.

.

Sep 23, 2012

පොත් මේලා 2012 (16+) - Book Carnival 2012 (13+)

 
විරිඳුවෙ තාලයට ගයා..
සැනසී, නැලවෙන්න මෙයා..

මලා....., දැන් ඉන්න උන් විරිඳු දන්නවය, මෙන්න මේවටයි විරිඳු කියන්නේ.


--------x--------

මල පොත අකුරක් නොදන්න, පොඩි ඈයොත් කිහිලි ගහන්
මේ වෙනුවෙන් මිලදී ගත්, සැරසි පිලි සළු බරනින්
නහය කඩා ගෙන යන මුදු, සැන් පවුඩර් ගඳ ගසමින්
දනෝ රඟති පොත් නැතිනම්, හෙට උදයෙම මියෙන ලෙසින්.... 
බත නැත මට කම් නැත... පොත නැත මා මිය යත.... //

අතට මිටට ලැබෙන දෙයින්, ගන්නේ කෙලෙසද ආතල්
පොකට් එකට තට්ටු වෙනවා, ෆිල්ම් ඩ්‍රාමා පොඩි හෝටල්
ජන ගඟ ගැලුවට කම් නෑ, තිරගත වේ ෂෝස් ඇඩල්
දෙ-අත් ඇලී ගලවනූ බෑ. හපනව උනුනුන්ගේ දොතොල්....
ගෝල්පේස් කම් නැත......, දුටුවම පිනවයි සිත ......//

අලුතෙන් ගත් ගැජට් බැජට්, ප්‍රදර්ශනේ තබා යන්න
කැමරා පෝනයට උගේ, කෙල්ලන්ගේ පුකක් ගන්න
කුරුඳුවත්තේ නෝනලාගේ, සුදු ගල් හා තන් බලන්න
කොල්ලො එයි රංචු පිටින්, සත පහ නැත පොතක් ගන්න....
අයියෝ පව් අම්මිලා... මුං මෙතනත් සුං කළා..... //

ඇවිදින්නෙත් අමාරුවෙන්, හිරවී පුච බෝල තදින්
සැරසීගෙන බේල් කඩෙන්, අඩුවට ගත් කමිසයකින්
පෑලියගොඩ යකඩ කඩේ ,කෑලි බෑලි ගත දරමින්
කෙල්ලෝ සළු පාලී නටති, තොවිල් පවිල් සිහිකරමින්....
කකුලේ මයිල් මහ ගොඩයි.. බා ගත්තොත් හරි හැඩයි... //

හොඳ පොතකට මොන එහෙකට, දෙනවද ඔච්චර වට්ටම්
කොලිටි බාල, උන්ට ලාබ, හින්දයි තරම් සත්තම්
ගන්න එකත් කියවන් නෑ, දාති යටට ඇඳ විට්ටම්
බෝ පොත පත. බෝ වටිනවා, ගහගන්නට මැද තට්ටම්....
පොත් කාරයෝ සෙට් වෙලා.... ගූ බෙටි මාකට් කලා... //

මොනව උනත් දිගටම යති, සාහිත මස ප්‍රදර්ශනේ
පොත පත නමදින දන මන, යා යුතුමය සමග විනේ
පෙරලන මුත් පොත අප හට, පොත පත ලැදි දරුවන්නේ
කඩල ගොට්ට වුව කියවනු, මතු දින නෑ වරදින්නේ.....
රූප පෙට්ටි ඉවතලා... පොත් කියවමු හිනැහිලා... //

ගන්නා දේ මොනවාදයි, නිවසෙදි තීරණය ගන්න
රස්තියාදූ ඕනෙම නෑ, ලේසියි තැන් හොයාගන්න
පොත් අරගෙන වෙලා ඇතොත්, විගඩම් ටිකකුත් බලන්න
ගෙදර ඇවිත් මම වාගේ, හැකිනම් කයි පද බඳින්න....
කයි පද බැදුමත් පුතේ... කජු මද මෙන් මුදු නැතේ....//

තද බදවී මරා නෙගෙන, උන් පෙරලන ඔය බොරු පොත
ගන්නම ඕනෑ නම් පත පොත, සවන් දෙන්න මා හිතවත
කවදත් වට්ටම දෙනවා, විකුණන උන් හොඳ පොත පත
යන්නකො දවසක සවසක, මරදානේ පොත් කඩ වෙත

ලාබෙට ගත්තොත් පුතේ... බඩු බාලයි ඒ පොතේ... //

.oOo.

ප: ලි:
සමහර අය හිතාගෙන ඉන්නේ එයාලට විතරයි හස්තද්වාරයෙන් කරපු කවි දදා, සාතිත්‍ය මාසෙට උපහාර පුද කරන්න පුළුවන් කියලා. ඔන්න අපිත් දුන්නා කවියෙන්ම.....


පසුගිය වසරේ, සාහිත්‍ය මාසය වෙනුවෙන්-
"කලා භූෂණ, කළා නිධි, සකල කළා වල්ලභ, කළා ශූරී, ජාත්‍යන්තර "බාසා වෙල්ල" සම්මානයෙන් පුද ලද, මාතලන් වියතානන්",  විසින් ලියන ලද "කාව්‍ය සංග්‍රහය" බැලීමට - මෙතනින් පිවිසෙන්න.

68 comments:

  1. මට මතක හැටියට 1980 ගණන් විතර කාලේ විය යුතුයි ඔය කොළඹ පොත් සංගමය ඇරබෙන්නෙ. 90 විතර ඉදල මමත් ඕකෙ සාමාජිකයෙක්. හැබැයි පොත් ප්‍රදර්ශන කරන්න පටන් ගත්තේ ඊට බොහෝ කල් ගිහින්. මුලින් නව නගර ශාලාවේ තිබ්බා කියලයි මතක. කොහොම හරි 3 වැනි ප්‍රදර්ශනේ වෙනකම්ම සෙනඟ ආවේ නැහැ. සංවිධායක මංඩලේ දක්ෂකම අනුව සෙනඟ ගෙන්න ගන්න නොයෙක් දේ කළා. ඊට පසු මේකට සැණකෙලි මේලා තත්ත්වය ලැබුනා. මම නම් බොහෝම කැමැතියි මේ වැඩේට. ඒත් මම යන්නේ අඩුවෙන්. අද මට නිවාඩු යන්න හිතන් ඉන්නෙ. මෙහෙම ඒවත් තියන්න ඕනෙනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. සෝබනේට හරි කියවනවනේ. අනික බොහෝ දුර්ලබ පොත් එක තැනකින් හොයා ගන්න පුළුවන්.

      Delete
  2. Replies
    1. කියලා වැඩක් නැත. අපේ උන් කොතනත් කනවා

      Delete
  3. හෑබැට මේ විරිදුව නම් මට තේරුනා ලොක්කෝ...

    මාතලන් ලොක්කා කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා.... ඇත්ත.. ඔය වගේ සිගිති ආතල් ගන්න ඔතනට එන අයත් ඕනේ තරම් ඉන්නවා... මේ ඉතිං ලංකාව නොවැ.... හැබැයි ඉතිං ලාබ බඩුවේ හිලක් ඇතේ කියන්නැහේ පොතකට නම් මෙහෙම ලාබ නිසා බාලයි කියන්න පුළුවන්ද කියලා නම් මම දන්‌නේ නෑ... කියවන්න දෙයක් තියෙනවා නම් බත් එක ඔතපු කොලෙත් කියවන්න පුළුවන්... විසිකලා කියලා වැඩකට නැති දෙයක් වෙන් නෑ නේ.... හොද දේ තෝර ගන්න පුළුවන් නම් එච්චරයි.... අනිත් එක පොත් කඩ කාරයන්ට පුස් කකා තියෙන පොත් ටික පිහදාලා ගෙනත් තිබ්බම එකක් දෙක්ක හරි විකුණගන්න පුළුවන්.. මොකද මෙතනට නානාප්‍රකාර රසිකත්වයන් තියෙන අය එනවා.....

    මම පරිවර්තන හොය හොය යද්දි අපේ මල්ලි හොයන්නේ රෝහණ විජේවීර ගැන ලියපු පොත්... නංගි හොයන්නේ මහබැංකු වාර්තාව ..... ඔය වගේ... හි හි....

    ///මොනව උනත් දිගටම යති, සාහිත මස ප්‍රදර්ශනේ
    පොත පත නමදින දන මන, යා යුතුමය සමග විනේ
    පෙරලන මුත් පොත අප හට, පොත පත ලැදි දරුවන්නේ
    කඩල ගොට්ට වුව කියවනු, මතු දින නෑ වරදින්නේ.....
    රූප පෙට්ටි ඉවතලා... පොත් කියවමු හිනැහිලා... /////

    මෙන්න මගේ සිත ඇද බැද ගත්ත කයිය.. මලේ හතයි.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කිව්වේ ඇවිත් බලලා යන්නය කියලා.

      Delete
  4. පට්ට බං! කවි ලියන්න බැරි නිසා නිකං ඉන්නව. සුපිරි!

    ReplyDelete
    Replies
    1. කයි පද බැඳුමත් පුතේ
      කජු මද මෙන් මුදු නැතේ...

      Delete
  5. මේවට උත්තර දෙන්න ඕන කවියෙන් උනත් මෙහෙම මෙහෙම කවි සිතුවිලි පහල වෙන්නෙ නෑ මටත්, ඒක නිසා වැකියෙන් කියතොතත් මාතලන්ගේ විස්තරේ වගේම දිලා තියෙන උපදේසේ හරියට හරි! හැබැයි බාල පොත් ම නෙමේ අපට ඕන කරන ‍පොතුත් තියෙනවා. ඒ වගේම වට්ටම් දෙනවා කිව්වට සමහරු කියන්නෙ ඒක වෙළඳ උපක්‍රමයක් කියලා. ඒක එහෙමද කියලානම් මම හරියටම දන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. කැම එකම විකිනෙන කාළේක පොතටත් ගැලවුමක් නෑ ඉතින්

      Delete
  6. ගිය වසරේ මම ගියා
    මේ වසරේ බැරි වුනා
    යන්නට පොත පත ගන්නට
    වියදම වැඩි වෙයි කියා

    අධිවේගෙට පන්සියයි
    යන්න එන්න දාහක් යයි
    ඉතින් අපිට මොන වට්ටම්
    පොත් කඩ මාතරත් තියේ

    මටත් යන්න බැරි වුනා... මාතලන් ...අපේ සමහර අය. පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න ලේස්ති වෙන්නේ මාස ගානකට කලින් .... අලුත් ඇදුම් හෙම අරන්. හිහි.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත, විරිඳුවත් නියමයි..!

      Delete
    2. පොත් ගන්න ඕන නම් නිවාඩු වෙලාවක මරදානේ ප්‍රසිද්ධ පොත් සප්පුවලට යන්න දකුනේ කිව්වම වට්ටමත් වැඩියි

      Delete
  7. අගේ ඇති විරිඳු පන්තිය මහත්මයා. විරිඳු අද දවසේ අහන්නවත් නැති ගානයි. බොහොම ස්තූතියි සබැදියාවට. ඒ විරිඳු පන්තියට වඩා මා ආදරය කරන පත පොත ගැන ලියවුන ඔබේ විරිඳු පන්තිය. ඉතා අගනේය.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලොක්කා. ලොක්කගේ ලිවිල්ලත් පංකාදු පහයි

      Delete
  8. Camera ussan gihin photo gaththa un hitiyaa maathalan..eka vikaarayayi ethana..

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකනේ... නේද වෙනී අයියේ...

      Delete
    2. මාතලන් බොරු කියනවා අඩුයි

      Delete
  9. //බෝ පොත පත. බෝ වටිනවා, ගහගන්නට මැද තට්ටම්....
    පොත් කාරයෝ සෙට් වෙලා.... ගූ බෙටි මාකට් කලා... //

    එල විරිදු සෑර්!

    ReplyDelete
  10. සාහිත මස මෙහෙම වැඩක් තිබුනට වරදක් නැත්තේ...
    දී අතහිත පොතක් අරන් ආවොත් ඔබගේ තත්වේ....
    මී විතකින් ගන්නට බැරි අපමණ ජොලියක් ඇත්තේ...
    නෑවිත් හිටියත් කම් නැත ඉන්ටර්නේට් එක පැත්තේ...
    විරිඳු අපිත් දන්නවාය- දැනගෙන පද බඳිනවාය

    ReplyDelete
    Replies
    1. මී විතට ගහන්න ජොලියක් නම් නෑ. මීවීත ටිකක් අරගෙන කියවන කොට ඊටත් ආතල්

      Delete
  11. නිකං පෙන්නන ශෝ එක වෙච්චි පොඩ්ඩක් බලා ගත්තම මක්ක වෙනවද?

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ. ඔය ඕන තරම් යන්නේ.

      Delete
  12. ඔය විරිදු ටික එතනටම ගිහින් කීවොත් මොකෝ වෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව කීයක් හරි හොයාගන්න තිබුනා...

      Delete
  13. මාතලං උඹනම් සමාජය නියමෙට විනිවිද දකිනවා. ආඩම්බරයි ඇ.....

    ReplyDelete
    Replies
    1. හරියට ආන්ඩුවේ ගණු දෙණු වගේ... හික්ස්

      Delete
  14. මරු විරිදු සෙට් එක මාතලන් අයියා...

    ReplyDelete
  15. මාතලන් අයිය ලිව්වොත් ඉතින් ලිව්වම තමා.

    ReplyDelete
  16. පට්ටයි නේ.............. එලම තමා..

    ReplyDelete
  17. අපිනම් ඔය විකාර දැක්කෙ නෑ නොවැ.පොත් දිහාම බල බල ගිය නිසාද කොහෙද?නිවි හැනහිල්ලෙ පොත් බලන්න යන්නනම් ඉතිං සතියෙ මැද නිවාඩු දාන්න එපෑ. :(((

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එතකොට අනිත් ආතල් නෑ

      Delete
  18. නියමයි...විරිඳුවෙන්ම ගයා බැලුවෙමි..!

    ReplyDelete
    Replies
    1. ආයි මොනවද ඝන පිහිටුවලා ලියපුවා

      Delete
  19. කියන දේවල් නම් ඉතිං ඇත්ත තමයි. මම නම් මේ දවස්වල අතේ සල්ලි නැති නිසා ගියේ නෑ. නිකන් රස්තියාදුව විතරයිනේ, යනවනම් මාසයක් දෙකක් කියවන්න පොත් ටිකක් ගන්න ඕන. පොත්වලට වට්ටම් දෙන්නෙ නම් මම හිතන හැටියට පොත් ප්‍රකාශකයින්ට පොත්වලින් හොඳ ලාභයක් තියෙනව, ඒකෙන් පොඩ්ඩක් අඩුකරල තමා ඔය වට්ටම දෙනව ඇත්තෙ. දැන් පොත්වල ගණන්වල හැටියට හිතෙනව මහ පරිමාණෙන් මේව කරන කට්ටියට මෙච්චර නිෂ්පාදන වියදමක් යනවද කියල එක පොතකට. ඒකනේ ලේඛකයො මධ්‍යම පාන්තිකයො වෙද්දි ප්‍රකාශකයො කෝටිපතියො වෙල සුපිරි පැළැන්තියට නියෝජනය කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් කොහෙත් එහෙමයි

      Delete
  20. සෝක් කවි ටික ලොක්කා....

    ReplyDelete
  21. ආතල් කවි ටික නෙහ්...?
    ;)

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පනුච්චි කොටන කොට කුරුල්ලෙක් උස්සන් ගිහින්

      Delete
  23. මාතලන් වල්ලියගෙ කවි පෙළ නම් පංකාදුයි... ශාංගාරයද අරව මේවා සියල්ල හොද පදමට තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අම්මට බොල ඒවත් තියෙයි

      Delete
  24. විරිඳු නම් සුපිරිය

    ReplyDelete
  25. කමක් නැහැ ඉතින් ඔතන විකුනන්නේ කුඩු නෙමේනේ . වැරදිලා හරි පොතක් දිහා බැලුව වුනත් මදැයි. මන් හිටිය නම් අනිවාර්යයෙන් යනවා . අනික් අතට කියවනවා නම් කරවල ඔතපු කොළෙත් කියවනවා . අපි පොඩි කාලේ පොත් ගන්න සල්ලි තිබුනේ නැහැ . පුස්තකාල තමයි ඉතින්. මොනවා වුනත් කයි ටික නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නෙ ඒකයි.කුඩු විකුණන තැනකට නෙමෙයිනේ මිනිස්සු සෙට් වෙන්නෙ.අනික ෆැෂන් එකක් විදිහට හරි පොත් ටිකක් මාකට් වෙන එක නීතිගරුක වෙළදාමක් කරන මිනිස්සුන්ටත් අහිංසක විනෝදාංශයක/රැකියාවක යෙදිල ඉන්න ලේඛකයන්ටත් පොඩි හරි කික් එකක් නේ.අනික මිනිස්සු මේ යුගය ගෙවා දන්නේ හරි හිස්කමකින් .ඒ හිස්කම මොහොතකට හරි මකාගන්න ඉවෙන්ට් එකක් එපැයි.ඉතින් පොඩි මුදලක් දීල මේක ඇතුලේ පොත් අත ගගා පැය කීපයක හරි ෆැන්ටසියක ඉන්න මිනිස්සු ආසයි.චන්දෙට ගෙන්නපු ධාතු වඳින එක ෆැෂන් එකක් වෙනවට වඩා මේ වැඩේ ෆැෂන් එකක් වෙන එකට මං නම් කැමති.

      Delete
    2. අපි ලිව්වොත් ලිව්වා තමයි. නොගියනම් කොහොමෙයි මාත් මේවා ලියන්නේ...

      Delete
  26. හැක හැක හැක කකාට පේන්නත් එක්ක නේද ලිව්වේ? :)
    අර ඔබ තුමාගේ පොතේ නම පොඩ්ඩක් අකුරු මාරු කරාම අමුතු නමක්නේ හැදෙන්නේ

    ReplyDelete
  27. අපට කොහෙන්ද මාතලෝ පොත් කියවන්න වෙලාවක් :(

    ReplyDelete
    Replies
    1. ඇයි එච්චරට මල් කඩනවැයි

      Delete
  28. අපුරු කවි ටික,
    ගියපාර මම BMICH1 විජේසූරිය එකේ දැක්කා ඔය කවි වල කියපු ජාතියේ පවුලක්.හොදට හිරවේන්න ඇදපු සද්දන්ත කුලයේ සෙට් එකක්.අම්මා ඉදන් එකේ වැඩ කරන කෙනෙක් ගෙන් ඇහුවා මොනාද හොද පොත් තියෙන්නේ කියලා.ඒ මනුස්සයත් බොහොම වටින පරිවර්තන ගොඩක් පෙන්නුවා.මේ කෙනාත් මහා හයියෙන් “ඔවා නෙවෙයි මට ඔගොල්ලො ගාව තියෙන අලුත්ම පොත් වලින් දෙන්න“ ගගා කෑ ගහනවා.ජීවිතේට පොතක් කියවපු පාටක් පෙනුනේ නෑ ඒ කියවිල්ලේ නං.බලං ඉන්න හැමෝමට ම හිතෙන්න ඇති මෙයා එලවලු තොරන්න ආව ගමං කියලා.
    හැබැයි දෙයියනේ කියලා දහ පාලොස් දාහක පොත් තියෙන මල්ලක් එල්ලගෙන හිටියා !!

    ReplyDelete
  29. පරණ පොත් කියවන්න වත් කාලය අඩුයි කලකන්නි අර්ථීකය හමුවේ..

    ReplyDelete
    Replies
    1. මාත් ගත්ත පොතක් නෑ. පොත් ගත්තොත් බත් කාලා ඉවරයි. පොඩි එකාට දෙක තුනක් අරන් දුන්නා. ඌත් දන්නවා අපේ තත්වේ..

      Delete
  30. මරු විරිඳු සෙට් එක. හිතෙන් කියෙව්වා // ගහලා තියෙන තැන් දෙපාර දෙපාර. හරිනෙ
    කයි පද බැදුමත් පුතේ... කජු මද මෙන් මුදු නැතේ
    කයි පද බැදුමත් පුතේ... කජු මද මෙන් මුදු නැතේ
    අන්න ඒ වාගෙ. ඔය මොනවා කිව්වත් බං මට නම් ඕකට යන්න නැති එකට හිරිම හිතට අමාරුයි. ‍රැල්ලට හරි කමක් නෑ බං කුඩු වලට නෙවෙයිනෙ ප්‍රබෝදය පොත් වලටනෙ.
    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇඩි දැම්මා වගේ නෙමෙයි එකවුන්ට එකට සල්ලිත් දාපන්.. අමතක නොකර..

      Delete
    2. ඔන්න මාතලන් ගොයියෝ මං නම් ගිහින් පොත් ගත්තා හරිය,විගඩම් නැටුවේ නෑ
      මාතලන් ලොක්කා කලින් දවසක කිව්ව පොත් සෙට් එකත් හෙව්වා ඒවා නම් හම්බ උනේ නෑ මුල් දවස් ටිකේ ඒවා උණු කැවුම් වගේ විකිණිලා :P

      Delete
  31. මාතලං වට්ටම් තනනව හෙම දැක්කෙ නැද්ද ???

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න