පිදුම - හිතවත් හැලපයාට...
අද උදේම, කාළෙකින්, බොහෝම අපූරූ බ්ලොග් ළිපි කීපයක්ම කියවන්න ලැබුනා. එයින් වඩාත්ම සිත් ගත්තේ, "සරත් ලංකාප්‍රිය" ගේ, "ඉතින් ආයුබෝවන් සබඳ යලි හමුවෙනතුරු සසරේ.." බ්ලොග් පෝස්ට් එක. ඒ වගේම මම කවදත් ප්‍රිය කරණ "හැලපයගෙ", "මදුමල සහ ගොඩ්ෆ්‍රිගෙ මඤ්ඤොක්ක හැළිය.." කියන බ්ලොග් පෝස්ට් එකත්, මාව අතීතයට අරගෙන ගියා. ඒ කියන්නේ, අපේ කොළු කාලේට. එදා අද කියලා නෑ, මියෙන තුරා අපු හදවතින් කොල්ලො තමයි.
ඒත් මේ කියන්නේ, භාහිර පෙනුමෙන් කොල්ලෝ කියලා කියන, මහා අකීකරු, මුරන්ඩු, නොසන්ඩාල, වනචර, හිතුවක්කාර, විප්ලවීය, මරුමූස් කාලය ගැන. මේ වයසෙදි කිසි කෙනෙක් රුස්සන්නේ නෑ. ගුරුවරයකුට උනත්, සෙකන්ඩ් වෙන්න, යටත් වෙන්න කැමති නෑ. ඒක මම හිතන්නේ මොන රටේ තරුණයකුට උනත් ස්වභාවධර්මයෙන් ලබා දෙන දෙයක්.
ජීවීතයට පන්නරයක් ලබන්න, ඒ වගේ කාළයකුත් අත්‍යාවශ්‍යයි කියලයි මම නම් හිතන්නේ. මේ කාළේ තියෙන ළොකුම නිදහස් තමයි, කිසිම වගකීමක්, වගවීමක්, නොමැති වීම. හරියට... නිදහසේ අහසේ පියඹා යන කුරුල්ලෝ වගේ. ඒත්... අද කොල්ලන්ට, එහෙම කාළයක් තියෙනවද කියලා, ළොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒක වෙනම සාඛඡ්චාවක්.
හැලපේගේ ළිපියේ, මිල්ටන් මල්ලවආරච්චි ගැනත්, මිල්ටන්ගේ ගීත කීපයක් ගැනත්, සඳහනක් තිබුනා. මම හිතන්නේ.. එදා අද වෙනසක් නැතිව, බූට් ගීත, ලව් ගීත වලට, ලංකාවේ ඉන්න නොම්මර එක තමයි මිල්ටන් මල්ලවආරච්චි. උහුගේ ගීතවල පද රචණා බොහෝ ගනනක් මම දන්න විදියට කරුණාරත්න අබේසේකරයන්ගේ. කරුණාරත්න අබේසේකර කියන්නේ, ප්‍රේමකීර්ති ද අල්විල් වගේම ඕනෑම ආකරයක ගී ලියන්න පුළුවන් කළාතුරකින් බිහිවන පිරිපුන් කළාකරුවෙක්.
අපේ කාළේ ලව් ලෙටර්වල, මිල්ටන්ගේ ගීත ඇතුලත් උනා වගේම, අපිට ඉහත පරම්පරාවේ ලව් ලෙටර්ස් වලත්, මේ ගීත අඩංගු උන බව, මම කීප තැනකදි අහලා දැකලා තියෙනවා. මේ "සෙනෙහෙ කොල" කලාවත් මහා පුදුමාකාර දෙයක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක, සෙනෙහෙ කොල කළාවත් කෙලවෙලාම ගිහින් කියලායි මට හිතෙන්නේ.
අපි උනත්, අද මිතුරෙකුට ළියුමක් ලියන්නේ නෑ නේ. එක්කෝ SMS ගහයි. එහෙම නැත්නම් SMS භාෂාවෙන්ම, ඊ තැපෑලට ඊයක් විදියි. එච්චරයි. එහෙමත් නැත්නම්, බුකියේ හරි, ස්කයිප් එකේ හරි, චැට් එකක් දායි. යාළුවා ඒ වෙලවෙම ලයිව් පේනවා. මේ අටමගල් හේතුවෙන්, මිතුරු කම් වලත් එච්චර වටිනාකමක් නැති වෙන නිසා, මම ඕවලින් ඉවත් වෙලා ඉන්නේ. වීඩියෝ කොන්ෆරන්ස් යන්නෙම නැති තරම්. බුකිය කියන්නේ මට නම් මොහොතක සුව දෙන, චංචල ළෝකයාක්ම පමණයි.
ඔය සෙනෙහෙ කොල ලිවිල්ලත් හැම එකාටම කරන්න බෑ. ඒකටත් ආදරය ගැන වගේම සාහිත්‍ය ගැනත් ඒ වගේම හොඳ නිර්මාන ශක්තියකුත්, තියෙන්න ඕනා. එහෙම නැත්නම් ඉතින් කෙල්ලොන්ගේ මුදු හිත්, ආලයෙන් මුසපත් කරන්න, බොහෝම අමාරුයි. හරියට එයාලා... සුරතාන්තෙට පත් වෙනවා වගේමයි. කවදාවත් උපරිම තෘප්තියට පත් වෙන්නේම නෑ. පත් නොවීම ඉන්නෙත් නෑ. ඒත්... ඒක, බොහෝම අමාරු වැඩක්. අමාරු වැඩක් උනත්, ඉෂ්ඨ සිද්ධ කලේ නැත්නම්, ආයේ දේව සාපේ වගේ තමයි, මාර ලෙඩක්.
අපේ එකෙක්, අපි වගේ, ආදරය පිළිබඳ මහාචාරයවරුන්ගෙන් කිසිම අවවාදයක්, අනුසාසනයක් ගන්නේ නැතිව, කෙල්ලෙකුට සෝස පාට කොළේක "I Love U" කියලා, ළියුමක් ලියලා දීලා මේ පහේ පන්තියෙදි. ඕකේ ඉන්ගිරිසියෙන් තියෙන, "ලව්" කියන කෑල්ල වෙනුවට, නැට්ට නැති බෝ කොලේ තමයි, මූ ඇඳලා තියෙන්නේ.
එතකොට මම කැළණියේ ධර්මාළෝකේ. ධර්මාළෝකේට, ඒ කාළේ කිව්වේ, "ප්‍රේමාළෝකය" කියලා. පඩත්තල උන් නම් කිව්වේ, දරමඩුව කියලා. තුනේ පන්තියේ දෙවන වාරේ ඉඳන්, පහේ ෂිශ්‍යත්වය පාස් වෙලා, රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට යනකන්, මම ගියේ මේ සුන්දර පාසලට. ඒ සුළු කාළයේ දිනයක් දිනයක් පාසා, හරීම සුන්දර දවස්. එහෙම වෙන්න ප්‍රධාන හේතුව, සුන්දරත්වයේ සංකේතය වන, ස්වභාවධර්මයේ, අපූරූ නිර්මාණයක් වන, කෙල්ලෝම වෙන්න ඇති ටක්කෙටම.
අනේ ඉතින්... අර බක පන්ඩිත පුංචි පහේ මංට වෙලා තියෙන්නේ මොකද.? කෙල්ල, අර සුන්දර සෝස පාට සෙනෙහෙ කොලේම, "I" කියන අකුරට පස්සේ, ඉන්ගිරිසියෙන් "not" කියලා දාලා. දැන් ලියුම තියෙන්නේ, පන්ඩිතයගේ අතේ. ලියුම අපිත් දැක්කා, ඒ උනාට.. ඌ ෆුල් වැඩ දාලා තමයි, "I Love U" කියලා ලියලා තියෙන්නේ. නැට්ට නැති බෝ කොල. සෝස පාට කොලේ පුරාම.
ඌ ලංසියා ඒ වගේම, චන්ඩියා. කෙල්ල, මේ කතාව අනික් කෙල්ලන්ට කියලා, අරූට කින්ඩිය දාද්දි. මූ කෙල්ලට කින්ඩිය දැම්මා, කෙල්ලට ඉන්ගිරිසි බෑ කියලා. මොකෝ කෙල්ල සුද්දියෙක් වගේ සතුම සතු බොහෝම ලස්සන කෑල්ල. මූ ට්‍රයි එක අත ඇරියෙම නෑ. ඒත් කෙල්ල කැමති උනෙත් නෑ. අද, කෙල්ල ඉන්නේ ඔස්ට්‍රේලියාවේ, වෛද්‍යවරියක්. කොල්ලා මැද පෙරදිග ෆ්‍රන්ට් ඔෆීස් මැනේජර් කෙනෙක්. ඔහේලට කියන්න... කෙල්ල දුන්න උත්තරේ මම දුන්නා නම්, මම දෙන්නේත්, "I not Love U" කියලම තමයි.
ඉතිරිය ඊළඟ කොටසේ..
ඔය අද කාලේ හැදෙන කොල්ලන් ගැන අවුරුදු හතලිස් ගනංවල අග හරියේ ඉන්න වැඩිහිටියෝ දුක්වෙන එක මාතලන් ගේ සීයා කොල්ලා කාලෙත් වෙන්න ඇති.
ReplyDeleteමාතලන් ගේ තාත්තා කොල්ලා කාලෙත්, මාතලන් කොල්ලා කාලෙත් වුණා වගේම අදත් වෙනවා.
තවත් කාලෙකින් ඔහේ ගේ පුතාත් ඕකම කියාවි.
ලෝකෙ නිකං බෝලෙ වගේ කැරකෙනවා!
ඔය කේස් එකම විශ්ව විද්‍යාලවල seniors ලා juniors ලා සම්බන්ධයෙනුත් ඇත්තක්.
Deletehttp://kathandara.blogspot.com.au/2011/10/eternal-truth-about-university-life.html
සහතික ඇත්ත කතෝ.. ඒක ඕනම පරම්පරාවක තියෙන දෙයක්. ඒ ගැන මගේ මතය මෙතන ලිව්වට වඩා වෙනස් දෙයක්. මෙතන කතා කලේ පොදු මතය. මගේ දැක්ම මීට වෙනස්. ඒත් පොදුවේ ගත්තාම, අපේ ළමා කාළය, තාත්තගෙ ළමා කාළය වගේම සීයාගේ ළමා කාළය බොහෝ දුරට සමානයි. අපි තුන් දෙනාටම තියෙන්නේ එක වගේ අත්දැකීම්. ඒත් අද බොහෝම වෙනස්, ඒක තාක්ෂණයේ දියුණුව නිසා වෙච්චි දෙයක්. මගේ ඒ ගැන අහිතක් නෑ. ඒක බොහෝම හොඳ දෙයක් හැටියටයි මම දකින්නේ. අපි ඇත්තටම වින්දේ ගෝත්‍රික දරුවන් විඳපු ළමා කාළයක්. කැළෑවට, ඇලට දොලට බොහෝ සමීප ළමා කාළයක්.
Deleteඅන්න අන්න කොල්ලව වයසට අරින්න හදනවා කකා. මෙයාට තාම තිහක්වත් නෑනෙ..
Deleteපිස්සුද සරා 18 යි, මාස 8 යි.
Deleteමාතලියෝ.... I not love you.....:D
ReplyDeleteheart එක මෙතනට දාගන්න හැටි දන්නේ නෑ. නැත්නම් ඒකත් දාන්ට තිබ්බා...
අද පෝස්ට් එක නම් හොඳට තේරුනා...:)
ඒ උනාට පොකූ... තේරුම් ගන්න අමාරුම සබ්ජෙක්ට් එක තමයි, ආදරය. ඒ කියන්නේ ලව් එක. ටික දවසකින් ලව් ඉලව් වෙන්නේ ඒකනේ..
Deleteහ්ම්ම්...අනිත් කොටසත් කියලම දෙන්නම් කෝ.....
ReplyDeleteකට නම් කොකියනව.....
අනේ ඒ කකියන ටික ලියහන්කෝ. මහන්සිය බලන්නේ නැතිව, කව්ද අකමැති බ්ලොග් ළෝකේ ජනප්‍රියම එකාගේ ඇක්ස්පීරියන්ස් කියවන්න.
Deleteමටනං කවදාවත් ඔය වගේ එකක් ලියාගන්න බැරි උනා. ඒකෙන්ම පේනවනෙ සාහිත්යෙ තරම.
ReplyDeleteඉතුරු ටිකත් දාමුකො බලන්න.
සාහිත්‍යය කියන එක ලියලා තියෙන හැටියෙන්ම පේනවා, ඒ ගැන උඹේ දැණුම, හැලපේ එහෙම දැක්කා නම් තෝ මරණවා, අක්ෂර විඥාසෙන් ගහලා...
Deleteශැක් අපිට බැරි උනානෙ ලවු ලියමනක් කුරුටු ගාන්න. SMS කොට කොට හිටියා මිසක්කා.
ReplyDeleteධර්මාළෝකෙට ප්‍රේමාළෝකෙ කියන එක නම් දැනන් හිටිය, දරමඩුව කියන එක ඇහුවෙ අදයි. 'ටයර් සංස්ථා හංදියට' ඉස්සර දරමඩුව හංදිය කියලා කියනවලු. ඒ දෙකේ ඒ සම්බන්ධයක් තියෙනවද මාතලන් අයියෙ?
ඒක නම් වෙන්න බෑ.. දරමඩුව ගැනත් පෝස්ට් එකක් ලියන්න උන්නේ. කොහේද බං මම කැමතිම විෂය ඕවා නෙමෙයිනේ.. මේක ලිව්වෙත් හැලපේ නිසාමයි..
Deleteකැමතිම විෂය ගැන ලියන ගමන්ම ඉඩක් හම්බුන ගමන් ඒ පෝස්ට් එකත් ලියන්න පුළුවන්නම් ගොඩක් වටිනවා මාතලන් අයියෙ.
Deleteඅපි ඉතිං ඇටෙන් පොත්තෙන් එළියට එද්දිම ලව් ලැටර් සාක්කුවේ දාගෙන ගියපු අය නේ. ඒක නෙමෙයි බං හැලපයා ගොඩ්ප්‍රියා ගෙනාවේ නෑ නේද??
ReplyDeleteඋඹ එහෙනම් වෙන පෝස්ට් වගේම ඒකත් කියවලා නෑ මයේ හිතේ...
Deleteසෙනෙහෙ කොළවලින් හෙළිවන වැදගත් දෙයක් තමයි ඒ ඒ කාලයට අදාලව තරුණ පරපුර සතු භාෂා සහ සාහිත්‍ය ඥානය කෙබඳුද යන්න දැනගන්නට හැකිවීම. ඇත්තටම අපිට හොයාගන්න පුලුවන්නම් 1940 දශකයේ සිට 1980 දශකය දක්වා පෙම්පත් කීපයක් ඉතාම පුදුමාකාර ලෙස භාෂා ව්‍යවහාරයේ වෙනස්කම් බලාගන්න පුළුවන්.
ReplyDeleteභාෂාව අක්ෂර මේ ඔක්කෝම වෙනස් වෙනවා සරළ වෙනවා කිව්වාම මරා ගන්න එන්නේත් හැලපයාලා ඔහේලම නේ..
Deleteමම අපේ අම්මගේ ලව් ලෙටර්ස් හිටන් කියවලා තියෙනවා. ඒවා අර ඒ කාළේ චිත්තරපටි වගේමයි. ඒ උනාට අපේ තාත්තා, අම්මට එකම ලියුමක් වත් ලියලා නෑ. එයත් මම වගේමයි....
සරල කරන්න කියල නිදහසට කාරණයක් හදාගෙන බාසාව කන්න නං හදන්න එපා.ටිකක් අමාරුවෙන් හරි නියම සිංහල ලියපල්ලා.කෝ මේ නලිය,මාතලන් ටික දවසකින් නලියව දැක්කෙ නෑනෙ.
Deleteඌ බුකියෙ චැට් කොර කොර ඉදල මා එක්ක මේ දැන් ගියෙ ..
Deleteබොගවල් පැත්ත පළාතේ එන්නෙ නැහැ වගේ ..මට අහන්නත් බැරිවුනා..
නලියා යාපනේ ගිහින් දවස් තුනකට. ෆේස්බුක් එකේ මේ ටිකේ තියෙන්නේ උගේ පින්තූර විතරයි. මම ඒකට යන්නේ මැලේසියන් අහස් යන්තරේ ගැන අපේ උන් කියන ඒවා බලන්න. කෝ මෙළෝ දෙයක් නෑ. විනාඩියෙන් විනාඩිය නලියා පොටෝ අප්ඩේට් කොරනවා..
Deleteඑනවා එනවා බ්ලොගක් කියෝනකොට ටිකක් විවේකයක් ඕන. එත් බුකියේ යමක් කොටන්න හැකියි වැඩ කරන ගමන් වුවත්. ඒ නිසා මේ දිනවල බුකිගතවම සිටියෙමි. නැවත එමි බ්ලොග් පැත්තට ලබන ඉරිදා පමණ සිට. එතෙක් අවිවේකයි. සොයා බැලීම ගැන ස්තුතියි හැලප අය්යේ මාතලන් කෙන්ජි ඔබ හැමෝටම.
Delete//ඒ උනාට අපේ තාත්තා, අම්මට එකම ලියුමක් වත් ලියලා නෑ. එයත් මම වගේමයි....//
Deleteඅප්ප කලදේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියල තියෙනවලුනෙ.
භාෂාව වෙනුවෙන් හැලපෙ සමග අත්වැල් බැඳගනිමි.
Deleteසෙනෙහෙ කොලේක තියෙන ආතල් එක කොහේද බං.. sms එකක.
ReplyDeleteඅත් අකුරු ලස්සන වගේම..පොඩි චිත්‍ර හැකියාවක් තිබුනු උන්ට අම්මෝ තිබුන ඉල්ලුමක්..? ඔය ලියුං කරදහි වලට චිත්‍රයකුත් ඇතුලත් උනා...ඒ කාලෙ තිබ්බ ච්ත්‍රකතා පත්තර වල තිබ්බ..ලව් සික් ගහපු..මූඩ් ගහපු චිත්‍ර ගෙඩි පිටින් කොපි කලා...!
හය්යෝ අතීතයක් එකදිගට පෝලිමේ මතක් උනා බං..!!
මම ලිව්වේ ඒ වගේ බොහෝම නිර්මානශීලී ලියුම් තමයි. ඒ ගැන ඊළඟ එකෙන්..
Deleteමෙක නිකන් පෙරවදන වගෙ.තාම කතාව පටන්ගත්තෙ නැ නේද
ReplyDeleteහ්ම්..... එහෙම කිව්වත් හරි තමයි මචෝ...
Delete... පරණ පෙම් පුවත්පතක් අරගෙන ඒකේ හිත කඩාගෙන යන ආදරණීය වදන් ගෙඩියපිටින් කොපිකරල සෙනෙහෙකොලේ පුරාම හීනියට අමුනනවා... ලස්සන සිංදුවක වදන් පෙලක් අරගෙන අතරින් පතර දානවා... අනේ අහිංසක කෙල්ලොත් මෙව්වට අහුවෙනවා.....
ReplyDeleteජය වේවා!!!
ඊළඟ එක කියවපන්කෝ, ඔය ඔක්කෝම ඒකේ තියෙනවා..
Delete"මම දුන්නා නම්, මම දෙන්නේත්, "I not Love U" කියලම තමයි."
ReplyDeleteඒ කාලෙ මාතලන් ලන්සි කොල්ලන්ට කෑමති නෑ?
අපි දෙන්නගෙම මනාපෙ එයාලට තමයි ඉතිං ....
Deleteඅනිත් එකියො වගේ බදිනකන් ඔන්න මොකුත් බැහැ කියන්නෙ නැහැනෙ ...
මුල්ම දවසෙ හමු වුන පළමු විනාදි 30 දිම කට කන ක්‍රීඩාවේ යෙදෙනව අපරාදෙ කියන්න බැහැ ...
කැළණියේ මාර ලන්සියෝ තොගයක් හිටියේ ගොඩාක් උන් මම පවුල් පිටින් අඳුනනවා. මාත් ඉතින් ලංසියා වගේනේ. උන්ගේ සැහැල්ලු සංස්කෘතිය මගේ ජීවීතේට ගොඩාක් බලපෑවා.. ලන්සි කෙල්ලන් එක්ක හුට පට බොහෝමයි.
Deleteබර්ගර් කෙල්ලන්ගෙ තාත්තල එල බුවාල ..
Deleteකන්නයි,බොන්නයි,දුමයි තියෙනව නම් ඉතිං ...ආයේ මොකුත් ඕන නැහැ...
ඒ වගේම කයිය ගහන්නත් දෙයියෝ...
මේ කමෙන්ට් නිසා “ජෑම් ගහයට ගෙදර“ පොත මතක් වුණා.
Deleteකෙන්ජිටත්,මාතලන්ටත් ස්තුතියි *ලන්සි “රහස් හෙළිකලාට.
අන්තිම රාජසිංහත් ලන්සි කොල්ලන්ට කැමතිවුනු කොට...!!!
ඒ මේ මං ඔයා තරං වයස නැතුවත් මාත් එකක් ලීව හරිද.. දුකේ බෑ... ඒක කියවල කෙල්ල **කෙනුත් එක්ක හිනා වෙලා මට ලියුමක් ලීව... මං ඔයාට කැමතී... ඒකෙ එච්චරමයි තිබ්බෙ...ඕං උන්නෙ ලියුං...
ReplyDeleteඅර කෙල්ල හිනා වුනේ ඇයි කායලද ඇහුවෙ...
මං ඒකිව සමාන කොරල තිබ්බෙ රත් කෙහෙල් ගෙඩියකට.. මොකද එයා සෝසම සෝස පාටයි... ඒක කැමති වෙලා තිබ්බෙත් මගෙ පිස්සු විකාර වැඩ වලට
සැක් ඉතරක්
සෝස පාට නම් මහේසො ....????
Deleteමමත් හැම ජාතියේම එවා ලිව්වා. ඒත් එකක්වත් මගේ කෙල්ලන්ට නෙමෙයි. හෙමීට කියවපන්කෝ ඊළඟ ඒවත්...
Deleteමම දෙහිඅත්තකණ්ඩියේ ඉස්කෝලෙක උගන්නන කාලේ මචං, අපිත් එක්ක වැඩ කරපු එක යාලුවක් නැවතිලා හිටියේ උන්ගේ ගමේ කට්ටියකට අයිති වෙලා තිබ්බ මහා විශාල වී මෝලක. එක පාරක් එක වී ගෝනියක් එක්ක ඇවිත් නොදන්නා කෙල්ලෙක්ගේ සෙනෙහෙකොල හෙන බන්ඩලයක්. ඒ කාලේ වී මෝලේඑවුන්ගේ විනෝදාංසේ අර ලියුම් කියවන එක. පට්ට කුණුහරප බං තිබ්බේ. බ්ලූ ෆිල්ම් එකක් බලනවා වගේ.
ReplyDeleteමචං ඔය වී මෝල මැදගම තිබ්බ එකද...?
Deleteයකෝ දෙහිඅත්තෙත් මැදගමක් තියෙද? මම හිතුවෙ බිබිලෙ විතරයි කියල!
Deleteහරියට හරි කෙන්ජි. ටෝඩා කොම්පැණිය ගාවා. පස්සේ එතන විජයබා කෑම්ප් එකද කොහෙද දැම්මා. උඹත් නොදන්න අහවල් එකක් නෑනේ.
Deleteඉන්දික මෙහෙ නවමැදගම තියෙන්නේ.
හැක් ..හැක් ... නැතුව මචෝ දුක් විදින ජනතාව සමග තමයි එදත්....අදත්...
Deleteජපානයට ගිය මුල් කාලෙක කොල්ලො සෙට් එක එක්ක සෙට් වෙලා ඉද්දි අලුත අදුරගන්න එවුන්ගෙ ගම ගැන කියද්දී ඔය වගේ හැමෝම කියන ගමක විස්තරයකට මම දන්න එකක් කියද්දී කට කැඩිච්ච කුප්පයෙක් ඇහුව උඹ ලංකාවෙ බස් කොන්දෙක්ද කියල.... හෙහ්..හෙහ්...
අනුන්ගේ ලියුම් කරදහි, දින පොත් කියවන එක බොහෝම් කැත වැඩක් උනත්, මාත් එහෙම ඒවා කියවලා තීයෙනවා, ප්‍රොෆෙෂනල් ලව් ලෙටර් රයිටර් කෙනෙක් හැටියට, කෙල්ලෝ දෙන ලියුම, ලව් කරන කොල්ලා වගේම, උත්තර ලියන්න මාත් කියවන්න එපයි. ඒ නිසා මම සෑහෙන ලව් ලෙටර් කියවලා තියෙනවා..
Deleteපැරණි මතකයන් සුන්දරයි
ReplyDeleteඒක ලෙඩක්. ඒත් සුන්දර ලෙඩක්..
Deleteගියපාර නිවඩුවට ගිය වෙලවෙ පෙට්ටගං අවුස්සල මල් පත්තර වලින් දීපු සෙනෙහෙ කොලවල ලියල ආව ලියුං දෙක තුනක් දැකල පොටෝ ගහගෙන ආව ඒ ස්ටෝරි ගැන ලියන්න. කාලෙ හරි වගෙ වැඩේට අත ගහන්න.
ReplyDeleteඅප්පට සිලි.... එහෙනං සුපිරි ටිකක් එලියට එයි....
Deleteමේ ට්‍රෙන්ඩ් එකේම ලියලා දාපන්...
Deleteකෝ මේකේ මිල්ටන් ගැන මහා දෙයක් නැහැනේ මාතලන්තුමෝ.?හරියට හැලපයියාගේ මොනාලිසා වගේ සෙනෙහෙ කොල ස්ටොරියක් නොවැ තියෙන්නේ.හැබයි ඉතින් මමත් එකගයි සෙනෙහෙ කොල තමයි ඇස්.ඇම්.ඇස් එකට වඩා සුපිරි කියන එකට.
ReplyDeleteඒ ගැන ඊළඟ එකේ. මේවට තමයි කියන්නේ පඳුරු තැලීම කියන්නේ...
Deleteඒ ගැන ඊළඟ එකේ. මේවට තමයි කියන්නේ පඳුරු තැලීම කියන්නේ...
Deleteමටත් හෙන ආසවකි තීනව අප්පා ලවු ලිවුමක් ලියන්න.ඇස්.ඇම්.ඇස්. වගේය
ReplyDeleteහම්මේ ;))))))))) තියෙන ආසාවල්
Deleteලියලා දාන්න අනේ.. මක්කට හිර කරගෙන ඉන්නවද ඕවා...
Deleteලියන්න ඕන ලියන්න ඕන.ලියල මටම තැපැල් කොරගන්ට ඕන.
Deleteසහෝදර - ඒම තමා මෙයා
ඔය විභාගහ ,වෙනින් වෙනින් වැඩ වලට ඇරෙන්න ලිවුමක් ලිව්වද කියලා මතකම නෑ,ලියලා නෑ මං හිතන්නෙ අපේ වයසට එන කොට ඔය ලිවුම් හැලිලා ඉවරයි ,කස්ටිය නම් කියන්නෙ ඇ.ඇම් .ඇස් වලට වඩා රහයි කියලා නේ ..ඒ ගැන දන්නෙ නම් නෑ ..කොම වුනත් මට නම් ඔය මිල්ටන් මල්ලව ආරච්චි ගේ සිංදු අහන්න බෑ ...
ReplyDeleteඇයි මචෝ ඒ... ඇඬෙනවද...? මම මේ අපේ තාත්තට පස්සේ. මිල්ටන්ගේ සින්දු අහන්නේ නෑ කියලා කියාපු අනිත් එකෙක් ගැන අහුවමයි.
Deleteදැන් කාලේ සෙනෙහෙ කොළ නෑනේ... :(
ReplyDeleteඅපේ පැත්තේ ඉස්කෝලෙකටනේ ගිහින් තියෙන්නේ... ඒ ලඟ තියෙන බාලිකා පාසල ගැනත් කතා ඇති නේද ?
ප්‍රේමවන්තීයෝ දෙදෙනෙක්ම උන්නා.. දෙන්නම බර්ගර්.....ගර්.... ගර්.....
Deleteඉස්සර ලව් ලෙටර් ලියනකොට අර පොත් අස්සේ දාලා වේලා ගත්තු තම්බේරියා මලක් එහෙමත් අලවනවා . සමහරු අඬ අඬා ලියුම ලීවා කියන්ට ලියුම් කරදහියට වතුර බින්දු ටිකක් ඉහිනවලු.
ReplyDeleteජේ ආර් පප්පගෙ කාළේ, සුවඳ ගහන කොලත් ආවා..
Deleteඋබ මාව අතීතෙට අරන් ගියා..
ReplyDelete//එතකොට මම කැළණියේ ධර්මාළෝකේ. ධර්මාළෝකේට, ඒ කාළේ කිව්වේ, "ප්‍රේමාළෝකය" කියලා. පඩත්තල උන් නම් කිව්වේ, දරමඩුව කියලා. තුනේ පන්තියේ දෙවන වාරේ ඉඳන්, පහේ ෂිශ්‍යත්වය පාස් වෙලා, රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට යනකන්, මම ගියේ මේ සුන්දර පාසලට. ඒ සුළු කාළයේ දිනයක් දිනයක් පාසා, හරීම සුන්දර දවස්. එහෙම වෙන්න ප්‍රධාන හේතුව, සුන්දරත්වයේ සංකේතය වන, ස්වභාවධර්මයේ, අපූරූ නිර්මාණයක් වන, කෙල්ලෝම වෙන්න ඇති ටක්කෙටම.//
මොකද මාත් ඒකෙම එකෙක් නිසා..
මේ අපි ප්‍රේමාලෝකෙ ඉන්න කාලෙ වෙච්ච සීන් එකක්..
ලියුම දැකලා.. අද රෙන්න එපා කියලයි සර් කිව්වෙ.
http://samindikasrimantha.blogspot.com/2011/10/blog-post_25.html
ඒ කතාවත් පට්ට...
Deleteඒ කාලේ කතාවක් තිබුනා මිල්ටන් එක්තරා .....ලෝක මුදලාලි කෙනෙක්ගේ දුවක් එක්ක සෙට් වෙලා හිටියා කියලා. ඒක උනේ නැති උන නිසාලු බූට් සින්දු එක දිගටම කියාගෙන ගියේ කියලත්. මාතලන් අහලා තියෙනවාද ඒ කතාව?
ReplyDeleteකට කතාවක් තියෙනවා, මිල්ටන් ඉස්සර වැඩ කලේ, පෑලියගොඩ නවළෝක හෝටලේලු. ඉතින් නවළෝකගේ දුවක් එක්ක හුට පටයක් තිබුනලු. මුදලාලී ඒකට මනාපේ දීලා නෑ. මූ ගායකයෙක් නිසා. ඇත්තටම එහෙම කලා නම්, මුදලාලි පස්සෙ කාළෙක දුක් වෙන්නත් ඇති. දැන්නම් අම්මලා අප්පලා කැමති ඉංජිනේරුවෙකුට දෙනවට වඩා ෂෙහාන් හරි සුරේන්ද්‍ර වගේ එකෙකුට දෙන්න නේ..
Deleteඉස්සර මිනිස්සුන්ගේ හදවත බෝ නකාලයක් වගේද අපිනම් අහලා තියෙන්නේ ඒක ගස්ලබ්බක් වගේ කියල
ReplyDeleteඒ ගැන නම් හරියට යමක් කියන්න දන්නේ නම් නෑ.. මගේ හදවත නම් බටර් වගේ...
Deleteතාමත්,කලවං ඉස්කෝලවල 4 5 වසරේ ලමයි සෙනෙහෙ කොල ලියනවා.
ReplyDeleteකොල්ලෝ සේරම වැඩ පැතත්ක තියලා පන්තියේ කෙල්ලකට ඇස් අලවගන ඉන්නවා.
ඔය ශිෂ්‍යත්වේ නිසා ගොඩාක් ඔය ළපටි ප්‍රේම කැඩෙන්නේ.
ඉස්කෝලේ මාරු නොවුනොත්,කොච්චර බාධා ආවත් අවුරුදු 10-15 ක් යාලුවෙලා ඉදලා හරි කසාදත් බදිනවා.
ඒ කාළෙත් එහෙමම තමයි. මටත් ඉස්සෙල්ලාම ක්‍රෂ් එකක් ඇති උනේ 3 නේ පන්තියේදී. ඒක බොහෝම සුන්දර ප්‍රේමයක්.. ඒ වගේම ඒක වීර කමක්..
Deleteමං 5 දි... ඒකටත් කෙලෙව්වෙ ඔය සිස්සත්තෙ තමා.. හි හි...
Deleteඊයේ දෙකේ පන්තියේ කොරියන් කොල්ලෙක් කෙල්ලෙක්ව පෙන්නලා යාළුවෙක්ගෙන් අහල ''ඔයා අරයව බඳින්න කැමතිද '' කියලා . ඕක ඇහිච්ච කෙල්ල අහල ''මැරෙන්න හිතිලද කියල ''
ReplyDeleteතුන්දෙනාම කොරියන් . ඔව්වට කියන්නේ ඉල්ලන් කෑම නේද . නැත්තන් අනුන්ගේ සීනි කිරීම .
මාතලන්ගේ මේ කතාව එක්ක මේ සිද්ධිය මතක් වුණා .
ඉනටර්නැෂනල් ඉස්කෝල පටන් ගත්ත කාලේ මගේ යාළුවෙක් උගේ පොඩි එකා දැම්මා ඉන්ටර්නැෂනල් එකකට. මූ දවසක පොඩි එකාව ගන්න යන කොට, පොඩි එකා කෙල්ලෙක් එක්ක බෝල් රූම් නටනවලු. ඒ පාර මූ දැකලා කෙල්ලගේ කම්මුලටත් කිස් එකක් දීලා ඇවිල්ල. මූ අහලා කව්ද පුතා ඒ කියලා. අරූ කියනවලු දැට්ස් මයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. අරූට පොළොව පලාගෙන යන්න හිතිලා. මම ඌගේ හිත හැදුවා. ඒ මොන්ටිසෝරි පන්තියේදි. ළොකු පන්තිවල වෙන ඒවා බින්දිට කියන්න ඕනන්නේ නෑ නේ..
Delete"I not love you" මරේ මරු
ReplyDeleteමාරයි නේ.. කොහොමෙයි කඩ්ඩ... බඩුවත් ඇරලා නෑ..
Deleteකොල්ලා පොඩිකමට නෙමේනේ වැඩ කරලා තියෙන්නේ :P මිනිහත් සිස්සත්තෙන් ප්‍රේමාලෝකයට සමුදුන්නද :)
ReplyDeleteනෑ ඌ සිස්සත්තේ ෆේල් වෙලා ඒකෙම උන්නා. කෙල්ල නම් පාස් වෙලා කනත්ත බාලිකා එකට ගියා..
Deleteඑල පෝස්ට් එක. හොඳම හරිය ඉස්සරහ ට වගේ :)
ReplyDeleteඒ උනාස සමහ සෝ වල දෙවනි කොටස අජ පල්. මේකත් එහෙම වෙයිද මන්දා..
Deleteමම ලියුම් දීලා නැතිවුනාට අනිත් එවුන්ට ලියන්න වෙලා තියෙනවා. ඒවත් මචං ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවල් පටන් ගත්ත කාලේ. මට ලියුම් ලැබිලා තියෙනවා. මම ඔය කෙල්ලන්ට කියලා නෝටි දේවල් ලියුමේ දාලා එවන්න කියනවා. උන් එවලත් තියෙනවා.
ReplyDeleteමට වයිෆ් බඳින්න ඉස්සෙල්ලා ලියුමක් එවලා තියෙනවා මගේ උසට දිගයි ලියුම. ඒක ලියලා තිබුනේ ඉස්සර ෆැක්ස් මැෂින් වලට ආවේ කුටු කුටු ගගා දිගට එන කොල රෝලක් තිබුනේ, එයින් එකක. ඒ ලියුම විතරක් තාම තියාගෙන ඉන්නවා. අඩි 5යි අඟල් 10යි. ඔෆිස් එකේ වැඩ නැති නිසා ලියුම ලිව්වාලු. කෙල්ලනට පිස්සුද බන්.
අම්මට හුඩු.. මචෝ වර්ල්ඩ් රෙකෝඩ් එකක්ද දන්නෙ නෑ. කෙල්ලෝ ඔෆීස් වලට වෙලා ඉස්සර කරන්නේ ඕවා තමයි. අද කරන්නේ දවසෙම ෆේස්බුක් එකවුන්ට් එක බැලන්ස් කරන එක.
Deleteමිල්ටන් ගේ මධු මල ලෙස සින්දුව නේද ප්‍රේමවන්තයෝ අතර ජනප්‍රියම වුන සින්දුව?
ReplyDeleteඅපේ බාප්පා ඉස්සර කාටද ලියපු ඔය සින්දුව තියෙන ලියුමක් පොඩි කාලේ අපිටත් කියවන්න ලැබුනා. එයා ප්‍රින්සිපල් කෙනෙක්. අපිත් අප්පච්චිට වඩා බය එයාට. ඉතින් එයා මොනවා හරි හැදියාවා ගැන පාඩම් කීවම අපේ අක්කයි අයියයි දෙන්නම ඕකේ ඒවා කිය කිය බැන බැන ඉන්නවා. මම නම් පොඩි එකා හින්දා මූණටම අහලත් තියෙනවද කොහෙද බාප්පේ ඔයා නේද ඒ ලිව්වේ කියලත්. කොහොමත් මේ සිදුවීම් දැන් අපිට හිතාගන්න බෑ අපි බටු ඇට කාලෙනේ.
දැන් අපි වුනත් බාප්පා වගේම අපේ ළමයින්ට හැදියාව කියාදෙනවා. උනුත් අපිට හිනාවෙනවා ඇති. (කෙසේ වෙතත් මම විතරක් තවම අපේ කොල්ලට යාළුවෙක් වෙලා ඉන්නවා)
මගේ ලෙඩක් තියෙනවා. පෙට්ටගම්, අල්මාරි අවුස්සලා පරණ පොත් හොයන. ඒ කාලේ අපේ ළොකු අම්මගේ. එයාගේ දරුවෝ වෙච්චි මගේ අයියලා අක්කලගේ වගේම, අපේ අම්මා, තාත්තට ලියපු ලියුම් පවා හම්බ උනේ , මගේ මේ රහස් පරීක්ෂක වැඩ නිසා.
Deleteලවු ලෙටර් ගැන මගේ අත්දැකීම් නම් සෑහෙන දිගයි..
ReplyDeleteඑහෙනම් ලව් ලෙටරුත් කෝච්චි වගේ දිග ඇති..
Deleteමට නම් ලියුමක් ලියාගන්නවත් හයියක් තිබුනෙ නෑ
ReplyDeleteඅහු උනොත් කියල
භය,
නරක ළමයිනේ ඕව කරන්නෙ...
ඒක ඇත්ත.....හොඳ ළමයි කවදාවත් මේ වගේ වැඩ කරන්නේ නෑ. කෙලින්ම රේප් කේස්, මර්ඩර් කේස් වගේ ඒවා තමයි කරන්නේ.
Deleteදහය වසරේ තමයි මුලින්ම සෙනෙහෙ කොළයක් ලිව්වේ, හැබැයි මගේ දේකට නෙමෙයි, මාත් එක්ක හිටිය මිත්‍රයාට... ඒ කාලේ කොල්ලෝ යවන ලියුම් වගේම, කෙල්ලෝ එවන ලියුම් නිකං පොදු දේපල වගේ.. පංතියේ හැමෝම කියවනවා. හැබැයි ලව් එක නැගලා යනවා නම් පස්සට පස්සට ඒවා රහස්‍ය වාර්තා වෙනවා.
ReplyDeleteසටන් ටලින් පටන් සැලේ.!
ReplyDelete