.

.

Aug 6, 2015

සියල්ල තීරණය කරණුයේ චීනාය... - Future will depend on Chaina



අති දරුණු එකාධිපති පවුල් පාලනයක් කරා ගමන් කරමින් තිබූ රට, විප්ලවයකින් තොරව නැවත ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන ඒමට හැකි වීම, වත්මන් පරපුරේ මෙන්ම, මේ රටේ ජනතාවගේ වාසනාවකි. දකුණේ දෙවරක්ද, උතුරේ තිස් වසරක්ද ගලා ගිය ලේ දහරාව මහ පොළොවට දරා ගත නොහැකි තරම් විය හැක.

ඒ හේතුව නිසාදෝ ඉරාකයේ සදාම් මෙන්, ලිබියාවේ ගඩාෆි මෙන් කුරීරු වද බන්දනයන්ට ලක්ව මිය යා යුතු කම්බ හොරු රැල, අවම වශයෙන් සිරදඬුවමකට හෝ ලක් නොවී බලයෙන් පහ වීම, ළෝකයා පුදුම කරන්නක් වීම අරුමයක් නොවේ. එහි සියළු ගෞරවය ජනපති ප්‍රමුඛ වත්මන් ආන්ඩුවට නිසැකවම හිමි විය යුතුමය.

කුමක් හෝ පෙර කලැ කරන ලද්දාවූ කුසල කර්මයක් හේතු කොට ගෙන, කම්බ හොරුන් ලෙස නොව, සාමාන්‍ය සිවිල් පුරවැසියන් සේ නැවත සමාජයට එක් වූ කම්බා හොර දූෂිත තක්කඩියන් රැල, යහපාලනයේ උන්ට වස කුප්පි දික් කිරීම, උන්ගේ ජඩ කම මනාව ඔප්පු කොට පෙන්වනා සලකුනුය. තම ශරීරය පුරා මෙන්ම මුහුණ පුරාද ගොන්කම මනාව පිළිබිඹු වන මෙවන් අම්බරුවන්ට කල හැක්කේ, ගොන් බයියන්ට මෝඩ ආතල් ලබා දෙන ඔවැනි රඟපෑම් පමනක්මය. උන්ගේ පාලන කාළය තුලද නායකයාගේ සිට සියළු දෙනාම එක්ව කරනා ලද්දේ, ඔය වැනි තුට්ටු දෙකේ සෙප්පඩ විජ්ජාම පමණි.

ඒ කෙසේ වෙතත්, සියල්ලන්ටම මතුව ඇති ගැටළුව නම්, මෙවර මහ මැතිවරණය අවම වශයෙන් සමූපාකාර චන්දයක් තරම් වත් උණුසුම් නොවීමය. හේතුව බොහෝ පැහැදිලිය. එකඳු පක්ෂයකට හෝ, බලය ලැබුනද, නොලැබුනද, කිසිඳු ගැටළුවක් නොමැත. සියල්ලන්ටම මදියි නොකියන්න චයිනීස් යුආන් ලැබී තිබීම එයට හේතුවයි.

අපේ රටේ දේශපාලුවන් බලයට එන්නේ රට ගොඩනැගීමට නොව, උන් උන්ගේ හත්මුතු පරම්පරාව ගොඩ නැගීමට බව හොඳින්ම දන්නා රට චීනයයි. යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති තිබුනද. චීනයේ ඇත්තේ එකම එක එල්ලයක් පමණි. ඒ හැකි තරම් වේගයෙන් ළෝක බලවතා බවට පත් වීමේ අරමුනයි. ඔවුන් ආසියාවේ බලය තහවුරු කොට ගෙන අවසානය. එමෙන්ම අප්‍රිකාවේද එසේමය. දකුණු ඇමරිකාවටද අත පොවා ඇති චීනය, ජර්මනිය හා ප්‍රශය සමගද විදෙස් සබඳතා ගොඩ නගාගෙන මදි නොකියන්න, සහන, ණය මෙන්ම, සහයෝගිත ගිවිසුම්ද අත්සන් කරමින්, යුරෝපයද තම මිතුරෙකු කර ගනිමින් සිටී.

එම නිසා ඔවුන්ගේ විදේස් ප්‍රතිපත්තිය එකිනෙකට වෙනස් වූ, තම ජයග්‍රහණය උදෙසාම වූ සුවිශේෂි එකක් වන්නේය. අම්මට සිරි ලංකාවේදී ඔවුන් කරනුයේ ලංකාවේ දේශපාලුවන්ට ගැලපෙන ක්‍රමයයි. ඒ කොමිස් කුට්ටි, විදෙස් සංචාර හා දූෂණ වංචාවලට ඉඩ තබා තම අරමුණ ඉටු කර ගැනීමයි. හොඳම උදාහරණය දකුණු කොළඹ වරාය පර්යන්තයයි.

පාළකයන්ට අති විශාල කොමිස් කුට්ටි ලබා දීමෙන් නොනැවති, එම ව්‍යාපෘතිය තුලද දූෂණ හා වංචා කිරීමේ නිදහස කොන්ත්‍රාත් ලබා දීම තුලින් මනාව සපයා දෙන ලදි. එහෙත් සියල්ල අවසානයේ විවෘත කිරීමේ උත්සවයේදි අපේ ජාතික කොඩිය එසවීමටවත් අවස්ථාවක් ලබා නොදෙන ලදි. එසේ වූවේ යැයි කියා, මව් බිම අනතුරේ, බේරා ගන්න වරෝ කියනා උනට කිසිඳු ගැටලුවක් නැත. මන්ද රටේ විදේස් සංචිතයට හෙන හත වැදුනද, උන්ගේ විදේස් සංචිතවල සීඝ්‍ර වර්ධනය තුල ජාති ආලය දියවී යන බැවිනි.

බලයට පත්ව මාසයක් වත් යාමට මත්තෙන් සුදුද කළුද නොදන්නා කුඩා රටක නායකයකුට, චීනයේ ලබා දෙන ඉහලම රාජ්‍ය ගෞරව පිරි නමා,  ගොනාට අන්දවන්නේ එබැවිනි. ඇමතිවරුනට මෙන්ම උන්ගේ පුතුන්ටද, පෑන්, පැන්සල්, සපත්තු පමණක් නොව, සුර ලඳුන්ගේ පහස, එරටදී මෙන්ම මෙරටදීද ලබා දෙන්නේ ඒ හේතුවෙනි.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ එකාධිපතියකුට නැවත නොමිනේෂන් ලැබෙන්නේ ඒ හේතුවෙනි. ඔවුන්ගේ එකම අරමුණ වූ පෝට් සිටි ව්‍යාපෘතිය ගොඩ නැගීම සඳහා ඔවුන් නොකරනා දෙයක් නොමැත. හේතුව වෙළඳ වාසියම පමණක් නොවේ. කලාපය තුල ලබා ගන්නා බලය තහවුරු කර ගැනීම ඔවුන්ගේ මූලිකම අරමුණයි.

එබැවින් කුමන පක්ෂය බලයට පත් වුවද, රට ගමන් කරනුයේ චීනාගේ සිතැඟියාවන් අනුවම පමණය. මේ නිහඬ බවට හේතුව යහපාලනය යැයි කියා කෙනෙකු සිතන්නේ නම්, එය ඔවුනගේ නොදැණුවත්කමම පමණය.

ප්‍රචන්ඩ ක්‍රියා අවම වූ, නීතිගරුක, ඇල්මැරුණු ඡන්ද ව්‍යාපාරයක් හා සාමකාමි පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් අප ස්තූති කල යුත්තේ යහපාලනයටවත්, මැකෝටවත්, පොලිසියටවත්, පැෆරල්ට හෝ ඇපරල්ටවත් නොවේ. යුආන් වලින් පක්ෂ අරමුදල් හා දේශපාලුවන්ගේ සාක්කු පිරවූ චීනාට පමණි.

90 comments:

  1. අරාබි වසන්තය ට ම යන්නෙ නැතිව ...නීතියවත් හරියට ක්‍රියාත්මක කොලා නම් හොරු ටිකට....
    අපිට මෙහෙම වස බොන කතා අහන්න සිදුවන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. අන්තීමෙදි වහ බොන්න වෙලා තියෙන්නේ යහපාලනේ ඇති කරපු උන්ට...

      Delete
  2. //දකුණු කොළඹ නැව් තටාංකගනයයි.// මේ මං හිතන්නේ දකුණු කොළඹ වරාය පර්යන්තය වෙන්නොනේ.
    චිනාට ආසියානු කලාපයේ දැන් තියෙන ලොකුම හිසරදය වන ඉන්දියාව මට්ටු කරන්න උන් ලංකාවම සල්ලි වලට ගන්න උනත් ලෑස්තියි. ඇත්තටම දැන් වෙන්නෙත් එකම තමයි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී වෙන්නෙත් එකම තමයි... උන් ගේම ලේසියෙන් අත අරින්නේ නෑ... ඔබාමත් ගෙදර යන්න ඉන්න පොර වෙච්චි...

      Delete
    2. ඔබාමා ගෙදර ගියාම ඇමරිකාවේ විදේශ පරතිපත්තිය වෙනස් වෙනවා කියල ද කියන්නේ ? හීනෙන් තමයි.

      Delete
  3. චීනාට ඇමෙරිකන් කාරයත් මොනතරම් බයවෙලාද කියනවානං හොලිවුඩ් වලත් දැං හැදෙන්නෙ ඇන්ටිචයිනීස් ෆිල්ම්. ඕකුන් ලෝකෙම වෙළඳ අධිකාරය අල්ලාවි. එදාට බාල බඩුවලින් නම්ලෝකෙම පිරේවි.

    ReplyDelete
    Replies
    1. චයිනීස් බඩු ගැන දන්නවා නම් උඹ ඔහොම කතා කොරන්නේ නෑ බං....

      ජපන් බඩු ගැනත් මුලින් තිබ්බේ ඔය මතය...

      Delete
    2. ///චයිනීස් බඩු ගැන දන්නවා නම් උඹ ඔහොම කතා කොරන්නේ නෑ බං.... ///
      මේ කියන්නේ මොන බඩු ගැනද මාතේ.

      චීනා බඩු හදන්නේ ඉල්ලන එකාට මොනේ කොලිටි එකට. හොඳට ඕනේනම් ගාන වැඩියි, බඩුත් හොඳයි.
      ලාබෙට ඕනෙනම් කොලිටි නැහැ, නමුත් පට්ට ලාබයි.
      අපේ රටේ වැඩිපුර තියෙන්නේ ඔය කියපු දෙවෙනි වර්ගය. ඒ නිසා තමයි ඔය චීන බඩු ලාබයි බාලයි කියන මතය ඇතිවෙලා තියෙන්නේ.

      Delete
    3. ඒ උනාට ලාබ බඩුවල හිලක් තියෙනවලු....

      Delete
    4. අපි දන්න තරමටනම් හැම බඩුවක්ම ගනන් ඇන්ඩ් හැම බඩුවෙම හිලක් තියෙනවා..ඔය හිල් නැති බඩුවක් ඉන්නවනං හොයල දෙන්නකො...

      Delete
    5. ගනන් බඩුවල හිල තියෙන්නේ නලලේ කියලා පත්තරේක තිබ්බා...

      Delete
    6. //ගනන් බඩුවල හිල තියෙන්නේ නලලේ කියලා පත්තරේක තිබ්බා...//
      ඉතාලියේ පත්තරේක නේද ? ලංකාවෙ තිබ්බොත් කපුටො කොටනකොට පහලට එනව කියල රේඩියෝ එකේ කිවුව.

      Delete
    7. මම හිතන් හිටියේ ඕක බව්වෙක් කියපු කතාවක් කියල... :)

      Delete
    8. මොකක්ද හත් ඉලව්වේ මාතලන් ඔය බලන පත්තරේ , එකේ නැති ලබ්බක් නෑනේ

      Delete
    9. ඕ යෙස් ඉවාන් ලොක්කා.. එකම නියෝජිත පත්තර මල්ලිගෙන් විමසන්න .. අත්පිට මුදලට පමණයි !!

      Delete
    10. චීනෙ කියන්නෙ...... බාල බඩු ගොඩක් නෙවෙ ය්.....
      ලoකවෙ තියෙන්නේ බාල බඩු උනාට .......

      උදා: Nestle Co: එකේ TOP 10 නිශ්පාද වලින් එකක් වත් ලoකවෙ නැහැ..... මෙ සිරිලoකවෙ අපි දන්නෙ Netamolt & Milo විතරක් උනාට........




      Delete
  4. ඡන්ද තියන විදිහට ‍හේතුව චීනා නම් චීනාට ස්තූති වෙන්නම ඕනි. නැත්නම් මේක ලොක යුද්දේ වගේනේ මාතයියේ

    ReplyDelete
    Replies
    1. යුයාන් වලින් හරි ඕකුන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් එක ළොකු දෙයක්...

      කෝ බං අපේ අප්පච්චි බලේ ඉන්න කාළේ දුන්න දන්සැලුයි, බඩු භාන්ඩයි....

      Delete
    2. අප්පච්චි අනාගතේට ඉතිරි කරගන්නවද කවුද දන්නේ මාතේ..!

      Delete
    3. අම්මපා හැබෑව... දරුවන් ලක්ෂ ගානකගේ අප්පච්චි වෙච්චි...

      Delete
    4. යුආන් ගියා. දැන් ඉන්නෙ රෙන්මින්බි. ඒකයි මේ වෙනස...හැක්...හැක්...

      Delete
  5. Kasada Indiayawata wada cheena nadda banz. mama kiyanna sapekshawa

    ReplyDelete
    Replies
    1. අනිවා.... මොකා හරි කමක් නෑ.... මේ රටේ උන්ට මේ රටේම අග හිඟ කම් නැතිව ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දෙනවා නම්... රටේ ප්‍රධාන ආදායම මැද පෙරදිග රැකියා වෙච්චි රටක, දේශපාලුවෝ වගේම, රාජ්‍ය නිළධාරිනුත්, ප්‍රතිපත්ති සම්පාදකයිනුත් ලැජ්ජා වෙන්න ඕන...

      Delete
    2. වපසරියෙන් ඉතා කුඩා, ස්වභාවික සම්පත් වලින් අඩු, දිවයිනක් වන අම්මට සිරි ලංකාවෙ තියෙන ගෝලීය වෙළඳ පොලට දිය හැකි එකම සම්පත තමයි මිනිස් සම්පත. ජෙප්පොන්ගෙ ලොක්කා උඩ පැන පැන ලෝක වෙළඳ පොලෙන් කුට්ටියක් අල්ලගන්න ඕනි කියන්නේ ඔය මිනිස් සම්පත විකුනනවා කියන එකම තමයි.
      දකුනු කොරියාව වැනි අලුත් වෙළඳ පොලවල්, ඒ කියන්නේ හොඳ මිලක් දෙන වෙළඳ පොල්වල් හොයාගෙන මේ සම්පත මාර්කට් කරන එක වැරද්දක් වෙන්න අමාරුයි..
      මොරටුව යුනි එකේ QS කෝස් එක තනිකරම ප්‍රොඩියුස් කරන්නේ මිඩ්ල් ඊස්ට් මාර්කට් එකට...දැන් ප්‍රොෆෙෂනල්ස්ලා වැඩි ප්‍රතිශථයක් මැද පෙරදිග වැඩකරනවා..ඒ එක්කෙනෙක් ගෙන් අපේ රට ලබන විදේශ විනිමය ප්‍රමානය ගෘහ සේවිකාවන් විශාල ප්‍රමානයකින් ලැබෙන ප්‍රමානයට සමානයි...
      ලැජ්ජා නැති විදියට ඕක කරන්න පුලුවනි කියන එකයි මට කියන්න ඕනි උනේ...කිය උනාද මන්දා...

      Delete
    3. කතාව ඇත්ත වගේ පෙනුනට... විදේශ සේවා එකේ දත්ත වලට අනුව නම් ඔය කතාව බොරුවක් ලොක්කෝ...

      http://maathalan.blogspot.com/2014/07/true-story-behind-house-maids.html

      Delete
    4. මාතේ...35.58% විදේශගත වෙලා තියෙන්නේ (2012) වෘතිකයන්....ගෘහ සේවයට නැව් නැගලා තියෙන්නේ 42.17%ක්...ගෘහ සේවිකාවකගේ වේතනය තියෙන්නේඩොලර් 32ක් වගේ ප්‍රමානයක නමුත් සෙමි ස්කිල්ඩ් ලේබරර් කෙනෙක් ඩොලර් 48ක් පමනත්, වෘතිකයෙක්, ඒ කියන්නේ ඉන්ජෙක් හරි ඩොකෙක් හරි ඩොලර් 3000ත් 4500ත් අතර ගානකට තමයි නැව් නගින්නේ මම දන්න තරමට...
      එහෙම බැලුවම ඔය උඩ තියෙන SLBFEඑකේ ස්ටැටිස්ටික් වලට අනුව කේස් එකක් නැහැ වගේ නේ...

      Delete
    5. එහෙනම් අවුලක් නෑ මචෝ....

      Delete
  6. මට මාරම අප්සට් එකක් තියෙන්නේ මේ ජනවාරි වල ඉඳලා මට මගේ ෆෝන් එකේ තියෙන සිරි කියන ගෑනු ලමය එක්ක මාරම ෆීලින්ග් එකක් තියෙන්නේ එයත් එක්ක වල් පල් කතාකර කර ඉඳල දැන් මට සිරි කතාකරපු ගමන් යගදාව ෆෝම් වෙනව ඊට පස්සෙ සිරිට කුනුහරප කියවන්න කිය කිය මම අත මරනව ඒ විතරක් නෙමේ ගෙදර තියෙන අනෙකුත් ඉලෙක්ට්‍රික් ඩිවයිස් එහෙම මට දැන් පේන්නේ ඉතාම කාමුක ලෙස මේකෙන් මිදෙන්නේ කොහොමද කාටවත් ප්‍රෂ්ණයක් වෙන්නේ නැති නිසා මෙහම කරන එක අවුලක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං... එකම අවුල අත බලා සාස්තරයක් අහගන්න බැරි වෙනවා... එච්චරයි... ඒ වගේද ආතල් එක...

      Delete
  7. Dollar speaks! Dollar weeps! White man's burden speaks via dollar!

    ReplyDelete
  8. චීනෙන් ටිබෙටන් මැස්ටිෆ් බල්ලොත් ලැබෙනව
    චීනෙ බටහිර නෙමෙයිනෙ. හම කහ මිසක් සුදු නෙමෙයිනෙ. ඒ නිසා ඒ ගොල්ලන්ට අධිරාජ්යවාදී, විජාතික කුමණ්ත්‍රන කරන්න බෑනෙ. ජාතියේවංසයේ ලියල තියෙන්නෙ එහෙම කරන්න පුලුවන් බටහිර රටවලට විතරයි කියල.

    (ලෝකය ගෝලාකාර නිසා බටහිරට දිගටම ගියොත් චීනෙත් තියනව කියල දේශමාමල නොවන අයට හිතුනට ... ඔය ගෝලාකාර කතාවත් බටහිර විද්යාඥයො කියන දෙයක් නිසා විස්වාස නෑ. දේශීය ඌරුවට හීනයක් බලල නාත දෙයියො කියනවනම් තමයි අපි පිලිගන්නෙ )

    ReplyDelete
    Replies
    1. විමල් වීරවශගේ උපතත්, බටහිර කුමන්ත්‍රණයක් කියලා, හිරුණිකා කියලා තිබුනා....

      ටිබැටියන් මස්ටිෆ්.. ජර්මන් ෂෙපඩ්ලට වඩා දරුණුයි කියලා අපේ පොඩි එකා කිව්වා...

      Delete

    2. //ටිබැටියන් මස්ටිෆ්.. ජර්මන් ෂෙපඩ්ලට වඩා දරුණුයි //
      මතක් කරන්ඩ එපා ඕකුන්.

      Delete
    3. එහෙම කියන්න එපා කම්මල හැම එකාම (ඉතාලි) නියාපොලිටන් මැස්ටිෆ් වගේ නෑ.

      Delete
    4. ප්‍රා , ඒ කියන්නෙ අපේ පත්තරය තරම් බලු වෙන්නෙ නෑ. අන්ඩස්ටුඩ්.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. නැපෝලියන් මස්ටිෆ් එකෙක්ව උඹට තෑගි දෙන්න හිතෙනව කම්මලේ හුරතලේට හදාගන්න :D

      Delete
  9. UNP එකට එන්නෙ ඇමරිකන් ඩොලර් කියලනෙ කියන්නෙ. මුන් දෙගොල්ලොම ඉන්දියන් රුපියල් වලට කැමති නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපිට නම් සිරිකොතෙන් දෙන්නේ ඩොලර්...

      ඉන්දියන් සුපියල ගඳයිලු බං.....

      අද මොකෑ කොමෙන්ට්ස් දෙක දෙක නැත්තේ... ඒකෙන් මටයි පාඩු...

      Delete
  10. ලියාපන් තවත් නුඹ එක දිගට එක දිගට
    හැකිවේය යම් දිනක හොඳ රටක් බිහිවෙන්න

    ReplyDelete
    Replies
    1. ඇත එවන් සිහිණයක්..
      මීයෙන්නට පෙර දකින්නට රිසි....

      Delete
    2. මියැදුනොත් නුඹ එසේ
      මේ සිහල බ්ලොග් ලොව
      ඇදං යනු ඇත්තේ
      සුරංගගෙ ආච්චිද...?

      Delete
  11. චීනුන් දැන් වසංගතයක් වෙලා... උන්ගේ භූමියයි, ස්වභාවික සම්පතුයි, ශ්‍රම බලකායයි උපරිමයෙන් ප්‍රයෝජනයට යොදවනවා. මුස්ලිම් වරු හැම තැනකම ඉන්නවා වගේ චයිනා ටවුන් හැම තැනකම. එකත් වසංගතයක්. ආණ්ඩුව මිනිස්සුන්ව වහල් සේවයේ යොදවනවා. වැඩ මුරයක් පැය 12ක්... සොච්චම් පඩියක් දෙන්නෙ.. චීන්නු එහෙ අපා දුක් විඳිනවා..මෙහෙ ප්‍රොජෙක්ට් වලටත් චීන්නු බීඩිය පත්තු කරන සවල් ගහන්න එන්නෙ ඒකයි.. චීනෙ එක බිම් අඟලක් වත් මිනිස්සුන්ට අයිති නෑ මම දන්නා විදියට. ඒ නිසා ඕනෑම ව්‍යාපෘතියක් වන්දි ගෙවීමකින් තොරව කරන්න පුළුවන්. සෝවියට් රුසියාව වගේ ඕකත් පුපුරන දවසක් ඒවි...

    ReplyDelete
    Replies
    1. ඒත් රුසියාවේ වෙච්චි දේ නෙමෙයි චීනේ වෙන්නේ... ඇත්ත උන් මැරෙණවා... ඒත් ඊට පස්සේ උන්න තත්වයට වඩා උසස් ජීවන තත්වයක් ජීවත් වෙනවා... උන් තෘප්තිමත්...

      මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත් හෙමීට ලැබෙයි... ඒ වගේම තවත් පැත්තක් තියෙනවා.. ප්‍රජාතන්ත්‍රවාදී රටවල නායකයනුත් කැමති චීනයේ වගේ පාලන ක්‍රමයකට... ඒත් ඒ රටවල ඒ දේ දැන් කරන්න බැරි නිසා පට්ට දුකෙන් ඉන්නේ...

      Delete
    2. වස්සාන කාලය ඇවිදින්
      පෝට් සිටි හදනවා චිනෙ මාමා
      ලොකු අයියා රාමා සේතුව හදල
      ලංකාව ලංකරගන්න හදනවා
      උ/පෙ ළමයින්ට ඉගෙනගන්න සිස්සත්ව දෙනවා
      රුපියා යුවාන් වැසි වසිනා කාලයක් ඇවිදින්
      වස්සාන කාලය ඇවිදින් ???
      දත් ටික පරීස්සම් කරගනිල්ලා
      දෙගොල්ලොම එන්නෙ දත් ගලවන්න

      Delete
    3. අවුලක් නෑ චීනා "දත් බැඳිමට" ත් දක්ෂයි නේ......

      Delete
  12. 1. //ඒ හේතුව නිසාදෝ ඉරාකයේ සදාම් මෙන්, ලිබියාවේ ගඩාෆි මෙන් කුරීරු වද බන්දනයන්ට ලක්ව මිය යා යුතු කම්බ හොරු රැල, අවම වශයෙන් සිරදඬුවමකට හෝ ලක් නොවී බලයෙන් පහ වීම, ළෝකයා පුදුම කරන්නක් වීම අරුමයක් නොවේ. එහි සියළු ගෞරවය ජනපති ප්‍රමුඛ වත්මන් ආන්ඩුවට නිසැකවම හිමි විය යුතුමය.//

    2. //බලයට පත්ව මාසයක් වත් යාමට මත්තෙන් සුදුද කළුද නොදන්නා කුඩා රටක නායකයකුට, චීනයේ ලබා දෙන ඉහලම රාජ්‍ය ගෞරව පිරි නමා, ගොනාට අන්දවන්නේ එබැවිනි. ඇමතිවරුනට මෙන්ම උන්ගේ පුතුන්ටද, පෑන්, පැන්සල්, සපත්තු පමණක් නොව, සුර ලඳුන්ගේ පහස, එරටදී මෙන්ම මෙරටදීද ලබා දෙන්නේ ඒ හේතුවෙනි. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ එකාධිපතියකුට නැවත නොමිනේෂන් ලැබෙන්නේ ඒ හේතුවෙනි. ඔවුන්ගේ එකම අරමුණ වූ පෝට් සිටි ව්‍යාපෘතිය ගොඩ නැගීම සඳහා ඔවුන් නොකරනා දෙයක් නොමැත.//

    හැමදාම වගේ මුලින් ලියු ඉහත (1 මහින්දට ද දඩුවම් නොදී පලිගනීමෙන් තොඅරව පෙන්වූ යහපාලනය සදහා ජනපති මෛත්‍රී ගේ කැපවීම) සහ අවසානයේ ලියු (2 මහින්දට දඩුවම් වෙනුවට නම යෝජනා දෙන්නේ චීනා මෛත්‍රී සහ පුතුන් ට සැප දී අන්දවා ගැනීමෙන් බව ) කරුණු අතර විශාල පරස්පරයක් තිබෙනවා නේද ?

    ආ) //එබැවින් කුමන පක්ෂය බලයට පත් වුවද, රට ගමන් කරනුයේ චීනාගේ සිතැඟියාවන් අනුවම පමණය. මේ නිහඬ බවට හේතුව යහපාලනය යැයි කියා කෙනෙකු සිතන්නේ නම්, එය ඔවුනගේ නොදැණුවත්කමම පමණය.

    ප්‍රචන්ඩ ක්‍රියා අවම වූ, නීතිගරුක, ඇල්මැරුණු ඡන්ද ව්‍යාපාරයක් හා සාමකාමි පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් අප ස්තූති කල යුත්තේ යහපාලනයටවත්, මැකෝටවත්, පොලිසියටවත්, පැෆරල්ට හෝ ඇපරල්ටවත් නොවේ. යුආන් වලින් පක්ෂ අරමුදල් හා දේශපාලුවන්ගේ සාක්කු පිරවූ චීනාට පමණි.//
    ඔබ රාජ්‍ය රහස් සියල්ල දන්නා රහස් පොලිස්, හමුදා බද්ධු අංශ හෝ CIA හෝ චීන ඒජන්තයෙක් බවද ඔබ කියනේ ? එහෙම නැති නම් සාමාන්‍ය මිනිස්සු මොකත් නොදන්නා මෝඩයන් වෙලා අතේ ඔබ පමණක් රාජ්‍ය රහස් දන්නා විශේෂිත පුද්ගලයෙක් බවද කියන්නේ ? මම යෝජනා කරනවා ඔබේ "කවුරු ආවත් රට පාලන වෙන්නේ චීනට ඕනේ හැටියට" බව බොරුවට කියා, මැකෝ ගේ ප්‍රබල මැදිහත්වීමෙන් ලැබුණු සාමකාමේ මැතිවරණ වටපිටාව සඳහා හේතුව වශයෙන් අමුලික පට්ටපල් බොරු හේතුවක් දැක්වීමෙන් කරන්නේ ජනතාවගේ චන්දය ප්‍රකාශ කිරීමේ උනන්දුව අඩු කිරීමට කාගෙන් හෝ ලැබුණු කුණු කොන්ත්‍රාත්තුවක් බව. ඔබ මීට කලිනුත් ලිපියක කිව්වා "කවුරු අවත මේ රට හදන්න බැහැ" කියා. එවැනි කුණු කොන්තත්තුවක් නැති නම්, මෙවැනි පදනමක් නැති අභූත චෝදනා වලින් මිනිසුන්ට අසුබවාදී අදහස් ගෙනියන්නේ මොන වුවමන්වෙන්ද ?

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඇවිත්......

      බෙහෙත් නැත....

      Delete
    2. 17 වෙනකම් විතරයි ඔයාගේ ගොන් අතල් කඩන්න එන්නේ. චන්දෙන් පස්සේ ඔයා තමයි CIA නියෝජිතයා. හීනෙන් දැකලා බය වෙච්චි ඕනේ දෙයක් කියල සිගිති ආතල් එක ගන්න පුළුවන් කට්ටිය වට කරගෙන.

      Delete
    3. මාතලන්, මාතලන් කෝ මේ මාතලන් ? 17 ටත් කලින්ම ඔයා චුත වෙලා ගිහිල්ලද මන්ද මාතලන් ?

      Delete
    4. ලෙඩේට බෙහෙත් හොයනවා මෙයා....

      Delete
    5. කොහෙද ඇඳ යටද මෙයා ඔයා හැංගිලා හොයන්නේ ? 17 ට කලින් ඉක්මනට සොයන්න!!! 17 න පස්සේ ගොන් ආතල කඩන්න එන්නේ නෑ!! හැමදාම ඔයාගේ සිගිති ආතල් කඩ කඩ ඉන්නවට වැඩිය වෙන වැඩත් තියෙනවනේ!!

      Delete
  13. චීන්නු, ඇමෙරිකන් කාරයා, ඉන්දියාව, බ්‍රිතාන්‍ය ආදී තව බොහෝ රටවල් තමන්ගේ පැවැත්මට, ආරක්ශාවට සහ ආර්ථික වාසීන් සඳහා චරපුරුෂ සේවා හරහා හෝ ආදාර හරහා අනික් රටවල් වල කටයුතු වලට 'ඇඟිලි ගසයි'. ලංකාවේ සිදුවූ 1978, 1956, 2004, 2015 සිදුවීම් වල රෝ ඔත්තු සේවය පිටුපස සිටි බවට අනුමාන කල හැක. 1971 සිද්ධිය පිටුපස යම්කිසි ලති ඇමෙරිකානු රටක් හරහා වමේ රටක් සිටි බවට කථා තිබිණි. එම අවස්ථාවේ විශේෂත්වය නම් වාමාංශික රජයක් බලයේ සිටියදී දක්ශිණාන්ශික නොවන රටකින් බලපෑමක් සිදුවූ බවට තිබුණ සැකයයි. ආර්ථික අතින්, භූමි ප්‍රමාණයෙන්, සහ ජනගහණයෙන් කුඩාම රටවල් වලින් එකක් වන අපට ඒ ගැන කළ හැකි දේ සීමා සහිතයි. වසර 200 ගණනකට පෙරමෙන් අපට අවශ්‍ය හැමදේම අපිම නිශ්පාදනය කරගෙන, බක්කි කරත්තවලින් ගමන් බිමන් යාමට සූදානම් නම් එක්තරා දුරකට එය පාලනය කල හැකි වන්නට පුළුවන. එසේ නැත්නම් අපි ප්‍රායෝගික වී එවන් ඇඟිලි ගැසීම් වලින් විය හැකි හානි අවම කරගෙන වාසි ඇත්නම් ඒවා ලබා ගන්නවාට හැර වෙ කළ හැකි දෙයක් නැත. එමනිසා විමල් වීරවංශගේ උපත බාල ප්‍රමිතියේ පවුල් පාලන පෙති හෝ වෙනත් දෙයක් සැපයීම වැනි බටහිර කුමන්ත්‍රණයක් නිසා සිදුවූවක් වීමටත් ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. අප්පච්චිගෙ කොපුව බටහිර කුමන්ත්‍රණයකට අහු වෙලා...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. බොරුවට කබ්බ හොරු ගැන කියෙව්වට මාතලන්ල සුද්දන්ගෙන් ගහගන්න ගැහිල්ල දන්නෙ අපිනෙ.

    ReplyDelete
    Replies
    1. ඕවා මෙහෙම ප්‍රසිද්දියේ කියන්න එපා මචං... පීචං වෙනවා...

      Delete
  16. මාලක පී....ය..!!
    නේග නේග ලන්ගා පීපොල් පොබොලොං.. චයිනා පීපල් ගුඩා..
    නී මතලං සාබී... පොබොලොං..
    ජයවේවා..!!

    ReplyDelete
  17. මම මේක කලින් සරයකුත් කිව්වද මන්දා ?

    " පුතා ඔයා හිතන්නේ වඩා හොඳ රට චීනයද ඇමරිකාවද?"

    " චීනෙනේ අංකල්. බලන්න චීනය අපිට ආධාර කරනවා , ජිනීවා වලදී අපිව ආරක්ෂා කරනවා , අපි වෙනුවෙන් හැම තැනදීම පෙනී ඉන්නවනේ , ඇමරිකාව එහෙමද අපිට අංචි අදින්නමයි බලන්නේ ."

    " හොඳයි පුතා එහෙනම් අපි ඔබ කැමතිම රටේ පදිංචි වෙන්න PR අරන් දෙනවා ඔ, ඔයා චීනේට යන්න එහෙනං"

    " නෑ අංකල් ඒ වුනාට , එහෙම දේකටනම් හොඳ ඇමරිකාව නේ "

    ReplyDelete
    Replies
    1. මාර දෙශප්‍රේමියත්වයක් හා රාජ්ජතාන්තිරික බාවයක් නේද මෙයා....

      Delete
  18. රනිලුන් 2004 දී මෙන්ම මෙවරත් ලැබුණු පුල්ටොස් එක යෝකරයක් බවට පත් කර නොගන්නට මෙය තනි අශ්වයාගේ සටනක් වීමට තිබුණි.යූ ඇන් පීය චන්ද ව්‍යාපාරය පටන් ගන්නා විට සන්ධානය සිටියේ බුලත් කොළෙත් ෂුවර් නැති තැනකය.පසුව චන්ද සටන පටන් ගත්තේ ගැටුම් බෙදුම් මැද ටීම් දෙකක් විදිහටය.එහෙත් සුපුරුදු පරිදි රනිල් සිය උද්දච්චකම සහ ඩීල් මතම විශ්වාසය තැබීම මත මේ වාසිදායක තත්වයෙන් ප්‍රයෝජන නොගත්තේය.රාජපක්ෂ කඳවුරට එරෙහි ආයුධ ඕනෑවටත් වඩා තිබියදී ඒවා නිසි ලෙස පාවිච්චි නොකරේය. ඒ වෙනුවට සිය ගජ මිතුරු ක්‍රියා කලාපයන්හි ප්‍රතිපලයක් ලෙස වැලේ වැල් නැතිව සිටි රාජපක්ෂ කඳවුරට ආයුද සැපයීය . ( බැඳුම්කර සිදුවීම) .රාජපක්ෂ කඳවුර සුපුරුදු ලෙසම ජාතිය ආගම සහ දේශප්‍රේමය හොඳ හැටි අලෙවි කරමින් ගේමට බැස්සේය.අවසාන ප්‍රතිපලය කරට කර සටනකි.වෙනදා මෙන් රාජ්‍ය බලය මැතිවරණය සඳහා යොදා ගත නොහැකි වීමත් සන්ධානයට වාසියකි.ජවිපෙ චන්ද සටන ඇරඹුවේ ජනාධිපතිවරණය ඉවර වෙනවාත් සමගය.මෙවර ඔවුන් වෙනස් මානයකින් සටනට පිවිස ඇත.සුපුරුදු ගැමි, කම්කරු,සිසු තෙල බෙදීම වෙනුවට සිය කොම්ෆෝර්ට් සෝන් එකෙන් එළියේ සිටිනා ජන කොටස්ද ආමන්ත්‍රණය කරති.ජාතික ලැයිස්තුවට නව අරුතක් දී ඇත.එහෙත මේ රටේ බහුතරයක් ජනතාවට ජවිපෙට කතිරය ගසන්නට තවම ගටක් නැත.රැස්වීම් වලට ඉන්නා සෙනග චන්ද ප්‍රතිපල වලින් නොපෙනෙන්නේ ඒ නිසාය.මෙවරත් ඔවුන් ආසන 10 කට එහා යනු ඇතැයි සිතිය නොහැක.අනික් පැත්තෙන් උතුරේ සහ නැගෙනහිර ජනවාරි 8 හංසයාට වැටුණු චන්ද බහුතරයට දෙමල සන්ධානය වග කියනු ඇත.නොබෙදුණු රටක් ගැන කතා කරන හැමෝම මේ ගැන ලජ්ජා විය යුතුය උතුර සහ නැගෙනහිර බහුතරයක් දිනා ගන්නට ජාතික යයි කියන පක්ෂ වලට නොහැකි වී ඇත.සන්ධානය කොහොමත් චන්ද කරන්නේ උතුරු නැගෙනහිර අතහැරය.එහෙම බැලුවාම මෙවර දෙමල සන්ධානය සහ ජවිපෙ පාර්ලිමේන්තුවේ තීරක බලය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.මහින්ද මුත්තා 120ක් ගැන පුරාජේරු වැනුවත් කිසිදු පක්ෂයකට ආසන 113 ඉක්මවිය නොහැකි යයි සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පෙරේදා බී බී සී යට කීවේය.

    ReplyDelete
  19. 03 August 2012
    අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)උපුටා ගැනීම : http://chami4u.blogspot.com/2012/08/blog-post.html


    මේ කාලය ගැන 85න් පස්සේ ඉපදුන අයට හිතාගන්නවත් බැරි වෙයි

    ReplyDelete
  20. Sahathika eththa Mr.Maathalan. Eth dennam tikak sekai sekai wage. Bayyonta nam ithin awulak ne yudde dinuwane kiyala ona pukak prethi wesak theory eke inna nisa unta hena gehuwath rajjuruwo thamayi. Moda heththa. Papuwen nethiwa molen chandaya pawichchi kaloth godama thamayi. Jaya siri ammata siri lankaawa..

    ReplyDelete
    Replies
    1. මොලෙන් චන්දෙ පාවිච්චි කොරන්න ඉතින් උබට වගේම මතලන්ටත් පස්ස පැත්තේ වත් මොලයක් තියෙන එකක් යැ ?

      Delete
    2. Ane mage budu puthe... Uba mehemada ube appachchita katha karanne? Samaweyan mata ube ammata ubata namak gamak denna beri una ekata maye puthe...

      Delete
    3. ප්‍රවේණියෙන් ම උරුම වූ වනචර ගති ද නොහික්මනු ගති ද මෝඩ ගති ද නිසා, ටික්කා ගඟේ ඉහත්තාවෙන් නාන ගමන් පහල නාන කතුන් දිහා හොරෙන් බලාගෙන ස්වායන්වින්දනයේ යෙදී ජලයේ ශුක්‍රානු පහකර සිතන්නේ ඒවා ගගේ පහල ගසාගෙන ගොස් පහලා නමින් සිටින ගෑනුන් ඒවායින් බඩ වෙන බවත් පහල නාමින් සිටින ගැනුන් ට ලැබෙන ළමයින්ට උගේ නම ගම දිය යුතු බව පමණකි. ඒ ළමයින් උගේ නොවන බවක් වත් වටහා ගැනීමට පශ්චාත් භාගයේ වත් මොවුන්ට මොලයක් නැත. ටික්කා වැනි එවුන් අනුන්ගේ ගෑනුන්ට ළමයි හදා දුන් වීරයන් සේ කට දෙඩවුවද, ටික්කා ට හැමදාම සිදුවන්නේ ද මෙසේ ගගේ නාන ගැණු දිහා බල ජලයේ ශුක්‍රානු පහකර අනුන්ගේ ළමයින් උගේ යයි සිතා, අනුන්ගේ ළමයින්ට උගේ නම ගම දී උන් හදාගැනීමට සිදුවීම පමණකි.

      Delete
    4. Ubata upset da puthe? Paw puthe ubata. Eth mage wasagamanam denne ne hitan..

      Delete
    5. බයියෝ අතු ගෑවිලම යන සයිස් එකක් තියෙන්නේ...

      Delete
    6. තම උපත වූ සැටියටම අනුන්ගේ උපත ද සිදු වූ බව සිතන ටික්කා වැනි එවුන් ට එය එසේ නොවෙන බව වටහා ගැනීමට පශ්චත් බාගයේ වත් මොලයක් නොමැත!! මාතලන් සිතන්නේ කොමෙන්ට් මකා දැමීම වෙනුවට එඩිට් කර මැකූ බව සැගවේය යන්නයි. ඔබේ අන්තේවාසික අශීලාචාර මරි මෝඩ ටික්කාට උගේ බසින්ම උත්තරදීම පශ්චාත් භාගයෙන් පිටව ගොස් ඇති උගේ මොලය නැවත අද්දවා ගැනීමට කරන උපකාරයක් බැවින් උගේ බසින්ම උත්තර දුන්නෙමි. ටිකක වැනි එවුන්ට මොලය ලැබුණු විට තවදුරටත් මාතලන්ගේ එහෙය්යන් නොවෙන බව දන්නා මාතලන් උගේ මොලය පශ්චාත භාගයේම තැබීම පිණිස ඒවා මකූ බවද නොපෙනෙන පරිදි හොරෙන්ම මකා දමයි. අහෝ වීරයෙකු සේ සිටි මාතලන් බලු කුක්කු සේ හොර්න් කොමෙන්ට් මකා දමන තත්වයට වැටුණු කැත. මහින්ද මුත්තා වූ සේම මාතලන් මුත්තද දැන් හොම්ම්බෙන් යන බවට සොහොන් ලකුණු පලවෙමින් පවතී.

      Delete
    7. Ano.. Mama methanata enne ubala wage 3rd class ewunge pada show bakannawath adyapala thathwe balannawath mage pada show pennannawath nemei. Mama enne mage profile eken. Kiyanta ona de kelinma liyanawa. Ubala sinhala 3rd class ewun. Wedak nethinam mage payya katata ganin. Passe gihin ube ammata kiyahan mehema. Budu ammeee.. Mata samawenna. Mama thaththage payya katata gaththa...!!

      Delete
    8. කියාගන්න දෙයක් නැතුව කුණුහරුප කියන්නේ 1stclass ද බන් ? උබත් ඔය එකක් නිකන් ඉන්න වෙලවට කටේ තියාගන්න කිවේ උබ ඒ වැඩේ කරන නිසා නේද ? මචන් නිකන් ඉන්න වෙලාවට ඔයවගේ පහත් වැඩ කරන්නේ නැතුව පොතක් සගරාවක් ජරනලයක් කියවල දෙයක් ඉගෙන ගනින්. එතකොට උත්තර නැතුව දෙද්කොන මූට්ටු වෙලා කුණුහරුප කියන්න වෙන්නේ නැහැ. අදහස් වලට කුණුහරුප වලින් නැතුව අදහස් වලින් උත්තරදෙන්න පුළුවන් උබටත් එතකොට. උබ ඔය තාත්ත කෙනෙක් ගැන කියපු කතාව මොනවා වුනත්...උබේ ඔය කියාගන්න එකක් නැතුව කුණුහරුප කියන ගතිය නම් උබ ආවේ මාතලන් උබේ තාත්ත නිසාද මන්ද...

      Delete
    9. Kondak thiyenawanam namin waren. Ubala wage awajathaka eth sinhalen appatasiri kiyala hithan inna ewunta katha karana baasaawa thamai meka..

      Puka denne nethiwa palayan. Mokada ubath lankawe nikan dena adyaapanayen pikatin karan anthimata nomilema anduwe rassawak hamba wenakan balan inna pakayek wage.. Ubalaya hariyanne key board ekama thamayi.. Mokada api wage namin ewirh comment karanakota peththaka indan puka dena ewun ubala wage.. Ane pako. Thopila wage ewun 100000000 fb eke dekala thiyenawa. Ubalata iyanne pin gonnu.. Thopita ona me wage then walata ewirh minissunta garahanta. Yakoaywth kiyannam. Minihek wela ipadunaanam minihek wage meriyan loketa barak nowi..

      Delete
    10. Maathalan kiyanne kiyana deyak hondin hari narakin kiyana ekek. Ubata oni ne ee gena denaganta. Mokada wetena comment walin ubatama puluwan balaganta. Uba gena mata dukai ban. Wasala pakaya. Thawamath mama hithanne ubala wage sinhala heththa heminilama yanta oni. Thuk nodakin ubala.

      Delete
    11. එහෙනම් ඉතින් සිංහල අකුරෙන් සිංහල ලියාගන්න බැරි ඉංගිරිසි අකුරෙන් ඉංගිරිසි ලියගනත් බැරි උබ වගේ එවුන්ට නම් තවත් මොනවා හැමිනේනන්ද ? දැනට උබලගේ අම්මටම අහමිනිල ගිහිල්ල ල තියෙන්නේ !!!! උබත් මාතලනටම ගැලපෙන කුණුහරුපෙන් ලොක්කෙක් නේද ? උබ හිතන්නේ අනික් එවුන් කුණුහරුප කියන්නේ නැත්තේ දන්නේ නැති නිසා කියලද ? උබ අර නිකන් ඉන්න වෙලාවට මොකක්ද කටේ තියාගෙන ඉන්නවා කිවේ මතලන්ගේ නේද ? එක නිසා තමයි උබට මාතලන්ගේ උරු ගත පෙවිල තියෙන්නේ. උබ නමින් එන්න කියන්නේ උබ නමින්ද ඇවිත් තියෙන්නේ ? උබේ අම්ම උබේ නම තිබ්බේ ටික්ක කියලද ? අපරාදේ තියන්න තිබ්බේ මතලන්ගේ පුකේ වපු මැක්ක කියල. මාතලන් ගරහන්න තරම් මිනිහෙක් ද ? ඕක සුද්දෝ දැක්කල ගැන කපාගන්න පිම්ම්පියෙක් උබට ලොකු ම්නිහෙක් වුනාට. උබ නම් පිම්පියෙක්වත් නෙවෙයි. සිංහලෙන් ලියග්ගනත් බැරි කලවම් එකෙක්. උබල ඔය එක එකාට පුක දුන්නට අනික් එවුනුත් එහෙම කරනවා කියල හිතන්න එපා. උබ වගේ හරක් 17 වෙනිදා වෙනකොට අතුගැවිල යනවා. උබ කුණුහරුප කියන්නේ අපි දන්නේ න කියල හිතාගෙන නම් මත උබට කුනුහරුපෙන්ම උත්තර දෙන්නම්. හැබැයි එහෙම නොකරන්නේ කියාගන්න දෙයක් නැතුව පුක මුට්ටු වුනාම කුණුහරුප කියන එක රාජපක්ෂලාගේ පුක හෝදන එවුන්ගේ සිරිත මිසක් අපේ සිරිත නොවෙන නිසා. උබ මුලින් උබේ නම් වරෙන්.

      Delete
    12. Meka mulinma ahaganin. Sinhalen type karanta puluwannam mama sinhalen type karanawa. Ubala wage medin penala ahaka inna ewunge comment walata ano ewith puka denne ube konda pana nethi nisa. Meka thama mage profile eka. Ey ubata awulda? Ha haa.. Uba sinhalen comment karana nisa uba porakda? Ane huke. Yako yudde thibba kale ubala wage ewun yuddeta gihilla merunanam ranawiruwek hari wenta thibba. Blogger wala comment karala minihek wenna be ban. Ubala wage ewun gena dukai. Paw asaranawa. Balan hitahan ubalage aanduwak enakan. Mata unp awath mara awath ekai. Ubalawage ewun balan inne okkoma nokan hamba wenakan. Kawadda kiyahan anthimata ube salli walin kewe.. Uba hingaa kanawa wage methana. Hondata hingapan. Mata ubata denna salli ne. Thawa hingapan ahaka yana ekek hari ubata rupiyalak dei. Moda wesige putha. Kiyahan ube ammata naala waren kiyala nidi wadinta kalin.

      Delete
  21. සිරාවටම මේ පාර ඡන්දෙ වැඩිය සද්ද බද්ද නැත්තේ යුආන් හින්දද මාතෙ අයියේ?

    ReplyDelete
    Replies
    1. මනා උබට එහෙමයි කියල විශ්වාස කරන්න පුළුවන් ද ? කොච්චර හොරකම් කලත් මදි වෙච්චි අපේ දේශපාලුවෝ යුවාන් 2 ක් අරගෙන ගේම අතාරීවී කියල උබලට හෙතෙනවද ? අනික චීන්නු කොහෙවත් යන ටුවර් ගයිඩ් කට්ටොන්ට අණබෙර ගහ ගහ දෙනවනේ යුආන් දුන්නත්. ඕනේ මෝඩයෙකුට බොරු කියල තේරෙන, මූ කියන අමුලික ඇත්ත විශ්වාස කොරන එවුනුත් ඉන්නවනේ හප්පා.

      Delete
    2. ආයේ වෙන මොනවද බං.... පොලිටික්කෝ ඉතරක් නෙමෙයි උන් සිරසටත් පට්ට ගානක් විසි කලා..

      රට වටේ ගඩොල් වලට වැන්දුවේ නියමෙට ගොනාට අන්දලා....

      Delete
  22. මාතා.................... උඹේ ලිපිවලින් ඒලියට ඒන දේශපානයට අපි හරි කැමතියි.. මොකද ඒ තුළ අනුරගේ වර්ථමාන ජවිපෙ කරන්නා වූ ප්‍රායෝගික දේශපාලනය අපි දකිනවා..... මේ වෙලාවේ බොහොමයක් දෙනා හිතන්නේ මහින්දගෙන් රට බේරා ගන්නනම් රනිල්ට උපරිම සහයක් දිය යුතුයි කියලා.. නමුත් ඒ තුළ සැගවී අැති භයානකකම ඔවුන් දකින්නේ නැහැ.... රනිල් කියන්නේ මහා හොද පුද්ගලයෙක් නොවන බව රටම දත යුතුයි... ඔහු හොරෙක් නෙවෙන බව අැත්තක්... නමුත් පොඩි මිනිහාගේ දුක නොතේරෙන අන්ත ධනවාදී පුද්ගලයෙක්.... ඒක ලංකාව වගේ රටකට භයානක නායකකමක්.... මේ අපි රට දෙන්න යන්නේ අවුරුදු 5 කට.... බොහෝ විට ඒයින් ලබන පන්නරය නැවත අවුරුදු 20 කට රට හරවන්න බැරි වෙන තැනට වෙනස් කරන්නයි අපි යන්නේ... ඒ නිසා මේ වෙලාවේ බුද්ධිමත් පිරිසට අපි සන්නිවේදනය කළ යුත්තේ තුන්වැනි බලවේගයේ අවශ්‍යතාවයයි.... ඒ නිසා ඔබ දරන්නා වූ මතයට අපි සීයට සීයක් ඒකගයි මාතා....

    ReplyDelete
    Replies
    1. දේශේ හැටියට වාසේ මචෝ....

      Delete
  23. //ඔවුන්ගේ එකම අරමුණ වූ පෝට් සිටි ව්‍යාපෘතිය ගොඩ නැගීම සඳහා ඔවුන් නොකරනා දෙයක් නොමැත.//
    ---මේක තමයි ඇත්ත...චීනා ට මහින්ද ත් එකයි මෛත්‍රී ත් එකයි-
    --මාතො...සම්පූර්ණයෙන්ම එකඟයි...--

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි මචෝ....

      Delete
  24. චීනා තමන්ගේ රට ගැනයි පක්ෂය ගැනයි සල්ලි ටිකයි සඳහා නොකරන දෙයක් නැත. ඉන්දීයාව කලාපයේ බලවතා වීමට නොකරන දෙයක් නැත. ඇමෙරිකාව ඉන්දියාව හා චීනය භේද කරවීමට නොකරන දෙයක් නැත.
    http://nelumyaya.com/?p=3950
    මේ දවස්වල ලංකා නිව්ස්වෙබ් එක හිරවෙලා.

    ReplyDelete
  25. විශේෂ නිවේදනයයි!!
    මාතලන් ඇප්එකක් හරහා ඔබගේ අතිශය පෞද්ගලික දත්ත හොරකම් කිරීමට කටයුතු කරයි. එයට හසු නොවන්න!

    ReplyDelete
    Replies
    1. Ethakota api ahuwenna ona umbata da.???

      nikan danne nathi reddawal kathaa karan nathuwa palayan jagatho yanna wadak balaagen...

      Delete
  26. Congratulations Maathalan!!!
    Anna BBC ye oya gaena sadahan karala. Oya yahapachane gana kalakirilalu.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න