![]() |
බර්ලිනයේ ලෙනින් ප්‍රතිමාව ඉවත් කිරීම... |
"හැරල්ඩ් මැක්මිලන්" කියන බ්‍රිතාන්‍ය ජාතික අගමැති තුමා, 1960 දී ළෝකප්‍රසිද්ධ කතාවක් පවත්වනවා "වින්ඩ්ස් ඔෆ් චේන්ජ්" (Winds of Change) කියලා, මේක අපේ භාෂාවෙන් නම් "නැවුම් සුළඟක්" එහෙම නැත්නම් "වෙනස් සුළඟක්" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කතාව ඔහු කළේ දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ. අප්‍රිකානූ මහද්වීපයේ රටවල් විශාල ප්‍රමාණයක් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත වශයෙනුයි පැවතුනේ ඒ කාළේත්. ඔහු මේ කතාවෙන් අප්‍රිකානූ රටවලට ළඟදීම නිදහස ලැබෙන බවටත්, ඔවුනට නිදහස ලැබිය යුතු බවත් කිව්වා. (අවශ්‍ය කෙනෙක් සම්පූර්ණ කතාව මෙතනින් බලන්න.)
මේ ගීය ලියපු "ක්ලාඋස් මයීන්" (Klaus Meine) ගේ හිතට සමහර විට මේ කතාව මතක් වෙන්න ඇති. මේ ගීතය ලිව්වා වගේම, ගායනය හා සංගීතයත් ඔහුගෙන්මයි. ඔහු 1989 දී රුසියාවේ සංචාරයකට සහබාගිවනවා. ඒ වෙලාවේ ඔහු දකිනවා, රුසියාව "ගොර්බචොව්" යටතේ සීඝ්‍රයෙන් වෙනස් වන අපූරූව. එය තමයි ඔහු වචන වලට පෙරලන්නේ. මේ පෙරලියට කිව්වේ කෝල්ඩ් වෝ (Cold War) කියලා. එහෙම නැත්නම් "සීතල යුද්ධය". ළොව පුරා සිටි බලවන්තයින් දෙදෙනෙකුගෙන්, සාධාරණ සමාජය (පේටන්ට් - අරුණි ශපිරෝ) බිහිකරන්න ගියපු බලවන්තයගෙ අවසානය. එහෙම නැත්නම් ඒ සාධාරණ සමාජය ගැන කළකිරුණ ජනතාවගේ නැගී සිටීම. ඒ නිසාම මේ ගීතයේ රුසියාවේ තියෙන දර්ශනීය ස්ථාන වන, මොස්කව් නඟරය මැදින් ගලා බස්නා සුන්දර "මොස්ක්වා" (Mozkva) නදිය, "ගෝර්කී පාක්" (Gorky Park) නම් උද්‍යානය ගැන මෙන්ම, ඔවුන්ගේ සම්ප්‍රදායික වාදන භාන්ඩයක් වන "බලලයිකාව" (Balalaika) ගැනත් ගීතයේ සඳහන් වනවා
![]() |
බර්ලීන් තාප්පය බිඳහෙලා.. |
![]() |
මැද තිබෙන්නේ බලලයිකාවකි |
මේ සුන්දර වසන්ත රාත්‍රියේ..
උකුසු ඇස් ඇති සොල්දාදුවන්ගෙන්ද,
"මොක්ස්වා" නදියේ ඉවුර දිගේද ,
"ගෝර්කී" උද්‍යානයෙන්ද,
ඇදී එනුයේ ඒ "නැවුම් මදනළයි"....
ලං වේයැයි ළොව මෙතරම්...,
සොයුරන් වෙතයි කිසිදින...,
සිතුනාද..., සිහිනෙකින්වත්...?
එහෙත් මේ නැවුම් මඳනල ..
කෑ ගසා කියන්නේ..
සොඳුරුවූ ඉදිරියකි.....!!!
අමිහිරිවූ අතීතය..
සිතින් ඉවතට දමා...
පොඩි එවුන් නිදන කල...
පොඩි එවුන් නිදන කල...
වෙනස් වූ සිහිණ නොව...
එකම එක සිහිණයක්...!!!
ගෙනෙයි මේ නැවුම් මඳනළ...
කාළයේ මුහුන මත,
නැවුම් මඳනළ පතිත....
නිදහසේ සීනූ රාවය,
නගනු මැන වී මාරුතය...
එනු සොයුරා මා සමග...
ගිටාරය වයන්නට,
ඔබේ "බලලයිකාවද" රැගෙන....!!!
.oOo.
ගීතය මෙතනින් අසා විඳින්න... පදවැල පහලින් ඇත
Scorpions - Wind of changeප: ලි:
මේ ගීතයේ ඔරිජිනල් හඬටම සමාන හඬක් තිබෙන ගායකයෙක්, අපේ රටෙත් ඉන්නවා. ඔහු ඒ කාළයේ, මේ ගීය මේ ආකාරයටම ගායනා කළා. අදටත් සිංහල ගීත අහන රසිකයන් අතරෙත් ජනප්‍රියයි. බලන්න උත්සාහ කරන්න.
මගෙත් බොහොම කැමති ගීතයක් තමා මේක. සිරාවටම සුපිරි ගීතයක්. ජර්මානුවන්ගේ හිත් කොහොම සසල වෙන්න ඇත්ද අපිට මේක දැනෙන විදියට
ReplyDeleteමියුසික් කියන්නේ මේවයො මචෝ.. ඇඬෙනවා.. මයිල් කෙලින් වෙනවා....
Deleteමේක තමයි ඇඟට දැනෙන සංගීතය..scorpions බෑන්ඩ් එකට මමත් ගොඩක් කැමතියි.උන්ගෙ In trance කියන සිංදුවත් එල.Holiday කියන එක අපේ මේරියන්ස්ලත් කියනව. ජයවේවා මාතලන්
ReplyDeleteමං දන්නවා මේ උඹේ ෆේවරිට් කියලා.. මාරයගෙ එකේ මල පැනලා හිටියේ.. ඉතින් මේක උඹටමයි කියලා හිතා ගනින්.... :D
Delete"///////වින්ඩ්ස් ඔෆ් චේන්ජ්" (Wඉන්ඩ්ස් ඔෆ් ඡන්ගෙ) කියලා, මේක අපේ භාෂාවෙන් නම් "නැවුම් සුළඟක්" එහෙම නැත්නම් "වෙනස් සුළඟක්" ලෙස හඳුන්වන්න පුළුවන්.///////
ReplyDeleteමම නම් හිතන්නේ මෙකීඅ වඩාත්ම සුදුසු සිංහල පරිවර්තනය 'වෙනසත්වයේ සුළග' කියලයි
අර ගායකයා නම් චිත්‍රාල් සෝමපාල ද? මිනිහා නෙ ඉතින් අපට ඉන්න හාර්ඩ් මෙටල් රොක් කාරයා
ලොක්කා ම්ංපොඩි ඊයක් එවලා ඇති...;)
උඹ හරි චිත්‍රාල් තමයි.. පට්ටම ගංජා වොයිස් එකක් නේ ඒකත්..
Deleteමේල් එකේ වැඩේ හරිනේ....?
අපි ගැටවර කාලේ තමයි බර්ලින් තාප්පය කඩන සිද්ධියත් සෝවියට් දේශය බිඳ වැටෙන පෙරෙස්ත්‍රොයිකා එන්නේ. මම එතකොට රුසියන් මිත්‍රත්ව සංගමේ සාමාජිකයෙක්. දිනක් මේ ගැන සුභසිංහ මහත්තයා අපිට දේශනයකුත් කළා මතකයි.
ReplyDeleteබර්ලින් තාප්පය බිඳ වැටෙන්නේත් ඒ කාලයේමයි. ඒකත් හිතටම වැදෙන දෙයක් වුණා අපේ කාලයේ සිදුවුණු.
සින්ංදුව බොහොම අපූරුයි.
මගේ උත්තරේත් චිත්‍රාල් සෝමපාල තමයි.
මට හිතෙනවා "වෙනසක සුළඟ" හරි වගේ.
වෙද මහත්තයට කියන්න. මේ ඉංග්‍රීසී ගීත ගැන දැනගෙන ඉඳිම මට බොහෝ ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. විශේෂයෙන් පිට රටවලදි.....
Deleteබොරු කියන්නෙ මොකටද? මමනං ඔය සිංදුව ඇහුවෙත් අද.. මටනං ඔය කස්ඩ සිංදු අරහං..හැබැයි වචන ටිකනං සුපිරි..
ReplyDeleteගීතයක් රස විඳින්න භාෂාව ප්‍රශ්ණයක් වන්නෙ නෑ කවදාවත්. මානසික ප්‍රශ්නයක් තමයි තියෙන්නේ....
Deleteපණ ගැහෙන ගීතයක්...ඉස්සරවෙලාම ඇහුවේ අදයි. ගීතය නම් උපරිමයි....
ReplyDeleteඒකනේ කියන්නේ.. කොහොමෙයි අපේ චොයිස්.....
Deleteමාතලන් අපි වගේ වයසක පප්පලාට තරුණ කාලේ මතක් කරලා nostalgia ව හදන එක ඇරෙන්න වෙන වැඩක් උබට නැද්ද?
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ මේ කතාවම තමයි.
Deleteඔය දෙන්නා පොඩ්ඩක් ප්‍රතිචාර දිහා බලන්නකෝ, ඉස්සර වෙලා ම ඇහුවේ අදයි කියලා ලියලාත් තියෙනවා නේද? මාතලන් ලිව්වෙ නැත්නම් මේවා ගැන මොකෝ දිවයින පත්තරෙන් කියවන්න හැකි ද? :D
Delete@ උදිත & ඉල් මොන්දෝ
Deleteමක්කටෙයි මචෝ සංකාවෙන් ඉන්නේ මම නම් හැමදාම කොල්ලා වගේ තමයි ඉන්නෙත්, හිතන්නෙත්.... (පෙනුමත් ඒ වගේ තමයි... හෙහ් හෙහ්....)
@ අරුණි ශපිරෝ
ඒකනේ නෝනේ කියන්නේ. පොලිටික්ස්, කවි, කතන්දර,මියුසික්, ජෝක්ස්, ජංගි, ජොක්කු, කොට කලසන් විතරක් නෙමෙයි ලිංගික ගැටලුත් කතාකරන්නේ මහාචාර්ය මාතලන් ඇර වෙන කවුද....?
මාත් බර්ලින් තාප්පේ ගැන ගීතයක් දැම්මා බ්ලොග් එකේ. දැන් දාපිය නඩු කොපි කරා කියල අපි නොදන්නා බර්ලින් තාප්පේ. කොලු කාරයොත් කෙල්ලොන්ට වගේ කොල්ලොන්ට සිංදු කියනවලු
Deletehttp://udithame.blogspot.com/2012/11/love-of-cold-war.html
එක මචං එහෙම කේස් එකක්ද....? අපේ තාත්තා එලිවිස්ලා බ්ට්ල්ස්ලගෙන් පස්සෙ ආසම ගීතය ඕක. බොක්කටම වදිනවා නේ.... මගේ ප්‍රියතම එකක් තමයි ඕකත්...
Deleteමෙන්න වෙන්ස්ම උපරිම පෝස්ටුවක්.. මෙන්න මෙහෙම ලියපන් බං... දේශපාලනේ බ්ලොග් ඇතුළෙ ලිව්වයි කියලා අපිව සුදු වෑන් වලින්වත් උස්සන්නේ නෑ බං. එපා . ස්කෝර්පියන් මගෙත් ෆේවරිට් රොක් බෑන්ඩ් එකක් .ඒ වගේම මෙටලිකා, ලෙඩ් ශෙපෑලිං , නිර්වාණ, අමතක කරන්නේ කොහොමද ?
ReplyDeleteඒ වගේම තව දෙයක් .උඹ මේක සිංහලට පණ ගහලා දාලා තියෙනවා ,,ඒකත් උපරිමයි.
Deleteහැම එකම ලියනවා ඉතින්. බේදයක් නැතුව..
Deleteකවිය අගය කිරීම ගැන තෑන්ක්ස්... මටත් ඒක සෑහෙන දැණුනා...
අනේ ලොකු අයියෙ මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවේ තියෙන මේ ගීතය ගැන ලිව්ව ලියවිල්ලට නම් මම පට්ටෙට මනාපයි... මේ ගිතය පිටුපස තියෙන කථාව දැනගත්තෙ අද නොවැ... බොහොම ස්තූතියි ඒකට... ගීතයේ මැද්දට වෙන්න වදින ලීඩ් ගිටාර් පාට් එක තමයි මම කැමතිම තැන... එතැන වදින ඩ්‍රම් බ්‍රේක් ටික හෙඩ් ෆෝන් එකෙන් අහද්දි අමුතුම චමත්කාරයක් මවනවා...
ReplyDeleteගායකයා කවුද අමල් පෙරේරද... මෑන් ඉස්සරම හොටෙල් වල වැඩිපුරම කිව්වෙ ඉංග්‍රීසි සින්දු නොවැ...
ඒකනේ සිරා කියන්නෙ, අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද...? මේකේ මියුසික් ගැන අගය කරන්න වචන නෑ.. අමල් නෙමෙයි මචෝ... චිත්‍රාල්
Deleteඅද තමා ඕං ඉස්සෙල්ලාම ඇහුවේ. :)
ReplyDeleteකොහොමද හොඳයි නේද...?
DeleteThis comment has been removed by the author.
ReplyDeletekalin comment eka makuwe eke akuru waradiyi....e nisa...meka mama aasama sinduwak...habayi sagawunu kathaawa danne dan...ekata bohoma pin...
Delete.:මානවක:.
ගනන් ගන්න එපා මල්ලි. මේකේ ඉතින් හැමදේම තියෙනවනේ.... බොහෝම ස්තූතියි.. අගය කිරීමට....
Deleteඅදමයි ඉස්සරලම ඇහැව්වේ..
ReplyDeleteසුපිරි..!!
මේක ඇත්තටම සුපිරිම ගීතයක්....
Delete“වෙනසේ සුළඟ” කිව්වනං නරකද...
ReplyDeleteඅනේ මට අහන්න බෑ... ඒ තරමට ස්ලෝ වෙලා අප්පා... පස්සේ බලමු....
හ්ම්... එහෙමත් ලස්සනයි...
Deleteකොහොම හරි බලන්න.....
මේ පෝස්ට් එක කියෙව්වම මට නම් එකෙන්ම හිතුනේ "ඉතින් අපිට පාන් ද?" කියලා :)
ReplyDeleteඅවුලක් නෑ. ඒ උඹේ චොයිස් එක. ඒත් හැම දෙයක් ගැනම දැනගන්න එක හොඳයි. මුකුත් නොදැන ඉන්නවට වඩා...
Deleteමම පටිටම සින්දුවක් මං අහාපු එ වෙලාවෙ ඔක කියනකොට ජර්මන් අයගෙ හිත් මෙවිවා වෙන්නැති
ReplyDeleteමෙව්වා එක මෙව්වා වෙන්න ඇති මයේ හිතේ...
Deleteබලලයිකාව...මෂුර්කා නැටුම්...ලස්සන දිග පිම්බුනු ගවුම්. දිග රන්වන් කොණ්ඩ කැරලි.... හරිම රොමැන්ටික් පෙම්වතුන්.... යායට පේන තෘණ බිම්...ලස්සන අශ්වයෝ...දිදාල....සුදු හිම දිගේ දුවන අශ්ව කරත්ත.... ඒ කාලේ කොයි තරම් නම් රුසියාවට මම ආදරය කලාද.
ReplyDeleteකවදාවත් නොදැකපු රටක් උනාට තමන්ගෙ රටටත් වඩා ලෙංගතුකමින් බැදුනා කීවොත් නිවැරදි.
සින්දුව අහල තියෙනවා.අහල තියෙනවා කීවේ ඇත්තටම වචන නම් දන්නෙ අද. රිදම් එකයි විසිල් එකයි නම් කණට හරිම හුරුයි.හරියට හීනෙන් ගෑවුනු සුවඳක් වගේ මතකයක්.....
විස්තරයට ගොඩාරියක් ස්තූතියි සුදු මාතලන් අයියේ.............
මෙච්චර විස්තරාත්මක කතාවක් නම් දැන ගත්තේ අද...මෙයාගේ කට හඩ මට මතත කරේ Bryan Adams ව
.
මතකද "ඉවාන් පවුලූෂා" ගීතය. පුදුම සුන්දර ගීතයක් නේ. මට ඒ ගීතය අහන කොටම ඩොක්ටර් ශිවාගෝ, ඇනා කැරනිනා ෆිල්ම් වල රූප රාමූමයි පෙනෙන්නේ. මේ ගීතයෙ නම් මැවෙන දේ ගැන විස්තර කරන්න අමාරුයි..
Deleteඔයා හරි, බ්‍රයන් ඇඩම්ස්ගෙත් ගංජා වොයිස් එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ ගී විඳින්න මලක් ගහන්නම ඕන...
අපේ හිත්වල තියෙන තාප්ප බිදින්න තව ගොඩක් කල් යයි.
ReplyDeleteබිඳිල්ල කෙසේ වෙතත් කුඩු කරලා පොළොවට සමතලා කරලත් ඉවරයිනේ.... දැන් ආයිත් බඳිනවා.....
Delete1993-1994 දි මම හරි ආසාවෙන් අහපු සිංදුවක්. හැබැයි එදා හැඟීමක් නම් තිබුනෙ නෑ. ස්කෝපියන්ස් සංගීතයට ප්‍රියකල නිසාත් චාට් එකේ ටොප් උන නිසාත් එදා ආසාවෙන් ඇහුවේ. අද ඇහුවෙනම් හැඟීමෙන්
ReplyDeleteපරිනත වෙනවා කියන්නෙ ඒක තමයි....
Deleteඅදයි බොල ඇහුවේ.
ReplyDeleteඋබ මාස්ටර් බ්ලාස්ටර් කෙනෙක් නේ. නොදන්න මගුලක් නැහැ
පිස්සුද බන් මම මොනවද දන්නෙ. දැණුම විශ්වය නම්, වැඩිම උනොත්, වැලි කැටයක ප්‍රමාණයක් දන්නවා ඇති.
Deleteඅපුරු ගීයක් ....කලින් අසා තිබුනෙත් නැහැ . මමත් ආසයි මේ ඉතිහාසය කියවන්න . අපි කාලයක් රුසියාවෙනේ හිටියේ . අම්මපා මහවැලි ගඟ ලඟට යනවට වඩා කීපාරක් ඔය වොල්ගා ගඟ ළඟ ඉඳන් ඉන්න ඇත්ද . ස්ටෙප්ස් තණබිම් නිකන් ගෙවල් පහල වෙල ගානට නේ දැනුනේ .
ReplyDeleteෂා...පින් කඳක් නේ... සුරංගනා ලෝකයක උන්නා වගේ ඇති... ස්ටෙප්ස් තන බිම් කොතරම් සුන්දර ඇතිද... අඹේවල මෙතරම් සුන්දර නම්...
Deletenot for real ..in my dreams...haa haa
Deleteවෘශ්චික ලග්න කාරයෝ ගෝනුස්සන්ට කොහොමත් කැමතියිනෙ?ඔබගේ තෝරාගැනිම්නම් ඉතාම විශිෂ්ටයි!ගීතය අහල තියෙන මතකයක් ආව ලිපිය කියෙව්වාම.රසවිදින වෙලාවට වින්ද මතකයේ තියෙන එක අඩුයි.සංගීතය එහෙම උනාට සුරාව සහ ගැහැණිය තිතට.:):):):)
ReplyDeleteමම නම් ඒ ධර්මය මිය යන තෙක් අදහමි.....
Deleteනොවේ එවන් වින්දනයක් ළොවේ.....
There's certainly a great deal to find out about this issue. I love all the points you have made.
ReplyDeleteAlso visit my blog post ; Online Teacher for Quran
මමත් ඇහුවේ අද මුලින්ම , මම කිසිම ගීතයක තේරුම හොයන්නේ නෑ . සංගීතය පැත්තෙන් පමණක් වුනත් මම මේ ගීතයට සැහෙන කැමතියි . ස්තුතියි මාතලන් !
ReplyDeleteඋඹ හරි සංගීතය රස විඳින්න තේරුමක් ඕන නෑ.... සංගීතයයි ගීතයයි කියන්නෙ දෙකක්...
Deleteඅදමයි ඇහුවේ මේ ගීතය.... හැබැයි මගේ හිතට වැදුනා මේ ගීතය...නියමයි....
ReplyDelete