.

.

Aug 7, 2013

දැන්වීම් තහනම්, කිරිපිටි දිගටම වෙළඳ පොළට - Hilarious decisions


සෞඛ්‍ය අමාත්‍යවරයා නාහෙන් අඬද්දි, වස විෂ පිරි කිරි, යම් තාක් දුරකට හෝ තහනම් කිරීමට,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් තීරණය අප අගය කළ යුතුය. ඒ අනුව වෙළඳ පොළේ ඇති සියළුම ළදරු කිරිපිටි අළෙවිය තහනම් කොට ඇත. එපමණක් නොව සියළුම කිරි පිටි වෙළඳ දැන්වීම් ප්‍රචාරනයද නවතා දමා ඇත.

නමුත් විහිළුවට කරුණ වන්නේ, සියළුම කිරිපිටි වෙළඳ පොළෙන් ඉවත් කිරීමට තරම් කොන්දක් ඔහුට නොමැති වීමයි. ළෝකයේ සියළුම රටවල, මේය ප්‍රධානම ප්‍රවෘත්තියක් වන විට. අපේ ජනමාධ්‍යයන්ට මෙය කුඩා පුවතක් වත් වූයේ නැත. ළොව පුරා විශ්ලේෂන ගෙන එන බක පන්ඩිතයන්ටද මේවා පෙනුනේ නැත.

ඒ වෙන කිසි දෙයක් නිසා නොව, ඔවුන් වැඩිම ආදයමක් ලබන්නේ, කිරි පිටි වෙළඳ දැන්වීම නිසා වන බැවිනි. මෑතක පටන් කිරි පිටි විකිනීමට, හොට් ලයින් එකක්ද ආරම්භ කොට තිබිනි. මගේ සැකය මතු වූයේ මේ අවස්ථාවේ සිටමය. කිරි පිටි විකුනන්න මොකටද හොට් ලයින්.

පත්තර පිටු පුරා පච කෝටියක් ලියා තිබිනි. පරීක්ෂණ 300 කට ලක් කරන බවට ගොබෙල්ස් න්‍යායයේ පචද කිසි විලි ලැජ්ජාවක් නැතුව ඇද බෑවේය. අද දින ඔබ ගුවන් විදුලියට සවන් දුන්නා නම් සෑම විනාඩි පහකට වරක්, "ඇන්කර්" දැන්වීම් ප්‍රචාරය විය. ඒ මදිවාට මිළ ගනන්ද පහත් හෙලා ඇත.

සමහරුන් මොන දේ කීවත්. පිටි කිරි බොන විශාල ජනතාවක් ලංකාවේ ජීවත්වේ. ඔවුන් අතර කිළෝ පැකට්ටුවේ සිට, ෂැෂේ පැකට්ටුව දක්වා පාරිභෝගිකයින් සිටී. ආන්ඩුව දියර කිරි බොන්න කීවාට, ඒවායේ මිළ ගනන් ඇසූ විට, බිව මව් කිරි කටින් එන්නෝය. කඳුකරයේ නැවුම් එළකිරි විසිකර දැමුවාට, ජනතාවට අඩු මුදලට ඒවා ලබා දීමේ වැඩ පිලිවලක් නැත.


කිරි හරක් ගේනවා, රට කිරියෙන් උතුරනවා කීවාට. තවම අඩු මුදලකට නැවුම් දිය දියර කිරි ලබා ගැනීමට නොහැක්කේ. කළමණාකරනයේ ඉන්නා, පට්ටි ගොනුන් නිසාය. ඔවුනට රට කිරි වලින් ස්වයංපෝෂිත කිරීමට වඩා, බහු ජාතික සමාගම් වලින් ලැබෙන කොමිස් කුට්ටිය ලොකු වී ඇත. ඩෙංගු මර්ධනය නොකරන්නේද මේ හේතුව නිසාමය.

කෙසේ හෝ, වග කිව යුතු සියළු දෙනාගෙන්ම අපට අසන්නට ඇත්තේ, ටී ඇන් ඇල් සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ ඇසූ ප්‍රශ්ණයමය. කිරි පිටි දැන්වීම ප්‍රචාරය නැවත්තුවාට. ඒවා මිළදී ගැනීම සඳහා වෙළඳ පොලට නිකුත් කිරීම නොනවත්වන්නේ ඇයිදැයි යන්නයි.

සියළු දෙනාටම දිය යුතු පනිවිඩය නම්. "ෆොන්ටෙරා" සමාගමේ කිසිම නිශ්පාදනයක් මිළදී ගැනිමෙන් වලකින ලෙසයි. අඩු මිළට දෙන වස ඔබේ දරුවාට පොවන්න එපා. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.

රත්ති කිරිපිටි (Raththi)
සියළුම ඇන්කර් කිරිපිටි (All Anchor Milk Powder Products)
ඇන්ලීන් කිරිපිටි (Anlene )
නිව්ඩේල් නිශ්පාදන (Newdale)
ඇන්කර් පීඩියා ප්‍රෝ (Anchor Pedia Pro)

මීට අමතරව පහත සඳහන් කිරි පිටි නිශ්පාදනය කරන්නේද නවසීලන්තයෙන් ගෙන්වන අමුද්‍රව්‍ය වලිනි

ලක්ස්ප්‍රේ (Lakspray)
නෙස්ප්‍රේ (Nespray)


ප: ලි:

අද දින 08/08/13 රිවිර පුවත් පතට අනුව පහත් සඳහන් කිරි පිටිද පර්යේෂණ සඳහා යොමු කර ඇත..




මැලිබන් (Maliban)
ඩයමන්ඩ් (Diamond)

විශේෂ -

සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම හෝ වෙළඳ අමාත්‍යංශයෙන් වෙළඳ පොළේ ඇති කිරිපිටි වල කිසිම අවුලක් නැතයි කීවෝත් පුදුම නොවන්න. මන්ද මේ අම්මට සිරි ලංකාවයි. ළොව අනෙකුත් සියළුම රටවල් තම නිශ්පාදනයන් වෙළඳ පොළෙන්ද ඉවත් කර ගෙන ඇත.

253 comments:

  1. ඇනලීන් බීපු සංගාගේත් අත්ථි බිදුනා නේද?

    ReplyDelete
    Replies
    1. කඩලා ගියා නේන්නම්... මැච් කීපෙකුත් නැති උනේ..

      Delete
    2. උඹට කියන්න මම දන්න හෙන කෙට්ටු කෙල්ලෙක් (කටු ගොඩක් ඕන්) නොන්ෆැට් කිරි පැකැට්ටෙකක් උස්සං යනවා. මම ඇහුවා ඇයි කියලා. ලස්සන වෙන්නලු.

      Delete
    3. විස්කිරිඥා කකුල්ද බං

      Delete
    4. ක‍ටුවල රස දන්නෝ දනිති.

      Delete
    5. චා කියනකොටත් කටට කෙළ උනනවා.

      Delete
  2. බහුජාතක (ජතික) සමාගම් අපේ රටේ වෙලඳපොළ ආක්‍රමණය ඉතා සාර්තකව සිදු කර ඇත. ඔවුන්, මේ රටේ ආණ්ඩුවේ මැති-ඇමතිවරු කොමිස් මුදල් ගැනීමට සිය කැමැත්තෙන්ම සැදී පැහැදී සිටිනවා පමණක් නොව ගත් කොමිස් මුදලට උපරිම සේවාවක් මෙකී සමාගම් වෙනුවෙන් සැපයීමට බැඳී සිටින බව හොඳන් දනී. සමහරවිට ජනතාවද ඒ අනුව යමින්, සිය කැමැත්තෙන් සියදිවි හානි කර ගනී.

    නමුත්, රතු පස්වල ෆැක්ට්‍රිය වසන්න අකැමති ආණ්ඩුව කිරි අලෙවිය නවත්වයිද?

    (පසුගිය කාලේ පළ කළ කිරිපිටි දැන්වීම්වල ස්වභාවය අනුව සැකයක් මතුවිය. එය දැන් යතාර්ථයකි.)

    ReplyDelete
    Replies
    1. පරීක්ෂණ 300 කින් පසු ආණ්ඩුව නිගමනයකට එළැබේ. කිරිවලට වස දාලා තියෙන්නේ තුන්වෙනි පාර්ෂවයක්. අම්මට උඩු සිරි ලංකාව...........

      Delete
    2. මේ ක බහු ජාතික සමාගම් වල ප්‍රශ්ණයක් නෙමෙයි. බහු ජාතික සමාගම, වැරැද්ද පිලි අරගෙන සමාවත් අරගෙන තම නිශ්පාදනයන් වෙළඳ පොලෙන් ඉවත්කර ගැනීමටත් කටයුතු යොදා අවසන්. මේක මේ රටේ කාළකන්නි නිළධාරී පන්තියේ හා ජඩමාධ්‍යයේ නිහීන කමේ ප්‍රශ්ණයක්.

      Delete
  3. මේකත් ටික දවසකට පස්සේ හලාල් වගේම වෙන එකයි අවුල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දිගටම මේකම අදින්න බෑනේ බං. තව සතියකින් අළුත් නිවුස් එනවනේ. කොහොම උනත් මහින්දයා හොඳ එකා. සතියකට දෙකකට සැරයක් හත්පොලේ ගාගෙන රටේ මිනිස්සුන්ගෙත් ගාන අළුත් වැඩක් පෙන්නනවා.

      Delete
    2. ලොක්ක හත්පොලේ ගාගන්නෙ නෑ බං ලොවෙත්

      Delete
    3. එහෙනම් අතන විතරද ගාගන්නේ.

      Delete
    4. අමතක කරගන්න එක පුදගල වගකීමක්. අපට නම් එසේ ලේසීයෙන් අමතක වෙන්නේ නෑ..

      Delete
  4. හෙක් හෙක් මමනම් එදා ඉඳම්ම ඕවා ගන්නෙ නෑ ඇල්වතුරෙන් දියකරන හයිලන්ඩ් තමයි ගන්නේ හැබැයි ඉස්සරහටනම් බේතකටවත් හොයාගන්න බැරිවෙයි වගේ

    ReplyDelete
    Replies
    1. බැරිම උනොත් බීපන් රතුපස්වල මිනරල් වෝටර්.................

      Delete
    2. මෙහෙමයි, හයිලන්ඩ් වලට විෂබීජයක් ගියෝත් ඒක දැනගන්න විදියක් තියෙනවද කියන එකයි ප්‍රශ්ණය.

      Delete
    3. එහෙම බැලුවොත් අපි බොනතරමක් බොන්නෙ වස

      Delete
  5. තමන්ගේ අම්මව වුනත් ප්‍රසිද්ධියේ විකුණගෙන කන්න තරම් අලජ්ජි පාහර මේ ආණ්ඩුව ගැන කුමන කතාද මාතලන්.

    ReplyDelete
    Replies
    1. අම්මා කීවාම මතක් උනේ, ම*න්දයා එන ආත්මෙ මගේ පුතාම වෙයන්.

      Delete
    2. විචාරක අන්කල් මෙතැන්ට ඇවිල්ලා කියන දෙයක් කියන්න පිස්සියො එක්ක වාද කරන්න යන්නෙ නැතුව.

      Delete
    3. ඇත්තමයි ඇනෝ, ඔයා කියන එක හරි.

      Delete
    4. ම*න්දයා කියන්නේ මොකක්ද බං මහින්දයා කියල ඌට ලියාගන්න බැරුවද. පිස්සු හැදෙන සඳ.

      Delete
    5. තව කුමන කතාද.. ඩෙංගු වලින් මිනිස්සු මැරෙනවා.. සත පහක ගානක් නෑ. ඒ මදිවට අඩු පාඩුවට වෙඩි තියලත් මරලා දානවා...

      Delete
  6. //ළොව පුරා විශ්ලේෂන ගෙන එන බක පන්ඩිතයන්ටද මේවා පෙනුනේ නැත.//
    සහතික ඇත්ත මාතලන් ලොක්කා

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ක්‍රියා කලාපය අගය කල යුතුය.යන්තමින් හෝ පියවරක් ගත්තේ ඔහුයි....

    ReplyDelete
    Replies
    1. අර උබ දාල තිබ්බ පොඩි එකාගේ ලියුම හොඳයි බොල...
      අන්න එහෙම ලියාපිය

      Delete
    2. මම දුලාගේ අඩවියේ™ දුලා

      Delete
    3. ඕක උබ කියයි කියල හිතලම තමයි අද නොදා හිටියේ..වරෙන්කෝ ඒ පැත්තේ පොඩ්ඩක්..

      Delete
    4. මම බුලාගේ අඩවියේ™ බුලා

      Delete
    5. මේ තරමින් හෝ ක්‍රියාකිරීම අගය කල යුතුමයි...

      Delete
  7. ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම් කරනවට. ලංකාවේ තියෙන ගූ ජනමාධ්‍යකාරයෝ මහලොකුවට කියන්නේ සත්‍යයේ සටහන ලු, පැත්ත ගියත් ඇත්ත කියනවලු, නිවුස් වලින් ෆස්ට් ලු, සත්‍ය ප්‍රථමයෙන් ලු . ඒ උනාට ඒ බලුමාධ්‍ය එකක වත් මේ ගැන හරියට කියන්නේ නා. උන්ට කමක් නා රටේ ජනයාට හෙන ගැහැව්වත් උන්ගේ මඩිය තරවෙනවා නං. ඇන්කර් කාරයෝ උන්ගේ කිරිපිටි, යෝගට් ඇඩ් දදා කියන්නේ එව්වා කෑවම බිව්වම අස්ථි ශක්තිමත් වෙනවය, ලෙඩ හැදෙන්නේ නැතිය කිය කියා අලි කෙබර දදා .එතකොට පච කියලා මිනිසුන්ව රවට්ටලා දාන ඇඩ් ඒ කාලෙම නැවැත්තුවේ නැත්තේ ඇයි?

    ඇන්කර් එකේ උන් දැන් ඇඩ් හදලා දානවා උන්ගේ කොම්පැනියේ වැඩ කරන ගෑනුයි පිරිමියි දාලා. උන් කියනවා ඇන්කර් හරි හොදයි,උන්ගේ දරුවන්ටත් දෙන්නේ එව්වා කියලා. ඇයි මේ වගේ මිනිස්සසු රවට්ටන්නේ?

    ලෝකේ තියෙන ජාත්‍යන්තර මාධ්‍ය වලට මේ සිද්ධිය ලොකුම පුවතක් එහෙම තියෙද්දී ලංකාවේ මාධ්‍ය කිරිපිටි, යෝගට් ඇඩ් කාරයන්ගේ සල්ලි වලට කෑදර කමේ ඇත්ත පෙන්නනේ නෑ.

    මේ ගැන සිංහලෙන් කතා කරලා මිනිස්සුන්ව දැනුවත් කලේ වෙබ් සයිට් විතරයි. ඒ ගැන ඒ සයිට් වලට අපි ස්තුති වන්න වෙන්න ඕනි.

    මාතලන් ඔබට, cnews.com එකට, lankaikman.com එකට, රාවය පුවත් පතට අපි ස්තුති වන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. පුරවැසි ජනමාධ්‍යයක වටිනාකමයි මේ. අපට නෙමෙයි ස්තුතී කල යුත්තේ. ගූගල් ආයතනයටයි. ඒ වගේම සිංහලෙන් කොටන්න අකුරු හදපු උන්ටයි..

      Delete
  8. දැන් එතකොට හයිලන්ඩ් සහ පැලවත්ත විතරද බොන්න ඉතුරු වෙන්නෙ. මම නම් වැඩිදුර බොන්න කැමති නෙස්ටමෝල්ට්. දැන් යනතාලෙට ඔක්කොම අතෑරල බෙලිමල් උගුරක් කිතුල් හකුරු කෑල්ලක් සමඟ පානය කෝකටත් ඇඟට ගුණයි වගේ. :)

    කොහොම උනත් අපේ ආණ්ඩුව නැලවි නැලවි හැරෙනකොට ගොනා පොල් පැලේ කාලා නැට්ටත් වනල යයි වගේ.

    ReplyDelete
    Replies
    1. නෙස්ලේ ආයතනය ඒ ගොල්ලංගෙ නිෂ්පාදන ෆොන්ටෙරා කිරි වලින් වගේම ලංකාවෙ කිරි වලිනුත් හදනව. නෙස්ප්‍රේ එව්රිඩේ කියන එක ලංකාවෙ කිරි වලින් හදන්නෙ කියල තමයි කියන්නෙ.

      Delete
    2. කෝකටත් ටික දවසක් පිරි කිරි නොබී ඉන්න එක ඇඟට ගුණයි. අපිට නම් අවුලක් නෑ.. පොඩි උන්ව වත් ආරක්ෂා කර ගනිල්ලා...

      Delete
    3. DDT " නෙට්ටමෝල් " හදන්නේ මෙයා බැදපු හාල්පිටි වලට මෝල්ට් එසන්ස් එක කවලම් කොරලා ඊට අමතරව නෙස්ලේ එක කිරි පිටි ගන්නේ ෆොන්ටෙරා එකෙන්ම තමා නෙස්ලේ එකත් ඒ ගොල්ලොන්ගේ ප්‍රඩක්ට් ඔක්කොම අපහු ගෙන්නුවා මේ කෙස් එකෙන් .. හැබැයි ඉතින් ලංකාවේ නෙවේ එංගලන්තේ ... අපි බොන " නැට්ටමෝල් " සුපිරි බඩු හරි

      Delete
    4. අපරාදෙ බං ඇන්කර් වලට බඩුම තමයි.ඔය වෙච්චි හානිය ආත්මෙට හදාගන්න බැරිවෙයි.

      Delete
  9. ස්තුති මේ වගේ ලිපි ලියනවට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ වගෙ කොමන්ට් කරනවට.

      Delete
    2. අනේ යනවා යන්න නපුරා

      Delete
    3. එන්න එපා මට නපුරා කියන්න....

      Delete
    4. ඇනෝ . . .
      නෝටි සමනලයා . . . පස්සටමයි අනින්නෙ

      Delete
    5. යන්න වල් පදුර.... ඔයාලට තදවෙනකොට තමයි අපිව හොයන් එන්නෙ....

      Delete
    6. ස්තූතියි කියවනවට...

      Delete
    7. නෝටි ඇනෝ . . .
      සැප කියල දුකමයි දෙන්නෙ . . .

      Delete
  10. පොන්ජි@JapanAugust 7, 2013 at 11:46 AM

    මට දැන් ඇනෝලගෙන් කිච වෙලාම එපා වෙලා

    ReplyDelete
    Replies
    1. මොකෝ කෙන්ජි අංකල් අළුත් වේශයකින්. දැන් බඩ ගියපු ලෙඩේ හොඳද? එහෙනම් කිරි ටිකක් බීපන්. මම කීවේ පිටි කිරි.

      Delete
    2. ගොන්ජි කියලා දැම්ම නම් තව ලස්සනයි ,,අර්ථවත්

      Delete
    3. මටද නෝනෙ කිව්වෙ ?
      නැත්නම් උඩ දරුවට ද?

      Delete
    4. ඈ අන්කල් කෙන්ජි, ටින්කිරි බීලා බොට බඩ යනවා කියල ආරංචියි. හැබැයි මාතලන්ගේ පොස්ට් කටුවට ආවට කමන්නෑ. එක තැනකට වෙලා වසුරු පිඩක් දාහන්. තැන තැන දාන්නේ නැතිව. නැද්ද මාතලං!

      Delete
    5. @ඇනෝ at 12:08PM ;
      එහෙම ලෙඩක් නම් හැදුනෙ නැහැ බං,හැබැයි නාපු නෑමට නම් තාම හෙම්බිරිස්ස ගතිය තියෙනව.

      Delete
    6. උඩ ඇනෝ, මාතලංට තියෙනවා. කෙන්ජි අංකල් එහෙමනම් පිනි බාන්න යන්න එපා. නිදි මරන්න එපා. මේ ටික දවසට කාටවත් මොකුත් කරන්න එපා.

      Delete
    7. කෙන්ජි තරුවක් ඒකනේ පොන්ජිල බිහිවෙන්නේ

      Delete
    8. කොහොමද කෙන්ජිට තිබෙන ඉල්ලුම...

      Delete
    9. කෙන්ජිට තියන ඉල්ලුම කියලා වැඩක් නෑ නරකද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කලානම් කෙන්ජිව. කෝ අර පිට කහන ඇනෝ?

      Delete
    10. දැන් අළුතෙන් පිට කහන්නේ දේශකයා.... කෙන්ජියට මල පැනලා ඉන්නෙ පස්සෙ ගේට්ටුව ලගදි බේරගන්න කවුරුත් නාව එකට....

      පි.ක. ඇ.

      Delete
    11. @පි.ක.ඇ.at 10:53PM ;
      අනේ බං මල පැනල නැහැ.වට කරල ලිදේ ඔබල නාවපු නෑවිල්ල සුපිරියට ම ගියා.
      තාමත් හෙම්බිරිස්සාව.
      මම එදා කාලෙ ඉදං ඉල්ලං කන ඒවට බොක්කෙ පොරවල් කැදවන්නෙ නැහැ මචං.
      මම තට්ටෙ නොගාන්නෙත් පොලු පාරවල් ජයට ම තියෙන නිසා.

      Delete
  11. මචං මම මේක ඊයෙත් කියන්න හදලා නිකං හිටියා වැඩේ හරියටම සහතික කරගනම කියන්න කියලා.

    පිටකොටුවේ තොග කඩවල තියනවා සිමෙන්ති කොට්ට වාගේ දුඹුරුපාට කඩදාසි කිරිපිටි බෑග් , ( කිලෝ විස්ස හරි විසිපහ හරි ). ඔව්වා අරගන යන්නේ රසකැවිලි , අයිස් ක්‍රීම් , යෝගට් , වාගේ කෑම හදන අය , තේ කඩ වාගේ තැන් කරගන යන උන්දලා , ( තේ හදාගන බොන්න කිලෝ එක දෙක ) අරගන යන අයත් නැතුව නෙමෙයි,

    මම අද අහලා බැලුවා දන්න එකෙකුගෙන් එව්වා ගේන්නේ ඇන්කර් ආයතනයෙන් නෙමෙයිලු , හැබැයි ඒ බෑග් වල ගහලා තියනවා , ෆොන්ටෙරා ....නිව්සීලන්ඩ් කියලා . කවුද ගේන්නේ . කොහෙන්ද ගේන්නේ කියන එක තමා අභිරහස , අපි ඇන්කර් ගෙදර ගේන එක නැවැත්තුවට වක්‍රකාරයෙන් අපේ බඩට බඩු බහිනවා ඔය හිල් ටික වැහුවේ නැත්තං,

    ඉතුරු වෙලා තිබ්බ ඇන්කර් පිටි ටික ඉස්සරහා ගෙදර බැල්ලිගේ පැටවු පස්දෙනාට හදලා දීලා අපි පළවෙනි වතාවට ගෙනාවා හයිලන්ඩ් පැකට් එකක් , අද හවස එව්වා හදලා බියුවා අපි දෙන්නා, ( පොඩි දෙන්නා පිටි බොන්න කැමති නැ ) .

    ඇත්තටම හයිලන්ඩ් ඇන්කර් වලට වඩා රහයි බං

    ReplyDelete
    Replies
    1. මම යෝජනා කරනවා අටං අයියට ඔය ජරා බීම නවත්තන්නය කියල, මම මේ කිව්වෙ .. කිරිපිටි බීම ගැන. :)

      Delete
    2. එහෙනම් බීපන් රතුපස්වල මිනරල් වෝටර්.

      Delete
    3. හයිලන්ඩ් ඇන්කර් වලට වැඩිය රහ වුන ඉක්මන!!!!

      Delete
    4. //My life as a Gaijin!//

      පෙරලුන පිට හොදයි කියනවා නෙමෙයි , කලින් බීලා තිබ්බේ නැ

      Delete
    5. කෙන්ජි අංකල්ගෙ ෆලුඩා හොද නැද්ද?

      Delete
    6. අටමා
      ගොඩාක් දුරට ඒ ඉන්දියන් බඩු
      ඒකියන්නෙ
      බඩුම තමයි !!

      Delete
    7. ලංකාවට එන කිරිපිටි එන්නෙ ඔය වගේ කිලෝ 25හේ බෑග් වල තමා (කඩදාසි බෑග් එක ඇතුලෙ සීල් කරපු ඉටි බෑග් එකක පිටි තියෙන්නෙ)... ඊට පස්සෙ මෙහෙ ෆැක්ට්‍රි වලදි තමයි පැකට්, බෝතල් ගහල මාකට් එකට දාන්නෙ... ඒ නිසා ඔය ඇන්කර් එකේ වැඩ කරන උන් හොරෙන් පන්නන එව්වා වෙන්න පුළුවන්...

      Delete
    8. හෙහ් හෙහ්.. ඕනෙ අයියා අපිට බඩු එන්නෙ ඉන්දියාව හරහ තමා.. හෝර්ලික්ස්, වීවා දෙක නම් එන්නෙ එහෙන් කියන එක සහතිකේටම දන්නව...

      Delete
    9. බල්ලන්ට වස පෙවීම තරයේ හෙළාදකිමි. :D

      Delete
    10. මොන දීපංකරෙං ආවත් මේ ටිකේ නොබී ඉන්න එක ඇඟට ගුණයි. කවුදෝ එකෙක් කියලා තිබුනා. අපේ උන් චීනෙන් විසි කරන ටික මෙහේ උස්සගෙන එයිද දන්නේ නෑ කියලා. ඒකනම් පොඩ්ඩක් හිතන්න ඕන කාරණයක්.

      Delete
    11. මේක නම් අනිවා වෙනව.
      චීනෙයි ලංකාවයි සම්බන්ධ වෙලා තියෙන්නෙ හයි වේ වලින් නොවැ.

      Delete
    12. ඔන්න රතුපස්වලට වතුර දෙනවලු චීනෙන් ලංකා සී නිව්ස් එකේ තිබුනේ.

      Delete
    13. මැරෙන්න ඕනලු කිරි එරෙන්න.. බැසිල් මහත්තයා හං කවිසියක් දන්නෙ නෑ කියලා තිබුනේ.. පව් අප්පා.. දිස්ත්‍රික් සංවිධායක...

      Delete
    14. ඒ බඩු ඇන්කර් ඒජන්සියෙන් ලීගල් විදිහට එන්නේ නැතිබව ඇත්ත නමුත් ඒවා අන්ඩකට් බඩු .. හැබැයි කම්පැනි එක එකයි ... නැත්තන් තොග ආනයන කරුවන් විසින් චීනයෙන් හෝ ලෝක වෙල්දපලින් කෙලින්ම අන්යන්ය කරන කිරි පිටි ..

      Delete
    15. පව් බං අර බලුපැටව් ටික.යකෝ පොඩිඋන් දෙන්න පිටිකිරි බොන්නෙ නැත්නම් මහ උන් දෙන්නත් නවත්තල දාපල්ලකෝ.

      Delete
  12. හයිලන්ඩ් කිරි... වසක් විසක් නෑ... පරණ නෑ කියලා..හිත හදන් බොන්න පුළුවන්...

    කොච්චර කරත් ප්‍රභාකරන් කිවුවා වගේ අපිට ඉක්මනට හැමදේම අමතක වෙනවනේ..

    එතකොට "චන්ඩි බන්ඩි" තමයි... :D

    ReplyDelete
    Replies
    1. බන්ඩියා චන්ඩියා, බඩේ චන්ඩියා. කොහොමද බන්ඩිය චන්ඩියා වෙන්නේ. අරක්කු 1/2 ක් බඩඩ දාගත්තාම‍. බොමුද වස විස පිරි හිඟුරාන අරක්කු.

      Delete
    2. කරුමේ කියන්නේ ඒවලත් තියෙනවද නොතියෙනවද කියන්න එකෙක් නැති එකයි. මොකෝ ඔක්කෝම කිරි පිටි වල ප්‍රචාර්ණය නවත්තලා නේ...

      Delete
  13. වේලාව අළුයම 1:44 යි
    සියලුම කොමන්ට් ගණන 28
    මා විසින් දාපු කෝමන්ට් ගණන 11
    මාතලන් දාපු කොමන්ඩ් ගණන 01
    වෙනත් ඇනෝවරු දාපු කෝමන්ට් ගණන 03
    ප්‍රෝෆයිල්වරු දාපූ කෝමන්ට් ගනන 12
    ෆක් ප්‍රෝෆයිල්වරු දාපූ කෝමන්ට් ගනන 01
    මින් ඉදිරියට මේ පෝස්ටුව සඳහා මා කොමන්ට් දාන්නේ නැතිය.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඈ ඉදගෙන

      Delete
    2. උඩ ඇනෝ! උඹ දාපු ප්‍රොෆයිල් කොමන්ට් ගාන 3 යි නේ මචෝ.

      Delete
    3. හරි හරි ඒ වෙනකොට ආපු කොමන්ට් චැක් කලොත් ප්‍රොෆයිල් කොමන්ට් 3 ක් දාලා තියෙන්නේ දූලාගේ අඩවියේ™ බුලා. හැක් හැක්.

      Delete
  14. ළදරු කිරිපිටි විතරක් හරි තහනම් කරපු එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. අනිවා. එහෙම තීරණයක් ගන්න හරි කොන්දක් තිබුන එක ළොකු දෙයක්.

      Delete
  15. අර ෆොන්ටෙරා වල ෂෙයාර්ස් තියෙන ගෑනිට නම් මේක දැකලා තවත් මල පනිනවා.

    ReplyDelete
    Replies
    1. අපිට පානය ඉතින්.. අපේ යුතුකම අපි ඉටු කරනවා...

      Delete
  16. /ඔහොම හිතන්න පුළුවන් හපනුන් සිටිය දී ITI පර්යේෂණ වලින් සොයාගත්තු DCD මට්ටම නොකියා සිටින්නේ ඇයි මොකට ද?!!!! ලෝකෙටම දැනගන්න පත්තරේ දාන්න තිබ්බනෙ!!!!/

    මේකෙන් පැහැදිළියි මෙයා අඩුම ගානෙ තවම දන්නෙ නැහැ ITI පරීක්ෂණ වල ප්‍රැතිඵල පළ වෙලාය කියලා. ඔන්න අපේ 'විචාරකයින්ගේ' හැටි!

    ReplyDelete
    Replies
    1. හික්ස්... වෙන කියන්න දෙයක් නෑ...

      Delete
  17. අරුණි ශපීරෝ මේ ප්‍රශ්නයේදී දැන් රඟපාන්නේ තමා වරද කළ බව වක්‍රව පිළි ගන්නා විත්තිකරුවකු තාක්ෂණික හේතූන් මත නිදහස් කර ගැනීමට තැත් කරන විත්තියේ නීතිඥයකුගේ භූමිකාවයි. (දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින හේමන්ත වර්ණකුලසූරිය නම් තක්කඩියාගේ භූමිකාව සිතෙහි මවා ගන්න.) අරුණි ශපීරෝට මේ සිද්ධියේදී මිනිස් ජීවිත වල වටිනාකමක් නොවේ. ඇයට වැදගත් තම ෆොන්ටෙරා ෂයාර්ස් වල මිළ පවත්වා ගැනීම පමණකි. ඇගේ මතවාදය ප්‍රශ්න කිරීම ඉතාම සුළු පිරිසකට හැර බ්ලොක් කර තිබේ.

    අරුණි ශපීරෝ විශ්වාස කරන කෙනකුට ඇගේ උපදෙස් පිළිපැද ඇන්කර් ඇතුළු ෆොන්ටෙරා නිෂ්පාදන තව දුරටත් භාවිතා කළ හැකිය. එසේම, අරුණි ශපීරෝ ඔළුවෙන් හිටගෙන කිව්වත් අනෙකුන්ට එය භාවිතා නොකර සිටීමේ අයිතියද තිබේ.

    ඔබේ මොළය හා අයිතිය භාවිතා කරන්න!

    ReplyDelete
    Replies
    1. එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න ඕන කියලා අපේ පැරණි ගැමියෝ කියන්නේ නිකං නෙමෙයිනේ..

      Delete
    2. /ඔබේ මොළය හා අයිතිය භාවිතා කරන්න!//
      /ගැමියෝ කියන්නේ නිකං නෙමෙයිනේ..//
      ගැමියන්ට ඇත්තේ ගැමි මොලයකි ගැමියන්ට අයිතීන් ගැන දැනුමක් නැත. මෙම ගැටලුව ගැන ලාංකිකයන් බලන්නේ තම කොදෙව් ගැමි මොලයෙනි. මෙවැනි කොම්පැනියක් අත් වැරදීමකින් මිස උවමනාවෙන් විෂ සහිත පිටිකිරි නිෂ්පාදනය කරනවා යැයි සිතීම ගැමි මුග්ධත්වයයි එසේ කිරීම තම ව්‍යාපාරය සියදිවි නසා ගැනීමකට ලක්කර ගැනීමක් බව ලංකාවේ මෝඩ වම්මු නොදැන හිටියාට මේ ධනපති කොම්පැනි අයිතිකරුවන් දනී. මෙවැනි සිදුවීමකදී එම අදාළ තොගය recall කිරීම සාමාන්‍ය දෙයකි.මෙතැනදී toyota වැනි ජපන් සමාගමක් උදාහරණයට ගන්න සමහර විට යම් තාක්ෂණික ආබාධ සහිත වාහන වෙළඳපොලට නිකුත්කර ඇති බව පසුව හදුනාගෙන එම වසරේ එම වාහන තොගය recall කරයි,මේවා ලාංකික ගැමි මෝඩ වම්මුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ටොයෝටා කොම්පැනිය ලාභ ගැනීම සඳහා මිනිසුන් මැරීමට බ්‍රේක් කැඩෙන වාහන වෙළඳපොලට නිකුත් කිරීමක් විය යුතුය. මෙම ප්‍රශ්නයේදී කල යුත්තේ අදාළ කිරිපිටි තොගය වෙළඳ පොලෙන් ඉවත් කිරීමයි. බහු ජාතික සමාගම් වලට එරෙහිව ඔවුන් අපට වස දෙනවා යැයි කීම මෝඩ ගැමි වම්මුන්ගේ ආතල් එකක් පමණි.

      Delete
    3. @ උදිත

      මෙතන ප්‍රශ්ණය තිබෙන්නේ, ළෝකයේ අනෙක් රටවල් සියළුම නිශ්පදන වෙළඳ පොළෙන් ඉවත් කර ගනිද්දි ලංකාවේ එසේ නොකිරීමයි. අපි මෙතෙක් බිව්වෙත් ඇන්කර් කිරි, නමුත් මිළ අඩු කොට ජනතාව මුලා කොට තම නිශ්පාදනයන් තව දුරටත් විකිනීම ඔබ අනුමත කරන්නෙත් නෑ නේද? ගැමි ජනතාව ඔක්කෝම මෝඩ නෑ. නමුත් ඔවුන්ට තොරතුරු දැන්ගැනීමේ ගැටළුවක් තිබෙනවා.

      කවුරුත් කියලා නෑ බහු ජාතික සමාගම් වස විකුණනවා කියලා. අරුණි නැට්ට පාග ගත්තට අපට කරන්න දෙයක් නෑ.

      Delete
    4. අනේ ඔයා කොහේද හිටියෙ අනේ, අක්කි කක්කි කර ගන්න කල්? ඔයා විතරයි අඩුවට හිටියේ.

      කවුරුවත් ඕනෑ කමින් වස විස දෙනවා කියලා නැහැ. වස විස යන්නෙ වැරදීමකින් තමයි. නමුත් එහෙම යම් නිෂ්පාදන තොගයක් වෙළඳපළට නිකුත් වෙච්චි අවස්ථාවේ සම්පූර්ණ තොගයම recall නොකර (මොකද දැඩි අලාභය නිසා) ඒවා නිකුත් වෙන්න ඉඩ දීලා රිස්ක් එකක ගන්න සමාගම් වලට නැඹුරුව තියෙනවා. මොකද උන් දන්නවා ලංකාව වගේ රටම ළමයෙක් දෙන්නෙක් මැරුණා වුණත් නඩු යන කෙනෙක් නෑ කියලා. මේක මෙහෙම වෙච්චි අවස්ථා දන්න හින්දයි කියන්නේ.

      නොකියපු දේවල් ගැන වල්ගෙ පාගාගෙන ප්‍රකාශ කරලා ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

      Delete
    5. / බහු ජාතික සමාගම් වලට එරෙහිව ඔවුන් අපට වස දෙනවා යැයි කීම මෝඩ ගැමි වම්මුන්ගේ ආතල් එකක් පමණි./

      බහු ජාතික සමාගමකට ඕනෑ කමින් ජනතාවට වස දෙන්නට incentive එකක් නැත. සම්පූර්ණ ඇත්ත. එසේම මේ සමාගම් විවිධ හේතූන් නිසා තම නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිතව පවත්වා ගන්නට උත්සාහ දරයි. ඒකත් ඇත්ත. එහෙම නැත්නම් බිස්නස් වැටෙනවනෙ. ඕක කොමන් සෙන්ස්නෙ.

      නමුත් පහත සඳහන් හේතු නිසා බහු ජාතික සමාගම් වල නිෂ්පාදන වල වස අඩංගු විය හැකිය. (අනිවාර්යයෙන්ම අඩංගුය කියා නොකියමි.)

      1. නිෂ්පාදන වියදම අවම කර ගැනීමට සුදුසු සංඝඨකයක් වෙනුවට වඩා ලාභ ආදේශකයක් භාවිතය.
      2. Quality control වලට හසු නොවන human errors.
      3. සමාගමේ වරදක් නුවූවද බෙදා හැරීමේ ක්‍රියාවලියේදී ඇතිවන ගැටළුවක් (දූෂ්‍ය වීමක්)- නිෂ්පාදනය සමාගම් වලින් කළාට බෙදාහැරීම වෙනත් පාර්ශ්ව විසින් කළ හැකිය. ඔවුන්ට quality control ගැන ලොකු වගකීමක් නැත.

      Delete
    6. දියුණු රටක හුළං පොදක් වැදුනු ගමන් සමහර ගම් බයියෝ ඉදිමෙන්න ගන්නවා. තමන් අනිත් උන්ට වඩා මාර පොරවල් කියලා හිතන්න ගන්නවා. ලංකාවේ ඉන්න අනිත් හැමෝම පුස් මෝඩයෝ කියලා පෙන්නන්න හදනවා.

      ගොඩක් වෙලාවට එහෙම ගෙම්බෝ වගේ පිම්බෙන්නේ මෙළෝ උගත් කමක් නැති ඔය දියුණු රටවල සුපර්මාකට්වල වැඩකරන, වැසිකිළි සෝදන, ගරාජ්වල වැඩකරන, අනවසරෙන් ඉදලා [language යනවා කියලා ඒ රටවලට ඇවිත්] දැන් ඒ රටවල ගැණීයක් කසාද බැදලා සිටිසන් ගත්ත අය.

      ඒ අයම තමයි ඔය පොදු වෙබ් අවකාශ වල කමෙන්ට් කරද්දි ganja@Japan, sarath@Melbourne, saman@Milan වගේ නම් දාගෙන ඉන්නේ. මොකද ඒ අය දන්නව ඒ අයට ඔය ජපන්, මෙල්බෝර්න්, ෆ්‍රාන්ස් වගේ කෑලි නැතිනම් මෙළෝ පිළිගැනීමක් නෑ කියල.

      අපේ සමහර ගම් බට්ටෝත් බලන් ඉන්නවනේ මුන්ගේ නැට්ටේ එල්ලිලා සුරපුරේ යන්න. :D

      from malan

      Delete
    7. විෂ සහිත පිටි කිරි තොගය සම්පුරණයෙන් වෙළඳපොලෙන් ඉවත්කළ යුතුයි. මෙය කිරීමේ නොහැකියාව ඇත්තේ චොප්පෙලා බුරියා අතකොටා වැනි අයගෙන් සමන්විත රටක් කළමනාකරණය කිරීමට නොදන්නා ලංකාවේ ආණ්ඩුවට සහ ලංකාවේ තමන් ධනපතියන් යැයි සිතා සිටින බෝතල් පත්තර මුදලාලිලා වැනි ලාංකීය සමාගම් වලටයි හන්දියේ කඩේ මුදලාලිලාටයි පමණි. දියුණු රටවල එම අදාළ කිරිපිටි තොගය එක රැයෙන් වෙළඳ පොළ රාක්කි වලින් ඉවත්වේ.මේවා කරන්නේ රජයෙන්ම නොවෙයි මේ රටවල ජනතාවට මෙන්ම වෙළඳ පොලටද විනයක් ඇත.
      //කවුරුත් කියලා නෑ බහු ජාතික සමාගම් වස විකුණනවා කියලා.//
      මාතලන් බලපන් ෆේස්බුක් ඇන්කර් සමාගම් විරෝධය නොවෙයිද එතන යන්නේ. අපි මෙතැනදී විරුද්ද වෙන්න ඕනෑ ලංකාවේ රස්තියාදුකාරයන් ආණ්ඩු කරන ආණ්ඩුවට සහ ධනපතියන් යැයි සිතාගෙන ඉන්නා ලංකාවේ ඕනෑ වසක් විකුනන්න කැමති මුදලාලිලාට නැතිව ඇන්කර් කොමපැනියට නොවෙයි.
      අනික මාතලන් ලකාවේ ඕනෑ එකෙක් ඕනෑ එකෙක්ට වස විකුණලා හම්බකරගෙන කන්න කැමතියි අහු නොවෙනතාක් කල් සහ තමන් වස නොකනතක් කල්. කරවල වේලන්න ෆෝමලීන් දාන රට බං.

      Delete
    8. උඹ ෆේස්බුක් එකේ ඒවා ෆේස්බුක් එක කතා කර ගනින්. මෙතැන කියන ඒවට මෙතැන උත්තර දීපන්. බලපන් තාමත් ඔය වල්ගෙ උඩද හිටගෙන ඉන්නේ කියලා. අක්කගෙම මල්ලි. ජාඩියට මූඩිය.

      Delete
    9. හික්... හික්... හික්... බලහල්ලා... මලිත්ට ගහනකොට චන්චලා කොහේද ඉදන් දුවගෙන ආපුහැටි..... අක්කි කතා කරලා ආධාර ඉල්ලුවද?

      Delete
    10. ඇන්කර කොම්පැනිය ඊයේ පෙරෙයිදා ලංකාවේ කල මළ විකාර ගැන කිසි අවබෝධයක් නැතුව උඹ මෙහෙම කතා කරන එක වැරදියි. විෂ සහිත් බැක්ටීරීයාවක් තිබෙනවා කියා සමාගම පමණක් නොව අගමැතිවරයා පවා ළෝකයෙන් සමාව අයැද සිටිද්දි, එහෙම එකක් නෑ කියා ජනතාව අන්දන්න ඇන්කර් සමාගමට තියෙන අයිතිය මොකක්ද.?

      මිනිසුන්ගේ කේන්තිය සාධාරණයි. ඔවුන් වැරැද්ද පිලිගත්තා නම් මේ දේ වෙන්නේ නෑ..

      Delete
    11. මාතලන් මා ලංකාවේ ඇන්කර් මුදලාලි ගැන උඹ කියන දේ ගැන එකඟයි උඹ වැරදියට තේරුම් අරන්. ලංකාවේ ආණ්ඩුව මිනියක් මැරුවම වම්මු ටික කියනවා සමාජවාදය තමයි විසඳුම කියල උඹ මෙහෙම සමාගම් විරුද්ධ වෙන කොට වම්මු කියනවා පිටරට ධනපති බහුජාතික සමාගම් තමයි මේකට වැරදි කාරය කියල වම්මු ජෙප්පෝ, බෝගබල ජාතිවාදීන් හදන්නේ තැන දුටු කල වල ඉහගන්න. ඒකට උබේ කරේ නැගල යන්න හදනවා. මම පැහැදිලිව කිව්වා නේ මේකේ වැරැද්ද ලංකාවේ ආණ්ඩුවයි ලංකාවේ සමාගමයි වෙළෙන්දෝ සහ ජනමාධ්‍ය නැතිව නවසිලන්තේ බහුජාතික කොමපනිය නොවෙයි,උන් වැරද්ද හදන්න කැමතියි.

      Delete
    12. මම කියන්නෙත් ඒකම තමයි. අපේ හිතවත් නිර්මලාට දීපූ පිළිතුරෙන් ඒක උඹට පැහැදිලි වෙයි.

      නමුත් හැම එකාටම තම අදහස කියන්න දෙන එක නේද ප්‍රජාතන්ත්‍රවාදය. "ලෑන්ඩ් ඔෆ් ෆ්‍රී" එකේ පොලිසි එක. අපරාදේ කියන්නේ. ඒක ඇනෝලට පවා ඉඩ දෙමින්, සමාජවදේ කරේ තියාගෙන යන, "පැරා" හා "රාමචන්ද්‍රයා" ඉටු කරනවා. ඒ ප්‍රජාතන්තවාදයට අනින ටොක්කක්.

      Delete
    13. අක්කගෙම මල්ලි කියල මං කිව්වෙ ඒක තමයි. හැම එකක්ම අන්තිමට ඉවර වෙන්නේ 'සමාජවාදී' මැක්කාගෙන්. උඩ ලියපු ඒව කියවලා බලපන් මාතලන් හරි වෙන කවුරු හරි සමාජවාදය කියන වචනෙ වත් පාවිච්චි කරලා තියෙනවද කියලා.

      තාම උඹ ඉන්නෙ වල්ගෙ උඩ. ඉස්සෙල්ල ලියල තියෙන්නෙ මොනවද බලලා කතා කරපන්. ප්ස්සෙක් වගේ කියවන්නෙ නැතුව.

      Delete
    14. /මේකේ වැරැද්ද ලංකාවේ ආණ්ඩුවයි ලංකාවේ සමාගමයි වෙළෙන්දෝ සහ ජනමාධ්‍ය නැතිව නවසිලන්තේ බහුජාතික කොමපනිය නොවෙයි,උන් වැරද්ද හදන්න කැමතියි./

      ෆොන්ටෙරා සමාගම වැරද්ද හදන්න කැමැති නම් කළ යුත්තේ 'මං සුදනා' වැනි ප්‍රකාශ නිකුත් කර කර සිටීම නොව හැකි ඉක්මණින් තම නිෂ්පාදන වෙළඳපළෙන් ඉවත් කර ගැනීමයි. ඒක කෙරෙන්නේ නැහැ. උන් කරන්නේ මිළ අඩු කරලා තවත් ඒවා පාරිභෝගිකයාට ආකර්ෂණය කිරීම. දැන් ඔය මහත්තයා කියන්නෙ කොහොමද ෆොන්ටෙරා සමාගම වැරැද්ද හදන්න කැමැතියි කියලා?

      Delete
    15. අපේ රටේ ප්‍රශ්නයක් විසඳන්න අමාරු ඒකෙ කොටස්කාරයෝ ප්‍රශ්නය විකෘති කිරීම නිසා. දැන් මෙතැන තියෙන්නේ බහු ජාතික සමාගම් වලට ගැහීම පිළිබඳ ගැටළුවක් නෙවෙයි. මාතලන්ගේ හෝ වෙන කාගේවත් එහෙම ඇජෙන්ඩා එකක් ඇතිය මං හිතන්නෙ නැහැ. අනික බහු ජාතික සමාගම් වලට ගහන්න අපි කවුද? අපි ඔය බ්ලොග් එකක ලිව්වය කමෙන්ට් දැම්මය කියල උන්ට කූඹියෙක් කන තරමට වත් දැනෙනවද? මෙතැන තියෙන්නෙ අපේ සෞඛ්‍යය ගැන ගැටළුවක්. ඒක ඔය මල ඉලව් සමාජවාදය හරි ධනවාදය හරි රාවණාවාදය හරි නෙවෙයි. අපේ සෞඛ‍යය අපට වැදගත්. ඒක මුලින්ම විසඳ ගමු. ඒ ඇරුණම අපට ෆොන්ටෙරා තිබුණත් එකයි නැතත් එකයි. ෆොන්ටෙරා ගැන අපට විශේෂ ආදරයක් හෝ වෛරයක් නැහැ. එහෙම ආදරයක් වෛරයක් තියෙන්නේ ඔය අරුණි ශපීරෝලා, ආරියශීල වික්‍රමනායකලා වගේ ඇජෙන්ඩා තියෙන මිනිස්සුන්ට. සාමාන්‍ය පාරිභෝගිකයින් පමණක් වන අපට නෙවෙයි. අපට දරන්න පුළුවන් මිළකට හොඳ භාණ්ඩයක් මිළට ගන්න පුළුවන් නම් අපි ඒක හදපු එකාගෙ ජාතකේ හොයන්න යන්නෙ නැහැ.

      Delete
    16. මම දැන්නේ දැක්කේ,
      අරුණි අක්කීගේ ඩමිය ඇවිල්ලා............... ඇවිල්ලා.........
      වයින් කරලා අත හැරලා වගේ පෙනෙන්නේ.
      මැක්කාගේ කතාව සමඟ රසදිය/ෆෝමලින් කරවල අරන් සහ තවත් රසවත් රිපබ්ලික් කතා සමඟින්
      ඇවිල්ලා.............. ඇවිල්ලා..............

      Delete
    17. මුන්ට පඩයක් ගියත් පලි 'මෝඩ වම්මු' තමයි. අනේ මෙහෙම මානසික රෝගියෝ!!!!!!!!!!!

      Delete
    18. මචන් අක්කට සුදුවෙන්න බෙහෙතක් නැද්ද.... නිකන් සුදු අප්පුහාමිගෙ සුද ගන්න...

      Delete
    19. මාතලන්, උඹද දැන් මෝඩ වමා මේකට විසඳුම සමාජවාදය කියපු?

      Delete
    20. මූ මෙතන කොමෙන්ට් එක දාලා ඒක කොපි කරලා අක්කගෙ එකෙත් දාලා... හරි ෂෝයි මල්ලියා කියවගෙන ඔලුවත් අතගාගෙන.... පව්....

      Delete
    21. නැත්නම් අක්කි දන්නෙ නැහැනෙ මල්ලියා ආවා කියලා කක්කි හෝදන්න. හැබැයි අක්කිට නම් අඩුගානෙ එහෙම සදාචාරයක් වත් ගෑවිලා වත් නැහැ.

      1. කොපි පරිවර්තන වල මූලාශ්‍ර දෙන්නේ නැහැ. Intellectual Property Rights වගේ දේවල් අහලවත් නැද්ද මන්දා.
      2. ITI වලින් ටෙස්ට් රිසල්ට්ස් දුන්නා කියලා කිව්වත් ඒක තවමත් නිවැරදි කර ගෙන නැහැ.
      3. වාදයකට එන්න බයයි. කමෙන්ට් බ්ලොක් කරගෙන ඉන්නේ.

      ෆොන්ටෙරා ෂෙයා ප්‍රයිසස් කොච්චර වැටිලද දන්නෙ නෑ මෙයාලා. අක්කි පව්.

      Delete
    22. මල්ලි හරි මල්ලි!

      Delete
    23. පිස්සු හැදෙන සඳ
      උන් සමාව ඉල්ලලා දෙකට නැමිලා, වෙලා තියෙන්නේ අත්වැරැද්දක් වැනි දෙයක් කියන්නේ නැතිව වෙන මොනවා කරන්නද?
      ඊට පස්සේ නඩු දාගෙන, සෙම හලාගෙන කෙලව ගන්නද? උන් බැලුවේ ලභය වැඩි පැත්ත. කිරිටික අරන් හරක් බුරුතුපිටින් මරණ උන්ට මිනිහෙක් දෙන්නෙක් මැරුණට අවුලක් නෑ. ප්‍රශ්ණේ නොන්ඩි වෙන්නැතිව ගෙම ගොඩ දාගන්න.

      අර උඩින් ගොන් මැක්කෙක් කියනවා Toyota බ්‍රෙක් ගැන රෙද්දක්. අපේ රටේ ඉස්සර සිමෙන්ති ආරක්ෂිතව ටික කාලයක් තියා ගන්න පුළුවන්. එත් දැන් බෑ. ඇයි ඒ. බෑග් එකේ ආවරණය කවර 5 ක් තිබුණ එක 2 ට ගෙනාවා. ඒ කළේ වැඩි ලාභයට. නැතිනම් අහවල් එකටද. දැන් කොට්ටය සති තුන පනිනකොට බඩු හරි.

      කිරිපිටිවල වස තිබුණැයි කියලා අපෙ රටේ කොම්පැනි සමාව ඉල්ලන්නේ අහවල් එකටැයි. නිකන් කෙලව ගන්න. මේ රටේ මිනිස්සු මැරුණා කියලා නඩු දානවැයි. ඇමති මොකටද සමාව ඉල්ලන්නේ. ලැබෙන කොමිස් නැතිකර ගන්න. උන්දෑලා මොකටැයි ඉල්ලා අස්වෙන්නෙ. උන් ඉන්නේ වැඩ කොරන්ඥ නෙමේ අරුන්දැගේ දෑත් ශක්තිමත් කරන් නොවෑ. මුන් ඔක්කෝම හෝරු. වැඩි ලාභයට හෝයියා. නෙද්දකින් විතරක්.
      සැර වැඩිද මාතලං. මගේ හිත කීරි ගැහෙනවා සමහර ගොන්නු දාන පොර ටෝක් දැක්කාම. නෙද්දකින් විතරක්, උන් මිනිස්කමටත් සාපයක්.

      Delete
    24. මම නෙද්දකින් කියුවේ මේ සමාගම් හෝදන අක්කි ඇතුලු අක්කිගේ කක්කා ගා ගත්තු අනුගාමිකයන්ටයි. එයාලට තමයි කැක්කුම. අපිවත් හැකි පමණ දැනුවත්වෙලා මෙවා බැහැර කරමු. රටේ මහ එකාලට බැරි දේ අපි හැකි පමණ කරමු.
      අම්මට සිරි. මම ජාතිවාධීනම් නෑ, එත් තවත් දෙයක් මතක් වෙනවා.
      මේ නිෂ්පාදනවලට හලාල් ගහලාද,
      එහෙමනම්,
      උලමා දෙවියන්ගේ නාමෙන් අපිට (විශේෂයෙන් මුස්ලිම් ජනතාවට) කෙළවලා තියෙන්නේ හොඳ කෙලවිල්ලක්. කොයි උන්ගේ පරීක්ෂණ. DCD යනු සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්තද? (මෙතන්ට අදාළ නැතිද මාතලං) මෙව මතක් වෙනකොට මචං මගේ හිත කීරි ගැහෙනවා මාතලං.

      Delete
    25. මචං මාතලෝ අමතක උනා මහ එකා සහ ඇමතියෝ ටිකත් නෙද්දකින්.

      Delete
  18. වතුර යට වෙලා කිරි උඩට ඇවිල්ලා තව දවසකින් දෙකකින් කිරි යට වෙලා තවත් මොනවා හරි උඩට ඒවි එදාට ඒ ගැනත් රස කර කර කතා කරලා ටික දවසක් උඩ බලාගෙන ඉමු . මහින්ද මාම ෆොන්ටෙරා එකට පින් දීල නිදාගන්න යනවා ඇති. අපි ඇසිඩ් වතුරෙන් ෆොන්ටෙර කිරි ටිකක් හදාගෙන බිල නිදා ගමු .

    ReplyDelete
    Replies
    1. වතුර යට ගිහින් නෑ. ඒක මුළු ළෝකයටම් ගිහින් තියෙන්නේ. ඒක උදව්වක් කර ගත්තා කිරි ප්‍රශ්ණෙ යට ගහන්න. අද දෙකම උඩට ඇවිත් තියෙන්නේ..

      Delete
  19. උඹ මේ දවස් ටිකේ කරපු සමාජ උපකාරය කොල්ලෝ වෙන කව්රුවත් කරල නෑ මම අවංකව කියන්නේ...

    ReplyDelete
    Replies
    1. කසපන් කසපන්.... රජ තුන් කට්ටුව නැති එකේ උඹ වත් මුගෙ පිට කසපන්.....

      Delete
    2. ඔය ඉතිං බොලාටත් මෙහෙම චෑන්ස් එකක් වදින්නේ මහාචාර්ය මාතලං නිසානේ.. අම්මප සන්තෝසයි උඹල ඉන්න එක ගැන අවංකව...

      Delete
    3. ඇත්තටම අර වාරණයට විරුද්ධයි කියන වානරයත් අපේ කොමෙන්ට් හලනවා හිටු තියලා....

      Delete
    4. ගනන් ගන්න එපා මචෝ. මේ අපේ යුතුකම නේ...

      Delete
  20. ඇන්කර් නිශ්පාදන 100% ක් විශ රහිතයි කියල ඊයෙ ඒ සමාගම පි‍ටු බාගෙක දැන්වීමක් දාල තිබ්බෙ .. වෙන රටක නම් පාරිභෝගිකයෙක් ඕකට නඩු දානවා.

    ReplyDelete
    Replies
    1. විනඩි පහෙන් පහට ඇඩ් ගියා රේඩියෝවේ. නවසීලන්තේ අගමැතිට තියෙන සදාචාරය. මෙහේ කොම්පැනි කාරයන්ට නෑ..

      Delete
  21. බළධාරීන් මේ කිරිපිටි වෙළඳපොලෙන් ඉවත් කරන්න තීරණය කරලා නම් ඒක හොඳයි.

    නමුත් මේ ප්‍රශ්නය පිටිපස්සෙ තියන සැබෑ කතාවත් එළිදරව් කරගත යුතුයි. දැන් ෆොන්ටෙරා කියන්නේ ලෝකේ ලොකුම කිරි නිශ්පාදන අපනයනය කරන ආයතනය. ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කලා ඔවුන්ගේ නලයකට අපද්‍රව්‍ය මුසු වීමෙන් WPC80 කියන සංඝටකය පාවිච්චියට නුසුදුසුයි කියලා. ඒ අනුව රටවල් ගණනාවක් තමන්ගේ වෙළඳපොළවල් වලින් ඒ සංඝටකය අඩංගු නිෂ්පාදන ඉවත් කලා. ඒ අනුව ලංකාවෙත් වෙළඳපොළේ ඇති නිෂ්පාදන ඉවත් කර ගැනීම කලයුතුයි.

    නමුත් මේ කිරි නිශ්පාදන ක්‍රියාවලිය මුල සිටම බාල, වස විස පිරි ආකාරයකින් සිද්ධවෙනවා වගේ ලිවීම, ලංකාවේ මාධ්‍ය වාර්තාකරණයේ ස්වභාවය කියා පෑමක්. මොකද මට කියවන්න ලැබුණු ලංකාවේ නොවන වාර්තා බොහොමයක, මොකද වෙලා තියෙන්නේ, මොන මොන නිශ්පාදන වලටද බලපාලා තියෙන්නේ කියන එක පැහැදිලිවම සඳහන් කරලා තිබුණා. නමුත් මේ වගේ වෙලාවට පාරිභෝගිකයන් බියට පත්වෙන නිසා, බොහෝ ආයතන කරන්නේ සියළුම නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත් කිරීම. ඒකෙ වරදක් නැහැ. නමුත් මේකෙ වස විස තියනවා කියන තැනින් ඉදිරියට ගිහින්, මොකද වෙලා තියෙන්නේ කියලත් කියන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කලින් ළිපියේ දැණුවත් කලා. ඒ වගේම උපුටා ගත් වෙබ් අඩවි වල ලින්ක් පවා ඉදිරිපත් කලා.

      Delete
  22. ඇත්ත කතන්දරේ නම් පිටි කිරි කියන්නේ බොහෝ දුරට වස විස එකතු වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිෂ්පාදනයක්... අපෙ රටවල් වල එළකිරි බිව්වම සෙම හැදෙනවා වගේ ප්‍රචාර කරලනේ ඕක පුරුදු කළේ... දැන් අපිට ඒකෙන් ගැලවෙන්න අමාරුයි.. මොකද හැම ගේකම කිරි හරකෙක් හදාගත්ත කාලෙන් අපි ගොඩක් දුර ඇවිල්ලා නිසා... ඇත්තටම දියර කිරි වලට ගාන වැඩියි තමයි.. මම දැනට ගන්නෙත් ලීටරේ 125කට NLDB එකේ කිරි.... අපි තේ බොන මග් 4කට ඇති.. ඒත් ගාන වැඩි උනත් වස විස නෑ නේ කියලා මං නං ගේනවා...

    අටම් කියනවා වගේ කිරි පිටි වෙනත් නිෂ්පාදන වලට යොදා ගන්නවා... මං කිව්වේ ෆොන්ටෙරා බ්‍රැන්ඩ් එකෙත් එක එක කොලිටි වලින් ලංකාවට එනවා කියලා...

    තිසර කියනවා වගේ මෙතන ෆොන්ටෙරා ෆැක්ටරියේ වෙච්ච කේස් එකෙන් එහාට ගිය ප්‍රශ්නයක් අපේ රටට තියෙන්නේ... අපේ දියර කිරි නිෂ්පාදනය වැඩිකරන්න, ඒවා අඩු මිලට ලබා දෙන්න කියන දේ තමයි කෙරෙන්න ඕනේ.. මොකද අපිට පිටි කිරි සහමුලින්ම අයින් කරන්නත් බෑ සදාකාලයටම.. මන්දා.. මට නං ඒක ප්‍රායෝගික නෑ වගේ පේන්නේ..

    ( මං මේක කිව්වේ රම්පෙ, කෑම වලට දැම්මම පිළිකා හැදෙනවා කියලා පෝස්ටරයක් දැකලා රම්පෙ කෑම නවත්තපු කෙනෙක් ගැන මතක් වෙලා... දැන් ඩෙංගු වලට ගලෝලම රම්පෙ ගහක් හොයාගන්න නෑ... හැබැයි අපේ මිනිස්සු රම්පෙ කෑවා ආදි කාලෙ ඉඳන්.. අර පෝසටරේට හේතුව හොයන්නේ නැතුව රම්පෙ ගහ උගුල්ලලා දාන එකද හරි කියන එකත් ප්‍රශ්නයක්නේ...)

    ReplyDelete
    Replies
    1. තිසර කියන දෙය ඉතා වැදගත්.... මොකද... තිසර කියන්නෙ අපේ බ්ලොග් අවකාශෙ සුසමාදර්ශෙනෙ......

      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී....

      Delete
    2. හි... හී... හිරුගේ අම්මා කේක්වලට දාන්නේ නැද්ද කිරිපිටි. බයයි නේද බිස්නස් එකට කෙලවෙයි කියලා?

      Delete
    3. බොන එකෙක් බොද්දාවේ. අපිට තියෙන්නේ සත්‍ය එලි කරන එක පමණයි..

      Delete
    4. මට හිතෙන්නෙ දේශීය කිරි හෝ වේව වෙනත් නිෂ්පාදන වස විෂ වලින් තොරයි ඒනිසා අපි ඒව ගන්නව කියල හිතාගෙන ඉන්න එකත් තවත් හේතුවක් නැති විකාරයක් කියල. මොකඩ ඔය DCD කියන එක කිරි නිෂ්පාදනයෙදි යොදාගන්නෙ පරිසර ප්‍රශ්නයක් විශදගන්න මිසක් කිරි නිෂ්පාදන අමුද්‍රව්‍යක් විදියට නෙවි ඒකියන්නෙ DCD කිරිවලට එකතිවෙන්නෙ සතුන්ගෙ ආහාර වලින් වෙන්න ඕනෙ (දන්න කෙනෙක් පැහැදිලි කරන්න ). මේවගේ විශාල ලොකය අවධානය තියෙන කොම්පැනිවල නිෂ්පාදන වලට යොදන අමුද්‍රව්‍ය මිනවද කියල අවබෝධයක් අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන් .
      නමුත් අපේ රටේවගේ සුළුපරිමාණ ගොවීන්ගෙන් එකතුකරන කිරිවලට සතුන්ගෙ ආහාරවලින් එකතුවෙන වස විෂ ගැන කව්රුවත් හිතන්නෙ නැහැ, හිතන්න රතුපස්වල මිනරල් වෝටර් බොන සතෙකුගෙ කිරිවලට මොනව එකතු වෙන්න බැරිද. මම දැක්ක තවත් තැනක කෙනෙක් කමෙන්ට් එකක් දාල තියෙනව අපි කිරි බොන්නෙ නැහැ ඒවෙනුවට එළවළු පලතුරු යුෂ බොනව කියල. එළවළු ගොවීන් ගෙ වකුගඩුවල තත්වයෙන්ම හිතාගන්න පුළුවන් නෙ ඒවගෙ නිෂ්පාදනය කොහොමද කියල.

      Delete
    5. රතුපස්වල සත්තු ඒ වතුර කිට්ටුවටත් එන්නේ නෑලූ. සතුන්ගේ අනතුරක් ගැන දැණිමේ ශක්තිය බොහොම ඉහලයි...

      Delete
  23. රජයට තියෙන්නෙ මේ වෙලාවෙ බොර දියේ මාලු බාන් නැතුව.....ලංකාව තුල කිරි නිශ්පාදනය ඉහල නංවන්න වැඩ පිලිවෙලක් ආරම්භ කරන්න. මේවා නැට්ට පුකේ ගහන් කරන්න ඔනේ ඒවා නේමේ කලින් පටන් අරන් තියෙන්න ඔනේ ඒවා.

    මේවා ඥාසාරට අනුව සිංහල්ලුන්ගෙ උපත් පාලනයට කරපු වැඩක් විය හැක.
    විමල්ට අනුව අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ විය හැක.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං එහෙම කලාම කොහෙද කොමිස් හම්බ වෙන්නේ. ෆොරින් ටුවර්ස් හම්බ වෙන්නේ. හෙට වෙනකොට වෙන කතාවක් කිව්වොත් පුදුම වෙන්න එපා..

      Delete
  24. මාතලන්,
    මම මේ කථා කළේ 2008 විතර. මොක ද මට අහම්බෙන් රිසර්ච් පේපර්ස් වගයක් කියවන්න ලැබුනා ඒ කාලේ. මම මේ කියන්නෙ 2008/9 විතර. මේවා පළ වුනේ නිව්සීලන්ඩ් මෙඩිකල් ජර්නල් එකක.
    ඒවල හැටියට තනිකරම පිටි කියන්නෙ හානිකර දෙයක්. නමුත් ඔබ දන්නව ඇති නවසීලන්තේ පිටි කිරි බොන්නෙ නැහැ. ඒ කොහොම වුනත් මේක මෙහෙම හරි නවතනව නම් හොදයි. ජාතික ධනය බිලියන් ගණනක් වසරකට රටින් පිට වෙනවා. මේ ගැන උනන්දුවක් ඇති එක් අයෙක් පමණයි මම දන්නෙ. ඒ ආරියශීල වික්‍රමණායක. එතුමා දැඩි මතයක හිටියා මුල සිටම. මම ඔහු එක්කත් මේ ගැන කථා කර තිබෙනවා.

    මාතලන් මම ඔබට, පුදුමාකාර කනගාටුවකින් මේ ලියන්නෙ. ඔබ දන්නව ද මේ රටේ බහුතරය මේ ගැන දැනුවත් නැහැ. වැඩිය නෙමේ ගම්පහ මිනිස්සු බහුතරය මේ ගැන දන්නෙ නැහැ. මිනිස්සු විශ්වාස කරන්නෙ රූපවාහිණිය. ඒ සියල්ලම මේ ප්‍රශ්නයේ දී නිශ්ෂබ්දයි. සල්ලි වලට කරන්න පුළුවන් තරම.
    මම ඔබට හිස නමනවා ඒ ගැන දෙසරයක්ම ලිව්වට.

    ReplyDelete
    Replies
    1. ආරියශීල වික්‍රමනායක ඉන්නේ අරුණි ශපීරෝ ඉන්නා අන්තයට ප්‍රතිවිරුද්ධ අන්තයේ. අමතක කරන්න එපා මේ දෙන්නාටම මේ මේ ප්‍රශ්නයේදී Vested interests තියෙනවා. අරුණි ශපීරෝට ෆොන්ටෙරා ෂෙයාර්ස් තියනවා වගේම වික්‍රමනායකට තමන්ගෙ බිස්නස් එක රැක ගන්න තියෙනවා. ඒ නිසා මේ දෙපිරිසම කියන දේවල් එක සැරේට භාර ගැනීම කළ යුතු නැහැ. යකා කියන තරමට සුදු හෝ කළු නොවෙන්න පුළුවන්.

      Delete
    2. අපේ මිනිස්සු ගැන කියන්න දෙයක් නෑ. එකෙන්ම ගොඩක් ඉන්නේ මෝඩයෝ. තවම රටේ වෙන දෙයක්වත් දන්නේ නෑ. දන්නවනම් මුන් ඡන්දය දෙන්නේ නෑ.

      Delete
    3. ස්තූතියි වෙද මහත්තයා. කාලෙන් කාලේට ප්‍රශ්ණ තිබුනත් අපි අදත් කිරි ටිකක් බොනවා. ඒක බත් කනවා වගේ ජනතාවට පුරුදු වෙලා තියෙන්නේ. ආරියශීල වික්‍රමනායක මේක ගැන කතා කරන්නේ එයාගේ ඒවට මාකට් එකක් හදා ගන්න. එයාගේ ඒවා වල වහ තියෙනවද නැද්ද කියන්නේ කව්ද..?

      Delete
    4. ඇනෝලාට සහ මාතලන්ට,
      ආරිශීලගේ ඒ බිස්නස් ගැන නම් මම දන්නෙ නැහැ. නිකන් සුහද හමුවලදි මුණ ගැසුනම කතා කලා විතරයි. ඔබ කියන දේ මට තේරෙනවා. මේ හැමෝටම ඇජෙන්ඩා එකක් තියනවා. අපි ඒකෙ ඉත්තො විතරයි. ඔබ හරි.

      Delete
    5. ආරියශීල ලොක්කට අවුරුදු වගේ ඇති. දැං කිරිපිටි බිස්නස් එක නග්ගලම ගන්න පුලුවන්නෙ

      Delete
    6. සන්තෝසේ විලි ලැජ්ජාවේ බැරුවලු ඉන්නේ..

      Delete
  25. ෆොන්ටේරා මවු සමාගමත් මෙ විදිහට සමාව ඉල්ලුවනම් ලන්කාවෙ උන්ට බැරි ඇයි


    FONTERRA CHIEF EXECUTIVE SORRY FOR ANXIETY CAUSED
    07 August 20132 min read
    Share this page:
    ShareShareShareShare

    Fonterra Chief Executive Theo Spierings today apologised for the anxiety caused over the past few days by the quality issue involving three batches of potentially affected whey protein concentrate (WPC80).

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්ණයත් ඕකමයි. සමාගම නෙමෙයි අගමැතිත් සමාව ඉල්ලුවා..

      Delete
    2. සමාව ඉල්ලුව විතරයි නේද සුකිරි පැටියෝ. උන් උන්ගේ නිශ්පාදන අහපහු ගෙන්වා ගන්නේ නෑනෙ. සමාගම් චෝයි නේද. සමාව ඉල්ලුවානේ. ඒඇති. ඉතින් උන් දැන් අපිට අඩු මිළට බඩ පිරෙන්න කිරි බීපියව් කියලා නේද නොකියා කියන්නේ.

      Delete
    3. සියළුම නිශ්පාදන වෙළඳ පොලෙන් ඉවත් කරලා විනාශ කරනවා. පොඩ්ඩක් අනෙක් ඒවත් කියවලා බලන්න සත්තරනේ..

      Delete
  26. පිස්සු නං කෙලින්න එපා මාතලන්. මම ගෙදර ගෙනියද්දි පිටි පැකැට්ටුවේ වස තිබුනෙ නෑ. ඩීසීඩී යි බැක්ටීරියයි ඒකට දාගත්තෙ මමමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනං වෙන්න ඇති.. ලංකාවටම ආවේණික ක්‍රමය නේ

      Delete
    2. ලංකාවේ මෝඩ වම්මුන්ගේ ඉදන් හැමෝම රස කර කර කන ලංකාවේ දේශීයව වේලගෙන කන කරවල කෑල්ලක් අරගෙන බලන්න මොනතරම් විෂ රසදිය වල ඉඳන් ෆෝමලීන් දක්වා කරවල වල, විෂ කිසි ගානක් නැතිව කනවා ඇන්කර් වල DCD ගැන පත්තර පිටු ෆේස්බුක් පිටු වල භීතිය වපුරනවා….අපි නොදන්න dcd

      Delete
    3. දියුණු රටක හුළං පොදක් වැදුනු ගමන් සමහර ගම් බයියෝ ඉදිමෙන්න ගන්නවා. තමන් අනිත් උන්ට වඩා මාර පොරවල් කියලා හිතන්න ගන්නවා. ලංකාවේ ඉන්න අනිත් හැමෝම පුස් මෝඩයෝ කියලා පෙන්නන්න හදනවා.

      ගොඩක් වෙලාවට එහෙම ගෙම්බෝ වගේ පිම්බෙන්නේ මෙළෝ උගත් කමක් නැති ඔය දියුණු රටවල සුපර්මාකට්වල වැඩකරන, වැසිකිළි සෝදන, ගරාජ්වල වැඩකරන, අනවසරෙන් ඉදලා [language යනවා කියලා ඒ රටවලට ඇවිත්] දැන් ඒ රටවල ගැණීයක් කසාද බැදලා සිටිසන් ගත්ත අය.

      ඒ අයම තමයි ඔය පොදු වෙබ් අවකාශ වල කමෙන්ට් කරද්දි ganja@Japan, sarath@Melbourne, saman@Milan වගේ නම් දාගෙන ඉන්නේ. මොකද ඒ අය දන්නව ඒ අයට ඔය ජපන්, මෙල්බෝර්න්, ෆ්‍රාන්ස් වගේ කෑලි නැතිනම් මෙළෝ පිළිගැනීමක් නෑ කියල.

      අපේ සමහර ගම් බට්ටෝත් බලන් ඉන්නවනේ මුන්ගේ නැට්ටේ එල්ලිලා සුරපුරේ යන්න. :D

      from malan

      Delete
    4. මේ රටේ ඉන්න ඔක්කොම ගොන්නු වැස්සියෝ හිතාගෙන ඉන්නෙ රටින් එළියට ගිය ගමන් "තරු" වෙනවාය කියලා. මුන් දාන පුස් පාට් දැක්කාම පව් කියලා හිතෙනවා.

      ඔය උඹලා ඉන්න රටවල් උඹලා හදපුවා කියලා වරදවා තේරුම් ගන්න එපා. ඒවා ඒ රටවල මිනිස්සු මහන්සියෙන් හදපුවා. උඹලා මේ ඊයෙ පෙරේදා ගිහින් ඒ මිනිස්සුන්ගෙ ශ්‍රමයේ ඵල භුක්ති විඳින එවුන් විතරයි. අනුන් කරපු දේවල් වල ගෞරවය ගන්න දඟලන්න එපා.

      Delete
    5. ලංකාවෙ ඉන්න මෝඩ වම්මු ගැන වගේම ඇමෙරිකාවෙ ඉන්න "මං පොර" කියලා ඔළුව උදුම්මවා ගත්ත පට්ටි හරක් ගැනත් අපට අවබෝධයක් තියෙනවා ආයිබෝං.

      Delete
    6. ඔව් මිනිස්සු එහෙම කිව්වත් අවුලක් ගන්න එපා.. උදිතයි මායි දන්න ඩී සී ඩී...

      Delete
    7. මාතලන් උදිතගේ නම වැරදියටයි අප්ඩේට් වෙන්නේ , "උදිත මීගවතැන්න" ලෙස වෙනස් විය යුතුයි.

      Delete
    8. මීගහතැන්න කියන්නෙ මතුගම කිට්ටුව තියන මීගවයො පිරිච්ච ගමක්....

      Delete
    9. නිව්යෝක් ගොඩයෝ!

      Delete
    10. උදිත
      අපි ඒ විස ගැනත් කතා කරමු. බටහිර විස දේශීය විසට කැපිල්ලට මම නං විරුද්ධයි.

      Delete
    11. ඔය අක්කගෙයි මල්ලිගෙයි විහිළුනෙ රාජ්. දැන් නාහෙ ළඟට එනකල් කක්කි ගොඩේ එරිලා උඩට එන්න බැරුව දඟලන්නේ.

      Delete
  27. අද පත්තර බොහොමයක වගේ (මුද්‍රිත සහ අන්තර්ජාල) මේ සමාගම් සහ කිරි වර්ග නමින්ම පළවෙලා තිබුණත් දිවයින පත්තරේ අන්තර්ජාල සංස්කරණයෙ පළවෙලා තියෙන්නෙ ප්‍රධාන පෙලේ සමාගම් තුනක් කියල විතරයි. (මුද්‍රිත එකේ කොහෙමද දන්නෑ) ඒ වගේම ඒ නිවුස් එකට යටින් ෆොන්ටෙරා එකෙන් ඒ ගොල්ලංගෙ කිරිවල ඔය කියන ඒව නෑ කියල නිවේදනයකුත් තියෙනව.

    http://www.divaina.com/2013/08/08/news03.html

    ReplyDelete
    Replies
    1. ඇඩ් දාන්න බෑ කියද්දි, උන් වෙන විදියකට ඇඩ් එක දානවා. ඒවට කාළකන්නි ජනමාධ්‍යත් සල්ලි වලට යට වෙනවා..

      Delete
  28. මම අද උදේ "ලක් එෆ්.එම්" එකේ "සෝදිසිය" වැඩසටහන අහගෙන හිටියේ එක "භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්" සහ අනික මාධ්‍ය වේදියා අපූරුවට මේ පිළිඹඳ විග්‍රහයක යෙදුනා, ඔවුන්ට අනුව රජය මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබෙන්නේ මාධ්‍ය නිවේදනයක් පමණයි, තවමත් කිසිම චක්‍රලේඛයක් නිකුත් කර නැහැ මෙම කිරිපිටි කිසිවක් තහනම් කල බවට හෝ භාවිතයට නුසුදුසු බවට. එසේම මෙම මාධ්‍ය නිවේදනය පවානිකුත් කරතිබෙන්නේ අදාළ සමාගම් නමෙන් විනා සන්නාම නාමයෙන නොවේ. එම නිසා තාමත් මහජනයා ව්‍යාකූල තත්වයකයි සිටින්නේ. මෙහිදී කිසිම පාර්ශවයක් සද්භාවයකින් කටයුතු නොකරන බව ඔව්‍න් තරයේම කියාසිටියා.
    මේ වැඩසටහන මගේ සිත් ගත්තක් වුනා , පුදුමයට කරුණ ලක් එෆ්.එම්. අයිති වන්නේ රජයේ මන්ත්‍රී වරයෙකු වන මාතලේ ලක්ෂ්මන් වසන්ත පෙරේරාටයි, එසේනම් ඔහු නිදහස් මාධ්‍යක් ලෙස එහි මාධ්‍ය වේදීන්ට කටයුතු කිරීමට ඉඩ ඩී ඇති බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳ උන් තාමත් ඉන්නවා බං. රිවිර, හිරු කියන්නෙත් ආන්ඩුවට සම්බන්ධ තැන්, ඒත් බය නැති උන් තාමත් එකෙක් දෙන්නෙක් ඉන්නවා. එහෙම එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ළොකු දෙයක්..

      Delete
    2. //හිරු කියන්නෙත් ආන්ඩුවට සම්බන්ධ තැන්// ?
      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී....
      හි... හී...

      Delete
  29. පොඩිකාලේ අසාවෙන් බිව්වා ඇන්කර් කිරි ඒ නිසා වෙලා තියෙන දේ ගැන දුකයි.......
    උඩ ඉදන් පහලට ඔක්කොම කොමෙන්ට් ටික කියවගෙන අවම මේ සමහර ඇනොල ගැන පට්ට දුකයි ....
    (දැන් ඉතින් ඒ වගේ ඇනෝ කෙනෙක් මේකටත් රිප්ලයි කාර්ය දුකනම්, දුකට පුන්ගහගනින් වගේ එකක් දාලා ... හි....හි....හි...)

    ReplyDelete
    Replies
    1. රටගිය එක මැජික් වෙච්ච ගොඩේ රාලලාට පි කොමෙන්ට් දාන්නෙ නෑ....

      Delete
    2. අවුලක් ගන්න එපා. උන් නැත්නම් බ්ලොග් කලාවත් නෑ...

      Delete
  30. එතකොට බුකි කාරයගෙ රේස් පත්තරෙ මුල් පිටුවෙ දාල තියෙන්නෙ එහෙම දෙයක් නැහැ,
    පරියේෂන කොරල බලල,කෙලවිල තිබුනොත් දැයේ දරුවන්ට ප්‍රෙෂ් ඔටු කිරි දෙනව කියල වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ෆොන්ටෙරා ලංකාවේ ඒජන්ත කම මරා,බැරා,ගෝරා,නාරා කොම්පැනියට ගන්න යනවද දන්නේ නෑ නේ කෙන්ජි අයියේ.

      Delete
    2. ඔටු කිරි බැරිනම්, රබර් කිරි හරි පොවයි. බලෙන් පොවන්න රණවිරුවෝ ඉන්නවනේ...

      Delete
  31. මචං අර 95 ඔක්ටේන් එකේ 5ක් අඩුයි කියලා 90 ට දාලා දුන්නේ.පේමන්ට් එකේවත් වෙන්නේ නැහැ මේ වගේ බිස්නස්.රට තුල ඇති එකම කිරිපිටි බිඳුවක්වත් අපතේ යවන්නට ඉඩ නොදෙමි කියලා පරාක්‍රමබාහු ටෝක් එකක් දෙයි මොකෙක් හරි.අට පාස් වෙළඳ ඇමතිලා ඉන්න රටනේ බං.

    ReplyDelete
    Replies
    1. අට පාස් නෑ , අටට ගිහිං විතරයි.

      Delete
    2. පිස්සුද අනේ ඒ මනුස්සයා නොම්මර එකේ ලෝයර් කෙනෙක් නේද...?

      Delete
  32. මට හිතුනෙත් සහො අපි මෙව නවත්තල ලන්කවෙ කිරිපිටි බොන්න ගත්ත කියමු.එවට තත්ව සහතික දෙන්නෙ කවුද.
    අඩො අටමා උබ අර අහින්සක බලු පෑටවු ටිකට වස පෙවුව නේද

    ReplyDelete
    Replies
    1. බලහංකෝ ඌ කරලා තියෙන වැඩේ. අර කිව්වා වගේ රතුපස්වල මිනරල් වෝරට් ටිකක් බිව්වා නම් ඔක්කෝම ඉවරයි..

      Delete
  33. සල්ලි දීල අරගෙන දියර කිරිවලින් කාණු හෝදන රටක්නේ අපි,ඔය ටික කළමනාකරණය කරලා බෙදාගන්න බෑ,මමනම් ඔය පිටි රොඩු දන්න කලෙක ඉඳන් බොන්නේ නෑ.
    ඊට වැඩිය හොඳයි තේ හරි කෝපි හරි බොන එක,මේ මඟුල් වලින් තැලෙන්නේ අර අහිංසක පොඩිඋන් තමයි.

    ReplyDelete
    Replies
    1. කෝපි කීවට නිකම්ම නොවේ නෙස්කෑෆේ වගේ ද? හැලපයියේ (හැලප + අයියා)

      Delete
    2. මට නම් පොඩි කාළේ ඉඳන් මේක නැතුව බෑ. ඉදේට මෙයින් කෝප්පයක් ඕන. හවසට අරකෙන් පොඩ්ඩක් ඕන.. මක්කා කරන්නද සමහර උන් තුන් වේලම බත් කන්නේ.. කෝපි මගෙත් ප්‍රියතම පානය.

      Delete
  34. බහුජාතික සමාගම් බටහිර රටවල දී හැසිරෙන ආකාරය සහ තුන්වන ලේාකයේ දී වැඩකරන ආකාරය අතර සෑහෙන වෙනසක් තියෙනවා.

    මේගැන ලොවම දන්නා උදාහරණ තමයි

    ආසියාවේ ස්වෙට් ෂොප්ස්
    අප්‍රිකාවේ මෙලනීසියාවේ කණිජ, රත්තරං, දියමන්ති පතල්
    දකුණු ඇමරිකාවේ වගා කටයුතු
    ඉන්දුනීසියාවේ, බුරුමයේ වනාන්තර

    හැබැයි මේවාට විරුද්ධව වැඩ කරන්නේ ත් ඒ තුන්වෙනි ලෝකයේ රටවල්වල ආංඩු නොවෙයි. බටහිර රටවලම ඉන්නා පරිසර හරිත සංවිධානයි.

    මතක නැද්ද දැන් අවුරුදු දහයකට පහලොවකට විතර කලින් ආවා කිරිපිටවල විකිරණය තියෙනවා කියලා කේස් එකක්? ඒවා යුරෝපයෙන් ගෙන්නපු කිරිපිටි.

    ReplyDelete
    Replies
    1. අපි උඹේ බ්ලොග් එකේ දාන කොමෙන්ට් කෝ.... කොමෙන්ට් භක්ෂකයා....

      Delete
    2. මෙන්න තවත් සමාජවාදී මෝඩ වමෙක්!

      කකා, ඔය අක්කගෙයි මල්ලිගෙයි ආතල් එක නොකඩා ඉන්නවද?

      Delete
    3. නෑ බං කකා. බහුජාතික සමාගම්වලට (විශේෂයෙන් ෆොන්ටෙරා) බනින්න එපා. බහුජාතික සමාගම් හොදායි......... ෆොන්ටෙරා ඊටත් වඩා හොදා____දායි (හැබැයි ඕව හොඳයි කියලා අපි නොවේ කියන්නේ). (ගමේ පොලියත් කියන්නේ “මට සල්ලි නෙමේ උනේ, මිනිස්සු, මිනිස්සු“) අක්කිට මළ පැණලා ආයේ ඔයාගේ බොගටත් එන්නේ නැතිවෙයි. එයාලා හිතාගෙන ඉන්නේ එක කොමන්ටි කාරියක්, කාරයෙක් වෙනුවෙන් මේ රටේ මිනිස්සු බිළිදෙන්න අපි ලෑස්තියි කියලා.
      කකා මොනවා උනත් උබ කැතයි බං. මම කාලෙකින් උබේ පැත්තේ ආවේ නෑ. උබ කොමන්ට් හිටගෙන බුදිනවා. බලපංකෝ මාතලංගේ සයිට් එක. දාපු ගමන් රිප්ලේ. රියල් සංවාද. අපේ කාලයත් ඉතිරියි. පැත්තකට ගිහින් පොඩ්ඩක් හිතල බලපංකෝ.

      Delete
    4. මූ හිතන්නෙ නෑ... අං දිග ගෝණා වගේ ඔලුව උදුම්මගෙන ඉන්නවා.... බලමුකො හිට්ස් අඩු වෙනකොට බඩ ගාගෙන එනහැටි ඇනෝලා මතක් වෙලා.....

      පැත්ත පලාතෙ එන්නෙ නෑ උඹේ රෙද්ද බලන්න....

      Delete
    5. අපි තුන්වන ළෝකයේ රටක් නෙමෙයි නේ දැන්. ඒක පුදගල ආදායම ඩොලර්ම දෙදාහක්. රටෙන් 40% හිඟන්නෝ, එක පුදගල ණය ලක්ෂම තුනක්. ගිය අවුරුදේ උකස් තියපු ප්‍රමාණය රුපියල් බිලියනම 600 ක් මාරයිනේ..

      Delete
  35. කිරිපිටි වල නම් ඕනේ විසක් තිබ්බට කමක් නැහැ හැබැයි හරකුන්ට දෙන පුන්නක්කු වල එහෙම විස තිබ්බොත් බලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු බල සේනාව,
      කෝ මුන් ටික. රටේ ළමයි හදන්න කියලා, උන් කිරි බීලා ලෙඩ වෙන එක මුන්ට හොඳා. අපිට ඕනේ උගත් බුද්ධීමත් නිරෝගි රටට වැඩදායක ළමයි හදන්න මිසක් උන්ට පක්කලි කරන්න ළමයි හදන්න නොවේ. තු විතරක්, නානසාර වැලිවේරියේ තුන්වෙනි පාර්ෂවයේ තෙවැනියට තෙමාගත්තු සැඟවුන අමුත්තා. (එක දෙක කවුරුත් දන්නවානේ)

      Delete
    2. එක හරකෙක් හරි මරළා තිබුනොත් මට කියාපියව්. දෙනුන්දර තුඩුවේ ඉඳලා උත්තරද්‍රවයට යනවා පයින්...

      Delete
  36. මේ සංයෝගය මේ මෑතක ඉඳලා කිරිපිටිවලට එක් වෙච්ච දෙයක්ද, නැතිනම් සෑහෙන කාලයක් තිස්සේ ඉඳලා තිබිලා ශරීරගත වෙලා තියෙන එකක්ද? මට මතකයි ඕක තණකොළ වලට ගහන සංයෝගයක් නිසා වුනා කියලත් මාස කීපෙකට ඉස්සෙල්ලා කිව්වා මතකයි.

    මම බැලුවා අපි බොන මිල්ග්‍රෝ එක. ඒක මැලේසියාවේ පැක් කරලා තියෙන නවසීලන්තේ කිරිපිටි වර්ගයක්.

    ෆ්‍රෙෂ් මිල්ක් බොන්න බෑ බං. මාර ගනංනේ. ඒ නැතත් ඒකේ තත්වය කොහොමද කියලත් අපි දන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මැලේසියාවේ ඔක්කෝම ප්‍රඩක්ට්ස් බෑන් කරා. මාකට එකේ තිබුන ඒවත් කලෙක්ට් කලා...

      http://www.themalaymailonline.com/money/article/botulism-scare-halts-fonterra-milk-powder-sales-to-china-russia

      Delete
  37. දැන් වත් අපේ රටේ මෝඩ ගෑනු පොඩි උන්ට 1+, 3+ දෙන එක නවත්තයිද දන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. එහම නවත්වන්න අවශ්‍ය නෑ. කළ යුත්තේ ප්‍රමිතියෙන් යුතු ආහාර පාන ලබා දීම කෙරෙයි රජයක් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු නොකිරීමයි.

      Delete
  38. මචන් මැලිබන් වල තත්වේ කොහොමද

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවපන් මචෝ. නිදි මරාගෙන මේවා ලියන්නේ...

      Delete
  39. FONTERRA කාරයෝ වෙන ප්‍රස්නයක් කතා කරන්නේ (බක්ටීරියවක්ගෙ බලපෑමද කොහෙද)... ලංකාවේ හොයාගත්ත කියන කියන්නේ වෙන දෙයක්... ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැද්ද මන්ද මේ කස්ටියට...

    ReplyDelete
    Replies
    1. හොඳට තේරෙනවා. මොකෝ අපිටත් යාන්ටමට හරි ඉන්ගිරිස් පුළුවන්...

      Delete
  40. රාමදාන් නිසා පට්ට බිසි වෙලා හිටිය... මේ පැත්තෙ එන්න බැරිවුණා.. මාතලන් මේ ගැන කතාකරන්න කාලය ශ්‍රමය වැය කරපු එක වටිනව... හුඟ දෙනෙකුට මේ ගැන අවබෝධයක් නැති බව පේනවනෙ...

    ඒ ගමන්ම මෙහෙම පැත්තක් තියෙනව... පැහැදිලිව තේරුම් ගන්න ඕන..

    දැන් ලංකාවෙ මේ නිෂ්පාදන "තාවකාලිකව" නවත්වල තියෙන්නෙ බොටුලිනම් බැක්ටීරියාව තියෙනවද බලන්න.. ඒ කියන්නෙ ඔය බැක්ටීරියාව නැත්නම් ඔය නිෂ්පාදන ඔක්කොම ආපහු නිදහස්...

    DCD මේතනට සම්බන්ද නෑ.. ඒ ගැන රජය කිසිම පියවරක් අරගෙනත් නෑ... බැරි වෙලාවත් GMOA එක ඔතැනින් අයින් වුණොත් DCD කතාව ඔතැනින් ඉවරයි...

    මේ ගැන ලියන ලංකාවෙ පත්තර සේරම වගෙත් ... මාතලන්ගෙ පෝස්ට් දෙකෙන්ම වුණත් කියවෙන්නෙ DCD තියෙන බව ෆොන්ටෙරා එකත් පිටරටවල ආණ්ඩුත් ලංකාවෙ ආණ්ඩුවත් පිලිගෙන තියෙන බවත් ඒ නිසා ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් වෙලා තියෙන බවත්... මේක 100% ක් වැරදි අදහසක්...

    ඇත්ත නම්... GMOA එක එලව එලව අහද්දිත් මේ ITI රිපෝට් එක ගැන රජයේ නිළ මතය මොකක්ද කියල... ඒ ගැන මොකුත් නොකියන එකයි... මේක FDA එක ඔවුන්ගෙ වගකීම බරපතල ලෙස පැහැර හැරීමක්... රිපෝට් එක පිලිගන්නෙ නැත්නම් ඒක හරි කියන්න ඕන... මොකද අපේ රටේ හැටියට ඔය වගේ දෙයක් ගැන ටෙස්ට් කරල රිපෝට් එකක් ගන්න තියෙන හොඳම තැන ITI එක විතරයි... දැන් රජයම ඒක පිලිගන්නෙ නැත්නම් , ෆොන්ටෙරා එකට ඕන තැනක නෙමෙයි දෙපැත්තටම පිලිගන්න පුලුවන් තැන් වලට යවල චෙක් කරල මේක ඉවර කර ගන්න ඕන...මොකද DCD තියෙනවනම් ඔක්කොම විත්ඩ්‍රෝ කරන්න ඕනැ... ඒ වගේම DCD නැත්නම් උන්ට වෙළඳාම කරගෙන යන්න දෙන්න ඕන...

    නිකමට හිතල බැලුවොත් මේක ගැන උනන්දු බොහෝ අය ඉන්නව... ආරියශීල වික්‍රමනායක වගේ කෙනෙකුට අති විශාල ව්‍යාපාරික වාසියක් තියෙනව ඇන්කර් ලංකාවෙ වෙළඳ පොලෙන් ඉවත් කරගන්න ලැබුනොත්... චම්පික රණවක වගේ කෙනෙකුට සිවිල් වාසියක් තියෙනෙව.... එහෙම තියෙද්දිත් ඇයි කවුරුත් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නෙ නැත්තෙ...උසාවියෙ එක තින්දුවකින් එක රෑකින් ඔය ඔක්කොම කඩවලින් අහක් කරන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. සපතේරු උන්නැහේ ළිපි හරියට කියවලා නෑ. මගේ මුළින් ලිපියේ ඩී සී ඩී කතන්දරෙත්, බැක්ටීරීයා කතන්දරෙත් දෙකම තියෙනවා. ඒ වගෙම දැන් සමාගම කියනවා, මාර්තු මාසයේ ඉඳලා මේ බැක්ටීරීයා ප්‍රශ්ණය තිබුනා කියලා. මේ අගෝස්තු. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ බැක්ටීරීයා ප්‍රශ්ණයත් අපේ ඒවල තියෙනවා. අපේ ආයතන මොනවා කියනවද එක මට වැදගත් නෑ. මොකෝ මම අපේ ආයත්න ගැන විශ්වාසයක් නැති නිසා. ඒත් මම ඉන්න තැන කේබල් ටී වී තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයත් මම කියවනවා. ඒ නිසා මගේ මතය නිවැරදි බවට මම පෙනී සිටිනවා. විෂබීජ පිළිබඳ උනත් දැන් විග්‍රාහාත්මක ළිපියක් ලියන්න පුළුවන්, සමහර බක පන්ඩිතයෝ ලියනවා වගේ. නමුත් ඒක මට අදාල දෙයක් නෙමෙයි. මට අවශ්‍ය මේ පණිවිඩය ජනතාවට ලබා දීම පමණයි. මම හිතනවා ඒක යම් දුරකට හෝ සාර්ථකයි කියලා. ඒක කළබලේ කොමෙන්ට් එකක් දාපු ඔබගෙනුත් සනාථ වෙනවා.. කරුණකර ළිපි දෙකම ලින්ක් සමග නැවත කියවන්න.

      Delete
  41. මේ කිරිපිටි ගන්න එපා

    වෙළෙඳපොළින් ඉවත් කරගත යුතු කිරිපිටි වර්ග සහ ඒවායේ කාණ්ඩ අංක සෞඛ්‍ය අමාත්‍යංශය අද ප‍්‍රකාශයට පත් කළේය.

    ඞී.සී.ඞී. නමැති විස රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී තිබෙන එම කිරිපිටි සහ ඒවායේ කාණ්ඩ අංක මෙසේය.

    ෆොන්ටෙරා සමාගමට අයත් ඇන්කර් 1+ (කාණ්ඩ අංකය 107610163) සහ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි (කාණ්ඩ අංකය 0605ක්‍088311 -මැලිබන් කිරි නිෂ්පාදන මැලිබන් යොදය රහිත කිරි (කාණ්ඩ අංකය 13074A1) සහ පී. එම්. මොහොමඞ් අලි සහ සමාගම ඩයමන්ඞ් කිරිපිටි කාණ්ඩ අංකය NWIFIPD - I මෙම කාණ්ඩ අංකවලට අයත් කිරිපිටි තොග වහාම වෙළෙඳපළෙන් ඉවත් කරගන්නා ලෙස සමාගම්වලට දන්වා තිබෙන අතර ඒ පිළිබඳව සැළකිළිමත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කීය.

    http://www.lankadeepa.lk/index.php/top_story/159628

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉහත ලංකාදීප වාර්තාව අක්කිටයි, මල්ලියාටයි සපතේරු උන්නැහේටයි තුන් දෙනාටම පිළිතුරු සපයනු ඇති.

      Delete
    2. ස්තූතියි ෂෙයාර් කලාට...

      Delete
  42. මාතලන්,
    මේ කරන වැඩේ බොහෝම හොද දෙයක් බං. නමුත් රටේ අවාසනවට තාමත් මේ ගැන ලොකු කතිකාවක් ඇති වෙලා නැහැ.
    (රතුපස්වල සිදුවීම ගැන උනත් එහෙමයි)තාමත් හැමෝගෙම කතාව දයාගේ පිනුම ගැනයි.කොහොම උනත් දියර කිරි බොන්න මගේනම් ඒ හැටි කැමැත්තක් නැහැ.කිරි පිටි වලට ඇති ඇබ්බැහිය නිසා විය හැකියි ඒ.අනික් අතට දැන් ඔය උඩින් කියලා තියෙනවා වාගේ දේශීය දේ හොදයි කියලා උනත් හරියටම කියන්න බැහැ නෙන්නම්.
    රටේ හැට හුටා මරක් අමාත්‍යාංශ තිබුනට මේ දේවල් වලට සක්‍රිය වෙන්නේ නැති එකේ නරකද ආරක්ෂක අමාත්‍යාංශටවත් මේකටත් බෙල්ල දාන්න කිවොත්....:D

    ReplyDelete
    Replies
    1. මට මේ කියා ගන්න විදියක් නැතුව උන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න