.

.

May 29, 2017

ඟං වතුර ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉන් මාතලන්ස් වේ - Disaster Management in Maathalan's way




වැස්ස වහින එක සිරිසේනටවත්, රනිල්ට තියා මහින්දටවත් නවත්තන්න බැරිය. ඒ වාගේම 2020 ආන්ඩුවක් පිහිටුවන්න සිටිනා රතු තරුව බලකා බලගනයේ නායක අනුර කුමාරයාටත් බැරිය. ඒ තියා නිර්මාල්ට මෙන්ම වෛද්‍ය සංගමයටත් බැරිය. වහින්නේ නැතෙයි කියා හංදියක් ගානේ කන පැලෙන්න පීකර් දාගෙන පිරිත් කියපු නිසා, වැස්ස වලාහක දෙයියන්ට මළ පැනලා, ඉඳා කාලා වරෙන් කියා පුක නැති වෙන්නම දෙන එක දෙනවාය. 

එහෙම පුක නැතිවෙන්න දීලා 100 ක් දෙසීයක් මැරුණායින් පස්සේ සංඛ්‍යා ලේඛන ජනතාවට දීම සඳහා අමාත්තියන්ස හා දෙපාර්තමේන්තු කීපයක්ද පියිටුවලා තියෙනවාය. ඒවා හැඬල් කොරන්න ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සැන්ටර් කියා එකකුත්, මිනිස්ට්‍රියකුත් තියෙනවාය. ඒකේ ඇමතියාත් ඟං වතුරේ ගහගෙන ගොහින්ද කොහේදය. ඉතින් දන්න කියන අය, යා පකෝ යා පකෝ කියා එතුමා සොයනවාය.

May 13, 2017

මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA






බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්‍රික රාජ්‍යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.

May 12, 2017

සිරිසේනගේ අපාය සහායක මිත්‍රයෝ - Friends you should get rid of




එලොවටත් නැති මෙලොවටත් නැති ලෝක මහා බෞද්ධ සම්මේලනයක් කියා එකක් මේ රටේ තිබ්බාම මුළු ලෝකේම ඒ දෙස බලා සිටිනවා කියා කිව්වාට, එහෙම එකක් අපි නම් ඉන්ටර්නැෂනල් වල නිව්ස් වල නම් දැක්කේ නැතිය. කෙසේ වෙතත් විප්ලවයකින් පත්වන ආන්ඩුවකට හැර (ජනවාරි 8 විප්ලව වාගේ ඒවා නම් නොවේ) බුද්ධාගාම හා කහකඩ සිවුරුකාරයින්ගේ සප් එක නැතිව ආන්ඩුවක් ගෙන යන්න බැරි ගානට, දැන් හැම පක්ෂේ එකාම පළතුරු වට්ටියකුත් උස්සගෙන පඩයක් ගියත් දුවන්නේ මහා නායක උන්නාන්සේලා වෙතය. උන් නාන්සේලා ඇවිල්ලා ජනතාවට ආදරේ පිරිසක් නෙමේය. එහෙම උන් නාන්සේලා නම් "සුන්දර නුවර" වායූ දූෂණ නඟරයක් වෙද්දි පාරවල් වසාගෙන ගෙම්බර් දාන්නේ නැතිය.

May 7, 2017

ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.




පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය. 

Apr 28, 2017

සුභ ගමන් විචා....!!! - Good bye Vicha...!!!




ලාග්ගත් ගහගෙන
ඔළුව උඩ කප් බැලන්ස්
ඩාන්ස් එකකුත් එක්ක
ආයෙත් දවසක 
හමු වෙමු විචා

උඹට 
සුබ ගමන්...!!!

Apr 24, 2017

සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs




මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.

Apr 17, 2017

කුණු කන්ද ඉවත් නොකළ යුතුය - Garbage Eating Politicians



කොලොන්නාවේ කුණු කන්ද හෙවත්, මීතොටමුල්ලේ කුණු අසල පංදිචිව හුන්, සංචාරක ක්ෂේශ්ත්‍රයට මෙන්ම වමේ පක්ෂයකට සම්බන්ධ මිතුරෙක්, මේ ආකාරයෙන්ම කුණු කන්ද ගැන ආරෝවක් ඇති උන වෙලේ, මාතලන්ට කතා කළේ, මාතලන්ගේ බ්ලොග් කෙරුවාව ගැනත දැනගෙන උන් නිසාවෙන්මය. එදින පැවති රැස්වීම එකම කාළගෝට්ටියක් වූ අතර, මාතලන් කළේ මිතුරාද කැටුව ඔහුගේ නිවසට ගොස් අනුමත වීමට කටයුතු කිරීමයි. එහිදි සුරයන්ගේ පානයක් වන සුරාව හා ගෝලිප් වලින් සන්තර්පනය වූ මුත්, කිසිම කට ගැස්මක් උගුරෙන් පහළට නොගියේ එහි ඇති දුර්ගන්ධය නිසාමය. 

Apr 12, 2017

අළුත් අවුරුදු, මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා - Sinhala New Year & Catholics of Sri Lanka



විශේෂ - සමාජ මාධ්‍ය ජාලයන් තුල ඉදිරියෙන්ම ඉන්නා අති විශිෂ්ඨ නිරමාණ කරුවකු වන. "සයිබර් වරිගේ උන්ඩියා" ගේ මෙම බුකි සටහන අළුත් අවුරුදු වෙනුවෙන් මා දුටු හොඳම සටහනයි.

සයිබර වරිගෙ උණ්ඩියා ගේ බුකි සටහනකි..

ලාංකික කිතුණු ජනතාව අතරද සිංහල අවුරුද්ද පිළිබඳව යම් විශ්වාස ඇති බව ඔබ දන්නවාද?.....

සාමාන්‍යයෙන් මහ සිකුරාදා හෙවත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීම (දුක්ඛ ප්‍රාප්තිය) සිහි කෙරෙන දිනය සහ ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා යන මේ දිනයන් දෙකට පසුව සිංහල අවුරුදු නැකැත් උදාවන්නේ නම් එම නව වසර සුභ නව වසරක් බවටත්, මෙහි අනෙක් පස සිදුවන්නේ නම් එම නව වසර අසුභ ඵල ගෙනදිය හැකි නව වසරක් ලෙසටත් ඔවුන්ගෙන් සමහර කොටස් විශ්වාස කරන බව මගේ කිතුණු නෑයෝ කියති......

Apr 9, 2017

2020 ඝෝඨා ජනපති - Gota for 2020



මහින්ද රාජපක්ෂ ඉල්ලාගෙනම කෑ මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාන්දුරුවෝ කැඳවාගෙන එන්නට මාර කට්ටක් කෑ "නිර්මාල් දේවසිරි", 2020 අපට කැන්දාගෙන එන්නේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ වෙනුවෙන් "නිර්මාල්" ආරම්බ කර ඇති "2020 ඝෝඨා ජනපති" නොහොත් "Gota for 2020" ව්‍යාපාරය බුකියේ මහත් ආන්දෝලනයක් ඇති කර අවසානය. සෝභීත හාන්දුරුවෝ ගෙන ඒමට එක හෙලාම විරුද්ධ වූ මාතලන්, මේ අවස්ථාවේ නම් පෙනි සිටින්නේ, නිර්මාල්ගේ තේරිම වෙනුවෙනි.

Apr 8, 2017

විමලෙට කිරි, නීතීයේ කැකිරි හා යහපාලනේ ටිං කිරි , Kiri, Kekiri & Tin Kiri




ඇම් ඇස් ප්‍රනාන්දුගේ, "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි... ඇගෙ ගමන බිම්න නාරිලතාවයි..." කියා පට්ට සින්දුවක් තියෙන්නේය.. සාමාන්නියෙන් කැකිරි පලන්නේ ගෑල්ලමයින්ය.. සමහරක් බවලත් උදවියත් කැකිරි පලනවා ඔහේලාත් දැකලා ඇතිය.. විමල් වීරවංශ සහෝදරයාට ඇප ලබා දුන් මෙහෙනින් වහන්සේත්, තීන්දුව දීලා, එයාගේ යාලුවෝ එක්ක සෙට් වෙලා, එදා හැන්දෑවේ වයින් ගලාස් එකක් ගසා කොළඹ හතේ ලොකු නෝනලා ජිප්සීස්ලාගේ සින්දුවේ කැකිරි පලනවා වාගේ, කැකිරි පලන්නට ඇතිය. (නඩු අහන පිරිමි අය නඩුකාර හාන්දුරුවෝ නම්, කාන්තා පර්ෂවය නඩුකාර මෙහෙනින් වහන්සේලා විය යුතුය..)

Apr 3, 2017

එකම ජොකා මාරුකර ඇඳිම හෙවත් සිරිසේනගේ දැඩි තීරණ - Cabinet Reshuffle




බොඩිම් වල ඉන්නා කොල්ලන්ට වතුර ප්‍රශ්ණයක් තියෙන නිසා, එකම ජොකා සතියක් තිස්සේ විවිධාකරයට අඳිනා ක්‍රමයක් තිබේ.. දවස් දෙකක් ජොකා ඇඳිමේ ඉස්ටෑන්ඩ් එක අනුව අඳින ජොකා, ඊළඟ දවස් දෙකේ අඳින්නේ පුක පැත්ත ඉස්සරහට එන ලෙසය. ඊළඟ දවස් දෙක ජොකා අඳින්නේ කනපිට ගසා, ඉදිරිපස ඉදිරියට එන ආකාරයටය. ඊළඟ දවස දෙක, කනපිට ගැසු ජොකාගේ ඉදිරිපස පසුපසට සිටින සේ ඇන්දාම සතියක් නොව, දින අටක්ම එකම ජොකා ඇඳලාය. 

Mar 31, 2017

නෙළුම් යායට නාවේ ඇයි ඔයා - Nelum Yaya Blog Awards



මාතලන් නෙළුම් යායට නාවේ ඇයි කියා, බොහෝ අය එක එක ක්‍රමවලින් අහනවාය. සමහරුන් නාපු එක ගැන දුක් වන අතරේ, සමරක් සතුටු වෙනවාය. මාතලන් හා "අටමා" බ්ලොග් උළෙලක සිටිය යුතුය කියා, මෙවර සම්මාණලාභී තරිඳු උඩුවරගෙදර ලියලා තිබුනේය. මාතලන් නම් කිව්වේ, බ්ලොග්, අටමාගෙවත්, උගේවත්, මගේවත් නොවන නිසා, ඕනා එකෙක් ඕනා බඩකඩිත්තුවක් කොර ගත්තාට, මගේ නම් අවුලක් ඇත්තේ නැත කියාය. අටමා සිතන්නේද එසේම විය යුතුය.

එසේම විය යුතුය කියා කීවේ, මාතලන් මේ ගැන තාම අටමාගෙන් ඒ ගැන නොවිමසු නිසාය. කිසිවක් කොරන්නට වෙලාවක් ඇත්තේ නැතිය. එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව නිසා ඇති කරගත් හිතවතුන් වෙනුවෙන්, මේ ගැන මක්කා හෝ ලියා තැබිය යුතුය කියා සිතුනේය. ඒ හේතුවෙන් මාතලන් අහනා ප්‍රශ්ණ වලට මාතලන්ම පිළිතුරු දෙනවාය..

Mar 25, 2017

වත්මන් සීගිරි ළඳුන්.... - Sigiri Frescoes




ලංකාවේ කලාකෘතිවලින් මාතලන් අමුතු ලොවකට ගෙන යන තැන තමයි, "ගල් විහාරය".. ගල් විහාරේ පිළිමවල තියෙන කළාත්මක බව, වෙන එකම බුදු පිළිමයකවත් ඇත්තේ නෑ.. එයිනුත් අති දුර්ලභ ඉරියව්වක් වන "පරදුඛ්ඛදුඛ්ඛිත මුද්‍රාවෙන්" යුතු බුදු පිළිමය තමයි මාතලන්ට නම්, අගනාම කළා කෘතිය. එයින් පස්සෙ කැමති තැන් අතරේ සීගීරිය විශේෂ තැනක තියෙනවා.