.

.

Sep 21, 2013

රෙද්ද අස්සේ රිංගීම - Vintage Photography


මුලින්ම දෙයක් කිව යුතුමයි කියා සිතෙන්නේය. මම ලියපු ඒවා බොහෝ අය පටලවාගෙන තිබෙන්නේය. මම පොත් ප්‍රදර්ශණයේ විකාර ස්වරූපය විවේචනය කලා මිස, පොත් කියවන්න එපා කියා, කිසි දිනෙක කියා නැතිය. මේ පොටෝ ඇල්ලිලත් එසේමය. අවශ්‍ය තැන මෙන්ම අනවශ්‍ය තැනත්, කැමරාවක් උස්සගෙන දැඟලීම, මම දකින්නේ විකාරයක් ලෙසය.

මගුල් ගෙවල් වල පොටෝ ඇල්ලීම, මට පෙනෙන්නේ විකාරයක් ලෙසය. නමුත් ඒය තව කීප දෙනෙකුගේ රැකියාවය. ඒ නිසා උන් ඒවා කර ගත්තාට මගේ අමනාපයක් නැතිය. නමුත්, මගුල් ගෙදරක ප්‍රධාන අමුත්තා විය යුත්තේ, මනමාලිය මිස, කැමරමන් හෝ ඩී ජේ (DJ) නොවේය. එහෙම ඒවා දැක්කාම මම ලියනවාය. ඒවාට කවුරුත් හිත් අමනාප කර ගන්න ඕනා නැතිය.

ගිය සැරේ කතා කරේ, පොටෝ ඇල්ලිල්ල ගැනය. අදත් කියන්න යන්නේ ඒ ගැනමය. කලින් කිව්වා වගේම, ඒ කාලේ, අද වගේ හැම එකා ළඟම කැමරා තිබුනේ නැතිය. පොටෝ එකක් අල්ලන්න උනාම, කස්ටිය ගියේ ඉස්ටූඩියෝ එකටය. කොළඹ, මට මතක, ඉස්ටූඩියෝ කීපයක්ම තිබුනේය.

ආනන්ද විද්‍යාලය
මරියකඩේ "ආනන්ද ආරාමය" ඉස්සරහ, (මම මුලින් හිතගෙන උන්නේ, "ආනන්දේ" කියන්නේ පන්සලක් කියාය.) "ඩොනල්ඩ්ස්", කොල්ලුපිටියේ "ප්ලාටේ", මරදානේ "ජොනතන්ස්" හා "නයින් හාර්ට්ස්" එයින් කීපයක්ය. පසු කාලිනව බොහොම් ජනප්‍රිය එකක් උනේ, පෑලියගොඩ "හෙලන්ස්" ඉස්ටූඩියෝ එකය.

මම පවුලේ ලොක්කා නිසා, මගේ හැම බොර්ත් ඩේ එකකටම පොටෝ එකක් අල්ලන්න, අපි මරදානේ ඩොනල්ඩ්ස් එකට යනවාමය. පසු කාලිනව එහෙම ගන්න පොටෝ එකට, මල්ලිද, ඊට පසුව නංගියාද එකතු උනාය. තුන් දෙනාම එකට ඉන්න එකක් හා වෙන වෙනමත්, පොටෝ අල්ලනවාය.

මේ පොටෝ ඇල්ලිල්ල, පට්ටම ආතල් සීන් එකක්ය. ස්ටූඩියෝ එකට ගොඩවෙලා, පොටෝ එක ගන්න කාමරේට ගියාම පට්ටම ආතල්ය. ඕක අස්සේ මම ආස කරන බඩු බාන්ඩ කීපයක්ම තිබුනේය. ඒවා වල ඉඳන් ගත්ත පොටෝ තාමත් තියෙනවාය.

එකක් සෙල්ලම් කාරෙකය, අනික ඉස්කූටරයය. පස්සෙ කාලේක කාර් එකක් නම් "බොරැල්ලේ සයිකල් බසාර්" එකෙන් ගෙනල්ලා දුන්නද, සල්ලි හම්බ කරලා, "රේල බයික්" එකක් ගන්නකන්, ඉස්කූටරේ නම් හම්බ උනේම නැතිය. මම ඔය කළුවර කාමරේට ගියපු ගමන් කරන්නේ මුලු ඉස්ටූඩියෝ එකේම අර කාරෙක පදින එකය.

ඒක ලේසි වැඩක් නෙමේය. ස්ටූඩියෝ එක තෙමෙනවට ඉහලලා තියෙන කුඩ අස්සෙන්, වයර් අස්සෙන්, බේරලා යන්න ඕනාය. හැබයි මේ ට්‍රේනින් එක නිසා, අදත්, අම්මට සිරි ලංකාවේ, පාරේ දුවන පිස්සෝ එක්ක, බේරිලා යන්න පුළුවන් වෙලා තියෙනවාය. මේක පොටෝ ගන්න මාමලාට මාර වනයක්ම උනේය. උන් මාව දකින් කොටම, කාර් එක පදින්න එන එකා බව දැනගෙන හිටියේය.

ඉස්සර නාට්ටි හෝල් වල තියෙනවා වගේ, මේ ඉස්ටූඩියෝ එකෙත්, බැක්ග්‍රව්න්ඩ් පින්තූරු දෙක තුනක් තිබුනා මතකය. ඒවා මගේ ෆේවරිට්ම ඒවා උනේ, පොඩි කාලේ ඉඳන් චිත්‍ර වලටත් මාර අසාවක් තිබුන නිසාමය. මගුල් පොටෝ අල්ලන කොට, ඕවා තිරයකින් වහනවාය. ඊට පස්සෙ, එක එක උසට තියෙන ලී පෙට්ටි වගයක් ගෙනත් තියනවාය.

මනමාලයා, අලවංගුව වගේ හිටවලාත්, මනාලිය, ඔය පෙට්ටියක ඉන්දලාත්, එක පොටෝ එකක් ගන්නවාය. ඔහොම එකක් ගන්නේ, මනමාලයා ඔහොම ඉන්න අන්තිම පොටෝ එක ඒක නිසා වෙන්න ඇතිය, මොකෝ ඊට පස්සේ මනමාලි මනමාලයාගේ කරේ නගිනවාය.. ඊට පස්සේ මනාලයාගේ යාළුවොයි, මනමාලිගේ යෙහෙලියොයි, මල් කුමාරයොයි, මල් කුමාරයොයි ඔක්කෝම තියලා ගෲප් පොටෝ එක අල්ලනවාය. මේක අල්ලන එක නම් ලේසී පාසු කාර්යයක් නම් නෙමෙයිමය.

අද නම් කරන්නේ, සින්දු රැකෝඩ් කරනවා වගේ, එක එකා වෙනම අරගෙන, අන්තීමට ගෲප් පොටෝ එකේ පේස්ට් කොරනා එකය. එදා එහෙම බැරිය, ඔක්කෝම රෙඩි උන වෙලාවට, හරියටම ෂොට් එක ගැසිය යුතුමය. ඉතින් පොටෝ අල්ලන මාමා, එක එකාව සයිකල් හැඬල් ගිලපු උන් වගේ හදනවාය. පොඩි උන් හදනවා කියන්නේ, කුලප්පු උන හරකෙක් එක්ක දාන සෙල්ලමකටත් එහා ගේමක්ය. සමහර උන් අඬනවාය. උන්ව හදලා, පොටෝ අල්ලන එකා "රෙද්ද අස්සේ" රිංගුව ගමන්, පොඩි උන් එහා මෙහා වෙනවාය.


රෙද්ද අස්සේ කිව්ව ගමන්, අපේ උන් මඤ්ඤං වනවා නොඅනුමානමය. රෙද්ද අස්සේ කිව්වේ, මනමාලිගේ රෙද්ද අස්සේ රිංගනවා නොවෙයිය. කැමරා එකේ රෙද්ද අස්සේ රිංගන එකටය. කැමරා කියා තිබුනේ අද තියෙනවා වගේ ඩී ඇස් ඇල් ආර් (DSLR) කැමරා නෙමෙයිය. තඩි පෙට්ටියක්ය. මේ පෙට්ටිය කොටස, අවුරුදු පහේ පොඩි එකෙක් විතර ලොකුය. මුළු කැමරා එකම ඔය ක්‍රිකට් ගවුන්ඩ් වල තියෙන කැමරා එකක් වගේම පත සයිස්ය.

පෙට්ටිය මැද්දේ, ලෙන්ස් එකක් තියෙනවාය. පෙට්ටිය පිටිපස්ස තියෙන්නේ තඩි කලු රෙද්දකින් වහලාය. පොටෝ එකට ඉන්න උන් පිලිම වගේ හැදුවට පස්සේ, පොටෝ එක අල්ලන එකා රෙද්ද අස්සේ රිංගනවාය. ආයෙත් එලියට එනවාය. ආයෙත් පිලිම ටික හදනවාය. ඔහොම කීප සැරයක් යනවාය.

ඊට පස්සේ "ආ දැන් කස්ටියම හිනා වෙන්න...." කියන්නේත් රෙද්ද අස්සෙන් ඔළුව එළියට දාලාය. මට මේක මාර ආතල් සීන් එකක්ය. හිනා කාලා මැරෙනවය. ඒ නිසා, මම මල් කුමාරයාට හිටපු පොටෝ ගන්න, ඔය ප්ලාටේ එකේ ඩොනල්ඩ්ස් එකේ ඉන්න උන් මාර කට්ටක්ම කෑවේය.

හිනා වෙන්නෙයි කිව්වාම, මම කරන්නේ රිලවා වගේ දත් පෙන්නගෙන එන්න එකය. එතකොට අරූට මල පැනලා ආයෙත් රෙද්ද අස්සෙන් එලියට එනවාය. දත් පෙන්නන්නේ නැතිව හිනාවෙන්නෙයි කිව්වාම. මගේ කට කන ගාවට ගියාම ඇස් වැහෙනවාය. එතකොට අරූ ආයෙත් එලියට එනවාය. අන්තීමේදී ඒ සීන් නිසා නලුවෙක් වගේ කොල්ලෙක් උනත්, පවුලේ පොටෝ වලට ගන්න එක නැවතිලා ගියේය. ඒකෙන් උනේ, මගේ කිට් එක මහන්න, තවත් අමතර ගානක්, තාත්තාට වියදම් වෙච්චි එකය..


පොටෝ ඇල්ලිල්ල ගැන තව ලියන්න වෙනවාය. එතෙක් ඉවසලා ඉන්න ඕනාය.

128 comments:

  1. පොඩ්ඩක් ඉන්න ප්ලේස් එක පොට් කරනකම්..

    ReplyDelete
    Replies
    1. \\\\අවශ්‍ය තැන මෙන්ම අනවශ්‍ය තැනත්, කැමරාවක් උස්සගෙන දැඟලීම, මම දකින්නේ විකාරයක් ලෙසය.\\\\

      එකෙම්ම ..පොත් ප්‍රධර්ශනේ මොනවා පොටෝ ගහන්නෙයි.. ආස කරන පොතක් තියේ නම් අරන් එනවා මිසක්.. යකෝ උඹලා උන්නේ රෙද්ද අස්සේ රිංගන් පොටෝ ගහන යුගේද ...? ඒක නෙවේ බග් ෆියට්ද බක් ෆියට්ද එක මග ඇරිලා උඹට..:)

      Delete
    2. අපිත් රෙද්ද අස්සෙ රිංගල පොටෝ ගහපු කාලෙට අහුවුනා... සිරාවටම ඒක පට්ට ආතල් වැඩේ.. :)

      Delete
    3. අමතක වෙලා නැහැ මේ තියෙන්නේ


      \\මම ඔය කළුවර කාමරේට ගියපු ගමන් කරන්නේ මුලු ඉස්ටූඩියෝ එකේම අර කාරෙක පදින එකය.\\

      Delete
    4. BMICH එකට ප්‍රවේශ වෙන මග දිගටම සූරියකාන්ත මල් වවල තිබ්බ.මම වගේ ම තව හුඟදෙනෙක් ඒවා වල ඡායාරූප ගත්තා.ඇත්තටම ලස්සනයි ඒ මල්.

      Delete
    5. සහනෝ අපි ගමේ බයියලා.. ෆවුන්ඩේෂන් එකට කියන්නේ බවුන්ඩේසම.. ඇඩප්ටර් එකට කියන්නේ ඇඩප්පරේ.. මම ඒවා හරිම ආස වචන.. ඒකයි එහෙම ලියන්නේ..... බග් ෆියට් කියන්නේ ඇයි කියලා දන්නවනේ.. හැබයි අපිට තිබුනේ බක් ෆියට් එකක් නෙමෙයි. ඒ උනාට පොඩි අපි ඔක්කෝටම ෆියට් වලට කිව්වේ බක් ෆියට් කියලා.. උඹට මතකද "ලව් බග්" සෝ එක.. මම 10 සැරයක් විතර බැලුවා...

      Delete
  2. ඔය කියන විදිහට මුල්කාලෙ ගහපු පොටෝ වල මල්ලි හිටියෙ නැතෙයි?...

    ReplyDelete
    Replies
    1. නැහැනේ මල්ලි ඉපදුණේ එයාට පහු වෙලානෙ..

      Delete
    2. මල්ලිත් එක්ක ඉන්න ෆොටෝ දෙක තුනකුත් තාමත් තියෙනවා... ඒ මල්ලි නම් මගේම වයසේ... එක වෙලාවෙම උපන්නේ.. මම හරි ආදරෙයි ඒ මල්ලිට..

      Delete
  3. හි හි මේක කියවද්දී මතක් උනා අපේ ටවුන් එකේ ඉස්සරම තිබ්බ උදය ස්ටුඩියෝ එකෙත් ඔහොම එකක් තිබ්බේ පොටෝ ගන්න ,,

    වෙඩින් වල ෆොටෝ ඇල්ලිල්ල මටත් ආසම නැහැ ,අපේ පුංච් අම්මා වෙඩින් එක දවසේ ඇඩුවත් එක්ක ,, අපේ ආච්චි අම්මත් ගොඩක් කේන්තියෙන් හිටියේ කමරාමන් එක්ක

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඔය මැන්ස්ලා මනමාලියන් කියල බලන්නේ නෑ ඕන්නැති තැන්වලිනුත් අල්ලනවානේ ඒකයි අඬන්න ඇත්තේ පුංචම්මා.

      Delete
    2. තමන්ගෙ දුවගෙ වයසෙ අයට කෙල්ලේ කියලා කථා කරන නාකි මනමාලයා නොහොත් වියපත් ඹබරා....

      Delete
    3. ඔය වයසට අන්කල්ලා ඔහොමම තමයි. මොකද ආයෙ තරුණ වෙනවයැ. පොඩ්ඩක් ඉවසමු. කවුරුත් මනුස්සයොනෙ.

      Delete
    4. හැබැයි ෆොටෝ ටික තමා අන්තිමට ඉතිරි වෙන්නේ කරන වැඩ වලින්. . . ළමයි ඇරෙන්න ,,,,

      Delete
    5. වෙඩින් එක ඔයාලගෙද, කැමරාමන්ගෙද...? ගහන්න එපාය වට කරලා...

      Delete
    6. හි හි .....//හැබැයි ෆොටෝ ටික තමා අන්තිමට ඉතිරි වෙන්නේ කරන වැඩ වලින්. . . ළමයි ඇරෙන්න ,,,,/// ඇනෝ ඇවිත් මෙහෙම කිවුවේ නලීන් මාමමද මන්ද ///ඔය වයසට අන්කල්ලා ඔහොමම තමයි. මොකද ආයෙ තරුණ වෙනවයැ. පොඩ්ඩක් ඉවසමු. කවුරුත් මනුස්සයොනෙ.///

      Delete
  4. අපේ උන් හිතාන ඉන්නේ තඩි කැමරාවක් තියේනම් වැඩේ ගොඩ ය කියලාය...

    මේ ඒ ගැන ජෝක් එකකි...

    එක ප්‍රසිද්ධ ඉවුම් පිහුම් ශිල්පියෙක් විශේෂ අමුත්තන් වගේකට බෝජන සංග්‍රහයක් ලෑස්ති කලේය... මේ අවස්තාව පොටෝ අල්ලන්නට ප්‍රසිද්ධ පොටෝ කැචර් කෙනෙක් ද ගෙන්වීය... භෝජනයට පෙර සතුටු සාමීචි කතා බහේදී චෙෆා පොටෝ කැචර් ව අගේ කරමින් මෙසේ කීය..

    " මම ඔබේ පොටෝ දැකල තියනව හරිම අපූරුයි, විශිෂ්ඨයි... මං හිතන්නේ ඔබට ඇති හොඳ,ලොකු , මිල අධික , නවීන කැමරාවක් ..."

    පොටෝ කැචර් මඳ සිනාවක් පෑවා මිස වැඩි යනක් කීවේ නැත..,

    භෝජන සංග්‍රහය අවසන් වී හැමෝම කෑම බීම වල ඉස්තරම් බව අගේ කරමින් කතා කරන අතර පොටෝ කැචා ද ඉවුම් පිහුම් ශිල්පියාව අගය කරමින් ඇඟට පතට නොදැනී මෙසේ කීය..

    " ඔබේ කෑම වේල ඉස්තරම් , සුපිරියි ඉතාම රසවත්, මං හිතන්නේ ඔබට ඇති....
    ;
    ;
    ;
    හොඳවායින් ලොකු ලිපක්..."

    ReplyDelete
    Replies
    1. මමත් මචෝ ජෝක් එකක් ලියන්න කියලා පටන් ගත්තේ.. ඒත් වැඩේ දුරදිග ගියා...

      Delete
  5. හික් හික් මරු කතාව...

    ReplyDelete
  6. මටත් ලාවට වගේ තියෙනව ෆොටෝ පිස්සුව... ඒත් කේස් එක මට කැමරාව ගෙනියන්න අමතක වෙන එක... හි හි...

    අද බුක් ෆෙයාර් ගිහින් ආවා.. ඇත්තටම කළේ අර ඇතුල් වෙන හරියෙම තිබ්බ බාගේන් ෂොප් වලට ගිහින් රැපියල් 100 - 200ට තියෙන පොත් ටිකක් අරං ආපු එක... ඇතුලට යද්දිම අපේ මහත්තයා ඇහුවා කැමරාව අමතක උනා නේද කියලා... මොකද මං පොත් ගොඩවල් අස්සෙ රිංගං ඉන්නකං එයාට පැත්තකට වෙලා බලං ඉන්න වෙන එකේ හොඳ ෆොටෝ ටිකක්වත් ගන්න තිබ්බා.. ඇත්තටම වෙනී අන්කල් දාපු ෆොටෝ ටිකට මට ආස හිතුනා.. ආස කරන පොතක් අහු උනාම මෙළෝ සිහියක් නැතුව පොත පෙරළ පෙරළ බලලා, ගෙදර ගිහින් කියවන්න ඉවසිල්ලක් නැතුව ඉන්න මූණූ කියන්නේ මට නං ඇත්තටම හරි සතුටුදායක දර්ශනයක්...

    ( ඔක්කොම පෝස්ට් ටික කියෙව්වෙ දැන්..)

    ReplyDelete
    Replies
    1. මෙතනත් මේකි පොතක් පෙරළලානේ

      Delete
    2. සීයා මනමාලයා ......නාකි ඉලන්දාරියා......

      Delete
    3. ඔය වයසට අන්කල්ලා ඔහොමම තමයි. මොකද ආයෙ තරුණ වෙනවයැ. පොඩ්ඩක් ඉවසමු. කවුරුත් මනුස්සයොනෙ.

      Delete
    4. කැමරාව ගෙනියන්න අමතක වෙනවා කියන්නේ පිස්සුව තදේටම නෑ.. අපේ එක්කෙන නම් මාව අමතක උනත කැමරාව අමතක කරලා යන්නෙ නෑ..

      Delete
  7. ගිය සැරේ ලිපිය මට මඟ හැරිලා. ෆොටෝ ගැහිල්ලත් ආතල් වැඩේ. හැබැයි මගුළ කන ෆොටෝ කාරයන්ට නම් මම අකමැතියි. මගේ මගුලට ආව එකාට කලින්ම මම කියලා තිබ්බෙ මම මගුලක් ගන්නව මිසක් ෆොටෝ ගහන්න ආවේ නැති බව. එදා එහෙම කිව්වම ඌ මගේ දිහා බැලුව විදිහ මට තාම මතකයි. ඒ නිසා ඌ වැඩේ නියමෙට කලා. හෙලන් මගේත් පොඩි කාලේ ෆොටෝ ඇල්ලුව තැන. මාතලන් මම ගිය සංචාර වලත් ෆොටෝ වැඩිය නැහැ. මොකද මට ඊට වඩා වැදගත් ආව වැඩේ. හැබැයි ෆොටෝ කෑලි ටිකකුත් ගහනවා. ඒත් ඕක මහ වදේ අප්පා.

    ReplyDelete
    Replies
    1. මම නම් සලකන්නේ ඔය ගියපු තැන් වල පොටෝ අපේ හිතේ තියෙනවා නේ... කවදාවත් ඒවා මකන්න බෑ...

      Delete
  8. අඩේ මේ පොටෝ ගන්න ක්‍රමේ දැක්කමයි මම නං ඕං :D

    ReplyDelete
    Replies

    1. පරණ කැමරා ඔව්වා අපේ පැත්තෙ එක ස්ටූඩිඕ එකක තාම තියනව .
      (බ්ලැක් ඇන්ඩ් වයිට්) පාස්පොර්ට් - අයිඩෙන්ටි - ලැයිසොන් වල පොටෝ ගන්නෙ ඒකෙන් .

      Delete
    2. ඒක නිසා තමයි පුතේ මේවා ලියන්නේ... කෙල්ලේ කිව්වොත් එහෙම ඇනෝලා කුලප්පු වෙනවා...

      Delete
  9. නියමයි පොස්ට් එක තව කොටසක් තියනව නේ ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් තව කීයක් ලියවෙයිද දන්නෙ නෑ..

      Delete
  10. මාතලන් ඕක විකාරයක් කියනවට වඩා ගැලපෙන්නෙ මල විකාරයක් කියන එකයි. ඇයි ඇත්තටම ඔය බුක් ෆෙයාර් වලට ගිහින් ෆොටෝ ගන්න උන්ට ඔච්චරම ෆොටෝ ගන්න තැන් නැති අහේනියක්ද තියෙන්නෙ ? බලන්ඩකෝ රට ලස්සනට හැදෙනවා ඔව්වයේ ෆොටෝ ගන්න බැරිද ? ගහක්, ගලක්, කොලයක්, මලක් ගන්න බැරිද ? ඔය ෆොටෝ ගන්න උන්ගෙ තියෙන බොරු සොබ්බෙ තමයි මටත් පේන්නම බැරි..කැමරාවක් අටවා ගන්නවා ඕක අතට ගත්තහම උන් හිතන්නෙ උන් තමයි පොර වල් කියලා..පොත් ප්‍රදර්ශනයක අරමුන මොකද්ද ? පොත් විකුණන එක සහ පොත් මිලදී ගන්න එක..ඕක අස්සෙ ෆොටෝ ගන්න තියෙන්නෙ මොකද්ද කියන මූලික දැනුමක්වත් නැති හරක්නෙ ඕවට කැමරා උස්සන් යන්නෙ...දැක්කද ෆොටෝ ගහලා විතරක් නෙවෙයි එව්වා බුකියෙයි බ්ලොග් වලයි එල්ලගෙනත් ඉන්නවා. මම නම් කියන්නෙ ඔහොම කරන එවුන් එලවන්න ඕනි මඩු වලිගෙන් තලලා...

    ReplyDelete
    Replies
    1. යකෝ මං එකක් දාලා අහවර වෙනකොටම මේකත් පැනලනේ මෙතැනට.. :D

      Delete
    2. අපොයි නෑ... පව්... එතකොට අර සොසීලා වගේ අයට අසාධාරනයක් වෙනවනේ.. බලහන්කෝ ඒකි ගත්ත පොටෝ වල ලස්සන.. උඹ ඉතින් ගහන්නේ තට්ට්ම නේ.. සුදු කෑල්ලක් පෙන්නන්න බෑ. එකම කෑල්ලේ පොටෝ තුනක් බ්ලොග් එකේ තිබුනා. කැමරා එකේ තව කීයක් ඇත්ද... ඉටින් මම කියන්නේ බොරුද මයෙ පනේ...

      Delete
    3. සංසාරේ වෙනියෝ. උබේ එකවුන්ට් එක හක් කොරලද කව්රුහරි ...

      Delete
  11. ඇරු ඇරු..අතාරින්න එපා... අතෑරෙන්න යනවාම වගේනං කියහං මං ආයේ එකක් දාලා පත්තු කොරඤ්ඤං...

    (හම්මේ..සිරිලාංකීය අභිමානය මයේ හිත පුරාවටම දැනෙන සනීපේ..:D )

    ReplyDelete
    Replies
    1. පැස්ටෝල් මදි...

      Delete
    2. පලයව් යන්න වල් හැත්ත... මෙතන එනවා.. පැස්ටෝල් දාන්න...

      Delete
  12. අපේ ඥාතී පවුලක ඡායාරූප ඇල්බමයේ මා දුටු අගනා ඡායාරූප දෙකක් නම් - දෙමව්පියන් සහම දියණිය ඩොනල්ඩ්ස් ස්ටුඩියෝවෙන් රැගෙන තිබුණු ඒවාය. ඒ දෙක අතර වසර දහයක පරතරයක් විය.

    දියණිගේ වැඩීමත්, දෙමව්පියන්ගේ වයසට යෑමත් අපුරුවට පෙණුනි.

    නමුත් ඩොනල්ඩ්ස් ලා ගේ පසුබිම්තලය නම් එකමය! එය වයසට ගොස් නොතිබුණි!

    ReplyDelete
    Replies
    1. ඩොනල්ඩ්ල්ස්ලා දැන් හොයන්නත් නෑ...

      Delete
    2. පැට්‍රල් සැර මදි මම ගානේ ගැස් එකක්

      Delete
    3. එයාලා දාපු වෙන ස්ටූඩ්යෝ වලට ගෙනිහින් තියෙන්නෙත් මරදානේ තිබ්බ ඒවා.. ඒ නිසා පස්සෙ කාලේක තිබුනේ එකම තමයි.. මමත් පොටෝ බැලුවම තේරෙනවා..

      Delete
  13. ///උන් මාව දකින් කොටම, කාර් එක පදින්න එන එකා බව දැනගෙන හිටියේය./////
    ඒ කාලෙත් යන යන තැන නම තියපු කොල්ලෙක් මාතලන්..

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් කොහේ ගියත් නම තියලා එන්නේ..

      Delete
  14. බාර් එකකදි ලස්සන ගැහැණියක් දැකපු ඡායාරූප ශිල්පියෙක් ගට අරගෙන එයා ලඟට යනවා.

    "ඔයා ලස්සන ගැහැණියක්. මම ඡායාරූප ශිල්පියෙක්. ඔයා කැමතිද මගේ ස්ටූඩියෝ එකට ගිහින් ඡායාරූප කීපයකට පෙනී සිටින්න?"

    අර ගෑනි මේකට දීපු උත්තරේ මහ හයියෙන් කෑ ගහපු එකයි.

    "තමුසෙට පිස්සුද. මම තමුසෙත් එක්ක නිදි වදින්න ? තමුසේ කවුරුයි කියලා හිතාගෙනද ඔය කතා කරන්නේ?

    ලැජ්ජාවෙන් ඇඹරෙන ඡායාරූප ශිල්පියා ආපහු තමන් හිටපු මේසෙටම පසු බහිනවා.

    ටික වෙලාවකින් අර ගැහැණිය මේ මනුස්සයා ලඟට එනවා ඇවිත්, හිනාවෙලා සමාව අයදිනවා.

    "මට සමාවෙන්න. මම ඒ කෑ ගහපු විදියට ඔයා ලොකූ අපහසුතාවයකට පත් වුනා නේද? මම මනෝ විද්‍යාව හදාරන ශිෂ්‍යාවක්. මම මේ දවස්වල කරන්නේ ඉතාම අපහසු අවස්තාවයකට පත් වුන මිනිස්සුන්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කරන එකයි.

    මේකට පිළිතුරක් හැටියට ඡායාරූප ශිල්පියා කරන්නේ යටි ගිරියෙන් කෑ ගහන එකයි.

    "මොනවා? ඩෝලර් දෙසීයක්? තමුසෙට පිස්සුද? "

    ReplyDelete
    Replies
    1. මමත් මචෝ පොටෝ ඇල්ලිල්ල ගැන පොඩි ජෝක් එකක් ලියන්න කියලා පටන් ගත්ත එක තමයි මෙච්චර දුර ගියේ..

      Delete
  15. 1960 දශකයේ දි ඔය රෙද්ද අස්සේ රිංගන කැමරාවක් කාර් එකක පටවාගෙන අපේ ඉස්කෝලෙට (කෑගල්ලේ) ගෙනාවේ මාරුවීමක් ලබා යන ප්‍රින්සිපල් සහ ගුරුමණ්ඩලය තබා 'පොටෝ එකක් කෙලින්න' ය. මට මතක හැටියට උදේ අටහමාරට විතර ඩැස් බංකු දමාගෙන ගුරුවරුන් ගුරුවරියන් උසේ පිළිවෙලට ඒවා උඩ නග්ගාගෙන පටන්ගත්ත තොවිලය අවසන් කර පොටෝ එක කෙලියේ දහයමාරට විතරය. අපේ ලොකු අක්කා 1968 වර්ෂයේදී විවාහ වුනේ. අනේ කෑගල්ලේ ඒකාලේ තිබුන විශාලතම හා සුප්‍රසිද්ධම ඡායාරූප ශාලාවේ (ඒ පවුලේ අය ඒ කර්මාන්තයේ ඉහලටම ගියා. මගේ පන්ති මිතුරෙක් වූ ඒ පවුලේ එක්කෙනෙක් සිනමා නළුවෙක් වුනා) තමයි පොටෝ කෙලියේ. බුදු අම්මේ එතන හිටිය පොටෝ මහත්තයාගේ ගනකම.

    ReplyDelete
    Replies
    1. බන්දු සමරසින්ංහ නේද

      Delete
    2. යකෝ, කෑගල්ල පොටෝ සාප්පුවෙත් නයි ඉඳලා තියෙනවනෙ. දැන් හැම තැනම නයි.

      Delete
    3. @ Ano 1 නැහැ. බඳු සමරසිංහලාට ඡායාරූප ශාලාවක් තිබුනේ නැහැ. ඔහු ඉගෙන ගත්තේ කෑගල්ල ශාන්ත මේරි මහා විද්‍යාලයේ. මම ඉගෙනගත්තේ කෑගලු විද්‍යාලයේ.

      Delete
    4. ජයරත්න එක මන් හිතන්නෙ

      Delete
    5. අපි ජූනියර් ප්‍රිෆෙක්ට් කාලේ පොටෝ එක අල්ලන්න ගිහින් ගුටිත් කෑවා.. ඒකත් රස කතාවක්.. පස්සෙ වෙලාවක ලියන්නම්..

      Delete
  16. මමත් කැමතිම විෂයක් , ජායාරූපකරණය, බොහෝ දේ සලකා බලා කළ යුතු කර්මාන්තයක්

    ReplyDelete
    Replies
    1. කොයි දේ කලත් ආර්ට් කියන එක ඇඟේ නැත්නම් පින්තූරේ ලස්සනට එන්නේ නෑ.. කබල් කැමරා වලිනුත් ක්ලැසික් පොටෝ ගන්න උන් ඉන්න එක ඒකට හොඳම උදාහරණයක්..

      Delete
  17. රාජකීයයෝ ආනන්දීයයන් එක්ක අමනාපද මන්දා? කෝ මේ කතන්දර

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ මචං,මම උඹලට කියල තියෙනව නේද දෙමාපියන්ට අපහස වන අන්දමින් ලියන්න එපා කියල.
      කරුණාකරල මේ කොමන්ට් එක උඹම මකල දාපන්.

      Delete
    2. එහෙම එකක් තියෙනවා ඇත්තටම.. ඒත් මගේ බොක්කෙ යාළුවෝ වැඩි පිරිසක් ආනන්ඩියන්ස්ලා.. මම ඕකේ පන්තිවල ඉඳලත් තියෙනවා..

      Delete
  18. මෙය මාගේ පුද්ගලික මතය බව කරුණාවෙන් සලකන්න. :D

    තමන්ට වැඩිය අල්ලන්නැති දෙයක් විකාරයක් වගේ පේන එක අපි හැමෝටම තියෙනවා.නමුත් ඒක පාවිච්චි කරලා ඒ තමන් අකමැති දෙය (තමන්ට කරදරයක් නොවේනම්) විවේචනය කිරීම කොතරම් සාධාරනද ?
    මම ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි, ඒත් මම දන්නා හැටියට ඡායාරූපකරණයේ විවිදාකර අංශයන් තිබෙනවා. එතකොට බුක්ෆෙයාර් එකක් වගේ ජනසමූහයක් ගලන තැනක් කියන්නේ පුද්ගල ඡායාරූප ගන්න කැමති අයට උල්පතක් වගේ තැනක්.

    අනික් දේ තමයි ප්ලෑන් කරලා කරන වෙලාවට ඇරෙන්ඩ අපි නොහිතන නොපතන වෙලාවට විශිෂ්ඨ ඝනයේ ඡායාරූප ගන්න හැකියාව තියෙන්න පුලුවන්. ඒ හින්දා ඡායාරූපකරනයට ලැදි උදවිය තමන් යන ගොඩාක් තැන් වලට කැමරාව උස්සං යනවා. ඒක ඒ උදවියගෙ පුද්ගලික කැමැත්ත.ඒ අයගෙ විනෝදාංසය. ඒකට විකාරයක් කියල හරි , පිස්සුවක් කියල හරි නිර්වචනය කරන්නට අවශේෂ උදවියට තියෙන සාධාරන කාරනාව මොකද්ද ?? ඒක හරියට මුද්දර එකතු කිරීම විනෝදාංසය කරගත්ත කෙනෙකුට ඒක මොන විකාරයක්ද කියලා ගරහනවා වගේ වැඩක් නෙවෙයිද ?

    ප.ලි මම යන හැමතැනකම කැමරාව උස්සන් යන පොරක් නොවන බව කරුණාවෙන් සලකන්න. :D හොඳ ඡායාරූප කීපයක් ගැනීමට හැකියාවක් ලැබේ යැයි පමණක් සිතනවා නම් අරන් යනවා . එච්චරයි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන විදියට මේ ළෝකේ කිසිම දෙයක් ගැන කතා කරන්න වෙන්නේ නෑ එහෙම නම්.. මම අකමැති උනාට කැමති මිනිස්සු ඇති.. නමුත් මට විකාරයක් ලෙස පේන දේ මම ලියනවා.. ඒවා ගැලපෙන අය තොප්පි අරගෙන දාගන්නවා..

      Delete
  19. මගෙත් රෙද්ද අස්සේ ඉදන් ගත්තු පොටෝ කීපයක් තියේ,මාතර වෙස්ට් එන්ඩ් ඉස්ටුදඩියෝවේ

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ තිබුනේ සරසවි ඉස්ටූඩියෝ එක.. සරසවි හෝල් එක නම් නෑ.. දැන් එතන කේ ඇෆ් සී එකයි.. ෆුඩ් සිටියයි...

      Delete
  20. ඉස්සර වෙඩින් පින්තුරය ඩොනල්ඩ් එකෙන් ගැනීමත් එක ලෙවල් එකක් කියල තමා කියන්නෙ.
    දිනය සහ වෙලාව මාස කීපයකට කලින් වෙන් කර ගත යුතුව තිබුන.

    ReplyDelete
    Replies
    1. හ්ම්... එහෙම තත්වයක් තිබිලා තියෙනවා... අදයි, තාත්තගෙන් දැන ගත්තේ..

      Delete
  21. අද දින උපන් දිනය සමරන මාතලන් ගෙ පුතනුවන්ට,කෙන්ජි පවුලේ සැමගෙන්,
    "සුභ උපන් දිනයක් වේවා පුතේ නුඹට"

    ReplyDelete
    Replies
    1. පුත්‍රයට සුභ උපන් දිනයක් පතනවා!!

      Delete
    2. බොහොම ස්තූතියි.. මම ඕවා එච්චර ගනන් ගන්න කෙනෙක් නෙවෙයි..

      Delete
  22. 'ආනන්දේ පින්තූරේ' නම් හරිම ලස්සණයි. (පරිප්පු රෝයල් වගේද ආනන්ද එක හී හී )

    පුතාට අහවලාගෙනුත්, මගෙනුත් සුබ උපන්දිනයකට උණුසුම් සුබ පැතුම්!!!

    අද මතක් කරලා පුතාගේ ෆොටෝ එකක් ගන්ට.එයා ලෝකේ ඉන්න ලස්සනම කෙනෙක්ගෙන් එක්කෙනෙක්. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. මම ඕවා එච්චර ගනන් ගන්න කෙනෙක් නෙවෙයි..

      Delete
  23. මහා ලොකුවට වෙඩින් ෆොටෝ කියලා දාස් ගණන් වියදම් කරලා ඇල්බම් හැදුවට ඕක හැමදාමත් ලග තියාගෙන එව්වා දිහා බලලා සතුටු වෙන අය ඉන්නේ කින් කි දෙනාද? අද බැදලා හෙට ඩිවෝස් උනත් ෆොටෝ ගහන උනුත් කියක් හරි හොයාගන්න එපැයි බං.

    ReplyDelete
    Replies
    1. උදාහරණය සනත් ජයසූරිය

      Delete
    2. මිනිස්සු සල්ලි නාස්ති කරන්නේ කිසිම තේරුමක් නැතිව.. මහ උන්ට පිස්සු තිබුනත්.. සමහර දරුවෝ ඔය වගේ විකාර වලට කැමති නෑ.. ඒක හොඳ ප්‍රවනතාවයක්..

      Delete

  24. http://misterhyde-theotherhalf.blogspot.com.au/
    මාතලන් ඕව වැඩක් නෑ. පිළිකා රෝහලට යන්ට ලෑස්ති වෙලා හිටපන්. මම දැක්ක උඹ එතෙන්ටත් ගිහිල්ල කොටල තිබුණ.

    ReplyDelete
    Replies
    1. අනික් උන්ට ඉස්සෙල්ලා ඌටයි කැන්සර් හැදෙන්නේ.. කෙලින කෙප්ප වලට..

      Delete
  25. ඔය රෙද්ද අස්සේ රිංගලා ෆොටෝ ගහන කාලේ ගත්තු එකක් දෙකක් තියෙනවා ගෙදර....ඒ දවස වල මම ඇහුවලු අම්මගෙන් " මොනාද අම්මේ අර මාමා රෙද්දක් ඔලුවේ දාන් කරන්නේ " " පුතේ ඒ රෙද්ද අස්සේ තියෙන අර රවුම් හිලෙන් තමයි අපිදිහා බලලා පොටෝ ගන්නේ"
    "ඉතින් ඇයි අම්ම ඒ මාමා අපි දිහා හොරෙන් බලන්නේ " කියලා .
    තාක්ශනේ දියුණුව නිසා අද හැමෝම පොටෝග්‍රපර් ලා වෙලා , ෆෝන් එකක් ගන්නකොට බලන්නෙත් එකෙන් කෝල් ගන්න බැරි වුනත් පොටෝ ගහන්න පුලුවන්ද කියලනේ .

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. දුරකථන අලෙවිසලකට පැමිණි පුද්ගලයෙක් දුරකථන ගැන විමසුවා. කඩේ මුදලාලි තරුණයා දුරකතනයක් අතට අරන් එහි තිබෙන විවිධ පහසුකම් සහ උපාංග මහ ඉහළින් වර්ණනා කළා. එවිට අර පුද්ගලයා මෙහෙම ඇහුවා. හරි හරි මහත්තයෝ ඒ වුනාට ඕකෙන් කෝල් ගන්න පුලුවන්ද?

      Delete
    2. තාක්ෂණයේ දියුණුව භුක්ති වින්දට වැඩක් නෑ.. චින්තනය ගල් යුගේ නම්...

      Delete
  26. මරියකඩේ "ආනන්ද ආරාමය" ඉස්සරහ, (මම මුලින් හිතගෙන උන්නේ, "ආනන්දේ" කියන්නේ පන්සලක් කියාය.) "ඩොනල්ඩ්ස්",

    අනේ මහත්තයෝ ඔයා රාජකීයට ගියේ වැසසට ද?........ඔයා ඇත්තටම කොළඹ ද?......
    පරණවාඩිය කියන හරියෙනේ ආනන්දෙ තියෙන්නෙ ........ මරියකඩේ..තව කොච්චර දුරද ?.... අහන්නකො 103 පාරේ කොන්දෙක්ගෙන් දන්නේ නැත්නම්.....

    ප,ලී: ඔයාගේ භූගෝලීය දැණුමට මිස මෙය ලිපියේ කථාවට අදාල නැත.

    ReplyDelete
    Replies
    1. මචං පොලිසිය පසු කල ගමන් දකුණට හැරිල ඇස් වාට්ටුව පැත්තට යන හරිය නේද?
      චොප්පෙ හිටියෙත් මරිය කඩේ පැත්තෙ ද?

      Delete
    2. ඔයාට ගූ බෝලේ දැණුම තිබුනට..

      ඔයාගේ සාමාන්‍ය දැණීම නිල්...

      ඔයා වලක් බැහැලා නැද්ද ජීවීතේට.. ගේ ඇතුලෙමද හැදුනේ.. පොඩ්ඩක් බජාර් එකට බහින්න ලොක්කා...

      Delete
    3. අනේ පොඩ්ඩෝ මම ඔයා කියන වලට/බජාර් එකට බැස්සේ 69 කාලේ ඉදන් ....
      .මචං පොලිසිය පසු කල ගමන් දකුණට හැරිල ඇස් වාට්ටුව පැත්තට යන හරිය නේද?
      චොප්පෙ හිටියෙත් මරිය කඩේ පැත්තෙ ද?
      ඔය හරියට හරි කෙන්ජි මලේ ..මමනම් චෝප්පෙව දැකලත් තියනවා .... පිචන් කොල්ලේකුගේ බැක්ස්ටැබ් පාරටනේ යටගියේ.....
      මේකත් හරියට කුරුඳුවත්ත රා ජ කී ය වගේ ........ තරහට නෙමේ කියන්නේ එන්නකෝ මේ පැත්තේ බැහැල යන්න ......හරි වල ගැන දැනගන්න

      Delete
    4. අම්මට උඩු අය්යා කෙනෙක් නේ බලාගෙන ගියාම. චොප්පෙ දන්නවා උනාට මරියකඩේ සැන්ට්‍රල් එක දන්නෙ නැති අයියා කෙනෙක්.. චොප්පෙ මාත් දන්නවා පත්තර වලින්..

      Delete
    5. මේන්න තවත් කා(Ka) එකෙක්.
      විකාරද ජිල්මාට් පප්පගේ වැඩක්ද කොහෙදෝ!
      -කා(Ka)

      Delete
    6. අනේ මාතලන් මලේ ,
      මම නම් අයියා කෙනෙක් නම් නොවේ. මැනින් මාර්කට් එකේ 6x4 තට්ටුවක් උඩ ආනමාලූ විකුනපු එකෙක්. ලොකු දෙයක් මලේ,අර පල්ලෙහා කැලි වල කා.පූ.මා.මූ. වගේ සෙට් එකක් විකාර ලියලා තිබ්බ ඒවා මකලා දාපු එක. මම ගියේත් මලේ කියන ඉස්කෝලෙට තමයි හැබයි ඉතිං එක තිබ්බෙ මරදානේ ටෙක්නිකල් හන්දියි යයි පංචිකාවත්ත වට රවුමයි යාකරන ශ්‍රී සංගබෝධීරාජ මවතෙයි මැදට වෙන්න .
      උපන් ගමයි , හැදුන ගමයි ගැන ලියාපු හින්දයි මේවා ලිව්වේ ......
      "එහෙම එකක් තියෙනවා ඇත්තටම.. ඒත් මගේ බොක්කෙ යාළුවෝ වැඩි පිරිසක් ආනන්ඩියන්ස්ලා.. මම ඕකේ පන්තිවල ඉඳලත් තියෙනවා.".
      මලේ මේ ඉස්කෝලෙට ඇත්තටම ගියාද.... කොයි පන්තිවලද වඩිවෙලා උන්නේ
      ක්‍රිස්තුවා මැරීකැන්ස් ලිව්වේ ආ යි මරාගන්න එපා ....මලේ උඹ පොළොන්නරුවේ රාජකීය එහෙම ගියේ නෑනේ....කුරුඳුවත්තේ රාජකියටමනේ ගියේ...මට නම් එක ෂුවර් දැන්.ගම ගාල්ලේද?

      හිනා යන ඒවා ලියපන් මලේ සිර ඒවා නැතිව.....

      Delete
  27. "ප්‍රචණ්ඩත්වයෙන් තොරව පළාත් දෙකෙන් ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රණයට,
    අතිගරු ජනාධිපති උතුමාණන්ට මාගේ උණුසුම් සුභ පැතුම්..!!"
    Palipane from Japan .

    ReplyDelete
    Replies
    1. සුසිරිපාල From Atlanta

      කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ දැනෙන්නැද්ද ?

      Delete
    2. මල්ලෙ පොල් නෙමේ,මල්ලෙ ගෙනියන්න තිබිච්ච පොල් බෑයත් නැති කරගන්න ඔබ වැනි ජනතාව ට උපහාරයක් පිණිසයි එතුමාට සුභ පැතුවෙ.
      සුභ අනාගතයක්...!!!
      Palipane from Japan .

      Delete
    3. සුසිරිපාල From Atlanta

      ඔබතුමාගේ මන්ද බුද්ධික ගතිය පොඩි කාලෙ ඉඳලම තියෙන එකක්ද ?

      Delete
    4. ඔය යකා ලඟදි ලංකාවට එනවලු. ඒ හින්ද දැන්ම පුක ලෙව කන්න රියසල් එකක් කොරන්නේ ඔය.

      Delete
    5. ලොක්කා හොල්ලන්න බෑ තව සෑහෙන කලකට.. ඒත් මේ මැතිවරණයේ ධනාත්මක ලක්ෂන බොහෝමයක් තියෙනවා..

      Delete
    6. ඇහ්! මාතලනෝ, ලොක්කා ඔහෙට කීයක් ගෙව්වෙයි කඩේ යනවට?

      Delete
  28. අඩේ ෆොටෝවලටත් තියෙන කථා ....... පුතාට සුභ උපන්දිනක් .... දැන් එයාට වයස කියද ?

    ReplyDelete
    Replies
    1. වයස අහන්න එපා යකෝ..
      පුත්‍රයා දෙමාපියන්ට වදින්නෙ,>>පස් මාසේ උරේ කත්වා<< කියලලු..

      Delete
    2. දහ තුනයි.. වයස හොයන්න බොහොම ලේසියි.. ඒයා මිලේනියම් බෝයි..

      Delete
  29. මගේ ජංගම දුරකථනයේ 5Mp කැමරාවක් තියෙනවා.photo quality හොදයි. ඒක නිසා මමත් යන යන තැන විශේෂ දෙයක් දැක්කොත් ඡායාරූප ගන්නවා.අනික දැන් ඒවා FB එකේ share කරගන්නත් පුලුවන්නේ.බ්ලොග් පෝස්ට් වලටත් ඒවා පාවිච්චි කරල කියෙනවා.

    ReplyDelete
    Replies
    1. FB කියන්නේ free breast ද

      -කා(Ka)

      Delete
    2. නෑ,නෑ,එතන මොනවත් SHARE කරන්න යන්නේ නෑ.

      Delete
    3. මම නම් දැක්කේ නෑ උඹගේ එකම පොටෝ එකක්වත්..

      Delete
  30. මමත් පොටෝ කාරයෙක් කියල මහලොකුවට හිතාගෙන හිටියට යන තැනක කැමරාව අරං යන්න නිතරම අමතක වෙනවා,පින්තූරයක් ගන්න අවශ්‍ය වුනොත් තමා මතක් වෙන්නෙ.
    මාතලන්ගේ පුතාට සුබ උපන් දිනයක් වේවා!!!
    ජනාධිපතිතුමා ලද අතිවිශිෂ්ට ජයග්‍රහණයට මගේ උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. @විකාරද ජිල්මාට් ට පැන පැන දෙන ඇනෝ 8:42
      කියවපන්, ඔර්ජිනල් කාගෙන් පුංචි අදහසක්.
      http://maathalan.blogspot.com/2013/08/sex-in-bus-strictly-for-adults.html?showComment=1378114229603#c2558917642186194467
      -කා(Ka)

      Delete
    2. මෙය කියවන සියලු දෙනාගේ අවධානය යොමුකරන්න. මේ බොරු -කා(Ka)තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ ලිපිවලින් උදාහරණ පෙන්නන ප්‍රතිපත්තියක් නැති අවලමෙක් බව පැහැදිලියි. මූ මේ ඊයේ පෙරේදා ඉඳලා මගේ නම විකුණගෙන කන්න හදන්නේ මූට කිසිම තාර්කික හැකියාවක් හෝ නිර්මාන හැකියාවක් නැති නිසයි. මූට රැවටෙන්න එපා. මුගේ ඉතිහාසය හෙට අනිද්දම සියලු බ්ලොග් සින්ඩිකෙටර් වල පළකරනවා. ඒයි බොරු -කා(Ka)උඹේ සෙල්ලම් ඉවරයි.

      -කා(Ka)

      Delete
    3. මම නැවතත් සියලුදෙනාගේ අවධානය යොමු කරනවා බලන්න මේ බොරු කා උගේ නම ලියන තැන්වල අර මම ලියන ආකාරයට මුලින් ඉරක් යොදා නැහැ. මෙන්න මේ විදිහට. -කා(Ka) එය මගේ අනන්‍යතාවයේ සංකේතයක් මූ බොරු කා එකෙක් බව එයින් පෙනෙනවා. මම යොදන තවත් රහසක් මේ සංකේතයේ තියනවා. බොරු කා උඹ තවත් නැටුවොත් ඒ ඔක්කොම පැහැදිලි කරලී උඹේ බොරුව ඔප්පු කරලා රෙදි ගලවනවා.
      -කා(Ka)

      Delete
    4. බොහොම ඉස්තූතියි හැලපේ... ලොක්කට විස් කොරාපු එක මම හම්බ උනාම කියන්නම්...

      Delete
  31. මාතලන්ගෙ බොගෙ මෙ වගෙ එව වැඩිය ඔන නැ මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියා අර කා කියන එකාගේ කටේ බොක දාන්නකෝ.

      Delete
    2. ඔබේ අදහස තව කීප දෙනෙක්ම කිව්වා... ඒත් ඉතින් හැමෝම ගැන හිතන්නත් එපයි.. එකයි මම හැම එකම දාන්නේ..

      Delete
  32. මෑත කාලයේ නම් මම දැක්කෙ නෑ ඒ ඉස්සර රෙද්ද අස්සේ රිංගලා පොටෝ ගහන තැන් ඒත් ජොනතන්ස්, ඩොනලඩ්ස්, හෙලන්ස් වගේ තැන්වල තාමත් ඒක තියෙනවා වගේ මතකයි. ඒ මොනව වුනත් ඒකෙන් ගහන ෆොටෝ සදාකාලික කලාත්මක බවක් තියෙනවා. උදාහරනයක් විදියට වෙඩිං ෆොටෝ . ඔය අලුත් ඒවට ඒ මැෂින් එක්ක හැරෙන්නවත් බෑ.


    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දයා එවයේ තියෙන්නේ කළාත්මක බවකට වඩා ගාම්බීර බවක්.. ඕක කළු සුදුත් නෙමෙයිනේ.. නිකන් බ්‍රවුන් කලර එකක් තියෙන්නේ.. නව පරපුරේ උන්ගේ කළාත්මක බව තියෙන පින්තූරූ ගන්න උන් ගොඩාක් ඉන්නවා.. ඒවා ඇත්තටම ජාත්‍යන්තර තත්වයේ තියෙනවා.. ජාත්‍යන්තර සම්මානවලට පවා පාත්‍ර වෙලා තියෙනවා.. ඉස්ටූඩියෝ එකකට නම් ගොඩ වැදුන කාලයක් මතක නෑ..

      Delete
  33. මගෙත් එහෙම ගත්තු පොටො එකක් තියෙනවා. කලු රෙද්ද අස්සෙන් ගිහිල්ල පොටෝ එක ගන්න කොට මැජික් වගේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර එහෙම පොටොග්‍රැෆර් ලා කානිවල් වලත් උන්නා.. පොටෝ එක එවේලෙම දෙනවා...

      Delete
  34. රෙද්ද අස්සෙ රිංගන කැමරා තාම තියෙනවද ? මට ඉස්සෙල්ලාම රෝද 3 බයිසිකලයක් අරන් දීලා තියෙන්නෙ ෆොටෝ ගහන්න ඉදගත්ත බයිසිකලේ අතඇරලා යන්න බෑ කියලා අඩපු හින්දා කියලයි දෙමාපියො කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට කාරෙක හම්බ උනෙත් ලොකු උපවාසයක් කරලා.. අඬලා පෙරලිලා මහා උද්ඝෝෂණයක් කලයින් පස්සෙ තමා..

      Delete
  35. මේ පොස්ටුවෙන් ෆොටෝ ඇල්ලිල්ල කෙසේ වෙතත් මාතලන් අයියගේ වයස ගැන පොඩි වැටහීමක් ආවා.

    ReplyDelete
    Replies
    1. මගේ ඊ මේල් ඇඩ්‍රස් එක බලන ඕන කීකුට මගේ වයස කියන්න පුළුවන්..

      Delete
  36. කා(Ka) ගැන දානගන්න.

    http://arugeadaviya.wordpress.com/2013/09/17/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-6-%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A/#comment-936

    යටම කොමන්ට් ජුන්ඩ බලන්න.

    ReplyDelete
    Replies
    1. -කා(Ka) ගේ අම්මා කාලා කාලා -කා(Ka) ගේ ජුන්ඩා දැන් අඟලක් විතර කොට කෑල්ලක් තියෙන්නේ.
      -කා(Ka)

      Delete
  37. ෆොටෝ ගැන කථා කලොත් කැමරාව මොකක් වුණත් ගන්න ඕනේ දේ හරියට ගත්තොත් හරි. වෙඩින් වල කැමරාකරුවෝ තමන්ට ඕන විදියට කපල් එක හසුරුවන එක මටත් අල්ලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නම් බැරි වැඩක්.. හොහොමත් අණ කිරීම මට පොඩි කාළේ ඉඳලා දිරවන්නේ නෑ.. සීය හිටන් මගෙන් කුණුහබ්බ අහගෙන තියෙනවා අණ දෙන්න ඇවිත්..

      Delete
  38. අපේ අක්ක බැදල ලමයටත් දැන් අවුරුද්දක් ඉවරයි තාමත් ඉස්ටෝරි බුක් එක හම්බෙලා නෑ කියන්නේ .. කොයි පොටො කෙරුවාවත් ඔච්චර තමයි

    ReplyDelete
    Replies
    1. ඒක හදන්න වෙලාවක් නෑ.. පොටෝ අල්ලන්න යනවා ඇති.. පුදුම පිස්සුවක් නේ තියෙන්නේ. නඩු දාන්න පුළුවන්.. හැබයි වෙඩිමට වඩා ගානක් යනවා නඩුවට..

      Delete
  39. මගේත් ෆෝන් එකේ කැමරාව හන්දා ගෙනියන තැන්වල ලස්සන ඉසව්වක් මගඅරින්නෙම නෑ. ඒ ඉතින් මේනියාව නෙමෙයි. මම ආසයි ඔය පරිසරයේ ලස්සන වගේ දේවල්. පස්සේ කිාලෙක බලලා සතුටු වෙන්ඩත් අහැකි නේ.

    ReplyDelete
    Replies
    1. කිසිම වැරද්දක් නෑ.. අනවශ්‍ය තැනවල ගෙනියන එක ගැනයි කතා කලේ...

      Delete
  40. MAGE LANGA THIYENAWA JOKA IRUNA WELAAWE GATHTHA SAMBAWYA GANAYE PHOTO EKAK

    ReplyDelete
  41. math oya mal kumara seen kon valata gihin oyavanima kattanubava gananavakatama hiti hati ada vagema mathakaya.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න