.

.

Apr 4, 2012

කන්‍යාපටල පරීක්ෂණයද ඇතුලත් මොඩර්න් වෙඩින් - Verginity Test

ලව් කරපු කෙල්ලන්ට
බූට් දී ඇතිවෙන්ට
දෙමව්පියෝ සොයාදුන්
පතිනි බදිනෙමි තුටින්
හැඩ රුවින් පලක් නැත
ඩවරියෙන් අඩු නොමැත
මට නොමැත වැඩි යමක්
ඒත් ඇත ඩිග්‍රියක්

වසරක්ම ප්ලෑන් කර
එක්....සී... බිසන් විසිට් කර
දෙදෙන දුව පැන යමින්
ඇපොයිමන්ට් සෙට් කරන්
සාරී ඉන්දියාවෙන්
සූට් එක ජපානෙන්
අන්දවන්නේ.... හැරිස්
රමණිගෙන් හෙයාර්ස් ටයිල්

උයන්නේ පබිලිස්ය
ලන්ච් එක වෙස්ටන්ය
නැටුම් චන්නගෙන් වෙති
කෑලී මන පිනා යති
ජය... මගුල් ගාථා
දියනියනි විසාකා
ගෙදර බෙන්ස් කමක් නැති
ලිමෝසින් හයර් ඇති

කෙක් එක ෆයිව් ස්ටා..ර්
ගී ගයති සුපර් ස්ටාර්
ෆොටෝ ප්ලාටේ වලින්
දයානුත් එයි ඉතින්
ඇල්බමේ ටුවැල් ලැක්ස්
ගෲප් එක එයිට් ලැක්ස්
රෙඩ් බ්ලෑ...ක්, සරදමකි
දෙන්නේ අපි බ්ලූ විස්කි

ළෝකෙටම කියමු අපි
සාක්කිය හරිම හැපි
මෙහෙන් ජන අධි පතිය
එහෙන් අපෙ අග මැතිය
මැති ඇමති පිරවරා
නෑයෝ සිටි කට ඇරා
චීෆ් ගෙස්ට් ලොක්කාය
අපි සෙටියේ වේලේය

සිරසටත් කතා කර
දෙරණටත් කතා කර
වීක් එන්ඩ් පත්තරේ
ඉන්ගිරිසි විස්තරේ
මන්ත්ලි එන මැගසිමේ
වෙඩින් පික්චර් අතරෙ
අපේ පික්චර් තියේ
බලනු ගනු මැන ප්‍රියේ

නුවර එළි, කන්ඩලම
හුනස් ෆෝල්ස් වැඳගෙනම
නිව්යෝක් ලන්ඩන්
යන්නේ අපි හනීමූන්
මට නෙමෙයි මගෙ පනේ
පේරන්ට්ස්ගෙ බර බරේ
කන්‍ය බාවය සොයන්
ඇඳට සුදු රෙදි එලන්

රිලේ..ටිව්ස් ඉන් ලන්ඩන්
ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රොම් ටොරොන්ටෝ
බැරිස්ටර්, ඩොක්ටර්ද,
ප්‍රොක්ටර්ද, ප්‍රොෆෙසර්ද
සිටිති මුව අයාගෙන
ගුන්ද ගත ගුදම් ගත
රබානක් රත් කරති
ඔන්න රෙදී..., නැන්දා එති
කැඩුන පෙට්ටිය සොයති

Please encourage Bloggers by clicking short comments - Thanks

112 comments:

  1. මරුවට ලියල තියෙනව ඈ... :)

    ReplyDelete
  2. කැඩුණු පෙටිටිය කිව්වෙ ආච්ච්ගෙ කැඩිච්ච පෙට්ටගම වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. එයාලා තමා මේ ගැන වැඩිපුර උනන්දු

      Delete
  3. තනි වචනෙං කිව්වොත් එල! ඊට පස්සෙ වෙච්ච ණය ගෙවන විදිය ගැනත් කිව්වනං හරි.

    ReplyDelete
    Replies
    1. නය වෙලා මගුල් කන්නේ එහෙම නැත්නම් මගුලක් කන්න නය වෙන්න වෙලා තියෙන්නේ උඹල අපි වගේ අයට. එහෙම නැතුව සමාජ සේවයට කැප වෙච්ච උතුමන්ලාගේ දරු මල්ලන්ට නෙවෙයි.

      Delete
    2. ඔය ඕනයා කියල තියෙන්නේ කෙටියෙන්ම

      Delete
  4. කවි පංතිය නම් පංකාදු පහයි. කැඩුණු බිදුණු බඩු අළුත් වැඩියා කොරන්න පුළුවන්. හෙක්.... හෙක්... කොහොමද වැඩ. සුශ්‍රැත මොන වැඩකරුවෙක්ද ?? මෙව්වනේ පනේ වැඩ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් පුංචි බොරැල්ලේ දොස්තර මහත්තයෙක් උන්නා. දැන් නම් වැඩේ නැගලම ගොයින්

      Delete
  5. කැඩුනු බඩු අඩුවට අලුත්වැඩියා කරනු ඇත...ඔවැනි වෙඩින් ගන්නා අයට ජපං කොඩියක් අවැසිනම් ජපානෙන්ම ඕඩර කරගත හැකි බැවින් එය එතරම් කරදරයක් නොව් යැයි සිතම්..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔය කොමෙන්ට් කොරලා තියෙන්නේ අලුතෙන් චැක් කොරන විදිය

      Delete
  6. කාගෙ වෙඩිං එකද අප්ප :O

    ReplyDelete
    Replies
    1. අළුත් සල්ලි කාරයන්ගේ....

      Delete
  7. මට නම් හිතෙන්නේ උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේ නෙමෙයි ඉන්න ඕනේ කියලා. රස්සාවට ලියන්න ගනින් මචන්... බලපිය මේවයේ ආතල් එක...

    ReplyDelete
    Replies
    1. බොහෝම ආස දෙයක් බලමු කවදා හරි ඉටු වෙයිද කියලා

      Delete
  8. ලෝකෙට පරකාසේ
    ගෙදරට මරගාතේ
    henryblogwalker the Dude

    ReplyDelete
  9. මදෑ පොඩ්ඩිට සපෝර්ට් එකට ලීව කවි බලන්ට දුවගෙන ආවා. :D:D:D

    ReplyDelete
    Replies
    1. මොකෑ හුකු හුකු ගාන්නේ. මේකත් ඒකටම අදාලයි

      Delete
  10. පෙට්ටි නං එමට ඇත
    පෙලක්වා කැඩෙන්නැත
    .................
    ලොවෙත් නැති කේස් එත

    ReplyDelete
    Replies
    1. එහෙම එව්වා එවනු මාවෙත
      විනාකිරි ගොරකා ගෙදර ඇත.

      Delete
  11. වඩාගෙන දොඩා ගෙන
    තොල කටත් විකාගෙන
    හදපු ඇල්බමය
    බලන්නට බැරිව

    ප්‍රයිවට් සිහිසුන් (private session )
    පබිලිෂ් කරන්
    කුළ කුමරියගෙ
    ඇග පතත්
    කා සමඟ ගෙන බෙදන්

    රබන් නැති තොරන් නැති
    මඟුලකුත් එපා
    මේ තරම් ඉහල ගිය
    වෙඩිමකුත් එපා

    රෑ ජාමේ පැනල යන
    පෙමවතුන් නොවී
    නුඹ ඉන්න මා ලගින්
    සඳ වාගේ පිපී

    (නුඹ කීවේ මාතලන්ට නෙමෙයි හොඳේ .........)

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කිව්වේ. තව පොඩ්ඩෙන් මම ඇඳුම් කෑලී දෙක තුනකුත් අරන් මාතර බස් එකේ නගිනවා...

      Delete
  12. නියමයි,නියමයි.ලංකාවේ ඇමති පුතෙකුගෙ වෙඩින් එකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙඩින් ගන්න ඇමති පුතාල වෙන්න ඕන නෑ බන්... හැබැයි අපි පුරුදු වෙලා ඉන්නව එහෙම කියන්න...

      Delete
    2. ඇමති පුතාලට ස්පොන්සර්ලා ඉන්නවා. ඒ විදියට කරන්න ගිහින් උන්ගේ යාළුවෝ පුක බිම ඇනගන්නවා...

      Delete
  13. මල් මසුරන් පදවැල් ටික .....කැඩුනට දැන් රීකන්ඩිෂන් කොරනවනේ ....

    ReplyDelete
    Replies
    1. අත ගහන්න කලින් කෑලි තුනේ ටෝච් එකක් ගහල බලන්න ඕනේ මැහුම් පාරවල් තියෙනවද කියල. එතකොට රීකන්ඩිෂන් හොයාගත්තහැකි.

      Delete
    2. ඇනෝ ලියලා තියෙන්නේ අළුත්ම ක්‍රමේ...

      Delete
  14. යකො මෙහෙම රටක 2500ට ජීවත් වෙන්නෙ කොහොමෙයි ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඉන්කම් එක අමතක උනා නේ. 2015 දී 4000 ඩොලර්ස්

      Delete
  15. නියමයි කියන්නේ නියමම නියමයි ...

    ReplyDelete
  16. හිහි මාර හැකියාවක්නෙ අෆ්ෆා

    ReplyDelete
  17. විවෘත ආර්ථිකය තුලින් බිහිවූ ලුම්පන් පන්තියේ තවත් එක් විකාරයක් වන විකාර "මගුල් කෑම' දෙස උපහාසයෙන් යුතුව බලන අනර්ඝ වූ කවි පන්තියකි. මජර දේශපාලනය ගැන පමනක් නොව ගම් පෙරලිය වැනි නිර්මාණ බිහි නොවන යුගයක ලාංකික ජන ජීවිතයේ විකාර රූපී නාටක එළි දැක්වීමද ඔබගෙන් ඉදිරියටත් බලා පොරොත්තු වෙමි. සාර්ථක නිර්මාණයකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කිරීමට

      Delete
  18. මාස 2..3 කින් දික්කසාදය සොයා යති...........

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මේවට වෙච්ච ණයට වලි යනවනේ....

      Delete
  19. එලය,මාවලස්ය,නියමයි,ඉටිකිරිස් තව මොනවද කියන්න ඕන.මේ ලිවීමේ හැකියාව තවතවත් දියුනුවේවා යයි පතමි.

    ReplyDelete
  20. නියමයි බන් . . .මැක්සා . .

    ReplyDelete
  21. හෙහ් හෙහ්.... විළිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. නියම කවිපෙළ නියමයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. මරු කතාව

      Delete
  22. දැන් ඔය නැන්දා ආවේ ලන්ඩන් වලටද පැරිස් වලටද??

    ReplyDelete
    Replies
    1. රෙද්ද විතරයි එහේ යන්නේ.. චෙකින් මෙහේ

      Delete
  23. හිකිස්....මරේ මරු......

    ReplyDelete
  24. පෙට්ටිය කැඩිලා නම් ඩිවෝස් එකද? නැත්තන් වෙන මොකක් හරිද? :P

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මළ මගුල් තමයි ඉතින්

      Delete
    2. අලාබෙට වන්දියක් ගන්නත් පුලුවන්. ගනන් නොගෙන ඉඳල, පස්සෙ වෙන පෙට්ටි කඩන්නත් පුලුවන්. කොහොමද හොඳ

      Delete
  25. ඉන්විටේසොන් එකක් එහෙම අපටත් එවන්නේ නැති වෙයිද දන්නේ නෑ.. වෙන එහෙකට නෙවේ බ්ලූ විස්කියක රස බලන්න :D

    ReplyDelete
    Replies
    1. මම මේ ළඟදිත් ගියා එකකට. ටික දොහකින් ආරන්චි උනා ඩිවෝස් කියලා.. මට තාමත් මතක් වෙන්නේ විස්කි ටික

      Delete
  26. blog avakaase mama dekapu hodhama adahasa,1-100 dakvaa>................

    ReplyDelete
  27. ලෙසටම ලියල තියෙන්නෙ.

    ReplyDelete
  28. ඇඩෙනවා ඇස් දෙකටම...

    ReplyDelete
  29. බ්ලූ විස්කි අතර බකාඩි එහෙමත් තියෙන්නැති "පබා"ගෙ වෙඩිමද?

    ReplyDelete
    Replies
    1. පබාගේ නෙමෙයි දැන් කොයි බබාගෙත් මෙහෙම තමයි

      Delete
  30. කියල වැඩක් නැත. ඇත්තම ඇත්තය. කියවගෙන යනකොට මටම කියනවා ලෙස දැනුනි. මට මේ දෙය නොවුනට මගේ යහළුවන් හුග දෙනෙක් මේ මේ ලෙසටම මගුල් කැවාහුය. කියව දැනුනු අතල් එක නිසාම මටත් තව ලුණු මිරිස් ටිකක් එකතු කරන්නට අවසර දෙනු මැනව මාතලන් සකි සඳ..

    එක්තරා යහලුවෙකුට දයාන්ව බුක් කොර ගැනීමට බැරුව ගියෙමි. ඊට පසුව මොකෙක්දෝ එකෙක් ගෙනාවේය. එකා තමයි මුළු මගුල් ගෙදරම පාලනය කොරේ. පූසා අතින් අල්ලාගෙන වයින් තිබූ මීයා සේ දුවන මනමාලිගේ අම්මටත් වැඩ මූ බිසිය. මේක දයාන්ගේ ගෝලයෙක් කියල ප්‍රසිද්දීයකේ දීමට දෙපාර්ශවයම මාර ට්‍රයි එකක් දුන්නෝය. දයාන් මොකද ගෝලය මොකද.

    තවත් ගොඩක් අය මගුලට පෙර බෝල් රුම් ඩාන්ස් පුරුදු වෙන්න පන්ති යනවය. මගුලේදී නටන්නේ හරියට උපතින්ම මේක පුළුවන් උනා වාගේය. එක යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් පුතාට හරිම ආදරෙය. ජෝඩුව නටද්දී අම්මත් ඒ දෙන්න මැද්දට පැන නටන්න ගත්තාය. මල කෙලියකි. අම්මා බෝල් රුම් පන්ති ගොස් තිබුනේ නැත. එදා රාත්‍රියේ අපේ යාළුවා මනමලිගෙන් හොදටම අසාගත් බව ආරංචිය. වැඩට ආ පසු යාලුවන්ගෙන් ද එතරම් සහනයක් ඇත වූයේ නැත.

    තවත් ගමෙන් ආ එකෙකුට මගුලට පෙර මෙතොඩිකල් විදිහට පිහිනීම පුරුදු වෙන ලෙස කොළඹ පෙම්වතිය අණ කලය. ගමේ දියබුන් ගස පුරුදු ඔහු පසුව නොන්ඩි නැතුව පිහිනන්න පුරුදු උනාය. මාතලන් කී ආකාරයේම මගුලකුත් ගත්තේය, අවුරුදු දෙකකට පෙර. අද කෙල්ල මෙහෙය. ඔහු මැද පෙරදිගය.

    සෝබනය ඔතනින් නවතින්නේ නැත. පෙට්ටි කඩා ටික කලක් ගිය විට බඩ ලොකු වන විට ඕක පෙන්නන්නට නම ගිය නාරිවේද වයිද්යවරයෙකුත් අල්ල ගත යුතුය. නැතිනම් කටක් ඇරලා යන තැන කියන්නේ කෙසේද?

    පොඩි එකා ඉපදුනු පසුව නම දැමීල්ලත් නම්බුකාර ලෙසට කල යුතුය. පුතාගේ නම මොකක්ද කියා ඇසූ විට "නම අන්ජබජල්කුපොල්. ලස්සනයි නේද. ඔකේ ලස්සන තේරුමකුත් තියෙනවා. නම දැම්මේ ... අරබුදු ... " කියා කිව යුතුය . කරන්නට දෙයක් නැත. එතුමා අද නැත. ඔන්න කරනවා නම් වෙකන්සියක් ඇත. සල්ලි උල්පතකි.

    නපුන්සකයින්ට මේක හොද කාලයකි. මනමාලියන්ට ඇදුම් මැසීම, ඇන්දවීම, කොන්ඩ කැපීම, පොටෝ ගැහීම පටන්ගත්තොත් ගොඩය.

    ReplyDelete
    Replies
    1. අගේ ඇති කමෙන්ට් එක ඇනෝ... ;)

      Delete
    2. ඇඳුම් මැසීම, ඇන්දවීම කියල දෙකක් තිබුනට ඔය ඇන්දවීම කරන්නෙ නෑ නේද?.. අපේ උන් (ගොනාට) ඇඳගන්න මාර දක්ෂයිනෙ... :)

      Delete
    3. මමත් ඇනෝ වගේ හිතන කෙනෙක්මි. මිනිස්සු ණයවෙලා කන මගුල් දැකල මට හරි අණුකම්පාවක් ඇතිවෙන්නෙ ඒ මිනිස්සු ගැන.කාව සතුටු කරන්නද ? තමාව නං නොවෙයි. ඇයි ඉතිං ණයගෙවනනෙ තමානෙ. අපේ මිනිස්සුංගෙ පුහු අදහස් වල තරම බලාගන්ඩ යන්ඩම ඕනැ මගුලකටම තමා.

      යහමිං වියදං කරන්ඩ තියේ නං කාරි නැත

      Delete
    4. @ ඇනෝ
      බොහෝම ස්තූතියි ඔබගේ කොමෙන්ට් එකට. 100% එකඟයි....

      Delete
  31. අද කාලයට ගැලපෙන අපුරු පද වැලක්...

    ඔය මුලාවේ(මම හිතන විදිහට) වැටෙන එක සමහරුන්ට හරි සනීපයිලුනේ
    ඉතින් ඒ දිහා අපි උපහාසයෙන් බැලුවට උන්ට ඒක හරි ආතල්ය කියලනේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. දුකත් එක්තරා සැපතක් කියන් උන්ට වෙන්න ඇති...

      Delete
  32. ඉතින් මේ පොඩ්ඩිට සපෝට් එකටද ලිවේ. මාරු කවිය .

    ReplyDelete
  33. මාතලන් අයියා.. පෙට්ටිය කිව්වේ ????

    ReplyDelete
    Replies
    1. අහ් අර බොක්ස් ඔපීස් වාරථා කඩන කිව්ව එකද ?

      Delete
  34. කන්‍යා පටල පරික්ෂාව ජපුරේ v .c මහත්තයා දැන් නොමිලේ කොරනවලු.රෙදි නැන්දට වඩා වැදගත් විදියට එයා වැඩේ කොරයි.

    ReplyDelete
    Replies
    1. ඌත් මර්වින් සිල්වා වගේ තමයි... එලවිලි සුම්මා

      Delete
  35. thama lankawe kannaya bawaya balana siritha thiyennwada? mama hitanne dan eka ne

    ReplyDelete
    Replies
    1. රෙදි නැන්දා නැති උනාට කොල්ලා චෙක් කොරනවා

      Delete
  36. ඈ... රෙදි නැන්ද මොන වෙඩිමකටද කඩිච්ච පෙට්ටි බලන්න එන්නෙ... ??

    වඩු බාරුන්නහේ කෙනෙක් එපැයි එවන්න

    ReplyDelete
    Replies
    1. පොඩි මෑන් වගේ ඇක්ස්පීරියන්ස් පොරක් වුනත් කමක් නෑ...

      Delete
  37. කියල වැඩක් නෑ ඕයි . . . ගෑනිට දිව තල්ලට ගෙවෙනකන් කිවුව වෙඩිමයි හෝමකමිං එකයි දෙකක් නැතුව එකක් ගනිමු කියල කෝ ඇහුවයැ . . . තාම නය ගෙවනව . . .

    ප.ලි.
    රෙද්ද නං දැං රෙදි නැනද ලවුව බලෝගන්නවට වඩා හොඳට විජේරාමෙ කන්්‍යාරත්න හේනෙමාමා බලනව . . . අත්දු‍ටුවයි, ප්‍රත්්‍යක්ශයි . . .

    ReplyDelete
    Replies
    1. එනදර් වික්ටිම් එතකොට....

      Delete
  38. ඔය රෙද්ද හොයන්න එන රෙදි නැන්දට හොඳ කුණුහරුප සෙට් එකක් ලියලා රෙද්ද දෙන්න ඕනේ නොදකිං විතරක් නිදහසේ ඉන්න දෙන්නේ නැතිව අනුන්ගේ මගුල් හොයන්න එනවා... මෙයාලව ගෙන්නනන්න ඉන්න අපේ කස්ටියටත් කියන්ඩෝන මේවට ලෑස්තිවෙන්න එපා කියලා

    පට්ට කවි සෙට් එක අයියේ උපරිමයි

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා මක්කා කොරන්නද. මනමාලයගේ අරක වගේම කොන්දත් කෙලින්නම් ඔක්කොම පරාදයි

      Delete
  39. , April 27, 2010
    දෙවන වසර සැමරුම් ලගයි නේද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්.... හ්ම්... ඒත් ඉතින් අවුරුද්දක්ම ලිව්වේම නෑනේ..

      Delete
  40. මාතලන් අයිය තෝම්බුව දෙපැත්තෙන් කොයි පැත්තක හරි උඩට ගන්නවද?... පරණ පෝස්ට් බලන්න අමාරුයි දැන් තියෙන විදිහට :)

    ReplyDelete
    Replies
    1. දැන් කොහොමෙයි තත්තේ.....

      Delete
  41. මාතලන්ට හැර මෙහෙවු අයිඩියා වෙන කාට එන්ඩද ?

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඔය ඉතින් මට ලැජ්ජාවේ බෑ...

      Delete
  42. මොකක්ද බොලේ මේ දියණියනි විසාකා කතාව හැබැටම?

    ReplyDelete
    Replies
    1. ජයමංගල ගාථා කියන ළමයි ළොකු ඉස්කෝලෙක වෙන්නම ඕනා....

      Delete
  43. මරේ මරු ආ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න