.

.

Oct 1, 2012

ශපිරෝ, දියසේන හා රාවණා - Aruni Shapiro, Prince Diyasena & King Raawanaa



අර කව්ද කිව්වා වගේ, බ්ලොග් ළෝකේ නිකන් ආතල් නැති, වලි නැති, හෝන්දූ මාන්දූ වෙලා තියෙන වෙලාවක, බොහොම අගේ ඇති ළිපියක් අරුණි ශපීරෝ නෝනා ලියලා තිබුනා. අපේ ඒවා වගේ නෙමෙයි. ඒ නෝනගේ ලිපි බොහොම සාර ගර්භ ලිපි. ළිපියේ මාතෘකාව,"බෙදා දෙන්න ක්‍රමයක් හා බෙදාදෙන්න සමත් කෙනෙක්", (මෙතනින් බලන්න) ඇත්තටම මම මේ ලිපිය දැක්ක ගමන් පොතක් ලියන්න තරම් කරුණු මගේ සිතේ එහෙ මෙහෙ සැරිසැරුවා. ඒත් ඉතින් මාගල් වගේ පොත් ලිව්වොත් එකෙක් වත් බලන්නේ නැති නිසා මේ ලියන්නේ හැකි තාක් කෙටියෙන්.


ඇත්තටම ග්‍රෝත්‍රික මානසිකත්වයක් හා අති දරුණු දුප්පත් දූපත් මානසිකත්වයකින් පෙලෙන, වඳවීගෙන යන ජාතියකට අයත්, හුදකලා භාෂාවක් කතා කරන, ජන සමූහයන්ගෙන් එකක් වන අපේ සිහල ජනතාව, හරි කම්මැලි ජාතියක්, නිකං ලැබෙනකන් තමයි බලාගෙන ඉන්නේ. මේ හේතුව නිසා අපේ රටට සිඳුවුන පාඩු වැඩියි. හැම දෙයක් ගැනම, වපර ඇසින් බලන නිසා, අන්තර්ජාතික වෙළඳාම විතරක් නෙමෙයි දේශීය සිල්ලර වෙළඳාම උනත් අපේ අයගෙන් ගිලිහෙන්න ප්‍රධාන හේතුව මේකයි. එහෙම වෙන්න ආගමත් ප්‍රධන හේතුවක් උනා. බුද්ධාගම තිබුනේ රටවැසියාට නෙමෙයි රජවරුන්ට. ඒ මෙහේ තිබුන ක්‍රමයටම අනුගත් වූවක්. ඔක්කෝම අයිති වෙලා තිබුනේ රජ්ජුරුවන්ටයි, පන්සල්වලටයි. සාමාන්‍ය එකාට මුකුත් නෑ. ඌ ඉතින් තමන්ගේ රාජකාරිය කරලා නිකන් ඉන්නවා. අලුත් දෙයක් ගැන හිතන්නවත් ඌට නිදහසක් නෑ. එහෙම රැඩිකල් වෙන්න ගියොත් ඒ මොළේ තියෙන් කොටස ඇඟෙන් වෙන් කරලා දානවා රජ්ජුරුවෝ.

ඒත් බටහිර කුමන්ත්‍රණ කාරයෝ ආවයින් පස්සේ සිස්ටම් එක වෙනස් වෙනවා රැඩිකල් එකා සුද්දට කඩේ ගිහින් සුද්දටත් අරිනවා. ඒත් ඒකටත් අකමැති කාළකන්නියෝ ටික, හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා. කලින් තිබුන සිස්ටම් එක හොඳයි කියලා. මට දුක අදත් එහෙම උන් ඉන්න එක ගැන. එහෙම උන් තමයි සමාජවාදය එනකන් බලාගෙන ඉන්න කට්ටිය. උන් ඉන්නේ සරදියෙල් ආයේ එනකන්. හැබයි එන්න ඕනෙත් සරදියෙල්මයි. පොඩි විජේ උනත් අවුලක් නෑ. හැබයි රොබින් හුඩ් එනවට නම් කීයටවත් කැමති නෑ. මොකෝ එයා බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ පැත්තේ නේ. මෙහම බලාගෙන ඉන්න එක නිකන් අර එළුවගේ එක වැටෙනකම් බලාගෙන ඉන්නවා වගේ. කවදාවත් වැටෙන්නේ නෑ.

එතකොට කෙනෙක් කියන්න පුළුවන්, එතකොට රුසියාවේ, චීනේ, උතුරු කොරියාවේ, කියුබාවේ දි වැටුනේ කියලා. ඇත්ත ඒත් රුසියාවේ අයයි චීනේ අයයි වැටුන එක ආයෙත් අහුලලා තිබුන තැනට දාලා. මං වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා කියලා. ඒ ප්‍රේමවන්තිය එලවලා, ඇමරිකන් බඩුවකට ප්‍රේම කරනවා. කියුබාවේ උන්, වැටිච්ච එක ඔබා ගන්න, එළුවගේ පස්සේ දුවනවා. ඒත් තාම අල්ල ගන්න පුළුවන් උනේ නෑ. උතුරු කොරියාවේ නම්, වැටිච්ච එක අහුලගෙන, කුණු වෙලා ඕජස් ගලද්දිත්, ටොපිය වගේ කටේ දාගෙන තාම සූප්පූ කර කර ඉන්නවා.

සුද්දගේ පිහිටෙන් එංගලන්තේ ගියපු සෙට් එකක් ඒ පැත්තේ ඉන්න ට්‍රොට්ස්කියි, ලෙනිනුයි, කාල් මාක්ස්වයි එක්කන් එනවා ලංකාවට මෙහේ එක්කන් ඇවිත් එයාලට අන්දනවා වින්සන් චර්චිල් ගේ කෝට් එක. දැන් ඉතින් ආපු උන් මුක්කුද කියලා උන්ටත් හිතා ගන්න බැරිවෙනවා. සම හරක් වේට්ටියත් අන්දනවා, අපේ උන් වේට්ටිය කචල් නිසා අමුඩේ ගලවලා කරේ දාගන්නවා. ලෙනින්ට පිස්සු හැදෙනවා, ට්‍රොට්ස්කි ජෝකර් කෙනෙක් වගේ වෙනවා. මේ ඔක්කොම කරන්නේ සාධාරනව බෙදා ගන්න. ඒ බෙදිල්ල කෙසේ වෙතත් එයාලනම් බත් ඔක්කෝම බෙදාගෙන කනවා. සාධාරනව බෙදනකන් බලාගෙන ඉන්න උන්ට හොදි බෙදනවා. කටුත් එක්ක. සම හරක් උන්ට ඒක තමයි කාපු ඉස්තරම්ම කෑම.

ඔය අස්සේ දකුණේ සහෝදරයෙක් ට්‍රොට්ස්කිට නැෂනල් එක අන්දලා ක්ලාස් පහකට යවලා සාධාරණව බෙදන්න ලක ලෑස්ති වෙනවා. ඉතින් අර එහම ලැබෙනකම් බලාගෙන ඉන්න උන් එකසිය ගානට මෙයාට මාට්ටු වෙනවා. ඒත් අපේ අම්මා පොරි හැලෙන්නම බෙදලා, සහෝදරයෝ ටික ඇතුලට දානවා. ඒත් ගේම අත අරින්නේ නෑ. ආයිත් එනවා ගෙම ඉල්ලගෙන. ඒ පාර නම් සීය දෙනව චක බ්ලාස් වෙන්න. සීයගේ ඉතුරු ටික එයාගේ ගෝලයා ඉටු කරනවා. ඒ ගෝලයත් ඔය සාධරන කතාව කියනවා කස්ටියට නැගලා යනවා. අනිත් අයට වඩා පොඩ්ඩක් පොර බෙදලා දෙනවා. ඒත් බලාපොරොත්තු වෙච්ච ගාන නෙමෙයි.

උතුරේ මාතලන් කෙනෙක්, අඩෝ මම දෙන්නම් සාධාරනේ කියලා. බෙල්ලෙ සයනයිට් එකකුත් දාලා සාධාරනේ බලෙන්ම දෙනවා. සාධාරනේ නෙම්යි යකෝ තොපිට මම වෙනම රටකුත් දෙනවා කියලා එයාගේ ආදරණීය පිරිසට උපරිම සාධාරනය කරණවා. ඒ මොකෝ අපේ සීයලා ඇවිල්ලා ධනපති පන්තියේ අය. ඉතින් එයාලට අර සාධරන අය කැමති නෑ. මම දෙන්නම් දේශීය ක්‍රමේට කියලා අමුඩේ කරේ දාගෙන නිර්ධන පන්තියයි උගත්තුයි වෙනුවෙන් පස් මහ බැලුම්ද, බලවේග කට්ටලද, මොකක්ද එකකට අයිති කස්ටියක් එක්ක සෙට් උන එක්කෙනාගේ දුව, මොඩර්න් සාධාරනේ තියෙන පැත්තක් වෙන, සෝබෝන් වල ඉඳලා වඩම්මලා, සීයගේ සමුපේ මැනේජර් මුත්තා එළවලා, කොටියටයි පැටියටයි දෙන්නටම සාධරනේ දෙන්නම් කියලා.....

වමට සිග්නල් දාලා, විස්කි බිබි, යාලුවෝ සෙට් එකත් එක්ක, කාරෙකේ දකුණට යනව... මෙළෝ රහක් නෑ. කස්ටියට පුල් අබ්ලික්, උතුරේ එකා නම් ගේමමයි ඉල්ලන්නේ. සාධාරනේ ඉල්ලපු උන්ට අන්තීමෙදි දරුවත් නැතිවෙනවා. මොකෝ එහෙ එක්කෙනා, දරුවන්ට හෙන ආදරෙයි. එයාගේ දරුවෝ වගේ බලාගන්නවා. චූ කරන්නවත් යන්න දෙන්නේ නෑ. අන්තීමේදි බලාගෙන හිටපු දියසේන කුමාරයා එනවා. උතුරේ එකාට, ඇඩ්‍රස් නැතිවෙන්නමත් නෙමෙයි, "නන්දිකඩාල" කියන ඇඩ්‍රස් එක විතරක් ඉතුරු වෙන්න, අනිත් ඔක්කෝම මකලා දානවා. අරුන් කුඩු.. උන්ගේ සාධාරනේ කෙසේ වෙතත් ඇඳගෙන උන්න ඇඳුම පිටින් එඬේර යුගයටම යනවා.

අපේ උන්ට පෂ්ඨ ආතල්. ඒ මොකෝ අපේ උන්ට ඕනේ අපිට සාධරනේ විතරයි. හෙට උදේ ඉඳන් සාධරනේ තමයි කියලා, කිරිබත් කාලා, කොඩි වනලා, අඩි ගහලා, බෙල්ලත් සාක්කුවේ දාගෙන, නිදාගන්නවා. හුම්හ්..... බඩු නෑ සාධාරනේ කොයි.. කස්ටිය අස්පට් වෙනවා.. ඒ උනාට ඒකට අවුලක් නෑ කියලා.. කස්ටියක් කියනවා. මොකෝ දියසේන නේ.. අර ධනපති පන්තියේ ඉඳලා, රජ්ජුරුවන්ගේ අත් දෙකට බෙහෙත් කරන්න ආපු උන්, දියසේන රජ්ජුරුවෝ, අමුඩ කිට් එක පිටින් බටහිර කුමන්ත්‍රණ කාරයන්ට කඩේ යවනවා.. එහම යවන අයටයි.. රජ පවුලේ අයටයි උපරිම සාධාරනේ... අනිත් අයටත් දෙන්නමයි උන්නාන්සෙගේ හිත... ඒත් ..
.
හරි පවු මෙයා....
කෝ අනේ සාධරන සාමාජේ....?
පොඩ්ඩක් ඉන්නකෝ අනේ...
හෙට රාවණා එනවා....!!!
එතකොට බඩු ෂුවර්....

පසුව ලියමි -
සාධරන බෙදීමක් හා බෙදන්නා එනතෙක් බලා සිටින අය, පහත සඳහන් කෙම් ක්‍රමය අනුගමනය කරන්න.
කරුණාකර "රාවණා අද නොවේ හෙට" කියා කොලයක ලියා, උදෑසන කපුටන් අවදිවීමට පෙර, නිරුවතින් ගොස්, උළුවස්සේ අලවන්න. එතකොට බාලගිරි ගිහින් රාවණාට මැසේජ් එක දෙයි..
ඔබගේ පැතුම එලෙසම ඉටුවේ....!!!

සුබ අනාගතයක්...!!!

91 comments:

  1. ලංකාවට එක්කෝ සුද්දෝ එන්නේ නැතුව ඉන්න ඕන. නැතිනම් ආපු එකේ ඔන්න ඔහේ දිගටම ඉන්න ඕන. උන් ගිය නිසානේ මේ සේරම කරදර.

    ප.ලි: අරුණි ශපීරෝට අනුව ලොකේ හොඳම රට ඇමරිකාව; ලොකේ හොඳම මිනිස්සු ඉන්නේ ඇමරිකාවේ, ලෝකේ ලාසනම ගෑල්ලමයි ඉන්නෙත් ඇමරිකාවේ, එතකොට ලොකේ හොඳම අධ්‍යාපනය, ඒක තියෙන්නෙත් ඇමරිකාවේ, විනය, යහපාලන්ය, විනිවිදබාවය, අවංකත්වය ඒ සේරම තියෙන්නේ ඇමරිකාවේ. ඒක නිසා ලෝකේ සියළුම රටවල් ඇමරිකාව වගේ කරන්න ඕන.

    ප.ප.ලි: හැබයි පොඩි පරහකට තියෙන්නේ ඒකේ ටීවී චැනල් වල යන ඒවා බැලුවම බල්ලො බත් කන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හයියෝ පලිය... ++++++

      ඇමරිකාවෙ බල්ලො කන්නෙ සුපිරි කෑම... බත් කන්නෙ නෑ බන්.. ;)

      Delete
    2. අරුණි කියන්නේ සහතික ඇත්ත. ළොකේ හැම දේම තියෙන්නේ එහේ තමයි බලපන් සාතන් මාලන් ඇමරිකන් බල්ලොන්ට බත් කවන්න යනවා. උන් බත් කනවය උන් කන්නේ ඩෝග් ෆුඩ්. බොරුවට අරුණි එක්ක එල්ලිලා හරියනවය ඒකට. අනික් එක අරුණි පිලිගන්නේ එයාට හිතෙන දේ. අපි ඒකට වුල් වෙන්න ඕන නෑනේ. මගේ කොමෙන්ට්ස් පවා සමහර වෙලාවට අරුණි පබ්ලිෂ් කරන්නේ නෑ. ඒක එයාගේ අයිතිය...

      Delete
    3. @ සාතන්: HA HA :D ඒකත් ඇත්ත.

      @මාතලන්: ඉස්සර අපේ ගෙදරට තැපෑලෙන් ආවා සඟරාවක්. ඒකේ නම "නවයුගය". එතකොට අපි පොඩියි, පොඩි අකුරු කියවන්න අමාරුයි. තාත්තාගෙන් ඇහුවම එයා කියනවා මේ සඟරාවේ තියෙන්නේ ලොකේ දියුණුම රටක් වන සෝවියට් රුසියාවේ විස්තරලු. පස්සේ ලොකු වෙද්දි තමයි තේරුනේ සෝවියට් රුසියාව කෑලි වලට කැඩිලා කුඩු වෙලා ගියයි කියලා. අරුණි ශපීරෝගේ බ්ලොග් එක ඉතාම කලාතුරකින් කියවද්දිත් මට හැමදාම තාත්තා ආසාවෙන් කියවපු "නවයුගය" මතක් වෙනවා.

      පවු තාත්තා. එයාගේ හීනේ නම් එයා බලන් ඉන්නැද්දිම කුඩු වෙලා ගියා :)

      Delete
    4. @ මාලන්
      සියළු සගින්ස්කාර ධර්මයෝ නැසෙන සුලුය... අපේ ආච්චි කිව්වේ...

      Delete
    5. @මාලන්, ඔය නවයුගය නෙවෙයි. සෝවියට් දේශය සඟරාව නේද? නවයුගය කිව්වෙ ඉස්සර සඟරාවක් වුනාට පස්සෙ පත්තරයක් වෙච්ච එකක්. ලේක් හවුස් එකේගහපු. ඒක ඇත්තෙන්ම හොඳම පත්තරයක්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    6. මම කියන්න හිතපු දේ "ඩියර් හෙන්රි" කියලනේ. අපේ අංකල් කෙනෙක්ගේ කඩයක් තිබුනා පුංචි බොරැල්ලේ එතන් තිබුනා චීන පොත් කඩයක් මරු පොත් තිබුනා. මම ඔය කඩේට ගිහින් කැරකි කැරකි ඉන්න කොට නිකන් පොතක් හම්බවෙනවමයි. ඒ කාළේ තිබුනේ ඒවා තමයි. දැන් වගේ "ගෝ"(GO) සඟරා නෑ..

      Delete
    7. @Dude
      මචන් ,,මම හිතන්නේ මාලන් කියනවා ඇත්තේ සොවියට් දේශය සඟරාව ගැන තමයි. හැබැයි නවයුගය කියන්නේ ඉස්සර පත්තරයක් වෙලා තිබිලා පස්සේ කාලෙක සඟරාවක් වුනු ලේක්හවුස් ප්‍රකාශනයක්

      Delete
    8. හුටා..! ඔවුනේ සඟරාවේ නම "සෝවියට්දේශය". තව සඟරාවක් ආවා ඒකේ නම "මීශා" ඒකනම් තිබ්බේ ඉන්ග්‍රීසියෙන්.

      නිවැරිදි කිරීමට ස්තූතියි..!

      Delete
    9. මාලනුත් නිකං කතන්දර කාරය වගේ ආතල් දෙන්නෙක් ව්තරක් වෙලා නේ. අපේ අය මුකුත්ම නැතුව ඔක්කොම තියනවා කියල කියන එක ගැන මොකද කියන්නේ.අරුණි ඇත්තටම කියන්නේ මේ මාලන් කියන දේ අර පොඩි ළමයි වගේ අපේ තාත්තා ඔයාලගේ තාත්තට වඩා උසයි වගේ දෙයක් නොවෙයි. ඇමරිකාව ගැන එයා කියන හොඳ ඇතිවෙලා තියෙන්නේ නිදහස් වෙළඳ පොළ ධනවාදී සංකල්පය ක්‍රියාත්මක වීම නිසා කියන එකයි. හරය ගන්නේ නැතිව නිකම් උඩින් බලන එකත් ලාංකීය ගතියක්ද?
      සමාජවාදය ගැන මාත් ලිවුවා ඕනෑ නම් බලන්නhttp://udithame.blogspot.com/2012/10/blog-post.html

      Delete
    10. @ මාතලන්: අඩේ ඒ උඹලගෙ අංකල්ගෙ කඩේද මාතලන්. මට ඒකෙ නම නම් මතක නෑ, අරුණ ප්‍රකාශකයොද මන්දා. ඕක තිබ්බෙ බෝ ගහ ගාවා ඉඳලා ආනන්දෙ පැත්තට ඒ කියන්නෙ මරදාන පැත්තට මීටර් 50 -75ක් විතර ඈතින් නේද. ?
      @රතු: ඔව් රතු ඒක මුලින්ම සඟරාවක්ලු. මම ඒක නම් කියවලා නෑ. ඊට පස්සෙ පත්තරයක්. අන්න ඒනම් මගෙ ප්‍රියතම පත්තරයක්. නැති දෙයක් නෑ, ගෙවන මුදලට පාඩු නෑ. මාසෙ 12වෙනිදා සහ 26 වෙනිදා තමයි එන්නෙ. දැන් ඒක ආයෙම සඟරාවක් වෙලා තියෙනවද කොහෙද දැක්කා. නමුත් අර තිබ්බ ගතිය නම් නෑ.
      @මාලන්: ඔය මීෂා සඟරාව මාත් අරන් දුන්න මගෙ පොඩිවුන්ට. මාත් බලනවා. මරු ඒක නේ? පස්සෙ සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක 1990 විතර ඒක එහෙමම නැතුව ගියා. ඒකට සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බාම මරු කැලැන්ඩරේකුත් දෙනවා නේ?

      @උඹලා ඔක්කොටම: දැක්කද මාතලං ලිව්වෙ මොකක්ද , අපි කමෙන්ට් කරන්නෙ මොනවද? හික් හික්. මම හරි ආසයි බන්ස්ලා මේ වැඩේට. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට් වලට. නිදහස් සිතුවිලි බ්ලොගේ අර රවියාගෙ බ්ලොග් පෝස්ට් වලට අපි ඇදගෙන යන සංවාද වගේ, :D

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    11. අපේ චූන් අපිට චූන් කියලා කතාවක් තියෙනවනේ උදිත. ඒක නිසා මගේ ආතල් ගැන ඔයා ඒ තරම් වොරි වෙන්න එපා.

      ඇමරිකාව හොඳයි මම නරකයි කිව්වේ නෑ. ඒත් ඇමරිකාව කියන්නේ ලෝකේ පරමාදර්ශී රාජ්‍ය නෙමෙයි. අනික තව දශක කිහිපයකින් චීනය ඇමරිකාව ඔවර්ටේක් කරනවා. එතකන් ඉතින් "සැපයැක් යැයි කකුළුවා දිය කෙළියේ" තමයි :)

      Delete
    12. @ඩූඩ්: මිශා සිරා මචන්. මම අදටත් අරන් තියාගෙන ඉන්නවා. ගෙදර ගියහම පෙරලලා බලනවා. ඒ කාලේ ඒකේ තිබ්බ දේවල් කියවලා තේරුම් ගන්න බැහැ. පින්තූර බලපු එක තමයි වැඩිමනක්ම කළේ [දැනුත් එච්චර තමයි :D]

      Delete
    13. @ හෙන්-රි
      හරියට හරි උඹට මතකද ඒ කඩේ. උඹලා මේ පොත් පත් මතක් කරද්දි මට මතකෙට ආවා ඉස්සර ඉන්ගිරිස් සෝ බලන්න ගියම පටන් ගන්න ඉස්සෙල්ලා පෙන්නපු ජර්මනිය ගැන ෆිල්ම් එක. ඊට පස්සේ නයි ටී එන් එකේ ජර්මනිය ගැන ගියපු කෙටි ච්ත්‍රපටවලත් තිබුනේ ඒ කටහඬමයි. මම පුදුම ආසයි ඒ කටහඬට. අනික ෆිල්ම් එකට වඩා මම ආසයි එ ජර්මන් ෂෝට් ෆිල්ම් එකට...

      Delete
  2. අහින්සක මිනිස්සුන්ගෙ බලාපොරොත්තු වලට කින්ඩිය දාන්න එපා මාතලන් අයියා... පව්නෙ... ;)

    උඹ මැරිලද කියල අහල මට කෝල් එනව... ගෑණු ළමයි අඬනවලු මෙලෝ සිහියක් නැතුව... (අර බයික් එක හැපිල මැරුණ කොල්ලෙක්ටත් මාතලන් කියල කාඩ් එකක් තිබිලා)

    ReplyDelete
    Replies
    1. මට ඕක ඉස්සෙල්ලම කිව්වේ කතා. කතාට ඕක නැගලා යන්න හෙතුවක් තියෙනවා. ඒක දන්නේ කතයි මමයි විතරයි. එයා ඉතින් මගේ ගුරු ජී නේ...

      අනේ අර අඬන ගෑල්ලමයි ගැන මට හරි දුකයි. එන්න කියහන් මම චොකලට් එකක් දීලා උම්මා එකකුත් දීලා යවන්න...

      පව් ඒ කොල්ලා...

      Delete
    2. මම හිතන්නෙ මාතලන් අයියා මැරිච්ච කතාව නැගලා ගියේ ආගිය කතා ලියන හසිත බුකියෙ දාපු පින්තූරෙකිනුයි ස්ටේටස් එකකිනුයි.. කීපදෙනෙක්ම මාතලන් අයියා මැරිලද කියලා අහලා තිබුනා.. අන්තිමට හසිතම කියලා තිබුනා මේ බ්ලොග් ලියන මාතලන් නෙමෙයි කියලා..

      Delete
  3. හි හි..

    මට හිනා ගියේ ‌ඡේද 8ක් යනකං මාතලන් කියපු ටික මගේ හිතේ තිබුණ ටිකමයි නේද කියලා....

    අන්තිම ටිකේ පොඩි අවුලක් ඇතේ..... මට කෙම් කරන්න බැරිය... මට ඒවා ගැන මෙලෝ විශ්වාසයක් නැතිය.... සාධාරණ බෙදීමක් ගැන වගේම තමාය....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හබියට පොස්ට් එක පෙන්නපන් එතකොට ඌ වැඩේ කරයි. ඌ වැඩ කාරයනේ...

      Delete
    2. එයා මේවා කියවන්න කම්මැලියි අයියෝ... එයාගෙන් මේවා අහලත් වැඩක් නෑ.. හි හි

      ඒක නෙවෙයි.. මං මේ කල්පනා‌ කොලේ මේ අයියා අයියා කියන්‌ෙන් අපේ අම්මගේ විතර වයසේ මනුස්සයෙක්ටද කියලා..... හි හි

      Delete
    3. අම්මගේ වයස... අනේ ෂොරි ඈ... කෙල්ලන්ගේ වයස අහන සිරිතක් තියෙයි....

      Delete
    4. 50 පැනලා දැං.... හි හි

      Delete
    5. පොඩි කෙල්ලෙක් නේ මෙයා.

      Delete
  4. සුභ අනාගතයක්........

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා මදුරංග

      Delete
  5. බෙදීම ගැන නම් මටත් හිතෙන්නේ අපි මොනවද හාල් සේරු දෙකට ආන්ඩු හැදුවා, වැට්ටුවා...... සත ගාණකින් මිල වැඩිවනකොට ආන්ඩු හැදුවා වැට්ටුවා,,,,,,,,, ඌ හොදයි කිව්වා. නැහැ මූ හොදයි කිව්වා....... තව කට්ටියක් උනුත් එපා මුනුත් එපා අපි තමයි හොද කිව්වා........ අවු 60 ගණනක් බලන් හිටියා.

    මොකද වුනේ අපි එතනමයි.

    හෙටත් එච්චරයි, බලන්ම ඉම්මු. වැටෙයි මොකක්ද එක කටට. නොමිලේම ගන්න බලමු. ලැබෙයි.............

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්න එකා හැමදාම පරාදයි වෙද මහත්තයා. අනික් උනුත් වෙද මහත්තයා වගේ උදවිය ආදර්සෙට ගනිත්වා.....

      Delete
  6. අරුණි ශපිරොට නම් ඇත්තේ බරපතල ඉච්ඡාභංගත්වයක් බවයි පෙනෙන්නේ. එය වසා ගැනීමට ඇය අති ශ්‍රේෂ්ඨ ඇමෙරිකාවක් ගැන නන් දොඩවනවා.

    ඒත් මාතලන්,. ලෝකයේ ඇති ඇති නැති පරතරය ගැන, කෝටි ගනන් ජනයා කුස ගින්නේ මියදෙද්දී ඉතා සුලු පිරිසක් අත ලෝකයේ ධන සම්පත් ‍රැඳී තිබීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? එය ඉතාම සාධාරණ ක්‍රමය යැයි ඔබ සිතනවාද?
    -

    ReplyDelete
    Replies
    1. වැඩි පිරිසක් හිඟන්නන් ලෙස සිටිනවාට වඩා ඒ ක්‍රමය යහපත් යැයි සිතමි. අර ක්‍රමයෙන් වන්නේ යන්තම් ඔලුව උස්සන් ඉන්න එකාත් හිඟන්නා වීමය. ඇස් ඇල් ඇෆ් පී ආන්ඩු ආ විට සිඳුවන්නේත් එයමය...

      Delete
    2. අන්න මාතලෝ උබට වෑරදුනු තෑන.ලෝකේ රටවල් වලින් අති බහුතරය 3වෙනි ලෝකයේය.ඵ් තුන්වෙනි ලෝකයේ රටවල්වල ජනතාවගෙන් අති බහුතරය හිගන්නන්ය.ලෝකයේ තුන්වෙනි ලෝකයේ රටවල් ලිබරල් හෙවත් දනවාදී වේළදපොල ක්‍රමය ෆලෝ කරන රටවල් නෙමෙයිද?.
      ඉතින් සමාජවාදී ක්‍රමය තුල කෙසේවෙතත් දනවාදී ක්‍රමය බිහිකරන්නේ බහුතර අමු හිගන්නන් හා සුලුතර ජාවාරම් කරුවන් ය.

      Delete
    3. /දනවාදී ක්‍රමය බිහිකරන්නේ බහුතර අමු හිගන්නන් හා සුලුතර ජාවාරම් කරුවන් ය./

      දැන් මේ සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නා අමු හිඟන්නන් (උදාහරණ: නම් නොකරමි.) හා සුලුතර ජාවාරම්කරුවන් (උදාහරණ: අභීත එදිරිසූරිය) බිහි කළේත් ධනවාදයද?

      Delete
    4. //දැන් මේ සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නා අමු හිඟන්නන් (උදාහරණ: නම් නොකරමි.) හා සුලුතර ජාවාරම්කරුවන් (උදාහරණ: අභීත එදිරිසූරිය) බිහි කළේත් ධනවාදයද//

      හරි මචන් උබ කියපන් බල්ලට ඔන විදියට නෑට්ට නටනවද නෑට්ටට ඔන විදියට බල්ල නටනවද?ඵ් කියන්නේ පුතේ රටේ තියන ආර්තික සිස්ටම් ඵකට අනුව මිනිස්සුන්ගේ ආර්තික තත්වේ තීරනය වෙනවද?ඵහෙමත් නෑත්නම් අපිට ඔන විදියට ආර්තික ක්‍රමය තීරනය වෙනවද?

      Delete
    5. ඔව් ධනවාදය සැමට සමානව සලකන්නේ නැත. ධනවාදය තුල සල්ලිකාරයින් හා දුප්පතුන් සිටී, ජයග්‍රහකයින් මෙන්ම පරාජිතයින්ද ඒ තුල ඇත . නමුත් මේ විෂමතාවයන් ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත (නැවතත් ධනවාදී දකුණු කොරියාව චායාරූපය බලන්න)එමෙන්ම රටක් ලෙස තව දුරටත් වර්ධනය වෙමින් පවතී. මීට අමතරව නිදහස් වෙළඳ පොළ නිදහස් මිනිසුන් බිහි කරයි. මක්නිසාද යත් ආර්ථීක නිදහස දේශපාලන නිදහස ඇතිකරන බැවිනි. සමාජවාදය ඒකාධිපතියන් බිහිකරයි. තෝරා ගැනීම ඔබ සතුයි.

      Delete
    6. දකුණු ආසියාවේ රටවල් හතම අරගත්තොත්(ඉන්දියාව ටිකක් අඩුවෙන් ) මේ රටවල් හතේම පාලනතන්ත්‍ර වෑඩියෙන් බර ප්‍රාතාන්ත්‍රවාදයටද ඵහෙමත් නෑත්නම් ඵ්කාදිපත් වාදයටද කියලා බලන්න.
      නමුත් මේරටවල් කිසිකලක සමාජාවාදය වෑලදගත් රටවල් නම් නෙවෙයි.මේවා ලිබරල් ක්‍රමය අනුගමනය කරන රටවල්.නමුත් පාලනය බොහෝදුරට ඵ්කාදිපතීයී(උදාහරන අවශ්‍ය නොවේ යෑයි සිතමි ).
      ඈනික මෑතකදී ගහලා පන්නපු ටියුනීසියාවේ බෙන් අලී ගත්තත්,ඊජීප්තුව මුබාරක් ගත්තත් දෑන් සටන් පවතින සිරියාවේ අසාද් ගත්තත් මහජන චන්දයෙන් පත් උනු(බොහෝ චන්ද වලින් 90% )පාලකයෝ.ඵ් වගේම ලිබරල් ආර්තිකය අනුගමනය කරපු ඈමරිකන් හිතවාදියෝ.අන්තිම කාලේ ගඩාපි ගත්තත් ඵහෙමයි.සදාම් හුසේන් ගත්තත් ඵහෙමයි.මෑදපෙරදිග USA දකුනු අත.ඵ් අනුව බලපුහාම ඔවුන් බොහොම ප්‍රජාතන්ත්‍රවාදීන් වෙන්න ඔනේ.නමුත් ඈත්ත මහපොලව ගත්තොත් උන් උපරිම ඵ්කාදිපතියො.
      ඉති ඔබතුම කොහොමද කියන්නෙ සමාජවාදය කියන්නේ ඵ්කාදිපති වාදය කියලා.

      දකුනු කොරියාව කියන්නේ ලෝක බෑකුව විසින් සල්ලි පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි.ඵ්තන තියෙන්නේ ලොකු මායවක්. අනික 70දශකයේ ද.කොරියාවේ ඵකාදිපති පාලක ජෙනරාල් පාක් ලාට විරුද්දව ජනතාව කල නෑගිටීම මර්දනය කල නින්දිත ආකරය ගෑන නෙට් ඵකෙන්ම හොයලා බලන්න.

      අපි හිතන්නේ සමාජවාදය ඵකාදිපතියි කියන දනවාදියො කියන කතාව තමාගේ ඈහේ පොල්පරාලය තියාගෙන අනිකගේ ඈහේ පොල් කෙන්දක් තියනවා යෑයි කියවන මිනිසාගේ කතාවට සමානයි.සමාජවාදය උනත් 100%ම සුපිරිසිදුයි කියලා කියන්න බෑරි උනත් සෑම රටකම සස්කෘතිය මිනිස්සුන්ගේ මානව වටිනාකම් සෝදාපාලුකරගෙන හෑමදෙයක්ම සල්ලිවලටම ලගුකරමින් දනවාදය යන විනාසකාරී ගමනට වඩා සමාජවාදී අර්තක්‍රමය වඩා සාදනීයයි කියලා කියන්න පුලුවන්.

      Delete
    7. කිසි කලක සමාජවාදය වැලඳ ගත් නැතෙයි කියන කතාව පිලිගන්න අමාරුයි. අපේ අම්මා අර ලන්ඩන් වලින් ගෙනාපු සාධාරන සමාජෙ සෙට් එකත් එක්ක එකතුවෙලා 70-77 දක්වා ගෙන ගියේ එහෙම එකක් තමයි. රුසියාවත් අල්ලගෙන. ඔය අපි උඩින් සඳහන් කරපු පොත් පත් තමයි ඒ කාළේ තිබුනේ. රටේ මාර ෂශ්‍රීකඨ්වඛ් තිබ්බේ. හාල් පොලු, බූමීතෙල් චීත්ත, කුණු කරවල, එක පාන් ගෙඩියට පෝලිමේ මිනිමැරුම්. කොච්චරද කියනවනම් කුණු කූඩ වල කුණු බින්දුවක් නෑ. ඒවා ඔක්කෝම කනවා. කාක්කෝ නෙමෙයි අනේ බුද්ධිමත් ජනතාව.. ඉන්දිරා ඇන්ටි ඉන්දියාවට කලෙත් ඒකමයි. සුවද සබන් කෑල්ලකට ඉන්දියන් කෑල්ලක් ගන්න පුළුවන් ඒ කාළේ..

      Delete
    8. අනේ බන් ඵ්ක සිරිමාවොගෙ රෙද්දේ සමාජවාදයක්.
      මේ දවස්වල ශ්‍රී.ල.නි.පෙ වර්තමාන පරපුර දේශප්‍රේමය කියන උතුම් සකල්පය විකුන කනවා වගේ ඵ් දවස්වල ශ්‍රීලනිපෙ සෙට්ඵක කලේ සමාජවාදය කියන වෑදගත් සකල්පය බොහොම සිල්ලරට ව්කුනගෙන කාපු ඵක තමයි.ඈන්.ඈම් ව නමට මුදල් ඈමති කලාට ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා ඈතුලු ලිබරල් සෙට්ඵකක දේසපාලන සෙල්ලමක් නෙ ඵතන තිබුනේ.හෑබෑයි ඵ් සෙල්ලම දෑම්මෙ සමාජවාදයට මුවාවෙලයි.

      සුවද සබන් කෑල්ලට ඵදා විතරක් නෙවෙයි බන් අදත් කෑල්ලක් ගන්න පුලුවන් රොකට් යවන ඉන්දියාවේ.අනික කුනු කූඩ වලින් යෑපෙන සෑහෙන පිරිසක් අදත් ඉන්නවා ඈමරිකාවෙත්.පහුගිය කාලේ වෝල් ස්ට්‍රීට් ආක්‍රමණය කරපු ඈමරිකාවේ 99%කට්ටිය කරපු උද්ගෝශණ මාලාවේදී කතන්දර ටික ඵලියට ආවේ සoඛ්‍යාලේඛනත් ඵක්කම.

      Delete
    9. කාළකන්නියට ධනවාදය ඇතුලෙත් තැනක් නෑ. ජම්බුද්වීපේ 77 ට පස්සේ සෑහෙන ධනවතුන් පිරිසක් බිහිවෙලා තියෙනවා. නමුත් සීයා නොකරපු එක දෙයක් තමයි. උන්ව ගල් යුගයේ චින්තනයෙන් මුදවපු නැති එක. අමුඩ කරේ දාගත්ත උන් පිස්සු කෙලින්නේ. ඒ වගකීම ඔහු ඉටු නොකල නිසයි. ඉන්දියාවට කෙලෙවෙලා තියෙන්නේ කුලබේදය. හිස මතින් වඩම්මගෙන යාම. ඇමරිකාවේ නම් කාළකන්නි කම ඇර වෙන දෙයක් නෙමෙයි.

      Delete
    10. කාළකන්නියට ධනවාදය ඇතුලෙත් තැනක් නෑ. ජම්බුද්වීපේ 77 ට පස්සේ සෑහෙන ධනවතුන් පිරිසක් බිහිවෙලා තියෙනවා.

      මචෝ මම උබත් ඵක්ක කොක්කක් දාගන්න හදනවා නෙවෙයි.උබ කියන කතන්දරේ සෑහෙන්න හරි.නමුත් මේ තෑන් ඈර.උබ මට කියහන් අද ලoකාවේ මේ සිස්ටම් ඵක ඈතුලේ හොද මිනිස්සු කී දෙනෙක් නන්නත්තාර වෙලා තියනවාද?ගොවියො 32ක් මේ පාර වහ බීවා කියලා තෑනක දෑක්කා.සිසුන් කම්කරුවෝ දීවරයෝ...... මේ හෑමෝටම අද හොද තෑනක් තියනවාද නෑ නේද?ඵ් කියන්නේ මේ අපි ඔක්කොම කාලකන්නිද?මේජර්ලා ගේ ඔලු පලන්න තරම් තෑනක් තියන , කිසිදා රස්සාවක් නොකර ලක්ශ400කාර් පදිනා උන්ද සිරියාවන්ත?

      Delete
  7. අරුණි ශපීරෝගේ ඇමෙරිකන්කාරයාටත් වඩා ඇමෙරිකන්, මිට් රොම්නිටත් වඩා රිපබ්ලිකන් හා ඊශ්‍රායෙල්කාරයාටත් වඩා යුදෙව් වීමේ උන්මාදය නොසලකා හැරිය කළ ඇය ලියන දේවල් වල ගත යුත්තක් තිබේ. විශේෂයෙන්ම ලංකාවේ ඉන්නා ඊනියා "සමාජවාදීන්"ට ඇය ලියන දේවල් කියවන්නේ නම් බොහෝ දේ ඉගෙන ගත හැකිය.

    මේ අපේ රටේ බ්ලොග් රචකයින් කිහිප දෙනෙක් ලෝකය වෙනස් කළ යුත්තේ මෙසේය කියා ඉදිරිපත් කළ යෝජනා කිහිපයකි.

    1. මාරයාට කෙළවුණේ ඔහුගේ වරදක් හෙම නිසා නොව අනෙක් ළමයි ටියුෂන් ගිය නිසාය. මේ නිසා මාරයා ටියුෂන් වලට සපුරා විරුද්ධය. 6% දුන්නත් නැතත් මාරයාගේ එකම අපේක්ෂාව රජය විසින් ටියුෂන් තහනම් කොට ඉස්කෝලේ විතරක් උගන්වන ක්‍රමයක් නිර්මාණය කරයි කියාය.

    2. සුමිත් නිරිඇල්ලට ඇති ප්‍රශ්නය හමුදාවෙන් ඔහුගේ කණ පැලීමය. මෙවැනි ක්‍රියා නතර කිරීමට ඔහු ඉදිරිපත් කරන විසඳුම යම් ජන කොටසක් ආණ්ඩුවට එරෙහිව අවි අතට ගත් විට ආණ්ඩුව ඔවුන්ට බලය දී විශ්‍රාම ගෙන තපසට යාමය. එවිට කාට හෝ කාගේ හෝ කණ පැලීමක් අවශ්‍ය නොවේ.

    3. අටම්පහුරට තියෙන ප්‍රශ්නය ඔහුගේ ස්වාමියා ඔහු සූරා කෑමය. වෙන තැන්වල පඩියද එසේමලු. එනිසා අටම්පහුර ස්වාමියා විසින් තමන් සූරාකෑම නවතා සාධාරණ වැටුපක් දෙනු ඇතැයි උදක් බලාපොරොත්තු වෙයි.

    අවශ්‍ය නම් මේ තුන් දෙනාටම අරුණි ශපීරෝ ගෙන් උගත හැකි බොහෝ දේ වෙයි. ඔවුන් එසේ නොකිරීම අරුණිගේ නොව ඔවුන්ගේ අවාසනාවය.

    ReplyDelete
  8. මාතලන් කිව්ව නිසා සපිරෝ නෝනාගේ පෝස්ට්කටුව කියෙව්වා. ඒකේ උපමා උපමේය ඇරුනහම යටින් දිවෙන ඇමරිකානු සමාජයේ පිහිටීම පිළිබද හොද දෘෂ්ඨිකෝණයකින් කරුණා කාරණා දක්වා තියෙනවා. අවංකව බැලු‍වොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියල කෙප්ල කෙලින ‍අපේ බත් බැලයන්ට ඉගෙන ගන්න යන්න තියෙන හොදම රට ඇමරිකාව. නීතිය මොකාටත් එක, ඒ වගේම නිර්භීත, සපිරෝ කියනවා වගේ ජීවිතය විදින කොට්ඨාශයක් තමයි ඇමරිකානු සමාජය. ඔබට පුපුවන්නං මගේ පෝස්ට් කටු දෙකකම තියෙන පුද්ගලයන් දෙදෙනා හා ඒ දෙදෙනාගේ දේශන බලන්න. ඇමරිකානුවන්ගේ ශක්තිය පිළිබද මනා වැටහීමක් ලබා ගන්න පුලුවන්. බෙහෙත් නැති රෝහල, ජෝ වයි‍ටාලේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලින්ක් දෙකට. නිවාඩූ පඩුවේ බලන්න ඕන..

      Delete
  9. අපේ උන් දියසේනලා ඉපදෙනකල් බලන් ඉන්නවා.. සුද්දෙක් ඇවිත් මැජික් එකක් කලොත් දිය සේනව පැත්තක තියල ඌව බදාගෙන, රටට පේන්න දිය සේනව පොර කරල කතා කරනවා.. අපේ උන් හුරේ තියල අරූට ඡන්දෙ දෙනවා.. බලනකොට සුද්දගේ අත පල්ලෙන් වැටුන එකා බලේට ඇවිත්..

    ReplyDelete
    Replies
    1. ධනපති පන්තියේ දේශීය අවතාර...

      Delete
    2. බොලේ! දියසේණ කුමාරය කියන්නෙ පොන්සේකා මහත්තය නෙමෙයිද? හුටා...

      Delete
    3. ෆොන්සේකට කුමාරය කියන්න නම් බෑ , ඕනි නම් දියසේන "අන්කල්" වගේ නමක් දෙත හැකි , කව්ද දන්නේ අහවල් මල කුමාරයද වෙන්නත් පුලුවන් දියසේන කියන්නේ

      Delete
  10. ඔය කොයි දියසේන කුමාරයාටත් කුමාරිටත් වඩා මම කැමති "සීයගේ සමුපේ මැනේජර් මුත්තාට". පොර හිටපු කාලේ තමා ලංකාවේ හොඳම ආරිථික දියුණුවක් ඇතිවෙලා තියෙන්නේ... (සමන් කැලේගමගේ විශ්ලේෂනයකට අනුව ) මාතලන්ගේ කතාවට හොඳ ඌණපූර්ණයක් මේ ලඟදී කියවපු ලිපියක මේ විධියට කියලා තිබුනා..
    "After 1991, Sri Lanka increasingly revealed characteristics of what the
    World Bank defined as ‘bad governance’, despite an improved macroeconomic situation. Whether better governance could have produced a higher rate of growth in the Sri Lankan case has echoes of the meeting of mice that considered belling the cat: it was a splendid idea, but not conducive to success.

    Those who claimed that the growth rate could have been markedly higher
    with better governance were mostly professional economists and anti-establishment,
    Westernised, urban intellectuals and businessmen. Shifting the weight from ‘bad’ to ‘good’ governance was not a viable alternative. The Sri Lankan experience has shown quite clearly that good governance is not a necessity, and may not be enough to achieve high growth rates. It has also shown that economic growth can be at the cost of political accountability and institutions."
    Source:http://www.thebrenthurstfoundation.org/files/Globalisation.pdf

    ReplyDelete
    Replies
    1. ඒ මුත්තගේ කාළේ ගිනිගත් දේශය පොඩි සිසිලසකින් සැනසුන මොහොත.

      Delete
  11. අරුණි අක්කා ලියන ඒවායේ සියල්ලම යම් කිසි පදනමක් සහිතව ලියවුණු ඒවා , එකඟ නොවෙන තැන් තියෙන්න පුලුවන් ඒත් ඒ වගේ සාර ගර්භ ලිපි වෙනත් රචකයෙක්ගෙන් මේ බ්ලොග් අවකාශෙදි දැක්ලා නැ.

    මාතලන් කියල තියන දේවලට මාත් එකඟයි , හැබැයි කොරියාවේ නම් උතුර දකුණ මාරු වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. බුවා හා සම්පූර්ණයෙන් එකඟ වෙමි. මචෝ කලබලේට උතුර දකුණ මාරු උනා. දැන් වැඩේ හරි...

      Delete

    2. "....සාර ගර්භ ලිපි..."

      .....විකිපීඩියාව සිංහලෙන්.....

      Delete
  12. මමත් හිතන්නේ බුවා මහත්මයා කීවාක් මෙන්, මාතලන් මහත්මයාට උතුර දකුණ් මාරුවී ඇති අයුරක් පෙනේ. එහෙත් ඔහුට එවන් දෙයක් සිඳුවීම අප ජම්බුද්වීපයේ සිඳුවන සිද්දීන් හා සැසදීමෙදී පුදුම වීමට කාරණයක්ද නොවන්නේය.. අරුණි ශපිරෝගේ ළිපි ඉතා කැමැත්තෙන් කියවමි...

    ReplyDelete
    Replies
    1. ලොක්කා පොඩි කින්ඩියකුත් එක්ක බටර් පාරක් ගාලා වගේ. ඔන්න වැඩේ හරි ලොක්කෝ...

      Delete
  13. කාලෙකින් ගොඩ වැදුනේ....

    ReplyDelete
    Replies
    1. කාළේකින් තමයි දැක්කේ.. මක්කයි උනේ...

      Delete
  14. සමහර කරුණු වලට එකඟයි.

    ReplyDelete
  15. වෙලාවකට හිතෙනවා අපි හැමෝම මැස්ස ගහන්නේ වැල යන අතට කියලා. අද අපි සමාජවාදය කියන එක හෝදලා බිලා බලන්න. මෙලෝ රහක් නෑ. ඇමරිකන් කාරයොත් ඒ රහම තමයි. ගන්න දේ රටකට සංස්කෘතියකට අනුගත කරගන්න තරම් අපි බුද්ධිමත් වෙන්න ඕන. සබ්බේ සංකාර අනිච්චා

    ReplyDelete
    Replies
    1. රටට ඕන විදියට හදාගෙන තමයි ඇමරිකන් සිස්ටම් එකෙන් දෙන්නේ පොරි හැලෙන්න,

      Delete
  16. අන්තිම උපදෙස මං පිළිපදිනව හෙට ඉඳන්...

    ReplyDelete
    Replies
    1. අන්න දෙයක් ගන්න මිනිස්සු...

      Delete
  17. එකග විය හැකි කරුණු බොහෝය, ඒ වගේම එකග විය නොහැකි කරුණු ද බොහෝය. කෙසේ වෙතත් ලෝකයේ කවර කලෙකවත් සාධාරණ බෙදීම් තිබුනේ නැත.

    ReplyDelete
    Replies
    1. එයයි මනුෂ්‍ය ස්වභාවය. ළෝකේ ඔක්කෝම එක විදියට හිතන්න පතන්න ගත්තෝත් ළොකේ මේ තරම් ලස්සන නෑ. පරස්පරතාවයන් අත්‍යාවශ්‍යයි.

      Delete
  18. සාමාන්‍යයෙන් මගේ නම පළවෙන පෝස්ට් වලට ප්‍රතිචාර දාන්න යන්නෙ නැහැ, කියන අයට කැමැත්තක් කියා ගන්න කියල, මගේ කැමැත්ත මගේ පිටුවෙන් කියනවා මිසෙක.

    ඒත්, මාතලන් ප්‍රතිචාරයක කිව්ව මම කොමෙන්ට් කපනවා කියන එක ගැනයි මේ. පොඩි අවුලක් තියෙනවා වර්ඩ්ප්‍රේස් හා බ්ලොග්ස්පොට් අතර ප්‍රතිචාර දාන අයට. මට වර්ඩ්ප්‍රෙස් වලින් ඇවිත් තව දුරටත් බ්ලොග්ස්පොට් ප්‍රතිචාර දැමීම නොහැකියි. මේ එන්නෙ ගූගල් වලින්.

    කමෙන්ට්ස් කපා දාන වතා අනන්තයි. මෝඩයන් වුනාට තමන් එච්චරම මෝඩයි කියලා ලෝකයාට පෙන්වන එකෙන් මටත් ලැජ්ජා හිතෙන නිසා!!! ඒත් දැනට නම් මාතලන් දාපු කිසිම කමෙන්ටුවක් කපා හැරලා නැහැ. ඉස්සරහට බලමු :)

    මිනිස්සු/ගෑණු තරහා වුනත් මම හිත රිදේවි කියලා හෝ කියන හැම දේකට ම යාළුකම නිසා කියලා එකඟ වෙන්නෙත් නැහැ. දන්න කියන අය අතරේ මට කැමති අය කැමතිත්, මට අකමැති අය අකමැතිත් ඒ නිසයි.

    මට අකමැති අය නැති ලෝකයක් කිසිදාක එපා, එතකොට මට ලැබෙන්නෙත් මට අකමැති වෙන්න බැරි අය ඉන්න ලෝකයක්නෙ, මාර පල්!!!

    ReplyDelete
    Replies
    1. මගේ මතකය අනුවයි එසේ ප්‍රකාශ කලේ. එසේ සිඳුවී නොමැති නම් එය ඉතා අගය කරනවා. මගේ අදහස් වාරණයට ලක්වූ අවස්ථාවන් බොහෝයි. කෙසේ වෙතත් නොනගේ ප්‍රතිපත්තියක් කඩන්න ලැබුන එකටනම් (ගොන්) සතුටක් තියෙනවා. :D :D
      අන්තීමට කියපු කාරණයත් එක්ක 100% එකඟයි..

      Delete
    2. ඩයිනසොරයනුත් වඳ උනානෙ අයුබොවන්ඩ, හැමදෙයක්ම අනිත්‍යයි නොවැ...
      හැබැයි අන්තවාදින්ට නම් අයුෂ බොහොම අඩුයි....

      Delete
    3. @ මාතලන්,

      හැම අවස්ථාවක දී ම කියා කීවේ නැහැ.

      හැම සාමාන්‍යයකට ම ව්‍යතිරේකයක් තියෙනවා!!!

      ඒ නිසා, ප්‍රතිපත්තියක් කඩා නැහැ. [සතුට නැති වූයේ නම් සමාවෙන්න :)]

      Delete
    4. ඔයත් එක්ක බෑ අයියෝ.. ආතල් එක කෑවා....

      Delete
  19. නිවිහනිහිල්ලේ කියවන්න ඕනා මේකනම් ඔව්ව්

    ReplyDelete
    Replies
    1. එක්කෝ නිකන්ම හිටියනම් ඉවරයි.. මොළේ කචල් කර ගන්නේ නැතුව....

      Delete
  20. මම නං කැමතියි රොබින් හුඩ් එනවට..... (මුග්ධ ප්‍රතිචාරයක් කියලා අයින් කරන්නෙ නෑ නේද?)

    ReplyDelete
    Replies
    1. මම කැමති සරදියෙල්ට. එයා ඉන්නේ කෙහෙල් කොටුවෙද? :D

      Delete
    2. ඇයි මම. එක පයින්..
      නොමැත අන් සරණා.....
      උලත් එකයි, පිලත් එකයි, උනුත් එකයි, මුනුත් එකයි, අරුනුත් එකයි..

      Delete
    3. Foddi,
      කෙහෙල්කොටුවෙ දෙන්නම ඉන්නවා. සරදියෙල් ඉන්න තැන මාතලන් නියම කමෙන්ටුවකුත් දාලා තියෙනවා. :D

      Delete
    4. http://cyberyaya.blogspot.com/2012/02/04_04.html

      Delete
  21. බර වැඩී ලොකු අයියේ

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ලයික් එකක් දැම්මා මේ කමෙන්ට් එකට. :D

      Delete
  22. මාතලන් Sicko(http://vimeo.com/23600147) බලල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මයිකල් මුවර් ඊශ්‍රාලයේ මාර ජනප්‍රියයි මම එහේ ඉන්න කාලේ චැනල් වල යන ඒවා රෙකොඩ් කර ගෙන ආයිත් බලනවා. අපේ උන් නම් කියන්නේ මට පිස්සු කියලා. ඔතන වටිනා දේ මේකයි ඇනෝ. මයිකල් වගේ එකෙක් චීනේ හරි රුසියාවේ හරි ඒ දේ කලොත් කොහොමද. මතකනේ ළඟදි රුසියාවේ පූසී පැටව් තුන්දෙනෙක් පල්ලියේ ඤාව් කියලා වෙච්චි දේ.... මම මයිකල්ට කැමතියි....

      Delete
    2. මම අදහස් කලේ මාධ්‍ය නිදහස ගැන නෙවෙයි. (ඇමැරිකන්කාරයාට වඩා ඇමැරිකනුවෙන්ඩ හදන කෙනාගෙ comment delete කිරීම හා free speech ගැන වෙනම කතා කරමු.)

      හැම දෙයකම අඩුපාඩු තියෙනව, එම අඩුපාඩු හදුනාගෙන එම අඩුපාඩු අවම කිරීමට කටයුතු කිරීමයි කලයුත්තෙ, නැතුව තම්මට්ටම ගහන එකනෙවි. Micheal Moore ඒක කරනව.

      Delete
  23. අපි හොයන පරමාදර්ශී පාලන ක්‍රමය මනෝරාජිකයි. ඇමරිකාවවත් සෝවියට් රුසියාවවත් චීනය හරි කියුබාව හරි ගත්තත් ඔය කියන සුන්දරත්වය නෑ. අඩුවැඩි වශයෙන් හොඳ තිබුනත් ඕව එක එක්කෙනාගෙ ආතල් විතරයි. මතක ඇතිනේ මෙහේ කස්ටිය වගයක් ධර්ම රාජ්‍යක් හදන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. මෙයා මගුලක් කතා කරනවා. මටනම් ඉතින් මේක ඇර වෙන රටක් නෑ. ඔය එක රටකවත් තියෙනවද මේ වගේ ආතල්. හෙන්‍රි බ්ලොග්වෝකර්ට කියන්න ඕන ඉන්ගිරිස් සිංහලට පරිවර්ථනය නොකර. අපේ බ්ලොග් ඉන්ගිරිස් වලට ට්‍රාන්ස්ලේට් කොරලා පබ්ලිස් කොරන්න කියලා. එහෙම කළොත් ඌ ළෝකේ ජනප්‍රියම බ්ලොග් වේදීයානෝ වෙනවා ආයිත් නෝ ටූ වර්ඩ්ස් ඈ...

      Delete
  24. ප්‍රජාතන්ත්‍රරවාදය හරි සමාජවාදය හරි 100% පවත්වාගෑනීම කියන ඵක මනෝරාජික වෙන්න පුලුවන්.
    ඵ්ත් මේ යන තක්කඩි සිස්ටම්ඵකට වඩා අනිවාර්යෙන්ම සාදනීය නෑත්ද?
    100%ක් ප්‍රජාතන්ත්‍රවාදය මනෝරාජිකයි කියලා, 100%ක් තක්කඩ් පසුගාමි දනේශ්වර නරාවලේ බෑහෑගෙන ඉන්න ඵක මෝඩ කමක්.අපිට සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිකරගන්න බෑරි උනත් මේ යන මජර ක්‍රමයෙන් ගෑලවිලා පියවරක් හරි ඉසරහට යන්නම ඔන.

    ReplyDelete
    Replies
    1. මම මෙතනදි මාතෘකාවෙ තියන පාලන ක්‍රම ගැනයි කිව්වෙ. මොකක් හරි, තියන ක්‍රමයේ ප්‍රශස්ත පැවැත්මක් අපේක්ෂා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම හොඳයි. දැන් යන සිස්ටම් එක ගැන කතා කරන්න දෙයක් නෑනේ.

      Delete
    2. මේ යන ක්‍රමයෙන් ගැලවෙන්න... මට හිනා එනවා ඕයි.....

      Delete
  25. //ඇත්තටම ග්‍රෝත්‍රික මානසිකත්වයක් හා අති දරුණු දුප්පත් දූපත් මානසිකත්වයකින් පෙලෙන, වඳවීගෙන යන ජාතියකට අයත්, හුදකලා භාෂාවක් කතා කරන, ජන සමූහයන්ගෙන් එකක් වන අපේ සිහල ජනතාව, //

    හරී නෝටි නේද? ලැජ්ජාවෙ පන යන්ඩ එනව ඇති. අපරාදෙ මේක සිංහලෙන් ලිව්වෙ. ආ රයිට්. අපි වගේ ඇත්තටම ග්‍රෝත්‍රික මානසිකත්වයක් හා අති දරුණු දුප්පත් දූපත් මානසිකත්වයකින් පෙලෙන, වඳවීගෙන යන ජාතියකට අයත්, හුදකලා භාෂාවක් කතා කරන, ජන සමූහයන්ගෙන් එකක් වන අපේ සිහල ජනතාවට සම්‍යක් දෘෂ්ටිය ලබාදෙන්ට වෙන්ඩැති.
    නිරපේක්ෂ දේවල් ලෝකෙ නැත.සාපේක්ෂ කරන්න කලින් සාපේක්ෂ වෙන්නෙ කොතන ඉඳන්ද කියල පොඩ්ඩක් හිතන්න. මේකත් කියවන්න.
    http://janasenaa.blogspot.com/2012/09/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. ආහ් ඔහෙලා තාම බ්ලොග් කියවනවද? මම හිතුවේ වහල දාල කුඹුරු කොටාගෙන ජීවත් වෙන්න ගිහින් කියලා , එතකොට අරකට මේකට කෙලවෙන්නේ නැ නොවැ , අනික දැන් දේශීය විදිහට ගොවිතැන් කරන්න නාථ දෙය්යන්ගෙනුත් ෆුල් සප් එක තියෙයි , බය වෙන්න එපා ,පටන් ගන්න අර පරණ , සරල සුගම ජීවිතය , අපිත් එන්නම් ටික කාලෙකින් !

      Delete
    2. කලබල වෙන්ට කාරී නෑ. ගල් යුගයට ගෙනිහිල්ලා නැත්තුවොත් ඇති මොකෝ මට හරි ලැජ්ජයි අනේ හෙලිවැල්ලෙන් යන්න..

      Delete
  26. අතීත කතාව නම් අවුලක් නැහැ.... ඒත් ඔය පත්තර වල කොටස් වශයෙන් යන චිත්‍රකතා, නවකතා වගේ මොකක් හරි හෝප් එකක් දීල, නැත්නම් කුතුහලය අවුස්සලා ඉවර කලා නම් නෙ වටින්නෙ. මේවෑන් ඉතින් ආතල් එක විතරයිනෙ, වෙන මොකුත් නැහැනෙ... මේ තියන විදිහ අනුව, බෙදන විදිහ තීරණය කරන්න හරි බෙදන එක නැති කරන්න හරි උනත් ඉතින් කවුරුහරි එනකන් ඉන්න එපාය, නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ මචන් කවුරුවත් එන්නේ නෑ. අපේ සීයා කිව්වා වගේ අපේ ආරක්ෂාව අපි අපිම සලස ගත්තම වැඩේ ඉවරයි. ධනවාදයෙදි කට ඇරගෙන බලා ගෙන උන්නට ලැබෙන්නේ නෑ. බල්ලෝ හරි මරන්න ඕන.

      Delete
  27. It only costs 1 gold the first time to reset the talents.

    When Roman Catholic Spain began colonizing, they found that “All
    Souls Day” coincided with Native American traditions regarding the souls of the dead, and thus the “Day of the Dead”
    was established. Her abilities allow her to control the lane well
    due to her crowd control ability, Charm, that allow for early game
    ganks and her multi target Fox-Fire ability.

    Feel free to visit my blog ... minion rush Free tokens

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න