.

.

Jun 12, 2013

සුදු අලි පාටිය (පලා බබා බොරුව) - White Elephent Party


පලා බබා සුදු අලියෙක් කියන්නේ මම නෙමේය. දේශපාළණය කරන හැම එකාම ඒක දන්නේය. බබාලා කියන්නේ වටිනා සම්පතක් උනත්, වැඩි උනාමත් බොහොම කරදරය. සමහර උන් එහෙම බබාලා හම්බ උනාම, ඉස්පිරිතාලෙම දාලා යනවාය. සමහර උන් කුණු ගොඩට විසි කරලා දානවාය, සමහර උන් ඉපදෙන්නත් ඉස්සර වැඩේ දෙනවාය. සමහර උන් වෙන කාටහරි දීලා දානවාය. මේ එහෙම දීලා දාපු බබෙක්ය. නිකන් දීපූ බබෙක් නොවේය. පරිප්පු දාලා බයකරලා, ඇඟේ ගහපු බබෙක්ය. කොහොම හරි එහෙම දුන්න නිසාද මන්දා, බබා නිසා, එයාගේ දැන් තාත්තා නම් මාර පරිප්පුවක් කනවාය.


පළාත් සභා බලෙන් දුන්නේ, උතුරු නැගෙණහිර පළාත්වල තිබූ ත්‍රස්තවාදී ප්‍රශ්ණයට පිළියමක් ලෙසය. ඒත් ඒ කාළේ උතුර පාළණය කරපු එකා ඒක පිළිගත්තේ නැත. නමුත්, ජේ ආර්, ඒක තමන්ගේ හෙන්චයියන්ට සුර සැප ලබා දෙන ඉල්ලමක් කර ගත්තේය. ඇත්ත වශයෙන්ම උතුරේ පළාත් සභාවක් පිහිටවූවේය. රට බෙදීම වලක්වාලීමට පිළියමක් ලෙස දුන් පළාත් සභාවේ, මහ ඇමති වර්ධරාජා පෙරුමාල්, අන්තීමේදි ඊළම් කොඩිය ඔසවා වෙනම රාජ්‍යයක් ප්‍රකාෂ කිරීමට යාමෙන්, අන්තීමේදී ඒ පළාත් සභාව විසුරුවා හැරියේය. වර්ධරාජා ඉන්දියාවට පැනගෙන පන බේරා ගත්තේය.

මට ඇති තවත් ප්‍රධානම ගැටළුවක් වන්නේ, උතුර හා නැගෙනහිර පළාත් සභා එක්කීරිමක් ගැන මෙතන කතා කරන්නේ මන්ද යන කාරනයයි. පළාත් සභාවල පරමාර්ථය, බලය විමධ්‍යගත කිරීම නම්, නැවතත් පළාත් සභා එකතුවීම විමධ්‍යගත වීමක්ද, නැතිනම් මධ්‍යගත වීමක්ද යන්නට එකෙක් පිළිතුරු ලබා දෙන්නේ නැත. අනෙක මේවාට අමතරව ඌව පළාත හෝ උතුරු මැද පළාත එක් කර ගැනීමක් ගැන කතාවක් නැත. මෙයින් පැහැදිලිව පෙනෙන කරුණ නම්. ඉන්දියාවේ පරමාර්ථය වූයේ වෙන කිසිවක් නොව ඊළාම් රාජ්‍ය බිහිකිරීම බවයි.


ගිවිසුම් අත්සන් කළ එජාපය 94 දී බලයෙන් පහ වුවද, ඉන් පසු පැමිණි ආන්ඩුද මේ ගිවිසුම ගැන එතරම් උනන්දු නොවූයේ. උතුරු නැගෙණහිර මෙය ක්‍රියාත්මක නොවන නිසාත්. තම හිත මිතුරන් හා දේශපාළණ හෙංචයියන් කිහිප දෙනෙකුට ආන්ඩුවේ පින් පඩි ගෙවා දැමීමේ ඉල්ලමක් නිසා මිස වෙන හේතුවක් නොවේ. පලාත් සභාවේ එදා සිට ජීවත් වන බද්දේගම සමිත හිමි පලාත් සභාවේ උන් සේවාවන් ගැන කියන්න කීවාම දේශනා කලේ, ගම් වල තිබු ඒ දඬු වෙනුවට පාළම් ඉඳිවුන බවය. එහෙත් අදටත් පාළම් නැතුව පවුල් පිටින් මිය යන්නේ කෙසේද කියා අහන්න ඒ වැඩ සටහන් මෙහෙයවන උන්ට ඔළුවක් නැතිවීම ගැන ඉතාම කනගාටුය.

නැවතත් මේ ප්‍රශ්ණය උද්ගත වූයේ ඇයි? අවංක හේතුව නම්, උතුරු පලාත් සභාවේ බලය තමන්ට නොලැබීම පමණි. උතුරු පළාතේත්, තමන්ට ඇමතිකමක් ලැබේ නම් සිහළ උරුමය කවදාවත් මේ ගැන කතා කරයිද? නැත. කිසි සේත්ම නැත. ඔවුන් අවංකව මේ ක්‍රමයට විරුද්ධ නම්, කලයුත්තේ පළාත් සභාවල ඇමතිකම් දැරීම නොව, දැනවත් එයින් ඉල්ලා අස්වීමයි. එහෙත් ඒ කැපකිරීම ඔවුනට කළ හැකිද? කිසිසේත්ම නොහැකිය. මන්ද ඇමති පමණක් නොව බිරිඳ හා කාඩර්වරුන්ද සෑහෙන පිරිසක් පලාත් සභාව නිසා බඩේ බත සප්ලයි කර ගන්නා නිසාය. ඇත්තටම මොවුන්ට වටින්නේ රටට වඩා, තමන්ගේ බඩයි.

මම අහන්නේ අනෙක් ප්‍රදේශවලට හොඳනම්, උතුරට විතරක් මේක නරක් වෙන්නේ කෙසේද කියාය. ජනාධිපතිවරයාට සියළුම බලතල හිමි රටක. ඔහුගේ නියෝජනය ආන්ඩුකාරයා විසින් ඉටුකරද්දි, ගැටළුවක් ඇති වන්නේ කෙසේද? කිසිම ගැටළුවක් ඇතිවිය නොහැක. එක වරක් විසුරුවා හැරි ආයතනය, නැවත විසුරුවා හැරීම සුළු දෙයකි, අගවිනිසුරු එක දවසින් ගෙදර යවන ජනාධිපති තුමාට, මහ ඇමති ගෙදර යවන එක මහ දෙයක් නොවේ. එකම ගැටළුව, මේවාට පත් වන්නේ තමන්ගේ එවුන් නොවන කාරණයම පමණි.

එහෙත් ජනාධිපති තුමාගේ දේශපාළණ දැණුම අනුව මා නම් කියන්නේ. උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුය. ජනතාවට කැමති පිරිසක් පත් කර ගැනීමට දිය යුතුය. ඒ පත්වන පිරිස සමඟ එකතුව එම ප්‍රදේශය දියුණු කළ යුතුය. ප්‍රශ්ණය මතු වන්නේ මෙහිදීය. එනම් මුදල් බෙදා හදාගැනීමේදීය. නමුත් ඒ සඳහා විසඳුමක් නැත, අනෙක් පළාත් සභාවලට දෙන ආකාරයෙන්ම මුදල් වෙන් කළ යුතුමය. මන්ද ජනාධිපති තුමා සිංහල අයගේවත්, දකුණේ අයගේවත් ජනාධිපති නොවේය. උතුර ගැනද, එහි ජනතාව ගැනද බලාගත යුත්තේ එතුමාමය.

එසේ නොවේනම් කළ යුත්තේ පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර දැමීමයි. මගේ යෝජනවානම් එයයි. මන්ද, පළාත් සභා ගෙන ඒමට හේතුවූ ප්‍රශ්ණය අද සහමුලින්ම විසඳා අහවර කර ඇති බැවින්ය. එහෙත් එය ලෙහෙසි පහසු දෙයක් නොවන බව ඉන්දියාවේන් ලැබෙන පණිවිඩ වලින් පෙනී යයි. චීනයද මෑතදී පැවසුවේ, ඉන්දියාව සමඟ ප්‍රශ්ණ ඇති කර නොගන්නා ලෙසටය. අප ඉන්දියාව තරහ කර ගැනීම ඇත්ත වශයෙන්ම කර ගන්නා මෝඩම ක්‍රියාව බව නොකියා බැරිය. එසේනම් කුමක් සිඳු වෙයිද? මා නම් කියන්නේ කිසිවක්ම සිද්ද නොවන බවයි. උතුරු පළාත් සභා ඡන්දයට පෙර වෙනත් පළාත් සභාවක හෝ දෙකක ඡන්දයකින්, ආන්ඩුව විශිෂ්ඨ ලෙස ජයගෙන උතුරේ ඡන්දය ඊළඟට පවත්වනවා ඇත.

මන්ද මේ මජර ක්‍රමය තුල, ආන්ඩුවෙන් කන හිඟන්නන් පිරිස බොහෝ වැඩි බැවිනි. අප කළ යුත්තේ, මේ හිඟන්නන්ට හා ඔවුන්ගේ හිඟන පවුල්වල, බඩේ බත පිරවීමට අපගේ මනාපය පල කොට ගෙදර විත් දත් මිටි කා හුළං බී, උක පුඩ දාගෙන නිදාගෙන.. රාජ්‍ය හිඟන්නන්ගේ බඩේ බත සරිකිරීමට. ඊළඟ උදයේත් කඹුරන්න යෑමයි..

සුදු අලි දිනේවා..!!!!
අද හවසට කිසිවක් නොවේවා..!!!
හිඟන්නෝ.. සුවපත් වෙත්වා...., දුකින් මිදෙත්වා.... පිස්සු කෙලිත්වා..., ආතල් ගනිත්වා.. !!!
මෙළොවදීම අමා මහා නිවන් සුව අත්වේවා....!!!!
උතුරෙත් සුදු අලි බිහිවේවා....!!!

76 comments:

  1. උතුරට දෙන කොට විතරක් මේ යක්කු දගලන්නේ ඇයි. දැං අර යක්කු හරක් මස් තහනං කරන්නෙයි කියල පාගමනකුත් යනවා. මොන හත්ඉලව්වක්ද මේ ආන්ඩුව කරන්නේ.. නීතිය මොකාටද දීල තියෙන්නේ. ව්‍යවස්ථානූකූල බලයක් හිමි පළාත් සභා සියල්ලම එපරිද්දෙන් තියෙද්දි උතුර ගැන කතා කරන්න වෙන විදියක් මොකටද/ පැහැදිලි අර්තකතකයක් නැති මේ සුදු අලියා අහෝසි කිරීම හැර වෙන විකල්පයක් නෑ. හැබැයි රජා එරෙනවා එන්න එන්නම.. පොදුරාජ්‍ය සභාපති කම ගන්නත් ඕන. ඒකට ඉන්දියාවේ බත්බැලයෙක් වෙනනත් ඕන. සැප්තැම්බර් වල ඡන්දේ තියන්නත් ඕන. අනේ මන්ද මට පිස්සු වගේ...

    ReplyDelete
    Replies
    1. \\\අනේ මන්ද මට පිස්සු වගේ...\\\

      සෑර් පොඩ්ඩක් වත් හිත කළබල කරගන්නැතුව ඉන්න සෑර්...අපි සර්ට් , සර් අපිට..එච්චරයි..

      Delete
    2. මගෙත් තියරිය ඒකයි. ත්‍රස්තවාදය මර්ධනය කළා කියනවනම්. විජයග්‍රාහි පෙළපාලි තියනවනම්. වීර සම්මාන ගන්නවනම්. මොන මළදානෙටද නොතියා ඉන්නේ. ඒක අසාධාරණයක් කියලා ඕන ගොනෙකුට තේරෙනවනේ..

      Delete
    3. මේ චන්දෙ, තියන්න හදන එකක් නොවේ, ජනතාව බෙදන්න හදන එකකි,. සාමය හා සංවර්ධනයේ මුල තිබෙන්නේ කොහිද කියා පාලකයෝ කාටත් වඩා හොඳින් දනිති. මේ ගහන්නේ එයට කූඤ්ඤයකි, සිංහල දෙමල ජනතාවගේ සමගිය පාලකයින්ට මල බෙරයකි. මල බෙර වයන්නට උන් ඉඩ දේවිද? උන් මෙතක් වැයුවේ අහිංසක ජනයාට මල බෙරයක් වු යුද්ධයයි. හලාල් බෙරේ වයමින් තිබේ, දැන් පලාත් සභා බෙරේද වයමින් තිබේ.

      උතුරේ පලා බබා ඡන්දයද දිනා ගත යුතු දෙයක් බවට උන් පත් කර ඇත.

      Delete
  2. මට නම් හිතෙන්නේ මහ තැන අපිට සෙල්ලම් කර කර ඉන්න කාලෙන් කාලෙට දෙන මාතෘකා මේවා..මුළු රටේම දේශපාලන උන තියෙන සෙට් එක මේවා ගැන කියවනවා..ලොක්කා යටින් තමන්ගේ වැඩේ කරගන්නවා..පට පට ගාලා සල්ලි දීලා මන්ත්‍රීලා අල්ලන් 2/3 ගත්තා. විවස්ථාව වෙනස් කරා , තමන්ගේ වාසියටම පමණක් රටේ විවස්ථාව වෙනස් කරා, තමන්ට පුද්ගලිකව සතුරු වෙන අයට ආයේ ඔලුව උස්සන්න බැරි වෙන්න වැඩේ දුන්නා සහ දෙනවා, හිතුමතේට ඇමති ධූර හදනවා..නියම බලතල එකතු වෙන ඇමති ධූර සියල්ලම ලොක්කා අතේ , සහ සහෝදරයෝ අතේ..

    තව මොනවද අඩු..එකම දෙයයි අඩු..රටේ ජීවත් වෙන හරක්ට, රෑට නින්ද යනකම් හප හප ඉන්න අඹ ඇට තමයි අඩු..එහෙව් අඹ ඇටයක් තමයි පළාත් සභාව කියන්නේ ..තව අඹ ඇට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි ඒ කතාවට. 18 සංශෝධනේ, අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය වගේ දේවල් සුටුස් ගාලා කරගත්තු රජාට, 13 වෙනි සංශෝධනේ මොන කජ්ජක්ද? මේ තරං කෑ ගහන්න ඕනෙයැ. මේ කෑගැහිල්ලේ තරමටම අපි තේරුම් ගන්න වෙනවා යටින් යන සූත්තරේ ලොකු එකක් බව. අපිට ලයිට් බිලත් අමතකයි, ධීවර මරණත් අමතකයි, 13 නං හොඳහැටි මතකයි.

      Delete
    2. සහන් සමග එකඟයි. බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉඳන් ගෙනාපු බළල් පැටව් දැන් තඩි බළල්ලු වෙලා රට පාලනය කරන්නේ. බත් කන හරක් බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉඳන් ගෙනාපු බළල්ලු නේ ඉතින් තව හුරතල් කරපල්ලා හරකුනේ පුරු පුරු ගානකන් ඔලුව අතගාපල්ලා හැබැයි මට හිතෙන්නේ බළල් පැටව් කියල මේ හරක් ගෙනත් තියෙන්නේ ඊට අන්ත කපටි නරි පැටව්.

      Delete
    3. තුන් දෙනාටම නොතේරන දෙයක් මෙතන තියෙනවා. ඒ තමයි ඉන්දීය සාධකය. පළාත් සභා කියන්නේ අපේ දෙයක් නොවේ. ඉන්දියාවේ දෙයක්. ඉන්දියාව එක්ක ෂේප් එකේ මොනවා හරි කරණවා ඇර. ජනමත විචාරනයකට ගිහින් මේක අහෝසි කරත්, විශාල ප්‍රශ්ණයක් එනවා. ජාත්‍යන්තරය එක්ක එල්ලිලා තියෙන එකම නූල් කෑල්ල 13.. ඒ නිසා අනික්වට දාපු සෙල්ලම් මේකට දාන්න බෑ. මේක අපේ දෙයක් නම් මේ වෙනකොට පලාත් සභා නමය නෙමෙයි 200 ක් විතර දාලා...

      Delete
    4. නෑ මාතලන් රාජ් පහල කියල තියන ලෙසම "මහින්ද මහත්තය අපට සෙල්ලම් කරන්න දීපු බෝලයක්" විතරක් නොවෙයි කියන එක මට වැටහෙනවා මම කියන්නේ මේ ආණ්ඩුවට කිසි සැලසුමක් නෑ එදා වේල ටුවර්ස් වගේ වැල යන පැත්තට මැස්ස ගහගෙන යනවා ඕනෑ පුකක් කියල.රටේ මිනිස්සුන්ටත් මේක ගානක් නැහැ ඕනෑ පුකක් කියල ආතල් එකේ ඉන්නවා.

      Delete
    5. රටේ මිනිස්සුන්ට මේවා වැඩක් නෑ. ඇමරිකාවේ උනත් තත්වය ඒකනේ. මිනිස්සුන්ට දැනෙන්න නම් ජීවීතේ තව අමාරු වෙන්න ඕන. තාම රිම් එකෙන් හරි යන්න පුළුවන් නිසා අවුලක් නෑ. ජනතාවගේ බඩ කොර උන ගමන් ආන්ඩුවත් කොර...

      Delete
  3. ඔය සුදු අලියා පන්නා දැමීමට අලි මන්තර ජප කලත් නොහැකියි. අසරන මන්ත්‍රී පවුල් කීයක් නම් ජීවත් වෙනවද ඕකෙන්. ඕක අහෝසි කලොත් උන්දැලට හිඟාකන්නෙයි කියන්නෙ. උන්දැලට මතුරන්නේ
    "අලින්ට කේසයි.....අලින්ට කේසයි.....අලින්ට කේසයි.....අලින්ට කේසයි....."
    "අලින්ට කෙක්ක දෙනවා....අලින්ට කෙක්ක දෙනවා....අලින්ට කෙක්ක දෙනවා...."
    කියාලායි.

    ReplyDelete
    Replies
    1. අහෝසි නොකරන හේතුව ඒක තමයි. වෙන කිසිවක් නොවෙයි.

      Delete
  4. මොනවා උනත් රජා ගොඩ.

    "රජ්ජුරුවෝ උඩයි උඩයි ....."

    චන්දෙත් සිම්පල්, පොඩි උන් ටිකක් වඩාගන්න එක විතරයි කරන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උතුරේ නම් ඒ සෙල්ලම් දාන්න වෙන්නේ නෑ.. තාම පොඩි එකත් ෂුවර් නෑ. අර කියමනක් තියෙනවනේ... පින්තූරේ ඉන්න දෙමළත් ෂුවර් නෑ කියලා...

      Delete
  5. මගේ පුද්ගලික අදහස කියනව නම්, පළාත් සභා මෙරටට ගෙන ආ ක්‍රමය වැරදියි. මට හොදට මතකයි. ඒ අපි උසස් පෙළ කළ කාලය. එක පාරටම ඇදිරි නීතිය දැම්මා. පිටකොටුවෙ දි ආරිය බුලේගොඩ, මැතිණි, ඉන්ද්‍රපාල අබේවීර, මහින්ද (අනුරව මට මතක නැහැ.) ප්‍රමුඛ ශ්‍රිලනිප කන්ඩායමත් ජේ වී පී කන්ඩායමත් එකට ආවේ. එතනදි මහ කලබලයක් වුනා. පස්සෙ කඳුලු ගෑස් ගහන්න එනකොට ඉන්ද්‍රපාල ආබේවීර කට්ටියටම පිටකොටුවේ බෝගහ ගාව බිම වාඩි වෙන්න කියලා පන්සිල් දුන්නා. එතකොටම පොලීසිය කඳුලු ගෑස් ගැහැව්වා. මොනවද වුනේ කියලා හිතන්න වෙලාවක් නැහැ හැමෝම දිව්වා. සමහරුන්ට වෙඩි වැදුනා. අපි පොඩි වුන් කොහේ දිව්ව ද කියලා අදත් මතක නැහැ.
    එතන දි තමයි ජේ වී පී එක ඉස්සරහට ආවේ. සමන් පියසිරිගේ දේශප්‍රේමී ව්‍යාපාරය වැඩ පටන් ගත්තේ එදා. ඒ පටන්ගත් ක්‍රියාදාමය 90 විතර ඉවර වුනේ මහ විනාශයකින්.

    පලාත් සභා නිසා අපට ලැබුන දේට වඩා විනාශ වූ දේ වැඩියි. එහෙම බලාගෙන යනකොට මේ ක්‍රමය ලොකු පලදායීතාවයක් නැහැ. අනික රටේම ඉන්න රස්තියාදුකාරයෝ දේශපාලනයට ආවේ මේකෙන්.

    නමුත් මෙවැනි ක්‍රමයක් අවශ්‍යයි. රටේ පරිපාලනය බෙදා තිබීමෙන් යම් හොද ප්‍රතිඵල රටට ලැබෙනවා. ඒ නිසා දිසාපති කොට්ටාශ ක්‍රමයෙන් යම් පරිපාලන ව්‍යහයක් ඇති වෙනවට මම නම් කැමතියි.

    අනික මේ ක්‍රමයම තිබෙනව නම් උතුරට විතරක් ඇයි මේ දඟලන්නේ. ඇයි ඒ මිනිස්සුන්ට බැරිද තමන්ගේ පොලීසියක් තියා ගන්න? එතකොට මොකක්ද වෙන හානිය? පොලීසිය කියන්නෙ සිවිල් මහජන ආයතනයක් විතරයි. හමුදාවක් නෙමේ. මගේ හැඟීම නම් අනිවාර්‍ය්‍යයෙන්ම ඒක පලාත් සභා විෂයක්.

    ReplyDelete
    Replies
    1. එන්න කෙන්ජි... එන්න මාතලන්.... කසනවනම් මෙන්න පිටක්....

      Delete
    2. මචං අපි ට පිට කසන්න බැරිද. හැබැයි කෙනජි එනවනම් බැරියෝ. උගෙ පිට කසන්න ගිහින් මටත් වෙන්නේ පිඹ පිඹ ඉන්න.

      Delete
    3. මම නම් ඔය බලය විමධ්‍යගත කියන බොරුව කොහොමත් පිලිගන්නේ නෑ.. බොම්බෙ කියන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අගනුවර, ජනගහනය මිලියන 21 යි. අපේ රටටත් වඩා වැඩියි. ඒක පාළණයට ඇමතිවරු 100 කුයි පාර්ලිමේන්තුවකුයි, පලාත් සභායි නෑනේ. මේ රට පාළණය කරන්න ඕන කොහොමද කියලා කෙන්කුට ඉගෙනගන්න ඕන නම්. මුම්බායි වල පාළණ ක්‍රමය ගැන ඉගෙන ගත්තනම් හොඳටම ඇති.

      පොලිස් බලතල ගැන නම් ප්‍රශ්ණයක් තියෙනවා. මෙහේ පොලීසිය ගැන හොයන්න වෙනම පොලීසියක් අළුතෙන් දාන්න ඕන කියන එක නම් මම පිළිගන්නවා...

      Delete
    4. නැහැ මාතලන් මම කියන්නෙ පලාත් සභා නෙමෙයි පරිපාලනය විමධ්‍යගත කරන එකයි හරි කියලා. හැබැයි මේක ම තියනව නම් ඇයි තව බලතල කප්පාදු කරන්නෙ. මොච්චර කල් තිබිලාත් වැඩක් වුනේ නැහැනේ. අනික කොහොම තිබ්බත් විධායකයට යටත්නෙ. ඒ නිසා මුලින්ම නැති කරලා වෙනම දිස්ත්‍රික්ක පදනම් කරගෙන පරිපාලනය පමණක් බෙදීම වඩා පලදායකයි. මිනිස්සුන්ට තමන්ගේ වැඩක් කර ගන්න ලෙහෙසි වුනා නම් මදෑ. මොකෝ ගමේ දුප්පතාට ඔය එක කෙහෙම්මලක්වත් වැඩක් නැහැ. ජීවිතේ පහසු වුනා නම් ඒ ඉහටත් උඩින්.

      Delete
    5. වෙද මාමගේ මේ මතය එක්ක මම එකගයි..
      ඇයි උතුර විශේෂ කොට සලකන්නේ...උතුරේ ඉන්නෙත් ලංකාවේ මිනිස්සු නෙමේද...?

      Delete
    6. මහාරාෂ්ඨය යන ප්‍රාන්තයම බලය විමධ්‍යගත කිරීම නිසා සෑදුණකි.

      ජනගහනයේ ප්‍රමාණය නොව සාධකය විය යුත්තේ විවිධ ජන කොටස්වල සංයුතියයි.

      කේවල මැතිවරණ ක්‍රමය අනුව නුවරඑලිය-මස්කෙලිය සහ මැද කොළඹ ආසන ත්‍රිත්ව මන්ත්‍රී කොට්ඨාශ වුනේත්, අකුරණ ද්වි-මන්න්‍රී කොට්ඨාශයක් වුනේත් ඇයි? ඒ ජනගහනය වැඩිකම නිසා නොවේ!

      සමහර ස්විස් කැන්ටොන්වල ජනගහනය ලක්‍ෂයක් විතරයි ඉන්නේ.

      Delete
    7. බලය බෙදීමක් අවශ්‍ය නෑ වෙද මහත්තයා මේ රටට. නමුත් ඔය මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන්. ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න එක, පාස්පෝට් ගන්න එක, අයින්ටිය ගන්න එක වගේ ඒවනම් දිසාපතිවරුන්ට දෙන එකටනම් මාත් එකඟයි. කොටින්ම විදේශ සේවා නියුක්ති කාර්යංශය උනත් විමධ්‍යගත කරන්න ඕන. අනික සංවර්ධනය සෑම දිස්ත්‍රික්කයටම එක සමානව වෙන්න ඕන.

      Delete
    8. @ කතා
      මම කතා කරන්නේ මහාරාෂ්ට ප්‍රාන්තයක් ගැන නොවේ මුම්බායි නගරය ගැන පමණකි. ළෝකයේ කිසිම රටක ජනගහනයෙන් 15% කට විශේෂ සැලකිලි දැකිවීමක් නැත. ඔවුන් රටේ පොදු නීතියට අනුව ජීවත් විය යුතුය. ඔවුන්ගේ ඇදහිලි, සංස්කෘතින් හා කළාවන් හා වෙනත් ගෝත්‍රික පුරුදු පවත්වා ගැනීමේ නිදහස අනිවාර්යයෙන් තිබිය යුතුය. දෙමළාට නිජබිම් දෙනවානම්, මුස්ලමානුවාට හලාල් දීමේද කිසිම අවුලක් නැත.

      Delete
    9. මාතලන්

      /* ළෝකයේ කිසිම රටක ජනගහනයෙන් 15% කට විශේෂ සැලකිලි දැකිවීමක් නැත. */

      මා කලින් සඳහන් කළ ස්විට්සර්ලන්තයේ කැන්ටොන් ගැන සොයා බලන්න.

      ඒ රටේ ඉතාලියානු ජනගහනය 10% පමණ වැඩිපුර ඉන්නේ දකුණේ (එනම් ඉතාලියට උතුරෙන්). ස්විස් ජාතියක ඉතාලියානුවන් ඉන්නේ 4% යි. අනිත් අය ඉතාලි ජාතික ස්විස්සර්ලන්තයේ පදිංචි ඉතාලියානුවන්. (compare with SL Tamils and Indian origin Tamils)

      මෙන්න තවත් විස්තර.
      http://www.about.ch/statistics/index.html

      මෙහි කැන්ටොනයේ පාලනය ඉතාලි භාෂාවෙන්. ප්‍රංශ ජාතියකයින් ඬැඩිපුර සිටින ඵැතිවල ප්‍රංශ, සමහර පැතිවල ජර්මන් සහ ප්‍රංශ. රුමේනියාව පැත්තේ ඒ භාෂාත් රාජ්‍ය භාෂා වූ වෙනම කැන්ටොන්.

      Delete
    10. ඔව් ඉතින් මෙහෙත් එහෙමනේ.. යාපනය, මඩකළපුව පැත්තේ ගිහින් ඇතිනේ.... ඉස්සර දෙමළ මිනිස්සුන්ට හොඳට සිංහළ පුළුවන්... ඒ දේවල් නැතිකලේ දෙමළ දේශපාලකයන්.. මම නම් කියන්නේ ඔවුන් සිංහල ඉගෙන ගන්න ඕන. දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල වැඩ කටයුතු සිංහලෙන් කරන්නේ නෑනේ...

      Delete
    11. අනික් කාරනය ස්ව්ස්ටර්ලන්තය කියන්නේ ළෝකයේ දියුණුම රටක් හා මානුෂික අයිතිවාසිකම් ඉහලින්ම තියෙන රටක්. මෙහේ ඒ ජෝගී නටන්න ගියොත් ඊළම දීලා තමයි නවතින්න වෙන්නේ. ඒවල මිනිස්සු දුප්පත් රටවලුත් ගොඩ අරගෙන යූරෝපය ලෙස එක්වෙන්නයි කල්පනාව. බෙදෙන්න නෙමෙයි. මෙහේ තත්වය හා මනසිකත්වය අහසට පොළොව වගේ...

      Delete
  6. පලාත් සභා ඔය මාතලං කියනවා වගේ එක පාර අයින් කරන්න බෑ


    ඒක හරියට බලුපූට්‍ටුවක් වගේ...ඇතුලට දාන්න ලේසි උනාට ගලවගන්න ගියාම දෙන්නටම රිදෙනවා..

    ReplyDelete
    Replies
    1. උපමාව එල මය්යෝ.!

      Delete
    2. මයියා කියන දේ හරි. ඒක තමයි නියමම උපමාව. කොහොමත් ඉන්දියාව බලු වැඩක් නේ කළේ...

      Delete
  7. ලොක්ක අද ඉන්නෙ රැවුලයි,කැදයි ප්‍රශ්නෙට මැදිවෙලා.
    එයා හිතන්නෙ හැමදේටම පෙනල කැදයි,කුරහන් තලපයි කාල විසදන්න පුළුවන් කියල.
    ඕවට විසදුම් හොයන්න නම් මම වගේ රවී ශංකර් ගෙ සිතාර් හඩ තැටියක් දාගෙන,මදක් උණු කල එළකිරි වලට,පිරිසිදු කිතුල් හකුරු සමග අමු ගංජා කිනිති කීපයක් තමාට අවශ්‍ය ප්‍රමානයට[අමුව නැත්නම් වියලි පැකට් කීපයක්]දමා බ්ලෙන්ඩර් කර අයිස් කැට කීපයක් දමා තොල ගාන ගමන් ප්‍රශ්න වලට විසදුම සිතන්න.
    මම නම් බ්ලෙන්ඩරයට වැඩිපුර අයිස් දමා ෂේක් එකක් විදියට හදා ගෙන සිප් කරන ගමන් තමයි විසදුම් හොයන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකට විසඳුම තියෙන්නෙත් එයා ගාව විතරයි. මෙතක් කල් ඒක වැඩ කලා. දැන් තියෙන්නේ, මේ සමුළුව නිසා ආපු පොඩි කේස් එකක් විතරයි. මේකත් ගොඩ දානවා.. ආයේ ඒකේ දෙකක් නෑ. හැබයි ලේසී නෑ...

      Delete
  8. උතුරේ සුදු අලි වෙන්නේ නැහැ. මම දන්නවා හොඳින්ම එයාලගේ යටි පරමාර්ථ. එව්වා හරිම භයානකයි. අපට වීසා අරන් තමයි එහෙ යන්න වෙන්නේ. හබැයි මෙහෙ ඉන්න පලා බබාලා වගේ අපරාධ කරන එකක්ක්නම් නැහැ. ඒ වුනාට වෙනම රාජ්‍යයක් බවට පත්වීම වළක්වන්නත් බැරිවෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පළාත් සභා සුදු අලි බවට පත්වෙලා තියෙන්නේ වැඩ කරන්න බලතල නැති නිසයි.තවත් වසර ගණනාවකින් පසු නැවත සන්නද්ධ අරගලයක් ඇති නොවීමට නම් පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම කල යුතුයි.

      Delete
    2. පිස්සුද විචාරක ඔය පාර්ලිමෙන්තුවට ඇවිත් ඉන්නේ ප්‍රභාකරන් ගේම අඳින්න ඉස්සෙල්ලා හිටපු සෙට් එකේම නව පරම්පරාව. ඕකුන් දෙමළ ජනතාවට මුකුත් කරන්නේ නෑ. උන් උන්ට නම් කර ගනීවී. මේ දෙගොල්ලගෙම කිසිම වෙනසක් නෑ. අනික උන්ගේ කුළ බේද ප්‍රශ්ණය අති දරුණුයි. උන් හරි කැමතියි මේ ක්‍රමයට. ඔය පාලන බලතල පොඩ්ඩක් දුන්නම. අපේ උන්ට වඩා හොඳට ඉන්නවා. ඉස්සර උන්නෙත් එහෙම තමයි. අපේ ගොන් බූරූවෝ ඒවා ටැකල් කරන්න දැනන් උන්නේ නෑ...

      Delete
  9. ඔය අට මගල් උතුර-නැගෙනහිර ආයෙ එකක් කරන්න වෙන්නේ නෑනෙ ජෙප්පෝ ඕය දෙක වෙන් නොකළාලම්. මොන රෙද්දකට ගියත් උනුත් ගෑවිලා ඇති.

    ReplyDelete
    Replies
    1. ඒවත් ඉතින් තැටි රත් වෙලාවේ පුච්ච ගත්ත රෝටි නේ....

      Delete
    2. (ඇනෝ 11:25) මොන බල්ලෙක්ද මේකා. ඇයි යකෝ උතුරු නැගෙනහිර වෙන් කරපු එක හොඳ නැද්ද. තොපි රිනිල්ට එහා ගියපු සක්කිලි.

      Delete
    3. නියමායි ඇනෝ,
      කිලිනොච්චිය - මැදවච්චිය
      අලිමoකඩ - පාමoකට
      යුද්දේ දිනනකo සද්ධ නෑ. දිනපුවාම දිනුවෙ අපේ සාම ගිවිසුම හින්දාලූ. පුක තමයි. මහින්ද මහත්තයා නොහිටින්ට.

      Delete
  10. එකඟ-නැති තැන් තියනව.
    1.පළාත් සභා දුන්නෙ යම් ප්‍රශ්නයකට විසඳුමක් විදියට.ප්‍රශ්නෙන් කෑල්ලක් දැන් ඉවරයි අනිත් කෑල්ල ඉතිරිව තියනව.
    2.අනිත් ප්‍රදේශවල තත්වය සහ උතුරේ තත්වය එකම මිම්මෙන් මනින්න බෑ. පළාත් සභා වලට තියන බලතල සියල්ල ක්‍රියාත්මක වෙනව නං තත්වය සෑහෙන්න වෙනස්.
    3.දැන් රටේ ඇතිවෙලා තියන තත්වය අනුව මේක "මහින්ද මහත්තය අපට සෙල්ලම් කරන්න දීපු බෝලයක්" කියන මට්ටමට දාන්න මම නං කැමති නෑ. ඇත්තටම උන්නැහේටත් මේක දිරවගන්න බැරි කේස් එකක්. මොකද සිංහල ඡක්ද පදනමක් ඇතිව පළාත්සභා දෙන්නත් බෑ. ඒක අහෝසි කරල ඉන්දියාව-ලෝකෙ අහද්දි උතුරට මොකද්ද දෙන විසඳුම කියල ඒවට උත්තර දෙන්නත් ඕන. මේක ගිලින්නත් බැරි වමාරන්නත් බැරි කේස් එකක්.
    4.හෙළ උරුමයේ අවංකභාවය ගැන සහතික දෙන්න බැරිවුනත් එයාලගෙ ස්ථාවරය අපිට ප්‍රශ්න කරන්න බෑ. පළාත් සභා වලට ප්‍රථිපත්තියක් විදියට විරුදධ වෙලා ඒකෙ ඇමතිකම් දැරීමේ වැරැද්දක් මම නං දකින්නෙ නෑ. මොකද හරක් මස් වලට විරුද්ධ නං නොකා සිටීම තරම් සරළ ප්‍රශ්නයක් නෙවේ රටක නීතිය සම්බක්ධයෙන් කටයුතු කරද්දි හැසිරෙන්න සිදුවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ් උබ දාපු ඇනෝ එක මාට්ටු කකාගේ බ්ලොගේ....ගූ හැත්තැවයි ....

      Delete
    2. නිවරදිව ඇනෝ කමෙන්ටුවක් ඩමන ආකාරය පිලිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව සඩහා විමසන්න...

      අනොපිලිස්@ගූමෙල්.කොම්

      Delete
    3. 1. ඉතිරි කෑල්ල මොකක්ද?
      2. බලතල ක්‍රියාත්මක උනා නම් නියමෙට තියෙයි.. ඒක කවදාවත් නොවන දෙයක්..
      3. සම්පූර්ණයෙන් එකඟයි. පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා..
      4. ඒක නම් මාර තියරියක්. අර ඉන්ද රතන ගිණි තියාගත්ත මෙතඩ් එක වගේමයි. දූෂණ ක්‍රියා නිසා එලවපු එකා. අපවත් උනයින් පස්සෙ සති පූජාවක් කරලා. ඕන නම් මෙහෙම හිතන්නත් පුළුවන්. අපි සමලිංගිකත්වයට විරුද්ධයි. ඒත් අපි කොල්ලො ගහනවා..

      Delete
    4. රාජ් උබට රාහු දසාව වගේ මට පේන්නේ.දෙයක් හරියට කියා ගන්න බැ , අත ගහන ඔක්කොම චොර වෙනවා. ඇයි බන් මේ?

      Delete
    5. මේන් මීල් එක තණකොළලු...පට්ට නෝන්ඩි සීන් එක....සංසාරේ සංසාරේ ...

      Delete
    6. මාතලන්
      1.යුද්ධය ඉවරයි. දෙමළාට දෙමළ වීම නිසා තියනවා යයි කියන ප්‍රශ්න එහෙමමයි(මේකෙන් කියන්නෙ මම ඒක විශ්වාස කරනව කියල නෙවේ. එහෙම මතයක් තියනවනේ)
      4.මොකද්ද ඒ තියරියෙ වැරැද්ද? මාතලන් කියන විදියට නං අපි කරන්න ඕන අපි කැමති දේ විතරද? කොල්ලො ගැහිලිල වගේ උදාහරණ මේකට ගැලපෙන්නෙ නෑ. ඉස්සෙල්ලම ඒක තේරුම්ගන්න ඕන. උදාහරණයක් විදියට විධායක ක්‍රමේට විරුද්ධ එකෙකුට උනත් ඒක අයින්කරගන්න ඒ ක්‍රමේ යටතෙ එන්න වෙනව. නැත්තං සමානුපාතික ක්‍රමේට විරුද්ධ වෙලා ඒන අහෝසි කරන්න වෙන්නෙත් ඒ ක්‍රමේට ඇවිල්ල. මොකද ඒක දැනට තියන නීතිය නිසා. තව උදාහරණ ඕනද?

      Delete
    7. ඇනෝ
      අදාල ස්ථානයේම උත්තරේ දී ඇත.

      Delete
    8. පලාත් සභාවට සිහල උරුමය තරඟ කරන්න ඕන කියලා නීතියක් තියෙන්නේ මොන ව්‍යවස්ථාවෙද? ඒකට කියන්නේ කන්න ඕන උනහම කබරගොයත් තලගොයා කරග්ගන්නවා කියලා. තරඟ කරනවා විතරක් නෙමෙයි. මෙතක් කලක් කිසිම ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. ඒ මදිවට ඇමති කමුත් කරනවා. මට නම් ඉන්න කාළකන්නිම දේශපාළඥයා, මර්වින් සිල්වා වත්, රේප් කරපු පලාත් පාලන ආයතන වල ඒවුන්වත් නෙමෙයි. උදය ගම්මන්පිල. මුන් ලැජ්ජා නැතුව ඇඳුම් පවා අඳිනවනේ...

      Delete
    9. මොකක්ද මේ ඇනෝ සීන් එක...

      Delete
  11. පළාබබා අපිට එපා කියපු කට්ටියත් කට්ට සූප්පු කර කර ඉන්න එකේ ඔය කෙහෙම්මල කවදාවත්ම ගලවන්න හම්බවෙන්නේ නෑ..දෙන්නෙත් නෑ...දෙන්නැත්තේ අල්ලපු රටේ උන් නෙවේ..අපේම ජරාජීර්ණඕ වූ දේශපාළුවෝ.

    ReplyDelete
    Replies
    1. මම ලිපියේ පැහැදිලිව කිව්වේ ඒක තමයි. මේ හිඟන්නන්ට බඩේ බත් පුරව ගන්න සුපිරි තැනක්...

      Delete
  12. // මගේ යෝජනවානම් එයයි. මන්ද, පළාත් සභා ගෙන ඒමට හේතුවූ ප්‍රශ්ණය අද සහමුලින්ම විසඳා අහවර කර ඇති බැවින්ය//

    එහෙම ඉවර නම් අවුරුද්දක් ගානේ ජිනිවා ගිහින් කිච වෙන්නවත් , මන් මෝහන් සිං එක්ක හැංගි මුත්තං කරන්නවත් ඕනි කමක් නෑ . එල් ටි ටි ය කුඩු පට්ටම් කරන කොට මැරිලා ගියේ ප්‍රභාකරනුයි සනුහරෙයි විතරක් නෙවෙයි , මැරිච්ච හැම කොටියම මේ මහ පොලවේ ඉපදිච්ච අපේම එවුන් , හැබැයි අපිට උන් තවමත් අමුතු ජාතියක් වගේ පේන්නේ ,උන්ටත් අපිව පෙන්නේ එහෙමම තමා . යුද්ධෙට කලින් ප්‍රශ්නය තිබුනේ සිංහල -දෙමල දේශපාලකයින්ට තම තමන්ගේ බලය ගැන වෙන්න පුලුවන් , එත් යුද්ධෙන් පස්සේ සිංහලයට දෙමලාවත් , දෙමලට සිංහල්යාවත් නුරුස්සන , අවිශ්වාස සමාජයක් හැදිලා තියෙන්නේ . ඒ නිසා ප්‍රශ්නය ඉවර නෑ .. ඉවර නම් උතුරු කඳවුරු බැඳන් ඉන්න ඕනි කමක් වත් , අනික් තැන් වලත් තියන පලාත් සභාව දීලා දාන්න අදිමදි කරන්නවත් හේතුවක් නෑ . ජාතික සමඟිය , සහෝදරත්වය ගැන බණ දේශනා කලාට අදාල තැනුත් දන්නවා තාම ඉවර නෑ කියල , අල්ලපු ගෙදර එකාගේ කීමට 13 දෙන්න ගියත් පස්සට අදින්නේ , එක එක දාල අද්දවන්නෙ ඒකයි !

    ReplyDelete
    Replies
    1. උතුරු පලාත් සභා ඡන්දය අල්ලපු වැටෙන් එහාට ගියා ගිය පාර ජිනිවා වලින් පස්සේ . "පොරොන්දුවු පරිදි උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීම අගය කිරීම..." වගේ වාක්‍යයක් එකතු වෙලා තියෙත්දි ,ඒක නොකර ගියොත් අපි දීපු පොරොන්දු අපිම කඩලා ඉන්න නියුට්‍රල් රටවල් ටිකත් නැතිකරගන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් කියල ලොක්ක දන්නවා , ඒ නිසා රාජ් කියනවා වගේ මේක අපිට දිපු ලණුවක් නෙවෙයි ලොක්කට දිරවාගන්න බැරි ලණුවක් . සිංහල -බෞද්ධ කම රැකගෙන කැසිනෝ දානවටත් වඩා අමාරුයි දේශප්‍රේමය රැකගෙන 13 දෙන එක . හැබැයි ඒ ලොක්කගේ ඔඩොක්කු කුක්කො ටික නිසාම තමයි

      Delete
    2. අපේ රටේ එකෙකුටවත් ජිනීවා වලදි කියන්න බෑ. මෙහේදි කියන දේවල්. ඒකයි එකම වැරැද්ද? මේ ප්‍රශ්ණය ගැන වැනෙන්නේ නැති මතයක එදා ඉඳලා (දෙමළ නිජබිම් ප්‍රශ්ණය.) අද වෙනකන් ඉන්නේ සිහල උරුමය විතරයි. ලෝකේ කොයි රටේද 15% ක් වන ජනතාවක් වෙනුවෙන් වෙනම පාළණ ඒකකයි, නීතීයිම් පත පොතයි අරකයි මේකයි හැම දේම දීලා තියෙන්නේ. මේක මේ හලාල් වගේම තව බොරුවක් විතරයි. මම පිලිගන්න දේ නම්, හැම මනුස්සයටම එක සමාන අයිතිවාසිකම් දෙන්න ඕන. නමුත් සිංහල එකාට දෙමළ උගන්නන එක නෙමෙයි ප්‍රශ්ණයට් උත්තරේ, දෙමළ මිනිහා සිඃඅල ඉගෙන ගන්න එක. ඒක බුද්ධිමත් දෙමළ මනුස්සයා දන්නවා. නමුත් කියන්නේ නෑ.

      අනිත් හැම දේම ජාති බේදයක් නැතුව කාටත් පොදු දේවල්. දැන් මේ නොසැලකිල්ල නිසා මැරුණ ධීවරයෝ ඔක්කෝම වගේ සිංහල මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් දේශපාලකයට නෑ නේ. දේශපාළකයට තියා විප්ලවකාරයටත් නෑ. උන්ට අවශ්‍ය බලය විතරයි.

      දෙමළ සිංහල සැකය කවදත් තිබුන දෙයක්. ඇත්තටම එතන නම් තියෙන්නේ සැකයකට වඩා දෙමළ ජනතාව කෙරේ තියෙන ඉරිසියාවක්. දෙමළ මනුස්සයගේ තියෙන්නේ වෛරයක් හා බයක්.

      Delete
    3. // ලෝකේ කොයි රටේද 15% ක් වන ජනතාවක් වෙනුවෙන් වෙනම පාළණ ඒකකයි, නීතීයිම් පත පොතයි අරකයි මේකයි හැම දේම දීලා තියෙන්නේ.//

      ඔය කතන්දර දීල තියෙන්නේ එක උදාහරණයක් , අපිට පලා බාබා දුන්න කට්ටියගෙත් තියෙන්නේ ඔය ජාතියේ බලය බෙදීමක් නෙව ,

      Delete
    4. ඉන්දියාවත් එක්ක මිලියන 20 ක් ජීවත් වන දූපතක් සසඳන්න එපා. කතාට මම උත්තර දුන්නා...

      Delete
  13. දිස්ත්‍රික් සංවර්ධන සභා මෙන්ම, පලාත් සභාවලත් වරද වුනේ එවකට පැවති පරිපාලන දිස්ත්‍රික්ක / පලාත් අනුව හැම තැනටම ඒවා පත්කිරීමයි.

    හිසේ කැක්කුමට හිසේ විතරක් මිස බඩේත්, පිටේත්, පුකේත් සිද්ධාලේප ගාලා වැඩක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. එකඟයි.... දැන් නම් හත්පොලේම ගාගෙන ඉන්නේ...

      Delete
    2. හිසේ කැක්කුමට සිද්ධාලේප නලළේ ගාපන් කකා.

      Delete
    3. මං නං ගාන්නේ නළලේ නොවේ හිස දෙපස ඇස සහ කණ අතර මැද හරියේ ඇති තැන්වල.

      Delete
    4. හිස් මුදුනේ ගාන්නේ නෑ නේ? කකා සිද්ධාලේප ගාන්නේ බොරු ඇහේනේද? හා එහෙමනම් කමන්නෑ. ඒ උනාට දෙන ලොරි ටෝක් එකනම්?
      //හිසේ කැක්කුමට හිසේ විතරක් මිස බඩේත්, පිටේත්, පුකේත් සිද්ධාලේප ගාලා වැඩක් තියෙනවාද?//
      කලින් කකා සිද්ධාලේප ඔලුවෙ ගාලද කොන්ඩය ගියේ.
      පුක්........ සංසාරේ සංසාරේ

      සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර
      සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර
      වා, පිත්, සෙංද සමනය කර දෙමීන
      සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර

      මේ ඔවදන් ඔබ වෙත ගෙන ආවේ ප්‍රවීන කතෘෘ සහ කතන්දරකාරයා අඩවි ඒකාධිපති කකා සහ මිත්‍ර ඇනෝ සංවිධානය විසිනි.

      Delete
  14. ලාත් සභා දැන් මෙ ක්‍රියාත්මක වන අන්දමට කිසිම පලක් නැති බව සැබෑය... මහ ආන්ඩුවට නැති පලාත් සභා වලට මෙලෝ දෙයක් කරගන්නට බැරි බවත් ඇත්තය... එහෙම වුණාම ආන්ඩුවත් එක්ක නඩු කිය කියා ඉන්නට නම් පුලුවණ්ය...

    ඒත් මෙච්චර කල් ඔහේ තියෙන්නට ඇර ... ගියමාසෙත් පලාත් සභාවෙන් පඩි කා... හෙට අනිද්දාට දෙමලා එකක් දිනා ගන්න හින්ද මේක එපා කියන එක අමන කමකි...

    මේක මේ වෙලාවෙ කිරීම ...ජාත්යන්තරය ඉස්සරහ අපි දෙමලුන්ට රටේ අනික් පලාත්වලට තියෙන තරම් දෙයක්වත් දෙන්න කැමති නැති බව පෙන්නල ... දෙමලුන්ට දෙමල වීම නිසා වෙනස් කම් වෙන බව තහවුරු කරන ...බෙදුම්වාදීන්ට තුරුම්පු දෙන... ඉතාම අමනොඥ... ඒ වගේම අපි රෙදි අඳින්නැති හතර විලි ලැජ්ජ නැති ජාතියක් බව පෙන්වන වැඩකි..

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඇයි හත්තිලව්වේ එපා කිය කියා ඒකෙන්ම පවුල් පිටින් කකා. දෙමළට පොඩ්ඩක් දෙන කොට නේ ඔක්කෝටම අමාරුව හැදිලා තියෙන්නේ..

      Delete
  15. අමතක කරන්න එපා දෙමළ මිනිහා උනත් මේ රටේ පුර වැසියෙක් කියන එක.

    බලය බෙදීම තුල රට බෙදීමක් කිසිදා වෙන්නේ නෑ.මෙතැන රට බෙදන්නේ වෙනින් කව්රුවත් නෙවේ ඔයා දේශප්‍රේමි විමල්ලා,චම්පිකලා තමයි.මොකෝ මුන් උතුරු පළාත විශේෂ කරලා සලකන්නේ.
    එකත් රටේ එක පළාතක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බලය බෙදන්න තරම් විශාල රටක් නෙමෙයි මේක. ඉන්දියාවේ මොඩල් එක. මුම්බායි වලටත් අඩු ජනගහනයක් වෙසෙන ලංකාවට කිසි සේත්ම අදාල වන්නේ නෑ. බලය බෙදන එක නෙමෙයි කරන්න ඕනා. රට ආර්ථික වශයෙන් දියුණු කරන එක. නිදහස ලබපු දා පටන් කරේ රටේ ආර්ථිකය දියුණු කිරීමට වඩා, දේශපළකයන්ගේ ආර්ථිකය දියුණු කරපු එක.

      Delete
  16. අඩේ..මාතලං නමත් වෙනස් කරල

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් ගියේ... පිට රටකද...?

      Delete
  17. මහින්ද 13 දෙන්නේ නෑ, රටේ වෙනසක් වෙන්නෙත් නෑ, මේවා එක එක කාලෙට දැවෙන් ප්‍රශ්නය අමතක කරන්න මවන අතුරු ප්‍රශ්න. ඕක කොහොම හරි ඊළඟ ක්‍රිකට් වල්ඩ් කප් එක එනකන් ඇදගෙන යයි. ඊට පස්සේ හැමෝටම හැමදේම අමතකයි.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි බොරුවක් නොවැම්බර් වලට ඉස්සෙල්ලා තියන්න වෙනවා....

      Delete
  18. මෙතන දී දෙමල මිනිස්සුන් හැසිරෙන විදිය තේරුම්ගන්න බැරිවෙච්ච අය ඉන්නවා
    කතෝලික සභාව දෙමල ප්‍රශ්නෙදි හැම විටම දෙමල ජාති වාදයට ඇද්දා
    (ලංකාවේ හොයාගන්න බැරිම මිනිස්සු දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ගබ්සාවට විරුද්ධව වචනයක් කියන දොස්තර කෙනෙක් අනිත් කෙනා තමා මම සිංහලයෙක් කියලා කියන ස්වාමි කෙනෙක් - මගේ නිර්මානයක්)
    පස්සේ මොකද වුනේ, වෙලන් කන්නි පල්ලියට ගිය කතෝලිකයන්ට දෙමෙල්ලුන්ගෙන් ගුටිකන්න වුනා (ඒගැන මට පොඩි ජොලියක් තියෙනවා) හැබැයි එතනදීත්
    කතෝලික සභාව ඒකට විරුද්ධව වචනයක් කිව්වේ නෑ (සිංහල කෙනෙක් ඕක කලානම් අවුරුදු ගානක් බන කියයි)
    දෙමල ජාතිවාදයට සහයෝගය දුන් ජයලත් ජයවර්ධනට යාපනේදී ගුටිකන්න වුනා
    සිංහලයන්ගෙන් බැනුම් අහමින් LTTE එකත් එක්ක ගිවිසුම් ගහපු රනිල්ට ඕනම වෙලාවෙදී දෙමෙල්ලු පිටුපෑවා
    වික්‍රමබාහු දෙමලෙක්ටත් වඩා ඊලාම් වාදියෙක් මිනිහා හිතන්න ඇති දෙමෙල්ලු මිනිහට සලකයි කියලා ඉතිං මිනිහා මනෝ ගනේෂන්ගේ පක්ෂේ එක්ක සංධාන ගත වෙලා ඡන්දේ ඉල්ලුවා දෙමෙල්ලු මිනිහව ගනන්ගත්තේත් නෑ
    උතුරු පලාතේ පලාත්සභා ඡන්දේ අපේක්ෂකයෙක් හැටියට වාසුදේවවත් යැවිය යුතුයි මොකද වෙන්නේ බලන්න
    දෙමෙල්ලු කියන්නේ කන්නදෙන අත හපාකන ජාතියක්
    මම කියන්නේ සිංහල මිනිස්සු දෙමෙල්ලුන්ගෙන් හොඳක් අහන්න උත්සාහ නොගත යුතුයි එහෙම කරන්න කරන්න වෙන්නේ දෙමෙල්ලු තව මුරන්ඩු වෙන එකයි දෙමෙල්ලු මරන්න කියන එක නෙමෙයි මම කියන්නේ අපි ඊලාම් කතා ගනන් නොගෙන අපිට හරි කියලා හිතෙන විදියට වැඩකල යුතුයි මෙතනදී දේශපාලනඥයන්ට වගකීමක් තියෙනවා
    ඒ තමා සිංහලයන්ට එකක් කියලා දෙමෙල්ලුන්ට තව එකක් කීම නොකල යුතුයි s w r d බණ්ඩාරනායක ගේ ලොකුම වැරැද්ද තමයි කොළඹදී එකක් කියලා යාපනේදී තව එකක් කියලා නුවරදී තව එකක් කීම
    මහින්දගේ තියෙන හොඳ තමයි බොරුවට දාර්ශනික නොවී තමන්ට ඡන්ද ලැබෙන්නේ කාගෙන්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන එක

    ReplyDelete
    Replies
    1. මහින්දගේ දේශපාලන කපටි කමත් එක තමයි. එත් කපටින්ට මේක සැබෑ විසදුමක් දෙන්න බැහැ.

      Delete
    2. ඔබ දෙමල මිනිසුන් ගැන දරන මතය නිවැරදි නොවේ.දෙමල ජාතිකයන් බහුතරය ඉතා යහපත් ආචාරශීලී මිනිසුන් වේ.දෙමල ජාතික රජයේ සේවකයන් ඔබට මුණගැසී ඇතිනම් ඔවුන් කොතරම් නිහතමානී මිනිසුන් දැයි තේරුම් යනු ඇත.මහින්ද මහතා දාර්ශනික නොවීමයි අද තියෙන බරපතල ගැටළු බොහොමයකට මුල වී ඇත්තේ.හුදෙක් චන්ද බලාගෙන කටයුතු කිරීම දේශපාලකයෙකුගේ තාවකාලික සාර්ථකත්වයට හේතු වුවත්.සමස්ත රටේ අනාගතයට ඉන් සිදු වෙන්නේ බලවත් අනර්ථයකි.

      Delete
    3. @Anonymous +++++++++++++++

      Delete
    4. සමස්ත දෙමළ ජනතාව ගැනම වෛරයකින් ලියපු කොමෙන්ට් එකක් විදියට තමයි ගන්න වෙන්නේ... ඇත්ත ඒක නෙමෙයි...

      Delete
  19. සියල්ලටම යටින් දෙමල ජාතිවාදය ඉතාම සියුම් ලෙස ද්‍රවිඩයන්ගේ ලේ මස් නහර අට මිදුළු විනිවිද ගිහිල්ලයි තියෙන්නේ.මහින්දගේ දේශපාලනයට ජාතියක් නැහැ. එක ගැට ගැහෙන්නේ ස්වකීය පැවැත්මත් එක්කයි. මේ රටේ මිනිස්සු තේරුම් නොගත්ත දෙය එක තමයි. මෙතන සිංහලද දෙමළද කියන අවුලට වඩා තියෙන්නේ ස්වකීය බලය හා පැවැත්ම පිළිබද ප්‍රශ්නයක්. එක සිංහල දෙමල හැම නායකයටම පොදු තියරියක්. එත් සැබෑවටම විසදුම තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ. එත් තමන්ව නියෝජනය කරන්න ඉන්නවයි කියාගත්තා දේශපාලනය විසින් උන් ගේ හිත් කෙලෙසල ඉවරයි. ඕක සිංහලයටත් දෙමළටත් පොදු කාරණාවක්.මා මුලින් කිව්වා වගේ ජාතිවාදය ඉතාම සියුම් ලෙස ද්‍රවිඩයන්ගේ ලේ මස් නහර අට මිදුළු විනිවිද ගිහිල්ලයි තියෙන්නේ. සිංහලයට අවුලක් නැහැ වගේ පෙන්නේ උන් මහා ජාතිය කියන දේ තාම රැකිලා තියෙන නිසා.එත් මේ රටේ මිනිස්සුන්ට වෙන වෙන ජාතීන් ලෙස හිතන සීමාවෙන් පිට පැනල එකම මිනිස් ප්‍රජාවක් ලෙස හිතන්න තාමත් හිත හදාගන්න බැරිවීම කනගාටුදායකයි.
    පලා බබා ක්‍රමය මීට වඩා විධිමත් කරන්න ඕන.හැබැයි ඒවාට ගමේ ඉන්න සක්කිලි පත් කරලා යවන එක හෝ නොයවන එක මිනිස්සුන්ගේ වගකීමක්.....

    ReplyDelete
    Replies
    1. ගමේ ඉන්න සක්කිලි ඔක්කෝම ඉල්ලන්න දැම්මම පත් වෙන්නෙත් උන්ම තමයි.. හැමෝම ජනතාව පිට වරද පටවන්න තමයි බලන්නේ...

      Delete
  20. අලි එලවන්න නම් අලි මන්තර ඔනි.සුදු අලි එලවන්න නම් සුදු අලි මන්තරය ඔනි.වෙලාව තියෙනවා නම් කියවල බලන්න.

    https://meeghaya.wordpress.com/2013/03/17/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%ab%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%93%e0%b6%ad-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b4/

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න