.

.

Aug 26, 2013

Colombo Express



උන් කති බොති නටති සූකති අඩුවට සොරකම්ද                  කරති
වතුර නැතුව රතු පස් වල ජනයා මහ මගට                           බසිති
රණ විරු එති වැට ගලවති ඔළුව පලති වෙඩිද                      තියති
පොලොස් කොට්ටෝරුවා මයිකෙට වතුරෙ ට්‍රබල් නැතයි     කියති


කොල්ලො මැරෙති ගෑණූ හඬති මර හූ දෙති පොළොවත්       කති
සති දෙකකින් දරු පෙම නැති රජ මැදුරට නෑගම්                    යති
රජ තුම ළඟ දනින් වැටෙති ලක්ෂය දෝ තින්ම                   ගනිති
මෙහෙම ගියොත් නම් සකිසඳ බල්ලොත් ගූ නොකා            සිටිති

එකෙක් යවති එකෙක් මරති අනිකා සොරි වෙන්න             කියති
කමිටු දමති එන්න කියති බය කර නොමරාම                      මරති
බඩ මිරිකති රැවුල හපති සිනා මවති විහිළු                           කරති
පොන්නයො රැල විපක්ෂයේ ජනතාවට බනිස්                    කවති



පිල්ලේ එති වටේම යති මැරෙනවා කී උන්ද                  නොමැති
ඉත්තෑ පාන සිවුරු නැතිව හෙළුවෙන් මහ පාරේ                   වඩිති
පාර වසති රැකවල් දෙති බැටන් එකක් අතේ                   නොමැති
පොලී සීයේ බලු කුක්කෝ පාරේ දන ගසා                            වඳිති

පලාත් සබාවේ බල්ලා බෑනාගෙන් තරඟෙට                            එති
පොලෝසියෝ මැර බල්ලෝ වැලිකඩ රජ සැප                  වළඳිති
බල්ලො බඳිති, තව බල්ලෙක් සතියට සිවුරටත්                    බසිති
බල්ලො රජ වූ කාලේට මැක්කන්ටද සැපයි                         කියති

.oOo.

විශේෂ :-
 
ලැප කුඩුවිය
මට කෙලවිය
පර සුද්දන්ගේ පිහිටෙන්
මේ කවි ටික මෙහි පලවිය

කොමෙන්ට්ස් වලට රිප්ලයි හා අනෙක් අයගේ පොස්ට් වලට කොමෙන්ට් කිරීම පරක්කු විය හැක. ඒ ගැන සමා වුව මැනවි....

113 comments:

  1. පට්ට කවි ටික... හනේ හනිච්චන් ,

    මම ආසම මෙන්න මේ පද දෙකට ..

    //කොල්ලො මැරෙති ගෑණූ හඬති මර හූ දෙති පොළොවත් කති
    සති දෙකකින් දරු පෙම නැති රජ මැදුරට නෑගම් යති//

    ReplyDelete
    Replies
    1. ඇයි චමියො මේ ටික,
      >>බල්ලො බඳිති, තව බල්ලෙක් සතියට සිවුරටත් බසිති<<

      Delete
    2. උඹට සනත් හොදට ඇරලා තියන පාටයි ඒ කාලෙ..... ඒකනෙ ඌත් එක්ක මෙච්චර තරහා.....

      Delete
    3. ඊට පස්සේ කෙන්ජි අය්යා ...

      ///බල්ලො රජ වූ කාලේට මැක්කන්ටද සැපයි කියති//

      බල්ලා ගොඩ කියන්නේ මැක්කෝ නිකන්ම ගොඩ ගියා කියන එක තමයි ..

      Delete
    4. මුන් අම්මලද බං

      Delete
  2. කොහොම උනත්
    පර සුදු සරණෙන් වත්
    අපිව මතක් කරන් එකත්
    මහ පින් ඇති වැඩක් තමයි..

    බොරුවට නෙමෙයි අනේ පස්ටම කවි ටික..

    ReplyDelete
  3. 1. අනේ අම්මේ...මාතලන් අයියව දැක්ක කල්....

    2. කවි ටික නම් ලෙසටම ලියලා තියෙනවා. තේරෙන්නේ නැත්තේ කියවලා හිනාවෙන්නද, අඬන්නද කියලයි....

    3. මේ කවි ටික කොපි කරලා PDF එකක් හැටියට එක එකාට ඊමේල් කරලා යවන්න අවසර දෙනවද?

    ReplyDelete
    Replies
    1. No Prob... just mention my name... :)

      Delete
    2. අයියෝ මෙයාට නම දාගන්න තියෙන අමාරුව.
      අපි ඇනෝ වෙලාත් පුක ඉරාගෙන (කන්ජිගෙන් බෙරගෙන) ලෝබ නැතුව අදහස් දෙනවා.

      Delete
    3. මම මගේ නමටත් වඩා "මාතලන්" නමට ආදරෙයි

      Delete
  4. කොහෙද මනුස්පයො ගිහිල්ල හිටියෙ?
    මම පන ගැහි ගැහි හිටියෙ....!!!

    ReplyDelete
    Replies
    1. දිවියෝන්ගේ සීන් කෝන් වගයක් බලනවයි කියන්නේ..

      Delete
    2. මට ද දිනපතා ඔබ ගැන සිහි විය. නමුත් කරදරයක් නොමැති බව දන්නා නිසා නිශ්ෂබ්දව සිටියෙමි. කෙසේ වුවත් මේ සතියේ තොරතුරක් නොමැති වුවොත් දුරබණු ඇමතුමක් දෙන්නට සිතා සිටියත් මෙන්න ඇවිත්.....

      Delete
    3. සමරිසි ආලය විරුද්ධ ලිංගික ආලයට වඩා බලවත් කියන්නෙ නිකන් යැයි..... කොහොමද නාකි කොල්ලො තුන්දෙනාගෙ ආලෙ.....

      Delete
    4. අපේ ගැන්සියට ඔය දෙකම හුරුයි.

      Delete
    5. ඒඩ්ස් මාරාන්තිකයි...... ඔබගේ ලිංගික චර්යා එක් අයෙක් සමග පමණක් සීමා කරන්න.....

      Delete
    6. මාරාන්තික දේවලට හුරුපුරුදු වුනේ දැනුම් තේරුම් යන කාලේ ඉදල.
      සිමා කරපු එකත් "වද මලක්"නම් කුමක් කරම් ද?

      Delete
    7. මැකුවොත් හිරේ.
      මම කියුවේ කොමන් ගැන.

      Delete
    8. සමලිංගික ඇසුර තුළින් නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස් ඕ, උපදංශය වැනි භයානක රෝග වැළඳිය හැකිය.....

      කෙන්ජි ඔබ මේවා ගැන දැනුවත්ද.....

      කෙසේ වෙතත් ඔබ තිදෙනා මෙම පහත් ක්‍රියාවට කැමත්තක් දක්වන බව පෙනේ.....

      මේ සදහා තවත් සුදුස්සන් දෙදෙනෙක් මේ බ්ලොග් අවකාශයේ සිටියි.......... ඒ අපේ කක්කා තුමා සහ සමාජවාදී තුමායි.... කරුණාකර ඔවුන්ද මෙයට හවුල් කරගෙන පංච මහා බලවේගයක් ගොඩනගන්න.....

      Delete
    9. කක්කා තුමාව වැඩේට ගාව ගන්න කලින් බ්ලඩ් ටෙස්ට් එකේ රිසල්ට් රිසල්ට් බලලා ඉන්ඩ....

      නැත්තම් මේ වාර්ථාවෙ කියනවා වගේ ගේ කොමියුනිටි එකේ HIV ඉන්ෆෙක්ශන් රේට් එක වැඩි වෙලා නිසා පොරට ලෙඩේ තියෙන්න ලොකු පොසිබිලිටි එකක් තියනවා....

      සමාජවාදීන්ට ධනවාදී ලෙඩ හැදෙන්නෙ නැති නිසා අනිත් පොරට නම් ඔව්වා ගානක් නෑ.....

      Delete
    10. කැළේ ගියා මචෝ. ලැප අමතක උනා කළබලේට.. සුද්දන්ගේ ඒවා තිබුනත් මම ආස නෑ කරදර කරන්න..

      මම සීන් එක කීප දෙනෙකුට කියලා තිබුන නිසා අවුලක් නෑ..

      කොල්ලෝ ගහපු කාලයකුත් තිබුනා.. ඒවා දැන් ඉවරයි...

      Delete
  5. හපුච්චේ...මොකෑ බං උනේ??? මං හිතුවේ පලා නාඩගමට ගියාවත්ද එහෙම නත්නං අරලිය පත්තේ නෑගං ගියාද කියලා...බලාගෙන යනකොට යන්තරේ දෝෂයක් නෙව...

    කවිය නං අපූරුයි...කියලා තියෙන්නේ හැමදාම සිදු වෙන දේමනෙ...ඔන්න බලාපං අබේවික්‍රම නෝනාත් තව ටික දොහකිං ඔය පැත්තේ බඩගාන්න ඉඩ තියෙනවා....

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ. දැන් ඉන්න පොන්නයන්ට වඩා ඒකිට කොන්දක් තියෙනවා...

      Delete
  6. කාට කියන්න ද? මේ නාට්‍ය බලනවා හැර. එන එන හැටියට මැරෙනකම්ම ජීවත් වෙනවා වෙන මොනවා කරන්න ද? කරන්න තියන දේ ............නමුත් මගේ දරුවට කාගෙ පිහිට ද ඉන් පස්සෙ. පුළුවන් තරම් කල් අල්ලා හිටින්න බලනවා. ඊට පස්සෙ ජාති ද්‍රෝහියෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් මම කාටවත් මුකුත් කියන්නේ නෑ.. මොකෝ විකල්පයක් පේන තෙක් මානෙක නෑ වෙද මහත්තයෝ...

      Delete
  7. මරු එකට රඟනවා අයියා.. මොනා කියන්න ද ? අපිටත් ළඟදීම වීදි බහින්න වෙනවා එහෙම උනොත් ස්සමාජයක් උදෙසා.. :'(

    ReplyDelete
    Replies
    1. මරු එකට මුන් රඟනවා ලෙස නිවැරදි විය යුතුයි. :D

      Delete
    2. උඹලයි පැත්තේ මේ දවස්වල යම යුද්දේ නේ... ඔහෙන්වත් පාඩමක් උගන්වයිද බලමු...

      Delete
  8. මම නම් හිතුවෙම ලොක්ක එක්ක බෙලරුස් යන්න කැහැපොට ගහනව කියල.
    හැබැයි ලොක්කට මල් වඩම් දෙන කෑලි දෙක දිහාට මගෙ ගූ ඇහැ ගියාට,මම බැලුවෙ තරප්පු පෙලවත් බැහැගෙන එනවද අපෙ මාතලන් ලොක්ක කියල.
    කොහෙද,මූනේ ලේ කදුලක් නැති විරතුංගය කෑලි දෙක දිහා බලන් ඉන්නව තමයි දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ එකෙක් ඉස්සරත් හිටියා. ඌ ගල් බාසෙක්. පික්චැර් වලටත් කාලයක් ජොයින්ට් වෙලා හිටියා. පස්සේ ඒකා තැන් තැන්වල ගල් ගේම් කීපයක් දීලා ජපන් ගියා. ඇත්තටම ඌ කී දෙනෙකුට ගල් බාන්න ඇති ද. මම හන්නේ නොතෙරුම්කමට...........................
      -කා(Ka)

      Delete
    2. හ්ම්...හ්ම්....එහෙම බුවාලත් ඉන්න ඇති ඒ කාලේ.

      Delete
    3. එහේ උන් ඔක්කෝම බිස්නස් මෙහේ පටන් ගන්නවය කියන්නේ...

      Delete
  9. අම්මපා මාතලං පප්පේ,
    //සති දෙකකින් දරු පෙම නැති රජ මැදුරට නෑගම් යති//

    චික් විතරක්, බලකෝ මාතලං මුන් තනිකරම සුදු ඇදගෙනනි ගිහින් තියෙන්නේ.

    මෙන්න තවත් මුදල් ත්‍යාගයක් දිනාගන්නවා...... දරුවෙකු බිලි දීම වෙනුවෙන්......
    ඉදිරියට පැමිණෙන්න,
    ඔවු ඉදිරියට පැමිණෙනවා.
    මේ අවස්ථාවේ ත්‍යාගය අත් දෙක ඔසවා අනෙක් අයටත් පෙන්වනවා.
    දැන් මිනිමරුවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටිමේ අවස්ථාව,
    ජනමාධ්‍යවේදීන්ගේ කැමරා සීරුවෙන් (එදා කුඩු උනාට),
    අනතුරුව පාංශකූලය සියල්ලන් භුක්ති විදිනවා. මතක වත්‍රපූජාව සාටකයක් සේ කරෙ දිඳුලනවා.....
    දැන් සභාව එන්න එන්නම උණුසුම්..... කාලය ගෙවී යනවා.....
    දැන සභාව දුක්මුසු ස්වරූපයෙන් යුතුව සතුටින් විසිර යනවා.
    ඔව්....... ඔව්...... දැන් තව තවත් දින-සති වලින් දැන් කාලය ගතවි යනවා.
    මීලඟ ජයග්‍රාහකයා ඔබද?........

    -මාතලං සමඟ මම කා(Ka), සාටකේට යටවූ ගෝලේ දේශේ සිට.

    ReplyDelete
    Replies
    1. මම අපේ අම්මගෙන ඇහුවා.. අම්මා මොකද කරන්නේ කියලා.. මෙහෙම දෙයක් උනොත්.. එහෙනම් පුතේ ඔයා මට අම්මා කියපු එකේ තේරුමක් නෑ නේ කියලා කිව්වා...

      Delete
  10. නියම යි නියම යි.

    ReplyDelete
  11. මැති අගමැති රජු ජනපති උන් රට කති අපට කෙලිති
    නොම නුවණැති හිස ගොම ඇති ජන බලු ගැති උන්ට වඳිති
    නැති සිල් ගත් හොර ගණ නිති පිරිත් දෙසති නූල් බඳිති
    මහජන මතයැයි කියමින් තවමත් මුන් බලයෙ වෙසෙති!

    ReplyDelete
    Replies
    1. @ කකා
      ++++++++++++++

      Delete
    2. තව ලියන්න කකා...මෙන්න මගෙන් විසිල් එකයි බල්ටියකුයි....

      Delete
    3. තෝ සරම ඇඳන් බල්ටි ගහන්නේ නැතුව හිටපිය.
      -කා(Ka)

      Delete
    4. මෙතන හුරේ දැම්මට මං අද කතන්දර බ්ලොගයේ දාපු කවිය නං වැඩි දෙනෙක් කියෝලා නෑ! කතා කෑල්ල විතරයි කියෝලා තියෙන්නේ!
      http://kathandara.blogspot.com/2013/08/september-come-early.html

      Delete
    5. කතෝ කවි පෝස්ට් එකකට කවියෙන්ම කොමෙන්ට් එකක් එනවනම් තියෙන සතුට කියන්න බෑ. ඔහේගේ එක මගේ ඔක්කෝටම වඩා රහයි..

      Delete
  12. ඔය ෆොටෝ එක දැක්කම මටත් තූ නොදකින් කියල හිතුනා මාතලන්. තමන්ට කිසිම සම්බන්ධයක් නැති සිදුවීම්වලට පවා විරෝධය දක්වල, ලෝක ප්‍රසිද්ධ සම්මාන, මුදල් ත්‍යාග ප්‍රතික්ෂේප කරපු මිනිස්සුත් ලෝකෙ ඉඳල තියෙනව. එහෙම ක්‍රියාවක උතුම් බව අපේ රටේ මිනිස්සු කවද අවබෝධකරගනියිද මන්ද.

    ඒත් මේක ඉතිං හැමදාම රිපීට් වෙන එකම නාට්ටියමනේ. හැමෝම පළමුවරට දකිනව වගේ උද්යෝගිමත්ව නැවත නැවත නරඹනව.

    ReplyDelete
    Replies
    1. //"ඒත් මේක ඉතිං හැමදාම රිපීට් වෙන එකම නාට්ටියමනේ. හැමෝම පළමුවරට දකිනව වගේ උද්යෝගිමත්ව නැවත නැවත නරඹනව."//
      දවසේ කතාව +++++++++++++++++

      Delete
    2. ඉවාන් හයිලයිට් කරලා තියෙන ටික නම් මටත් මල් මසුරන්...

      Delete
  13. උඩ ටික වගේම තමා කතන්දරකාරයගෙ කවියත් නියමයි ආය කියන්ඩ වචන නෑ

    ReplyDelete
    Replies
    1. කතන්දර තමයි මගේ ගුරා. ඉතින් අහන්නත් දෙයක්ද...?

      Delete
  14. ///පොන්නයො රැල විපක්ෂයේ ජනතාවට බනිස් කවති//
    හෙහ් හෙහ් :D

    ReplyDelete
  15. හප්පේ මාතලන් ඇවිත් , ඉතින් කොහොමෙයි .......
    අර කොටි හපුවන්ගේ පින්තූරේ ගත්තැයි...?

    වරාය ඇති නැවක් නොඑති ගුවන්තොටට ප්ලේන් නොඑති
    ප්‍රශ්න එක්ක පිළිතුරු දෙති විභාගේ පේපර් උස්සති.
    බාලම තෙල් කෙළියට එති බාල සිමෙන්තිත් විකුණති
    සංවේදී අප ජනපති දෙකට නවා ...කේ අරිති.

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ලියා,
      ඔබේ ඔය කවි ලිවීමෙ හැකියාව කොමන්ට් වලින් නැතිව,ඔබේම පොස්ට් වලින් පෙන්වන්න කියල ඉල්ලා සිටිනව.
      අපේ කකා නම් උපතින්ම කයි කතන්දර කරුවානේ.

      Delete
    2. ඉවාන් මේකත් මරු ඈ
      ++++++++++

      Delete
    3. එහෙම ට්‍රයි එකෙකුත් දුන්න කෙන්ජයියේ එත් ඒ ලියපු කවි ටික එච්චර හොඳ තත්වයේ නෑ කියලා වගේ හිතුනු නිසා පබ්ලිෂ් කොලේ නෑ.

      Delete
    4. එල ඉවාන් ගොයියෝ..

      Delete
    5. ඉවාන්......සංවේදී අප ජනපති දෙකට නවලා මොකේ අරිති ද කියලා ඔය ලියලා තියෙන්නේ?

      Delete
    6. ඉවාන් උඹේ කවිත් කෙටිකතා වගේම රහයි.. බය නැතුව දාපන්.. දහ පහලොස් සැරයක් කියවන කොට අපිටම තේරෙනවා වැරදි අඩු පාඩු...

      Delete
  16. අර කිව්වත් වගේ මමත් මේ බල බල හිටියේ මාතලන් ලොක්කට මොකද උනේ කියලා........
    කවි කතාවනම් ඉතින් ලෙසටම තියෙනවා ...... (කකා ගේ එකයි ඉවාන් ගේ එකත් ඇතුළුව)

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒකටම නොදෙවෙනි උබේ පට්ට සිරා කොමන්ටුව. එකත් අති විශිෂ්ඨාාාාාායි.
      -කා(Ka)

      Delete
    2. එහෙනම් එච්චරයි

      Delete
  17. //බල්ලො බඳිති, තව බල්ලෙක් සතියට සිවුරටත් බසිති//
    අනේ අම්මපල්ල ශාසනේට ගිය කල.සතියකට මහණකමට එන්නෙ චරිතෙකට පුරුදු වෙන්නලු!මෙන්න මෙව්වට තමයි දළඳා හාමුදුරුවො ඉස්සරහ ගිනි තියාගන්න ඕන.නැද්ද මාතලන්!

    මෙන්න මේකත් කියවන්න

    ReplyDelete
    Replies
    1. බුලා නැට්ට හලන්න එපා....

      Delete
    2. සාසනෙත් බල්ලට ගිය කලෙක තව කුමන කතාද...?

      Delete
  18. ඉඳල ඉඳල නියම කවි ටිකක් දාල තියෙන්නෙ.
    හැබෑටම ඔතන එකෙක්වත් හිටියෙ නැද්ද තියාගනින් තොගෙ සල්ලි අපි එන්නෙ නෑ තොගෙ මන්දිරේට කියල කියන්න කොන්ද පන ඇති එකෙක්

    ReplyDelete
    Replies
    1. වෙනද වගේම කවි ටික මල් හතයි හැලප.
      අරම කියන්නෙ කොහොමද හලපෙ?
      එන්න කියල පලා බබෙක් අතේ එවපු පනිවිඩේට නොගිහින් හිටියොත් ඒ ගෙදර දෙවැනි බිල්ලත් පහුවදා එළිවෙද්දී වැට අද්දර තියෙනව දකින්න කවුද කැමති?

      Delete
    2. මෙව්වට තමයි කියන්නේ විහින් බය වෙනවා කියලා... ඇත්තටම මුන් දෙමව්පියොද... ගෑණී නම් කමක් නෑ...

      Delete
  19. මාව සින්ඩියෙන් අයින් කලේ මොකෝ??????????????????????????????? :(

    ReplyDelete
    Replies
    1. උඹ ජනවාරී වලට පස්සේ මේ ඊයේ පෙරේදා නේ එකක් ලියලා තියෙන්නේ. මාස දෙකකට වඩා ලියලා නැත්නම් අයින් කරනවා..

      Delete
    2. aaye daganda barida? Dan digatama liyano

      Delete
    3. දාන්ඩ. හා හා කෙන්ජිට කියහං

      Delete
    4. එවෙලෙම දැම්මා...

      Delete
  20. මැක්සා කවි ටික මාතලන් ගොයියෝ . .

    ReplyDelete
  21. එක පවුලෙ දෙන්නෙක් මලා නම් ලක්ශ දෙකේ ඒව දෙකක් ලැබෙනවද?
    නැත්නම් පවුලට ලක්ශ දෙකද ?

    ඊලඟ විරෝධතාවයට පලමුව මෙය දැනගෙන තිබීම යහපත්.

    ReplyDelete
    Replies
    1. දැන් දෙමව්පියෝ ළමයි යවයි බලෙන්... උද්ඝෝෂණ වලට...

      Delete
  22. අගේ ඇති කවි ටිකක්..!

    ReplyDelete
  23. කාලෙකින් ආවෙ බ්ලොග් එක පෑත්තට . කොමෙන්ට් ටික බලනකොට කවි ටික අමතකයිනෙ ..

    ReplyDelete
    Replies
    1. මමත් ආවේ කාලේකින්.. ඒ නිසා අවුලක් නෑ...

      Delete
  24. කාලෙකින් පස්සේ ආවත් හරි අපුරු කවි ටිකක්නේ මාතලන් අරන් ඇවිත් තියෙන්නේ.

    //ලැප කුඩුවිය
    මට කෙලවිය
    පර සුද්දන්ගේ පිහිටෙන්
    මේ කවි ටික මෙහි පලවිය// චීන අධාර ලැබුනේ නැතයි..?මේ පර සුද්දෝ ගාවට ගියේ...:D

    ReplyDelete
    Replies
    1. චීන්නු තාම එකෙක්වත් හම්බ උනේ නෑ... මුන් නම් ඇමරිකන් සෙට් එකක්.. ඒත් අපේ උන් වගේ.. බොක්ක හොඳ උන්...

      Delete
  25. අයියෝ දොරේ...සෑහෙන දොහකට පස්සෙ මේ ඉසව්වට එද්දි මක්කද මේ වෙලා තියෙන්නෙ...කවි ටිකෙන් රහ බේරෙනවා...ගම්පහ අපේ සුනිල් මාමත් පර්සි මහේන්ද්‍ර රජා ලගටම වෙලා ඉන්නෙ පින්තූරෙ...

    //ලැප කුඩුවිය
    මට කෙලවිය//

    සුදු වෑන් එකකින් වත් ඇවිත් නෙලුවද බොට ?

    ReplyDelete
    Replies
    1. මමත් මේ ප්‍රශ්නෙම අහන්න හදලා වෙන කවුරුවත් අහලද කියලා පොඩ්ඩක් චෙක් කලා. ඇයි බං ලැපට මොකද උනේ? ගෘහස්ථ ප්‍රචන්ඩතාවයද?

      Delete
    2. උඹව දැක්කේ කොච්චර කලකින්ද... ලැප් එක හදලා දුන්නා "ඩිස්කවරි" එකේ පොරක්.. දැන් අවුලක් නෑ...

      ඩූඩ් - පවුල ගහන්නේ කොස්සෙන් නේ බං

      Delete
  26. සුදු ඈදගෙන ඈවිත් තමන්ගෙ පුතා,සෑමිය ලක්ශෙකට විකුනල සබතෙමෙ සතුටින් විසිර ගියා

    ReplyDelete
    Replies
    1. ඉඩක් ඈත්නම් කට්ටිය අටම්පහුරට පොඩ්ඩක් එන්ඩො

      Delete
    2. අට ම් පහුරට ගිය උබ ගොඩක් ආනිසංස තියෙන පින්කමක් කරලා තියෙන්නේ දමියෝ .... උබට සුභ උපන්දිනයක් වේවා

      Delete
    3. ස්තුතියි රාලෙ

      Delete
    4. මක්කටෙයි බං උඹේ එක පැත්තේ එන්න කිව්වේ..

      අනිත් උනුත් සුභ පතලා තියෙන නිසා..

      මාත් හැපි බෝත් ඩේ කියලා කියන්නම්...

      Delete
    5. ස්තුතියි මතලන්.මෙකයි මමත් නිකන් ලිපියක් ලියල අටමට දුන්න .අටම් එක පොස්ට් කල.මොකක්ද අවුලකට අප්ඩෙට් වෙල පෙන්නුවෙ නෑ.එකයි.කට්ටිය බලල මොනව කියයිද බලන්න කිවුවෙ

      Delete
  27. කවි සිතුවිලි එන්නෙ නෑ බං. නියමයි.

    ReplyDelete
    Replies
    1. දිව අඟ වගේ තියෙනවානම් පොඩ්ඩක් කෙළ ටිකක් ගහලා බලපං. දොග් ගාලා බිමට වැටෙයි සිතුවිලි.
      -කා(Ka)

      Delete
    2. මට මතකයි මතකයි වගේ උඹත් කයි පද බැඳලා තිබුනා...

      Delete
  28. කවි ටිකනම් නියමයි අයියා...
    මාත් දැක්කා අර සමලිංගික සීන් ඒක.. ඒකා බේරෙන්න සිවුරට බැහැලා.. අනේ අනිච්චං සිවුරකට ගිය කලක්..

    ReplyDelete
    Replies
    1. සිව්‍ර බල්ලට ගියේ සංඝලා පාර්ලිමේන්ට් ගියයින් පස්සේ...

      Delete
  29. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සින්ඩියට දැම්මා... දිගටම ලියන්න...

      Delete
  30. මචෝ රටක් වටින කවි සෙට් එක.අන්තිම අප්පිරියයි වෙන දේවල් නම්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් නිකන් ලාදුරු රෝගීන් වගේ තමයි...

      Delete
  31. මේක නම් පට්ට පට පට....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න