.

.

Aug 28, 2011

අලි මුදලාලී - Elephant Trader


අලිය කියන්නේ අමුතුම සතෙකි. බැලුවහම ලස්සනය. නමුත් භයානකය. පොඩි කාළේ මහ එවුන් පොඩි එවුන් අලිය පිටේ තියන් ඇවිදිනවාය. සල්ලි තියෙන අය හබරණ ගොස් ඇත්ත අලියා පිටේ යවනවාය. එහෙ සුද්දොත් අලි පිටේ යනවාය. බලන්න ලස්සනය. අලියට අන්දලාය. පෙරහැරේ යන කොටත් අන්දනවාය. ඒ ඇඳගෙන හරි ආඩම්බරෙන් යනවාය. අලින්ට ඇඳුම් මහන්නේ පිලිමතලාවේය. මහත අයට ඇඳුම් මහන්න සමහරු එහේ යන්න කියනවාය. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැතයි කියනවාය. ඒ නිසා කශ්ටිය අලි බලන්න මින්නේරි යනවාය, යාල යනවාය, දෙහිවල යනවාය, පාරේ ගියත් වාහන නවත්වා බලනවාය. දැන් අලියාටද ට්‍රාන්ස්පෝට් ඇත. එහෙම ට්‍රාන්ස්පොට් ෆැසිලිටි දෙන්න ගොස් දල ඇතෙක් මළේය. සමහර නොසන්ඩාලයෝ දල ලබා ගන්න ඇතා මැරුවායයි කිවේය.


අතරමං උන අලි ගෙනිහින් වස්ගමුවේ දමනවාය. එහේ අලි මහ නොසන්ඩාල අලිය. වාහන පස්සේ එලවනවාය. මින්නේරියෙද එකෙක් සිටි. උගේ නම කනේ හිලාය. සෆාරී ජීප් පස්සේ එලවනවාය. කශ්ටියට හරි ආතල්ය. හරියට වැදුන දාට නැට්ට පුකේ ගසාගෙන මින්නේරි සෆාරී නවතා ගත හැකිය. අනාථ අලින්ටද තැනක් වෙන්කොට ඇත. ඒ පින්නවලය. එහෙ අලින්ටත් මේ දවස්වල කල දවස හොඳ නැතිය. එක එකා අරන් යනවාය, දන් දෙනවාය. තවත් අනාථාගාරයක් ඇත. එය ඇත්තේ කෝට්ටේ පැත්තේය. රජය මෑතකදී කාපට් කර පාර හදා දුන්නේද මේ අනාථාගරය නරඹන අයගේ පසුව සඳහාය. නම සිරිකොතය. පින්නවල දුර වැඩිනම් සිරිකොතේ අනාථ අලි බැලිය හැක. හැමදාම නැත. විශේෂ දවස් ඇත. එම දවස්වලට අනාථ අලි බැල්කනියට එනවාය. මාද්දියවේදීයෝත් පිරිලාය. රාජ්‍ය ආරක්ෂාව සහතික කොට ඇති බැවින් බය වෙන්නට උවමනාද නැතිය.

මෙහෙත් පින්නවල වගේමය. කුංච නාදය හොඳට දෙන කැපී පෙනෙන අලි කොල්ලුපිටිය පැත්තේ අලි මුදලාලි කෙනෙක් දියවන්නාව පැත්තට රැගෙන යනවාය. එහෙම ගෙන ගිය හොඳ කුලේ එකෙක් ඒ මන්දිරයෙන් පැන ඇවිත් අනාථාගාරයේ සිටිනවාය. අලියෙක් කිව්වාට මීයෙක් වගේය. හොර පූසෙක් වාගේ කීවද කම් නැත. ඒ අලියා මද කිපිච්ච අලිත් එක්ක, නායක අලියාට ගේමක් අදින්න ගොස් උන්නාද මලාද නැත. නායක අලියා තවමත් ශක්තිමත්ය. මද කිපුණු නාඹර අලි කීපදෙනෙක් මහ එකාට වලි ඇද්දද, මහා එකා අරුන් පොඩි නිසා තල්ලු කර දමනවාය. අලින්ගේ හැටි එහෙමය. නායකයා මැරෙන තුරු හෝ පොට්ට වන තුරු ඌ නායකයාමය. ඒත්  මුන් ටික කුලප්පු වී පිස්සුම කෙලියේය. අනාථාගාරේ ඉස්සරහ කාපට් දාන නිසා ගිනිදල්ලට බය අලි කොලොන් කැලෑවේ ඬෙගා නැටුවේය. බඹරුන්ද කුලප්පු විය. මහ අලියාට ඒ වෙලාවේ මලම පැන්නේය. තල්ලු කර කර ඉඳලා හරියන්නේ නැති නිසා වැටෙන්නම ගැහුවේය. දැන් සද්දයක් නැත. අලින්ට ආදරය කරන සිරස අවිහිංසා සංගමය නම් සටන දිගටම ගෙනියනවාය. සමාවෙන්න බුද්ධියෙන් විමසනවාය.

මද කිපිච්ච අලින්ගේ සහයෝගයට සද්දන්ත කුලේ ඇතින්නියන් දෙදෙනෙකුද සහය දෙනවාය. එක ඇතින්නියක් රත්නපුර පැත්තෙන්ය. අනික් ඇතින්න කොළඹින්මය. ලොවෙන්ම ලස්සන ඇතින්න ලෙසද තෑගී දිනා ඇත. දැන් මේ දෙන්නාත් කොහේද නැත. කුරුණෑගල පැත්තේ ඇතා ඇතෙක් නොවේය. ගල් ආඳෙක්ය. ආඳා අල්ලන්නට අමාරුය. ලිස්සලා යනවාය. කොයි වෙලෙත් වාසී පැත්තටම ගාටනවාය. ලොක්කාත් කැමතිය. කචල් කශ්ටියත් කැමතිය. නරඹන්නොත් කැමතිය. අමුතුම සෙල්ලමක්ය. කචල් ගොඩේ වලියටම බර කුරු අලියෙක්ද ඉන්නවාය ඌ මාතර පැත්තේය. වැඩ සයිස් එකට නෙමේය. කොක්ක කරේය. ලඟදි ගෙනා ඇස් ලොකු අලියට ගේමක් දෙන්න. වෙන අලි සෙට් එකක් සෙට් කරලාය. මේ අලින්ට සිරසෙන් ෆුල් බකප් එකක් දෙන්වාය. ඇස් ලොකු එකා කොටළුවෙකුට අන්දලාය.

මේ අස්සෙ කොළොන් කැලෑවට අලියෙක් තෝරනවාය. සිරිකොතෙන් වයසක අලියෙක් යවලාය. අලි අල්ලන් යන මුදලාලිත් ඒ පැත්තේ පොරවල් නැති නිසා පන්නන් ගිය අලියෙක්ම දමලාය. ඌ හොඳ කුලේ එකෙක් කියා කට්ටියක් කියන අතර හොර අලියෙක් කියා අලින්ම කියනවාය. ඒ අස්සේ රත්මලානේ අලියාත් මහ එකාට ගේමක් ඉල්ලනවාය. අඟහරුවාදා ඌ තීරණයක් ගන්නවාය. අලි මුදලාලිත් සන්තෝෂයෙන් ඇතිය. කොහොමත් මුදලාලි අලින්ට ආදරේය. මුදලාලි කෑම බීම නෑම ලෑම ඔක්කොම දී අලි බලාගන්නවාය. ඒ නිසා මහ අලියාද මුදලාලිට ආදරේය. අපිද ආදරේය. හැබයි සතා ෂුවර් නැති බැවින් ගෙනෙ ගිය ගමන් කර අඹනවාය. එතකොට අර කුංච නාද කරපු අලි බව් බව් කියනවාය.

අලි රැකෙනවාය. අපිද රැකෙනවාය. සිරසද රැකෙනවාය.. මුදලාලි සැමදා දිණුම්ය....

අලින්ට සුබ අනාගතයක්ය...!!!
-----------------------------------------
පොඩි අලි ජෝක් එකක්

හබරණ අලිය පිටේ සුද්දෝ දානවනේ සුද්දෝ කිව්වට වැඩියෙ එන්නේ ඉන්දියාවේ පද්දො. ගයිඩ් ආවා ඉන්දියන් ජෝඩුවක් එක්ක අලිය පිටේ යන්න.

මැඩම් : හව් මච්.
ගයිඩ්  : මැඩම් ටුවෙන්ටි ෆයිව් (25) ඩොලර්ස්, ටූ තව්සන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් (2500) රුපීස් ප පර්සන්.
මැඩම් : වට්...??? මයි ඩියර්.ර්.ර්.. බ්‍රදර්.ර්.ර්... වී ආ නොට් හියර්.ර්.ර්.... ටු බයි ද එලිපන්ට්.. වී වෝන්ට් .ර.යිඩ් ද එලිපන්ට්

ඉන්දියාවේ අලිය පිටේ යන්න ගන්නේ රුපියල් 200 ලු

24 comments:

  1. හුහ්....ඉන්දියන් කාරයො ලාබෙට යන්ඩ අලිය පිටේ.....හිතුව මදි ඕකුං.....

    ReplyDelete
  2. @ Observer
    ඔබා මාමා ඉන්දියන් විරෝධී වගේ.. බලාගෙන් හොඳේ....

    ReplyDelete
  3. අපිට පින්නවලට වඩා ළඟ කෝට්ටේ

    ReplyDelete
  4. @ හරී පිනි පළස
    වාසනාවයි....

    ReplyDelete
  5. බලන්න මේ පෝස්ට් එකේ අලියා කියන වචනය කී පාරක් කියවුනාද කියලා...:D

    ReplyDelete
  6. අලි කතාවක අලි වචනේ අලි ගොඩක්

    ReplyDelete
  7. අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි එපා වෙන්නේ නැත. හැබැයි අලියාත් පොඩි වගේමය එක තැනක හිටින්නට බැරි ගායය. මාතර අලියාටද ඇත්තේ ඒ ගායයි. ඌ මගේ අසල් වැසියාය. එතකොට අර ඇස් ලොකු අලියාගේ තාත්තාත් ඔහොමමය. ඌත් පැන්නේය. හැබැයි මගේ වම් පසින් සිටින අසල් වැසියාය. කුරුණෑගල අලියා ගල් ආදෙක් වුවත් ඌ ගැන තව බලන්න සිතා සිටිමි. ඔහොම යන්, ඔහොම යන්,

    ReplyDelete
  8. හික් හික්!! ඉන්දියන් කාරයො කවද්ද සල්ලි වියදම් කළේ? මටනං ඔය අලි ප්‍රශ්නෙ දැන් එපා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  9. @ වෙද ගෙදර මහ වෙදනා

    මාර රෙසිඩෙන්ශල් ඒරීයා එකක නොවැ ඉන්නේ..

    ReplyDelete
  10. @ blog gadol

    අනේද කියන්නේ...

    ReplyDelete
  11. හික්. අලි ප්‍රශ්නෙ... මාරයි ඈ. :D
    අලියා පිටේ යන්ඩ ගානනම් වැඩි තමා.

    ReplyDelete
  12. අලි අතර හත්පොළයා නම් එකෙක්ද වසන්නේය. හැබැයි කෝට්ටේ අලි නම් හත්පොලේ ගාගත්තෝය.
    අලි කොලොප්පන්...

    ReplyDelete
  13. අපිත් කෝට්ටේ අලි අනාථාගාරය ලග ඉස්සර හිටියේ යන්තම් පන බේරගන ගියා..නැත්නම් ඉතින් ඔය පාරවල් වහන තරමට රාජකාරියට ඇවිල්ලත් හමාරයි.
    ඔය ලොකු ලොකු සත්තු ඉන්න හරියකවත් ඉන්න හොද නෑ...

    ReplyDelete
  14. හික්... ඒක පට්ටයි. මොන අලි ගැනද මන්දා. ඒත් මැක්සා.

    ඈ අයියේ... ද එලිපන්ට් කිව්වැකිය....

    ReplyDelete
  15. @ නලිනි චන්දිමා
    සුද්දොන්ට එහෙම තමා දොස්තර නෝනේ.. ආන්ඩුවත් ඉන්දියන් කාරයෝ දාන්නේ සුද්දන්ගේ ගොඩටනේ.. හරිනම් පිල්ග්‍රිමර්ස්ලා...

    ReplyDelete
  16. @ තිසර
    කොලොප්පන්ද..? හොල්මන්ද..?
    අලේ මල්ලල් ලෑ...

    ReplyDelete
  17. @ ගිම්හානි
    හොඳ වෙලාවට ගියේ.. නැත්නම් ගිනි තියාගෙන මැරෙන්නයි වෙන්නේ.. අලි කෙලින පිස්සු වලට...

    ReplyDelete
  18. මුන්ට නම් ද එලිෆන්ට් හරි එලිෆන්ට් ද හරි කීවට කාරී නෑ. කකුල් 4ක් නම් දී එලිෆන්ට්. කෝමේයි මගේ කඩ්ඩ..

    ReplyDelete
  19. @ හිස් අහස
    ඔව් බන් අලි තමා..

    ReplyDelete
  20. මෙහි නොවන තවත් අලි සිටීද?

    ReplyDelete
  21. හැබෑට මුදලාලි හැමදාම අලි බලයි ද ?

    ReplyDelete
  22. @ Il mondo di una povera pazza

    අනන්තවත්, මොහොමඩ් අලි, අලි බූතෝ.....

    ReplyDelete
  23. @ sameera

    මුදලාලි දස්සය.. එව්වා කියන්න බෑ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න