(රනිල්ගේ ගරිල්ලා මාකටින් යටතේ ලියා තිබු මේ ළිපියේ මාතෘකාව කාලානූරූපිව වෙනස් කරණ ලදි.)
රනිල්ගේ ගරිල්ලා මාකටින් ළිපි පෙල හිතුවාට වඩා කතාබහට ලක්වි තිබෙනවා දැක්කාම සතුටක් දැනෙන්නේ නැතයි කීවොත් අමු කෙප්පයක්ය. උදිතත් ඊට සමගාමීව, තිරිකුනාමලේට හයි වේ එකක් හදන්න යනවාය. මොන කෙං ගෙඩියකටදැයි කියා තවම නම් කීවේ නැත. ගරිල්ලා මාකටින් වල කතා කොරන්න හිතාගෙන උන්නේ. අපේ දේශපාළන සංස්කුරුතිය 78 ව්‍යවස්තාවෙන් උඩු යටිකුරු කල නිසා, අද ඇතිවී තිබෙන කාළකන්නි තත්වයයි. එහෙත්, කලින් ඒවාවල කතා බහට ලක්වු මැතිවරණ කොරොමේ ගැන මුලින්ම ලියලා දමනවාය.
අපේ රටේ මැතිවරන නොහොත් ඡන්ද හැමදාම තියෙනවාය. ඉතින් ජඩ මාද්දිය වේදියන්ටත්, දේශපාලන මහත් හොරුන්ටත්, රට කරවන්න වෙලාවක් නැත්තේය. ජෝතිෂ කාරයන්ටත් මල් හතය. උනුත් ඉතින් අරූ දිනනවා මූ දිනනවා කියා ඔට්ටු අල්ලනවාය. අපේ උන් එංගලන්තේ අස්සයන්ට ඔට්ටු අල්ලන එකේ. අපරාදේ බටහිර කුමන්ත්‍රණ කාරයන්ට යවනා සල්ලි, මැතිවරණ කොමසාරිස්ට දී, සතියකට සැරයක් මැතිවරණයක් තියන්න කිව්වා නම්, එකෙකුටවත් මෙළෝ සිහියක් නැතුව, පත්තර ටී වී රේඩියෝ ළඟ වාඩිවි ඔට්ටුව දිණුවාදැයි කියා බලාගනට හැකි වන්නේය. ජනතාවට පට්ට ආතල් එකක් උනාට. එහෙම හැමදාම තියන්න ගියොත්, මැතිවරණ කොමසාරිස්, මාතලන්ට ලෙඩේ අදින්න ඉඩ තියෙනවාය. ඒ එයාට ආතතිය කියා රෝගයක් හැදෙන නිසාය.
ඇත්තටම, අපේ රටේ මැතිවරණයක් නොමැති දවසක් නැති තරම්ය. එහෙත් දියුණු රටවල, ඔක්කෝම ඡන්ද තියන්නේ එක දවසේය. අපේ රටේ සමූපාකාර ඡන්ද, ප්‍රාදේශීය සභා හා නගර සභා ඡන්දය, පලා බබා ඡන්දය, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණය කියා ඡන්ද හැට හුටාමාරක්ම තියෙනවාය. මේවා ඔක්කෝම එක දවසක තියනවානම් බොහෝම හොඳය. මිනිසුන්ටත් කරදරයක් නැතිය. හැම තැනටම එකම මතයක් නියෝජනය කරනා උන් සෙලෙක්ට් වනවාය. කාලය, මුදල් හා ශ්‍රමය බොහෝ සෙයින් ඉතිරි වනවාය. පාසල් ළමුන්ට නිවාඩු දෙන්න ඕනා නැතිය. බොන උන්ට නොබී ඉන්න ඕනාත් නැතිය. ඔය ඔක්කෝටම වඩා මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදෙන්නේ, දවසක් දෙකක්ය.
මේ මැතිවරණ වලින්, පලා බබා ගැන මුලින්ම කතා කල යුතු වන්නේය. පලා බබා අපේ බබෙක් නෙමේය. ඒ කියන්නේ, සිරි ලංකා මාතවගේ බබෙක් නෙමේය. ඉන්දියාවේ බබෙක්ය. ඒ බබාගේ පියා, බබා අපිට දන් දුන් පුන්‍ය කර්මය හේතුවෙන්, මහා හඬක් නංවමින්, තමිල්නාඩුවේදී, තව්තිසා ළෝකේ බලා, චුත උනේය. මෙහේ, හදාගන්න ගත්ත පියාත්, දිවංගතවීත් බොහෝ කල්ය. මේ බබා ඉන්දියාවේ එකෙක් නිසාද කොහේද, මෙහේට හරි ගියේ නැත. දැන් නම් මූ බබා නෙමේය. රස්තියාදුකාරයෙක්ය. මෙළෝ රහක් නැත. මූ නිකං කකා බිබි ඉන්න නිසා, මූට දැන් කියන්නේ සුදු අලියා කියාය. ඉන්දියාවේ උන් අපෙ හන්දුරුවන්ටත් ගහලා එලවන වෙලාවේ, දැන් මෙයා හදා වඩා ගන්නා පියාට තියෙන්නේ. තොපේ එකා තොපිම හදා ගනියව් කියා, පුකට පයින් ගසා එලවීමය. ඒ නිසා, ඒ ගැන කතා කිරීමෙන් පලක් ඇත්තේ නැතිය. (ප: ලි: - නමුත් දැන් ඒ වැඩේට පරක්කු උනා වැඩිය. විදෙස් ප්‍රතිපත්තියටද ගොබෙලස් න්‍යායය ඇප්ලයි කිරීමට යාමේ පව ගෙවන්න සිඳුවී තිබෙන්නේ, බබා සැප්තම්බරයේ සිට නැවතත් ආදරයෙන් හදා ගන්නා බවට ඉන්දියාවට පමණක් නොව අනෙකුත් රටවලටද පොරොන්දුවක් දෙමිනි.)
ඊළඟ එක පලාත් පාලන හා නගර සභාය. මේක ගැන කතා කරන කොට ආසන කොරමේ ගැන කතා කරන්න වෙනවාය. මාතලන් අදහස් කරන්නේ මේ තියෙන ඡන්ද කොඨ්ඨාශ ක්‍රමය වෙනස් කරන්න ඕනෑමයි කියලාය. කොළඹ නගර සභාව ගත්තාම ජනම් එක වැඩිය. සභිකයන් වැඩි උනාට, නගරාධිපති එකාය. එයාට ඔක්කෝම බලන්න වෙලාවක් නැතිය. ජනගහනය අනුව, අළුත් ඡන්ධ කොඨ්ඨාශ ක්‍රමයක් ඇති කල යුතුමය. එහෙම කොලා කියලා, ආසන ප්‍රමාණය නම් වැඩි කල යුතු නැත. අනෙක් ප්‍රධානම කාරණය නම්, මේ දිස්තිරික්ක ක්‍රමය නම් අහෝසි කළ යුතුම මනස්ගාතයකි. අද අපිට, අපේ එකා කියලා කියන්න එකෙක් නැතිය. අනෙක, මේ බහුබූත කොරොමේ නිසා, සල්ලි නැති වැදගත් එකෙකුට, රට පාළනය කෙසේ වෙතත් ගම පාලනයටවත් ඉඩක් නැත.
අද හැම තැනම කසිප්පු කාරයෝයි, කුඩු කාරයොයි, ගංජා කාර්යොයි, බොතල් හවුස් කාරයොයි, පාතලයොයි රජ වෙලා තියෙන්නේ, මේ මුදල් බලේ නිසාය. මම දන්නේ කැළණිය ගැන කියන්නය. පාර්ලිමේන්තුව නියෝජනය සඳහා ආචාර්ය කෙනෙක් උන්නද. ((ඇයි ඔයාලා හිනාවෙන්නේ. ඔයාලමනේ කියන්නේ පාර්ලිමේන්තුවේ උගත් අය ඉන්න ඕන කියලා.) (මේ දේශපාලණ ක්‍රමය තුල ඉන්නා මර්වින් සිල්වා, ජී ඇල් පීරිස් මෙන්ම මෛත්‍රිපාලද මට නම් එකම චරිතය. මගේ මතය අද සනාතව ඇත.)) කැළණිය ප්‍රාදේශීය සභාවේයි, පෑළියගොඩ නහර සභාවෙයි, එක වැදගත් එකෙක් නැත. මෙය ජවිපෙට හැර, අන් හැම පක්ෂයටම, පොදු ධර්මතාවයක් වෙලා අවසානය. රනිල් වෙනසක් සමඟ එනවානම් මෙයත් අත්‍යාවශ්‍යම කාරණයක්ය. හොඳම උදාහරණේ අලි පාටියේ ශ්‍රීනාත් පෙරේරාය. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනා අය උනාට, ඉන්නේ පබාලා වගේ බබාලාය. අන්තීමේදි, එයාලා කොන්ද පන නැති කරුවලට වඩා මනාපත් අරගෙන, පස්සේත් මාරු කරලා මනාපේ දුන්න උන්ට පස්ස පෙන්නනවාය.
ඔන්න එතකොටම අනෙක් ඉම්පෝටන්ට් එකත් මතකෙට එනවාය. ඒ අද නම්බර් වන් ඉන්කම් එක වෙලා තියෙන පක්ෂ මාරු කිරිල්ලය. මේ වැඩේ නීතියෙන් සම්මත කල එකාටනම්, හෙන හතක් නොව අටක් ගැහුවත් මගේ නම් අවුලක් නැත්තේය. ව්‍යවස්ථාවේ නැති ඒවාත් තමන්ගේ වාසියට හදාගෙන අද නන්නත්තාර වෙලා ඉන්නවාය. රනිල්ටත් ලැජ්ජා නැතුව උන් ඉන්න ඉස්ටේජ් වලත් ලැගලා ඉන්නවාය. මුන් පත්වන්නේ අපේ ඡන්දයෙන්ය, එතකොට අපි බලා පොරොත්තු වන්නේ ඌ දින්නේ නැත්නම්, විපස්සේ ඉඳන් හරි ජනඝෝෂා කොරයි කියලාය.
ඒ ඝෝෂා කිරිල්ල කෙසේ වෙතත්. අයි පී ඇල් (IPL) වෙන්දේසියේ වගේ, මෙයාලා ලන්සුව වැඩි කරගෙන පාලක පක්සෙට හේත්තු උනාම. මනාප දුන්න එකාගේ හදවත කඩාගෙන උන්ඩුක පුඡ්චය දක්වා වැටෙනවාය. ඇඟේ මාළු නටනවාය. ඉස්සර එහෙම නෙමේය. පස්ස මාරු කොරන්න බැරිය. ජනතාවගේ ඡන්දය "වේස" කමේ යොදවන්න බැරිය. එහෙම පස්චාත් ප්‍රදේශයේ අමාරුවක් තියෙනවානම්, අතුරු මැතිවරණෙකින් ආවම, අරකේ අමාරුවට බෙහෙත් කරන ආකාරය, ගොඩ වෙදකමට කප් ගසා ඉන්න සිරි ලාංකික බුද්ධිමත් ජනතාව හොඳට දන්නවාය.
තවත් කතා කොරන්න ගියොත් ළිපිය බෝරින් වන නිසා. ලියූ දෑත් අඩංගු කොට කිව යුතු දේ කෙටියෙන් ලිව්වොත් එන්නේ මෙහමය.
- මනාප ක්‍රමය අහෝසි කොට පැරණි ආසන ක්‍රමය නැවත ස්ථාපිත කළ යුතුය.
- ආසන, ජන අනුපාතය අනුව සංශෝධනයකට ලක් කළ යුතුය.
- ආසන ප්‍රමාණය 200 ක උපරීමයකට සීමා කළ යුතුය.
බෝනස් සීට් ක්‍රමය අහෝසි කළ යුතුය. - සියළුම ඡන්ද එකම දිනක පැවත්විය යුතුය. මෙමගින් මුදල්, කාළය හා ශ්‍රමය ඉතුරුකර ගත හැකි අතර. වේදිකාවල මොර දිදී ජනතාවට ආතල් දෙන්නේ නැතුව. ජනතාව විසින් බාර දුන් වගකීම ඉටු කළ හැකිය.
- සියළුම මහජන නියෝජිත ආයතන හා ධූර වසර හතරකට සීමා කළ යුතුය.
- බලයට පත්වූ පසු පක්ෂ මාරු කිරීම අහෝසි කළ යුතුය. මෙය විපක්ෂයට මෙන්ම, පාලක පක්ෂයටද අදාල විය යුතුය. එය ජනතා තීන්දුවට පිටු පානා දැඩි දඬුවම් ලැබිය යුතුම වරදකි.
- එවන් අවස්ථාවකදි, අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුය.
- සියළුම පක්ෂ, උගත්, බුද්ධිමත්, වැදගත් මිනිසුන්, තම නියෝජිතයින් ලෙස ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය.
- පොලිස් පොතක නම සඳහන් කිසිම පුද්ගලයකුට අපේක්ෂකත්වය ලබා දිය යුතු නැත.
- පෝස්ටර් ඇලවීම හා කිසිඳු ස්ථානයක නම් ගම් ප්‍රදර්ශණය, කොඩි වැල් පාර පුරා ඇඳිම සපුරා තහනම් කළ යුතුය. රැස්විම් අවසන් වූ වහාම සියළුම ප්‍රචාරන මාධ්‍යයන් එම ස්ථානයෙන් ඉවත් කළ යුතුය.
- කුමන ආගමක හෝ පූජ්‍ය පක්ෂයේ පුද්ගලයින්ට ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි කළ යුතුය. නැතිනම් වන්නේ කෙදිනක හෝ වතිකානුවක් බවට පත්වීම හෝ ආගම්වාදී මිනිමැරුම් පිරි රටක් බිහිවීම පමණි.
- ජාතිවාදි හෝ ආගම්වාදි පක්ෂ තහනම් කළ යුතු අතර ඕනෑම පක්ෂයක නිළදාරි මණ්ඩලය තුල සියළුම ජන කොටස් නියෝජනය විය යුතුය.
ප: ලි:
ගීත ප්‍රිය කරනා අය ඉන්නවනම් පහල තියෙන "රස්තා" ගීය අසා ගයා සැනසෙන්න..
Culture - Election
ලියන්න දේවල් කෝටියයි. (උඹේ මාතෘකා ටික වෙනම ලිව්වනං මම වඩාත් මනාපයි, හරි අවුලක් නෑ)
ReplyDelete1.පලා බබා.
දැනට උනත් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ. සුදු අලියෙක් කියන කතාව හරි. හැබැයි මේක ගෙනාවෙ සංවර්ධනය අපේක්ෂාවෙන් නෙවේ, උතුරට බලය දෙන්න. දැං තියන අවුල තමයි දෙමළුවන්ට බලය දෙන්න ඕනද එපාද කියන කාරණාව. බලය දෙනව නං පළාත් සභා ක්‍රමය ගැනත් වෙනස්වියයුතු තැන් ගැනත් කතාකරන්න පුළුවන්.
2.මැතිවරණ ක්‍රමය
මම විශ්වාස කරන විදියට නං මැතිවරණයට ප්‍රචන්ඩත්වය පැමිණීම ක්‍රමයෙන් සිදුවුන දෙයක්. 78දි ඒක ටිකක් වැඩිපුර කලඑලි බහින්න ඇති.ඒත් ආසන ක්‍රමයට ගියා කියල මේ සිදුවන මිනී මරාගැනීම් අඩුවේවි කියල මගේ ලොකු විශ්වාසයක් නෑ. දැන් ඉන්න මැරයන් එක් ආසනයකට සීමා වෙනව වගේම විපක්ෂයෙන් ඉල්ලන එවුන්ටත් ඒ තත්වයම තමයි. මේක හරියට ලොකු ටැංකියක් ඇතුලෙ එකිනෙකා කාගන්න මාලු සෙට් එකක් අහඹු ලෙස තෝරල ටැංකිය පාර්ටිෂන් කලා වගේ වැඩක්. ඒත් කාගැනීම එච්චර නවතින්නෙ නෑ.
මේකෙදි බොහෝවිට සිදුවියහැකි දෙ0යක් තමයි ආණ්ඩු බලයේ සිටිනා අපේක්ෂකයාට වැඩි වාසි අත්වීම.
මගේ අදහස නං මැතිවරණ ක්‍රමය මොකක් උනත් නීතිය හරියට ක්‍රියාත්මක වන වටපිටාවක් ඇතිකිරීම.එහෙම නැතුව කොට්ඨාස ක්‍රමයට ගියා කියල 78ට එපිට තත්වයට යන්න හිතනව නං ඒක මෝඩකමක්. පෝස්ටර්ගැසීම නැවැත්වීම වගේ දේවල් නං නරක නෑ.
3.පක්ෂ මාරු කිරීම.
මේකත් මම දකින්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන රටක තිබියයුතු දෙයක් හැටියට. මේකෙදි එකඟ-නැති තැන් දෙකම තියනව. උදාහරණයක් විදියට මහින්ද රාජපක්ෂ මහත්තය ධූර කාලය දික් කරගන්න ගෙනාව සංශෝධනයට එරෙහිව සංධානයේ කෙනෙක් ඡන්දෙ දුන්න කියල හිතමු. එයාට පක්ෂය ඇතුලෙ ඉන්න බැරිවුනොත් සාධාරණය ඉටුවිය යුතුයි. මගේ නං අදහස තමුන්ගෙ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ අවස්තාව ජනතා නියෝජිතයන්ට තිබිය යුතුයි. එතකොට සල්ලි වලට පැන්නොත්?සංකීර්ණ ප්‍රශ්නයක් :-)
4.අපේක්ෂකයන්ගේ අධ්‍යාපන මට්ටම ගැනත් සමහරු කියනව. ඒත් නිකමට හිතල බලන්න විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු(වි.විද්‍යාලය ලංකාවේ තියන මිම්මක් නිසා)ගොන් මැට්ටන් දිහා, එස්බී,බන්දුල,ජීඑල්,... මේගොල්ල හොඳ උදවියද? එහෙම බැලුවම එච්චර අධ්‍යාපනයක් නැතිවුනත් මෙහේ ඉන්න මහින්ද අමරවීර හොඳයි.
ඒ ගැන කතාකලා මදැයි! දැන් තියන අවුල තමයි ඕක කරන්නෙ කොහොමද කියන කාරණාව. මොකද මේ ඔක්කොම කරන්න හැකියාව තියන මහින්ද රාජපක්ෂ මේං කියල මේව කරයිද? රනිල් ලොක්කට බලය ආවොත් කරයිද?
1. පළාත් සභා ක්‍රමය ගැන උඹේ මතය හරි. ඒක ගෙනාපු හේතුව අද වඩාත් ඉස්මතුව පේනවා පමණක් නොව ක්‍රියාත්මක කළ යුතුයැයි කියා ජාත්‍යන්තරය බල කරණවා. මතක තබා ගන්න මේ ක්‍රමයම අපට බලෙන් දූන්න දෙයක්. ඒදා විදේස් ප්‍රතිපත්තිය අනාගෙන තිබුන නිසා. එදා ඉන්දියාවට විරුද්ධව ඇමරිකාවට අල්ලලාත්. ඇමරිකාව අපේ පැත්ත ගත්තේ නෑ. ඉන්දියාව මේක බලෙන් දෙන කොට. පප්පා දෙශපාළණයේ කළ කිරුනේ මේ හේතුව උඩ.
Delete2. මැරයෝ එන්නේ. මැර දේශපාලනය ජීර්ණය වෙලා තියෙන නිසානේ. අනික මැරයන්ගේ සේවය ලබා ගන්නාත් මැරයෙක්. ඔය් පහල ලියලා තියෙන්නේ මහත්මයෙක් දේශපාළණය කළ ආකාරය මේ ජරාජීර්ණ දේශපාළණය තුලම. උඹලා දැකලා තියෙන්නේ ඒ දේ. අපි දැකලා තියෙනවා. මහත්මා විදියට දේශපාළණය කළ ආකාරය.
3. හික්ස්... පක්ෂ මාරු කිරීම ගැන උඹේ මතයත් පක්ෂග්‍රාහීයි. හරි අපි හිතමු එහෙම ආන්ඩුවේ කෙනෙක්ට ආන්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්න ඕන කියලා. එතකොට ඒක පක්ෂයට ද්‍රෝහී වීමක්. තව දුරටත් ඔහුට එම පක්ෂයේ ඉන්න බෑ. එතකොට කරන්න තියෙන්නේ, විරුද්ධව ඡන්දය ප්‍රකාෂ කරන එක මිසක්, විපක්ෂයට යන එක නෙමෙයිනේ. එතකොට පක්ෂය යනවා නඩු මගට. ආසනය අහිමි වෙනවා. මොකද පක්ෂය ගේනවා තර්කයක්, මෙයා එයාගේ ඡන්ද දායකයන්ට ද්‍රෝහි උනා කියලා. පාර්ලීමේන්තු අසුන අඉමි වෙනවා. කිසි ප්‍රශ්ණයක් නෑනේ. ගෙදර ගිහින් ඊළඟ ඡන්දෙදි, ස්වාධීනව හරි ඉල්ලලා එනවා. ප්‍රශ්ණයක් වෙන්නේ, මේකෙන් ජීවත් වෙනවා නම්. මගේ තියරිය අනුව දේශපාළණය රැකියාවක් වෙන්න බෑ.
4. ඒකයි මගෙත් මතය හැමදාමත්. මම කියන්නේ උගත් බව බලලා වැඩක් නෑ. සමාජයට ආදරය කරණ. කුමන මට්ටමේ කෙනෙක් උනත් කමක් නෑ.
මනාප කරමෙට නම් මගෙ ඒ හැටි අමනාපයක් නෑ.
ReplyDeleteසියලුම ඡන්ද කෙසේ වෙතත් රට පුරාම එකම දවසක ඡන්ද තියන්නවත් කටයුතු කොරනව
නම් හොදයි තමයි.
හැම පුටුවක්ම අවුරුදු 4න් මාරු කරන්න ඇහැක් නම් ඒකත් හොදයි.
දිනල වේසකම් කරන එක නම් නවත්තන්ටම ඕන තමයි.
පොලිස් පොතේ නම් වැරදි නොකරත් නම් සදහන් වෙනවනෙ. නීතියෙන් වැරදි කරුවෙකු
උනොත් කියල වෙනස් කරමුද?
පෝස්ටර් ගහන්න සීමිත දින ගානක් දෙමු. පවුනෙ අෆ්ෆා
අන්තිම දෙකට එකෙන්ම ලැයික්ය
සමාන්‍ය ජන වහරෙදි පොලිස් පොතේ නම ගෑවුනා කියන්නේ කිරිමෙනෙල් වැඩකට සෙට් උනම. නැත්නම් ඉතින් ත්‍රස්තවාදේ තියෙන කාලේ. මුලු රටේම උන්ගේ නම් පොලිස් පොතේ ලිය උනානේ...
Deleteපළාත් සභා පිළිබඳ ඒ හැටි මනාපයක් නැහැ. හැබැයි යම් බලය බෙදීමේ එහෙම නැත්නම් පරිපාලනය විමධ්යගත කිරීමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය බව නම් පිළිගන්නවා. ඒ සදහා විසදුම පළාත් සභා නම් ඒ නිසි අයුරු ක්‍රියාත්මක විය යුතුයි. මගේ නම් මතය නගර සභා එයට වඩා සක්‍රීයව ක්‍රියාත්මක කිරීමෙන් පරිපාලනය විමධ්‍යගත වීම වනු ඇති බවයි. හැබැයි පාසැල් පොලීසිය ඇතුළු සියල්ල නගර සබාවට අත් විය යුතුයි. එහෙම කිව්වම බය වෙන්න එපා. මම කියන පොලීසිය දැන් මේ තියන යුද්ධ කරන පොලීසිය නෙමෙයි. මහජන ක්‍රියාකාරකම් හසුරවන්න අපි හදාගත යුතු පොලීසිය ගැනයි මම මේ කියන්නෙ. තම සීමාවේ ඇති සියලුම රජයේ ආයතන එම නගර සභාවට හෝ පළාත් සභාවට හිමි විය යුතුයි. එවිට එම පලාත හෝ නගරය දියුණු කිරීම එම ආයතනයට අයත් වැඩක්. මද්‍යම රජය නිවී සැනසිල්ලේ මේ හැම අධීක්ෂණය කළ යුතුයි. වැරදි පාරක යනව නම් කනෙන් ඇද හරි පාරට දා ගැනීමේ බලය මධ්‍යම රජයට තිබිය යුතුයි. එවිට එක එක විෂය කාලට බාගෙට ඇමතිවරුන් අවශ්‍ය නැහැ. සියල්ල තම පළාතේම කර ගන්න නිසා.
ReplyDeleteමෙහෙම යනකොට එම පලාත්වල දියුණුව ඇතිවෙද්දී අනෙක් රටවලට කහන ගතිය අඩු වෙනවා. අපේ යටින් ගිනි ගෙනියන උන්ටත් කට උත්තර නැති වෙනවා.
මනාප සහ වර්ථමාන මැතිවරන ක්‍රමයෙන් වර්ථමාන ක්‍රමයත් කලින් ජනරජ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක කල ක්‍රමයක් වඩා හොදයි කියන එකයි මගේ හැඟීම. නමුත් ඒ ඒ පළාත් හෝ නගර සභාවල සාකච්ඡා කරලා, මධ්‍යම ආන්ඩුවේ පාර්ලිමෙන්තුවත් යෝජනා කරන ක්‍රමයක් ව්‍යවස්ථාදායක සභාවක් තුලින් සාදාගත යුතුමයි.
එහෙම දිනක් ආවොත් මම ඒකට ක්‍රමයක් යෝජනා කරනවාමයි. කරුණු දැක්වීමටත් යනවාමයි.
මේ පුංචි රටේ බලය විමධ්‍යගටහ කරන්න ඕන නෑ. මම නම් උදාහරණයට ගන්නේ මුම්බායි නගරය. ජනගහනය අපට සමානයි. ඉන්දියාවේ ඉන්න හැම ජනවර්ගයක්ම ඉන්නවා. හිඟන්නොත් ඉන්නව ප්‍රකෝටිපතියනුත් ඉන්නවා. පාතාලෙත් තියෙනවා, ඉහළ ප්‍රභූ සමාජයත් ඉන්නවා, නමුත් හැම එකාටම ජීවත් වෙන්න අවස්ථාවක තියෙනවා. වැඩ කරු දිණුම්. කම්මැලියා පරාදයි. මේ රට හදන්න නම් ඔය් සිංගප්පූරු, උදාහරණ වැඩක් නෑ. මේක මුම්බායි කලා නම් හොඳටෝම ඇති. මේ රට හදන්න අවංක, නීතීගරුක, නිර්භීත එක මිනිහයි ඕන. පවුල් ගොඩනගන්නයි. හිතවතුන් සනසන්නයි. ඉන්න නායකයෝ නෙමෙයි. රටට ආදරය කරන එක මිනිහයි ඕන.
Deleteඒක ඇත්ත, රටට ආදරය කරන එක මිනිහයි ඕන. පවුල් හදන්න හිතවතුන් සනසන්න යන මහින්දවත්, හිතවතුන් සනසන්න හදන රට බෙදන්න ගිය රනිල්වත් නැති රටට ආදරේ කරන ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින එක මිනිහයි අපිට ඕන.
Deleteඒ කවුද?
මාතලන් මම මෙතැන කියන්නෙ ඉන්දියානු මොඩලයේ ප්‍රාන්ත නෙමේ. මම හිතන විදියට කුඩා ලංකාවේ සම්පත් බෙදී යාමේ දුර්වලතා තියෙනවා. කලින් හැම දෙයක්ම කොළඹට. දැන් හම්බන්තොටට, එහෙම වෙන්න බැහැනේ ඒ නිසා තම තමන්ගේ පළාතේ සම්පත් අනුව එම පළාතේ වැඩ කර ගන්න හැකි ලෙස කුඩා ඒකක ක්‍රමයක් අපි හැදිය යුතුයි. එවිට එම පලාතේ පාලනය එම ඒකක වලින් බලා ගන්නවා. හැබැයි මහ ආන්ඩුව නිසි බලතල අතේ තබාගෙන නිශ්ශබ්දව සිටිය යුතුයි. එවිට යම් නොපනත් කමකදී මහ ආන්ඩුව එය සෘජුවම පාලනය කළ යුතුයි. හමුදාව මහ ආන්ඩුවේ වන අතර තම පළාතේ පොලිසිය සිවිල් පාලනයේ ගලා යාමට අවශ්‍ය උදව් පමණක් කල යුතුයි. පාසැල් ආදිය එම ඒකකයට ම හිමි විය යුතුයි. රෝහල් පවා. මහ ආන්ඩුවට ඕනෙම නම් මහ රෝහල පමනක් අත්කර ගත හැකියි. මම නම් ඒකටත් කැමති නැහැ. එවිට තම පලාටේ දියුනුව එම පලාත කරගත යුතුයි. ඉතාම සංවේදී විෂයයන් පමණක් මහ ආන්ඩුව පාලනය කිරීමයි හරි. එවිට මහ ආන්ඩුව හැම දේකම අධීක්ෂකයා සහ උඅපදේශකයා, නමුත් පලාත් පාලනය හැම විටම ක්‍රියා කරන්නා. පාර්ලිමේන්තුව නීති හදන්නා. අධිකරනය නීති ක්‍රියාත්මක කරන්නා.
Deleteකොටින්ම මේවා පරිපාලන පහසුවට හදා ගත්ත ආයතන විය යුතුයි.
මගේ කලින් ලිපියත් බලන්න.
ඇනොත් ඔබත් කියන දේ මම පිළිගන්නවා. කෝ එහෙම මිනිහෙක් තාම පේන්නවත් ඉන්නවද?
වෙද මහත්තයා මම ඔය තර්කය පිළිගන්නේ නෑ. ආන්ඩුවෙම එල්ලෙන්න ඕන නෑ. උදාහරණයකට ගන්නේ මම උබ තුමාගේ ගමමයි. මාතර.. බලන්න ලබපු සීඝ්‍ර සංවර්ධනය, දේශපාලකයින් නිසාද... නෑ. අති දක්ෂ මිනිසුන් නිසා. අද නුවරත් මාතරට පරාදයි.. ගාල්ල තාමත් එහෙමමයි..
Deleteකොහොම උනත් බන් මට හිතෙන්නේ අර දේශ් කියලා තියනව වගේ පොලිස් පොත් වල නම ලියවුන පලියට ඒ වැනි අයට මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න ඉඩ නොදෙන එක වැරදියි.නීතියෙන් වැරදිකරුවෙක් වුවොත් පමණක් ඉදිරිපත් වෙන්න ඉඩ නොදී ඉන්න පුලුවන්.අනික අවුරුදු 4 නැතිව 6 තියන එක හොදයි කියලයි මට හිතෙන්නේ.මොකෝ එතකොට බලයට එන අයට තමන්ගේ පොරොන්දු ඉටු කරන්න සාදාරන කාලයක් ලැබෙනවා.
ReplyDeleteඒ වගේම අර අන්තිම යෝජනා දෙකටම මමත් අත් දෙකම උස්සනවා බන්.
අවුරුදු 4 ත් වැඩියි මටනම්. පෞදගලික ආයතනයක් ගන්න, අවුරුදු 4 ක්ම ලොස් එකේ ගියෝත් මොකෑ වෙන්නේ.
Deleteපලා බබා එපා තමයි හැබැයි අහෝසි කරන්න කලින් විකල්පයක් ඕනි . දෙමල ජනතාවට විතරක් නෙවෙයි සිංහල මිනිස්සුන්ට වුනත් රාජ ආණ්ඩුවක් එපා නම් බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුමයි . අවුරුදු 4 කතන්දරයට සහ අන්තිම පොයින්ට් 4 100%ක් එකඟයි . මැතිවරණ ක්‍රමය පැරණි ආසන ක්‍රමය සහ දැන් තියන එකේ මිශ්‍රණාක් විය යුතුයි , මොකද ඊලඟ විපක්ෂනායක රනිල් හරි බැසිල් මිසක් සම්බන්ධන් වෙනවට මම කැමති නෑ , මොකද ඔහු රටේ සියලුම ප්‍රදේශ නියෝජනය නොකරන නිසා . රාජ් කියනවා වගේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන කල් මොන මැතිවරණ ක්‍රමයත් එකයි . දැන් එක පක්ෂේ උන් මරාගන්නවා , කොට්ඨාශේ ආවාම පක්ෂ දෙකේ තුන් එකාල මරාගන්නවා
ReplyDeleteඋඹ දෙමලෙක් විපක්ෂ නායකයා වෙනවට කැමතිත් නෑ. මට නම් රටේ නායකයා උනත් අවුලක් නෑ. තම ජාතිය වෙනුවෙන් පෙනී නොසිට, රටට ආදරය කරා කෙනෙක් නම්. ඔය මතයට උඹ එන්නේ, අපේ රටේ ජාතිවාදී පක්ෂ හා අළුතෙන් ආගම්වාදි පක්ෂත් තියෙන නිසා නේ. ඒක නැති කරන්න ඕන මුලින්ම. බලය විමධ්‍යගත කරන්න තරම් ළොකු රටක් නෙමෙයි මේක. මෙතන වෙලා තියෙන්නේ නිකං ඉදන් සැප විඳින පිරිස වැඩිවීම. බලන්න ඉන්න දේශපාලඥයෝ ප්‍රමාණය. පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසත් වැඩියි. ආන්ඩුවේ සේවක ප්‍රමාණය. ජනාධිපති උපදේශකවරුන්. එතකොට ඔවුන් නොමිළේ ලබන වරප්‍රසාද, බදු කපා හැරීම්. මේවා ජාතික අපරාද. අපේ රටට ග්‍රාම සෙවකයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එකෙකුයි උන්නත් ඇති, වැඩ කරන උන්නම්. හොඳම උදාහරණය, ඝෝඨාභය රාජපක්ෂ..
Deleteමී ලග ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් නොවී ගෝඨාභය ඉදිරිපත් උනොත් මාතලං මල්ලි තෝරගන්නේ රනිල්වද? ගෝඨාභය රාජපක්ෂවද?
Deleteඅනිවා ඝෝඨාභය. (කොන්දේසි සහිතව.) මේ රට හදන්න අධි වේග සංවර්ධනයක් හා දරදඬු පාළණයක් අවශ්‍යයි. නමුත් ඝෝඨාභය මහත්තයගේ විදෙස් ප්‍රතිපත්තිවලට මම කැමති නෑ. මේ ළොකේ ඉන්නෙ අපි විතරක් නෙමෙයිනේ.
Deleteමේ ලිපිය දානකන් තමයි බලං හිටියේ. ජාතිවාදී පදනමකින් බිහිවී ඇති ඉන්දියාව සමග ඩිල් එකක් පමණක් වුන පළාත් සභා අහෝසි කල යුතුය. මේ සුදු අලියාත් සමග අපේ රටට ඉදිරියට යා හැකියයි සිතන්නේ නම් මායාවකි. තුනෙන් දෙකක බලයක් සහිත මේ ආණ්ඩුව යුද්ධය දිනූ වහාම කලයුතු දෙය වූයේ එයයි. රටේ පරිපාලනය කරන්නේ කෙසේද යන්න ජාතිවාදී ජනවාර්ගික පදනමකින් තොරව සිදුකල යුතුය. පළාත්සභා යනු ජනවාර්ගිකත්වය අනුව බෙදා වෙන්කොට රට පාලනය කිරීමට සැකසු ක්‍රමයකි. ජාතිවාදී නොවේයැයි කියන දෙමල මුස්ලිම් ජනතාව වෙනුවෙන් හදවත අතේ තියං කතාකරන බොහෝ වම්මු මේවා ගැන නිහඬය. ජාතිවාදයට එරෙහි වනවා නං ජනවාර්ගිකත්වය පදනම් කර පළාත් බෙදා හදා ඇති පළාත් සභා වලටද විරුද්ධ විය යුතුය. මේවා දැන් මේ දැන් කලයුතු දේවල්ය.
ReplyDeleteමොකක් හරි බලය විමධ්‍ය ගත කිරීමේ ක්‍රමවේදයක් නැති වුනොත් බිහි වෙන්නේ රාජ ආණ්ඩුවක් එතකොට ධනවාද සමාජ වාද ඔක්කොම සුන් .
Delete@බුවා
Deleteලංකාවේ බලය පළාත් සභා නිසා විමධ්‍ය ගත වෙලා තිබෙනවා කියල කියන්න බැහැ. ප්‍රයෝගික උදහර්නය්කින් පෙන්වන්න මේක වෙන හැටි. එක නිකම් මධ්‍යම රජයත් ප්‍රාදේශීය සභාත් අතර මැද ඉන්න රටේ සල්ලි කාබාසිනියා කරන ස්ථරයක් විතරයි. බලය විමධ්‍ය ගත කරන්න අවංක උවමනාවක් තියේනම් කිසි ගැටළුවක් නැතිව ඕනෑ නම් ප්‍රාදේශීය සභා වල නියෝජිතයින්ට වැඩි බලතල දෙන්න පුළුවන්. මම මේ කාරණයේදී සි ඒ චන්ද්‍රප්‍රේම දරන මේ ලින්ක් එකේ තියන අදහස් සමග එකඟ වෙනවා
සංවාදය ඔබේ අලුත් ලිපියේදී කරනවාද මෙතන කරනවාද ?
Deleteචන්ද්‍රේම ආණ්ඩුවේ වැසිකිලි හෝදන්නෙක් විතරයි
චන්ද්‍රේම දැන් ආණ්ඩුවේ වැසිකිලි හෝදනවා විය හැක නමුත් හර බැර ඉවත්කළ විට දිවයින පත්තරේ කියවන්නට තේරුමක් ඇති යමක් තවමත් ලියන්නේ කොලපාට සමාජයක් පොත ලියු චන්ද්‍රප්‍රේම පමණි. නැත්නම් ඒ පත්තරේ ඇත්තේ කිර්ති වර්ණකුලසුරියගේ ඉංග්‍රීසි පාඩමයි. චන්ද්‍රේම රනිල් මෙන් පොෂ් ධනවාදියෙකු නොවේ සමහරුන් තඩි ප්‍රියන්ත ලෙසින්ද හදුන්වන නාගරික ලුම්පන් පන්තියේ මිනිසෙකු ලෙස සැලකෙන බවද සැබෑය. ඔහු ආණ්ඩුව වෙනුවෙන් කඩේ යනවද කියන එක ඔහුගේ ලිපියක අන්තර්ගතය හා එකඟ වීමට බාදාවක් නොවේ නේද?
Deleteබාධාවක් වෙන්නේ ඔහුගේ ලස්සන තර්කයන් ගොනු වෙන්නේ අර මූලික අරමුණ වටා වීමෙන් . වික්ටර් අයිවන්ට වුනේත් ඕකම තමා . චන්ද්‍රපේම ධනවාදියෙක් නම් මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ කියන්නේ සුපිරි ධනවාදියෝ
Deleteඋදිත හා එක පයින් අත් දෙකම ඔසවා එකඟයි. ඉන්දියාව අපේ පොඩි රටේ ප්‍රශ්ණ දෙස බලන්නේ එයාලගේ රටේ කන්නාඩියෙන්. අපේ රටට. පැරණි ගම්සභා ක්‍රමයයි, පාර්ලිමේන්තු ක්‍රමයයි හොඳටම ප්‍රමාණවත්. නමුත් ඒ දේශපාළණ සංස්කෘතියත් අත්‍යාවශ්‍යමයි. කොහේවත් ඉන්න මට්ට පොල් බූරූ, ප්‍රාදේශීය රජවරුයි. රජවරුයි, පාතාලයොයි. දුප්පත් එකාගේ පාන් ගෙඩියෙන් මේන්ටේන් කලා හොඳටෝම ඇති. මේවා ගැන වචනයක් කතා නොකර රනිලුත් එනවනම්. එයාට වඩා මෙයා හොඳා. මොකෝ මෙයාට කොන්දක් තියෙනවා.
Deleteඒ කියන්නේ මල්ලි, රනිල්ට කොන්දක් නැහැ කියන එක පිළීගන්නවද?
Deleteරනිල්ට කොන්දක් තිබුනා නම්. ජෙප්පො එළවනකම් බලාගෙන ඉඳියිද..? අනික ෆොන්සේකාගේ නැට්ටෙ එල්ලෙයිද..?
Deleteපක්ෂ මාරු කිරීම රාජ් මතක් කලාවගේ සංකීර්ණ කේස් එකක් මචං. දෙපැත්තක් තියනවා. ඒකේ සාධාරණ පැත්ත වේස කමේ යොදවන එක තමා අවුල.
ReplyDeleteහොර ව්‍යාපාර නැතුව ප්‍රා.ස. වත් දිනා ගන්න බැරි ක්‍රමේ නම් හෙන ගහන අපරාධයක්. අපේ ඉසව්වේ ජ.වි.පෙ. සහ හෙ.උ. මන්ත්‍රීලා ඇරුනු කොට අනිත් ඔක්කොම නරාගධිපතිගේ ගොට්ටෝ. යූ.ඇන්.පී.යේ එකෙක් හිටියා හොද. ඌ නගරාධිපතියා ගෙනාපු හොර අයවැයට විරුද්ධ වුනා කියල හිරිකොත කලේ උගේ පක්ෂ සාමාජිකත්වය මාස ගාණකට අත් හිටෝන එක.
කිසිම අවුලක් නෑ. ඒ උඹලා පුරුදු වෙලා තියෙන ක්‍රමය. අපේ කාලේ. කරන්න බැරිනම්, මිනිස්සු ඉල්ලා අස්වෙලා ගෙදර ගියා, නැත්නම් අස්වෙලා අතුරු මැතිවරණයකින් නැවත බලයට ආවා. ඒවයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
Deleteහොඳ ලිපියක්!... අලුත් මැතිවරණ කර්මයක් ගැන කියල, කාටවත් මඩ අවලාද නොගහ, පෝස්ටර් කටවුට් වැඩිය ගහන්නේ නැතිව, වාහන ගංගාවක් රේස් යන්නේ නැතිව, මගේ ජීප් එකේ විතරක් නැගල ගෙන් ගෙට යමින් මහා පාර කැත කරන්නේ නැතිව, පොලිස් පැමිණිලි මර වැඩ නැතිව. මත පැන් නැතිව වැඩිය සල්ලිත් නැතිව අසන සංවිධයක කමක් වත් නැතිව මමත් පසුගිය මහා මැතිවරණයේදී චන්දය ඉල්ලුවා. ජනතාව වෙන කට්ටියක් පාර්ලිමේන්තු යවලා මාව ගෙදර ඇරියා! නමුත් මම කියපු අදහසටත් රත්නපුරේ බුද්ධිමත් මිනිසුන් තිස්තුන්දාහක්(33000) පමණ චන්දෙ දුන්න. ඇත්තටම මම පාර්ලිමේන්තු නොගොසින් බේරුනේ අනූනමයෙන්.! මිනිස්සු සමග හරි දේ හරි විධිහට හරි ආදර්ශය පෙන්නමින් කතාකලොත් ක්‍රියා කලොත් මේ ජරා ජීර්ණ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා මගේ අත්දැකීමෙන්ම. මේ මැතිවරණ ක්‍රමයත් එක්ක අපේ සුගතියක් අත්වෙන්නේ නැහැ.
ReplyDeleteමා සැමදාම දරණ මතය එයයි. ඔබේ කොමෙන්ටුව මට මහ මෙරකට වඩා වටිනවා. මගේ සියළු තර්කයනට පිළිතුරු ඔබේ කෙටි කොමෙන්ටුවේ තිබෙනවා. මේ රට කෑවේ දේශපාලකයන්ට වඩා මාධ්‍ය විසින්. පුවත් පතක, නිව්ස් අයිටම් එකක. මුලට තියා අගටවත් නොදැමිය යුතු සිද්දින්, රටේ මුල් ප්‍රවෘත්ති බවට පත් කලේ ඔවුන්. මේ රටේ පරිහානියට. පුවත් පත් කතුවරුන්. මාධ්‍ය ආයතන ප්‍රධානින් වග කිව යුතුමයි.
Deleteඅද කාගේද පොලිස් පොත්වල නම නොලියවිල තියෙන්නෙ.ගෙදර ජනේලය ඇරල එලිය බැලුවත් අල්ලපු ගෙදර එකා ඇන්ට්‍රියක් දානව ගෑනි දිහා බැලුව කියල.ඇයි පර්චස් 4රෙ 5හේ නෙ ගෙවල් හදල තියෙන්නෙ.
ReplyDeleteනීතියෙන් වරද කරුවෙක් උන කෙනෙකුට කියල වෙනස් වුණාම හරි.
ප්‍රසිද්ද ස්ථාන වල අපේක්ෂකයන්ගේ පෝස්ටර් ප්‍රදර්ශනයට පුවරු රජයෙන් සවිකර තැබුවම එක් අයකුට තමන්ගෙ එක පෝස්ටරයක් ඇලවිය හැකියි.
ඔව මචෝ ඒක එහෙම වෙන්න ඕන. උඹලා කියනවා වගේ අද පොලිස් පොතේ නම නොලියවුන එකෙක් නෑ. නමුත් සමාන්‍ය ජනවහරේ පොලිස් පොතේ නම කියවෙනවා කියලා කියන්නේ, සමාන්‍යයෙන් කිරිමෙනෙල් කේස් එකක් නම් තමයි.
Deleteඔය පෝස්ටර ගැහිල්ල දැනටත් නීතියෙන් තහනම් කියලයි මට මතක . පිලි පදින්නේ නැතුව මිසක් .
ReplyDeleteඋගත් බුද්ධිමත් වැදගත් ...ඔය ටික මනින්න මිම්මක් හොයන්නේ කොහොමද . චන්දෙ කාලෙට ඔය සේරම උගත් බුද්ධිමත් වැදගත් සහ ජනතාවට ආදරේ කියලනේ පෝස්ටර් වල තියෙන්නේ .
''පලා බබා අපට එපා '' කියලා ඒ කාලේ පෝස්ටර් අලවල තිබුණ .
ඉස්සෙල්ලම ඉන්දියාව බලෙන් ගෙනත් දුන්නා හදාගන්න කියලා. සත පහක වැඩක් නෑ. බබෙක් නෙමෙයි තනිකර සුදු අලියෙක් මදාවියෙක්. ආඩම්බරකාර තාත්තත් ඒ ජාතියෙම නිසාද මන්දා එලෙව්වේ නැතු ඔහේ තියාගෙන උන්නා. දැන් එලවන්න හැදුවම, ඇමරිකාව ආඩම්බර කාර තාත්තට ලෙඩේ අදිනවා. එලෙව්වොත් හෙම විදුලි පුටුවේ තියනවා කියලා. මම නෙමෙයි කියන්නේ. ආඩම්බරකාර තාත්තමයි. එයාටත් හොඳ පාඩම්. අපි කියන දේ අහන්නෙත් නෑ.. බලමුකො මක්කද වෙන්නේ කියලා.
Deleteමාතලන්,මං හිතන්නේ පළත්සබා ක්‍රමයේ වරදකට වඩා තියන්නේ මේක මේ දක්වා භාවිතා කල ආකරයේ වැරැද්ක්.මොකෝ පළත්සබා සදහා අවශ්‍ය කරන බලය නොදී මේක සුදු අලියෙක් කියනවා.මේ තියෙන පළත්සබා ටිකට බලතල බෙදා දුන්නොත් මේ සුදු අලියා වැඩක් කරවී කියලා හිතනවා.අනික දෙවැනි පෙළ නායකත්වයක් මේ පළත්සබා තුලින් බිහි උනේ නැතිද...?
Deleteදෙවනි පෙල නායකත්වය කෙසේ වෙතත්. පාතලයන්ට ඉන්කම් එකක් නම් උනා...
Delete1.මනාප ක්‍රමය වෙනස් කළා කියා දැන් පාර්ලිමේන්තු යන සල්ලිකාරයෝ “දැන් අපේ චාන්ස් ඉවරයි“ කියල පැංෂන් අරං ගෙදර ඉඳියිද? මැරවරයෝ එහෙම කරයි ද?මනාප ක්‍රමය ගැන මා ලිපි පෙලක් ම ලියුවා.(මම දන්නවා මාතලන් ඒවා කියවලත් තියෙනවා).ආයේ පරණ ක්‍රමයට යන එකට නම් තදින් ම විරුද්ධයි. කපටි දේශපාලුවෝ පරණ ක්‍රෙම්ට කැමති ජනතාවට තදින් ම එපා වෙච්ච අය පක්ෂේ පිහිටෙන් පාර්ලිමේන්තු යන්ට පුලුවන් නිසයි.1977 මැතිවරණය ගැන මගේ විවේචනය බලන්න.30%ක් ඡන්ද ගත්ත නිදහස් පක්ෂය ආසන අටට බැහැල කුජීත වෙද්දී, 6%ක් ගත්තු ද්‍රවිඩ සංධානය ප්‍රධාන විපක්ෂය වීම කොහෙත් ම සාධාරණ නෑ.
ReplyDelete2.මැතිවරණ සියල්ල එකම දිනකදී පැවැත්විය යුතුයි - කිසිම විවාදයක් නෑ එකඟයි.
3.ධූර කාලය වසර 4 - ඒකටත් එකඟයි
4.පක්ෂ මාරු කරන්න බෑ - එකඟයි
5.පොලිස් පොතේ කතාව, කොඩිවැල් ගැන කතාව - සියල්ලට එකඟයි
6.පූජ්‍ය පක්ෂයට චන්දය ඉල්ලන්න බැරි එකට නම් එකඟ වෙන්න බෑ
7.ජාතිය/ආගම මූලික වෙන පක්ෂ තහනමටත් එකඟ වෙන්න බෑ.
ද්‍රවිඩ සංවිධානය විපක්ෂය උනේ, ඔහේගේ ආච්චිගේ වැරදි නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි. මොකෝ මාර සංවර්ධනයක් නේ ඒ කාළේ තිබ්බේ.. ඊට කලින් එහෙම උනේ නෑනේ..
Deleteඔබේ යෝජනා ටික නම් අගෙයි එයින් කොට්ටාශ ක්‍රමය නැවත එනවා. කොට්්‍යාශ මට්ටමින් 70% සමානුපාතික නියෝජනයෙන්30%. මේ ක්‍රමයේදි සල්ලි තියෙන පක්ෂවලට වාසියි. අඩුම තරමේ මොකක් හරි මගඩියකට එරෙහි වෙන්න ඉන්න ජ.විපෙ. වැනි පක්ෂවලට අබසරණයි.
ReplyDeleteඒ කොහම වුණත් ඉදිරි මැතිවරණය අපට හොඳ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා 6න් 5ක් නෙවෙයි 6/6 ම බලය අරන් මේ අය දිනාවි. බුද්ධිමත් නායකයන් කෙසේවෙතත් හෙංචයියලා බලයට එනවා
දැන් තියෙන තත්වේ ඊට බයානකයි නේ දයෝ. ඊළඟ සෙට් එකත් සල්ලිවලට ගත්තොත් අබ සරණයි නේ නොවැ. ජවිපෙ සිටිය යුතුයි. නමුත් ජවිපෙ ජනතාවගෙන් ඈත් වෙලා බොහෝ කල්. ජවිපෙට ඒ ඉරණම අත් වෙන්නෙ නෑ, විමලෙ කියපු දේ කලානම්. කෙසේ නමුත් තුන්වන බලවේගයකට විශාල ඉඩක් තියෙනවා. නායකයෙක් තමයි නැත්තේ..
Deleteඅද පෝය දවසෙ නැන්දම්මට බණ අහන්න FM නාලිකාවක් කරකවල,මාතලන්ගෙ මේ ලිපිය බලන්න කියල හැදුව.රේඩියෝ එකේ බණ හඩ ගොඩක් පුරුදු නිසා කන් ටිකක් උල් කරල බැලුව.දෙයියනේ අපේ සෝභිත හාමුදුරුවො.කොහොමත් සෝභිත හාමුදුරුවො පොතේ බණට අතිනුත් එකතු කරන නිසා මම එදා ඉදලම ආසයි අහන්න උන්වහන්සේගෙ බණ.අද දෙසපු බණ තුල මේ කෙටි කතා 3 න තිබුන.
ReplyDelete#ඩඩ්ලි අගමැති NM විපක්ෂයෙ.දිනකට පස්සේ තෙල් නැවක් එනවලු වරායට.දැන් වගේ වාහන නැති කාලේ තෙල් ටැංකි ටිකත් ෆුල් ලු.තෙල් බානකන් නැව නවත්තගෙන හිටියොත් බර ගානක් ගෙවන්න වෙනව.ගත්තලු NM ට කෝල් එකක්.විස්තරේ කිව්වලු.වහාම ගුවන් විදුලියෙ ප්‍රචාරය කරන්න ඉදිරි දින කීපය තුල විශාල ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැක කියල.පසුවදා එළිවෙද්දී ෂෙඩ් ටික හිස්ලු.නියම වෙලාවට නැවත් තෙල් ටික බාල ගියාලු.
#සිරිමා අගමැති ඩඩ්ලි විපක්ෂ නායක.සිරිමා දෙනව කෝල් එකක් ඩඩ්ලිට.මම ශාස්ත්‍රී එක්ක එකගතාවයකට ආව.එහෙනම් ඉක්මනට අත්සන් කරල දාන්න.එහෙමලු සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කොලේ.
#හැම තැනම ශ්‍රී අකුර ප්‍රශ්නෙ කාලේ අගමැති බණ්ඩාරනායක මහත්තයාගෙ කාර් එකෙත් තාර වලින් ශ්‍රී අකුර ලියලාලු.පාර්ලිමේන්තුවේදී විවාදයක් අතර කිව්වලු අගමැතිතුමාගේ කොන්ද පන නැති හින්ද දැඩි තීරණයක් ගත්තෙ නැහැ කියල.අගමැති තුමා නැගිටල කිව්වලු ඇයි නැත්තෙ මම දැඩි තීරණයක් ගත්තනෙ කියල.මොකක්ද ගත්ත දේ කියල ඇහැව්වම කිව්වලු භූමිතෙල් බෝතලයක් ගෙනල්ල මම ඒක පිහිදල දැම්ම කියල.
මේකෙන් පේනවනෙ පින්වතුනි;එදා එහෙමයි,අද මෙහෙමයි කියල.
ඔය වගේ කතාවක් මමත් අහල තියෙනව.NM මුදල් ඇමති කාලේ වෙනකොටත් මිනිස්සු සල්ලි බැංකු වල ඉතිරි කරන්න පුරුද්දක් තිබුණෙ නැල්ලු.සල්ලි පෙට්ටගම් වල, කොට්ට යට, නැත්නම් පොලවේ වලලල ලු තිබ්බේ.රටේ සංවර්ධනයට මුදල් එන්නේ නැති එක විශාල ප්‍රශ්නයක් වෙලා තිබ්බලු.ඉතිරිකිරීම් දිරිගන්වන්න කරන හැම වැඩක් ම අසාර්ථක වෙලාලු.NM කළාලු ශෝක් වැඩක්.රේඩියෝ එකට නිවුස් එකක් දුන්නලු දවසක් කියල එදාට පස්සේ සියලුම පරණ මුදල් නෝට්ටු අවලංගුයි ඉක්මනට බැංකු වලට ගිහිල්ල මුදල් තැම්පත් කරන්න කියල.පහුවදා බලද්දි හැම නගරයකම බැංකු ඉස්සරහ මිනිස්සු පෝලිම් ගැහිලලු බැංකු ගිණුම් විවෘත කරල නෝට්ටු තැම්පත් කරන්න.
Deleteඔය පරණ වම්මුයි, සිරිමාවොයි තමා මේ රට නැති කලේ. අපේ ජය ශ්‍රී මහත්තයා කියලා තියෙන්නේ ඒ කාලේ සංවර්ධනයට මුදල් නාපු නිසාලු 100 කොල කැන්සල් කලේ. ඒ හින්දා නෙමෙයි ආන්ඩුවේ පඩියවත් ගෙවා ගන්න සල්ලි නැති උන නිසා. ගිඟන සමාජවාදේ නිසා. ඒ කලේ නම් ඒක උනේ මෙලෝ දෙයක් නොකල නිසා. ඒත් ළඟදිම වෙන්න යන්නෙ නම්, සයිප්‍රසයට උන වැඩේ. සයිප්‍රස් ආන්ඩුවට සල්ලි නැතුව. සෑම ඉතිරිකිරිමේ ගිණුමකින්ම 25% බලෙන් ගන්නයි යන්නේ. සිරි ලංකා කාරයන්ට ආර්ථිකයක් ගෙනියන්න බෑ. මහින්ද මහත්තයත් ඒක ඔප්පු කරලා ඉවරයි.
Deletehttp://www.cbn.com/cbnnews/world/2013/March/Cyprus-Effect-Governments-May-Raid-Savings-Accounts/
Deleteහහ් හහ් හහ් හා, බොරු කියන්න එපා මාතලන්,N.M.පෙරේරා තමයි අයවැය හිඟය ශුන්‍යය වෙච්ච අයවැය වාර්ථාවක් ඉදිරිපත් කළේ.එහෙම කරන්න පුලුවන් රජය ආර්ථික අතින් ශක්තිමත් නම් පමණයි නේද? මිනිස්සුන් ගේ ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කරන්නයි අර විදියේ නිර්මාණාත්මක වැඩක් කළේ.(මේ කතාවට පුද්ගලික අත්දැකීමකුත් සම්බන්ධයි.අපේ පවුලේ පැරැන්නෙකුත් ගෙදර හංග ගෙන හිටපු මුදල් තොගයක් අරං බැංකුවට ගියාලු)
Deleteසිරි ලංකා කාරයන්ට නෙවෙයි මහින්ද මහත්තයට ආර්ථිකයක් ගෙනියන්න බෑ. ඒක ඇත්තයි.
උඹමයි කිව්වේ උඹ ඉපදිලත් නෑ කියලා. අපි නම් දැක්කා පට්ට සංවර්ධනේ. දවස් දෙකක් බත් කන්න බෑ. අයවැය හිඟය ශුන්‍ය නෙමෙයි අය වැයක් තිබුන එකයි පුදුමේ. පාන් ගෙඩියක් ගන්න පෝලිමේ ඉන්න ඕන. සීනී නෑ. මිරිස් නෑ. මිනිස්සුන්ට කන්න නෑ. පට්ට සංවර්ධනේ. දන්න එකෙක්ගෙන් අහගනින්..
Deleteයකෝ හැන්ද අතෙ තිබුනත් පිස්සු කෙලින එකන වැරැද්ද
ReplyDeleteමෙහෙම පිස්සු කෙලිල්ලක්නම් කවදාවට් තිබුනේ නෑ...
Delete