.

.

Aug 1, 2011

ජාතිවාදය දිණුම් - Racism Won


පළාත් පාළන ආයතන කිහිපයක් සඳහා පැවති ඡන්දය නිමාවිය. ජය පැරදුම ගැන පක්ෂ විපක්ෂ අය විවිධ මත පල කරති. සමහරෙක් මෙය ආන්ඩුවේ අවසානයේ ඇරඹුම බවත්, ජවිපේ සහ එජාපයේ අවසානය බවත් එකිනෙකට නොගැලපෙන මතවාද ඉදිරිපත් කරයි. තවකෙක් පවසන්නේ මෙය මහින්දට දෙමල ජනතාව එල්ල කළ කනේ පහරක් බවයි. තවකෙක් ප්‍රජාතන්ත්‍රවාදය දිනූ බව සදහන් කරන අතර ප්‍රජාතන්ත්‍ර විරෝධි මැතිවරණයක් බව අනෙකා කියයි. මේ මොන මත ඉදිරිපත් වුවද මට සිතෙන ආකරයට මෙය ජාතිවාදය ජයගත් සහ ජාතින් අතර විශ්වාශය පරාජය කළ මැතිවරණයකි.


නමුත් විය යුත්තේද, ජනතාව බලාපොරොත්තු වූයේද මෙය නොවේ. ජනතාවගේ පැත්තෙන් ගත් කළ ඔවුන්ගේ ප්‍රකාශනය සර්ව සාධාරනය. මන්ද මෙරට උගත් යයි කියන ජනතාව පවා සිතන්නට පුරුදු කොට නැති බැවිනි. තමන් දෙවියන් සේ අදහන නායකත්වයන් වදාරන දේ සර්ව සත්‍යයයි විශ්වාශ කිරීමට ඔවුන් පේවී ඇත. ජනතාව බිය කිරීම ඉතා පහසු කාරණයකි. අනෙක් කරුණ නම් දීර්ඝ කාළීනව ඇදි ගිය  යුද්ධයෙන් බැට කෑ උන් දැන් කළාමැදිරි එළිය වුව පෙන්වා බය බිරාන්ත කළ හැක. (ජාතී බේදයකින් තොරව දෙපැත්තේම නායකත්වය සාර්ථකව මෙය නම් කරයි..)

මේ කාළකන්නි මානසිකත්වය නැතිකිරීම සඳහා වැඩිම වැඩ කොටස ඉටු කිරීමට ඇත්තේ රට කරවන ඇත්තන් අතය. මහින්දට සිංහල ජනතාව සමග ගේමක් නැත. මායිම් ගම්මාන ලෙස හැදින්වූ ගම්මානවල පමණක් නොව අනෙක් ප්‍රදේශවල ජනතාවද මේ නායකත්වය කොතරම් අඩු පාඩූ තිබුනද නැවත වරක් අනුමත කොට ඇත. විකල්ප නායකත්වයක් පේන තෙක් මානයක නොමැති බැවින් සහ ව්‍යවස්ථාවද තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කොට ඇති බැවින්, අනාගතය ගැන වූවද බිය විය යුතු නැත.

මෙරට ජාතින් දෙකක් නොමැති බවත්, ඇත්තේ ශ්‍රී ළංකික ජාතියක් පමණක් බවද, තමා පක්ෂ බේදයකින් තොරව සියළුම ජනතාවගේ ජනාධිපති බවද, සියළුම දරුවන්ගේ තාත්තා බවද, දෙමළ ජනාතාවගේ මිතුරා බවද ප්‍රකාෂ කොට ඇත. දැන් ඔබ කළ යුතුව ඇත්තෙ යුද්ධයෙන් පසු අහිංසක දෙමළ ජනතාව බලාපොරොත්තු වූ නිවි සැනසිල්ලේ ජීවත් වීමට ඉඩ සලසන අතර ඔවුන්ගේ අත මිට සරු කිරීමයි.. (මගේ විශ්වාශය මේ සියලු ප්‍රශ්න වලට මුල දුගී බාවය සහ නූගත් කම බවයි..)

දෙමළ ජනාතාව දිනා ගැනීමට නම් මේ කරුණු විගසින් ක්‍රියාතමක කළ යුතුය.
  • ජාතිවාදී හා ආගම්වාදී පක්ෂ අහෝසී කළ යුතුය.. (සිහළ උරුමය හා මුස්ලිම් කොන්ග්‍රසයද ඇතුලුව.) සෑම පක්ෂයකම නිළධාරී මණ්ඩළය තුල සියළුම ජාතීන් නියෝජනය විය යුතුය.
  • හමුදාව, කඳවුරු වලට සීමා කළ යුතුය. (කඳවුරු ඇති කිරීමෙහි වරදක් නොමැත.)
  • සිවිල් පාළනය පොලිසිය වෙත පැවරිය යුතු අතර, සෑම පොලීසියකටම 10% දෙමළ භාෂා නිපුනත්වයක් ඇති නිළධාරින් පත් කළ යුතුය.
  • ආයුධ සන්නද්ධ පක්ෂවලට ආයුධ නොමැතිව දේශපාළනයේ යෙදිය නොහැකිනම් ඔවුන් දේශපාළනයෙන් ඉවත් කළ යුතුය
  • අත් අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ නාම ලේඛනයක් වහාම ඉදිරිපත් කළ යුතුය.
  • අත් අඩංගුවේ පසුවන සියළුම සැකකරුවන් මාස 6 ක් ඇතුලත පුනරුත්ථාපනය කොට නිදහස් කළ යුතු අතර නිදහස් කිරීමේදි ස්වයං රැකියාවක් කිරීම සඳහා ණය මුදලක් ලබා දිය යුතුය.
  • උතුරේ සංවර්ධනය අනෙක් ප්‍රදේශ වලට සාපෙක්ෂව වැඩි කළ යුතුය.
  • නිවාස නොමැති ජනතාවට කුඩා ප්‍රමාණයේ ගම් උදාව වැනි නිවාස සාදා දිය යුතුය. (මේ සඳහා උදව් කිරීමට විදේශ රටවල් ඕනෑ තරම් ඇත.)
  • ජනතාවට සිඳුවන අකටයුතුකම් වලට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුය.
  • බල්ලන් මරා සොහොන් මත දැමීම වැනී කාළකන්නි සිඳුවීම් තව දුරටත් සිඳුවීම වැලැක්විය යුතුය. (එළාරගේ සොහොනටද ගරු බූහුමන් දැක්වූ ජාතියක් බල්ලන් මරණ ජාතියක් විය යුතු නැත.)
  • නවීන වගා ක්‍රම, බැංකු ණය පහසුකම්, නව නිෂ්පාදන ජනතාවට පහසුවෙන් ලබා ගැනීමට සැලස්විය යුතුය.
  • වෙළඳ කළාපයක්, කාර්මික විද්‍යාලයක්, විශ්ව විද්‍යාලයක්, සියළු පහසුකම් සහිත රෝහලක්,උතුරේ ඉක්මනින්ම ආරම්බ කළ යුතුය. (මේ සඳහා ඉන්දියාව අනිවාර්යයෙන් උදව් කරනවා ඇත.)
  • ආයෝජනය සඳහා කැමති ඩයස්පෝරාවේ අයට වසර දහයක් සඳහා බදු සහන කාළයක් ලබා දිය යුතුය. (නිකං එන්න කීවාට එන්නේ නැත.)
මේ කාර්යය අධීක්ෂනය සඳහා උතුරු සංවර්ධන අමාත්‍යංශය නමින් අමාත්‍යංශයක් ඇති කළ හැකි අතර ඒ සඳහා දෙමළ භාෂාව හොඳින් හැසිරවිය හැකි නාමල් රාජපක්ෂ මහතා පත්කළ හැක. (94 පටන් ඉන්නා හාල් පාරුවන්ට මෙළෝ වැඩක් කළ නොහැකි බව මනාව ඔප්පු කොට හමාරය..)  ඉතා ඉක්මනින් මේ කාරනා ඉටු කරන්නේ නම් සීඝ්‍ර සංවර්ධනය සමග සම්පන්තන්ලාද කටු ගැවී යනු ඇත. මන්ද ඔවුන්ට අවශ්‍ය දෙමළ ජනතාව හැමදාම මේ ලෙස දුක් විඳිමින් සිටීමය. කරල බලන්න. 2016 දී එම ප්‍රදේශවල ජනතාවද ඔබට ඡන්දය පාවිච්චි කරණු ඇත. පැරදුනද කම් නැත ඔබ දිණුම්ය. මන්ද දෙමළ ජනතාව නගා සිටවූ ජන නායකයා ලෙසය..

එසේ නොමැතිනම්..
ජාතිවාදයෙන් අන්ධ වූ පසු සිඳුවිය හැකි දෑ අතීතයේ හිට්ලර්ද, ලංකාවේදී ප්‍රභාකරන්ද.. ඇෆගනිස්ථානයේ තලෙයිබාන්වරුන්ද... මෑතකදී නෝර්වෙජීයනු තුවක්කුකරු අන්ඩ්‍රස් බ්‍රේයිවිස්ද අපට පෙන්වා දී ඇත....

*******
උදයන් පුවත් පතේ කතෘට එල්ල කරන ළද මැර ප්‍රහාරය හෙලා දකින අතර මෙවැනි ක්‍රියා චැනල් ෆෝ කරුණු සනාථ කරන බවද දැණුම් දී සිටින්නේ ඉතා කනගාටුවෙනි.. මෙහිදීවත් සාධාරණයක් ඉටුවනු ඇතයි අප බලාපොරොත්තුවෙමු..

ජනාධිපතිතුමනි බල්ලන් මරණ කාළය නොව..
බල්ලන් බැඳ දමන කාළය පැමිණ ඇත...

*******
කවි වලට කැමති අය ඉන්නවනම් මේ බ්ලොග් එක බලන්න පට්ටම කවි සෙට් එකක් තියෙනව.. අගය කරන්න වචන මදි.. මේ දවස්වල යන්නේ ලිපි වගයක්, ඒවත් සෑහෙන වටිනව.. ටිකක් පෙරලල බලන්න.. අනිත් අයටත් කියන්න.. නම...-  "හිතනලන්තය" 

18 comments:

  1. [quote]
    ජාතිවාදී හා ආගම්වාදී පක්ෂ අහෝසී කළ යුතුය.. (සිහළ උරුමය හා මුස්ලිම් කොන්ග්‍රසයද ඇතුලුව.) සෑම පක්ෂයකම නිළධාරී මණ්ඩළය තුල සියළුම ජාතීන් නියෝජනය විය යුතුය.
    [/quote]

    මේ වගේ තව දුරටත් තමංගෙ ඡන්ද කැපෙන වැඩක් ආණ්ඩුව කරයි කියල හිතනවද?

    ReplyDelete
  2. @ budhajeewa
    දැනටම හෙමිහිට ගේම දෙන ගතියක් පේනව... මටනම්..
    නැතිනම් මේක තව දුරටත් පවතිනව...

    ReplyDelete
  3. මිනිසා නැවත්ත් මිනිස් ගති පෙන්නනවා... ගිනිපෙලෙල්ලෙන් බැට කෑ මිනිහා කලා මැදිරි එලියටත් බයයි කියන එක මමනම් හිතන්නෙ දැන් වලන්ගු නෑ... යයුද්ධය කරන කාලෙ තමයි යුද්ධය කියල මැතිවරණ කටයුතු කරේ දැන් මිනිස්සුන්ට ඕනෙ පොල් ගෙඩියෙ මිල අඩු කරන්නයි.... යුද්ධය තරමට දැන් පොල් ගෙඩියෙ මිල ප්‍රබල හේතුවක් වෙලා ඉවරයි...

    බල්ලො බැද දාන එක අර කිවුවත් වගේ පොඩියට ගේම ගහගෙන යනවා... එස් බීත් එක්ක එකතු වෙලා කැම්පස් නායකත්ව පුහුණුවක් කියල කොල්ලන්ට කෙල්ලන්ට පොඩි ආතල් එකක් දීම ඒකෙ එක පියවරක් විදියටයි මම දකින්නෙ... ඉස්සරහට මහින්දට තව තව සෙල්ලම් කරලියට දාන්න වේවි...

    ReplyDelete
  4. @ පොඩි මෑන්
    මම නම් හිතන්නේ නෑ පොල් ගැන හිතනවයි කියල.. ඔඅය දීල තියෙන්නෙ අට්ටි හැලෙන්න ලොක්කටම.. දෙපැත්තම අමු ජාතිවාදීයි..

    ReplyDelete
  5. හොඳ යෝජනා ටිකක් නාමල් මහත්තයට දෙමල පුලුවන්ය කියල මම දන්නේ නැනේ , කොහොමටත් බලතල ලැබිල තියන නාමල්ට ඇමතිකමක් දීල වැඩ කොටසක් පැවරුවට අවුලක් නැ , වෙන්න පුලුවන් උපරිම දේ මංගල සමරවීර මාධ්‍ය සාකච්ඡාවක් තියල සහෝදර පුත්‍ර සමාගම ගැන මොනව හරි කියන එක . එහෙම එකක් කියපු ගමන් තව ඡන්ද ටිකක් සන්ධානයට එකතු වෙනව. ජාති වාදි පක්ෂ අහෝසි කිරීම කෙසේ වෙතත් පයින් ගහල ආණ්ඩුවෙන් එලවන්නවනව නම් ලොකු දෙයක් , මම නම් හිතන්නේ නැ එහෙම වෙයි කියල

    ReplyDelete
  6. @ buwa
    එහෙම වෙන්න වගේ................ ය....න්.....නේ..............
    අනේ සාධූ..... සාධූ... සඝ පෙරහර සාධූ සාධූ..

    ReplyDelete
  7. @මාතලන්;

    අර ලිස්ට් එකට මෙන්න මේකත් වැටුනොත් ඔබ සමග 100% එකඟයි.

    "ශ්‍රී ලංකාවේ භෞමික අඛන්දභාවය [ඒකීයත්වය නොවේ] සියලුම දේශපාලන ව්‍යාපාර විසින් පිළිගත යුතු අතර රට බෙදීම ගැන කතා කිරීම සපුරා තහනම් ය"

    මෙතන රයිට්ස් වයලේට් වෙනවා තමා. එහෙත් ඉන්දියාවේ වගේ මේ නිතිය ලංකාවෙත් තිබිය යුතුයි. මෙතුලින් බලය බෙදීම ගැන කාගේ උනත් විශ්වාසයක් ඇති වෙනවා. හැම එකාම ඒකීය මගුල අල්ලන ඉන්නේ මෙන්න මේ බය නිසා.

    මං ඔබ තුමාගේ ටාස්ක් ලිස්ට් එකට බොක්කෙන්ම සපෝර්ට්. මගේ මතයත් ඕකමයි.

    ආ තව එකක්. නීතියක් හැටියට නොතිබුනාට, රජය විසින් උතුරේ සිංහල මුස්ලිම් මින්සුන් පදිංචි වීමත්, දකුණේ අමිශ්‍ර පළාත් වල ද්‍රවිඩයින් පදිංචි වීමත් එන්කරේජ් කල යුතුයි. සමහර විට නිවාස නය සහන වගේ දීලා.

    ReplyDelete
  8. මේ චන්දෙ දෙමෙල්ලු ලොක්කට ඇට්ටි හැලෙන්න දුන්නු එකක් නොවේ. මේ රටේ ඉතිහාසේ ඔය පැත්තේ චන්දයක් තිබ්බොත් ඔන්න ඔහේ [ඉබේ] වෙන එකක්. හරියට නිකම් හම්බන්තොට එවුන රාජපක්ස කියන පොල්පිත්තට හරි දුන්නා වගේ. ගම්පහ එවුන බණ්ඩා පවුලටත් එහෙම්ම කඩේ ගිය කාලයක් තිබ්බ. දෙමල සන්ධානයට දුන්නු මේ දෙමල චන්ද ටික නිකම් නිදහස් ගුරුත්වය යටතේ පහලට වැටෙනවා වගේ වැඩක්.

    චැලේන්ජ් එක මෙතැනයි. ඔය දෙමල සන්ධානේ එව්වෝ දේශපාලන කතා දදා කාට හරි කඩේ යනවා වින කොරන වැඩක් නැහැ. දක්ෂ කම තමයි උන්ගෙන් චන්ද කඩා ගන්න එක. මහින්ද තවම ඒක ඒ හැටි සාර්ථකව කලේ නැහැ. නරකමත් නැහැ මේ පාර හැබැයි. ඉස්සර නම් දෙමල ජාතිවාදීන්ට 85% විතර යනවා, දැන් [ඩගියා ඇතුලේ හින්දා] තරමක් අඩු වෙලා පොදු පක්ෂ වලටත් කීයක්‌ හරි ලැබෙනවා. කීප් ට්‍රයින් තමා.

    ReplyDelete
  9. @ Sujeewa Kokawala
    ඒක සුජ්ජෝ දැනටත් ව්‍යවස්ථාවේ තියෙන ව නේ.. අර පදිංචී කිරීම් පිළිබඳව මම සීයට දෙසීයක් එකඟයි.. අපේ පරණ හරක් නොකලෙත් ඒකමයි..

    ReplyDelete
  10. ටෝටලි ඇග්රීඩ්..[ හැබැයි ඔය කියන එව්වා මේ කපේදී වෙයි කියලා නම් හිතන්නට බැරිය..]

    ReplyDelete
  11. ජාතිවාදී හා ආගම්වාදී පක්ෂ අහෝසී කළ යුතුය.. (සිහළ උරුමය හා මුස්ලිම් කොන්ග්‍රසයද ඇතුලුව.) සෑම පක්ෂයකම නිළධාරී මණ්ඩළය තුල සියළුම ජාතීන් නියෝජනය විය යුතුය. මේක ප්‍රායෝගික නෑ.

    අනිකව කොරන්න බැරිවෙන්න කිසිම හේතුවක් නෑ සහ ඒ ටිකනොකලොත් අපේ පොඩි උන්ට ආයි වෙඩි කන්න වෙන්ව සිකුරුයි!

    ReplyDelete
  12. @ ChammA
    මම හිතන්නෙ බැරි වෙන එකක් නෑ චම්මෝ..

    ReplyDelete
  13. @ ඉන්දික උපශාන්ත...
    බෑයි කියල බෑයි කියල බෑ //
    බෑ කිව්වොත් බෑ.... බෑ.... බෑ.....

    ඔය කියල තියෙන්නෙ මසුරන් කියමනක්....

    ReplyDelete
  14. බොහොම ස්තූතියි මාතලන්.

    ReplyDelete
  15. @ කංචනා අමිලානී

    ඒ... අර මක්කටෙයි......

    ReplyDelete
  16. මගේ බ්ලොග් එක ගැන ඔයාගේ පෝස්ට් එකේ දැම්මට .

    ReplyDelete
  17. [[ඒක සුජ්ජෝ දැනටත් ව්‍යවස්ථාවේ තියෙන ව නේ]]

    තිබ්බට ක්‍රියාත්මක නැහැනේ බං. ඔය ඕන තරං එවුන දොඩවන්නේ දෙමලාට වෙනම රටක් දෙන හැටි ගැන.

    මේක නීතිගත කිරීම මෙන්ම ක්‍රියාත්මක කිරීමත් අවශ්‍යයි. එමෙන්ම මේක ගෙන්න ඕනේ දේශපාලන විසඳුමක කොටහක් හැටියටත්. මොකද ඒකීය නොවන දෙයක් දෙන හැම මොහොතකම කට්ටිය ඒකීයත්වයට නැවත එන්නේ මෙන්න මේ බය නිසා. ඉතින් ඒ බය නැතිවෙන්නත්, ඒ බය ඉස්සරහට දාන සිංහල ජාතිවාදීන්ට උත්තර නැති වෙන්නත් මේ වගේ නීතියක් ඇසුවරන්ස් එකක් වෙනවා.

    ReplyDelete
  18. ඔවු ජාතිවාදී බව ඇත්ත... ඒ වගෙම බඩගෝස්තරවාදියි... ගොඩක් අය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න