.

.

Oct 13, 2012

හුටා - HUTA

 
ගියෙ ඇයිද මාව  තනිකර
බොක්කේ දල්වා ගින්දර


ලව් කළෙමි බඩුවකට,
බොක්කෙන්ම කිඩ්නියෙන්...
අම්මලා ෆුල් කචල්,
මාමලත් එහෙමමයි,
එත්.....

සපෝට් එක බොක්කෙන්ම,
යන්ග් එවුන් වැඩියෙන්ම.
බඩුව උස්සනවමයි,
බස්සලයි නවතින්නේ.

කෙල්ලගේ පින්තූරේ,
රටම දන්නව දොරේ.
ටී ෂර්ට් ප්‍රින්ට් වෙලා,
ලොවට පබ්ලිෂ් කොලා.
රෝමියෝ ජුලියට් වගේ,
ටී වියේ යන අගේ.
මට වඩා රටේ උන්,
ලව් කරයි මගෙ එකට.

මාර කට්ටක් අනේ..
කවදාද බඳින්නේ...?
කාඩ් බෙදනට ගියපු,
දෙන්නෙක්ම හැප්පිලා..
හැප්පිලා නෙමේ බන්,
මාමලා හප්පලා...
කවුද බන් කියන්නේ,
උන් නිවන් දකින්නේ...!

දැන් ෂුවර් බඳින එක...
බඩට තුන් මාසයයි...
මාමලා අඬ ගසයි...
"දැන්ම දුව දෙන්න බෑ,
තාම දුව පොඩි වැඩියි..
දෑවැද්ද හරි පොඩියි..
අපි ගාව සල්ලි නෑ..
 
"මාමේ මට දැවැද්ද
ඕන නෑ, කිව්වේ නෑ.."
 
ඇදුනාම ස්විප් එක,
නොවැම්බර් මාසයේ..
කෙල්ල දෙන්නම් උඹට,
ඉවසපන් රත්තරන්...

මාමලා සෙට් වෙලා,
දුව ඇබෝෂන් කලා...
අනේ මගෙ පරම ලව,
රටේ උන්ගේම පව...


හුටා......!!!

---------x---------



අයියෝ මගෙ බැලුම් බෝලේ...!!!
 
මාස තුනක් හුලං ගහපු ,
බන්ඩා මාමා හුලං ඇරපු ,
නිර්මාල්ලා ආයිත් ගහපු ,
මහීන් මාමා ගේම ඇදපු ,
අමිල සාධු සෙත් පතාපු ,
ගාලු ඉඳන් අරන් ආපු ,
පාක් එකේ උඩ යවාපු ,
ආයෙත් පහලට ගෙනාපු ,
ජයසුන්දරයට පෙන්නපු ,
බැසිල් මාමා කටුව ගහපු ,
සීයට ගානට පුම්බපු ,
මගේ බැලුම් බෝලේ....
පිපිරෙව්වනේ බොලේ...

හුටා......!!!

මම ඉන්ටර්නැෂනල් එකේ මොන්ටිසෝරි බබා..

72 comments:

  1. mathalanta hodata kavi liyanna puluwane

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම් මේකා යස කවිකාරයෙක්නෙ....

      Delete
    2. දැනට කවි 104 ක් ලියලා තියෙනවා.. සමහර ඒවා පුවත් පත්වලත් පල උනා..

      Delete
  2. ශිහ් අපරාදෙ බැලුම්බෝලෙ නේද?
    දැන් ඉතිං මොනව හරි ලියන්නවත් අලුත් ටොපික් එකක් හොයාගන්න එපායැ.

    ReplyDelete
  3. අනේ පව් අසරණ කෙල්ල...ඕවටනම් හිනාවෙන්න බෑ ඕන්....

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්නේ කොහෙමෙයි තනි ඇහැට ඇඬෙන්නේ..

      Delete
  4. කෙල්ලට හුටා... හුට පටා...

    ReplyDelete
  5. මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා “අරගලය” හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

    විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

    ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

    ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

    නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ “අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න” කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

    මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. කීප තැනකම කියෙව්වා

      Delete
    2. කමක් නෑ ඇත්ත කී සැරයක් කියෙව්වත් වැඩි වෙන්නෙ නෑ. :-)

      Delete
  6. “ෆුටා නාඩගම” නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

    එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද “ෆුටා නාඩගම” නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව “ෆුටා එකට වුණ දේ මතකයි නේද?” කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

    අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

    ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

    තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

    එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!

    ReplyDelete
  7. බැසිල් යුව රජා ගුණ කඳ ගයමු සිරි සොඳා!!

    මෙන්න පඩි කියා – අපට දුන්නු බඩපුරා
    බැසිල් මහත්මා – ගුණකඳ වනමු මෙලෙසිනා
    තුටු කඳුළු පෙරා – ඔබේ සිරි පතුල් දොවා
    දුන්නු රන් මසූ – පොදි ගෙන යමුය තුටියෙනා

    කටපුරා අපට ටින් කිරි – දුන්න එස්බියා
    නිරුවතින් එදා – මතකද පා ගමන් ගියා
    සුර ලොවින් බැසා – සුර දූතයෙක් නියා
    බැසිල් යුවරජා – අපෙ ගිණි නිවපු සිරිමතා

    FUTA එකෙ අපී – ඔබට ණය ගැතියි මැතී
    FUTA එකෙ අපී – ඔබට ලියමු ගී බැතී
    FUTA එකෙ අපී – ඔබෙ ගුණ ගයමු බිම හැපී
    FUTA එකෙ අපී – ඔබෙ පා දුහුවිලිය නිතී

    ජාතියේ පියා – ඩී. එස්. සේනනායකා
    ඒ තුමා පුතා – අපට බත් දුන්නු පියා
    බැසිල් යුවරජා – අපට පඩිය දුන් පියා
    ඔබේ සිරි දෙපා – වඳිමු සාදු කිය කියා

    ReplyDelete
  8. අපේ යුව රජා බැසිල් මහත්මා
    ඔන්න අපිට පඩි වැඩි කර දෙනවලු
    අනේ බුදුන් දැක නිවන් දකිත්වා
    එතුමට විතරයි දුක තේරෙන්නේ

    පෙරටුගාමියෝ – අන්තරෙ කොල්ලෝ
    පාවාදුන්නැයි සටන බනිනවලු
    අනේ තොපි ගිහින් හාල් ගරල්ලා
    තොපිට මොටද අපි කඩේ දුවන්නේ

    ඔන්න රට වටේ සල්ලි නැති නිසා
    එකින් එකට ඉස්කෝල වැහෙනවලු
    අනේ මොටද අපි කරදර වෙන්නේ
    අපේ ළමයි නෑ ඕවට යන්නේ

    නිකම් කට තියං ඉන්න බැරි එවුන්
    සියේට හය දැන් කොහෙද අහනවලු
    ඕකුන් කුරුසේ ඇණ ගහපල්ලා
    ඔවුන් තමයි අපෙ ආතල් කන්නේ

    සීයට හය වළලන්ට හදන කොට
    මුන් තව ඒකම කූරු ගානවලු
    අනේ තොපිට වෙන වැඩක් නැද්ද බං
    ඕකම අහලා අප රිද්දන්නේ

    පඩි වැඩි වීලා – අලි තන්තෝසයි
    අපි මහ වීරයො කියා හිතෙනවලු
    සීයට හය දැන අමතක කරපං
    ඇයි තව ඕවට කරදර වෙන්නේ

    ReplyDelete
  9. අනේ මගෙ දෙයියනේ
    මඟුල කැඩිලලු බොලේ
    අපරාදෙ මම ගත්ත
    අලුත් සාරිය අනේ

    මනමාලි අන්ඳලා
    ගාලු සිට පිරිවරා
    අරන් ආවට කොළඹ
    බඳින්නට බැරි වෙලා

    මං හිතුවෙ නම් මඟුල
    ජයට කාවිය කියා
    සද්ද බෙර හඬ එහෙම
    හොඳ ජයට තිවු නිසා

    බහින්නට බැරි ලෙසට
    පාර තොටකට තියා
    මූන දෙනු කෝම දැන්
    විවියෙ සිසුනට පවා

    අපරාදේ කස ගහපු
    අයත් නැහැ සොයන්නට
    ජීවිතම හතරක් ද
    කොහෙද නැති වෙල ගියා

    විකුණමුද සාරියත්
    මඟුල දැන් නිසා
    මඟුල් ගෙදරට යන්න
    හිටපු බව හෙම මමත්
    කියන්නට නම් එපා

    හරිද මාතලන්........

    ReplyDelete
    Replies
    1. සාදු කිව්වෙ
      තව විඩයක්
      කොහොමින් හරි
      මගුලක් නම්‍
      ගන්නවමයි
      කියල නේද‍....?


      Delete
  10. මඟුල දැන් nethi නිසා

    ReplyDelete
    Replies
    1. මට දුක ඔහේ මේවා ඔහේගේ එකේ නොදාන එක.. කමක් නෑ මගේ එකේ හරි දානවනේ..

      Delete
    2. ඒක මෙවුවට සුදුසු තැනක් නෙමෙයි මාතලන් අයියා.එතැන හඬා වැලපෙන තැනක්.
      මෙතැන එහෙම ද? මෙතැන නියමයි.

      Delete
  11. මාතලන් හොඳ කවියෙක් . උණු උණු මාතෘකා ගැන එවෙලේම කවි ලියයි

    ReplyDelete
    Replies
    1. මේක ලියලා සංස්කරනය කරලා පබිලිස් කොරන්න ගියේ පැයයි.

      Delete
  12. මාතලන් ගේ කවිත් නරකම නෑ..

    ReplyDelete
    Replies
    1. අපෙ අම්මිත් කියනවා...

      Delete
  13. මාතලන්ගේ කවිත් මරු. කොමෙන්ට් කවිත් මරු! :D

    ReplyDelete
    Replies
    1. කොහෙමෙයි ඇනෝලගේ කවි ටික...

      Delete
  14. මාතලන්ගෙත් සොදුරු සිතේත් කවි නම් නියමයි..
    මාස තුනක් උනත් බදින්න දුන්නෙ නෑනේ අපරාදේ...

    ReplyDelete
    Replies
    1. සොසී නියම කවි ලියනවා.. ඒවා දාන්නේ මගේ එකේ.. අවුලක් නෑ..

      Delete
  15. බොලේ මේක කවිමඩුවක් වෙලා නොවැ... මාතලන් ගොයියා ලියන කවි වලට මම නම් හරිම මනාපයි... දොරේ දිගටම ඔහොම ලියාගෙන යන් දොරේ.. පංකාදුයි මල් හතයි..

    කොමෙන්ටු ලෙස ඇනෝ සැට් එක විසින් නිර්මිත බැසිල් ගොයියා නැමදීමේ ගීතද විලම්භ ලයෙන් උදේ සවස ගැයීමෙන් නිවසට සිරිදෙව් දුව කැන්දනු ඇතැයි මගේ අක්මාවට දැනේ....

    ඔබ සියල්ලන්ටම වැඩි පඩි සහිත සුභ අනාගතයක්....

    ReplyDelete
    Replies
    1. ඒ උඹලා අලුත් නිසා.. මම කවිත් වැඩිපුර ලියුවා ආපු දව්ස් වල ඉඳලම. පොඩි කාළේ ඉඳන් ලියනවා. පත්තර වල දාන්නේ නෑ. හොඳ වෙලාවට බොගේ දාන්න පුළුවන් උනේ..

      Delete
  16. වෙන කියන්නට දෙයක් නැත. මේක රටේ උන්ගෙම, එ කිව්වෙ අපේම පවය.

    එත් බොහෝ දේශපාලන නයුවන්ට නැතිවූ අරගලය පවත්වාගෙන යාමේ හැකියවාවක් ෆුටා මුල් පුටු හෙබවූවන්ට තිබුණි. එහිලා නිර්මාණාත්මක සටන් පාටයක් පෙරට දැමීමෙන් (%6) වූ බලපෑම අතිමහත්ය.

    එත් දුකය. අන්තිමේදී ඔවුන්ද ඔවුහු ඉදිරියෙ කොඳු නාරටි බිඳගත්හ ඉරකි තිතකි

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි.. ඉරකි තිතකි...

      Delete
  17. මේවා ඉකි ගගහා අඩන්න ඕන කවි

    ReplyDelete
  18. කියල වැඩක් නැ මලය ඔයා මේකනම් සිරාවටම වදින්න ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. අපි ලීවෝත් ලීවා තමයි අයියා...

      Delete
  19. මලින්ද මාමා තරම් දක්ස දේස පාලුවෙක් ලොවෙත් නැහැ බං.

    හැමදේම තරහක් නැතුව විහිලුවෙන් ඉවර වෙනවා. සතුටුයි. හිනා යන නිසා. !

    ෆුටා ! අනේ හුකේ !

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට පොන්සෙකා ලොක්කා හිටියනම්, FUTA එක මුල්ලවයික්කාල් වෙලා තම්යි නවතින්නෙ....

      Delete
    2. ලොක්කා තම්බන්න නම් අමාරුයි පුතේ...

      Delete
  20. මම කවි නං ලියන්න දන්නෑ මාතලන්, ඔයාගෙ කවිනම් පොල්ලෙන් ගැහුව වගේ තියෙනව, ආයෙ කියන්න දෙයක් නෑ.

    මගේ ටිකිරි මොලේට තේරිච්ච විදියට නම් ආචාර්යවරුන්ගෙ කරපිටින් තමන්ගෙ ගමන යන්න කස්ටියක් ලක ලැහැස්ති වුනා, එහෙම හිතන් ආපු අයගෙ කරපිටින් තමන්ගෙ ගමන යන්න ආචාර්ය කස්ටිය ලැහැස්ති වුනා. පාරෙ ඇවිදල, ගිරිය පුප්පන් කෑගහන් යන ඔය ගමන් කලාව ගැන, සූටි සව් ඇටයක් විසිකරල සද්දන්ත තෝරු මෝරු බිලී බෑමේ කලාව ගැන හොඳට තෙම්පරාදු වෙල ඉන්න ලොකු තැන ගානට වෙලාවට කැරට් අලේ අමුනල පිත්ත වැනුව. 6 % බෙල්ලෙ එල්ලන් හිටපු රට හාවො ටික පැනගෙන ගියා ලොකුතැනගෙ අලේ (කැරට්) කන්න.

    ReplyDelete
    Replies
    1. අනේ පව් මෙයා....

      Delete
    2. අන්තීමෙදි කැරට් අලෙත් නෑ වගේ පේන්නේ..

      Delete
  21. "මාමලා සෙට් වෙලා,
    දුව ඇබෝෂන් කලා...
    අනේ මගෙ පරම ලව,
    රටේ උන්ගේම පව..."

    මෙහෙම හොඳ නැත්ද?

    මාමලයි කොල්ලයි සෙට් වෙලා,
    දුව ඇබෝෂන් කලා
    කෙල්ල විතරක් ඇති වෙලා
    කොල්ල යයි කට් වෙලා

    ReplyDelete
    Replies
    1. ගිවිසුමට අනුව නම් කෙල්ලත් නෑ,, ඒත් දූෂමාන ආරංචි වලින් කියවුනේ. කෙල්ල දෙන්නම් කියලා ඒත් ඩොක්ටර්ස් ලා ගේම් ඇදපු නිසා දැන්ම බෑ කියලා.. සම හර විට සම හරක් කතා බොරුත් වෙනවා..

      Delete
  22. කවි හැකියාව අපූරුයි!

    ReplyDelete
  23. kella node baba dennam kiwwahama kolla kemathi unalu neda? Eth ithin hamba wenne maasa thunaka kalalayak.
    Ethakota kiyawei onna HUTAAAA.

    ReplyDelete
    Replies
    1. දෙන්න බබෙක් කොහෙද බන් ඇබෝෂන් කලයින් පස්සේ...

      Delete
  24. මුන්ගෙ බොරුව මම දැන ගත්තේ 6% කියලා ටීෂර්ට් එකකුත් ගහගෙනම වැඩේට බහින කොට.ටී ෂර්ට් එක නැතුව සටන් කරන්න බෑ වගේ හරියට. මෝසතරවාදය.....

    ReplyDelete
    Replies
    1. හැබයි ඉතින් සේල් පොලක හරි 6% ගහලා තිබුනම මතක් වෙන්නේ නම් නිදහස් අධ්‍යාපනය. හරියට සාටකයක් දැක්කම ලොක්කා මතක් වෙනවා වගේ..

      Delete
  25. කවි ටිකත් මාරු අදහසත් මාරු
    හුටා....

    ReplyDelete
  26. නිර්මාණය හොඳයි ඔබට ජය!

    ReplyDelete
  27. ඔයගොල්ලා නිකම් පුස් ආතල් ගන්නවා, වෙනස් කරගන්න ඕන හරිය කතා කරන්නෙ නැතිව!!!!

    ඇයි මේ විගඩම රඟපාන අය ගැන කතාබහෙන් කාලේ නාස්ති කරලා අගාධයට ඇදගෙන යන වේගයටම ඒකට වැටෙන්නෙ?!!!!

    ReplyDelete
    Replies
    1. පුස් ආතල් ගන්නේ අපිද එයාලද...?
      අපේ ආතල් ඔක්කෝම කෑවා..?
      අපරාදේ අපේ සල්ලියි කාලෙයි.. මීටින් බලන්න ගියපු...

      Delete
    2. ඔව් ඔයාලගේ ආතල් ඔක්කොම කෑවා. එයාලා ගන්නෙත් පුස් ආතල් තමයි. ඒත් ඔයාලා ගන්නෙත් ඒකම නෙවෙයි ද? රටේ ලෝකෙ හැමෝම දන්න හරිය මාතලන් සහ මෙතැන ප්‍රතිචාර දාපු ගොඩක් අය ඉතා රසවත් කවිපද ලෙසින් ලිව්වා. ඒකයි කියවන අයගේ සිත් කුල්මත් වෙන්නේ. අදහස් වලින් ළං වුනා කියල දැනෙන්නේ. නමුත් ඒක "විචාරශීලී" වෙන්නෙ නැහැ. ඒක මෙහෙම වුනේ ඇයි, ආයෙත් නැවතත් මෙහෙම වෙන්න ඉඩ නොදෙන්නෙ කොහොම ද? යන්න කතා කරන්න අවශ්‍යයයි. නැත්නම් හැමදාම මෙහෙම වුනාට පස්සෙ අපි මෙහෙම ලියනවා. ඒ අවසානයේ පුස්සක් ඉතිරි වෙනවා. තත්වය වෙනස් වෙලා නැහැ.

      මාතලන් දිවයින පත්තරේට දියවෙලා යන පත්තරේ කියන්නෙ ඇයි කියලා පොඩ්ඩක් හිතන්න. ඒක බ්ලොග් වලටත් බෝ වී ගෙන යනවා ද කියලාත් හිතන්න. එහෙම නම් 'වෙනසක්' සිද්ධ විය යුතු යැයි හිතන අයම නේද වෙනසක් ගෙනෙන්නට මූලික විය යුත්තේ?!!!!

      Delete
    3. කෙනෙකුට එහෙම පෙනෙන්න පුළුවන්.. නමුත් "විය යුත්තේ කුමක්ද" යන්න පිළිබඳවත් මම අනන්තවත් ළිපි ලියුවා. ඉදිරියටත් ලියනවා. මට හොඳට මතකයි ඇලුතෙන් රට ඉදිරිපත් කලයුතු "ව්‍යවස්ථාව" පිළිබඳ ලිපියක ඔබ කොමෙන්ටුවක් පවා දමා තිබුනා. ඇයි ඇමරිකන් ව්‍යවස්ථාව සමඟ අපේ රාජ්‍යා ලාංචනය මුසු කළේ කියලා. මම ගොඩක් වෙලාවට කරන්නේ මේ තියෙන ක්‍රමය විවේච්නයට ලක් කරන එක තමයි. ඒත් යම් සීමාවකට යටත්ව. මොකද මම මේ ක්‍රමයෙන් ලැබෙන පීඩනයත් සමග ජීවත් වන කෙනෙක්. කුටුම්බයක් හිමි කෙනෙක්, විනයක් ඇති කෙනෙක්. ඉතින් මගේ සීමාවේ සිට කරන්න පුළුවන් දේ මම කරණවා.

      Delete
  28. මේ වගේ දේවල් එදිනෙදා කතාකරනවා ඇරෙන්න පස්සෙ කතාකරල වැඩක් නෑ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නා වාගේ මේ විචාරශිලි බව අවස්ථාවට තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපි කලින් ඉඳන්ම මේ දේ කිව්වා දයා මහත්තයෝ...

      Delete
  29. අඩේ ඔය 6% නම් මහා විකාරයක් අප්පා.කොහොමත් ප්‍රායෝගික නෑ.තව වැඩියෙන් වියදම් කරලා තව වැඩියෙන් පඩි දීපන්කො ඕකුන්ට.උදාහරණයක් විදියට ගත්තොත් අවුරුදු 20 ක් සේවය කරපු රජයේ සේවකයකුට වැඩිය විශ්වවිද්‍යාලයෙන් එලියට එන දොස්තර කෙනෙක්ගේ පඩිය වැඩියි.කාට කියන්නද ඉතින්.කොච්චර දුන්නත් උන්ට මදිනේ.

    මාමලා සෙට් වෙලා
    කෙල්ල ගබ්සා කළා
    මේවාට මැදිවෙලා
    යයිද අපි වඳ වෙලා.....

    ReplyDelete
    Replies
    1. රජයේ සෙවකයෝ කියන්නේ හාල් පාරුවොනේ. දොස්තරවරු කියන්නේ දෙවිවරු. ආචාර්යවරුත් ඒ ටයිටල් එක ඉල්ලන්නේ. එහෙම නිකන් ගන්න බෑ.. දොස්තරලා වගේ ප්‍රයිවට් චැනල් එහෙම කරලා.. දෙවිවරු වගේ ඉන්නත් ඕන.. එක දෙවි කෙනෙක්ගේ වොච් එක විතරක් ටුවැල්ව් ලැක්ස්.. ආන්ඩුවේ සේවකයෝ දාන්නේ 350 රොලැක්ස් පේමන්ට් එකෙන් අරන්. ඉතින් මිනිස්සු දන්නවා දෙවියෝ කවුද කියලා.. මේ ආචාර්යවරු ටයි එකක්වත් දාන්නේ නෑනේ.. ඉතින් කොහොමද දේව ටයිටල් දෙන්නේ..

      Delete
  30. මාතලෝ අද ඉදල ෆුටා හුටාම තමයි. ඔන්න දේශන පටාංගන්නවා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. අධ්‍යාපනයේ තියෙන අකටයුතුකම් සියල්ලම එලියට ආපු එක හරි ලොකු දෙයක් නේ. අන්තීම දවස් වල නිර්මාල් තනි උන බවක් පෙනුනා. ඔන්න අපේ කස්ටියගේ තරම..

      Delete
  31. සුපිරි කවි සෙට් එක මාතලෝ..!! බ්ලොගේ ලින්ක් එකත් එක්ක මම මූණුපොතේ ශෙයා කරන්න අවසරද..?

    ReplyDelete
  32. මම නම් මේක ඇබෝශන් එකක් විදිහට දකින්නේ නෑ... ළමයා කොහොම හරි හම්බවේවිය කියලා මම හිතං ඉන්නවා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න