.

.

Jul 29, 2011

මං උඹේ කීකරූ බලු කුක්කා... - I am your obedience doggy


සින්ඩියක් එහෙම දාලා මූගේ ඔලුව නරක් වෙලාද කියල බලයි කෂ්ටිය.. මේක මම කාලේකට ඉස්සෙල්ල ලියපු කවියක් වගේ එකක්.. ඒක මගේ අලුත් බ්ලොග් එකේ දාන්න හදලත්, තවම ඒක එච්චරම පොපියුලර් නැති නිසා.. මේකෙම දැම්ම.. අනෙක් හේතුව ළගඳි ලස්සන බොගක් කියෙව්ව.. ඒකෙත් තිබුන මේ මාතෘකාවටම කවියක් වගේ එකක්.. ඒක ගැන ඔන්න අඹ ගහ යටින් ෆුල් පබ්ලිසිටියක් දීල තියෙනව.. ඒකත් බලල මේකත් කියවල බලන්නකො...

***************

මා එක්කම ඉපදිලා....
මාත් එක්කම මැරෙන්න බාලාන.. (සමහර විට ඌ මට ඉස්සෙල්ල මැරෙන්නත් පුළුවන්.. අනේ දෙවියනේ එහෙම දෙයක් නම් වෙන්න එපෝ....)
බව්වෙක් ඉන්නව මගේ ගාව.... 
මගේ ගාව විතරක් නෙමෙයි.. 
ඔක්කොම පුරුෂ පක්ෂෙ කට්ටිය ළඟ.....


බල්ලො - බැඳලා හදන්න හොඳ නෑ.... 
එතකොට උන් සැරවෙනව.. 
චාන්ස් එකක් ලැබුන ගමන් හපා කනව.. 
යක්කු වගේ......

බල්ලා - කූඩූවේම තියන්න හොඳ නෑ.....
කොර වෙනව..
හුලං වදින්න....
එලියේ ඉන්න....
තමයි බල්ලො කැමති..

බල්ලා - නාවන්න ඕන...
ස්වාම්යා නෑවේ නැතත්..
ගඳයි මේයා නැත්නම්....

බල්ලා - අත ඇරල හදමු.... 
එතකොට....
එතකොට ඌ වල් බල්ල වෙනවා...
දඩාවතේ යනවා....
රැලේ වැටෙනවා....
ලෙඩ හැදෙනවා....
සමහරවිට ..
ඔව්.. සමහරවිට පිස්සු හැදෙන්නත් පුලුවන්...

ඒ උනාට....
ඒ උනාට ඌ සතුටින්..
ස්වාමියත් සතුටින්.. 
රෑට ගෙදර එනව.. 
ඩියුටිය කරන්ව.. 
ඌත් සතුටින්.. හැමෝ සතුටින්..

ඔයාලගේ බව්වා කොයි වගේද...?

20 comments:

  1. හුහ්! එහෙම කියන්න පුළුවන්ද? නියමයි ආ!

    ReplyDelete
  2. හික්.... මරු බං

    ReplyDelete
  3. ටෙලි නාට්‍ය වල තමුසේ කිව්වත් සදාචාරය විනාශ විය හැකි අප ධර්මද්වීපයේ මෙවැනි කවි ලියවීම පිටුපස ඊනීයා අධිරාජ්‍යවාදි බලවේග සිටිනා බව පැහැද්ලිය

    (ඔය කිව්වට පට්ට ඈ...... )

    ReplyDelete
  4. @ විසිතුරු
    බයයි නේ.. ඇත්ත කියන්න...

    ReplyDelete
  5. @ prasanna86k
    කව්ද බව්වද... පෝස්ට් එකද....?

    ReplyDelete
  6. @ සාතන්
    කාගෙයි.. මගෙද.. ඔහේගෙද...?

    ReplyDelete
  7. @ buwa
    හා හා කට කට

    තෑන්ක්ස් බුවා......

    ReplyDelete
  8. @ හිස් අහස
    තෑන්කූ...... අපි කෝමත් සුපිරි තරු පිරි...

    ReplyDelete
  9. මමනම් නමකුත් දාලා තියෙන්නේ.
    ආර්.අයි. පාල

    ReplyDelete
  10. @ තිසර
    ඒ.......... ඒ මොකෑ බන් ආර් අයි කීවේ....????

    ReplyDelete
  11. RI (රයි)නේ..... ඒවා ඉතින් පද පෙරළිනේ...

    ReplyDelete
  12. @ තිසර
    අපිත් එහෙම කිව්වට.. කොච්චර ලස්සනද පෙරළල ගත්තම..

    ReplyDelete
  13. අඩේ . . . මට බවුවෙක් නෑ නෙ . . . .

    ReplyDelete
  14. @ ඕනයා
    මීයෙක්....?

    ReplyDelete
  15. ඕනයගෙ මීයත් මැරිල. ඇයි මූ දවසක් වැරදිල මී පාසනං වගයක් කාලනෙ බීල හතර ගාතෙන් ඇවිත්.

    මේ බව්ව වත්තෙ හතරමායිමෙ ලිහල හදන එක තමයි නියම ක්‍රමේ. දඩාවතේ යාමක් නෑ! මැක්කොත් නෑ, ඌටත් පහසුයි අපිටත් ලේසියි!

    ReplyDelete
  16. @ ඉන්දික උපශාන්ත..
    එහෙමද...? නැත්නම් වෙන ක්‍රමයක්ද...?

    ReplyDelete
  17. අනේ මන්ද කියලත් බෑ නොකියත් බෑ...මගේ බව්වත් ලේ රහ වැටිච්ච එකෙක් ඕ0..

    ReplyDelete
  18. @ කුරුමිනියා
    බලාගෙන බලු වෑන් එක ඇවිත් අල්ලන් යයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න