පව් සමාකර ගැනීම...
LGBTQ (18+)
➖➖➖➖➖➖💝
ඉකි ගසමින් පව් සමාකිරීමේ කුටිය වෙත පැමිණි තරුණය සුසුම් හෙලමින් ඈදීගත්තේය....
ෆාදර්.... දැන් ටික දවසකට කලින් මම විශාල පාපයක් කර ගත්තා.... මම ලයිබ්‍රරියට ගියේ අලුත් පොතක් ගේන්න.... ඒත් පොතත් අරගෙන එන්න හඳන කොට එලියෙ හෙණ ගගහා මහා වැස්සක්... ලබ්‍රරරියේ හිටියේ මායි ලයිබ්‍රේරියනුයි ඉතරයි... එයත් මගේ වයසෙ බලන්න ලස්සන ගෑණූ ළමයෙක්.... ඉතින් අපි ටික වෙලාවක් කතා කර කර ඉද්දි එයාගෙත් හැඟීම් අවදිවෙන බව මට පෙනුනා... ඉතින් අපි දෙන්නා අවසානයේදී ලබ්‍රරියෙම එකතු වුනා....
හ්ම්.... දැන් අඬන එක නවත්තන්න දරුවා.... ඒත් ඒක පාපයක්... ඔබ නමෝ මරිය යාඥාව 5 වරක් කියා දෙවියන් වහන්සේගේන්ද සමාව ගන්න... ඔබ එම පාපයෙන් ගැලවී.... ඔබට සමාව දෙනු ඇත....
එහෙත් තරුණයා ඉකි ගසමින්....
ඒත් ෆාදර් ඊට ටික දවසකට පස්සේ අපේ ඉස්සරහා ගෙදර ආන්ටි පොඩ්ඩක් එන්න කිව්වා එයාගේ කොම්පියුටරේ අවුලක් කියලා.... අංකලුත් ගෙදර නෑ... එයාගේ දුවට ඊ මේල් එකක් යවාගන්න විදියක් නෑ කියලා... ඉතින් මම කම්පියුටර් ෆෝල්‍ට් එක හදලා ඊ මේල් එකත් යවලා... එන්න ලෑස්ති වෙන කොට එලියෙ හෙණ ගගහා මහා මොර සූරන වැස්ස.... ඇන්ටි කිව්වා වැස්සේ තෙමීගෙන ගිහින් ලෙඩ වෙන්න එපා වැස්ස පෑව්වම යන්න කියලා... ඉතින් අපි කම්පියුටර් ගැන කතා කර ඉන්දැද්දි මට තේරුනා ඇන්ටිගෙ හැඟීම් අවදිවේගන එන බව... ඉතින් අපි එයාලගෙ ස්ලීපින් බෙඩ් එකේම සෙල්ලම් කලා.....
හ්ම් හ්ම්.... ඒක නම් බලවත් පාපයක් දරුවා.... දැන් ඉතින් සිඳු වූ දේ සිඳුව අවසන්.... ඔය අඬන එක නවත්තන්න දරුවා.... ඒත් ඒ බලවත් පාපයෙන් මිදීම සඳහා ඔබ නමෝ මරිය යාඥාව 15 වරක් කියා.... දෙවියන් වහන්සේගේන්ද සමාව ගන්න... ඔබ එම පාපයෙන් ගැලවී.... ඔබට සමාව දෙනු ඇත....
එහෙත් තරුණයා තව දුරටත් සුසුම් ලමින්...
ඒත් ෆාදර් ඊයේ..... ඔව් ඊයේ... මම ගියා කොන්ඩෙ කපන්න සැලූන් එකට.... කොන්ඩෙ රැවල කපලා මසාජ් එකකුත් අරගෙන එනකොට මේන් විදුලි කොට කොට මහා වැස්සක් එලියෙ.... අපි දෙන්නා විතරයි හිටියේ.... බාබර් කිව්වා වැස්ස ඉවරවෙනකන් ෆ්‍රී මසාජ් එකක් දාමූ කියලා.... ඒ මසාජ් එක ඔලුවෙන් නතර වුනේ නෑ ෆාදර්... ඉතින් මට තේරුනා බාබර් අයියගෙත් හැඟීම් අවදිවේගන එන බව... පස්සෙ අපි එකතු වුනා ෆාදර්.....
මොකාක්..... ඒක මහාම දරුණු පාපයක්... දෙවියන් වහන්සේ කිසිසේත් අනුමත නොකරන පාපයක්....
අනේ ෆාදර් මම දැන් මොකද කරන්නේ.....
මොකද කරන්නේ..... මෙතනත් වහින්න කලින් පල http මගේ දෑහට නොපෙනි පව්කාරයා... ආයේ පල්ලිය පැත්ත පලාතේ පස් පෑගුවොත් බලාගනින් වසලයා..........
▪️හුදී ජන පාන් සංවේගය උදෙසා.... සුද්දන්ගේ කතාවක් මගේම එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ සාහිත්‍ය ශූරී කාව්ව සිරෝමනී මාතලන් වන මා විසනි....
No comments:
Post a Comment
කැඩපත් පවුර.....
මොනව හරි කුරුටු ගාලා යන්න