.

.

Mar 21, 2013

පොල් මලට බැඳි පෙම - Toddy Lovers


අද සංස්ථාවේ අනුග්‍රහයෙන් ගල් අරක්කු සහ රට බීම ජාති බීවද, රා ටිකක්, තෙලිජ්ජ ටිකක් බොන්න තියෙනවානම්, අර දහ ජරාව නැති උනත් අවුලක් නැත්තේය. පොඩි කාළේ ඉස්ස ඉස්සෙල්ලම තෙලිජ්ජ ටිකක් බිව්වේ ගාල්ලේදීය. ඒ සීයාගේ කිතුලෙන්ය. සීයා රහමෙර කටේ වත් නොතිබ්බාට, පොඩි සීයාත් අපේ තාත්තත් බොන නිසා මලක් දෙකක් මැද්දේය. අපිට බින්දුවක් දුන්නේත් සීයාට හොරෙන්ය. පස්සෙ කාලේ අපි සීයාටත් තාත්තාටත් හොරෙන්. රා මඳින සුබයාගේ පුතා, ගුණයත් එක්ක මුට්ටියම බිව්වාත් හොඳට මතකය.

උදේ පාන්දර බොන තෙලිජ්ජ එකේ රස දන්නෙ බීපු එකා විතරමය. ඩෝප් වෙන්නේත් නැතිය. රා කියන්නේ, තෙලිජ්ජ ටිකක් පැසුනු පසු ඇති වන තත්වයය. ඒකට නම් පොඩි කරන්ට් එකක් තිබෙනවාය. ඉස්සර පොල් ගස් බහුලව තියෙන හැම පලාතකම වගේ රා තැබෑරුමක් තිබුනාය. රා කඩේ පාට කරලා තිබුනේ රතු පාටින්ය. ඔක්කෝම වගේ ලෑලී දොරවල් තිබුන කඩය. තැබෑරුම කියා කඩේ බෝඩ් එකේ ගහලා, සයිඩ් බෝඩ් එකක "රා බොමු" කියා ගහලා තිබුනාය. "රා" අකුර ළොකුවට ඇඳ. "රා" අකුරේ බෝලේ ඇතුලේ, "බොමු" කියා, තරු අත් අකුරින් ලියා තිබුනේය.ඉතින් එහෙම ආරාධනා කර තියෙන එකේ රා ටිකක් නොබී ගොයොත් තැබෑරුමේ එකා තරහ වෙන නිසාද කොහෙද රා කඩේ ගාව සූ ගාල සෙනග උන්නේය. අදත් එවන් තැබෑරුමක්, අළුත්ගම නඟරේ කෙලවරේ බේරුවල පාලමට ගොඩ වෙන තැන තියෙනවාය.

අපි රා වලට පෙම් බඳින්න උනේ යූ.කේ. නිසාය. අපි යූ.කේ. කිව්වේ එංගලන්තයට නෙමේය. උස්වැටකෙයියාවටය, වනවාසල පාරේ ගොස් ඇළකන්ද හන්දියේ ඇති තැබෑරුමෙන් රාත් අරගෙන බීච් එකට යනවාය. එතන ඉන්න අම්මලා ළඟ තම්බපු මඤ්ඤොක්කා, කට්ට සම්බල් වගේම බොරට හදපු ඌරූ මසුත් තියෙනවාය, මේවා අපේ ප්‍රියතම ආහාරයන්ය. දවල් දොළහ එක වෙනකොට රා තැබෑරුමේ බඩු ඉවරවෙනවාය. තවමත් තිබෙනවාදයි කියන්නට නම් දන්නේම නැත.

රා ගැන ලියන්න උනේ, "සී ඇස් කේ ලංකා" කියන බොගේ තිබුන අපූරු ළිපියක් දැක්ක නිසාය. ඒක මෙතනින් ගොහින් බලන්න පුළුවන්ය. පරණ කතාව මතක් උනේ මේ ළිපිය නිසාය. අපේ, සීයාගේ  වත්තේ මුට්ටියෙන් බීපුවා අද වෙනකන් මාට්ටු නැති උනත්. රැවුල් බාස් ගේ මල් වලට පෙම් කොරන්න ගිහින් නම් බේරුනේ පූරුවේ කරපු පිනක් නිසා කියා. මුළු ගමේම උන් ඒ කාලේ කතා උනේය.

කැළණියේ තොරන හංදියට ඒ කාළේ කොළඹ කොටුවේ ඉඳලා තිබුනේ හැතැක්ම පහක් උනාට, ගාල්ලේ මහරඹ ගමේත් කැළණිය තොරන හංදියේත් මිනිස්සුන්ගේ එතරම් වෙනසක් තිබුනේ නැත. සමහර ගෙවල් වල කරන්ට් එක පවා තිබුනේ නැත. ඔය විද්‍යාලංකාර පිටිපස්සෙ ඉඳන් වරාගොඩ පාරට එනකන් ඒ කාළේ තිබුනේ පොඩි කැළෑවක්ය. වරාගොඩ පාර කිට්ටුව ගෙයක් හදාගෙන උන් රැවුල් බාස්. කාත් එක්කවත් වැඩි කතා බහට ගිය පොරක් නෙමේය. අවුරුදු 60 ක් පමණ උනත් මස් ගොබ පිරිච්ච් ඇඟක් තිබුනේය. කිසි දිනෙක කිලුටු ඇඳුමක් ඇඳන් ඉන්නාවා නම් දැකලාම නැතිය. බොකුටු කොන්ඩය හා ඝන උඩු රැවුල මරූමූස් බව තවත් ඔප මට්ටම් කලේය. පොර ගැන තිබුන කට කතාත් එච්චර හොඳ ඒවා නෙමේය.

පොර ගමේ එකෙක් නෙමේය. වාද්දුව පැත්තේ පොරක්ය. මිනී මැරුම් කෙස් එකකට මාට්ටු වෙන නිසා ගමෙන් පැනලා ඇවිල්ලා මෙහේ සැටල් උන පොරක්ය. නෝනා උන්නේ නැතිය, ඒත් එළකිරි වගේ දුවෙක් නම් උන්නේය. සමහර උන් කිව්වේ ඒ කෙල්ල හදා ගන්න ගත්ත කෙල්ලෙක් කියලාය. පිරිවන පිටිපස්සේ කැළේ, රජ්ජුරුවෝ උනේ, රැවුල් බාස්ය. පොර ඔය කැළේ අස්සේ එක එක වගාවන්ද කර තිබුනේය. ඒ කාළේ වෙල අයිනට වෙන්නට, හැම එකාටම වගේ කොරටුවක් තිබුන අතර, පොරගේ කොරටුව මහා පරිමාණ එකක් විය.

ඔය කොරටු, අනම් මනම් ඔක්කෝම තිබුනත් තවත් කැළෑවද මදි නොකියන්න තිබුනේය. ඔය කැළේ අස්සේ අපි ඉඳ හිට ගියේ කජු පුහුලන් කඩන්නටය. ඒත් රැවුල් බාස්ට හොරෙන්ය. ඔහොම කැළේ පනින වෙලාවක, අපේ පැත්තේ හීනෙන් වත් හිතන්නේ නැති කේස් එකක් දැක්කේ අහම්බෙන්ය. ඒ පොල් ගස් දෙකකම මල් කපලා තිබුන අති සුන්දර දර්ශණයය. මේක නම් පෙර පිනක්මය. දැක්ක ගමන් කටට කෙල ඉනුවේය. ඒත් මේ ගිනි දවාලේ රා බොන්න ගියොත්, අනිවාර්යයෙන් මැරුම් කන්න වෙනවාමය. ඒත් බොන්නත් ඕනෑමය.

රැවුල් බාස් ගේ පොඩි නරක පුරුද්දක් තිබුනේය. තනියෙන් ආතල් ගත්ත පොර, බාස් වැඩ අහවර උනායින් පසු, සීල් කාලක් ගහනා බව අපි දැනගෙන උන්නේ. අපිත් සීල් ගන්න යන වෙලාවට පොරත් පෝලිමේ ඉන්නවා දැකලා තියෙන නිසාය. එහෙම සීල් ගැහුවා කිව්වාට, සතෙන් සතේ සුපියලෙන් සුපියල එකතු කරලා ගන්න සීල් බෝතලේ බොන්න අඩුම ගානේ 7-8 දෙනෙක් වත් ඉන්නවාය. ඔක්කෝම 14-15 වයසේ උනාට, ජයසේනයා විතරක් 18 පැනලාය, ඒ නිසා බඩු ගේන්න යන්නේ ජයසේනයාය. අපි පැත්තකට වී බලාගෙන ඉන්නවාය.  ඉතින් රැවුල් බාස් සීල් එකෙන් සප්පායම් වී, ඩොල්කිය ගගහා මිල්ටන් පෙරේරා මරනවාය. සමහර දාට බොහිදින් බෙග්වත් ෂරියා කරනවාය. නාඩගම් ගීතත් කියනවාය. මේ ආතල් අරගෙන, නිදි දෙව් දුවත් එක්ක ආතල් ගන්නා රැවුල් බාස්, ඇහැ ඇරෙන්නේ ටිකක් දවල් වෙලාය.

මල කපලා තියෙනවා දැක්කේ කුමාරයයි, මායිය. කුමාරයා එතකොට රා බී තිබුනේ නැතිය. ඒ නිසා කේස් එක ජයසේනයාට කිව්වාම, ඌ කිව්වේ "බොරු කියන්න එපා..." කියාය. පස්සෙ වෙන දවසක ඌවත් එක්කගෙන ගිහිල්ලාම පෙන්නුවේය. ජයසේනයා කිව්වේ, වැඩේ නෝන්ඩි කරන්නේ නැතුව. අපි තුන්දෙනා විතරක් ගේම දෙමු කියාය. ජයසේනයා ඔපරේෂන් එක ප්ලෑන් කලේය. සෙනසුරාද උදේ පාන්දර "ඔපරේෂන් තෙලිජ්ජ" දියත් කිරීමට සියළු සැලසුම් සූදානම්ය. පාන්දර ගෙදරින් පනින්න අවුලක් උනේ නැත්තේ, ඒ කාලේ ජයසේනයා ගම හරහා දුවන නිසා, අපි ඌට සප් එකට යන නිසා, අවුරුද්ද කාලෙට උදේම ගෙදරින් යන නිසාය. කතාකරගත් පරිදි ජයසේනයායි, කුමාරයයි. අපේ ගෙදරට ආවේය. අපේ තාප්පෙන් වෙලට බැහැලා, වෙල අයින දිගේ කඩොල් කැලේ මැද්දෙන්, රැවුල් බාස්ගේ රාජධානියට ඇතුල් උනේය. තාමත් ලාවට කළුවරය. දැන් තියෙන්නේ, කැළේ මැද්දෙන් මල ගාවට කිට්ටු කරන එකය. ජයසෙනයා ගහට නැග මුට්ටියක් බෑවේය. ඌ නැගපු එකා නිසා, ඌ ඉස්සෙල්ලාම උගුර බිව්වේය.

ඊළඟට මමය. කුමාරයා උගුරක් බී කිව්වේ. "අම්මට හුඩු... මාර රහක්නේ යකෝ.... මේක මදි, අනිකත් බාමු..." කියාය. මුට්ටිය ජයසේනයා අතට දුන්නා පමණි. ඇතින් කළුවරේ ගුලියක් වේගයෙන් අපේ පැත්තට එනවා පෙනේ. "අම්මට හුඩු..... අඩෝ රැවුල් බාස්.... දුවපියෝ......" කිව්වේ මාය. රැවුල් බාස් ආවේ නිකන් නෙමේය. කඩුවත් අරගෙනය. ජයසේනයා ඔපරේෂන් එක කලින් ප්ලෑන් කරලා තිබුන නිසා, තුන්දෙනාම කැලේට පැන්නේය. ඊට පස්සෙ මම පිරිවෙන පැත්තටත්, ජයසේනයා වරාගොඩ පාර පැත්තටත්, කුමාරයා වෙළ පැත්තටත් දිව්වේය.

ටික දුරක් දුව ගොස්, සද්දයක් නැති නිසා, නැවති බැලුවාම කවුරුත් නැති නිසා, කජු ගහකට නැගලා බැලුවාම රැවුල් බාස් ජයසේනයා පස්සේ එලවනවාය. ටිකක් වෙලා බලා ඉඳලා ගෙදර ගිහින් බයිසිකලෙත් අරන් කුමාරයාගේ ගෙදර ගියාම ඌත් අම්බානක බය වෙලා ඉන්නවාය. දැන් ජයසේනයා හොයා ගත යුතුය. කුමාරයාත් බයිසිකලේ පොල්ලේ තියාගෙන, ධර්මාළෝකේ පැත්තට යන කොට රැවුල් බාස්ගේ ගේ ඉස්සරහ සෙනග පිරිලා ඉන්නවාය. අපි හිතුවේ බඩු සෙට් කියාය. ඒ උනාට එහෙම දෙයක් නැතිය.

රැවුල් බාස් අපේ අම්මලාට පින් දෙනවාය. කඩුවනම් තාමත් අතේය. ඒ නිසා එතනින් ගියොත් බඩු මාට්ටු නිසා, ඕන කෙහෙල් මලක් කියා ජයසේනයාගේ ගෙදර ගියෙමු. "ජයසේනලයි අම්මේ, ජයසේන ඉන්නවද..?  "නෑ... උදේ පාන්දරම කොහෙද ගියා.... යන තැනක් කියලා යන එකක්ය..". එතනින් හැරෙන්න හදන කොටම ජයසේනයා වෙලෙන් මතු උනේ, මඩ නාගෙනය. පස්සෙ හොයා බැලුවාම, ජයසේනයා සැන් පෝල්ස් එක ළඟට වෙනකම් එලවලාය. කරන්න දෙයක් නැති තැන මූ වෙලට පැනලා මඩේ හැංගිලාය.

අපි ඔහොම බේරුනාට, පස්සෙ දවසක, කසිප්පු සුනන්දයාට, රැවුල් බාස් කොටලා තිබුනේ, හොරන් මලට පෙම් කොරන්න ගොහිල්ලාය. හොඳට හොයලා බැලුවාම, මලට පෙම් කොරලා තියෙන්නේ අපි විතරක් නෙමේය. කොහොමින් කොහොම හරි. සුනන්දයා කැපුවාට පසු, රැවුල් බාස් මල් කපන එකත් නැවත්තුවේ, මහ උළු ගෙදර ටික කාලෙකට යන්න උනු නිසාය.

100 comments:

  1. කියන්න කණගාටුයි... මටත් තාම රා ටිකක රහ බලන්න ලැබිල නෑ...

    බලන් යනකොට උඹල අම්මගෙ ඔඩොක්කුවෙන් බැහැපු කාලෙ ඉඳලම නොසන්ඩාලයොනෙ මාතලන් අයියා... ;)

    ReplyDelete
    Replies
    1. ඇයි දෙය්යනේ මාතලන් කියන්නේ එකනේ...

      Delete
    2. මටත් කියන්න තිබෙන්නෙ එච්චරයි.රා විතරක් නොවෙයි .රා විතරක් නොවෙයි ඕනැම මත්ද්‍රව්‍යයක තිබෙන්නෙ තමන් තමනවම රවටා ගැනීමක්.ඇත්තටම කිසිම ආතල් එකක් නෑ.එහෙම එකක් තිබෙනවා කියල මොළය විසින් කරන රැවටීමක්.මත්පැන් විතරක් නොවෙයි මතවාදත් එහෙමයි.ඒකනෙ ඒවට මතවාද කියන්නෙ.එතනත් වෙන්නෙ මත්වීමක්.මත් පැන් නිසාවත් මත්ද්‍රව්‍ය නිසාවත් මතවාද නිසාවත් මත් නොවී සතුටෙන් ජීවිතය ගත කළ යුතුයි

      Delete
    3. @ සාතන්
      වැදගත් දෙම්ව්පියන්ගේ නොහැදිච්ච කොල්ලෙක්. වෙලාවක මම කියනවට බීලා බලාපන්.

      @ ස්ත්‍රීවදය
      අන්තීම කෙළවරට බැලුවොත් ජීවත් වෙනවා කියන්නෙත් දුකක්. කොටින්ම ඉපදීමම දුකක්. අපි නම් උත්සාහ කරන්නේ ඒ දුකින් පිරි ජීවීතය විඳවීමට නොව විඳීමට උතසාහ කිරීමයි.


      Delete
  2. රා බීපු කාලයක් මතක නෑ...ෂඃ..සොඳුරු අතීතය මතක වෙනකොටත් දුකේ බෑ...අර සතෙන් සතේ එකතු කරලා බෝතලයක් අරන් 20 ක් විතර බොන එක....

    ReplyDelete
    Replies
    1. මට නම් තිබෙන්නෙ උපන්නාට පසු කිසිදිනක රා ටිකක් හෝ වෙනත් මත්පැන් වර්ගයක් කට හරියේ නොතියපු සොදුරු අතීතයක්

      Delete
    2. @ මානවක
      කියලා වැඩක් නෑ. වෙලාවක ලියන්නම් ඒවල රස කතාත්..

      @ ස්ත්‍රීවාදය
      අඩු ගානේ කොෆ් සිරප් ටිකක්වත්. ඔහේ නොදන්නවට බත් වලත් මද්‍යසාර අඩංගුයි.. නොබොන එකාට ඒකේ රහ ගැන කියලා වැඩක් නෑ.

      Delete
    3. මාත් බොන්නේ නෑ. හැබැයි පොඩි කාලෙ රා ඩිංගක් බීලා තියෙනවා. :D

      Delete
  3. ආ එතකොට මේක තමා අර කියලා තිබුණේ මගේ පෝස්ටුව දැකලා.. මැරුම් නොකා බේරිලා තියෙන්නේ.. තව ටිකෙන් රැවුල් බාස් මක බාස් වෙනවා.. නියමයි...

    ලින්කූවට බොහෝම ස්තූතියි..... :)

    ReplyDelete
    Replies
    1. උඹේ ඒ ලිපිය මල් මසුරන්. සුපිරියටම ළියලා තිබුනා. ලින්ක්ස් ගැන නම් ස්තූතී ඕන නෑ. ඒවා අපේ යුතුකම්..

      Delete
  4. රා... ගොටුව උස්සන එක විතර මල් කපන උන්ට මල පනින තව වැඩක් නෑ. ඒත් කොල්ලෝ කොහොම හරි ඕක බානවා. සමහරු නම් කලින් ඔත්තුව ලැබුනොත් ගොටුවට වීදුරු කුඩු දාල තියනවා කියලත් අහල තියනවා.. තවත් උන් උණ ගහ ලෙහල ගෙදර අරන් යනවා. ඒත් කිතුලේ බඩ ගාල හරි බාන එකා බානවා.

    ReplyDelete
    Replies
    1. ඇයි සමහර උං ගහට නැගලා රා ටික බීලා හිස් මුට්ටියට වතුර පුරවන්නේ...

      Delete
    2. උඹ කියන ඒවා අපේ ගමේ නම් කලා. ඒත් කැළණියේ ඒ වගේ දේවල් තිබුනේ නෑ. අනික මේක් පොල් ගස් දෙකක්.

      ඔය හොරෙන් බොන උන් මුට්ටියම බොනවා කිව්වට, එහෙම බොන්නෙ නෑ. උඹලා දන්නවා නේ බොන හැටි. පිඹ පිඹ තමයි බොන්න ඕන. මන්ඩියි, මැස්සොයි නිසා. එහෙම බීලා අඩියේ ටිකක් ඉතුරු කරණවා. ඊට පස්සේ ඒකට වතුර දානවා. සමහර උන් නම් හුජ්ජා පොඩ්ඩකුත් දානවා.

      Delete
  5. ජයසේනයා එහෙනම් බේරිලා තියෙන්නේ අනු නවයෙන්.එදා අහුවුනා නම් සෙත්ත පෝච්චි තමා.

    ReplyDelete
    Replies
    1. එදා අහු උනානම් ඉවරයි. පස්සෙ කාලේක කුඩු වලට ඇබ්බැහි උනා. පුනරුත්තාපනය කලා දෙසරයක්. ඒ පාර ගමෙන් පැනලා ගියා. අනුරාධපුරේ පැත්තෙ ගිහින් කුඩුත් එක්කම යන්න ගියා.

      Delete
    2. වරාගොඩ පැත්තේ අය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

      Delete
    3. දුහ්..... වල් කොල්ලා මෙතනින්.. එනවා මෙතන...

      Delete
  6. එහෙනම් එකම කාලේ බොන්න සෙට් වෙලා තියෙන්නෙ.ගහ උඩට නැගල මුට්ටිය ඇතුලට වැටිල ඉන්න මිමැස්සන්ට කටින් පිඹ පිඹ බීල තියෙනවා.
    ඇයි හලාවත/මීගමු පාරේ කාකපල්ලිය පසු කරපු විට ප්‍රසිද්ධයි "පම්බල රා බොමු"කියල රතු ලෑල්ලේ සුදු අකුරින් ගහල.සල්ලි දීල නම් බීලනැහැ ගහේ බඩු බාපු ගමන් ඒවා.

    ReplyDelete
    Replies
    1. මං නං ජිවිතේ බීපු හොදම රා ටික බ්ව්වේ මිට අවුරුදු 20කට විතර කලින් ලංකාගම කියන අති දුෂ්කර ගම්මානයේදි. එදා ධර්මසිරි ගමගේ නම් අපුර්ව මිනිසාත් අප සමග සිටිම ඒ රා ලබ්බේ රස දෙගුණ තෙගුණ කළා.

      Delete
    2. රා ගැන හෝ වෙනත් මත්පැන් නොව ධර්මසිරි ගමගේ ගැන නම් යමක් කිව යුතුමය.මා දැඩි ලෙස ප්‍රිය කළ මාධ්‍යවේදියෙකි.ඔහුගේ ලිපියක මනුෂ්‍යත්වය ,කරුණාව හා ශ්‍රේෂ්ඨත්වය දෝරෙ ගලයි.මා කුඩා කළ කියවූ ඔහුගේ ලිපි වල ශීර්ෂයන් තවම කටපාඩම්ය.එවැනි පුද්ගලයෙකු දැන හැඳින ආශ්‍රය කළ නලින් ඔබ සැබෑ වාසනාවන්තයෙකි

      Delete
    3. මම නම් බිව්වේ නෙළුවෙදි. ඔය අපේ පියසේන ගමගේ මහත්තයගේ නෑ ගෙදරක. එදානම් දිවිය ළෝකෙම ගියා. කිතුල් රා, ඌරා, බැදපු හුංගෝ, මඤ්ඤොක්කා, කොච්චි සම්බල්. ඊට හපන් ඩොල්කිය හා සර්පිනාව සමග. ජෝති, මිල්ටන් පෙරේ...රා, බෙග් ඔක්කෝම මරලා දැම්මා...

      ධර්මසිරි ගමගේ මහත්තයට, හදවතට කතා කිරීමේ හැකියාව උපරිමෙන් තිබුනා..

      Delete
  7. රැවුල් බාස්ට එච්චර දඟලන්න දෙයක් නැතිය.රා මුට්ටියට ජාපාල ටිකක් දාල නොදන්නව වාගෙ හිටියනං හොරාට රා බීපු උං ආයෙ ඒ පළාතෙ එන්නෙ නැතිය

    ReplyDelete
    Replies
    1. ඕව කියල දෙන්න එපෝ..

      Delete
    2. අපරාදේ කියන්නේ අපේ පැත්තේ ඔය සීන් තිබුනේ නෑ. ගාල්ලෙ නම් මට මතකයි එකෙක්ට ලේ බඩත් ගියා. ඔයිට හපන් මරු සීන් එකක් තියෙනවා, වඳුරෝ රා බිව්වම. අපේ අයියලා වගේ තමයි. මුට්ටියත් පොලොවෙ ගහලා නවතින්නේ.

      Delete
    3. //ඔයිට හපන් මරු සීන් එකක් තියෙනවා, වඳුරෝ රා බිව්වම.//

      දැක තිබේ :D උන්ගෙන් මලක් බේරා ගන්න එක ලේසි නෑ.

      Delete
  8. එක පාර මෙගා බෝතයලක් බිව්වත් වෙරි නැති කොල්ලොත් ඉන්නවා...! ලුණු කැටයක් එකක් තමා රසම. බයට් එකට දැන් බිම්මල් තෙලෙන් බැදලා ගන්නවා....

    ReplyDelete
    Replies
    1. වෙරි වෙන්නෙ නෑ කියල කියන එකා බලකො ඉතිං... :p

      Delete
    2. මරු මෑන් රා ගැන කතා කොරලා තියෙන්නේ. හැබයි එකක් තියෙනවා පුතේ. අපේ ගොඩාක් උන් අරක්කු බොන ස්ටයිල් එක දන්නෙ නෑ වගේම, රා, බියර් බොන ක්‍රමෙත් දන්නෙ නෑ. ඒවා බොන්න ඕන සිප් කර කර. එක උගුරට ඔක්කෝම හලා ගත්තම මෙලෝ රහක් නෑ..

      Delete
  9. Replies
    1. පෙරේ.... රා කිව්වම තවත් කතාවක් මතක් උනා. වෙලාවක ඒකත් ලියන්නම්...

      Delete
  10. ඉස්සර අපේ පොල් ගස් මැද්දෙ ඉන්දියාවෙන් ආපු මලයාලි මිනිස්සු.ඒ අය වත්තෙම වාඩියක් ගහගෙන නැවතිල වැඩ කරන්නෙ.
    නීතිය බාන රා ස්කාගාරයට ප්‍රවාහනය කොට භාර දිය යුතුයි.නමුත් ගොඩක් අය කරන්නෙ 3/1ක් භාරදී ඉතිරිය වැඩි ගානට කසිප්පු පෙරන අයට විකුනනව.එතකොටයි ලාභ.
    අපේ ගෙවල් වල වැඩි හිටීයන්ගේ ප්‍රයෝජනය සදහා කසිප්පු පෙරන්නකු මසකට වරක් කැදවා අවශ්‍ය තරම පෙරවා ගන්නවා.ගැලුම් 8 හෝ 10 රා කලවලට වත්තෙන් උගුල්ලා ගත් ඉරමුසු/ගස්වලින් කඩාගත් බෙහෙත් නෙල්ලි වංගඩියේ දමා කොටා රා කලවලට දමා දවස් දෙකක් පල වෙන්න තබා තෙවන දවසෙ,රා ගැලුමට එක බෝතලය ගානෙ පෙරා ගන්නව.අර ප්ලේන්ටි ඉරි වීදුරුවට කපල දාල උගුරු දෙකට අදින්න පුළුවන් වතුර බොනව වගේ.බඩු වැඩ කරන්නෙ කල් ගත වූ පසු.බෙහෙත් නෙල්ලි කාල තියෙන අය දන්නව දිව කෙලවරට එන කූල් ගතිය.ඒකම එනව අරව බිව්වාමත්.

    ReplyDelete
    Replies
    1. ''ඉරමුසු/ගස්වලින් කඩාගත් බෙහෙත් නෙල්ලි වංගඩියේ දමා කොටා ''

      මෙච්චර ගුණදායක පැනයක් එහෙනම්

      Delete
    2. ''පානයක් ''වෙන්න ඕන

      Delete
    3. සියා විසින් සාදවාගෙන තමයි දවල් කෑමට/රාත්‍රී කෑමට පෙර ෂොට් එකක් දැම්මෙ.එයාල ඒක බෙහෙත් පානයක් විදියට අරගෙන 101 විතර ජිවත් උනා.දැන් බොන අපිට "බෝතලේ අඩිය නොදැක නින්ද යන්නේ නැහෑ"නොවැ.

      Delete
    4. සිංහල අවුරුද්දට තාමත් පළතුරු වඩියක් ගමේ කොල්ලෝ දානවා කෙන්ජි..විස්කි පරාදයි.

      Delete
    5. @Kenji @ Japan

      බෝතලේ " අඩියකුත් " තියෙනවද ?

      Delete
    6. අනේ කෙන්ජියෝ කටට කෙල උනනවෝ

      Delete
    7. @නලින්;
      මම ඒවා නම් බීල නැහැ නලී.ඔබ කියන එක ඇත්ත.මම කොහොමත් ඒ දවස්වල ඉදල ඖෂධ ගුණාත්මයෙන් යුත් වැල් සහ පොඩි ගෙඩිවලට ප්‍රියතාවයක් දැක්වුව නිසා,පලතුරු දාපුව බිව්වෙ නැහැ :). @ලිහිණි;
      ගම් පැත්තෙ කමට අඩු ගානේ නිවැරදි වචනේ දාන්නේ නැතිව,ඔලොක්කුවට හිනාවෙන එකෙන්ම තේරුම් යනව බොන එව්වො එක්ක තියෙන ඉරිසියාව :).
      @අටම්;
      කොල්ලො සෙට් එක එක්ක බංගදෙනියේ පල්ලම කියන ගම පැත්තට යනවා මාසයකට සැරයක් හෝ දෙකක්.නාවල ඉදන් උදේම වෙන්නප්පු ඇවිල්ල ,ගහෙන් බාපු ගමන් රා වඩියක් කොච්චි සම්බල් සමග මයියොක්ක වලින් සප්පායම් වෙලා,අපිටම බඩු පෙරන මනුස්සයගෙන් බූලී 3ක් විතර[බූලියක මට මතක විදියට බෝ.81/2] අරගෙන,හලාවත කලපුවෙන් සාලයෝ/හුරුල්ලෝ ටිකකුත් අරගෙන පාර අයින්වල තද රතු පාටට ලේ තවරල තියෙන උරූමස් රාත්තල් කීපයකුත් අරගෙන ගිහිල්ල වැඩ දෙනවා.දැන් මතක් වෙද්දීත් කෙල උනනව අටම්.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. පළතුරු එක මල් මසුරන්, ඇපල් එක ඇපල් ජූස් වගේමයි. දංකොටුව පැත්තේ සුපිරි බඩු තියෙනවා. ගනනුත් ඒ වගේමයි. මෑතකදි බිව්වා කොත්තමල්ලි පාරක්. පලාතත් එක්ක සුවඳයි. මහතුන් අයියා තව වඩියක් පෙරලා තියන්නම් කියලා ගියාට. පෙරන්න හම්බ උනේ නෑ. දිවිය ළෝකේ ගියා. ඌරූ මස් නිසාමයි කියලා කිව්වේ. දැන් සුරංගනාවියොත් එක්ක අමුර්තේ පානය කොරනවා ඇති. අම්මාපල්ල කෙන්ජියෝ. මගෙත් පුදුම පෙරේත කමක් තියෙන්නේ, වලිගේ කොටාට නම්. අර ලේ ගාලා කොක්කෙ ඉන්න කොට කටට කෙල උනනවා.

      Delete
    10. මොන මගුලක් කියනවද උඹල! දැං ඉතිං ඔපීසියෙන් පැනල අඩියක් ගහන්නම වෙනව.

      Delete
  11. මාතලන්ගේ පාසල කොහෙද?

    මුන් බීල වුනත් දුවල තියෙන්නෙ ධර්ම ආලෝකය පැත්තට. ඇයි යකෝ මගෙ පාසල ඔහොම විනාස කරන්නෙ? සැන් පොලීසිය පැත්තට පැන්න නම් දුක නැහැ. අපි උන් එක්ක තරහාාාාායි !

    ජය !

    ReplyDelete
    Replies
    1. මමත් තුනේ පන්තියේ ඉඳලා පහේ පන්තිය වෙනකන් පොඩි ප්‍රේමාළෝකේට ගියා. ඒ කාළේ තිබුනේ පොල් අතු මඩුවක්. හැබයි ඒකේ තිබුන සනීපේ කොන්ක්‍රීට් ඉස්කෝලවල නෑ. 4-5 පන්ති තිබුනේ හවස් වරුවේ.. ඒ වෙලාවට ඉගෙන ගන්නත් ආසයි.

      Delete
  12. කළුවන් කළු රුවයි අප ගම මදින්නා ...
    මන්ඩි නැතුව රා හැමටම බෙදන්නා...
    දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා.
    මට මතක් වුනේ මේ පද ටික.

    ReplyDelete
    Replies
    1. කළුවන් කළු රුවයි අප ගම මදින්නා ...
      මන්ඩි නැතුව රා හැමටම බෙදන්නා...
      එන එන කැකුළු මල් නෑරම තලන්නා...
      දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා.

      ඕක කතාවක් නේ.

      Delete
    2. මගෙ සුදු මාමේ රා පොඩියක් දී මා සනසන්නේ...

      ගහෙන් ගහට අතුර දිගේ නගින්නා
      ලපටි කැකුළු මල් බල බල තලන්නා
      මන්ඩි නැතුව රා හැමටම බෙදන්නා
      අනේ වාසනාවන් මේ මදින්නා..

      රා වගේම රහයි සී ටී ෆනෑන්ඩුගේ මේ සින්දුවත්

      http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?action=Lyrics&s=A1310020C05

      Delete
  13. රා ටික නම් විස්කි වගේ හරිම ප්‍රණීතයි
    ගැහුවම හරිම විකාරයි
    රා ටික නම් විස්කි වගෙයි නේ..........
    හැබැයි උගුඩුවො වගෙ රාබොන්නෙ රාළහාමිලාලු

    ගාල්ලේ කිතුල කොහෙද මචං අපි රෑට නැග්ගේ උඹලගේ සීයාගේ කිතුලට දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ගල්ලේ උනවටුනේ, මහරඹ කියන අති සුන්දර ගම්මානයේ. රූමස්සල වගේම කඳු පන්තියකින් වට උන සුන්දර ගම්මානයක්. අමරසූරිය වලව්වෙ පිටිපස්ස. අද අමරසූරිය ගුරු විදුහල. අරිසෙන් අහඹුඳු, එඩ්වින් ආරියදාස වගේ රසවතුන් බිහිකල ගමක්. මැටරඹ කියලත් කියනවා. අපි උනවටුන බීච් එකට යන්නේ පයින්.

      Delete
  14. යාපනේ ගියපු වෙලාවක තල් රා ටිකක් බිලා තියෙනවා. රා බිමේ ඉතිහාසේ එච්චරම තමා

    ReplyDelete
    Replies
    1. තල් රාත් හොඳයි. ඒත් කිතුල් රා තමයි, "දී බෙස්ට්"

      Delete
    2. තාම බැරි උනා තල් රා ටිකක් බීලා බලන්න. කිතුල් රා නම් පොල් රා වලටත් වඩා හොඳයි තමා ඒත් බොන්න ලැබෙන්නේ කලාතුරකින්. එරත්න පාරෙන් සිරීපාදේ යනකොට නම් කිතුල් රා හොයා ගන්න පුළුවන්

      Delete
  15. මාතලන් මත්පැන් බීමේ ආදීනව ගැන ලිපියක් ලීවානම් හොඳ නැද්ද?සිරෝසිස් හැදිලා බඩ ඉදිමුන කාලකන්නි ගැන.බීල පාරෙ වැටිල බල්ලො කටට මුත්‍රා කරන උත්තමයො ගැන.ෆ්‍රිජ් එකට මුත්‍රා කරපු කොමඩ් එකේ පියන උඩ කැත කරන අය ගැන.ගේ පුරාම වමනෙ දාල නිවස අපායක් කරන උදවිය.බීලම මැරුන තිරිසන්නු ගැන මේව ගැන කොච්චර කතා තිබෙනවාද?නරක දේ ටිකක් කළත් නරකයි නේද?

    ReplyDelete
    Replies
    1. බීලා වන වෙන උන් ගැන උඹ ලියපන්. අපි ලියන්නෙ ඒක ගැන අපි ගත්ත ආතල් විතරයි. ඕන දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවා නේ. බීම උනත් එහෙමයි.

      Delete
    2. බීල ආතල් ගත්ත ප්‍රසිද්ධ කෙනෙක් තමයි ගුණදාස කපුගේ මහතා. ඒ මහත්තයා ගුවන්යානයෙන් වැටිල මළෙත් ඔය ආතල් වැඩිවෙලා. රසිකයෝ වශයෙන් අපටයි ලොකුම අසාධාරනේ සිද්ධ වුණේ. එතුමාගෙන් තව කොපමණ නිර්මාණ බිහිවෙන්න තිබ්බද අකල් මරණයකට ගොදුරු නොවුණා නම්?

      Delete
    3. ඒ නිර්මාණ ඔක්කෝම එලියට ආවේ ගංජා වලටයි ගල් අරක්කු වලටයි පින් සිද්ද වෙන්න.

      Delete
  16. @ස්ත්‍රීවාදය;
    ඇත්තටම වටිනා අදහසක්.අපිට කියවන්න ලැබෙන්නෙ බිල ජොලි කරන චූන් කතා.හැබැයි බොන කෙනෙකුගෙන් හොද ලිපියක් බලාපොරොත්තු වෙන්නම බැහැ.නොබොන කෙනෙක් නම් ඔබම ලියන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. බිව්වත් මැරෙණවා. නොබීවත් මැරෙනවා. නොකා නොබී මලොත් ඒක අකාල මරණයක් වෙනවා. කාලා බීලා මලොත් ඒක කාළ මරනයක් වෙනවා. ඒකයි වෙනස. හොහොමත් බොන උන්ගේ බොක්ක හොඳයි. නොබොන උන්ට වඩා. බීලා කොකු දාන උන් නම් මට අරහං. ඔක්කෝටම ඉස්සෙල්ලා උන්ට නෙලන්නේ මම.

      Delete
    2. ජනදාස පීරිස් මහත්තයගේ මලගම තිබුණේ පෙරේදා. ජිවිතේට බීලා නෑ. ඒත් මැරුණේ සිරෝසිස් රොගයෙන්..නොන් ඇල්කොහොලික් සිරෝසිස්.

      Delete
    3. අපේ නැන්දා කෙනෙක් ළඟදි මලා. අපි බොනවට හරියට බන කියාපු කෙනෙක්. ඒත් අන්තිම කාලේ ඩ්‍රින්ක් එකක් දෙන්නද ඇහුවම් හිනාඋනා. මලේ සිරෝසිස් හැදිලා, වෙජිටේරියන්. හැබයි චිකන් සෝයා නම් කනවා. මම කිව්වේ ඒ නිසා කියලයි.

      Delete
    4. මන් දන්න කියන හොඳට බොන අය ගොඩ දෙනෙක් බීම නවත්තලා වැඩි කල් යන්න කලින් මැරුනා. :-D

      Delete
    5. බීපු නැති අයත් සිරෝසිස් හැදිල එහෙම මැරෙනව නම් බීපු අය කොහොම මැරෙයිද?

      Delete
    6. අවුලක් නෑ...

      උපන්නොත් මැරෙණවනේ....
      නොබී මැරෙණ උන් ගැන තමයි මට නම් දුක...

      Delete
  17. මලකට පෙම් කරලා මෙහෙම කතාවක් ලීවා නම්, කෙල්ලෙකුට පෙම් කල කතාවක් ලීවොත් කොහොමට තියෙයිද?

    ඇත්තටම රා ඔච්චර රසද? :)

    ReplyDelete
    Replies
    1. ඒ මල් වලටත් මේ මල්වලටත් හැර අනෙක් මල් වලටද පෙම් කරන්නෙක්මි. (අනෙක් මල් කියන එක පොකූට තේරෙන්නේ නැති උනාට, දන්නෝ දනිති.) මම කියනවට කිතුලගල පැත්තේ ගිය වෙලාවක හරි ගාළු පාරේ යන ගමන් හරි තෙලිජ්ජ ටිකක් හොයාගෙන බොන්නකො කෙල්ලේ. රජවරු පානය කළ බීමක් නොවෑ...

      Delete
    2. දෙන්නද දෙන්නද බොන්න බොන්න

      Delete
  18. රා.. පෙරා..
    බඩ පුරා...
    පුරවා...
    ගත් හුගක්.. රා...
    වැල වගේ රී...ලා...

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් තියෙනවා. ඒත් මම දන්න එකෙකුටවත් එහෙම ලෙඩක් නම් ජීවීතේට හැදිලා නෑ..

      Delete
  19. මමත් සෑහෙන රා බී ඇත්තෙමි... තාත්තා මිතුරන් සමග අනිත් කාමරයේ රා බොද්දී, අවශේෂ පිරිස සමග එකතු වී උණු උණු වඩේ කකා ප්‍රථම වතාවට හොරෙන් රා බිව් ආකාරය හොඳින් මතකය. මේ ගම්පොළ පැත්තේ බවත් මතක ඇත.

    ReplyDelete
    Replies
    1. අපේ නම් පවුලම තෙලිජ්ජ බොනවා. රා තම්යි හොරෙන් බොන්නේ...

      Delete
  20. රා තියෙනවනම් නියමයි. ලාබෙට ගානට වෙරි වෙන්න තිබ්බා. ඒත් දැන් කොහෙද හොඳ රා තියෙන්නේ. ගොඩක් තැන්වල තියෙන්නේ ජරාවනේ

    ReplyDelete
    Replies
    1. මම කොළඹ ඉන්න කාලෙ ඔන්න අපි ගියා කොහේදෝ තැනකට රා බොන්න. ටිකක් ලැමි පරිසරයක් තිබුන පැත්තක්(හරියට මතක නෑ හංවැල්ල පැත්තෙ). හේනක් වගේ තැනක හදාගත්ත පැල්කොටේක ඔන්න එක මෑන් කෙනෙක් පොල් රා දෙනව. අසෝක වීදුරුව රුපියල් තිහක්ද කොහේද! පොල් වත්තක් කිට්ටුවක නෑ. එක ගහනකොටම තේරෙනව ඔරිජිනල් බඩු නෙවේ කියල. මේ රා වලට අපි කිව්වෙ "හදා රා" කියල.

      Delete
    2. අළුත්ගම නම් ටොප් බඩු තියෙනවා. වාද්දුව හරියෙදි උදේම ගියොත්, වැඩි පුර ගානක් දීලා ගන්න පුළුවන්.

      Delete
    3. අපිට ලඟම තියෙන්නේ ඒකල සහ සීදූවේ රා තැබෑරුම්. මේ දෙකේම තියෙන්නේ ඒවා හොඳ නැහැ. අපේ නෑදෑ කෙනෙක් පෙරන පොල් රා ඉඳලා හිටලා හම්බ වෙනවා අන්න ඒක නම් නියමයි. දාගොන්නේ තියනවලු ටිකක් ලොකුවට තියෙන රා තැබෑරුමක් ඒකට නම් මන් තාම ගිහින් නැහැ.

      මේ මෝදර රා තැබෑරුමක් ගැන
      http://www.yamu.lk/si/place/%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB-%E0%B6%BB%E0%B7%8F-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%91%E0%B6%BB%E0%B7%94%E0%B6%B8-toddy-tavern-mutwal.html

      Delete
  21. මම රා බීලා නෑ නේ :'(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බීලා බලන්නකො වෙලාවක...

      Delete
  22. දැන් වැඩිපුර තියෙන්නේ නියම පොල් රා නෙවේ.අමුතු ලුණු රහක් තියෙන බෝතල් රා ජරාවක්

    ReplyDelete
    Replies
    1. එව්වනම් ඩුප්ලිකේට් කේස් එකක්ද කොහෙද... බෙහෙත් රහකුත් එනවා...

      Delete
  23. මම නං රා බිව්වෙ 6-7 වසරෙදි විතර. ආයෙ කාටවත් හොරෙං නෙවේ. අපේ තාත්ත මැදපු මලෙන්ම තමයි. ඒ කාලෙ අපිට රා ටිකක් දීම එච්චර ලොකු දෙයක් විදියට වැඩිහිටියො හිතුවෙ නෑ. ඒ වගේම මත්පැන් වර්ගයක් කියනවට වඩා වෙනස් හැඟීමක් රා වලට තිබ්බෙ. (අරක්කු-බියර් වලට ඒ තැන තිබුනෙ නෑ).හැබැයි ටිකක් ලොකුවෙද්දි නං තාත්ත මට රා දෙන්න අදිමදි කලා.

    පොල් රා තමයි මගේ ෆේවරීට්.
    අන්තිමට රා ටිකක් බිව්වෙ අවුරුද්දකටත් උඩදි.

    ReplyDelete
    Replies
    1. //පොල් රා තමයි මගේ ෆේවරීට්.//

      පොල් රා වලට වඩා කිතුල් රා සි..රා ලු රා..ජ් :)

      Delete
    2. උඹ දැන් බොන්නෙ රා නෙමෙයි නේ... සුරා.....

      Delete
  24. කිතුල් රා තමා මරු

    ReplyDelete
  25. අපි පොඩි කාලේ අවුරුද්දට ගමේ ගියහම බාප්පා තෙලිජ්ජ ගෙනත් ළමයින්ට ටික ටික බොන්න දෙනවා . හැබැයි ආච්චිට හොරෙන් . මමත් දවසක් බිලා තියෙනවා . ඉස්සර ඒ පළාතේ හරියට කිතුල් ගස් තිබුණ .

    පොල් වගේ කිතුල් වගා කරන්නේ නැහැ නේද . මෙච්චර වටින ගහක් . කිතුල් ගහින් උපරිම ප්‍රයෝජන ගන්නේ අපේ රටේ විතරයි වගේ . මේ කලාපයේ අය කිතුල් පැණි , හකුරු දන්නෙත් නැහැ . පාම් සුගර් කියල තිබුනට කිතුල් නම් නෙමේ .

    ඔන්න අපිට කරනවා නම් හොඳ කර්මාන්තයක් .

    ReplyDelete
    Replies
    1. මම දවසක් සුද්දොන්ට රගෙන දුන්නා කිතුල්ගලදි.. සුද්දි පොල්කට්ට ලෙව කෑවා. වියට්නාම් කාරයොන්ට වැඩේ ඉගැන්නුවා නම් බින්දිත් ගොඩ.

      Delete
    2. අම්මපා ඔන්න කරනවා නම් බිස්නස් එකක් . ඕන ජරාවක් බොනවා මුන්

      Delete
  26. හපෝයි අපරාදේ කියන්න බෑ මෙයා අහු උනානම් රා බීම කෙසෙ වෙතත් ඉස්පිරිතාලෙට යන්න තිබුනා .. අනික ඉතින් රා උනත් හොරෙන් බොන්න හොද නෑ නෙ

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාලේ කෙසේ වෙතත්, කනත්තට නම් යන්න තිබුනා....

      Delete
  27. පොල් රා, කිතුල් රා දෙකම මමනම් බීලා තියනවා . පොඩි කාලෙ අපිට හිටපු ගමන් දෙනවා බඩට හොඳයි කියලා . ඉස්සර ගොඩක් ගම් වල රා මදිනවා උනාට දැන්නම් හරිම කලාතුරකින් දකින්න ලැබෙන්නේ . අපි ඉස්සර හරි ආසයි අතුරේ යනවා බලන්නත් .
    …මාතලන් අය්යගේ ලිපිය ආයෙත් කුඩා කාලය මතක් කලා .

    ReplyDelete
    Replies
    1. හප්පේ මට රාත් අමතක උනා. කොහෙද පනේ මෙච්චර කල් වහං වෙලා උන්නේ... මොනවයි අළුත් නිව්ස්...

      Delete
  28. :D කතාව රසයි!!!

    මාත් තෙලිජ්ජ බීලා තියෙනවා .. රහ මතක නෑ. රහ හොඳ වෙන්නැති මොකද සෑහෙන ප්‍රමාණයක් බීලා දවසක් හමාරක් නිදා ගත්ත බවත් මතකයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් නාලාගිරි වගේ බීලා තියෙනවා....

      Delete
  29. දන්නවනේ ඉතින් පයාගල, මග්ගොන පැති ගැන! :D යාලුවෝ ගොඩකුත් ඒ පැත්තේ වෙච්චි එකේ කිසි කරදරයක් නැහැ ඕවා හොයා ගන්න. ඒ උනාට අද වෙනකං කටේ තියලා නැහැ කිසිම ජාතියක්!

    ReplyDelete
    Replies
    1. මක්කා කොරන්නද...? තෙලිජ්ජ ටිකක් හරි බීපන්.. මොකෝ විනාකිරි දාලා අච්චාරු එහෙම කනවනේ....

      Delete
  30. මෙන්න මා අසා ඇති රා ගැන සින්දුවක්.

    (තාලය: මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

    ඇගේ රා ටික නං හරිම හොඳයි
    විස්කි වගේමයි
    ගැහැව්වම හොඳට වදිනවා
    ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

    නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
    සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
    වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

    ඇගේ රා ටික නං හරිම හොඳයි
    විස්කි වගේමයි
    ගැහැව්වම හොඳට වදිනවා
    ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

    මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
    සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
    වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

    ඇගේ රා ටික නං හරිම හොඳයි
    විස්කි වගේමයි
    ගැහැව්වම හොඳට වදිනවා
    ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

    ReplyDelete
    Replies
    1. කතාට මතකද දන්නෙ නෑ... තව සින්දුවක් තිබුනා...

      රා.... රා.... රා.....///

      "ගීත ධාරා...." ස්පොන්සර් කලේ දාසද කොහෙද..

      තව එකක් තියෙනවා...

      රා බී වෙරි වූ මීයා සේ....//
      උඩඟු දනා.... කටමැත දොඩනා....
      රා බී වෙරිවූ මීයා සේ....

      Delete
  31. සැක් බීලා නෑනේ අප්පා :(

    ReplyDelete
    Replies
    1. ආයිත් දැක්ක වෙලාවක බොන්න.. තැබෑරුමකින් බොන්න පුළුවන් නම් තමයි වටින්නේ...

      Delete
  32. මෙන්න මම අසා ඇති කවි පද දෙකක්

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යයි කකුලුව දිය කෙලියේ

    ReplyDelete
    Replies
    1. කකළුවෝ බැදලා.... රා එක්ක පට්ට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න