.

.

Aug 2, 2012

බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... - Minister of laugh


ඉස්සර අපේ පැත්තේ සරු කඩයක් තිබුනේය. අයිතිකාර මුදලාලි බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙකි. උඩු රැවුලක්ද තිබුනේය. කොයි වෙලාවෙත් සාලුවක්ද කරේ දමාගෙන සිරියේය. මුදලාලි දැක්කාම බඩ කට විතරක් නොව, ගත සිතද පිනාම යනවාය. ඒ තරමට සීදේවීය. මුදලාලිගේ පී. ආර්. එකද මොකක්ද එක මාරම මාරය. එක බඩුවක් ගන්න එන එකා මුදලාලිගේ කීමට තව බඩු ගන්නවාය. මුදලාලිටත් ආතල්ය. අපටත් ආතල්ය.

මුදලාලිට හිතවත් සේවකයෝත්, විහිළුකාර සේවකයෝත්, කරා සේවකයෝත්, මුදලාලිට හොඳ මුහුණ පෙන්නා එයාගේ වැරදි කිය කියා යන සේවකයෝත් යන නා නා වර්ගයේ සේවක සේවිකාවෝ මේ කඩේ සිටියෝය. මුලින්ම, වේලී වේලි තිබුන කඩ අපේ මුදලාලි අල්ල ගත්තේය. ඒ කියන්නේ සල්ලි වලට ගත්තේය. අනේ අර වේලෙන කඩ අයිති වෙලා උන්න මුදලාලිලාත් දැන් අපේ මුදලාලිගේ සේවකයෝය. උන් මේ මුදලාලි කියන ඕනම දෙයක් කොරනවාය. ඒ කිව්වේ 4 පෝයට සිල්ගත්ත බංකොලොත් මුදලාලිලා දැන්, අපේ මුදලාලිගේ බාර් එකේ වැඩය. ඒත් ඉතින් පරණ පුරුදු විදියටම නැතුව, පුර පසොලොස්වකටනම් තවමත් සිල් ගන්නවාය. අනිත් පෝය තුනට සීල් විකුණනවාය.

අහල පහල කඩවල වල උන්න හොඳම සේවකයෝ දැන් අපේ මුදලාලිගේ සුවච කීකරු ගෝලයෝය. ඒ කඩවල් වල මුදලාලීලා ඉන්න සේවකයෝ බේරගන්න මාරම කට්ටක් කනවෝය. "අනේ මගේ බල්ලවත් යන්නේ නෑ" කියන එකා බල්ලත් අතරමං කොරලා, අපේ මුදලාලි ලඟට එනවාය. මුදලාලිත් ළොකු ළොකු පෝස්ට් එහෙම එන උන්ට දෙනවාය. දැන් අර මුලින් උන්න සේවකයන්ට වඩා අළුත් උන්ට සලකනවා වැඩිය. මේ නිසා පරණ උන් ඉන්නේ කලකිරිලාය. ඒ උනාට අනිත් කඩවලට යන්න බයය. උන් කලේ වැඩ කරන ගමන්ම බිසිනස් එක පාඩු කරන වැඩය. එතකොට මුදලාලි බංකොලොත් වෙනවාය. සීනී වලට වතුර, ගම්මිරිස් වලට ගස්ලබු ඇට, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු, අරක්කු වලට වතුර, හාල් වලට ගල්, යනදී වශයෙන් පී ඇච් අයි මහතුන් විසින් සහතික කරණ ලද, කළු කඩ ගේම් ඇප්ලයි කොලේය. එහෙම කොරලා අපේ මුදලාලි නැති බංගස්ථාන කොරලාම දැම්මේය.

ඒ දිග කතාව කෙටියෙන් කිව්වේ මේ ආන්ඩුවත් ඒ වගේම නිසාය. හැමදාම මයික් ටයිසන් වගේ මයික් කන්නම එන "බාල ඉන්ධන" අද ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ආවේ නැතිය. උන්දැට ඇමති කම් කොරන්න බෑ කියලා පෙන්නුවේ අද ඊයේ නෙමේය. මේ අධ්‍යාපනය විනාශ කිරීමේ පියා උන්නෑහේය. වාද බයිලා වලට නම් මරුය. ඕනම දේකට අවුරුදු 20 කටත් එහා අලි පාටියේ උන් පට්ට ගහනවාය. එදා ඉඳන් කලේ ඕක විතරය. ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ආපු දත් දෙක මැද හිලක් තියෙන මෙලෝ රහක් නැති එකා අපෙන් අහන්නේ මේකට ඇමති පලිද කියාය. අපිට ඉතින් අහන්න තියෙන්නේ, එහෙනම් මේකට පලි ඇමතිගෙ අම්මද කියාය. මේ මැතිවරණයක් අස්සේත් මුන් බය නැතුව මේ හොර වැඩ කරන්නේ ලොක්කා මුන් බේරන නිසාය. ඔහොම බේරන්න ගිහින් ලොක්කාටත් කෙලවෙනකන් දන්නේම නැතිය.

බ්ලැක් ලිස්ට් කොරපු කොම්පැනියකින් බාල ඩීසල් ගේන්න, එක්කෝ මුන්ට පිස්සුය. උපරිම ලාබ ලබන්න ඕන තැනක් බංකොලොත්ය. ඒ මදිවාට මුන් ඒක නැති කරලාම යන්න යනවාය. බාල පෙට්‍රෝල් ගෙනැත් ඒවාට වන්දි ගෙව්වේත් පාරීභෝගික අපමය. හෙජින් කෙළලා, ඒවා නොගෙව ඉඳලා දැන් පොළිත් එක්කම ගෙවන්න වෙලාය. එහෙම තියෙද්දි දැන දැනම කුණු ගේන්නේ, මුන්ගේ ඔලු කුණු වෙලා ඇතිය. හරි නම් වලිය අදින්න ඕනේ වෙල්ගම ලොක්කාය, උන්නැහේගේ කෝච්චි ඇන්ජිනුයි, බසුයි, ෆිල්ටර් නැතුව මග හිටලාය. පුළුවන්නම් හැම කෝච්චියේම යනවා වගේ කොලොන්නාවේ කෝච්චියටත්, පංචිකවත්තේ අයියලා සෙට් එකත් එක්ක ගොඩ උනානම් හොඳය.

මේ ඇ මැටියාට මේක කොරන්නත් බැරිනම්, මළදානේ, දුවන්නෙත් පාඩු පිට නම්, ආන්ඩුවේ නමත් කැත වෙනවානම්, කොරන්න තියෙන්නේ කමිටු පත් කොරන එක නෙමේය. අයි ඕ සී එකට විකුණලා, හෙජින් බෙජින් ණය ටික ගෙවා ඉතුරු එකක් ඇත්නම්, අඹේවල පැත්තේ හරක් ගොවිපලක් පටන් අරන්, ඇමතියි නිළධාරි ටිකයි පට්ටි දාන්න යවන එකය. කරුමේ කියන්නේ මුන්ට ඒකවත් හරියට කොර ගන්න පුළුවන්ද වෙයි කියාය. එහෙම බැරි උනොත් ඉතින් ඒකටත් ලොක්කාගේම පිහිටය.

ප: ලි:
ගියෙමි, නැවත ආවෙමි,
වැටුප් නොමැතිව වැඩ කළ නොහැකි නිසා...

සෙවූ බැලූ සියළුම දෙනාට...
බොහෝ තුති......
..

86 comments:

  1. සතුටකි දැකීමත් නුඹගේ පැමිණීම........

    ReplyDelete
  2. මුදලාලිගෙ සුදු වෑන් එකක් ඔය පැත්තේ කැරකෙනවාය.

    වැඩේ කියන්නේ ඒකෙත් ඇන්ජිම හිටලාය. බාල තෙල් දාලාය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොසී....
      අම්මපා ඇත්ත.. ඒ වැන් එකත් අප්සට් ඇති....

      Delete
  3. වෙනද වගේම පට්ටයි මාතලන් අයියා... වෙල්කම් කිව්වා...

    ප්‍රශ්න විසඳිලා ඇති කියල හිතනව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන් මල්ලි..

      විසඳීම කෙසේ වෙතත්... වලි දාලායි පඩිය ගත්තේ..

      Delete
  4. ar u back.... so happy to see you back in action machan

    ReplyDelete
    Replies
    1. Thanks Macho....

      highly appreciated your kind words

      Delete
  5. අම්බෝ දැක්ක කල්....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. වැටුප් නැතිව ? ඇයි ඒ ? ටිකක් හොයලා බලලා නෙමේද ගියෙ ?

    නැවත ආ එක සතුටක්..

    ReplyDelete
    Replies
    1. හොයලා බලලා යාළුවෙක්ගෙන් මාර්ගෙන් ගියේ..

      ඒත් වැඩේ අවුල්...

      Delete
  7. අෆ්ෆා මාතලන් අයියාව දැක්ක කල්? රට ගියාද? කොහොම නමුත් ආපහු ආව එක සතුටක්!

    ReplyDelete
  8. වෙන්න බැහැනේ මාතේ, වැටුප් නැතිව වැඩ ගන්නවද ඒ රටවල ඇත්තෝ? මං හිතුවේ මේ අපේ රටේ ඇර වෙන කිසිම රටක එහෙම වැරැද්දක් නැතිව ඇති කියලා.මදෑයි?හරි පුදුමයි නේද? එහෙත් ලොක්කා මෙහෙ එකාමද?

    ReplyDelete
    Replies
    1. වැටුප් නැතුවම නෙමේයි.. අද දෙන්නම්.. හෙට දෙන්නම්.. කේස්...

      කොහොම හරි වලි දාලා වැඩියෙනුත් අරන් ආවේ

      Delete
  9. කොහෙද බං අන්ත්‍රස්දාන උනේ???? අතක් පයක් කඩාගන්නෙ නැතුව ආපහු ආව එකම මදෑ!

    මුදලාලි ආණ්ඩුව වගේ උනාද එහෙම නැත්නම් ආණ්ඩුව මුදලාලි වගේ උනාද??

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ..

      කොයි අතට බැලුවත් එකයි වගේ...

      Delete
  10. සාදරයෙන් පිළිගනිමු.දැන් කොයි ඉන්නේ රටද නොරටද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...

      දැන් ඉන්නේ ළෝකෙන් උතුම් රටේ....

      Delete
  11. ගිය දේ සපල නොවීම ගැන කණගාටුයි. එක දොරක් වැසෙන විට තව දොරක් ඇරෙනවා යන කතාව මා අසා තිබේ. ඒත් ඔබගේ පැමිණීම අප කාටත් කික් එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බතී..

      ඔබේ ලිපිය අනර්ඝයි....

      Delete
  12. මාතලන් අයියගේ නැවත පැමිණිම ගැන සතුටුයි..

    ReplyDelete
  13. මෙන්න ඇවිත්!
    එහෙදී රාවණා හම්බ වුණාද?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කතෝ....

      එයාගේ නෑදෑයෝ නම් හම්බ උනා...

      Delete
  14. ආපහු දකින්ට ලැබීම ගැන සතුටුයි. බ්ලොග් ලෝකෙම තිබුනේ පාලුවේ. කට්ටිය හරියට දඟ කලත් එක්ක.:D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් පොඩී....

      ඒකත් එහෙමද...?

      Delete
  15. ඔය කියන විදියට හිටියේ නැත්තම් බෙන්තර ගගෙන් එහා මුදලාලිටත් වෙන්නේ හතර පෝයට සිල් ගන්න තමයි. සාර්ථක මුදලාලි කෙනෙක් වෙන්න නම් සිල් ගන්න උනුයි උන්ගේ ගෝල බාලයෝ ටිකයි ඔක්කොම සීල් විකුනන්න යවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් බංකොලොත් තමා :(
    මාතලන් අයියා ආයෙත් දකින්න ලැබුණු එක ගැන නම් හරි සතුටුයි.:))

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා ශ්‍රී රාවණ සිද්ධම්෴

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රෙපෝ...

      මොකක්ද අනේ මේ රාවණ කේස් එක... මම හිතන්නේ ඕක පටන් ගන්න ඇත්තේ අපේ වෙද මහත්තයවත්ද...?

      Delete
  16. niyama article eka

    ReplyDelete
  17. අප්පට සිරි දැක්ක කල්... ජය වේවා කිව්වා...

    ReplyDelete
  18. ආයිත් මාතලන් වික්‍රම. පුදුම සතුටක් දැනුනා.

    මුන්ගේ රට මුන්ට ඕනෙ හැටියට. අපි කෑගැහුවට වැඩක් නැත. හොද වෙලාවට මහරජ්ජුරුවන්ට දුවෙක් නැත්තේ හිටියනන් දෑවැද්දට දෙනව රට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙද මහත්තයා...

      මසුරන් කතාව ඒකනම්...

      Delete
  19. අඩා, අම්මා අප්පා දැක්කා වගේය. සතුටුය. පඩි නැති එකට නෙමේ, ලියවිල්ලටය.
    බ්ලොග් ලියවිල්ල ලීඩ් කොරේ මාතලන්ය. උඹ ගියාට පස්සේ අනිත් උන්ගේ ලියවිල්ලද අඩුවුනේය. අපේ කියවිල්ලද, කමෙන්ට්ටු දැමිල්ලද අඩුවුනේය.
    ලොක්කාගේ වැඩද මෙලෝ රහක් නැත්තේය. ආරංචි හැටියට ලොක්කා දැන් කරන්නේ රට නෙමේය. සැලුන් එකක්ය. සුදු බණ්ඩෙලා, ධන රිනලා, අමරෙලා, දුමියලා ඒකේ ගාතල් ගහනවාය. අපේ වුන් මේවා දැක දැක මේ පාරත් කතිරේ ගහනවාය.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ...

      අනිවා... ඩෙෆා... මේ පාරත් ලොක්කා ගොඩ...

      waiting for the new look...
      All the best macho... !!!

      Delete
  20. වෙල්කම් බෑක් මාතලන්.වෙල්කම් බෑක් !

    ReplyDelete
  21. පෝස්ටුව කියවන්න වෙලාවක් නැති තරමට වැඩ. පස්සෙ, කියවල කොමෙන්ටුවක් දෙන්නම්. අප්‍රමාන සංතෝසයි ආයෙත් ආවට.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රාජ්....
      අවුලක් නෑ.. පස්සේ දාන්න .... හෙමිහිට....

      Delete
  22. නැවත පැමිණීම ගැන කොහොම වෙතත්, බ්ලොග් එක අලුත් කලාට සතුටුයි!

    ReplyDelete
  23. උඹව දකින්නත් සතු‍ටුයි. අහන්න ප්‍රශ්ණ සීයයි.. හෙමිහිට කියම්ය්. ගමන් මහන්සියත් ඇතිනෙ. අර පඩි නැතිව වඩ කරක කතාව නම් දැනගන්න ඕනෙ ඔක්කොටම කලින්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හෙන්රි

      පස්සේ ඒ ගැන පෝස්ට් එකක්ම දාන්නම්කෝ..
      මට හරිම කනගාටුයි ඔබා නැති උන එකට...

      Delete
  24. තමුන්නාන්සේ නැවත රාවණ වෙසින් පැමිණියාද?

    ReplyDelete
  25. පෝස්ට් එකනම් තාම බැලුවෙ නෑ . අම්මෙ දැක්කම ඇති උන සන්තෝසේ . අය්ය නැති එක ලොකු අඩුවක් දැනුන පසුගිය කාලේ .
    …නැවත පැමිනීම ලොකුම සතුටක් .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කෙල්ලේ...

      ඔහේ ඉන්න එක බ්ලොග් තියෙනවටත් වඩා සතුටක්....

      Delete
  26. ඇති යාන්තන් ඇවිල්ලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනයෝ... ගිය දවසේ ඉඳන් කචල්...

      Delete
  27. ආඃ .... ආයිත් ඇවිත්. සතුටුයි, සතුටුයි. ලිවිල්ලනම් මරු.

    ReplyDelete
  28. කරන්න බැරිනම් නොනා ඉල්ලා අස් වෙන්න බැරි ඇයි. මුන්ට තෙරෙන්නෙ නැද්ද මේ මේ පාඩු කරන්නෙ තමන්ගෙම සල්ලි කියලා වැඩේ කියන්නෙ මේ වැරදි වලට බැනලා ඒ තැන්වලට යන උන් කරන්නෙත් ඔය වගේම වැරදි. ඒ හින්දා කරන්න තියෙන්නෙ ආන්ඩුව සමාගමක් කරලා අධ්‍යක්ශකවරු විතරක් පත් කරන එක කිසිම විපක්ශයක් නෑ


    …ආයෙම ලිපියක් දැකීම සතුටක්

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ ජෝන්..

      ආන්ඩුවත් ජෝන් බාස්ට ගිහින්

      Delete
  29. ආයෙ ඇවිත්.පඩි නැතුව කොහෙද වැඩ කරන්න වුනේ. :O

    මේ රටට යන කල නම්......

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙද නිසූ... මැද පෙරදිග....

      Delete
  30. ආව ඒක ගැන සතුටුයි ..
    ලංකාවෙන් නැවත හොද ජොබක් සෙට් වේවා කියලා පතන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ....!!!

      Delete
  31. මගේ හිතෙත් තිබුන දේ අකුරුවලින්ම ලියවිලා තියෙනවා දැක්කම සතුටුයි.දිගටම ලියන්න ශක්තිය පතමි.

    ReplyDelete
    Replies
    1. ඇලුතෙන් දෙයක් නෑ.. හැම කෙනාම හිතන්නේ මෙහෙම තමා..

      Delete
  32. සාර්ථක පුනරාගමනයක් සහෝ..

    අපේ එවුන් වේලිලා හිටියේ.. :ඩී

    මුදලාලි ගැන කියනකොට මම හිතුවා මුලින්ම අර මහ මුදලාලියා ගැන වෙන්න ඇති කියලා. පස්සෙ උඹ කිව්වනේ ආන්ඩුවත් මේ වගේ කියලා. :පි

    ReplyDelete
    Replies
    1. මොකටද මිනිස්සු අමාරුවේ දාන්නේ.. ඒ නිසා තමයි කවුද මුදලාලි කියලා කිව්වේ....

      Delete
  33. ආශ්චර්යයට තව සුට්ටං දුරයි නොවැ :D

    ReplyDelete
  34. අනෙකාලේ වනේ වාසේ කියුවලු :/
    පින්කෙත හෙළ රන් දෙරණ නේ අපේ රට

    ReplyDelete
    Replies
    1. අද ආරංචි උනේ.. අසාධු සමාගම නැවත අසාධු කොලැයි කියන්නේ.. දැන් "ඩාක් බ්ලැක් ලිස්ටඩ්" වෙන්න ඇති...

      Delete
  35. තවත් ප්‍රශ්නයක්ද? වැටුප් නැතුව රැකියා කරන්න!! හැමදෙයක්ම හොඳින් සිද්ද වෙයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... බලමු බලමු....

      Delete
  36. ඕ ඕ මචෝ මොකද කේස් එක???

    අපට බැයිද මොකුත් සපට් එකක් දෙන්න?

    මොක වුනත් ආයේ දැක්ක එක සතුටක්

    ReplyDelete
    Replies
    1. වචනේ ඇති මචෝ.. උඹගේ නම දැක්කත් සතුටුයි.. අවශ්‍යම උනොත් කියන්නම්.. බොහොම ස්තූතියි.. නැවත වරක්...

      Delete
  37. Welcome back mathalan...
    Happy to see u again...

    ReplyDelete
    Replies
    1. ඊයේ සිංහල නොතිබුන නිසා ඉංගිරිසියෙන් කොටලා ගියේ මාතලන්ව ආපහු දැක්ක සතුටට...
      අද ආයෙ ආවෙ හෙළ බසින්ම සුභ පතල යන්න..

      සුභ පැතුම්..ආයෙත් දිගටම ලියන්න..

      Delete
    2. තෑන්ක්ස් මචෝ.. බොහෝම ස්තූතියි

      ඔන්න දෙකෙන්ම් කිවා....

      Delete
  38. කඩේ බංකොලොත් උණාට අවුලක් නැහැ මුදලාලි පෝසත්ය, ආයි කඩ කෙරුවාව ඕනේ නැත. ගෝලයන්ටත් එසේමය.

    එහෙම වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. හරියටම හරිය..

      මට උඹව කිසි දා අමතක වන්නේ නැතිය..
      මගේ මුල්ම කොමෙන්ට් එක උඹේන්ය...

      Delete
    2. ගමේ කඩේ පාඩු වුනාට අවුලක් නැත...මුදලාලිගේ කොල්ලන් දම්මලා පිට රටවල කඩ දමා ඇත.

      Delete
  39. මාතලං නැති ටික දොහේ මේ ලබු ගෙඩියක් වාගෙ තියන රට ඇතුලේ වෙච්ච කයි කතන්දර ටිකට මොකක් හරි කතාබහක් කරන්න තිබුණ අවස්තා සග හැරුණා.

    අපේක්ෂිත බලාපොරොත්තව නැතිවීයාම කණගාටුවට කරුණක්. ඒත් නන්නාදුනන රටක යන එන මං නැතුව ටැග්ගැහි ගැහී ඉන්නෙ නැතුව ආ එක සතුටුයි.

    ReplyDelete
    Replies
    1. පර්සනල් මේල් එකවත් චෙක් කොරන්න උනේ නෑ. ඇයි ඉතින් පඩිය ගන්න වලිනේ. මම කීප සැරයක්ම රට ගියත් මේ වගේ කට්ටක් කෑවෙම නෑ. වෙලාවත් හොඳම නෑ මගේ හිතේ...
      තෑන්ක්ස් දයා

      Delete
  40. හප්පච්චියේ දැක්ක කල්. හිතුවේ නැහැ ආයේ එයි කියල. සන්තෝසේ බැරුවා. මේකටනේ නම දාන්න තිබුනේ "පුදුමයි එත් ඇත්තයි" කියලා.

    ගියද ඉඳල හිතේ කොනක ලොකු දුකක් තිබුන නිකන් ගෙදර කෙනෙක් ඇත වුනා වගේ. එත් පුරුද්දට වගේ දවස් දෙකකට විතර සැරයක් බොගට ඔලුව දළ බැලුව. අම්මටසිරි බේන් ඇවිත්. පුළුවන් හැටියට සප් එකක් දෙන්නම් ඔන්න ඔහොම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ

      මමත් චෙක් කොරලා බැලුවා.. සෑහෙන පිරිසක් දිනපතාම වගේ ඇවිත් ගිහින් තිබුනා. ඒ සියළු දෙනාටම ස්තූතියි...

      Delete
  41. මාතලන්, ඔය මුදලිට හිටියේ නැද්ද ඔය කඩ උකසට තියල සල්ලි අරන් පොෂ් එකේ ජොලි කොරපු කොල්ලෝ ටිකක්? එතකොට බිස්නස් එකේ හැම දේකටම උඩින් අත දාන, කැෂියර් වැඩේ බදාගත්ත නෑදෑ පරපුරක්?

    ReplyDelete
    Replies
    1. උන්නා උන්නා
      මොකෑ නැත්තේ...

      Delete
  42. මාතලන් අයිය නැතුව බ්ලොග් ලෝකෙ මෙලෝ රහක් නැතුව තිබ්බෙ. ආයෙනම් යන්න එපා..

    ReplyDelete
  43. අම්මපා මේ යනවිදියට ලංකාවෙන් තෙල් ගහපු ප්ලේන් එකක් මග හිටිනවා කොයි වෙලේ හරි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න