.

.

May 4, 2016

මහින්දගේ ආරක්ෂාව බෙංගමුවේ නාලකට - Nalaka to protect MR

From - Facebook
සේනාධිනායක අතිගරු මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් හා අමරපුර බලකායේ මේජර් ජෙනරාල් දවුල්දෙන ඥානිස්සර, අභයාරාම බලකායේ හා හෙදසේවා අනුකංඩයේ මේජර් ජෙනරාල් මුරුත්තෙට්ටුවේ ආනන්ද හා රාවණා බලකායේ බ්‍රෙගේඩියර් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හමුදා නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති ජාතික ආරක්ෂක කමිටුවේ හදිසි රැස්විමේදි, හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ උතුමානන්ගේ ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් බේංගමුවේ නාලක වෙත පැවරීමට තීරණය කර ඇත.

මැයි 2 වනදා සිට ගනු ලබන සෘජූ තීරණ ව්‍යාපෘතිය යටතේ ගනු ලැබූ ප්‍රථම තීරණය මෙය වන අතර, ඒ අනුව අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා වෙත අනුයුක්ත කර ඇති කිසිඳු පුහුණුවක් නැති 204 ක් වන සියළුම සෙබලුන් වහාම ඉවත් කරණු ලබන අතර, එමගින් ඉතිරිවන මුදල හිටපු ජානාධිපති අරමුදල වෙත බැරකරන ලෙස නියෝග කර ඇත.

මෙහිදි අදහස් දක්වා ඇති අගමැති ආරක්ෂක අංශයේ මේජර් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ, නැවත යුධ වාතාවරණයක් රට තුල ඇති වුවහොත්, ෆීල්ඩ් මාර්ෂල් බේංගමුවේ නාලකගේ සේවය හමුදාවට නොලැබී යන වාතාවරණයක් තුල, ඒය ජාතික ආරක්ෂාවට ඇති වන විශාල බලපෑමක් බැවින්, එවන් තත්වයකදි නැවතත් ඔහුගේ සේවය ලබා ගැනීමේ කොන්දේසි අනුව, ඔහු අනුයුක්ත කරනා ලෙසයි.

කෙසේ වෙතත්, එවන් අවස්ථාවක් නැවත් ඇති වුවහොත්, හමුදාවට නොයෙකුත් ගැටළුකාරි තත්වයන්ට මුහුණ දීමට සිඳුවන බැවින්, ඒ සඳහා එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ජිනීවාහී මානව කිමිකම් කමුටුවේ සමාජිකයින් යොදවන බවටද, සේනාධිනායක අති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි පොරොන්දු වී ඇත.

_____________________________________________________


විනය හැදියාව මනුස්සකම ගැන ඉස්කෝලවල පොඩි උන්ගෙන් ප්‍රශ්ණ කරන අය, 
මේ වගේ මදාවි තක්කඩි චන්ඩියෙකුට නොමිනේසොන් දීලා, 
අනාගතේ දවසක පාර්ලිමේන්තුවේදිත් කාට හරි කෙලියොත්, 
ඒකේ වගකීම ගන්න ඕනත් ඡන්දේ දීපූ උන්ද හිටං....?

-x-

77 comments:

  1. සුදුස්සාට සුදුසු තැන

    ReplyDelete
    Replies
    1. මගේ "1"ත් ඇතුළුව..... :-)

      Delete
    2. ඔන්න ඒකට මිඩිලිස්ට් වල තම්බි...ඩැයිවර්ට හිටන් ආරක්ෂාව දෙනවා....

      Delete
    3. ඇයි බං යුද්දේ ඉවර කලේ මෙයාය කියලා හිරු ටී වී එකේ දෙසා බෑවේ.... හමුදාවේ උන් මලේ අපරාදේ... මෙහෙම බුලට් බඩු ඉඳිද්දි...

      Delete
  2. චීෆ් මාෂල් මැදගොඩ අබයතිස්සට මොකුත් දීල නැතෙයි

    ReplyDelete
    Replies
    1. මුන්දා සිවුරත් නැති කර ගන්න හදන්නේ.. හැක්..

      Delete
    2. උන්නාන්සේ නිකං මඩේ හිටවපු රිට වගේ නේ අපේ හාන්දුරුවනේ...

      Delete
  3. මාතා,

    මොනාද මේ කප්පරක් ප්‍රශ්න තියෙද්දී කරන විකාර වැඩ මයිත්‍රී කරන්නේ මාතෘකා නිර්මාණය කිරීම පමණයි

    ReplyDelete
    Replies
    1. // මොනාද මේ කප්පරක් ප්‍රශ්න තියෙද්දී කරන විකාර වැඩ මයිත්‍රී කරන්නේ මාතෘකා නිර්මාණය කිරීම පමණයි //

      :D

      Delete
    2. ජනපති වී දින 100න් විධායකය අහෝසියි
      හොරකම නවත්වලා 10 ගුණයක සංවර්ධනයක් කරනවා
      ඖෂධ ප්‍රතිපත්තියෙන් බෙහෙත් මිල අඩු කරනවා
      මගේ පවුලේ කවුරුවත් තනතුරු වලට දාන්නේ නෑ
      මම හෙලිකොප්ටර භාවිතා කරන්නේ නෑ
      පවුලේ කවුරුවත් රට අරන් යන්නේ නෑ
      බයිසිකල් වලට බැඳපු 50000 ආපසු දෙනවා
      ඇමති මණ්ඩලය 25ට අඩු කරනවා
      මම රට පාලනය කරන්නේ පොළොන්නරුවේ හිටං

      Delete
    3. ///මයිත්‍රී කරන්නේ මාතෘකා නිර්මාණය කිරීම පමණයි///

      තමුන්ගේ ආරක්ෂාව ගැන නැති ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ මෛත්‍රී ද මහින්ද ද බොලං?

      Delete
    4. නිකමට ඉස්පිරිතාලෙක ඩොකෙක් හම්බෙලා විනාඩි පහක් කතා කොරල බලන්නකො.. අත්‍යවශ්‍ය ඖෂධ කීයක් අඩුයිද කියලා.. හැබයි මන්ත්‍රීගෙ කාර් එක කෝටි පහට වැඩියි.

      Delete
    5. මොන වැඩද අප්පා.... මෙහෙම ආතල් දෙන ආන්ඩුවක් ළොවෙත් නෑ, ළොවි ගහෙත් නෑ... ඊට හපන් මළබද්ද විපස්සේ...

      Delete
  4. //මචං ඒ මිනිස්සුයි උඹයි එක මට්ටමෙන් මනින්න එපා..

    හර්ෂයි උඹයි දෙන්නම කරන වැරැද්ද ඒකයි.... උඹලා පැමිනිලිකාරයන්ගෙන් විත්තිකාරයන්ගෙන් හරස් ප්‍රශ්ණ අහුවට කවදාවත් තර්ක ගොඩ නගන්නේ නෑ නේද උන් එක්ක.. ඒක කරන්නේ අනෙක් පාර්ශවයේ නීතීඥ්ඥැයෝ එක්ක.. එහෙම නැත්නම් ජජ් එක්ක.. එහෙමත් නැත්නම් උඅගත් බුද්ධිමත් ජූරී සබාවක් එක්ක...//

    ReplyDelete
  5. මාතලයෝ... එල..එල...!! යමු...යමු....ඔහොම..........
    මං මේ මෙවා බල බල හිනා වෙවී උදේ බ්‍රෙක්පොස්ට් එක කනවා....

    ReplyDelete
    Replies
    1. ආන් එච්චරයි බං... මේ ජෝකර්ලට පින් අත් වෙන්න කන්න නැතත් බඩ පිරෙනවා අප්පා...

      Delete
  6. බො බල සේනාංකයේ කමාන්ඩෝ උන්නාන්සෙට මොකවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. එයා ඇන් ජී ඕ කාරයෙක්ලු... එයාලු මහින්දගෙන මුස්ලිම් මිනිස්සු දුරස් කලේ... අර පිස්සු අස්වර් කිරුළපනේදිත් කිව්වේ හිටං

      Delete
  7. පලවෙනි ඡේදේ කියවනකොට හිතුනේ රවීගේ එෂැණිං පුවක් එපිසෝඩ් එකක් කියලා :)

    ReplyDelete
    Replies
    1. රවිගේ ඒවා ඇවිල්ලා රේඩියෝ එකේ යන ඒවනේ... මම මේ ඉට්ටැයිල් එක පුරුදු උනේ මෙතනින්.... (කියවන්න, පට්ට රහයී)

      http://newscurry.co/

      Delete
  8. මේ දිනවල කතා වන මහින්දගේ ආරක්ෂාව ගැන මට අවංකව නැගුන ප්‍රශ්ණ නම්;
    1. යුද්ධය පැවති අවස්ථාවක චන්ද්‍රිකාගේ හමුදා ආරක්ෂාව ඉවත් කල මහින්ද යුද්ධය අවසන්කර හමුදා ආරක්ෂාව ඉල්ලීමේ පදනම කුමක්ද?
    2. මහින්දගේ ආරක්ෂාවට සිටි හමුදා භටයින් ඉවත්කර ඒ වෙනුවට පොලිස් වි.කා.බ යෙදවීමෙන් රජයට ලැබෙන වාසිය කුමක්ද?
    3. ප්‍රභූ ආරක්ෂාව ගැන වෙනම පුහුණුව ලබා ඇති වඩා හොඳ වි.කා.බ වෙනුවට මහින්ද හමුදාවම ඉල්ලන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මට උත්තර දෙන්න බෑ නේ... උත්තර දෙන්න වෙන්නේ ආන්ඩුවටයි, මහින්දටයි...

      Delete
  9. චඃ............මල් හතයි ඈ. එතකොට මුන්නාන්සේ සැලියුට් කරලා කියන්නේ තෙරුවන් සරණයි කියලද?

    තවත් තනතුරු ඇතිකරන්න පුළුවන්.

    ශ්‍රී ලංකා ඇත් පැටව් බලකාය :- රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් උඩුවේ බලනාලෝක

    ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රහාරක හා අපහාස බලකාය:- රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් අලගොඩ ගත්තේ ගන්දස්සාර

    ශ්‍රී ලංකා වලි බලකාය:- රෙජිමේන්තු අධිපති ඉත්තෑවන්ගේ කූරු ගලවන

    ReplyDelete
    Replies
    1. විචාරක පට්ටයි ඈ...

      Delete
    2. ජෙනරාල් විචාරක මහතා අමුදාවේ ඉන්නකොට පන්සල් ක්‍රීඩාවේ නිරත උනාද?කතාවෙන්ම තේරෙනවා.

      Delete
    3. ඔහේලා නිකං පොර ටෝක් දෙනවා යුද්දේ ඉවර කලාය අරකය මේකය කියලා... රෙද්ද තමයි... ගේම දීලා තියෙන්නේ බෙංගමුවේ ආලවක..

      Delete
    4. විචා මාතලන්ට වඩා හපන්. හිනා ගිලෙනවා ඕයි..

      Delete
    5. අර අ [විචාරක] තුමා ත් කෝල් කළයි මකන්න කියලා . අනේ හොඳා !

      Delete
    6. මේ හොර ගනයන්ව මකලා හුරන්න ඕනේ ඕයි

      Delete
  10. එල එල ප්‍රියන්ත සහෝදරයා. අවුරුදු 4කට පස්සේ පලවෙනි කොමෙන්ටුව ඈ

    ReplyDelete
    Replies
    1. කොහේද ගියේ අබ්බාවකාසෙටද අඟහරුටද...?

      Delete
  11. Yes you rigt. Sinhala buddist extreme monks no important. What thing they know about security. If mahinda do war corect there no tigers ltte.No problem security. Mithri must no here to this monks. They fool only.

    ReplyDelete
    Replies
    1. ඔය කහකඩ කාරයෝ තමයි බන්ඩාරණායක මැරුවේ...

      Delete
  12. රනිල් කළ යුත්තේ මහින්ද - මෛත්‍රී ආරවුල බේරා ගැනීම ඒ අයට බාරදී තමන්ගේ පක‍්ෂය ශක්තිමත් කිරිමය. මෛත්‍රී 2015 අගෝස්තුවේත් යහපාලන ආණ්ඩුවට එරෙහි වූ ශ්‍රී ලංකාවේ හොරුන්ට අත දිගහැර සලකමින් සිටියි. එහෙත් රනිල් නිසාම වසර 20 ක් දුක් වින්ද එජාප පාක‍්ෂිකයන් රනිල්ගේ පාලන කාමරය ළඟ හූල්ලමින් සිටිති. රනිල් එජාපයට දුන්නේ මොනවාද? එකදු රස්සාවක්? දේශපාලන පළිගැනිම්වලට සහනයක්? නැත. නැත. සත්‍ය වශයෙන්ම රනිල් තුල ඇත්තේ ගමේ ස්ථානගත වූ බහුතර යුඇන්පි කාරයන් ගැන නිම නොවන වෛරයක්ද? ඡන්දය දුන් යුඇන්පිි කාරයන් පසෙක තිබියේවා. ඔහු පසුගිය කාලයේ විශේෂයෙන් මහින්දට එරෙහිව සටන් කළ එජාප ක්‍රියාධරයන්ට කළ දෙයක් තිබේද? කළ ප්‍රකාශයක් නිසා තිලක් මාරපනට රනිල් යන්ට කීය. ඔහුගේ ඇමැතිකම දුන් සාගලට වඩා මාරපන හොඳය. සුප්‍රකට ජොන් බාස් කිහිප වරක්ම හත් පොලේ ගාගත් බව චූ කොල්ලන් පවා දනී. ආණ්ඩුව පත්ව දින සියයක් යාමට පෙර ජෝන් ප්‍රාදේශීය සභා කරයන්ට ගසා දස අතේ ගා ගත්තේය. ඉන් පසුව ව්‍යාග්‍රා පෙති ගිල මොකක්දෝ එකක් කර ගත්තේය. එය දේශපාලනයට අදාල නැත. එහෙත් ඒ සිද්ධිය සමග රනිල් කැඳවූ කතෝලික සභාව ක්‍රිස්තියානි අමාත්‍යාංශය අහෝසි කිරිම හෝ ජෝන් ඇමති කමින් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. එහෙම වුනත් රනිල්ට ජෝන් හොඳය. මේ තත්වයන් ඩයරියා හැදුණ එකා වතුර පාවිච්චි නොකරනවා වාගේ පිලිකුල් සහගත ගඳ ගසන වැඩකි.

    ReplyDelete
    Replies
    1. // එහෙත් රනිල් නිසාම වසර 20 ක් දුක් වින්ද එජාප පාක‍්ෂිකයන් රනිල්ගේ පාලන කාමරය ළඟ හූල්ලමින් සිටිති. රනිල් එජාපයට දුන්නේ මොනවාද? එකදු රස්සාවක්? දේශපාලන පළිගැනිම්වලට සහනයක්? නැත. නැත. සත්‍ය වශයෙන්ම රනිල් තුල ඇත්තේ ගමේ ස්ථානගත වූ බහුතර යුඇන්පි කාරයන් ගැන නිම නොවන වෛරයක්ද? //

      :D

      Delete
    2. රනිල් කියන්නේ මහින්දවත් සිරාවත් නෙමෙයි... එයා රනිල්...

      Delete
    3. පක්ෂ හද හද ඉඳලා හරියන්නේ නැහැ ඕයි. කරන දෙයක් කරනවා මිනිස්සුන්ගේ පස්ස බිම ඇණෙන්න ඉස්සෙල්ලා.

      Delete
    4. කුමාර කළුආරච්චි නොහොත් සරසා නමැති බ්ලොග් නමින් පෙනී සිටින වසුරු හෙලන්නා නැවතත් ජනප්‍රිය යැයි පෙනීයන බ්ලොග් වලට පැමිණ වසුරු හෙලමින් පසුවේ. මොහු රාජකීය විදුහල් විශ්ව විද්‍යාල කතා ඇති තැන්වල දිගින් දිගටම පැටලෙන්නේ මොහුගේ රජයේ සේවක පියා කිසියම් හේතුවක් නිසා මේ මිහරකා රාජකීය විද්‍යාලයට දැමීමට සමත් වූ වග කව්රු හෝ ලවා කියවා ගන්නටය. එහෙන් මෙහෙන් මුට්ටි අල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයට එකතු වූ සර්සය ඔහුගේ ජන්මයේ වැරැද්ද එතනදී හෙළි කරන්නට ගොස් ඔවුන්ගේ උදහසට ලක්විය.. "අහක ගිය නයි රෙද්ද පල්ලේ දාගත්තට අපිට් හොඳ වැඩේ "යැයි මණ්ඩප මිටීමකදී කුමාර කළුආරච්චි ගැන සඳහන් වන්නේ ඒ අනුවයි.අධික හිනමනයකින් පෙලෙනා සරසට කිසියම් අයෙක් විශේෂයෙන් ගම්බද පාසලකින් ඉගෙන ඉදිරියට අවොත් එය දැක දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපෙන ස්වභාවයක් ඇත. මොහුගේ මේ ගැමි පාසැල් භීතිකාව ජවිපෙ විරෝදධයක් ලෙස පෙන්වමින් සරස්යා බ්ලොග් අව්ක්ෂයේ සැරිසරනු පෙනේ. තම ලෙයින් උපන් දරුවාගෙන් පවා පළිගන්නට තරම් නිහිනයෙකු වූ සරසා ( මොහුට විරුද්ධව මහනුවර පොලිසියේ ලියවී ඇති දේවල් බලන්න ) ගේ පසුපස්සේ යන්නෝ ඔවුනුත් මෙවැනි නිච් , දුර්ජන අය ය යන ලේබලය ගසා ගැනීමට සිදුවන බව නොදැන සිටිති. බොරු මාරා වාදිතාවයක් පෙන්වන මේ දුර්ජනයාගේ සත්‍ය තත්වය හඳුගත හැකි හොඳම අවසථාව බොරු rag විරෝධයක් පෙන්වමින් ඒ තුලින් අනුරාධපුර මධ්‍ය මහා විදයලයකින් පැමිණි වර්තමාන පේරාදෙණි උපකුලපතිට පහර ගැසීමයි. එමෙන්ම පොඩි බණ්ඩා නම් 1990 භිමසමයේ ඝාතනය වූ දඹුල්ලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ සිස්‍ය නායකයකුට අපහාස කරමින් ලියු බ්ලොග් පොස්ටුවයි.. සරස.. උඹේ පැටිකිරියෙන් ටිකක් විතරයි මේ .. ඔක්කොම එලියට ගන්න කැමතිනම් තව දුරටත් මරා ගේ ගූ කමින් බ්ලොග් වල වසුරු හෙලපන්... නැතිනම් අර "සරසවිසමග" කියා උඹ ලිවූ පැනිබේරෙන අරලිය ටයිප් කතා ලියමින් ඇත්ත සරස වගේ හැසිරියන්,.... අදට මෙපමණයි .....D.. D. D..

      Delete
  13. මේ මොහොතේ මහින්දට සහ ඔවුන්ගේ සහචරයන්ට අවශ්‍ය කුමක් හෝ සිදුවීමක් පාදක කරගනිමින් මාධ්‍ය යේ අවධානය යොමුකර ගැනීම සහ ඔවුන්ගේ අනුගාමිකයින්ගේ පවතින තත්වයට එරෙහි වෛරය දිගින් දිගටම පවත්වාගෙන යෑමය. මේ යනවිදිහට ඉදිරියේදී කාල්ටන් මන්දිරය ඉදිරියේ ඇති පාර සකස්කිරීමට කටයුතුකල හොත් එයටද එරෙහිව මාධ්‍ය සාකච්ජාවක් පවත්වනු ඇත.

    මහින්ද රාජපක්ෂ චන්දිකාව දේශපාලනයෙන් ඉවත් කිරීම සදහා ඇයට අදාල ආරක්ෂාව අඩුකල අතර අද එයම මහින්දට පාරාවලල්ලක්වී ඇත. ඔය කොයි ලොක්කා දේශපාලනයේ සිටියද නැතද සාමාන්‍ය ජනතාවට සිදුවන පිඩනය අඩුවන්නේ නැත. එය වෙනස්කර ගත හැක්කේ නියෝජිතයින් පත්කර පැත්තකටවී එම නියෝජිතයින්ගෙන් තමන්ගේ දෙයක් කර ගැනීමට බලා සිටින ජනතාව තමන්ගේ ආකල්ප වෙනස්කර ගනිමින් සක්‍රියව දේශපාලනයට මැදිහත්වන දිනයකදීය...

    මාතලං විසින් මෛත්‍රි ආසන සංවිධායක තනතුරක් දෙන ජායාරූපයක් පලකර ඔවුන් චන්දය ඉල්ලීම සදහා පත්කිරීම පිලිබදව සිදුකරන ප්‍රශ්නකිරීම එජාපය විසින් එවැනිම මැරයින්ට, චන්ඩින්ට ආසන දීම පිලිබදව ඒ තරමින්ම මතු නොකරන්නේ එජාපයේ කොයි මැරයා සිටියද එජාපය ආර්ථිකය සංවර්ධනය කරන බැවින්දැයි මමනම් නොදනිමි......

    ReplyDelete
    Replies
    1. ඔයා මට රනිල් එහෙම කෙන්කුට ප්‍රසිද්ධියේ ආසන සංවිධායක කමක් දෙන පොටෝ එකක් එවනවද...? මම වෙනමම පෝස්ට් එකක් ලියන්නම්.... නැත්නම් මට හොඳ නෑ නේ...

      Delete
    2. "හිටපු ජනාධිපතිගේ නිදන කාමරේ රහස් දුරකතනයක් තිබ්බලු. ඒකෙන් බුවා නිදා ගෙන සිටියත් ඕනෑම වෙලාවක අවදි කරගෙන ටෝක් කරන්න පුළුවන්ලු. මේක සවි කලේ යුද්ධය කාලේ ආරක්ෂක ලේකම්ට/හමුදාපතිට හදිසියකදි රෑ කීයට හරි අමතන්න පුළුවන් වෙන්නලු. ඔන්න දවසක් උදේ තුනට මේ දුරකතනය නාද වෙනවා. හොඳට නිදා ගෙන හිටපු මහින්ද මේ නාදයෙන් අවදි වෙලා “යුද්දේ ඉවර වෙලත් මේ කරදරේ ඉවරයක නෑනේ“ කියමින් දුරකතනය අතට ගත්තා. දුරකතන ඇමතුම එවකට විපක්ෂ නායකතුමා වූ ගරුතර රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගෙන්.

      අපි දැන් ඒ සංවාදය කියවමු;

      රනිල් : මහින්ද, මම රනිල්.
      මහින්ද : ඇයි රනිල් මේ මහ රෑ? කරදරයක් ද?
      රනිල් : එක විධියක කරදරයක් තමයි. මට අයිස්ක්‍රීම් එකක් කන්න ආසයි. ඒත් ගෙදර නෑ.
      මහින්ද : ඉතින් මනුස්සයෝ මට කරදර නොකර කඩේකින් අරන් එකක් නොවෙයි දහයක් කනවකො.
      රනිල් : කඩ ඇරලා නම් මම ඔයාට කතා කරන්නේ නෑනෙ. කඩ ඔක්කොම වහලා.
      මහින්ද : හරි! හරි!! පොඩ්ඩක් ඉන්න මම මන්දිරේ තිබෙනවා ද කියලා බලන්නම්.
      (ටික වේලාවකට පසු)
      මහින්ද : හරි වැඩේනෙ රනිල්. අපේ ගෙදර පොඩි එවුන් නැති නිසා අයිස්ක්‍රීම් චුට්ටක්වත් නෑ. දැන් ඔයා නිදා ගන්න. තව පැය තුනකින් එලි වෙලානෙ. එතකොට අපි අයිස්ක්‍රීම් ගමු.
      රනිල් : එහෙම බෑ. මට දැන් අයිස්ක්‍රීම් කන්න ඕනෑමයි.
      මහින්ද : මොකද්ද රනිල්? ඔයා මට කරදරයක් වුණානෙ. උදේ හය වෙනකොට මම ලංකාවේ තිබෙන ඔක්කොම අයිස්ක්‍රීම් ජාති ඔයාගේ ගෙදරට එවන්නම්. එතකොට කැමති ජාතියක් කන්න පුළුවන්නෙ. දැන් ගිහින් හොඳ ළමයා වගේ නිදා ගන්න.
      රනිල් : හරි! ඔයා මට අයිස්ක්‍රීම් එවන්නේ නෑනෙ. ඔයාට ඕනෑ නිදා ගන්නනෙ. හොඳයි ඔයා එහෙනම් හොඳට නිදා ගන්න. හැබැයි ඔයා ඇහැරෙන කොට එක්සත් ජාතික පක්ෂ නායක කමින් මම අස්වුණා කියන ප්‍රවෘත්තිය ඔයාට ඇවිල්ලා තියේවි.
      මහින්ද : (ඉතාම කලබලයෙන්). අයියෝ රනිල්! ඔයාට විහිළුවක් වත් තේරෙන්නේ නෑනෙ. ඉන්න! ඉන්න!! මමම දැන් ගිහින් කඩයක් ඇරලවලා හැම ජාතියකම අයිස්ක්‍රීම් ඔයාගේ ගෙදරටම ගෙනැවිත් දෙන්නම්."

      මෙය හුදෙක්ම රසබර කතාවක් නොවේ. ඒ තුල දැවැන්ත දේශපාලන පණිවිඩයක් ද තිබේ. එනම් පහුකිය කාලක්ණ්ණි රෙජීමය පැවතුනේ විපක්ෂ නායක ධූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරූ හේතුව මත බැවින් ඔහුව ඒ තනතුරේ තබා ගැනීමට ආණ්ඩුව ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටිය බවයි.

      Delete
    3. වික්‍රමසිංහ මහතාගේ දුර්වලතාවය නිසා රාජපක්ශට එරෙහිව ඔහුව යොදාගැනීමට වෙර දැරීම ඇත්තෙන්ම අවදානම් සහගත ක්‍රියාවකි. ඇමෙරිකාව සහ යුරෝපීය සංගමය මෙන්ම ඉන්දියාව ද පසුගිය රාජපක්ශ රෙජීමය සමග තරහෙන් සිටියහ. ලංකාණ්ඩුව දැවැන්ත බලය බෙදීමකට යොමු කර තමිල්නාඩුව සතුටු කිරීමට නොහැකි වීම ඉන්දියාවේ කනස්සල්ලට හේතු වී ඇත. ඒ හේතුව මතම තම රටවල වෙසෙන දෙමළ ප්‍රජාව සතුටු කිරීමට නොහැකි වීම ඇමෙරිකාවේ සහ යුරෝපීය සංගමයේ කනස්සල්ලට හේතු වී ඇත. එමෙන්ම එම ලෝක බලවතුන් ලංකාවට දුන් නියෝගයට පිටු පෑම පිළිබඳ මේ රටවල් සිටියේ කෝපයෙනි.

      තමන්ට කීකරු නැති ආණ්ඩු පෙරලීමට මෙම රටවලට දැඩි උවමනාවක් තිබේ. ලොව පුරා එවැනි ආණ්ඩු පෙරලීම පිළිබඳ කළු පැල්ලම් සහිත ඉතිහාස ද මෙම රටවලට හිමිය. මෙවැනි අවස්ථාවන්හි තමන්ට අකීකරු රාජ්‍ය නායකයා ඝාතනය කිරීම ඇමෙරිකානු ප්‍රතිපත්තියයි. චිලී ජනපති සැල්වදෝර් ඇලන්ඩෙ, කොංගෝ අගමැති පැට්‍රිස් ලුලුම්බා, ජැමෙයිකා අගමැති මයිකල් මෑන්ලි, සයරේ ජනපති මොබුටු සෙකො සහ පැනමා ජනපති ඔමාර් ටොරිජොස් ඒ අතර වේ.

      නමුත් ජනපති මහින්ද ඝාතනය කිරීම තමන්ට බූමරංගයක් විය හැකි බව ඔව්හු දනිති. එවැනි ඝාතනයක් වුවහොත් රටේ ඇති වන අනුකම්පාව මත සංධානයෙන් ඉදිරිපත් වන තවත් රාජපක්ෂ කෙනෙකුට විශිෂ්ට ජයක් හිමි වනු ඇත. ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඝාතනය කිරීමෙන් පසු රජිව් ගාන්ධිට අගමැති වීමට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණය මීට ඇති කදිම නිදසුනයි. එබැවින් ජනපති ඝාතනයකින් පසු අනුකම්පාව බිහි වන සහ පැහැදිලි අනුප්‍රාප්තිකයින් සිටින පසුබිමක් තුල එවැනි වෑයමක් නිශ්ඵලය.

      විසි වසරක් බලයේ සිටි ආණ්ඩුවක් පෙරලීම දැවැන්ත අභියෝගයක් නොවේ. නමුත් ජනතාව අතින් විසි වසරක් පුරා ප්‍රතික්ෂේප වී ඇති නායකයෙකු ඒ සඳහා ගැලපෙන්නේ නැත. ඉහත සඳහන් කළ පරිදි වික්‍රමසිංහ මහතා වෙනුවට විපක්ෂයෙන් ඉදිරිපත් වන්නේ වෙනත් පොදු අපේක්ෂකයෙකු නම් එය සාර්ථක වන බවය.

      සංධාන ආණ්ඩුව පෙරලීමට ඇති දැවැන්තම බාධාව වික්‍රමසිංහ මහතා ලෙස බටහිර බලවේග දුටුවොත් ඔහුව ඝාතනය කිරීමට වුවත් මෙම රටවල් පෙළැඹීමට ඉඩ තිබුණි. තමන්ට හිතවත් නායකයෙකු ඝාතනය කිරීමට මොවුන් පෙළෙඹෙතැයි බොහෝ දෙනෙකු විශ්වාස නොකළත් එවැනි සිදුවීම් මීට පෙර සිදු වී ඇත.

      දකුණු වියට්නාමයේ ජනාධිපති ධූරය දැරූ න්ගො ඩින් ඩියෙම් ඇමෙරිකානු හිතවාදියෙකු මෙන්ම කතෝලික බැතිමතෙකි. ඔහු කොමියුනිස්ට් විරෝධියෙකු මෙන්ම බෞද්ධ විරෝධියෙකු ද විය. ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ උතුරු වියට්නාමයේ සහයෙන් වියට්කොන් ගරිල්ලන් දකුණු වියට්නාමය සමාජවාදි රාජ්‍යයක් කර උතුරු වියට්නාමයට ඈඳීමේ අරමුණින් සටනක් අරඹා තිබිණි. ජනපති ඩියෙම් විසින් බහුතර බෞද්ධයින්ට කරන හිරිහැර වලට විරෝධය පාමින් ක්වැන්ග් ඩක් හිමි සිරුරට ගිනි තබා ගෙන දිවි පිදීය. මෙම සිදුවීමත් සමග බෞද්ධයින් ඩියෙම් ජනපති ධූරයෙන් ඉවත් කිරීමේ අරමුණෙන් වියට්කොන්වරුන්ට සහය පල කිරීම ඇරඹිණි. තම හිතවතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොමියුනිස්ට්වරුන් බලවත් වන බව ඇමෙරිකාවට පෙනිණි. එබැවින් ඔහුට ජනපති ධූරයෙන් ඉවත් වන මෙන් ඇමෙරිකාව දැනුම් දෙන ලදී. නමුත් ඔහු බලය අත්හැරීමට සූදානම් නොවිණි. එබැවින් ඇමෙරිකානු ඔත්තු සේවය වන සීඅයිඒ විසින් සැලසුම් කළ කුමන්ත්‍රණයකින් ඔහු මෙන්ම ඔහුගේ සොයුරා ද 1963 දී ඝාතනය කර තවත් ඇමෙරිකාවේ කීකරු ගෝලයෙකු වන දුරොන්ග් වෑන් මින් බලයට ගෙනෙන ලදී.

      දකුණු වියට්නාමයේ නිදසුන පෙන්වන්නේ තම සැලසුම් ඉදිරියට ගෙන යෑමට තම හිතවතා බාධාවක් නම් ඔහුව මරා දැමීමට සීඅයිඒ පසුබට නොවන බවයි.

      Delete
  14. Dharmaye hasirenna dharmaya wisin sureke. Ayurakkathi Awada.

    ReplyDelete
    Replies
    1. ධර්මේ මක්කටද...? සීනීගම දෙවොල් දෙවියෝ ඉන්නේ...

      Delete
  15. සිවුරු පුත්‍ර බළකායේ හබරල කයිය...

    දානේ පිලිගන්නන්න ආවොත් හෙම ආය
    කෙළිනවා පාත්තරෙන් දැනගනියව්..
    හයි ක්ලාස් සිවුරු පුත්‍ර බළකාය අපි...
    දන්නවා කන්න ඕනි මොනවද.. කොහොමද..

    ReplyDelete
  16. ඔය ගැන උඩ පැන ගෙන කෑගහපු මාධ්‍ය සාකච්ඡාවෙදී ප්‍රශ්ණයක් ඇහුවා මාධ්‍යවේදියෙක්.. ලොක්කා ඇණගත්තා හිටු කියලා.

    දැන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කතා කරන ඔබ වහන්සේලා යුද්දෙ ඉවරකරාට පස්සේ ඡන්දෙ ඉල්ලුව නිසා හිටපු යුදහමුදාපතිතුමා හිරේ දාන වෙලාවේ ඇයි කතා නොකලේ කියලා...... ලොක්කා අන්දුන් කුන්දුන්.... පස්සේ කිව්වා ඒ වෙලාවේ සෝභිත හාමුදුරුවෝ ඒ ගැන කතා කරපු නිසා අපි ඒ ගැන කතා කලේ නැහැලු.... ඉතින් හත්තිලව්වේ දැනුත් ඔය ගොම්මන්පිලයි විමලුයි කතා කරන්නේ ඇති තරං... මදිනං අර නහයෙන් කෑ ගහනා වාමංශිකයත් ඉන්නේ.......... දැන් මොකට කතා කරනවාද මන්දා.....

    ReplyDelete
    Replies
    1. පොරට හීන් දාඩිය දැම්මා ඒ වෙලාවේ...

      Delete
  17. බොඩි ගැලෙව්වම මඩු වලිගෙන් තලන්ඩ ඕනේ කිව්වා, චණ්ඩින්ට නොමිනේසන් දෙන මේ හරකට හරක් ප්‍යියෙන් තලපල්ලා.(හරක් පයියක පොලිසි වල ඇත).

    ReplyDelete
  18. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැදිං ආප්පෙ …

    හා තෝරපං බලන්න .. හැක් හැක්

    ReplyDelete
  19. පොර උදේ වරුවේ ප්‍රේම්දාස ගුණ සමරුවේ...හැන්දෑවේ අලිබබා සහ හොරු හතලිස් එකත් එක්ක කිරුළපොනේ. කොහෙන් හරි දඩයක් දාගෙන එදා වේල ශේප් බුවෙක් තමයි ඔය හරක් අං තට්ටුවේ ආනන්ද.

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලේ හරක් අං තට්ටුවේ ආනන්ද නර්ස් නෝනලාව ඉස්සරහට දාලා ජේ.ආර්.ගෙන් ගේමක් ඉල්ලන්න හැදුවා. ඒ වෙලාවේ මුන්දැගේ අත අඹරවලා තමයි ජේ.ආර්. මුන්දැව මෙල්ල කළේ. ඊට පස්සේ මුන්දෑ 1987 මැයි දිනේදී දිනේශ් ගොයියාත් එක්ක හවුල් වෙල අභයාරාමේ ජෝගි නටන්න හැදුවා ආණ්ඩුවට විරුද්ධව. ජේ.ආර්. කළේ පන්සලට ගෆූර්ව ඇරපු එක. අන්තිමේදී සෙල්ලම ඉවර වුණේ දිනේශ්ගේ පක්ෂයේ දෙන්නෙක් පන්සල ඇතුළෙම පරලොව ගිහිල්ලයි.

      Delete
    2. ඇත්තට ම එතැන හිටියේ ලොක්කමද???? මාත් ලාවට වගේ දැක්කා...... ඒත් ෂුවර් කරේ නැහැ..... ඒ කියන්නේ ලොක්කා එතැන ඉදලා.......

      Delete
    3. ඔව් කුරුටු.....මම රිවයින්ඩ් කරලත් බැලුවා. ඒක තමයි සිරස කාරයා..ඒ අස්සකටම කැමරා එක ෆෝකස් කරලා තිබුනේ.

      Delete
    4. දැන් ඉන්න නායකයා දහම් පාසල් තෑගී දෙන්න ඕකගේ පනසලටත් ගියා... මිනිස්සුන්ට මල පනින්නේ ඕවටනේ...

      Delete
  20. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලේ ඔය එක ගණයෙක් වත් 'මීක්' සද්දයක් වත් නොදා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටියා. ජේ.ආර්.ගෙන් ගේම ඉල්ලපු ගැටඹේ ගණයාටයි, ගම්පහ ගණයාටයි ලැබුණා ජේ. ආර්. ගෙන් හොඳම එකෙන් කෑමක්. මෛත්‍රී/රනිල් ඩබල අන්න ඒ විදියට, ජේ.ආර්. කළා වගේ, හැඬල් කරන්න ඕනේ මේ ගණයින්ව. නැත්නම් බණ්ඩාරනායකට ලැබුණා වගේ සබුක්කුවක් ලැබෙනවා ඔය දෙන්නාට.

    ReplyDelete
    Replies
    1. ඇයි මහින්ද... මහින්දට ඔය හැම එකාම ගූ බයයි... අන්න නියම නායකයෝ... ඕකුන් ගාව ගත්ත තැන විනාශයි... මහින්දත් එක ඝනයයි ගාව ගත්තේ... පොරත් ඉවරයි..

      Delete
    2. Uba puka deepan ponnaya

      Delete
    3. ඒක නම් ඇත්ත....... J.R. මහත්තයා ශ්‍රමණයින්ට දැන් වගේ නටන්න, උඩ පනින්න දුන්නේ නෑ. 1977 එක්සත් ජාතික පක්ෂය බලයට ගේන්න ගොඩාක් වැඩ කරපු මීටියාගොඩ ගුනරතන හාමුදුරුවො වුණත් කට ඇරියේ නෑ එ.ජා.ප. ආණ්ඩුව බලයට පත් වුණාට පස්සෙ.

      Delete
  21. ඔය දවුල්දෙන හම්පඩ කහකඩය 'මැදමුලනයගේ හමුදා ආරක්ෂාව නැවත දෙන්න කියා ජනපතිගෙන් ඉල්ලයි' කියන කතාව දැක්කම මම හිතුව 'මාතා' මේ ජනපතිට නසරානි උපදෙස් දෙන කහකඩයෝ ගැනත් නියම පොස්ටුවක් ලියයි කියල.

    ReplyDelete
    Replies
    1. මුන් තමයි බුදු හාමුදුරුවොත් නෝන්ඩි කරන කාලකන්නි....

      Delete
  22. වනිතා කටයුතු පිළිබද අමත්‍යාංශයත් හාමුදුරුවෝ කෙනෙකුටම බාර දුන්නොත් මොකද ?

    ReplyDelete
    Replies
    1. කොහොමත් එයාලා තමයි උපාසිකාවන් ගැන හොයා බලන්නේ...

      Delete
    2. ඇයි, දැනටමත් නාරාහේන්පිට පන්සලේ මුරුත්තෙට්ටුවෙ ආනන්ද හාමුදුරුවෝ තමයි නර්ස් නෝනලාගේ කටයුතු පිළිබඳ හොයලා බලන්නේ.... හරිම ස්වීට් නේද මෙයා?

      Delete
  23. CBK ta baddagane sanjeewa. MARA ta julampitiye amare.

    ReplyDelete
  24. නාරාහේන්පිට අභයාරාමෙට කටු කම්බි ගහන්නයි තියෙන්නේ.... හරියට ම ජේ.ආර්. 1982 දී ගැටඹේ පන්සලට කළා වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ නේ අනේ... හිටං මහත්තයා මාර ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් නේ....

      Delete
  25. සිවුර අස්සෙ ආයුද හංගගත්තම කාටවත් පේන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. කතා දෙකක් නෑ... එකෙක්ට් ගේම දීලා අහවරයිනේ...

      Delete
  26. //ආණ්ඩුවට ස්ථිර වශයෙන්ම එජාප 106 ත්, එජනිසයෙන් මරාවාදී 41 අඩු කළ විට මෛත්‍රීවාදී 54 ත් සහිතව 160 ක ශක්තියක් තිබෙන බව දැන දැනම දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මරාවාදී කල්ලිය තම 41 දෙනා සමග මේ කරන්නේ ආණ්ඩුව වැට්ටවීමට වඩා ආන්ඩුව කරගෙන යෑමට ඉඩ නොදී කඩා කප්පල් කිරීමය. මරාවාදීන්ගේ එ් පටු අරමුණු වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ද අද හොරු සමග හෙලුවෙන් කරට කර ක්‍රියා කිරීම නින්දා සහගතය. මන්ද යත් විපක්ෂව ඡන්දය දුන් 31 දෙනාට අයත් වූයේ ජවිපෙ සහ මරාවාදී හොරු පිරිස පමණක් නිසාය. දෙමළ ජාතික සන්ධානයේ සිටි මන්ත්‍රී 3 දෙනා ආණ්ඩුව සමග පරිපූරක ඇස්තමේන්තුවට පක්ෂව ඡන්දය දුන්හ. සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ ඡන්ද 3 නොතිබී නම් ආණ්ඩුව අමාරුවේ වැටෙන්නේ ය.//

    ReplyDelete
    Replies
    1. ඒක නම් පරාද උනා නම් තමයි හොඳ...

      Delete
  27. ජෝක් වගේ පෙනුනට ඒ සෙට් එකත් හමුදාවක් තමයි, කොහොමද කට්ටියම සෙට්වෙලා ආවොත් ? වදින්නේ නැතිව ඉන්න එකක් නැහැ නේද ?

    ReplyDelete
  28. Mahinda uthumata arakshawa ugandawen laba dee etha

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න