.

.

Jan 29, 2013

පොලිස් විස්ස විජ්ජාලේ - Police Campus


ළෝකේ හොඳම පොලිසීය තියෙන්නේ ලංකාවේය, ආචාරශීලී බව අතිනුත් නොම්බර එකය. කොච්චර හොඳද කියනවා නම්, පොලීසියට උපහාර පිණිස ඉරාජ් සින්දුවකුත් කියා තිබෙන්නේය. මිනිසුන්ට ආමාන්ත්‍රණය කිරීම අතින් අපේ පොලිසීයට ගහන්න එක පොලීසියක්වත් නැත. සැකකරුවන්ට සැලකීම හා ඔවුනගේ මානුෂික අයිතින් සුරැකීම අතින්ද නොම්මර එකය. ඒ ආගන්තුක සත්කාර, පැය 24 ක් කරලා එයාලාගේ හිතට මදි නිසා. උත්තරීතර පාර්ලිමේන්තුවට කියලා, මේ ළඟදි පැය 48 ක්ම ඉල්ලා ගත්තේය. දැන් ඉතින් හිතේ හැටියට සලකන්න වෙලා තියෙනවාය. එයාලා සැක කරුවෝ පුදුම විදියට විශ්වාස කොරනවාය. ඉතින් ගේම දීපු එකා මාංචු (පත්තරක් නොවේ.)නොදා, ජීප් එකේ අවි ආයුධ තියෙන තැන් හොයන්න එක්ක යනවාය. එහෙම ගියාම, පොඩි පොඩි අත් වැරදීම් උනාම (සැකකරුන් පාර්ශවයෙන්), පත්තර කාරයෝ කැත කතා කියනවාය. ඒවා නම් හරිම අසාධාරණය. 

ගිනි මද්දහනේ ප්‍රොටෙස්ට් කරන පිස්සෝ දැක්කාම, එයාලාගේ හදවත් උනු වෙනවාය. එහෙම වෙලාවට ප්‍රොටෙස්ට් කරන කාළකන්නින්ට, බව්සර් වලින්ම වතුර ගේනවාය. ගස් අස්සේ හැංගිලා ඉඳන් එකපාරටම හාවෝ පනිනවා වගේ පැන "ආ අල්ලගත්තනේ" කියා කියනවාය. අපි සන්තෝසෙන් කීයක් හරි දුන්නත්. සත පහක් අතින් වත් අල්ලන්නේ නැතුවාය. පොතේ ඇතුලට දාන්න කියනවාය. (ඒ ගමේ පන්සලේ පින් පොතය) නැත්නම් කඩේ මුදලාලිට දෙන්න කියනවාය. ප්‍රොටෙස්ට් කරන අයට කොච්චර ආදරේද කියනවානම්, එයාලාට ගාඩ් එක දෙන්නත් වෙනම යුනිට් එකක් ඉන්නවාය. කොතරම් ඉහල සේවයක් සපයනවාද කියතොත්, මෑතක් වෙනකන් උන්නේ ප්‍රථම ස්ථානයේය. ඒත් ඒකට ඉරිසියා හිතපු බන්ධුල මාමා, පට්ට පයිට් එකක් දී, කොහොම හරි එක උනේය. පළවෙනියා උන නිසා මේ සැරේ ඇමති මාරුවෙනුත් කිසි අවුලක් උනේ නැතිය. මම හිතාගෙන උන්නේ තෙල්බාලාට පරිසරේ බේරගන්න දුන්නා වගේ, තව මොකක් හරි නගා සිටුවන්නට දෙයි කියාය.

කෙතරම් උසස් තත්වයක් තිබුනද, කස්ටියට හිතට මදි නිසා, වඩා උසස් සේවාවක් දෙන්න, දැන් කස්ටියට පොලිස් උපාධියක් දෙන්න යනවාය. පිස්සු කෙලින ඇමතිලාටත් ආචාර්ය උපාධි තියෙන එකේ, පී සී ලාටත් උපාධියක් දෙන එක හොඳය. හැබයි ඉතින් මේ කැම්පස් එකේ ඉන්න උන් හදිසියේ ප්‍රොටෙස්ට් කරොත්, වතුර ටිකක් බොන්න දෙන්නේ කව්ද කියා, නම් මට හිතා ගන්න අමාරුය. කොහොම හරි මේ විස්ස විජ්ජාලේ දෙන්න යන කෝස් ගැන ගහපු මේකක්, අර හංසයාට ඡන්දේ ගහපු පත්‍රිකා තිබුන තැන තීලා අහුලගත්ත එකෙක් මට එව්වාය. මේ තියෙන්නේ එයින් උපුටා ගත් සමහරක් කරුණුය.


  • භාෂා පාඨමාලාව - නූතන පාලී හා සඟිස්කුරුත 
  • සටන් පාඨමාලාව - වූෂූ (පොලු සටන්), කස ගැහීම (කසයක් වෙනුවට බෙල්ට් පාවිච්චි කිරීමේ පුහුණුව
  • යෝග පාඨමාලාව - ලොක්කන් හා දේශපාලකයන් ඉදිරියේ නැමීමේ පුහුණුව.
  • භාවනා පාඨමාලාව - ධර්ම චක්‍රයේ කැරකැවීම සඳහා.
  • සූපවේදී පාඨමාලාව - ඕනෑම ජරාවක් කෑමට පුරුදු කරනු ලැබේ.
  • ආර්ථික විද්‍යා පාඨමාලාව - හදිසියකදි මුදල් ගණු දෙනු සඳහා, කඩේ යාමට පුහුණුව.
  • මැජික් පාඨමාලාව - කුඩු, පිටි කිරිමේ මැජික්. රත්තරන් පිත්තල කිරීම හා තවත් දෑ
  • රූකඩ පාඨමාලාව - නැටවීම හා නැටීම.
  • සුනඛ පෝතක පාඨමාලාව - පොලිස් සුනඛයන් හැසිරවීම, ලොක්කන්ගේ සුනඛයන් නෑවීම හා අවශ්‍යනම් සුනඛයකුගේ භූමීකාව රඟපෑම.
  • සුරාබදු පාඨමාලාව - කසිප්පු වටලෑම, පානය හා කසිප්පු වතුර කිරීම. අරක්කුදැයි භාවිතයෙන්ම දැන ගැනීමේ කලාව
  • ලිංගික පාඨමාලාව - කොටු පැනීම හා කොටු පැනීමට නොහැකි ස්ථාන වැටලීම.
  • මානව හිමිකම් පාඨමාලාව - සැකකරුගේ සමාජ තත්වය අනුව රැකීම හා කැඩීම.
  • ජන ක්‍රීඩා පාඨමාලාව - අල්ලන සෙල්ලම්, හැංගි මුත්තන් (රථ වාහන විෂය විශේෂ උපාධිය සඳහා තෝරගත්තවුන්ට අනිවාර්ය කර ඇත.), එළුවන් කෑම, පංච දැමීම, අං ඇදීම, පොර, පොල් ගැසීම. (ගල් වූවද අවුලක් නැත), කඹ ඇඳිම




46 comments:

  1. ආපෝ ...... ලංකාවෙ පොලිසිය ගැන කතාකරල වැඩක් නෑ. පොලිස්කාරයෙක් පාර අයිනෙ මැරෙන්න පන ඇද්දත් අහක බලන් යන්න වටින ජාතියෙ වැඩ උන් කරන්නෙ. ජරා යක්කු. මුළු පොලිසියම ඔළුවෙන් හිටෙව්වත් ඕකුන් මෙට්ටෙ උඩින් තියනව බොරු.

    ReplyDelete
    Replies
    1. කොහෙත් එකයි.. හැමතැනම මේ වගේ තමයි...

      Delete
  2. අම්මෝ පොලිසියද මමනම් මේ බ්ලොග් එක පළාතේ ආවේ නැත .

    ReplyDelete
    Replies
    1. ඔයා එච්චර බයයිද....? නැන්ත්නම් කැතයිද....?

      Delete
  3. මොකද්ද ඒ පාර වෙන්න යන්නේ...

    ReplyDelete
    Replies
    1. උපාධියක් දෙන්න යන්නේ.. කොතලාවට පීඨය වගේ...

      Delete
  4. ශා... මාරු කෝස් එක...

    ReplyDelete
    Replies
    1. කෝස් එකක් නෙමෙයි බන් ඩිග්‍රියක්...

      Delete
  5. මැකො උන්නැහෙ ඔය කට්ටියව පැත්තකට දාල කරණමක් ගහල පළවෙනිය වෙයිද දන්නෙ නැහැ.ජනතාවගෙනුත් සමාව අරගන.මෙච්චර මගඩි කරන කට්ටිය ඔය කොළ 400 වට්ටන්නේ නැතිව ගෙනියන්න විදියක් තිබුනෙම නැද්ද අෆ්පා???2014 තව මාස කියද ?

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්න එපා බන් එයාටත් ආතතිය හැදෙයි....

      Delete
  6. පොලීසියේ ගුණකරුක කම ලිය ඇති ආකාරය ප්‍රසංසනීයයි. ඇත්තටම වාර්ෂිකව උපහාර පිදිය යුතු සේවයක්

    ReplyDelete
    Replies
    1. එයාලම් උපහාරත් තියාගන්නවා...

      Delete
  7. උත්තරීතර තැන මහ උන්නාන්සෙත් පොලිස් මහත්තයෙක්ය කියනවනේ , ඉතින් 48 නෙවෙයි 72ක් උනත් දෙන්න ඉඩ තියනවා . ජනතාවට සලකන්න කොච්චර වෙලාව වෙන්කලත් මොකද

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත ඇස් අයි මහත්තෙක්ද කොහෙද නොවැ....

      Delete
  8. අයුක්තිය අසාධාරණය රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම..
    -පොලිස් ඕ.අයි.සී. කෙනෙක්-

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් වල නම් ඔහොම කියනවා...

      Delete
  9. මරු නේ. තිබිච්චි එකම අඩුවත් හරි එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඇයි පාතාලෙට ඩිග්‍රියක්.... ඒකත් දුන්නම කොම්ප්ලිට්

      Delete
  10. නියමෙටම ලියලා තියෙනවා අයියා වල් බල්ලෝ ගැන.

    ReplyDelete
    Replies
    1. ඔයාට වැරදිලා මේ පොලීසිය ගැන ලියපු ලිපියක්...

      Delete
  11. මට අල්ලන් සෙල්ලම් පාඨමාලාව තමා හිතට ඇල්ලුවෙ...සෑහෙන්න තදට මිරිකලා අල්ලනවද දන්නෙ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. එච්චරම රිද්දන්නෙ නෑ....

      Delete
  12. මාතලං ඇත්තටම උඹ උපුල් ජෝෂප් ද?

    ReplyDelete
    Replies
    1. කොහොමවත්ම වෙන්න බැහැ නලින්... උපුල් ජෝසප් ලියන ඒවා කියවන්න අප්පිරියයි. ඒත් මේකා ලියන ඒවා එහෙමටම අවුල් නැහැ. අනිත් පැත්ත ගැනත් හිතලා ලියන්න මාතලන් උත්සහ කරනවා. අරූ ඇවිත් තිස්ස අත්තනායක උන්නැහේටත් අන්ත විදියට සුරංගනා කතානේ කියන්නේ... රනිල්ව කෑව මිනිස්සු අතර පලවැනියා මංගලනං දෙවැනියා උපුල්.. තුනට හතරට තමා තිස්ස අත්තනායකලා ගාල්ලේ වජිරලා.. ජෝන්ලා ඉන්නේ... :D

      Delete
    2. @මාරයා - උපුල් ලා ලියන ඒවා කියවන්නේ සීමිත පිරිසක් විතරයි මම නම් රනිල්ට කෙලවීමේ දෙවෙනි තැන දෙන්නේ රවී කරුණානයකට (පාමංක්ඩ බුරු කථාවට ) , ඊලඟට ජයලත් , කිරිඇල්ල ........ .

      Delete
    3. අම්මපා මට උන් දෙන්නා තුන් දෙනා අමතක උනා... :D

      Delete
    4. රනිල්ව කන්න එයා තොත්ත බබෙක් නෙවෙයිනේ. ඇත්ත කතාව උපුල් ජෝසප් රනිල් කෑ එක නෙවෙයි රනිල් උපුල් ජෝසප් කාපු එකයි. උපුල් ජෝසප් පශ්චාත් උපාධිය කරන්න රට යන්න ලැහැස්තිවෙලා හිටියේ. රනිල් බොරු බලාපොරොත්තු උගේ ඔළුවට දාල ඌව නැත්තටම නැති කළා. රනිල් එහෙම නැතිකළ එකම එකා උපුල් ජෝසප් නෙවෙයි. බුද්ධික පතිරණ විධ්‍ය උපාධිය සාර්ථකව නිමාකරලා අඩුම ගණනේ ඉන්ටර්න්ෂිප් එක කරලා දේශපාලනේට එකතු වෙන්න හිටියේ. එහෙම කළා නම් ඌට දේශපාලනේ දවසක නැති වුනත් කොළඹ කෙසේ වෙතත් ගමක ඩිස්පැන්සරියක් දාගෙන ජීවත් වෙන්න තිබුණා. රනිල් ඒකත් කෑවා. ඌට අකුරැස්ස සංවිධායක කම ඕනැ නම් ඉන්ටර්න්ෂිප් එක නොකර එන්න කිව්වා. දැන් මංගල හා සාගල දාල ඌව විනාස කරනවා. ඕකයි ඇත්ත.

      Delete
    5. ඔය ඔක්කෝම එකෙකුට එකෙක් දෙවැනි නොවෙන හොරු. අවංක යූ එන් පී කාරයෝ අද මේ දේවල් ගැන කළ කිරිලා දේශපාලනයෙන් අයින් වෙලා ඉන්නේ.

      Delete
    6. @ නලියා

      ඌ දැන් මෙහේ නෑ නේද...?

      @ අනිත් උන්ට

      මේ කෘත්යාධීකාරේ රනිල් ගාවින්ම ඉන්න උතුමන්ට නේද මුන් මේ නිග්ගරහ කොරලා තියෙන්නේ. හිටපියවි තොපි.......

      Delete
  13. තනි තනි පුද්ගලයන් විදිහට ගත්තම නරක පොලිස් කාරයො ඉන්නෙ හරිම ටිකයි. සමූහයක් උනාම හැමෝගෙම ජරා ගති ඉස්මතු වෙනවා.
    අනෙක පොලිස් කාරයොත් කාල ඇඳල ඉන්න ඕනනෙ , කොන්ද කෙලින් කියල් පෙන්නන්න ගිහින් ‍රස්සාවට කෙලවුනොත් උන්ගේ ගෑණු දරුවන්ට කන්න දෙන්නෙ කවුද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තද අනේ.. මට නම් පේන්නේ හොඳ උන් ඉන්නේ ඉතාම ටික දෙනයි...

      Delete
  14. තමන්ගේ නොසන්ඩාල කම් අහින්සක මිනිස්සුන්ට පෙන්නන, කොන්දක් නෑති, අනුන්ගෙන් කාල ඉන්න ජරාම ජාතියක්...

    ReplyDelete
    Replies
    1. කවුද.... කෝ.... කෝ.... කොහෙද....?

      Delete
  15. Arakata ekak adui newa. Usaawi paatamalawa.

    ReplyDelete
    Replies
    1. නීතී පාඨමාලාව - ඕනෑම නීතියක් තමන්ට කැමති ආකාරයට විග්‍රහ කිරීමේ කලාව

      Delete
  16. හැමෝම ගෙට්ටුව ගැන කතන්දර නිසා මාතලාව අමතක කරලා..

    කෝමද බං අර පොටෝව හොයා ගත්තෙ පරන සින් එකක් නොවැ

    ReplyDelete
    Replies
    1. ඕවා අපේ උන්ට මතක උනාට ජිනීවා වලදි ඕවා ඔක්කෝම මතක් කොරලා දෙනවා....

      Delete
  17. පොලීසිය... හප්පා.. එක උදව්වක් ගත්තම ඇති මුළු සේසතම හැඳි ගෑවිලා යන්න...

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ සල්ලි වලට කෙලවුනේ එහෙමද? ඉන්දිකට පොල්ල තිබ්බෙ ඊට පස්සෙ වෙන්ඩඇති මයෙ හිතේ..... ඔබාගෙ පින් කමෙන් කීයක් ගරා ගත්තද?

      Delete
    2. නෝ ටූ වර්ඩ්ස්.... සහතික ඇත්ත....

      Delete
  18. අර අහිංසක මිනිස්සුන්ට මේ වගේ අභූත චෝදනා කරන උන්ට හොඳක් වෙන්න එපා. පල ඇති රුකටනෙ ගල් පාරවලුත් වදින්නෙ.
    -Dude with a terrible hangover.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. මාර අහිංසකයිලු. නිකං බීලා නිදාගත්තාම....

      Delete
  19. Better to appoint Dr. Gamunu as the vice chancellor.

    ReplyDelete
  20. ඔය ආයුධ පෙන්නන්න යන සීන් එකේ හොඳම සීන් එක උනේ අනුරාධපුර පැත්තෙ. ආයුධ පෙන්නන්න යනකොට මිනිහ මාංචු දාගෙනම ජීප් එකෙන් වැවකට පැනල ගිලිල මැරිල. උට කොච්චර ගටක් තියෙන්න ඕනද මාංචු පිටින් පීනන්න පුලුවන් කියන අදහසම එන්න. ඩූඩත් ලියල තිබ්බෙ පොලිස් උපහාර පෝස්ට් එකක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න