.

.

Nov 27, 2012

ආන්ඩුවට සල්ලි නෑලූ... පව්....!!! - No Money No Honey

කාටූනය - ඉන්දික දිසානායක
ආර්ථිකේ හොඳ නිසා, ගමේ කෙල්ලොත් ජීන්ස් වල බැහැලා යනවයි කියපු අමුණුගම ඇමතිතුමා, ඒ කියපු කටෙන්ම දැන් කියන්නේ ආර්ථිකය යන්නේ හොම්බෙන් කියලාය. ඒ නිසා, ඉස්සර බැංකුවලට ණය දීපූ ඒයාලාට, දැන් බැංකු වලින් ණය හිඟාකන්න වෙලා තියෙනවාය. ලොක්කා මෙහේ නැති වෙලාවක කිව්ව නිසා හොඳය. ඒ උනාට ලොක්කා ආපු ගමන් මේක කවුරු හරි කනේ තියනවා සිකුරුය. නියෝජ්‍ය එක කෙසේ වෙතත්, ජේශ්ඨ එකක්වත් නැති වෙලා යන්න පුළුවන්ය. ආන්ඩුවේ ඇතුලේ ඉන්න, බටහිර කුමන්ත්‍රණ කාරයෙක්දැයි කියන්න වෙන්නේ, විමල් ඇමතිගෙන අහලාය. ඒත් එයාගෙන් අහන්න මේ දවස්වල බැරිය. එයා මේ දවස්වල බඩුවක් නලවනවාය. සමාවන්න නඩුවක් බලවනවාය.

මුතුහෙට්ටිගම මැතිතුමාට සැටිපිකට් දීපූ දොසතර මහත්තයා ගාවට, අමුණුගම මහත්තයාත් යවන්න වෙන පාටය. මොළේ වැක් කොරගන්න වෙනවාමය. පුංචි බන්ඩා ජයසුන්දර මහත්තයා කියන්නේ සල්ලි ඕන තරම් තියෙනවා කට්ටිය ඉල්ලන්නේ නෑ, වැඩ කරන්නේ නෑ කියලාය. කබරාල් මහත්තයා, සල්ලි වැඩිවෙලා ළොකේ ආර්ථික බලවතා වන ග්‍රීසියේ ඉන්වෙස්ට් කොරනවාය, අද ආරංචි උනේ නිව් යෝක් වල බ්‍රාන්ච් එකක් දාන්නද කොහෙද එහේ බිල්ඩිමකුත් අරගෙන කියලාය. ඒ ඇමරිකාවට ණය දෙන්නය.

අනික අපේ රට සංවර්ධිත රටක්ය, ඒක පුග්ගල ආදායමද ඇමරිකන් අග්ගලාම දේදාහක්ය. 2015 දී හාරදාහක් කොරනවාය. හම්බන්තොට නැව් පෝලිම ඔට්ටේලියාව ගාවට කිට්ටුය. බඩු බාන්න සෙනග නැති නිසා නාමල් බේබිත් යනවාය. ඒ එහේ ඉන්කම්ය. රට පුරා නයිට් රේස්ය. කොච්චර සල්ලි තියෙනවාද කියනවානම් සැටලයිටුත් යවනවාය. කොඩිය අලවලා තියෙන කෑල්ල අභ්‍යාවකාසෙට ඇතුල් වෙන කොට ගැලවිලා විසි උනාට බඩු අපේය. අපේ ඒවාට සේවය කොරන්නේ චීන්නුන්ය. එහෙම අම්බ පඩි ගෙවන්න කොච්චර සල්ලි තියෙනවා ඇතිදය.

ලෝකේ පැන්සොන් ගෙවන එකම පාර්ලිමේන්තුව තියෙන්නේ අපේ රටේය, පැන්සොන් විතරක් නෙමෙය. රජයේ සේවකයෝ ඉන්දෙද්දි, පවුලේ අය සේවයට අරගෙන ගෑණිටයි, පුතාටයි, දුවටයි, දුවගේ දුවටයි, බල්ලටයි ඉතරක් නොව හත්මුතු පරම්පරාවටම ගෙවනවාය. රටට ජාතියට විශාල සේවයක් කොරන ජනාධිපති උපසේනලාටයි, අමාත්‍යංශ උපසේනලාටයි ගෙවනවාය, පෙන්ෂන් යන එකාටත් ගෙදර යන්න දෙන්නේ නැතුව, වී අයි පී ජොබක් දෙනවාය, එහෙම ගෙවන්නේ සල්ලි තිබෙන නිසාය.

ඒ ඇරෙන්න, විදුලි බල මන්ඩලේ අම්බ ප්‍රොෆිට්ය, තෙල් සංස්ථාවේ ප්‍රොෆිට් වැඩිවෙලා නල පුපුරලා සමහර උන් මැරෙනවාය, පාරේ යන උනුත් බැරල් වලට එක්කාසු කරනවාය, අපේ රටේ අභීමානෙද මොකක්ද එක පෙන්නන, ඒයාර් ලංකා, මිහින් ලංකා සල්ලි වැඩෙවෙලා බෝනසුත් ගෙවනවාය, හෙට අනිද්දාට බ්‍රිටිෂ් එයාවේස් උනත් ගන්න පුළුවන් සයිස් එකක් තියෙනවාය, දුම්රිය සේවය වගේම, සිලෝන් ටකරන් බස් සේවේත් එසේමය. ඉඩී අමීන් ගේ මල්ලිට, ටැක්නිකල් කොලේජ් හදලා දෙනවාය, හිඟ නොකා හිඟ කන රටක් වන, මාල දිවයිනේ මග නැගුම කරනවාය, එහෙම කොරන්නේ අහවල් එකෙන්ද කියා අමුණුගම මහත්තයාගෙන අහන්න වෙනවාය.

ඔහොම බැලුවාම, මේ උන්නැහේ කොරලා තියෙන්නේ, ආන්ඩුවට විරුද්ධ අදහස් ප්‍රොකාෂ කිරීමක්ය, බලවත් විපස්සෙට තවත් කරුනු කාරනා සපයා දීමය. මේ වගේ අයට විරුද්ධව දෝසබියෝග ගේන්න ඕනාය. කස්ටියක් අගවිනිසුරු තුමීගේ නඩුව බලවන නිසා. මේකට අස්වරුයි, මර්වින් සිල්වා මහත්තයයි, කළුතර රත්තරන් පුතයි දැම්මා නම් හරිය, විපස්සේ නියෝජනේ කොරන්න, මේ දවස්වල අනාථ වෙලා ඉන්න කරූ මහත්තයා දාන්න පුළුවන්ය. තව ඕනම නම් ඊයේ පෙරේදා සුවාදීන උන, අදීන දේශපාලක, අජිත් කුමාර සහෝදරයාද දාන්න පුළුවන්ය.

බලාගෙන ගියාම කුමන්ත්‍රණකාරයෝ ඉන්නේ ඇතුලෙමයි කියන කතාව සහතික ඇත්තය...

ඔබ සැමට සුබ අනාගතයක්ය....!!!

50 comments:

  1. හබෑටම.... මෙහෙම බැලුවම කුමණ්ත්‍රණකාරයෝ ඉන්නෙ ඇතුලෙම නේන්නං බොලේ... තව දෝසාබියෝගයක් ගේන්න වෙනවා... හි හි..

    ReplyDelete
    Replies
    1. ලොක්කා ආපු ගමන් බඩුම තමයි... ආයේ දෙකක් නෑ... නියෝජ්‍ය ඇමතිකම දීපූ එකේ ගුණේවත් තිබ්බෙ නෑනේ. මේ වගේ ආන්ඩුව අපහසුතාවයට පත් කොරන කතා කියන්නේ.

      Delete
  2. //ඒ කියපු කටෙන්ම දැන් කියන්නේ ආර්ථිකය යන්නේ හොම්බෙන් කියලාය. ඒ නිසා, ඉස්සර බැංකුවලට ණය දීපූ ඒයාලාට, දැන් බැංකු වලින් ණය හිඟාකන්න වෙලා තියෙනවාය.//පව් ව් ව් ව් ව් ...!
    :D

    ReplyDelete
  3. රටේ සංවර්ධනය නියමෙට විස්තර කරනවා... විමසුම කැලේ..:)

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේට මාව ගනීවිද දන්නෙ නෑ...

      Delete
  4. ඇත්ත නේන්නං ය.......

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුය...

      Delete
  5. හප්පේ...ලොක්ක නැති වෙලා මේ සොක්කො කට තියාගෙන ඉන්නෙ නැති හැටි..උන්දටත් බඩු පැකට් වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. මෙයත් හෙන ලොක්කෙක් කියලා හිතාගෙන ඉන්න පොරක් තමයි. අපරාදේ ශේෂ්ඨ සිවිල් සේවකයකුට ගිය කලක්. අද ජෝකර් කෙනෙක්...

      Delete
  6. ආණ්ඩුවෙ හිටියට කස්ටිය වැඩ කරන්නෙ රනිල් ලොක්කව 2014 බලයට ගේන්නනෙ.එන සති දෙකතුන ඇතුලෙ හොද හොද සෙල්ලම් ටිකක් බලන්න පුළුවන් වෙයි වගේ.DMJ ත් ලංකාවට ආවනෙ.එතුමාට කව්රුත් අද පෝය දවසෙ නිරෝගි සුවය පතුවොත් නරකය.

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ එහෙම ගේමක් යනවා වගේ. විමල් මැතිතුමා ඊයෙත් දුන්නා පතුරු යන්න...

      Delete
  7. මේ ඇත්තටම ලොක්ක ආවම අමුනුගමට කෙලවෙයිද? නැත්නම් වෙනද වගේ ඔහේ ඉඳීද?
    මොකද ලොක්කා කියන්නේ ඔය කස්ටිය වැරදි කලාට වැඩිය ගනන් ගන්නැති, සමාව දෙන, කෙනෙක්නෙ.
    නැත්නම් ඔය වගේ දේකටත් මල පනින කෙනෙක් නම් මේ වෙනකොට මැරවින් තුමාට ආතක් පාතක් නැති වෙන්නෙපැයි?

    ReplyDelete
    Replies
    1. මර්වින් තුමා ස්පෙශල් කේස් එකක් , සංවේදී නායකයින්ගෙ එක ලක්ෂනයක් තමා වරදට සමාව දෙන එක

      Delete
    2. අනේ මන්දා හිනා වෙවි ආවා. මක්කා කොරයිද දන්නෙ නෑ...

      2005 දී එකෙක්වත් සපෝට් නොකර මග අරින කොට සල්ලි හොයලා දීලා ගේමට බැහැපු එකාව අමතක කරන එකක් නෑ මොකා අමතක උනත්. අනික පොරත් ගේමේ ඉන්නවනේ,

      Delete
  8. ලොක්කා අමුණුගමට සද්දයක් දාලා නිකන් ඉදියි අමුණුගමත් කුක්කා වගේ නැට්ට අස්සේ ගහගෙන රත්නසිරි ගොයියා වගේ පැත්තකට වෙයි එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හරියටම කියන්න බෑ. ලොක්කා ගාවත් මාර වැඩ නේ තියෙන්නේ....

      Delete
  9. තෙල් සංස්ථාවේ ප්‍රොෆිට් වැඩිවෙලා නල පුපුරලා සමහර උන් මැරෙනවාය

    මම ආසම මේ කෑල්ලට....!

    ReplyDelete
    Replies
    1. කාර්යක්ෂමම ඇමති කෙනෙක් නේ ඒකේ ඉන්නේ ඒකයි....

      Delete
  10. විපක්ෂෙන් හඩක් නැති වුනාම. උන් මරාගන්න දවසක් එයි. එතකල් මෙහෙම සතුටින් ඉමු බං !

    ReplyDelete
    Replies
    1. ඕක දැන් ෆොන්සේකගෙ අයගෙ මන්තරේ වෙලා.. මිනිහට හයිය නෑ කියල තේරුනාම එලුවගෙ කෑල්ල වැටෙනකන් හිටපු නරිය වගෙ පස්සෙන් යනවා...

      Delete
    2. ඒ සෙල්ලම් නම් ලොක්කත් එක්ක වානා. දැක්කනේ මැරෙණකම් මහ ඇමතිට උන දේ. ඉන්නවද මලාද නෑ....

      Delete
  11. ++++++++++++++++++++++++++++++++++++
    සුභ ඉල් මංගල්‍යයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඉල් මංගල්ල ඉවරයි, දැන් එන්නේ සීතල දුරුත්ත...
      ඒත් පට්ට උණුසුම් වෙයි වගේ....

      Delete
  12. //එයා මේ දවස්වල බඩුවක් නලවනවාය. සමාවන්න නඩුවක් බලවනවාය.//
    හික්.... :)


    කට නිසා මාළුවෝ නහිනවාය.
    හැබැයි ලොක්ක කට්ටියගේ හැටි දන්න නිසා සමාව දේවි මයේ හිතේ.....

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත මුන් ජෝකර්ලා කියලා ලොක්කත් දන්නවනේ....

      Delete
  13. සිරාවටම කොඩිය ගහල තියන කැල්ල ගැලවෙනවද ? සුප්‍රිම් ලිඩර් ඇලඩින් කියනවා වගේ ඕකේ හොට පොයින්ටි වුනා නම් ඇමරිකන් කාරයො බැරිනම් අඩුම තරමේ ඉන්දියන් කාරයින්ව හරි බය කරන්න තිබුනා , සන්නිවේදනය කෙසේ වෙතත්

    උපකල්පනය - මාතලන් ඩික්ටේටර් බලා ඇත !

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව දැනටමත් බයවෙලා ඉන්නේ. මුන් මේ තරම් හරක්ද කියලා....

      Delete
  14. කොච්චර සල්ලි තියෙනවාද කියනවානම් සැටලයිටුත් යවනවාය. කොඩිය අලවලා තියෙන කෑල්ල අභ්‍යාවකාසෙට ඇතුල් වෙන කොට ගැලවිලා විසි උනාට බඩු අපේය.


    මම ආසම මේ ටිකට....

    ReplyDelete
    Replies
    1. ඇයි බන් අර ග්‍රැපික් වලින් පෙන්නන්නේ... අයියෝ සල්ලී....!!!

      Delete
  15. යකඩෝ මේ තරම් ආස්චරියමත් රටක් තුන්ලෝකේ කොහේවත් නැතුව ඇති හැබෑට බන් . ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් තව කොහේ තියෙන්නද...?
      ළෝකෙන් උතුම් රට කොට.....

      Delete
  16. මොනව උනත් අපේ ඉන්නේ කෙලින් නායකයෝය. කොච්චර කෙලින්ද කිව්වොත් බඩ ගියත් බෙට්ට කෙලින්ය.

    ReplyDelete
    Replies
    1. බෙට්ට විතරක්ය අරවත් කෙලින් තවම.....

      Delete
  17. හොඳ වෙලාවට මාතලං මේක ලිවුවෙ... මමත් මේ ලියන්නමයි හිටියෙ...
    සල්ලි අච්චු ගහනවා ඇරෙන්න වෙන දෙයක් නෑලු...
    ඇයි හත්වලාමේ ආණ්ඩුවේ නිස්තිය අඩු කරන්න කියලා කියන්න මූට කොන්දක් හරි මොළයක් හරි නැද්ද ?
    අපේ අල්ලපු ගෙදර ඉන්න මිනිහා කියන්නත් ලැජ්ජයි...

    ReplyDelete
    Replies
    1. මෙයාලා කරන්නෙම කැත වැඩ. මෙයාලට සල්ලි අච්චු ගහන්න හොඳයි. ඔය කොල්ලෙක් දාහේ දෙදාහේ කොල 100 - 200 ක් ගැහුවොත් තමයි අල්ලලා හිරේ දාන්නේ.. හරිම අසාධාරණයි අනේ....

      Delete
  18. ඕවා මොනවා ද මාතලන්, මෙහෙ ඔබාමාත් කිව්වා 2009 අගෝස්තුවේ දී "ආර්ථික අවපාතයක් මැද්දේ දී කරන්න හැකි අන්තිම දේ තමයි බදු ඉහළ දැමීම. මොකද බදු ඔක්කොම නැතිවෙලා, ආර්ථිකයෙන් තවත් බදු ඉල්ලලා ව්‍යාපාරයන් තවත් පස්සට දාවි" කියල. වසර හතරක් යනකොට ඒවා මතක අපිට විතරයි.

    දුමී වගේ ම මාත් කැමති ම මේ කෑල්ලටය: //තෙල් සංස්ථාවේ ප්‍රොෆිට් වැඩිවෙලා නල පුපුරලා සමහර උන් මැරෙනවාය// :D
    මාතලන්ටත් සුබ අනාගතයක් ය!!!!

    ReplyDelete
    Replies
    1. තව ගහන්න බද්දක් නැතුව තමයි සල්ලි අච්චු ගහන්න යන්නේ.. මාත් ස්වයං රැකියාවක් විදියට ඒකවත් පටන් ගන්න ඕන. මේ හිඟන සුද්දොත් එක්ක රවුම් ගහල හරියන්නෙ නෑ....

      Delete
  19. රජා ඇවිල්ල කපටි රජා මේවා සෙට් කරලම තමයි කියවන්නේ. 13 වැනි සංශෝධනය ඇතුලෙම එකෙක් අහෝසි කරපං කියනවා තව එකෙක් කරන්නේ නෑ කියනවා. ආර්ථිකයත් එහෙමම තමා මහා බැංකුව එකක් කියනවා පුංචි බණ්ඩා තව එකක් කියනවා ඇමති තව එකක් කියනවා ජනතාව හොල්මං වෙනවා රජතුමා කිසි දෙකට සම්බන්ධ නෑ.ජනතාව අරුන්ට බැන බැන ඉන්නවා රජතුමා ශේප් වෙනවා. කොහොමද තියරිය. එකෙක් ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් යවනවා කියනවා. ආයිත් රජය නෑ අපි නොවෙයි කියයනවා. තාම අපේ අයියලට මේ හම්බන්තොට ගැටේ ලිහා ගන්න බැරිව දඟලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරන්න එපා. මම හිතන්නේ මේ වගේ පොලිටිකල් මොළයක් මුළු ළෝකෙම පහලවෙලා නම් නැතුව ඇති.

      Delete
  20. තව තවත් තහවුරු වන්නේ ආස්චර්යමත් නායකයන්ගේ ආස්චර්යමත් ක්‍රියාකලාපයන් බවයි..

    ReplyDelete
    Replies
    1. ලස්ස හතරට කොඩි දැම්ම එහෙනං...

      Delete
    2. මුන්ගෙ මොන ක්‍රියාකලාපද.. මේ පඹයෝ නේ. පාට්ටයිම් ඔය ජෝක් එකක් එහෙම දානවා අපිට ආතල් එකක් ගන්න...

      Delete
  21. අද ලොක්කා හෙන හිනා මූනක් දාගෙන එනවා පත්තර වල දාලා තිබුනේ. මම හිතන්නෙ දෙන්නං ජම්බු කියාගෙන එන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. නෑ බන්. ඒ හිනාවෙන්නේ. ආපු උන්ගෙන් ඇහුවලු. තොපිට වෙන වැඩ නැද්ද යකෝ මගේ දරුවොවත් එන්නෙ නැති එකේ මෙහේ රිංගන්නෙ කියලා...

      Delete
  22. මාතලං ගොයියෝ බලු වැඩ කරන්න එපා බං. අර විමලෙයා නඩු අහන වෙලාවේ මේ අහිංසක අමුණුගම ඇමතිතුමාව කුමන්ත්‍රණේකට පටලුවා නේද. පව් අහිංසකය ලොක්කගේ ලනුවක් කාලා ඇමති පට්ටම බාර ගත්තට හරිම හොඳ මනුස්සයා (වෙන එවුන් නැති නිසා)

    ReplyDelete
    Replies
    1. හොඳයි, ටිකයි, මට බය ජේෂ්ඨ එකත් නැති වෙයිද කියලා....

      Delete
  23. මොක උනත් කෙලිං කතාවක් ඔබට ජය!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න