.

.

Jan 7, 2016

මෛත්‍රී වීරයෙක්ද...? - My 3... Hero, Nero or Zero...?



සිරිසේන මහත්තයා වීරයෙක්ද, බයියෙක් මගෙන් ඇහුවේය. මම ඇහුවේ මහින්ද උඹට වීරයෙක්ද කියලාය. ඌ මගෙන් ආපිට ඇහුවේ, මහින්ද මාතලන්ට වීරයෙක්ද කියලාය. මම කිව්වේ ඔව් කියලාය. මහින්ද සැබවින්ම වීරයෙක්ය. ඔහු රටේ නායකයා වන තෙක් ඉතා ඉවසීමෙන් කටයුතු කලේය. 2005 දී සුනාමි සල්ලි පිල්ලි ගැසූ කේස් එකක් ආවත්, අම්මට සිරි ලංකාවේ හැටියට, ඒක මහා ළොකු ඉෂූ එකක් උනේ නැතිය. කොහොම හරි හිටපු අග විනි සුරු හොරා කේස් එක යට ගැහුවේය. පිරිබාහරන්ට පින් අත් වෙන්න මහින්ද නූලෙන් දින්නේය.


කොන්ඩම් තියරිය එකසිය ගානට ඇදහූ නායකයෙක් වූ මහින්ද, පිරබාහරන්ටද ඇප්ලයි කොරන්නේ ඒ මැතඩ් එකමය. ඒ කාළේම දැන ගන්න ලැබුනේ කටුනායක රනවේ එකට කිස් දුන්න දවසේ, එයාර්පෝට් එක ඇතුලේම ලොක්කා පිරබාහරන්ටත් කිස් කන්නම දුන්නා කියාය. ඊට පස්සේ විජේවීර ගියා වාගේම පිරබාහරන්ටත් පොරෝ පාරක් කාගෙනම දිවිය ළෝකේ යන්නට උනේය. ඒ ගොන් වස්සා, පිල්ලෙයාන්, කරුණා අම්මාන්, කේ පී වාගේ ලොක්කට සෙට් උනා නම්, සමහරක් විට අම්මට සිරි ලංකාවේ අගමැති වෙන්නත් තිබුනේය. සමහර විට එහෙම කේස් එකක් දැනගෙන,ම හමුදාවේ උන් පිරබාහරන්ට ගේම දුන්නා වෙන්නත් පුළුවන්ය. 


මහින්ද ලොක්කාට තනියෙන් ගන්න තිබ්බ ක්‍රෙඩිට් එක, වෙල් විදානේ උන්නැහේටයි එයාගේ මල්ලිටයි බෙදලා දෙන්න ගිහින්, පස්සෙ කාලෙක ඉල්ලාගෙනම කන්න වෙයි කියලා එයා ඒ කාළේ හිතන්නේ නැතිව ඇතිය. කොහොම හරි ඔක්කෝම වීරයෝ වෙන්නේ ඔය කේස් එක නිසාය. යුද්දේ නැවත්තුවේ නැත්නම් ඉල්ලාගෙනම කන්න වෙනවා කියලා දැනගත්තේ මාවිලාරු වහපු දවසේ නෙමේය. පිත්තල හන්දියේ බී ඇම් එක දඩිං බිඩිං ඩෝං එකට අහු උන දවසේය. එහෙම නැතුව මූලස්තානේ ඇතුලෙම හමුදාවෙ මහ එකා මරා දැම්මත් මහින්දලාට අවුලක් වෙන්නේ නැතිය. ඔය මොකා කිව්වත්, පිරබාහරන් ඉල්ලගෙන කෑවේ මාවිල් ආරු වහපු එකෙන් නෙමේය. පිත්තල හන්දියේ චීන පටස් ගහන්න ගිය එකෙන්ය.

හැබයි ඉතින් එහෙම වීරයා වෙච්චි මහින්ද ලොක්කාට සුනාමී වගේ සල්ලි හොයන්න හිතෙන්නේ එයිට පස්සේය. රට හැදිල්ල පැත්තක දාන උන් වහන්සේ පවුලත් එක්කම සෙට් වී රට උලාකන්න පටන් ගන්නේ එයිට පස්සෙය. කොහොම කෑමක් කෑවාද කියනවා නම් හාන්දුරුවනේ..., උන් හිටි තැන් පවා අමතක උනේය. දැන් දැන් එලියට එන්නේ අන්තඃපුරයේ උන් අන්ගනාවන් ගැබ්බරු වූ අවස්තාවන් වලදි, ඇබෝසොන් කොරන්න වෙනම ඉස්පැසලිස්ට්ලාත් අරලිය සන්නිපාත ශාලාවේ උන්නා කියලාය. කෙලින එක කන්නාවන්ගේ කොල බොක්කටම කෙලලා තියෙන්නේ එහෙමය. ඒවාට පුල සපෝට් දීලා තියෙන්නේ ටයි කෝට් දාගත්ත සැක්‍රටිරි මහත්තුරුය.

එතකොට මාතලන්ට මෛත්‍රී වීරයෙක් වෙන්නේ එහෙව් සක්විති රජෙක් එක්ක ගේමට ආපු පොරක් නිසාය. අනික ඒ පස්සෙම එකෙක් වූ නිසාය. උන්නැහේ වීරයෙක් වෙන්නේ, හදිසියේ හරි පැරදුනා නම් හෙම, අර කුරුණෑගල පොල්වත්තේ ඉඳන් ඇද ගෙන ඇවිත්, වැලිකඩට යවනවා පෙනෙනවා හිටං නිසාය. මොහොතකට් ඒ සීන් එක ඉමැජින් කොර ගත්තාම, සිරිසේන ලොක්කා නියම වීරයෙක් වෙනවා හිටංය.

හැබයි එහෙම වීරයෙක් වෙන්නේ ගේම දිනනකන් විතරය. අවුරුද්දක් ගත වන අද දිනයේත් සිරිසේන උන්නැහෙලා මහින්දලාට වඩා රැක ගත යුතුයි කියා සිතුවාට, සැලබෙරේට් කොරන්න තරම් දෙයක් කෙරුවාද කියනා එක හොයන්න වටිනවාය. එහෙම සැලබෙරේට් කොරන්න දෙයක් ඇත්තේම නැති තරම්ය. මාතලන්ට අනුව නම් අද ඉන්නේ හීරෝ කෙනෙක් නොව තුට්ටු දෙකේ දේවල් ජාතික ප්‍රශ්ණ කොරගෙන හත්පොලේ ගාගන්නා සීරෝ කෙනෙක්ය.

මේ හීරෝට සෝරෝ වගේ වෙන්න ඕනා තරම් ඉඩ තිබුනේය. ඒත් පටන් ගත්තේම නාගෙනය. පළමු පත්වීමම දුන්නේ මහින්දගේ කටු කාපු බල්ලෙකුටය. ඒ රූපවාහිනියේ සභාපති කමය. මේ ආන්ඩුව නානවා කියා මාතලන් කිව්වේ එදාමය. අද වෙන්නේ ඒකේ හොඳම එකය. කරුමේ කියන්නේ සිරිසේන ජනාධිපති තුමාට මෛත්‍රී කෑල්ලකුත් තියෙන්නේය. ඒ නිසා අපේ කමට සඟිස්කුරුතියට මාර මෙව්වා එකක් තියෙන නිසා සතුරාටත් මෛත්‍රී කොරනවාද කියා වෙලාවකට හිතෙනවාය.

කම්බා හොරු ඔක්කෝම තාමත් එලියේ ඉඳන්, ඩේලි වොයිස් කට් හා මාද්දිය සාකච්ඡා දෙනවාය. චැනල් එකකට දෙකකට ඇර, තාමත් ජනාධිපති, මහින්ද රාජපක්ෂය. පඩයක් ගියත්, පඩය, පඩයක් යාමට හේතුව, පඩයක් නොයවා සිටීමේ මාර්ගය මෙන්ම නිවැරදිව පඩයක් ගමන් කිරීමේ මාර්‍ගය යනාදි චතුරාර්ය සත්‍යයයම උන්වහන්සේ දෙසා වදාලන්නේය. මිනීමරුවන් අහිංසකයින් කිරීමේ පුදුම අනුහස් උන් වහන්සේට තියෙනවාය. එයිටාමතර පොට්ට තොටවත්තයා වාගේ ජෝතිෂ අනාවැකිත් පල කරනවාය. මෙයා මෛත්‍රී කොරනවාය.

තාජුඩීන්ලා වලෙන් ගොඩ අරගෙන ආයෙත් මරනවාය. එක්නැලිගොඩ කොටියා කොරනවාය. ලසන්තලා ආයෙත් වෙඩි තියා ගන්නවාය. බැසිල්ලා ඇම්බියුලන්ස් ටුවර් යනවාය. නීලකාස හොරු ඇමතිවරු වෙනවාය. එහෙම නැත්නම් රජයේ සාක්කිකාරයෝ වෙනවාය. ප්‍රසන්න 2020 අගමැති වෙනවාය. ඝෝඨා ජනපති වෙනවාය. ජෝතිස වෙසිගේ පුතෙක් 2017 දී ලොක්කා මරලා දානවාය. ඒත් මෙයා මෛත්‍රි කොරනවාය.

යූ ඇන් පී එකෙක් වෙන මතුගම පැත්තේ තෙවරක් පෙරාපු එකා මිනිස්සුන්ට ගහලා ඇතුලේ යනවාය. සිරි ලංකා එකේ අක් මුල් ඇති චන්ඩි දෝනියැන්දලා, බඩුවක් උස්සපු එකාට බ්ලැක් ඩිෆෙන්ඩර් රයිඩ් එකක් දීලා, අළුත්කඩේ කොලොන්නාවට ගෙනත් නඩු බලවලා, බබ හුකුං වෙනවාය. ඇඹිලිපිටියේ පොලෝසියේ උන් බෝතල් දෙකක් වෙනුවෙන් මිනිස්සු මරණවාය. රේප් කේස් ඕසෙටය. මංකොල්ල එකසිය ගානටය. ළමා අපචාර දවසට දහය පහළොවය. ඒත් සෙරේස්ඨ සඟිස්කුරුතිය ගැන පාරම් බානවාය. 

ඒ ඔක්කෝම තියෙද්දි විවස්තාව හදන්න අපිටත් එන්නෙයි කියනවාය. තියෙන විවස්තාවට අනුව වැඩ කරනවා නම් ඔය තියෙන එකෙත් අවුලක් ඇත්තේ නැතිය. නායකයෝ දයක් දොලහක් ඉන්නා කැඳ හැලි පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා එක නායකයෙක් ඉන්නා ජනපති ක්‍රමේ මේ රටට නියමෙටම ගැලපෙනවාය. ඔය පාර්ලිමේන්තු ලබ්බක් තිබ්බා නම්, මහින්ද මහත්තයාට යුද්දය දිනනන වෙන්නෙත් නැතිය. ජේ ආර් පප්පාට විවුර්ත ආර්තිකේ ගෙනත් ඇමතිවරුන්ගේ රැසිග්නේසොන් ලෙටර් සාකුවේ දාගෙන ඉන්න හම්බු වෙන්නේත් නැතිය. 

විලි ලැජ්ජාවක් නැතිව මුන්ම ගෙනාපු විවස්තා සන්සෝදනේ උල්ලන්ගොනේ කොරමින් මහින්දගේ හොරු තව තවත් ගෙනත් දිස්තිරික්ක ඉස්තිරික්ක කොරන ඇමති කම් දෙනවාය. අළුත් විවස්තා 500 ක් ගෙනාවත් විවස්තාව උල්ලන්ගනේ කොරලා කිරියාත්මොක කරන්නේ උන්ගේ විවස්තාවය. මේ රට හදන්න ඕනා වෙන්නේ හොරුන් ජෝකරයන් නොව සුන්දර එකාධිපතියෙක්ය. එහෙව් එකෙක් පේනා තෙක් මානයක නැතිය. පුරවැසි පෙරමුනේ අයත් දැන් නිකන් හාල්පාරුවෝ ගානට වැටිලාය. 

අපටත් තියෙන්නේ එහෙම දවසක් එනකන් අපේ පුකටම මඩු වලිගයනෙ ගහ ගන්නා එකය. ලීඩර්ලාට තියෙන්නේ සෝරෝලා වගේ හීරෝලා වෙනවාද, නීරෝලා වගේ ජෝකර්ලා වෙනවාද, සීරෝලා වගේ කෙලවගෙන ගෙදර යනවාද කියා තීරණයක් ගන්නා එකය.

ඒ වගත් මෙසේය....



132 comments:

  1. අම්මෝ.. ප්‍රශ්න කෝටියයි. ඡන්ද දායකයො බුද්ධිමත් නොවී රට හදන්න බැහැ. අපේ රටේ ඉන්නෙ දේශපාලකයො නෙමෙයි, දේශපාලුවො. මෙවුවට ඉතිං අපි අපිටම මඩු වලිගෙන් තලාගන්න ඕනි තමයි

    ReplyDelete
    Replies
    1. ගොන් හුත්තා රෙදි නැතුව කඩේ ගිහින් දැන් බොරු පෝස්ට් දානවා....

      Delete
    2. තාමත් සමරන්න වෙලා තියෙන්නේ අවුරුද්දකට පෙර ජයග්‍රහණය විතරයි....

      Delete
  2. ඊඊඊඊයා....අන්තිමට හිල වහපු පුකක් පෙන්වනවා එක්කෝ පෙන්නපිය සුදු පුකක් !!!!

    ReplyDelete
  3. ප්‍ර‍තිරෝධය හා දේශපාලනික නිමග්න වීම යනු එකක් නොව දෙකකි. මගේ ලිපියෙහි මා මෙය සාකච්ඡා කර තිබේ. කියවන්න: පුරවැසියා පරාද ද? (ජනවාරි 08 විප්ලවයෙන් වසරකට පසු)

    ReplyDelete
    Replies
    1. ආදරණීය පැරකුම් අයියේ,

      ඔයාගේ ලිපිය කියවන්න කියලා අනිත් අයගේ බ්ලොග් වල ලින්ක් දාන්න වෙලාද? ඔයා දවසක් මගෙ ඇඟ උඩ ඉන්න ගමන් කිව්වේ ඔයා පුරවැසි මාධ්‍ය කලාවේ පුරෝගාමියෙක් කියලනේ. මම හිතුවේ අනිත් අය ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් දානවා ඇති ඒගොල්ලොන්ගේ බ්ලොග් ප්‍රමෝට් කරගන්න කියලා....

      හොරගෙඩියා! අනිත් උන් මොනවා කිව්වත් මම ඔයාට උකන්න නොදී ඉන්නේ නෑනේ. මීට පස්සේ මට බොරු කියන්න එපා.

      ඔයාට ඉත්තෑපාන ඉස්කෝලේ හාමිනේගේ දේව කරුණාවයි!

      ඔයාගේ ආදර.
      මල්කාන්ති.

      Delete
  4. 96 වර්ල්ඩ් කප් එක දිනනකන් අර්ජුන වීරයෙක්. 2009 යුද්ධේ දිනනකන් මහින්ද වීරයෙක්. 2014 ජනවාරි 9 වෙනිදා වෙනකං මෛත්‍රී වීරයෙක්. ඊට පස්සේ හැමෝටම හෙළ ජාතික අභිමානේ ඔලුවටම ගහනවා. තමන්ගේ පවුල තුන් සිංහළය වගේ පෙනෙන්න පටන් ගන්නවා. 48 නිදහසෙන් පස්සේ හැම ලොක්කම ඔය පාරේ තමා ගියේ සහ යන්නේ (J R පප්පා ඇරෙන්න). ඕක තමා රටේ හැටි. සිංහ ලේ දුවන අයට තියෙන්නේ ඉන්න උන්ගෙන් නරක අඩුම එකා තෝරලා සූට් එක අන්දලා වැව මැද වලව්වට යවන්න. දියසේන කුමාරය ආවත් වෙන විකල්පයක් නෑ මොකද රටේ ලෝකේ හොඳ නරක දෙකම තියෙන උන් මිසක් හොඳ විතරක් තියෙන උන් නැති නිසා.

    ඔය කියන තුන් දෙනාම මුලින්ම hero, ඊට පස්සේ nero දැන් නම් zero. අවසන් වශයෙන් ලින්කන් ගොයියා තුන් කල් බලල මෙහෙම කියල තියෙනවා. "Nearly all men can stand adversity, but if you want to test a man's character, give him power"

    යහ පාලනයක්ම වේවා !!!

    ReplyDelete
    Replies
    1. මත් හිතන්නේ නෑ... ලින්කන් වගේ අය මැන්ඩෙලා වගේ අය මෙහේ බිහි වෙයි කියලා...

      Delete
  5. මට මහින්ද වීරයෙක් ද කියන ප්‍රශ්නෙ තාම තියනවා. ඒත් ඔහු හොඳ නායකයෙක්. ඒ රටට නෙමේ ඔහුගේ ම සුභ සිද්ධියට. මාතර සමරසිංහ කියලා පවුලක් ඉන්නවා. මහින්දගේ ලඟම ඤාතීන්. ඔවුන් කියන්නෙ මහින්ද 1970 පාර්ලිමේන්තුවට ආවෙ අයියට ගේමක් දීල කියල යි. ඒ අනුව මට මහින්ද කියන්නෙ ගේම් කාරයෙක්. හැබැයි ලස්සනට සෙල්ලම් කළා. හැම අවාසියක් ම තමන්ට වාසියක් කර ගන්න හැමෝට ම බැහැ. ඒ නිසා මහින්දගේ හැම ගේමම රටේ යහපතට කළ දෙයක් බවට පෙන්නන එක ඔහුට මහ වැඩක් නෙමේ. යුද්දෙ කියන කාරණේ දී මහින්ද එඩිතර තීරණ ගත්තා. ඒ මහින්දගෙ හැටි. ඒ ගැන ඕනෙ නම් මහින්ද අමරවීරගෙන් අහගන්න පුළුවන්. විශේෂයෙන් ම චමල් පාර්ලිමේන්තු ගෙන්න, එදා අයියට දුන්න ගේමට කළ ගුණ සලකන්න මහින්ද මරවීරට දුන්න ගේම ගැන දැන් නම් ඔහු කියයි. ඒ නිසා මහින්ද ස්වාර්ථකාමී ගේම් කාරයෙක්.
    සිරිසේන වීරයෙක් ද? කියන ප්‍රශ්නෙ එනවා ඊළඟට. ඔහු කළේ අවදානම් වැඩක්. ඒත් ඒක කළේ ඔහුත් රටට ආදරේ නිසාද කියන ප්‍රශ්නෙට තියන පිළිතුර අනුව තමයි ඒක තීරණය වෙන්නෙ....මට නම් එහෙම දෙයක් තාම පේන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාතා සහ Dr Rohana,

      ඇත්තටම යුද්ධය දිනීම සදහා වීරයා වෙන කවුරුවත් නෙමෙයි ඝෝටාභයයි, නමුත් ඔහුත් බොහෝ වැරදි කළා, ඔහු නොහිටින්න මේ යුද්ධය ඉවර කරන්න බෑ මා CIA අඩවිය නිකුත්කළ Asia pacific වාර්තාවක දැක්ක කොටි සංවිදානය විනාශ කල නොහැකි බව, මේ 2005 දී පමණ බවයි මට මතක.

      නමුත් අපි මෙය ජයගත්තා. ඇත්තෙන්ම සිරිසේන ජනාධිපති මිට භය උනේ නැත්තේ George Soros ගේ "open society" වලට සමාන සිවිල් සංවිදාන ක්‍රියාත්මක උන නිසා, ඔහු දන සිටියා ඔහුට මෙම කොටස් ආධාර කරන බව මෙනිසා අපි සිතන තරම් අවදානමක් ඔහු දැරුවේ නෑ.

      අනෙක් අත්ට අපි කියනවා ශ්‍රී ලංකික සමාජය පිරිහී ඇතිබව මිට පෙන්වන හොද උදාහරණයක් තමයි // රේප් කේස් ඕසෙටය.// කියන කතාව නමුත් අපි දැනගත යුත්තේ මේ කෙස් වලින් 80% කැමැත්තෙන් වෙන ලිංගික හැසිරීම්, උදාහරණ වයස 17ක කාන්තාවක් සමග වයස 18ක තරුණයෙක් ලිංගිකව හැසිරුනොත් එය ශ්‍රී ලංකාවේ නීතියට අනුව රේප් කේස් එකක් ලෙසයි සදහන් වන්නේ, ඔබ මේඅනුව බැලුවොත් මුළු ඇමරිකාවම රේප් වෙලා ඉවරයි.

      නමුත් මේ තොරතුරු කල්පනාවෙන් බැලිය යුතුයි, මම සිතන්නේ අපි හිතන තරම් පිරිහිච්ච රටක් නෙමෙයි නමුත් අපි විශාල අනතුරකට මුහුණ දී සිටිනවා එනම් රටේ මිනිසුන්ගේ නොදැනුවත් කමත් රටේ බුද්ධිමතුන් දක්වන අලස බාවයත් නිසා.

      අපි දන්නේ නෑ ලෝකයේ ප්‍රවණතා, තීරණ ගන්න මිනිසුන් ගේ ලින් මැඩි මනස මිට බලපාල තියනවා.

      හොදම උදාහරණය දැනට වසර 60ක 70ක පමණ කාලයක සිට ඉතා විශාල ලෙස වර්දනය වූ වියාපාර ක්‍රමයක් තියනවා ස්පාන්යේ Mondragon සමුපකාර ක්‍රමය https://www.youtube.com/watch?v=8ZoI0C1mPek සේවකයන් ලක්ෂයකට වඩා සේවය කරන මේ ගැන ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා ඔබට කාලය ඇත්තනම් සොයාබලන්න.

      Delete
    2. මම හිතන්නෙ යුද්ධයේ ෆොනී, ගෝටා, සහ මහින්ද කියන තුන් දෙනාම වීරයෝ. හැබැයි ඒ යුද්ධ සාධකේට විතරයි. රටක නායකයෝ ඕනෙ යුද්ධ, අර්බුද ඇති විටකදී, ඊට පස්සෙ අපිට අවශ්‍ය කළමණාකරුවෝ. මේක තනිකර ව්‍යාපාරයක්. මේකෙත් ලාභ පාඩු තියනවා. අපේ ව්‍යාපාරය අතයට ණය යි. මේ අනුව මේක දැන් වහල දාන්න නියමිත ව්‍යාපාරයක්. අන්න ඒක ආපිට හරවලා ලාභ ලබන්න නම් මෛත්‍රී හෝ මහින්දට බැහැ. ඒකට හොදඳ කෙනෙක් අහුවෙනකම්ම අපිට මෙහෙම ඉන්න වෙනවා. එතකන් වීරයෙක් නැහැ. රනිල්..............? බලමු අනාගතයේ දී අපිට ඒ ගැන කතා කරන්න හැකි වෙයි.

      Delete
    3. ලිංගික ආධකය නම් මම ගණන් ගන්නෙ නැහැ. ඕවා කෙල්ලො වැඩේ වැරදුනාම කියන කතා. අපේ සුපේෂල ශික්ෂාකාමී කට්ටියට දැන්වත් තේරෙනව ද මන්ද ලිංගික අධ්‍යාපනයේ ඇති වැදගත්කම. ඔබ ලබා දුන්න තොරතුරු වලට බොහොම ස්තුතියි ලාංකීය සිතුවිලි. මම අනිවා සොයා බලන්නම්.

      Delete
    4. /අපේ සුපේෂල ශික්ෂාකාමී කට්ටියට දැන්වත් තේරෙනව ද මන්ද ලිංගික අධ්‍යාපනයේ ඇති වැදගත්කම/
      අපේ සිංහ ලේ ක්‍රමයට නං ලිංගික අද්දියාපනේ දෙන්නේ මඩු වලිගෙං

      Delete
    5. Dr Rohana,

      ඇත්තටම අපි මහලොකුවට ශික්ෂාකාමී කතා ගැන කිව්වත්, අඩුගානේ සුත්ත පිටකයේ සුත්‍රයක් වත් කියවපු නැති උදවියයි ඉන්නේ, ලිංගික ජීවිතය පිළිබද බුදුදහමේ සදහන් කරුණු කිව්වොත් සමහර ශික්ෂා කාමීන් පොල්ල අතට ගනී.

      Delete
    6. වෙද මහත්තයා දන්නවනේ මට කොහොමත් වීරයෝ නෑ කියලා.. මොකෝ ඕන වීරයෙක් තවත් වීරයෙක් ලඟ නැති වෙල යනවා.. ඒත් වෙද මහත්තයා අවසානයට මතුකල ප්‍රශ්ණය රටේ ජනතාවට වගේම මටත් තියෙනවා.. හෙඩිම එන්නෙත් ඒ අනුව..

      ලංකා සිතුවිලි මෙහි මතු කරනා එකඳු කරුණක් හා එකඟ නැත...

      Delete

  6. බයියන් වන අපි ලිවිය යුතු දෑ අපට පෙර ටොයියන් වන තොපි ලිවීම ගැන ස ර ස තුමා ගේ බලවත් සන්වේගය!

    ඒත් ඉතින් මාතලන් පැත්ත ගියත් ඇත්ත කියන එකා නේ... වෙන මොනා ලියන්නද ඇත්ත මිසක...

    ReplyDelete
    Replies
    1. ඔහේ කලබල වෙන්න එපා.. එදත් තිබුන නිදහසෙන් මහින්දවත් මේ විදියටම විවේචනය කලා... ඒත් අපි කියන දේවල් එයා ඇහුවේ නෑ... මුන්නැහේටත් ඒ සෙතේම තමයි අත් වෙන්නේ.. අද දින ගාන්ධිගේ මුණුපුරා කිව්වෙත් උදේ මාතලන් ලියපු ටිකම තමයි...

      Delete
    2. හරියට හරි මාතලන්. වැරදි කරන එකා විවේචනය කල යුතුය කියන එක සරසා තවම තේරුම් අරගෙන නැහැ. මහින්ද විවේචනය වුනේ අන්තිම අවුරුදු දෙකේ කෙලපු පිස්සු වලට සහ පළාත්බද චන්ඩින් ට රට පාලනය කරනන් දීල විවේක ගත්ත නිසා. මේ අය ඒක කරනවානම් ඒ අයවත් විවේචනය් කල යුතුයි. දැන් ඒ කාලේ තිබේ මර්දන කාරී පරිසරය නම් නැහැ. ඒක හොද දෙයක්. නමුත් මේ ගොල්ලෝ වුනත් එතනට යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා සරසා ලත් එකතු වෙන්න. අපි අපි අතරේ ප්‍රශ්න තියෙන්නේ ඕනේ නැහැ.

      Delete
    3. // හරියට හරි මාතලන්. වැරදි කරන එකා විවේචනය කල යුතුය කියන එක සරසා තවම තේරුම් අරගෙන නැහැ. //

      ස ර ස තුමා වැරදි කරන පැත්ත ගන්නේ ස ර ස තුමාත් සීරියස් වැරදි අටෝරාසියක් කල, කරමින් සිටින සහ කිරීමට බලාපොරොත්තුවන මදාවියෙක් කියලා අජිත් දන්නෙ නැහැ...

      වැරදි කාරයන් ව විවේචනය කරනවා කියන්නේ ස ර ස තුමා එතුමා ට ම ගහගැනිල්ලකි!

      Delete
  7. ඔක්කොම වීරයෝ වෙන්න හදනවා.
    මහින්ද රට විකුණලා හරි මිනිස්සුට කන්න දුන්නා.මුන් ආවට පස්සේ කරපු වැඩකුත් නෑ බඩු මිල අහස උසට.මන් මහින්ද හොදයි කියන්නේ නෑ....
    රටේ නායකයා කොන්ද පණ ඇතිව හිටියනම් මෙහෙම වෙන්නෑ my3 බලු වෙන්නේ රනිල් හින්දා..

    ReplyDelete
    Replies
    1. // My3 බලු වෙන්නේ රනිල් හින්දා//
      මටනම් පේන්නෙ ඕකෙ අනික් පැත්ත වෙනව වගේ.

      Delete
    2. /my3 බලු වෙන්නේ රනිල් හින්දා../

      කතාව ඇත්ත, එක්කෙනෙත් ඩීසන්ට් වෙනකොට, ඩීසන්ට් වෙන්න බැරි එකාට වෙන්නේ ඕක තමා.

      Delete
    3. මේ සියල්ල ලැබෙන්නේ රනිල් හා අලි නිසා... මෛත්‍රී ඒක දන්නවා ඔක්කෝටම වඩා...

      Delete
    4. @කම්මල.
      රනිල් තවත් බලු වෙන්න දෙයක් නෑනේ ඌ 2001 ඉදලම බලු වෙලා ඉවරයි.
      @ඇණයා.
      උබේ කතාවටනම් මාත් එකගයි.

      Delete
  8. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ අපෙ සීයගෙනම් ලොකුම වීරය තමයි ඩී ඇස් සේනානයක

    ReplyDelete
    Replies
    1. සේනානායකලත් බෝතලේ නේ ඒ නිසා වෙන්න ඇති. හැබයි ඉතින් කොතලාවලලා වගේ උනා නම් උඹලයි අම්මත් අමාරුවේ....

      Delete
    2. බෝතලේ වලව්ව ඉස්සරහා තියෙන අඩි 8X8X8 විතර වෙන කිරිගරුඬ ඝනකය මොකක්ද?
      ඒක දොන් ස්ටීවන්ගේ සොහොනද?

      Delete
  9. /එයිටාමතර පොට්ට තොටවත්තයා වාගේ ජෝතිෂ අනාවැකිත් පල කරනවාය./
    මේ ගැන බලවත් කනගාටුව. මාතලං මේ ආකාරයේ පහත් මිනිසෙකුයැයි නොසිතුවෙමි. ඒ වෙනකක් නිසා නොව, යමෙකුගේ ආබාධිත තත්ත්වයන් හෑල්ලුවට ලක් කිරීම ට තරම් ඔබ අවිඥානික වීම ගැන තව දුරටත් කනගාටු වෙමි.

    ReplyDelete
    Replies
    1. මාතලන් ආබාධිතයන්ට හා පිස්සන්ට කුඩා කලවත් අපහාස උපහාස විහිළු තහළු කරන්නේ නැත.. එහෙත් රට රවටන පිස්සන්ට නම් නෙලන්න ඕන හොඳම එකෙන් නෙලනවාය.. කරුමෙට මේ යකාගේ ඇස් පෙනෙන්නේ නැත.. උන්ට ගමේ කියන්නේ පොට්ටයන් කියාය.. මාතලන් රැකියා බාල්දු කරන්නේද නැත... නමුත් වෙනත් රැකියාවක් කරමින් සක්කිලි කම් කරනා එකාට සක්කිලියා කියා කියන්නට පසු බට වෙන්නේද නැත.. මන්ද මේ රටේ හැටි එහෙමය...

      Delete
    2. යකෝ උබ තරං තව සක්කිලියෙක් ඉන්නවද?

      Delete
  10. සියලු වීරයන් බලය හමුවේ මිය යයි

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... බලය නිසා බැබලෙනු මිස, බලය බබලවනු නොමැත කිසිදා....

      Delete
  11. පතුලේ තියෙන්නේ අමුර්තය කිව්වොත් ලෝදිය හැලියත් බොන එව්වො අපට ඉන්නෙ. ඒක වීරත්වයද කියන්න තේරෙන්නෑ මාතා අයියේ

    ReplyDelete
    Replies
    1. වීරත්වයත් සාපෙක්ෂයි මලේ.. සමහරු පොරත්වය කියන්නෙත් ඒකමයි.....

      Delete
  12. පතුලේ තියෙන්නේ අමුර්තය කිව්වොත් ලෝදිය හැලියත් බොන එව්වො අපට ඉන්නෙ. ඒක වීරත්වයද කියන්න තේරෙන්නෑ මාතා අයියේ

    ReplyDelete
  13. අඩු වැඩි වශයෙන් වීරකම්කලාට ඔය හැමෝම අඩු වැඩි වශයෙන් දුෂ්ටකමුත් කරනවානේ. එනිසා ඔය එකෙක්ටවත් වැඳගෙන නොහිටියාම දුක අඩුයි. ඉස්සර ප්‍රශ්නෙ තිබුනේ වීර/දුෂ්ට දේශපාලකයෙක් රජෙක් කිරීමයි. තව ටිකකලක් හිටියනම් දෙයියෙක් කරනවා.

    තමන්ට වාසියක් හෝ තම පැවැත්ම සඳහා දේසපාලුවන්ව (හෝ ඕනෑ එකෙක්ව ) වීරයන් හා රජුන් කිරීම හෝ අඩු ගණනේ කඩේ යාම අපි හැමෝටම වගේ අඩු වැඩියෙන් අවස්තානුකූලව කරන්න වෙන තේරුම්ගත හැකි දෙයක්.

    ඒත් විශේෂයින් ආසියානු රටවල මෝඩකමට හෝ ජාති ආගම් චූන් එකට හෝ කුලයේ හෝ ගමේ එකා නිසා, කතාවට , ඉස්සර වැඩ වලට, පොරොන්දුවලට, පෙනුමට හෝ මොනවත්ම නැත්නම් උඩ රැවුලට,නිකම්ම අතින් කයිට් කරගෙන දේසපාලුවන් අදහන ජහමනයා ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. වීරයන් වන්දනා කිරීම නම් අමන වැඩක්.. සියල්ලටම කලින් මේ රටේ උන් දැණුම්වත් කරන්න ඕනා වත්මන් ළෝකය ගැන...

      Delete
  14. අවදානම්සහගත ගේමක් ගහපු මෛත්‍රී වීරයෙක් කිව්වට කමක් නෑ. (හරියට යුද්ධෙ දිනවපු මහින්ද වගේ) හැබැයි දැං වෙන දේවල් එක්ක එයත් නිකං තෙල් පුච්චන ගතියක් තියනව පේනව. බලමු තව අවුරුද්දක් දෙකක්.....

    ReplyDelete
    Replies
    1. තව අවුරුද්දකින් බොලා කියන්න එපා “පිස්සු මෛත්‍රි“ කියලා.. හැක්

      Delete
    2. එයා ස්වයං මෝහණයකට ලක් වෙල තියෙන්නේ... ඒක හැමදාම තියෙන්නේ නෑ.. එයා අදත් කතා කරන්නේ එයා ගැන.. රට ගැන නෙවෙයි....

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඔ‍ය එකෙක්වත් වීරයො නෙමෙයි අවස්ථාවාදී දේශපාලකයො. මුන්ව වීරයො කරල වන්දනා කරන හින්ද තමයි මුන්ගෙන් රටට වැඩක් නැත්තෙ. මොන ජරා වැඩේ කලත් චන්දෙ දෙන ගොං ඔලු ටික හරි පැත්තට ටියුන් වෙච්චි කාලෙක හොද වෙයි. එතකන් අපිට අබසරණයි

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිත කාළය තුල නම් දියුණු රටක ඉන්න හම්බ වෙන්නේ නැත...

      Delete
  17. කොටියත් එක්ක යුද්ධ කරන්න දක්ෂ හමුදාපති කෙනෙක් සහ දක්ෂ හමුදාවක් හිටියා. මහින්ද ජීවිත අවධානමක් ගත්තේ නැහැ. මන්දිරේට වෙලා ශපාන් එකේ ඉක්මනට ඉවරකරනව ඕයි කියල ගෝරනාඩු කරන එක විතරයි තිබුණෙ. අනික් ජනාධිපතිවරුන්ට කොටින්ගෙන් තිබ්බ මරණ තර්ජන තිබුණෙත් නැහැ. ඒකට අපේ සල්ලි වලින්ම ලයිෆ් ඉන්සුවරන්ස් ප්‍රිමියම් එක ප්‍රභාකරන්ට ගෙවමින් තිබුණෙ. එයිටාමතරව ආරක්ශාවට 5000 ක විතර හමුදාවක් සහ බංකර තිබුණ.

    විදේශ මැදිහත්වීම් නැවැත්තුවේ මහින්ද නෙමෙයි ඉන්දියාව. ඒකට හේතු වුණේ සෝනියා ගාන්ධිගේ කොන්ග්‍රස් ආණ්ඩුව සහ රෝ ඔත්තු සේවයට ඔවුන්ගේ ග්‍රහණයෙන් ගිලිහිලා තිබ්බ එල් ටී ටී යී එක නැතිකිරීමට අවශ්‍ය වීම. අනික් කාරණය කලාපීය බලවතා වන ඉන්දියාවේ 'බල ප්‍රදේශයට' යුරෝපීය බලවතුන් අතපෙවීමට තිබුණු අකමැත්ත.

    යුද්ධය ඉවර නොකළා කියලා මහින්දට වෙන්න පුලුවන් වුනූ එකම හානිය 2011 විතර තියන්න වෙන ජනාධිපතිවරණය සාධාරණ එකක් වුනොත් පරදින්න තිබ්බ චාන්ස් එක පමණයි.

    ඒ අතින් මෛත්‍රීපාලට චන්දය පැරදුණා නම් වෙන දේවල් ඊට කළින් ජනාධිපතිවරණෙන් ෆොන්සේකා මහත්තයාට සලකපු විදිහෙන් හොඳම උදාහරණ තිබ්බ. ඒක නිසා පැරදුනානම් අවදානමක් නෙමෙයි නිශ්චිත වශයෙන්ම අවම වශයෙන් සිරගත වෙනව.

    මේ දෙක සංසන්ධනය කරනකොට මටනම් උත්තරේ පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. /විදේශ මැදිහත්වීම් නැවැත්තුවේ මහින්ද නෙමෙයි ඉන්දියාව. ඒකට හේතු වුණේ සෝනියා ගාන්ධිගේ කොන්ග්‍රස් ආණ්ඩුව සහ රෝ ඔත්තු සේවයට ඔවුන්ගේ ග්‍රහණයෙන් ගිලිහිලා තිබ්බ එල් ටී ටී යී එක නැතිකිරීමට අවශ්‍ය වීම. අනික් කාරණය කලාපීය බලවතා වන ඉන්දියාවේ 'බල ප්‍රදේශයට' යුරෝපීය බලවතුන් අතපෙවීමට තිබුණු අකමැත්ත./
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ආ මේ රනිල් කරපුවා කියල පෝස්ට් දාන අපතයනෙ

      Delete
    3. මහින්ද යුද්දේ විතරක් නෙමෙයි රට පාලනය කලෙත් නෑ.. බැසිල් තමයි පාලනය ගෙනිච්චේ ඒකයි අනුන්ගේ ගුලි කාලා ඉල්ලගෙනම කෑවේ.. ඒත් ඉතිහාසයේ නම ලියවෙන්නේ වීරයෙක් ලෙසමයි..

      ඉයන් මහත්තයගේ පිළිතුර ඉතා පැහැදිලියි...

      Delete
    4. අනේ අම්මප හැබෑටම ඉයන් මහත්තයෝ මොනාද මේ කියල තියෙන පල් හෑලි? එතකොට රනිල් ලොක්ක 2002 ගහපු සටන් විරාම ගිවිසුම නිසා යුද්දෙ දින්න කියන තියරියට මොකෝ වෙන්නෙ?

      අපි මෙහෙම කරමු. ඒකත් මේකත් එක්ක කම්බයින් කරල හයිබ්‍රිඩ් හේතුවක් නිර්මාණය කරගමු. ඒක වැඩිය හොඳයි නේද?

      Delete
    5. මෙහෙමයි ඉයන්, ඔයවගේ හිතෙන හිතෙන විදිහට හේතු ලියන්න ගියොත් දැනටමත් සයිබරයේ තරමක් ප්‍රසිද්ධ ඔබගේ ක්‍රෙඩිබිලිටි එකට වෙන හානිය ගැන හිතුවොත් හොඳයි නේද? ලංකාවේ යුධ සමයේ පැවති ජාත්‍යන්තර බලපෑම් ගැන වෙනම ලිපියක් ලිවිය හැකියි. නමුත් කෙටියෙන් කමෙන්ට් එකක් කොටන්නම්.

      01. ඉන්දීය සාධකය - එවකට ඉන්දියාව පාලනය කළේ සාපේක්ෂව ඉතාම මෘදු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මන්මෝහන්-සෝනියා නායකත්වයෙන් යුත් කොංග්‍රසයයි. ඇත්තටම 2014 ඔවුන්ගේ පරාජයටත් එක් ප්‍රධාන හේතුවක් වුයේ (දූෂණ චෝදනා වලට අමතරව ) ලෝක බලවතකු වෙමින් සිටින ඉන්දියාවේ නායකත්වයට ඔවුන් "පණ මදි" යැයි බොහෝ ඉන්දියානුන් සිතීමයි. ඔවුන්ගේ ඉතාම ලිහිල් ප්‍රතිපත්ති නිසා ලංකාවට අවම ඉන්දීය බලපෑමක් සහිතව යුද්ධය මෙහෙයවා ජයගැනීමට හැකිවුණා. සාපේක්ශව ශක්තිමත් මරා බොරු පොරොන්දු සහ ජල්තර දමා ඔවුන් තම මතයට අනුගත කරගත්තා. මෝඩි හිටියානම් මීට වඩා තත්වය හාත්පසින්ම වෙනස් වේවි. යුද්දෙන් පස්සෙ වුණත් රෝ ලොක්කොන්ටත් මරාගෙ උද්දච්චකම් එක්ක කොච්චර කිපිල හිටියත් චාන්ස් ලැබුණෙ නැහැ ඔවුන්ගේ මෘදු ප්‍රතිපත්ති නිසා.

      02. ඇමරිකා එක්සත් ජනපද සාධකය - ඇත්තටම වඩාත්ම වැදගත් සාධකය වූයේ මෙයයි. ක්ලින්ටන් යුගයේ ඇ.එ.ජ. විසූ ඊළාම්වාදීන් දැඩිව ඩිමොක්‍රටික්වාදී වූ අතර අන්ත දක්ෂිණාංශික රිපබ්ලිකන් සමග සබඳතා දුබල විය. ත්‍රස්ත විරෝධී ජෝජ් ඩබ්. බුෂ් සමයේදී මරා කල්ලිය (රනිල්ගේ එජාපය 2002-04 කාලයේ සිට ගොඩනගාගෙන තිබූ සබඳතා ඇසුරින් ) මොරගොඩ ඇතුලු සබඳතාත් ගෝටා, බැසිල් ගේ ඇමරිකන් පුරවැසිකමුත් ඇසුරින් රිපබ්ලිකන් රජය සමග දැඩි රැපෝ එකක් ගොඩනගා ගත්තා. කොටින්ම ආයුද නැවු ඇතුලු ඔත්තු රාශියකුත්, ඇමරිකාවේ විසූ එල්ටීටීඊ අවි ජාවාරම්කරුවන් ඇතුලු ක්‍රියාකාරීන් රැසක් එෆ්බීඅයි අත් අඩංගුවට ගෙන සිරගත කිරීමත් විශාල වාසියක් වූ අතර ඒ සමගම 2006-2009 යුගයේ එම දැඩි සබඳතාව අපට ජාත්‍යන්තරවද වාසියක් වුණා. කොහොම නමුත් ඔබාමා පැමිණීමත් සමග මෙය කණපිට හැරෙනවා.

      03. යුද්ධයේ අවසන් සමයේ (2008-09) ඊළාම්වාදීන්ගේ දැඩි ප්‍රයත්නයත් සමගම බ්‍රිතාන්‍ය ප්‍රංශ දැඩි බලපෑම් එල්ලවුනත් මරාට වාසි කිහිපයක් තිබෙනවා. රටතුල මරා දැඩිව ජනප්‍රියවීමත් සමග පැමිණි දැඩි කන්ෆිඩන්ස් එක, ලෝක ආර්ථික අර්බුදය නිසා යුරෝපා ආර්ථිකය දුබල වීම නිසා බලපෑම් හැකියාව අඩුවීම, ඇමරිකන් සහ චීන-රුසියන් සහය, ඉරානයෙන් ලැබුනු තෙල් සහ ගඩාෆිගේ $500 මිලියන් ණය සහය ඇතුලු කාරණා නිසා ඔහු ඉතා දැඩිව තම මතයේම සිටිනවා.

      03. යුද්ධයේ අවසන් සමයේ (2008-09) ඊළාම්වාදීන්ගේ දැඩි ප්‍රයත්නයත් සමගම බ්‍රිතාන්‍ය ප්‍රංශ දැඩි බලපෑම් එල්ලවුනත් මරාට වාසි කිහිපයක් තිබෙනවා. රටතුල මරා දැඩිව ජනප්‍රියවීමත් සමග පැමිණි දැඩි කන්ෆිඩන්ස් එක, ලෝක ආර්ථික අර්බුදය නිසා යුරෝපා ආර්ථිකය දුබල වීම නිසා බලපෑම් හැකියාව අඩුවීම, ඇමරිකන් සහ චීන-රුසියන් සහය, ඉරානයෙන් ලැබුනු තෙල් සහ ගඩාෆිගේ $500 මිලියන් ණය සහය ඇතුලු කාරණා නිසා ඔහු ඉතා දැඩිව තම මතයේම සිටිනවා.

      04. අනෙක් අතින් චීනය රුසියාව වැනි නව ආර්ථික බලවතුන් සමග මරා කල්ලිය ගොඩනගාගත් නව සබඳතා හරහා ආර්ථික අර්බුදවලට මුහුණදීමට නිර්භයබවකුත් ලැබෙනවා. ඉරානය, ගඩාෆිගෙ ලිබියාව වැනි මුදල් ඇති මිතුරන් නැති රටවලින් ඔහු කදිමට ප්‍රයෝජන ගන්නට තරම් සටකපටියෙක් වුණා.

      ඉන්දියාව වැනි බලවත් රටක නායකයෙක් එරටදීමත් මෙරට ජනපතිවරයෙක් ඇතුලු නායකයන් රැසකුත් කෲර ලෙස මරාදැමු එල්ටීටීය ගැන ඔබගේ තක්සේරුව හාස්‍යජනකයි. එල්ටීටීය යනු කිසිසේත්ම විශ්වාස කල නොහැකි අතිශය කුරිරු මිනීමරු කල්ලියක්. ඔවුන් යුරෝපීයයනුත් රැවටුවා සටන් විරාම සමයේදී. මරා 2005 ජනපතිවරණ සමයේ මුදල් දෙන්නට ඇති. නමුත් මරා අතිවිශාල රිස්ක් එකකුත් ගත්තා (උදා:- කැබිතිගොල්ලෑව ප්‍රහාරයෙන් තුවාල වූවන් බැලීමට යාම ). එවකට ත්‍රස්තයන් විසින් අතිශය අමානුශිකව බිහිසුණු ලෙස නිරායුධ අහිංසක මිනිසුන් මැරීමත් මරා සමග බලවත්වුණු සිංහල ජාතිවාදයත් නිසා රටතුල දැඩි රණකාමීත්වයක් ගොඩනැගුනා. ලංකාවෙ මිනිස්සු හිතන විදිහ හොඳින් දන්න පළපුරුදු කපටි මරා දැනගත්තා මේ රිස්ක් එක අරගෙන යුද්දෙ දින්නොත් ඔහුට අතිවිශාල දීර්ඝකාලීන බලයක් ලැබෙන බව. කොහොමත් රිස්ක් ගන්න බය නැති මරා ටෙරාලට උන්ගෙම බාසාවෙන් උත්තර දෙන්න තීන්දු කලා. ඔන්න ඕකයි ඉයන් ඇත්ත කතාව. වෙන වැල්වටාරම් නෙවෙයි.

      Delete
  18. ආධුනික බ්ලොග්කාරිණියකගේ කිසිසේත්ම ආධුනික නැති කවි පෙළක් . කරුණාකර ගිහින් කියවා රස විඳ උනන්දු කරවන්න.

    ReplyDelete
  19. තජුඩින් කේස් එකේ cctv දර්සන අපැහැදිලි ලු, ඩොලර් එකත් අහසටම නැගල, සුනිල් පෙරේරාගේ සිංදුව මතක් වෙන්නේ අයි ඩොන් නො වයි ???

    ReplyDelete
    Replies
    1. මහින්ද මේ වෙනකම් හිටියනම් ඩොලර් අභ්‍යාවකාසේ වෙන්න තිබ්බා, අපරාදේ අපි හදිස්සිවුනේ නැත්නම් සිම්බාබ්වේ ජනතාව වගේ අපටත් ටිලියනර්ලා වෙන්න තිබ්බා.

      Delete
    2. තමන්ව මරන්න ආපු එකත් නිදහස් කරපු පොරක්, අනුන් මරපු උන් එල්ලයිද..?????

      Delete
  20. වසරකට පසුව ඇතිවී ඇති තත්වය සයිබරයේ බොහෝ අය ජනවාරී 8 ට පෙර දුටුවා. බොහෝ අය ලක්ෂ සංඛ්යාත ජනයා අපේක්ෂා කළ පලමු දෙය ආණ්ඩු වෙනසයි. එය සාර්ථකව කෙරුනා. ඇත්තටම ආණ්ඩුවේ වයස මාස හතරයි. මෛත්‍රීගේ පැත්තෙන් ප්‍රශ්නය දිහා බැලුවොත් මෛත්‍රී සිය කඳවුර ශක්තිමත් කර ගැනීමට ආයුධ සොයන්නේ නැතිනම් සෙවීමට සිදුව ඇත්තේ පැරණි පක්ශයෙනි.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි අනාගතයේ කරුමය වන්නේ....

      Delete
  21. මට නම් සිරාගේ අව්රුද්ද ගැන කෙටියෙන් කියන්න තියෙන්නේ "කතාව දෝලාවෙන් ගමන පයින්" කියාය.ගමන පයින් වත්යන එක එක අතකට ලොකු දෙයක්ය. (රත්තරන්ට වැඩ සිදුවීම). "අතිගරු" එපා කීවාට විලි ලැජ්ජාවක් නැතිව . මැති ඇමැතිවරු ප්‍රවෘත්ති සාකච්චාවලදී එසේ කියති. එයාපෝට් එකේ මරාගේ ෆොටෝ එක වෙනුවට සිරාගේ එක ගහලාය. කෝ මංත්‍රීවරුන්ගේ ආචාර ධර්ම ද මොකද්ද එකක් ගේනවා කීවා නේද ? . කලුතර බෝධියට ඔප්වක් නැතිවීම මහ විපත්තියක් ද ? . මරාගේ කාලේවත් හොර ඔප්පුවක් හදලා වෙනින් කව්රුහරි ඕක විකුනපු නැති එකේ !.

    ReplyDelete
    Replies
    1. ආගම් බදා ගත්තොත් නම් සදා සොත්තී භවන්තු තේම තමයි....

      Delete
  22. ඔය කවුරුවත් වීරයන් නෙමෙයිය. මාධ්‍ය සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සදහා ඔවුන්ට විරයින් වීමට අවශ්‍යය. කොයිකවුරුත් ගේම් එක ගහන්නේ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගන්නටය. ජනතාවට මොනවා හරි දෙන්නේද තමන්ගේ පැවැත්ම වෙනුවෙන්මය.

    මාතලන් සහ බහුතරයකට අවශ්‍යව ඇත්තේ සොදුරු ඒකිධිපතියෙක්ය. කෙලින්න පටන් ගන්නේම එවැනි එවුන්මය. මමනම් හිතන්නේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කල යුතු බවය.

    මමද ඇතුලු අපි බහුතරයක් වංචාකාරයින්ය. අපි හැමවිටම බලන්නේ අපගේ වැඩය කොහෝමහරි කරගන්නය. ආයතනයකට ගිහින් අදුරන කෙනෙක් හොයාගෙන වැඩේ ඉක්මනට කර ගන්නටය. මාගේ දරුවාව හොද පාසලකට දාන්නටය. ගෙදර කුණු ටික එකතුකර කුණු ලොරියට දෙන්නටය. පොලිස් නිලධාරියාට මොනවා හෝ කියා දඩය අඩුකර ගැනීමටය, ලේසි තැනකින් පාර පනින්නය, අපිට එතනින් එහාට වැඩක් නැතිය. අපි කොහෙන්හරි දෙයක් අරගෙන මොකක් හරි කර ගත්තාට අවුලක් නැත. කවුරුහරි අපේ දෙයක් ගත්තොත් අවුල්ය. එතකොට අපිට තදවෙන්නේය. අම්ම මුත් මතක් කර බනින්නේය.

    හැබැයි පාලකයින් හොද විය යුතුය. ඔවුන් වැරදි කරනවිට අපට ඉවසන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් මන්ගල තුමනි....ඔබ මද්යස්ත මතදාරියා ගේ මිත්‍රයෙක්ද?

      කෙසේ වෙතත්, ඔබ ගේ ඉහත කොමෙන්ටුවේ ඇති බොහෝ දේ සමග මා එකඟ වෙමි!

      Delete
    2. මම අහන්න උන්න ප්‍රශ්ණය සා රස අහලා තියෙනවා... මමත් හිතන්නේ මේ මද්දස්තමයි කියලා..

      ප්‍රදීප් මංගල නම් එහෙම වෙන්න ඇති.. ඒත් අපි දන්න බොහෝම දෙනෙක් එහෙම අය නෙමෙයි කියලා අත්දැකීම් වලින්ම දන්නවා...

      Delete
  23. බලපන් අඩෝ මිස්ටර් මාතලන්.. සතියකට කලින් පවුම රුපියල් 221/-.. එත් අද 214/-.. මටනම් අප්සට් එක ඒගැන බන්.. ලංකාවේ ආණ්ඩු කරන්ට තරම් සගයෙක් හපනෙක් බිහි කරනවට වඩා සැපයි බන් මිස්ටර් මාතලන් බොස්.. උබවත් ගිහින් ඕකේ බලේ අතටගනින්.. ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං සැන්ට්‍රල් බැංකුව ආයෙත් මොකක්ද මළහත්තිලව්වක් කලා නේ... විනිමය ඉස්තාවරද මක්කද කියලා.. ඔය ඉකොනොමැට්ටගෙන් ඇහුවා නම් කියයි...

      Delete
  24. මහින්දවත් මෛත්‍රීවත් මට නම් වීරයෝ නොවේ.මෛත්‍රී ලොකු අවදානමක් ගත්තා මහින්දට විරුද්ධව ජන්දෙට එන්න.හැබැයි ඒ පිටිපස්සේ රටට තියෙන ආදරේටත් වඩා තවත් දේවල් නිසැකවම තියෙන්න ඇති.කොහොම නමුත් මහින්දගේ ඒකාධිපති පාලනයට විරුද්ධව ඉදිරියට ආපු එක හොඳ දෙයක්.දැන් මෛත්‍රී ජනපති.දැන් තියෙන්නේ වැඩ කරන්න.පහුගිය කාලේ දේවල් ගැන සංසන්දය කර කර ඉන්නවාට වඩා.

    ReplyDelete
    Replies
    1. කරන්නේ නැත්තෙත් ඒකමයි.. එයා බලය ඉදිරියේ අනාත වෙල.... අනන්නතාවේ නැතිවෙලා.. ඒක හොයා ගන්න වලි කනවා....

      Delete
  25. මහින්ද,මෛත්‍රි,රනිල්,මේ හැමෝම අවස්ථාවාදිව දේශපාලනයේ නිරත වෙනවා.තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පත් කරගන්න නොයෙක් උපක්‍රම යොදනවා.උපක්‍රම යෙදීම අතින් ඉදිරියෙන්ම හිටියේ මහින්ද.මෛත්‍රි ඒ තරම් සාර්ථක නෑ.නාගන්න ගතිය වැඩියි වගේ.මේ දෙන්නගෙන් මහින්දට වඩා මෛත්‍රි අවංකයි කියලනම් තේරනෙවා.ඒ කියන්නේ අවංක දේශපාලඥයෙක් කියන එක නෙවෙයි.මහින්දට වඩා අවංකයි.හැබැයි මහින්ද තරම් සට කපට වැඩ කරන්න නම් දක්ෂ නෑ.කොහොම උනත් අන්තිමට අර කාටුන් එකේ තියනවා වගේ මේ හැමෝම මහ ජනතාවට කොකා පෙන්වන එක තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. හැමදාම කොලේ ඒකම තමයි....

      Delete
    2. කොකාට වාරයක් තියෙනවනම් තිත්තයාටත් වාරයක් එනවා කියල ගම්වල කියමනක් තියනවා!

      Delete
  26. ඇයි මාතලන් 'දෙපැත්තෙන්ම' ඇත්ත කියන ITN නිවුස් බලන්නැතෙයි?

    ReplyDelete
    Replies
    1. විහිළුවටවත් බලන්නේ නෑ... අප්පිරියයි.....

      Delete
  27. No man will make a great leader who wants to do it all himself, or to get all the credit for doing it. —Andrew Carnegie

    ReplyDelete
  28. මම ප්‍රශ්නය ටිකක් දිග අරින්නද ?

    සිරාගේ වීරයෙකු වීමට නම් ඔහු ඔහුගේ වීරයා අතහැරිය යුතුය .
    යුනිකෝ ගෙන් පසු මට නම් වීරයෝ නැත . මොකද වීරයෝ කාලයාගේ අවෑමෙන් චාටර් වෙන බැවිනි . ඇත්තේ වීර ක්‍රියා පමණි . නමුත් යුනිකෝ චාටර් වුනු බවක් නම් මතක නැත . ඒ නිසා ඔහු වීරයෙකි . දැන් අයෙක් කියාවී යුනිකො කියන්නේ මනකල්පිත චරිතයක් කියලා ...ඇයි එතකොට අනෙක් උන් එහෙම නෙමෙයිද

    ReplyDelete
    Replies
    1. ස්පාටකස් හැමදාමත් වීරයෙක් නේද...??????

      Delete
  29. මේ රට හදන්න ඕනා වෙන්නේ හොරුන් ජෝකරයන් නොව සුන්දර එකාධිපතියෙක්ය. එහෙව් එකෙක් පේනා තෙක් මානයක නැතිය.
    කතාව ඇත්ත. අනෙක් නතා ටිකත් පට්ට.

    ReplyDelete
    Replies
    1. මේ ආතල් බල බල ඉන්න එකයි තියෙන්නේ පන ටික යනකන්....

      Delete
    2. සුන්දර හෝ අසුන්දර ඒකාධිපතියන් අවශ්‍ය නැත. මිනිසුන්ට තමන්ව පාලනය කර ගැනීමට ඔවුන්ගේම නියෝජිතයන් පත් කර ගැනීමට ඉඩ හල යුතුය. දැන් වෙන්නේ එය නොවේ. (කිසිම රටක)

      Delete
  30. මාත් දකින්නේ වෙල් විදානේට කෙළින්න හදපු එකයි ඊටත් වඩා පිත්තල හන්දියේ කේස් එකයි තමා කොටින්ට ඇඩ්‍රස් නැතිවෙන්න පාර කැපුණු හේතුව. වෙන දේවල් සේරටම වඩා ඔතන තිබුණ ගේම ඒක. රජ්ජුරුවො මල්ලිට හා කිව්වා විතරයි.

    ReplyDelete
    Replies
    1. යුද්දෙ යුද්දයක් විදියට ඇරඹුනේ මාවිල් ආරු සොරොව්වෙන්.වෙල් විදනෙට ගහල කොටි ඉල්ලන් කෑව කියන් එක සාධාරනයි. පිත්තල හන්දියෙ ප්‍රහාරය මගේ මතකය හරිනම් ඉලක්කය ගෝඨාභය.පලි ගැනිමේ චේතානව මත යුද්ධය දිනුව කියන එක තමයි ඔබ මෙතන මතු කරන්න හදන්නෙ.මම හරිද ?ඔව් ඔබ කියන කාරනාවවත් එක හේතුවක් කියල සලකන්න පුලුවන් නමුත් ඒක හරියටම කියන්න තරම් හැකියාවක් ඔබට ලැබුනෙ කොහොමද කියන් එක ගැටලුවක්.

      අනික තමා මල්ලිට හා කීම,
      නොර්වේ ප්‍රංශ එංගලන්ත නියොජිතයින්ට,විදේශ බලපෑම් වලට මුහුන දෙන්නෙ මල්ලිද එ වගේ අවස්තාවල ?මල්ලිට හා කීවම හරිද ?.සෙනාධිනායකයා වශයෙන් කටයුතු කරපු පුද්ගලායගේ හැසිරිම් සම්බන්දව ඔබ කොහොමද ඔය වගේ ප්‍රකාශයක් කරන්නෙ.

      රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිත,රටේ ඒකීය භාවය,රටේ නිදහස් නිවහල්බව,ආරක්ශාවට වඩා පලිගැනිමෙ චේතනාවෙන් දිනපු යුද්දයක් ඔබ කියන විදියට.පුලුවන් නම් ඔබගේ මතයට හේතු වුන කාරනවක් දෙකක් කියන්න

      Delete
    2. ගරු ඇනෝ මහතානනි... බයියෝ එක්ක පිස්සු කෙලින එක තමයි මේ ලොක්කත් කොරන්නේ.. අපිට නම් බයියන් නලවන්න වේලාවක් නැත.. ඔබ චිත්ත සන්තාපයේ ඇති සිතුවිලිවලින් ආතල් ගන්න...

      Delete
    3. madhuwo oyaahari maathehari oyakiyana wel widhaane gana podi discrib ekak karanawada,
      (danaganeema sadhaha)

      Delete
    4. //පුලුවන් නම් ඔබගේ මතයට හේතු වුන කාරනවක් දෙකක් කියන්න//
      ඇනෝ,
      1. ඇහැට පේන, කණට ඇහෙන දේ උඩ සියල්ල තීරණය කරන වයසක ජීවත් නොවීම
      2. කාලයක් ජීවත් වෙලා විඤ්ඤාණයට දැනෙන ඉව
      (බොරුද මාතෙ මං කියන්නෙ?)

      Delete
    5. මාතලන් ඔබගේ අදහස් දැක්ම් වීමට ස්තුතියි නමුත් ඇයි ඔබතුමා කුලප්පු වෙලා ඔබතුමාගෙන් මම කිසි දෙයක් විමසා නැත.අනුන්ගෙ සංවාදයක් නේද අනික තමන්ගෙන් දෙයක් විමසුවොත් විතරක් උත්තර දෙන්න පුරුදුවෙන්න.ගොන් ගති පෙන්නන්න එපා

      Delete
    6. පලිගැනීම් කෙසේ වෙතත් මගේ ගෙදරට ඇවිත් මගේ දරුමල්ලන්ට හරි මට හරි කෙලින්න කවුරු හරි ලෑස්ති වුණොත්, මං අනේ හා කියලා නිදා ගන්නවා.

      Delete
    7. මධු මාධවී ඇහැට පේන, කණට ඇහෙන දේ උඩ සියල්ල තීරණය කල නොහැක ඒ කතාවට මමත් එකඟයි.එත් ඇහැට පේන කණට ඇසෙන සියල්ලම පිලිගත නොහැකි දෙවල් යැයි කිව හැකිද?

      එසේ නම් ඔබතුමියගෙ ඇහැට නොපෙනී කණට නොඇසී මේ ප්‍රකාශය කිරිමට තරම් හේතු වූ කාරණා මම බලාපොරොත්තු වෙනව.

      විඤ්ඤානයට දැනුන කීවෙ වසයට යාමත් එක්ක ලැබෙන පරිනත බවට දැනුන කියන කතාව නේද ඔබ අදහස් කලේ. එතන මගේ ප්‍රශ්නයට ඔබේ පිලිතුරේ තාර්කික බවක් හෝ පිලිගත් හැකි බවක් පෙන්න නෑ නේ.ඔබතුමියට මේ වගේ සංකීර්ණ සිදුවීමක් සිදු වුන නිවැරදිම ආකාරය විඤ්ඤානයට දනුන නම් ඔබට ඒක වයස එක්ක ලැබුන හැකියාවක් වෙන්න බෑ.ඒක අද්භූත හැකියාවක් වගේ දෙයක් වෙන්න ඕන.
      සරලව කීවොත් උදාහරනයක්: මම විශ්වාසයෙන්ම කියනව ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කලේ ඉරාකයේ තෙල් සම්පත ලබාගන්න කියල.ඊට පසු මගෙන් අහනව කොහොමද හරියටම එහෙම කියන්නෙ කියල,ඔබේ ප්‍රකාශයට හේතු මොනවද කියල? .මම මගේ විඤ්ඤානයට දැනුන කීවොත් ?

      මේ වගේ වසර ගානක් නොවිසඳුන ප්‍රශ්නය විසඳීමට හේතු වුන නියම සාධාරන තර්කානුකූල හේතු මම දැන ගන්න කැමතියි.ඇත්තටම ඔබ කියන කතාව තහවුරු කරන්න ඔබට පුලුවන් නම් යුධ ජයග්‍රගනයේ ප්‍රසංශා හිටපු ජනපතිට දෙන්න අවශ්‍ය නෑ. (රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිත,රටේ ඒකීය භාවය,රටේ නිදහස් නිවහල්බව,ආරක්ශාවට වඩා පලිගැනිමෙ චේතනාවෙන් දිනපු යුද්දයක් ඔබ කියන විදියට)

      "බොරුද මාතෙ මං කියන්නෙ?" බ්ලොග් එක මාතෙගෙ වුවත් මාතෙ මෙතනට අදාල නැ මධු මාධවී.(මාතෙ ඔබගේ කවුරුන්ද මම නොදනී කවුරු වුවත් මම ඔබගෙනුයි ප්‍රශ්න කරන්නෙ )

      Delete
    8. "පලිගැනීම් කෙසේ වෙතත් මගේ ගෙදරට ඇවිත් මගේ දරුමල්ලන්ට හරි මට හරි කෙලින්න කවුරු හරි ලෑස්ති වුණොත්, මං අනේ හා කියලා නිදා ගන්නවා."
      ඒක ඔබේ කැමැත්ත.ඔබේ පුද්ගලික කැමැත්ත ඔබේ ප්‍රකාශයට අදාල සිද්දියට සම්බන්ද නෑ නෙ.

      Delete
    9. //පුලුවන් නම් ඔබගේ මතයට හේතු වුන කාරනවක් දෙකක් කියන්න// ඇනෝ. අනුන්ගේ සංවාදෙකට හොට දානවා කියලා හිතන්න එපා. මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි ජනාධිපතිකම (රජකම?) කලත් මහින්ද කියන්නේ ඔය ඔබ හිතන තරම් දුර (නොර්වේ ප්‍රංශ එංගලන්ත නියොජිතයින්ට,විදේශ බලපෑම් වලට මුහුන දෙන්නෙ මල්ලිද එ වගේ අවස්තාවල ?මල්ලිට හා කීවම හරිද ?.සෙනාධිනායකයා වශයෙන් කටයුතු කරපු පුද්ගලායගේ හැසිරිම් සම්බන්දව..යනාදී වශයෙන්) හිතලා වැඩ කරන/ කරපු රජෙක් නෙවෙයි.. ඉක්මනට ඇඳ ගන්න, ළඟ පිකප්, ප්‍රීති ගෝෂා ඇහෙනකොට මයිල් කෙලින් වෙන, ගුණ ගයනා ඇහුවම චුන් වෙන ආකාරයේ වචන වලින් පැහැදිලි කරන්න පුළුවන් චරිතයක්. ඇත්තටම උනේ යුද්දේ යුද්දේ යුද්දේ කියල හතර වටින් මොර දෙනකොට ඒ කික් එකට 'හා' කියපු එක තමයි. ඔය කියන තරම් දුර හිතුවනම් හා/හෝ හිතන්න හැකියාව තිබුනානම් සමහර විට 'හා' නොකියන්නත් තිබුනා. යුද්දෙන් පස්සේ උනෙත් ඕකම තමයි. එකම වෙනස දෙවෙනි වරට එහෙම 'හා' කියල යුද්ද කරන්න අවසරය දුන්නේ කොටින්ට එරෙහිව හමුදාවට නෙවෙයි.. තමන්ව පුම්බලා උද තියපු මහා ජනතාවටම විරුද්දව කැමති කැමති විදියට සටන් කරන්න අවසර දුන්නේ තමන්ගේ හෙන්චයියන්ට. අන්තිමට කෙලව ගත්තේත් එතනින්..

      Delete
    10. කළණ
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    11. කල්‍යාණ මිත්‍ර;

      එක්ස් කියුස් මී ! මමත් අනුන්ගේ කතාවකට හොට දාන්නෙ, සොරි

      ඔබ කියපු කතාවල යම් ඇත්තකුත් තියෙන බව පිලිගන්නව. නමුත් මරා කියන්නෙ ඔය කියපුවට වඩා ඇත්දැකීම් බහුල, සටකපට ලෝකෝත්තර චරිතයක්. 2005 බලයට එනකොට ගැමි බැක්ග්‍රවුන්ඩ් එකක් තිබ්බ පොරට ඕනෙ වුණේ රට ඇතුලෙ ලොකු පොරක් වෙන්න. නොබෙල් තෑගි/ ජාත්‍යන්තරය මායිම් නොකර කොහොම හරි ගම්වල සාමාන්‍ය මිනිස්සු අතරේ වීර චරිතයක් වෙන්න.

      එවකට ත්‍රස්තයන් විසින් අතිශය අමානුශිකව බිහිසුණු ලෙස නිරායුධ අහිංසක මිනිසුන් මැරීමත් මරා සමග බලවත්වුණු සිංහල ජාතිවාදයත් නිසා රටතුල දැඩි රණකාමීත්වයක් ගොඩනැගුනා. ලංකාවෙ මිනිස්සු හිතන විදිහ හොඳින් දන්න පළපුරුදු කපටි මරා දැනගත්තා මේ රිස්ක් එක අරගෙන යුද්දෙ දින්නොත් ඔහුට අතිවිශාල දීර්ඝකාලීන බලයක් ලැබෙන බව. කොහොමත් රිස්ක් ගන්න බය නැති මරා ටෙරාලට උන්ගෙම බාසාවෙන් උත්තර දෙන්න තීන්දු කලා.

      යුද්දෙන් පස්සෙ රිස්ක් එකක් අරන් ණය ගන්නත් නීති රීති, සම්ප්‍රදායන් තුට්ටුවකට මායිම් නොකර කොක්කෙන් බැරිනම් කෙක්කෙන් වැඩ කරන තක්කඩි ටිකක් ලන්කරගෙන හොඳින් හරි නරකින් හරි තමන් හරි කියල හිතපු, බලාපොරොත්තුවෙච්චි දේවල් කරගෙන ගිය එක තමයි කරේ. ඉතින් ඕකෙ නරක වගේම හොඳ පැත්තකුත් තිබුණ. රටේ පාලනය ඉතාම හිරිකිත අශීලාචාර තත්වයකට ගියපු එක තමයි කේස් එක.

      Delete
  31. බයේ ඇකිලි ඇකිලි ඉන්නැතිව වැඩ පටන් ගත්තොත් මිනිස්සු සපෝට් එක දෙනවා ටික කාලෙකට.පස්සෙ පුකට පයින් ගහල එලව ගන්න එක වෙනම කතාවක්.ඒත් ඒ මිනිස්සුන්ගෙ හැටි..සපෝට් එක තියෙන කාලෙත් උඩ බලන් ඉන්න උන් ආයෙ මක්ක වත් කොරයි කියල හිතන්න බෑ..මිනිස්සුන්ට තමන්ව රවට්ටන බව තේරුනාම වැඩේ සීරියස්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙයා කරන්නෙත් එයාලගෙ පැවැත්ම සඳහා ජනතාව හූරාගෙන කන එක.. තව ගහන්න බද්දක් නෑ... බලු බද්දත් එන කාළේ වැඩි ඈතක නෙමෙයි වගේ....

      Delete
  32. නිර් ආගමිකයින්,මාර්ක්ස්වාදින්,බුද්ධියෙන් අඩු රැඩිකල් වාදීන්,රටේ අනාගතය යහපත් කරගැනිමට තීරන ගැනීමට නොහැකි බහුතර ජනාතාවක්,වෙසෙන ඒත් කිසිදා අමතක කල නොහැකි ලස්සන සොබාදහමක් පරිසරයක් සහිත මේ පුංචි රටට ආර්ථික හෝ සාමජිය වශයෙන් කිසිදාක ගොඩ යාමට නොහැකි තත්වයක් උදාවී ඇත.සිංහල ජාතියේ අවසානය ද, උන් විසින්ම තව නොබෝ කලෙකින්ම උදාකරගනු ඇත.ඒ රටේ ඉන්න ඉහත සඳහන් කල සමාජ කණ්ඩායම් නිසාය.
    බොහෝ හිස් පඬියන් බර වචන වලින් බ්ලොග් ලියා තමන්ගේ අසූචි වලේ අසූචිවලින්ම නාගන්න අපූරුව හොඳට දකින්න පුලුවන්.
    කෙසේ වෙතත් මේ රට දැන් ඇත්තෙ ආර්ථික සහ සාමාජිය ප්‍රපාතායකය ඒ නිසා මේ රටට පය තබීම බියකරුය.විදේශ ගතව ජීවත් වෙන්න පුලුවන් අයත් මේ රටින් පිටත් වෙයි.
    සෝමාලියාව,සුඩානය,නයිජීරියාව,ශ්‍රි ලංකාව එකම කාණ්ඩයේ රටවල් බවට පත්වෙනු නිසැකය.මගේ ලස්සන මව්බිම ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ උඹ ගොඩ නේ...

      Delete
    2. අවුලක් නෑ මචෝ උඹ ගොඩ නේ...

      Delete
  33. ena kenaa newei tika dawasak yaddi enne,
    raniluth thamath kiyawanawa witharai hariyata kerena deyak naha.
    raniltai mythreetai ratata yamak karanna bari wunuth aaye penenathek maanaye kenek naha rata godanaganna.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී රනිල්ලට කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ... බජට් එකට වෙච්චි දේ පේනවනේ... පිටින් නොපෙන්නුවට දැඩි බල අරගලයක් ඇතුලේ තියෙනවා... පොදු අපේක්ෂයා ලෙස බයියෙක්ම තෝරා ගැනීමේ පල විපාක දැන් ලැබෙමින් පවති.. බයියෝ එක්ක කොහෙද හඳට යන්නේ...

      Delete
  34. මම මේ ඒත් බැළුවා ලංකාවට තාම මොකද ඒලියන්ලා එන්නේ නැත්තේ කියලා.....!

    ReplyDelete
    Replies
    1. දොස්තර ඒලියන්ද මෙයා....

      Delete
  35. රටේ අනාගතය කුමන දිශාවකට තල්ලු වෙනවද කියන්න ඉතුරු අවුරුදු 4 බලන් ඉන්න එකෙන් තේරුමක් වෙන පාටක් නැහැ බොලේ.. ආණ්ඩුවේ 2/3 තියාගන්න මුළු රටම මැති ඇමතිවරුන්ට ලියල දෙනවට ඇරෙන්න මෙයාලට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ ඉතුරු අවුරුදු 4 ටත්... මට තියන ප්‍රශ්නය නම් ඊළඟට විකල්පය මොකක්ද කියලයි... දැම්මම පොදු අපේක්ෂකයෙක් සූජානම් කරගෙන උන්නනම් 2020 වෙද්දී වැඩේ ලේසි වෙයි...

    ReplyDelete
    Replies
    1. එකම කැඳ හැලියක් පමණයි....

      Delete
  36. Listen to this speech from 2010
    https://m.youtube.com/watch?v=xnSSnQjp5pU&sns=fb

    ReplyDelete
  37. සිංහලයන්ට මුස්ලිම් වරුන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් පාඩම් තියෙනවා. ඔවුන් මුසම්මිල්ට චන්දෙ දුන්නත් ඔහුගේ බිරිඳට චන්දෙ දුන්නේ නෑ. ඒකට හේතුව ගෑනුන්ගේ ලැජ්ජා බය නැතිවුනාම ජාතිය විනාශ වන ඔවුන් දන්න නිසා. ඒ මිනිස්සු අපේ උං වගේ යහපාලනය වගේ බොරු වලට රැවටෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. උඹත් අර අන්වර් මණතුංග වගේ මොහොමඩ් පතිරණ කෙනෙක් වෙයන්කෝ...

      පහකට කෙලින්නත් පුළුවන් එකේ...

      Delete
  38. දේශපාලනය කතා නොකරත්, මේක කියන්නම්. මට නම් එයා වීරයෙක් නෙවේ..

    ReplyDelete
  39. සිංදු ඇනෝ..... "ලෝකෙන් උතුම් රට ලංකාවයි දීපියෝ.............

    ReplyDelete
    Replies
    1. ඌ වෙන වලියකට සෙට් වෙලා නේ....

      Delete
  40. සිරිසේන ජනාදිපතිතුමා එදා එඩිතර තීන්දුවක් ගත් බව ඇත්ත. ඒත් අද ඔහුට කරන්න වැඩක් නැත. ඔහු අද නිකං හිටං ඉන්නවා පමනි. රටට වෙන්නෙ මොකක්දැයි ඔහු නොදනී.


    මට මේ ජනාධිපතිකම ලැබුනානං මෙයිට වඩා වැඩක් කරන්න පුලුවන් බව විශ්වාසය. හැබැයි මට චංදෙ ඉල්ලන්න සල්ලි නැත.

    ReplyDelete
    Replies
    1. එයා කොච්චර දුර්වල නායකයෙක්ද කියනවා නම්... පත්තර නැත්නම් මෙළෝ දෙයක් දන්නේ නැති ජනාධිපති කෙනෙක්... ඒකෙන්ම පේනවා නේ එයාට කවුරුවත් නැතෙයි කියලා හිටං...

      Delete
  41. ඔය කියන විදිහේ සුන්දර ඒකාධිපතියෙක් අපේ ජීවිත කාලෙදි නම් බලාගන්න ලැබැයි කියලා හිතනවා බොරු. ඒවා සුන්දර හීන පමනී.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය ඉන්න ළෝකෙකම නිවන් දැකපන් මේ පැත්තට ඔළුවවත් දාන්නේ නැතිව...

      Delete
  42. මොකක්ද බන් අර උඩම දාපු පින්තුරේ. මයිත්‍රී මහත්තයා එරිච්ච වේලාවක්ද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං වෙලාව... එරිච්ච එක තාමත් එහෙමමයි.. ගොඩ එන්න දාන සෙල්ලම් ඔක්කෝම හබක්....

      Delete
  43. අනේ මන්ද මාතො...

    මුන් මේවා කොහෙන් කෙලවර කරලා ගෙදර යයිද කියලා...

    ReplyDelete
    Replies
    1. කෙලවරක් හොයා ගන්න බැර්‍රි වෙන්නම අවුල් කරලා යයි...

      Delete
    2. යන්නේ නෑය කියන්නේ ඔය...!

      Delete
    3. He will never go men. In the next election the people might need to fight hard to chase him out like what we did to MR. Anyway that MR bugger had some courage to face the defeat and leave the palace at least. Usually weaker rulers resist more than the stronger ones to keep their vulnerable positions. The best example is Hon. RW who hardly and shamelessly resist to keep the UNP leadership despite facing excessive struggle against the vast majority of the party.

      Delete
    4. යන්න අදහසක් නෑ කලින් එකා වගේම... ඒත් ඉතින් පුකට පයින් ගහලා එලවනකන් පිස්සු නම් කෙලියි හිටං...

      Delete
  44. අර මඩුවලිගෙන් ද බං ගහගන්නේ........

    ReplyDelete
    Replies
    1. අතට අහු වෙන ඕන එකකින් ගහගන්න තියෙන්නේ ඇති වෙනකන්....

      Delete
  45. වීර කම කෙසේ වෙතත් රාජ ඌෂ්නෙ නං ගහල හිටං.....!
    මාතේ පොරගේ අර හැන්ගර් ගතියත් ගිහින් නේද දැන්...ෆේෂල් එහෙම දාල හිටං නිකන් බර බර බොර බොර ගාලා කථා කරන ලෙසක් පේන්නේ...! හෙට අනිද්දා කුරහන් සාටකේකුත් එල්ලා ගනී වගේ..!

    ReplyDelete
    Replies
    1. හිස්ට්‍රී රිපීට්ස් කියලා මක්කද මළහත්තිලව්වක් තියෙනවා නේ... සුභ සහ යස නැවත රඟ දැක්වීම... වෙන කියන්න දෙයක් නම් නෑ...

      Delete
  46. වීරයෝ නෑ අපට නං..
    ලංකාව කියන්නේ අපතයන්ට උඩට යන්නත් වීරයන්ට යටට යන්නත් සුදුසු ක්‍රමයක් තියෙන රටක්...
    වීරයෝ වෙන්න පුළුවන් අය ලංකාවේ දේශපාලනය ඇතුලෙත් බිහි වුණා ඒත් ඒ අයට ළං වුණේ මාරයෝ තමයි...
    පිම්පියොයි අපතයොයි මේකේ පොරවල් වුණෘ..

    ReplyDelete
  47. ගම්මන්පිල වීරයෙක් වෙයිද?ඇවිත් කියවන්න, අලුත් බ්ලොගක්.
    www.hadenakoluwa.blogspot.com

    ReplyDelete
  48. මාතලන් මට වහ බෝතලයක් ගෙනත් දියන්. නැත්නම් මම ආප්ප කාල සියදිවි නසාගන්නවා. එක්කෝ නැත්නම් මඩු වලිගෙන් මට මැරෙනකන් ගහන්න කියපං හිටං
    All registered companies (including non-functioning) will be subjected to an Annual License fees of:
    Private Companies 60,000
    Public Quoted Companies 500,000
    Other Companies 100,000
    At the time of voluntary liquidation of a Company will be charged Rs. 250,000/-.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාවේ මෙතෙක් පහළ වූ ජන අප්‍රියම ආන්ඩුව...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න