.

.

Dec 19, 2012

අනේ අපව බේර ගන්න කවුරුත් නැද්දෝ....? - Help....Help.....Help....!!!


සමාන්‍යයෙන් මට එකම වෘත්තිකයකුවත් උසස් නැතිය, පහත්ද නැතිය, හැම රස්සාවම රස්සාවක්ය. ඒත් අපේ රටේ උන්ට මාරම ලෙඩක් තියෙනවාය. ඒ තමන්ගේ ජොබ් එක ඇර, අනෙක් ඒවා පහත් කියනා හැඟීමය. තමා මොකෙක්ද යන බව පෙන්වීමට වාහනයේ ස්ටිකරුත් ගහගෙන යනවාය. ඩොක්ටර්ස්ලා, ඉංජලා, දිසාපතිලා, එහෙම ගහගෙන යනවාය, එහෙම නැත්නම් නලාව කරේ දාගෙන ෂොපින් යනවාය, ලෝයර්ලා කළු ටයි දාන් යනවාය. එ මුකුත් නැත්නම් පොඩි එකා යන ඉස්කෝලේ, ඉස්ටිකර් එකක් හරි ගහගෙන යනවාය. එහෙම උන් මට නම් පේන්නේ හන ගහපු හරක් වගේය.


ඊයේ "ශ්‍රීනාත්" මහත්තයා, දෝශාභියෝගයට එරෙහිව කොටුවේ ඉට්ටේසම ඉස්සරහා අස්සන් එකතු කොරනවාය. ඒයාට මාර දුකය, ඒ අනිත් වෘත්තිකයින් එයාලාට සහයෝගේ දෙන්නේ නැතෙයි කියාය. මුන්නැහෙලා මැරිලා ඉපදිලා වෙන්න ඕනෑය. පොලිසියේ මහත්තුරු ඉස්ටයික් කොරන උන්ට වාරණ නියෝග නිකුත් කරන්නෙයි කිව්වාම. උන්ට වාරණ නියෝග දුන්නේ ඔය අළුත් කඩේ ඉන්න කළු කෝට් කාරයෝය. එයාලාටත් පාරට බහින්න වෙයි කියා, ජීවීතේට හිතන්නේවත් නැතුව ඇතිය. ඒත් අද ඕ ලෙවල් වත් නැති උන් එයාලා බල්ලා මාක් කරලාය. ත්‍රී වීල් කාරයෝ, පාතාලේ අයියලා විතරක් නොව, ගණිකාවෝත් එයාලාට විරුද්ධව ප්‍රොටෙස්ට් කොරනවාය. ඒවාට වාරණ නීතී දාන්න ගියොත් අම්බානක කන්න වෙනවාය. කල කම් පල දෙනවා කියන්නේ ඕවාටය.

අගතියට පත් වෙච්චි එකාට හෙන ගැහුවත්, සල්ලි වලට ගේම දීපූ උන් එලියට දැම්මේ මෙයාලාමය. දැන් උන්ගෙන්ම කනවාය. ඔය අළුත් කඩේ දේවාලේ ඇතුලේම නඩුවකට ආපු එකෙක්, වයිට් වෑන් එකේ දාගෙන ගියේය. ඔය කළු කෝට් බෑ ඇඳගත්ත එකෙක්වත්, හා හුම් කීවේ වත් නැත. ඒත්, දැන් ඒ වයිට් වෑන් එකම, "වන්නිනායකට" ගේම් දෙන්න එන කොට, අපිත් පාරට බහින්න ඕනෑය. අස්සන් ගහන්න ඕනෑය. අපිව ඕන වෙලා තියෙන්නේ දැන්ය. ඊයේ "රාජපස්සලයි" ගේ ගාව කව්දෝ වෙඩි තියලාය. කොරන්න දෙයක් නැතිය. ඔය ඔහේලාම සල්ලි වලට එලියට දාපු බඩුය.

වෙච්ච දේ ගැන නම් අපටත් බොහෝම කනගාටුය. ඒත් ඉතින් කුම්බලා මාළු කෑවාම විඳවන්න වෙනවාය. කිඹුලා කනවා වගේ රිදෙන්නේ යුක්තිය විසඳන්න දාලා ඉන්න ආඬි හත්දෙනා දැක්කාමය. ඕකට අර වමේ හම්පඩ නාකි සෙට් එක දැම්මානම්. ජනාධිපති තුමාට මෙන්ම අපිටත් උන් කවුද කියලා බලා ගන්න තිබුනාය. මොකෝ දැන් ඒ ගොල්ලෝ පොර ටෝක් දෙනවාය. බාර් ඇසෝසේසොන් එකේ පාටිය ඉස්පොන්සර් කරන එකත් මාක්ස්ගේ මලයා වන වාසු සහෝදරයා නවත්තලාය.


ඔය පින්තූරේ තියෙන්නේ මිනීමරුවන් වෙනුවෙන් මුදලට පෙනි හිටපු ලෝයර් මහත්තයෙකුට බුදු රැස් පෙන්නනා ආකාරයය. ජනතාවටත් ඒ තරම් මලක් පැන තිබුනත් අත තිබ්බේ නැත්තේ "ඇස්. බී."ට උ කෙලිය මතක ඇති නිසාය. කමිසෙ බොත්තම දා නැත්නම් කූඩූවේ දාපූ නීතීගරුක කස්ටිය අද අම්බානක නෙලා ගන්නවාය. "දම්රෝ" එකටත් ෆ්‍රී පබ්ලිසිටි දෙනවාය, මෙච්චර බලගතු නීතීය බල්ලා මාක් වෙලාය. දැන් ඉතින් දෙයියන්ගේම පිහිටය, ඒ නිසා දෙයියන්ට පොල් ගහනවාය. මෙච්චර කල් මිනිස්සුන්ට දීපු ගිනි, එරියස් එක්කම ලැබෙනවාය. පොලිසියේ සැලුට් එකත් නැතිය. කල කම් පල දෙනවා කියන්නෙ ඕවාටය. හැබයි ඉතින් උසාවියට ගේම් දෙන අයට වෙන්නේත්............ ඒ ටිකමය.

108 comments:

  1. අර ෆොටෝ එක දැක්කම මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා...

    ඔය ලෝයර්ලට මං මොකවත් කියන් නෑ... කොහෙත්ම පැහැදීමක් නැති ජාතියක්...

    ReplyDelete
    Replies
    1. බො‌ෙහාම ළඟින් ඔයින් දෙන්නෙක් ආශ්‍රය කරන නිසා...

      Delete
    2. පැහැදීමක් නැති දෙන්නෙක් ලගින් ආශ්‍රය
      කිරීමට හේතුව ?

      Delete
    3. පෞද්ගලික කේස් එකක් වගේ... කාගෙත් අදහස ඕක තමයි....

      Delete
    4. @silentsahan, බූරුවො කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගනිං. තප්පුලන්නෙ නැතුව ...

      Delete
  2. හෙඩිම දැක්කම මම හිතුවේ ලෝක විනාසේ පටන් අරගෙනදෝ කියල . මේ ඉන්නෙ මාතලන් අය්යා යහතින් .

    ReplyDelete
    Replies
    1. තාමත් ඉන්නවා අද සෑට නේ කෙළවෙනවා කියන්නේ...

      Delete
  3. මම මේ කල්පනා කරන්නේ දැන් මාතලන් බ්ලොග් එක ලියන්නෙ මාරයා වත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. සිරාවට මූ දැන් රැඩිකල් මාරයා වෙලා... හැබැයි මූ මෝඩ නෑ

      Delete
    2. අර අන්තිම ඇනෝට තෑන්ක්ස් හොඳේ රැඩිකල් කියන වචනෙට... මාරයට මෝඩයා කියන උන් ඊට හපන් මොඩයෝ... (මෝඩ කියන වචනේ මාරයාට ආදේශ කලා නම් පමණක්...)

      Delete
  4. මාතලන් ලොක්කා මටත් කිසිම රැකියාවක් උසස් හෝ පහත් නැත. ඔය මල විකාර ඇත්තේ මේ අමුතු ඇටේ විතරයි. ලෝකෙ දැන ඔය බහුභූත අතහැරලා. කොහොමත් අපේ ඉහලට ඉගෙන ගත්ත හැමෝම නෙමේ කීප දෙනෙක් සිතා සිටින්නේ මේ රට අයිති එයාලට, එයාලට විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා. තවත් සමහරක් හිතාගෙන ඉන්නෙ මොන ජාවාරමක් හරි කරලා ගානක් හොයා ගත්තම වරප්‍රසාද ඇති අය කියලා.

    පාරෙ වාහන එලවන කොට ඕක හොදට පේනව. මම රජයේ වැඩ කරත්දිවත් කවදාවත් වාහනේ මගේ සලකුණු ගැහැව්වේ නැහැ. දැන බලන්නකො වී අයි පීල පාරේ පිරිලනෙ. තව සමහරු වී වී අයි පීල. :D

    ReplyDelete
    Replies
    1. "ඔය මල විකාර ඇත්තේ මේ අමුතු ඇටේ විතරයි. ලෝකෙ දැන ඔය බහුභූත අතහැරලා." - මේ කථාව නම් මම පිළිගන්නේ නැහැ. මම වෙන රටවල් කීපයක වෘත්තිකයෙක් විදිහට සේවය කරලා තියෙනවා. ඉතාම ටික දෙනෙකුට ඇරුනහම අනික් හැමෝටම වෘත්තිය කියලා කියන්නේ තමන්ට කර ගන්න පුළුවන් උපරිම දේ. ඒක අනිත් රටවල මිනිස්සුත් දන්නවා. වෙන රටවල් වල ඔය කියන විදිහට ටැක්සි ඩ්‍රයිවර්ලයි, පාර අතුගාන මිනිස්සුයි, දොස්තරලයි එකයි කියලා හිතන්නේ නැහැ. එහෙම හිතන මිනිස්සු ඉන්නවා, ඒ ඩ්‍ර‍යිවර් ලයි, පාර අතුගාන මිනිස්සුයි. ඔය අනික් රටවල ඔක්කොම එකයි කියන කථාව මට නම් තේරෙන්නේ මෙහෙ ඉඳන් එහෙ ගිහිල්ල වැඩේ ඇන ගත්තහම අපේ අයියල දෙන පොර ටෝකක්.

      Delete
    2. /ඔය මල විකාර ඇත්තේ මේ අමුතු ඇටේ විතරයි. /

      මාරයිනේ. අපේ රටේ මිනිස්සුන්ට අනෙක් රටවල මිනිස්සුන්ට නැති මොකක් හරි විශේෂ ජානයක් ඇති මගෙ හිතේ. ඒකයි ඔහොම වෙන්නෙ. ඌෂ්ණයද දන්නෙත් නෑ. මොකද ඌෂ්ණය තියෙන්නෙත් අපේ රටේ මිනිස්සුන්ට විතරයිනෙ. වෙන රටවල මිනිස්සුන්ට නෑනෙ.

      Delete
    3. පිස්සු දොඩන්න එපා බං..වෙද්දුන්ට කොහෙද ස්ටිකර්...

      Delete
    4. මහ වෙදනා හා සම්පූර්ණයෙන් එකඟයි. දෙවනි ඇනෝට කියන්න තියෙන්නේ මම ගියපු රටවල නම් ඔහොම දේවල් දැකලා නෑ කියන එකයි. මැද පෙරදිග රටවලනම් අපටත් වඩා තියෙනවා. හතරවන ඇනෝට කියන්න තියෙන්නේ. වෙද මහත්තුරුන්ටත් ඕන නම් ඉන්ගිරිස් බෙහෙත් දෙන්නත් ලයිසම ඉඩ දෙනවා. එහෙත් දේශීය වෙදකමට අත හිත දෙන වෙදනා වගේ අයට අප ගරු කරන්න ඕන.

      Delete
    5. මේ පළවෙනි ඇනෝ :)
      ඔබ තුමා හිටපු රටවල් ගැන මම දන්නේ නැහැ. මම සරල උදාහරණයක් දෙන්නම්. ඔය කියන රටවල් වල පොලීසියකට හරි උසාවියකට හරි ගිහින් තියනවද? එහෙමත් නැත්තම් ඔය කියන රටක ඉන්ෂුවරන්ස් පොලිසි එකක තක්සේරු වාර්තාවක් හදනකොට? එහෙමත් නැත්තම් ණය අයදුම්පතක තක්සේරුවක් වගේ? හැමදෙනාම සමාන නම් හැමදෙනාටම එක වගේ සලකන්න එපායැ. පොලීසියෙන් වැඩිපුරම අල්ලන්නේ, ඇප දෙන්න අමාරුම, පහත් පෙළේ රැකියා කරන අයට.

      එච්චරම ඕනේ නැහැ ඔය ලංකාවෙන් ගිහිල්ලා කරන අය ඉන්නවනේ. අන්න ඒගොල්ලොන්ගෙන් පොඩ්ඩක් අහල බලන්න. හැමෝටම එක විදිහකටද සලකන්නේ කියලා.

      Delete
    6. උසාවිවලට ගිහිල්ලත් තියෙනවා, පොලීසී ගිහිනුත් තියෙනවා. ඉස්පිරිතාලවල මෙන්ම විස්ස විජ්ජාල වලත් වැඩ කරලා තියෙනවා. ඒ රටවල එහෙම දෙයක් නම් නෑ... නමුත් පන්ති බේදය කියන් දේ කොයි රටෙත් තීබෙනවා.. ඒත් පංතිය තීරණය වෙන්නේ කුලය අනුව නම් නෙමෙයි..

      Delete
    7. "පන්ති බේදය කියන් දේ කොයි රටෙත් තීබෙනවා.. ඒත් පංතිය තීරණය වෙන්නේ කුලය අනුව නම් නෙමෙයි.."
      එකඟයි. දැන් අපි කථා කරන්නේ පංති භේදය ගැනද, කුල භේදය ගැනද? මම හිතන් හිටියේ රස්සාව නිසා ඇතිවන පංති භේදය ගැන කියලා. සමහරවිට කතා කරන්න ඕන වෙන්න ඇත්තේ කුල භේදය ගැන වෙන්න ඇති.

      Delete
    8. රැකියාව අනුව පන්තී බේදය තියෙන්නේ මේ රටේ සහෝ. වෙනත් රටවල පන්ති බේදය එන්නේ හැදියාව හා මුදල් මත.

      Delete
    9. ඔබතුමා එහෙම කියයි, මම එහෙම නෙමෙයි කියයි, තේරුමක් නැහැනේ?

      මම කලින් කියපු දේම ආපහු කියන්නම්, ඔබ තුමත් මේවා කියවන අයත් කැමති විදිහකට හිතා ගන්න. ලෝකේ කොහේ ගියත් මිනිස්සු එක වගේ තමා. මේ දූපතේ ඉන්න සමහරු හිතන් ඉන්නේ, එක්කෝ මේකෙ ඉන්නෙ අහසින් පාත් වෙච්ච එවුන්, එහෙම නැත්තම් ලෝකෙත් නැති බූරුවො රැලක් කියලා. අනිත් රටවල මිනිස්සු වෙන විදිහකට අමුතුවෙන් හිතන්නේ පතන්නේ නැහැ.

      දැන් ඔබතුමා කියපු කථාව බලමුකෝ,වෙනත් රටවල පංති බේදය එන්නේ හැදියාව හා මුදල් මත. සල්ලි වලින් තමා මාතලන් අයියේ මෙහෙත් පංති බේදය එන්නේ. රැකියාවෙන් තමා සල්ලි එන්නේ. හැදියාවෙන් පංතිබේදය එන රටක් මම නම් අහලා නෑ. සමහර විට කිව්වේ "බල්ලො මරලා හරි සල්ලි හම්බ කරන" එකාව ගනන් ගන්නේ නැහැ කියලා වෙන්න ඇති. මෙහෙත් එහෙම තමා.

      කොහොම වෙතත් හැමෝම සමානයි කියලා හිතන්න ඕනෙ පිළිගැනීමක් නැති මිනිහටනේ නේද? මට පේන්නේ කලින් කියපු දේවල් අනුව, ඔබතුමාට තියෙන්නේ ඔබතුමාව ගනන් ගන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ඕක හින්දා රටකම ඉන්නේ බල්ලො කියන ලෙවල් එකට යන්න එපා.

      Delete
  5. බටහිර කසිකබල් ද්විකෝටික යුදෙව් චින්තනය අනුව නොව අපේම වූ චතුස්කෝටික චින්තනය අනුව සිතන පතන ආකල්ප ඇති අපි එහෙම තමයි. මාතලන් මෙහේ එහෙම තමයි ඇයි මොකද ප්‍රශ්නයක්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ කිසි ප්‍රශ්ණයක් නෑ... බයේ බෑ....

      Delete
  6. මට නම් වාහනේ එහෙම සිටිකර් එකක් අලවගෙන යන එකේ ඇදයක් පෙන්නේ නෑ..ස්ටිකර් එකක් දැක්ක පලියට එයාගේ රස්සාව උසස් තමුන්ගේ රස්සාව පහත් කියලා හිතෙනවා නම් ඒක ස්ට්කර් එක අලවපු මනුස්සයටත් වඩා ස්ටිකරය දිහා බලා ඒහෙම හිතපු කෙනාගේ වරදක්ය. ඒකට හීනමානය කියලා සිංහල වචනෙකුත් තියනවාය..
    ලොයර් ලා ගැන කියල තියෙන ටික නම් ඇත්තය , අළුත් කඩේ පමනක් නොව දියවන්නාවේ හරක් ගාලේ ද බහුතරය මොවුන්ය.ලොයර්ස් ලා ඩොමිනේට් කරන දියවනාවත් ෆේල්ය.අළුත්කඩයත් ෆේල්ය. කොහොමත් ඔය තැන් දෙකේම හදසාක්ශියක් කියලා දෙකක් අවශය නැති නිසා මේ තැන් දේකේම පිනුම් ගසන්නේ කලු ලෝගු කාරයෝය.
    කලු ලෝගු කාරයන්ට දින්නත් සල්ලිය.පැරදුනත් සල්ලිය. පාරලිමෙන්තුවේ උන්ට ද ආනුඩුවේ හිටියත් වරප්‍රසාධය, විපක්ශයෙ අහිටියත් වරප්‍රසාදය. සූට් කේස් එකක් අතින් ගත්ත කලු ලෝගු කාරයාට තුවක්කු ගත්ත මිනිසුන් දාහක් හොරකම් කරන්වාට වඩා හොරකම් කල හැක. දියවන්නාවේ හරක් ටික ඊට එහාය.

    ලොයර්සලා ඩොමිනේට් කරන රටේ පාලන ක්‍රමයට වෙනත් වෲතිකයන්ගේ ආගමන ය වෙන තෙක් මේ ක්‍රමය දිගටම යන්නේය, උගතුන් නැති තැන මෝඩයෝ පිනුම් ගසන්නෝය.

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ උගත් කමේ ප්‍රශ්ණයකට වඩා හැදියාවේ හා පන්තියේ ප්‍රශ්ණයක්. ස්ටිකරය දිහා බලන කෙනාට වඩා. ස්ටිකරය ගහගෙන යන කෙනා තුලයි හීනමානය කියන් දේ පවතින්නේ. අනිත් එකාගේ තියෙන්නේ ඉරිසියාවක් වගේ දෙයක් වත් කියලා කිව්වා නම් සාධාරණයි.

      Delete
  7. කලු කපුටො ගාව තියෙන කුයිලේ හම්...මෙක්....ඔකුන්ගේ වසුරු වැටුන තැන් විනාසයි හැබැයි ඉතින් ඒ උනාට කපුටෝ මරන්නෑනේව

    ReplyDelete
    Replies
    1. අසාධාරණයට ලක් උන කෙනෙක් වගෙයි....

      Delete
  8. ලෝක විනාසේවත් එනවා නම්........

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් පව් කාරයෝ බේරෙයි.. ස්වභාවධර්මය සලකන්නෙත් එහෙමනේ...

      Delete
  9. කළු කපුටෝ. කාක්කෝ මගේ නඩුවට කතා කරන්න කලින් අපේ වයිපරේට ගණන් කිව්වේ 3000යි ලු පස්සේ ඇහුවලු මොකක්ද කරන රස්සාව කියල ඉන්ජෙක් කිව්වගමන් ගැන 6000ක් කලාලු අපෝ ඕකුන්ට ඔහොම වෙලා මදියි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. චුටි නයෙක් ඇරියා නේද?

      Delete
    2. ඒක නම් සහතික ඇත්ත. ජයවර්ධනපුර ඉස්පිරිතාලෙත් ඔහොම සීන් එකක් තිබුනා... තාමත් තියෙනවද කියල නම් දන්නෙ නෑ..

      Delete
    3. ඉස්පිරිතාලේ සිද්දීයනම් තවමත් තියෙන වගේ මේ ලඟදි මගේ යාලුවගෙන් රස්සාව ගැන අහලා ගැන වැඩි කරලා..

      Delete
  10. මේ රටේ මිනිස්සූ

    ReplyDelete
    Replies
    1. හිටගෙන කෙලින්නෙ පිස්සූ....

      Delete
  11. මෙව්වට කමෙන්ට් කරනව කියල මොනව කමෙන්ට් කරන්නද බන් අයියෙ... මම දන්න එකම දේ කොයි එකත් දඟලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි කියන එක තමා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒත් කෙල උන වෙලාවෙවත් මතක් කරලා දෙන්න ඕන. එයාලා අනික් අයට කරපුවා...

      Delete
  12. මේ ගැන මගේ අදහස නම්:

    ඔය වේ------ගෙ පුතාලාට කෙළ වුනාට මට පාන් නැත. ඒ වුණත් ලබ්බට තිබූ අත ඊළඟට රාජපස්ස උන්නැහේ තියෙන්නේ පුහුලට බව හොඳාකාරවම දනිමි. එනිසා මේ අවස්ථාවේ එක් වී ඉන්නා එක කාගේත් යහපත පිණිසය. නැත්නම් වෙන්නේ අර වටු රැළට වෙච්චි දේය. (එක් වී ඉන්නවා කියන්නේ අපි පාරට බහින්න ඕනෑ කියනවා නොවේ. ඒත් එකෙක් හරි ලෝකහොරාට ගහන්න යනකොට ඌව අධෛර්යමත් කරන එක හොඳ නැහැ. වෙන මිනවා බැරි වුණත් චියර් පාරක් වත් දෙමු.)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. උන් අපිට කෙලෙව්ව ඔන්න දැන් උන්ට කෙලවෙනව, ඒකට අපේ මොකෝ කියන ආත්මාර්ථයට වඩා එහා තැනක ඉඳල, හෙට මූ අපිට කෙලවන්නෙ මීටත් වඩා දරුණුවට නිසා අපිත් සහය දිය යුතුයි හැකි විදියට කියන එක තමයි වඩා හොඳ. එහෙම නැත්තං තුනෙන් දෙකයි, විධායකෙයි, අධිකරනෙයි එක්ක සිල්ව කෙනෙක් අපේ අම්මෙක් නංගියෙක් උස්සන් ගියත් නමට හරි යන්න තැනක් නැති වෙනව විතරක් නෙමේ මෙහෙත් අර පොල්පොට්, ඉඩි අමින්ලගෙ අවතාර ආයි පේන්න පටන් ගන්නව නීතිය නැති තැන මිනිස්සු නීතිය අතට ගන්න ගියාම.

      Delete
    2. ඇත්ත නේන්නම් මොකෙක් හරි ණය අරන් පොල්ල තිබ්බාම යන්නෙ වෙන කොහාටද?

      Delete
    3. වැඩක් නෑ හොරෙක්ට ගහන්න තවත් හොරෙක් වටා එකතු වුනාම ඇති පලේ මොකක්ද?
      එහෙම එකතු වෙනව නම් එකතු වෙන්න ඕනේ රනිල් වටා. ඒත් මිනිහට බෑ කියල මතයක් හදල ඒක අහුරල තියෙන්නෙ.
      ඔය අනිත් කාටවත් බෑ මරාට දනෙන තත්වෙකට වත් යන්න.

      Delete
    4. මචං උඹේ සල්ලි ටික පස්සේ සෙට්ල් කරන්නම් ..මෙහෙම් තැන් තැන් වල කියවන්න ඒපා බං.....එක නෙමේ තව හෙල්ලෙන දතක් නැද්ද බං නිකං ගලවල දෙන්නම්..මම ඉතින් දත් දොස්තර නේ.....හැබයි කාර් එකේ ගහන් ස්ටිකර නම් නෑ

      Delete
    5. මම ඉන්නේ ලෝයර්ස්ලාට චියර් කරන පැත්තේ තමයි... මේක ඔවුනට ඔවුනගේ දුර්වලතා මතක් කර දීමක් පමණයි....

      Delete
  13. මම නම් මොන වෘතියකට ගරු කලත් කළු කෝට් දාගෙන ඉන්න, හැම වෙලාවෙම අසරණ මිනිහගේ රීරි මාංසේ බොන්න බලාගෙන ඉන්න ජරා පප්පලාට නම් කිසිම ගරුත්වයක් නෑ.....!

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි වැඩි දෙනාගේ මතය. ඒත් අපි ඕවා අමතක කරලා දාලා පොඩි සප් එකක් දෙමු...

      Delete
  14. අපෝ මාත් ඔන්න බරෙන් නිදහස් උනා ..
    මේක පුදුම වදයක් වෙලා තියෙන්නේ අමතක
    කරලා ඉන්න හැදුවට..
    වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

    ReplyDelete
    Replies
    1. එහෙම මග අරින එකත් හොඳ නෑනේ....

      Delete
  15. මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සුලුනේ...

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව තහනම් කරලා තියෙන්නේ... නමුත් ජාතික ගීය හැටියට ගන්න ඕන ඒකම තමයි...

      Delete
  16. මචං ලෝයර්ස්ල ගේ කෙරුවාවල් වෙනයි , මේ වෙලාවේ ලොක්ක ගහන ගේම වෙනයි . නීතිය නිසා තමයි රට මෙහෙමවත් තියෙන්නේ කියල මේ බ්ලොග් එකේ කමෙන්ට් තිරුවේ මට උපදේස් දීපු උඹම ,නීතියට කෙලවන්න ලොක්ක ගහන ගේමට සප් කරන්න එපා . මේක කලු කෝට් කාරයින්ගේ ප්‍රශ්නයක් විතරයි කියල ලඝු කරන එක ජාතික රූපවාහිනියටයි , හඩ්ඩටයි , ස්වාධීනෙටයි භාර කරමු . බ්ලොග් වලින් මාරයා හරි නලින් හරි ඒ දේ කරයි . ලොක්කත් , විපක්ෂ ලොක්කත් ඔය පොල් ගහන අයත් ඔක්කොම කලු කෝට් කාරයො තමා . උන් උන් ගහ ගත්තට ප්‍රශ්නය බලපාන්නේ රටටම


    වෛද්‍ය වරයෙක් ස්ටිකරය අලවා ගන්නවාය කියන එක නරක දෙයක් නෙවෙයි , හදිසි රාජකාරියකට යන වෛද්‍ය වරයෙකුගේ වාහනය පොලිසියෙන් නතර කිරීම වගේ දේවල් ඕකෙන් නතර වෙලා තියනවා . මහන්සිවෙලා ඉගෙන ගෙන , රටට මොකක් හෝ සේවයකුත් කරන දොස්තර මහත්තයෙක් ස්ටිකරේ ගහගත්තට මොකෝ බන් , මේලෝ උගත්කමක් නැති හාල් පාරුවො බැකප් දාගෙන පාර බදු අරන් පිස්සු කෙලින රටේ

    ReplyDelete
    Replies
    1. /* වෛද්‍ය වරයෙක් ස්ටිකරය අලවා ගන්නවාය කියන එක නරක දෙයක් නෙවෙයි. */

      හැබැයි දොස්තර ස්ටිකර් ගහන්නේ දොස්තරලා විතරක් නොවෙයි!
      http://kathandara.blogspot.com.au/2011/08/mr-maharajas-doctor-cross.html

      !

      Delete
    2. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
      මාතලන් සිවිල් නිතිය ප්‍රොමෝට් කරන්නේ නෑ බං බුවා ඌ සපෝර්ට් අර හිරේට ගිහින් වෙඩි තිබ්බම..ආයුධ පෙන්නන්න ගිහින් පලා යන්න උත්සාහ කරාම වෙඩි තිබ්බ වගේ මාස ගණන් අවුරුදු ගණන් උසාවි ගිහින් නොඇදෙන ක්ෂණික නීතියට.

      Delete
    3. @ බුවා
      ඒ ගෙම වගේම මෙයාලගේ ගේමුත් මතක් කර දීමක් විතරයි. මම මේ ප්‍රශ්නෙදි ඉන්නේ සාධාරණ පැත්තේ. ලොක්කට මේක වැදගත් විදියට කරන්න තිබුනා හත් පොලේ ගාගන්නෙ නැතුව. නීතියෙන් ප්‍රතිපාදන තියෙද්දිත් අයියා පාට් එක නිසා වැඩේ කුරුවල් වෙලා තියෙන්නේ.

      වෛද්‍යවරයෙක් පොලිසියෙන් නැවත්තුවාම අයි ඩී එක පෙන්නන්න බැරිද. ඔය රෙවනිව් ලයිසන් එක ඉස්සරහ වීදුරුවෙ ගහලා තියෙද්දිත් නවත්තලා ආයෙත් ඒක තියෙනවද කියලා බලන්නේ. අනික ඔක්කෝම දොස්තරලා ඉමර්ජන්සි සරජරි කරන අය නෙමෙයිනේ. එතකොට ඉංජෝ ගහගෙන යන්නේ ඇයිද දන්නේ නෑ නේ...

      @ උදිත
      එතකොට උඹලා යෝජනා කරන්නේ පොලීසී ආන්ඩු අරවා මේවා මොකුත් නැති ක්‍රමයක්නේ.. අනේ මල්ලල්ලෑ

      Delete
    4. මාතලන් මහත්තයාගේ රැකියාව මොකක්ද දන්නේ නෑ? (මේත් අර මහ වෙදනාගේ කමෙන්ටුවේ මුල් ඇනෝ තමයි )

      Delete
    5. මගේ අදහස් ඉතිරිපත් කිරීමට මගේ රැකියාව ගැටළුවක් නොවෙයිනේ. මාරයට වගේ මටත් කෙලින්නද කල්පනාව.. මම ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස්....

      Delete
    6. අදහස් ඉදිරිපත් කිරීමට රැකියාව බාධාවක් නෙමෙයි, නමුත් ඉදිරිපත් කරන්නාගේ අභිප්‍රාය මොකක්ද කියන එක දැනගන්න ඒක වැදගත් (වෙන ලිපියකදි නම් මේක වැදගත් නැහැ, නමුත් මේ ලිපියේදී ඒක වැදගත්).

      ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් - ඒ කිව්වේ හරි හමන් රස්සාවක් නැහැයි කියලාද දන්නේ නැහැ. :)

      Delete
  17. කාටත් රිදෙන්නේ තම්නට කෙලවෙන කොට තමයි.
    එතකොට තමයි මානව හිමිහම, වැත්තිය අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මමීගේ ක්ලොත් එක සිහිවෙන්නේ!

    ReplyDelete
    Replies
    1. හරියට පබා නෝනට කාන්තාවට එරෙහි ගෘහස්ත ප්‍රචන්ඩත්වෙ මතක් උනා වගේ

      Delete
    2. බෑ බෑ බෑමයි!!!!මට ඕනය ඕනි.ඕනයා නැතුව මට ඉන්න බෑ.....ඕනයා මගේ...මම කාන්ති,කලුතර.....

      Delete
    3. හරියට හරි කතා... කවුද හිතුවේ දේවාලෙටත් හෙන ගහයි කියලා....

      Delete
  18. "first thing we do, let's kill all the lawyers"

    -King Henry VI

    ReplyDelete
    Replies
    1. kawuda macho kanthi

      Delete
    2. අප්පට බොල එහෙමත් කියලා තියෙනවද ඈ....

      Delete
  19. වැඩි දැනීමක් නැතත් බොහෝ අත්දැකීම් වලින් හෙලා දකිමි

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි ජනතාවට හැඟීමක් නැත්තේ....

      Delete
  20. සුනාමියෙන් අසරණ උන අයගේ අරමුදල් හොරා කාපු එකටයි,පනින රිලවුන්ගෙ වල්ලයි.!!!. මල!!@#$@!@ යි සමාවන්න වලිගෙයි කකුලුයි කඩල දාන හරි තීන්දුව එදා හිටපු CJ !@#!$ ය හරි තීන්දුව දුන්නනම් අද තත්වය ගොඩක් වෙනස් .

    ReplyDelete
    Replies
    1. එයා හිතලා නේ... මෙයා වෙනස් වෙයි කියලා....

      Delete
  21. කළු කෝට් කාරයන් ගැන නම් මගේ ද වැඩි පැහැදීමක් නැත.

    ReplyDelete
    Replies
    1. බොහෝ අයගේ මෙනම් ළෝකයේම මතය එයයි. නමුත් ඉතින් ඒ රස්සාවේ හැටිනේ.... ඒකට අපේ රටේ ජඩ කමත් එක්කාසු උනාම ... මල් හතයි...

      Delete
  22. ඈ බං අයියේ ........ දැන් බ්ලොග් එක ලියන්නේ , අර කියව්වා වගේ මාරයාද .... ....

    ReplyDelete
    Replies
    1. ඇයි අප්ෂට්ද.....?

      Delete
    2. අප්සැට් නැතුව ඕයි මාරයලා එකෙක් ඇතිනේ දෙකක් මොකටද ?

      Delete
    3. ඒ වගත් මෙසේමයි,

      බුවාලත් එකෙක් ඇති. මාතලන් බුවා විය යුතුයැයි සිතීමත් වැරදිය. මාතලන් යනු මාතලන්ය. මාරයා මහින්දටත් බුවා රනිල්ටත් කඩේ යද්දී මාතලන් අතර මැද සිටීම අගය කල යුතුය.අනික මාතලන් නැති උනාට අර චාර්මි ඉන්නේ බුවාට මදි පාඩුවට.

      බුවා ඇයි තාමත් අප්ෂැට්ද......?

      Delete
    4. තාම අප්ෂැට් , මොකද මෙච්චර කාලයක් ලිපි වලින් දැක්ක මාතලන් මේ ලිපියේ නෑ වගේ පේන නිසා . ඒ නිසා මේ කියන්නේ මාතලන්ට මාතලන්ම වෙයන් කියල මිසක් බුවා වෙයන් කියල නෙවෙයි

      Delete
    5. පිච්චුද? හැතිද? මේ තමා මාතලං. ඌ රනිල්ට කඩේ යනවා උනත් මහින්ද ගැනත් හොද කියැවිමක් තියෙනවා. බුවාට ඉතිං ඕව පේනව කියලද? රෙදි නැතිව රනිල්ට කඩේ යද්දි.

      ඇයි අප්ෂැත්ද........?

      Delete
    6. මේ ළිපිය එහෙම දැණුනා නම් මගේ ව්‍යායාමය සාර්ථකයි... මට ඕන උනේ එයාලගේ වැරදි පෙන්වා දෙන එක.. මුලු හදින්ම සී ජේ නෝනට සපෝට්....

      තාමත්...

      ඇයි අප්ෂට්ද....?

      Delete
    7. ඔව් ඒ මගේ පෙනීමේ අවුලක් වෙන්න ඇති , මොනව කරන්නද මහත්තයෝ තමන්ට පේන හැටියට තමන් තේරුම්ගන්නේ .

      Delete
  23. //ඉතින් උසාවියට ගේම් දෙන අයට වෙන්නේත්............ ඒ ටිකමය //

    වෙනව නම් හොඳා. නොවෙන එකනෙ ප්‍රශ්නේ :(

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා... වෙලත් තියෙනවා... කාළය පිළිබඳ ප්‍රශ්ණයක් පමණයි තියෙන්නේ....

      Delete
  24. මාතලං ගේ ගතිය මටද ඇත. ඔය කිසිදු රස්සාවක ලොකුකම් පහත් කම් නැත.. සැවොම සේවය කරන්නේ තමාටය, රටටය

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය එහෙම හිතන්න කැමති නෑ වගේ පේන්නේ නම්....

      Delete
  25. සිරස්තලේ ලිව්වට වැඩක් නැහැ ඒකාන්තයෙන්ම පුලුවන් ක්‍රමේ අත්හදා බලන්න කිසිම කැමත්තක් නැති කොට :(

    ReplyDelete
    Replies
    1. අපි උත්සාහ කරමූ. ඒත් අපේ ජීවීත කාලය තුල සිඳුවන පාටක් නම් පේන්න නෑ....

      Delete
  26. අපායට මුලින්ම යන ජාතියනේ බං ඔය ලොයස්ලා කියන්නේ, සල්ලි වලින් අහිංසක මිනිස්සු හිරේ යවන්නේ..... ඔය කළ කම් පල දීලා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත...

      Delete
  27. ආ..මාතලං මම මේක දැක්කේ නෑ බං.. මාත් මේ ගැන තමා අද ලිව්වේ. ආයේ කමෙන්ට් කොටන්න දෙයක් නෑ. මම හිතන දේ බ්ලොගේ තියනවා

    ඔය ලෝක විනාසේද මොකක්ද එක තාම අවේ නෑ. දැන් 12ත් පැනල. හෙටවත් එන්න බැරි වෙයිද දන්නේ නෑ. මුං හැත්ත බුරුත්තම හේදිලා යන්න.

    ReplyDelete
    Replies
    1. උන් හේදිලා යාම කෙසේ වෙතත්. එහෙම එකක් ආවත් කෙලවෙන්න අපිට බන්...

      Delete
  28. අපේ රටේ රැකියා සහ ඒවායේ වැටුප් තල වල වෙනස සලකලා බැලුවාම, හැම රස්සාවක්ම රස්සාවක් කියල හිතන්න ටිකක් අමාරුය. අර කිව්ව 'ලොකු' යැයි සම්මත රස්සා කරන එවුන් අනිත් එවුන් පහත් කරනවා වගේම 'පොඩි' රස්සා කරන එවුනුත් තමන්ගේ රස්සා පහත් බව දන්නවාය. කල යුත්තේ ලොකු පොඩි ඕනෑම රස්සාවක් කරන කෙනෙකුට, යහපත් ජීවිත ගතකල හැකි ආකාරයේ වැටුප් තල හඳුන්වාදීමය. නැතිනම් ආදායම් අතර ඇති බරපතල විෂමතාවයන් ඉවත් කිරීමය. එවිට පාර අතුගාන්නාටද කිසිවෙකුට අත නොපා, හිස කෙලින් තියාගෙන ජීවත්වීමට හැකි නිසා, ඉංජෙක් රැස්පොට් දැම්මොත්, දෙකට නැවී බලා ඉන්නට සිදුනොවේ.

    කළුකෝට් කාරයෝ ගැන මගේ අදහස මේකය. උනුත් අපේ රටේම කොටසක් නිසා උන්ගෙන් වෙනස් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. ඒත් උන් නීතිඥයන් වීම නිසා උන් වැඩියෙන් බයිට් වීම ගැන මගේ එකඟතාවයක් නැත. හැම එකාම පාරට බහින්නේ තමන්ට කෙලවූ විටය. එතකොට හැම එකාටම කියන්නට තියෙන්නේද එකම කතාවක්ය. නඩු කල් යෑම.. නීතිඥ ගාස්තු.. අධිකරණය දුන් විවිධ තීරණ.. නීතිඥයන්ගේ වර්ජන වලට සම්බන්ධ කරගත යුතු නැති බවයි මගේ අදහස. ඉහත කී දේවල් සමස්ථ අධිකරණ පද්ධතියේ, ක්‍රමවේදයේ සහ රටේ පොදුවේ ඇති පරිහානියේ ලක්ෂණ මිසක, නීතිඥයන්ගේ ගිනුමට බැරකල යුතු දේවල් නොවේ යයි සිතමි. මේක නඩු අහන උන්ට, නඩු කියන්නට සිදුවීම නිසා ඇති වූ ඉලූෂන් එකකි. හරියට 'අත් අඩංගුවට පාතලේ එවුන් නඩු නො අසා මරා දැම්මාට කමක් නෑ' යන අදහස වගේ එකක් බව තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
  29. සෑහෙන දුරට එකඟයි.ඒත් වෘත්තිකයන් පිලිබඳ ඔබේ අදහසට එකග වෙන්න බෑ. අපි හැමෝම හිතන්නේ අපි අනෙක් අයට වඩා සුවිශේෂයි කියල.තනිතනිව පුද්ගලයන් ලෙස ගත්ත්, වෘත්තීය වශයෙන් කණ්ඩායම් ලෙස ගත්ත් ඒක එහෙමම තමයි. අනෙක් අයට වඩා මගේ විශේෂයක් නැත් නම් මගෙන් ඇත් වැඩේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක විශාල කරුමයක්. මේ සටන් පවා වෙන වෙනම කරන්න හේතුව එයයි...

      Delete
  30. කළු කෝට් කාරයෝ ඔක්කොටම එකම හැන්දෙන් බෙදන එක හොඳ මඳි. කළු කෝට් කාරයන් විතරක් නෙවේ සමාජයේ හැම තැනම හොඳ සහ නරක අය ඉන්නවා. අපි වැඩි දෙනෙක් කරන දේ දිහා බලල පොදුවේ හැමෝටම හංවඩු ගහනවා. හොඳ පොලිස්කාරයෝ , ත්‍රී වීල් කාරයෝ, කලුකෝට් කරෝයොත් ඉන්නවා වගේම, නරක ඩොකාල, ඉන්ජල ඉන්න වග අමතක කරන්න හොද නැහැ

    ReplyDelete
  31. මාතලන් පුද්ගලික ද්වේශයක් හිතේ දරාගෙන ලියන දෙයක් වගෙයි මට දැනෙන්නේ.ඔබේ ලිපියේ පොලිසියේ සැලුට් එකත් නැහැ කීවේ අගවිනිසුරු වරිය සම්බන්දව විය යුතුය.පොලිසිය මේ දේ කලානම් එය ඉතාමත් වැරදි දෙයක් වෙන අතරම ඔබ විසින් එය අනුමත කිරීමද ඉතාම වැරදි දෙයකි.පොලිස් නීති වල පැහැදිලිව ආචාර ලැබිය යුත්තෝ කවරහුදැයි පැහැදිලිව සඳහන් කර තිබේ.ඒ අතර අගවිනිසුරු සිටින්නේ ඉහලම තැනකය.කෙදිනක හෝ මේ මර්ධනය ඔබත් මමත් සොයා ගෙන ඒමට ඉඩ ඇතිබව මතක තබාගමු.

    ReplyDelete
    Replies
    1. මාගේ කිසිම ද්වේශයක් නැත. මමද ඔවුන් සමගය. නමුත් ඔවුන් කවුරුද යන්න ඔවුනට පෙන්වා දිය යුතුය. අනෙක් වෘත්තිකයන්ගේ සටන් වාරණය කල අයම අද ඔවුන්ගේ උපකාර අයැද සිටීම දෛවයේ සරදමකි.

      Delete
  32. මාත් ලෝයර් කෙනෙක් වෙන්න හිතන් හිටියේ එත් මම ඒ අදහස අතහරිනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඕන නෑ... මනුෂ්‍යත්වය ඉහ වහා ගිය පිරිසක්ද මේ අතර සිටිනවා....

      Delete
  33. වෘත්තීය ආචාරධර්මවල තියෙනවා යම් නිතිඥයෙකුට සේවාදායකයෙකුගෙන් ලැබෙන ඉල්ලිමක් හොඳද නරකද කියලා තොරා බේරාගන්නේ නැතුව පෙනීසිටිය යුතුයි කියලා. නිතිඥ වෘත්තිය වැටුප් නොලබන රැකියාවක් වගේම ස්යං රැකියාවක් විදියටයි තියෙන්නේ. අධිකරණ කාර්යයන්හිදී අයකල යුතු ගාස්තු වැඩි වුනත් ඒවටත් හේතු තියෙනවා. අපරාධයක් හෝ අගතියට පත්වුණ පාර්ශවයක් ඒ වෙලාවේ ඒ දේ කරන්න නොපෙළඹෙනවානම් ගාස්තුගෙවන්න හෝ උසාවි යන්න සිදුවෙන්නේ නෑ.

    යමෙක් තමන්ගේ වෘත්තියට හෝ රටේ නිතියට අත තබනවා නම් වැරදි ආකාරයට හෝ හිතුවක්කාර ආකාරයට එතැනදී ඒ අයිතිය රැකගැනිම යුතුකමක්. නැතිනම් කැලේ නිතිය රජවෙනවා. එහෙම වුනාම තමයි මිනිස්සු ගස් බඳින්නේ..

    මමත් ඒ වෘත්තියේ යෙදෙන නිසා මේ අදහස්වලට කිසිවක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඔබේ අදහස මා පිලිගන්නවා වගේම ඉතාමත් පැහැදිලිව හා සංයමයෙන් යුතුව ඉදිරිපත් කිරීම මා අගය කරනවා.. නමුත් මා මෙතනදී මතුකලේ නීතීඥ ප්‍රජාව පමණක් නොව සියළුම වෘත්තිකයින්ගේ දුර්වලතාවයක් සහ මෑත කාළයේ ඔබේ ක්ෂේත්‍රය තුලින් සමාන්‍ය ජනතාවට සිඳුවූ අසාධාරනයන් පිළිබඳවයි. මට මෙහිදි අමතක වූ කාරණයක් තමයි රොෂේන් චානකගේ මළගමට පැනවූ නීතී පවා අධිකරණයෙන් අනුමත කලා. මෙවන් අවස්ථාවක අඳ ගොළු බිහිරන් සේ සහාය දක්වනවාට වඩා විවේචනද සහිතව සහාය දැක්වීම යුතුකමක් යැයි මා සලකනවා.... එමෙන්ම මාගේ රසිකයකු ලෙස යම් සිත් රිදවීමක් සිඳු වූයේ නම් සමාව අයැද සිටිනවා....

      Delete
    2. ඇත්තටම මෙවන් කරුනු පිලිබඳව බ්ලොග් අවකාහයේ යම් මට්ටමකින් හෝ සංවාදයක් ඇතිවන එක ගැන මට දැනෙන්නේ සතුටක්. එහි කිසිඳු සිත් රිදවිමක් නැහැ. මොකද මේවා සංවාදයට බදුන්විය යුතු කාරනා.

      ඔබේ අදහසට මා සම්පුර්ණයෙන් එකගයි. මෙතැනදී නිතිය රාජ්‍යපාලනයේ ග්‍රහනයට දැඩිව හසුව තිබෙන සමයක අප වෙසෙන්නේ. අදහස් ප්‍රකාශකිරීමේ මූලික අයිතිවාසිකම පවා සීමාවෙමින් පවතිනවා.රොෂාන් චානකගේ සිද්ධියේදී ක්ෂණිකව පොලිසිය මැදිහත්වී අදාල මිය ගිය රොෂාන්ගේ පවුලේ උදවියත් සම්බන්ධකරගෙන දේශපාලන මැදිහත්වී‍ෙමන් මෝසමක් මාර්ගයෙන් ජනතාව ඒ කෙරෙහි ඇදියාම වැලැක්වූවා.ඒක් ඒ අයග‍පෙුවලේ කැමැත්තයි. නමුත් නිතිඥයෙක්ට කෙළින්ම ඒසදහා මැදැහත්විමට හැකියාවක් නෑ.ඒ සදහා යම් සංගමයක් හෝ පුද්ගලෙයක් මැදිහත්විය යුතුයි.එවිටයි ඒ සදහා නිතිඥයෙකුට මැදිහත් වෙන්න හැකිවන්නේ.

      ඔබ ගොඩනගන මෙවන් කාලින සංවාදවලට මම බහෙවින්ම ‍ප්‍රියකරනවා.එයින් අපිට අලුත් මාවතක් අලුත් දැක්මක් හදාගන්න පුළුවන්

      Delete
    3. ඇත්තටම දයා එතන සිඳු වුනේ පවුලේ කැමත්තට වඩා.. බලපෑමක් කියන එකයි මගේ මතය. රොෂේන්ගේ පවුල ඒ මොහොතේ අසරණයි. නමුත් බලවත් අධිකරණය ඔහුට යුක්තිය ඉටුකලා නම් ජනතාව අද අධිකරණය තනි කරන්නේ නෑ...

      Delete
  34. Ela ban elama kiri..rid enta dila thiyenawa...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න