.

.

Feb 16, 2013

ඇඟිලි ගැහිල්ල. (18+) - Fingering (18+)


ඇඟිලි ගැහිල්ල කියා කියපු ගමන වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්ය. කෙල්ලෝ නම් එහෙම හිතන්නේ නැතිය. මොකෝ ලංකාවේ කෙල්ලෝ වල් නැතිය. හරිම අහිංසකය, සුකොමාලය, ළඳ බොළඳය, දහම් පාසල් යනවාය, සන්ඩේ ස්කූල් යනවාය. සිලුත් ගන්නවාය. පති දම් රකිනවාය. ඒ නිසා එයාල ඔය පර කොල්ලෝ වගේ සිතන්නේ නැතිය. කොල්ලෝ නම් කියන්නේ එයාලා, එයාලාගෙම ඒවාට ඇඟිලි ගහගන්නවා කියාය. ඒ උනාට ඒ කතාව බොරුය. ඒයාලා අනුන්ගේ ඒවාට නම් ඇඟිලි ගහන්න හරිම දස්සය. එහෙමම කිව්වොත් එයාලා මාත් එක්ක තරහ වෙනවාය. බේදයක් නැතුව අපේ අය අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන්න නම් හරිම මනාපය.

ක්‍රිකට් ක්‍රීඩාවේත් එහෙමය. ක්‍රිකට් ගහන්නේ බැට් බෝල් වලින් උනාට. ගහන උන් කියන්නේ, උන්ට ගේම ගහන්න නොදී, වෙන උන් ඇඟිලි ගහනවා කියාය. මෙහෙම වැඩියෙන්ම ගහන්නේ දේශපාලුවෝය. උන් දන්න මගුලක් නැති උනාට එකම දෙයක් දන්නවාය. ඒ හොරකම් කොරනා එකය. හැමතැනම හොරකම් කොරනා නිසා, කෙල්ලෙක්, පින්සිපොල්ට ජීවත් වෙන්න සල්ලි දෙන්න, පොල් වගේකුත් හොරකම් කරලාය. ගමේ උන් නම් කියන්නේ, කෙල්ල හැමදාම කලේ ඕය වැඩේ කියලාය. අපිට කියන්න තියෙන්නේ, රටේම උන් හොරකම් කරන කොට, කෙල්ල පොල් ගෙඩියක් දෙකක් හොරකම් කොලාම, මක්කා වෙනවාද කියාය. පාසල් වලින් කියන්නේ බල්ලෝ මරලා ගරි සල්ලි ගෙනෙන් කියලාය. නොගෙනාපු එකා කොන් වෙන නිසා, කුඩු විකුනලා හෝ ඉස්කෝලේ සායම් ගෑවේ නැත්නම්, දෙමව්පියන්ගේ සායම යනවාය.

විමල් උන්නෑහේත් මේ දවස්වල මුදල් අමාත්‍යංශෙ ලේඛම්ගේ එකේ ඇඟිල්ල ගහනවාය. මයික් එකක් අහුවුනොත් ආර්ථික ඝාතකයෙක් ගැන කියනවාය. ඒ පාර බටහිර කුමන්ත්‍රණ කාරයා අන්තරස්දාන වෙලාය, කොහේ ගියාදයි කියා හොයා ගන්න නැතිය. ඔය ආර්ථික ඝාතකයා ගෙදර යැව්වේ, දියවන්නා ප්‍රේම පුරාණයේ පෙම් කුමරා, සරත් සිල්වා මහතාය. ගේම ඇද්දේ මාක්ස්ගේ මල්ලි කෙනෙක් වන වාසුදේව සහෝදරයාය. ගෙදර යවපු නයා ගෙනත්, මහින්ද මහත්තයා රෙද්ද අස්සේ දාගත්තාම එකෙක්වත් කට ඇරියේ නැතිය. දැන් අයි එම් ඇෆ් එකෙන් තවත් දෙන්න බෑ කිව්වාම නයා මරන්න පොලු අතට අරගෙනය.

මේ යකා මෙළෝ රහක් නැති එකෙක් කියා අප කියන්නේ අද ඊයේ සිට නෙමේය. චන්ද්‍රිකා නෝනාත් එක්ක අවුරුදු 14 රට කෑවේ මේකාය. ප්‍රේමදාස මහත්තයා ගාව නම් භාන්ඩාගාරේ බලාගන්න සුපිරිම බඩුවක් උන්නේය. ඒ පාස්කරලිංගම්ය. යුද්ධ තියෙන අස්සේත් රටේ ප්‍රධාන් ආදායම් මාර්ගය ඇගළුම් බවට හැරෙව්වේ දෙන්නා එකතු වෙලාය. මුන්නැහේ නම් කල මෙළෝ දෙයක් නැත්තේය. ඔය වැඩේ කරන්න මුන්නෑහේ ඕනා නැතිය. ඉංගිරිසි දන්නවානම් ගිරාදුරු කෝට්ටේ සමෘධි බැංකුවේ මැනේජර මහත්තයාටත් ඔය ජෝබ් එක කරන්න පුළුවන්ය. මම නම් මෙයැයිට කියන්නේ භාන්ඩාගාරේ ලේඛම් කියලා නෙමේය. කෙඩිට් ඔෆිසර් කියලාය. මොකෝ මැනේජර් ඇපෘ කලාම, ණය නිකුත් කරන්නේ ක්‍රෙඩිට් ඔෆිසර් නිසාය.

ණයක් දෙන කොට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් ඉල්ලනවාය. එතකොට ඒවාට ටයිම්, ටාගට් එකක් තියෙන්න ඕනාය. ඔය අනම් මනම් ගොඩක් නැතුව කසාද බඳින්නවත් ලෝන් එකක් ගන්න බැරිය. විමලේට් දුන්නාද නුදුන්නාද කියා අපි දන්නේ නැතිය. ඒත් පෙනෙන්නේ නම් මුකුත්ම දීලා නැතුව වගේය. එක්කෝ දුන්න ඔක්කෝම වල් කොල්ලෝ කියනවා වාගේ, එයාගේ නිවාස ප්‍රශ්ණේ විසඳන්න යෙදෙව්වාද කියන්නත් දන්නේ නැතිය. කොහොම හරි එයා ගැන කියන්න තියෙන්නේත්, හදපු එක ගෙයක්වත් අපි නම් දැකලා නෑ කියාය. මොකෝ ප්‍රේමදාස මහත්තයා ගෙවල් හදපු හැටි, අපි වගේම එයත් දැකලා තියෙන නිසාය. මක්කා නැතත්. ප්‍රේමේ හදපු ගෙවල් වල තීන්ත ටිකක් නම් ගාලා දුන්නේය. ඒ නිසා එයාගේ සායම යාන්තම් බේරා ගන්නට හැකිද කියා බලන්න වෙන්නේ ඊළඟ මනාපේදිය.

ආර්ථික ඝාතකයෙක් ඉන්නවානම් අපට කියලා, මයික් කාලා පලක් නැත. මහින්ද අයියාට ගිහින් කීවානම් අහකය. ඕනෑනම් සපෝට් එකට වාසු අයියයි, ඩීව් අයියයි, චම්පික අයියයි උනත් එක්ක ගෙන යන්න ඇහැකිය. ලොක්කා දකුණේ නිසා යනකොට බල මාළු ටිකකුත් ඇන්න ගියානම්, එතුමාගෙත් මොලේ පෑදෙන්නත් ඉඩ තියෙනවාය. ඒත් එතුමාට බල මාළු කවන්න ගිහින්, මුන්නැහේලාගේ උගුරේ කටු හිර උනොත් නම් අපට කියන්න එපාය. මොකෝ බර්ටි ප්‍රේමලාල්ලාට, ෆව්සිලාට උනෙත් ඒක නිසාය. අනික ජපනා කන්නේ බල මාළු නෙමේය. උන් කන්නේ ටූනාය. ටූනා කියන්නේ කෙළවල්ලාටය. සමහර විට විමල් සහෝ කන්නේ කෙලවල්ලෝ වෙන්න ඇහැකිය. ඒත් අනික් උන්ට බල මාළු කවන්න යන්නේ, උන්ගේ අර්ෂ්ශ් අමාරු තවත් වැඩි කරන්නදැයි කියන්න දන්නේ නම් නැත.

ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඉන්නා ඔක්කෝටම ගෝල්ඩන් සිරප්, හැම්, බේකන්, කෝන්ෆ්ලෙක්ස්, උඩින් පුඩින් කවනවා වෙනුවට, කෙලවල්ලෝ ටිකක් කැව්වානම් හොඳය. හැබයි කවන මලදානයක් හලාල් කරලා කවන එක කතා නායක තුමා ගේ වගකීමය. ටූනා ගේ බෙල්ල කපන්න, සමස්ත ලංකා උලමාවෙක් ගෙනාවාට, බොදු බල සේනාව මල පන්නා ගන්න ඕන නැතිය. මොකෝ මුස්ලිම් කස්ටිය ඌරා නොකෑවාට, කෙලවල්ලා කන නිසාය. මෙච්චර කලක් දුන්නේ නම් බල මාළු බව මට ෂුවර්ය.මොකෝ ඒ තරමට එයාලාට අර්ෂස් නොහොත්, පස්ස කහන ලෙඩේ තියෙන නිසාය. හැබයි මාළු කාරයෝ නම්,  නොදන්න එකාට කෙලවල්ලෝ කියා දෙන්නේ නම්, බල මාළුය. නිදහස ගත්ත දා ඉඳන් හැම එකාම අපිට කෙලවල්ලෝ කියා, දී තිබෙන්නේ බල මාළු බව නම් නොකියා සිටිය නොහැකිය. බලාගෙන ගියාම මුන් ඔක්කෝම හොර මාළු කාරයෝය.. ඒ වගත් මෙසේය................

ප: ලි:
ලියන්න ගියේ ඇඟිලි ගැහිල්ල ගැන ජෝක් එකක්ය. 18+ දැම්මේ ඒ නිසාය. අන්තීමට ලිය උනේ වෙන මළදානයක්ය. ජෝක් එක ලබන සැරේ දෙනවාය. පින්තූරත් වෙනස් කරන්න උනේය. ඒ ගැන තරහ අවසරය....

49 comments:

  1. // නිදහස ගත්ත දා ඉඳන් හැම එකාම අපිට කෙලවල්ලෝ කියා, දී තිබෙන්නේ බල මාළු//
    +++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. කෙලවල්ලා වෙනුවට- බලමාලු, ඒක නියම කතාව, PBJ විමල් මල්ලීට කියන්නෙ මේකයි නලින්...

      විමලේ මල්ලී මේ අහපන්,
      ඊයෙ පෙරේදා ලෝක බැංකුවෙන් ඉල්ලු ඩොලර බිලියනයක ණය ඉල්ලුම් පත ප්‍රතික්ශේප වී ඇත. හේතුව රටේ විදේශ ණය ප්‍රමානය ආදායමෙන් 80ක් හෝ එවැනි කේස් එකක් නිසා. රත්තරන් ටිකවත් තිබුන නං හදිසියකට උගස් තියාගන්නවත් තිබුන.ඔය ඉල්ලන ඉල්ලන විදියට දෙන්න සල්ලි කොහෙන්ද? ආයිත් තොවිල් නැටුම් පාරක්වත් දාමුද, ලෝක බැංකුවට විරුද්ධව..

      yours
      PBJ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ජවිපෙ හිටියනම් විමල්ට (සිගිරිය බලන්නත් බැරි වුනාලුනේ) බල මාළු කන්නත් නෑනෙ. ඒ නිසා විමල් වෙලාවට පැන්නේ. ඇත්තටම විමල් පනින්න අත්තේ බල මාළු කන්න ද? රට කන්නද? රට කන එවුන්ගේ දෑත් ශක්තිමත් කරන්න ද?

      Delete
    4. මට නම් පේන්නේ අපි ආතල් ගත්තට මේකත් ආන්ඩුව ගෙනියන අළුත්ම මෙතඩ් එකක් වගේ... ආන්ඩුව කොහොමත් යනවා. ඒත් මිනිස්සු ප්‍රශ්න ඔක්කෝම අමතක කරලා මේවා නේ කතා කරන්නේ. ඊයේ සුජාතා එකට පොඩි එකෙකුත් දැම්මේ කිසි අවුලක් නැතුව. ඒ වගේ වැඩට නම් මහින්ද මහත්තයට ගහන්න එකෙක් නෑ...

      Delete
    5. අපිටත් දැන් දැන් තේරෙනවා

      Delete
  2. කහොමින් කොහොම හරි කෙලවෙන්නේ මහජනයාට බව පැහැදිලිය

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. ජීවත් වෙන්න මාර සටනක් දෙන්න වෙයි ඉස්සරහට,,,

      Delete
  3. @“ඕනෑනම් සපෝට් එකට වාසු අයියයි, ඩීව් අයියයි, චම්පික අයියයි උනත් එක්ක ගෙන යන්න ඇහැකිය.“
    වාසු අයියයි, ඩීව් අයියයි, නම් කාලයක් තිස්සේ මර නින්දේය(18 වත් ශිරානි නෝනා ගෙදර යවනව වත් මේ අය දන්නේ නැතිය). චම්පික අයිය නම් ඊයේ පෙරේදා කරන්ට් වැදුනට පස්සේ දැන් ටිකක් අවදිවෙලා “හලාල්“ සටනට බැහැලාය.ඒ නිසා බිසීය.සිංහල අවුරුද්දට කලින් ගේම ගොඩදාන්න එපැයි.ඒ නිසා සපෝර්ට් එකට එක්ක යන්න වෙන්නේ තමන්ගෙම ගෝලබාලයෙක් තමයි.(පියසිරි වගේ)

    ReplyDelete
    Replies
    1. ඌ නම් බල මාළු කෑම කෙසේ වෙතත්. බල මාළු විකුණන එකෙක් බව නම් බුදු ෂුවර්ය.

      Delete
  4. හද්ද පජාතය...

    වැටත් නියරත් ගොයම් කන එකනම් ඇත්තය.. අපි කුමක් කරමුද....?

    ReplyDelete
    Replies
    1. අපිත් බල මාළු කෑල්ලක් කාලා බලමු මොළේ වැඩෙයිද කියලා...

      Delete
  5. ඇගිල්ල විතරක් ගහලා මුන් නිකන් ඉන්නවනම් බැරියැ.........ඇගිල්ල ගහලා මුන් ඔලුවත් දාන්න එන එකයි කාලා ඉන්න බැරි.......

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ල ගහල ගහලම දැන් ඔළුව දැම්මත් අවුලක් නෑ....

      Delete
  6. විමල් වගේ උන්ට මහින්ද නැති කාලෙක මොනවා
    වෙයිද බන් ?

    එක්කෝ කැත නැතුව සජිත් ලඟට යයි ..

    ReplyDelete
    Replies
    1. විමල් කියන්නෙ තවත් මර්වින් කෙනෙක් බන්.

      Delete
    2. ඉස්සර නම් මර්වින් ගැන ගොඩක් පහත් අදහසක් මට තිබ්බේ කෙන්ජි ..
      ඒ උනාට පස්සේ තේරුණා මේ මනුස්සයා එච්චරම හිතන තරම් පහත්
      නැති බව..මොනවා උනත් වෙන මිනිස්සු පස්ස ගහද්දි මිනිහා තනි මතේ
      හිටපු තැන් අනන්තයි..( අනන්තයි කිව්වේ වාක්‍ය ලස්සනට එන්න ඕනේ නිසා )

      ඒ අතින් විමලය කියන -------------- නම් කොහොම වත් සම කරන්න බැහැ .
      ඇමති කමක් අරන් ටෝක් කර කර ඉන්න දෙනවනම් ලැට් වලක් උනත් කයි ..

      ඒ තරම් නින්දිතයි කෙන්ජි මෙයාගේ වැඩ...

      Delete
    3. මම පොර ගැන අනාවැකියක් කියලා තියෙන්නේ... කවදා හරි නවතින්නේ එජාපයේ කියලා....

      Delete
    4. අන්න එදාට ඔය ගුන වයන කටින්ම රජතුමාට බනින්න පටන් ගන්නකොට තමා ආතල් එක තියෙන්නෙ

      Delete
  7. අපරාදේ උඹ ඇඟිලි ගැහිල්ල ගැන ලිව්වනං ඉවරයි මමත් අද මේ සින් එක ගැන ලියන්න අරන් උඹ ලියපු හින්ද අල්ලලා දැම්ම.
    මාත් බලන් ඉන්නේ චම්පිකට උන දේ මූට වෙයිද නැත්නම් මූ පුංචි බංඩා ගෙදර යවයිද කියල. බල මාළු කාල වගේ කෑ ගහන්නේ. බලමු මොකද වෙන්නේ කියල. විමලය එක්ක කොච්චර විරුද්ධ උනත් මේ වැඩේට මූත් එක්ක හිටගන්න වෙනවා.
    විමලය කියන තැනින් නොවෙයි බණ්ඩා යනවට මම කැමති. මේ ආණ්ඩුව දුවන්නේ බණ්ඩා නිසා. මිනිහ මුකුත් කලේ නැති උනාට ඉලක්කන් වලට ඇති දක්ෂයා.ලංකාවේ නොවෙයි ලෝකෙටම එකයි.මම වගකිමෙනුයි කියන්නේ මිනිහට අයි එම් එෆ් එකේ සුද්දොත් බයයි.මිනිහ පාස්කරලින්ගම්ගේ කාලේ භාණ්ඩාගාරේ පලවෙනි තට්ටුවේ අඳුරු මුල්ලක මහා බැංකුවේ සිට තාවකාලිකව ගෙනාපු නිකං උපදේශක කෙනෙක් විදියට හිටියේ. පාස්කරලිංගම් ගෙන් පස්සේ මිනිහගේ දක්‍ෂ කම හින්දමයි ඉදිරියට ආවේ.
    පි. බී ජයසුන්දර නිසා තමයි රනිල් ට සහ යූ ඇන් පි එකට කෙලවෙලා තියෙන්නේ මොකද හරියට සල්ලි කළමනාකරණය කරලා දන්න ඔක්කොම සෙල්ලම් දාල සල්ලි නැතිව වැටෙන්න නොදී චන්ද්‍රිකා රජයේ සිට සහ මේ රජය දක්වා කොහොම හරි කරකවල ගෙනියන්නේ මේකා තමයි.
    විමලය ට සල්ලි දෙන්න බැහැ කිව්වට ලොක්ක හරි ලොක්කගේ මල්ලිලා අයියලාට කොහොම හරි කරකවල සල්ලි හොයල දෙන්න මෙයා දන්නවා.(අපේ සල්ලි හරි අපිව නය කරලා හරි)
    සිද්ධීන් ගැන කල්පිත තුනක් මට තියනවා,
    1 එක්කෝ ලොක්කට සල්ලි දීල නැතිව ලොක්කටම බණ්ඩාව එලවන්න හිතිලා ලොක්කම විමල්ට කිව්වා බණ්ඩා ට විරුද්ධව'බලමාළු කාපු කටේ හයිය පෙන්නපන් මුලින් බය කරන්න මිනිහ ඇතුවත් බෑ නැතුවත් බෑ කියල.
    2.එක්කෝ ලොක්කම පී බි ට කිව්වා විමලයට සල්ලි දෙන්න එපා මම කිව්වා කියන්න එපා මම ශේප් වෙන්නම් ඔයාට ඕකා ටිකක් ගිරිය පුප්පයි ඕව ඇඟේ වදිනවද පී බී මගේ පොලිටික්ස් වලට මුව ඕනෑ හැබැයි සල්ලි දෙන්න බෑ ඔයා පිට වරද දැම්මම මාත් ශේප් මගේ සල්ලිත් ශේප් .
    3. එක්කෝ බණ්ඩාට ඉවෙන් තේරිලා මේ විදියට ගහද්දි රට ගෙනියන්න මිනිහගේ මැජික් වලටත් තවත් බෑ කියල බණ්ඩා ලොක්කට කියල මං අයින් වෙලා අයි එම් එෆ් එකේ ජොබ් එකට යනවා කියල,ලොක්කත් යන යකාට ඔන්න ඔහේ ගහපං කියල මාළු ලෑල්ලේ ගෝලයට සද්දේ දාන්න දෙනවා.
    තව ටික දවසකින් ඇත්ත දැනගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. උදිතගේ අංක දෙක උපකල්පනය නිවැරදියි. මේ තතුදත් ආරංචි මාර්ගයක් කියන්නේ.

      Delete
    2. ඇත්ත පොර පුද්ගලයෙක් වශයෙන් ටැලන්ටඩ්, එහෙම බැලුවම ලොක්ක ශේප් කරන් එන්න ඔක්කෝම රත්තරන් පවා උඹේ මිම්මෙන් නම් වැඩ කාරයෝ. මොකෝ ඒයාලා දිණුම්. ඒත් ප්‍රශ්ණෙ තියෙන්නේ රට දිණුම්ද, ආර්ථිකය දිණුම්ද කියන එකයි..... පාස්කරලිංගම්ලා හිටියනම් අපි සෑහෙන දුර ගිහින්....

      Delete
  8. @උදිත,
    මට හිතෙන්නෙ ඔයාගෙ දෙවන කල්පිතය තමයි මෙතන වෙන්න ඇත්තෙ...

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා විමලයත් මෝඩයෙක් නොවෙයි මේවා නොතේරෙන්න මිනිහත් කට කපල වදින එකෙක්ට වදින්න කියල කට කපල බනිනවා.

      Delete
    2. ලොක්කගෙ වැඩ හිතා ගන්න බෑ බන්. ප්‍රේමදාස නම් දේශපාලනේ තෙම්පරාදු කරලා කෑවේ. මෙයා කන්නේ ඩෙවල් කරලා...

      Delete
  9. ඔය විමල් මහත්තයා බනින හාදයා, පත්වුනේ මහින්ද මාමාගේ වුවමනාවට නම්. වැඩ කලේ එතුමා කියන විදිහට නම්, ඒ අහිංසකයා මක් කොරන්නද? අල්ල ගන්න එකයි ඇත්තෙ ලොකු මාමාව..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඇත්ත... එයයි වග කියන්න ඕන මේ සියළු දේටම...

      Delete
  10. ජප්පෝ කන්නෙ නිල්/කහ වරල් කෙලවල්ලො.එම මාළුවන් මුහුදේදී අල්ලාගත් ගමන් කරමල/බොකු බඩවැල් ඉවත් කර මුහුදු වතුරෙන් සෝදා ,නැවත තද අයිස් වතුරේ තබා අධි ශීතකරණ ගබඩාවට දමල තමයි මාස ගානක් ගියත් කෑමට ගන්නෙ.විමලෙ හදන්නෙ බල මාළු කවල මොලේ කරගැට හදවන්න.මේ යකාට චන්දෙ දීපු අයගේ තත්වය දැන්වත් තේරුම් ගත්තොත් හොදයි.විමලයාගේ ජපන් යාලුවෝ ටික "මගුරා"[ටුනා වලට කියන ජපන් වචනය]කියන වචනය සකේ ගහල ඉද්දි ඇහිල තියෙන්නෙ "බලයා"කියලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. උඹ සෙද්දක් කියවනවා.. ඒ පාර අපිට මගුරෝ කන්න කියයි. අනේ මේ කෑ නොගා හිටහන්....

      Delete
  11. යකෝ මාතලනුත් අපිට කෙලවල්ලා පෙන්නල බලයා දීලනෙ

    ReplyDelete
    Replies
    1. අම්මපා මාත් කරලා තියෙන්නේ එකනේ.... ෂොරි වෙන්න ඕනා.....

      Delete
  12. මොකෝ කියන්නේ කවමුද විමලෙට බලමාලු????????

    ReplyDelete
    Replies
    1. ලේසි වෙන එකක් නෑ පුතේ......

      Delete
  13. එදා මහින්ද විජේසේකර,අද රාජිත කෙලවල්ලෝ ජපානයට.බලයෝ ලංකාවෙ අයට සහ පැලවත්තේ "ජැපනීස් "එකේ බිබී කන විමලේට.

    ReplyDelete
    Replies
    1. මොකක්ද හුටප්පරේකුත් උනා කියලා මඩ පාරකුත් යනවා. පුද්ගලික ජීවීතේ ගැන කතා කරනවටනම් මම විරුද්ධයි... මොකෝ අපිත් හොඳ මිනිස්සු නෙමෙයි නේ....

      Delete
  14. අපි ඇඟිලි ගහන්නේ නැහැ අයියා. ඊළඟ පාර අර ලියන්නම් කිව්ව ජෝක් කතාව ලියන්න :D

    ReplyDelete
  15. Replies
    1. මේ වගේ කතා තමයි ඉතින්....

      Delete
  16. “විමලේ“.... දැන් බොහෝ දෙනා හදුන්වන හුරතල් නමක් වෙලා. මෑතක සිට ඔහුව කෝලමට ගන්නා අවස්ථා එන්න එන්නම වැඩි වී තිබෙනවා.
    රනිල් මහතාට පස්දුන් කෝරළය පැටලුණා සේ,
    නිමල් සිරිපාලට මහියංගනයට බුද්න් වැඩි හේතුව මන්ඤං සේ,
    විමල්ට ජපනාගේ මොළය තේරුම් ගැනීමට බැරිවුණාසේ....
    කොහොමත් විමල්, බුදුන්ට ගල් පෙරළුවේ අංගුලිමාලකියා කීවේත් බල මාළු කන්න නොලැබුණ නිසා වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. මලෝ , රනිල් මහත්තයාටනම් වරදුනේ නැහැ.උන්නැහැ කිව්වේ ඇත්ත, චක්‍රවර්තී උන්නැහැට ඉස්කෝලේ 9 වසර ඉතිහාසේ පොතේ සංස්කරණය කරපු විදිහ අමතක උනාට හොදේ.

      Delete
    2. කක්කුටු බෙන කතාවකුත් ටපලව ගත්තා නේද...?

      Delete
  17. පට්ටෙයි කියන්නේ මෙව්වටය. ආයේ විචිචූරන කියන්න ඕනෑ නැත...ජය

    ReplyDelete
    Replies
    1. මක්කටෙයි, බල මාළු කන එකටෙයි....

      Delete
  18. වීරවංශයා මෙදා පොටේ නම් ඉල්ලගෙන කාලා වගේ...ආර්ථික ඝාතකයො ගැන කියන්න ගිහිල්ලා නා ගත්තා...

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ... මෙතන වෙන ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා.. ඌ මාර මොලයක් බන්....

      Delete
  19. ඉස්සර නම් කෑවේ ළමයෝ අපි කිරි මාළු
    ඉස්සර වගේ නොව පසුවදී, කෙලවල් මාළු
    ඉස්සර වගේ බැහැ දැන් කමු බල මාළු
    ඉස්සරහට කන්න වෙන්නේ නම් බලු මාළු


    ReplyDelete
    Replies
    1. බල මාළු නෙමෙයි හාල් මැස්සෙක්වත් කන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ....

      Delete
  20. ඔය ඔක්කොම ටික ලොක්ක ආපහු "හප්" කිව්වහම ලස්සනට කට වහගනී. හැමෝම මූනු පොතේ දානව අපේ චම්පික මහත්තය කොන්ද පන තියන කෙනෙක් කියල. විදුලිබල ඇමති කමෙන් අයින් කරද්දි ඔය කොන්ද කොහෙද දන්නෙ නෑ තිබ්බෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න