.

.

Nov 8, 2020

වැඩ බැරි ටාසන්ලාගේ මීඩියා ආතල්


 

මංගලගේ මඩ බලකාය ගේමට බැහැලා හානවාය. ආන්ඩුව පැත්තෙන් උන්ට පිළිතුරු දීමට පිරිසක් නොමැති වීම ඉතාම කනගාටු ජනකය. ඝෝඨා පාලනයෙන් ආන්ඩුවේ තනතුරු අරගත් උන්ගෙන් ආන්ඩුව වෙනුවෙන් යමක් ලියන්නේ මහින්ද පතිරණ හා කැළුම් ජයසුමන විතරක්මය. අනික් උන්... "කාරිය කෙරෙන් තුරු කාගෙත් රැවටිල්ල.." කියනා දේ අපූරුවට ඔප්පු කරමින් සිටින්නේය.. 

අපේ එකම පැතුම, ජනතාවට බිල්ලෙක් මවා දී 2015 දි බලය ලබාගෙන රට කෑ ගූ හොරුන්ට නැවත කිසි දිනෙක බලය නොලැබේවා යන්නය. උන් කල කිසිවක්ම නැති උනාට.., විදෙස් ණය ප්‍රමාණය පමණක් දෙගුණයක් කර, රට ආර්ථික, සමාජීය හා ආරක්ෂක යන සෑම අංශයකින්ම වල පල්ලටම ගෙන ගියේය. 

බලය නොමැතිව නන්න පෝල් වී ඉන්නා මොවුන්ගේ නියමුවා වී ඇත්තේ මංගලගේ මාධ්‍ය මඩ බලකායයි. දැන් උන්ගේ පිලට එක්ව ඇති අලුත්ම දෙදෙනා වන්නේ ලන්ඩන් සේනාධීර හා මහින්ද විනාශ කල ගොන් හඩ්ඩාය. 

මාධ්‍ය න්‍යායාචාර්යවරයා කුප්‍රකට චරිතය විය හැකි අතර, නායකයා වී ඇත්තේද තවත් ලන්ඩනයේ සිට වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙක්ය. මෑතකදි සජිත් ප්‍රෙමදාස "පෑඩ් මෑන්" උනේ, තමන්ගේ උපදෙස් මත බව උන්නැහේ පිලිගත්තේය. මෙ සියල්ලෝම නොම්මර එකේ ඇන් ජී ඕ කප්පිත්තන්ය. 

ඊට අමතරව තමන්ට ඕනෑ ලෙස පිස්සු නැටීමට බැරි වී මොලේ කොලොප්පම් වී සිටිනා චීවරධාරීන් පිරිසක්ද මොවුන්ට උඩ ගෙඩි දෙමින්.., නිව්ස් සපයමින්..., පට්ට ආතල් එකක් දෙන බවත් පේන්නට තියෙනවාය. බොහෝ විට ඇන් ජී ඕ මුදල් පන්සල්වලට වැඩියා වෙන්නත් ඇහැකිය.. මොකෝ මෙයාලාට රටට හා නිවනට වඩා ඩොලර් ඇන්ඩ් රුපීස් වටිනා නිසාමය. 

රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් විනාශ කළ "රනිල්ට බෑ" යන සංකල්පය මෙන් "ඝෝඨාට බෑ" යන සංකල්පය සමාජ ගත කිරීමට මංගලගේ මඩ මාධ්‍ය බලකාය මේ වන විට එලිපිටිම වඩට බැස අවසානය.

ඒ පිළිබඳ ලියැවෙන ලිපි දැන් දිනපතාම වාගේ ඔවුන්ගේ වෙබ් පඩංගුවල මෙන්ම බුකියේද සැරිසරන්නේය. බලය නොමැතිව පිස්සු වැටි ඉන්නා මේ සෙට්ටේකේ විශේෂත්වයක්ද තිබෙන්නේය. ඒ මෙලෝ රහක් නැති සජිත් ප්‍රේමදාසට බැක් කිරීම නවතා ඇති බවය. ඉදිරියට ගෙනෙන්නේ මංගලය. 

ඒ පිළිබඳ පස්ස පැත්තෙන් හිනා යන ළිපියක් මෑතක ඔවුන්ගේ මඩ වෙබ් අඩවියක තිබුනේය. ළිපියේ තවත් අරමුනක් වන්නේ මහින්ද හා ඝෝඨා කෙටවීමය. එය දැන් සිහිණ ටොයියන්ගේ මංගල සූත්‍රය වී අවසානය. එමගින් ඔවුන් ඝෝඨාට උපදෙස් දෙන අතරේ ආන්ඩුවට බැරි නිසා එකතු කර ගත යුතු පිරිසක් ගැනද සඳහන් වේ... 

මුන් සියල්ලෝම පසුගිය වසර පහක කාළය තුල මේ රට විනාශ කර දැමු කාළකන්නි දෙශපාලුවෝය. මුන් රට පාලනයට නොව ප්‍රාදේශීය සභාවකට තබා සමූපාකාරයකටවත් බඳවා ගත යුතු නැති අමු කාළකන්නින්ය..

පහත පලවන්නේ එසේ එක් කර ගත යුතු යැයි සඳහන් කල පිරිස හා මාතලන් විසින් ඔවුන් වෙනුවෙන් දෙනු ලබන චරිත සහතිකයන්ය... 

// කතා කරන්න, රනිල් ට. රනිල්ගේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරන්න. පිටරටවලින් උදව්ගන්න ඊට වඩා සුදුස්සෙක් ලංකාවෙ නෑ. කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.//

- මුන්නැහේට ඇති විදේශ සබඳතා අපි පසුගිය වසර පහේ දෑසින්ම දැනගත්තෙමු. අන්තිමේ පඹයෙක් වූ සිරිසේන ළඟත් බල්ලා මාක් උනේය. කන පැලෙන්න අහගන්න අර අහිංසක මෛත්‍රී නෝනාත් එක්කාගෙන ඇවිත් තිබ්බේය. ඒ නෝනා දමා හෝ බේරෙන්නටය. කෙල වූ පසු සුවිස් එම්බසිය හරහා ගානියා බැරිස්ටර් නාට්ටියක් කරන්නට ගොස් ඒ එම්බසියත් බල්ලා මාක්ම කලේය. කැළණියේ බැරි නිසා කුරුඳුවත්තට ආවේය. අන්තීමේදි ගමත් කා රටත් කා පක්ෂයක් නැත්තටම නැති කරලා දැම්මේය.... ජනතාව එයා බලෙන්ම විශ්‍රාම යැව්වේය.. -

// කතාකරන්න, අනුර දිසානායකට. කෘෂි ආර්ථිකය පණ පොවල වැව් ටික පෝෂනය කරල මිනිස්සුන්ගෙ බඩ වියත සරිකරන වැඩේ බාරදෙන්න.//

- මුන්නැහේලා ගැන ලියන යුනිකෝඩ් පවා ජාතික අපරාධයක්ය. අවුරුදු 72 ක් ගැන කියව කියවා ගියාට අවුරුදු 60 ක් තිස්සේ අරගෙන තියෙන්නේ ආසන දෙකක් පමණය. ඒකත් ජේ ආර්ගේ සමානුපාතිකේට පින් අත් වන්නටය. ඇමති කමක් අරගෙන කරේ මක්කාද ඇහුවාම කියන්නේ.., අමාත්‍යශයට බස් දෙකක් ගත්තාය කියලාය. තා එකෙක් සීගිරියට ගඩොල් ඇද්දේය. පක්ෂයට කඩේ යන මී හරක් අමුඩ ගස්සවා කොළඹට ගෙන එනවා හැර මේ වන තෙක් ප්‍රාදේශීය සභාවක් හෝ සමූහ ගොවිපොලක්වත් නැති අපතයෝය. ඊළඟ වතාවේ තුන් බේරා ගත්තත් ලොකු දෙයක්ය.. -

// කතාකරන්න, පාඨලීට. බොරතෙල් මිලත් එක්ක ලැබන වාසිය අරගෙන බලශක්ති වැඩපිළිවෙලක් හදල ජීවන බර අඩුකරන සටනට උදව්ගන්න. //

- තෙල් මිළ කෙසේ වෙතත්, පැනමාවල බොරතෙල් එකවුන්ට් එකක් නම් ඕපන් වෙන එක කාටවත් වලක්වන්නට බැරිය. එජාපයට රිංගුවේ එතන බලය අල්ලා අනාගත ජනපති වෙන්නටය. දැන් සජියාට ඇර ඒ පක්ෂයේ බලය අල්ලන්නේ කෙසේද කියා ගේම් ගහනවාය. ආන්ඩු කීපයකම ඇමතිකම් කරාට කරපු එක ලබ්බක්කත් නැතිය. පාරේ ඉරක් ඇඳ කෝටි ගානක් සාක්කුවේ දාගත් බවක් නම් හැමෝම දන්නවාය. උස හින්දා මැදමුලන වත්තේ පොල් කඩන්න ගත්තාට අපේ අමනාපයක් නැත්තෙය...-

// කතාකරන්න,  මංගලට. ආර්ථික විශේෂඥයෙක් නොවුනට බන්දුලට වඩා හොඳට පාලනය කරනවා ෂුවර්. බාරදෙන්න ආර්ථික මුදල් පැත්ත.//

- මුන්නැහේ ලිස්ට් එකේ මුලට එන්න ඕන කෙනා උනාට..., කට්ට කමට රිංගවලා තියෙන්නේ මැද්දේය. කොටින්ට රට ලියා දෙන්න උපදෙස් ගන්න නම් මරු බඩුවය. කරපු මෙලෝ දෙයක් ඇත්තේ නැතිය. එකම් ප්ලස් මාක් එක ලිබරල් පොරක් වීම පමණි. අපේ රටේ බලය අල්ලනවාට වඩා ස්විස්ටරලන්තයේ හෝ නොර්වේ වැනි රටක බලය ලබා ගැනීමට උත්සාහ කලා නම් බොහෝම වටිනවාය. ඝෝඨා හැදීම කෙසේ වෙතත්, චන්ද්‍රිකා හා රනිල් නැත්තටම නති කලා සේ..., ඝෝඨාත් දේශපාලන වශයෙන් නැති වෙන්නට ආසම නම් ගත්තාට අපේ අවුලකුත් නැත්තේය. පෙර වාසනාවකට මහින්ද මහත්තයා සතා කලින්ම හඳුනා ගත්තේය..-

// කතා කරන්න, කරු ජයසූරියට. ඔහුගෙන් ලොකු වැඩක් ගන්න. ලඟින්ම තියාගන්න. //

- මුලින්ම රනිල්ට අරින්න ගිහින් නෝන්ඩි වෙලා කැපිලා ගියේය. ඒ පාර මහින්දගෙන් කන හරහා කා ආයෙත් එජාපයට ආවේය. සජිත්ගේ ගුලි කා ආයේ පක්ෂයේ නායකයා වෙන්න ගියත්, කතා නායක කමෙන් සැනසෙන්න උනේය. හැබයි රනිල් පවා ගොනාට අන්දා 19 යටතේ පොඩි පවර් එකක් ලබා ගත්තේය. කරපු ලබ්බක් නැත්තේමය. හඬ පමණය... වැඩ නැතිය... උන්නැහේ නොව උන්නැහේගේ බෑණාටත් ඇපත් නැතිය.. නැකත් පතිය... -

// කතා කරන්න, සුමන්තිරන්ට. නීතියත් භෞතික විද්‍යාවත් දෙකම දන්න ඔහු ලවා විදෙස් ගතව ඉන්න දමිළ බුද්ධිමතුන්ගෙ දැනුම අත්දැකීම් රටට එකතු කර ගන්න. මං දන්න විදිහට විදෙස්ගතව ලංකාවෙ දමිළ ස්කොලර්ස්ලා දහ දාහකට වැඩිය ඉන්නවා.  //

- මේ එන්නේ දෙමළ ඩයස්පෝරාවේ හඬය. ඔය බලවේගයට දෙමළ ඩයස්පෝරාවේ ඇති සහ සම්බන්ධතාවය මේ යෝජනාවෙන් අපූරුවට දිස් වන්නේය. 

කොටි සංවිධානයේ ටයි එක දමා ගත් නායකයාය. සයිනයිට් එක වෙනුවට තියෙන්නේ ටයි පොල්ලය. ඒකෙන් සිංහළ මී හරක් පිරිසක් කොන්ට්‍රෝල් කරගෙන සිටි. 19 ගෙනත් රට කෑ නොම්මර එකේ මූසලයෙක්ය. වෙන රටක නම් රටෙනුත් පිටිවහල් කරලාය. නැත්නම් ජයම්ප්පතියා වාගේ රටෙන් පිටිවහල් වෙලාය. එයා පාර්ලිමේන්තුවේ නීතිය කතා කරන්නට ගොස් මෑතකදි අලී සබ්‍රී විසින් කලිසමද ගලවාගෙන වාඩි වෙලා බල්ලා මාක් උනේය. කිසි අවුලක් නැතිව රට කොටින්ට දෙන්න ඝෝඨා මහතාට සිතෙනවා නම් ගත්තාට අපේ අවුලකුත් නැත්තේය..  - 


ඒ වගත් මෙසේය....


17 comments:

  1. මාතේ රෙදිත් නැතුවම ආණ්ඩුවට කඩේ යනවෝ.
    ඉස්සරහට ඉතින් මාතේ ට ඇපත් නැතිය.. නැකත් පතිය...
    ඒ වගත් මෙසේය....

    ReplyDelete
    Replies
    1. මූ වගෙ පොල්බූරූවො එදා UNP එකේ හිටියෙ නැතනම් අද රනිල් තාම පාර්ලිමේන්තුවේ. ඉතිහාසයේ ඇතැම් සිදුවීම් තේරුම්ගත හැකිවන්නේ ඒවායේ මතුපිටින් ප්‍රකාශිත දෙයින් නොවේ. එහි පිටුපස ඇති සැබෑ කතාන්දරය විමසා බැලීමෙනි. එසේ නොවනවිට සිදුවන්නේ තමන්ගේ විශ්වාසයන් අනුව යම් යම් අදහස් ප්‍රකාශ කිරීමයි. එවැනි ප්‍රකාශ මඟින් සැබෑ යථාර්ථය පිළිබිඹු වන්නේ නැත.

      2015 ජනවාරි 08 දක්වා ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් නිල වශයෙන් නොතිබුණු නමුත් රජ පවුලක් ලෙස වැඩුණු පාලන තන්ත්‍රයක් ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මකවෙමින් තිබිණි. රුසියානු රජ පවුලේ හා ‍රදළයන්ගේ වියදම් මහජනයාට පීඩාවක් වූවා සේම මෙරට පාලක තන්ත්‍රයේ සාපරාදී මනුශ්‍ය ඝාතන, අයුක්තිය අසාධාරණය නාස්තිකාර වියදම්, සොරකම් දූෂණ ආදියද ජනතාව මත දරාගත නොහැකි බරක් පටවා තිබිණි.

      රුසියානු පීඩිත ජනයා සාර් රජ පවුලටත් රදළ වංශාධිපතිට එරෙහිව නැගී සිටියා සේම ශ්‍රී ලංකාවේ පීඩිත දුප්පත් අහිංස්ක දිළිඳු ජනයා ප්‍රතිගාමී ධනපතිවාදී මිනීමරු මෘග රාජපක්ෂ පාලනයටත් එහි පාදඩ අන්ත්වාසියන්ටත් එරෙහිව මෙරට ජනතාවාදී එජාප, ජවිපෙ ඇතුළු පක්ෂ හා කණ්ඩායම් සමග සන්නද්ධව නැගී සිට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මගින් 2015 ජනවාරි 08දා ජය ගත්තේය.

      2015 අගෝස්තු මැතිවරණයෙන් එම ජනතා ජය තවදුරටත් තහවුරු විය. ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවලට දූෂිත අසික්කිත රාජපක්ෂ පාලනය පනවා තිබූ අධික බදු බර අඩු කළ දින සියයේ ආණ්ඩුව පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල බෙහෙවින් අඩුකොට සියලුම රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළේය. සාර් පාලනය විසින් විනාශකොට තිබූ ආර්ථිකය ගොඩනැඟීමට විප්ලවයෙන් බලයට පත්වූ ජනතාවාදී සමාජවාදී රජයට දැඩි කැපවීමෙන් ක්‍රියාකරන්නට සිදුවූවා සේම රාජපක්ෂවරුන් විනාශ කළ ආර්ථිකය ගොඩනැඟීමට ජනතාවාදී යහපාලන රජයටද කැපවී ක්‍රියාකිරීමට සිදුවිය. නමුත් කුමන්ත්‍රණ මගින් එම රජය පෙරලා දැමීමට ගෝත්‍රික පිරිස් කටයුතු කළා.

      ඔක්තෝබර් විප්ලවයෙන් පසුව විප්ලවකාරී ආණ්ඩුවක් බිහිකොට රදළවාදය විනාශ කරනවිට එයට එරෙහිව සුදු හමුදා යොදවා වසර ගණනක යුද්ධයක් කිරීමට පරාජිත පාලකයන් කටයුතු කළෝය. අද මිනීමරු කාලකණ්ණි රාජපක්ෂ පල් හොර කල්ලිය කරන්නේද එම ප්‍රතිවිප්ලවයේ කාර්යභාරයයි.

      එදා සාර්වාදීන්ගේ ප්‍රතිවිප්ලවීය කැරැල්ල මහජන බලයෙන් පරාජය කළ හැකි විය. අද ද සිදුවෙමින් තිබෙන්නේ ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමට ක්‍රියාත්මක ප්‍රතිවිප්ලවීය බලවේග සමඟ දැවැන්ත සටනක් කිරීමට සිදුවීමයි. එයින්ද මෙරට ජනයා ජයගනු නියතය.

      ඒ අනුව බලනවිට විප්ලව අපට වැදගත් වන්නේ හුදු ආශ්වාදයකට නොවේ. එමඟින් ලැබෙන ශක්තියෙන් අපගේ විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරය අවසානය දක්වා කරගෙන යාමටය. එජාපය සමග අප දිගටම ජනතාවාදී මහජන හිතවාදී විප්ලවය ගෙනගොස් රාජපක්ෂ පවුල විනාශ කොට 2025 සදාකාලික එජාප රජයක් බලයේ පිහිටුවා 2030 දක්වා වත් ආචාර්ය රනිල් වික්‍රමසිංහ (PhD ඩීකින් සරසවිය -ඔස්ට්‍රේලියා) වැනි ජනතාවාදී ප්‍රගතිශීලී නිර්භය එඩිතර නායකයෙක් බලයේ තබාගමු. ඉන් අනතුරුව 2030 - 2150 කාලය ආචාර්ය මංගල සමරවීර, ආචාර්ය හර්ශ් ඩි සිල්වා, ආචාර්ය විමුක්ති කුමාරතුන්ග වැනි ඉදිරිගාමී නායකයන් යටතේ ඉන් ඉදිරියට ගොස් සදාහරිත පාලනයක් ලංකාවේ ස්ථාවර කිරීමට කැපවෙමු.

      Delete
  2. Dogs bark and caravan moves on, neda Maathlan?

    This whole COVID drama with only take two more months max. After that 'NGO nade' need to find a new topic. (Wijebahu)

    ReplyDelete
  3. ...සෑම අංශයකින්ම වල පල්ලටම ගෙන ගියේය''
    ඔන්න ඔය හේතුව මුලික කරගෙන නේද 69 ලක්ෂයක් ජනතාව ඝෝඨා මහතාව ජනාධිපති කලේ..
    ඉන්පසු තුනෙන් දෙකද දී ඒ තුනෙන්දෙක හා තවත් අය එකතු වී 20ත් දී තවත් දෙන්නට දෙයක් ඇත්නම් ඒ කුමක්ද?.
    එසේ වූ කල මංගලගේ මඩ බලකාය ගේමට බැහැලා හානවාය. ආන්ඩුව පැත්තෙන් උන්ට පිළිතුරු දීමට පිරිසක් නොමැති වීම ඉතාම කනගාටු ජනකය අරකය මේකය අහවල් එකය යනුවෙන් යමෙක් ආඩපාලි පවසන්නේ නම් එයට වගකිවයුතු වන්නේ ඝෝඨා මහතාම පමණක් නේද?

    අනිත් අතට මාතලන් මේ ආණ්ඩුවේ නියම වැඩ කාරයන් සිටිනවානම් මේ ලොන්ත රනිල්ලා, අනුරලා, පාටලීලා, මංගලලා ගැන කතා කරන්නට වන්නේ නැති අතර එය කරගන්නටම අවශ්‍යනම් '21' හෝ '22' ගෙන ඇවිත් ඝෝඨා මහතාට එය කරගත හැකියයි මා සිතමි.

    ReplyDelete
    Replies
    1. තමාගේ මතයට විරුද්ධ හැමෝම ජේවීපී , සජිත් පාර්ශවය හෝ රනිල් පාර්ශවය නොවන බවත් විකල්ප මතධාරීන් ද සිටින බවත් මතක තබා ගන්න. අම්ම තාත්ත ගෑනි දරැවන් උනත් වැරැදි නම් වැරැදි කියන්න ලැජ්ජා වෙන්න එපා වහල් දේශපාලනය මට අදාලම නැති අංගයක් ජීවිතේට. හැබැයි අවසාන විග්‍රහයෙදී ඡන්ද පෙට්ටිය දෙකට බෙදුනහම එකකට දාන්න ඕනේ ඒත් තාමත් සහ පේන විදියට 2025 දීත් බහුතර ජනතාවට තියෙන්නේ එකම තෝරාගැනීමක් පමණයි ඒකයි අවුල තියෙන්නේ.

      බුකියේ ඇවිත් බලනකොට මාතලන් කියන කතාව ඇත්ත හැබැයි එහෙන් ෆේක් වැඩි වීම විතරක්ම නෙවේ ජනපති හිතවාදී රියල් ඒව අක්‍රිය වීමයි වැඩි මට පේන විදිහට.

      එහෙම වෙන්න හේතුව ජනාධිපති මන්දිරයේ, නෙළුම් මාවතේ ඉදන් ආසන මට්ටමට එනකම් ඉන්න බලතල ලැබූ පුත්තලම් බූරුවන්ගෙ පක්ෂයක් විදියට (ආණ්ඩුවක් විදියට) පාක්ෂිකයන් විදියට, තියෙන දැක්ම සහ වැඩ කරන පිළිවෙල.

      ෆේස්බුක් එක පැත්තෙන් කීවොත් පහුගිය අවුරුදු 5 බුකියෙ ප්‍රායෝගිකව වැඩ කරපු මිනිස්සු ගැන හොයලා බලන්න කිසිම වැඩපිළිවෙළක් නැති වීම.

      අදාල සර්වබලධාරින් තාම ඉන්නෙ 2/3 ගැනයි 20 ගැනයි චූන් එකේනෙ. ඒක තමයි අවුල තියෙන්නේ.

      Delete
  4. මෙහෙමයි මාත මචන්,

    පහුගිය 2019 ජනපතිවරණයට කලින් social media campaign එකේ ඉස්සරහම හිටියෙ පඩි ගෙවල නඩත්තු කරපු එවුන් නෙවෙයිනෙ. එතන හිටියෙ 2015 පරාජයට හේතු හරියට අවබෝධ කරගෙන කටයුතු කරපු දැනුම් තේරුම්මි ඇති මිනිස්සු ගොඩක්. උන් දැනගෙන හිටියා මරාවාදී බයි ඡන්ද වලින් විතරක් රටට අවශ්‍ය කරන ආණ්ඩුවක් පිහිටවන්න බෑ කියල. ස්වාධීන මිනිස්සු ලක්ෂ 25ක් 30ක් පමණ ඉන්නව, උන් පාවෙන ඡන්ද කියල අවබෝධයක් උන්ට තිබුන. ඒ පාවෙන ඡන්ද වලට ආමන්ත්‍රණය කරන්න ඕනෑ කොහොමද කියල උන් දැනගෙන හිටියා. සමහර විට තමන් දැම්ම post එකක් ගැන office එකේ එහා table එකේ මිනිහ එක්ක, අල්ලපු වැටේ මිනිහ එක්ක, හැමදාම කෝච්චියෙ වැඩට යද්දි හම්බවෙන මිනිහ එක්ක තර්ක කරල, ඇත්ත පෙන්නුවා. අන්තිමට උගෙ ඡන්දය පෙට්ටියට වැටෙන තැනට ගෙනාවා. අනිත් කාරණය දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන, විවෘත මනසක් ඇති ඕනෑම කෙනෙකුට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයෙක් දක්වා නිර්මාණය වූ පසුබිම ගැන අවබෝධයක් තියෙනවා. මෙහෙම ගියොත් නැවතත් මේ කඳවුර තුලින්ම නැවතත් ජනාධිපති අපේක්ෂකයෙක් බිහිවේවි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය භාවිතා කල බහුතරයක් තිරය පසුපස භූමිකාව වෙනුවෙන් ඡන්දය දුන්නේ නෑ. ජනාධිපතිවරණයට කලින් ඉදිරියට එන්නෙ නැතිව හිටපු අය ඉදිරියට නෑවිත්ම ඉඳල ජනාධිපතිවරයාට රට කරගෙන යන්න දුන්න නම්, මේ තත්ත්වය වෙනස් වේවි.

    ReplyDelete
  5. මංගලගේ මඩකරි බුකියේ සහ ඊ- නිව්ස් මඩ ව්‍යාපාරයේ මඩ ගහන එක සහ ජවිපෙන් ලියන පල් හෑලි දැන් දශක එක හමාරකට වඩා පරණයි. 2010 - 15 කාලේ මැදමුලන මරාගේ ගෝත්‍රික දැඩි මාධ්‍ය පාලනය යටතේ ඔය මඩ ව්‍යාපාර වලට වැඩි බරක් හම්බ උනා. ඒත් දැන් තියෙන්නේ සාපේක්ෂ වශයෙන් සෑහෙන නිදහස් පරිසරයක් නේද? ආණ්ඩුව වෙනුවෙන් පාරට බැහැලා වැඩ කරපු අයත් ආණ්ඩුවේ වැඩ විවේචනය කිරීම දකින්න පුළුවන්. ආණ්ඩුවත් ජන මතයට සෑහෙන දුරට කන් දෙනවා. ගැසට් රිවස් කරන්නේත් ඒකනේ. ආණ්ඩුවේ අඩුපාඩු සෑහෙන තියෙනවා ඒත් කොහොම හරි සාපේක්ෂ වශයෙන් හොඳින් පාලනය කරන බවක් පෙනෙන්නට තියෙන්නේ.

    පල් හෑලි වලින් බුකියේ, රූපවාහිනී විවාද කයිවාරු සහ පාර්ලිමේන්තු රසකතා වලින් විතරක් දේශපාලනය කරන ජවිපෙ ගැන කියනවා නම් අවුරුදු 55ක් දේශපාලනය කරලා හැමදාම ඡන්ද ප්‍රතිශතය නියතයක්. ඊට පස්සේ පිස්සෝ වගේ කුලප්පු වෙලා මිනිස්සුන්ට බණිනවා වහල්ලු වහල්ලු කියලා. තහනම් කරලා දාන්න ඕනා ත්‍රස්තවාදී සංවිධානයක් මේක නම්. මුන්ටත් මංගලගේ විදෙස් අරමුදල් හරහා පක්ශෙන් ගෙවනවා ඕවාට. අර නිරූපා එක්කම ෆෝම් උනේ කැටPayයා. සින්දු ලියලා itn ජොබ් ගත්තේ. ඌ නූතන අනුර වෙන්ඩ යන්නේ ඒකවත් කරන්න බැරුව කුජීත විදියට කිචවෙලා කියවමින් ඉන්නේ මේ දවස්වල.

    ආණ්ඩුව මේ වෙලාවේ අවංකවම මිනිස්සු වෙනුවෙන් කැපවී කටයුතු කළොත් ඔය මොන බයිලා ගැහුවත් සත පහකට මායිම් නොකරන එක තමයි ඉතින් වෙන්නේ. ආණ්ඩුවේ පොරවල් මහජන මනස හඳුනාගෙන ජනතා ප්‍රශ්න වලට out of the box හිතලා කොහොම හරි පුළුවන් විදියට විසඳුම් ලබා දීම අනිවාර්යයෙන්ම වැදගත් මේ ලෝක වසංගත තත්ත්වය යටතේ. ආණ්ඩුවේ පාර්ශවයන්ට නිදහස්ට මතධාරීන් වශයෙන් ඕක තමයි ඉතින් අපට කෙටියෙන් කිව්වොත් කියන්න පුළුවන්.

    ඒක නෙමෙයි මාතො මගේ නැන්දම්මා ෆ්‍රෙන්ච් ටීචර් කෙනෙක්. එයාගෙන් ඉගෙන ගන්න ආපු කෙල්ලො දැක්කම අපරාදෙ බැඳල හිටියෙ කියල හිතුනා. ඒත් බැඳල නොහිටිය නම් ඒ කෙල්ලො හමුවෙන්නෙත් නැහැ නේ. මේ සංසාරෙ දිනන්න බෑ මචන්

    ReplyDelete
  6. හැබෑටම මාතේ උත්සව සභාවක් අමතමින් තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ළඟදී කියලා තියෙනවා නේද? මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බව තමයි නාමල් කියන්නේ ඒක ඇත්තක් වෙන්න පුලුවන්ද? හොරාට ඉස්සෙල්ල කෙහෙල්කැන වැට පනිනව කියලා ගොන් ජවිපෙ වහල් මීහරක් සහ කාලකණ්ණි අව-මංගලගේ සක්කිළි මඩපණුවෝ මේක ගැන ගහන බයිලා සහ වැල් වටාරම් ගොතපුවා ද?

    ReplyDelete
  7. ටික දවසකට කලින් "මේ කොරෝනා රෝගය දෙවෙනි රැල්ල එද්දි මේ ආණ්ඩුව ජනතාවට මොනවද කරලා තියෙන්නේ? වෙන්ටිලේටර්ස් (Ventilators) 200 යි ගෙනත් තියෙන්නෙ. ඒකත් ඇමරිකාවෙන් නිකං ලැබුනු ආධාරයක් "
    - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස-

    මේ කතාව අහපුවාම මේ ආණ්ඩුව පත්කරගන්න දීපු චන්දය ගැන ලැජ්ජාවක් දැනුනාද? ඒ නිසාම මේ කතාව ගැන හොයලා බලන්න හිතුනා.

    මොකක්ද මේ වෙන්ටිලේටරයක් (Ventilator) කියන්නෙ..?

    සරලව තේරෙන භාෂාවෙන් කියනවා නම්.

    "හුස්ම ගන්න අපහසු ස්වසන රෝගීන් සඳහා හුස්ම ගැනීම පහසු කරවීමට උපකාරි වන උපකරණයක්"

    කොරෝනා කියන්නෙ ස්වසන පද්ධතියට දැඩිව බලපෑමක් ඇති කරන දරුණු රෝගයක්. ඉතිං මේ වසංගතයට මුහුණ දෙන්න අපි ලඟ තියෙන්නෙ වෙන්ටිලේටර් 200 ද...?

    මොකක්ද ඇත්ත....?

    * රටතුළ ICU ඇඳන් 650 ක් තියෙනවා.

    * ඊට අමතරව එහා මෙහා ගෙන යා හැකි වෙන්ටිලේටර් (Transportable Ventilators) 800 ක් තියෙනවා.

    * ගිලන් රථවල වෙන්ටිලේටර් 450 ක් තියෙනවා.

    * පසුගිය මාසයේ පමනක් නව වෙන්ට්ලේටර් 200 ක් රෝහල් 123 කට බෙදා දීලා තියෙනවා.

    විපක්ෂනායක තුමා මින් කොටසක් පමනක් උළුප්පලා අරගෙන රහකරලා තළුමරලා කියලා ජනතාව නොමග යවනවා.

    ඇත්තටම ජනවාරි මාසයේ ඉදන් මේ මාස 10ට කොරෝනා ආසාධිතයන්ගෙ සෞඛ්‍යය වෙනුවෙන් ආණ්ඩුව මොනවාද කරලා තියෙන්නේ...?

    �� ජනවාරි මාසය වන විට...

    බෝවන රෝග වසංගත රෝහල් 01 යි..
    අද රෝහල් 30 යි..

    බෝවන රෝගීන් සඳහා ඇඳන් 150 යි..
    අද ඇඳන් 3,500 යි...

    PCR පරීක්ෂණාගාර 06 යි..
    අද පරීක්ෂණාගාර 24 යි..

    දිනකට PCR පරීක්ෂණ 80 යි..
    අද දිනකට පරීක්ෂණ 10,000 යි..

    මේ විස්තර හොයලා හරිද කියලා කියන්න පුළුවන් නේද මචන් මාතේ?

    ReplyDelete
    Replies
    1. මහින්ද පතිරණ Anonymous ඇවිල්ල හරි මේක දැම්ම එක වටිනවා බං. ආදරෙයි පැලෙන්න

      Delete
  8. ඔකතමයි අපි ඉස්සර වේලාම කිවේ චන්දයක් ඔන නැ ජනාධිපති විතරක් හිටියම ඇති කියල මොකද ඔය කෙහෙල්මල් පාර්ලිමේන්තුව නැති කාලේ ජනාධිපතිට ඔන විදියට තින්දු තිරන අරගෙන වැඩේ කරගෙන ගියා දැන් එහෙම කරන්න බැ මොකද මිහරක් රැලක් පත් කරලනෙ තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. හම්මට, මුගේ කතාව.
      අයිෂේ තමුසේ පැහෙන්නේ නැතුව ඉන්නවා.
      ස' මල් හතට වැඩේ ගෙනියාවී.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න