.

.

Jun 5, 2013

ඩෙංගු හා ගොන්නු - Dengue and Inefficient Officials


අපේ රටේ නීතී ක්ෂේශ්ත්‍රයට ලබලා තියෙන්නේ කරුම දසාවක්ය. "චීෆ් ජස්ටිස්' නෝනා, "චීප්" වෙලාම ගෙදර ගියේය. ඊට පස්සේ හීනෙන්වත් නඩු අහලා නැති මහත්තයෙක්, "චීප් ජස්ටිස්" වෙලා ආවේය. ඊයේ පෙරේදා, විත්තිකාරයාගේ ගෙදර, මේසන් බාස් කෙනෙක් හොයන්න ගියපු නඩුකාර හාමුදුරු කෙනෙක්, මහ උළුගෙදර ගියේය. එහේදිවත් උන්නැහේට බාසෙක් හොයාගන්න පුළුවන් උනොත්, එලියට ඇවිත් හරි ගේ හදාගන්න පුළුවන්ය. නීතී විජ්ජාලේ අවසන් වසරේ ගෑල්ලමයෙක්ගේ අත කපලා දැම්මේත් මෑතකය. හැම එකාම අත දෙන්න ගියත්, කෙල්ල තවම අතක් නැතුව ඉන්න බවත් පත්තර පිටු පුරවලාම තිබුනේය.

දැන් කොළඹ විස්ස විජ්ජාලේ දෙවනි වසරේ ශිෂ්‍යාවක් ඩෙංගු හැදිලා මිය ගිහින්ය. ඕන් දැන් ජනාධිපති තුමාගේ ඉඳන් ඔක්කෝටම, මදුරුවා පුකටම ඇනලාය. පුකට ඇන්නාම අමාරු නිසා ආයෙත් ඔක්කෝම මදුරු ඔපරේෂන් එකට බැහැලාය. විස්ස විජ්ජාලේ නීතී සැක්සොන් එක වහලා දැම්මේ නිකන් නෙමේය . ඒකේ ඉගෙන ගන්න උන් 26 කටම ඩෙංගු බෝවෙලාය. ටී වී එකේ පෙන්නපු විදියට උඩ තට්ටුව තනිකර වැවක්ය. ඩෙංගු විමානයක්ය. මේවා ආන්ඩුවෙන් පාලනය වන තැන්ය. මෙයින් පෙන්වන්නේ ආන්ඩුවේ අසමත් බාවය හැර වෙන කිසිවක්ම නොවේ. එන එන අතට ගහ උලුවස්සා මෙතඩ් හා එදා වෙල ටුවර්ස් දුවන ආන්ඩුවකින්, මීට වඩා දෙයක් බලා පොරොත්තු විය නොහැකිමය.

ඩෙංගු වසංගතය කෙසේ උග්‍ර වී ඇතිද කියනවානම්. එයින් මිය යන අයගේ ගනන් හිලව් ප්‍රසිද්ධ කරන්න එපා කියා සෞඛ්‍ය අමාත්‍යංශය කියලාය. උන් දන්නේ ඔය වගේ වැඩ කරන්න විතරමය. ඒ කියන්නේ අම්බානක මිනිස්සු මැරෙණ බවය. අප එදා ඉඳන් කියන්නේ, මේ කාළකන්නි ඇමතිවරුනට කිසිම වැඩක් කරන්න බැරි බවය. 94 ඉඳලා මුන් මෙළෝ දෙයක් කරේ නැත. ඒ නිසා මුන්ට ඇමති කම් දෙන්නම ඕන නම්, ඔය නාකියන්ගේ පූල් එකට දැම්මාම අහවරය. මුන් වැඩ බැරි උනාට බයිලා ගැහිල්ලටයි බෙර ගැහිල්ලටයි නම් උපන් හපන් පොරවල්ය.


සෞඛ්‍ය අමාත්‍යංශයේ මාෆියාවක් තියෙනවා කියා, දැන් අවුරුදු ගානක් කියනවාය. සමහර විට එහෙම කියන්නේ එයා ඒකේ නායකයා නිසා වෙන්න ඇතිය. රුපියල් 100 බේත් පෙත්තෙන් 1500 ක්ම කෙලිනවාය. මේවායෙන් කීයක් හරි අනිවාරයයෙන් පොලොන්නරුවේ එකවුන්ට් වලටත් යනවාම ඇතිය. නැතිනම් ඉතින් බයිලා ගහන්නේ නැතුව, හොරු අල්ලා හිරේ දාන්නේ නැත්තේ බය නිසාද එහෙම නැතිනම් පාඩු නිසාදැයි කියා අහන්නම වෙනවාය.

 ඊළඟට කැම්පස් වලට ඇමතියෙක් ඉන්නවාය. එයා ඩෙංගු මර්දනය කෙසේ වෙතත්, කොල්ලො නම් මර්ධනය කරනවාය. "කොල්ලෝ එහෙම තමයි...., මාත් ඒ කාලේ එහෙම තමයි....." කියා බයිලා ගහන ගමන්ම. පොලෝසිය දාලා කොල්ලන්ගේ ඉස්ගෙඩි පලනවාය. පන්ති තහනම් කරනවාය. ප්‍රයිවට් යුනිවර්සිටි අරිනවා කියා, ආන්ඩුවේ ඒවා ප්‍රයිවට් කොරන්න යනවාය. මේවා වල උපකුලපතිවරු, සැක්සන් හෙඩ්ලා ඉන්නවාය. ළමයින්ගේ ආරක්ෂාව තියෙන්නේ උන් අතේය. මේවා මේන්ටේන් කරන්න ඕන උන්ය. උන් ඒවා කරන්නේ නැතිව උදේ ඉඳන් ආන්ඩුවට කඩේ යනවාය.

අජ්ජාපනේට 6% ඉල්ලන බව පෙන්නලා, රටම ගොනාට අන්දලා, තමන්ගේ පඩිය වැඩි කරගෙන ෂේප් එකේ ඉන්න, "ෆුටා" එකේ පොරවල්ටත් මේවා වල වගකීමක් තියෙනවාය. ඒ විතරක් නෙමේය. විස්ස විජ්ජාලේ ඒවාට නැතුව, හැම මලදානෙටම පාරට බැහැලා, පාරේ යන උන්ටත් කඳුළු ගැස් පූජාව දෙන, අන්තරේ උන්ටයි, පෙරටුගාමි එකේ උන්ටයිත්, මේකේ වගකීමක් තියෙනවාය. පුකේ පැන්සල් ගහලා නම ලියන්න කියනවාට වඩා, මේ ඩෙංගු ෆාම් එක සුද්ද කරන එක, නවක වදේට දුන්නා නම් අද තමන්ගේ සහෝදරිය ජීවතුන් අතර ඉන්නවාය.
 
වැඩියෙන්ම ඩෙංගු තියෙන්නේ, බස්නාහිර පලාතේය. ඒකට පරිසර ඇමති කෙනෙක් වෙනම ඉන්නවාය. ඌත් ඇවිල්ලා නොම්බර එකේ බයිලා කාරයාය. "පලා බබා කක්කි ගොඩක්...., මළ ජරා ගොඩක් මෙයා..." කිය කියා කක්කි වලේ බැහැගෙන නට නටා කක්කා කනවාය. එයා විතරක් නොවේ නෝනාත් වලේ බැහැගෙනම කනවාය. එයාට ගූ කනවා ඇර වෙන දෙයක් නැත. පඬි ටෝක් දෙන්න නම් නම්බර් වන්ය. කරපු මෙලෝ මල දානයක් නැත්තේමය.

නගර සභාවක් තියෙනවාය, ඩෙංගු මර්ධන ඒකකයක් තියෙනවාය. ඒ අස්සේ පොලිසිත් එක්ක, සමිතිත් පිහිටුවලා තියෙනවාය. ආන්ඩුවේ උන් රේඩියෝ එකේ ටැලිවොසොන් එකේ ඇවිත් කියන්නේ ගෙවල් වල ඩෙංගු තියෙනවා කියාය. ඒ උනාට ඩෙංගු ෆාම් දාලා තියෙන්නේ, ආන්ඩුවේ තැන්වලය. ඒවාවල කිසිම පාලනයක් නැත. ඇමතියාගේ ඉඳන්, කක්කුස්සිය හෝදන එකා දක්වා කරන්නේ බොරුවය, නිසි ලෙස වැඩ කලා නම් මෙවැනි දේ සිඳුවෙන්නේ නැත. කොළබ ඩෙංගු තියෙනවා කිව්වාම, කැසිනෝ ගහන්නවත් සුද්දෝ එන්නේ නැතිය. ඩෙංගි තියෙන රටවල් වැටෙන්නේ අසමත් රාජ්‍ය කොටසටය. දුප්පත් අසංවර්ධිත රාජ‍යන්ටය.

මේ වැඩේ ජනාධිපති තුමා දැන්වත් කෙලින්ම ආරක්ෂක අමාත්‍යශයට පවරා ගත යුතුය. එකෙකුටවත් ඇඟිලි ගහන්න තබා, සහභාගිත්වය වත් ලබා නොගත් යුතුය. මේ ඇමතිවරුන්ට වැඩ බැරි බව, ඔහු හොඳටම දන්නවාය. පරිසර ඇමති සුසිල් ප්‍රේමජයන්ත නොමිනේසන් දීලා තියෙන්නේ මිනී මරපු උන්ටය. ඡන්ද ලයිස්තුවවත් හදා ගන්න බැරි එකෙක් ගැන කතා කරලාම වැඩක් නැතිය. ඒ නිසා වහාම මේ කාර්යය ගෝඨාභය රාජපක්ෂට සම්පූර්ණයෙන් පැවරිය යුතුය. මේ රට ගොඩ ගත හැක්කේ එවන් ක්‍රම වලින් මිස. තුනේ පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නෙමේය.

යුද්දේ දිනන්න බැරි උනෙත් සම්පත් හිඟයක් වත්, නොහැකියවවත් නිසා නොව කාළකන්නි නිළධාරින්, ගොබ්බ ඇමතිවරු හා නායකයන් නිසාය. සුදුස්සන් ඒ තත්වයට පත් කල විට මුළු ළෝකයම බෑ කී ඒ දේ ජයගත්තා නම්, ඩෙංගු මදුරුවා සුන් කර දාන එක කජු කනවාටත් වඩා ලේසි වැඩක් බව නොකිව මනාය. මුන් ඩෙංගු නැති කරන්නේ නැත්තේ, මදුරු කොයිල් කාරයන්ගේ ජරාවට යටවෙලා බව කවුරුත් දන්නවාය. හැබයි ඉතින් ආරක්ෂාවට සම්බන්ද ඔක්කෝම පදිංචිවෙලා ඉන්න කිට්ටුවම ඩෙංගු ෆාම් තිබෙන වෙලේ. කොටින්ටත් මරන්න බැරි උන සෙට් එක, ඩෙංගුවෙක් පුකට විදලා පරළෝකාප්ප්‍රාප්ත උනොත් නම්, ඩයස්පෝරාවේ උනුත්, කොටියා අයින් කරලා, ඩෙංගු මදුරුවා කොඩියට දාගන්නා දවසත් වැඩි ඇතක නම් නොවේය.

78 comments:

  1. ලංකාවේ මදුරු කොයිල් අලවිය තහනමු කරමු ද?

    ReplyDelete
    Replies
    1. එතකොට මිනිස්සු නිදා ගන්නෙ කොහොමද.. ඉස්සෙල්ලා මදුරුවෝ ටික මරලා ඉමු. එතකොට කොයිල් ඕන නෑනේ... උඹත් ඇමතිලට හපන්...

      Delete
    2. මම හිතන්නෙ මෙතනදි නලින් අදහස් කරන්න ඇත්තෙ මදුරුකොයිල් කාරයෝ මදුරුවන් බෝ කිරිමට කටයුතු කරනවාය කියන තේරුමෙන් වෙන්න ඕනෑ.

      Delete
    3. මේ නලින්ටම දෙවෙනි නැති අනිකා

      Delete
    4. සත්‍ය නම් මේ මදුරු උවදුර කොයිල් කාරයන්ගේ උප්පරවැට්ටියක්. මෙය උවදුරක් වෙන තරමට ගෙන ඒම පිටුපස අනිවා මේ බහුජාතික වෙළෙන්දෝ ඉන්නවා. ඖෂධ ජාවාරම් කරුවනුත් ඉන්නවා. දැන් වැඩේ වෙලා ඉවරයි. දැන් කළ යුත්තේ මදුරුවන් මැරීම තමයි.

      Delete
    5. ඒකනේ සත්තරනේ මුලින්ම කිව්වේ. අපි යමක් ලියන්නේ. ඒ පිළිබඳ හොඳට හොයලා බලලා. මෛත්‍රිපාලා කියන්නේ වෛද්‍ය මාෆියාවේ රූකඩයක් පමණයි. වෛද්‍ය මාෆියාව ඇමතියට වඩා බලවත්.. ඇත්ත කතාව ඒකයි.

      Delete
  2. /හැබයි ඉතින් ආරක්ෂාවට සම්බන්ද ඔක්කෝම පදිංචිවෙලා ඉන්න කිට්ටුවම ඩෙංගු ෆාම් තිබෙන වෙලේ. කොටින්ටත් මරන්න බැරි උන සෙට් එක, ඩෙංගුවෙක් පුකට විදලා පරළෝකාප්ප්‍රාප්ත උනොත් නම්, ඩයස්පෝරාවේ උනුත්, කොටියා අයින් කරලා, ඩෙංගු මදුරුවා කොඩියට දාගන්නා දවසත් වැඩි ඇතක නම් නොවේය./

    හැක් හැක්... හැක්... මමත් බලාගෙන ඉන්නෙ ලොක්කෙක් මේ සිද්ධියට අහු වෙනකල්... එතකොට බලාගන්න බැරියෑ වැඩේ... ලංකාවෙ එක මදුරුවෙක් බේතකට වත් හොයා ගන්න බැරි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මේ මූසලයන්ටත් පෙන්නේ පොඩි උන්ගේ පුකවල් විතරයි.. කෙලෙපියකෝ මහ එකෙකුට, කෙලවෙලාම යන්න....

      Delete
    2. වැඩක් නෑ, ලොක්ක පේන්නෙ නැතිවෙන්නම වහගෙන ආරක්‍ෂාවට ඉන්න පොඩ්ඩෙක්ට හැදුනොත් මිසක උන්නැහෙලට ඕව හැදෙන්නෙ නෑ. මැස්සෙක්ට මදුරුවෙක්ටවත් වහන්න කිට්ටු වෙන්න පුළුවන්ද ඔය ලොකු පොරවල්වලට.

      Delete
    3. කොහෙද ඇල්කෙමි එවුන්ගෙ පොඩි අයගෙ ඉදල මහ එව්වන්ගේ පටන් AC පුකේ හයි කරල තියෙද්දී මදුරුවො කිට්ටු වෙන්නෙ.
      එවුන්ගෙ ලයිට් බිලත් ගෙවන නැති බැරි පොඩි මිනිහටම මේ මදුරුව විදින්නෙ.

      Delete
    4. //පොඩි අයගෙ ඉදල මහ එව්වන්ගේ පටන් AC පුකේ //
      ඈ බන් කෙන්ජි... උඹ උදේ ඉදලා හැන්දෑ වෙන කල්ම සබ්ජෙක්ට් එකේද ඉන්නෙ? නැත්තම් කෝමද ඔච්චර පුකවල් ගානක් පාස් කරන්නෙ?

      Delete
    5. ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ගමගේගේ ළමයට හැදුනා.ශශීන්ද්‍ර රාජපක්ෂගේ ළමයට හැදුනා.මීගමුවේ මහ රෝහලෙන් තමයි බෙහෙත් කලේ. ඩෙන්ගු මදුරුවාට ලොකු පොඩි බේදයක් නැහැ.

      Delete
  3. මෙයත් බස් ගැමුණු ව වගේ හැම රෙද්දම ගෝඨා ට භාර ගන්න කියන්නෙ.කොළඹ අලංකරණය කරන එවුන්ම නේද පිරිසිදු කරන්නෙත්.

    ReplyDelete
    Replies
    1. නෑනේ.... ඒකනේ කරුමේ.. දැන් කොළඹ දැක්කනම් ඔහේ මෙහෙම කතා කොරන්නෙ නෑ... කඩේකින් එක කුණු කෑල්ලක් පාරට දාන්නේ නෑ..

      Delete
    2. ඒකනෙ මම කියන්නෙත්,කුණු රොඩු වලින් තොර වුනාට ඩෙන්ගි පොකුණු පිරිල නෙලුම් පොකුණ වටේ.

      Delete
    3. යන්තන් පොට් එක හොයාගත්තා... එන්න වෙද මාමෙ එන්න ඇවිත් බලන්න... කොමෙන්ට් කොටන්න... පිට කසන්න.....

      Delete
    4. එහෙමත් අඩුපාඩුවක් වෙන්න තියනව ද මෙන්න ආවා.

      Delete
    5. මම මේක නොකිය හිටියට ( රෙදි උස්සන් එයි කියලා බයේ ) දැන් කියන්නම වෙනවා...

      වෙද මාමා, මාතලන් සහ කෙන්ජි නිකන් ත්‍රිවිඩ රත්නය වගේ....

      වෙද මාමා - බුදුන් වගේ... කාටවත් වැරැද්දක් නෑ....
      මාතලන් - ධර්මය වගේ.... බණමයි කියන්නෙ.. බණ පොතක් වගේ
      කෙන්ජිය - සංඝයා වගේ.... නිකන් උපාසක ලීලාවෙන් සිවුර පෙරවන් ඉන්නවා...
      කරන්නෙ කැත වැඩ.. කියන්නෙ කුණු හබ්බ...
      ගෑනු ඉවරයි...කොල්ලොත් ගහනවා...

      Delete
    6. මෝඩ ජෝක් දාන්න එපා ඇනෝ.ආවනම් කියවලා පලයන් පොන්නයෙක් නොවී.

      Delete
    7. Anonymous June 6, 2013 at 12:12 AM
      හා... හා.. අවුල්ද? ඔයාත් බොදුබල සේනාවෙද?

      Delete
    8. 4:29 AM ඇයි උඹ පකයද?

      Delete
    9. දරුවනි භයානක කුනු හරුප කීමෙන් වලකින ලෙස මම කරුණාව පෙරිදැරිව ඉල්ලා සිටිමි.
      මේ මා ඉපදුන මාසයයි.එම නිසා හැකි සෑම අයෙක්ම >>චිරං ජයතු<<ප්‍රාර්ථනාව කරන්න.
      දිගටම බොදු කටයුතු වල නියැළුන නිසා,බුද්ධ රස්නෙන් බොක්ක ඉදිමිලා නිසා කතාව අඩුවෙන්.
      දරුවන්ට තෙරුවන් සරණයි.!

      Delete
    10. කෙනජි සමඟ වාසේ ද කියා කොමන්ට් කලේ මා. නමුත්, මා අසභ්‍ය වචනයක් කියුවේ නැහැ. පුක යනු කුණුහබ්බයක් නොවේ කියා අපි සම්මත කර ගෙන තිබෙනවා. සාක්ෂි කකා. එහෙත් එය ඉවසිය නොහැකි අනිත් ඇනෝ ජානමය නොවූ ලක්ෂණ මතුකළා. කණගාටුව ඒ සමඟම මාතලං මගේ කොමන්ටුවටත් ෂොට් එක දීලා. අනේ අපොයි! අපොයි දෙයියනේ!! කොහොම උනත් අපි හුඟදෙනෙක් ඇනෝ සීමාව හදුනනවා. අසමච්ඡාති ඇනෝවරු අපේ බ්ලොග් සමාජයටත් ඕන නැහැ.
      කෙනජිටද චිරං ජයතු!!!
      තව වැඩි කල් ජීවත් වේවා!!!!
      නමුත්, අංකල්ගෙන් කොල්ලෝ බේරේවා!!!!!
      මාතලං වාගේ තලත්තෑනි පොරවල් අසුවේවා!!!!!

      Delete
  4. හඃ හඃ සිරාවටම කවුරුහරි ලොක්කෙක් මකබෑවෙන්න ඕන ඩෙංගු වලින් .

    ReplyDelete
    Replies
    1. මදුරුවොත් උන්ට බයද කොහෙද...?

      Delete
    2. ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ගමගේගේ ළමයට හැදුනා.ශශීන්ද්‍ර රාජපක්ෂගේ ළමයට හැදුනා.මීගමුවේ මහ රෝහලෙන් තමයි බෙහෙත් කලේ. ඩෙන්ගු මදුරුවාට ලොකු පොඩි බේදයක් නැහැ.

      Delete
  5. බම්බුවනේ අනේ. ඩෙංගු මර්ධනේට නීති ගෙනත් මුං කරේ දඩ ගහ ගහ සල්ලි එකතු කරපු එක මිසක් මදුරු මර්ධනයක් නෙවිනේ. අච්චර මුදලක් දඩ වශයෙන් එකතු වෙල තියෙනවය මෙච්චර මුදලක් එකතුවෙල තියෙනවය කියල පම්පෝරිය ගහන වෙලාවෙ ඒ මුදල්වත් යොදවල නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තිබුනනේ. අර ගේනව කිව්ව බී.ටී.අයි. බැක්ටීරියාව ගැනත් දැන් වැඩි කතාවක් නැද්ද කොහෙද. කොහොමටත් ඒ ගොල්ලො මදුරු කොයිල්කාරයොන්ටත් ෂලකන්න එපෑයැ.

    සාමාන්‍ය මිනිස්සු තමන්ගෙ වත්ත පිරිසිදු කරත් පොඩ්ඩක් පාරට බැස්සහම ඒවටත් එක්ක හරියන්න පළාත් පාලන ආයතනවලින් මදුරු තවාන් දාලා තියෙනව. ඒ ගොල්ලො තමන්ගෙ බල ප්‍රදේශ පිරිසිදු කරනවය කියල කරන්නෙ කොතනක හරි තියෙන කුණු ගොඩකින් ටිකක් ට්‍රැක්ටරේකට දාගෙන යන එක විතරයි. කුණු ගොඩක්වත් සම්පූර්ණයෙන් ශුද්ධ කරන්නෙ නෑ. ඔය ජනාධිපති එහෙම එන උත්සවයක් තියෙනව නම් මම දැකල තියෙනව පොලිස් කාරයෙක් බයිසිකලේකින් කුණු ට්‍රැක්ටරේ පස්සෙන් යනව උන් හරියට පාර ශුද්ධ කරනවද බලන්න. එකෙක්වත් තමන්ගෙ වැඩේ හරියට කරන්නෑ, පුදුම විකාරයක් මේ රට.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නේ කිසිම එකෙක් වැඩ නොකරන එක. ඔය අමාත්‍යංඝයකට ගොඩවෙලා බලන්න කීයටද වැඩ පටන් ගන්නේ කියලා. 9.00 ට 9.30 ටත් හම් මලු එල්ලගෙන මහ පරේ. මෙහෙම කාළකන්නි එක්ක පුළුවන්ද රටක් හදන්න.

      Delete
  6. කියුබාවෙන් ගෙනල්ලා බැක්ටීරියාවක් ඉහිනවා කිව්වෙ වෙන රටකද ලොකු අයියෙ ? අගමැති සිහිනය සහ සෞඛ්‍ය සේවය එකට සමපාත වෙන්නෙ නැති හින්දා වෙන්ට ඕනෙ ඩෙංගු මදුරුවා පුකට විදින්නෙ.

    ReplyDelete
    Replies
    1. // අගමැති සිහිනය සහ සෞඛ්‍ය සේවය එකට සමපාත වෙන්නෙ නැති හින්දා //

      සමහර විට ඔය දෙක එකට සමපාත වෙනව ලොක්ක හීනෙන් දැක්ක නිසා වැඩේ නොකෙරෙනව වෙන්නත් පුළුවන්. කලින් හිටපු කොට ඩයල් සෞඛ්‍යයත් අගමැති සිහිනය දැක දැකනේ හිටියෙ. ඕක ගෙනාවත් ඒක ගෞරවේ විෂයබාර ඇමතිට නම් මේ කපේදි හම්බෙන්නෙ නෑ, ඔක්කොම ලකුණු ටික ලොක්ක දාගන්නව මිසක. ඇමතිල ඉතිං දැන් කොහොමටත් බල්ල මාක්නේ. ඕන නම් තව ටිකක් අසරණයො මැරෙන්න ඇරල ඇමතිව පචකරල පීචං කරල දාන එකනම් ලොක්ක කරයි. නැතුව දෙයියනේ මුං ලකුණු ගත්තොත් ගෙදර ඉන්න එවුන්ට යන කලදවස මොකක්ද.

      Delete
    2. ගෙදර ඉන්න උන් කිව්වෙ අර රොකට් අරින කොලුවා වගේ උන්ද ?

      Delete
    3. ආ.... පො නෑ බං. ඌට තව කල් තියෙනව. ඌ ඔය රොකට්ටුවක් උඩ ඇරගෙන ආතල් එකේ හිටපු දෙන්. මම කිව්වෙ ලොකු පුත්තරයයි ඔය බාප්පිල දෙතුන් දෙනයි ගැන. මට නම් වෙලාවකට හිතෙනව ඔය ඔක්කොම කපාගෙන ගෝඨයිම්බර යෝධයා කෙලින්ම ගිහින් ලොකු පුටුවෙම වාඩිවෙයිද කියලත් මේ යන තාලෙට. පිටිපස්සෙන් ඉදන් අවශ්‍ය තැනදි බ්‍රේක් කරන්න කෙනෙක් ඉන්නකන් ඒ වගේ අයගෙ වැඩි වැරැද්දකුත් නෑ, නිතර මලපනින එක ඇරෙන්න. දැනට නම් පේන හැටියට එයාගෙ බ්‍රේක් එක මරා. හැබැයි මිනිහටම හෙණ්ඩුව ගියොත් නම් රට්ටුන්ටත් දෙයියන්ගෙම පිහිටයි.

      Delete
    4. කියුබාව, බැක්ටීරියාව මතක නැහැ හලෝ කියලා තමා මෛත්‍රීගෙන් අහගන්න තියෙන්නේ :D

      Delete
    5. ඒවා ගැහුවනම් මදුරුවෝ ටික මැරෙනවනේ.. එතකොට බැන්ක් එකවුන්ට් වලට සල්ලි යන එක නවතිනවා.

      Delete
  7. dan ithin vissa vijjale lokkata denguwalata nadu danna epye. principal latath nadu dala thiyenne. mema neethi samannya minisunta vitharada?

    ReplyDelete
    Replies
    1. නෑ සමහර විට උපකුලපති මහ උළු ගෙදර යවාවි.

      Delete
  8. ගෝඨාභයටම තමයි දෙන්න ඕනෙ. උතුරෙ යුද්ධෙත් ගෝඨාස් වෝ ලුනෙ. ඌ ලු නෙ ඒ යුද්ධෙ කොරලා තියෙන්නෙ. හමුදාපතියෙක් ඉඳලා නෑනෙ. අනික ඕනෙම ව්‍යාපෘතියක් ගෝටට දුන්නම වැඩ කුළී වියදම එහෙමපිටින්ම ඉතුරුයි නෙ. හමුදාවට කොහොමත් දෙන පඩිය දීලා මේ වැඩ ටික කොරගන්නවනෙ. කොම්පඤ්ඤ වීදියෙ ගෙවල් කැඩිල්ල, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙ ගින්න එහෙම මතක් කොරන්න ඔන් නෑනෙ.

    අනික, ඩෙංගු මර්ධනේ කොරන්න හැම දේටම දඩගහන්න තියෙන්නෙ මහජනයටමයි. බීටීඅයි බැක්ටීරියාව ගෙනත් එක්ස්පයර් වෙනකං තියාගෙන හිටපු උන්ට දඩ ගහන්ඩ ඕනෙ නැත.

    ReplyDelete
    Replies
    1. හැබැයි කට්ටිය ඒ දවස්වල හිටියේ බැක්ටීරියා ඕන් ගේනවා මේන් ගෙනවා මේ ගැහුවා වගේ

      Delete
    2. හමුදාපති කෙනෙක් උන්නා. ඉස්සරත් හිටියා. හමුදාපති විතරක් නෙමෙයි. හිටපු ජේෂ්ඨ උන්ට වඩා සුපිරි බුලට් ජූනීයර්ස්ලා ටිකක් උඩට අරගෙන තමයි ගේම ඉවර කළේ. සීනීයර්ස්ලා එක්ක කරානම් තාම කරනවා. නමුත් ඒකට නියම නායකත්වය දුන්නේ කොහෙන්ද කියන එක මේ තරම් ඉක්මනට අමතක කරන්න එපා. අද අපි පාරක තොටක බය නැතුව බැහැලා යන්නේ මේ මිනිස්සු ඔක්කෝටම පින්සිද්ද වෙන්නේ. ඒකේ ක්‍රෙඩිට් එක ෆොන්සේකාටම විතරක් දෙන්න බෑ. කොල්ලෝ කීයක් මැරුණද. උන් වීරයෝ නෙමෙයිද. ඒක නෙමෙයි ප්‍රශ්ණේ. දැනට වැඩක් සාර්ථකව කරන්න ඉන්නේ ඝෝඨාභය විතරයි. නමුත් මේ වගකීම ඔහුට නීත්‍යානූකූලව දෙන්න ඕන.

      Delete
  9. කාලකන්නි මදුරුවො. උනුත් ධනපති පන්තියට හැරිලද කොහෙද දුප්පතාගෙ පශ්චාත්භාගයටම කෙලින්න හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. මුනුත් අපිටම නේ කෙලින්නේ... මමත් කෑවා හෙන කට්ටක්..

      Delete
    2. ලොක්කොන්ගේ එවුන්ටත් හැදුනා බන්. මහින්දානන්ද අලුත්ගමගේගේ ළමයට හැදුනා.ශශීන්ද්‍ර රාජපක්ෂගේ ළමයට හැදුනා.මීගමුවේ මහ රෝහලෙන් තමයි බෙහෙත් කලේ. ඩෙන්ගු මදුරුවාට ලොකු පොඩි බේදයක් නැහැ.

      Delete
  10. ඇයි යකෝ මෙයා කියන්නෙ හැම බම්බුවම ගෝඨා ටට දෙන්න කියලනෙ. එහෙනම් ඌට ජනධිපතිකම දුන්න නම් ඉවරයිනෙ. නැත්නම් අමත්‍යංශෙ නම වෙනස් කරනව පොදු වැඩ අමත්‍යංශෙ කියල. එතකොට හැටහුට හමාරක් ඡන්දෙ ඉල්ලුවෙ මොකටද හැබෑටම

    ReplyDelete
    Replies
    1. ඡන්දේ ඉල්ලපු උන් වැඩ කරනවා නම් මෙහෙම ලියන්න ඕන නෑනේ. වැඩක් කරන එකමමිනිහට දෙන්න කියලා ලියන්නේ ඒකයි. මම හිතන්නේ නම් නෑ. ඔහු රටේ නයකත්වයට සුදුසුයි කියලා. ඔහු නෙමෙයි, ෆොන්සේකා මහත්තයා සුදුසුත් නෑ. නමුත් ඔවුන් අති විශිෂ්ඨ කළමණාකරුවන්.

      Delete
  11. ඩෙංගී ගැන කතා කරලත් වැඩක් නැහැ. ලංකාවේ මදුරු ගහණ විනාශ කරන ක්‍රම ගැන දවස් ගණන් කතා කරල තියනවා. වැඩක් නැහැ. ඒවා බෙහෙත් කොම්පැණි පෝසත් කරන සම්මන්ත්‍රණ විතරයි. කාල බීල කට්ටිය හම්බ වෙන්න නම් හොඩයි. වෙන කිසිම වැඩක් නැහැ. ඒ අතර කොච්චර ප්‍රතිඵල පෙන්විය හැකි යෝජනා ඇවිත් තියනව ද? ඒ එකක්වත් එතනින් එහාට ගිහින් තියනව ද ? අපේ කාලේ කන වැඩ.
    ඒ නිසා මගේත් යෝජනාව මහ පවුලෙම එකෙක්ටම විදපන් ඩෙංගුවෝ.

    ReplyDelete
    Replies
    1. වෙදෙක් කියන කතාද මේ....

      Delete
    2. මම මේක ම වෙදන අයියගෙන් කලිනුත් කරන්න හිටපු ඉල්ලීමක්, අර දකුණෙ වෙද හාමිනේ කෙනෙක් ඩෙන්ගු වලට හොයාගත්තයි කියන බෙහෙත ගැන ඔබතුමාගෙ අදහස පෝස්ට් එකක් ලියන්නකො.... ඒ වගේම ඒක ඇත්තනම් ඔබතුමාගෙ තියෙන සම්බන්ධකම් වලින් බැරිවෙයිද සපෝට් එකක් දෙන්න ඒක රෙජිස්ටර් කරගන්න... ( ආයුර්වේද ඖෂධ ලියාපදිංචි කිර්‍රීමේ පටිපාටි ගැන මෙලෝ අවබෝධයක් නෑ ඕං..)

      Delete
    3. ඒ ළමයට උදව් කරන්න බොහෝම කැමතියි. නමුත් ඇයගේ කෙටිකාලීන ව්‍යාපෘතියට මම අකමැතියි. ඇයට සහය දෙන්න බොහෝ වෙහෙස ගත්තා. නමුත් ඇය යන්නෙ වෙනම පාරක. ඇයගේ කල්පනාව දේශපාලකයන් මාර්ගයෙන් ඒ වැඩේ කර ගන්න. එහෙම බැහැ. විදිමත් පර්යේෂණයක් පිළිගත් ආයතනයක දී සිදුකර, එම පර්යේෂණ පත්‍රිකාව පබ්ලිෂ් කිරීම වැනි දිගුකාලීන ක්‍රමවේදයකට ඇය අකමැතියි. අද වුවත් ඇය කැමති නම් එයට අපි සහය දෙනවා.
      ඖෂධයක් ලියාපදිංචි කරන්නෙ ඒසදහා පිහිටුවා ඇති විද්වත් කමිටුවක් මගින්.

      Delete
    4. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට... මමත් ඒත් හිතුව පත්තරේ තියනවට වඩා එහා කතාවක් ඔතන ඇති කියල... දඩි බිඩියේ අනුමත කරල දීර්ඝ කාලීන අනිසි අතුරු ඵලයක් හෙම ඇතිවුනොත් ඒකත් අවාසනාවන්ත තත්වයක්නෙ... මා දන්නවා බටහිර ඖෂධයක් සොයාගැනීමෙන් පස්සෙ අනුමත වෙන්න අඩුගානෙ අවුරුදු හතරක් යනව... ඊට පස්සෙත් සමහර විට අතුරු ආබාධ නිසා ඉවත් කරන්න වෙන අවස්ථා තියෙද්දි...දඩි බිඩියෙ කරන එක නම් හොඳ නෑ තමා... ආයුර්වේද ඖෂධයක් කිව්වත් ඉතින් රසායනික සංයෝගයක් නෙ...

      Delete
    5. කොයි මෙතෙන්ටත් එන්න කෙනජි, මාතලන්.......... ඔයාලා නැතුව ලොකු අඩුවක්.

      Delete
    6. AnonymousJune 6, 2013 at 4:31 AM

      තොගේ අම්මා නැතුව මගේ පක වේලෙනවා.ඇවිත් උරන්න කියපිය.

      Delete
    7. එහෙමද බලන්න එහෙනම් මුං ඇට කිලෝවක් තම්බලා කාල එක තනි බෙට්ටට දාපං. තනි එකට දාන්න බැරි උනෝත් හරි දියර තත්වයෙන් තිබුණිනම් තත්වය දරුණුයි. වහාම ලඟම සිටින වෛද්‍යවරයා හමු වෙන්න.

      Delete
    8. අඩේ කොයි දැං ටංක ටකං කියපු එකාගේ කොමන්ටුව. මම පණ දීගෙන උට කළ උඩ රිප්ලේ එක (ඇනො 7:39 AM) නොසලකා හරින ලෙස සියලුම මාතලං පාඨකයන්ගෙන් ද, ලංකා ජනතාවගෙන්ද, ශ්‍රී ලංකා ජනරජයෙන්ද ඉවසිලිවන්තව ඉල්ලා සිටිමි.

      Delete
    9. මමත් වල කජ්ජ ගහන්න ගිහින්, ජයවර්ධනපුරදි පැපොල් කිරි වල පිහිටෙන් තමයි ගොඩ ආවේ... මේ කාළකන්නින්ට බෑ ඒ ගැන හොයලා බලන්නවත්.

      Delete
  12. පහු ගිය කාලේ බැක්ටීරියාවක් ගේනවා , හදනවා කියලා කිව්වා නේද..? ඒවට මොකද උනේ ..?මන් මේ දැනගන්න අහන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ බැක්ටීරියාවට මොනාවුනත් කමක් නෑ... මෙතන මාගල දිග අරින්න එපා...

      Delete
    2. බැක්ටීරියාව ගෙනාවා. කියුබාව බැක්ටීරියාව විතරයි දෙන්නේ, කොමිස් දෙන්නේ නෑ. ඒ නිසා ඒක නවත්තලා දැම්මා. මදුරු කොයිල්, ස්ප්‍රේවලින් හම්බ වෙන ගාන ඊට වඩා වැඩියි.

      Delete
  13. මෛත්‍රිපාල ගොයියට සවුක්කිය තේරෙන්නෙත් නැත. තමන් නිකම්ම නිකම් බෙර ගහන ජෝකරයෙක් කියා තේරෙන්නෙත් නැත. කොට තඩි සිරිපාලයා හොරෙන්ම පිටිපස්සෙන් ඇරලා තියෙන්නේ කියලා තේරෙන්නෙත් නැත. පොල් රැවුල් මාමා මේ වගේ ජෝකරයන් තියාගෙන ඉන්නේ ප්‍රශ්න වෙන වෙන අතට හරවන්නය. අපි මෛත්‍රිපාලයා කන්න හදන අතර මාමා පවුලේ කොමිස් කුට්ටි තර කරගනියි. මදුරුවා අපේ ......අරියි. මදුරුවාටත් කලින් මාමා එලවාගත යුතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මාමා එලවන්න ලේසි නැති බව 21 වනදාත් දුටුවාය. ඉදිරි මැතිවරනවලදිත් එය පැහැදිලිව බලා ගත හැක. එම නිසා මා යෝජනා කළේ පවතින් ක්‍රමය තුල ඇති සාර්ථකම ක්‍රමයයි.

      Delete
  14. මේකනෙ මාතලං අපේ රටේ ඇමතිවරු තමන්ගෙ ස්බජෙක්ට් එක ඇර අනික් ඔක්කොම දන්නව... යන්තං හරි ස්බ්ජෙක්ට් එක දන්න පොරක් හිටියොත් පොරව දානව පොර දන්නෙ නැති එහෙකට ..( විදුලියට කලා වගේ )... සෞඛ්‍යය ගැන ත්‍රමක් හරි අවබෝධයක් තියෙන රාජිත දාල ඉන්නව මාලු අල්ලන්න... ගොවිතැන ගැන සාමාන්‍ය දැනුමක් හරි ඇති කියල හිතන්න පුලුවන් මෛත්‍රී දැම්ම සෞඛ්‍යයට... එළ නෙ..

    ඩෙංගු නැතිකරන්න ආරක්ෂක අමාත්‍යාංශෙට දෙන්න ඕන කියන එක නම් ඉතින් නානසාර බුද්ධාගම රකින්නත් ආරක්ෂක අමාත්‍යාංශෙට දෙන්න ඕන කියපු එක වගේ තමා...

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව පුළුවන්ය රටවල් කොරන්ඩ... දැන් පේන්නේ නැද්ද අධ්‍යාපනයට දන්නා කෙනෙක් දාල...

      Delete
    2. ඔවු බන් හෙට මේ රටේ ගැහැණුන්ගේ සාපල්‍යතාව අඩු වෙලා කිව්වොත් ඒක හරි ගස්සන්නත් ඝෝටට භාර දෙමු කියන තත්වෙට මුං ඇවිල්ල.ඒකට මොකෝ ප්‍රජනතන්තරවාදය ගැන කතා කරන ලිබරල් වාදී බ්ලොග් කාරයෝ ! නරිවාදම් කී බෝඩ් දර්ශනිකයෝ !

      Delete
    3. වෙන කාටද බන් දෙන්න කියන්නේ. වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙකුට එපයි දෙන්න. කොටි ගහලා මැරුණට වඩා මිනිස්සු මැරෙණවා මේකෙන්. ඒකයි සංඛ්‍ය ලේඛන එලියට දාන්න එපා කියන්නේ. අපේ ගෙවල් කිට්ටුව 3 දෙනෙක් මැරුණා මේ ටික දවසට. 100 කට වඩා ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ..

      Delete
  15. කියුබාව වග කියන්න ඕන මේකට. මොකද ප්ලේන් එකෙන් මහන්සි වෙලා ගෙන්නපු බේත් ටික වැඩ කරේ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. ඔන්න කියුවා 2.50 කතාවක්.

      Delete
    2. ඇත්ත කියුබාව සම්පූර්නයෙන් වග කියන්න ඕන. එයාලගේ ප්‍රතිපත්ති බල්ලට දාලා. බේතේ ගාන වැඩිකරලා කොමිෂන් එකක් දුන්න නම් වැඩේ ඉවරයි. උන්ගෙත් රෙද්දේ සාධාරණ සමාජ ක්‍රම.

      Delete
  16. ඩෙංගු මර්ධනයට ජාතික වැඩපිළිවෙලක් නැත, අඩු ගානේ මිනිසුන්ගේ හිතේ එහෙම හැගීමක්‌ ජනිත කරන්නට උත්සාහ කරලාවත් නැත. හැම මිනිහම බලන්නේ තම තමුන් දඩ නොකා, නඩු නැතිව බේරෙන්නේ කොහොමද කියලාය, අල්ලපු ගෙදර එකා බලන්නේ එහා ගෙදර එකා ගැන පෙත්සමක් ගහලා ඩෙංගු වලට හරි ඌව අහු කරලා හිරේ යවන්නය. අද ඩෙංගු මර්ධනය මිනිස්සු එක එකාට කෙල ගන්න තත්වයකට නිර්මාණය කර තිබෙන්නේ මෙහි මූලික අරමුණු පසෙකලමින්ය. ප්‍රාදේශීය සභාව,සෞඛ්‍යය අමාත්‍යාංශය හදන්නේ දඩගහලා ගොඩ වැඩිකරගන්නය. PHI සහ නගරසබා පරීක්ෂකවරු ට්‍රැෆික් පොලිස් රාළහාමිලා වගේය. කිව්වත් වගේ ගෝටා ට දෙනවා ඇර කරන්න දෙයක් නෑ වගේය.

    ReplyDelete
    Replies
    1. පවතින ක්‍රමය තුල වෙන විකල්පයක් නෑ. නමුත් බූරුවගෙන සම්පූරණයෙන් අයින්කරලම දෙන්න ඕන.

      Delete
  17. හැම ලබ්බම ගෝටට දෙන එකවත් කානුවක් කැඩුන එකත් ජනාධිපති ඇවිල්ල හදන එකවත් නෙමෙයි මේවට විසදුම.හොඳ පරිපාලන ව්‍යුහයක් හදන එකයි.පුද්ගල වන්දනාව මිසක් සිස්ටම් එකක් ගැන විශ්වාස නොකරන මේ රටේ මහජනතාව තමයි ඇත්තටම අන්තිමට මේ සියල්ලට වග කිව යුත්තන්.මහින්දව ගෙනල්ල එහෙම නැත්නම් රනිල්ව ගෙනල්ල එත් බැරි උනොත් ෆොන්සේකාව ගෙනල්ල ගොඩ යන්න බලන් ඉන්නවා මිසක් මේ ඕන එකෙක් අවොත් ඒකා වගකීමට බැඳෙන සිස්ටම් එකක් හදා ගන්න අදහසක් නැති මහජනයාට කතරගම දෙය්යන්ගෙන් බැරිනම් ගෝට දෙය්යන්ගෙන් හරි ගොඩ යනු මිස වෙන විකල්පයක් නැහැ .

    ReplyDelete
    Replies
    1. //හොඳ පරිපාලන ව්‍යුහයක් හදන එකයි// මේක මේ කෙපේට මුං එකෙක්වත් කරන්නේ නෑ බං. අපේ ගොන් හරක් මිනුස්සු තේරුම් ගන්නෙත් නෑ.

      Delete
    2. සිස්ටම් එක වෙනස් කරන්න නේන්නම් රත්තරනේ මේ බ්ලොග් එකක් ලියන්නේ. සෝභිත හාමුදුරුවෝ ව්‍යවස්ථා හදන්නත් ඉස්සෙල්ලා මාතලන් ව්‍යවස්ථා හැදුවේ. මේ ක්‍රමය තනිකරම උඩු යටිකුරු කරන්න ඕන කියලා තමයි මමත් කියන්නේ. පවතින්නේ පුද්ගල වන්දනා සිස්ටම් එකක් නම්. වගකීම් දීලා තියෙන උන් හරක් නම්. වෙන මොකක්ද සොලියුෂන් එක. වැඩක් කරන්න පුළුවන් මිනිහට දෙන එක නේද. මම ගොඩක් කල් ඉඳන් කියන්නේ, මේ 94 ඉඳලා ඉන්න හාල්පාරුවෝ ටික එලවලා දාලා තරුණ උන්ට රට හදන්න දෙන්න කියලා. මොනවා කරත්, අඩු පාඩු වංචා දූෂන තිබුනත්, යුද්දේ ඉවර කරල සංවර්ධනයක් කරේ රාජපක්ෂලා විතරයි. හැබයි ඉතින් මේ ක්‍රමේට ගියොත් නම්, නාමල්ට පාළණය කරන්න රටක් නම් ඉතිරි වෙන්නේ නෑ.

      Delete
  18. ඈ මාතලන්,හැම එකක්ම ගෝඨාට දෙන්න නං මහ එකෙක් කැබිනට් එකක් මොකටද...ගෝඨා හිටියාම රටට ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ආන් ඒක තමා මමත් හිතන්නෙ. අසීමිත බලයක් ලැබුනම පෙනෙන මනුස්සය තුළ නොපෙනන භයානක යක්‍ෂයෙකුත් ඉන්න පුළුවන්. දේශපාලනය තුළ අත්හදාබැලීම් භයානකයි.

      දැන් ඔන්න මාතලන්ගෙ අර ව්‍යවස්ථා කෙටුම්පතට අළුත් වගන්තියක් දාන්ටත් පුළුවන් (පෙනෙන හැටියට බහුතර කැමැත්තෙන්) විධායකය හා කැබිනට් මණ්ඩලය - පාර්ලිමේන්තුව අහෝසි කර සියළු විධායක, ව්‍යවස්ථාදායක (අවශ්‍ය නම් අධිකරණ) බලතල ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හිමිවිය යුතුයි කියල. :)

      Delete
    2. ඇත්තටම. ඕන් මහාචාර්ය රජීව් විජේසිංහ කියලා තියෙනවා මම හැමදාම කියන් දේ. මෙච්චර විශාල කැබිනට් එකක් තියාගෙන ජීවීතේට මේ රට ගොඩ ගන්න බෑ කියලා. රටේ ඉන්නේ මිලියන 20 යි. ඇමතිවරු 20 හොඳටෝම ඇති. හැබයිවැඩ කරන උන්.

      අනික මේ රට හදන්න නම් දරුණු පාලකයෙක් අවශ්‍යමයි.

      Delete
  19. අම්මපා නගරසභා ටික ආරක්ෂක අමාත්‍යන්සෙට ගන්ට ඇහැක් වෙයිද....

    ReplyDelete
    Replies
    1. කොළබ නගර සභාව කියන්නේ හොර ගුහාවක්. ඕන් අද රවී කරුණානායකත් කියලා තියෙනවා. ඒකේ නගරාධිපති ඔක්කෝටම ඉස්සෙල්ලා කෝටි 4 ක ජීප් එකක් නම් ගත්තා. මදුරු මැරිල්ල කෙසේ වෙතත්.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න