.

.

Feb 6, 2012

ඕන් බලාගනිං මගේ තුන - # 3




වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
හැම පෝයෙම අනුරපුරේ
රතු කැට නිල් කැට කරේ බදින්නම්
නොගොහින් රත්නපුරේ
අම්මප බඳිනව උඹගේ කරේ.....//

කිරි කප කප උඹ මක්ක කොරනවයි
වලව්....ව හද්ද පාළුයි
වාහෙට කිය කිය ඉන්නේ මක්කටෙයි
මැණිකෙගෙ.... තුන් මාසෙත් ඉවරයි
අම්මප තුන් මාසෙත් ඉවරයි

වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

කට්ට සම්බලෙයි පොල් රොටි විතරක්
උඹ මට හදල දියන්
අතට පයට කඹුරන උන් ටික මැද
උඹ මගෙ මැණිකේ වෙයන්
අම්මප සම්බල හදලා දියන්

වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්.....

ඔසරි හවඩි මුතු මාල බැදන්
මගෙ යහනට රෑට වඩින්
ගමේ උන්ගෙ ඇස් එලියට එන්නට
ජෝඩූ දාලා යමු බන්
අම්මප ජෝඩූ දාලා යමු බන්
-0-
මේක තනිකර සත්‍ය කතාවක්.. එදා නොවෙයි මෙදා.. කවුරු මොනව කිව්වත් ඒ දේවල් අදටත් සිඳු වෙනවා. මේ මිනිස්සු ළඟ ධනය, භව භෝග වගේම ආදරෙත් පිරිලා තියෙනවා මගේ හිතේ. මේ හොර ප්‍රේමය මැණිකෙත්, වලව්වෙන් ජීවත් වෙන වාහෙත්, දරුවොත්, ගමත්, සේරම දන්නවා. 

මේක ගායනා කරන්න අලුත් පරපුරෙන් නම් ඉතින් දමිත් අසංක තමයි. එහෙම නැතිනම් මගේ ප්‍රියතම චන්ද්‍රසේන හෙට්ටිආරච්චිත් මරු. සුනිල් එදිරිසිඤෝටත් එඩ්වඩ් අය්යට උනත් මැච් වෙනව නේ....
හැබයි ඩොල්කියයි සර්පිනාවයි... සංගීතයට අනිවාර්යයි...


මේ මගේ "තුන".. ඒ කියන්නේ තුන්වන ගේය පද රචනාව..
මෙන්න එක
මේන් දෙක

48 comments:

  1. මම මේ බැලුව තුන කිව්වම!
    බලනකොට තුන්වෙනි සින්දුවනේ.:D

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් මගේ තුන දාන්න පුලුවන්යැ බොගේ

      Delete
  2. එතකොට එක දෙක කෝ?

    ReplyDelete
    Replies
    1. ඕන් ලින්ක් එකක් දැම්මා පෝස්ට් එකේම

      Delete
    2. a 2th ela,,, api balamu mokada wenne kiyala,,,

      Delete
  3. සින්දුවනම් අහලා නෑ.
    අර වෙඩිං කෝටෝ එක නම් පට්ටයි. අර රෙද්ද අස්සෙ මහත්තයෙක්ද කොහෙද. මණමාලිගෙ ඇඳුම!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහන්න කවුරු හරි කියන්න එපයැ.. ඒ පොටෝ වලට මමත් හරි ආසයි

      Delete
  4. අජිත් මුතුකුමාරණ කිව්වොත් හරි යන්නෙ නැද්ද මාතලන් ?.

    ReplyDelete
    Replies
    1. මම ඕක කියන පහලට ආවෙ.... උඹ කියලනෙ...

      Delete
    2. අඩේ මේක එච්චරම සවුත්තුද..... චෑ..... චෑ.... චෑ....

      Delete
  5. මේක තිතට හරියන්නේ රොඩ්නි වර්ණකුලට.... ඒකේ ආයේ හෝදන්න දෙයක් නෑ මචන්....

    ReplyDelete
    Replies
    1. උන් සරළ ගීතයක් ගායනා කළත් නාට්‍යමය ගතිය වැඩියි....

      Delete
  6. නරකද ලියුවා වගෙම කියුවොත් ?

    ReplyDelete
    Replies
    1. නැටුම් තෙල් දාගත්තම නම් කියන්න පුළුවන්.. නැතුව බෑ...

      Delete
  7. තුන හොඳා....තවත් හොඳා තුන ගායනා කෙරෙව්වනම්....නිහාල් නෙල්සනුත් හොඳා...

    ReplyDelete
    Replies
    1. නිහාල්ට ගැලපෙන එකක් තියෙනවා.. පස්සේ වෙලාවක දාන්නම්

      Delete
  8. යමන් බංඩො වෙසක් බලන්න වගේ එකක් නිසා ඩෙස්මන්ඩ් උනත් වරදක් නෑ

    හාමිනේත් නැතිවෙච්චි, තුන්මාසයක් බලා හිටිය වෙච්චි,?

    ReplyDelete
    Replies
    1. ඩෙස්මන්ලා දෙන්නම රටනේ.. මගෙත් ප්‍රියතම

      Delete
  9. මගෙ ඇස් පොට්ටවෙලාද? 1 සහ 2 කට දාපු ලිංක් පේන් නැත්තෙ ?

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ඩිලීට් කොරන බට්න් එක කෝ ?

      Delete
    2. කොයි වෙලෙත් ගහලා වගේ ඉන්නේ...

      Delete
  10. මදැයි තුන බලන්ඩ ආවා....

    මේකට චන්ද්‍රසේනයි එඩ්වඩුයි නන් හරි යන්නෙ නෑ. චින්ති වගේ පොරක් කිව්වොත් මොකද? ඩොල්කියයි සර්පිනාවයි එක්ක :)

    ReplyDelete
    Replies
    1. අන්න වෙන්න ඕන නම් වැඩ. එච්චර චැලේන්ජ් එකක් ගන්න භාතියලත් බයයි..

      Delete
  11. හික් හික් බැලුවේ කෝ තුන කියලා....

    ReplyDelete
  12. අයියගේ තුන නම් මරු...

    ReplyDelete
    Replies
    1. කෙල්ලොත් කියනවා ඔය කතාව

      Delete
  13. මාතලන්ගෙ 'තුන' බලලත් වැඩක් නැහැ කියල එන්නැතිව ඉන්න හැදුවේ... හිකිස්..

    ReplyDelete
  14. මේක දියං බන්දුල විජේවීරට. මම ටිකක් දවල් වෙලා ආවෙ උදීම අප්පිරිය හිතෙන එව්ව බලන්න හොඳ නෑ කියල පොඩි කාලෙ උගන්නල තීන නිසා

    ReplyDelete
    Replies
    1. මෙව්වා නිකන් නීල පටවල තියෙන ඒවා වගේ...

      Delete
  15. මම කියන්නේ Daddy !!! දමිත් අසන්කත් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඩැඩී අලුත්ම සිංදුවේ නානවා අම්බානක..

      Delete
  16. කිරි පුකාFebruary 7, 2012 at 12:11 AM

    පට්ට මාතලන් අයියේ.තනි ඇහැට ඇඩෙනවා

    ReplyDelete
    Replies
    1. අනික් ඇහැට මක් වෙලයි පුකෝ...

      Delete
  17. දමිත් අසංකගේ ගංජා වොයිස් එක තමා අයිඩියල්ම!

    ReplyDelete
    Replies
    1. මගෙත් නම්බර් වන් චොයිස් එක...

      Delete
  18. බස් අජිත් තමයි මේකට අයිඩියල් . . . .

    ReplyDelete
    Replies
    1. මාර චොයිස් නේ බන්. බස් අජිත්, බයිලා සැන්ටි..

      Delete
    2. අපි ඉතිං චොකලට් කේක්, ලුනු මිරිස් එක්ක කන කට්ටිය නෙ

      Delete
  19. මමත් හිතන්නෙ අබේ අයියා කිව්ව වගේ රොඩිනි තමා හොඳ ,,,, නැත්තං බන්දුලත් (බෑණා) හොඳ වෙයි

    ReplyDelete
    Replies
    1. එකම දේ එයාලා පීක් එකේ නෑනේ

      Delete
  20. මේ සින්දුව කාටත් වඩා හරියන්නෙම බන්දුලට.. නැතිනම් රොඩ්නිට නාට්‍යමය ගතිය වැඩි උනාට ඒකෙන් සින්දුවට හොඳක් වෙනවා. මේ ඒක නෙවෙයි මාතලන් කොහොමද මේකේ තාලේ?

    ReplyDelete
  21. මාතලන්ම කිව්වොත් අපිට අහන් ඉන්න බැරි වෙයිද??

    ReplyDelete
  22. නරකෙයි මාතලන්ම මේක කිවුවනම්....

    ReplyDelete
  23. මටනම් හොද තුන.අර දිනේෂ් කිව්ව වගේ මාතලං අයියාම මේ කවිය කියන්නකෝ

    ReplyDelete
  24. මාතලං අයියේ දැන් ඔගේගෙ 3 නම එලියෙ නිසා ගායකයෙකුත් දීල වැඩේ කරපන්කො...

    ReplyDelete
  25. මදෑ, මාත් වැඩ අතපහු කරගෙන මාතලංගේ තුන බලන්න මෙහෙට්ට රිංගුවා......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න