.

.

Jun 23, 2020

කරුණා මූදේ නාති ගිලීලා...




ලංකාවේ තිස් වසරකට අධික කාලයක් තිස්සේ දරුණු ගරිල්ලා ත්‍රස්තවාදයක් සමඟ අති භයානක යුද්ධයක් තිබූ බවත් එය ජයග්‍රහණය කිරීමට පෙර, උතුරේ මෙන්ම දකුණේද ලේ ඟංගා ගැලූ බවත් අද ඉන්න පරපුර දන්නේ නැතිය. අනික් උන්ට මතක නැතිය.

උතුරේ වෙනම පාලනයක් තිබූ අතර, එම ප්‍රදේශවල පවත්වාගෙන ගිය හමුදා කඳවුරු රාශියක් කොටින්ට යටත් වූ බවත්, එහිදි හමුදාවේ පිරිස් විශාල වශයෙන් මියගිය බවත් රහස් නම් නොවේමය. මින් වඩාත් කතා බහට ලක් වූයේ චන්ද්‍රිකා පාලන සමයේ එලිෆන්ට් පාස් කඳවුරට එල්ලවූ ප්‍රහාරයයි. එහිදි මිය ගිය හමුදා සෙබලුන්ගේ ගනන අදටත් අභිරහසකි. සමහර විට කරුණා පාරම්බානවා ඇත්තේද මේ ප්‍රහාරය ගැන වෙන්න ඕනාය.


මෙසේ දරුණු ප්‍රහාරයන්ට මෙන්ම පරාජයන්ටද හේතු වූයේ දකුණේ දේශපාලුවන් යුද්ධය වවාගෙන කෑම ඉල්ලමක් වී තිබූ නිසාය. පොලිටික්කන් නොව හමුදාවේ මහ උන් පවා යුද්ධය පාවා දී සුද්ධය දැමූ බවත් ප්‍රසිද්ධ රහස් බව බොහෝ උන්ට අමතක වූවාට යුද්ධයෙන් බැට කෑ උන්ට කිසි දින අමතක වන්නේ නැතිය.

එසේ පැවති යුද්ධය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජයග්‍රහණය කිරීමෙන් පසු ජයග්‍රහණයේ පියවරු බොහෝ යැයි කියන්නා සේ, යුධ විරුවෝ දහස් ගනනින් බිහි වූවෝය. සැටලයිට් නෝනා කිව්වේ යුද්ධයෙන් 3/4 එයා ඉවර කරලා තිබුනා කියාය. චම්පිකලා ගොම්මන්පිලලා රතනලා කිව්වේ මාවිල් ආරූ වලින් යුද්දේ පටන් ගත්තේ එයාලා කියලාය. ජෙප්පෝ කීවේ මහින්ද යුද්දේ කොරන්න ගෙනිච්චේ බල්ලා නාවනවා වගේ අමාරුවෙන් කියලාය. බෙංගමුවේ නාලක මහ හිමිපානන් කීවේ එයාගේ මොකක්දෝ බලේකින් ප්‍රභාකරන් උපාසක උන්නෑහේට ගේම දුන්නැයි කියලාය. සෑම ගමගම ප්‍රභාකරන් මරපු ආමි එකේ උන් වැහි වැහැලා උන්නේය. මින් සම හරක් උතුර දැකලාවත් තිබ්බේ නැතිය.

ඔය අස්සේ අලි පාටියේ උන් කිව්වේ රනිල් ලොක්කා කරුණා අම්මාන්ව බැංකොක් යවලා මක්කාදෝ එකක් කොරාපු නිසා කරුණා ප්‍රභාගෙන් ගැලෙව් නිසා රාජපක්ෂලා ඊසී ගේම් එකක් ගැහුවා කියලාය. ඔය අව් අස්සේ ෆොන්සේකා උන්නැහේ කිව්වේ, යුද්දේ දින්නේ එයා නිසා දැන් රජකමටත් සුදුසුය ඒ නිසා රාජපක්ෂලා සිහසුනෙන් බැස උන්නැහේට රජකම දෙන්න ඕනෑ කියලාය.

එදා ෆොන්සේකා උන්නැහේ මෙන්ම මෙදා කරුණා මූදේ ගිලී නාන්නෙත් කට නිසාමය. ෆොන්සේකා සුදු කොඩියක් වනා ඇදගෙන නෑ අතර අද කරුණා අම්මාන් නාන්නේ එයාගේ වැඩ ගැන පුරසාරම් දොඩන්න ගිහිල්ලාය. කරුණා රනිල් හා එක්ව කල පාවාදීම හමුවේ ඔහු දෙමළ ජනතාවගේ ද්‍රෝහියෙක් වූ අතර, සුදු කොඩි වැනීමෙන් ෆොන්සේකා හමුදාවේ මෙන්ම සිංහල ජනතාවගේ ද්‍රෝහියෙක් වුනේය. එසේ ද්‍රෝහියෙක් වූ කරුණා නැවතත් තම ජනතාව අතරට යාමට නම් මෙවන් පම්පෝරි ගසන්නම වෙනවාය. බොහෝ විට දකුණේ උන්ට මෙන්ම උතුරේ උන්ටත් කරුණාගේ පවා දිම් අද වෙනකොට අමතක වෙලාත් ඇතිය.

කෙසේ හෝ යුද්ධයෙන් පස්සේ දේශපාලනයට බට දෙදෙනාම අද දේශපාලන අනාථයෝමය. මේක වෙන ෆීල්ඩ් එකක් බව තෙරුම් නොගන්නා උන් එහි අන්ත අසරණ වෙනවාය. සරත් ෆොන්සේකාට සිංහල චන්ද නොමැත. කරුණාට සිරි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම් ලැබුනද, මහින්දගේ පරාජයෙන් පසු බිහි වූ පොහොට්ටුවේ එයාට තැනක් තිබුනේ නැතිය. කොටින්ම පොහොට්ටුවෙන් නොමිනේසොනුත් නැතිය.

මේ පම්පෝරිය ගැසුවේ තමාට නොමිනේසොන් දුන්නේ නැති උන්ට පාඩමක් උගන්වන අතරේම දියවන්නාවට පැන ඇමතිකමක් අරගෙන රජ සැප විඳීමේ පරම පවිත්තර චේතනාවෙන් වෙන්න ඇතිය. කෙසේ හෝ වැඩේ කැරකුනේ අනිත් පැත්තටය. දැන් හත්පොලේ ගාගේන අවසානය. ඊයේ පෙරේදා කරුණාට ප්‍රසස්ථි ගායනා කල පොහොට්ටුවේ උන්ද දැන් දැන් ගහන්නේ වෙනත් බයිලාය.

මේ සියල්ලෙන් අප තේරුම් ගත යුතු දෙය නම් දේශපාලනයේදී අධෝමුඛය මෙන්ම මුඛයද තම පණ මෙන් රැකගත යුතු බවය. මයික් එකක් දැක්ක ගමන් ටී වී එකේ යන ගොබ්බ කතා හෙවත් වොයිස් කට් ගොඩේ තමාගේ කතා දමා ගන්නට ගොස් තමාගේ අධෝමුඛය නොව අනික් උන්ගේ අධෝමුඛවලටත් කෙලවා ගන්නා උන් දිහා බලා අපට තියෙන්නේ ආතල් එකේ ඉන්නා එකය.

වොයිස් කට් දෙන්නට ගොස් බෙල්ල කට් වී නන්න පෝල් වූ අයට දෙවියන් වහන්සේගේ දයාව කරුණාව හිමි වේවා......

ආමේන්....

ඒ වගත් මේසේය....


12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Good post - Excellent writing - Previous MAATHALAN born again

    ReplyDelete
  3. //මේ සියල්ලෙන් අප තේරුම් ගත යුතු දෙය නම් දේශපාලනයේදී අධෝමුඛය මෙන්ම මුඛයද තම පණ මෙන් රැකගත යුතු බවය. //දේශපාලනයේදී අධෝමුඛය ප්‍රවේසන් කර ගන්න වෙන්නේ රනිල් උන්නැහෙගෙන් තමයි...

    ReplyDelete
  4. ප්‍රේම මනෝහර ගීත කියාලා
    චන්දෙට කලියෙන් යයි සැඟවීලා
    කරුණා මුහුදේ ........

    ReplyDelete
  5. යුධ අපරාධ සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා රට පාවා දෙද්දී රට බේරාගත්තේ කරුණා අම්මාන් විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    "අපි යුධ විශේෂඥයො නෙවෙයි. රටක යුද්ධයක් තියෙනකොට සතුරු කඳවුරු සතුරු බලවේග මර්දනය කරන්න පහසු යුධ උපක්‍රම තියෙනවා ඒ කඳවුර ඇතුළෙ ඉන්න අය යොදාගෙන. ඒනිසා ඒ අවස්ථාවෙදි අපේ යුද්ධය මෙහෙයවපු නායකයො කරුණා අම්මාන්ගෙ සහාය ලබාගෙන විශාල ජයග්‍රහණයක් එල්ටීටීඊය විනාශ කරන්න අපි ලබාගත්තා.

    අපේ රටේ යුධ අපරාධ සිදුවුණැයි කියලා දරුස්මාන් වාර්තාව එක වතාවක ආවා. ඊට පෙර අපේ රටේ යුධ අපරාධ ඇතිවුණැයි කියලා මුලින්ම මාධ්‍යයට ප්‍රකාශ කළේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා. ඒ වෙලාවේ කරුණා අම්මාන් ඉදිරියට ඇවිල්ලා කිව්වා නෑ, ශ්‍රී ලංකාවේ හමුදාව සිවිල් වැසියෝ මැරුවෙ නෑ, යුධ අපරාධ කළේ නෑ කියලා.

    ජිනීවා වලදී සම අනුග්‍රහය දක්වනකොට මංගල සමරවීර මහත්මයා යුධ අපරාධ අධිකරණ හදන්න ඕනැයි කියලා ඒ වෙලාවෙත් කරුණා අම්මාන් ප්‍රකාශ කළා ඔබට මතක ඇති මාධ්‍යයට ඔහු සාක්ෂි දෙන්න එනවා අපේ හමුදාව යුධ අපරාධ කළේ නෑ කියලා. ඉතිං වර්තමානයේ ඔහු කරපු ප්‍රකාශය ගැන අපි නීතිමය අංශවලට බාරදෙමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

    lankanewsweb.net

    ReplyDelete
  6. Good one Maathalan, As MR said Karuna's record in LTTE is well known.

    Fact is UNP govt and Norway helped LTTE/Praba to move to East freely during ceasefire to finish Karuna (Whatever UNP says now)

    Karana and SF did contribute to end the bloody war. Both try to use it for politics and at the end put the foot in the mouth. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. Oh c'mon Wijebahu. Please don't speculate things. If you don't know best thing is to shut your mouth and asshole (and if you like you can put your foot in the mouth before shutting).

      Delete
    2. Well Ano, Ignorance is bliss. Speculate? Try to read about Karuna defection and aftermath in DBS Jayaraj's blog, he is a respected journalists and well connected with SL Tamils (Wijebahu)

      Delete
  7. මොළයක් තිබුනානම් කරන්න තිබුනේ කරූණා අම්මාන්ත තව ටිකක් කියවන්න ඉඩ ප්‍රස්ථාව හදා දීමය. හමුදාව බුරුතු පිටින් මැරූ හැටි, ගම් වලට පැන අහිංසක වැසියන් කඩු ගෑ, හාමුදුරුවරු මැරූ හැටි, බෝම්ම තිබ්බ හැටි හිටපු ත්‍රස්ථ්වාදී මහතා ලවාම කියවා ගත්තානම් බටහිර රටවල ලැගගෙන, රටට කෙලින්න බලන් ඉන්න දෙමළ ඩයස්පෝරා හැතිකරේගේ කට වසා දැමීමට තිබුනි.

    ReplyDelete
    Replies
    1. ලාංකික දෙමල ජාතිවාදය ලන්දේසීන් ගොඩනඟ ඉංග්‍රීසින් බෞතීස්මකල එකක් එහි අරමුණ සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි.

      බටහිරයෝ කොහොමත් දෙමල ජාතිවාදයට පක්ෂයි. කරුණා මොනවා කිව්වත් නොකිව්වත් එහි වෙනසක් නෑ.

      Delete
    2. කරනවා නම් කරන්න තියෙන්නේ එන දෙයයි. හින්දු දෙමලුන් අතින් ක්‍රිස්තියානි දෙමලෙක් මියයාමට සැලැස්වීම.

      එතකොට බටහිරයන්ට දෙමළ ජාතිවාදයක් තියෙනවා කියලා මතක් වෙයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න