.

.

Sep 14, 2013

බේබී කමින් කලින් (23+) - Premature Babies (13+)



පොස්ට් එක පොඩ්ඩක් දික් උනා.. ඒකට සමාවා භාජනේකට දාලා.. වහලා තියන්න.. කියවලා ඉවර වෙලා දියකරලා බොන්න....

මේ පෝස්ට් එක කවදාවත් ලියවෙන්නේ නෑ හැලපයගේ පෝස්ට් එක නැත්නම්. හැලපයා කියන්නේ කව්ද කියලා තාමත් නොදන්න අය ඉන්නවනම් ඕන් මෙතනින් ගිහින් බලන්නකෝ, හැලපයියා කියන්නේ දැන් බ්ලොග් ලියන උන් අතරෙ ඉන්න සුපිරිම පොරක්. එයා වගේ තව කීප දෙනෙක් තමයි "රවී", "සරත් ලංකාප්‍රිය", හා "අරූ". උන් ලියන උන්ගේ ජීවන අත්දැකීම් වල රස උතුරුනවා. ඒ වගේම උන්ගේ මොකක්දෝ සමාන කමකුත් මට පේනවා..

එකක් තමයි "පඳුරු තැලිල්ල".. අනික, සමහර විට සමකාලීනයෝ නිසා වෙන්න ඇති. ඒ මදිවට දැන් "කෙන්ජියත්", "නලියගෙ" එකේ බොග දානවා. ඌ නම් පඳුරු තැලිල්ල කෙසේ වෙතත්, පොලිටික්කන්ගේ රෙදි ගලවනවා, "කළු සල්ලි.." කියලා කතන්දරයක් දාගෙන. අන්තීමෙදි, "නලියගේ" රස්සාවටත් කෙලලා තමයි කෙන්ජියා නවතින්නේ. කෙන්ජියා නම් කිව්වේ, නලියට ජොබ් එකක් බලලයි තියෙන්නේ කියලයි. :D

හැලපයගේ පෝස්ට් එකේ තිබුනේ, සරෝජිනී කියන එයාගේ යාළුවෙකුට උන ඇබැද්දියක්, මගුල් ගෙදර මනමාලයා නැතිව. කොහොම හරි මනමාලයා එනකන් ඉවසගෙන හිටියා කියන්නේ, ඇත්තටම සරෝජිනී නම්, අර "මාරයා" කියලා තියෙනවා වගේම, යකඩ ගෑණියක්. නැත්නම් ඉතින් අනිත් අය කරන්නේ හොටු පෙර පෙරා අඬ අඬා ඉන්න එකනේ. ඒකේ, මට වැදුන කෑල්ල තමයි, සරෝජිනී බැඳලා පොඩි කාලෙකින් බබා හම්බ වෙච්චි එක.

අපේ රටේ ඒ වගේ සීන් හරියට වෙනවා. ඒ කියන්නේ බැඳලා මාස 9 ක් යන්න ඕන නෑ බබා හම්බ වෙන්න. මාස 5 න්. මාස 6 න්. නියම බරට පොඩි මෑන්ස්ලා, පොඩි වුමන්ස්ලා එලියට එනවා. සාමාන්‍යයෙන් අඩු වයසෙන් හම්බ වෙන අයගේ බර අඩුයි නේ. එයාලව ඉන්කුබේටර් අස්සෙ ඔබලා, හෙන ජර මරයක් කරලා තමයි ලයිනින් හෝම් එකෙන් ගෙදර එවන්නේ. ඒ උනාට එහෙම කිසි අවුලක් නැතුව මෙහෙම අඩු මාසෙන් හම්බ වෙලත් නියම බරට ඉන්න ළමයි හම්බ වෙනවා කියන්නෙ "ගිනස්" පොතට යන්න ඕන කේස් ආයිබෝවන්ඩ.

ඔය සරෝජිනීලයි කාළේ ඔහොම උනාට, අද කාලේ නම් එහෙම වෙනවා කියන එකපුදුමයක් නෙමෙයි. ඉස්සර කැනදගෙන යන දවසේ තමයි නමෝ විත්තියෙන් හනිමූන් නොහොත්, පැණිහඳේ නොහොත්, මධුසමයට යන්නේ. එදාට මනමාලිගේ ඇඳුම් පෙට්ටියේ මොනවා නැතත්, සුදු රෙද්දකුත් දාලා යවන්නේ. මනමාලිගේ නම්බුවයි, පවුලේ නම්බුවයි පෙන්නන්න. ඉස්සර නම් ඉතින් මනමාලි අවුල් වෙලා හිටියත්, ගොඩක් වෙලාවට මනමාලයගේ නූල කැඩිලා හරි ඔය සුදෝ සුදු රෙද්ද ජපන් කොඩිය බවට පරිවර්ථනය වෙනවා. ලේ ටිකක් ගිහිල්ලා.

ඕක කියන කොට මට වසන්ත ඔබේසෙකරගේ "කැඩපතක ඡායා" මතක් වෙනවා. ඒකේ විජේගේ අතින්, ස්වර්ණගේ පෙට්ටිය කුඩු වෙනවා.. ස්වර්ණට වයස 50ක් විතර ඇති. ඒ උනාට ඒ ෂෝ එකේ එයා ඉස්කෝලේ යනවා. මොකෝ ඔහෙලා හිනා වෙන්නේ.. එහෙම තමයි ලංකාවේ සම්බහිය චිත්තරපටි. ඒකේ මේ සීන් එක උනයින් පස්සේ. කාමරේ දොරෙනුත් එලියට ලේ එනවා. එක්කෝ, අදයක්සයා කවදාවත් පෙට්ටියක් කඩලා නෑ. එහෙම නැත්නම් කලා අද්යක්සයා වැඩිපුර "ඩයි" ගෙනල්ලා, පෙට්ටිය වෙනුවට, බෝතලේ බිඳුනද කියන්න දන්නෙ නම් නෑ.


ඒ කාළේ මගුල් දවස එනකන් ඉන්න ඕන උනාට, අද මනමාලි එක්ක රවුම් ගහන්න, ඕන තරම් චාන්ස් හම්බ වෙනවා. ඒ මොකෝ වෙඩිම ප්ලෑන් කරනවා නේ. මේවටම වෙන් වෙච්චි වෙනම ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනිත් තියෙනවා. බබා හම්බ වෙන එක ඇර අනිත් ඔක්කෝම එයාලා කරලා දෙනවා. හැබයි ඉතින් මනමාලයා නැතිව ගියොත් ඒකත් කරලා දෙන්න බැරි කමක් නෑ.

කලින් කේස් කිව්වේ ආයිබෝවන්ඩ, මගුල් ගෙදරට ඉස්සෙල්ලා වෙඩින් පොටෝ අල්ලනවා. කේක් එක ඩිසයින් කොරන්න යනවා. ෆේෂල්ද මොකක්ද එකට යනවා, ෆිනිසින් ඉස්කූල්ද මොකක්දෝ එකකට යනවා, සාරි බලන්න යනවා, තීම් එක බලන්න යනවා, ෆ්ලවර් ඩැකරේසොන් බලන්න යනවා ඔය වගේ යන ඒවා කෝටියයි. ඔය අතරෙ ඉතින් සමහර උන් හනීමූනුත් යනවා. ඉතින් බබත් මාස නමයක් යන්න කලින් එලියට එනවා.

කාක්කන් පෙන්නීම
ඒ අස්සේ ෆොටෝ සූටින්ද මොකක්දෝ එකකටත් යනවා. දැන් මල් වත්තකට, ගෝල්පේස් එකට, නිදහස් චතුරස්‍රෙට තියා පන්සලකටවත් යන්න නෑ.. පොටෝ සූටින්. හරියට සිකුරුලියා සෝ එක හදනවා වගේ. ඉස්ටෝරී බුක් එකට.. ඒ අස්සේ වීඩියෝ එකකුත් කරනවා. මනමාලිට කාක්කෝ පෙන්නනවා. මනමාලයා ස්ලෝ මොසන් දුවනවා. මනමාලී ඌ පස්සෙ දුවනවා. ඊට පස්සෙ මනමාලි පස්සෙ මනමාලයා දුවනවා.

ගස් බදාගන්නවා. මල් කනවා, මූන කන්න කියනවා. පොඩි උන් ටික බේරේ පනින්න යනවා. සමහර උන් අඬනවා.. සමහර උන්ට කක්කා බර වෙලා.. සමහර උන්ට නිලමේ කිට් එකේම චූ ගිහිල්ලා.. අරවා මේවා වැඩ කෝටියයි. තව ඉස්සරහට හනිමූන් එකත් වීඩීයෝ කරලා, නෝටී ඇමරිකා එකට දීලා, ගානක් හොයා ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම, ඒකෙන් හතර වරිගෙටම ණය වෙන ගානත් ගෙවා ගන්න ඇහැක් වෙයි.

කොහොම හරි මේ ළඟදි ගියපු මගුල් ගෙදරක, මනමාලිට බබා හම්බ වෙලයි කියලා ආරංචියක් ආවා. මම හාමිනේගෙන් ඇහුවම බැඳලා මාස පහක්වත් නෑ නේද කියලා. ඒයා කිව්වා නෑ ඊට වැඩියි කියලා. මගුල් කාඩ් එක චැක් කොරාම බැඳලා මාස පහයි. ඒ බබාගෙත් බර හරියටම හරිලු, කිසි අප්ෂට් එකකුත් නෑලූ. මම හාමිනේට කිව්වා දැන් ඒ බබා ළොකු උනාම අම්මට වඳින්න වෙන්නේ, "පස් මාසේ... උරේ කත්වා..." කියලා තමයි කියාලා.


දැන් ඔහේලා හිතයි, අපේ පවුල් වගේ වැදගත් පවුල් වලත්, එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඇත්ත ඒහෙම දෙයක් වෙලා නෑ. මේ බැඳපු කොල්ලා ආමි එකේ. ඔය ආමි කාරයෝ පැදුර පෑගුවත් බබා හම්බ වෙනවා කියනවනේ. ඉතින් මූත් ඔය මනමාලි බලන්න ගෙදර ආපු වෙලාවක, මනමාලිගේ පැදුරේ, මනමාලිගේ ආච්චී වී දාල තියෙන්නේ ඇති වේලෙන්න. ඔන්න ඔහොම වෙලාවක අර ආමි එකේ ඉලංදාරියට ඔය පැදුර පෑගෙන්න ඇති. එහෙම එකක් මිසක්. ඔහේලා හිතන දෙයක් ඔතන වෙලා නෑ.

දැන් අහයි එතකොට බබලා හම්බ වෙන්න, හැමිනෙන්න ඕන නැද්ද, පැදුරු පෑගුවම ඇද්ද කියලා. එහෙනම් ඔය ඉතින් බෝධිය නාවන්නේ එකසිය ගානට. දේවාලවල පූජා තියන්නේ, තව අට අනූවක් දේවල් කොරන්නේ. අපේ නෑවෙන පුතෙකුත් උන්නා, බැඳලා අවුරුදු එකහමාරයි තාමත් නෝ බබා. මේ ජෝඩුවත් ඉස්පෙසලිස්ට්ලයි, දේවාලයි, කපුවෝයි, බොධියි, හැම අස්සෙම රිංගනවා බබා නොට් කමින් අවුට්.

මම කොලුවගෙන ඇහුවා උඹ ගෑනී එක්ක සෙල්ලම දාන්නේ කොහොමද කියලා.. දෙන්නම වැඩට ගිහින් මහන්සිවෙලා එන නිසත්, සෙනසුරාදා ගෙදර වැඩ කරලා මහන්සි නිසාත්.. මුන් දෙන්නගෙම හැදියාව නිසාත්,, (යෝජිත මගුලක්) ඉරිදා රෑට විතරලු සෙට් වෙන්නේ...

මම කිව්වා. ඔහොම කොහොමෙයි යකෝ බබ්බු හදන්නේ.... හැමදාම රෑටයි...., කුණු කෙල පිටින් උදේටයි... දෙන්නා එක්ක පොර කාපිය කියලා.. ඕන දැන් අරකි බඩින්.. මට බය තියෙන්න මුන් දෙන්නා බබත් අරගෙන අපේ ගේ වටේ යයිද කියලා.. "බාප්පා දුන්න දරුවා..." කිය කියා...

-x- 


බබාලටම සම්බන්ධ මේ ජෝක් එකත් ලියලම දාන්නම්කෝ.. මේක ගොඩක් උන් දන්නවා.. දන්න උන් සද්ද නැතිව කට වහගෙන ඉන්න.. මේ ලියන්නේ නොදන්න උන්ට..

ඔහේලා දන්නවනේ, බබාලා නෝමල් හම්බ වෙන කොට, බබාගේ ඔළුව තමයි ඉස්සෙල්ලාම එලියට එන්නේ.. ඉතින් ගයිනෝ මහත්තයා පොඩි එකාගේ ඔළුව අතගාලා, හෙමින් හෙමින් තමයි පැටියා එළියට ගන්නේ..

ඕන් ඔය වගේ, අපේ ඇම්ඩා හම්බ වෙන්න ගියපු වෙලාවේ. ස්කෑන් කරලා බැලුවම, මූ ඉන්නවලු ඔළුව පල්ලෙහාට දාගෙන. ඉතින් ඔප්ක්කෝම ලෑස්ති කරලා, එළියට ගන්න ගියාම, ඇම්ඩා "ටක්" ගාලා අනිත් පැත්තට හැරිලා, කකුල් දෙක එළියට දාලා වන වනා ඉන්නවලු. අර තියෙන කතුරු වගේ ආයුධ අරවා මේවලින් ඇන්නත් මූ ටක් ගාලා කකුල ඇතුලට ගන්නවලු.

ඔළුව පැත්තෙන් නැතුව කකුලෙන් ඇදලා මූව එළියට ගන්නත් බෑ නේ. දැන් ඔක්කෝටම මලත් පැනලලු. බැරිම තැන ඩොක්ටර් එලියට ගියාම සිකරට් එකක් ගහන්න, අයිඩියා එකක් ඔළුවට ඇවිත්, ආයෙම සිකරෙට් එක පිටින්ම ඇතුලට ආවාලු.

ඇම්ඩා ඉන්නවලු බෝල බකල් කකුල් දෙක එළියට දාගෙන.. දොස්තර මහත්තයා කරපු වැඩේ සිකරැට් එකෙන් පිච්චුවලු මූගේ කකුළු.. හැරෙන තැපැලෙන්ම ඔළුව එළියට දාපු ඇම්ඩා ඇහුවලු.. "කව්ත චෝ මතේ... තූතී කකුල පුත්තපු කැලියා..." කියලා..

කියනවත් එක්කම... දොස්තර මහතයා මූව ඇදලා ගත්තලු එළියට...

113 comments:

  1. ඒ කියන්නේ මේක අඩු මාසේ කේස් එකක් නොවෙයි, තවත් අවුරුදු එකාමාරක් විතර බඩේ ඉඳලා කතාකරන්නත් ඉගෙන ගෙනයි එළියට ඇවිත් තියෙන්නේ!්

    ReplyDelete
    Replies
    1. නිකංය ඉතින් ඇම්ඩන් කියලා නම දැම්මේ...

      Delete
    2. BADE INDAN ELIYATA AWITH THIYENNE, PUKEN WENNA ATHI.

      Delete
  2. පට්ට ෛස්ටොරීය. . .ඔය කොයි වඩෙත් කෙරෙන්න එපයි බන්. ඕය කඩෙන බිඩෙන එව්ව එඩටම කරන්න ෛඉන්න එක මහ වදයක් ඔනන. . .

    ReplyDelete
    Replies
    1. එතකොට හනීමූන් දවසට මක්කැයි කොරන්නේ... රෑට වවුලෝ පෙන්නන්න තමයි වෙන්නේ.. මම කිව්වේ පියාඹන උන්...

      Delete
    2. මහන්සි පිට හරිහැටි කාමක්වත් නතිව ‍රේ වෙලා ගිහින් අපරාදෙ . . . .ඔක නිවිහනහිල්ලෙ කොරන්නට. . .

      Delete
  3. ඔය කතාවෙ ත කෑල්ලක් තීනව. ඒ තමයි ඇන්ඩ අත දාල නර්ස්ලට මැන්ද ඇඟිල්ල පෙන්නුවලු. ඉන් පස්සෙ මල පැනපු ඩොකා අඬුවෙන් අර ඇඟිල්ල අල්ලල ඇඹරුවලු!

    ReplyDelete
    Replies
    1. එතකොට ඇහුවලු..." කවුත චෝ.. මතේ... තූතී අත අඹලපු කැලියා..." කියලා...

      ටක් ගාලා එලියට ගත්තලු.....

      Delete
    2. සූර පප්පේ මම නම් ඔය කතාව අහලා තියෙන්නේ වෙන විදිහකට.
      -කා (Ka)

      Delete
    3. ඉතින් කියහන්කෝ... ඇඹරෙන්නේ නැතිව...

      Delete
    4. බෑ බං. කීවයි කියලා හිතාගනිං. මම ඒක දැම්මොත් බොලාට ඒ කොමන්ටුව මකන්න වෙනවා.
      -කා(Ka)

      Delete
    5. මම අහලා තියෙන්නේ මෙහෙමයි... ඇම්ඩා ඔලුව එලියට දාලා කිව්වලු "අඩේ ඩොකා, මටත් සිගරත් උගුලක් දියන්කො *ත්තෝ" කියලා...

      ප.ලි. ඇනෝලා මෙතන කක්කා දාන්න එපා... යටින් තියෙනවා මගේම කමෙන්ටුව.. පොඩ්ඩක් තද කරගෙන පහලට ගිහින් එතන කක්කා දාන්න...

      Delete
    6. ඇයි එතතන තෝ ලැට් එකක් හදාගත්තද. බොටත් ඕනේ ඇනෝලා අවුස්සගෙන මාර්කට් වෙන්න.

      Delete
    7. අභීත ගිහින් ඉන්නකොට එළියේ අැම්ඩා කිවිවාලු අර ණයකොගේවන කැරියා ඇවිත් කියලා. එතකොටම අැම්ඩාව ගත්තාලු.

      Delete
    8. එහෙනම් මෙතන එපානම් වරෙල්ල හරහට දාල මුගෙ කටටම රෙන්ඩ..

      ඔය ඇම්ඩ සීන් එක මෙහෙමයි.

      ළමයගෙ ( නමට ) තාත්ත අභියලු. මූ එතන ඉන්නව දැනිල ඇම්ඩ ආවෙ නෑලු උගෙනුත් ණයක් ඉල්ලයි කියල. පස්සෙ ඩොකා අභියට කිව්වලු " අභීත ගිහින් හිඟනෙක්ගෙන් රුපියලක් ගෙනෙක් කෙමක් කරන්න" කියල. මූ ගිහින් ටිකකින් ඇම්ඩ එනවලු ඔළුව එළියට දගෙන "අලූ දියා නේද තුත්තො" කියාගෙන.

      Delete
  4. මගේ පෝස්ට් එකක් නිසා මාතලන් මේ කතාව ලියපු එක ගැන මට හරිම සතුටුයි...අර ඩයලොග් ක්‍රිකට් අවෝඩ් සෙරමොනි එක ගැනත් මොකුත් ලියන්න බැරිද මාතලන්.

    ReplyDelete
    Replies
    1. ඒක මම බුකියේ ෂෙයා කලා හැලපේ.. වීඩීයෝව බැලුවනම් හරි...

      Delete
    2. මචං මම වීඩියෝවනම් බැලුවා. ඒ උනාට උඹ මොනවා හරි ලියපන් බන්.

      Delete
    3. මම අද උදේ වීඩියෝව බලද්දී මතක් වුනේ මාතලන්ව.
      මම හිතුව අද එකට මොකක් හරි දායි කියල.

      Delete
    4. බෝඩ් එකේ සල්ලි අරන් උන්ටම කෙලපු එකට හරි හරියට කැලඹිලාලු ඔන්න.

      Delete
    5. ආ කෑ-කෝ පප්පා. ඔයානම් දෙපාරක්ම වච්චිල් උනා නේද?
      -කා(Ka)

      Delete
    6. මක්කා ලියන්නද බන්... පොඩි කාලේ ඉඳන් පන වගේ ආදරේ කරපු ගේම් එකත් එපා කෙරෙව්වා මේ මූසල හැත්ත...

      Delete
    7. සූර පප්පට, කෑ-කෝ පප්පගේ දෙවරක් වච්චිල් කතන්දරේ පැහැදිලි නෑ වාගේ.

      http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html?showComment=1367505446593#c1121245670098599314
      -කා(Ka)

      Delete
    8. ආ...මේ කරි කායන්න පදුරු තලන්නෙ ඒ දෙකට "ප්‍රීති"දාල කෙලින්න හදද්දී වෙච්ච සන්තැසිය හිංද වෙන්න ඇති.
      ඒ දෙන්නම කිව්ව තෙල් ගෑවිච්ච බැලුම් දාල ඔබන්න එපැයි කියල.

      Delete
  5. සූර පප්පේ, උබෙ ඔය ෆොටෝ කටු ටික දැක්කාම මතක් උනේ මට කැමරා පප්පලා. වෙඩින්එකේ ජෝඩුවට හොඳම රැග් එක දෙනවා. අර විදිහට, මේ විදිහට, එකක් නෙමේ. අපේ අයිලෂ් කැමරා පප්පත් එතනද බං. ඔය බබා චෙක් කොරන්ඩ කියලා, අත දාලා ආතල් එහකට අතගාන්න ගිහින් කෙලවා ගත්තු වෙද පප්පලාත් ඉන්නවා නොවැ. සූර පප්පට නිච්චියක් නැද්ද ඒ වඟක්.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. හරිය නිච්චියක් නෑ.. නිකං කොම්බුවක් වගේ තමයි මතක... මේල් එකක් දාපන්.. උඩ තියෙනවා මේල් ඇඩ්ඩොස් එක...

      Delete
    2. අනේ බං මාව අමාරුවේ දාන්න එපා. මම බොරු කීවේ නෑ. මටත් දැන් ඒකතාව තිබුණ තැනක් නිච්චියක් නෑ. හිටහංකෝ හැකි ඉක්මනිනිං මම සොච් පාරක් දාලා කේලම දෙන්නංකෝ ගානට දිගඇරලා.
      -කා(Ka)

      Delete
  6. මේ බලහන් මඟුල් පොටෝ ගන්න විඳින දුක. මේක මම දැක්කෙ කොළඹදිත් නෙමෙයි තිස්සමහාරාමෙදි.

    ගහ වටේ සෙල්ලම

    ගෑනි සමඟ නැමීම

    ReplyDelete
    Replies
    1. උන්ට පිස්සුද අපට පිස්සුද කියල හිතෙනව බං...

      Delete
    2. මරු පොටෝ දෙක සිංහයෝ.. මේවා තමයි නියම පොටෝ...

      Delete
  7. මචං......කරුනු කාරනා ගනනාවක්ම රසවත් ස්ටයිල් එකෙන් ලියලා තියෙනවා.

    1)මට ආරංචියි දැන් වෙඩින් එකට ඉස්සෙල්ලා මනමාලියි, මේඩ්ස්ලාට ඉන්න කෙල්ලෝ ටිකයි ඩාන්සින් ක්ලාස් යනවලු. වෙඩිං එක දවසට සභාව ඉදිරිපිට මේ සෙට් එක සර්ප-රයිස් ඩාන්ස් එකක් දානවාලු ෆිල්ම් එකක වගේ.මට අරකී වීඩියෝ ක්ලිප් එකකුත් පෙන්නුවා. මෙව්ව ඇත්ත නම් මුන් අධෝ සංසර්ගයත් පුහුනුවෙලා එයි වෙඩිමට පෙර.

    2) ලමයි හිටිය නැති ජෝඩුවකට ටික කාලෙකට පස්සේ ලමයෙක් හම්බවෙලා ගෑනි දෙයියන්ට බාරයක් උනාට පස්සේ. බාරේ ඔප්පු කරන්න ගිහින් , දේවලේ ඉස්සරහ ගෑනි නටනවලු ලමයත් වඩාගෙන"දෙයියෝ දුන්නු බබා..දෙයියෝ දුන්නු බබා.."කිය කිය. මිනිහා බලන් ඉඳලා ඉඳලා මල පැනැලා ,ජුන්ඩා පේන්න සරම උස්සගෙන "බබා දුන්න දෙයියෝ.....බබා දුන්න දෙයියෝ.."කිය කිය නැටුවා කියන්නේ.

    3)"අරූ" ගැන සඳහන් කරාට ස්තූතියි. උඹ කියන තරම් රසවත්ද මන්දා. හැබැයි මම බැන්ද හැටිනම් රසවත්. පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. රසවත් කියුවේ,
      "බබා දුන්න දෙයියෝ.....බබා දුන්න දෙයියෝ..
      -කා(Ka)

      Delete
    2. දැන් මගුලක් කියන්නේ, ඉස්සර මළ මගුලක් කියපුවට.. මට නම් එකම විකාරයක්.. මේ ළඟදිත් මම ඩී ජේට කිව්වා මළදානේ අඩු කරන්නය කියලා.. කතා කරන මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ.. ගෲප් ගහන කොට ඊට හපන්.. ඊට වඩා හොඳයි, ගමේ සංගීතයක් තියෙන දවසට එතන ගත්ත නම්..

      Delete
  8. /* ඔහොම කොහොමෙයි යකෝ බබ්බු හදන්නේ.... හැමදාම රෑටයි...., කුණු කෙල පිටින් උදේටයි... දෙන්නා එක්ක පොර කාපිය කියලා.. ඕන දැන් අරකි බඩින්.. මට බය තියෙන්න මුන් දෙන්නා බබත් අරගෙන අපේ ගේ වටේ යයිද කියලා.. "බාප්පා දුන්න දරුවා..." කිය කියා... */

    ඒ කොළුවා මේක දැක්කොත් හිතනව යකෝ ළමයි නැතුවම හිටියනං හොඳයි කියල... ;)

    ReplyDelete
    Replies
    1. දෙපැත්තෙම නෑයෝ ගොඩාක් ඉන්නවා.. ඒ නිසා අවුලක් නෑ...

      Delete
  9. මාතලන් මල්ලි මං ඔය කතාව අහල තියෙන්නෙ මෙහෙමයි.. ඕං කොල්ලා කකුල් පද්ද පද්ද ඉන්නවළු.. ඩොකා ලොසින්ජරයක් දෙන්නං පුතේ ඕං ගනිං කිවුවම මූ කකුලෙන්ම ඒකත් ගත්තලු.. ඊට පස්සෙ තමයි ඩොකාට මොලේ පෑදුනේ.. "ෂාහ් හරි ලස්සන කෙලි පැටික්කි.. මේ ඇම්ඩන් කොල්ල එලියට එන්න ඉස්සර හංගමු..දැක්කොත් ඉවරයි " කියල රහසින් වගෙ කිවුවළු අහවල් තැනට කට කිට්‍ටු කරල. "කෝ දොක්තල් අංකල් කෙලි පැතියා "කියාගෙන කොල්ල ඔලුව එලියට දැම්මළු .. ආදර්ශය: දැං කාලෙ උන් බඩේදිම වල්වෙනවා
    බොහොම ස්තුතියි පුරසිද්දියට !

    ReplyDelete
    Replies
    1. ඒ නම් ඇම්ඩන් වෙන්න බෑ.. කෙන්ජියා වෙන්න ඇති...

      Delete
  10. හි හි නියමයි ,මන් නම් හිතන් ඉන්නේ වෙඩින් එක ගද්දි වෙඩින් ෆොටෝ ඒකයි උවමනාම ෆොටෝ 3,4 කුයි ගන්න ,,ස්ටෝරි බුක් එකටයි වීඩියෝ එකටයි ,ලොකු වෙඩිමකටයි යන සල්ලි වලින් ලස්සන රටක මාසයක් විතර ඇවිදලා කාලා බීලා ඩිජිටල් කැමරාවෙන් අපිම ෆොටෝ ටිකක් ගන්න..ගෙදර ඇවිත් වින්ඩෝස් මුවි මේකර් එකෙන් සින්දුවක් එහෙම දාලා එඩිට් කරන්ට

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් කළේ... හි හි

      Delete
    2. ඊට පස්සෙ ටී වී චැනල් වලට දුන්නා නම් හරි කීයක් හරි ගෙවලා...

      අපේ කාලේ ඕවා තිබුන නැති නිසා.. මම නෝනගෙන් ඇහුවා අපේ වීඩියෝ එකකුත් දාලා කීයක් හරි හොයා ගමුද කියලා.. කෝ මේ හාමිනේලට ඕවයෙ වටිනාකමක් තේරෙන්නේ නෑ නේ...

      Delete
  11. ඇයි බන් මේහේ මේ ළගදි චීන කැල්ලක් බැන්දා ළමය හ්ම්බුනට පස්සේ..... මාස 4යිලු බාබාට.... මටත් ඉතින් නිකන් ඉන්න බැරි අමාරුවට හොයල බැලුවා මේකට නිදන් කතාවක් තියෙනවද කියලා...... තියෙනවනේ...... බාබා ලැබෙනකන් මේ අම්මා කෙල්ල හිටියලු දන්නා හදුනන කොල්ලෝ ටික පෝලිම් ගස්සල හොප්පිටල් ගෙනියලා DNA ටෙස් එකක් කොරල තාත්තාව හරියට හොයාගන්න.... එකයි වෙඩිම ප්‍රමාද වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හුකැස්............ අවසානෙදි මැලේ අහු උනා........
      මේක කෙන්ජිගේ වැඩක් වෙන්න බෑ..........
      -කා(Ka)

      Delete
    2. අර පප්පලන්තේ එකා කියපු කතාව ඇත්තෙයි... ඒකෙයි උනේ.. නැත්නම් කොහොමෙයි උඹ කතාව දන්නේ...

      Delete
    3. එහෙම එහෙකටවත් අහුවෙනවානම් කොච්චර දෙයක්ද ......... අපිට කොයින්ද රට ටොයිස්

      Delete
    4. මෙච්චර යස නම් තියෙද්දි මෙයා මැලේ රාල කියලා දාගත්තෙ එහෙනං ඕකයි.. හ්ම්ම් ඉක්මනටම භූමිපුත්‍රයෙක් වෙයි වගේ..

      Delete
    5. පිස්සුද බුදු අයියේ..... මැලේසියාවම ලියල දුන්නත් කොනනම් කපන්නෑ ...........

      Delete
    6. උඹ කපාගන්න ඕන නෑ බං. උන් කපාවි. උබට තියෙන්නේ බලන් ඉන්න.
      -කා(Ka)

      Delete
    7. උන් කපන්නත් අනෝ කාක්කෝ මම දෙන්න එපැයි..... මම කියන්නේ මම දෙන්නේ නෑ කියලා

      Delete
  12. මාතලන් ට කියන්න තව ටික කාලෙකින් ලංකාවෙ ඉන්නෙ ඔක්කොම රජවරු. ඇයි දන්නව ද වැඩි හරියක් බබ්බු එලියට ගන්නෙ නැකතට. ඒ ඔක්කොම රාජයෝගලු. ජහමනයා නැත්තටම නැති වෙලා ඔක්කොම රජවරු වුනාමත් හොදයි. ඒත් එකෙක් ඉදලා මෙහෙම නම් ඔක්කොම රජ වුනාම කොහොම හිටී ද? අන්න ඒ අය ද දන්නෙ නැහැ ඔබ දැක්කෙ???????

    ReplyDelete
    Replies
    1. වෙද පප්පේ අරිෂ්ටේ ජුන්ඩක් නැතෙයි. තියෙනවනම් ටිකක් දීහංකෝ. ඔය ලෝඩ් පකීර් වගේ ඉන්න රජාට දෙකක් ඇනල දාන්න.
      -කා(Ka)

      Delete
    2. ඔක්කොම රජ උනාම මේ ප්‍රශ් නැහැ වේද මහත්තය.
      එකෙක් දැහැ හැමින්නෙන් රජ කොරොන එක නොවැ අර්බුදේ.

      Delete
    3. දවසේ කතන්දරේ වෙද මහත්තයෝ.. සහතික ඇත්ත.. ඕන් එතකොට නම්... අපි ඔක්කොම රජවරු සින්දුව වෙනස් කරන්න වෙනවා.. ඇයි ඒකේ වැසියෝ කියලා කෑල්ලකුත් තියෙනවනේ...

      Delete
  13. ආමි කාරයො පැදුරු පෑගුවාම ත් ළමයි හම්බවෙන එක හරි ඇති.
    ඉස්ස‍ර අපේ ගෙවල් අහල පහල ගෑල්ළමයි ඉන්න ගෙවල් වල රෙදි වැලවල් ලග ආච්චිලව,බෙඩ් ෂිට් වේලෙනකන් තියල තිබුනෙ මේකට වෙන්න ඇති කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. උඹ ආමී එකේ හිටියේ නෑ නේ....

      Delete
  14. ජප්පො 90 ගණන්වල මම දැකල තියෙනව ලොකු ළමයි ඉද්දි වෙඩිම අරන්,ළමයි දෙපැත්තෙ තියන් ගත්ත වෙඩින් පිංතුරේ ගෙදර තියන් වර්ණනා කරන අපුරුව.
    හැබැයි එයාලගෙ ළමයි එහෙම නැහැ.20 සෙන් පස්සෙ ගෙදරින් වෙන් වෙලා කොල්ල එක්ක එකට ඉන්න ගමන් FB එකට හලනවනේ,
    එක ගෙදර වලදන හැටි.

    ReplyDelete
    Replies
    1. චීයා කැතායි...

      සමහර පොඩි උන් අඬනවලු, අම්මලගේ වෙඩින් පොටෝ එකේ උන් නෑ කියලා.. ජපානේ එහම අවුලක් නැතුව ඇති.. අපේ පොඩි එකත් ඇහුවා...

      Delete
  15. බාප්ප දුන්න දරුව නෙ

    ReplyDelete
  16. අදනං මාතලන් උපහාසේ වෑහෙනවා. කොහොමිං හරි ආමි කතාවක් කියල විචාරකයවත් අමාරුවේ දැම්ම නේද? අද මේ වෙඩින් විකාරෙට වැය කරන සල්ලි දැක්කාම පිස්සු හැදෙනවා. බාප්පගේ ළමය කෑල්ලත් මරුම තමා.

    ReplyDelete
    Replies
    1. Vicharaka thawa davas 2-3 ka ta newatha anne nethivei. kalin post ake pora ano akka anagena thibune. vicharakata pau.

      Delete
    2. ඇනෝලා කිව්වා වගේ විචාරක මහත්තයා නම් ආවේ නෑ...

      Delete
  17. මමත් වෙඩින්ග් එකක් ඕගනයිස් කලා ඉවෙන්ට් මැනේජර් කෙනෙක් විදිහට.. ඉවර වෙච්ච ගමන් කුණු බැණුම් මානමාලිගෙන් අන්දපු එකා කොන්ඩෙ හරියට දැම්මේ නෑ.. හරියට ඇන්දුවේ නෑ කියලා... දැන් මම මනමාලිගේ කේස් ටික එයාලට කර ගන්න කියලා අනිත් ටික විතරයි කරලා දෙන්නේ...

    කොහොමත් බදින උන්ට මම දෙන අවවාදය මේකයි.. පුලුවන් තරම් චාමෙට මගුල කරපල්ලා... ෆොටෝ ඇල්බම් එකටයි රත්තරන් බඩු ටිකටයි විතරක් වියදම් කරලා වැඩේ කරපල්ලා... ජීවිතේ එක වරදින තැනක් තමයි තමන් හම්බ කරපු හැම සතේම වියදම් කරලා මගුලක් ගන්න එක.. ජීවිතේ කොණක ඉදලා ආයෙත් පටන් ගන්න වෙනවා.. ඒ නිසා තව පාරක් හිතපල්ලා...

    මමත් ලිව්වා.. මගේ වෙඩිම ගැන ලිපි තුනක්ම.. ලින්ක් හොයන්න කම්මෙලියි.. හොයාගෙන බලහල්ලා..

    ReplyDelete
    Replies
    1. uba indikage salli dunada kiyapanko.aththama kiyapan-Ka (Ka)

      Delete
    2. ඕක සල්ලි ගන්නවා විතරයි. ආයේ දෙන්නේ නෑ.

      Delete
    3. එහෙම බෑ... හොඳ නමක් හදා ගන්න ඕන.. ඊට පස්සෙ ලස්සනම ලස්සන කෙල්ලෙක්, යකෙක් විදියට ඇන්දුවත්.. ෂා මාරයි නේ කියනවා.. ඕවට ගැලපෙන අළුත් නම් තියෙනවා..

      Delete
  18. මේ ලඟදී මගෙ යාළුවෙක් වෙඩින් රිහර්සල් එකකටත් ගියා නෙව...
    ඌට අප්සෙට් හනිමූන් රිහර්සල් එකක් තිබ්බෙ නෑ කියලා :-)

    ReplyDelete
    Replies
    1. ඉතින් එදාම යන්න තිබුනා නේ.. නැත්නම් කොම්ප්ලීට් නැහැ කියලා...

      Delete
  19. මොනව යකෝ දොරට යටින් ලේ ගලාගෙන ආවලු. ෂුවර්ද මිනී මැරුමක් නෙවෙයි කියලා?

    මාතලන්, මෙහෙනම් ඕක සාමාන්‍ය කේස් එකක්. මේ ගිය අවුරුද්ද්දෙත් අපේ ලයිබ්‍රේරියන් කෙල්ල බැන්දේ බබා ලැබුනට පස්සේ. බබා බඩේ ඉන්දැද්දි වෙඩිං ගන්න හොඳ නැති නිසා බබා ලැබෙනකල් හිටියා බඳින්න.

    ReplyDelete
    Replies
    1. එහේත් එහෙමද... මෙහෙත් එහෙමයි...

      Delete
  20. අනේ අම්මෝ මමනම් අම්මයි තාත්තයි උඹල ලමයි හදන් නැද්ද කියල බෙල්ල මිරිකුවත් බැදල අවුරුදු 2ක් 3ක් යනකන් ළමයි හදන්නෑ...හනිමුන් එකේදිම බඩ කරන් ඇවිත් බැන්දට පස්සෙත් හස්ත කර්මාන්තයේ යෙදෙන්නයෑ... :D

    "පස් මාසේ... උරේ කත්වා..." හිකිස් :D

    ReplyDelete
    Replies
    1. පොරකන වෙලාවට ඕවා මතක් වෙන්නේ නෑ.. මිස් ෆයර් කේස් එකසිය ගානට...

      Delete
  21. හික් හික් ,,මෙහෙමත් ඒවා...මරු මරු

    ReplyDelete
  22. ඒ කියන්නේ අර කැඩුනු බිදුනු පෙට්ටි ආයේ හරි ගස්සන බිස්නස් එකටත් කෙල වෙන්න යන්නේ,,අපරාදෙ ඩොකාලා ලක්ශෙ ගානේ කැඩුවා,,පෙට්ටි ආයේ හරි ගස්සන්න...
    ලගදී ළමා රෝහලේ නර්ස් ලා අලුත විවාහ උනු ජෝඩුවකට තෑගි දුන්නෙ එයාලගෙ බබාව,පොටෝ එකත් එක්ක පත්තරේ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. ළමා රෝහලේ බබාලා හම්බ වෙන්නෙ නෑ බං. ඒ කාසල් ඉස්පිටිතාලේ...

      Delete
  23. //ඒ අස්සේ ෆොටෝ සූටින්ද මොකක්දෝ එකකටත් යනවා. දැන් මල් වත්තකට, ගෝල්පේස් එකට, නිදහස් චතුරස්‍රෙට තියා පන්සලකටවත් යන්න නෑ.. පොටෝ සූටින්. හරියට සිකුරුලියා සෝ එක හදනවා වගේ. ඉස්ටෝරී බුක් එකට.. ඒ අස්සේ වීඩියෝ එකකුත් කරනවා. මනමාලිට කාක්කෝ පෙන්නනවා. මනමාලයා ස්ලෝ මොසන් දුවනවා. මනමාලී ඌ පස්සෙ දුවනවා. ඊට පස්සෙ මනමාලි පස්සෙ මනමාලයා දුවනවා.//

    කියලා වැඩක් නෑ හී හී....
    අපි නම් දිව්වේ යුරෝපේ වටේ...

    අද කතාවේ රස වැක්කෙරනවා උපහාසෙත් එක්කම.:)

    ReplyDelete
    Replies
    1. ම්.......... ඕජස් මගේ මොනිටරයෙන් පහලටත් වැටුනා.

      Delete
    2. යුරෝපෙත් ස්ලෝ මෝසන් දිව්වැයි...

      Delete
  24. මමත් අහලා තියෙන්නේ...

    *ත්තෝ.... ගාන තිකලත් එකක් මතත් දීලා ගාපිය *කෝ කියව්වා කියලා ඔලුව එලියට දාලා... :D

    ReplyDelete
    Replies
    1. එලියට ආවම කිව්වේ එහෙම තමයිලු...

      Delete
  25. තව ටික කාලයක් යද්දී බැඳලා සති දෙකෙන් බබා හම්බ වෙයි මේ දියුණු වෙන ලෝකේ ඔව්වත් වැඩද????? හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බබා එළියේ හදන්න නේ දැන් සයන්ටිස්ලා ට්‍රයි එක දෙන්නේ...

      Delete
  26. ඉතින් බන් ඕකට මඟුල එනකම් පෙරුම් පුර පුර බලාගෙන ඉන්න ඕනෑය කියලා හිතනවා ඇති බං...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි වැදගත් පවුල් වල නොවුනම.. අනේ අපි නම් එහෙම නෑ..

      Delete
  27. කෝ මේ විකාරද පප්පා,
    වැලිවේරිය සීන් එක ගැන ගමේ දෙතුන්දෙනෙක්ගෙන් කටවුත්තර ගන්න කියලා හමුදාවට අල්ලලා දෙන්න ගිහින්වත්ද?
    පප්පාගමේ වෙන දේවල්.
    දැන් මගේ පංතියේ ජීවත්වෙන එකම පිංපියා මම විතරයි.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ හාමුදුරුවෝ වැඩි කල් යන්න කලින් වාහනෙකට හැප්පිලා යරි නිවන් යයි..

      Delete
  28. හපොයි වෙඩිං කැමරා කරනව කියල දැං කරන විකාරනං කියල වැඩක් නෑ. මගුලට යන වියදමට වැඩිය යනව ඇල්බම් එකට.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් ඉන්නවා ඇල්බම් හදලම කෝටි පතියෙක් උන.. බොහොම පොඩියට පටන් ගත්තේ..

      Delete
  29. මඟුලට විතරක් නෙමේ සූර පප්පේ, අවමඟුලටත් ඇල්බම් හදනවා නොවැ. ඥාති පප්පලා, පප්පිලා පොලිමට අඬ අඬා ෆොටෝ ගන්නවා නොවැ. බැරිවෙලාවත් අවමඟුලට සහභාගි උනේ නෑ කියලා කවුරුහරි කීවෝත් පෙන්නන්න, ඒ ඒ අයත් ෆොටෝ කටුවක් ගන්නවා නොවැ ආයුබෝවන්. මැරෙනකන් වයසක උන්දෑ එක්ක ෆොටෝ එකකට එන්න බැරිවුන එවුන්, මිනිය ලඟ වැඳවැටෙන හැටි. අම්මපා ඇඬෙනවා සූර පප්පේ.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. මගුල් වලට එහා විකාරයක් තමයි අවමගුල්..

      Delete
  30. //"කව්ත චෝ මතේ... තූතී කකුල පුත්තපු කැලියා..."//

    මං නං ඕක අහලා තියෙන්නේ මෙහෙම

    '' තව්ද යතෝ බබාදේ අම්මිදේ තුත්ත දාව තිතලත් බොන්දේ''

    ReplyDelete
    Replies
    1. හරිම නරකයි! :-)

      Delete
    2. ඇම්ඩා නෙමෙයිලු එහෙම ඇහුවේ.. එහෙම ඇහුවේ අටමය කියලා ගොඩක් උන් කියන්නේ..

      Delete
  31. නූතන ජන කතා මාලාවක් වෙන ඇම්ඩ පප්පා ගැන පොතක් තියෙනවා බං.
    මෙන්න මේක ජුන්ඩක් බලහංකෝ,
    http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13097:2011-11-24-11-43-42&Itemid=112
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. මේ පොත අවුට් වෙලා ගොඩක් කල්.. කියවන්න හම්බ උනේ නෑ. පොතක් කියවපු කාලයක් මතක නෑ... මේ බ්ලොග් කෙරුවාව නිසා...

      Delete
  32. ඇති පුතා ලජ්ජා පැත්තකින් තියලා කිව්වා. නැත්තම් තාම දේවාල පස්සේ....

    ReplyDelete
    Replies
    1. ඌ කිව්වේ නෑ.. මම බලෙන් අහ ගත්තා....

      Delete
  33. ෂාහ්, නූතන පරම්පරාවේ වේදීන් ගත්ත අපිට ටොක්කක් අනින ගමන්ම මාතලන් අයියා ඇම්ඩන්ගේ කතා සරිත් සාගරේ කලම්බන්න වගේ යන්නේ...

    ඔය ඉන්නේ වේලාසන හනිමුන් ගිය ඇම්ඩලගේ පැටවූ තමා.. ඒකනේ හැමදේම වේලාසන දන්නේ...

    ReplyDelete
    Replies
    1. හැබෑවක්ද ඔබ මේ කියන්නේ?
      ඒතෙකාට ඔය පරක්කුවෙලා එන්නේ ඇම්ඩගේ අම්මා-තාත්තගේ පැටවුද? ඇම්ඩත් වෙලාවට එළියට එන්නේ නැතිව කෙකරගගා හිටියා.

      Delete
    2. මටත් හිතෙනවා ඒක නම්...

      Delete
  34. අදයි කියෙව්වේ ,
    මං කුණුහරුප දන්නේ නැති නිසා මේක කියවද්දී ලැජ්ජයි වගේ .

    ReplyDelete
    Replies
    1. ෂා..... ෂා....... ෂා........ සොරිම වෙන්න ඕන.. පතිවත නැති උනානම් හෙම...

      Delete
  35. අපොයි මේක කියවලා ගොඩක් දවසක් වුනා. කොමෙන්ට් කොරන්න බෑරිව , ඒකටත් එක්ක අද දවාලේ වෑඩ කරන ගමන් ආවා අයියන්ඩිගෙ බ්ලොග් එක පෑත්තට ,,,,ඒ වෙලාවෙම අපේ සර්කාරයා ඈවිත් ඉල්ලුවනෙ මෑශින් එක ,,,, ලෑජ්ජාවේ බෑ , වෑඩි හරියක්ම ඒකගෙ පෑණි හිනවට කටවුත්තර නෑතිඋනා නොවෑ

    ReplyDelete
  36. වෑදගත් මාතෘකාවක් කතා කරලා තියෙන්නෙ, මමත් වෙඩින් එක ජනවාරි දිහාට ගන්නයි හිතන් ඉන්නෙ.මම හිතුවෙ රෙජිස්ටර් කරලා යාළුවන්ට පටියක් දෙන්ඩ, මගුල් පෝරු නෑති ,දෙවනි මනමාලියෝ නෑති, පුංචි පාටියක් විතරක්, ඒත් ඒකට අම්මගෙ පාර්ශවයෙන් දෑඩි විරොදය,,,

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියන්නේ ඕකයි.. මේ දරුවන්ට බැනලා වැඩක් නෑ. අපේ ජැනරේසොන් එකේ දෙමව්පියන්ට තමයි පිස්සු...

      Delete
  37. හප්පේ කාලෙකට පස්සේ මාතලන්ගේ බ්ලොග් එකට ගොඩ වුනේ.

    ගෙදර ඉන්ටනෙට් එකට බඩු වී ඇත.
    ඔෆිසියේ ඉන්ටනෙට් එකෙන් මාතලන්ගේ බ්ලොග් එකට එන්නට ඉඩ නොදේ.Kaspersky error එකක් පැමිණේ.

    මේකනම් පට්ට.අපි පොඩි අය නිසා වැඩිය මේවා අහලා නැහැ අයිබෝවන්...:D

    ReplyDelete
    Replies
    1. පොඩි අය වැඩට යනවා කිව්වේ.... බබාලන්තෙද....?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න