.

.

May 27, 2016

ඇගේ ඇස අග, මා(තලන්)ගේ ඇසින් (අතිශයින් වැඩි හිටියන්ට පමණයි.) - Yeh... Let her Cry - Handagama


ඇගේ ඇස අග ගැන හෝ ගාලා විචාර යනවා. හඳයා "වඳින" සෙට් එකක් ඉන්නවා වගේම, හඳයා සෝ එකක් හැදුවාම, "වදින" සෙට් එකකුත් ඉන්නවා. අපි නම් ඉතින් ඔය දෙකටම නැතිව, හඳයා කොපියක් තියා මොකක් හැදුවත් ගිහින් බලනවා. ඒක හඳයගෙ ටැලන්ට් එක. මොකෝ, ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ සෝ වල වගේම, හඳයත් අපිට සැක්ස් කෑල්ලක් පෙන්නන නිසා. හැබයි ඉතින්, ඉන්ටර්නෑට් එකේ සැක්ස් බලපු උන්ට මේ සැක්ස් කෑලී දැක්කාම වෙන්නේ, සිද්ධාර්ථ කුමාරයාට උනා වගේ, ගිහි ගේ කළකිරෙන එක විතරයි.

ඇත්ත එහෙම උනත්, අපේ කෑල්ලක් රෙදි නැතුව ඉන්නවා දකින්න තියෙන අවස්තාවල අඩුවක් තියෙන නිසා, (දැන් ගෑණූ ළිං වල නාන්නෙත් නෑ නේ) සසර කළකිරුනත්, අපේ අය අනෙක් රටවල අයට වඩා බොහෝ වෙනස් නිසාත්, ඒ වෙනසට අපි ගරු කරන්න ඕන නිසාත්, අපේ කමට ගරු කරලා අපි මේවා බලන්න යනවා.  හැබයි ගිය ආන්ඩුව තිබ්බා නම්, අක්ෂරය වගේම මේ සෝ එකත් අපිට බලන්න වෙන්නේ පුංචි තිරයේ. ඒකේ සෝ එකක් බලන කොට, සෝ එකක් බලනවා කියන ෆීලින්ග් එක එන්නේ නෑ.

මේ වගේ සෝ එකක් රුධිර කේෂ නාලිකාවල තැනපත් කර ගන්න ඕන නම්, තනියෙන්ම ගිහින් හෝල් එකකම බලන්න ඕන. හාමිනා එක්ක ගියොත් වෙන්නේ, හඳයා සෝ එක හදන්න වෙහෙසුනාට වැඩි වෙහෙසක්, සෝ එක එක්ස්ප්ලේන් කරන්න වැය වෙන එක. එතකොට සෝ එකත් එක්ක තියෙන ආතල් එක නැති වෙලා, ඒකත් එක්ක මල පනින එකයි වෙන්නේ. 

ගිය ආන්ඩුව තිවුනා නම් අක්ෂරය වගේම මේ සෝ එකත් බලන්න වෙන්නේ නෑ කියලා කිව්වේ, ගිය ආන්ඩුවේ අය බඩු කාරයෝ කියලා හැන්සාඩ් ගත වෙලා තිබුනත්, එයාලා, හඳයලා අපි බඩුවක් ගහනවට කැමති නැති හන්දා. අර පරිසර පොලීසිය වගේම තියෙන සඟිස්කුරුතික පොලීසියද කොහෙද, බඩු ඉස්පොට් වලට කඩාගේන පනිනවා. ලොජ් වලටත් පනිනවා, කොටින්ම හිංගල සිනමාව ගොඩ ගන්න විශාල කැපවීමක් කරන, ලොකු ගානක් ගෙවලා බොක්ස් වලට බැල්කනිවලට රිංගන ප්‍රේක්ෂකයොත් අල්ලලා කූඩුවේ දාලා කිච කරලා දානවා. හැබයි ෆයිව් ඉස්ටාර් හෝටල්වලටවත්, ලක්සිරි එපාට්මන්ට් වලටවත් පනින්නේ නෑ.

මේ සෝ එකෙන් අළුත් දෙයක් කතා වෙනවය. ෆැන්ටසිය රියැලටියක් වෙනවය. රියැලටිය ෆැන්ටසියක් වෙනවය කියලා අති පන්ඩිත පොර ටෝක් දුන්නට, එහෙම දෙයක් ඇත්තේ නෑ. මේකේ කියන්නෙම "පවුල රක්නා ගැහැණිය.." කියලා. ඒ කියන්නේ අපි ගෑණුත් එක්ක ගිහින් ආවට තොපි කලබල වෙන්න එපා. ඩිවෝස් වෙන්නත් එපා. නාවලා අපිව ගෙට අරගෙන කකුල් දෙක අල්ලලා වැඳපන් කියන පරණ තැටියමයි. හැබයි දැන් ඉන්න ගෑණුත් එක්ක එහෙම සෙල්ලම් දාන්න යන එක ටිකක් ඩේන්ජරස්. ඒ බව නිව්ස් බලනවා නම්, සිරිසේන ලොක්කා වගේ, පත්තරේ එහෙම බලනවා නම්, හඳයටත් බලා ගන්න පුළුවන්.

කොටින්ම "තනි තටුවෙන්" එකේ තිබුන තරමෙවත් රැඩිකල් ගතියක් නෑ. (අඩු ගානේ ඒකේදි අපේ උන් කතා කරන්න බය ලැස්බියන් සබ්ජෙක්ට් එක හරි කතා කරලා තිබුනා.) එහෙම වෙන්න තිබුනා මේ සෝ එකේ, ස්වර්ණා ගෙදරට කොල්ලෙක් එක්කගෙන ආවා නම්. හැබයි ඉතින් ඒකත් අළුත් එකක් වෙන්නේ නැත්තේ, ධර්‍මසිරි බන්ඩාරණායක උන්නැහේ, අයිරාංගනි සේරසිංහ එක්ක එහෙම කේස් එකක් වගේ එකක් එහෙන් මෙහෙන් පෙන්නන සෝ එකක් ඒ කාළේ බැලුවා කියලා හොඳ මතකයක් තියෙන නිසා. කරුමෙට ඉතින් ඒ සෝ එකේ නම මතක නෑ. මතක් උනොත් මේ ලියපු ටික වෙනස් කොරලා සෝ එකේ නම පස්සෙ දාන්න බැරිය. (සෝ එකේ නම "බක් මහ දීගේ")

ජිගලෝලා ගැන, (Gigolo) කූගර් සෙක්ස් ගැන, (Cougar) උත්තරීතර පාර්ලිමේතුවෙත් කතා බහක් යන මේ වෙලාවේ, ස්වර්ණා යොදාගෙන ඒ වගේ එකක් කලා නම් මීට වඩා නැගලා යන්න තිබ්බා. ඒ නැතත් හොඳ ගානක් දුන්නා නම් අනෝමා ජනාදරි උනත් හඳයට ආයෙත් සිනමාවට ගේන්න තිබුනා. එතකොට ඔය දැන් පෙන්නන සෝ එකේ ස්වර්ණාගේ පුනරාගමනය කියනවා වගේ, "අනෝමාගේ පුනරාගමනය" කියලා දාන්නත් තිබුනා. මොකෝ, ස්වර්ණලා, අනෝමලා කියන්නෙත්, ඇට ලේ මස් නහර වලින් හැදුන මිනිස්සු නේ. එයාලටත් ඇති නේ අපිට වගේම අසාවල්. මේ ළඟදි අනෝමා බුකියේ එහෙම පණිවිඩයකුත් දීලා තිබුනා. බලපන් යකෝ අපිත් තාම පට්ට කෑලී තමයි කියලා. (හතර පෝයටම සිල ගන්න එහෙම උපාසකම්මලා අපේ ගමේ තාමත් ඉන්නවා.)

ඇත්තටම මේ සෝ එකේ හින්ගල තේරූම නෙමෙයි ඉන්ගිරිස් වලින් තියෙන්නේ. මම හිතන්නේ, හඳයගෙ පනිවිඩය තියෙන්නේ ඉන්ගිරිසි තේරුමේ කියලයි. එයා කියනවා ඇයට අඬන්න දෙන්න කියලා. (Let her cry) මම නම් හිතන්නේ හඳයා මෙතනදි කියන්නේ හඳයගේ කතාව. එයා අනෝමට කියන්නේ ඔයා මගේ ෆැන්ටසියේ ජීවත් වෙන්න දැනගෙන හිටියේ නෑ කියන එක. එතකොට කවුරු හරි කියනවා නම් මේක රියැලටියක් වෙන්න ඕන කියලා. ඒක, මේ අම්මට සිරි ලංකාවේ තියා කොහේවත් වෙන්නේ නැති දෙයක්. (එක ගෙයි කෑම නැති වෙලත් ගොඩක් කල්.)

ස්වර්ණා, "මිස්ට්‍රස්ට", "මේ සෙල්ලම දැන්වත් නවත්තන්න...." කියන්නේ, සෙල්ලම ලෙල්ලම වෙන චෑන්ස් එක බොහොම වැඩියි කියන කියන අනතුරුදායක අවවාදය. හඳයත් ඒ ෆැන්ටසිය හරියන්නේ නෑ මචෝ කියලා තේරුම් අරගෙන තියෙන්නේ සෝ එකේ අන්තීමට පෙන්නන පයිට් එකෙන්. (පයිට් නැත්නම් සෝ එකකින් වැඩක් තියෙනවය) ඕකත් ඇත්තටම කීයටවත් වෙන්න බැරි දෙයක් උනාට, හඳයා එතනදි නම් පට්ට සංඛේතාත්මක බවක් පෙන්නනවා. ඒ තමයි පවුල පන්සලට උගස් කොරලා හරියන්නේ නෑ කියන එක. මොකෝ ස්වර්ණා එයාගේ දුක කියන්නේ බුදු හාන්දුරුවන්ට.

හඳයා නම් කැමති වෙයි තවත් කෑල්ලක් ගෙනත් ගෙදර තියාගෙන ඉන්න. (හඳයා නෙමෙයි අපිත් කැමතියි.) ඒත් අනෝමා ඒ දේට කවදාවත් ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම හඳයා කැමති වෙයිද අනෝමා පොඩි කොල්ලෙක් ගෙදර ගෙනත් තියාගෙන, හඳයා පිලේ නිදියන්න. ඔන්න ඔතන තමයි ප්‍රශ්ණේ තියෙන්නේ.

ඒකයි මම කිව්වේ, මේක මේ අළුත් දෙයක් නෙමේය. අපේ සඟිස්කෘතියේ තියෙන දෙයක්ය කියලා. කොටින්ම ලංකාවෙ පිරිමි ඔක්කෝම එහෙමයි. ඔය රහත් පල ලබලා මල් වරුසා මැදින් නිවන් වඩින සම්න්තබද්‍ර උනත් ඉන්නේ ඒ මානසිකත්වයේ. ඒ කියන්නේ පුරුසාධිපත්තයද මක්කද එකේ හොඳම එක. අපි පොඩි කාළේ ඉඳන් අහලා තියෙන බණ කතාවල පවා තියෙන්නේ අන්තඃපුර කතාවල්, සිද්ධාර්ථ කුමාරයත් එහෙමයි. කාෂ්‍යපත් එහෙමයි. දුටුගැමුණුත් එහෙමයි, මහා පරාක්‍රමභාහුත් එහෙමයි. ඒ තියා අතීමට උන්න සජ්ජුරුවොත් එහෙමයි. එයාලා මාර පොරවල්. මහා වීරයෝ. ඕක ඇවිල්ලා අපේ අති සෙරේස්ට සඟිස්කෘතිය. අපිත් ආස ඒ වගේ ඉන්න. "පවුලත්" රකින ගමන් ඒ වගේ ප්ලේ බෝයිලා වෙන්න. (මිනිහෙක් වෙන්න නම් පුතෙක් හදන්න ඕනලු නේ... පුතෙක් හදන්න ගෑණියෙක් එපයි.. ගෑණු නිකන් එන්නේ නෑ නේ.. පවුල් වෙන්න ඕන. ඒක ගර්භාෂයක් කුළියට ගන්නවට වඩා ලාබයි.) 

අර මහාචාරය සරත් විජේසූරියගේ කුප්‍රකට හුචක්කු කතාවෙත් තියෙන්නේ මේක. එයා නොකියා කියන්නෙත් මේක. හැබයි අපි එහෙම පොරවල් කියලා කියනවට එකෙක්වත් කැමති නෑ. ඒකනේ ප්‍රොෆෙසර්ගේ කැරක්ටර් එක කොරන්න අපේ එකෙක් (නළුවෙක්) හොයා ගන්න බැරි වෙන්නේ. හැබයි අපේ උන් ඔක්කෝම අර අමරසිරි කලංසූරිය කියනවා වගේ, නොම්මර එකේ බඩු කාරයෝ. අළුත් නිලියෙකුට උන් එක්ක නිදා ගන්නේ නැතිව කවදාවත් ගොඩ ඒමක් නෑ. එක පාරක් නිදාගෙන බෑ. දිගටම ඉන්න ඕන. එහෙම නැත්නම් ඉතින් නෝ සෝ තමයි. හැබයි ඕකම ඉස්තිරි ලිංගේ උනාම, අම්බ කේස්. අනුලා රැජින ඇවිල්ලා අමු ගොනෙක්. චෞර රැජිණට උනත් දෙන්නේ ඒ කැරැක්ටර් සැටිපෙකෙට් එකමයි, නම වෙනස් කරලා. ඒත් මහ රජ්ජුරුවෝ....? කිසි අවුලක් නෑ.... අන්න මචං පොරවල්.

මම හිතන්නේ අපේ උන් මිස්ට්‍රස් කියන වචනෙ වත් දන්නේ නෑ. දන්නේ හොර ගෑණි කියන වචනේ. ගම නගරේ, දුප්පත් පොහොසත්, ගිහි පැවදි, විධායක කන්කරු කියලා නෑ, ගොඩක් උන්ට මිස්ට්‍රස්ලා ඉන්නවා. අපේ උන් මිස්ට්‍රිස්ලට ලව් කරනවට වඩා කළේ පට්ට ලිංගික සූරා කෑමක්. ඒත් දැන් එහෙම ලේසි නෑ. මිස්ට්‍රස්ව මේන්ටේන් කොරන එක ලේසී නෑ. මොකෝ, අද සමාජයේ මිස්ට්‍රස්ලටත් මාර මාකට් එකක් තියෙනවා ඒ නිසා මේ ටැබූ සබ්ජෙක්ට් වල යෙදෙන මුත්තලාට, (Grandpa Sex) මිස්ට්‍රස්ව තමන්ටම තියා ගන්න එක ලේසී නෑ. ගින්දරී ෆිල්ම් එකේ උදයකාන්ත බොහෝම අපූරුවට මේ දේ අපිට කියලා දෙනවා. එතනදිත් හඳයා ඉන්නේ සම්ප්‍රදායෙමයි. 

මෙහෙම මිස්ට්‍රස්ලා කර ගන්නේ බොහොම සොෆ්ට් ටාගට්. මෙතනදිත් ප්‍රොෆෙසරයා අල්ල ගන්නේ ගමේ කෑල්ලක්. හැබයි හඳයා නම් කියන්නේ ගමේ කෑලී, පොෂ් කෑලීවලටත් වඩා රැඩිකල්ය කියලා. ඒක නම් රැඩිකල් කම නෙමෙයි ගොන් කම. කී දෙනාද ඔහොම ගිහින් ගොඩ එන්නේ. අනිත් ඔක්කෝම අම්භපාලීලා වෙනවා. මෙහෙම සොෆ්ට් ටාගට් එකකින් ආතල් ගන්න ගිහින් පරිප්පුවේ හොඳම එකෙන් කන, ස්වර්ණම ඉන්න, අපූරු සෝ එකක් මේ ළඟදිත් ටැලිවොසොන් එකේ පෙන්නුවා. ඒ තමයි "දඩයම". ඒක නම් ෆැන්ටසියක් නෙමෙයි. ඇඩිලින් විතාරණ කියන ගැහැණියගේ සත්‍ය කතාව. (එතන නම් කතාව වෙනස් (මිස්ට්‍රස්ම නෙමෙයි))


ඉතින් ඔය කැම්පස් කෙල්ලටවත්, ප්‍රොෆෙසර්ටවත් කවදාවත් එයාලගේ ෆැන්ටසිවල ජීවත් වෙන්න බෑ. මේ රටේවත්, වෙනත් රටකවත්. හැබයි ඉතින් මොන සෙරේස්ට සඟිස්කුරුතියේ උනත්, ඕනම සමාජයක "මේ දේ" (Taboo Subjects), ළෝකය තියෙන තුරාවටම පවතීවී. ඒවට මහා සමාජයෙන් පිලිගැනීමක් නැති උනත්, උප සඟිස්කෘති හැටියට තියේවී. ඉතින් හඳයා හිතනවා නම්, මේ දෙවල් එයා හිතන විදියටට වෙන්න ඕන කියලා. අපිට නම් හඳයට කියන්න තියෙන්නේ. එයා අනෝමට කිව්වා වගේම. "Let Him Cry..." කියලම තමයි. මොකෝ. මේක බලලා අනෝමා හඳයත් එක්ක ස්වර්ණා ඉන්නවා වගේ ඉන්න එන එකක් නෑ.

ඉතින් හඳයා වගේ හිතන අයට මේක පට්ට සෝ එකක් වෙනවා. එහෙම හිතුවත්, අපි නම් එහෙම නෙමෙයි අපි දස සිල් උපාසක, ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට කියන උන්ට මේක ඇලජික් වෙනවා. ඔය මක්කත් නැති මේවා සාමාන්‍ය දේවල් හැටියට දකින අපි වගේ උන්ට නම්, මේක තවත් එක සෝ එකක් වෙනවා. ඒ ඇර මේකේ ගන්න මහා ඇක්ටින්වත්, මහා කැමරාකරණයක්වත්, සම්බහිය මියුසික් වත්, මක්කත් නෑ. බලාගෙන ඉන්න පුළුවන් සෝ එකක් ඉතරයි. හැබයි ඉතින් හඳයා මේක හදපු නිසා සම්මානත් හම්බ වෙයි. මොකෝ මෙහේ සම්මාන දෙන්නෙත් අමුතුම සිස්ටොන් එකකට නිසා. ඒකනේ මෑතකදි හොඳම හා ජනප්‍රියම සෝ එක එකක් වෙලා. හොඳම අධ්‍යක්ෂණය එයාලගෙ ටීම් එකේ එකෙක්ට දෙන්නේ.. මී ටීම් වර්ක් කියන එක හරි වටිනවය කියලා මැනේජ්මන්ට් වලද කොහෙදත් කියලා දෙනවනේ.

ලංකාවේ ඉන්න හැම පිරිමියෙක්ටම තමන්ගෙ හෙළුව කැඩපතෙන් බලන්න පුළුවන්. හැබයි එහෙම බැලුවම පේන්නේ, බාහිර ශරීරය විතරයි. ඒත් අවුලක් නැතිව බලන්න පුළුවන් ඉස්සරහා පැත්ත විතරයි. පුක පැත්ත බලන්න නම්, මාර ගේමක් දෙන්න වෙනවා. ඒත් අභ්‍යන්තර හෙළුව පේන්නේ නෑ. හැබයි ඉතින් සරොන්, කලසන් ගලවගෙන කන්නාඩිය ඉස්සරහා හෙළු ඩාන්ස් දාන්න ගිහින්, පොඩි උන්ට, ගැණිට, අහුවෙලා නෝන්ඩි වෙනවට වඩා, කොහේ හරි යන ගමන් තනියෙන් බැලුවා නම්, තමන්ගේ හෙළුව තමන්ටම බලාගන්න පුළුවන්. හාමිනා එක්ක ගියත් අවුලක් නෑ.. ඒත් හඳයා අපේ ඇඳුම් ගලවලා අමු හෙළුවෙන්ම තියන නිසා, කළුවරේම උනත් මූන රතු වෙන්න පුළුවන්. පොඩි ගානක් නම් වියදම් කරන්න වෙනවා. හැබයි ඒක පාඩු නම් නෑ.....

111 comments:

  1. //ධර්‍මසිරි බන්ඩාරණායක උන්නැහේ, අයිරාංගනි සේරසිංහ එක්ක එහෙම කේස් එකක් වගේ එකක් එහෙන් මෙහෙන් පෙන්නන සෝ එකක් ඒ කාළේ බැලුවා කියලා හොඳ මතකයක් තියෙන නිසා. කරුමෙට ඉතින් ඒ සෝ එකේ නම මතක නෑ. මතක් උනොත් මේ ලියපු ටික වෙනස් කොරලා සෝ එකේ නම පස්සෙ දාන්න බැරිය.//

    ෆිල්ම් එක "බක් මහ දීගේ"

    ReplyDelete
    Replies
    1. පළවෙනි කොමෙන්ට් එකටම ඒක ආපු එක හොඳයි.... බොහෝම ස්තූතියි කිෂාන්....

      Delete
    2. අපි පොඩි කාළේ ඉඳන් අහලා තියෙන බණ කතාවල පවා තියෙන්නේ අන්තඃපුර කතාවල්, සිද්ධාර්ථ කුමාරයත් එහෙමයි. කාෂ්‍යපත් එහෙමයි. දුටුගැමුණුත් එහෙමයි, මහා පරාක්‍රමභාහුත් එහෙමයි. ඒ තියා අතීමට උන්න සජ්ජුරුවොත් එහෙමයි.


      ඔන්න ඒකට මිඩිලීස්ට් වල තම්බි නං එහෙම නෑ

      ඒ බව තම්බින්ගෙ වාහන එළවපු ඩ්‍රැයිවර්ල නං දන්නවා..!

      Delete
  2. අක්ෂරය තහනම් කරේ නිරුවත් දර්ශන්යක් තිබ්බ පළියට නෙමේ මෝඩයො. අම්මයි පුතයි එකට නිරුවතින් ඉන්න හින්ද. මේක රටේ සංස්කෘතිය උඩු යටිකුරු කරල පෙන්නන එකක් නෙමේද? ලංකාවෙ මොන ගෙදරද කියපන් අම්ම කෙනෙක් අවුරුදු 10ක විතර තේරෙන ළමයෙක් ඉස්සරහ නිරුවතින් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. international site වල මේ film එක ගැන තිබ්බ සමහර විදේශිකයො අහල තිබ්බ අම්මයි පුතයි එකට නිරුවතින් ඉන්න එක සාමාන්‍ය දෙයක්ද කියල. මොනා කියන්නද?

      Delete
    2. ලංකාවේ කොයි ගෙදරද යකෝ මිස්ට්‍රස්ව ගෙදර තියාගෙන ඉන්න දීලා තියෙන්නේ... මේ ඇවිල්ලා සිනමාව... සිනමාව කියන්නේ ෆැන්ටසියක්.. උඹ වගේ උන් එක්ක ජුරාසික් පාක් සෝ එකවත් හදන්න බෑ යකෝ....

      Delete
    3. බංගලාදේශයේ විදේශිකයොන්ද දන්නේ නෑ...

      Delete
    4. මේ ඇනො ඉන්නේ ලංකාවේද ??? ලංකාවේ ඉන්නවා නම් ටිකක් මිනිසුන්ගේ ජීවිත ඇතුලට ගිහින් බලන්න ඉගෙන ගත්තා නම් පාට කන්නාඩි ගලවලා..

      Delete
    5. +++++++++++++++++++++++++++++++++++++

      ඕවු ඔවු මාතලානෝ කියන කතාව ඇත්ත

      එතුමා ඔනෑම විශයක් ගැන පරතෙරටම දත් මහා බුද්දිමතා

      එබැවින් ඔහු සමග වාදයට යෑම අනුවන ක්‍රියාවක් මැයි.

      මැදපෙරදිග රථාචාර්යය වරයෙකුලෙස නොයෙක් පර්යේෂණ වල යෙදෙමින් රැස්කරගත් මහා නැණ සම්භාරයෙන් දේසපාලනය, ආර්ථිකය, වාස්තුවිද්යාව, කලාව, සූපසාස්ත්‍රය, කාම විද්‍යාව, නාරිවෙදය , තෙල්මෙ නැටීම ආදී අසූකෙලක් ශාස්ත්‍ර වල කෙල පැමිණියෙක්..


      බුද්දිමය අශුචි පිඩක්...!


      Maathalan - Priyantha HewageMay 24, 2016 at 1:50 PM
      මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....

      ඒත් කරුමය කියන්නේ ජේ ආර්ට වගේ රනිල්ට හොඳ සෙට් එකක් නැති වීම හා අවුරුදු ගානක් රට කෑ කාලකන්නි පිරිසක් ජාතික ආන්ඩුවක් කියා රෙද්ද අස්සේ දා ගැනීම...

      Reply

      Delete
    6. නිම්නයක තනි වී හීන දකින්නී ඔයාගෙන් මන් අහන්නෙ එක ප්‍රශ්නයයි. ලංකාවෙ එක ගෙයක් තියනවද යමක් කමක් තේරෙන වයසට ආපු පිරිමි ළමයෙක් ඉස්සරහ අම්ම කෙනෙක් නිරුවතින් ඉන්න. මන් ලංකාවෙ ජීවිත ගැන හොදට දන්නව.

      Delete
    7. මාතලන් ෆැන්ටසි සිනමාව කියල දෙයක් තියනව. ඒත් අක්ෂරය ඒ ගනේට වැටෙන්නෙ නෑ.

      Delete
    8. ඇනො ලංකාවේ කියලා අමුතු මිනිස්සු ගැනු නැ ඇනො...මං කිව්වොත් "ඔව් එහෙම අය ඉන්නවා" කියල ඇනො තියා දකින්නේ නැතුව කවුරුත් පිලිගන්නේ නැ, ඒකයි මම කිව්වේ තමන්ට හිතුනු පාට කන්නාඩි නොදා විනිවිද පේන්න බලන්න කියලා. සමහර දේවල් ලඟ තිබ්බත් අපිට පෙන්නේ නැ ඇනො පාට කන්නාඩි දාගෙන "නැ එහෙම වෙන්නේ නැ වෙන්න බැ " කියල බැලුවොත්.. ඒත් මිනිස් හිත් වල හැටි......

      Delete
    9. නිම්නයක තනි වී හීන දකින්නී ඔයා "ඔව් එහෙම අය ඉන්නවා" කියන්නෙ හිතළු මිසක් අත්දැකීමෙන් නෙමේ. මන් අහන්නෙ එහෙම අය ඔයා දැනුවත්ව ඉන්නවද කියන එක.

      Delete
    10. ඇනො, ඇදුම් වලින් ද නිරුවත වහන්න හිතන්නෙ.. එතකොට මනසෙ නිරුවත වහන්නෙ මොකෙන්ද... අම්ම කියන්නෙත් ගැහැනියක් පුතා කියන්නෙත් පිරිමියෙක්.. තාත්තා කියන්නෙත් පිරිමියක් දුව කියන්නත් ගැහැනියක්.. මෙතන්දි තාත්තා දුව තියන් ඉන්න එක අපේ ලංකාවෙ අයට හරි හුරුපුරුදුයි අරුමයක් නැ. වැඩි වැරද්දකුත් නැනේ.. එත් ඕකෙ අනිත් පැත්ත උනොත්..එක අන්තිම taboo... ලංකාව වගේ සැදැහි සිත් ඇත්තන්ගෙන් සැදුම්ලත් ප්‍රවෞඩ ඉතිහාසයක් ඇති මනුස්සකම් හොඳ සිරිත් විරිත් වලින් පිරුනු රටක එහෙම වෙන්නෙ නැ... එහෙම වෙන්න බැ

      ඒ වගෙම මනොවිද්‍යාත්මකව අම්ම කෙනෙක් පුතෙක් අතර ලිංගික බැඳිමක් තියනව සාදකල් බිදින්න බැරි..අනිත් පැත්තත් එහෙම තමයි. .එහෙම තමයි මේ ජිවය හදිල තියෙන්නෙ.. අපි ඒ ඔක්කොම සබ්‍යයත්වය සංස්කෘතිය හරි මොකෙන් හරි වහලා ඇදුම් වලින් තව ටිකක් වහල තියන්න හැදුවට මනස වහන්නෙ කොහොමද.. සිතුවිලි හිර කරන්නෙ කොහොමද...
      එක්කො ලංකාවෙ අපි වෙනස් නෙ ඇනො.. අපි තමයි හොදම හොද මිනිස්සු ලෝකෙම ඉන්න.. ඇයි ඉතින් අර අනාත උනු අයගෙ ආධාර හොරා කන්නෙ...කල දුටු කල වල ඉහ ගන්නෙ...මාතා කිව්ව වගේ ලිංග බේදය අමතක කරනකන් එහාට මෙහාට බොලේ පාස් වෙනව විතරයි ඇනො..අපි තව කාලයක් බලන් ඉමු ඇනෝ.......

      (මට මේක type කරද්දි කටපාඩම් කරපු පිලිවෙලට හිස්කබලෙ ඉදල කකුලේ ඇඟිලි වෙනකන් ඇටසැකිල්ලේ නම්ගම් ටික මතක් උනා, ඇතුලේ තියන අප්‍රසන්න අවයවත් එක්කම.. )

      Delete
    11. ඔයා මෙතන කරන්නෙ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැතුව ලංකාවෙ සංස්කෘතියට අපහාස කරන එක. ඔය බන්කොලොත් තර්ක පටන් ගත්තෙ මාතලන්. දැන් ඒ අඩිපාරෙ යන උන් හුගක් ඉන්නව. හරි සන්තෝසයි. තාත්ත දුවල එක්ක නිදාගන්න සිද්ධි ඉතා කලාතුරකින් ලංකාවෙ ආරන්චි වෙනව. ඒත් අපේ සංස්කෘතියට ගැලපෙන දෙයක් වෙන්න නම් හැම තාත්තම අඩුම තරමෙ 70% වත් තාත්තල එහෙම කරන්න ඕන.

      ඒත් මන් කතා කරේ තාත්තල දුවල ගැන නෙමේ. මෙතන ප්‍රශ්නෙ අම්මල පුතල ගැන. ප්‍රශ්නෙන් පිට පනින්න එපා. කිරි බොන වයස ඉක්මවූ ළමයෙක් තමන්ගෙ අම්මගෙ නිරුවත දකිනවනම් ඒක අසාමාන්‍ය දෙයක්. මන් කෙළින්ම කියනව ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල. ඔයා ඒකට උත්තර දෙන්න අනවශ්‍ය වැල් වටාරම් කියන්නෙ නතුව.

      Delete
    12. ඇනො අපි ඉස්සෙල්ලම බලමුද ඇනොට කොන්දක් තියනවද කියල තමන්ගේ නියම නමින් එන්නේ නැතුව ඇනො ඇවිත් අනිත අයගෙ මත ගැන ප්‍රශ්න කරන්න..ඇඟිලි හතරක් තමන්ගෙ පැත්තට එල්ල වෙලා තියන බව අමතක කරන්න එප ඇනො එක ඇඟිල්ලක් අනිත් අයට දික් කරද්දි.. කිරි  කලේකට ගොම බිංදුවක් වැටුනාම ඇනො බොනව ඇති....මේ වැඩකට නැති ඇනො කතා මේ ඇති ඇනො.. ..

      Delete
    13. මෙතන කතාව කොන්ද ගැන නෙමේනෙ. මට කොන්දක් නෑ තමා. ඔයාටත් නෑ. මොකද කිව්වට ඇත්තටම ඔයා කවුද කියල මෙතන කියල නෑනෙ. ඒත් අපි කතා කරේ වෙන දෙයක් ගැන. ප්‍රශ්නෙන් පිට පැනල වෙන බහුභූත ගාව ගන්න එක මාතලන් පටන් ගත්තු දෙයක්. ඒක දැන් වෙන අයත් පටන් අරගෙන. මෙතන කතාව තියෙන්නෙ නිරුවත. මන් කිව්වම ලංකාවෙ අම්මල ළමයි ඉස්සරහ නිරුවත් වෙන්නෙ නෑ කියල ඔයා ඒකට උත්තරයක් දෙන්නෙ නැතුව වෙන වැල් වටාරම් කියනව.

      Delete
    14. තව ටිකකින් NGO කාරයො ටික දුවගෙන එයි තමන්ගෙ අම්මගෙ නිරුවත දැකල තියනව කියාගෙන.

      Delete
    15. "මාතලන් ලංකාවේ සංස්කෘතියට අපහාස කරනවා..."

      ඒ පාර සමරසේකර මහත්තයා ඇනෝ ඇවිල්ලා..

      මාතලන් නම් කවදාවත් ඒ වගේ දේවල් කරලා නෑ.. හැබයි මහා ළොකු සඟිස්කෘතිය කියන එක ඇතුලේ තියෙන අමු ඇත්ත නම් ලියනවා.. හඳයා කරන්නෙත් ඒක.. මෙයා තාත්තලා දුවව තියාගෙන ඉන්න එක පිලිගන්නවා.. හැබයි අම්මලා පුතාලා එක්ක ඉන්න එක පිලිගන්න කැමති නෑ... එතකොට මෙයාලගෙ මෙව්වා එකට අපහාසයක් වෙනවනේ... ඒක නිකං මෙව්වා එකක් නැති සයිස් එකට වැටෙන කතාවක්... ඉතින් පුල් අප්ෂෙට් යනවා... එහෙම නෑමයි කියලා කියනවා...

      එහෙම නැත්නම් අවුලක් නෑ මෙයා... හඳගමටත් පිස්සු අපිටත් පිස්සු....

      Delete
    16. ඕනම දෙයක් සංස්කෘතියෙ අංගයක් කියන්න ඒ සංස්කෘතියෙ බහුතරයක් ඒ දේ කරන්න ඕන. තාත්තල ලක්ෂයක් අතරින් දහයක් දුවල එක්ක නිදාගත්තොත් ඒක සංස්කෘතියෙ අංගයක් වෙන්නෙ නෑ. අම්මල පුතාල එක්ක ඉන්න සිද්ධිත් ඒ වගේ ඇති. ඒත් අක්ෂරය ෆිල්ම් එකේ තියෙන්නෙ සෙක්ස් සීන් එකක් නෙමේ. කිසිම හේතුවක් නැතුව අම්ම පුතා ඉස්සරහ නිරුවත් වෙනව. මේකෙන් අදහසක් එන්න පුලුවන් ලංකාවෙ අම්මල ළමයි ඉස්සරහ නිරුවත් වෙන එක සාමාන්‍ය දෙයක් කියල.

      Delete
    17. ඔයා එහෙම සරත් ෆොන්සේකා වගේ මහා ලෙවල් එකෙන් හිතුවට. ලංකාවේ උන් ගැන සුද්දෝ හිතන්නේ බාත් ටබ් එකක තියා වතුර පාරකින්වත් නාන්නේ නැති වැද්දෝ ඉන්න රටක්ය කියලා...

      අනික් බොරුව තමයි සුද්දෝ මේවා දකින්න ළෝකේ මොන රටේ මොන හෝල් එකේද අනේ හිංගල සෝ පෙන්නන්නේ... අපේ උනුත් කොහේ හරි කබ්බා තැන් දෙකක් තුනකට සෝ එක යවලා අර නියෝජනය මේ නියෝජනය කිව්වට.. ලංකාවේ සිනමාව තියා ලංකාව කියලා රටක් තියෙනවද කියලවත් දන්නේ නෑ සුද්දෝ...

      Delete
    18. ඔව් සුද්දො දැන් හිතනව ඇති ලංකාවෙ අම්මල පුතාල ඉස්සරහ ඇදුම් නැතුව ඉන්නව කියල. උන්ගෙ නන් අම්මල එහෙම ඉන්නව ඇති. සුද්දන්ට කොහෙත්ම චාරයක් නෑනෙ. උඹත් සුද්දටම දෙන එකෙක් හින්ද ඕන විදිහට හිතා ගනින්. සුද්දන්ගෙ ගෑනු ළමයි ඉස්සරහ ඇදුම් නැතුව ඉන්නව කියල ලංකාවෙත් එහෙම වෙන්න ඕනද යකෝ.

      Delete
    19. අපේ චාරේ ඔය දිනපතා පත්තරවල උතුරන්නේ... ගං වතුර වගේ... අපේ කොහෙද යකෝ චාර.... අපචාර ඇර....

      Delete
    20. මාතලන් උඹෙ අම්ම උඹ ඉස්සරහ ඇදුම් නැතුව හිටිය කියල හැම අම්මම එහෙමයි කියල හිතන්න එපා. සිංහල මිනිස්සුන්ට අතීතෙ ඉදන් හොද චාරයක් තිබ්බ.

      Delete
    21. ඔන්න ඔය කොමෙන්ට් එක එනකම් තමයි මම බලාගෙන උන්නේ...

      මේ තියෙන්නේ පින්වත්නි අපේ චාරය.....

      අපේ චාරය ගැන වෙන කිසි උදාහරණයක් අවශ්‍ය නෑ.....

      Delete
    22. 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටය ගැන ඒ දවස්වල විචාරයක් ලියපු ලංකාවේ අධි නීතීඥ වර්ණකුලසුරිය මහත්තයා අහලා තිබුනා ලංකාවේ පිරිමි එකට නිරුවතින් ස්නානය කරන එක ඇත්තටම සිදුවන දෙයක්ද කියලා. මේ ඇනෝගේ තර්කය දැක්කහම මට මතක් වුනේ ඒ කතාව. ලංකාවේ අම්මලා, තාත්තලා දරුවන් එක්ක නිරුවතින් ඉන්න ඒවා මම දැකලා නැහැ. හැබැයි මම අහලා තිබෙනවා. මගේ යහළුවෙක් හිටියා කුඩා කාලයේ තාත්තා සමඟ නිරුවතින් දිය නාපු. විදෙස් රටවල නම් ඕවා බහුලයි. හැබැයි චිත්‍රපටයක් හෝ වෙනත් කළා නිර්මාණයක් කරද්දී සිදුවන්නේ ඇත්තටම සමාජයේ සිදුවන දෙයක් පෙන්වීමද? එසේ පෙන්වීම කළා නිර්මාණයක් නොව කාලීන පුවත් (Current Affairs) ලෙසයි මා නම් දකින්නේ.

      Delete
    23. මේ යක්කු ෆිල්ම් එකකයි වාර්ථා චිත්තරපටයකයි වෙනස දන්නේ නෑ... අමු හරක්

      Delete
    24. හරි ඒත් මෙතන සමහර ඔස්කාර්ල කියෝල තියෙන්නෙ හරියට ලංකාවෙ අම්මල ළමයි ඉස්සරය නිරුවතින් ඉන්නව වගේ. තව දෙයක් තියනව මේ ෆිල්ම් එක කරනකොට බාල අපචාරයක් වෙලා තියනව. ඒකට නෑ කියන්න බෑ.

      Delete
    25. //ලංකාවෙ එක ගෙයක් තියනවද යමක් කමක් තේරෙන වයසට ආපු පිරිමි ළමයෙක් ඉස්සරහ අම්ම කෙනෙක් නිරුවතින් ඉන්න. //

      ලංකාවේ කිසිදා කිසි තැනක එහෙම නොවුනාමය කියමු. ඒත් එහෙම වෙන ෆිල්ම් එකක් හදන්න ලංකාවේ කොහේ හරි ඇත්තට එහෙම වෙන්නම ඕනද?

      ලංකාවෙ මිනිස්සු කියන්නේ සම්ප්‍රදායෙන් එළියට ගිය චිත්‍රපටයක් බැලීමෙන් පවා නරක් වෙන, මනසවල් විකෘති කරගන්න බබ්බු ටිකක්. චිත්‍රපටයකින් කෙළවෙනවා උන්ගෙ සදාචාරයට. මුං නිකන් බබාලා නෙමේ.. වැඩිහිටි බබාලා.

      Delete
    26. ඇනෝ, ඇනෝ ඔය කියන බොහෝම හොඳ කිසීම වැරැද්දක් නැති සංස්කෘතියේම එක්තරා පැත්තක් නිස මම බොහොම කාර්යබහුලයි.. හරියට පැහැදිලිව හිතලා බැලුවොත් ඇනෝ.. ඇනෝ ට නියම නමින් එන්නේ නැතුව ඇනෝ විදිහට එන්නත් මට සහ තවත් බොහෝ අයට විවිධාකාරයේ නම් වලින් යුතු බ්ලොග් හෝ මොනයම් හෝ විදිහකින් වක්‍රව අදහස් දක්වන්න වෙලා තියෙන්නෙත් ඇනො ඔය කියන හරීම හොඳ නිවැරදි සමබර උතුම් ගති පැවතුම් ඇති ලාංකිකයන් සතු නිවැරදි දැක්ම නිසාම නෙවේද?????

      Delete
    27. // ඔන්න ඔය කොමෙන්ට් එක එනකම් තමයි මම බලාගෙන උන්නේ...

      මේ තියෙන්නේ පින්වත්නි අපේ චාරය.....

      අපේ චාරය ගැන වෙන කිසි උදාහරණයක් අවශ්‍ය නෑ..... //

      ++++++++++
      නියමයි!

      Delete
    28. In Western countries seeing your mothers naked body is very common. It is very natural. But because of backward culture of Sri Lanka seeing the natural body of the mother has also become a crime. Female body is a magic to Sri Lankan men. No wonder Sri Lankan rape rate is so high. Western men are so civilized so they learn everything from their mother. But our women are so backward to to it.

      Delete
  3. හඳයා මේ බ්ලොග බලනවද දන්නෙ නෑ නේද බං.

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ මචෝ... හඳයාගෙන්ම තමයි අහන්න වෙන්නේ...

      Delete
  4. ජීවිතය කියන්නෙම fantasy සහ යථාර්තය අතර ගැටුමක් . අපේ රටේ culture එක කියන්නේ දැන් තියන victorian culture එක නොවේ. යම් සංයමයකින් යුත් ලිංගික නිදහසක් තිබුණා කියලා මට හිතෙන්නේ robert knox ගේ පොත බැලුවම. ( මේ කියන්නේ රජ කාලේ )

    ඒ සංයමය නිසා තමයි අපේ රටේ එක ගෙයි කෑම තිබුනට three-some තිබුනේ නැත්තේ ( අඩු ගානේ තොරතුරු නැත්තේ )

    ReplyDelete
    Replies
    1. එක ගෙයි කෑම ඇවිල්ලා බූදලේ බෙදෙනවට දෙමව්පියන් සතුටු කරන්න කරපු දෙයක් නේ. ඒ ඇර එතන පුරුෂෝත්තමවාදයත් තියෙනවා. ඒත් අපේ සමාජයේ කාන්තවන්ට එහෙම නිදහසක් තිබුන බවක් පේන්නේ නෑ. ඒ වගේම අරාබි සංස්කෘතිය එකම ගෙදරක තිබුන බවටත් සාක්කි නෑ. හැබයි එදත් අදත් මිස්ට්‍රස් සංකල්පය නම් සද්ද නැතිව ඔහේ යනවා. ලිංගික නිදහස තිබුනා කියලා අපි ඒ ගල් යුගයට ආයෙත් යනවද නොයනවද කියන එක පුද්ගලයා මත රඳා පවතින දෙයක්. ඒ වගේම කාන්තවන්ටත් ඒ නිදහස තියෙනවා නම් තමයි බොහෝම වටින්නේ.

      Delete
    2. එකඟයි . ඒ යුග වලට නවත්ත යන්න බෑ .

      Delete
  5. දැන් අන්තිමට ආපහු කියහන්.. මේක බලන්නද එපාද? මම ඇහුවේ මගේ හෙළුව අර වෙන එකෙක්ගේ එකක් ඇත්තෙම නැද්ද බලන්න.. හැක..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බලාගෙන ඉන්න පුළුවන්.. පොඩි බෝරින් තැන් නැතුවත් නෙමෙයි...

      Delete
  6. ස ර ස තුමත් ලඟදී චිත්තරපටියක් නැරඹුවා...

    ඒකේ නම "වාහන ආයෙත් ගිනි ගනන් නගී"

    දැක්කාම බඩ සීතල වෙනවා

    ReplyDelete
    Replies
    1. තොපි ඉතින් රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන ඩියුටි ෆ්‍රී කාරෙක බලාගෙන මිනිස්සුන්ගෙන් පීපී කරලා සල්ලි හොයන පාහර බල්ලෝ නේ

      Delete
    2. ඒ නග්ගලා තියෙන ක්‍රමයේ නම් අවුලක් නෑ සා රසෝ.... සාමාන්නිය ජනතාවගේ ඒවා අඩු වෙලත් තියෙනවා....

      @ ඇනෝ
      අනික් උනුත් එහෙමම නේද....?

      Delete
    3. //තොපි ඉතින් රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන ඩියුටි ෆ්‍රී කාරෙක බලාගෙන මිනිස්සුන්ගෙන් පීපී කරලා සල්ලි හොයන පාහර බල්ලෝ නේ //

      ඒත් අපි හම්බු කොරන සල්ලි බුහ් බුහ් ගාන්නේ නෑ කලාමැදිරියෝ!

      අන්න ඩියුටි ෆ්‍රී කාර් වල ඩියුටි තව අඩු කොරලා උපරිමය US$ 35,000 වෙලා...

      අන්තිම දුකයි නේද?

      Delete
    4. එක ස්ට්‍රයික් එකයි කරන්න ඕන ගාන වැඩි කරන්න කියලා... මොකෝ දැන් ඉස්සර වගේ උස්සන්නේ නෑ නේ... යහපාලනේ... යහපාලනේ... ජනතාවට ඇහුම් කන් දෙනවා...

      Delete
    5. @ Sa rasa
      //ඒත් අපි හම්බු කොරන සල්ලි බුහ් බුහ් ගාන්නේ නෑ කලාමැදිරියෝ!//

      ඒ වුනාට එහෙම හම්බු කොරපු සල්ලිවල බලේ පෙන්නන්නයි, එහෙම සල්ලි හම්බු කරන එකට කෙළවේගන එනකොට ඒකටයි කියන ඔය සේරටම සරස තුමා(ලා) නම් කොරන්නෙම බුහ් බුහ් ගාල සද්දෙයක් දාලා පස්සෙ ඉට්ටඅයික් කොරන එකමනේ.

      Delete
    6. // ඒ වුනාට එහෙම හම්බු කොරපු සල්ලිවල බලේ පෙන්නන්නයි, එහෙම සල්ලි හම්බු කරන එකට කෙළවේගන එනකොට ඒකටයි කියන ඔය සේරටම සරස තුමා(ලා) නම් කොරන්නෙම බුහ් බුහ් ගාල සද්දෙයක් දාලා පස්සෙ ඉට්ටඅයික් කොරන එකමනේ. //

      එකෙන් ම!

      බුහ් බුහ් ගාල සද්දෙයක් දාලා ඇස්ටි හැලෙන්න ඉස්ටැයික් කරමු!

      Delete
    7. මමත් අපේ පුතාව ඉස්කොලේ යවන්නයි හස්බන්ඩ්ට වැඩට යන්නයි කැමිරි හයිබ්‍රිඩ් (toyota Camry XLE [V50] Hybrid) වාහනයක් අරගන්න හිතා හිටියේ ඒක හොදයි කියලා කව්රුත් කියපු නිසා. කලින් අපිට Toyota Prius ZVW 30 වාහනයක් තිබ්බා නමුත් ඒක හස්බන්ඩ් අතින් ඇක්සිඩන්ට් වුන නිසා 2015 August අපි අඩුවට විකුණලා දැම්මා. 2015 මේ රජය ආවට පස්සේ වාහන බදු අඩු කරාවි කියලා අපි ලොකු විශ්වාසයක් තියලා තිබුනේ. ඉතින් එහෙම ඉද්දි තමයි මෙහෙම එකපාරටම වාහන බදු වැඩි කරලා තියෙන්නේ. මේක හරිම අසාධාරණයක් අනිත අපි වගේ දුප්පත් මිනිස්සුන්ට වාහනයක් ගන්න තියෙන අවස්ථාව අහිමි කිරීමක් හැටියට මම දකිනවා. ඇමතිවරුන්ට නම් මහජන බදු මුදල් වලින් ලක්ෂ 450 to 6,000 වාහන රජයෙන් අරගෙන දෙද්දී අපි වගේ දුප්පත් අයගේ කැමිරි හයිබ්‍රිඩ් වාහනයක මිල අහස උසට (ලක්ෂ 90 - 135) වැඩි කරපු එක නම් මට කොහොමත් අනුමත කරන්න බැහැ. දැනට අපිට පාවිච්චියට තියෙන්නෙ මගේ ටොයෝටා ඇක්වා NHP10 X-උර්බන් පුන්චි කාර් එක විතරයි. ඒක වැඩවලට කොහොමත් මදි. අනේ අපි වගේ අසරණ මිනිස්සුන්ගේ දුක ගැනත් රජයෙන් මීට වඩා වගකීම් සහගත විදිහට හොයලා බලලා වත් මීට පසුව කටයුතු කරන්න කියලා මම බොහෝම කාරුණිකව රජයෙන් ඉල්ලි සිටිනවා. මොකද අපි මේ රජය බලයට පත් කලේ මේ විදිහට අපි වගේ අසරණ පොදු ජනතාව අපහසුතාවයට පත් කරවා ගන්න නම් නෙවෙයි.

      Delete
  7. මගේ යාලුවෙක් හඳයා ඇනල මලා

    ReplyDelete
    Replies
    1. කෙලින්ම නිවන් යන්න ඇති....

      Delete
    2. මචං කූල් එකේ පෝස්ට් එකක් කියවගෙන කමෙන්ට්ස් බලාගෙන එනකොට මේ ආතල් ඇනෝ දාන පොඩි වචන දෙක තුනට හිනාවෙලා පන යනවා. බලපන් මොකක් හරි සිරා කියවගෙන එනකොට එක පාරටම මේ(මගේ යාලුවෙක් හඳයා ඇනල මලා ) කමෙන්ට් එක දැක්කම මොකද වෙන්නේ කියලා . ඉස්මොල්ලේ යනවා බං. ඊට හපන් උඹ. දීලා තියෙන උත්තරේ.

      Delete
    3. මාතේ නිවන් නෙමෙයි...පත්තු කරන් ලු ගියේ...

      Delete
    4. "සිහිනලොවේ සිට ආ හඳයා... ". මම ලිව්වේ හඳයා චිත්තරපටියේ සිංදුවක කෑල්ලක් හොඳේ !

      Delete
  8. බක් මහ දීගේ හොඳ musical එකක්. ඩයලොග් verse එකෙන්. ඒවා දැන් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දැන් ඒ වගේ ඒවට මාකට් එකක් තියෙන එකක් නෑ නේ... හැබයි නැතිවෙලා තිබුන විරිඳුත් නැගලා යනවා වගේ... හැදුවොත් මාකට් එකක් නැති වෙන එකකුත් නෑ...

      Delete
    2. සවුන්ඩ් ඔෆ් මියුසික් ෆිල්ම් එක ඇසුරෙන් සෝමරත්න දිසානායක සරිගමප කියලා ෆිල්ම් එකක් හදනවා.ඒකේ ජූලි ඇන්ඩෘස් කරපු මරියාගේ චරිතේ සෝමේගේ ෆිල්ම් එකේ කරන්නේ පූජා උමාශංකර්.

      Delete
  9. මේ ලිපියත් කොමෙන්ටුත් කියවලා ඉවර උනාම මට හිතුනේ ඇයි කාන්තාව නැවතිලා පිරිමියා ඉදිරියට යන්නේ .. ඒ කාන්තාවගෙම මනසේ කාලාන්තරයක් තිස්සේ සමාජයෙන්ම කවපු පසුබැමද, බයද යටත් විම්ද , හොඳ නම දිනාගැනිමේ යටිහිතේ බලපැමද.... තව කොයි තරන් කාලයක් එක තැන කැරකෙනව ද ,තමන්ගේ නිරුවත කුමන හෝ අයුරකින් පෙනවන ගැහැනිය කියන්නෙත් මේ උඩු යටි කුරු විම්ද , මේ පිල් දෙක උඩුයටිකුරු විමක් වෙයි ද... උනොත් සංස්කෘතිය ඉඩ දේවිද..... එහෙම උඩු යටි කුරු විමක් ඔනේ ද ඔනේ නම් ඇයි ඒ.. මොකක්ද වෙන යහපත.. එහෙම උනොත් කල් පවති ද, තියන ගැටලු වැඩි වෙයි ද, අඩු වෙයි ද




    අන්තිමට අපි කවුරුත් මැරෙනවා... කියලා මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. මූලිකම හේතුව ලිංග බේදය, ආගම හා සඟිස්කෘතිය. ඊළඟට ස්වාධීන චින්තනයකට, ප්‍රශ්ණකිරීමට ඉඩක් නැති අජ්ජාපනය. මේන් මේවයෙන් පිට හිතන්න පුළුවන් නම් විතරක් පොඩි චෑන්ස් එකක් තියෙනවා. නැත්නම් ඉතින් අර කව්ද කිව්වා වගේ බඳින්න ඉස්සෙල්ලා පට්ට රැඩිකල් ගෑණූ, බැන්ද ගමං අමු ගොං වෙනවා. ඒත් සෑම සමාජ පන්තියකම කොන්දක් තියෙන නිර්භීත ගෑණුත් ඉන්නවා... ලංකාවේ ඩිවෝස් කේස් වැඩි වෙන්නේ ඒකයි... ඒක හොඳ දෙයක්...

      Delete
  10. මොකවත් කියන්න ෆිල්ම් එක බලන්න විදිහක් නෑනේ. මම හඳගමට කැමති, බොහෝ කළාකරුවෝ කට අරින්නවත් අකැමති සබ්ජෙක්ට්ස් එලියට ගේන නිසා. හඳගම ලිංගිකත්වය සිනමාවට ගේන්නේ ෆිල්ම්ස් දුවවන්න බලාගෙන නෙමෙයි කියන එක පැහැදිලියි. වානිජ අරමුනකින් එසේ නොකරන නිසා සිනමාකරුවාට පුහු සුචරිතවාදයෙන් එලියට පැනලා ලිංගිකත්වයට අදාල මාතෘකා රිදී තිරයට ගේන්න පුලුවන් සිනමාත්මකව. ඒ බැරියර් එක කඩලා මේක ටිකක් ඕපන් කරේ හඳගම.

    උඹ ඔය අන්තිමට කියන්නේ දෙරණ ෆිල්ම් අවෝර්ඩ්ස් නම් දහම් පාසලක පොත් බෙදුවා වගේ වුනා අවසානේ..

    ReplyDelete
    Replies
    1. ඒකේ කරේ මචං ඇඩ්‍රස් නැති උන්ට සහනාධාර දෙන වැඩක්...

      කමල් අද්දරාඅරච්චිත් පව් කියලා හිතුනා..

      Delete
    2. ඌත් පව්...මහේන්ද්‍රත් පව්...රංගන විශිෂ්ඨත්වය කොහොමද මන්දා දුශ්ටයා(වෙන වචනයකුත් පාවිච්ච් කරා) ජෝකර් කියලා වෙන් කරන්නෙ...අමුම අමු වැඩක්. මට පව් කියලා හිතුනා සාජි කරුනන් ගැන

      Delete
  11. හඳය නං හඳයා තොටවත්ත මහත්තයාගෙ හඳයා...
    විචාරකයෙක් නොවන විචාරකයා ලියපු දේවල්,තව අය ලියපු දේවල් එක්ක නොබලා කතා කරන්න බැරි ෆිල්ම් එකක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් බලලම එන්නකෝ....

      Delete
  12. //ඉන්ටර්නෑට් එකේ සැක්ස් බලපු උන්ට මේ සැක්ස් කෑලී දැක්කාම වෙන්නේ, සිද්ධාර්ථ කුමාරයාට උනා වගේ, ගිහි ගේ කළකිරෙන එක විතරයි//
    මේ කතාව සහතික ඇත්ත. මන් ලංකාවෙ සෙක්ස් ෆිල්ම් කරන එකට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ ලබ්බ සංස්කෘතියක් හින්ද නෙමේ. ලංකාවෙ ගෑනුන්ගෙ ඇගවල් දැක්කම බල්ලො බත් කන්නෙ නෑ. උදාහරණයක් විදිහට ටයිටැනික් එකේ කේට් වින්ස්ලට් අමු හෙළුවෙන් ඉන්නව. එයාගෙ ලස්සන කොච්ච්cඅරද කියල වචන වලින් කියන බෑ. ඒකට අපේ අක්ෂරයෙත් ගෑනියෙක් එහෙම ඉන්නව. ලංකාවෙ එක්කෙනා කොච්චර කැතයිද කියල අහන්න ඕනෙ නෑනෙ. තව ලංකාවෙ ගෑනුන්ගෙ හෙලුව පෙන්නපු ෆිල්ම් තියනව "සුලග එනු පිනිස වගේ". ඔය එකක් වත් ගෑනියෙක් ලස්සන නෑ. නිකන් බීච් එකක් පැත්තෙ ගියොත් ලංකාවෙ නිලියන්ට වඩා ලස්සන ෆොරින් කෙල්ලො ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අක්ෂරයේ කෑල්ල නම් මේකේ කෑල්ලට සාපේක්ෂව හොඳයි....

      ජපන් බ්ලූ ෆිල්ම් තියෙනවා මීට වඩා කළාත්මක...

      Delete
    2. hoda welaawata hadaya film eke ragapaana indian actress kenek gaththe. nathnan mekath balanna bah.

      Delete
    3. මහාචාර්යවරයයි ඉන්දියන්. කෙල්ල ලංකාවේ... හැබයි එයාගේ බඩ හරිය දැක්කාම... සක්කාරං බලනවා වගේ ඔක්කාරෙට එනවා....

      Delete
    4. කෙල්ල ලංකාවෙ යකෝ තෝ ඒකවත් දන්නෙ නැද්ද? ඒ උනාට ඒ කෙල්ල නෙමේ නිරුවත් දර්ශන වල ඉන්නෙ. Body double එකක්.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. film eka gana giya sathiye paththareka thibba article ekaka man dakke kella indian kiyala hafoi. onna ada irida paththare dala eki lankaawe kiyala. photo ekath ekkama.

      lankaawe paththara kawadda aththa kiwwe.

      Delete
    7. බොඩි ඩබල් කියන්නේ ඒ නිලිය නෙමෙයි වෙන කෙනෙක් ඒ වෙනුවට ඉන්නවය කියන එක.... ඕක මේ අපේ අය පත්තිනි අම්මලා වෙන්න කියන කතාවක් නේ... එයාලා කැමති නෑ එයාලා අම්භපාලිලා විදියට රෙජිස්ටර් වෙනවට... ඒ උනාට දන්නෝ සියල්ල දනිති....

      Delete
    8. mee dan google search paarak damma witharai. ekai uda cmntuwa dlt kolee oyaa pat gaala reply kolaaa ne boma tnx.

      Delete
    9. ekanm aththa ape aya karanna tyana okkoma tika karala media wala inne paththini ammala wage!!!

      Delete
    10. ලංකාවෙ ගෑනුන්ගෙ බන් වැරැද්ද තියෙන්නෙ. හොද ලස්සන ඇගවල් තියන ගෑනු නෑ ලංකාවෙ. ප්‍රංශෙ එහෙමනම් පාරෙ යන කෙල්ලෙක්ට කතා කරල ගන්න පුලුවන්. අපේ පොෂ් වෙච්ච නිළියන්ට වඩා උන්ගෙ පාරෙ යන කෙල්ලො naturally ලස්සනයි.

      Delete
  13. blog post ekath film eka wageema thama kohen patan aran kohen iwara unaada kiyala mata thaama hithaaganna bah @2nd time kiyawamin

    ReplyDelete
  14. අඩේ මේ අවුරුද්දෙ අහපු හොදම ටෝක් දෙක.. අම්මප ඇත්ත බන්..!!

    \\...ඉන්ටර්නෑට් එකේ සැක්ස් බලපු උන්ට මේ සැක්ස් කෑලී දැක්කාම වෙන්නේ, සිද්ධාර්ථ කුමාරයාට උනා වගේ,..//

    \\..උඹ වගේ උන් එක්ක ජුරාසික් පාක් සෝ එකවත් හදන්න බෑ යකෝ....//

    ReplyDelete
    Replies
    1. හැක.... හැක..... වෙන මක්කා ලියඳ බං.... ඇත්ත නොලියා...

      Delete
  15. ඔබ හරියට ෆිල්ම් එකෙ නරඹා නැත

    ReplyDelete
    Replies
    1. ඕක හඳයගෙ ෆිල්ම් මල් තියලා වඳින අයට තියෙන ලෙඩක්.

      Delete
  16. // තාත්ත දුවල එක්ක නිදාගන්න සිද්ධි ඉතා කලාතුරකින් ලංකාවෙ ආරන්චි වෙනව. ........ඒත් මන් කතා කරේ තාත්තල දුවල ගැන නෙමේ. මෙතන ප්‍රශ්නෙ අම්මල පුතල ගැන. //

    එක 'ඇනෝ' කෙනෙක් එහෙම කියල තිබුන.

    එයා කියන්නේ තාත්තලා දුවලා එක්ක නිදාගත්තට කමක් නෑ කියන අදහසින්. එත් අම්ම කෙනෙකුට පොඩි එකෙක් ඉස්සරහ වරදීමකින්වත් දියරෙද්දවත් කඩාවැටෙන්න බෑ. එතකොට ඒ දියරෙද්දත් එක්කම අපේ මහා සංස්කෘතියයි, සභ්‍යත්වයි දෙකම කඩාවැටෙනවා.

    ඕක අර 'පුරුෂාධිපත්‍ය' කියන මීහරක් සංකල්පයනෙ. පිරිමින්ට පමණක් ඕන දහපදුරා වලත්ත වැඩක් කරන්න අයිතියක් තියෙන්න ඕනේ කියන ඔය නීච අදහස තියෙන්නේ නීචයන්ටම පමණයි.

    ReplyDelete
    Replies
    1. අක්ෂරය ෆිල්ම් එකේ තියෙන්නෙ දිය රෙද්දක් කැඩෙන එකක් නෙමේනෙ ගොනෝ. ඒකෙ තියෙන්නෙ අම්ම ඕනකමින්ම පුතා ඉස්සරහ ඇදුම් ගලෝන එකක්. අම්මල ඕනකමින්ම පුතාල ඉස්සරහ මෙහෙම කරනවනම් ඒක අපේ සංස්කෘතියට නින්දාවක් තමා. සුද්දන්ගෙ රටවල ගෑනු ළමයි ඉස්සරහ විලි ලැජ්ජ නැතුව හෙළුවෙන් ඉන්නව ඇති. ඒත් ලංකාවෙ ඉන්නෙ නෑ.

      Delete
    2. මෙහෙමනේ සුන්දර....
      මේ ඇනෝ ලංකාවේ ඔක්කෝම ගෙවල් වලට ගිහිල්ලා සමීක්ෂනයක් කරලා තමයි මේ කරුණු අපිට ඉදිරිපත් කරන්නේ.... ඉතින් අපි එයා කියන දේ පිලිගනිමු... එතකොට එයා සතුටු වෙයි...පවු නේ...

      Delete
  17. ඇයි මේ පෝස්ට් එකේ ටොපික් එකට "18+ අතිශය වැඩිහිටියන්ට පමණයි" කියල දාලා තියෙන්නෙ? හිට්ස් වැඩි කරගන්නද?

    ReplyDelete
    Replies
    1. "එකත් එකක්...."

      "ඔබට සතුටුයිද දැන්..."

      Delete
  18. පට්ට විචාරේ.......පත්තර වල අතිසම්භාව්‍යද මොකක්ද විචාර ලියන පොරවල් ගේ රෙද්ද ගලවන ඒක.....

    හදයට මං කැමති උගේ තියෙන වෙස්සන්තර කමට.....ගිය පාර ඌ උගේ ගෑනිගේ ඇදුම් ගැලෙව්වා....මේ පාර ඌ උගෙම කලිසම ගැලෙව්වා.....ලෙට් හිම් ක්‍රයි......ලෙට් හිම් ක්‍රයි ඈස් සන්නස්ගල.....

    ReplyDelete
    Replies
    1. සන්නා කොච්චර බය උනාද කියනවා නම් මයියෝ.... වෙනදට සෝ එකක් බලලා ඉවර උනාම සෙට් වෙන උන් ටික, කෙලින්ම ගෙදර ගියාලූ... මේක බලලා කොහොමද බං කරෝකේ එකේ ඉඳගෙන බොන්නේ... ඊට පස්සෙ කොහොම්ද බං ජුලියානා යන්නේ...

      Delete
  19. කිසිම ගොට්ට ඇල්ලිල්ලක්වත්, කුහකකමක්වත් නැතිව මාතලන් "ඇගේ ඇස අග" ගැන ලියල තියෙන දේ වගේම මේ කොමෙන්ට් ගොඩත් නියමයි. අපිව අලුතින් හිතන්න පොළඹනවා. මම මේ link එක හඳයාට යවනවා. හඳයා විවේචනය ඉවසන කෙනෙක් නිසා.

    ReplyDelete
    Replies
    1. අපි මචෝ වරලත් විචාරකයෝ නම් නෙමෙයි... ඒත් පොඩි කාළේ ඉඳන් හොඳ රසිකයෝ... හඳයා වගේම... උදයකාන්තත් විඳිනවා... මමත් හඳයට යැව්වා.. මක්කත් කිව්වේ නම් නෑ....

      Delete
  20. උගේ අත ලඟ
    Let him masturbate

    ReplyDelete
  21. යම් පුද්ගලයෙක් පවුකලොත් රාජ පුරුෂයෝ ඇවිත් වධ දෙනවා, සමාජයෙන් නින්දා අපහාස ලැබෙනවා, තමහිතෙන් තමාට චෝදනා කෙරෙනවා, මරණයෙන්පසු අපාගතවෙනවා.
    අශේක හඳගම මහතා සිනමාව හරහා පවසන්නේ මේ බුදු වදන නේද?

    බලන්න රත්තරන් අම්මේ තාත්තේ. පියා මත්වතුර බීලා සිහිය විකල්වෙලා. තම ස්වාමියා සමඟ රන්ඩුවෙලා අවසානයේ සියදිවි නසාගන්නවා. ඒ නිසා එම පවුල කබලෙන් ලිපට වැටෙනවා. චන්ද කින්නරී බලපු කෙනෙක් නැවත මත්වතුර බොන්න හිතයිද පින්වත්නි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හඳයත් මේ ආත්මෙමෙ නිවන් යයි....

      Delete
  22. නළුවා නලීන් සුවාරිස් වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත... අපේ නළුවෙක් හොයා ගන්න බැරි වෙලා... මොකෝ අපේ අය බොහොම වැදගත් අය නේ....

      Delete
  23. Good post mathalan. Good beyutiful woman potos you put too. Thank lots.

    ReplyDelete
  24. We all like to see sex shows. That tru. We must have rigt to see sex shows too. That no wrong. Sri lanka also there must freedam to see sex films. No laws to want to panish.

    ReplyDelete
  25. මමත් මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන්නේ රාජපක්ෂ සමයේ අසාධාරණ ලෙස වැඩි කරපු බදු අඩු කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වුණත් සිද්ද වුණේ මොකද්ද? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. මම මේ වගේ දෙයක් එ.ජා.ප. රජයකින් කිසි කලෙකත් බලාපොරොත්තු වුණේ නෑ.

    ඉතිහාසය පුරාවටම සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්න පුළුවන්කම තිබුණේ එ.ජා.ප. රජයයන් යටතේ පමණයි. මට මතකයි අපි කුඩා කාලේ අගමැතිනිය වෙල හිටපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය යටතේ සල්ලි තිබුණත් වාහනයක් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ කිසිම කෙනෙකුට. ඒ කාලේ පිටරට යන්න පවා අගමැති බලපත්‍රයක් උවමනා කෙරුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දොර විවෘත කරලා දුන්නා ගමේ සේතංහාමිට වුණත් කාර් එකක් ගන්නට. ආර්. ප්‍රේමදාස මහත්තයාත් ඒ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙනිච්චා.

    චන්ද්‍රිකා යුගයේ ඊරිසියාකාර ශ්‍රී ලංකා කාරයෝ වාහන බදු අහස උසට වැඩිකළහ. කෙසේ නමුත් එතෙක් මෙතෙක් පැවැති සියලුම ශ්‍රී ලංකා ගොබ්බ ආණ්ඩුවලට වඩා ශක්තිමත් ප්‍රබල ආර්ථිකයක් ගොඩනැගීමට මරා කල්ලිය සමත් වුණත්, නීතිය, යුක්තිය සාධාරණත්වය ආදිය හිරිකිත ලෙස වනසමින් ඔවුන්ගේ අශීලාචාර කම් අහස උසට කැපී පෙනෙන්නට විය. මහින්ද ශ්‍රී ලංකාකාරයා වුණත් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන වලට සාධාරණ බදු මුදලක් නියම කොට වාහන මිළ මැද අගයක තුළිත කර තිබිණි.

    යූ ඇන් පීය වඩාත් ආකර්ශණීය පොරොන්දු රැසක් 2015 අගෝස්තු මැතිවරණයේදී දුන්නෝය. ඉතින් ඡන්දයට කලින් යූ.ඇන්.පී..ය පොරොන්දු වුණානේ පංචවිධ ක්‍රමයෙන් සැමට වාහනයක් කියන එක. කෝ ඒ පොරොන්දුවට මොකද වුණේ? මට නම් දැන් රනිල් කියන්නේ මිනිසුන් මුළා කරන දූෂිත අශීලාචාර බේගල් කෙලින පිස්සු අපත යකෙක්. එයා හොඳට රට රටවල සවාරි ගහලා එයාගේ ඇමැට්ටන්ට මහජනයාගේ රීරි මංශය උරලා ගත්තු මුදලින් ලක්ෂ 750 - 400 යේ කාර් අරන් දීලා දැන් සුර සැප විඳිනවා. ගිය සුමානේ සිංගප්පූරුවේ; මේ සුමානේ කොරියාවේ. එන සුමානේ කොහෙද දන්නෑ යන්නේ. මෙයා තව ටික දවසකින් මහින්දගේ සියළුම දූෂණ වාර්තා බිඳ හෙළනවා.

    මීළඟට එන පලාත් පාලන ඡන්දයේදී මම හිරිකිත ලෙස අකමැති වුණත් මහින්දගේ පොදු විපක්ෂයට තමයි මගේ ඡන්දය දෙන්නේ. ඒ මේ ආණ්ඩුවට රිදවන්න.... බොරු බලාපොරොත්තු දීලා අපේ අපේක්ෂා, අරමුණු, සැලසුම් සියල්ලම බිඳ දැම්මාට. ඒකෙනුත් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් 2020 ඡන්දයේ දී මහින්දටමයි මගේ ඡන්දය දෙන්නේ. 2020 ඡන්දයේදී මගේ ඡන්දය එ.ජා.ප.යට ඕනේ නම් ජේ.ආර්. යුගයේදී වගේ සාධාරණ බද්දක් පමණක් පනවන්න කියා රජයෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  26. අපි පොඩි කාළේ ඉඳන් අහලා තියෙන බණ කතාවල පවා තියෙන්නේ අන්තඃපුර කතාවල්, සිද්ධාර්ථ කුමාරයත් එහෙමයි. කාෂ්‍යපත් එහෙමයි. දුටුගැමුණුත් එහෙමයි, මහා පරාක්‍රමභාහුත් එහෙමයි. ඒ තියා අතීමට උන්න සජ්ජුරුවොත් එහෙමයි.


    ඔන්න ඒකට මිඩිලීස්ට් වල තම්බි නං එහෙම නෑ

    ඒ බව තම්බින්ගෙ වාහන එළවපු ඩ්‍රැයිවර්ල නං දන්නවා..!

    ReplyDelete
    Replies
    1. This is the problem with our people. If you have something to say about what he has written say it directly. Do not take the character of the person into consideration. How does someone's current or previous job is a matter as far as he is doing the job without harming the society. Has he rob your money? . Be polite to argue for the content not for the person.

      Delete
    2. දෙයක් ගැන මහ ලොකුවට කියවන්න ඒ දේ ගැන උගතෙක් වෙන්න ඕන. මේ වගේ උන් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න ආවම කියන්නෙ රටේ නැති බහුභූත. මේ මාතලන් බුද්ධාගම දන්නෙත් නෑ විද්‍යාව දන්නෙත් නෑ. කාගෙහරි මතවාදයක් බිදින්න ඕන්නන් කරන්න ඕනෙ ඒ මතවාදෙ මොකද්ද කියල තේරුම් අරගෙන ඒක වැරදියි කියල තර්කයෙන් ඔප්පු කරන එක. ඒත් මාතලන් කරන්නෙ ඌ කැමති නැති උන්ට පොන්නය කියල මෙතන වීරය වෙන එක. නියම පොන්නය කවුද කියල මන් කියන්න යන්නෙ නෑ. මන් සමහර දවස් වල අහපු ප්‍රශ්න වලට මාතලන් උත්තර දන්නෙ නැති හින්ද කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ ගොන් කතා කියල තිබ්බ.

      Delete
    3. පොන්නයන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳාගත යුතු අතර, අපට ඒවාට මැදිහත් වීමට වේලාවක් නොමැති වීම ගැන කනගාටු වෙමි.. පොන්නයන්ට අනේක ප්‍රශ්ණ ඇති බව අපිද පිලිගනිමු...

      Delete
    4. නමුත් අනුන්ට පොන්නයා කීමට නූගතුන්ට අයිතියක් නැති බව ඔවුන්ද වටහා ගත යුතුයි.

      Delete
    5. පොන්නයන්ට පොන්නයා කියනවා විනා කිසිවකුට පොන්නය කියා මා අමතා නැත. හැකිනම් පෙන්වන්න.

      අනික තමුසේ උගතෙකුත් නෙමෙයි. උගත් අය මෙහෙම අඳ බාලයෝ වගේ හැසිරෙන්නේ නෑ... තමුසෙ අමු ගෝත්‍රික ගොනෙක්...

      Delete
    6. නූගතාට පුලුවන් තර්කයක් බිදින්න බැරි උනාම අනෙකාට පොන්නයා නැත්තන් ගෝත්‍රිකයා කියන්න විතරයි. මෙතන අඳ බාලව හැසිරිලා තියෙන්නෙ මාතලන් මිසක් උඩ අනෝ නෙමේ. උගත මොකා උනත් මාතලන්ට මොළයක් නැති බව පේනව.

      Delete
    7. හැබයි ගොන් හරක්ට හොඳට රිදෙන්න දෙන්න පුළුවන් කියලා නම් මේ ගොන් කොමෙන්ට් වලින් පේනවා. හරක් දක්කන්න මොළයක් ඕන නෑ නේ..

      Delete
    8. කාටද බන් රිදිල තියෙන්නෙ. පහළ කමෙන්ට් දෙකක් ගෙඩි පිටින් තියෙද්දි ඒවට උත්තර දෙන්නෙ නැතුව මේවටම උත්තර දෙද්දි කාටද රිදිල තියෙන්නෙ කියල නිකම්ම පැහැදිළි වෙනව.

      Delete
  27. මාතෙ ෆිල්ම් එක බලපු නැති හින්ද අහන්නෙ. සිරාවට සෙක්ස් සීන් එක හොද නැද්ද? මොනාද කෙල්ලගෙ පෙන්නන්නෙ? ඉන්නෙ වෙන එකියෙක් කියන කතාව ඇත්තද?

    ReplyDelete
  28. Mama nam giye blanket eke hilen balanna. e wunata echchrara penune ne. Mage kannadiya amathaka wuna. Mage naduwa ahawarai eke, proffessor kenek kiyanawa mata fellowship ekak hadala denna kiyala. Etthatama oota one wune naki hamak adinnay.

    ReplyDelete
  29. මේ විකාර නොකර වැඩක් ඇති දෙයක් කරපල්ලා. බ්ලොග් ලියන උන් හිතන් ඉන්නේ උන් තමා සේරම දන්න එවුන් කියලා. මෝඩ හරක් තමන්ගේ අසහනේ පිටකරන තව විදිහක් තමා ඹ්ක. මාතලන් වගේ උන් කරනනේ බලන එවුන් ඇන කොටාගන්න පෝස්ට් දාලා තව ටිකක් ෆෝම් කරලා කමෙන්ට් ගාන ගනන් කරන එක. උඹලට ලියන්න ඒවා නැත්නම් සෙක්ස් ස්ටෝරිස් ලියලා දාපල්ලා තුහ් නොදකින් කාලකන්නි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න