.

.

Sep 3, 2013

ගූ චන්ඩි හා නවී පිල්ලේ - Navi Pillai & Fake Thugs


Cartoon by - Awantha Atigala
 
අපි පොඩි කාළේ, කැළණියෙත්, ඔය මුඩුක්කු වගේ පොඩි වතු දෙක තුනක්ම තිබුනේය. ඔය මගේ කතා වල එන "මහතුවා නොහොත් මහතුං" උන්නේද එයින් එක වත්තකය. ඔය වතු වලට වෙන් වෙච්චි චන්ඩියෙක් වෙනම ඉන්නවාය. වත්ත රන් කරන්නේ පොරය. තොරණ හංදියට උන්න චන්ඩියා පොඩ්ඩෙ අයියාය. එයාට කලින් චන්ඩියා වෙලා උන්නේ, සැන් පෝල්ස් එක ඉස්සරහ පොඩි වලව්වක උන්න අල්ගමයාය. අල්ගමගේ පුත්තු සැට් එකෙන්, බාලම් එකා ඇර අනික් ඔක්කෝම නිවන් යැව්වේත්, වෙනත් චන්ඩීන්ය. ඔය මහතුවාගේ වත්තේ ඉන්න චන්ඩියාට අපි කිව්වේ "ගූ චන්ඩියා" කියාය.


මොකෝ, ඌ නියම චන්ඩියෙක් වත්තට ආපු ගමන්, වෙලට පැනලා හැංගෙන නිසාය. එක සැරයක් පොලීසියෙන් හොයපු වෙලාවේ, මූ අහු උනේ, වෙලේ බිස්ස අස්සේ හැංගිලා ඉඳලා පොලෝසියේ එකෙකුට පෑගුන නිසාය. එදා නම් මූ අම්බානක කෑවේය. අපේ අම්මා කොස්සන්ට කෑ ගහපු නිසා, අපේ වත්ත මැද්දෙන් යන කොට පොලිස් උත්තමාචාර නැවතුන නමුත්, වත්ත පැන්න ගමන් ආයෙත් නොඅඩුවම සංග්‍රහ සත්කාර නම් අඩුවක් නැතුවම ලැබුනේය.

ඌ වගේ උන්ට ගූ චන්ඩි කිව්වේ. නියම චන්ඩි නම්, ඕන ගේමකට ඔට්ටු ඒවුන් නිසාය. නියම චන්ඩියා පොලීසිය එක්කත් ගේමම ඉල්ලුවේය. බෝම්බ පිස්තෝල නැති ඒ කාලේ, හිටපු ගමන් හොඳ ගුස්ති පාරවල් හංදියේ ගියා තවමත් මතකය. ඉඳ හිටලා කඩු පයිට්ද ගියේය. පෙත්තේ පෙති කැපුවත්, ආයෙත් ඇවිත් ගේමෙම උන්නේය. ගේම මග ඇරලා ගියේ නැත. අන්තරස්දාන උනෙත් නැත. හැංගුනෙත් නැත. වලිය යනකොට දෙන කුණුහබ්බ සෙට් එක වෙනස් උනෙත් නැත. හැබයි චන්ඩි ඔක්කෝම නෝන්ඩිම වෙලා ගියේ ජෙප්පන්ගේ ගල් කටස් එකටමය.

නවී පිල්ලේ ඇවිත් ගියේය. බලෙන් ආවේ නැතිය. එන්නට කියපු නිසා ආවේය. ඕනම තැනක යන්නත් දුන්නේය. එයා ආවොත් හරි, ගෙන්නුවොත් හරි මරාගෙන මැරෙනවා කියපු එකෙක්වත් උන්නේ නැතිය. සමහර විට නවී පිල්ලේ දෙන වාර්ථාවේ අතුරුදන් උන්ගේ ලයිස්තුවට, පචවංශලාගේ, රණවකලාගේ, දත් දොසතරලාගේ, නානසාරලාගේ, නලීන් ද සිල්වලාගේ නම්ද ඇතුලත්ව තිබුනොත් කළබල වෙන්න ඕනා නැතිය. මොකෝ මේ "ගූ චන්ඩි" ඔක්කෝම උන්නේ හැංගිලා නිසාය.

නවී පිල්ලේ ආවේ මානුෂික අයිතිවාසිකම් රැකෙනවාද කියලා හොයන්නය. උතුරේ අළුත් තත්වය මොකක්ද කියලා හොයන්නය. එහෙම ඇවිල්ලා අන්තිමට දීපූ රිපෝට් එකේ අළුතෙන් දෙයක් ඇත්තේත් නැත. ඒ කියන ඔක්කෝම කත්තන්දර අපි එදා ඉඳන් අද දක්වාම කියන කතාය. ඒ උනාට නොම්මර එකේ "පාන්කඩ චන්ඩි" දෙන්නෙක් වන කෙහෙලියයි, ෆොරින් පිරීසුයි නම් ආඥාදයකත්ව කතාවට අප්සට් ගිහිල්ලාය. එයාලා කියන්නේ එහෙම එකක් නෑ කියලාය. එයාලා එහෙම කියන්නේ, එයාලාගේ පුරුෂ ශක්තිය මෙව්වා වෙන එකත් අඥාදායකත්වයෙන් අයින් කර, බොහෝ කල් නිසාය.

අපි මෙච්චර කල් ඕකට කිව්වේ එකාධිපතීත්වය කියාය. නවී පිල්ලේ කිව්වේ ආඥාදයකත්වයක් වෙත ගමන් කරමින් තිබෙනවා කියාය. එයාට ගේම හරියට තේරෙන්නේත් නැතිය. අපේ උන් එකාධිපති පාළණයක ආතල් එක ගන්නේ 1978 පමණ ඈත අතීතයේ ඉඳලාය. දැන් තියෙන්නේ ඒකේ හොඳම එකය. ඉස්සර උන්නේ එකාධිපතියෙක් පමණි. ඌට හෝ ඒකිට තිබුනේ එක හස්තයක් පමණි. දැන් ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමේ කාළ සීමාවකින් තොරව බුක්ති විඳින්නට ගෙම් ගසා ගත්, මහ රජ කෙනෙක්ය. ඒ පාළණය බූවලූ පාළනයක්ය. ආයේ එකෙකුටවත් කිසිම දෙයක් කරන්න බැරිය. එහෙම කරන්න පුළුවන් එකෙකුත් ඇත්තේ නැතිය.

අනෙක් කාරණේ සංවර්ධණය ජනතාවට ලැබී නෑ කියන එකය. ඒකත් අපි එදා ඉඳලාම කියන්නේය. ඔය පාරවල් හැදුවාට, කාපට් දැම්මාට, පාලම් හැදුවාට, ඉස්පිරිතාල හැදුවාට වැඩක් නැත. ඒ මිනිස්සුන්ගේ රිදුනු සිත හදන්න ඕනාය. ඒකට ඒ මිනිස්සු ආර්ථික අතින් ශක්තිමත් කරන්න ඕනාය. හමුදා කඳවුරු වලට සීමා කරන්න ඕනාය. එහෙම නැතුව, දකුණේ උන්ට ට්‍රිප් යන්නයි, ආතල් ගන්නයි උතුරක් හැදුවාට වැඩක් නැතිය. එහෙම දැනෙන දෙයක් මිනිස්සුන්ට වෙලා තියෙනවානම්, ඒ මිනිස්සු ලක්ෂ ගනන් ගෙවා දරු පවුල් පිටින් බෝට්ටු වල එල්ලෙන්නේ නැතිය.

පිල්ලේගෙන් බැලන්ස් රිපෝර්ට් ඉල්ලන එක, ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ සීන් එකක්ය. නමුත් පිල්ලෙලා ඉන්නේ තුන් වන ළෝකයේ ආන්ඩු ආරක්ෂා කිරීමට නොවේය. ඒවාට ගෙම් අදින්නටමය. එයාට ඇමරිකාවේ උන් එංගලන්තයේ උන් ජරමනියෙ උන් ප්‍රංශයේ උන් කඩන මානුෂික අයිතිවාසිකම් පේන්නේම නැතිය. ඇෆගනිස්තානයේ, ඉරාකයේ, ලිබියාවේ සහ අද සිරියාවේ මැරෙණ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පේන්නේම නැතිය. ඒ නිසා එකෙක්වත් නවී පිල්ලෙලාට බය වෙන්න ඕනා නැතිය. ඒව ප්‍රශ්ණ කරන්න කොන්දක් තියෙන එක ජඩ මද්දියවේදියෙක්, ආන්ඩුවේත් සිටියේ නැත.

"යුද්ද කරන කොට මිනිස්සු මැරෙනවා තමයි යකෝ..." කිව්වා නම්, ඔක්කෝම අහවරය. ගරිල්ලා ගේම් යනකොට, ගරිල්ලා මොකාද අහිංසක එකා මොකාද කියා හොයා ගන්න මැෂින්, නාසා එකේ තියා එකසත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමත් තාම නිශ්පාදනය කරලා නොමැතිය. ඒ නිසා ත්‍රස්ත්වාදෙන් ගේම දෙන්න ආපු එකාට, ත්‍රස්තවාදෙන්ම ගේම දීලා අහවර කරලා දැම්මා තමයි යකෝ කිව්වා නම් අහකය. මේ ඔක්කෝම සීන් යන්නේ ඇත්ත කතා කොරන්න බය නිසාය. ඔස්ට්‍රේලියාවෙන් ආපු යුධ විෂේශඥයා කිව්වේත්, දීලා තියෙන්නේ නියම ගේමක් නිසා, බය නැතිව ඇත්ත කියන්න කියලාය.

ඒ ගේම් කෙසේ වෙතත්. වනචාරි දේශපාළඥයන් සිටින බව නම් ළෝකයම දැනගත්තේ සිල්වාගේ බලු කතාව නිසාය. අතුරුදහන් කරන්න ඕන එකා අතුරුදහන් නොකර, අනික් "ගූ චංඩි" ටික බලෙන්ම හැන්ගිලා කර ගත්තේ නම් ගොන්ම ගොන් වැඩක්ය. හෙළුපාල සමාව ගත්තේ නැත්නම්, මුළු රටම වනචරයන්ගේ රටක් බවටත් වාර්ථාවේ එන්න ඉඩ තිබුනේය. කොහොම නමුත්, පිල්ලේ නැති තැනවල මයික් කන දේශප්‍රේමය වපුරන, බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ කැවුතු කන්න හොයන චන්ඩින්ට නම් කියන්න තියෙන්නේ. "ඔහේලා, සිංහල කමටත් එක්ක නෝන්ඩී... ගූම ගූ චන්ඩි, විතරයි කියලාය.

ඉත්තෑපානේ හාමුදුරුවෝ පෙලපාලියකින් ආවේ මානුෂික අයිතිවාසිකම් රකින එක, වැරද්දක් නිසාද කියා නම් කියන්නට දන්නේ නැතිය. කොහොමත් එයාලාට මිනිස් අයිතිවාසිකම් වලට වඩා හරක් අයිතිවාසිකම් නම් ලොකු බව දැන් කවුරුත් දන්නවාය.

94 comments:

  1. "යුද්ද කරන කොට මිනිස්සු මැරෙනවා තමයි යකෝ..." කියන්න බැරිවුනා වගේම තමුන්ගෙ රටට ආපු පිල්ලෙට දියයුතු ගෞරවය දුන්නෙ නෑ කියලයි මගේ තර්කය. අන්තර්ජාතික ගේම් ඇ‍ෙඟෙන් ගහන්න පුළුවන් කියල හිතන මර්වින් සිල්වල විමල් වීරවංසල වගේම උන් ඉස්සරහට දාන ලොක්කටත් පිස්සුද? මම අහගෙන ඊයෙ ජීඑල් පීරිස් සහ ඊට කලින් තවත් උදවිය කියනව රටේ ජනාධිපති කවුද කියල තීරණය කරන්නෙ තමුන්ගෙ ජනතාවය ඒක බටහිරයන්ට කරන්න දෙන්න බෑ ය කියල.

    මට පේන විදියට නං මෙතන සිද්ධවෙන්නෙ පිල්ලෙට සාර්ථකව මුහුණදෙන්න බැරිකම නෙවේ. මොකද උඹලට අපිට තේරෙන දේවල් ඊට වඩා උගත් බුද්ධිමත් උපදේශකයන් තියාගෙන ඉන්න මිනිස්සුන්ට නෙතේරෙන්න හේතුවක් නෑ. සිද්ධ වෙන්නෙ හතුරෙක් නැති ජහමනයට හතුරෙක් පෙන්නන්න ඕන කරන වෙලාවක පිල්ලෙ ආව. දැං බලන්නෙ පිල්ලෙගෙනුත් වැඩගන්න.

    ReplyDelete
    Replies
    1. එයාට විශේෂ ගෞරවයක් කරන්න ඕන නෑ.. නමුත් අර සිල්වා කරපු සක්කිලි වැඩේ නම් අනුමත කරන්න බෑ.. ඌ ඇමතියෙක් නේ.. හොඳ වෙලාවට හුලං විදුලියේ බල්ලා බුරන එක ඇහුනේ නැත්තේ... කොහොම සක්කිලි රටක්ද කියලා තේරෙනවා උදේ පාන්දර බල්ලගෙ කතා ටික ඇහුවම..

      Delete
    2. // හතුරෙක් නැති ජහමනයට හතුරෙක් පෙන්නන්න ඕන කරන වෙලාවක පිල්ලෙ ආව. දැං බලන්නෙ පිල්ලෙගෙනුත් වැඩගන්න.//
      රාජ් කියන මේක තමයි දැන් සිද්ධ වෙන්නේ...

      ""බෞද්ධ කොඩිය ගැනත් පිල්ලේ ප්‍රශ්න කරයි""කියලා නිවුස් නොවැ දැන් පත්තර වල යන්නේ....

      Delete
    3. නැති හතුරෝ මවලා දෙයි ඔය ගූ චන්ඩි.. මොකක් හරි නැත්නම්, ආසනික් එක්ක හරි ගේම ඉල්ලයි.. ඒ ගැන නම් අවුලක් තියා ගන්න එපා.. අපේ උනුත් ලණු කන දෙවිවරුනේ...

      Delete
    4. විශේෂ ගෞරවයක් නෙවේ, යම් නියෝජිතයෙකු සම්බන්ධයෙන් තිබියයුතු අපේ රාජතාන්ත්‍රික භාවය ගැන මම කිව්වෙ. මර්වින් නං කමක් නෑ කියමු. ජීඑල් පවා කිව්වෙ ඒ වගේ කතා තමයි. ඒකයි මම කිව්වෙ මේක නොදැනීම නෙවේ කපටිකම කියල

      Delete
    5. මෙහෙ ආවහම සලකන්නෙ නැති නිසා තමා ඒ පැත්තෙ ගියාම මහ රජා වේලෙන්නෙ. බලපං ඒකට රනිල් මාමාට තියෙන සැලිකිලි.

      Delete
  2. ඇත්තටම සිල්වා, අමරසේකර, නානසාර, වීර සංගිලි වගේ පුරුෂ පඳයේ අය මිස කාන්තාවෝ මේ ජාතිය බේරා ගන්න වැඩවලට ඉදිරිපත් නොවෙන්නේ ඇයි?

    දරුවන් හතර දෙනා ගානේ හදන එක ගැනත් මේ ගෑණු කිසිම කතාබහක් නෑ නොවැ!

    පුරුෂ ශක්තියේ අඩුවීමක් ගැනත් කාලෙකට ඉස්සර ලුෂන් බුලත්සිංහල සින්දුවකින් කිව්වා. (ලින්ක් එක පසුව දාන්නම්)

    ReplyDelete
    Replies
    1. ගෑණු කොහොමත් තව ගෑණියෙකුට ඉරිසියා කරනවයි කියලා කතාවක් තියෙනවනේ.. කොහොමත් මිනිස්සු ගැන කතා කරන්න මුළු ලංකාවටම ඉන්නේ එකම එක ගෑණියයි.. "නිමල්කා ප්‍රනාන්දු"

      Delete
    2. ඇයි අනේ රෝසි අක්කා. එයා නරකද. එතකොට පබා, ඒ මනුස්සය ඡන්ද දායකයො ලක්‍ෂ කීයක හඬද. මිනිස්සු ගැන විතරද, ඌරො ගැනත් කතාකරන්නෙ.

      Delete
    3. OYAGE WEDE ITHIN LINK DANA EKAMA THAMA

      Delete
    4. කාකාට දැන් පාළු ඇති

      Delete
  3. ඔය මිනිස්සු රට කරන්නෙත් ඔහොමම තමා.වගකීමක් අරගෙන වැඩක් හරියට කරන්න දන්නා වුන් නෙමේ.නිකන් ෂෝ විතරයි ...

    ReplyDelete
    Replies
    1. යුද්දෙ ඇර අනික් ඔක්කෝම ඇදගෙන නානවා...

      Delete
  4. මහින්ද ගහන්නේ කාටවත් හිතා ගන්න පුළුවන් ගේම් නෙවෙයි මචන්.. මේ ගේම් එක නම් පොර ගැහුවෙ 50-50 තියාගෙන.. මොන මල ඉලව්ව ආවත් ඌ දන්නවා විසදුමක් කෙසේ වෙතත් මැච් එකක් ගහලා ගේම ගොඩ දාන්න.. ඉතින් නචී නෙවෙයි බැරැක් ඔබාමා නෙවෙයි, ශක්‍ර දේවේන්ද්‍රයා ආවත් ඔච්චරයි...

    ReplyDelete
    Replies
    1. එයාගේ ගේම් ගැන නෝ කතා.. නමුත් ගේම් වලින්ම ගෙනියන්න බෑ කියලා දැනවත් තේරුම් ගන්නවා නම් හොඳයි...

      Delete
    2. අභීත ගහන්නේත් කාටවත් හිතා ගන්න පුළුවන් ගේම් නෙවෙයි මචන්..

      Delete
  5. “අනෙක් කාරණේ සංවර්ධණය ජනතාවට ලැබී නෑ කියන එකය. ඒකත් අපි එදා ඉඳලාම කියන්නේය. ඔය පාරවල් හැදුවාට, කාපට් දැම්මාට, පාලම් හැදුවාට, ඉස්පිරිතාල හැදුවාට වැඩක් නැත. ඒ මිනිස්සුන්ගේ රිදුනු සිත හදන්න ඕනාය. ඒකට ඒ මිනිස්සු ආර්ථික අතින් ශක්තිමත් කරන්න ඕනාය. හමුදා කඳවුරු වලට සීමා කරන්න ඕනාය.“

    මාතලං දැන් TNA එකේ වැඩට යන්නේ, රනිල් දිනන පාටක් නැහැ කියලා අවසානෙදී හරි තේරුම් ගත්ත නිසාද?

    ReplyDelete
    Replies
    1. එතකොට ගෝඨාභය මහත්තයයි ආන්ඩුවයි දෙකමත් ටී ඇන් ඒ එකට කඩේ යන එකද කරන්නේ...

      Delete
  6. පිල්ලේ නෝනා ආවේ මර්වියා බදින්න කියල හිතන තරං ඌ “වල් සතෙක්“ උනේ අපේ මහරජාගේ ආස්චර්යෙයන් තමා.. (පව් එයා සමාවත් ගත්ත කියන්නේ)

    ReplyDelete
    Replies
    1. මූ ගොනෙක් කියලා හිතාගෙන හිටියට දැන් නම් පේන්නේ බූරුවෙක් වගේ...

      Delete
    2. @ දේශකයා

      මටත් තියන මාර ප්‍රශ්නෙ තමයි,රාජ්‍ය නායකයා විදියට තමන්ට අන්තර්ජාතික චරිතයකින් සමාව ගන්න සිද්ධ වෙන තරම් වන තකතීරු කතාවක් කියලත් මැරවින් කාරයව මේ තරම් හුරතල් කරන්න මහරජාට තියන කැක්කුම මොකද්ද කියන එක...

      Delete
    3. @ මාතලන්
      “මූ“ කිව්වෙ මැරවින්ටද එහෙම නැත්තං.....?

      Delete
    4. මං හිතන්නේ අර පදුරු දේශකයට.. හැක් හැක්..

      Delete
    5. මහා වංශයට විද්‍යුත් ටීටාවක්, අම්මපා ජැකාට ඔය මර්වියාව ගැන කියන්න දෙයක් නැති උනානේ. සිංහල වංශ කතාවේ අන්තිම රාජ පකීර්.
      -කා(Ka)

      Delete
    6. පොලිසියට එකතු වෙලා බන්දන්නයි තිබුණේ :-)

      Delete
    7. ඇත්තමයි දිලිණි !!!!!!

      Delete
  7. 'පිල්ලේ ආවා ගියා දැන් ඉතින් අපේ වැඩ ආයෙත් පටන් ගමු' කියන මානසිකත්වයේ තමයි අපේ දේශපාළුවෝ ඉන්නේ... තව ඉවර නෑ..පැලස්තර දාන් එකෙත් සීමාවක් තියෙනවානේ. ඇතුලෙන්ම කුණුවෙලා ගඳ ගහනකොට කාට කාටත් ඇස් ඇරෙයි.. ඇස් ඇරෙයිද නැත්නම් වහගෙනම කපුට් වෙයිද කියලා උඩ ඉන්න ඈයෝ තමා දන්නේ...

    ReplyDelete
    Replies
    1. මුන් කොච්චර මෝඩයොද කියනවනම්. පිල්ලෙ එන්න ඔන්න මෙන්න තියලා මන්දිරාගේ ගෙදර ෆයිල් හොයන්න යාවිද. වෙලාවේ හොඳකමට ෆයිල් උස්සන්න ආපු එකෙක්ම ගියා.. අනිත් පැත්තට ගියා නම්. පිල්ලෙට රට වටේ යන්න ඕන නෑ ආස්චර්යෙ බලන්න..

      Delete
  8. අර මයිපාලයද මොකාද කියල තිබුන අපිට ඕන නම් විසා නොදී ඉන්න තිබුන කියල.
    මේවා කාටද කියන්නෙ කියල හිතුන.
    ලග පාතක හිටියනම් ඇට දෙක මිරිකල මරනව වේස බල්ලව.

    ReplyDelete
    Replies
    1. @කැ-කෝ පප්පේ
      ඕක ජපන් සවාරියක් එන දවසට උබට කියඥං. එදාට ඔය අත් දෙකේ හිරි ඇර ගනිං පදමෙට. ආයේ පප්පා ගමට එවන්න එපා.
      -කා(Ka)

      Delete
    2. මයිපාල කියන්නේ අර ප්‍රසිද්ධ මිනීමරුවද....

      Delete
    3. අකුරු වැරදිලා කෙටිල.
      මම කිව්වෙ අර ලේකම් කෑල්ල එක්ක එක්ක ඔපීසියේ සැප ගද්දි නෝනා කොස්ස අරන් පැන්න කොට බඩා ගැන.

      Delete
    4. ආන් ඒ පාර අනර්කලී කෙල්ලට මාලයක් තෑගී යවලා නෝන්ඩි වෙලා... වතුර හුවමාරුවවත් නෝන්ඩි නැතිවකර ගන්න බැරි උන් කොහොමෙයි. රටේම ජලය කළමණාකරනය කරන්නේ.. මුන් ඔක්කෝම ෆේල්...

      Delete
  9. ඇත්ත කතා කරන්නත් බයයි... වටේ ඉන්න මෝඩයෝ ටික කන්ට්‍රොල් කරගන්නත් බෑ.... දැන් ඉතිං ඒකත් “ අපිට විරුද්ධ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙ කුමන්ත්‍රණ” තමයි...

    ( ඔය වාක්‍ය කියවන්න රෑපවාහිනියෙ සිවුදෙස කරන විජය දිසානායකගේ ස්ටයිල් එකට..)

    ReplyDelete
    Replies
    1. විජය දිසානායක මරු කියවනවා.. එහෙම නැත්නම් කියවන්නේ වෙන ලෝකයක් ගැන..

      Delete
  10. අවන්තගෙ කාටුන් එක නම් මල් හතයි මාතලන්.

    අනේ මේ පකිස්ලන්තෙ ගැන කතාකරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක කරුමයක් තමා. හැම එකාම කර ඇරලා ඉන්නේ...

      Delete
    2. ඉතිං ... අපි වෙන මොනව කරන්නද මාතලං. අපි දවසකට කීපාරක් නම් ඔය ගොංකං අහනවද දකිනවද කියවනවද. අපි මොනව කිව්වත් ඇති වැඩක් තියෙද, නිකන් අමාරුවෙන් අපි හම්බකරන් කාලා හැදිච්ච ලේ ටිකත් පිච්චෙන එක විතරයි ඕව ගැන හිතන්න ගිහින්. අනික දැන් මේ රටේ ඉතුරු වෙන්න දෙයක් ඉතුරු වෙල තියෙනවද. ආයෙ එන එකෙක්ටවත් ඔළුව උස්සගන්න බැරි වෙන්න ටොන් ගානට ණය නම් තියෙනවා. විපක්ෂෙ ගැන කතාකරල වැඩක්ම නෑ. (පුදුම වෙන්න දෙයක් නෑ, ශ්‍රිලනිපයටත් ඕක වුනානේ හොඳ එකෙන්. මේ වගේ කාලෙක ඒක අනිවා වෙන දෙයක්) කවුද මේක කඩාගෙන යන්නෙ. කවුරුහරි ඉස්සර උනොත් ඌ ඉවරයි. අනිත් එවුන් බලන්නෙ ඌව පාවා දීල උගේ කරට නැගල තව අඩියක් ඉහළට යන්න. අර මංගලට වෙච්ච දේ දැක්කනේ, ඒ කාලෙත් එහෙම නම් අද වෙනකොට එකෙක් නෑ ඔය ගෙරි දේශපාලුවො රොත්තෙ. අච්චර ගහලත් අර බම්බුවෙ මහත්තයා දෙපැරැන්ද අස්සෙ ගහන් අපූරුවට සේවය කරන්නෙ ඔය. අගමැති සිහින තිබ්බ එවුන් ඔක්කොම ඔය ඉන්නෙ ලස්සනට බල්ලාමාක් වෙල. දැන් තියෙන්නෙ ජනතා නැගිටීමක් තමයි. ඒකත් පාරට බැස්ස එකාට වෙඩි තිබ්බා, ඒක නම් කමක් නෑ කියමු, ඒව අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනනේ. ඒත් දෙයියනේ මුං කියන කතා, ‘අනේ ජනාධිපතිතුමා ඒ ගැන දන්නෙ නැතුව ඇති, දන්නව නම් මොකුත් නොකර අරින්නෙ නෑ.‘ ‘මේ තියෙන තත්වෙ උඩ මහින්ද මහත්තයටත් අමාරුයි මොකුත් කරන්න‘, ඒ නිසා ඊළඟ ඡන්දෙට ගිහින් උන් කතිරෙ ගහනව එතුමට මොකුත් කරගන්න. එතුම ගිරිය පුප්පන් අපේ හාමුදුරුවනේ කියල පපුවට ගහගත්ත ගමන් මෙහේ එවුන් උණුවෙල වැක්කෙරෙන්න ගන්නව. පාර්ලිමේන්තුවෙ මොකුත් කරන්නත් බෑ, ඡන්දයකිනුත් බෑ, පාරට බැහැලත් බෑ. ආයෙ මක්කද, බඹරෙ වැල්ලෙත් කැරකෙනවා. අපිට දැන් තියෙන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න. හැබැයි මේ එකතුවෙන ශක්තිය පිටවෙන දවසක ලොවෙත් නෑ.

      Delete
    3. පලා බබා වලින් මක්කත් කොරන්න බෑ.. මහ ඡන්දයටවත් වෙනසක් කරන්න නම්, ඔක්කෝම සද්දෙ වහගෙන ඉඳලා හරි යන්නෙ නෑ. මේ රට මේ තරමින්වත් බේරිලා තියෙන්නේ.. තාමත් කතා කරන ලියන කියන කීප දෙනෙක් හරි ඉන්න නිසා..

      ආන්ඩුව බලාපොරොත්තු වෙන්නෙත් උඹ කියපු දේම තමයි...

      Delete
    4. //පලා බබා වලින් මක්කත් කොරන්න බෑ//

      ඇයි මාතලන් එහෙම කිව්වෙ, මම පලා බබා ගැන මොකුත් කිව්වෙ නෑනේ. ඒක නිකන් සුදු අලියෙක්. අපේ වගේ පොඩි රටකට කොහෙත්තම ගැලපෙන්නෙ නෑ. ඡන්දයක් කියන එකෙන් මම අදහස් කළේ මහඡන්දයක්, පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒක හෙට තිව්වත් දැන් තියෙන තත්ත්වෙ නම් මහ ලොකු වෙනසක් වෙන්න නෑ. දැන් උනත් පාරක බැහැල බැලුවොත් මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු එවුන් නෑ. ඒක ආඬි හත්දෙනාගෙ කැඳහැලිය වගේ තමයි.

      //ආන්ඩුව බලාපොරොත්තු වෙන්නෙත් උඹ කියපු දේම තමයි..//

      බලාපොරොත්තු වෙනව විතරක් නෙවි මාතලන්, එයාල ඒ තැනට වැඩ සිද්ධකරල තියෙන්නෙ. මම පිළිගන්නව නිකන් බලන් හිටියට මොකුත් වෙන්නෙ නෑ කියල. ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවන්නත් අපි ගිහින් ඡන්දෙ පාවිච්චි කරන්න එපැයි. ඒත් හැම දේටම සුදුසු වෙලාවක් එනව, එදාට ඇත්තු දාලාවත් නවත්වන්න බෑ. බණ්ඩාරනායකට චාන්ස් එක එද්දි සර් ජොන්ටවත්, මැතිණිගෙ වෙලාව ආවහම ඩඩ්ලිටවත්, ජේ ආර්ගෙයි ප්‍රේමදාසගෙයි බඹරෙ කැරකෙද්දි මැතිණිටවත් කරන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් අන්තිමට උනු දේවල් හැමෝම දන්නව. චන්ද්‍රිකාගෙන් ආණ්ඩුව ගන්න රනිල් ඉක්මන් උනේ නැත්නම් සමහර විට අද මහින්ද අද ඔය සීට් එකේ ඉන්නකලුත් නෑ. රට ප්‍රපාතෙට මිලිමීටරේ දුරින් තිබුනත් තවම මිනිස්සුන්ගෙ ආතල් එක ඉවර උනේ නෑ. අර ගයන්ත උන්නැහැ කිව්ව වගේ කඩේට ගියොත් බදු, පාරට බැස්සොත් දඩ. ඒ තරම් සරල දේ වත් තවම මිනිස්සුන්ට දැනිල නෑ. අච්චර දෙයක් වෙච්ච රතුපස්වල කළමනාකරණය කරපු හැටි දැක්කනේ. එතුමා දුක් උනා- වන්දි දුන්නා- වැරදි කරුවන්ට (එතනට යන්න උනු වැරැද්දට ගිහිපු අයට) දඬුවම් කරන්න කටයුතු කරනවා. ඉතිං එච්චරයි. ඔයිට වඩා දෙයක් තාම මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ නෑ. තව ටික කාලයක් ඔය පීල්ලෙම තමා යන්නෙ. කොහොම උනත් දැන් තියෙන්නෙ නිවෙන්න ආසන්න වෙල වියරුවෙන් ලොකු ආලෝකයක් විහිදුවන දැල්ලක්.

      Delete
    5. උඹ මුකුත් පලාත් සභා ගැන කිව්වේ නෑ.. මමයි කිව්වේ.. මේකෙදි මුකුත් වෙන්නේ නෑ..

      නමුත් උඹ අන්තීමටම කිව්වා වගේ අපිට කරන්න තියෙන්නේ පහනට තෙල් දාන එක.... නිකං හිටියොත් හුලංම විතරයි..

      Delete
    6. :)

      අෆොයි මාතලන් ඒක නම් කරන්න හිතන්නවත් එපා. ඒ එළියෙන් ඇස් ගිනිකන වැටිච්ච උන් තමයි මේ රටේ බහුතරයක් ඉන්නෙ. ඒ අවුඅස්සෙ තම තමන්ට ලාබ ප්‍රයෝජන තියෙන උන් ඔය පහනට තෙල් දානව. ඒ උනාට ඒ රශ්මි කදම්බෙ පහනටත් දරාගන්න බැරි වෙන තත්ත්වෙකට තමයි දැන් පත්වීගෙන යන්නෙ.

      Delete
  11. මෙහෙව් ජහමනයාට නියම පාලකයෝ විතරක් නෙමේ නියම විපක්ෂය, ඇයි මාධ්‍ය මුන් ඔක්කොටම දෙයියන්ගේ හාල් කැවිල. තව චුට්ටයි ආස්තැරිය බොහොම ලඟයි. හෙට අනිද්දට අපි බලමුකෝ...........නවී පිල්ලේ ගැන රාජ්ගේ මතය හරි. අපේ ගොන්බි.. ලෝක නායකයෙක් ආවෙ අපේ වැරදි ගැන හොයන්න කියන එක අමතක කළා. ඕවෑ ප්‍රතිඵල භුක්ති විදින්න වෙන්නෙ මේ ජහමනයටම තමයි.
    ජාත්‍යන්තරයට බියවිය යුතු නැහැ. නමුත් සදාචාරයක් කියලා කෙමනක් තියන බව අමතක කරන්න හොද නැහැ. තව ටික දවසයි. එදාට හැලිය රත් උනාම කකුළු නැටුම් බලමු.

    ReplyDelete
    Replies
    1. වැරදි හොයනවනම් කොච්චර තැන් තියෙයි හොයන්න.. ඒව්වට බය වෙන්න ඕන නෑ ඇත්තටම.. උතුරෙ මිනිස්සු නිකං මැරුණෙ නෑ නේ.. යුද්ධයක් තිබුනා කියලා ළෝකෙම දන්නවනේ.. සැලකීමත් උපරිමෙන්ම තිබුනා.. ඒක ඒ නෝනා මහත්තයත් කිව්වා නේ.. අනික අපේ බඩි ෂුවර් නැති නිසා, ගාඩ් එකත් අරගෙනමයි ඇවිත් තිබුනේ... ඒත් කිරි කලේට ගොම දැම්මා ගොන් සිල්වා... අනික්වා ඉතින් පිල්ලෙ නෝනා කියන්න තරම් අළුත් දේවල් නෙමෙයිනේ.. අපිත් දන්න දේවල්නේ.. උතුරේ උනේ මොකක්ද කියලා.. රතුපස්වලින් හිතා ගන්න ඇහැක්නේ...

      Delete
  12. මං දැක්ක පහු ගිය ටිකේ බුකිය පීර පීර විමලයා කෝ කියල හොයනවා :D

    ReplyDelete
    Replies
    1. තාමත් ඌ නෑ.. ගූ චන්ඩි...

      Delete
  13. මට මෙතන ඉන්න පකීර්ලා ඔක්කෝගෙම නම් ලිස්ට් එක ඕන. අපි සැලසුම් කරලා තියෙනවා හොඳම අදහස් හා යෝජනා නිශ්පාදනය කරන අය තෝර තෝරා මුදල් ත්‍යාග ලබා දීමට.
    -ගෝඪා+භය.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස් ඉතින් අපි ලඟ නෑනේ.. ඒවා තියෙන්නෙත් එයාලා ගාවම තමයි...

      Delete
  14. පිල්ලේ ඇවිත් ගියා විතරයි අන්න ප්‍රභාකරන්ගේ ආත්මය විග්නේශ්වරන්ට වැහිලා. ආපහු ඊලම ඉල්ලනවා.

    ලොක්කට ඔය මෙහෙ පෙන්නන ජිල්මාට් හැමදාම ලෝකෙට පෙන්නන්න බැහැ. මෙහෙ වගේ නයි.ටී.එන්. දිනමිණ, හඩ්ඩා ගේ කුණු කතා, ලෝකයා අහන්නේ බලන්නේ නැහැනේ. බොරුව නමැති අතීසාරය වහගන්න ගහලා තියන සංවර්ධනය නමැති පොල්මුඩ්ඩ යතාර්ථය නමැති පස්ස පැත්තෙන් ගැලවෙලා කුණු ප්‍රතිපත්ති නමැති අසුචි දියරයෙන් ලොක්කවත් නාවාගෙන තමයි කවදාහරි එලියට පනින්නේ.

    ReplyDelete
    Replies
    1. යුද්දේ දින්නයින් පස්සෙ කරන්න තිබුන මුල්ම වැඩේ තමයි, පලාත් සභා අහෝසි කරලා.. වෙනත් පාළන ක්‍රමයකට මාරු වීම හා.. මුළු ළෝකෙත් එක්කම එකතු වෙන එක.. නමුත් ඒ දෙකම කලේ නෑ.. අද නානවා.. ඔය පලා බබා වලට මම එදා ඉඳන් අද වෙනකන් විරුද්ධයි.. ස්වල්ප මුදලක්ද නැති නාස්ති කරන්නේ...

      Delete
    2. මාතලන් දැන් ඕක අයින් කරන්න පට්ට අමාරුයි.හේතුව ඕකෙන් මාර විදිහට හම්බ කරන කොටසක් බිහිවෙලා තියෙන්නේ,.,.

      Delete
    3. දෙමළට දෙන්න ගියාම තමයි ඒකේ අප්ෂට් එක තේරිලා තියෙන්නේ. උඹ කිව්වා වගේ ගව පට්ටිය තියෙන්නේ ඔතන තමයි..

      Delete
  15. නව + නිදන් පිල්ලේ සහ පිල්ලේයාන් අතර වෙනස මොකක්ද සූර පප්පේ.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. පිල්ලෙයාන් කතා කරන්නේ අපේ රට ගැන විතරයි කියන ගුලිය ගිලපු උන්ට එහෙම පේනවා සත්තරන්...

      Delete
  16. ලංකා හමුදාවන් ප්‍රභාකරන මරාදමා ත්‍රස්තවාදයෙන් රට මුදාගත් ආකාරය කිසිම බලවේගයකට හෑල්ලුවට ලක් කල නොහැක. එත් අවාසනාවට අද වන විට ඒ දේම සිදුවෙමින් පවතී. යුධ ජයග්‍රහණයට ඔප්පු ලියාගෙන පෙට්ටගමේ දමාගන්නට ඔලු බක්කන් රැසක් බිහිවී ඇත.
    ඔවුන්ට අනුව මේ සියලු ජයග්‍රහණ වල නියමුවන් ඔවුන්ය.
    යුද්ධය වෙනුවෙන් සැබවින්ම කැපවූ දක්ෂයන් අද පොල්කුඩු ගානය, තිබුණු නිලතල තබා විශ්‍රාම වැටුපවත් නැත, කානුසුද්ධ කරති, එළවලු විකුණති, පේස්ට්‍රි කඩ දමාගෙන හන්දි ගානේ වේලෙති,එහෙම පීචන් වෙන්න බැරි යයි සිතු අය පැනගොස් අපරාධකරුවන් ගේ හා පාතාලයේ සන්නාම තානාපතිවරු වෙති.
    පශ්චාත් යුධ සමයේදී අපි එක හමුදා භටයෙක්වත් ගෙදර යැව්වේ නැතයි පම්පෝරි ගසති. එහෙත් යුද්ධයකින් පසුව යුධ භටයන් තුල ඇතිවෙන මානසික ව්‍යාකුලභාවයට කිසිදු වෘත්තිමය මැදිහත් වීමක් කලේ නැත.
    ජනාධිපතිතුමන් විසින්ම පත්කල LLRC (උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම) හි වාර්තාව පශ්චාත් යුධ සමයේදී අපට ජාත්යන්ටහ්රයෙන ගැලවෙන දොරටුව විවර කර දුන්නද අපේම උද්ධච්ච කම නිසා අප විසින්ම එය නැවත වසා ගත්තේය. අවසානයේ අප විසින්ම පත් කල කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට අපටම බල කරන තැනට ජාත්‍යන්තරය පත් විය.
    අපේ හමුදා වලට ජාත්‍යන්තර පුහුණුවට තිබූ අවස්ථා මගහැරුනි, එකට කමක් නැත මුන්ගේ හත්මුතු පරම්පරවකවත් එකෙක් යේ යුද්ධයකට යන්නේ නැත. ජී.එස්.පී. ප්ලස් නැතිවිය , එකට මක් වේදැයි වෙදිකා වල සිට අධෝ මුකයෙන බෙරිහන දුන්නේ උන්ගේ එකෙකු තව පරම්පරා හතරක් පහක් යනකන් වත් ඇඟලුම් කම්හලක සේවයට නොයනා බැවිනි.
    හැබැයි ජනතාව බුද්ධිමත්ය , මෙහෙව් දේශප්‍රේමයක් උතුරා ගලන්නේ ඒ නිසාය.
    "අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ."

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලූෂා ඇහි හොරුහින් මදෙස බලන්නේ............ හි හි

      Delete
    2. ජනතාව බුද්ධිමත් ප්‍රශ්ණයට වඩා තියෙන්නේ.. ඊළඟට එන්න ඉන්න එකාත් මේ ගූ ගොඩේම නටා නටා ගූ නාගෙන ගූ කන්න බලාගෙන ඉන්නේ.. යුද්දේ දිනපු ගමන් කරන්න ඕන ඒවා.. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ.. කොහොමත් අස්සයා පැන ගියයින් පස්සෙ ඉස්තාල වැහිමේ හොඳ පලපුරුද්දක් තියෙන දේශපාලඥයොන්ගෙන් කිසි අඩුවක් නැති ආස්චර්යමත් රටක් නේ මේක..

      Delete
  17. සිංහලෙන් විවාහ යෝජනාව
    (පුවතක් මැවීම හා අමුතු මූඩ් එකක් රට තුල ඇතිකිරීම-අපේ ජනාධිපතිතුමාගෙ ශ්‍රී නාමෙ කනව )

    ඉංග්‍රීසියෙන් වෙන කෙනෙකු විසින් සමාව ගැනීම

    ඉංග්‍රීයෙන් ලද සමාව සිංහලෙන් විවාහ යෝජකයාට නැවත පිරි නැමීම

    පිල්ලේගෙ ජාමත් බේරුනි
    ලොක්කාගෙ ජාමත් බෙරුනි
    -----------
    ප්‍රතිපලය
    අපේ මහත්තය දුන්න අර දෙමල ගෑනිට ලැජ්ජාව බේරෙන්න,
    අපේ ජාතියට වටින මනුස්සය..
    අපෙ මහත්තයට ජයවේවා

    ජනාධිපති තුමාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සක්කිලි රටක් කියලා දැනගෙන උන්නේ රටේ උන් විතරයි මෙතුවක් කල්...

      Delete
  18. ආඥාදායකත්වයක් කරා රට තල්ලුවෙමින් බව අප දැනගත්තේ බොහෝ කාලයක සිටය. එය සක්සුදක්සේ ස්ථීරය. පළමු පියවර ගත්තේ බොහෝ කලකට පෙරය. මැතිවරණයන් අමුම අමු ඇස්බැන්දුම්ය. විදුහල්පතිවරුන්ට හමුදා තනතුරු දීමේ සිට හමුදා අවන්හල් සහ හමුදා රැඟුම් හල් දක්වා පාර කපා ගැනීම මෑත සිදුවීම්ය.කෙනෙකුගේ මුහුණින් ,කතාබහින්, හැසිරීමෙන්ද ආඥාදායකුගේ ස්වරූපය වටහා ගත හැක.
    රාජ්‍යතන්ත්‍රීක දැණුම නම් දොඹෙන්මය.

    ReplyDelete
    Replies
    1. "රාජතාන්ත්‍රික දැණුම නම් දොඹෙන්මය...." කිව්වේ ලොක්කගෙයි.....?

      Delete
  19. මේ කිසි දෙයක් ඔබ කියන්න වගේ අමුතු දේවල් නොවේ. ලෝකයම දන්නවා. හැබැයි ගොඩක් දෙනා හිතන්නේ මාතලන්, මේවා ලියුවට, කතා කලාට වැඩක් නැහැ. අපේ එක චන්දය වැඩක් නැහැ. එදාට (මැතිවරණය දාට) ගමේ යනවා. මේ පිරිස්ම තමා, මෙවැනි ක්‍රමයන් දිගටම පවත්වා ගෙන යාමට වැඩිපුර දායක වන්නේ. පිටතින් හොඳ බලපෑමක් ආවත් ඔය ආචාර්ය හා අනාචාර්ය සියලු දෙනාම, මෙන්න අපට ඇඟිලි ගහනවා යයි කියනවා. අනික මාතලන් එහෙම බලපෑම් එන්නෙත් නැහැ. මේ සියලු රටවල් ඇතුලේ තියන (හොඳ හෝ නරක) තත්ත්වය හදාගෙන තියෙන්නේ පිටින් ආපු බලපෑම් නිසා නොවේ, ඒ රටවල් ඇතුලේ ජිවත් වන මිනිසුන් විසින්මයි.

    ReplyDelete
    Replies
    1. අපේ අය බලගෙන ඉන්නේ කවුරු හරි ඇවිත් කරලා දෙයි කියලා. කොහොමත් නිකං කන්න. නොමිලේ දෙන ඕන මලදානයක් පැනලා බාරගන්න මානසිකත්වයක් තියෙන ජනම් එකක් ඉන්න සටක්නේ...

      Delete
    2. රයිගම, මම උඩින් මගේ අදහස විදියට කිව්වා මේ සුදුසු වෙලාව නොවේ කියල. ඒ නිසයි මම මේ කමෙන්ට් එක දමන්නෙ. පහුගිය අවුරුදු කීපය විතරක් ගත්තොත් මේ අන්තර්ජාලය තුළ කොපමණ නම් ඕවා ගැන ලියල තියෙනවද, මමත් ඕනතරම් කමෙන්ට් කරල තියෙනව. ඒත් එන්න එන්නම තත්ත්වය නරක උනා. ලංකාවෙ අන්තර්ජාලය භාවිතකරන අතිබහුතරයක් අයට වැටහෙනවා සිදුවන දෙය. තව තව කොච්චර ලිව්වත් එච්චරයි. සිදුවන එකම දේ අපි මේ ගැන කලින් ලියල තියෙනව කියන ආතල් එක විතරයි. මේක මෙතනින් එහාට යන්න ඕන. එහෙම නැතිව බ්ලොග්වල ලියල විතරක් ආණ්ඩුමාරුකරන්න පුළුවන්නම් මෙලහකට අවුරුද්දට එකගානෙ උනත් ආණ්ඩු පිහිටුවන්න තිබුනා. පහුගිය කාලෙ රටවල් කිහිපයකම ආණ්ඩුමාරුකරමින් ගිය අරාබි වසන්තයට අන්තර්ජාලයෙන් පිටත වැඩපිළිවෙලක් තිබුනා. ඒ වටා එකතු වෙන්න මිනිස්සු හිටියා, අපේ රටේ එහෙම තත්වයක් තවමත් නෑ. අද 5000 ක් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් කළොත් හෙට එතනම 50000 ක් ගෙනත් ආණ්ඩුවට ජයවේවා කියල නටයි. අර 5000 හිටපු එවුනුත් ටිකක් ඔය 50000 අතරෙන් හොයාගන්න පුළුවන්. රු 500 ටයි මාළුපාන් එකටයි එළියට බහින එවුන් ඉන්නෙ. එක්කො මොහොමඩ් කන්ද ළඟට යන්න ඕන, නැත්නම් කන්ද ඌ ළඟට එන්න ඕන. අන්තර් ජාලෙට ඇවිත් විකාර කරමින් හරි පොඩ්ඩක් කරක් ගහන එවුන් රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියල දකිනවා. ඒත් රටේ මිනිස්සු අති බහුතරයක් ඉන්නෙ වෙන ආතල් එකක. වෙන මොනව නැතත් අඩුතරමෙ බඩේ පාර වදින කොට මිනිස්සු ඇහැරෙනවා. මේ පාර ආශ්චර්යෙ තරම කියතොත් මිනිස්සු බඩට නැතත් සිහිනලෝකවල ඉන්නෙ. ඉතිං ඔය යටින් සහන් කියන්න වගේ විකල්පයක් නැහැ, මේ වර්චුවල් ලෝකෙක අපි නිකන් පැට්රල් පුච්චන් වැඩකුත් නැහැ. ළමය අඩු වයසෙන් උපද්දන්න ගියොත් උපන්ගෙයිම මැරෙනවා, ආයෙ කාලෙකට නෝ චාන්ස්. ඒ නිසා ටික දෙනෙක් ඉක්මන් කරල ළමය එළියට ගන්න දැඟලුවට වෙන අමුතු සෙතකුත් නෑ.

      තමන්ගෙ ඡන්දෙ සිහිකල්පනාවෙන් පාවිච්චි කරන එක නම් මෙහෙම වෙලාවක ඉතාම වැදගත්. ඇමරිකාව වගේ රටකත් අන්තිමට ඉතාම සුළු ඡන්දගානකින් ජනාධිපති ගොඩගියේ. එක ඡන්දෙත් වැදගත්. වැරැද්ද මේ පක්‍ෂවලින් ඡන්දයක් දෙන්න තරම් වැදගැම්මක් තියෙන එවුන් දාන්නෙ නැති එක. මොකා දැම්මත් මම නම් අනිවා මේ පාර ඉස්සරහට තියෙන හැම ඡන්දෙකටම ගිහින් ගහනව කතිරෙ ඉන්න බූරුවො ගෙදර යවන්න. දැන් තියෙනවට වඩා ආයෙ නරක් වෙන්න දෙයක් නෑ.

      Delete
    3. මේවා ගැන මා ගොඩක් වෙලාවට ලියන්නේ නැහැ DDT. ලංකාවේ දේශපාලනය ගැන ලියන මාතලන් වගේ අයගේ සටහන් වලට ගොඩක් වෙලාවට කියවල ප්‍රතිචාර දාන්නෙත් නැහැ. මොකද රිමෝට් කොන්ට්‍රෝල් මගින් මොකුත් කරන්න බැහැ.ඔබ කියන දේ එක පැත්තකින් හරි. මේ දේවල් ඕනේ තරම් ලියනවා, කියවනවා සහ වාද කරනවාඑත් මොකුත් වෙලා තියනවද? නැහැ කියල ඔබ කියන කරුණ එක අතකින් හරි. තව එකක් තමයි ඒ කොට්ටාශය ඉතා කුඩාය කියන එක.අනික තමා ඒ පෙනී ඉන්න දේවල් වලට ඇත්ත ජිවිතයේ, පෙනී ඉන්නේ නැහැ. කොතරම් බණ අහනවද? සිල් ගන්න ගමේ උපාසක ආච්චිලා ගැන හිතන්න. පන්සලෙන් එළියේදී වෛරය හා ක්‍රෝධය, ඉර්ෂියාව පිරිලා. මේ ලියන්නේ මා දන්නා කෙනෙක් ගැන. ඒ වගේතමයි අපත්.පෙනී ඉන්නේ මතුපිටින්. ඔය සමාජ වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය සියලුම කරුණු මේ වගේ.
      මෙයට විසඳුම තමා ජිවනවිලාසිතාවේ වෙනසක් හෝ ජිවන විලාසිතාවේ තේරීම් වල කර ගැනීම. මෙගා ප්‍රොජෙක්ට් අත්හැර කුඩා කර්මාන්ත වලට යොමු වීම. තමන්ගේ පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටු වීම. රස්සාව හරියට කිරීම. ලැබෙන අධ්‍යාපනය අගය කිරීම. පුළුවන් වෙලාවට සමාජය ගැන ටිකක් හිතන එක. රටේ සෞඛ්‍ය පද්ධතිය විවේචනය කිරීමට පෙර සෞඛ්‍යමත් දිවියක් ගත කිරීම. කුඩා දරුවන් ටියුෂන් පන්ති වලට රට වටේ එක්ක යන්නේ නැතිව, නින්දට පෙරකතන්දර පොතක් කියවීම. දරුවෙක් අහන ප්‍රශ්නයකට උත්තර දීම. ඒ දරුවන්ට ප්‍රශ්න අහන්න පුළුවන් විදිහට පරිසරයක් හදා දීම. ඉතා කුඩා දේවල් DDT. :)

      Delete
    4. ජවිපෙ ඉන්නෙ සරත් ෆොන්සේකලව කරේ තියාගෙන යන්න මිසක් ජනතාවගෙ ප්‍රශ්නවලදි පොදු විපක්ශය සමග එකතුවෙන්න කැමත්තක් දක්වන්නෙ නෑ. 1980දීත් ඔය චෝදනාව තිබුනා.
      ඒ ඇත්තො බලන් ඉන්නෙ පාර්ලිමේන්තු ආසන කීපය දිහා මිසක් ජනතාව දිහා නොවන බව කෙනෙකුට හිතන්න ඉඩ තිබෙනව. මාදුලුවවේ සෝභිත හාමුදුරුවන් දැන් කරගෙන යන ව්‍යාපාරය ගුණයි, ඒ උනාට පොදු අපේක්ශකයා යන සටන් පාඨය දැන් ඉන්න ඒකාධිපතියටයි ගුණ. මේ සටන් පාඨය සරත් ෆොන්සේකාව කරේ තියාගෙන යෑම හා සමානත්වයක් තියෙනවා.
      සරත් ෆොන්සේකව දිනවන්න යූ එන්පිය එක්ක එකට වේදිකාවට නැග්ග නම් ඇයි ද පොදු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් යූඑන් පිය හා එක්වෙන්න බැරි ?

      මෙය ලාංකිකයින්ගේ අභාග්‍යයක්.

      Delete
    5. අනේ බං දැන් සාටකයට අයිටම් කීයයිද නොමිලේ දෙන්න ඉතිරිවෙලා තියෙන්නේ.
      -කා(Ka)

      Delete
    6. ප්‍රේමදාස කාලෙත්, ප්‍රේමදාස මහත්තයට දෝෂාභියෝගයක් ගෙනාපු වෙලාවේ මිනිස්සු පුදුම උනා. ඒ වාතාවරනයෙන් තමයි දෝෂභ්යෝගේ පරාජය කලෙත්. නමුත් එයින් පස්සෙ නිදාගෙන ආතල් එකේ උන්න බොහෝ අය අවදි උනා. විකල්ප පත්තර, කොලම් පත්තර, ප්‍රේමදාස මහත්තයගේ හා පවුලේ අයගේ රෙදි ගැලෙව්වා, ආන්ඩුවේ හොර මැරකම් බය නැතුව ලිව්වා.. එවයින් මිනිස්සු දැණුවත් උනා.. අද ආන්ඩුවේ වැරදි මද වශයෙන් හෝ කතා කරන්නේ බුකියෙයි, වෙබ් සයිට් වලයි විතරයි. ඒ වෙබ්ස් හිටන් ප්‍රොක්සි වලින් බලන්න වෙලා තියෙන්නේ.. නිහඬව ඉන්නවට වඩා අඩු ගානේ බුකියේ මල් කඩන උන් මෙහෙම දේවල් තියෙනවා කියලා දැණුවත් කරන එක නේද යුතුකම..

      මේ ආන්ඩුවේ හොඳ වගේම කෙලින් පිස්සුත් ලියන්න ඕන. එහෙම නැත්නම් සිවිල් පුරවැසියගෙ යුතුකම නෙමෙයි අපි ඉටු කරන්නේ..

      Delete
    7. එකෙන්ම සූර පප්පේ.
      -කා(Ka)

      Delete
  20. ඇත්තටම මාතලන් මේවා පේන්නේ උඹලට අපිලට විතරද ...? මේ රටේ ඉන්න අනික් උන්ට අමු කැවිලද ..? මට තේරෙන්නේ නැත්තේ ඒකයි.. ( ඔප්ෂන් එකක් නැති බව නම් ඇත්තයි.. :( )

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙත් මේවා පේන්නේ අපිටම විතරද කොහෙද.. අපේ ඇස් කන් නාඩි වල අවුලක්ද දන්නෙ නෑ...

      Delete
  21. අනේ මට තේරෙන්නේ නෑ අෆ්ෆා... :/

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, සමහරු ලිංන්ක් එකක් දාගෙන යන්න බොගවලට රිංගන එකත් මටත් තේරෙන්නේ නෑ අෆ්ෆා... :/
      -කා(Ka)

      Delete
    2. ඒ මගේ පැමිණි දාසේ ඉඳලා හැටි නෙව. ඇයි අවුල් ද ? :(

      Delete
    3. මං ඔය පිල්ලේ ගැන දන්නේ නෑ.. නොදන්නා දේවල් කියන්නෙත් නැහැ. අඩුම මේ දවස් ටිකට ටෙලිවිෂන් බැලුවෙත් නැහැ. දන්නේ නැති දේ කියවද්දී තේරෙන්නේ නැහැ මට.
      link කොටන එක මගේ පුරුද්දක්... නොදැන පොර ටෝක් දීලා ආත්මයේ බඩ පස්සේ හෝදනවට වඩා, කියවපු බව දන්වන්නැයි ආවේ..
      එහෙම එපානම් ආයේ පැත්ත පලාතක පස් පාගන්නේ නැහැ මම.

      Delete
    4. ඉතිං මම තොප්පිය ඔයාට දාගන්න කියුවැයි.
      මචෝ එහෙම තමා. බොග පෝස්ට් එක රසවත් වෙන්න විහිළු තහලු යම් ප්‍රමාණයකට ඕනා. එක නිසා තමා මේක බ්ලොග් කලාවක් වෙන්නේ. බලකෝ ඇනෝලා කෙන්ජි එක්ක ඇරගන්න හැටි. අපි මේ පඩියකට කොටනවා නෙමේනෙ.
      පඩියට කොටන අයත් ඉන්නවා.
      (අන්වර්මනතුංග, සපිරෝ)
      විනෝදෙට,
      සමාජය ගැන සංවේදීව,
      කම්මැලිකමට,
      දැණුම බෙදා දීමට,
      පුවත් මාධ්‍යක් වාගේ එව්වා මෙව්වා
      ......................
      මේ ජන්මාන්තර වෛර නෙමේ. මට බෙන්ටත් කියන්න තියෙන්නේ කෑ-කෝ පප්පට කියපු දේම තමා. මෙන්න මගෙන් ලිංකුව. විහිළු කොරන්න ගිහින් මට කී දෙනෙක් බනිනවා ඇති ද?

      http://maathalan.blogspot.com/2013/08/sex-in-bus-strictly-for-adults.html?showComment=1378114229603#c2558917642186194467

      -කා(Ka)

      Delete
    5. ඇනෝලත් එක්ක ටැපලුනාම, මල පනින්නේ ලියපු එකත් එක්ක. මීට ඉස්සෙල්ලා බල්ලා කියලත් කිව්වා.. පොඩි උන් නේ ඒ නිසා ගනන් ගන්නේ නෑ.. මම කලින් රිප්ලයි නොකලේ, රිප්ලයි කරන්න දෙයක් නැති නිසා..

      Delete
    6. අලේ මං දන්නේ නැහැ අෆ්ෆා. ඇත්තටම දන්නේ නැහැ.

      * මාතලන් අයියා කතා කරන්නේ එදා කවි පන්තිය ගැනනම් ඔයාට වැරදිලා අයියේ. ඒකෙ තිබ්බේ දේශපාලුවෝ ගැන මිසක් ඔයා ගැන නෙමෙයි. ඔයාට බල්ලා කියන්න මට උවමනාවක් නැහැ. ඔයාගෙන් වරදක් නොකරත් මම සමාව ගත්තා. ගොඩක් සැරයක් කිව්වා. ඔයාට කතා කරන්න ගොඩක් උත්සහ කළා. ඔයා ඒ දේවල් වලට පිළිතුරු නොදුන්නට කරන්න දෙයක් නැහැ. ඔයා දේශපාලනය කරනවා නම්, බලු විදියට ඒ දේ කරනවනම් ඔයාට ඒ දේ වදිනවා ඇති. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකෙ තියෙන්නේ පක්‍ෂ මාරුව ගැන, දේශපාලනයේ භූමිකා ගැන බල්ලෙක්ට ආදේශ කරලා ලියපු කවි ටිකක්. වැරදි වැටහීම් තියා ගන්න එපා අයියා. මට ඔයත් එක්ක ප්‍රශ්නයක් නැත්නම් මොකටද ? මම කාටවත් විරුද්ධව බ්ලොග් කරන්නේ නැහැ. ආයේමත් කියවලා බලන්න කෝ. :D

      Delete
  22. අපේ ගොන් හරක් හිතාන ඉන්නේ ලෝකේ තියෙන එකම රට මේ ආශ්චර්ය තමයි කියලායි.
    කැබිනට් ඇමතිවරු ඉන්නේ ජනතාවට විහිළු සපයන්න.රටට කෙල වෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රන නිසා නෙමේ රට කරවන උන්ගේ හපන්කම් නිසයි.

    ReplyDelete
    Replies
    1. මොකදෑ යකෝ ආශ්චර්ය්‍ය නැත්තේ. රාජ පකීර්ලා කෙලවද්දී මිනිස්සු බුදි.
      -කා(Ka)

      Delete
    2. මේ වගේ පොන්න ජෝකර්ලා සෙට් එකක් මේ රටේ කිසිම නායකයකුට ඉඳලා නෑ...

      Delete
    3. සූර පප්පේ,
      මේ පොන්න ජෝකර්ලා සෙට් එක තමා මිනිස්සු රිලැක්ස් කරන්නේ. බලපං බං හැම වෙලාවෙම රටේ විනාශයක් වෙනකොට ඔය කියන ජෝකර්ලා සෙට් එක පඩ ජෝක් එකක් දාලා චැනල් එක වෙනස් කරනවානේ. එතකොට අපේ පප්පලා-පප්පිලා ඔක්කෝම ජෝකර්ලට බැන බැන ඉන්නවා. ඒ අස්සේ උඩින් මහරජා කෙලවනවා.
      -කා(Ka)

      Delete
  23. කථාව ඇත්ත...මුන් ගූ චණ්ඩි...ඒත් මම ඌණපූරණයක් කරනවා නම් මුන් බඩ යන චණ්ඩි...

    ReplyDelete
    Replies
    1. මේකනේ සීන් එක. මුන් ළෝකේ ගැන හොඳට දන්නවා. ගොන් බූරූ ජනතාව ගොනාට ඇන්දුවට...

      Delete
  24. දැන් ගූ චන්ඩි ලෙමන් පෆ් එකෙනුත් විතැන් වෙලා. හැම රෙද්දටම විරෝධතාව ප්‍රකාශ කරල පස්සේ නැට්ට පුකේ රුවාගෙන ලොක්කා දෙන ඊළග මාතෘකාව ගැන කතා කරනවා. ලොක්කා පිල්ලෙගෙන් වෙච්ච අවනම්බුවට සමාව ගත්ත එක හොදයි කියන මැට්ටන්ට තේරෙන්නේ නෑ, රටේ ඇමතිලා ඔය තත්වෙට පත්වෙන එක කුජීතයි කියල. රාජ්‍යතාන්ත්‍රික හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් මිසක් හරක්ගෙන් නෙමේ.

    පිල්ලේ යන්න කලින් කරපු ප්‍රකාශවලින් ඔළු ගෙඩියේ මොල පොඩ්ඩක් තිබුන එකෙක්වත් ආණ්ඩුවේ හිටියනම් සිරා ජාත්‍යන්තර ගේමක් ගහනවා. ඒත් මේ ගොන් හැත්තට පෙනුනේ කොන්දක් තියන ඕන එකෙක් ඇත්ත කියල පිළිගන්න බියුරෝක්‍රසි කතාව විතරයි. දයාන් ජයතිලකල නැති අඩුව හොදටම දැන් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. ගූ චන්ඩින්ට ආන්ඩුවෙන්ම ගේම දෙන්න යන බවක් ගොසිප් සයිට් වලින් දැක්කා.. කොයි විගඩමත් සුළු කාළයයි.. මිනිස්සු දෙස් තියනවනේ..

      Delete
  25. තව ටික දවසකින් මැච් ටික පටන් ගත්තම බලපන් කාටද ඕව මතක කියල.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම් ක්‍රිකට් මැච් බලන්නේ නෑ මිනිස්සු. ඒ පිස්සුව ඉවරයි.. දැන් බලන්නේ ක්‍රිකට් පයිත්තියං උන අපි වගේ උන් විතරයි.. 20-20 නම් බලනවා හැමෝම. ඒක ළොකු දෙයක්...

      Delete
  26. // එයා ආවොත් හරි, ගෙන්නුවොත් හරි මරාගෙන මැරෙනවා කියපු එකෙක්වත් උන්නේ නැතිය. සමහර විට නවී පිල්ලේ දෙන වාර්ථාවේ අතුරුදන් උන්ගේ ලයිස්තුවට, පචවංශලාගේ, රණවකලාගේ, දත් දොසතරලාගේ, නානසාරලාගේ, නලීන් ද සිල්වලාගේ නම්ද ඇතුලත්ව තිබුනොත් කළබල වෙන්න ඕනා නැතිය. මොකෝ මේ "ගූ චන්ඩි" ඔක්කෝම උන්නේ හැංගිලා නිසාය.//

    ඕක තමයි....ලංකාවේ හෙලුව...

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙත් පොර ටෝක් දෙන්න පටන් අරගෙන. ළොකුම චන්ඩියා වෙලා තියෙන්නේ ෆොරින් පීරීස්. ඕකා විදේශ කටයුතු සම්බන්ධ ප්‍රජාව අතරේ සත පහකට ගනන් ගන්නෙ නැති එකෙක්. මූ නම් මහාචාර්ය කෙනෙක් නෙමෙයි, නොම්මර එකේ මෝඩයෙක්...

      Delete
  27. මම ඔයාගේ ලිපිය කියෙව්වේ පරක්කු වෙලා
    ඒ නිසා මේ කොමෙන්ට් එක වැඩක් ඇති එකක්ද කියලා සැකයි
    ලිපියේ ගොඩක් අදහස් පිලිගන්නවා
    නමුත් මට මෙතන එකඟ වෙන්න බැරි දේවල් තියෙනවා
    ඔයා මෙතන දෙමල ප්‍රශ්නෙ ගැන පොන්න කතා කියලනෙ
    ඔයවගේ කතා කියන්නේ
    ක්‍රිස්තියානි කාරයෝ, මාක්ස් වාදියෝ,
    රාවය පත්තරේ කියවලා මොලේ කුරුවල් කරගත්ත අය,
    NGO වලට සම්භන්ද අය, ගැහැනු සහ නපුංසකයෝ විතරයි
    සිංහල අය උතුරු පලාතේ සංචාරය කිරීමේ වරදක් නෑ
    දෙමලෙක්ට සිංහලයෙක් දැක්කම මල පනිනවනම් ඒක උගේ වැරැද්දක්
    එහෙනම් නට්සි වරු යුදෙව් මිනිස්සු මරපු එකත් නිවැරදියි කිව්වහැකි
    දෙමෙල්ලුන්ට සුද්දෙක් දැක්කාම මල පනින්නැත්තෙ මොකද

    දෙමෙල්ලුන්ට ලංකාවෙ ඉන්නබැරි තත්වයක් තියෙනවනම් ඇයි උන් ඉන්දියාවට පනින් නැතුව ඔස්ට්‍රේලියාවටම පනින්නේ

    ඔයා සැරෙන් සැරේ හාමුදුරුවෝ ගැන කියන්න හදන්නේ මොකක්ද කියල මට පැහැදිලි නෑ
    ඔයා කියන්නේ සිංහල හාමුදුරු කෙනෙක්ට තායි හාමුදුරුවො වගේ පන්සලට වෙලා බනක් භාවනාවක් කරගෙන බල්ලා වගේ ඉන්න කියලද?
    එහෙම නැත්තං කතොලික පූජකයො වගේ සාමකතා කියන්න කියලද?
    අනික ඔයා ෙපාර ටෝක් එකක් දැම්මනේ නේ මම බුද්ධාගම අදහන්නෙ නෙ නෑ කියලා ඒ කියන්නේ ඔයා මිත්‍යා දෘෂ්ඨිකයෙක්

    පාඨලී ගැනයි විමල් වීරවංශ ගැනයි ඔයාගෙ විවේචනත් කියන්න තියෙන්නේ ඒකමයි ඔයා කවදාවත් එයාලට ඡන්දේ දෙන්න හිතන්නේ නෑ

    මර්වින් සිල්වාගේ විහිලු ගැනනම් ගැටලුවක් නෑ කොහොමත් ඔය ගෑනි ආවේ මගුලක් කරන්න නේ
    එතනදී මර්වින් සිල්වා වික්ටෝරියානු කුහකත්වය අතහැරලා නියම අව්‍යාජ සිංහල ගැමියෙක් වගේ හැසිරුනා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න