.

.

Sep 19, 2012

සභාපතිගේ ගෑල්ලමයි තුන් දෙනා (18+) - Chairman's Angels (18+)



මේ කියන්නට යන්නේ කයි කතන්දරයක්ය. අතකසයේ සභාපති... හුටා දැන් අහයිනේ අත කසේ කියන්නේ මොකක්ද කියලා. අ.ත.ක.ස.ය. අගනුවර තරුණ කවි සමාජය කියන එක. තරුණ කිව්වට ඉන්න ඔක්කෝම නාකි පොරවල්. ඒයාලා හරි දස්සයි හිටගෙන කවි කියන්න (ආ... හිටිවන කවිද.. මම හිතුවේ හිටගෙන කින නිසා හිටගෙන කවි කියලා). හිටපු ගමන් තියෙනවා එයාලගේ කවි සමුළු, සැමරුම් වගේ ඒව්වා. එවට සූ ගාලා සෙනග 20-30 එනවා. ඉස්සරම බොහෝම ජනප්‍රිය වෙලා තිබුන මේ කවි මඩු වලට කෙල වෙලා යන්න ඇත්තේ එකම ජාතියේ කවි කියන නිසයි, නවකයන්ට අත හිත නොදීපූ නිසයි වෙන්න ඕන. අපේ උන්ට ලෙඩක් තියෙනවනේ හැමදාම පොර වෙලා ඉන්න ඕන. ඉතින් අද ඒක ෆොන්සේකා මහත්තයගේ රැස්සීම් වගේ තමයි. සද්දේ තිබුනට සෙනග නෑ. ඒත් වාද බයිලා වලට අදත් සෙනග පිරෙනවා. එ තොටළඟ සුමනෙලා අලුත් උන්ට අත හිත දීපු නිසා. මගේ ප්‍රියතම වාද බයිලා කාරයා තමයි "ඒ..සිරි", මොකද හැමදාම එකම කියන්නේ නැතුව අලුත් අලුත් ඒවා කියන නිසා.

ඔය කවි මඩු වල තියෙන කවි සංවාද වලදි, චන්ඩියා වගේ ඉස්සරහට ඇවිල්ලා, උගුරේ රැල් බුරුල් ඇරලා, එවෙලේ හිතනවා වගේ වචනේ ගලපලා කවි කිව්වට, කස්ටිය එන්නේ කලින් රෙඩි වෙලා. එකපාරට කවියක් කියන්න කිව්වොත් නානවා. කිව්වොත් කියන්නේ, හැමදාම කියන කවියක්. මොකෝ.. එවෙලෙ කයි පද බදින්න එයාලට අමාරුයි. එහෙම හදිසියේ, මූලාසනේට කලින් එන්න හිටපු ප්‍රධාන අමුත්තා (මේ එන්නෙත් දක්ෂ කවියෙක්ම තමයි) වෙනස්වෙලා, අංගම්මන සුමන හාමුදුරුවෝ ඇවිල්ල වෙච්ච විනාසේ කොයි කවුරුත් දන්න කයි කතන්දරයක්නේ. මම මේ කියන්න යන්නෙත්, අතකසයේ සභාපති වෙලා හිටපු කෙනෙක්ට වෙච්ච සැන්තෑසියක්ම තමා.

ඔන්න අතකසයේ මොකක්ද සංවත්සර උළෙලක් මහ ඉහලින් පවත්වන වෙලාවේ, පත්තර වල ඒකේ සභාපති තුමත් එක්ක යන ඉන්ටවීව්, හැම පත්තරේකම තිබුනලු. ඉතින් ඔහොම ඉන්ටවීව් වලට එන පත්තර කාරොයොන්ටත්, ගෙදර ලස්සන කෑල්ලක් හිටියොත් එයා ගැන අහලා, පොටෝ එකක් එහෙම අල්ලලා, ඒකත් පත්තරේ දාන ලෙඩක් තියෙනවනේ. මේ ගෙදර, ගිනි ගින්දර වගේ කෑලී තුනක්ම ඉන්නවලු. ඉතින් ඉන්ටවීව් කරපු හැම එකාම, ඒ ගෑල්ලම්යි ගැනත් පොටෝත් එක්කම පිටුවක් පුරා ඉන්ටවීව් එක දාලා තිබුනලු. (ඔය ඉහල පින්තූරයෙන් පෙන්වන්නේ, එසේ ලබාගත් එක පින්තූරයකි) එතනදි සභාපති මහත්තයා කියලා තිබුනේ, හොඳට කයි පද බඳින්න පුළුවන් අයට පමණක්, එයාගේ දුවලා සරණ පාවාලා දෙන බවය. එහෙම අය ඉන්නවනම් කෙලින්ම සභාපති හමුවන ලෙසටත්, නොමිලේම ඇඩ් පාරකුත් දමාගෙන තිබුනේය.

පහත තියෙන්නේ, ඉන් පසු දිනෙක සභාපති තුමාගේ ගෙදර උන සිඳුවීමක්ය.

ටොක් ටොක් ටොක්....
දොර ඇරේ

මාමේ මගෙ නම විල්ම         ට්
ආවේ බලන්නයි චාල            ට්
දාගෙන දෙන්නම හෙල්ම     ට්
කාලා එන්නම් කට්ල             ට්

බෑ විල්මට් උන් තවම පොඩි උන්නේ

ටොක් ටොක් ටොක්....
දොර ඇරේ

මම හන්දියෙ ලොකු සුනි     ලා
ඉන්නවාද සුදු විම                ලා
බයික් එකේ අපි නැග          ලා
එන්නම් පික්චර් බල            ලා

බෑ ඕයි අනික විමලා ගෙදර නෑ 

නවීන පන්නයේ කාර් එකක් නිවස අසලට පැමිනේ...
ටොක් ටොක් ටොක්....
දොර ඇරේ

මගෙ නම මාමේ ප්‍රසන්       න
ආවේ කමලට....

ප්‍රසන්නට කියන්නට ලැබුනේ එපමණකි.. බරපතල පහර දීමකට ලක්වූ ඔහු, තවමත් හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.....

හැකිනම් ප්‍රසන්න කියන්න හිටපු කවිය සම්පූර්ණ කරන්න.
(ඝන පිහිටුවා කවි ලියන්න බැරි නම් නිකා ඉන්න.. :D   :D   :D )

දැන් අහයි, අහවල් කාරනේටද (18+) එකක් දැම්මේ කියලා. කොමෙන්ට්ස් වලින් පස්සේ කාට කාටත් තේරේවී එකේ රඟේ...

110 comments:

  1. දෙයියෝ.............අමුවෙන්ම කියලා.

    ReplyDelete
  2. මාමේ මගෙ නම ප්‍රසන් න
    ආවේ කමලට බනින් න

    එහෙම නේද? :D :D

    ReplyDelete
    Replies
    1. නැහැ බන්
      ආවේ කමලව බඳින්න....

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  3. ඔහ් සැලරි කිවුවාලු..
    ප්‍රසන්නට දැන් හොද ද?

    ReplyDelete
  4. මගේ නම මාමේ ප්‍රසන්න
    ආවේ කමලට අරින්න

    ReplyDelete
  5. ප්‍රසන්න ස්ප්‍රයිට්ද බොන්නේ.... කථාව කෙලින්

    ReplyDelete
  6. Replies
    1. යක් පරපුරේ වෙන්න බැහැ බලු පරපුරේ හොරි හැදුන එකා කීවොත් හරි

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  7. මගෙ නම මාමේ ප්‍රසන් න
    ආවේ කමලට හු---න්
    විමලවත් හවහට එවන්න
    තෝර ගමි හොද එක බදින්න

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  8. මගෙ නම මාමේ ප්‍රසන්න ..
    …ආවේ කමලට හුකන්න ..
    …ආවෝතින් උඹ බනින්න ..
    …සිදුවෙයි උඹටත් අරින්න ..

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  9. mage nama maame prasanna.....
    Awe kamalata kiyanna....
    Kemathei dawasaka bandinna....
    Berinam mata waha powanna....

    Prasanna kiyanna heduwe oka unata man giya nam kiyanne oka nemei.

    Lejjai oooOOI.

    Kamala maamage wife da danneth ne. Hikz

    ReplyDelete
  10. හරි උත්තර කලින්ම දීලනේ....

    ReplyDelete
  11. Awe kamalata kiyanna
    mam asai uba badinna
    mamee awasaraya denna

    [Sorry no Sinhala now in my (Actually office) Computer.Will comment in Sinhala when have a chance to go home.]

    ReplyDelete
  12. හෙහ් හෙහ්... දෙවනි පදේ නම් ඉබේම සම්පූර්ණ වුනා ;)

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  13. Replies
    1. ඔහෙලා වගේම ප්‍රසන්නයත් නයි අරිනවනද කොහෙද?

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  14. හික්ස් .... උත්තරේ ඔය කස්ටිය දීල තියෙන්නෙ වැඩිත් එක්කම.

    // මගේ ප්‍රියතම වාද බයිලා කාරයා තමයි "ඒ..සිරි", මොකද හැමදාම එකම කියන්නේ නැතුව අලුත් අලුත් ඒවා කියන නිසා. //

    ඒ කිව්වෙ අර ‘අයියෝ සිරිසේන‘ ගැන ද? :)

    ReplyDelete
  15. මක්කා කොරන්න ?????

    ReplyDelete
    Replies
    1. "අපේ උන්ට ලෙඩක් තියෙනවනේ හැමදාම පොර වෙලා ඉන්න ඕන. ඉතින් අද ඒක ෆොන්සේකා මහත්තයගේ රැස්සීම් වගේ තමයි. සද්දේ තිබුනට සෙනග නෑ."

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  16. පවු අප්පා ප්‍රසන්න ...

    ReplyDelete
  17. Replies
    1. මෙන්න නියම ලාංකීය කතුන්.ඔහෙලා වගේ කට්ටිය ගැන අර සමනලුන්ට වෙඩි තියෙන එකී බ්ලොග් පොස්ටුවක් ලියල මාරෙ අයියන්ඩි ඒක බුකියෙ ශෙයා කරලත් තිබුන.පුළුවන් නම් හොයන් බලන්න.

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  18. තව වෙන මොන කතාද.... හි හි

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  19. කාලෙකට පස්සෙ හිතෙ හැටියට හිනා වුනා. ඒත් කවි ලියන්න දෙයක් නෑ. කව්දෝ හරි එක ලියලා නේද?

    ReplyDelete
  20. පික්සු පීකුඩු~ මෙච්චර මෙව්වා එකක් තියෙන මෙව්වා මෙව්වා වෙලා යන්නේ කොහොමද කියලා හිතාගන්නත් බෑ! මාකටින්ග් වෙන්නේ නැතුව ඇති දැන්!

    ReplyDelete
  21. හපුච්චේ :ඩී :ඩී

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  22. කවි ලියන්නට දන්නේ නැත :D

    ReplyDelete
    Replies
    1. මොනවාද මෙතන ඇවිල්ල කොරන්නේ.හනිකට ගේ ඇතුලට දුවන්න.ප්‍රමුදි ළමයටත් එක්කමයි කියන්නේ.

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  23. ගෝල්ඩ්ෆිශා ඉස්පිරිතාලෙද?

    ReplyDelete
  24. කවියට අත නුහුරු නිසා නෝ කමෙන්ට්ස්.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයගෙත් අත හුරු නැත්තෙ මේ වගේ වෙලාවට තමා නේද!

      Delete
  25. මගේ නම මාමේ ප්‍රසන්න
    ආවේ කමලට කියන්න
    ආයෙත් එන්නෑ කියන්න
    චාටර් ඕකිව බලන්න

    ReplyDelete
  26. ඇනෝ ඇවිල්ලා කවි කියන්ඩ හිතාගෙන ආවේ .. කස්ටිය කලින්ම උත්තරේ දීලා නෙව ..

    ReplyDelete
    Replies
    1. methana kiyawa kiyawa inne, gihin kathawe ithuru tika dala hitapan sudu kollo...

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  27. මට මතකයි ඉස්සර අපි ඔය අතකස කියන එකේ තේරුම් කට පාඩම් කරනවා..
    ඇයි නැතිනම් රා. සේ. පි. ඇහුවම ලියන්නේ රා බොන සේරම පිරිමි කියලා නේ.
    කවිය සම්පුර්ණ කරලනේ.. ආයේ මොකට මහන්සි වෙනවද..?

    ReplyDelete
  28. කියන්න හිතුව ඔක්කොම කලින්ම කියලා...

    ReplyDelete
  29. පු. ක. ක. ස පුරෝගාමී කවියන්ගේ කලා සංගමය.. එහෙම එකකුත් තිබුණා නම් හොඳයි..

    ReplyDelete
  30. වි ජ මු විඩේක අනේ ළමයා මගේ වගේ සිංහල ක්‍රමයට නම හදා ගන්න කිව්වලු කුමාරිට. කුමාරි ගේ මුලු නම මෙහෙමයි.. හුංගම කංකානමගේ මුදිතා දමයන්ති කුමාරි

    ReplyDelete
  31. මගේ නම මාමේ ප්‍රසන්න
    ආවේ කමලට කියන්න
    ඇගේ අත මට දිනන්න
    වරම දේවිද බලන්න

    ReplyDelete
  32. හහ් හහ් හහ් ..... නොමඟ යනව. අපේ රවි අයිය කිව්ව ඔයවගේ කතාවක්. රවි අයිය කිව්වම මතක් උනේ, රවි අයිය හුංගම. එයා හුංගම තරුණ කවි සමාජයෙ. හරි. කතාව මොකක්දෝ නාට්‍යක කෑල්ලක්. තොරණක් බලන්න ආව බබානෝනා කියන ගෑනු කෙනෙකුගෙ ආධාරයකට කවිය කියන්නෙ මෙහෙමයි,

    ජේඒ බබා නෝනා අල්ලපු වත්තේ
    සත විසිපහක් ගහගෙන ආවයි .....

    මොකක්ද හිස් තැනට එන්නෙ? කස්ටිය ගෙස් කරන්න බලන්න. ඒත් කවියට කවිය සම්පූර්ණ කරන්න බබානෝනා ඉඩ දෙන්නෙ නෑ. උන්දැ පැනපු ගමන් මයික්එක උදුරගෙන කියනව "ඉනේ!ඉනේ!" කියල. නූලෙන් බේරුනා.

    ReplyDelete
  33. කවි මඩුවක් බලන්න ඇවිත් හිටපු නාඹර ගැටිස්සියක් වෙච්චි සකුන්තලා ගැන එක කවියා එක පදේ ගානේ කයියක් කියන්න ඔන්න ලෑස්තිවුනා.
    එකෙක් පටන් ගත්තා
    සකුන්තලා අර ඉන්නේ විකන්තලා

    තව දෙන්නෙක් මෙහෙම කිව්වා
    විකන්තලා වී ඉන්නේ සකුන්තලා
    සකුන්තලාමද ඉන්නේ විකන්තලා

    මේ මගුල බලන් ඉන්න බැරිවගිය සබේ කෙනෙක් හතර වෙනි පදේ කියනවා

    නිකන් නොදී පලයව් තොපි *කන්නලා

    ReplyDelete
    Replies
    1. හැබැයි මම ඕක අහලා තියෙන්නේ මෙහෙම. දක්ෂ කවි කාරයෝ තුන් දෙනෙක් එක්ක නිකමෙකුත් ගිහින් තියනවා ගමනක් .අතර මග පොඩි කඳු ගැටයක් උඩ අපූරු නිවසක් තියනවා දැකපු කවි කාරයෝ පිලිවෙලින් එක එක පදේ කිවුවලු මෙහෙම.

      1 අර පේනා නිවහනේහි විකුම් බිලා
      2 විකුම් බිලා එහි ඉන්නා සකුන්තලා
      3 සකුන්තලා ඇයි ඉන්නේ නිකම් බලා

      මේ කවි පද අහන් හිටපු නිකමා මෙහෙම කිව්වලු. නිකම් බලා හිටියත් මට කෙලින් වෙලා

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  34. ඔය වගේ කවි මඩුවක සිද්දියක් මේක. කවියගෙ නම නම් මතක නෑ.කමලා උඩබාගේ (ඒ වගේ මතක). කියන කිවිඳිය මේ කියන කවියට කිව්වලු හිටිවන කවියක් ඇඩ්‍රස් නැතිවෙන්න. පස්සෙ කවියා මෙහෙම කිව්වලු..

    “කමලා උඩබාගේ කමලා උඩබාගේ
    පෑ බාගෙකට මට දෙනවද යටබාගේ“

    ReplyDelete
    Replies
    1. මේ අපේ හිටපු මන්ත්‍රීතුමා සෝමවීර චන්ද්‍රසිරි.කියපු කවියක්.එයාට කවි මඩුවකදි කිවිඳියක් අභියෝගයක් කරලා තියනව පුලුවන්නම් එලි සමය තියන තනි පදයක් තියන කවියක් කියන්න කියලා.
      මෙන්න කියපු කවිය

      අනේ
      පනේ
      තනේ
      වැනේ

      Delete
    2. මේ කමලා උඩබාගෙටත් උත්තර දීල තියෙන්නෙ සෝමවීර චන්ද්‍රසිරිමයි. කමලා උඩබාගෙ කියන්නෙ මට මතක විදියට පේරාදෙනියෙ ත්යන තම්බපන්නී කලායතනය කරපු ප්‍රේමකුමාර එපිටවෙලගෙ නෝනා.ප්‍රේමකුමාර තමයි ලංකාවට බතික් අඳුන්වල දීල තියෙන්නෙ.

      Delete
    3. @ AnonymousSeptember 21, 2012 2:44 AM

      මම අහල තියෙනව ඕක කිව්වෙ මුනිදාස කුමාරතුංග මහත්මයාය කියල. මමත් ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ.

      Delete
    4. i think DDT is correct

      Delete
    5. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  35. \\.. දාගෙන දෙන්නම හෙල්ම ට්
    කාලා එන්නම් කට්ල ට්..\\

    හෙල්මට් දාගෙන නිසා අව්ලක් නෑ! :D

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  36. ඊ ලඟට අවේ සමරවීර ටයිප් කොලු කාරයෙක්. එයට දුවලගේ වැඩක් නැහැ. එය මෙහෙම කියනවා.
    ........................
    ........................
    දූවරු තිදෙන ගේ ඇතුලට යවන්න
    හෝදන් ඇවිත් පා විහිදා නැමෙන්න

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  37. උඩ එකෙක් හරි උත්තරේ දීලනේ :

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  38. 18+ Ooooooooooooopz

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  39. මගෙ නම මාමේ ප්‍රසන් න
    ආවේ කමලට කියන් න
    චිත්තර පටියක් බලන් න
    නංගිල එක්කගෙන එන් න

    මාමෙ එපා තරහ වෙන් න
    මට බැහැ නොදැනම බඳින් න
    හෙල්මට් එක කවර් වෙන් න
    රේන් කෝට් එකක් දෙන් න

    කාර් එකෙන් ආපු එකාට කොහෙන්ද හෙල්මට්.....
    ඹයාට නොතේරැනාට මාමට තේරෙනව ඇති....:D

    ReplyDelete
  40. මගෙ නම මාමේ ප්‍රසන් න
    ආවේ කමලට මගෙ ගැන කියන්න
    එයාගෙ සුදු මූණ ඉඹින්න
    හරිම ආසයි මගේ කරගන්න

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  41. මට කියෙව්වා ගමන් මතක් උනේ කුනුහර්පයක්ම තමා.ඒත් කට්ටිය ඔක්කොම උත්තර දීලා නේ අපි ඉතින් පැත්තකට වෙලා බලන ඉන්නවා හරි උත්තරේ දැනගන්න ;)

    ReplyDelete
  42. සාහිත්‍ය මාසේ නැගලා යනවා .....
    මාතලනුත් කයි පද බඳිනවා හිටු කියලා...

    ReplyDelete
  43. අ.ත.ක.ස යේ වැඩිපුර ඉන්නේ වයසක කවියන් බව ඇත්තකි.. එහෙත් ඔවුන් අතර අසාමාන්‍ය හිටිවන කවි හැකියාවක් ඇති අය වෙසෙන බව නොරහසකි.. මා එම රසය විඳ ඇත්තෙමි.. එය සැබැවින්ම මනහර අත්දැකිමකි..

    මීට මාස කීපයකට උඩදී.. කතරගමදී පැවැත්වුණු කෝකිළහඬ සංවත්සර උත්සවයකට සහභාගී වුණෙමි..එහිදී රසවත් කවි සංවාද කිහිපයක් පැවති අතර.. වඩාත්ම හිත් ගත්තේ හේමපාල තල්ගස්පේ ශූරීන් හා දයා.. තෙන්නකෝන් (මට නම හරියට මතක නැත) දෙදෙනා අතර පැවති කවි හරඹයයි..

    විහිලුවටවත් එවන් ශ්‍රේෂ්ඨ කව්යන් දුර්වලයින් යැයි නොසිතන්න.. නොකියන්න..

    එක දිගට නොනවත්වා, කාව්‍ය දෝෂ ද මඟ හරවා.. එළිසම මෙන්ම එළිවැටද තබා, එම පරිසරයේ ඇති දෑ, වට පිට ඉන්නා අයද ඇසුරු කර ගනිමින් කවි 10-15 කියන්න කටපාඩම් කරගෙන ආ හැකියැයි මම නම් නොසිතමි..

    ReplyDelete
    Replies
    1. තවද ඒවා බලන්නට මිනිස්සු නොයන්නේ මිනිසුන්ගේ රසවින්දනය පිරිහී ඇති නිසාත්, කවිය ගීතයෙන් යටපත් වී ඇති නිසාත්යැයි සිතමි.. නවකයින් කවිය අතහැර යාම නිසා වැඩිහිටියන්ටම එය රැකගෙන සිටින්නට වීම එම කවියන්ගේ වරදක්ද?

      ඔවුහු ඉතා අඩු පහසුකම් මධ්‍යයේ කවිය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රේෂ්ඨ මිනිසුන්ය..

      Delete
    2. මාමේ මගෙ නම ප්‍රසන්න
      ආවේ කමලට කියන්න
      මාගේ පිය බිරිඳ වෙන්න
      දීගේ යමු දැයි අහන්න

      මේකද දන්නෙ නෑ.. ප්‍රසන්න කියන්න හිටියේ..

      Delete
    3. චතුර මම මෙතනදි කතා කලේ පොදුවේ මොකක්ද වෙන්නේ කියන එක. අති දක්ෂ හිටිවන කවීන් අදටත් ගම්වල ඉන්නවා. වෙන කවුරුත් ඕන නෑ හොඳම උදාහරණය අපේ මාමා. මගුල් ගෙවල්වල කවි කතාවක් කරණවාමයි. සියළු දේනා සිනා සයුරේ ගිල්වමින්. කවදාවත් එකම දේ කියලත් නෑ. නමුත් මේ සංගම්වල ඉන්න අය අලුත් අයට තැනක් දෙන්නේ නෑ. ඒක අපේ රටට පොදු දෙයක් මේ හේතුවෙන් අපින් නැති උන දෑ බොහෝයි. ඒ හේතුවෙන අද රසවත් නිර්මාණ නැතිව අපි දුක් විඳිනවා. මේ විදියේ දෙයකින් හරි මම කරන්නේ කවියට මිනිසුන් ආදරය කිරීමට යොමු කිරීමටයි.

      Delete
    4. ඔවු.. මම හිතනවා ඔබ කරන්නේ ඒක කියලා.. ඒත් මම මතක් කළේ.. ඔය කවි සංගම් වල ඉන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් වැඩිහරියක් දක්ෂයෝ බව.. අලුත් අයට තැන දීලා තමන් තමන්ට සුදුසු තැනට යන්න අපේ බොහෝ අය කැමති නෑ නෙව.. (සනත් ජයසූරිය, සචින් තෙන්දුල්කාර්... හොඳම උදාහරණ..)

      Delete
  44. මෙන්න එහෙනම් කවි මඩුව;




    කවියා:
    දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
    මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
    හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
    රතු කැටයක් වගෙයි හරියට කහ වත්තේ


    කිවිඳිය:

    උපමා කියයි දම දම බොරු හිනාව
    මට තේරුණා අමරෙගෙ උව මනාව
    වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
    හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව


    කවියා:

    අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
    කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
    දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
    මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි


    කිවිඳිය:

    රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
    අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
    වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
    කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ


    කවියා:

    කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
    පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
    සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
    දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ


    කිවිඳිය:

    කැත එකියකට බොරු උපමා හරි ගස්සා
    ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
    පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
    පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා


    කවියා:

    කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
    තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
    සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
    අප වැනියන්ට පමණකි එය දකින මොලේ


    කිවිඳිය:

    අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
    කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
    සතියක් යන්න පෙර මංගල නැකත මැකී
    වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී


    කවියා:

    කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
    ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
    මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
    නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

    - උපුටාගැනීමකි -
    කිවිඳිය:

    අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
    වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
    දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
    නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල


    කවියා:

    කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
    බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
    දැමුවට පසු ඇයට උපමා රූපකය
    ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය



    කිවිඳිය:

    උපමා උපමේය දම දම පුරාණේ
    එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
    ඉන්නෙත් තවම අකලට දිරවලානේ
    මට මොනවටද මේ වයසක පරානේ


    කවියා:

    සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
    නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
    සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
    කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්



    කිවිඳිය:

    හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
    සක්කරවට්ටමක් යනකොට නළවාලා
    ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
    අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා



    මුලාසනය:

    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!

    ReplyDelete
    Replies
    1. පිස්සු කොර ඈ........... උපරිමයි එමමයි

      -_ ඩී -_

      Delete
    2. සුපිරිම කවි ටික

      Delete
    3. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
    4. ඇනෝගේ කවි ටික නම් මල් හතයි....

      Delete
    5. මම අහලා තියෙන විදියට මේ කවි ටික කියලා තියෙන්නේ මාකදුරේ අමරසිංහ කවියා සමග තවත් කිවිදියක්.මාකදුරේ අමරසිංහ කියන්නේ 2007.2008.2009 අවුරුදු තුනේම වසරේ හොදම කවියාට හිමි සම්මානය ලබාගත් දක්ෂ ශිල්පියෙක්. නමුත් එතුමා අද වෙනකොට තමන්ගෙ ගෙදර අසනීපයෙන් බොහොම අසරණව කල් ගෙවනවා. සිංහල කවිය අභාවයට යන්න ප්‍රධාන හේතුව වත්මන් පරපුරේ රසවින්දනය පහත වැටීම කියලයි මම නම් හිතන්නේ.

      Delete
  45. පිනුම් මොටද පැන පැන යන රිලවුනට
    පිනුම් මොටද දිය යට යන කිඹුලන්ට
    ඉනිමං මොටද අතු අග යන ලේනුන්ට
    කරණම් මොටද ගස් උඩ යන රිලවුන්ට

    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    කීමෙන් ගොඳ කීම් හත්බස තෙපලීම
    යාමෙන් හොඳ යාම යහමගෙහිම යාම
    කෑමෙන් හොඳ කෑම උපයාගෙන කෑම

    තිබහට වතුර බොන්නට සුලු ලිඳ විතර
    කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර
    දුකකට පිහිට පොඩි මිනිහෙකුගෙන් විතර
    ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර

    පරන කවි කීපයක්

    මෙන්න ප්‍රසන්න මහත්මයා කියපු කවිය

    මාමේ මගෙ නම ප්‍රසන් න
    ආවේ කමලට කියන් න
    දැවද්දක් එපා ඔන් න
    මේ ලක්සේ තියාගන් න

    ReplyDelete
  46. මගෙ නම මාමේ ප්‍රසන් න
    ආවේ කමලට පෙරළන හු..න් න
    චාලට් එක්ක විමලත් හැකිනම් දෙන් න
    නැන්නදත් නරක නෑ , හැක ආතල් ගන් න

    ReplyDelete
    Replies
    1. මගෙ නම මාමේ ප්‍රසන්න
      ආවේ කමලට හුකන්න
      චාලට් විමලට අරින්න
      ආසයි මම වැලත් කන්න
      නැන්දත් දෙනවද හුකන්න

      අලගියවන්න මුකවෙට්ටි

      Delete
    2. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  47. මගෙ නම මාමේ ප්‍රසන්න
    ආවේ කමලට කියන්න
    බැරි බව කයිපද බඳින්න
    මාතලං නිසා බලන්න
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  48. මාතලන්, තැන්කූ මචෝ, මට ඊයේ ඉඳල මේ ටික මතක් වෙන වාරයක් ගානේ හිනා. භාරියවුන් වහන්සේත් දෙතුන් පාරක් ඇහුව පිස්සුද කියල තනියෙන් හිනා වෙන්නේ කියලා. එයාටත් එක පෙන්නුවා. දැන් එතුමියටත් මම දැක්කහම හිනා.

    මාතලන් කරපු වැඩේ නිකන් රෙද්ද උස්සගෙන පස්ස හරවල දෙකට නැමිලා පාර අයිනේ හිටිය වගේ. නානා ප්‍රකාර මිනිස්සු නානා ප්‍රකාර දේවල් කරලා, කියල යනවා. බලන්න මරු වැඩේ.

    ReplyDelete
    Replies
    1. //මාතලන් කරපු වැඩේ නිකන් රෙද්ද උස්සගෙන පස්ස හරවල දෙකට නැමිලා පාර අයිනේ හිටිය වගේ. නානා ප්‍රකාර මිනිස්සු නානා ප්‍රකාර දේවල් කරලා, කියල යනවා. බලන්න මරු වැඩේ.//

      :D

      Delete
  49. කුණුහරුප ලිවීම සම්බන්දව ඇනොලට චෝදනා කල මහත්වරු සහ නෝනලා දැන් මොකද නිහඩ? මේකට තමයි වල්බුරු නිදහස කියන්නේ.තමන්ගේ බ්ලොගයේ කක්කා කිරීමට ඉඩ දුන් මාතලන් දැන් ගඳ ඉවසිය යුතුය.

    ReplyDelete
    Replies
    1. පිළිතුර සඳහා පහලම බලන්න

      Delete
  50. මාමේ මගෙ නම ප්‍රසන්න
    ආවේ කමලට කියන්න
    ජාමේ මහ රෑ පනින්න
    නාවේ මට බෑ බඳින්න

    ReplyDelete
  51. සියළුදෙනාටම,
    සමහර අයට කේන්ති ගිහින් තිබුනා මම මෙතන කක්කා දාන්න දුන්නා කියලා. ඒ ඉතින් හිතවත් කමට බව මම දන්නවා. ඒ නිසා තමයි මම මේක 18+ කියලා දැම්මේ. මේවා හංගන්න ඕන දේ නෙමෙයි, ප්‍රසිද්ධ තැන්වල නැතුවට ශෘගාර සාහිත්‍ය කියන දේත් කුණුහබ්බත් හැම තැනම තියෙනවා. ඒ නිසා ඒ ගැන අබය වෙන්න ඕන නෑ. මීට වඩා කක්කා වැඩ සමාජයේ ඕන තරම් තියෙන්නේ. මෙතන කෙනෙක් අහිංසක විනෝදයක් ලබනවා විතරයි.

    කොහොම හරි ගොඩක් අය හරි වල් මාතලන් වගේ වැදගත් අය හිටියේ ටික දෙනයි. මම දාන්න හිටපු උත්තරේට සමාන උත්තර කවිත් සමහරු දාලා තිබුනා. ඒ වගේම වෙනත් රසවත් කවිත්. කවි මඩුත් දාලා තිබුනා. ඒ හැමෝටම මගේ ස්තූතිය.

    මෙන්න කවිය..
    මාමේ මග නම ප්‍රසන්න
    ආවේ කමලට කියන්න
    ගත් ණය දෙන්නෙයි කියන්න
    නැත්නම් වෙයි නඩු කියන්න

    කමලා පහසු ගෙවීමේ ක්‍රමයට ගෝල්ඩ් චේන් එකක් අරගෙන ඒක එරියස් වෙලා. මේ ඇවිත් තියෙන්නේ බැරිම තැන කලෙක්ෂන් මැනේජර් කෙනෙක්. දැන් තේරෙනවනේද ඔයාලා කොච්චර වල්ද කියලා. එක්කෝ වනචර හිත. එහෙම නැත්නම් මගුල් විසේ. ඕකනේ මහින්ද මාමලා පිස්සු කෙලින්නේ.

    ReplyDelete
    Replies
    1. //ඕකනේ මහින්ද මාමලා පිස්සු කෙලින්නේ.//

      කොහෙ ගියත් මෙතනින්ම තමයි නවත්තන්නෙ නේද ?

      Delete
  52. මාතලන් මාමේ මේ අහන්න...
    ආවේ මාත් බොග බලන්න...
    18+ කියල ඔන්න...
    තවත් එපා හිත කඩන්න....

    උඩින් යටින් ඇඩ් දාන්න...
    මැදින් එපා කොටු දාන්න...
    කට ඇරගෙන බලන් ඉන්න...
    18+ ෂෝ එකම දෙන්න...

    ReplyDelete
  53. අම්මප මටනං මල පැනල හිටියේ.. පහලට බලලා බලලා .. හේ හේ .. මම හිතුවේ අර අතෙන්ට.. හු**න කියලා

    ReplyDelete
  54. antimata hitune mathalanta puke arinta

    ReplyDelete
  55. අනේ අම්මප පහළ බලන්න, පහළ බලන්න කිය කියා දීපු රැගට වෙනම අල්ලන් ගහන්න ඕනේ හරක් ****කින්...

    සකුන්තලා ෆුල් වර්ෂන් එක හොයා ගත්තා. නිකම් ඉන්න බැරි කමට ඔන්න ඔහේ දාන්නම්කො..

    .. " විකුම් විලා" නම් වූ නිවසක වාසය කරන නාඹර හැඩකාර විසේකාර තරුණියක් වූ අතර ඇය නමින් සකුන්තලා වූවාය. දිනක් ඈ නාගෙන තෙත චීත්තය පිටින් සඳලු තලයේ සිටිනු දැක උදම් වූ කටවාචාල කොල්ලන් පිරිසක් වටා ගෙතුණු සංවාදයකි මේ:


    1 කොල්ලා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
    2 කොල්ලා: "සකුන්තලා දැක මගෙ සිත උදම් වෙලා"
    3 කොල්ලා: "උදම් වෙලා සිටියත් මා නිකම් බලා"
    4 කොල්ලා: "නිකම් බලා සිටි මගෙ *ක කෙලින් වෙලා"


    සකුන්තලා මෙසේ කියයි:


    විකුම් විලාවේ සිටියත් වහන් වෙලා
    ඇඳුම් උනා ආවේ මම ටියුන් වෙලා
    කොහෙන් ගෙනාවද මේ ගොන් වහන්සේලා
    නිකන් බලා ඉන්නේ ඇයි *කන්නලා

    මේක අහපු කොල්ලෝ සෙට් එකට මල පැන්නලු. උන් මෙහෙම කිව්වලු,


    වින්දොත් සතුට අප හා ඔබ එකතු වෙලා
    සිවුදරු උපත වෙයි උඹ හට සකුන්තලා
    ළමයට දමමු අපි නම "ෆෝ මෙන්" කියලා
    ඇරපන් ජනේලය අපි එන්නම් පැනලා

    දැන් මේක අහපු සකුන්තලාට බය හිතුණා හදිස්සියේ වත් මුන් ඇරලා ගියොත් හෙම කියල. ඒ නිසා මුන්ව ශේප් කරගන්න මෙන මෙහෙම කිව්වලු.


    ගැහුවට කයිය ඔය අයියල උදම් වෙලා
    කියනව විතරමයි එන්නේ නැහැ නෙ බොලා
    අදනම් වැඩක් නැත ආවත් කෙලින් වෙලා
    සකුන්තලා හට අද ඇත ඔසප් වෙලා

    කරුමෙට සකුන්තලාගේ අයිය මෙතනින් ගියාලු. ඌත් බජාර් එකේ සිරා කකුලක්. වැඩ කරන්නේ ලියවන පට්ටලෙක. ඌත් කෙස් එක විහිළුවෙන්ම ශේප් කරන්න හිතාගෙන මෙහෙම කිව්වලු.

    මොත්තේ දෙතත් තොපි සේරම හවුල් වෙලා
    සකුන්තලාගේ අයියා මං dracula
    නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
    කපනව කොන් හතර අඬුවෙන් ක්ලිප් කරලා

    දැන් මේ සීන් එක අහන ඉන්නවා ලු සකුන්තලාගේ ලඟදි ගෙට වෙච්චි නංගි. අක්කට වඩා විසේ නංගිට. ඒකි කියනවලු මේන් මෙහෙම.

    කවුද අනේ මේ සුන්දර අයියාලා
    කොහෙද හිටියේ නැතුවද මේ මා දැකලා
    අක්ක එපානම් මට සෙට් වෙනු පැනලා
    ලඟදි ලොකු වුනේ මගේ නම නිසංසලා

    දැන් මේක කවි මඩුවක් වෙලා. ඔන්න එතකොටම කුස්සියේ ඉඳන් මුන්ගේ අම්මණ්ඩි ආවලු පැනගෙන පොල්කටු හැන්දත් අතින් අරන්..

    කොල්ලනි දනිවු මම අම්මා නිරංජලා
    පලයවූ මෙහෙන් ඉක්මනටම තුරල් වෙලා
    නැතිනම් කවියෙන්ම අරිනව දැනගල්ලා
    කෙල්ලනි දුවපියවූ ඇතුලට වහන් වෙලා

    ඔන්න වෙලාවටම මුන්ගේ අප්පුච්චත් බඹර පදමට දෙකක් දාගෙන වැනි වැනී සෙට් වුනාලු සීන් එකට:

    මමයි තාත්තා අන්කල් කැටපෝලා
    මේ කවි අහල මගෙ මවිලුත් කෙලින් වෙලා
    කොල්ලනි මට උදවුවක් ඇත කර පල්ලා
    දූලව තියල අම්මව උස්සා පල්ලා

    මේ සේරම අහගෙන හිටපු අල්ලපු ගෙදර මුස්ලිම් බුවාටත් ෆෝම් වෙලා. ඌ කියනවලු මෙහෙම්.

    යේක මොකඩ කවි කීනව මේ ගොල්ලා
    යෙපිලත් ඔන්දයි කොන කෙපුවට තොන්ගලා
    කෂාඩ අතක් අපිටො'ට්ටුයි ඕ අල්ලා
    ඔක්කොම එන්ඩ මම රෙඩි මම අබ්දුල්ලා

    ReplyDelete
  56. කතා ෙස්රම අැත්ත නමුත් මුලන් ෙසට් ෙවලා කව කයන්න අාපු කතා ෙබාරැ.. මම අත්දැකෙමන් දන්නව.. ම ෙග තාත්තත් කවෙයක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න