replies
    1. ඔහේ කාලා තියෙනවය රයිස් ෆ්ලයිස්...

      Delete
  33. පහුවදා සීලවතී ඔරුවෙ වම් පැත්තෙන් මාළු බානවා. ලීලාවතී සීලවතීගෙ ගෙදර ගියේ අරයාගෙ ජුන්ඩා කොයිපැත්තෙද කියල බලන්නයි ඒත් ඒ වෙනකොට ඌ හිටියේ මැදටවෙලා කෙලින් හින්දා ලීලාවතී සීලවතීගෙ ගෙදර මාළු ඇල්ලුවාලු.

    ReplyDelete
    Replies
    1. හරිය තේරුනේ නෑ... ත්‍රීසම් එකක්ද.. ගෲප්ද කියලා...

      Delete
  34. හරි හිනා

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමමයි මෙයා...

      Delete
  35. සිර කතාව මතා අපේ වයිපරේටත් පරිවර්තනය කරලා දුන්න. ගෑණි තවම හිනා වෙනවා. මටත් ඔය සල්ලි සීන් එක වුණා වයිපරෙයි , එයාගේ family එකයි එක්ක යද්දී. මම සල්ලි (ලංකාවේ රුපියල් ) දුන්නම මුන් යන්න දුන්නෙම නැහැ පිටරට සල්ලි ඉල්ලලා. මන් කිව යකෝ මුන් මගේ පවුල කියල. විස්වාස කරන්නේ නැහැ . පැත්තකට වෙලා ඉඳින් මන් සුද්දන්ගෙන් සල්ලි ගන්නම් ලු. කොහෙද මු වලියටමයි එන්නේ. පස්සේ මගේ නැන්දම්මා යුරෝ දහයක් ඇදල දුන්නට පස්සේ තමා යන්න දුන්නේ.
    // බ්ලොග් අජියලා කරපු අලුගුත්තේරු වැඩේ නිසා සම හරක්ගේ ඒ විදියට මාළු නටන්න පටන් ගෙන තියෙනවා කියා, මේ දවස්වල බොග් පඩංගුවල තියෙන කොමෙන්ට් බැලුවාම පේනවාය.// හේ හේ

    ReplyDelete
    Replies
    1. පුදුමයි.. අජියගේ සයිස් එක දැක්කාම උන් බය උනේ නැතෙයි කියන එකට...

      Delete
  36. ඒකට මේ පැත්තෙ ඉන්න එවුන්...වරු ගනන් තැපලා මාලුවෙක් අල්ලනවා, හැඩ බලනවා, බර කිරනවා, ලියාගන්නවා, පොටෝ ගහනවා, ඒකරල මාලුවාගෙ ඔලුවට කිස් එකකුත් දීල ආයම වතුරට දාල බායිත් කියනවා. අන්න නියම පොරවල්!

    ReplyDelete
    Replies
    1. මමත් දැන් හදිසියේ හරි ඇල්ලුවොත් ඒක තමයි කොරන්නේ... පව් කියලා හිතෙනවා අප්පා.. වෙන උන් ඇල්ලන ඒවට නම් ගේම දෙනවා...

      Delete
  37. දොර කඩන්ඩ ටුයි කරමින් බාධා කිරීම තරයේ හෙලා දකිමු....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ සීලවතීට සිද්ද උනාලු, ලීලවතිගේ දොරට තඩි බාන්න...

      Delete
  38. අලුත් අඩවිය :
    http://nelumyaya.com/2015/04/%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%99%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A/

    ReplyDelete
  39. මේකට දාන්න කොමෙන්ටුවක් එන්නේ නැ බන් ඔලුවට.......... එකක් කල්පනා කරගෙන එනටිකට උබ තව පොස්ට් එකක් දානවනේ

    ReplyDelete
    Replies
    1. ඕන් ඒ නිසාම දවස් තුන හතරක් බ්ලොග් පැත්ත පලාතේ ආවේ නෑ..

      Delete
  40. දවස් හතරක් එක දිගටම නිවාඩු නිසාත්, මාතගෙ අටමගලෙ ටික දොහකින් අප්ඩේට් නොවුන නිසාත්, මාතලන් හයිලි රෙකමදාරු කරන බස්සීගේ නවාතැනට ගොඩවුනා. මාතා කිව්වා ටක්කෙටම හරිය, බස්සී පස්ටම ටැලන්ට් කෙල්ලෙකි. හැට් ඕෆ් නංගි දිගටම ලියන්න ඔන්න ඔය වගේ පෝස්ට්, රටේ ඉදිරිය නොපැහැදිලි නිසා. ජය වේවා!!!!! (කැන්ගරුවා)

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි...

      Delete
  41. පට්ට කෙම යකෝ...!

    දවසක් අපි ළිඳක් ඉහළා මාළු සෙට් එකක් ඇල්ලුවා. උං අළු වල දාලා එකෙක් ගෙදර ගෙනිච්චා. අපි නාලා කරලා එහෙම හොඳ ළමයි වගේ පාර දිගේ උංගෙ ගෙදර ගිහිං අර මාළු කපනකොටත්, උං පණ පිටිං දඟලනවා. දුක වැඩි කමට උං ටික උයලා බත් නැතුව නිකංම කෑවා.

    ReplyDelete
  42. මාරු කතාව මාතලන් !!!

    ReplyDelete
  43. මේක මාර රහයි බං..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න