.

.

Sep 15, 2012

තගා බයිලා - Thugs Baila



මුලසුන බයිලා චක්‍රවර්ති

ආ යෙත් වලියක් දාගෙන මාලක සිල්වා
වාද බයිල කියමුද බුදු පානක් දල්වා
එතකොට,  වාද බයිල කියමුද බුදු පානක් දල්වා
එලිසම රැකලා, නොම මගේ කලිසම ගලවා


කිරිබත්ගොඩ මර්වින්

මම වගේම වැඩ කාරයා මගේ සුදු පුතා
තොපි ඔක්කෝම කට වහගනු මම හරි ජගතා
යකෝ,  තොපි ඔක්කෝම කට වහගනු මම හරි ජගතා
අප්ප වගේ නැත්තන් ඌ…. නොට්ටිගේ පුතා

ඩැයිවර්  මල්ලි

වටකරලා නෙලුවා…. උන්, අපේ බේබිට
එතන තිබුන පිස්තෝලේ.. ගෙනාවා ගන්ට
සෑර්,  එතන තිබුන පිස්තෝලේ.. ගෙනාවා ගන්ට
උඩ පැන පැන ගැහුවනේ උන් අපේ බේබීට

මාලක පුතා

සිගරට් ඉල්ලා, දුන්නත්, ගිනි නෑ කියලා
කිව්වොත් නෙලලා, මම, යන්නේ බේරිලා
අම්මට, කිව්වොත් නෙලලා, මම, යන්නේ බේරිලා
තොපි ආවත්, යවන්නේ මම, ඇට කුඩු කරලා

රඹුක්වැල්ලේ කෙහෙලිය

පන්සලේ දී බෑනේ අනේ.. හිරේට ගන්ට
මගේ එකත් යවනව මම, මුගෙ සෙට් එකට
මගේ එකත් යවනව මම, මුගෙ සෙට් එකට
ගාඩ් එකට ජීප් එකත් දෙනවා… පුතාට

ඇස් පී අජිත් රෝහණ

එව්වා කොහෙද.. කොයි කාටත් එකයි නීතිය
ලොක්කා කිව්වා.. මෙවැනි අයට තදයි නීතිය
අපේ, ලොක්කා කිව්වා.. මෙවැනි අයට තදයි නීතිය
ඌ ඉන්නා තැන කිව්වොත්.. ඔබටයි මිලියනය

හමුදාපති තුමා

මූ මොනවද එතන කළේ.., මහ රෑ ජාමේ
උත්තර දීපන් මේජර්.., ඇවිත් කොමසමේ
කැරකිලා, උත්තර දීපන් මේජර්.., ඇවිත් කොමිසමේ
දන්නෙ නැද්ද මෙම්බස්... VIP..... සමාගමේ

ඩෙංගු සේන

අනේ මගේ කාලේ කන... වින පරිස්සන
තියන්නෙපා ලොක්කා... මම කියමි වැඳගෙන
අනේ, තියන්නෙපා ලොක්කා මම... කියමි වැඳගෙන 
මුන්ට ගේම් දෙන්නත් බෑ... කලත් කොඩිවින

මාතරින් ඩලස්

හෙලා දකිනවා ලොක්කා.. නෑ කතා දෙකක්
පත්තරවල තියෙනවාද… මේ වගේ සැපක්
ඔය කුණු, පත්තරවල තියෙනවාද… මේ වගේ සැපක්
පලදෙන්නේ නියමට මට පූරුවේ පිනක්

මුලසුන බයිලා චක්‍රවර්ති

පාරුවේ පුවක් එතකොට... පූරුවේ පවක්
දැකලා තියෙනවද ඔහෙලා... පිස්සු මී හරක්
අම්මපා, දැකලා තියෙනවද ඔහෙලා... පිස්සු මී හරක්
රණවිරුවත් බල්ලා මාක්... නැති උනොත් පිනක්

68 comments:

  1. අපේ පුතා උස මහතයි බැහැ හංගන්න
    පුතා හිටියෙ ඒ කාලෙත් ජුන්ඩ වහගෙන..
    පුතා හිටියෙ ඒ කාලෙත් ජන්ඩ වහගෙන
    ඉතිං මම මොකටද හංගන්නේ පුතා අද දින..

    එතන වුනේ මිතුරන්ගේ සොදුරුම වලියක්
    මිතුරු රන්ඩුවලට මොකද පොලිස් කූඩුවක්..
    මිතුරු රන්ඩුවලට මොකද පොලිස් කූඩුවක්
    ඇහුනෙ නැද්ද, මේජර් කිවව, නැහැ දැන් අවුලක්..

    හොරා එලියේ, අහිංසකයා දුකේ,

    මේක ලිව්වෙ මමද කියල මට මතක නැහැ මචං..

    ReplyDelete
    Replies
    1. එහෙමැ නොකීවොත් තමයි පුදුමේ...

      Delete
  2. mehema ekekuta
    gahala madi ohoma
    kalidama galawala
    p..keth arinna tibbe

    unifomrm ekatath agauraaaka
    oya majaor
    major kenkguge batayekda kohe eka


    nodakin

    thuk..........

    ReplyDelete
    Replies
    1. ප්‍රෙෂර් වැඩිවෙල් බලාගෙන :D

      Delete
  3. දැනට දශක ගනනාවකට පෙර දිනක කොට කලිසමකින් සැරසුනු කොලු ගැටයෙක් ඈත රුහුණේ තරුණ මහජන නියෝජිතයෙක් සමඟ කොළඹ පැමිණියේය. ම. නි. මේ කොලු ගැටයා වාහනය තුල නවතා යම් බලවත් අම්මා කෙනෙකු හමුවීමට මැදුරක් තුලට ගියේය. කාලය ගතවනු මිසක ම. නි නොපැමිණි නිසා දැඩි කලබලයට පත්වන කොලුවා කෙලින්ම මැදුරට පිවිස ඒ මේ අත බැලීය. කිසිවෙක් නැත. ලොක්කාගේ හඬ එන්නේ මැදුරේ උඩු මහලෙනි. නිසි සංයමයකින් හැසිරීමට නොදත් නූගත් කොලුවා මේ බලවතුන්ගේ සාකච්චාව මැදට පැන "මට හරි මහන්සියි. දැන් ගෙදර යන්න ඕනෙ" යනුවෙන් ඇවිටිලි කරන්නට විය.
    මේ අපූරු සිදුවීම බලා සිටි බලවතියගේ පුත්‍රයා ම. නි. අමතා මේකව මට දෙනවකො. මූ නියම බඩුවක්නේ යැයි තෙපලීය. එතැනි ඇරබි කොලුවාගේ ගමන අද කෙලෙස වේද?
    මිනිහෙක්ට විලි ලැජ්ජාව නැත්නම් යන්න පුලුවන් දුර අහසට උසට බව මේ කතාව සහ ඔබගේ කවි පංතිය අපට පෙන්වා දෙයි.
    අනේ මන්ද මාතලන් මේවට මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. හප්පේ දැක්ක කල්. ඕන් ඔක්කෝම මේල් කොලා. අරුණි ශපිරෝ නෝනගේ පෝස්ට් එකෙන් දැනගත්තේ කොහෙද ගියේ කියලා. මම උන්නේ බිසි කියලා. වෙල් කම් බැක් වේවා.....

      Delete
  4. අම්මපා මලේ උඹට මල් මිටක් තියල පුදන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. සයිබරයෙන් හරි නිරුවත එලි කරනවට

      Delete
  5. කියවන්නෙක් පමණිSeptember 15, 2012 at 5:24 AM

    එළ බයිලේ. අඩුම තරමේ මේව රස විදලා ලේ පුච්චගන්නේ නැතිව ඉන්න පුලුවන් නම් අපි දිනුම්.
    මම මෙතනට එන්න කලින් වෙන තැනක මේ බයිල ටික කියවලා ආවේ. එතකොට පොත් සැට් එක. අම්මා කියලා වැඩක් නෑ විලි සංගයක් නැතිව නියමෙට වටේ යනවා. ඔබතුමාට මේවගේ අයිතිය ඕප්පු කරගන්න පුලුවන් වෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. ඒ කොහේද අනෙ ඒ මටත් කියන්නකෝ බලන්න...

      Delete
  6. නියමයි!!

    ReplyDelete
  7. මැරවින් සහ මාලක කියන දෙන්නම රජයකට අවශ්‍ය පුද්ගලයන්! සාමාන්‍යයෙන් කරන්න බැරි අන්දමේ දරුණු ක්‍රියා කිරීමේ සිවිල් බලයක් ඔවුන් සතුව තියෙනවා. මහින්ද ගෝඨා ඇතුළු පිරිස මැරයින් නඩත්තු කරන්නේ ඒකයි. අපේ බුද්ධිමත් චන්දදායකයින් ටිකත් තමන්ගේ වාසියම සලකලා උන්ටම චන්දේ දෙනවා. ඒ වගේ මැරයින්ව ෆෝම් කරවන චන්ද දායක උතුමන්ලාට තමයි මුලින්ම ගහන්න ඕන. බලය ලැබුනම කරන චණ්ඩි කම් බලය නැතිදාට නෑ.

    ReplyDelete
    Replies
    1. අර චන්ද දායකයෝන්ට ගහන කතාව ඇර අනික් සියල්ලටම එකඟයි. එහෙම කලොත් අපිත් ඒ ගනයට වැටෙනවනේ...

      Delete
  8. මාලක ගොබිලා එක්ක ගිය විජේරත්න ගොයියගේ පුතණ්ඩියා මොකුත් කියන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. පවි අහිංසකයා. අපපොච්ච්ත් නැති කොලුවනේ...

      Delete
    2. ඒතා අහිංසක මෝ.....ත්

      Delete
    3. ඒ කොලුවගේ ඇත්තම අප්පොච්චි විජේරත්න උන්නැහේ නෙමෙයිලු නේද ?

      Delete
  9. පට්ට බයිල සැට් එක

    ReplyDelete
  10. තගා බයිලා ටික නම් මරු

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඉතින් ඇත්ත ඇති සැටියෙන්...

      Delete
  11. Patta bailawa mathalan.mama mathalen :)

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට, මිනිහ පිට රට...

      Delete
  12. මාලක අයියාව මාත් ආශ්‍රේ කරලා තියෙනවා මිනිහා තාත්තගේ බලේ අයුතු ලෙස පාවිච්චි කරනවා මට ඒකට කාගේවත් සාක්ෂි ඕනේ නැහැ.මේ රටේ කොන්ද පන තියෙන එකෙක්වත් නැහැ මුට ප්‍රසිද්ධියේ කනේ පාරක් ගහන්න.ඒකට මොනා වුනත් මාලක අයියා කොන්ද පන තියෙන පොරක් මූ ඕනෑම තැනක නාමල් රාජපක්ෂට හරි කනට ගහන ජාතියේ පොරක් ඒක මේ රටේ ජීවත් වෙන පුරවැසියන්ට ලොකු අසාධාරණයක්.

    ReplyDelete
    Replies
    1. මාලක අය්යාගේ කොන්ද පනතියෙනවනම් ගෙයි මුල්ලේ හැංගිලා ඉන්නේ නැතිව වහාම නීතිය ඉදිරියට පැමිණිය යුතුය.නිශාන් ඔබ මර්වින් මහත්තයාගේ ගෙදර කිලිටි රෙදි මෙතන සේදීමනම් කැතයි හොඳේ........... අනේ හුකේ මාලකගේ කොන්ද......

      Delete
    2. මං මර්වින් මහත්තයාගේ කිලිටි රෙදි හේදුවේ නැහැ සහෝ මම කිව්වේ ඇත්ත.අනික මාලක අයියා ගෙයි මුල්ලේ හැංගිලා නැහැ ඕන තරම් එළියේ කරක් ගහනවා ඒත් දකින පොලිස් කාරයෝ පවා යටහත් පහත්ව පොඩි හිනාවක් දානවා මිසක් රවන්නේවත් නැහැ.කාගේද වැරැද්ද? නීතිය හරියට සිද්ද කරන්න පුළුවන් කමක් තිබ්බා නම් ඔහොම වෙයිද?

      Delete
    3. තරහ වෙන්න එපා නිශාන් සහෝ.මේ සිදුවීම ඉතාම බරපතල එකක්වෙන්නේ අදාල හමුදා නිලදරියාට පහරදීමම නොව ඔහුගේ ජංගම දුරකථනය පැහැර ගැනීමය.මෙනිසා හෙළිදරව් වන තොරතුරු නිසා මේ සිදුවීම නුතන මිලේනියම් සිටි සිදුවීම බවට පත්වුවොත් ඔබේ මාලක අයියා එයට වගකීම බාරගනීවිද.මට තියෙන ගැටලුව තමන් දේශප්‍රේමී යයි කියා ගන්නා රජය මේ සම්බන්දව දක්වන නිහඩ බවයි.පොලිසිය අක්‍රිය වී ඇත්තේ ඇයි දැයි ඔබ හැර මුළු රටමම නොරහසක් බව කියමි.ඔබට සිත් රිදීමක් වීනම් සමාවෙන්න.

      Delete
    4. ඒ වලි වගේද මේ වලිය.. නිශාන් එක්ක ඇනෝ. උඹලා මොකටද බන් මේවට මරාගන්නේ.. අන්න එහෙම ෂෙප් එකේ ඉන්න එපැයි...

      Delete
    5. අපි මේ එකම කරුණක් ගැන එකම පැත්තක සිට වාද කරනවා මොනා වුනත් ඔන්න බලන්න මාලක බාර වුනේ නැත්තම් තාම ඌව අත්අඩංගුවට අරගෙන ඇද්ද? ලොවෙත් නැහැ.

      ඒත් පොලිස් ලොක්කෙක් කියන්නේ 8.30ට බාරවෙනවා කිව්වලු 8.30ට බාරවුණේ නැත්තම් අත්අඩංගුවට ගන්නලු හිටියේ.

      මාලක නිකන් හරි බාර නොවුනා නම් මාලකව ඇරෙස්ට් කරයි කියලා හිතනවද?

      Delete
  13. මේ ලෝකෙන් මට පෙන්නන්නම බැරි එවුන් ටික දෙනෙක් ඉන්නවා. දකිද්දිත් වහ කදුරු වගේ. එවුන් තමා දේශපාලුවෝ..

    බයිලා ටික නියමයි

    ReplyDelete
    Replies
    1. මගේ නම් ප්‍රියතම. අපි ජීවත් වෙන්නේ උන් නිසානේ

      Delete
  14. ඉතින් බන් ඕකට තම ආශ්චර්ය කියන්නේ

    ReplyDelete
    Replies
    1. පොඩි කේස් එකක් කියලා කස්ටිය කියන්නේ...

      Delete
  15. බයිලා නම් බයිලා :)

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් හී..... හී නොකියා යමක් කීවා.

      Delete
    2. කෝමද නංගී... බයිලා.. සෙට් එක.. ආ

      Delete
  16. අනේ අයියේ මේකට බෑ මෙහෙම කියන්ට
    මගේ හිතට නැගෙනා දේ මෙහි පවසන්ට
    අම්මපා මගේ හිතට නැගෙනා දේ මෙහි පවසන්ට
    අනේ අයියේ මේකට බෑ මෙහෙම කියන්ට

    වෑන් එකක් එයිදෝ සුදු පාටින් හැඩවූ
    මාතලන්ව උස්සයිදෝ දෑතින් එල්වූ
    අපෙ මාතලන්ව උස්සයිදෝ දෑතින් එල්වූ
    වැන් එකක් එයිදෝ සුදු පාටින් හැඩවූ

    කොහොම උනත් කවි ටික නම් පට්ටම පට්ට
    පැලෙයි මේක වදිනා උන්ගේ ඇති තට්ට
    අම්මපා පැලෙයි මේක වදිනා උන්ගේ ඇති තට්ට
    කොහොම උනත් කවි ටික නම් පට්ටම පට්ට

    ReplyDelete
    Replies
    1. මොකද මල්ලි මොකද මල්ලි බයිලා පරක්කු
      සත පනහක බිව්වද උබ පරණ අරක්කු
      හිටගෙන, සත පනහක බිව්වද උඹ පරණ අරක්කු
      සුදු වෑන් ඇවිත් අරන් යන්නේ උඹ වගෙ කොක්කු

      මෙතන කොක්කු කියන එකට කැමති එකක් දාගනින් :D

      Delete
  17. පො.මා.ප්‍ර.

    (කියන්නේ)
    ධාතු වඳින්නයි ඔහු ඇවිල්ල උන්නේ‍
    එහෙව් එකේ කොහොමද අපි අල්ලන්නේ
    (හිතන්නේ)
    උගේ අප්පා ලොක්කගෙ හොඳ බොක්කක්නේ
    ඌ ඇල්ලුවොත් අපෙ තරු නෙව ගැලවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එයා කියන්නේ, මමයිලු, නෝන්ඩි වෙන්නේ
      කබා ගලවන්නේ, ගලවල, ගෙදරයි යන්නේ
      මේ නිල, කබා ගලවන්නේ, ගලවල, ගෙදරයි යන්නේ
      මෙහෙම හිටියොතින් දවසක, මටත් කෙලින්නේ

      Delete
  18. නියම බයිලා. තැපෑල කරලවත් යවන්න බැරිද අදාල අයට?

    බොහොම සතුටුයි වෙද මහත්තය අයෙත් දකින්න ලැබීම. එත් මාතලන් ඔබාමා නැහැනේ ඔයාගේ පුනරාගමනයෙන් පස්සේ.

    ReplyDelete
    Replies
    1. මම මේකට ආපු ගමන් ඔබා නැති බව දැක්කම මගේ ඇස් තෙත් උනා. මට එහෙම වෙනවා සෑහෙන අඩුයි. අපරාදේ ඒ වගේ මිනිස්සු නැති වෙන්නේ.

      Delete
  19. ගුටි කෑව මේජර්

    පොලිස් හිමිජ්ජන් කියනවා හොයාල දෙන්න
    එත් උලම ඇවිත් හිටිය ධාතු වඳින්න
    එතැනදී ඇයි බැරිවුනේ මූ අල්ලා ගන්න
    පොලිස් හිමිජ්ජන් කියනවා හොයාලා දෙන්න

    ReplyDelete
    Replies
    1. වදින්නටයො පන්සල් ගියේ බුදුන්ගේ ධාතූ
      එතනදි ඇල්ලුවනම් අපි වෙනව සවුත්තු
      මල්ලි. එතනදි ඇල්ලුවනම් අපි වෙනව සවුත්තු
      ඕන තැනක ලෙවකනවා ලොකුම සපත්තු

      Delete
  20. නියම වාද බයිලා ටිකක් නූතන සම්ප්‍රදායේ එම්එස්ල වෙනුවට මේ බයිලා තමයි අද අහන්නවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේව මොන බයිලද. නිව්ස් වලට නේ බයිලා යන්නේ.

      Delete
  21. ඉවර කරන්න ඕනෑ අටකොන් බයිලාවකින්

    කරුමෙට මූලට තොපි රට දුන්නට
    තොපෙ ඇට හතරට පලනට සිතෙ මට
    තොපෙ ඇට හතරට පලනට සිතෙ මට
    කරුමෙට මූලට තොපි රට දුන්නට

    ReplyDelete
    Replies
    1. කරුමෙට කුණුකට ඔහෙලට ලැබුනට
      කුණුකට ඉරනට හිතෙනව මට හෙට
      කුණුකට ඉරනට හිතෙනව මට හෙට
      මේ රට නෑ තොට අපිලට සඳහට

      Delete
  22. මේක හොඳයි එක්කෝ ඇන්ඩ් කොම්පැනි වල හරි ජනහිතගේ විරිඳු සුරල් වල හරි දාන්න.
    නියමයි අඩේ

    ReplyDelete
    Replies
    1. ඇන්ඩ් කොම්පැනි නම දැකලා තියෙනවා... ජනහිතගේ කතන්දරේ ඇහුවේ අද

      Delete
  23. අහිංසකයි රටක් වටියි මෙවන් පුතුන්
    මේ වයසට ඔය දේවල් වෙයිලු ඉතින්
    අයියේ අහිංසකයි රටක් වටියි මෙවන් එවුන්
    හෙට අනිද්දට මොකා එයිද දන්නෑ නොදකින්

    ඇන්දා කාටුන් එකක් මාත්

    ReplyDelete
    Replies
    1. පුංචී කාළේ හිටන් කොල්ලො ඔහොම තමයිනේ
      අත්තල මුත්තලා වෙලත් ගේමට රෙඩිනේ
      යකෝ, අත්තල මුත්තලා වෙලත් ගේමට රෙඩිනේ
      දුටුගැමුණුගේ පරපුර අපි නෑනේ සැලෙන්නේ

      Delete
  24. ආමි මේජර් මාස 3 කට පසු හමුදා කොමිසමේදී

    කවුද ගැහුවේ කියල නෑනේ මතකෙට එන්නේ
    පිස්තෝලෙයි රන්මාලෙයි පාරේදි වැටුනේ
    අයියෝ පිස්තෝලෙයි රන්මාලෙයි පාරේදි වැටුනේ
    ගැහුවේ කවුද කියල නෑනේ මතකෙට එන්නේ

    ReplyDelete
    Replies
    1. ඌයි මායි අපි දෙන්නා යාලුවෝ අනේ
      පත්තර කාරයොත් එක්ක කරන්න බෑනේ
      මූසල, පත්තර කාරයෝ එක්කලා කරන්න බෑනේ
      රටේ ප්‍රශ්ණ නැතුවද මුන් අපිවම කන්නේ

      Delete
  25. දේසපාලනේ කරන එවුන් එක්ක නම් අපිට බයිලා ලියල කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නෑ අයියේ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උන් බයිලා චැම්ප්ස් ලා නේ...

      Delete
  26. එළකිරි බයිලා ටික.... අදාල සිදුවීම ගැන කතා කිරීමෙන් පලක් නොමැත.

    ReplyDelete
    Replies
    1. එළකිරි බයිලා, බෙදනවා අහුල ගනිල්ලා...

      Delete
  27. සාහිත්‍ය මාසය වෙනුවෙන් දැන් දිගට හරහට බයිලා කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. මට තියෙන සතුට.. කවි වලට අකමැති ඔබා මමත් කවි වලට කැමති කරව ගත්ත එක.. දැන් ගොඩක් උන් කවි බලනවා. ඒක ළොකු දෙයක්..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න