.

.

Aug 25, 2011

මාතලන්ගේ කවි ... - Poetry by Maathalan


මාතලන් කවි වගේ ඒව ලියන බව ඔහෙලා දන්නවනේ.. ඒ නිසා මම හිතුවා වෙනම කවි බොගකුත් දාන්න, නම " පද්‍ය - කවි - ඒ වගේ ඒවා ". ඒ නම යොදන්න හිතුවේ මට මේව කවි උනාට, වෙන කෙනෙකුට වෙන මොනව හරි වගේ පේන්න පුළුවන් නිසා. බොගේ තියෙන නවතම කවියේ, පද කීපයක් එක්ක පින්තූරේ "මාතලන්" බොගේ වම් අත පැත්තේ උඩම තියෙනව, එතන තියෙන පින්තූරේ උඩ කෙටුවහම, මාතලන්ගේ නවතම කවිය බලාගන්න පුළුවන්. සමහර අය දැනටමත් ආවට, ගොඩක් අය මේ ගැන දන්නේ නෑ මගේ හිතේ. ඒත් මේකට අනුග්‍රහය දෙන, ලාංකීය සිතුවිලි, හත්මාළුව, අඹ ගහ, කොත්තූ යන සියළුම සින්ඩි වලට මගේ ස්තූතියත් මේ වෙලාවේ පිරිනමන්න කැමතියි. කියවලම බලන්නකෝ....


මාතලන් තව පොඩි දෙයක් කොරන්න හිතුව. ඒකට හේතුව උනේ ඔබ කවුරුත් දන්න ඔබ්සවර් මහත්තය. ඔබා මාමා කියන්නෙත් එයාටම තමා. උන්දැ රස රස කතා කියනව කොමෙන්ට් ලෙසත් කතා ලෙසත්. ඒ වගේ බ්ලොග් එකක් නැති ඔයාලට පුළුවන් ඔබේ නිර්මාණ මා වෙත යොමු කරන්න, මම ඒවා, මාතලන්ගේ සින්ඩියේ ( දැන් ටිකක් ජනප්‍රියයි.) පෝස්ට් ලෙස පළ කරන්නම්. කවි, විකට කතා සහ ඉතාමත් කෙටි කතා එහි පල කිරීමට මා සූදානම්. මම හිතනව ඒක ඔයාලට උදව්වක් වෙයි කියල.

නිර්මාණ මේ ලිපිනයට ඊයක අමුනල විඳින්න....

happyjay65@gmail.com

මේ හැම එකකම අරමුණ, මටත් පබ්ලිසිටියක් ගන්න එක බව අවංකවම කියන්න ඕන.... හෙහ්.. හෙහ්...

6 comments:

  1. තමන්ගේම බ්ලොගයක් නැති අයට ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න ඔබ දිගුකල දෑත බොහෝම අගේය. ජය!

    ReplyDelete
  2. @ ගල් මල්

    තැන්කූ...!!!

    ReplyDelete
  3. වැඩ කීපෙකටම අත ගහලා වගෙයි. සුභ පැතුම්. කවි බ්ලොගයට ගිහින් බලන්නම්කො.

    ReplyDelete
  4. @ නලිනි චන්දිමා
    දොස්තර නෝනට කොන්ග්‍රැට්ස්.. ලක්බිමේ ඔබේ බ්‍රැන්ඩී කෙටිකතාව පලවී තිබුනා.. කතා තමයි පනිවිඩෙ දුන්නේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න