.

.

Dec 31, 2012

2013 ඔහේට කොහොමෙයි...? - New Year Wishes


වසරක් ගෙවි වසරක් උදාවෙමින් තිබෙන්නේය. කස්ටිය සුභ පතා ගත්ත ගමන්ය. මොකෝ ආන්ඩුව කියන්නෙත් සුබ අනාගතයක් කියාය. එහෙම එකක්නම් පෙනෙන තෙක් මානයකනම් නැතිය. මා කියන්නේ, සාමාන්‍ය ජනයා ගැනය. සමහර විට එයාලා කියනවා ඇත්තේ, එයාලාට "සුභ අනාගතයක්" කියා වෙන්ට ඇතිය. එහෙම දෙයක් නම්, සමාව භාජනයකට දා, පත අට එකට සිඳවා, හත්තටගේට දුන්නාට අපේ අමනාපයක් නැතිය. මනාපයකුත් නැතිය. සාමාන්නිය ජනයාට, ඒ කියන්නේ අපි වගේ අයට නම්, ගිය වසර අඤ්ඤකොරොස් වසරක්ම විය.

ලබන්නාවූ වසරත් එයින්ම එකක් වෙන බව කේන්දර නොබලාම කිව හැකිය. අනිවා ගෑස් ගනන් යනවාමය. එයාලා ඒකට පොර්මිට් එක දෙනකන් බලා ඉන්නවාය. කරන්ට් ඇමති බාල තෙලාගේ පලු අරින්නේ හොඳකට නොවේය. එයා බාල තෙලාගේ පලු ඇරලා අහක්ක වෙන්නත් කලින්, යිට් බිලට කෙලිනවාය. ඔය දෙන්නේ රෙඩ් නෝටිස්ය. නිව් ඉයර් විස් එක බිලත් එක්ක එනවාය. එතකොට අපි ඇමතිතුමාටයි, එයාගේ අම්මාටයි කැපි නිව් ඉයර් එකක් වේවා කියා විස් කොරනවාය. එහෙම විස් කොරාම එයාලාට උතුරනවාය. අපරාදේ කියන්නෙ ලොක්කාත් මට ගිය අවුරුද්දේ විස් කොරලා ඇස් ඇම් ඇස් එකක් එව්වේය. ඒ උනාට රිපිලයි කොරන්න දෙන්නේ නැති එක හරිම අසාධාරණය.

මට අප්සට් එකක් නැතිය. මොකෝ මම රනිල් මහත්තයා වගේ ප්‍රජාචන්ත්‍රවාදය ගරු කරන එකා නිසා, මම රිප්ලයි කොරත් රිප්ලයි කොරන්නේ "සෑම් ටූ යූ" කියාය. ඒත් එහා ගෙදර එකා කියන්නේ එහෙම චෑන්ස් එකක් දුන්නා නම්, හොඳවයින් දෙකක් කියා යවනවාය කියාය. වචන දෙක "සුභ අනාගතයක්ද....?" කියා ඇහුවාම ඌ අපේ අම්මා මතක් කොරනවාය. එහෙනම්, "ආසියාවේ ආස්චර්යද...?" කියා ඇහුවාම ඔක්කෝගේම මව් ගුණ ගායනා කොරනවාය. ඒ නිසා රිප්ලයි කොරන්න දෙන්නේ නැති එකත් එක අතකින් හොඳය.

ලොක්කාට කොක්ක දාන උන්ට, ඉඳා පුළුවන්නම් ගේම දියන් කියා චෑන්ස් එක, රජරට උන්ටයි, නැගෙනහිර උන්ටයි, සපරමාදූ ප්ලේස් එකේ..... සමාවන්න සපරගමුව පලාතේ අයටයි දුන්නේය. එයැයිට ගේම දීම කෙසේ වෙතත්, අනුරාධපුරේ වල් බල්ලෝ, මැ රෙණ කම් මහ ඇමතියි කිව්ව එකාට රෙන්නම දුන්නේය. දු හිතුන ලොක්කා, ඇම්බැසිඩර් එකක් දෙන්න හැදුවාම ඌ ඇහුවේ පලා බබාගෙන් එලෙව්වා මදිවාට රටෙනුත් එලවන්න යනවාද කියාය. තව කැත වැඩක් කලේය. හිරේ විජය කුමාරණතුංග වගේ උන්නු සරත් ලොක්කා එලියට දමා, අන්තීමේදි අනෝමාත් නැති වෙන සයිස් එකට දැම්මේය. එවානම් කැත වැඩය.

කියන්න කාරනා ගොඩාක් උනත් ඒවා පස්සේ කියන්නම්ය. කොහොමත් 94 සිට පැවත එන රෝගය නම්, සුව වන පාටක් පෙනෙන්න නම් නැත්තේමය. මහින්ද මහත්තයා ඇතුලු සියළුම සිරි ලංකා කාරයෝ හා වමේ නාකී ලොම් හැලිච්ච හිවල්ලු සේරම, ආර්ථිකයට කොරපු දෙයක් නැත්තේය. යුද්දේ ජය ගත්තේත්, කොළබ සුර පුරයක් කරන්නේත්. රාජපක්ෂ පරම්පරාවේ සාටක ලෙඩේ නැති එකම පුද්ගලයාය. ඔහු යුද්ධයට නායකත්වය නොදෙන්නට, සමහර විට අම්බ හරක් ජනාධිපති උපසේනලා, මහින්ද මහත්තයාත්, සාම මාවතේම දක්කාගෙන යන්නේය. ජයගත්තේ එපමනය. 

මිනිස්සුන්ට අමාරුය ඒ කියා අප නම් නිකං කන්න දෙන්නේ කියන්නේ නැතිය. ආන්ඩුවේ රස්සා ඉල්ලන්නේත් නැතිය, හාල් පොත්, සමෘධි කාඩ් හා සජිත් ගොයියාගේ අලුත්ම පොත වන සපත්තු කුට්ටම නිකන් දෙන්නෙයි කියන්නේත් නැතිය. අපි කියන්නේ මේ රටේ ආර්ථිකය හදන්නෙයි කියලාය. නිෂ්පාදන කර්මාණ්ත ඇති කොරන්නෙයි කියලාය. මහ බැකුවේ ප්‍රතිපත්තියක් ලෙස සේවාවන්ට ලබාදෙන ණය සීමා කිරීම අගය කල යුතුය. කෘෂිකර්මාන්තය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කළයුතුය. අඩුම ගානේ ඉන්දියාවේ තිබෙන ජපන් කර්මාන්තශාලාවල සබ් ෆැක්ටරි වත් මෙහේ ආරම්බ කළ යුතුය. චීනාගේ ණය උගුලේ වැටෙන්නේ නැතුව, නැවතත් චීනාගේ කොන්ඩෙ බඳින්න ට්‍රයි කල යුතුය.


මේවා කොරන්න නම් සැටලයිට්ගේ සාරිය අස්සේ සිට වාසු විසින් විසින් විසිකරපු නයි මඟුල් බෙර ගසා කැඳවාගෙන විත් නැවතත් රෙද්ද අස්සේ දාගෙන හරියන්නේ නැතිය. 2005 සිට ෆේල් එකා තව 2005 ක් හිටියත් ඔච්චරය. ගොන් ඇමතියෝත් එසේමය. කළමණාකරනයෙන් දුර්වලම දේශපාලඥයෝ සිටින්නේ මම හිතන්නේ අපේ රටේය. මෙතරම් පිස්සු කෙලිද්දිත්, උන්ද රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ, සමහර විට රටේ ජනතාවගේ කරුමය නිසා වෙන්නට හැකිය. මේ වසරේවත් ඔය හැත්ත බුරුත්ත ඔක්කෝම සීනයර් කොරවා. තරුණයන්ට අවස්ථාවක් දුන්නොත් අගනේය. කුසේ නැගෙන ගින්න ලිබියාවේ ගින්නටත් වඩා දරුණු බව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳය. ලබන වසරවත් අඤ්ඤකොරොස් වසරක් නොවේවා....!!!

ඔබ සැමට සුබ අනාගතයක්.....!!!

මට අවුරුදු දුගියා රජ උන දාය...
එය එන්නේ අප පරලොව ගිය දාය...

98 comments:

  1. එහෙනම් මාතලන්ටත් පවුලේ සැමටත් සියලු ගනුදෙනු කාර භවතුන්ටත් එසේම වේවා..!!

    ReplyDelete
  2. 2013යි කියලත් වැඩි වෙනසක් නැතිවේවි .......... සුභ අනාගතයක් ....... කතිරවරනෙදි අපේ උන්ට සේරම අමතකයිනේ ..... කාගේ කරුමෙද මන්දා නේද ....

    ReplyDelete
    Replies
    1. කාගෙවත් කරුමෙ නෙමෙයි... අපේම කරුමේ...

      Delete
  3. දුගියට හැකිය මහ පාරේ ඉගිලෙන්න (හයිවේ)
    කුඹුරු මඩ කරන්නේ ලැම්බෝගිනියෙන්ය
    දුගියගෙ පුතුට සාපෙල සහනය දුන්න (ලකුණු ප්‍රශ්ණ 19කටම නිකම්)
    දුගියා ඉතින් දැන් රජ වී හෙම නැද්ද

    මං පහරන හොරා ලියනා පද පේළි
    ලියනා දේශපාලන ලිපි රස බේරී
    තව තව ලියන්නට දිරි එන වසරේදි
    පතනෙමි සුබාසිරි ආසිරි කවිකාරි

    (මෙහෙම ලියන්න ඉඩ දෙන එකම මැදැයි ලොක්කා ...... )

    ReplyDelete
    Replies
    1. ජීවනනන්දDecember 31, 2012 at 8:17 PM

      //මෙහෙම ලියන්න ඉඩ දෙන එකම මැදැයි ලොක්කා ......//
      කැතයි හො‍ඳේ...... ඔයා මාතලන් නිතරහම මතුරන ඔය මන්තරය ඔයාගෙ එකක් වගේ මෙතන දාලා.
      චී..චී.. වස කැතයි.

      Delete
    2. ආලය ගැනම් පැදි ලියනා කෙල්ල් සොසී
      මෑතක පටන් කවුදෝ ගන්නලා උසී
      රැඩිකල් බවක් ගෙන එයි ලිපිවලද නිසී
      මේ වසරේදී තෙත්වේ හද කැළුම් සිසී

      Delete
  4. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    හැබැයි එහෙම එකක් එයි ද කියලා නම් මට සැකයි.
    මක්කා වෙනවද ඔන්න ඔහේ සුභම වේවා!!

    ReplyDelete
    Replies
    1. ඕන් පටන් ගන්න කොටම දීලා සුපර් වලට.... ගෙදර යන ගමන් ඒවාට ගොඩ උන් විනාසයි...

      Delete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  6. එතුමන්ට බනින්න එපා.එතුමන් පූස් පැටව් වගේ අහිංසකයි.
    කොයි හැටි වෙතත් මාතලන් ගොයියට එන අවුරුද්ද සුබේ සුබ වේවා.

    ReplyDelete
    Replies
    1. හොඳ අහිංසක.. රත්වත්තයා එලෙව්වලු කුඹුරක් දිගේ......

      Delete
  7. පෝස්ට් එකත් නිල් පාටින්ම ලියල තියෙන්නේ අද...:D
    සුභ අනාගතයක් වේවා..

    ReplyDelete
    Replies
    1. කොළ පාටින් ලිව්වත් වැරදියි, නිල් පාටින් ලිව්වත් අවුල්... අනේ මඤ්ඤඤේ ඤෑ

      Delete
  8. ඉගෙන ගත්ත එකේ කෙන්දරෙත් බලලම කිව්වනං නරකද මාතලන්.. හි හි...

    කොයි හැටි වෙතත් මාතලන් ගොයියටත් සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඇයි එකෙක් කිව්වේ 12/12/29 භූමි කම්පාවක් එනෙවයි කියලා.. දෙදාස් එකසිය දොලහෙ වෙන්ටෑ....

      Delete
  9. හික්ස්...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  10. ඔය ලෙසටම වේවී..ගෑස් ගණන් යනවා කියලා ඔන්න කියලා තිබ්බා.

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මාතලන් කිව්ව දෙයක් වැරදිලා නෑ කෙල්ලේ.... ලේසියෙන්

      Delete
  11. මාතලන් ගොයියටත් පරලොව ගිහිල්ලා හරි එකම ප්‍රාර්ථනාව වූ දුප්පතා රජවෙන දවස බලාගන්න පුළුවන් වෙන සුබම සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. නොදෝකින් මෙහෙමත් විෂ් කොරන උනුත් ඉන්නවනේ.....

      Delete
  12. එක පත්ත්රයකවත් ආසාවකටවත් කියලා තිබුනේ නෑනේ ඊලඟ අවුරුද්දේ ආණ්ඩුව පෙරළෙනවා කියලා.ෂික්! නිකන් බොරුවට හරි ලියලා තිබුනානම්!

    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව පෙරලෙන්න... පාර්ලිමේන්තු මැතිවරණෙ එනකන් ඉන්න....

      Delete
  13. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.

    ReplyDelete
  14. මට නම් කොයි අවුරුද්දත් එකයි... 2012 මහ අවුලක් තිබ්බෙත් නෑ... 2013 අවුල් නොවී ගෙනියන්න පුළුවන් කියලත් ෂුවර්... හැබැය ඉතිං මම තනිකඩය වෙච්චි කොට පවුල් කාරයන්ට තියෙන ප්‍රශ්න ගැන දන්නෙ නෑ කියලත් කියන්න ඕන...

    ආර්ථිකේ හදන්න නම් ඕන...හැබැයි හදන එකක් නෑ... මොකද ඕක හදන්න මහන්සි වෙන ගමන් ඡන්ද දිනනවට වඩා ඕක හදන්න ට්‍රයි නොකර ඡන්ද දිනන එක ලේසී... :)

    සුභ 2013ක් මාතලන් අයියා !...

    ReplyDelete
    Replies
    1. අපිත් තනිකඩ කාළේ ඔහොම තමයි... ඒත් ඉතින්...

      හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද...?

      Delete
  15. සුභ නව වසරක් වේවා...!!

    ReplyDelete
  16. අපි සුභවාදීව බලමු මාතලන් ළමයෝ...
    කිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හැම විට බලන්නේ එහෙම තමා. ඒ නිසානේ ජොලියේ ඉන්නේ...

      Delete
  17. මාතලන්ටත් සුභ අලුත් අවුරුද්දක් !!! ඔන්න පැතුවා , එහෙම වෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන පාටක් නම් නොපෙනේ....

      Delete
  18. මාතලන්ටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  19. සුභ අනාගතයක් කෙසේ වෙතත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. වසරනම් සුභ වෙන එකක් නෑ.. අනාගතේ කොහොම වෙයිද මන්දා....

      Delete
  20. මේ රෙද්දේ මැසේජ් එක ජනවාරි 2වත් එවනවානම් හොදය. නැත්නම් රැ 12ට කිරි උතුරෝලා නිදා ගන්න කලින් ආයෙත් ලේ කුපුත කරවගන්න වෙනවාය. ගිය සැරේ රිප්ලයි කොරන්න බැරුව ෆෝන් එක ගැහුවේ පොලවේය.

    2013 කියන්නේ තවත් එක දවසක් පටන් ගැන්ම විතරය. අපි ඒ දවස් එකතු කර වර්ෂයක් කියල ආදේශ කරනවාය. මොන රෙද්ද වුනත් විෂ් නොකර ඉන්නවා කියන්නේ කුජීත වැඩක්ය. ඒක නිසා මෙහෙම කියන්නඩ ඕනය.

    2013 දෙසැම්බර් 31 වෙද්දි උඹට මතක තියන සිද්ධි ඔක්කොම වගේ මතක් කලාම බනානාලන්තයේ ආණ්ඩුව මතක් කලා වගේ හැගීමක් ඇති නොවේවා! යන්නයි.

    ReplyDelete
    Replies
    1. ඒක මතක් කොලැයි කියලත් එච්චර ගානක් නෑ අප්පා.....

      Delete
  21. උදාවූ නව වසර සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
    Replies
    1. නිවහල් ජාතියනම් ඔය ඉන්නේ මල් පහට, ඇත්තටම උගත් පාඩම් කොමිසන් වාර්ථාවට මොකෑ උනේ.. තාම කියෝනවද දන්නෙ නෑ.. ලොකු පොතක්නේ...

      Delete
  22. වෙනසක් වෙන්නෙ නැති බව සහසුද්දෙන්ම දන්නවා උනත්, අපි ඉතින් සුභ පතනවනේ... එහෙනං මාතලං ගොයියාටත් (පවුලේ අයටත්) සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  23. මාතලන් සහ පවුලේ සැමට සුබ නව වසරක්!!! :)

    ReplyDelete
  24. මාතලන් ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබුවාවූ නව වසර සුභ වසරක් වේවායි පතමි!!!

    ReplyDelete
  25. මාතලන් අයියා ඇතුලු බ්ලොග් අවකාශයේ සියලුම සහෝදර සහෝදරියන්ට වාසනාවන්ත නව වසරක් වේවා !

    ReplyDelete
  26. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  27. මාතලන් අය්යේ සුබම සුබ නව වසරක් වේවා ......

    ReplyDelete
  28. බ්ලොග් කරණයට නවකයෙකු ලෙස මා සමකය වටේ අටවද්දී එය යම් තැනකට ගෙන එන්නට මාතලන් ගෙන් ලද සේවාව කිසි දිනෙක අමතක නැත. එසේම නවකයන්ට ඔබ ලබාදෙන සේවාවද අති විශිෂ්ඨය. ඔබගේත් පවුලේ සැමෙගේත් සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ලොක්කා.. සුළු දේවල්නේ.... ස්තූතියි...

      සුභ නව වසරක් වේවා....!!!

      Delete
  29. සුබ අනාගතයක්.....!!!

    ReplyDelete
  30. උඹ ඔහොම කිව්වට ගිය මාසේ නිවාඩු ගියවෙලාවේත් මිනිස්සු එක්ක කතා කලාම උන් කියන්නේ උන්ට කිසිම අගහිඟයක් අඩුපාඩුවක් නැතේ කියලයි. විශේශයෙන් අපේ අම්මයි තාත්තයි වගේ විදේශ ආදර දේශීය ආදාර හම්බවෙන අයට නම් කිසිම අඩුපාඩුවක් නෑ තමා . .. මම හිතන්නේ ගොඩක් පවුල් වල උන් එකෙක්වත් මැදපෙරදිග කඹුරන්න ගිහින් ඉන්න නිසා ඔහේ ඉන්න උන්ට අඩුපාඩු දැනෙන්නේ නෑ . . ඉතිං ලිදේ ගෙම්බෝ වගේ මේක හොඳා කිය කිය දෙනදේ කාලා මෙගා නාට්ටි වල වෙනදේ බලා ඉන්නවා ඇර වෙන මක්කවත් කරන්න ඕන නෑ . .

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචෝ මැද පන්තියේ එක කොටසක් ගැන උඹ ඔය කතා කරන්නේ. ඒ අයට අවුලක් නෑ. දුප්පත්ම උන්ටත් එහෙමයි. නිකන් කන්න ලැබෙනකන් නේ ඉන්නේ. ගොවියටත් එහෙමයි. ඒත් මේ පාර ටිකක් දැනෙයි. නියඟෙන් මෙන්ම ගං වතුරෙනුත් බැට කෑවනේ. පිට පිට කන්න දෙකක් කියන්නේ. දිවි නසා ගැනීම් වැඩි වෙයි. එදිනෙදා රස්සාවල් කරන උනුයි. කුළි වැඩ කරන මිනිස්සුයි අනාතයි. ලංකාවේ වැඩි පිරිසක් ඉන්නෙ මේ මිනිස්සු.

      Delete
  31. මාතලන් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  32. මාතලන් ලොක්කාටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  33. සුභ අනාගතයක් මාතලන්ටත් !!
    සුභ නව වසරකුත් ඈ

    ReplyDelete
  34. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  35. සුබ අනාගතයක් වේවා. කොහොමත් අපේ අනාගතෙ අපිම හදාගන්න එපෑ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපෙන් ජීවත් එයාලට අපි ගැනත් බලන්න ඕන යුතුකමක් තියෙනවා...

      Delete
  36. මේ අවුරුද්දේ පසලොස්වක පෝයට වෙළද නිවාඩු නෑ කියන්නෙන් ඇත්තද?

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉතින් කඩ ඇරලනේ.... ඒ නිසා වෙන්ටෑ....

      Delete
  37. සුබ අනාගතයක් වේවා..! ලැම්බොගිනි වැසි වසීවා........

    ReplyDelete
    Replies
    1. ඒවත් ගෙන්නන පාටක් නෑ.. ගෙනාපු දෙක තුන බේර ගන්න ගහපු කෙලියක්ද කොහෙද... කොටුවෙ ෆෝමියුලා වන් තියන බෑනේ...

      Delete
  38. සුබ අනාගතයක් කියන්නේ අපට නෙවෙයි එයාලට.. අපිට කවදත් අසුබයි.

    අර මර්සින් ජයකොඩි පියතුමාගේ පැදිපෙක ඕනෙම කාලෙකට ගැලපෙන විදියට හදාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙම ඒක තමයි.. සුභ අනාගතේ එයාලට විතරමද කොහෙද....?

      Delete
  39. සුභම සුභ නව වසරක් වේවා මාතලන් මාමෝ......!!

    ReplyDelete
  40. ..මාතලං අයියේ නව වසර සුබම සුබ එකක් වේවා. සියලු කටයුතු සාර්ථක වේවා..

    ReplyDelete
  41. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. පරණ රස කථාවන් යලි ලියවේවා
      ගුරු ජී සදා බ්ලොග් අඹරේ බැබලේවා...!!!

      Delete
  42. පරලොව ගිය දාක අවුරුදු පැතුම් ගෙනෙන්ට මා ජීවත් නොවන බව දන්නා නිසා දැන්ම සටහන් දමන්නෙමි. ලැබු එක ඔබ කිව්වා වගේම එයින්ම එකක් නොවීමට ඉඩක් නැත. අයියේ අන්න බොලං උඹ කිව්ව එක ඇත්ත කියල පෙනිල තියෙන්නේ.. කසාදේට 5000. එතකොට උඹ තමා ඔය ගැන මුලින්ම කිව්ව එකා. කොහේද බං ඉන්නේ මල් මන්දිරේ පිටිපස්සේ ද??

    ReplyDelete
    Replies
    1. ඇයි බන් බජට් එක දවසනේ කිව්වේ.. කොහෙද ව්පස්සෙ ඉන්නෙත් අඳ ගොළු බීරෝ නේ.....

      Delete
  43. සුභ අනාගතයක් සුභ නව වසරක්.

    ReplyDelete
  44. කෙහෙල් මල් ආසියාවේ ආස්චර්ය...

    ReplyDelete
  45. Тhiѕ excellent websіte tгuly has all оf the information anԁ facts I needed about thіs subject
    and ԁidn't know who to ask.

    Here is my homepage: http://ipadscreenrepairmy.blog.com

    ReplyDelete
  46. Hаve you еveг conѕidеred writing аn ebοok or gueѕt authoring on othег sites?

    I have а blog baseԁ upon on the same informаtion уou ԁiscuss and would love to have уou ѕhare sοme storiеs/informatіon.
    I know mу readеrѕ would appreciate your woгκ.
    If you arе even remotely interested, feеl
    free to shoot me an email.

    Herе is my weblog :: iphonerepairbangsar.blogspot.com

    ReplyDelete
  47. Heу there! I cοuld have swoгn I've been to this website before but after browsing through some of the post I realized it'ѕ new to me.
    Anywаys, І'm definitely glad I found it and I'll be
    bookmaгking аnԁ checking bаck frеquеntly!


    Have a loоk аt my hοmераge .
    .. ipad repair penang

    ReplyDelete
  48. Its not my first time to pay а vіsit this web page, i am browsing
    thіѕ wеbsite dailly and take pleasant data from here daily.


    my site :: macbook repair

    ReplyDelete
  49. Ӏt is аctuallу а nice and helpful piece of іnfo.

    I'm happy that you shared this helpful information with us. Please stay us informed like this. Thanks for sharing.

    Also visit my page ... iphonerepairpetalingjaya.wordpress.com

    ReplyDelete
  50. І ԁon't even know how I ended up here, but I thought this post was great. I do not know who you are but certainly you'ге going tο a famouѕ
    blοgger if yοu arеn't already ;) Cheers!

    Also visit my weblog ... ipad repair cheras

    ReplyDelete
  51. Good dаy! Thіs is my first cοmment heгe so I just
    wanted to give a quick ѕhоut out and say I genuіnеly enjоy reading
    your агticlеs. Cаn you suggest аnу other blogѕ/wеbsites/fоrums that deal
    wіth thе sаme subjeсts?
    Thank you so much!

    Rеview mу hοmepаge ..

    . wiredtree

    ReplyDelete
  52. Іt's great that you are getting ideas from this piece of writing as well as from our discussion made here.

    Also visit my website; http://wiredtreehosting.com

    ReplyDelete
  53. I was suggested thiѕ web site by my сousin.
    I'm not sure whether this put up is written by him as no one else understand such specified approximately my problem. You are incredible! Thanks!

    Look at my webpage :: http://repairiphonemalaysia.yolasite.com/

    ReplyDelete
  54. මෙම පෝස්ටුව පලවී අවුරුදු දෙකකින් මාතලන් පැතූ ලෝකය නිර්මාණය විය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න