.

.

Mar 1, 2012

කෙල්ලෝ කොල්ලන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොනවද ? - What women want in men ?


පොකුගේ අන්තිම පෝස්ට් එකේ තිබුනා එයා හොයන කොල්ලගේ ගතිගුන මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා. එහෙම දෙයක් දාපු එක බොහොම හොඳයි. මොකෝ පස්සෙ කාළේක ඌට කියන්න බෑ, ආ ඇත්තද, එහෙමද, මට අමතක උනා වගේ ඇක්ස්කියුස්. ඇත්තටම මොනවද  කෙල්ලෝ  කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගැහැණුන්මොනවද මිනිහගෙන් බලාපොරොත්තු වෙන්නේ..මේ විෂය පිළිබඳව විශේෂඥයකු වන Dr. මාතලන් වගේ කෙනෙක් මේ ගැන දක්වන, මනෝ විද්‍යාවේ නවීනතම සොයාගැනීම්, ජීවන රටාවේ වෙනස්වීම, ලිංගිකත්වය පිළිබඳ නවතම පර්යේෂණ අලලා ලියන අදහස් දැක්වීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක්. මේ ඒ බලාපොරොත්තුව ඉටු කිරීමක්....

 මුල් අවස්ථාවේ (වයස 22 දී පමණ.)
  1. බ්‍රැඩ් පිට් මෙන් ආරෝහ පරිනාහ දෙහයෙන් යුතු
  2. ලියනාඩෝ ඩි කැප්‍රියෝ මෙන් ප්‍රියජනක
  3. ෂාරුක් ඛාන් මෙන් සල්ලිකාර
  4. ටෙනියා මෙන් ජෝක්ස් දාන
  5. බූරුවෙක් මෙන් කී දේ අසන
  6. ජෝන් සීනා මෙන් ශක්තිමත්
  7. හමීඩියාස් ඩමීස් මෙන් අඳින පලදින
  8. මගේ සෑම දෙයක්ම අගය කරන
  9. ඇස් උඩ යන තෑගි ලබාදෙන
  10. වැල ෆිල්ම් වල කොල්ලා මෙන් ශෘංගාරාත්මක
වයස 32 දී
  1. මනා පෙනුම (කොන්ඩය තිබිය යුතුය.)
  2. වාහනයේ දොර ඇරදීම, ෂොපින් යාම
  3. පීසා හට්, කේ ඇෆ් සී හා ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් හී ආහාර ගැනීම
  4. කතාකරනවාට වඩා සවන්දෙන
  5. මගේ විහිළුවලට සිනාසෙන
  6. අපහසුවක් නැතුව බඩු මළු අතින් කටින් ගෙන ඒම
  7. එක ටයි පටියක් හෝ තිබීම
  8. ගෙදර කෑම අගය කිරීම
  9. උපන්දින හා සංවත්සර මතක තබා ගැනීම
  10. සතියකට එක වරක් පමණ එක්වීම
වයස 42 දී
  1. කැතම නැති (තට්ටය අවුලක් නැත.)
  2. මා අසුන් ගන්නා තෙක් වාහනය ස්ටාට් නොකරන
  3. යකා මෙන් මුදල් සෙවීම - ඉඳහිට ගෝල්ෆේස් එකේ හෝ ඩිනර් ගැනීම
  4. මා කතා කරන විට ඔළුව වැනීම
  5. මගේ ජෝක්ස් වලට සිනහ වෙන තැන් දැන සිටීම
  6. ගෙදර අස් පස් කිරීමට හැකිවීම
  7. නෙරා ඇති උදරය නොපෙනෙන ලෙස ඇඳුම් ඇඳීම
  8. පියන විවෘත කළ නොහැකි නිෂ්පාදන නොගෙනීම
  9. කොමඩ් සීට් එක නිතරම ඉහලට ඔසවා නොතිබීම
  10. සති කිහිපයකට සැරයක් පමණ එක්වීම
වයස 52 දී
  1. නහයේ මයිල් හා කනේ මයිල් බෑම
  2. පඩ ඇරීම හෝ පුක කැසීම ප්‍රසිද්දියේ නොකිරීම
  3. මුදල් ඉල්ලා කරදර නොකිරීම
  4. මම පඩ අරින විට කිරා වැටෙමින් හිස නොසෙල්වීම
  5. එකම විහිළුව නිතරම රිපීට් කිරීමෙන් වැලකීම
  6. සතියකට සැරයක්වත් සෝපාවෙන් නැගී සිටීමට හැකි වීම
  7. කලිසමට ගැලපෙන මේස්, බෙල්ට් හා ෂර්ට් ඇඳිම
  8. රූපවාහිනියේ කුකින් රස බැලීම
  9. සමහර අවස්ථාවල මගේ නම මතකයේ තබා ගැනීම
  10. මාස කීපයකට පමණ හෝ එක්වීම
වයස 62 දී
  1. කුඩා දරුවන් බය නොකිරීම
  2. ටොයිලට් එක ඇති තැන දැනසිටීම
  3. මුදල් අවශ්‍යම නොමැති වීම
  4. නින්දේදි තදින් නොගෙරවීම
  5. මොනවට සිනහවෙනවාදැයි දැන සිටීම
  6. යාන්තම් නැගී සිටීමට හැකිවීම
  7. කුමක් හෝ ඇඳුමක් ඇඳ සිටීම
  8. කෙටි කෑමකින් සැනසීම
  9. දත් කුට්ටම ඇති ස්ථානය දැන සිටීම
  10. මේ සති අන්තයයි යන්න පමණක් දැනසිටීම
වහස 72 දී
  1. හුස්මගැනීම
  2. ටොයිලට් එකේ පමණක් චූ කිරීම
මේකේ අවදී කීපයක් පසු කර සිටින මට අනාගතය දැක්කම ඇඬෙනවා අප්පා..

102 comments:

  1. මාතලන් අය්ය කට්ටියව බය කරනව වගෙ උදේ පාන්දර .
    …උදේ පාන්දර හොඳට හිනා උනා . :D

    ReplyDelete
    Replies
    1. බලාගෙන කෙල්ලේ මහත් වෙයි

      Delete
  2. තව 10කට අවුලක් නෑ වගේ.

    ReplyDelete
  3. මාතලන් අයියගෙ යන්නෙ 52න් පස්සෙ යන සෙට් එක මගෙ හිතේ... බය හිතෙනව බන් අයියෙ... එකම මිනිහට මේ ඔක්කොටම ගැලපෙන්න ඉන්න පුළුවන් වෙයිද?...

    ReplyDelete
    Replies
    1. තවම ඒකට ගියේ නෑ.. මේ ඉන්නේ බන් යසට

      Delete
  4. කෝ මේකේ ඕනෙම ටික නෑනේ...

    කමක් නෑ.. දැන් කෝ මේ අපේ ස්ත්‍රීන්.. එන්න බලන්න පෝළිමේ.. ඇවිත් කියන්න බලන්න මේවා කීයක් ඇත්තද කියලා...:)

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ඕනම ටික...

      Delete
  5. දැන් මම පළවෙනි අවධියේ ඉන්නෙ... 3 වෙනි එක විතරයි අඩු....

    ReplyDelete
    Replies
    1. අනේ දුක හිතෙනවා :D

      Delete
    2. ඇත්තටම 5නම් තියෙනවා කියලා ෂුවර් අනිත් එව්වත් දැන්නම් ෂුවර් නෑ අප්පා.....

      Delete
    3. අපොයි බුදු අම්මේ තුන නැතුව මුකුත් කරන්න බැහැනේ

      Delete
  6. හ්ම්.... 80% වගේ හරිනෙ.... මට තාම අදාල පලවෙනි අවදිය විතරයි හැබැයි... :D

    ReplyDelete
  7. මොන සෙල්ලං දැම්මත් ජරාවට යන එක වලක්කන්න බෑ නේන්නනං...... අන්තිම අන්තිම වෙද්දි සෙක්ස් වලට තැනැක් ඇත්තමෙ නෑ නේද.....!

    ReplyDelete
    Replies
    1. සෙක්ස් තියා බුද්ධි පිරිමි කමටවත් තැනක් නැති සීන් එකක් තියෙන්නේ....

      Delete
    2. onna buddiyoo adapan chittarayak mekata..meka wife ta karadara karanna yanakota wife hadi mitath aran muwa elawana seen kon ekak :P

      Delete
    3. අපොයි තියෙනවා හැබැයි ගෙදර නෙමෙයි

      Delete
  8. පිරිමි අපිට උරුමේ මේකද මාතලන් , අෆොයි ....

    ReplyDelete
    Replies
    1. පිරිමියෙක් වෙන්න පින් කරන්න ඕන කියන්නේ පට්ට පල් පල් බොරුනේ

      Delete
  9. අහෝ දුකකි!:-o
    අපි නම් තාම මුල් අදියරේ :P

    ReplyDelete
    Replies
    1. ඔච්චර තමයි ඊට පස්සේ ඉවරයි

      Delete
  10. Replies
    1. මේ මොකෝ ඇඩ්ස් දාන්නේ.. ඒවා ඔට්ටු නෑ
      LOL = Lanka Orix Leasing

      Delete
  11. හයියෝ මොනා කියන්නද මේවාට.. ඔක්කොම හරි වගේ දැනෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. බලං හිටපං හම්බෙයි මේං කියලා.....
      (කෙල්ලන්ට ෆිල්ම් බලන එක තහනම් කරන්න ඔ්නෙ...)

      Delete
    2. මොන ෆිල්ම්ද අෆ්ෆා :)

      Delete
    3. මොකක්ද වගේ.. ඇත්ත ඒක තමයි.. නරකයා කියන්නේ මයේ හිතේ නරක ෆිල්ම්

      Delete
  12. අපි නම් තාම මුල් අවධියේ බලමුකෝ එහෙනම් පහුවෙද්දි මෙහෙම වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මොකක් බලන්නද බලාගෙන හිටහන් කට ඇරගෙන

      Delete
  13. වයස 55 දී මිනිස්සු පැන්ෂන් යන්නේ මොකද කියල සිරාවටම තේරුනේ මේක දැක්කම. සංසාරේ භවේ දුකා කියන්නේ ඕකනේ.

    ReplyDelete
    Replies
    1. දැන් තේරේනවා නේ හේතුව

      Delete
  14. දැන් කොල්ලො කෙල්ලගෙන් බලාපොරොත්තු වල දේත් ලියාපල්ලකො අපට බලන්න.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවද ඉතින්
      1. සැක්ස්
      2. සැක්ස්
      3. සැක්ස්....cont..

      Delete
  15. ඇත්තටම මගේ බලාපොරොත්තුව නම් හැටට මෙහා චුත වෙන්න. වයසට යන්න යන්න අනිත් අයට කරදර වැඩි වෙනවා. කොහොම වුනත් පර්යේෂණය නම් පට්ට. පට්ට කියන්නේ පට්ටපල් ඇත්.

    ReplyDelete
    Replies
    1. මගෙත් පරම පැතුම එයයි

      Delete
  16. මාතලන් ගේ මේ ලිස්ට් එක දැන් කාලෙට ටිකක් ගැලපෙනවා මදි කියල හිතෙනවා මට. විශේෂයෙන්ම මුල් අවස්ථා 3. බලමුද මගේ ලිස්ට් එක.....

    මුල් අවස්ථාවේ (වයස 22 දී පමණ.)
    1. Twilight Movie එකේ Robert Pattinson මෙන් කඩවසම් වීම
    2. ලියනාඩෝ ඩි කැප්‍රියෝ මෙන් ප්‍රියජනක
    3. Mark Elliot Zuckerberg මෙන් සල්ලිකාර
    4. ලෝකේ ඉන්න එකම කෙල්ල එයා යයි සිතා කටයුතු කිරිම
    5. බූරුවෙක් මෙන් කී දේ අසන කෙල්ලගේ යාළුවන් ඉදිරියේ හරකා වෙන
    6. ජෝන් සීනා මෙන් ශක්තිමත්
    7. Back Street Boys මෙන් අඳින පළඳින
    8. මගේ සෑම දෙයක්ම අගය කරන
    9. ඇස් උඩ යන තෑගි ලබාදෙන
    10. Aameer Khan මෙන් ශෘංගාරාත්මක

    වයස 32 දී
    1. මනා පෙනුම (කොන්ඩය තිබිය යුතුය.)
    2. වාහනයේ දොර ඇරදීම, ෂොපින් යාම
    3. හමීඩියාස් ඩමීස් මෙන් අඳින පලදින
    4. පීසා හට්, කේ ඇෆ් සී හා ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් හී ආහාර ගැනීම
    5. කතාකරනවාට වඩා සවන්දෙන
    6. මගේ විහිළුවලට සිනාසෙන
    7. අපහසුවක් නැතුව බඩු මළු අතින් කටින් ගෙන ඒම
    8. ගෙදර කෑම අගය කිරීම සහ සමහර විට ඉවීමට හැකිවීම
    9. දරුවන් බලා ගැනීමට හැකීවීම
    10. උපන්දින හා සංවත්සර මතක තබා ගැනීම
    11. සතියකට එක වරක් පමණ එක්වීම (මේක සමහර වෙලාවට දිනපතා වෙන්නත් පුළුවන්)

    වයස 42 දී
    1. කැතම නැති (තට්ටය අවුලක් නැත.)
    2. මා අසුන් ගන්නා තෙක් වාහනය ස්ටාට් නොකරන
    3. යකා මෙන් මුදල් සෙවීම - ඉඳහිට ගෝල්ෆේස් එකේ හෝ ඩිනර් ගැනීම
    4. මා කතා කරන විට ඔළුව වැනීම
    5. මගේ ජෝක්ස් වලට සිනහ වෙන තැන් දැන සිටීම
    6. ගෙදර අස් පස් කිරීමට හැකිවීම
    7. නෙරා ඇති උදරය හැකි තරම් අඩු කර ගැනීමට උත්සහ කිරීම
    8. පියන විවෘත කළ නොහැකි නිෂ්පාදන නොගෙනීම
    9. සතියකට දෙවරක් පමණ එක්වීම

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතින් හදන්න ගියාට පොඩි පොඩි වෙනස්කම් එක්ක වෙන්නේ එකම දේ..
      @ ඊ මේල් කවිකාරි
      ඔහේ මක්කටෙයි බය වෙන්නේ

      Delete
  17. පොඩි ප්‍රශ්නයක් තියනවා..ඔය වයස කොල්ලගේ වයසද? කෙල්ලගේ වයසද?

    ReplyDelete
    Replies
    1. උඹට පේන්නේ කාගේ වගේද

      Delete
  18. අනේ.. මෙහෙම කියනකොට බයේ බෑ,..

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ ඇත්ත ඕක තමයි

      Delete
  19. හඃ හඃ හා...මම ලියපු පොස්ට් එකක් තියනවා draft එකේ. පබ්ලිෂ් කරන්න ඕනෑ...

    ReplyDelete
    Replies
    1. කියෙව්වා මරු පට්ට කෙල්ලෙක්නේ

      Delete
  20. Replies
    1. මමත් ඔය වයසෙදි රටෙන් පිට හිටියේ.. දෙයියෝ ඔය චාන්ස් හැම තිස්සෙම දෙන්නේ නෑ

      Delete
  21. හෆෝයි, මේ වගේ පෝස්ට් නම් තහනම් කරන්නෝන, මේවායින් කෙල්ලන්ට උල්පන්දම් දෙනවා. කෝ මේ මහින්ද මාමා?

    ReplyDelete
    Replies
    1. මහින්ද මාමටත් ඔච්චර තමයි

      Delete
  22. මම තාම ඉන්නේ පළවෙනි කොටසේ.. මේ ටික හොදට අධ්‍යනය කරන්න ඕන.. ස්තූතියි මාතලන් වෛද්‍යතුමනි..

    ReplyDelete
    Replies
    1. ෆ්‍රේම් කොල්ලා තියා ගත්තත් අවුලක් නෑ

      Delete
  23. අපිවත් බය කරනවනේ.....

    ReplyDelete
    Replies
    1. බයකරනවා නෙමෙයි බන් දැණුවත් කොරනවා

      Delete
  24. අවධි කිහිපයක් පහු කරා කිව්වා? :0 දැන් මාතලන් අයිය ඉන්නේ මොන අවධියේද?

    ReplyDelete
  25. අපි කාටත් ඉතිං ඔය සෙතේ තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න කිරිපුතාට තේරෙනවා මොකාටද වගේ

      Delete
  26. මමනම් තාම පලවෙනි අවදියටවත් ඇවිල්ලනෑ....
    ඒත්..ඔය කියන ඔක්කොම....අනේ මන්ද.....o.O
    තාම හිතල නෑ...අනෙ අම්මෝ ඕනෙත් නෑ....:O

    ReplyDelete
    Replies
    1. කැමැත්ත අකමැත්ත ඔබේ අතේ. අපි ඉතින් විඳින දුක කියනවා

      Delete
  27. අද ඉදන් ටෙනියගේ නාට්‍ය කෑලි දෙකක් තුනක් වත සතියකට සැරයක් බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. සෑහෙන මාක්ස් ගන්න පුළුවන්

      Delete
  28. පිරිමි අපි තරං අසරණ ජාතියක් ඇතිද මේ මුළු තුන් ලෝකයේම ඈ.. ඇඬෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් අපිට අබ සරණයි

      Delete
  29. අනේ බොරු කියන්ට එපා. සමහර කෙල්ලන්ට ඔය නලු බට්ටන්ව පේන්ට බෑ. ෂාරුක් අපොයි. විහිලු කරනවද? :D:D:D

    ReplyDelete
    Replies
    1. ඔහේගේ ඉල්ලීම් මීටත් දරුණුයි නේ

      Delete
  30. මට 22යි ඒ කියන්නෙ මුල් අවදිය .... එතකොට ඔය මුල් අවදියේදි පඩ යවන සීන් එක ගැටලුවක් නැද්ද... කෙල්ල නෙවෙයි මොකා ලග ඉදියත් එන පඩේ හොදට තටමල අරින එක තරන් වෙන සැපක් කොහෙද... ක්ලෝගාඩ් වලින් දත් මැද්ද වගේ පඩේ ඇරියාම පුක කූල් වෙන්නෙ... මම එයා ගාවද දෙසර යක් තුන්සැරයක් සද්දෙට පඩ ඇරල තියෙනව...චී,,,, වල් කොල්ල කියලා එකක ගහනවා එයා එතකොට......

    ඒ කැමැත්තද අකමැද්දත... Dr මාතලන් ආහෝ පහදා දෙනු...

    ReplyDelete
    Replies
    1. ඔබේ රෝගය දරුණු රෝගයක බව පෙනේ 52 දී සෑදෙන රෝගයක් 22 දී සෑදීම කණගාඩුවට කරුණකි.. පඩ සාම්පලයක් ජෑම් බෝතලයකට දමා මුකවාඩමක් සහිතව වහාම එවන්න. ඇමරිකාවට යවා පර්යේෂණයකින් පසු ප්‍රතිකාර දන්වමි...

      Delete
    2. ඇයි යකෝ... 22 උන් සද්දෙට පඩින එක ලෙඩක්ද ??

      ඕව ඉරිසියාවට කියන කතා... ඒ කාලෙ පුකට කූල් වෙන්න පඩින්න නිදහස තිබුනෙ නැති නිසා මාතලන්ට

      Delete
  31. සිරා බොල...

    සෑමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඇයි ඕක 22,32,42,52,62,72 වගේ 2 ඉලක්කම එක්ක වයස දැම්මේ ?

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙම කියන්න බෑ.. ඔය වයස් පහි කරන කොට තේරෙයි

      Delete
  32. අම්බෝ!මං බඳින්නේ නැ.මට දුක් විඳින්ට බැ.!!!!!!

    අඳෝමැයි!අනිච්චේ දුක්කේ කිව්වලු!

    ReplyDelete
    Replies
    1. ඔන්න දෙයක් ගත්ත කෙනෙක්....

      Delete
  33. මාතලන් මේකෙ අංක වල සම්බන්ධයක් තියෙනවා නේද? උදාහරණයක් විදියට අංක දහය විතරක් කියවාගෙන යනකොට මාර ආතල් එකක් තියෙනවා. මේක ස්වයං නිර්මාණයක් නම් මාතලන් මෙන්න පහක් නිර්මාණ කුසලතාවයට.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි. බොහොම හෙමින් කියවලා තේරුම් අරන් තියෙනවා. මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි. නමුත් පරිවර්ථනයක්මත් නෙමෙයි. අපිට ගැලපෙන විදියට තමයි කලේ. මම කැමතිම 4 වන අංකයට ඒකෙත් වයස 52 දී එක. පොඩ්ඩක් හිතලා බලන්න.. හිනා වෙලා මැරෙනවා

      Delete
  34. Dr මාතලන් DMO = Dangerous Medical Officer

    මම නං ඉන්නෙ දැන් 62 ට ඔන්න මෙන්න...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මගෙන් වත් දහයක් දෙන්නම්..

      Delete
  35. බය හිතෙන එව්ව මෙහෙම ලියනවද බොල... මෙව්ව තහනම් කොරන්න ඕනි....

    ඈ බන් අයියේ සැක්ස් වලට ඇති තැන ස්‍රීග්‍රයෙන් පහල යනවනේ

    ReplyDelete
    Replies
    1. ඒ ගෙදරනේ බන්.. අල්ලපු ගෙදරට ප්‍රෙම කරන්න කියන්නේ ඒකනේ..

      Delete
  36. මෙ පොස්ට් එක මට මිස් උනානෙ . හප්පෙ මෙතුවක් නම් ඇත්තෙයි. ඉතින් කොහෙ තියන සුබ අනාගතයක් යැ

    ReplyDelete
    Replies
    1. මෙව්වා මිස් කර ගන්න එපා ඉතාමත් වටිනා ලිපි නේ යන්නේ..

      Delete
  37. මට තාම 24 යි මේක කිව්වම හිතෙන්නේ මේ කපේදී මට කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙඉ කියන එකයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මේවා කොරන්න බැරිනම් නිකන් හිටහන්

      Delete
  38. තුන නැතුව මුකුත් කරන්න බැහැ......

    ReplyDelete
  39. පිස්සු හැදෙනවා ඒ උනාට ඇත්ත කියලා හිතෙනවා

    ReplyDelete
  40. ඔහු වෙනුවෙන් කළ හැකි දේ
    1- රසට පිස්සහැකි... විශේෂයෙන් ගමේ කෑම.
    2- ගෙදර එනකම් බලා ඉදතැහැකි.
    3- ඉදල හිටල ඔහු වෙනුවෙන් කවියක් ලියතැහැක.
    4- තරහ වෙන්නෙපා රෙදි නම් සෝදන්න බැහැ. මැදල නම් දෙතැහැකි.
    5- සපත්තු මැදල දෙතැහැකි
    6- නින්ද යනකම් හිස අත ගෑ තැහැකි.
    7- ගේ මිදුල හැමතැනම අතුගාලා පිරිසිදුවට තිය තැහැකි.
    8- හැමදාමත් හිතගත සතුටින් තිය තැහැකි.

    මා වෙනුවෙන් අවශ්‍ය දේ
    1- ආදරය සහ කරුණාව
    2- උයන දෙයක් කට පියාන කෑම.
    3- ලියන්නට ඉඩ දීම
    4- සැමදා මා සතුටින් බලා ගැනිම
    5- මාව එපා නම් " මට උඹ එපා යන තැනක පලයන් " කියල කෙලින්ම කීමට හැකි වීම.

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඇඩ්ස් වලට මම චාජ් කරනවා..

      Delete
  41. Dr. මාතලන් අර වයස 72 න් පස්සේ වැඩේ නම් මරු හරිය !

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සෙල්ලා මලානම් හොඳයි

      Delete
  42. අපිටත් දවසක බඩු හම්බෙනවා....

    ReplyDelete
  43. ජීවිතේ පළමු වතාවට Blog එකක් කියවලා හොඳටම දාඩිය දැම්මා. මම තවම ඉන්නෙ පළමුවෙනි අවස්ථාවෙ. මේකෙ Comment කරපු ගොඩ දෙනෙක්ට මේක විහිලුවක් වුනාට මම නම් ඉන්නෙ අවංකවම බයවෙලා. මාතලන් සහෝදරයාට ස්තූතියි ජීවිතයේ නොදැකපු පැත්තක් පෙන්නලා දුන්නාට

    ReplyDelete
  44. දැනටනම් අදාල වෙන්නේ ෆස්ට් කැටගරි එක..!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න