.

.

Aug 13, 2020

ජනතාවාදී රාජ්‍ය ඇමති මණ්ඩලය



මුලින්ම කිව යුත්තේ ඇමති මණ්ඩලය මෙන්ම පත්කිරීම්ද සාම්ප්‍රාදයටම සිඳු වීම, ලැබි තිබූ උත්තේජනය තරමක් අඩු කලද, උසුළු විසුළු වලට ලක්ව ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයපතයන් හා එම ඇමතිවරුන්, අර උත්තේජනය තව දුරටත් රදවා පවත්වා ගැනීමට හෙතු වනු ඇත්තේය කියාය.

අවුරුදු පහක් තිස්සේ මේ රට විනාශ කල ආර්ථික උස්තාද්ලා හා තාමත් ඔවුන්ට කඹුරන අන්තේවාසික වහලුන් පයිසෙකට මායිම් නොකල යුතු වූවද, ඒ තද බල විවේචනයන් අප බාර ගත යුත්තේ ධනාත්මකවය. මන්ද එම සිඳුවීම සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යන් තුලද කතා බහට ලක්වීම ඉතා වැදගත් නිසාය.

මේ රටේ දෙශපාලකයකු නොවන පුද්ගලයකු රටේ නායකයා ලෙස පත්වන්නේ ප්‍රථම වතාවටය. එය ඉතා වැදගත් සිඳුවීමක්ය. මන්ද මෙරට සියළුම දේශපාලකයන් හුරු වී උන්නේ, රට ගොඩ ගැනීමට නොව තම හත්මුතු පරම්පරාව ගොඩ ගැනීමේ මජර අප්පිරිය සංස්කෘතියකට වීමයි. යහපාලනය පත්කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ එම සංස්කෘතියේ වෙනසක් වුවද, සිඳු වූයේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා සේ උන් සියල්ලෝද අර සිහිණයේ ජීවත් වූ කලින් උන්ටත් අන්ත පිරිසක් බවට පත්වීමය.

එහෙත් ඝෝඨාභය රාජපක්ෂ මේ මොහොත දක්වා එම මජර කාළකන්නි ක්‍රමයේ තව දුරටත් ගමන් කරන්නකු නොව, උඩු ඟං බලා පිහිනන්නකු බව භාවිතාවෙන්ම ඔප්පු කොට අවසානය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් පැවති මැතිවරණ ප්‍රචාරණ විකාරයන්ද නැවතී ගියේය. ඝෝඨා එම අවස්ථාව භාවිතා කරමින් මෙතෙක් සිඳු නොවූ වෙනස් කමක් කලේය. ඔහු ස්ටේජ් උඩ නැග මයික් පීකර දමාගෙන ජනතාවට කිසි දිනෙක ඉටු කල නොහැකි පච කෙලියේ නැත. ඔහු කෙලින්ම ජනතාව අතරට ගියේය. ජනතාවගේ ජන දුකට සවන් දුන්නේය. ජනතාවගේ සමහර ප්‍රශ්ණවලට එවෙලේම විසඳුම් ලබා දුන්නේය.

එහිදී පැහැදිලි දෙයක්ද මනාව දිස් උනේය. ඒ ඔහු බොහෝ අවස්ථාවන්වලදී නිළධාරින්ට වඩා හමුදාව විශ්වාස කල බවයි. රජයේ නිළධාරින් යනු මෙලෝ රහක් නැති පිරිසක් බව ඕනෑම එකෙක් දන්නවාය. ලෝකයේ ඇති අකාර්යක්ෂතම රාජ්‍ය සේවය මේ රටේ එක බව සමීක්ෂණ නොතියාම ඕනෑ එකෙකුට බය නැතිව කියන්නට පුළුවන්ය. උන් ඉන්නේ වැඩ කරන්නට නොව, වැඩ නොකරන්නටය. එසේ වැඩ නොකර සිටීමට හේතූ කියන්නය. නැත්නම් පාරවල් වසාගෙන අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නටය. ඉල්ලීම්ම පමණය. යුතුකම් ඇත්තේම නැතිය.

ඒ ඉදිරිපත් වූ ප්‍රශ්ණ සියල්ලම මෙරට රාජ්‍ය සේවයේ නිළධාරින් හා අමාත්‍යංශ වලින් ඉටු විය යුතු ඒවාය. අනෙක ඒවා ඉතා සුළු කරුණුය. එහෙත් වසර 72 ක් තිස්සේ පඩිය හා දීමනා නිසි ලෙස ලබා ගත්තද උන්ගේ යුතුකම් ඉටු කරලා නැත්තේය.

කෙනෙක් මේවාට දේශපාලකයින් වග කිව යුතු යැයි කිව හැකිය. එහි ඇත්තක් නැතුවාද නොවේමය. මන්ද මේ රටේ වැඩ කරනා ඇමතිවරුන් සිට ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක් වීම නිසාය. උන් කුමන පක්ෂයේ වුවද අදටත් උන් නොමියෙනා මිනිසුන්ය. වැඩ කරනා එකා මුන්ගෙන් මරාගෙන හෝ වැඩ ගත් අතර, නොකරන එකා කලේ නිළධාරීන් හා එක්ව හොරා කකා අයිස් ගහනා එකය. හොඳම උදාහරණය පසුගිය පස් වසරේ සිටි සමස්ථ අමාත්‍ය මණ්ඩලයයි.

උන් එකෙකුටවත් ආන්ඩු බලය ගත් පසු කරන්නේ කුමක්ද යන්න ගැන කිසිම වැඩපිලිවලක් තිබුනේ නැතිය. අනික 2015 දී උන් දිනයි කියා විශ්වාසයක් තිබ්බේත් නැතිය. එහෙත් ඇමති කම් ලැබුන ගමන් ඔළුව ඉදිමුනේය. අර්ථික උස්තාද්ලා කියනා උන් කාර්යාලයේ සිට සෙල්ෆි ගසා බුකියේ එල්ලුවේය. සමහර උන් උන්නේ බුකියෙ චැට් රූම් වලය. අඛිල විරාජ් වැඩ කල ආකාරය ගැන ඔහුගේම ලේඛමෙක් ලියා ඇති ලිපිය මීට කදිම උදාහරණයක්ය.

මේ උසුළු විසිළු වලට ලක්ව ඇති සියලුම විෂය පතයන් මීට කලින්ද අමාත්‍යංශ විෂයපතයට අදාල වූ දේවල්ය. ඒවා අපට නම් විහිළු නොවේ. අනික මේ සියල්ලම ඝෝඨා ජනපති ජනතාව අතරට ගිය කල ඉදිරිපත් වූ ගැටළු සහගත විෂයන්ය. නැවතත් කිව යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්ණ අපිට නම් ජෝක් නොවේ කියාමය.

මේවා ප්‍රකාශයට පත් කොට ගැසට් කරන්නේ අමාත්‍යවරු දිවුරුම් දීමටත් පෙරය. ඒ කියන්නේ මේ සියල්ල එක ස්ථානයකින් පැහැදිලි අධීක්ෂණයකට ලක්වන බවය. මෙය ලංකාවේ මුල් වරට සිඳු වූවකි.

මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමතියෙක් උන් විජ්ජාත්මක කැබිනට් මණ්ඩල වලින් කරපු දේවල් අපි පස් වසරක් තිස්සේ අගේට දැක්කේය. සමහර විෂයපතයන් හා ආයතන ගැසට් කිරීමට මාස ගනන් ගියේය. සම හරක් තමන්ගේ අමාත්‍යංශය තියෙන්නේ කොහේද කියාවත් දැනගෙන උන්නේ නැතිය. සමහර උන්ට ඉඳගන්න කාර්යාල හා පුටු තිබුනේ නැතිය. එවාත් ආන්ඩුව වගේම එකම කැඳ හැලියක්ම වූවේය. උන් සියල්ලෝම එකතුව පාස්කු ප්‍රහාරය නම් ඉතා සාර්ථකව නිම කලේය.

දැන් මේ ඇමතිවරුන්ට සෙල්ලම් දමන්නට බැරිය. තමන්ගේ විෂය පතයන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවාය. ජනතාවත් තමන්ට අදාල එකා මොකාද කියා ඉතා පැහැදිලිව දන්නවාය. කාර්යාලය තිබෙන්නේ කොහේද කියා දන්නවාය. එමෙන්ම ඕන ඕන එකා දමාගෙන පිස්සු කෙලින්නට බැරිය. ඒවාට ලොක්කාගේ අනුමැතිය ගන්නම වෙනවාය. ඒ තියා විවේචනය කරනා උනුත් සබ්ජෙක්ටෙක කරන්නේ මොකාද කියා දන්නවාය.

කොරෝනා නිසා ලෝකයේම ආර්ථිකයට කෙලවී තිබෙන මේ මොහොතේ දේශීය සුළු කර්මාන්තයන් මහා පරිමාණ කර්මාන්ත බවට හෝ කර්මික කෘෂිකාර්මික ගම්මාන බවට පවට පත් කල යුතුව ඇත්තේය.

හැමදාම ගාමන්ට් එකේම එල්ලිලා ඉන්නට බැරිය. කිතුල් රා ලෝකයේ වෙන රටක ඇතයි කියා මා සිතන්නේ නැතිය. තැඹිලි ගෙඩියද එසේ යැයි කියා සිතමි. තැබිළි ගෙඩිය ඒ ආකාරයෙන්ම අපනයනය කරනා ආයතනයක් ගැන මම කොහේ හෝ දුටුවෙමි, ඉස්සන් වෙනුවෙන්ද ඇමතියෙක් ඉන්නවාය. මෙය ආදායම් ඉල්ලමකි.

දේශීය වෙද හෙදකම් යටතේ මඳන මෝදක ගුලිය වුවද ලෝකය පුරා මාකට් කල හැකි බෙහෙතකි. සුපිරි ගංජා තෙල් වලට ලෝකයේ ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි. ගංජා දුම සිගරට් දුම තරම් ශරීරයට අහිතකරද නැත්තේය. සිලෝන් ගංජා සිකැරට් එකක් හැදුවා නම් මාන්නාරමේ තෙල් ඕනා වෙන්නේත් නැතිය. ගංජා හේන් පිටින් ගිනි තියනා විට ගිනිගන්නේ අපේ හදවත්ය. මේවා සහ ගහනා අපරාධයන්ය. ඒ තියා ගල් කටස් හදනා උන්ද හමුදාවට බඳවා ගන්නවා නම් අප කැමතිය. ඨ්-56 ක් මෙහේ හදනා එක මහා කජ්ජක් නෙමේය. මෙවා අලී සබ්‍රිට අධිකරණ ඇමතිකම දෙනවා වාගේ විප්ලවීය තිරණයන්ය.

ගොඩ එනවා නම් ඕනෑ තරම් දේ මේ මහ පොලොව මත තිබෙනවාය. කරුමය කියන්නේ ඒවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් ලෙස ප්‍රචලිත කිරීමට හෝ නිමි භාන්ඩ ලෙස ලෝකයට හඳුන්වා දීමට එකෙක් උන්නේ නැති එකය. මේඩ් ඉන් සිරි ලංකා ගාම්න්ට්ස්, සුද්දෝ සුද්දියෝ අඳින්නේ ආඩම්බරයෙනි. හැම සුද්දාම තේ එකක් ඕනා වෙලාවට හොයන්නේ සිලෝන් ටී එකක්ය.

එහෙත් සිලෝන් ටී ලෝකයට යන්නේ රුසියාවෙන්ය. ඒ අපේ නිළධාරින්ගේ පඩත්තල වැඩ නිසාය. වික්ටෝරියා සීක්‍රට්ස් පෑන්ටි බැසියර් මහන්නේත් මෙහේය. එහෙම උන්ට කරන්න බැරි දෙයක් නැතෙයි කියනා එක මගේ මතයය.

රාජ්‍ය අමාත්‍යවරුනට ලබා දී ඇති මේ ටාගට් ටික වසර පහක් තුල ජයගත හැකි නම් ඒ සමඟම තාක්ෂණයද දියුණු වන්නේ බලාගෙන සිටියදීමය. මන්ද තාක්ෂණය, නිශ්පාදන ගුණය මෙන්ම නිශ්පානයද ඉහළ දමනා නිසාවෙන්මය. ඒ නිසා මොකා අපහාසයට ලක් කලද මේ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ජනතාවාදී අමාත්‍ය මණ්ඩලයක් බව නම් නොකියා සිටිය නොහැකිය..

ඒ වගත් මෙසේය….


29 comments:

  1. සුරේන් රාඝවන් ද්විත්ව පුරවැසියෙක්ද?

    ඕකට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙනවනම්,
    නාසිවාදියෙක්ට ජර්මන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දුන්නත් කමක් නෑ.

    ReplyDelete
  2. රජයට අයිති දේපලක් වංචාවෙන් , කූට උපක්‍රම මගින් අත්පත් කර ගැනීමට වෙර දරන LTL පාලකයින් වෙනුවෙන් Lanka Transformers සමාගම රජයට අයිති දේපලක් නොවේය කියා අධිකරණය හමුවේ තර්ක කරන ආලි සාබ්‍රිට අධිකරණ ඇමති කම ... විදුලි බල මණ්ඩලයට ජය වේවා

    ReplyDelete
  3. මෙතන ලොකුම අඩුව සාඩින් පිලිබඳ කැබිනට් ඇමතිකම.

    විෂය පථය:
    සාඩින් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරිම හා පරිභෝජනය
    සාඩින් මිල අඩුකිරීම හා නොදන්වා වැඩි කිරීම
    ඉවත දැමූ සාඩින් ටින් ආශ්‍රිත කර්මාන්ත
    වෙජිටේරියන් හා හලාල් සාඩින් වර්ග නිෂ්පාදනය හා අපනයනය
    සාඩින් කෑමේ අලුත් ක්‍රම
    සාඩින් වෙනුවට පරිප්පු වැනි ආදේශක පිලිබඳ සොයා බැලීම
    සාඩින් ලෝකයේ නව ප්‍රවණතා අධ්‍යයනය කිරීම හා රජයට නිර්දේශ කිරීම
    සාඩින් සම්බන්ධ ක්‍රීඩා ප්‍රචලිත කිරීම

    ReplyDelete
    Replies
    1. විහිළුවක් වගේ පෙනුනට සාඩින් (ටින් මාළු) හොඳ කර්මාන්තයක් වෙයි රට වටේම මුහුද තියන රටකට..

      Delete
  4. ජාතික ලැයිස්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය ඥාණසාර හිමියන් රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් හැටි

    ReplyDelete
  5. හතරේ කණුවේ වයින් ස්ට්‍රොර්ස් එකේ විජේ මහත්තයා මාතලන්ගේ නෝනාව අදිනවා කියලා හැමෝම දන්නවනි. ගවුමක් ඇඳ ගනින් පොන්සියා.

    ReplyDelete
  6. ලන්සයි රෝහිතයි
    කබ්රාල් ගොයියයි
    පස් කපන හාදයයි
    සැවොම ජනතා වාදේ අගයයි

    ReplyDelete
  7. zupiri talkz eka broi

    ReplyDelete
  8. ගංජා කේස් එක බලන්නේ මොන රාජ්‍ය ඇමතිද? මම ඒක දැක්කේ නෑනේ. :/

    ReplyDelete
    Replies
    1. ඒක තාම කාටවත් දීල නැහැ. මංගලව ජාතික ලැයිස්තුවෙන් අරන් ගංජ ඇමති කම දෙන්ඩ ඉන්නෙ

      Delete
  9. මාත හිතන විදියට ජනාධිපතිගේ නියෝග පරිදි කළ විමර්ශන අනුව සිරදඬුවම් නියම වී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගෙන් තම විවාහ මංගල්‍යය සඳහා මත්පැන් බෝතල් තොගයක් ලබා ගත්තේ යැයි කියන බන්ධනාගාර නිලධාරියෙකු පිළිබඳ වාර්තාවෙන් මොන වගේ දෙයක් අනාවරණය වෙයිද?

    කියලා තියෙන විදියට අදාල බන්ධනාගාර නිලධාරියාගේ විවාහ මංගල්‍යය සඳහා වෙලේ සුදා විසින් විස්කි බෝතල් සීයකට වඩා ලබා දී ඇති බවට ආපු තොරතුරක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වුණා වගේ. ඒ කියන්නේ කුඩ්ඩන්ගේ රාජ්‍ය ගබඩාව ජේලර්ලා.

    අහන්න දෙයක්ද සමහර ජේලර්ලාට අයිති වාහන දැක්කහම හිතාගන්නවත් බැහැ කොහොමද ඔය වාහනවල අයිතිය ලැබුනේ කියලා. මම ලඟදි හිතවත් වුණ අවුරුදු 26 පුතෙක් ‘රේන්ජ් රොවර්’ එකක් පදිනව දැක්කම මම ඇහුවා පුතා කෙහෙන්ද මේතරම් ලක්ෂ තුන් හාර සීයක සුපිරි වාහනයක් ගත්තේ තාත්තා පුද්ගලික රෝහලක විශේෂඥ දොස්තර කෙනෙක්ද කියලා? එතකොට කීවා අපෝ නෑ එයා සීනියර් ජේලර් කෙනෙක් කියලා…! ඔන්න ඕකයි කතාව.

    ReplyDelete
  10. දේශපාලනය ගාවා ගන්නේ නැතිව හරි දෙයට හරි කියන එක හොඳයි

    ReplyDelete
  11. තමාට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධුරය හරහා ග්‍රාමීය කර්මාන්ත දියුණු කර නව නිපැයුම් ඔස්සේ ජාත්‍යන්තරය ජය ගන්නා බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය රාජ්‍ය ඇමති ධුරයේ වැඩ ආරම්භ කරමින් තම ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    තම අමාත්‍යංශයට අයත් සියලු ‍ක්ෂේත්‍ර හරහා සාම්ප්‍රදායික නිෂ්පාදන මෙන්ම නව නිෂ්පාදන ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    සාම්ප්‍රදායික මැටි කර්මාන්තය තුළ වළං නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් මාල වැනි නව නිෂ්පාදනය ආරම්භ කිරීම උදාහරණයක් ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි නව නිෂ්පාදන හරහා ජාත්‍යන්තරය ජය ගැනීම තමාගේ අරමුණ බවයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න