.

.

Jun 10, 2021

සරමේ දේශපාලනය

 


මාතලන් අර අර්ජුණ සරම කල්ට් එකක් කරපු කාළේ බෙයාර් ෆුට් සරමක් අරගෙන දෙපාරක් තුන් පාරක් ඇන්දා මිසක්, පොඩි කාළේ ඉඳන් සරම් අඳින්නෙ නෑ. නිදාගන්න වෙලාවටවත් අඳින්නේ නෑ. මට නම් පහසුම ෂෝට. සෑට බෙයාර් බොඩි ටොප් ටු බොටම්. නොවේ එවන් වින්දනයක් ලොවේ.


ඝෝඨා ස ඉඳ හිට සරම ඇන්දත් සාඨකේ දාන්නේ නෑ. නාමල් නම් අප්පච්ච්චි වගේ සරම ගහලා සාටකෙත් දාල එනවා. සැන් තෝමස් ගිය නාමල් ඇයි සරමෙ බහින්නේ. යුද හමුදාපති කෙනෙක් වෙච්චි සරත් ෆොන්සේකා මහත්තයා ඇයි සරමෙ බහින්නේ. රෝයල් ගිහින්, ලන්ඩන් ගිහින්, බැරිස්ටර් වෙලා ආපූ කොළඹ හතේ යැංකි ඩිකී, ජේ ආර් උන්නැහේ ඇයි සරමෙ බැස්සෙ.


ඒක තනිකර රංගනයක්. හැබයි පොලිටික්ස් කරනවා නම් සරමට බහිනෙක හොදයි. අපි ජේ ආර් ගනිමු, 


ජෙ ආර් ටයි කෝට් ඇන්දේ සෑහෙන කාළයක්. සිංහල හරියට කතා කරන්නත් බෑ. බන්ඩට තිබ්බ සිංහල පෙනුමවත් නෑ. (ලාංකිය දේශපාලනයට සරම ගේන්නේ බණ්ඩාරනායක උන්නැහේය) හැබයි නායකත්වයට එන්න පුලුවන් බව පේනකොට මෑන් බහිනවා සරමට. සාමාන්‍ය පන්තියේ එජාපේ  මිනිහට උනත් ජේ ආර් උන්ගෙ පොරක් වෙනවා. ජේ ආර් සරමට බැස්සා කියලා එයාගේ පන්තියේ අය ජේ ආර් අත අරින්නේ නෑ. උන් දන්නවා මේ විකට ඇඳුමක් ඇඳගෙන උන්නට පොර අපේ ක්ලාස් එකේ කියලා.


ඉතින් පොර රෝයල් තෝමියන් මැච් එකට එන්නෙත් නැෂනල් එකෙන්. අනාගතේ නාමලුත් එයි. රනිල්ට කවදාවත් රටේ නායකයා වෙන්න බැරි වෙච්චි එක හේතුවක් සරමට බැස්සේ නැති එක. මොලේ තිබුන එකෙක් නම් අඩු ගානේ 2013 දිවත්, රවී කරුණානායක වගේ සරමට බැහැලා ආවා නම්, 2015 ජනාධිපති වෙන්නේ සරොන් ඇන්ද සිරා නෙමෙයි. සරමෙ බැහැපු රනිල්. එහෙනම් සජිත්ටත් රනිල් එක්ක නායක කමට ගේම ඉල්ලන්න වෙන්නේ පියානෝ වගේ සරමට බැහැලා.


2015 බටහිර බලවේගයි මෙහේ සිවිල් පොරවලුයි හෙව්වේ පොදු අපේක්ෂයෙක් නෙමේ, පඹයෙක් උනත් අවුලක් නැති සරමක්. ඒකයි මම කියන්නේ උනුත් බයියෝ කියලා. මේවා ඉතින් සජිත්ලට අනුරාධපුරේ මෑණියෝ ගාවට ගියත් කියන්නේ නැති අනාවැකි. 2025 ජනාධිපති සටනට එනවා නම් දැන්ම ඉඳලා සරමට බැසීම ඇඟට ගුණයි. නැත්නම් කොහොමත් සරමේ බැහැලා ඉන්න උස හාදයා, රනිල්ලා, මංගලලා, සමන්තා පවර්ලා එක්ක එකතු වෙලා, පොද්දා කරනවට මෙන්න කැට.


දැන් මේ පින්තූරේ ඉන්න රත්තරන් ගමු. රත්තරන් ඇයි ෂෝටක් නොගහා සරම කැහැපොට ගහගෙන යන්නේ. ඔහොම ගිහින් මක්කවත් බෙදුවේ නැති උනත්, මාමේ නැන්දේ, අයියේ අක්කේ, පුතේ දුවේ, නංගියේ මල්ලියෙ කියලා ආවම ගමේ උන්ට ඉතින් මහින්ද මහත්තයා ආවා වගේ තමා. ෂෝට ගහලා ගියා නම් අරුන්ගේ කෙනෙක් වෙන්නේ නෑ. නිකන් බනානා සුජී ආවා වගේ වෙනවා. පොරටත් ඇපත් නැති උනේ ඒකනේ. රත්තරන් උනත් ෂෝට ගහලා ගියාන්ව්ම් ගමේ කෙනෙක් වෙන්නේ නෑ. උන්ගෙම එකෙක් වෙන්නේ නෑ. ඉතින් සරම් ඇඳපු ලොකු පවුල්වල අලි වංශයෙන් හිටපු සෙල්ලක්කාර මෙලෝ රහක් නැති වෙල්ගමලා කැපිලා, රත්තරන්ලා ඒ පැත්තේ යුව රජ්ජුරුවෝ වෙනවා.


හැබයි මේ දේ තේරුම් නොගත්ත 3% අලුකුත්තේරුවන්ගෙ මහ එකෙක් කවදාවත් සරමක් ඇඳගෙන ඉන්නවා දැකලා තියෙනවද? නෑ නේද? ඒ මොකද කියලා දන්නවද? ඒ තමයි කැම්පස් ගියපු උන්ටත් තියෙන ගං කබර මානසිකත්වය. උන්ට ටයි කෝට් අඳින්නත් බෑ. ඒකට ආස උනාට බයයි. කලිසම ගහලා කුඹුරු හාන්නේ ගඩොල් බාන්නේ. අඩෝ අපි මේවා කලාට උඹලා වගේ මෝඩයො නෙමෙයි, හොඳ උගත් මහත්තුරු කියලා පෙන්නන්න. 


ඉතින් මෙලෝ අල බෝලයක් නොදන්න ගම්වල ඉන්න රුපියල් හත් අටසීයේ කලසන් අඳින සෙට්ටෙකකුයි, කැම්පස් එන උගත් නමුත් බුද්ධියක් නැති මුන්ගෙම මානසිකත්වයට ගැලපෙන පිරිසක් හැමදාම සෙට් වෙනවා. නමුත් උන් කසාදයක් බැන්දයින් පස්සෙ මුන්ගේ රංගනේ තේරුම් ගන්නවා. 


උන් ගමට ගියත් පස් දෙනෙකුට කතා කරන්නෙත් මීටිමක් තියලා. ඒ කරලා හයිඩ් පාක් එකේ දෙන ටෝක එතනත් දෙනවා. බල්ලෝ බය වෙලා දුවනවා. උන්ට ඇර ලංකාවටම බනිනවා. ජනතාව අමු මෝඩයෝ කියනවා. අපිට ඕන බලය නෙමේ කියනවා.


ඒ කරලා ෂවේන්ද්‍ර සිල්වා ආවා වගේ බවුන්සර්ලා දෙන්නෙක්ගේ ගාඩ් එකෙන් ගිහින් කැබ් එකේ හයිවේ එකේ කොළඹ එනවා. ආපු උන් දෙන්නා තුන් දෙනා ගෙදර යන ගමන් කල්පනා කරනවා... යකෝ මුන් අපිටත් බැන්නා නේ. මුන්ට චන්දෙ දීලා අපි මෝඩයෝ වෙනවට වඩා අර අපේ එකා වගේ හොයලා බලන රත්තරන් පුතාට දීලා දානවා යකෝ කියලා.


ඉතින් සරම ගහල ගමේ උන් එක්ක ඉන්න රත්තරන්ලා උඩින්ම දියවන්නාවට එනවා. ඒ විතරක් නෙමේ මනාප හොන්ඩර ගනන් ගේන රත්තරන්ලට කැබිනට් ඇමති කම් දෙන්නත් වෙනවා. උන් මහාචාර්‍යලාට වඩා වැඩත් කරනවා. 


මාතර පැත්ත පලාතේ නොගිය හඳුන්නෙත්ති, චන්දෙට විතරක් මාතර ගිහින් ඇපත් නැති උනා කියලා අපිට බනිනවා. පුලුවන් නම් ඔය හඳුන්නෙත්තිට  කියපන් ආසන සංවිධායෝ සෙට්ටෙකේ නම් ටික කියන්න කියලා. ඔට්ටුයි බෑ.


හැබයි ඉතින් ඒ කියලා වමේ උන්ට දැන් සරමට බහින්න බෑ.  දැන් ටූ ලේට්. මොකෝ රනිල්ගේ ගෝලයෝ කියලා, සරම් නෙමේ, ජොකත් නැතිව ඉන්නේ. දැන් එයාලට විශේෂිත අනන්‍යතාවයක් නෑ. අනන්‍යතාවය තමා තුන (3). %3 යි, ආසන 3 යි. දැන් එයාලා නැව් ගන්න සෙට් වෙන්නේ. හැබයි සෙට්ටෙක ඒ බිස්නස් එකට බැස්ස දාට තමයි, ජෙප්පන්ට කෙලින්න ඉන්න නිස්සංක සේනාධිපති ලොක්කට කෙලවෙන්නේ.


සරමේ වගත් එසේය....


.

21 comments:

  1. I don't think 'Sarama' is Ranil's problem, he is born with 'foot in the mouth' disease, remember bracelet, WiFi, Victoria's secret Jangee?

    What you said about Pa-Cha is spot-on.(Aba saranai)Wijebahu

    ReplyDelete
  2. මාතා,

    උඹත් දකින්න ඇති නේද අර "විදේශයන්ගෙන් කාබනික පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබීම ඔස්සේ එය ක්රියාවට නැංවීම තුළින් අපගේ පාංශු පද්ධතියට අහිතකර ක්ෂුද්ර ජීවීන් ට්‍රිලියන ගනනක් සහ ආක්රමණික ශාක බිලියන ගණන් අප රටට පිවිසීම ඔස්සේ කොරෝනා වසංගතයටත් වඩා සිය දහස් ගුණයක් දරුණු විපත්ති ආපදා මෙරටින් මතු වීම කෙසේ වත් වැලැක්විය නොහැකි" බව පවසන අර තිස්ස ජනනායක කියන ටියුෂන් පචයාගේ රට බයිලා සුරංගනා කථා? හැබෑටම ඌ මොකක්දෝ ගමනක් යන්ට සෙට්වෙනවා. ඌට දැන් ටියුෂන් ක්ලාස් කරලා සුරාකාපු සල්ලි තියෙනවා. දැන් ඕනෑ බලය. ලබනසැරේ ඌත් ඔය දේශපාලන පෝස්ටර් වල බිත්තිවල එහෙම එල්ලිලා ඉන්නවා දකින්ට පුළුවන් වේවි. මේ ගැනත් පෝස්ට් එකක් දාපිය.

    ReplyDelete
  3. මෙහෙමයි,

    සරම් දේශපාලනය සහ වාණිජ මට්ටමේ ව්‍යාපාර කටයුතු, මාකටින් වලට තියෙන වැදගත්කම වගේ දේවල් ගැන තවත් පුළුල් ලෙස කතා කරන්න පුළුවන් මාතලන්, සරම දකුණු ඉන්දියාවේ වගේම අග්නිදිග ආසියාවෙත් ජනප්‍රිය ඇඳුමක්. ඊට අමතරව අප්‍රිකාවේ ජනතාවත් සරම අඳිනවා. මේ සරම ඇතැම් රට/ප්‍රදේශවලදි ලුංගි විදිහට හැඳින්වෙනවා. ලංකාවේ මුස්ලිම්වරු අඳින කොටු කොටු ජාතියේ සරම් කේරළයේ වගේම ඉන්දුනීසියාවේ දිවයින් වල ජනතාවත් අඳිනවා. සරම්/ සරොං කියන වචනයත් ඉන්දුනීසියාවේ ජාවා බාසාවෙන් බිඳී ආපු වචනයක්.

    ලංකාවේ බොහෝ දෙනෙක් අලුත් අවුරුද්ද කාලේ සරම් අඳින්න පෙළඹෙන නමුත් දැන් ලංකාවේ සරම් භාවිතය ඉතාමත් අඩු වෙලා තියෙන්නේ නේද බන්?

    මල්ටි පර්පස් බහුකාර්ය ඇඳුමක් වෙන සරම කියන්නේ ඇඳුමක් වගේම ඒක බෙඩ්ශීට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. සරම නමලා කරලා අමුඩය ගහගෙන ගහකට නඟින්නත් පුළුවන්. දෙමළ චිත්‍රපට වල පෙන්වන විදිහට වලියකට වගේ සෙට් වෙනවා නම් සරම කැහැපට ගහගත්තාම ඕනි වලියකට දුවන්න, පනින්න හැකියාව ලැබෙනවා. වත්මන් අගමැති, රෝහිත වගේ ලංකාවේ පොදු ජනතාව අතර ජනප්‍රිය ගොඩක් දේශපාලුවෝ ඔය වැඩේට සෙට්.

    ඒ වගේම කලකට කලින් නම් සරම් දෙකක් ඇඳලා උඩ ඇඳුම විදිහට පාවිච්චි කරපු අයත් හිටියා. අසූව අනූව දශකවල ජනප්‍රියම නාට්‍යයක් වූ කෝපි කඩේ කුරුං ගුරුං එහෙම සරම් දෙකක් ඇඳලා එකක් උඩට ඇන්ද චරිතයක්.

    ලංකාවටත් එන ටුවරිස්ට්ලාට මේක අඳින එක තමයි ඉතින් අමාරු. ඒ වගේම සරම ඇන්දාම සාක්කු නැති එක කේස් එකක් විදිහට ගත්ත නිර්මාණකරුවන් දැන් සරමට පොකට් එකකුත් එකතු කරලා අලුත් ජාතියේ සරම් නිපදවලා තියෙනවා. ඒ වගේම සරම අඳින්න තියෙන අපහසුතාවය අවබෝධ කරගත් ඔවුන් සරම අඳින්න පුළුවන් විදිහට ලේසි කරලා තියෙනවා. ඒත් ඒ මොක ආවත් තාමත් පැරණි විදිහට සරම අඳින අය සුල​භයි. ලංකාවට සරම් බොහෝවිට ඉන්දියාවෙන් එනවා. ඒ වගේම කලක පටන් ලංකාවේ සරම් බතික් කිරීමේ කලාව ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ඉන්දියානු සරම් රුපියල් දෙතුන් සීයේ ඉඳන් රුපියල් දෙතුන්දාහ දක්වා පරාසයක පැතිරිලා තියෙනවා. දැන් මුද්‍රණ ක්‍රම දියුණු නිසා අලුතින් මෝස්තර සහ වෛවර්ණ අද වෙද්දි සරමට එකතු වෙලා.

    ReplyDelete
    Replies
    1. කලින් ඇඳලා නැති විදේශීය සංචාරකයින් වගේ අයට තියෙන ලොකුම අවුල සරම අඳින විදිහ සහ නොගැලවී ඇඳන් ඉන්න විදිහ. ඊට අමතරව සරමට කලිසමට වගේ පොකට් එකක් නැති එකත් ප්‍රශ්​නයක්. ඒ වගේම සරම හිර කරගැනීම, ඒක ඇඳගෙන දිවීම වගේ සාමාන්‍ය සරම් ගැටළු කිහිපයක්ම ඔවුන්ට එනවා. සරම ඇන්දාම බුරිය හරියට සෙට් වෙන සරම් ගැටේ අස්සේ ඉස්සර අපේ මුත්තලා බුලත් මඩිස්සලේ (පෛය) , සල්ලි පොට්ටනිය ගහගෙන ගියා. පස්සේ කාලෙක ආවා සරමට බඳින අඟල් දෙකක් විතර මහත බෙල්ට් එකක්. ඒ බෙල්ට් එකේ තිබුණා පොඩි පොකට් එකක්. ඒ කාලේ සරම් ඇඳපු සීයලා ඒ පොකට් එකේ සල්ලි දාගත්තා. දැන් නවීන ලෝකයෙත් ඒ වගේ ඉණ වටේ බඳින පටි ආදිය තියෙනවා ෆෝන් එකක්, පර්ස් එකක් දාගන්න පුළුවන් ලොකු ඉඩක් තියෙන. සරම ඇඳලා එයින් එකක් දාගත්තා නම් පොකට් ප්‍රශ්නය ශේප් වෙනවා.

      සරමේ පීමේල් වර්​ෂන් එක ෆීමේල් ලුංගි ලංකාවේ ඒ තරම්ම ජනප්‍රිය නැහැ. අවුරුදු කාලෙට සහ මැදිවියේ කාන්තාවන් උත්සව වලට මේ වැනි ලුංගි අඳිනවා. ඒත් ම්යන්මාර් වල ලුංගිය ජනප්‍රිය තවමත් කාන්තාවන් අඳින වස්ත්‍රයක්. ම්යන්මාර් ලුංගි සහ පිරිමි සරම ස්වරූපයෙන් දිග පළලින් එක වගේ වුණාට ඒක අඳින විදිහ වෙනස් වෙනවා. පිරිමින්ට වගේ දුව පැනලා කෙලි කරන්න අමාරුයි ඒ මියන්මාර ක්‍රමයට කතුන් ලුංගිය ඇන්දාම. මියන්මාරයේ ලුංගි දැන් නම් අඳින්න පහසු විදිහට පටි ඇතුළත් කරලා එනවා. ඒ වගේම ඒ බර්මීස් ලුංගි විවිධ හැඩයෙන්, වර්ණයෙන් ස​හ මෝස්තර වලින් මිලදී ගන්නත් ඒ රටේදි පුළුවන්.

      එක්සත් ජනපදයේ (යූ එස් ඒ) මේ සරොම් කියන වදන වෙනත් ඇඳුමක් වන ෂෝට් සරොන් (කාන්තාවන් මුහුදේ, ඇලේ දොලේ නාන්න යද්දි එක්සත් ජනපදයේ (ඇමරිකාවෙ)දි බිකිනි කියන බොහොම කෙටි ඇඳුම අඳිනවා. ඒ බිකිනිය පිටින් හැම තැනම යන එක ටිකක් අවුල් වගේ නිසා ඔවුන් ඒක උඩින් දුහුල් සළුවක් අඳිනවා ලස්සන වෙන්න ඉණට. මෙන්න මේ සළුවත් ශෝට් සරොන් කියලා දැක්වෙනවා. මේ ශෝට් සරොන් ඇමසන් එකේ ඩොලර් 17 සිට විකුණන්න තියෙනවා. රුපියල් 3,400 වගේ ඉතාමත් අඩු මුදලක සිට රුපියල් දොළොස්දාහ පහළොස් දාහක් විතර ලාවට ටිකක් වැඩි ගණනක් වෙන ඒවත් තියෙනවා මේවා නිකම් ඇඳලා විසි කරල දාන්න තියෙන්නේ.

      Delete
    2. උඹත් බාලි, ජකර්තා ලොම්බොක්, උබුද් එහෙම ගියපු වෙලාවට දකින්න ඇති නේද අර ඉන්දුනීසියාවේ ඇතැම් කලාප වල සරම රෝල් කරලා එය නන්චාකු ආකාරයෙන් සටන් කරන්නත් පාවිච්චි කරන හැටි? සිලාත්, පෙංචක් සිලාත්, කුංතාඕ, බක්ති නෙගාරා වගේ සටන් ක්‍රම වලට සරම යොදා ගන්නවා.

      කොහොම හරි මේ වෙනකොට ආසියානු රටවල පවා දැන් දැන් සරම ටිකක් ඈත් වෙලා ඒ තැන ෂෝට්, කලිසම් වලට ලැබෙමින් යනවා. සරම ඝර්ම කලාපීය රටවල ලෙහෙසි පහසු වාතාශ්‍රය හොඳින් ලැබෙන කදිම ඇඳුමක් වුණත් සරම ඇන්දම අපේ ඇවිදීම්, දුව පැනීම් ටිකක් අමාරු වෙනවා. ඇරත් සරම දේශපාලනයේදී පාවිච්චි වුණාට ව්‍යාපාරික වාණිජ ලෝකයේදි තාමත් යුරෝපීය සහ ඇමරිකානු පැට්න්වල ටයි කෝට්කාරයින්ට තැන ලැබෙනවා වැඩියි. ඒ වගේම මම දැකපු හැටියට නම් ඉස්සර වගේ නෙවෙයි ලංකාවේ පාසල්, විශ්වවිද්‍යාල ආදියෙත් දැන් සරම් අඳින ආචාර්යවරුත් නැතිම තරම් නේද?

      බොට මතක ඇති කාලයක් සිංහල චිත්‍රපටි වල සරාගී ජවනිකාවල එක් අංගයක් විදිහට බිමට දාපු සරම හෝ පොඩිවෙන සරම පෙන්නුවා. අද වෙද්දි සරම පාවිච්චිය අඩු නිසා ඒ අවස්ථා නිරූපණත් වෙනස් වෙලා. දැන් නම් ඉතින් අමුවෙන් පෙන්වන කාලයක් නේ. කාලය එක්ක සරම ටිකක් සමාජයෙන් ඈත්වී ගියත් ඇඳල පුරුදු අයට නම් සරම තරම් සැහැල්ලු කදිම ඇඳුමක් තව කොහෙවත් නැහැ. මමත් ලංකාවෙන් අරගෙන ආපු උසස් තත්වයේ කොටන් සරම් සෙට් එකෙන් එකක් අරගෙන තමයි තාමත් රෑට නිදාගන්න යද්දී අඳින්නේ. මට පිජාමා සූට් වලට වඩා මේක පොඩි කාලේ ඉඳන්ම හොඳින් සෙට් වෙලා තියෙන්නෙ. හැබැයි අපේ කුඩා ළමයින්ට නම් සරම් එච්චර හුරු නෑ. වෙන එකකුත් නැති වෙයි කියලා මට හිතෙනවා. බලමු බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඉතින්.

      Delete
  4. සරම තියෙද්දී පුකේ ඇරපු කොල්ලෝ මල්ලි අපි. ලංකට් පැලෙන්ඩ දුන්නා.

    ReplyDelete
  5. හොඳ විමසුමකි මාතා කරලා ඇත්තේ
    සේරම එහෙයි කියලා පිළිගන්නැත්තේ
    එනමුත් මෙහෙම දේ විමසුම් කළ යුත්තේ
    මේවායින්ය, ගනිතොත් වැඩ ගත යුත්තේ

    ReplyDelete
  6. මාතලන්,

    මේ නිව්ස් එක දැක්කද?

    //පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී SUV රථ ආනයනය කිරීමේ letter of credit (LC documents) අත්හිටුවා ඇති බව රාජ්‍ය බැංකු ආරංචි මාර්ග සනාථ කරයි..

    ජීප් රථ (SUV) ආනයනය සමඟ ඉදිරියට නොයෑමට සහ ගිලන් රථ ඇතුළු අනෙකුත් ආනයන සිදු කිරීමට ගැනුම්කරු සහ විකුණුම්කරු එකඟ වී ඇති බවද වාර්තා වේ.

    - Daily FT//

    මේක ඇත්ත ද?

    ReplyDelete
  7. සරමේ කතාව හරියටම හරි ඇනේ ගහන්නේ කොහොමද කියල හරියටම දන්නව රාජපක්ශල
    බයියා කියන නමත් නිකම් හැදුන ඒකක් නෙවේවේ ලංකාවේ 60% පමන වෙන අවිදිමිත් ආර්ථියේන යැපෙන
    ත්‍රිවිල් කාරයේ බස්කොන්දොස්තරල පොලි කාරයෝ සීසර්ලා කොන්ත්‍රාත් ‌ගෝලයෝ අඩුඅධ්‍යාපන ලාභින් රාජපක්ශවාදින් වෙන්නේ කොහොමද
    උඹ ඒහෙම නෑ කියනවද ? සිංහල ජාතිකත්වය ....!

    සිරාගේ කතාව ගැන නම් මට කියන්නෙ තියෙන්නේ උ‌ඹේ ඔය පොලොස්කොට්ටෝරු සෙන්පතිට වඩා සිරා (සිරා) බව දැන් රටම තේරුම් ගනිමින් සිටින බවයි

    ReplyDelete
    Replies
    1. 😫😫😫😫😫😫😫😫😫

      Delete
    2. ඉයන්,

      ඒ කාලේ ජේ ආර් ජයවර්ධනත් ලංකාව සිංගප්පූරුවක් කිරීම සඳහා වැඩ කලා. අන්තිමට නැති යුද්ධයක් ඇති කරලා දකුණේ කැරැල්ලක් හදලා තිබුණාටත් වඩා වල පල්ලට දාල ෂේප් එකේ මාරු උනා.

      ඊට පස්සෙ සිරා රනිල් සහ මංගල ඇතුළු විශාල පිරිසක් රාජකීය ආදි සිසුන් සමග උඹලා අවුරුදු පහක් කරානෙ නියමෙටම... ඒක තමයි ඉතින් මුන් තුනෙන් දෙකක් අරගෙන ආවේ.

      සිරා සිරාවට කරපු හැටි මේ තියෙන්නේ ඉයන්,

      මේ බලපිය;

      https://youtu.be/putcPclE8mo

      කෝමද මේක;

      https://youtu.be/nBlukrMCVlM

      ඇත්තටම ඉයං උඹ වගේ මීහරක් තාමත් ඉන්නවා නේද? ලැජජයි.

      Delete
    3. @ Ano - උඹ මෙතන විඩියෝවල ගෝඨයෙක් (ගෝතයා කිවුවේ ඉස්සර) වගේ දාල තියෙන්නේ
      මිනිහෙක්ගේ පුද්ගලික අඩුපාඩු දිවපැටලීම කවිකීම හා බෙර ගැසීමට යාම වැනි සිරිසේන ජනපති විසින් කල සිය නිලයට නුසුදූසු පුද්ගල බද්ධ කාරණාය මේ අතින් උඹ කො‌ෙහොමත් පට්ට ගෝඨයෙක් බව පෙනේ
      රනිල් වගේ තකතීරුවෙක් මැදිහත් නොවන්න අද රාජපක්ශලාට සිදුවන්‌නේ අමුඩගහගෙන මැදමුදුල කුඹුරු කොටන්ටය. කෙසේ නමුත් අපි ඉදිරි වර්ශ තුනත් බලමු

      සිරිසේනට වඩා පොරක් අය ජනපති වන්නේ නැත///
      ඉන්න උන්දෑ සිරිසේන වගේ (පඹයකුවත්) තරමට සමකිරිමට තරම් තාම වටින්නේ නැත

      Delete
    4. @ Ano 11.52 PM,

      අඩෝ තෝ දන්නවද එකෝමත් එක රටක උන්න රාජ උස්නේ ගහපු පිටිසර ගම්බාර පවුලකින් ඇවිත් රටේ බලේ අල්ලපු එකාධිපතියෙක් එලවා, යහපාලනයක් නමැති අමුතුම ආතල් එකක් ගෙන එනවා යැයි කියා හොටු පෙරාගෙන අනුන්ගේ ඡන්ද වලින් රජ වූ හද්දා පිටිසර අට වත් පාස් නැති පොල් බූරු මීහරක් ගමයෙක්, පවුල් පිටින් දිවිය ලෝකේ ගිහින් ඇතැයි වාර්තා වෙලා තියෙන්නේ.

      මේ ගමනට පවුලේ උන්ට අමතරව ගමයාගේ වතු පිටි වල උන් පිං ගොන්නූද සමඟ බැටෑලියන් එක 120 ක් පමණ සහභාගී වී ඇත. සියළු විය හියදම ගමයා විසින් දරනාතර, ගමයා ගම හාමිනේට කියා ඇත්තේ පන පිටින් දිවිය ලෝකේ යන්න චෑන්ස් ආයේත් දිවි ඇති තෙක් හමු නොවනා බැවින්, කර ගත යුතු යමක් දැන්ම කර ගත යුතු බවය.

      මීට අමතරව ගමයා රටේ පාලකයා බවට පත් කළ ටයි කෝට් පැලඳ සිටි ඉංගිරිසි ටිකක් පමණක් පුළුවන් වූ දෙකයි පණහේ පීචං මුග්ධ ගෝතයෙක් වූ රා නීල උන්නැහේටද මූ කෑ පතේ පහරා කෙළවලා දැම්මා. එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් දිනා පසුව රා නීල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටි නූතන ජුදාස් හෙවත් තුට්ටු දේකේ පඹයාධිපති නිසා රටටම කෙළ වී මරාගේ මිනී මෝර මලයා රජ විය. දැන් රට කබලෙන් ලිපට වැටී ඇත. මීට පිළියම කුමක්ද? මිනී මෝර නන්දසේන එලවා අප පත් කර ගත යුත්තේ කවුද? උඹම කියපන් බලන්න.

      Delete
    5. @ ANO - ඔය ලබ්බමනේ කිය කිය ඉන්නේ කාටද චන්දෙ ‌දෙන්නේ
      චන්දේ දෙන්නේ කිය කිය . උඹ වගේ බහුතරයක් මෝඩයෝ හොයන්නේ ‌ලොකු බඩක් තියෙනවද
      උඩු රැවුලක් තියෙනද සුදු පුකක් තියෙනවද ව‌ගේ කාරණානේ . ඒහෙම ඒකේක අහල පහලක නැ පේන්නවත් නෑ කියලනේ කියන්නේ ‌.කොහොමත් ඒහෙම්ම තමා. බයියො චන්දෙ දෙන්නේ ශරීර ලක්ශන වලින් පේන දේව රුපයකට .(මහින්දගේ අත රත්තරන් පාටයි මුන දිලිසෙනවා පුකෙන් රුස් ‌විහිදෙනා වගේ කතා බයියෙක් බයිටට අල්ලගත්තම අහගත්ත හැකි ). අර රෙස්ලින් ගහන අන්ඩටේකර් වගේ මොලේ පුකට බැහැපු ගෝතයෙක් උඩු රැවුල් වවං සාටකයක් කරේ දාන් ආවත් මුං චන්දෙ දෙනවා මේකට නමි මොකතු වැරැද්දක් කියන්න බැ.

      Delete
  8. "බෛයෙක් වගේ සිතමු" කථා මාලාව ඔබවෙත ගෙන එන්නේ මාතලන් විසිනි.

    ReplyDelete
  9. ලෝකයේ අසංවරම ජාතිය...!!
    පොඩි වුනුත් එහෙමයි..!!
    ඉපදෙනකොටම
    වෛරය....!!!
    ලෝකයේ අසංවරම ජාතිය...!!!

    ReplyDelete
  10. මාතලන් මේකේ කොමෙන්ට් කොටන ඇනෝලාගේ කොමෙන්ටු කියවනවිට මට සිතෙන්නේ මේ බියගුල්ලන් අමුම අමු ගොන්ම ගොන් බයියන් බවය. සැබෑ නමින් පෙනී සිටින්නට ශක්තියක් නොමැති එකාට මාතලන් තේරෙන සිංහලෙන් කියන සැබෑ තත්වය පිළිබඳ නිවැරදි නිරීක්ෂණ තේරුම් නොයාම පුදුමයට කරුණකුත් නොවේ. එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් දිනා රනිල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටි නූතන ජුදාස් හෙවත් තුට්ටු දේකේ පඹයාධිපති නිසා පසුගිය යහපාලන රජය විනාශ වී ගිය අතරම හොරු නලවමින් සර්පයන්ට කිරි පොවමින් අවුරුදු හතරක් විතර අපතේ යැවූ රනිල්ට ලබන පාර ඒ සෙල්ලම කරන්නට නොහැකිය. මේ රටට යමක් කරන්නට,වැසියනට ප්‍රයෝජනවත් දෙයක් දෙන්නට ඔහුට තව ඇත්තේ අවුරුදු කීපයක් තරම් ඉතාමත් කෙටි කාලයකි.

    බලු පාදඩ රාජපක්ෂ දුෂිතයන් හැත්ත බුරුත්ත පිටින් පලවා හැර, වැදගත් ද්‍රවිඩ, මුස්ලිම් සහ ජේවීපී වැනි පිරිසිදු රටට හිතැති පක්ෂ හා එකතුවී සුපිරි කැබිනට් මණ්ඩලයක් පිහිටුවා රට හදන්නට කටයුතු කරනවා හැරෙන්නට මේවන විට ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම සිටින ඉහළම බුද්ධියෙන් යුතු විශිශ්ටතම බුද්ධිමතා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන විකල්පයක් ඇත්තේ නැත.

    ජාතික ජන බලවේගයේ ජේවීපී නායකයන් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත නම් ඔවුන් දැන් කරනවාට වඩා අති විශාල වූ සේවයක් රනිල් වික්‍රමසිංහ මහතා හා එකතුව රට වෙනුවෙන් කළ හැකි බවය. ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වල ඉන්නා ප්‍රවීණ බුද්ධිමතුන් (සම්බන්ධන්, විග්නේස්වරන්, සිවාජිලිංගම්, විනයාගමූර්ති මුරලිතරන්, සෙල්වම් අඩෛක්කලනාදන්, ජීවන් තොණ්ඩමන්) සිටිය යුත්තේ රාජපක්ෂ ඔඩොක්කුවේ නොව රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ රජයක අමාත්‍ය මණ්ඩලයේයි.

    තමනුත් හැදී, රට හදනවාද යන්න ගැන තීරණය කලහැක්කේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණි. සිරිසේන ගොයියා සමග එක්වී ගමන යන්නට ගොස් කෙළවිලා ගිය බව මුළු රටටම තේරී අවසන්ය. දැන් ඉතින් හොඳින් හෝ නරකින් ගොන් බයියන් ලක්ෂ කිහිපයක්ය බිල්ලට දී හෝ කෙසේ හෝ ඩීකින් සරසවියේ ආචාර්ය උපාධිය සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ තුන් කල් දකින නායකයා මුලු රටටම විධායක ජනපති කර ලමු....!

    2024 දී එකම බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට හැමෝම එන්න. රැකගමු අපි දිනු දේ එන්න...!

    t.a. පොන්නම්පෙරුම,
    අලුත් යෝක් නුවර,
    පණස් එක් ඇංග්ලිකාව,
    ඇමෙරිකන් ඔරුමට්ටු නාඩුව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න