.

.

Sep 22, 2026

"එදා රෑ...... " ගැන මගේ සත පහ

 


"එදා රෑ...... "

ගැන මගේ සත පහ

➖➖➖➖➖😎➖➖


සාමාන්‍යයෙන් මම සිංහල ෂෝ එකක් බලන්න යන්නේ සතියක් විතර පරක්කු වෙලාය.... ඒ එක එකා ලියන චිත්‍රපට විකාර කියවා සෝ එක ගැන යම් අවබෝධයක් ලබා ගත හැකි නිසාය..... ඒ මක්කා වුවත් මිල්ටන් මල්ලවාරච්චිගේ එදා රෑ ෂෝ එක අනිවාර්යයෙන් බලනවා කියා හිතාගෙන සිටියේය.... ඒ මිල්ටන් මගේ ෆේවරිට්ම ගායකයෙක් නිසාය.


මිල්ටන්ට තියෙන්නේ මැජික් වොයිස් එකක් කියා චිත්‍රපටයේත් කීප අවස්ථාවක කතා වෙනවාය..... ඇත්තම කතාව ඒක නෙමේය.... මිල්ටන්ට තියෙන්නේ romantic voice එකක්ය..... ලංකාවේ සිටි රොමෑන්ටික්ම ගායකයා මිල්ටන් මල්ලවආරච්චිය.... රොමෑන්ටික්ම ගායිකාව ඉන්ද්‍රානී පෙරේරාය.


මම නම් කියන්නේ මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන ඕන එකෙක් අනිවාර්යයෙන් මේ සෝ එක බලන්නම ඕනෑය කියලාය.... මොකද මේක ඒ තරම්ම ලස්සන ෂෝ එකක්ය.... පටන් ගත් වෙලේ සිට අවසානයට පෙන්නන, චිත්තරපටයට දායක වුන පිරිසගේ නම් ගම් පවා තිරයේ දිස්වූ පසුවත්, රසිකයින් එකෙක්වත් නැගිට්ටේ නම් නැතිය....  ඒ තරම් පට්ටය.... සුන්දරය.... ඇහැ අහකටවත් ගන්න හිතෙන්නේ නැතිය.... සෝ එක ඒ තරම් ලස්සනය... ඉන්නා කෙල්ලෝ ටිකත් බොහොම සෙක්සි කෑලිය... හින්දි කෑලී කැලේය....


අපේ තාත්තා පික්චර් පිස්සෙක් වූයේය... සති අන්තයේ අනිවාර්යයෙන් පිචැර් දෙකක් බලනවාමය....  අහල පහල උනුත් ඒක දන්නවාය.... උන් අහන්නේ සෝ එකේ කෙල්ල කවුද කොල්ලා කවුද කියලා... 


ඇත්තටම ඒ කාලේ හිටියේ ලස්සන කෙල්ලෝය.... ලස්සන කෙල්ල කියලා සෝ එකකුත් ආවා මතකය.... ඒකේ හිටපු ලස්සන කෙල්ල වුනේ ගීතා කුමාරසිංහය.... මාලනී ගීතා සෝනියා දිසා මානෙල් වානගුරු ෆරීනා ලායි සුමනා අමරසිංහ ඔක්කොම වාගේ බොහොම සුන්දර නිළියෝ වූවාය....


මේ අය සිනමාවේ ස්වර්ණමය යුගය වූ 1970 දශකයේ පිචැර් හෝල් හවුස් ෆුල් කොට බොක්ස් ඔෆිස් වාර්තා තියපු කෙල්ලෝ වුනේය..... ඒ අය එහෙම ලස්සන වුනේ LUX සුවඳ සබන් ගාපූ නිසාය. ඒ නිසාම මේ ෂෝ එකේ ස්වර්ණාත් ඒ සබන් ගාන්නේය.


මේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට රැල්ලෙන් මිදී, සම්බාව්‍ය සිනමාව කියා මලහත්තිලව්වක් ආවේ 1980 දශකයේය. සුභාවිත ගීත පමණක්ම අසමින් සිටි සුප්‍රබුද්ධ ශ්‍රාවකයෝ මේ මෙලෝ රහක් නැති බඩකඩුත්තු වැළඳගත් අතර ඇකඩමික විචාරකයෝ  මල මෙලෝ යකෙකුට නොතේරෙන අපභ්‍රංශ විචාර ලියන්නට පටන් ගත්තේය.


හැබයි ඒවා තිරගත වූයේ තුන්වන මණ්ඩලයේත් නොව පස්වන මණ්ඩලයේය.... ඒවා බලන්නට අර මන්ද බුද්ධික පිරිස් ගියා මිස, පිචැර් පිස්සෝ නොගිය අතර... ඒවා හදපු උන්ට කෙලවෙනකොට උන් කලේ ආණ්ඩුවට බනින එකය. අදටත් ආණ්ඩුවෙන් චිත්‍රපටිය හදන්න ඕන කියන්නේ ඒ වගේ පිස්සු උකන්නලාය. 


ඔයින් එක ෂෝ එකක .... විජය කුමාරතුංග ස්වර්ණා මල්ලවාරච්චිව ඇඳ උඩට පෙරලගන්නා අතරේ ඊළඟ රූප රාමුවට ආවේ වැසූ කාමරයේ එළියෙන් කාමරයේ දොර පෙන්වීමය.... ඇතුලෙන් ස්වර්ණා මරහඬ දී කෑ ගැසූ අතරේ... දොර යටින් ලේ ගංගාවක් ගලාගෙන ආවේය..... 


මම හිතුවේ ස්වර්ණා මරා දමන්නට ඇති කියලාය..... බැලින්නන් වෙලා තියෙන්නේ.... විජය විසින්  ස්වර්ණාගේ කන්‍යාභාවය අහිමි කිරීමය..... ඉතින් මේක අධ්‍යක්ෂණය කරපු ප්‍රබුද්ධ අධ්‍යක්ෂවරයා එහෙම xperiencee එකක් තිබුණු කෙනෙක් වෙන්නට බැරිය....  හැබැයි විචාරකයින්ට නම් අදත් ඔහු මුණිවරයෙක් වන්නේය.


මීට පස්සේ සිංහල සිනමාව උන්ටත් එහා ගියා අධ්‍යක්ෂකවරුන් සෙට්ටෙකක් අතට පත් වුනේය.... උන්ට මම කියන්නේ ටොක්සික් අධ්‍යක්ෂකවරුන් කියලාය.. 


උන්ට ඕනෑ උනේ.... ලංකාවේ ශිෂ්ටාචාරය සභ්‍යත්වය හා හැදියාවන් වලට කෙලින්නටය.... ඒ සඳහා උන්ට ඇන්ජීඕ වලින් අම්බානක සල්ලි හා සම්මාණයන් ලැබුණේය. 


ඒවායේ රඟපෑවේ.... දිරච්ච යකඩ කෑලි පරණ වොෂින් මැෂින් කැඩිච්ච ප්ලාස්ටික් බේසන් වාගේ මෙලෝ රහක් නැති ලොන්ත පෝල් නිළියෝය එයාලට දේශීය මෙන්ම විදේශීය සම්මාණ නම් නොඅඩුවම ලැබෙන්නේය. 


ඔක්කොමලා ස්වර්ණා මල්ලවාරච්චි වෙන්නට යනවාය.... ඒත් ස්වර්ණා කියන්නේ ලංකාවේ සිටින සරාගීම නිළියය.... අරුන්ගේ එහෙම සරාගීකමක් ඇත්තේ නැතිය. හැබයි උන් ඔක්කොම එකතු වෙලා සිංහල සිනමාව වල පල්ලටම යැව්වේය.


එහෙම ලොන්තපෝල් ටොක්සික් ෆිල්ම් බලපු උන්ට මේ චිත්‍රපටය දිරවන්නේ නැති බව විචාර කිහිපයකින්ම දැක්කේය.... චිත්‍රපටයේ දෙබස් පවා විහිළුවට ලක්වෙලා තිබුණේය.... දැන් ඉන්න උන් පෙම් කරන්නේ ඉස්මාට් පෝන් එකෙන් ඔන්ලයින් කුක්කු හා ජුන්ඩෝ පෙන්නලාය. එහෙම රෝගයක් ඒ කාළේ උන්ට තිබුනේ නැතිය.


ඒ කාලේ පෙම් කලේ එහෙමය. අපි ලව් ලෙටර්වල ලිව්වේ මිල්ටන්ගේ සින්දුය... ගල් අඩියක් ගැහුවම කිව්වේ මිල්ටන්ගේ... සුන්දරත්වයෙන් පිරි සොඳුරුම අතීතයේ ගීතයය... 


දැන් වාගේ ස්මාර්ට් ෆෝන් තියා ලෑන්ඩ් ෆෝන්වත් නැති ඒ කාලයේ.... චිත්‍රපටයේ සිදුවූ සමහර සිදුවීම් අභව්‍ය සිදුවීම් බවට සමහරුන්ගේ සිනහවට හා සමච්ඡලයට ලක්වී තිබෙනවාත් දැක්කේය.... හැබැයි උන් අපේ අම්මලා තාත්තලා ලියපු ලියුම් දැක්කා නම්...., රුක්මණී දේවී පෙම්වතිය කාලයේ ෆිල්ම්වල දෙබස් දැක්කා නම් සිඳු වෙන්නේ මොකක්ද කියා මට නං හිතාගන්නට බැරිය. 


ඉතින් අර ටොක්සික් වෙන්න ෆිල්ම් බලන්න පුරුදු වූ පිරිසට මේක අරහං වීම අරුමයක් නොවේය.... 


මිල්ටන් ලෙස රඟපාන රොෂාන් රවීන්ද්‍රගේ ඇක්ටින් කොරය.... ඔරිජිනල් මිල්ටන් මල්ලවාරච්චිමය. නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා  ශේෂාද්‍රි ප්‍රියසාද් "කුච් කුච් හෝතා හේ..." වෙත අප රැගෙන ගියේය. ඔවුන් ඒ තරම් සුන්දරය... රැඟීම් ප්‍රේමනීයය... 


බුකියේ බයිට් එකක් වී ඇති ගාමිනිගේ චරිතයට පණ පොවන ජනිත් වික්‍රමගේ ඔරිජිනල් ගාමිනි ෆොන්සේකාමය... ගාමිනි නටන්නේ ඔහොමය... ඕනෑම නම්... ඕනෑම ගොනෙකුට ඔරිජිනල් සින්දුව නරඹා පච විය හැකිය. 


චිත්‍රපටියේ සුන්දරත්වය හා හොඳ ගැනම කතා කරනවා වාගේම අඩුපාඩු කිහිපයකුත් අනිවාර්යයෙන් ලියන්නට ඕනේය. 


මේ තරම් තාක්ෂණය දියුණු යුගයේ..... ප්‍රේමකීර්ති ද අල්විස්, රුක්මණී දේවී, වික්ටර් රත්නායක වැනි අයගේ කටහඬ ටෙක්නොලොජියා හරහා ඔරිජිනල් කටහඬම ලෙස ගැනීමට අවස්ථාව තිබිණි.... එය මඟ හැර ගැනීම අපරාධයක් කියා මට සිතෙන්නේය....


"බැමි බැඳ ඇත ලොව සතර දෙසේ...." නිරූපණය කිරීම සඳහා මිල්ටන් හා ස්වර්ණාගේ ඉන වටා කඹ දෙකක් බැඳ කරන රංගනය විකාරයකි..... මීල්ටන්ට මෙන්ම රොෂාන්ටත් නටන්නට බැරි නිසා.... ඒ ගීතය සඳහා බැලේ රංගන ශිල්පීන් දෙදෙනෙක් එකතු කර කරගත්තේ නම්.... ගීතය බොහෝ සුන්දර වන්නට ඉඩ තිබිණ.


ගීත දෙක තුනක් හැරෙන්නට අනෙත් ගීතයන්හි රූප රචනය music video level එකට හෝ හින්දි පිචැර් තුල ඇතිවාක් මෙන්... සුන්දර දර්ශනීය පසුතලයන් යොදා ගනිමින් නිම නොකිරීම අපරාධයකි. එසේ කළා නම් මෙය හින්දි චිත්‍රපටයක් තරමේ සුන්දර එකක් වෙනවා නොඅනුමානය.


සුරේෂ් මාලියද්ද කියන්නේ ලංකාවේ ඉන්නා නොම්බර එකේ remake සංගීතවේදියෙක්ය. හැබැයි චිත්‍රපටයේ ප්‍රධානම ගීතය වන එදා රෑ ගීතය.... වෙස්සන්තර ජාතක ගායනාවක් කිරීම ගැන මාගේ බලවත් අප්‍රසාදය මෙයින් යොමු කරනවාය. අනෙක් ගීත සියල්ලම පට්ටය.


ලංකාවේ රොමැන්ටික්ම ගායකයා වන මිල්ටන් මල්ලවාරච්චි හා රොමැන්ටික්ම ගායිකාව වන ඉන්ද්‍රාදනි පෙරේරාගේ... "සමනල රෑනක් සේ..... අනන්ත හැඟුම් මැවේ..." නමින් අති සුන්දර ගීතයක් තිබෙනවාය..... මේ ගීතය නිෂ්පාදකයින්ට මෙන්ම අධ්‍යක්ෂකවරයාට මිස් වූයේ කෙසේදැයි යන කණගාටුවක් මට දරුණු ලෙසටම තිබෙනවාය. 


අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපට ගීතය දැක තිබුණේ වී නම්..... අනිවාර්යයෙන්ම එය චිත්‍රපටයට එකතු කරගන්නවා නොඅනුමානය. එය එතරම්ම සුන්දර ගීතයක් මෙන්ම රංගනයකින් හෙබි නිර්මාණයක් වූයේය.


අවසාන වශයෙන් කීමට ඇත්තේ.... ඔබ මිල්ටන් මල්ලවාරච්චිට ආදරය කරන රසිකයෙක් නම්.... නොවරදවාම ගොස් මේ අති සුන්දර නිර්මාණය රස විඳිනා ලෙසය. 


#මාතලන්

Sep 15, 2026

සමාජවාදී හා මාක්ස්වාදි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවන්

 


සමාජවාදී හා මාක්ස්වාදි පක්ෂ 

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් 

ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවන්

➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀


ආණ්ඩුවේ ඩෝබින්ගේ සූරපප්පා හෙවත් හිල්ගාමර් මහ ටොම්පචයා මෙන්ම මී හරකුන් පිරිසකට අම්බ කෙප්ප වගයක් කෙලමින් යාම මේ දිනවල කතා බහට ලක්ව ඇති අතර... 


මේ අමනයා තෙල බෙදුවේ උන් වාගේ ත්‍රස්තවාදීන් පිරිසක් මැතිවරණයකින් බලය ලබා ගත්තේ ලෝකයේ පළමු වරටය කියාය...


ඒ අම්බරුවාගේ හා උන්ගේ ලණු කන මී ගවයින්ගේ දැනගැනීම සඳහා මීට පෙර මැතිවරණ වලින් බලයට පැමිණි කොමියුනිස්ට්වාදි මාක්ස්වාදී හා ලෙනින්වාදි කාළකන්නින්ගේ ආණ්ඩු ලැයිස්තුව පහත දැක්වේ....


සැන් මරීනෝ (1945)

================


සැන් මැරීනෝ කොමියුනිස්ට් පක්ෂය ලොව මුල්ම වරට මැතිවරණයකින් ආණ්ඩු බලය ලබාගත් පක්ෂය වූ අතර ඔවුන් 1957 දක්වා බලය හොබවන ලදි.


චිලී (1970) 

=========


පොදු අපේක්ෂකයෙල් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ "සැල්වදෝර් ඇලෙන්ඩේ" නම් මාක්ස්වාදි නායකයා ලොව පළමු මාක්ස්වාදී ජනාධිපතිවරයා වූ අතර, 1973 දී හමුදා පාලනයකින් ඔහු ධූරයෙන් නෙරපා හරින ලදි.


ගයානාව (1953)

==============


බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ චෙඩ්ඩි ජගන්ගේ නායකත්වයෙන් යුත් මාක්ස්වාදී ප්‍රගතිශීලී ජනතා පක්ෂය ආණ්ඩු බලය ලබා ගත් අතර, 1992 ඔහු එරට ජනපතිවරයා බවට පත්විය.


මෝල්දෝවා (2001)

================


මෝල්දෝවා ජනරජයේ කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුවේ බලය ලබාගත් අතර 2009 දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන ගියේය. සෝවියට් සමුහාන්ඩු පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු බලය ලබා ගත් පළමු අවස්ථාව එය විය.


නේපාලය (1994)

==============


අසල්වැසි නේපාලයේ මාක්ස්වාදී හා ලෙනින්වාදී පක්ෂයක් වූ නේපල කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩු බලය ලබාගත් අතර 2008 දක්වා පැවතිනි.


වෙනිසියුලාව (1998)

=================


හියුගෝ චාවේස්ගේ එක්සත් සමාජවාදි පක්ෂය බලයට පැමිණි අතර ඔහුගෙන් පසු නිකලස් මධුරෝ බලයට පැමිණියේය. මොවුන්ගේ පාලනය යටතේ වෙනිසියුලානු වැසියන් අන්ත අසරණ කල අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකලස් මධුරෝ ඇමරිකාවට පැහැරගෙන ගියේය.


බොලීවියාව (2005)

================


ඊවෝ මොරස්ලෙස්ගේ සමාජවාදී පෙරමුණ බලය ලබාගත් අතර මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යයි.


නිකරගුවාව (1984)

================


1979 සැනනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ විප්ලවයකින් බලය ලභාගත් අතර, 1984 පැවති මැතිවරණයකින් ඩැනියෙල් ඔටේගා  ජනාධිපති වී 1990 බලයෙන් පහවිය.  2006 නැවත බලයට පැමිණීමෙන් පසු රට විනාශ කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යයි.


#මාතලන්‍

.

Sep 4, 2026

නාමල්ට මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට කෙලෙවෙලාම යන්නේ ඇයි?

 


නාමල්ට මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට 

කෙලෙවෙලාම යන්නේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖😁😁😁➖


ඕනෙම නම් "අයි ඩෝන්ට් නෝ වයි" කියා කියන්නට හැකිය. එහෙත් මේවා වෙන්නේ ඇයි කියා දන්න නිසා.... ඒ ගැනත් නොකියා බැරිය. 


ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැතැයි කියා කතාවක් තියෙනවාය... ඒ වගේම පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්නට බැරිය කියා කතාවකුත් තියෙනවා... එමෙන්ම කට කෑවත් ඇත්ත කියන්න ඕනා කියලා කතාවකුත් තියෙනවාය. 


ඒක නිසා දන්නා ඇත්ත කියලා දාන්නට ඕනෑ කියා සිතුනේය... දේශපාලකයින්ගේ හොඳ වගේම නරකත් තියෙනවාය.  ඒ වගේම.... හොඳ වැඩ වගේම අමු ගොන් වැඩත් කරනවාය...  මේ කියන්නට යන්නේ එහෙම කරපු ගොන් වැඩක් ගැනය...  නාමල් ඇතුළට දාන්නේ බ්‍රයිබරි කොමිෂන් එකෙන්ය... බ්‍රයිබරි කොමිෂන් එකට පොලිස් බලතල ලබා දුන්නේ අති පණ්ඩිතයින් දෙන්නෙක්ය.  ඒ විජයදාස රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන සර්ලා දෙන්නාය. ....


රට ආර්ථික වශයෙන් වැටුණායින් පස්සේ අයි ඇම් ඇෆ් එක රට ගොඩ ගැනීමට මෙන්ම රාජ්‍ය පාලනයේ විනයක් ඇති කිරීමට එක එක උපදෙස් දුන්නේය... ඒ... ආර්ථිකයට අදාලවය.... එහෙත් ඉන් උද්දාමයට පත් සමහර බක පණ්ඩිතයින් කරේ... ඉල්ලගෙනම කන වැඩය.


ඉල්ලගෙන කෑමේ හොඳම එකක් වෙන්නේ.  2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතය (Anti-Corruption Act)


එමගින් කොමිසමේ නිලධාරීන් සහ විමර්ශකයන් වෙත මීට පෙර නොතිබූ ආකාරයේ අති විශාල සහ ස්වාධීන පොලිස් බලතල මෙන්ම විශේෂ විමර්ශන බලතල (Special Investigation Techniques) නීත්‍යානුකූලව ලබා දුන්නේය....


බක පණ්ඩිතයෙක් වන විජේදාස රාජපක්ෂ උන්නැහේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ..... 2023 අප්‍රේල් 27 දාය.... ඒ අනුව.... 2023 අගෝස්තු 08 දින සිට මේ ඉල්ලගෙන කෑමේ පනත සම්මත වුණේය. ....


හිකෙන් පුනා යන්නේ.... මේවා ගෙනාපු එවුන්ටම මේ මේවායේ ඵලවිපාක විඳින්නට වූ නිසාය..... රනිල් වික්‍රමසිංහ මෙන්ම,  විජයදාස රාජපක්ෂගේ පුතාත් අත්අඩංගුවට ගත්තේ බ්‍රයිබරි කමිෂන් එකට එයාලාම ලබා දුන් පොලිස් බලතල යටතේය....


කරුමය කියන්නේ.... ඕනෑම එකෙක් ඕනෑම වෙලාවක මේ කොමිසමට පැමිණ ලබා දෙන කට උත්තටේ ඇත්ත හෝ බොරු හෝ වේවා චූදිතයා බෙල්ලෙන් අල්ලා ඒසී වෑන් එකේ දාගෙන අලුත්කඩේට හෝ කොටුවට ගෙන ගොස්... නිල්  පාට බස්සෙකේ වැලිකඩ යැවීමේ බලයක් මේකේ ඉන්නා මහත්වරුන්ට තියෙනවාය.... 


ඊට අමතරව....  ඕනම නම් චූදිතයාට සියදිවි නසා ගැනීමේ පහන් හැඟීමක් ඇති කර ගැනීමට කටයුතු යෙදීමටත් හැකි බවත් මෑතකදී ඔප්පු වුණේය.... 


හරි නම් කරන්නට තිබුණේ.... නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල මීට පවරන එකය. එහෙම වුණා නම් ඒකට නීතිමය තත්ත්වයක් ඇති වන්නේය.... එහෙම වුණා නම්...  පරීක්ෂණ පවත්වා.... සාක්කි සහිතව අධි චෝදනා ගොනු කිරීමේ බලය මීට පැවරෙනවාය....


එහෙත් දැන් සිදුවෙන්නේ... අපි පොඩි කාලේ කලාක් මෙන්.... හොරා පොලිස් සෙල්ලමක්ය....  ආණ්ඩුවට හිතෙන හිතන එකා  අල්ලාගෙන ගොස්  කූඩු කරන්නට දැන් රට පාලනයට එන ඕනෑම ගොනෙකුට පුළුවන්ය. ...


කොරෝනා තිබුණු කාලයේ PHI මහත්වරුත්....  පොලිස් බලතල ඉල්ලුවා මට මතකය.... මේ ගොන් බාස්ලා දෙන්නා වගේම.... ඒ කාලේ හිටපු පාලකයෝත් කුණු ඉනිස්පැට්ටර් මහත්තයලට පොලිස් බලතල ලබා දුන්නේ වී නම්...  වත්තේ එක මදුරු කීටයෙක් හිටියත්.... ගේ අයිති එකාට හිරේ යන්නට වෙන්නේය.... 


මේකේ හොඳම ආතල් එක වෙන්නේ.... බෙදුම්වාදීන් විසින් ඉල්ලන උතුරු නැගෙනහිරටත් පොලිස් බලතල ලබාදීමය.  ඒකත් ලඟදීම සිදුවෙන බවට පෙරමග සලකුණු පෙනෙනවාය.... ආන් එදාට ලංකාවට අබ සරණය. 


පණ්ඩිතයින්ට ඒදණ්ඩේ තබා වැල් පාලමේවත් යන්නට බෑ කියා.  අලුත් ආත්තෝපදේශයක් හැදුවා නම් හොඳයි කියා අද උදේ මට සිතුනේය. 


විසි දෙකත් සම්මත වූ එකේ.  විරුද්ධ පාක්ෂිකයින් සියලුම දෙනාටම ඒ කියන්නේ සතුරාට.....  ජල්බරි බ්‍රයිබරියේම සරණයි කියා පතනවා ඇරෙන්න... වෙන කියන්නට දෙයක් නැත්තේය....  


ඒ වගත් මෙසේය......


.

Sep 2, 2026

ආණ්ඩුවට වසර දෙකයි.. ජනාධිපති මහපාරේ ඇමතිලා බුකියේ

 


ආණ්ඩුවට වසර දෙකයි..

ජනාධිපති මහපාරේ ඇමතිලා බුකියේ

➖➖➖➖➖➖➖➖😁➖➖😁➖➖


දැන් උන්ගෙම පාපිස්සෙක් කියන්නේ.... පළපුරුද්දක් නැති එකෙක්ට වාහනේ යතුරවත් දෙන්නේ නැතැයි කියාය.... බීඩී සරත් සෑර් කියන්නේ..... රටක් පාලනය කිරිල්ල පාරේ උග්ගෝසන් නටනවා වාගේ ලේසි වැඩක් නෙමේ කියලාය...


ඒක කොච්චර නම් අමාරු වැඩක්දැයි කියා මුන් ඉන්ගිරිසියෙන් හානා හෑම දැක්කම ඕනෑම ගවයකුට වුව තේරෙනවාය.. ඒ විඳිනා දුක දැක්කාම අපිට තනි ඇහට ඇඬෙනවාය.....


ඩෝබිලා නම් කියන්නේ ඉන්ගිරිසි ඕනේම නෑ කියලාය... ඉන්ගිරිස් පුලුවන් උන් අවුරුදු 76 ක් තිස්සේ මේ රට උලාකෑවා කියලාය.. එහෙව් එකේ මේ උද්දික පුතාලා ඉන්ගිරිසි හත් පොළේ ගාගෙන නාන්නේ... මුණුත් දැන් අරුන්ටත් වඩා හොඳින් හොරාකන නිසාත්... ඉස්පීකින් ඉන් ඉන්ගිරිස් ඒකට අත්‍යාවශ්‍ය කොලොපිකේසොන් එකක් කියා හිතලා වෙන්නැතිය.....


හොරකම, දූෂණය, නාස්තිය, පගාව, ෆේවරේසොන්,  නඩු ඇහිලි.... හොරු හිරේ යාම් කොයි රටෙත් සිද්දවෙන සාමාන්‍ය දේවල්‍ය... ඔය හිරේ ගිය හැම එකාම හිරේ ගියේ යහපාලන කාලේ දාපු නඩු නිසාය... අවුරුදු දෙකක් ගිහිල්ලාත් මුන්ට තාම එක නඩුවක්කත් දාගන්න බැරි වුනේය.


මේ රටේ තියෙනා ප්‍රශ්ණය ඔය සිල්ලර ජනප්‍රිය කාරණා නොව... ආර්ථක ප්‍රශ්ණයක්‍ය.... ඒකට අද වන තෙක් කරපු එක ලබ්බක්වත් නැතිය... රටේ ණය බර තවත් වැඩි වෙලාය... 


ණයට ගැනිල්ල ලැජ්ජාවට කරුණක් නොවන බවත් තව තවත් ණයට ගන්නා බවත් කියන්නේ ජංගම පුස්සකාලයක් වන අනිල් ජයන්ත සෑර්ය....


මුන් මෙලෝ වැඩක් බැරි හාල්පාරුවෝ බවත්... මුන්ව ටෙස්‍ට් කරන්නට යන්න එපා යැයි අපි අනන්තවත් කිව්වේ මේ නිසාය... උගත්තු බුද්ධිමත්තු කියා ඇවිත් ඉන්නේ මරි මෝඩ ගව ගාලක් ඉතරක් නොව... ගොන්කම ඉහවහා ගිය පිස්සන් රැලකිය....


රටක් ගොඩ ගැන්මට ඉන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් ඇමතිවරුන්‍ය.... එහෙත් උන් කරන්නේ රට හැදිල්ල නොව ඩෝබිවරුන් කරනා සිල්ලර වැඩය... ඒ උන්ට වැඩ බැරි නිසාය... උන්ගේ තත්වය කෙසේදැයි කියා... උන්ගේ පේස්බුක් වෝල් බැලුවාම පේනවාය...


රනිල් හා එක්ව වසර දෙකකින් රට ගොඩදැමු කැබිනට් මණ්ඩලයත් පේස්බුක් එකේ උන්නා නම් මේ රටට අබ සරණය... තාම රට ආර්ථික වසයෙන් තියෙන්නේ එතනමය.... මුන් කරපු මෙලෝ ලබ්බක් නැතිය... උන් කර තිබෙනා සිල්ලර වැඩ උන්ගෙම පේස්බුක් වෝල් එකෙන් උස්සා පහළින් එල්ලනවාය.... 


කැබිනට් ඇමතිවරුත් ආන්ඩුව සෝදන ඩෝබිලා පමණය....


😁 කිව්ව විදිහටම ජනාධිපති හිමිකම් පනත වෙනස් කළා. හිටපු ජනාධිපතිලට හා වැන්දඹුවන්ට දීලා තිබ්බ වරප්‍රසාද අයින් කරලා අළුත් දේශපාලන සංස්කෘතියක් හැදුවා.


▫️️ඒවා අයින් කලාට තිබෙන වරප්‍රසාද වෙන උන්ටත් වඩා භුක්ති විඳිනවාය. හදිසියේ පනින්නට හෙලිකොප්පරුත් දෙකක් යනවාය 😁


😁 මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කලා. වාහන පර්මිට් අයින් කලා. බිස්නස් එකක් වෙලා තිබ්බ දේශපාලනය මහජන සේවයක් බවට පත්කලා.


▫️️දැන් වැටුප පැලවත්තට යනවාය. පර්මිට් නැති වුනාට හැම එකාටම රජයේ වාහනයක් හා ඩීසල් හා මේන්ටේන්  ටිකත් නොමිළේමය. කලින් එය රජයට බරක් වුනේ නැතිය. දේශපාලනය බිස්නස් එකක් වීම කෙසේ වෙතත් දැන් රට පාලනය කරන්නේ දේශීය හා විදේශීය බිස්නස් කාරයෝය. ජහමනයාට අරින්නේ කෙළත් නැතිවය. 😁


😁 මන්ත්‍රී චිට් එකට උස්-මිටිකම් වලට ආණ්ඩුවේ රස්සා දීමේ සම්ප්‍රදාය නතර කලා. දැන් රජයේ රැකියාවක් ලැබෙන්නේ නියමිත සුදුසුකම් ඇති අයට විතරයි.


▫️️මේ බයිලා කෙසේ වෙතත් ජනපති ලේකමාගේ සිට සියලුම ඇබෑර්තු පුරවන්නේ කළණියේ බැචාලාගෙන් හා කාඩර් එකෙන්‍ය... එහෙම දාපු විශාල පිරිසක් මේ හාල්පාරුවෝ එක්ක බෑ කියා රටත් දමා ගියේ... උන්ගේ බලනහර රැකගන්නටය.


😁 ස්වභාවික විපත්වලින් අවතැන් වූ ජනතාවට නිවාස ලබාදෙන්න මිලියන 3000 ක් වෙන්කලා. හදිසි කරදරයකදී ළඟින් ඉන්න එක අපට ලොකු සැනසීමක්.


▫️️දිට්වා වලින් පූර්ණ හානියට පත් නිවාස ගණන 6088 කි. එක නිවසකට මිලියනයක් ලෙස ගත්තද හදන්න වෙන්නේ නිවාස 300 කි. කයිතන් නම් කිව්වේ නිවසකට ඔව ටකරමකට මිලියනයක් දෙනවැයි කියලාය. 😁


😁 කූඹුරටයි නියරටයි වෙන වෙනම ඇමතිවරු පත්කරන ක්‍රමය නතර කලා. ඇමති මණ්ඩලය 22 යි. මුදලුත් ඉතිරියි. වැඩත් පිළිවෙලයි.


▫️️ඇත්තටම සිඳුවුනේ මුන්ට පත්කරන්නට පිරිසක් නැතිවීමය. ඇවිත් ඉන්නේ පාපිසි හා පොල්ලෙලි ගොඩක් බව කීවේ අප නොව උන්ගේ මහ එකාමය. 😁


😁 පඩිය සොච්චමක් වැඩි කරගන්න අපි කොච්චර දුක් වින්දද? අපේ ආණ්ඩුවෙන් තමා අපේ පඩිය වැඩි කරලා දුන්නේ.


රට කාපු හොරු ටික පෝලිමේ ඇතුළට යනවා. ඒ කරන වැඩේට අපි ආණ්ඩුවට පට්ට ලව්.


▫️️පඩිය වැඩි කලාට කැඩිය යුතු දළු කිලෝ ප්‍රමාණය වැඩි කරලාය. ඒ මදිවාට උන්ගේ ප්‍රධාන ආහාරය කිලෝවක් රුපියල් 17 කින් වැඩි කළේය. 😁


ඒ හැරෙන්න අද ලෝ ෆ්ලෝ බස් ගැන එකක් දාලා තියෙනවාය... ඒකෙනුත් හොඳ ගැහිල්ලක් ගසා ඇති බවට දැන් දැන් වාර්තා එනවාය...


කදිරගාමර් දිව්‍ය ලෝකේ ඉඳන් මෙව්වා බල බල හිකෙන් පුනා වෙනවා ඇතිය....


ස්වස්ති සිද්ධම් !!!!