.

.

Mar 25, 2012

අපවත් කිරීම - Sending to Nirvana


පින්වතුනි.....
නින්දගම් කුඹුරු
දේවාලේ පඬුරු
කැටේ සම්මාදම්

තුබුනත් කොයිතරම්
බැරිය දකිනට නිවන්
ඉන්වෙස්ට්
කරමි මං
වැඩි ප්‍රොෆිට් එන ලෙසින්

පින්වතුනි......
ජීවිතය දුකක්මය
ඒ පින්වතුන්ටය

අපට නම් එහෙම නොව
වගකීම් හෙම නැතිය
ඒ නිසා හරි සැපය
ගිහි සැපය පරා

පින්වත්නී.....
පන්සලත් ඈවරය
අසපුනම් අලංකාරය
ක් දෙසුවත් ඉතින්
පින් නො
වේ ඉන්කම්ය
මේකප්ද කළ යුතුය
බිස්නස්
කරනෙමුය

පින්වත්නී.....
ජීවිතය අස්තිරය
හිස් අතින් යා යුතුය
ඒ ඉතින් ඉස්සරය
දැන් ඉතින් එහෙම නෑ

වෙහිකල්ද ජීවිතය
ඉන්ෂුවර් කළ යුතුය

පින්වත්නි.....
මරණෙ නම් ඉස්තිරය
නින්දේදී පැමීණේය
සමහරුන් ලෙඩවීය
දිගු ආයු විඳලාය
කලාතුරකින් ඉතින්

පිහි ඇනුම් කාලාය

පින්වත්නි.....
පෙරහැර දිදුලවනා තරු

කරඬු වඩම්මවනා ගරු
බස්නායක නිළමේවරු
සාසනේ රැකගති නිරතුරු

දෙවියෝ රැක දෙන්න ඕන
මිනීමරණ ඒ මැතිවරු


පින්වත්නී.....
බිස්නස් තව ජයට කර
මු
මරණෙත් ඉන්කමක් කරමු

පිහිය උසාවියෙ නොදමමු
නැවතත් අසපුවට ගෙනෙ
මු
සාංගිකයි ඒ වස්තුව
තෙලෙන් මලින් ගඳින් පුද
මු
.oOo.

ජීවිඨං අනියඨං
මරණං නියඨං
ඒථඛාං ජීවිඨං
ජොළියේං ගඨ ඛරං

78 comments:

  1. කවි ටිකනං මල් මසුරං...

    ReplyDelete
    Replies
    1. උඹම ඉස් ඉස්සෙල්ලම කොමෙන්ට් කොරපු එක හොඳා.. වැල් එක්ස්පීරියන්ස් නේ...

      Delete
  2. දැන් කාලෙ අහන දකින ඒවාගෙ හැටියට සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හිහ්... හිහ්... මාතලන් බොරු කියනවා හරි අඩුයි.. අපායේ යන්න වෙනවනේ.. මම ට්‍රයි කොරන්නේ අපායේ ඉඳන් දිවිය ළෝකේ යන්න..

      Delete
  3. අය්යෝ මේ අවනඩු කාට කියන්නද ඉතින් ?

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවොන්ට කියන්නයෑ. උන් වහන්සේ මේවා දකින්න වෙන නිසා නිවන් දැක්කා නේ. දැන් ඉතින් අපිට කියන්න වෙන්නේත් 33 කෝටියක් දෙවිවරුන්ටයි. සර්ව බළධාරී දෙවියන් වහන්සේටයි තමයි...

      Delete
    2. අර අලුත්කඩේ ඉන්නවා දිලීපා කියල ඇන්ටි කෙනෙක්. එයාට කියන්න. එහෙම නැත්නම් ශිරාණි කියල පත අම්ම කෙනෙක් ඉන්නවා. සුවර් එකටම අහයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඇයි බං අයියෙ අපේ තාත්තා.. අර ආඩම්බර එක්කෙනා... :)

      Delete
  4. මට නන්දක්කගෙ රංචාගොඩ ළමයගෙ සින්දුව මතක් උනා

    ReplyDelete
    Replies
    1. නන්දා අක්කා එයාගේ යුතුකම් ඉටුකරලා දැන් මුණුබුරු මිණිබිරියන්ට හම්බ කරනවා සුනිල් අයියා කස්ටිය එක්ක කඩේ යනවා. දැන් ඒ වෙනුවට අපි බයිලා ලියනවා.. කියන්න එකෙක් තමයි නැත්තේ..

      Delete
  5. කවි ටික නං එළ ඈ..මේවා ඉතිං කාට කියන්නද...මට මතක නෑ හරියට කව්ද කියලා සැරියුත් හාමුදුරුවොද මුගලන් හාමුදුරුවොද කියලා හොරු සෙට් එකක් ඇට බිඳලා අපවත් කරා කියලා පොඩි කාලේ ඉගැන්නුවා..ඒත් මේවගේ කඩු කේස් එකක්ද දන්නෑ.....බස්නායකලා ඒකාලෙත් ඉන්න ඇති නේ....

    ReplyDelete
    Replies
    1. මුගලන් මහරහතන් වහන්සේ

      Delete
    2. මුගලන් හාමුදුරැවන්ට (රහත් වූ ආත්මයේ පවා) පල දුන්නේ පෙර ආත්මභවයක දෙමාපියන් ඝාතනය කර සිදුකරගත් ආනන්තරීය පාප කර්මය.
      ප.ලි - @ඔබ නොදුටු ලොවක්,කණගාටුයි ඔබට කතාවේ හරය මතක තිබිල නැතිවීම ගැන.

      Delete
    3. එහෙනම් මේ දෙනමත් ආනන්තරීය පාප කර්ම කරලා ඇති..

      Delete
    4. රහතන් වහන්සේලා මැරීමත් ආනන්තරිය පාප කර්මයක් නේද? එහෙනම් මුගලන් හාමුදුරුවෝ මරපු කෙනත් නිකන්ම ආනන්තරිය පාප කර්මයක් කරගෙන.

      Delete
    5. ඔව්, පැහැදිලිවම.

      Delete
  6. ඝාතනයට ස්වාමීන්වහණ්සේ මුදල් එකතු කොට තිබුණේ සැත්කමක් සදහා බව මාධ්‍ය වල පලවී තිබිණි.ටිකක් හොයල බලන්න.(ස්වාමීන් වහන්සේලාට කියා කොහෙවත් නොමිලයේ බෙහෙත් කරන්නේ නැත)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඝාතනයට ලක්වූ - මේ "ලක්වූ" කොටස ටයිප් වී නැත

      Delete
    2. ස්පෙසලිස්ට්ලා චැනල් කොරන්න. ප්‍රයිවේට් හොස්පිටල් වල රූම්ස් ගන්න නම් සම්මාදම් ඕන තමයි.

      Delete
    3. ඒ සල්ලි ඉන්වෙස්ට් කරන්න නේද ගෙනල්ල තිබ්බෙ

      Delete
  7. පිස්සු කොර වෙලා ආයිත් කොර වෙනව... අන්තිම ගාථාව ඔක්කොටම වඩා සුපිරියි ;)

    ReplyDelete
    Replies
    1. මම උදේ හවස බුදුන් වඳින්නේ ඔය ගාතාව කියලා

      Delete
  8. මුලු කතන්දරයම අඩංගුය.

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් එහෙමය

      Delete
  9. ඉන්තෙරුවට කියල තියෙන්නේ.. ආයේ මොනවාද?

    ReplyDelete
    Replies
    1. ලස්සන වචනයක්.. ස්තූතියි මතක් කොලාට..

      Delete
  10. තවද ..
    පින්වතුනි.
    ‍කොපමණ පඩුරැ පාක්කුඩම් ලැබුනත්..
    රකින්නට දරු පවුල් නැති වුනත්..
    දේශපාලකයන්ට කඩේ යා යුතුම ය.
    රස්සාවක්,දරැවාට හොද පාසලක් සදහා නොව.
    නිර්වාණයට අන් මගක් නැත් නිසාවෙනි

    ReplyDelete
    Replies
    1. කරඬුව වඩම්මනවාට වඩා බැතින්

      Delete
  11. අනේ මේ ගාතාවේ තේරුම කියලා දෙන්ටකෝ ඔක්කොටම කලින්. :D

    ReplyDelete
    Replies
    1. ඔය ජාතියෙම එක්කෙනෙක් ඉන්නවා ඉතාලියේ ඉල් මොන්දෝ කියලා. තාම ඇහුවේ නෑ. ඔය ප්‍රශ්නේ..

      Delete
  12. දැන් බැලුවම සපුමල් කුමාරයාගේ කඩුවේ සිද්ධිය වෙනුවට රක්ෂණ කතාවක් සමාජ ගතවෙලා.

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් බයිලා. ඇත්ත කතාව තමයි ඔය..

      Delete
  13. අපූරුයි බොල මාතලං, ලියලා මේ අනං මනං, යන්න බැරිවේවි බොට නිවං, ඔන්න නොකිව්වයි කියන්න එපා මං

    ReplyDelete
    Replies
    1. තන්හා, ආශා, ඇලිම් ගැලීම් නැති අපි මේ බවයෙම නිවන් යනවා..

      Delete
  14. ලොක්කගෙ කඩු පිස්සුව නිසා කටුගේත් ඉවරයි, හාමුදුරුවොත් ඉවරයි. ඔය ලක්ශ පහේ ඉන්සුවරැන්ස්, ඔපරේසං එකට සල්ලි එකතු කරපු කතා ගොතපුව.

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙනම් කියන්න ඇත්ත කතාව.

      Delete
    2. http://www.lankaenews.com/Sinhala/news.php?id=19721

      හොඳට කියව ගන්න.

      Delete
    3. හොඳට කියව ගන්ත,

      ERROR

      The requested URL could not be retrieved

      While trying to retrieve the URL:

      The following error was encountered:

      Access Denied.
      Access control configuration prevents your request from being allowed at this time. This may be due to a pending court matter.

      ඔන්න ඕක තමයි තිබ්බේ.

      Delete
    4. ඔහොම තමයි දෙවෙනි ඉඩිඅමින් රජවුනු රටේ ඉන්නකොට. TRC එකෙන් ඉන්ටනෙට් බ්ලොක් කරනව නේ? අනේ සාදු!

      කාරි නැහැ, තව ගොට්ට අල්ලන්ට මයේ දෙයියෝ!

      අපි නම් යුරෝපෙට පැනගත්ත නිසා ඊ නිවුස් පේනව, කඩු පිස්සුව ගැන ඔක්කෝම දන්නව.

      1. මහින්ද කියල කෙනෙක්, කෝල් කරල ඇහැව්වලු, තාම කවුරුත් අල්ලං නැද්ද කියල- කෝට්ටෙ ඉන්න මීඩියා කාරෙයෙක්ගෙන්.

      2.මහින්ද කියල ලොක්කෙක් අම්මානක බැන්නලු ගයිරික පේරුසිංහට ලක්බිමේ කඩු කතා දැම්මයි කියල. ආයි එහෙම කඩු කත දැම්මොත් බලාගමුයි කිව්වලු.

      3. අල්ලගත්ත සැකකාරයොන්ගෙන් ප්‍රස්නකරන්න දීල තියෙන්නේ ඩී. අයි. ජී සින්දුකාරයට විතරයිලු.

      4. ලොක්කට කියලලු ප්‍රොස්ට්‍රේට් කැන්සර් එකෙන් ගොඩ් එන්නනම් සපුමල් කුමාරයාගේ මගුල් කඩුව ගන්න කියල. හිහ් හිහ් හිහ්.. අනේ ලංකාවට ගිය කල..

      Delete
    5. ආ ලංකා ඊ නිව්ස්ද කියවන්නේ?
      එහෙමනං ඔයා තරං දන්න කෙනෙක් කොහේවත් නැහැ. ලෝකේ තියෙන 100%ක් සුපිරිසිදු ඇත්තම කියන සයිට් එකක් බලන ඔයා හරි වාසනාවන්තයි අනේ.

      Delete
    6. හානේ මේ බොරු කියන සයිට් වලින් ජහ-මනයා බේරගන්න නේ ඊ නිවුස් බ්ලොක් කොරන්නේ.
      අනේ මයෙ අම්මා, තව කඩේ යමන්!

      Delete
    7. මාධ්‍ය වලට වාරණ දාන කොට රූමර්ස් ඉගිලෙනවා. දිණමිනෙයි ඊ නිව්ස් වලයි වෙනසක් නෑ දෙන්නම් එක්ස්ට්‍රීම් ගිහින් හිතළු ලියනවා.

      Delete
    8. ඇයි මාතලන් e නිව්ස් ගැන කතා කරනකොට දිණමිනක් ඇදල ගත්තේ ?.. එක්ස්ට්‍රීම් ගිහින් හිතළු ලියනවා ??? වට් ද... ෆක් ??? ඇයි පියෝ සිංහලෙන් ලියන්න බැරිද ඊ නිව්ස් කියන්නේ තනිකර මඩ පත්තරයක් කියල ?

      Delete
    9. /// මාධ්‍ය වලට වාරණ දාන කොට //
      ඇයි බන් ඊ නිව්ස් එකට මාධ්‍ය කියල කියන්නනේ ? එතොකොට කැලා පත්තර වලට මාධ්‍ය කියලද කියන්නේ ?
      බලන එව්වෝ දැකල ඇති උන්ගේ banner එකක් දල තියනවා "අපගේ දුරකථනය ගිනිගන විනාස වී ඇති බැවින් නව දුරකථන අංකය " කියල. මොන රටේද බන් දුරකථනයත් එක්ක දුරකතනයේ අන්කෙත් විනාස වෙන්නේ ?? :) යුරෝපෙ ඉන්න ගොන් හැත්තට මේවා නොතේරෙන හැටි ?

      Delete
    10. කාටද ප්‍රොස්ට්‍රේට් කැන්සර්?

      Delete
  15. සමා වෙන්න කිව්වට. ඔය සිද්දිය රට මැද්දට වෙන්න උනා නම් මට මෙච්චර දුකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හික් හික්... එව්වා සුම්මා.. ගාඩ් දාගෙන වැඩ ඉන්නේ.. මොකෝ සාසනේ ආරක්ෂා කරන දෙවිවරුවත් ෂුවර් නැති නිසා. ඇයි බං දන් දෙන අට පිරිකර ටික ඉස්සුවත් මදෑ.. පොලිස්පතිත් එකක් දුන්නේ මේ ළඟදි...

      Delete
    2. හික්.. හික් .. ලංකාවේ පොලිස්පති කියල කෙනෙක් නෑ. පූස්පති කියල එකෙක් නම් ඉන්නවද කොහෙද.

      Delete
    3. ලංකා ඊ නිවුස් / අයි ටි එන් / දිනමිණ බැලුවට කමක් නෑ, අයෙත් ඒවා තැන තැන කියන්න යන්න එපා, එතකොට මොලේ තියෙන තැන හැමෝම දැන ගන්නවා..

      Delete
  16. ඇත්තටම මුලින් කිවේ සල්ලි කථාවක් ‍නොවේ. මැණික් ඔබ්බපු රන් කඩුවක කථාවක්. කවිපෙල හොඳ වුනත් සිද්ධියට ගැලපෙද්දි ඇත්ත නැත්ත අනුව සලකා බලන්න වෙනවා............

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව තමයි ඔය..

      Delete
    2. කොහොමද ඇත්ත කතාවමයි කියල ඔප්පු කරන්නෙ ? ඔයත් ආතල් එකට හිතළු ලියනව නෙවෙයිද ?

      Delete
    3. ඒවා උසාවියේදී තීරණය වෙයි. අනික පන්සලේ දායකයෝ දන්නවා ඇත්ත කතන්දරේ. පොඩ්ඩක් පන්සල ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න..

      Delete
  17. මේ ගෙවෙන්නේ බෞද්ධ දර්ශණයේ අවසන් කාලයලුනේ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේ වෙනසට මම කැමතියි..

      Delete
  18. කියන්න දේවල්නං බොහෝයි . . .

    ReplyDelete
    Replies
    1. ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි.. යලි නොම එන්නට ගිය ගමනයි..

      Delete
  19. හ්හ්ම්ම්ම් . . . . ඔය ඔක්කෝම කාගෙන කාගෙන ගිහින් නැටි ටික වත් ඉතුරු වෙන දවසක් එන්නේ නැතෑ . .. . හ්හ්හ්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඒකනම් වෙයි මෑතකදිම..

      Delete
  20. මාතලන් බලන විදිහනං..
    හිතා ගන්ට බැහැ බොලං..
    ඒත් ඉතිං..
    මේව නම්..
    බොරු නෙවෙයි..
    ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. බොරු කියා තවත් අපායකට යන්න කැමති නැත. මේ අපායේ සිට අපායවල් එපාවී ඇත..

      Delete
  21. සීයාගේ කලේ ඉදල අපේ ගෙදර උදලු පොරෝ තියෙන මුල්ලේ තිබුන පරණ මලකඩ කාපු කඩුවක්. කොයිකටත් කියල එක රේල් පාරේ එහා පැත්තටම විසි කරලා දැම්ම. කියන්ඩ බෑනේ මාතලන්.

    ReplyDelete
  22. අර අන්තිම ගාථාව නම් මරේ මරු.....

    ReplyDelete
    Replies
    1. ත්‍රිපිඨකයේ තියෙන හොඳම ගාථාව...

      Delete
  23. අද බණ දෙසන එක බිස්නස් එකක් වෙලා, බණ දෙසන ඇත්තෝ සහ බණ අසන ඇත්තෝ අතර තියෙන්නේ ගනු-දෙනු වක් විතරයි. කොහොම උනත් එදා දොහොත් මුදුන් දීල වඳ සිවුර අද වෙද්දී බාල්දු වෙලා / බාල්දු කරලා. එහෙව් එකේ මේ ඊයේ පෙරේද ඇහුන වගේ දේවල් ඇහෙන එක ලොකු අරුමයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ළොව ප්‍රථම රැකියාව නේ.. මිනිසුන් බය කර ආහාර ලබාගැනීමේ කළාව..

      Delete
  24. ෆුල් මාර්ක්ස් මාතලන් 100%
    [ඉස්කෝලෙ යන කාලෙ කවදාවත් හම්බුනාද ? ]

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඔබෝ.. මට ඊට වඩා සතුටු කවි පෙන්නන්න බැරි උනුත් දැන් කවි වලට කැමති එකට. ඉස්කෝලේ යන කාළේ ගනං වලටනම් කීප සැරයක් ලැබිලා තියෙනවා. සයන්ස් වලට තමයි අඩුම...

      Delete
  25. observer කීව වගේ 100% දුන්නත් මදි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබාටත් වඩා තෑන්ක්ස්

      Delete
  26. Replies
    1. ඕක තමයි ළොකුම ලෙඩේ. ඔහොම කියල හරියනවැය..

      Delete
  27. හනුමාන්March 27, 2012 at 9:27 PM

    ඇඬෙනවා මාතලන් ඇඬෙනවා ඔයාගෙ කවි වලට ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න