.

.

Apr 13, 2015

සැනකෙළියේ පුක එලියේ හරිම කතාවයි... - New Year & Cyber Festival


තව අවුරුද්දක් ලබනවාය. ගිය අවුරුද්ද නම්, වාසනාවන්ත පට්ට අවුරුද්දකි. අවාසනාවන්ත එකක් උනා නම් වෙන්නේ. බන්ඩාරණායකයා මේ රට විනාශ කරපු එකේ ඉදිරි දැක්ම හෙවත්, වැඩවසම් යුගයට මේ රට නැවතත් යන එකය. සජ්ජුරුවෝ, බිසවුන්වහන්සේ හා කුමාරවරු ගත්ත ආතල්, එලි වෙන්නේ දැන් දැන්ය. 

එසේ වූවා නම්, බොග දාන්න වෙන්නේත් නැතිය. සොභිත හාන්දුරුවන්ට පහසුවෙන් නිවන් යන්න හැකි වෙනවාය. පොරෝ පාර කන්නේ වැලි රාජු නොව එයැයිගේ අයියාය. නිර්මාල්ලාට, ජයම්පතිලාට, වයිට් වෑන් එකකින් රවුමක් ගහන්න පුළුවන් වෙනවාය. තව සෙට් එකකට වැලිකඩ පැත්තේ යන්න පුළුවන් වෙනවාය.

අවුරුදු දෙකකුත් තියෙද්දි, නැකත් රාලලාගේ ගුලි කා කෙලවුන, සජ්ජුරුවෝ හා පිරිවර සේනාවෝ නන්නපොල් වෙලා, පිච්චුම කෙලිනවාය. උන්ට අවුරුදු පහක් හයක් හොරා නොකා සිටීම කෙසේ වෙතත්, දවස් 100 ක් වත් හොරා කන්න නැතිව ඉන්න බැරි සයිස් එකට, හොරකමට ඇඩික්ට් වෙලාය. හරියට, මාතලන් බොග දාන එකට ඇඩික්ට් වෙලා වගේය. ඡන්දෙට වියදම් කරපු ගාන කවර් කර ගන්න බැරි උන නිසා, ලීස් එක ගෙවා ගන්න බැරිව බෙන්ස් එක නැති වෙච්ච මිලියනර්ලා වගේ, අඤ්ඤ කොරොස් වෙලාය.


කොහොම හරි, මේ අවුරුද්ද වෙන අවුරුදු වගේ නෙමෙයි කියා සම හරක් කියනවාය. ඒ කියන ඒවා වල ඇත්තක් නැත්තේමත් නැතිය. අවුරුද්දට කොහා ආවේ නැතිය. සම හරක් කියන්නේ කොහා "හූ..." කිව්වේ නෑ කියාය. එහෙම උනේ ජනවාරි මැද හරියේ කලින්ම ඇවිත් "හූ..." කියා කින්ඩිය දමා යන්න උන නිසාය. 

රට වටේම කරක් ගැහුවත්, බක්මහ උළෙලක් දැක්කේම නැතිය. ඒ උනාට බොග් අවකාසේ මිතුරෝ ඕගර්නය්ස් කොරනා "සයිබර් සිහිණ බක්මහ උළෙල.." නම් සාර්ථක 5 වන වතාවටත් මේ සැරේත් පැවැත්වෙනවාය. තියෙන්නේ 19 වෙනි ඉරිදාය. වැල්ලවත්තේ පැත්තේ පිට්ටනියකය. 


හැබයි ඉතින් ඕකට එන යන්ග් කපල්ස්, අවුරුදු උස්සවේට එනවා කියා වැල්ලවත්ත පැත්තේ, ගල්කිස්ස පැත්තේ, ගල් අස්සේ රිංගන්න එහෙම යනවා නෙමේය. කින්රෝස් එකත් ඔය කිට්ටුවමය. ඒ පැත්තේ යන උන්ට මක්කත් කියන්න හිතෙන්නේ නැත්තේ, මාතලනුත් ඒ පැත්තට පොඩි කාලේ හිටන් කැමති නිසාය. මුන් මේකට ත්වමත් සිහිණ උළෙල කියන්නේ, මක්කා නිසාදෝ කියා මට නම් තේරෙන්නේ නැතිය. මොකෝ සිහිණ කියන්නේ බොහෝ විට එලි නොවන ඒවා නිසාය. 


ඒත් මුන්ගේ සිහිණය සැබෑ වූ සිහිණයක්ය. මුන්ගේ කොන්සෙප්ට් එකට මාතලන් පට්ට ලයික්ය. බ්ලොග් කියන්නේ නිදහස් අවකාශයක්ය. එකේ ලියන්නේ කියවන්නේ තමන් කැමති දෙයක්ය. එහෙම මාධ්‍යකට බ්ලොග් ලියන කියන හැටි ගැන උපදෙස් දෙන සම්මන්ත්‍රණ, දේසනා, වැඩමුළු ඕනෑ වෙන්නේ නෑ කියනා එක මාතලන්ගෙ මතයය. බ්ලොග් එකක් පටන් ගන්නේ කොහොමද කියා, කියා දුන්නාම හොඳටෝම ඇතිය. මෙතන ඒ කෙහෙල් මල් ඇත්තේ නැතිය, මම ගිහිල්ලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඉතරක් නිසා, හැමදාම මෙසේද කියා නම් කියන්න දන්නේ නැතිය.


Atam & Kaka
අනික මේක බොග දාන උන්ගේ මළ ඉලව්වක්ම ඉතරක් නෙමේය. මේකේ සයිබර් අවකාසේ ඉන්නා හැම එකාම නියෝජනය වෙනවාය. ඒ කියන්නේ බොග දාන උන් මෙන්ම, බුකියේ මල් කඩනා උන්ද, කොමෙන්ට්ස් දානා උන්ද, ප්‍රෝෆයිල් කාරයෝද, ඇනෝවරුද, චන්ඩිද බන්ඩිද ඔක්කෝම එනවාය. 

ගිය අවුරුද්දේ මාතලන් දැකපු පට්ටම සීන් උනේ, කතන්දරයාගේ දත් ගලවන්න හිටපු අටමා, ඌව බදාගෙන තොලක් දාන්න ගියපු එකය. කතාට මල්ටි බැරල් වලින් දෙන්නම් කියපු විචාරකයා, කතන්දර දාපු පොතට මාට්ටු උන එකය. සමා වෙන්න, දීපු පොතට ලෙස වෙනස් විය යුතුය. එතන් සිද්ද වෙච්චි ගොඩක් දේවල් මතක නැත්තේ, සුදීකයා සිහිය විකල් වීමේ මොනවාදෝ දියරක් පාණය කිරීමට අරාධනා කොරාපු නිසාය.

Kaka & Vichaa
මෙහම සීන් එකක් ඕගනයිස් කොරනා එක ලේසි පසු වැඩක් නෙමෙය. අපි නම් ඉතින් මෙළෝ දෙයක් නොකර කරන්නේ ලේසිම වැඩෙය. එ විවේච්නය කොරනා එකය. මාතලන් සිරිතක් වශයෙන් අඩු පාඩු කම් කියන්න යන්නේ නැතිය. කරන්නේ, කරනා හොන්ද දේ අගය කොරනා එකය. 

මොකෝ දෙයක් කොරනා එක, නොකරනවාට වඩා අමාරු නිසාය. අවුරුදු 5 ක් තිස්සේ සාර්ථකව උස්සවයක් පවත්වනවා කියන්නේ ලේසි වැඩක් නෙමේය. මේ වැඩේ කරනා උන්ට අපගේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි විය යුතුමය. මේ අවුරුද්දේත් ගිය අවුරුද්දටත් වඩා අති සාර්ථක වේවා කියා පතනවාය.

එහෙනම් ඔක්කෝම එක්ක 19 වෙනිදාට වැල්ලවත්තට එනවා නම් හොඳය. ආවේ නැත්නම් ගෙදර ඇවිල්ලා එක්ක යනවාය. සුදීකයාට කියන්නේ, අර බිව්වාම මෙව්වා වෙන ඩ්‍රින්ක්ස් බොන්න එහෙම කතා කොරන්න හෙම එපා කියලාය.

මෙන්න මේ වැඩේ කොරන සෙට් එක.. උත්සවේට ආවම අනික් උන් හොය හොයා බයිලා ගහන අතරේ, මුන්ටත් වෙනම තෑන්ක්ස් පාරක් දානවා නම්, බොහොම හොඳය. මොකෝ උන්ට මේ වැඩෙන් හම්බ වෙන ලබ්බක් නැති නිසාමය.. සතුටට ඉතිරි වන්නේ ටැන්කූම විතරය.

දුලිප් සිකුරාජපති (ඕනමැන්ටල්) - ඕනමැන්ටල්ගේ බ්ලොග (http://ornaya.blogspot.com/)
ගයාන් සම්පත් ගුනවර්ධන (ගුනේ) - ගුණේ අයියගෙ කාමරේ (http://guneaiya.blogspot.com/)
සසිදු නිර්මාල් - සසිදුගේ බ්ලොග් අඩවිය (http://sasindunirmal.blogspot.com/)
ගයාන් පෙරේරා (දගයා)
ජනිත් අරන්දර - ඕන පුකක් (http://onapukka.blogspot.com/)
චාපා උමයන්ගි
රසික නානායක්කාර - රනා ලියන බ්ලොග් (http://rana-liyana-blog.blogspot.com/)
නලින් දිල්රුක්ෂ - සමකය වටේ (http://samakayawate.blogspot.com/)
වින්දික රත්නායක - හන්තාන පාමුල (http://windika2013.blogspot.com/)
ප්‍රදීප් ගුනරත්න - හිතෙන හැටි (http://hithenahati.blogspot.com/)
සත්සර විමුක්ති - පිටස්තරයාගේ අඩවිය (https://pitastharaya.wordpress.com/)
සමීර සදරු දිසානායක - බොරදියක ඉදුවර http://www.sasadha.blogspot.com/)
වැප් නිශාන්ත- වැප් (http://wapnishantha.blogspot.com/)
චතුරිකා දුලාන්ජලී - සොදුරු අඩවිය http://chathumithu.blogspot.com/)
මංජුල සමරසේකර - මොඩර්න් පේට්‍රියට් (http://modernpatriot12.blogspot.com/)
රුවන් රංගනාත් - නොහික්මුනු ඇස (http://nohikmunuasa.blogspot.com/)

133 comments:

  1. සු භ අළුත් අවුරුද්දක් වේවා !!
    ගිය සැරේ වගේ මේ සැරෙත් එනවා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සර් …තරහ නැතුව බස් එකේ යන්න.මං දරුපවුල් කාරයා..

      - මීට උපුලා

      Delete
    2. පත්තර මලයො කවුද බන් මේ උපුලා

      Delete
    3. මද්‍යස්ත මචෝ … මේ තියෙන්නෙ සීන් එක :D

      http://cvpsur.blogspot.it/2015/02/blog-post_17.html?m=1

      Delete
    4. එහෙනම් හම්බ වෙමු මචෝ...

      Delete
    5. මාතලන් එතනත් චොර නොකර එදාට නෑවිත් ඉන්න.අනික නාකි පොරවල් ඇවිත් මක් කොරන්නද?

      Delete
  2. පසිඳුවා බ්ලොග් එක ලියන්නේ නැහැ නේද දැන්..

    මෙදත් මං නැහැ... හැමදේටම ලබන අවුරුද්දේ එනවා කියලා හිත හදාගන්න තමයි වෙන්නේ.. :(

    ReplyDelete
    Replies
    1. මම පසිදු නෙමේ බං සසිදු...දැන් බ්ලොග් ලියන්න කියවන්න වෙලාවක් නෑ බං ඒකයි පේන්න නැත්තෙ...

      Delete
    2. බ්ලොග් ලියන්න ඕන නෑ.. බොගක් තිබුනාම ඇති.. අර දෙමළ "න" යන්න ප්‍රසන්නයත් ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක් නේ...

      Delete
  3. සයිබර් බක්මහ උළෙල සාර්ථක වේවායි...... මෙන්න මාගේ සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. එයාලා වෙනුවෙන් බොහෝම ස්තූතියි...

      Delete
  4. මේ සැරේ එන්ට වෙන්නේ නැතෝ...............එදාට අපේ ගමේ අවුරුදු උත්සවේ. මම නොවැ ලේකමා ගමේ සුබසාධන සමිතියේ. ඉතින් ගැලවීමක් නැතෝ..........

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං විගඩං බලන්නැතුව බොතහැකි...
      හැක් හැක්..

      Delete
    2. ඕං විචාරක සෑර් ග්‍රීස් ගහේ එහෙම නගිනවා එවෙයි ඈ !! :D

      Delete
    3. @ විදානේ - ඇත්ත ඇත්ත. එදා පත්ටරේගේ ගෙදරදී උඹ පෙන්නුවා ටිකම මදෑ

      @ පත්තරේ - නෑ නෑ ගහේ ග්‍රීස් ගාලා බලනවා විතරයි. දැන් නගින්නේ නැහැනේ. හ්ම්.....

      Delete
    4. බලාගෙන... අර ලාග්ගා ටැපලුන කලිසම ඇඳගෙන හෙම යනවා නොවෙයි හිටං..

      Delete
  5. ගිය පාර දැම්මෙ සැනකෙළියේ පුක එළියේ සැවොම කතාවෙයි කියල මේ පාර හරිම කතාවයි ඊලඟ පාර හරිම මනාවයි හෙහෙ හෙහෙ

    මමත් බ්ලොග්වාසියෙක්. ස්ථිර පදිංචිකාරයෙක්. සමාජ සහභාගිත්ව මාධ්‍ය කලාවක් ලෙස බ්ලොග් වලටත් බොග් ලියන අයටත් අසීමිතව ආදරය කරන මට අවශ්‍ය මෙම කලාව ප්‍රබල මාධ්‍යයක් ලෙස බලවත් වෙනවා දකින්න. බ්ලොග් සම්මාන උලෙල සහ මෙම සැනකෙළිය හරිම වැදගත් වන්නෙ ඒ නිසයි..

    අර කිව්ව වගෙ පොඩි පොඩි මත ගැටුම් තිබුන අය සැනකෙළියට ආවට පස්සෙ වැළදගෙන හිටි විදිය දැක්කම මටහිතුනෙ රණ්ඩුවෙන එකත් සහෝදරත්වයෙ එක ලක්ෂනයක් වෙන්න ඇති කියල. හැබැයි ගියපාර සැනකෙලියෙන් පස්සෙ රන්ඩුත් අඩුවුනා. ගැමි වහරෙ තියෙන්නෙ බ්ලොග්කාරයන්ගෙ රණ්ඩු පෝස්ට් එක පබිලිස් කරන කං විතරයි කියල. පරන මිනිස්සු ඕව කීවෙ කට කහනවටයැ.

    දුරින් සිටියත් බ්ලොග්කාරයො එකම ගමක මිනිස්සු වගෙ. සතුටුයි .ආඩම්බරයි. අපි නාවත් සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. //ගැමි වහරෙ තියෙන්නෙ බ්ලොග්කාරයන්ගෙ රණ්ඩු පෝස්ට් එක පබිලිස් කරන කං විතරයි කියල.//

      ++++++++++++++++++

      Delete
    2. මත ගැටුම් කියන දේ ශාරිරික ගැටුම් හා පෞදගලිකත්වය දක්වා ගෙන යන්නේ අම්බ හරක්... හොඳම උදාහරණය පාර්ලිමේන්තුව..

      Delete
  6. සියලු දෙනාගේම සියලු පැතුම් ඉටුවන් සුභ නව වසරක් වේවා ...!

    ReplyDelete
    Replies
    1. ගිය වසර නම් බොහෝම යහපත් වසරක් උනා මුළු රටටම...

      Delete
  7. හිටපු අගමැති බණ්ඩාරනායක ගේ ඊලඟ ආත්මය (ඉදිරි දැක්ම) විදියට හිටපු ජනාධිපති රාජපක්‍ෂ දකින එක නම් ලොකු වරදක්.

    බණ්ඩාරනායක ලා (සහ රාජපක්‍ෂගේ මහප්පා වුනත්) දේශපාලනයට ආවේ ඇඟේ උණට. නැත්තං මහ මුදළි හෙවත් ලෝකල් යුවරජු ගේ පුතාට ලෝඩ් පකීර් වගේ ඉන්න තිබුණා නේද? ඒ මිනිස්සු දේශපාලනය කළේ පාරම්පරික ඉඩකඩම් දේපල විකුණලා.

    වැඩවසම් ක්‍රමය අවසාන කිරීම ඇරඹුවේ ඉංගිරිසි පාලනය කාලේ කෝල්බෲක්-කැමරන් කොමිසමෙන් පසු රාජකාරි ක්‍රමය අහෝසි කරලා. බණ්ඩාරනායක කාලේ තමයි, වැඩවසම් ක්‍රමයේ ඉතිරිව තිබුණු කොටස් වුණු ගම්මුලාදෑනි, කෝරළේ, රටේ මහත්තයා වැනි දේවල් අයින් කරලා, ග්‍රාමසේවක ක්‍රමය ගෙනාවේ.

    ඒ සමගම ගෙනා අඳ ගොවි පනත නිසා වැඩ වසම් ක්‍රමයට අන්තිම ඇණයත් වැදුණා.

    බ්ලොග් ලියන කිසිවෙකු ඒ අතීතයේ අත්දැකීම් ඇතැයි මා හිතන්නේ නෑ. මා දන්නේ අසා, කියවා, විචාරා පසක් කරගත් කරුණුයි.

    මහින්ද ගැන කියනවා නම්, ඔහුව වැඩවසම් ක්‍රමයක් කරා ගෙන ගියේත්, අදත් රජු බැහැ දකින්නට මැදමූලන යන්නේත් ලක්‍ෂ ගණං ලාංකික අමන ජනතාව බවයි මා දන්නේ. ඒ රජ කම් එදා වගේ නොවෙයි, ඡන්ද වැටෙන කම් විතරයි!

    ReplyDelete
    Replies
    1. රසික සමඟ එකඟයි! බණ්ඩ වටේ හිටපු සහ බණ්ඩ විසින් පෙරමුණ අරගත්තු පිරිසෙ අදහස් වඩා ප්‍රගතීශීලි දේවල්. සිංහල රජ බස කිරීම, ශ්‍රී අකුර වගේ දේ ඇර අනෙක් බණ්ඩාගේ වැඩ කටයුතු බොහොම හොඳ දේවල්. ඒත් මතුවෙන්නෙ නරක ටික විතරනෙ.

      Delete
    2. එහෙනම් දෙදෙනාම බන්ඩාර්ණායක ගැන හදාරා නැති හැඩයි... බන්ඩාරණායක සිතුවිලි වැඩි වර්ධණය වෙලා තමයි ජේ ආර්ගේ විධායකය එන්නෙත් 83 කාළකන්නි ජූලිය ඇති වෙන්නෙත්.. මහින්ද නෙමෙයි ඉන්න බොහෝමයක් උන් එහෙමම තමයි..

      Delete
    3. අනේ මන්ද.......මුන් දෙන්න බණ්ඩ ලට පුක දෙන එක බං .....

      Delete
    4. මාත,

      හේන්පිටගෙදර සාදුලගෙ ජාතික වියාපාරෙට සෙට්වෙලා බලේ ගත්ත මිසක් ඕව බණ්ඩගෙ ප්‍රථිපත්ති නෙමෙයි. ඒකයි මිනිහ චෙල්ව එක්ක ගිවිසුමකුත් ගැහුවෙ. අන්ත්මට ඒකත් ඉරල දාන්න උනා සාදුල ගේම ඉල්ලුවම. කොටිම්ම සාදුලගෙ ට්‍රැක් එකෙන් පණිනකොට බණ්ඩව සාදුලම අවසන් ගමන් යැව්ව.

      83 ජූලියට කලින් හර්තාල් ආවෙ යාපනේ සිංහලයන්ව එලෙව්වෙ ඔය ශ්‍රී අකුරෙ කේස් එකට.

      බණ්ඩ නෙමේ 52 දි ඩඩ්ලි දින්නත් ඔය සිංහල රජ බස කරනව, මොකද අන්තිම මොහොතෙ මිනිහත් ඒක පිලිගත්ත, තිබ්බ රැල්ලෙ සැර නිසා.

      ගිහින් ආයි ඒ කාලෙ පත්තර ටිකක් කියවල වරෙන් බන්.

      Delete
    5. මට නම් බණ්ඩ එක්ක කේස් එකක් තියෙන්නෙ ඔහුගෙන් ශ්‍රී ලංකා එකේ පවුල්වාදෙ ඇතිවුන නිසා. ඔහුගෙ පවුල අවුරුදු 50 ක් පමන ඒක ගෙනිච්ච . ඉදිරියටත් ගෙනයාවි.

      ඒකාලෙ තිබුන ජාතික ව්‍යාපාරයට නායකත්වයක් තිබුනෙ නෑ. මලලසේකරල වගෙ අය නායකකමට ගන්න හැදුවත් ඔවුන්ට බණ්ඩට වගෙ පෞර්ෂත්වයක් සමාජ සම්බන්ධකම් තිබුනෙ නෑ.ඔය කාලෙ තමා බණ්ඩ අගමැතිකම කියන පුද්ගලික කාරනේට යූඇන්පියත් එක්ක ගැටුනෙ.

      බණ්ඩ ඒකාලෙ තිබුන ජාතික ව්‍යාපාරයට සෙට් වුනා මිස බණ්ඩට ඔය අදහස් තිබුන කියල හිතන්න බෑ. බණ්ඩට තිබුන එකම අදහස අගමැතිකම.
      රසික කියන ප්‍රගතිශීලී දේවල් ඇත්ත තමයි. වාමවාදී ජාතිකවාදී ට්‍රැක් එකට වැටුනට පස්සෙ ඔහු ඒ පාරෙ ඉස්සරහට ගියා. සිරිමත් එහෙම තමයි .සිරිමගෙ කාලෙ තිබුනෙ ඇන් ඇම්ලගෙ කොල්වින්ලගෙ පාලනයක්.

      රසික හා ඉන්දික කියන දේ හරි. මාතලන් ට මේ ගැන දැනුම මදි තමයි. ඔහු සමගාමී දෙමළ ජාතිවාදය කියන සාධකය නොසළකා හරිනවා. මා මෙය කීපතැනකම දැක්කා.

      Delete
    6. ඔහේලා කියන්නේ කවුරුත් දන්න ලිය වෙච්චි ඉතිහාසය.. මම ලියන්නේ ඒ දේවල් තුලින් මම දකින දේ.. බන්ඩා කව්ද කියලා දැනගන්න.. 1926 තරම් ඈතට යන්න වෙනවා. බන්ඩට අත්තනගල්ල අවට තිබුන සැලකීම මුළු රටෙන්ම සහ සමාජයෙන්ම ලබන්න පුදුම පෙරේත කමක් තිබුනා.. අදටත් බන්ඩලා තුන් දෙනෙක් රජ වෙලත් බන්ඩගෙ ගේ අවට නොදියුණු තත්වයක තියෙන්නේ ඒකයි. මේවා පොත් පත්තර වල නෑ.

      ඒකට ලියලා තියෙන දේ තුලින්, තම චින්තනය තුලින් මක්කැයි උනේ කියලා චිත්‍රයක් මවා ගන්න ඕන. මේ මානසිකත්වය යූ ඇන් පීයේ තිබුනේ නෑ. අන්තීමට උනේ මේ කාළකන්නි චින්තනය වමේ පක්ෂ වලට පවා අනුගත වීම.. රටේ විධායකය නැති කරන්න කතා කරන උන් පිස්සු හුත්තලා කියලා තේරෙන්නේ නෑ මිනිස්සුන්ට. මිනිස්සුත් උන් කියන දේට, ලියන දේට රැවටෙනවා.

      විහිළුව කියන්නේ විධායකය නැති කරන්න කියන හැම පක්ෂෙම නායකත්වය ක්‍රියා කරන්නේ විධායක ක්‍රමයට නෙමෙයි වැඩවසම් ක්‍රමයට. පක්ෂ තුල කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ සියල්ල පටන් ගත්තේ බන්ඩාරණායක.

      Delete
    7. ඒ සඳහා ඉහළ සමාජය යොදා ගන්න බැරි නිසා ඌ අල්ල ගත්තේ සමාජයේ පහළ ගොන් ස්ථරය.

      සඟ වෙද ගුරු ගොවි කම්කරු... නොම්මර එකේ අම්බ හරක්..

      Delete
    8. අත්තනගල්ල අවට නො දියුණුයි කියන්නේ ඇයි?
      අර පොල් අතු බත් කඩේ කියන ජොයින්ට් එක තියෙන්නේ ඒ හරියේ නේද?

      Delete
    9. එකත්, ග්‍රාමිය ප්‍රාථමික බවේ සංකේතයක් නේද...?

      Delete
    10. රාජපක්සල එක්ක බලනකොට බන්ඩාරනායකල හොඳ එක ඇත්ත. ශ්‍රී ලාංකික ( හා වෙනත් බොහෝ ) දේශපාලනයේ වඩා හොඳ , අඩු නරක කියල බලනව මිසක් හොඳ නරක ගැන සීරියස් වෙන එක මට පේන විදිහටනම් නිශ්ඵල දෙයක්.

      මං හිත්න්නේ බන්ඩාරනායක තමයි ගැලරියට කතා කිරීම, හොඳ වුනත් නරක වුනත් චන්දය ලබා ගැනීමට ලාබ ජනප්‍රිය දේ කීම හා කිරීම, මෝඩ මිනිසුන්ගේ මෝඩකමින් උපරිම ප්‍රයෝජනය ගැනීම ආදී දේවල් අති සාර්තක අන්දමින් කල පලමු ලාංකික demagogue .

      පසුව අඩු වැඩි වශයෙන් ඒවා ඔහුගේ බිර්‍රිඳ, ප්‍රේමදාස, විජේවීර,රාජපක්ස ආදීන් කලා.

      හැබැයි මට හිතිල තියන (not certain) දෙයක් තමයි ඔහු වසර දෙකක් ඇතුලත ඝාතනය නොවුනා නම් ඔහුගේ හානිකර ජනප්‍රිය දේවල් ඔහු වෙනස් කරන්න ඉඩ තිබුනයි කියන එක

      Delete
  8. මාතලන් ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    මෙදා සැරේ නං බ්ලොග්කාරයො එක්ක සෙට් වෙන්න එන්න වෙන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. /මෙදා සැරේ නං බ්ලොග්කාරයො එක්ක සෙට් වෙන්න එන්න වෙන්නෙ නෑ//

      එතකොට ගියසැරේ ආවද?

      Delete
    2. ගිය පාර ජයට තිබුනයි.....

      Delete
  9. සයිබරයේ බක් මහ උළෙල වෙනදා වගේම අති සුන්දර අති සාර්ථක එකක් වේවා.....!

    අවුරුද්දටවත් පොඩි උන් එක්ක ගෙදර ඉන්න නැති අපි වගේ බ්ලොග් කාරයන්ට ඉතින් ඒක සිහින උළෙලක්ම තමයි....!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එන්නේ නැති උන් ගැන හිතලා වෙන්න ඇති නම දාලා තියෙන්නේ...

      Delete
  10. ම්ම්ම්ම්.....කවද හරි අවුරුද්දක සෙට් වෙන්නෙ නැතා......
    මටත්......
    සාර්ථක වේවා,,,,,,,,,සියල්ල....

    ReplyDelete
    Replies
    1. ඇයි මේ සැරේ ජපන් බඩු හොයා ගන්න බැරි උනයි...?

      Delete
  11. මේ ලිපියේ මා ගැන සඳන් කර ඇති නිසා ලියන්නට සිත්විය.

    මුලින් ම, ගිය වසරේ අවුරුදු උත්සවයට පෙර තත්වය විස්තර කරනවා නම්-

    ඒ දිනවල මා කතන්දර නම් වූ බ්ලොග් ලියද්දී සහ කමෙන්ට් කරද්දී පහත සඳහන් සිත පෙලූ සිදුවීම් විය.

    1. අරුණී ෂපීරෝ ගේ බ්ලොග් ලිපියකට මා කළ ප්‍රතිචාරයක් ඇය මා නොසිතූ ආකාරයකට වටහා ගෙන, එය කපා දමා මට තරවටුවක් කළාය. මම ඇය සමග ආරෝවක් නැතිබව කියා ලිපියක් ලියු මූත්, නැවත එම බ්ලොගයේ කමෙන්ට් නොකළෙමි.
    http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

    2. චතුෂ තුෂර කුමාර ලියන මාරයා ගේ හෝරාව අඩවියේ ලිපියකට මා කළ ප්‍රතිචාරයක තිබුණු අනුමත කිරීම නම් වචනය වැරදි ආකාරයට වටහා ගත් ඔහු මට බැණ වැදුණේය. එයට අටම්පහුර ලියන ලක්මාල් කන්දේවිදාන ද, මා නොදන්නා හේතුවක් නිසා, එකතු විය. මා අනුමත කිරීම යනුවෙන් අදහස් කළ දේ පැහැදිළි කර සටහනක් තැබූ මා නැවත ඒ බ්ලොගයේ ප්‍රතිචාර කළේ ඔහු ගේ මවගේ අසනීපයක් ගැන කියවුණු ලිපියකට සහ ඔහු පාඨමාලාවක් අවසාන කළ බව කියවුණු ලිපියට පමණක් ්‍රැයි සිතමි.
    http://ctkumara.blogspot.com/2013/01/blog-post_17.html?showComment=1358425487143#c8764097947096780505

    3. බාලචන්ද්‍රන් නමැති මගේ පුතා ගේ වයසේ දරුවෙකු ගේ මරණය ගැන අසා කම්පා වී සිටි මා, ඒ ගැන ලියවුණු කෙසෙල් මොටයි තියරිය නමැති ලිපියක් දැක එය ලියූ ඇල්කෙමියා සහ ඒ අදහස අනුමත කළ සියළු දෙනා ගේ බ්ලොග් කියවීම අතහැර දමා, ඒ සියල්ල මගේ බ්ලොග් රෝලෙන් ද ඉවත් කළෙමි.
    http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

    ඒ ගැන විමසු බ්ලොග්කරුවන් අඩු වශයෙන් දෙදෙනෙකු මා සමග නොහොඳක් ඇති කර ගත් බව පෙනුනි!

    4. විචාරක ලියූ ලිපියක පැවති රජයක් විසින් කළ අධ්‍යාපන වෙනස්කම් නිසා පාඩු විඳි පරම්පරාවකට ඒ ගැන අසාධාරණ ලෙස දොස් පවරා තිබෙනු දැක, ඒ ගැන කරුණු පැහැදිළි කරමින් මා ලියූ ලිපියක් නිසා ඔහු සහ මා අතර යම් ආරෝවක් ඇති විය.
    http://kathandara.blogspot.com/2014/04/grumpy-old-bigoted-men-for-no-reason.html

    ReplyDelete
    Replies
    1. මා වලියට බර අයෙකු නොවන නිසාත්, මතවාදීව ගැටීමක් ඇති වුනත් අතත්‍ය සයිබර් අවකාශයේ ඒ සිදුවීම් තත්‍ය ලෝක සමග පටලා ගැනීම ප්‍රඥා ගෝචර නොවන නිසාත්, මම ගිය වසරේ අලුත් අවුරුදු දිනට පෙර දින ඊමේල් මගින් පණිවිඩයක් ඉහත නම් සඳහන් කළ අයහෙන් බොහෝ දෙනෙකුට යොමු කළෙමි.

      මෙන්න මා විචාරකට යැවූ පණිවිඩය.

      හිතවත,

      බ්ලොග් ලෝකය යනු අතත්‍ය ලෝකයකි. එහි වෙන වාද විවාද එයටම සීමා වීය යුතුය.

      මා විරුද්ධත්වය පෑවේ සිංහල සාහිත්‍යය පිළිබඳ ඔබේ අදහසට පමණි!

      මට ඔබ කෙරෙහි කිසිදු තරහක්, ක්‍රෝධයක්, වෛරයක් හෝ අමනාපයක් නැත.

      එසේ තිබුනා වුනත් ඒ තරහ මරහ කොන්තර අවසාන කර දැමීමට සිංහල අලුත් අවුරුද්ද තරම් වෙනත් වෙලාවක් තිබේද?

      ඔබට සුභ අලුත් අවුරුද්දක් පතමි.

      -කතන්දරකාරයා

      ප/ලි
      ඔබ මොනවා සිතා සිටියත් මා ඔබට හෝ වෙනයම් අයෙකුට එරෙහිව නිර්නාමිකව කිසි දෙයක් කිසි තැනක, බ්ලොගයක හෝ වෙනත් ආකාරයකට පවසා නැති බවද සඳහන් කරමි.

      මෙන්න මා ලක්මාල් ට යැවූ පණිවිඩය

      හිතවත,

      කුමක් හෝ මා නොදන්නා අමනාපයක් නිසා ඔබ මට බැන වැදී ඇති බව විවිධ තැන්වල තිබූ කමෙන්ටු මගින් මට වැටහිණි.

      බ්ලොග් ලෝකය යනු අතත්‍ය ලෝකයකි. එහි වෙන වාද විවාද එයටම සීමා වීය යුතුය.

      මට ඔබ කෙරෙහි කිසිදු තරහක්, ක්‍රෝධයක්, වෛරයක් හෝ අමනාපයක් නැත.

      එසේ තිබුනා වුනත් ඒ තරහ මරහ කොන්තර අවසාන කර දැමීමට සිංහල අලුත් අවුරුද්ද තරම් වෙනත් වෙලාවක් තිබේද?

      ඔබට සුභ අලුත් අවුරුද්දක් පතමි.

      -කතන්දරකාරයා

      ප/ලි
      ඔබ මොනවා සිතා සිටියත් මා ඔබට හෝ වෙනයම් අයෙකුට එරෙහිව නිර්නාමිකව කිසි දෙයක් කිසි තැනක, බ්ලොගයක හෝ වෙනත් ආකාරයකට පවසා නැති බවද සඳහන් කරමි.

      මෙන්න විචාරක ගේ පිළිතුර.

      ඔබේ මේ නව අවුරුදු අදහස පිළිගනිමි. ඔබට යම් සිත් වේදනාවක් ඇතිවුවානම් අවංකවම ඒ ගැන කණගාටුව පලකරමි. සහයෝගයෙන් ඉදිරිරියට යමු. ජයවේවා! ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා. ඔබ දිගු කල මිත්‍රත්වයේ දෑත අල්ලා ගනිමි.

      මාතලන් විසින් මෙහි පළ කර ඇති ඡායාරූප මගින් දිස්වෙන්නේ මා යැවූ ඉහත පණිවිඩවල ප්‍රතිඵලයි.

      මීට අමතරව, මට සුදීක සහ ඇල්කෙමියා සමගද හොඳ සුහදතාවක් ගොඩ නගා ගැනීමට අවුරුදු උත්සවයේ දී හැකි විය.

      චතුෂ තුෂර කුමාර පවා මා හා සුහද වීමට ඕනෑ කමක් නො පෙන්නුවද, මා දිගු කළ අත නොසලකා හිටියේ නැත.

      ඔබ සැමට සුභ අලුත අවුරුද්දක් වේවා!

      Delete
    2. සුවඳ හමන කකා
      රසට ගොතයි කතා
      මේව අහල පුතා
      අපට පුකෙන් සිනා

      Delete
    3. මා වලියට බර අයෙකු නොවන නිසාත්, මතවාදීව ගැටීමක් ඇති වුනත්

      අපෝ සිව්වසරක් මරදානේ හිටියා නේද ? ගැහුවොත් ගහන තියරියේ ඉන්න ලොක්කා

      ඔයා හරිනම් බය නැතිව ගේම ඉල්ලන්න. නැතිනම් හරියට චු කරන්න බැරි එවුන් ඇවිල්ලා ඇරලා යයි

      Delete
    4. නියමයි කකා...

      Delete
    5. නියමයි කකා

      ඇත්තටම අපි හැමෝගෙන්ම වැරදිවෙනව. අපි හැමෝටම තියෙන්නෙවිවිධ අදහස්. ඉතින් කරන්න ඕන එකිනෙකාගෙ වැරදිවලට සමාව දීමත් තමන්ගෙ අඩුපාඩු හදා ගැනීමත් තමයි
      ලින්ක් ඔස්සේ ගිහින් බැලුව. ඒ කාලෙ සිද්ධ වුන දේවල් ආයෙ කියවද්දි හරි විනෝදයි. ඒ කාලෙ හිටපු හුගක් අය දැන් බ්ලොග් අත ඇරල වගෙ.දැන් ඇනෝලත් අඩුයි. රණ්ඩුත් නෑ. මොකද මන්ද .
      ඇනෝල කියන්නෙත් ප්‍රොෆයිල් කාරයො තමා ඉතින්.

      රණ්ඩු වාගෙම ඒකාලෙ තිබුන ප්‍රබෝධයත් දැන් නෑ කියල හිතෙනව.

      Delete
    6. //රණ්ඩු වාගෙම ඒකාලෙ තිබුන ප්‍රබෝධයත් දැන් නෑ කියල හිතෙනව.//

      හා හා ඔන්න ඉතින් උඹත් සම-හරක් ලිං මැඩියෙක් වෙන්න යනව

      Delete
    7. //රණ්ඩු වාගෙම ඒකාලෙ තිබුන ප්‍රබෝධයත් දැන් නෑ කියල හිතෙනව.//

      දැං තේරෙනව නේද අපේ සහන් බොස්ගෙ අගේ …චැහ්

      කෝ මං කිව්වට ඇහුවයෑ .. :D :D

      Delete
    8. ඕ යේස් පත්තරමහතා ඕ යේස්. අපොයි . කැකුණ වේලෙනව.
      අපිත් නිකම් ෆුල් සීරියස් වෙලා. ඇලර්ජික් වෙයිද මංද.

      Delete
    9. දැන් මේ කාකගේ බ්ලොගේ මාතලන් පොස්ට් එකක් දාලද නැත්නම් මතලන්ගේ පොස්ට් එකේ කාකා පොස්ටුවක් දාලාද .......... මොනවා උබත් කාකට තිබුනා ඔය වැලි ඔහොම සේටල් වෙන්නේ නැතුව දිගටම ගෙනියන්න (එතකොටනේ අපිට හොඳ හොඳ කොමෙන්ට් බලන්න පුළුවන් )

      Delete
  12. බ්ලොග් ලෝකයේ සැමටම ශුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. සල්ලි තියේ නම් හැමදාම අවුරුදු මෙයා....

      Delete
  13. කාකා මේ පාරත් එනවද

    ReplyDelete
    Replies
    1. කකා එන නේන එකෙන් කාරී නෑ. උබ ඕකට යනවා නං පුතා සල්ලි දීලා බීපන්, නැත්තං පස්සේ වෙන්නේ එක එකාගෙන් කතා අහගන්න පිං අඩිකාරයා ගගා.

      Delete
    2. පිස්සුද බං සල්ලි දීලා බීලා පුරුද්දක් නැ , කාගෙන් හරි පිනට බිව්වොත් තමා වෙරි වෙන්නෙ , වියදං කරල බිව්වහම වෙරි වෙන්නේ නැ , මං හැමදාම බොන්නේ කාවහරි මරාගන , එදාටත් පින් අඩියක් ගහන්ඩ ඕන කොහොම හරි

      Delete
    3. ඔව් ඔව් උඹට වියදම් කරලා බිව්වොත් කරපු වියදම් මතක් වෙන නිසා වෙරි වෙන්නේ නෑ තමයි බං

      Delete
    4. ඇයි... තොලක් දාන්නද....?

      Delete
  14. කකා ඇනෝ දානවා කියන එක කකා නොදන්නවා වුනාට අනිත් හැමෝම දන්නවා කකා ,
    අපි වුනත් මේ වෘත්තීය ඇනොලා ලෙස සේවයේ යෙදෙන්නේ කකාගෙන් ලැබෙන ඒ උත්තේජනය නිසානේ කකා

    ReplyDelete
  15. මටනං පුදුම කරුමයක් වෙලා තියෙන්නේ. සෙට් වෙන එක බෝගකටවත් යන්න වෙන්නේ නැහැ. මොනවා හරි මරාලයක් කඩන පාත් වෙනවා. නෙලුම් යායට යන්න හිටියා එදා රෑ රට යන්න උනා.
    සයිබර් සිහිනය දාල තියෙන දවසට පස්සේ දවසේ තාත්තගේ දානේ. එදා රැ ආයෙත් EXPO Milano එකේ වඩට යන්න වෙනවා. ගිය පාර පත්ත්ර් මල්ලි සෙට් වෙන්න ෆුල් ට්‍රයක් දුන්න ඒ හු..... ඊ මේල් බලල තියෙන්න මම ආවටත් පස්සේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අජියයි මායි එදා කතා උනා උඹ ගැන....

      Delete
  16. නියමයි මචන්. ඕනය සහ කට්ටියට සුභ පැතුම්. මචන් අපි ඔය වැඩ මුළු අරව මේවා තියනවනම් උදව් කරනවා. ඒවාට යන්න කැමති අයට යන්න කියමු. එච්චරයි. ඔච්චර තදට ගන්න එපා. හැම දේම නිදහසේ වෙන තරමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනිවා.. තමන් කැමති දේ තමන්ට ඕන විදියට කරන්න තියේ නම් වෙන මොන කෙහෙල් මලක්ද ඕන අජියෝ...

      Delete
  17. ලියන්නට තරම් දේශපාලනය කතාන්දර එකතු වෙන අලුත් වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ලූ...

      Delete
  18. සමස්ථ බ්ලොග් ලෝකයටම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ගිය වසර නම් පට්ට නේ...

      Delete
  19. මාතලන්ටත් පවුලේ සැමටත් කොමෙන්ට් දමන සියළු දෙනාටමත් සුබ නව වසරක් වේවා.
    මෙවර නවවසරට සුබ පතල පෝස්ට් එකක් නොදාන නිසා මේ විදියට හැමෝටම සුබ පතනව

    ReplyDelete
    Replies
    1. කීයක් හරි එකවුන්ට් එකට දාපන්... මෙහෙම ෆ්‍රී ඇඩ් දානවට...

      Delete
  20. මාතලන්ට තව රස පෝස්‍ටු දාන්න හැකි වෙන සුභ,සුපිරි අලුත් අවුරුද්දක් වේවා!
    දුර වැඩියෝ.... බක්මහ උළෙලට එන්න විදිහක් නැතියෝ....

    ReplyDelete
    Replies
    1. කොහොම හරි එන්න ට්‍රයි එකක් දෙන්න...

      Delete
  21. ජය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා තෑගි බෝග පොදි බැදගෙන සතුට විනෝදය සමග 19 සෙට් වෙමු කට්ටිය

    ReplyDelete
    Replies
    1. පානය කළ හැකි තෑගී ගේනවා නම් තමයි බොහොම වටින්නේ...

      Delete
  22. අඩෝ කැරපොතු සුද්දා...රෝයල් බඩා.... උඹට ගල්, මල් සහ සුද්දො උතුරන, දේශපාලන මාතෘකා අඩුම අඩුවෙන සුභම සුබ අළුත් අවුරුද්දක්වේවා....කිව්ව.

    අපි යනව කිරිබත් කන්න, වැඩ ඉවරයි අද දවසට.

    ReplyDelete
    Replies
    1. ඉන්දික වසන්තටත් එහෙමම මෙව්වා එකක් වේව්වා.. අදත් කිරිබත් සමඟ අනුමත වී ඇත...

      Delete
  23. අපේ මාතලන් බොස්ට සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

    ඒ වගේම පැමිණීමට නොහැකි වුවත්, සයිබර් බක්මහ උළෙල එහි සංවිධායක මණ්ඩලය ඇතුළු සහභාගී වන සියළු දෙනාටම ඉතාමත්ම සාර්ථකව පැවැත්වීමට හැකි වේවායි පතමි.
    සියළු දෙනාටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන බොස් ද බං... ළිදේ වැටුනොත් ජබොස්...

      පුළුවන් තරං ඉස්මනට ගස් ලබ්බා කොන්ටැක්ට් කොර ගනින්.. ඌ ඉස්ටූඩියෝ එකක් සෙට් කරන්නම් කිව්වා...

      Delete
  24. බක්මහ උළෙල ගැන මතක් කරල පෝස්ට් එකක් දැමීම ගැන ස්තූතියි අයියේ...
    ජය සතුට සපිරි සුභ අලුත් අවුරැද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. වැඩේ දැනටත් සාර්ථකයි...

      Delete
  25. සුභ අලුත් අවුරුද්දක් කිව්ව එහෙනං!
    මෙදාපාර සැණකෙලියේ පුක එලියේ බලන්ට එන්නං.

    ReplyDelete
    Replies
    1. හම්බ වෙමුකෝ එහෙනම්...

      Delete
  26. සුද්දා සුද්දී සහ පොඩි සුද්දාට සුබ අලුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
    Replies
    1. චෙෆාකී, හාමිනා, මල්ලි, අක්කි සහ නංගිටත් එසේම මෙව්වා එකක් වෙව්වා...

      Delete
  27. ප්‍රතිපත්තියක් නැති එක තමයි බන්ඩගෙ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ.අන්තිමට හාමුදුරුවරු හදපු බන්ඩව හාමුදුරුවරුන්ම මරා දැම්මෙ."ලුනු හැදෙන්නෙත් වතුරෙන් ලුනු දිය වෙන්නෙත් වතුරෙන්" කියලා මාපිටිගම බුද්දරක්කිත කිව්වලු. "සැමට සුභ අලුත් අව් රුද්දක් වේවා".දැන් තමයි නිව් යර් සෙලිබ්‍රෙට් කරන්නෙ.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. බන්ඩාට නෙමෙයි මොකාට උනත් කළකම් පල දෙන එක ඵල දෙනවාමයි...

      Delete
  28. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..... ගිය වසර වගේම....!!!

      Delete
  29. මේ post එකෙයි ඒකට දාල තියෙන title එකෙයි උඩ දාල තියන photo එකෙයි තියන සම්බන්ධෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.

    ReplyDelete
  30. මාතයියගෙ ලෙසන් එකට අනුව අටව ගත්ත ගස්ලබ්බ දළු දාන එක දැක්කම මට ඉතින් අවුරුදු සුභ උනා.බ්ලොග් ලෝකෙ හැමෝටමත් හැම සතාටත් යහපතක්ම වන නව කලක් උදා වේවා..!!!

    ReplyDelete
    Replies
    1. මාතයියා ....... මාමේ කියපිය ලබ්බෝ

      උඹයි අර ශ්‍රිනයි මිත්‍ර @ක් ගහන එවුන් නේද ඔන්න ශ්‍රීනා මගේ ....අයින්වෙයන්

      Delete
    2. උඹ කොහොමෙයි බං කියන්නෙ අයියද මාමද බාප්පද කියලා... පැණි වළල්ලක් කාල බුදියගනින්...

      Delete
    3. ඒ කියන්නේ යහ පාළණයක් වගේ එකක්ද....?

      Delete
  31. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු... උඹ තාමත් වෙන්ඩ දොස්තරද....?

      Delete
  32. ගියපාරත් ආවා මේපාරත් එනවා

    ReplyDelete
  33. මගෙ බොක්කෙ යාලු ඇනෝවා එනව නේද,,? වරෙන් මචෝ.....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් සුදා
      මමයි සැඟවුණු අමුත්තා
      පොන්න පියා කියා
      තට්ටු කරනු මෙයා

      Delete
    2. ඇනෝලා ඔක්කොම වගේ සෙට් වෙන දවස....

      Delete
  34. බලමු එන්න ට්‍රයි එකක් දීල.
    අඩේ සුදීකද හැමදාම බඩු සප්ලයි කරන්නෙ. :D

    මාතලන් ඇතුලු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ... ගිය පාර ඉස්පොන්සර් කළේ නම් ඌ..

      Delete
  35. සියලු දොනටම; ඒ කියන්නේ සැනකෙළීයට එන එන්න නොලැබෙන බ්ලොග් සහෘදයන් සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම නැතත් කමක් නෑ.. අඩු ගානේ 10% ක් වත්... ගිය අවුරුද්ද නම් වල්ලා පට්ට...

      Delete
  36. මාතලන්ව කියවන්න ආවා කොහෙද ඉතින් මේ පොලිට්‍රික්ස් අපිට තේරෙන්නේ නෑ නෙව.
    බැරිද අර ටූනා කතාව වගේ සීරිස් එකක් ආයේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් දෙකක්ම දැම්මා ඔහේලා ගැනම හිතලා.. එකක් බොම්බයි මොටයි.. අනික සීලවතීගේ කෙම් ක්‍රොමේ... දැන් ලියන්නේ කලවමේ..

      Delete
  37. හොඳ මිතුරන් බිහිවන්නේ අම්බානක වලිවල කෙලගන්නා පරම හතුරන්ගෙනි යන පැරණි කියමන සිහියට නැගේ.

    ReplyDelete
    Replies
    1. කපන්න බැරි අත සිඹිනවා කියලා කතාවකුත් තියෙනවා නේ...

      Delete
  38. ඔහේ එනවයි ... මමනං එන්න හිතාගෙන ඉන්නෙ ...

    ReplyDelete
  39. එන්නමයි නෙ උන්නෙ ඒත් නාට්‍ය උළෙලක කෙටි නාට්‍ය කෑල්ලක ඇක්ට් කොරන්න භාර ගත්තා.එදාටමයි වැඩේ.රාත්‍රියෙ සංගීත සංදර්ශණයක නිවේදන වැඩක්.මහන්සි වෙන හැමොටමයි.එන හැමෝටමයි ෆුල් සැපක් ලැබේවා.මාතලං ආවොත් අර කඹ ඇදීමට ගනිං කොහොම හරි.උගෙ මූන අව්වට රතු වෙලා ජම්ඹු ගෙඩිය වගේ වෙන පිංතූරයකුත් දාපං කොහොම හරි.

    ReplyDelete
    Replies
    1. මම කැමති ඉවෙන්ට් එක ඕකේ නෑ...

      දිය යටින් ගින්දර ගෙන යාම...

      Delete
  40. Maa nokeruwath nokarami eya geraheema. Awurudu samarannee netha. Eheth maatha ethulu oba pawule sematath siyalu blog karuwantath jaya sathuta piri nirogimath wasarak wewa...

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද වගේ, මේ අවුරුද්දත් සුබ උනොත් නම් පට්ට...

      Delete
  41. මාතලන් එතනත් චොර නොකර එදාට නෑවිත් ඉන්න.අනික නාකි පොරවල් ඇවිත් මක් කොරන්නද?

    ReplyDelete
    Replies
    1. හා මචං.. එහෙනම් නෑවිත් ඉන්නම්... මොකෝ ආවොත් කෙල්ලෝ සෙට් වෙන්නේ අපිට.. උඹලට තැනක් නැති වෙනවනේ...

      Delete
  42. ගූතලන් ගොයියෝ.යන යන තැන ගූ තල තල ගඳ ගස්සන්නෙ නැතිව වැලක් බාගෙන නැත්නම් ගූ බෙට්ටක් කාගෙන ගෙදරට වෙලා හිටපන්. පින් සිද්ද වෙනවා.තෝ වගේ ගූ තලන්නෙක්ට සම්මාන දීපු එකත් ගූ කන ඌරෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත උඹ වගේ පොන්නයෙකුට දෙන්න තිබුනේ...

      Delete
  43. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16595-new-year-cyber-festival

    ReplyDelete
  44. ලංකාවෙ අවුරුදු කුමාරියො චොර හින්ද වෙන්න ඇති බිකිනි සුද්දියො ටිකක පොටෝ දාල තියෙන්නෙ. කොහොමද සුද්දියන්ට රෙද්දෙ හැට්ටෙ අන්දල අවුරුදු කුමාරිට යැවුවොත් ලංකාවෙ පගර නැට්ටියන්ට ඇපත් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කුමාරිහාමිලගෙ හැටි දැකල සුද්දන්ට _කෙනුත් හිනා යනව ඇති.

      Delete
    2. මට නම් ඉතින් ඕන පුකක්, රෙන්න පුළුවන් නම්...

      Delete
  45. සු භ අළුත් අවුරුද්දක් වේවා !!
    මේ සැරේ එනවා.. :D බ්ලොග් ලෝකෙ හැමෝටම යහපතක්ම වන නව කලක් උදා වේවා..!!!

    ජයවේවා!

    ReplyDelete
  46. මාතලන් ඇතුළු පවුලේ සැමට සුභ අවුරුද්දක් වේවා.. 19 එන්ට හිතාගෙන සිටිමි..

    ReplyDelete
    Replies
    1. උපරිම උත්සාහයක් දෙනවා...

      Delete
  47. සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන් සහෝදරයා.. එන්න හිතාගෙන ඉන්නෙ.. බලමු...

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද නම් සුබයි මචෝ.. ඒත් මේ අවුරුද්ද කෙලවෙයිද මන්දා...

      Delete
  48. මාතා සුභ අලුත් අවුරුද්දක් වේවා උඹට සහ උඹේ මාතලීලාට..... අවුරුද්ද සුපර් වේවා

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද නම් සුබයි මචෝ.. ඒත් මේ අවුරුද්ද කෙලවෙයිද මන්දා...

      Delete
  49. මා-නොතලං මචෝ.....
    මට නං එන්න වුනේ නෑ.... ගමේ ගොහින් ආවෙ එදා..... උඹෙ යාළුවා... විරප්පන් නං මේ දවස්වල පේන්න හිටියෙ නෑ...
    අවුරුදු උස්සවේට ඔහෙලා එනවැයි කියලා හිටං තිබ්බනං එන්න තිබ්බා නෙ...
    ඔන්න ඔහේ ලබන සැරේවත් බලමු...
    මාරයට කොට්ටෙං ගහන්නත් බැරි වුනා මේ පාර...

    මොකද්ද අර කකා කියපු හරුපෙ ?
    කෙසෙල් මොටයි තියරිය ගැන ලිවුවැයි කියලා මගේ බුලොක් එක නොබලපු එක. ?
    ඉතිං බොල... ඌ නොබැලුවයි කියලා මට පාං ද?
    මම නං උගේ බ්ලොග් එක බලනවා....

    ඇලා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න